අපි වැලිසර ඉස්පිරිතාලෙ රස්සාවට ගිය අලුත රාගම ඉස්ටේසමෙන් බැස බස් එකේ ගියොත් ඇලෙහිවත්ත හරියේ වංගුව ළඟ තියෙන පොඩි ගේට්ටුවෙන් ඉස්පිරිතාලෙට ඇතුල් වූයෙමු. දැන් මගේ මතකයේ හැටියට එතැන නිවාස යෝජනා ක්‍රමයක් තිබුණත් එකළ ඇලෙහිවත්ත නිරන්තර දිය සීරාවෙන් හෙබි හිස් බිමකි. පසු කාලයකදී එතනට පාරෙන් එහා පැත්තේ වැලිසර ඩිපෝවද ඉදිවිය. ඊලඟ වංගුවේ තියෙන වැලිසර නාවික හමුදා කඳවුර නම් ඒ කාලයේත් තිබුණි. කෝච්චියෙන් බැස පයින් එන දවස්වලට එකල මඟුල්පොකුණ හංදිය යයිද දැන් නවලෝක හංදිය යයිද කියන හංදියෙන් දකුණට හැරී අඩිවිස්ස පාරේ ගොස් ඉස්පිරිතාල වත්තට ඇතුල් වූයෙමු. හැරුණු ගමන්ම දකුණට තිබුණේ මඟුල්පොකුණ පාරය. දැන් ඒ පළාතේ පදිංචි කාරයෙක් වී සිටින අටමා ඒ කාලේ ඉපදිලා හිටියේවත් නැත. අඩිවිස්ස පාරට හැරුණු ගමන්ම නගින්නට තියෙන්නේ කන්දකි පසුකලෙක නවලෝක පොලිසැක්ස් ආයතනය ඉදිවුයේ ඔන්න ඔය කියන කන්ද උඩ තිබුණු හිස් බිම් කඩෙකය. ඒ ඉඩමේ මැටිවලින් තනා ටකරං හෙවිල්ලා තිබුණ එකම එක ගෙයි පදිංචිවී සිටිය පවුලේ යොවුන් වියට පා තබමින් සිටි පිනිබර මලක් වන් සුන්දර පාසල් දැරියක් හිටියා හොඳින්ම මතකයේ ඇත. කන්ද නැග ඉදිරියට යන්නට පෙර නවලෝක පොලිසැක්ස් ආයතනය හැදුණු හැටිත් කෙටියෙන් වුවද කිවයුතුය.
නවලෝක මුදලාලි මුලින්ම ඔය ඉඩම පාවිච්චි කළේ රටින් ගෙන එන කෙම්පස් ලී බාන්නට සහ ගොඩගසා තබා ගන්නටය. ඒ පෑලියගොඩ ඉඩ නැති නිසා විය හැකිය. ලී ගොඩගසා තිබෙන ඉඩම ටිකෙන් ටික එළිවන්නට විය. ඉන්පසු කැටපිලර් ආදී බර වාහන ඇවිත් පස් කපමින් ඉඩම සමතලා කරන්නට විය. ටිකෙන් ටික පස් කපමින් ආ බර වාහන අර දැරිය පදිංචි වී සිටි ගේ කිට්ටුවටම දැන් ඇවිල්ලාය. ඒත් ඒ පවුල තාම ගෙයින් ඉවත්වී නැත. අපිත් බලාගෙන හිටියේ ගෙට මොනවා කරයිද කියලාය. ඒ වුණත් බර වාහන ගේ ඉතුරුවෙද්දී වටේම පස් කප කපා ඉවතට ගෙන ගියාට පසු ඒ පොඩි ගේ කණුවක් උඩ තියෙන්නාක් මෙන් දිස්වන්නට විය. අපි හැමදාම උදේට මේ පස් කපන සෙල්ලම බලමින් ගෙට මොනවා වේදැයි සිතමින් සිටියෙමු. එක සති අන්ත නිවාඩුවකට පසු දවසක් වැඩට එද්දී ගේ තිබුණු තැනක්වත් හොයාගන්නට තිබුණේ නැත. ගෙයි හිටපු උදවිය ආගිය අතක්ද නැත මොන ක්‍රමයකින් හෝ ඔවුන් ඉවත් වන්නට කැමති වෙන්නට ඇති බව අපි සිතුවෙමු. බිම සමතලා කරගත් පසු ඉක්මනින්ම ගොඩනැගිලි ඉදිවන්නට විය. නවලෝක පොලිසැක්ස් නම් ආයතනය පටන් ගත්තේ ඒ ගොඩනැගිලි වලය ඒ සමගම මඟුල්පොකුණ හංදිය නවලෝක හංදිය නමින් බවුතීස්ම විය.
ඉතිං ඔය කන්ද නැගගෙන අඩි විස්ස පාරේ ඉදිරියටම යනවිට ඉස්පිරිතාල වත්ත හමුවේ. වත්තේ ඉස්සෙල්ලාම තියෙන්නේ අහළ පහළ කවුරුත් සක්කිළි ක්වාටස් යැයි හැඳින්වූ රෝහලේ සනීපාරක්‍ෂක කම්කරු නිවාස පේළියයි. ඒ නිවාස පේළිය පිහිටා තිබුණේ මයිකල් ඉස්කෝලෙ මහත්තයගෙ කඩේ ඉදිරිපිටය. ඒ නිවාසවල පදිංචිවී හිටපු සනීපාරක්‍ෂක කම්කරුවන් ඔක්කොම පාහේ ද්‍රවිඩ අයයි. එහෙම කියද්දී මට කතාවක් මතක්වේ. කතාව අපිත් එක්ක කිව්වේ මීගමුවේ තිඹිරිගස්කටුවේ සිට රෝහලේ වැඩට ආපු බැසිල්ය. ඔය ද්‍රවිඩ අය හිටපු ක්වාටස්වල පළවෙනි ගෙදර පදිංචිවෙලා හිටියේ චිත්‍රා කියන මහ නැඩ මනුස්සයාය. දැලි රැවුලක් වවා ගත් කළු උස මහත චිත්‍රා හරියටම වලහෙක් වගේය. දවසේ වැඩ අහවරවී චිත්‍රා පවුලත් එක්ක සින්ඩා ගේ හොර පොට් එකට ගිහිං කාලක් හමාරක් බොන්නේ ඇඟ රත් වෙන්නටය. කෙට්ටු කාන්තාවක් වූ චිත්‍රාගේ පවුලට චිත්‍රාටත් වඩා බොන්නට පුළුවන. ඇය රස්සාව කරන්නේ නාගොඩ පොල්තෙල් මෝලේය. හවසට අතේ මිට තියෙන පමණට බොන දෙන්නා ආපහු එන්නේ කච කච ගගා කියවමින් හරිම ලෙන්ගතු කමින්ය. දවසක්දා මේ දෙන්නා පාර දිගේ එමින් ඉන්නේ මහා ගෝසාවක් නගමිනි. කිට්ටු කර බැලු විට චිත්‍රාගේ පවුල ඌට දෙස් දොවොල් තියයි. ඇය කැඩිච්ච සිංහලෙන්ද චතුර දෙමළෙන්ද චිත්‍රාට පලු යන්නට බැන වදියි. චිත්‍රා වචනයක්වත් කතා නොකොට සද්ද නැතුව ගමන් කරයි. ඒ දවස්වල මට දෙමළ වචනයක්වත් බැරි නිසා දෙමළෙන් කියපු දේවල් තේරුණේ නැතත් සිංහල භාෂාවෙන් කියපු දේවල් ලියන භාෂාවට නැගුවොත් මෙන්න මේ ආකාරයට කියැවේ.
"යකෝ තෝ නම් ජරා ශුක්‍රාණුවෙකි, ශුක්‍රාණු සුනඛයෙකි. කිසි දිනෙක මා තෝව මඟහැර බොන්නට ගොස් තිබේද සුනඛය?"
ආදී වශයෙන් ඇය චිත්‍රාට නොනවත්වා බැන වදී. කාරණාව සොයා බැලු විට චිත්‍රා පවුලට කතා නොකොට සින්ඩා ගේ හොර පොලට බොන්නට ගොස් ඇත්තේ අත මිට හිඟකම නිසාමය. කවුදෝ කට කැඩිච්ච පොඩි කොල්ලෙක් කේලම චිත්‍රාගේ පවුලට කියා ඇත. ඇය ඒ මොහොතේම චිත්‍රා සොයා පිටත්වුන අතර ඌ සින්ඩා ගේ හොරපොලේදී ඇගේ අතටම මාට්ටු විය ගෝරිය ඇරඹුණේ ඉන් පසුවය.
චිත්‍රාගේ ගෙට අල්ලපු ගෙයි ඉන්නා තිරුපති චිත්‍රාට හාත්පසින්ම වෙනස්වූ අහිංසක මනුස්සයෙකි. බෝතල් අඩි රවුම් කන්නාඩි දෙක හිස පිටුපස ගැටගැසූ නුලකින් රඳවාගෙන සිටින තිරුපතිගේ කැහැටු සුදුමැලි ඇඟපත ද කුදු ගැසී යන ගමනද නිසා මට ඔහුව පෙනෙන්නේම මහත්මා ගාන්ධි තුමා මෙනි. තිරුපති එහෙම උනාට උගේ පවුල හැඩකාරියකි. උදෙන්ම නාගෙන කෙස් කළඹේ මල්වැල් ගසා වර්ණවත් සාරියක් හැඳ සාරිපොට ඉණේ පටලවාගෙන ගෙයි ඉදිරිපිට සේදු ඉස්තෝප්පුවේ කෝලම් අඳින ඇගේ රුව චිත්‍රාගේ නෙතට රසාංජනයක් ම විය.
චිත්‍රාගේ විදුලි කොටන බැලුම් වලට ඇය අකමැත්තක් නොදක්වන බවත් ඇය දෙස බලාසිටින විට පස්ස ගස්සා ගෙට රිංගනවා වෙනුවට චිත්‍රා දෙස කෝල බැලුම් හෙලන බවද ඌ තේරුම් ගත්තේය. මෙසේ ආරම්භවූ මේ දෙපොළගේ ඇයි හොඳයිය ටිකින් ටික දුරදිග ගියේ දෙන්නාටම හොරාය. දැන් හැමදාම උදෙන් වැඩට යන චිත්‍රා ඉක්මනට වැඩ ටික අහවර කර තිරුපතිව මගහැර ගෙදර එන්නේ සිය අලුත් පෙම්වතියට තුරුලුවී පෙම්බස් දොඩන්නටය තිරුපතිගේ පවුලද චිත්‍රා එනතුරු මග බලා සිටී. චිත්‍රාගේ හැඩිදැඩි ආලිංගනය ඇයට මෙතෙක් නොවිඳි අමුතු සුවයක්ම විය. මෙසේ ටික කලක් පෙම්සුව විඳිද්දී වැඩේ පත්තු උනේ දෙදෙනාටම නොදැනීය. දවසක්දා තිරුපති වැඩ ටික ඉවර කර කලින්ම ගෙදර ආවේ උදේට කන්නටය. එනවිට ගෙයි ඉදිරි දොර වසා තිබු නිසා තිරුපති පිටුපස දොරෙන් ගෙට ඇතුල්වුනේය. පවුලගේ සද්දක් නැත තව ටිකක් කන්දී බලනවිට කාමරයෙන් කෙඳිරිලි හඬක් ඇසුණු නිසා තීරුපති හීන් සීරුවේ කාමරයට එබිකම් කළේය. පවුල කාමරයේ ඇඳේ සිටියේ තනිවම නොව චිත්‍රාද ඇඟ උඩ පටවාගෙනය. චිත්‍රා යෝධයෙක් මෙන් තිරුපතිගේ පවුලව යට කරගෙන බර වැඩය. තිරුපතිගේ පවුල දෑස් පියාගෙන සුසුම් හෙළමින් චිත්‍රාගේ උරයේ එල්ලී උගේ යෝධ අංගජාතයේ මිහිර විඳිමින් සිටියාය. තිරුපති මේ සියල්ල බලාගෙන සිටිනු දෙදෙනාම නොදත්හ.
දැන් කුමක් කරන්නද? චිත්‍රා ඉදිරියේ තිරුපති යෝධයෙක් ඉස්සරහට ගිය අඟුටුමිට්ටේකු සේය. චිත්‍රා එක්ක ගෝරියට යන්නට තරම් හිතේ හයියක් ඌට නැත. තිරුපතිව උඩින් විසිවී පාරට වැටෙන්නට චිත්‍රාගේ එක පා පහරක් සෑහේ. ඒත් තමන්ගේ ගේ ඇතුළෙම දාගෙන තමන්ගේ බිරිඳට චිත්‍රා කරන මේ කුපාඩි වැඩේට කටවහගෙන ඉන්නටත් බැරි නිසා තිරුපති නල්ලාඩි, නල්ලාඩි කියමින් අප්පුඩි ගසන්නට වන.(නල්ලාඩි = නල්ල+අඩි =හොඳට ගහපං) ගහ බැන ගැනීමක් රණ්ඩුවක් නැතුව තුන්දෙනා වැඩේ ගොඩින් බේරාගත්තත් සිද්ධිය ගෑණුන්ගේ කටින් කට පැතිර ගොස් රෝහලේ හැමදෙනාම දැනගැනීම නම් වලක්වන්නට බැරිවිය. ඊට පස්සෙන් පහු සිද්ධිය චිත්‍රාටත් තිරුපතිටත් හිසරදයක් උනේ උන්ව දකින දකින තැන කොල්ලන් නල්ලාඩි කියමින් අප්පුඩි ගසන්නට වීම නිසාය.
සක්කිළි ක්වාටස් වලට පසු දිගටම තියෙන්නේ රෝහලේ එක් එක් අයගේ නිල නිවාසය. රෝහල් වත්ත එතැනින් පටන්ගෙන මීගමු පාරතෙක් අක්කර පනස් ගණනක් පුරා විහිදෙයි. වැට කැඩී කම්බි කණු ඉදිරී ඇති එච්චර විශාල වත්තක හැම තැනින්ම අඩි පාරවල් ඇතිවෙනු වලක්වන්නට බැරිය. අඩි විස්ස පාරේ සියලු දෙනාම පාහේ ගමන් ගියේ රෝහල් වත්ත මැදින් වැටී ඇති අඩි පාරවලිනි. ඊට අමතරව අඩි විස්ස පාරේ දිගටම ඉදිවී තිබු කඩවල ප්‍රධාන ගනුදෙනුකරුවන්ද වුයේ රෝහලේ රෝගීන් හා සේවකයන්ය. මයිකල් ඉස්කෝලෙ මහත්තයගෙ කඩේට අමතරව ඊට එහායින් තිබුණේ හියුබට් අයියගෙ සිල්ලර කඩේය. සිල්ලර කඩයක් උනාට ඒ කඩේ උදේට ආප්ප,ඉඳිආප්ප ආදියද විකිණුනි. අපි වැඩට යද්දී ආප්ප ඉඳිආප්ප අරගෙන ගියෙ ඒ කඩයෙනි. ඊට ටිකක් එහායින් තිබුණේ මැටිල්ඩක්කා ගේ තේ කඩයයි. විවාහ වෙන වයස පසුකරමින් සිටියද තාම තනිකඩව සිටි මැටිල්ඩක්කාට වැඩිමල් අයියෙක් ද බාල නංගියෙක්ද සිටි අතර අයියා රස්සාව කළේ මත්තුමගල ලක්ස්ප්‍රේ කිරිපිටි මෝලේය. හැඩකාර නංගි පාසල් යන කෙල්ලෙකි අපි නිතරම පාහේ මැටිල්ඩක්කාගේ කඩේට තේ බොන්නට ගියේ වැඩියත්ම මැටිල්ඩක්කාගේ නංගිත් එක්ක කයිය ගහන්නටය. තවත් රසවත් කතාවක් මට මතක්වේ. හැමදාම උදේ හවස රෝහල් වත්ත මැදින් වැඩට යන එන මැටිල්ඩක්කගේ අයියා රෝහලේ මිසී කෙනෙක් එක්ක ඇයි හොඳයියක් ඇතිකර ගත්තේය. එය කාටවත් දොසක් කියන්නට බැරි සාමාන්‍ය දෙයක් උනත් පොඩි ප්‍රශ්නයකට තිබුණේ දෙන්නාම විවාහකයින් වීමය෴
ප.ලි. කතාව දිගදුර යන බැවින් තව කොටසකට ගියොත් හොඳයි කියා සිතේ.මේ දිනවල ලියන්නට විවේකය බොහෝ අඩු බැවින් පෝස්ට් ප්‍රමාදවේ. ඒ සම්බන්ධව සමාව භාජනයකට දමා දෙන ලෙස ඉල්ලා සිටිමි.