Sunday, October 2, 2016

දෙසතිය මතක- නිහාල්සිංහ, ඒ.ජේ.රණසිංහ, ආරියරත්න විතාන ගේ ඇකඩමිය සමග උමාගේ අංගජාතය.

අද ලියන්නට බලාපොරොත්තු වුයේ සංචාරක සටහනකි.   බොහෝ කාලයකින් සංචාරක සටහනක් නොලියු බැවින් ළඟදී ගිය සංචාරයක් ගැන සටහනක් තබන්නට සිතාගෙන කතාවද සිතේ ලියමින් උදේ කෑමට වාඩිවුයේ රූපවාහිනිය ඉදිරිපිටය.     ඒ වෙලාවේ රූපවාහිනියේ විකාශය වුයේ පැරණි චිත්‍රපටයක් වූ දහසක් සිතුවිලි චිත්‍රපටයයි.     එය මා නරඹා නොතිබූ සහ නැරඹීමට කැමැත්තෙන් සිටි චිත්‍රපටයක් බැවින් රුපවාහිනිය ඉදිරිපිට පැය තුනක් පමණ කාලය ගතකරන්නට සිදුවිය.   1968 දී තිරගතවූ දහසක් සිතුවිලි එකල කලාකරුවන් විසින් පිහිටුවාගෙන තිබු සංවිධානයක් වූ කලාපෙළ වෙනුවෙන් ජී.ඩී.එල් පෙරේරා කතාව ලියා අධ්‍යක්ෂණය කර තිබු අතර කැමරාකරණය ඩී.බී නිහාල්සිංහගෙනි.   චිත්‍රපටයෙන් මා බලාපොරොත්තු වූ තරම් රසයක් විඳගැනීමට නොහැකි වුණත් කැමරාකරණයෙන් නිහාල්සිංහයන් දක්වා තිබු දස්කම් නිසාද තවත් හේතුවක් නිසාද චිත්‍රපටය මුල සිට අගටම නැරඹුවෙමි.

කැමරාකරණයට අමතරව චිත්‍රපටය නරඹන්නට මා උනන්දු කළ අනෙක් සාධකය වුයේ පැරණි චිත්‍රපටවල දකින්නට ඇති දර්ශන පසුතලයි.   බොහෝවිට කොළඹ හෝ වෙනත් නගර මීට වසර පණහකට පමණ පෙර තිබුණ ආකාරය, පාරවල්වල විනාඩි කීපයකට වරක් ධාවනය වන තට්ටු දෙකේ බස් ඇතුළු වෙනත් වාහන, නගරයේ තිබු ගොඩනැගිලි හා දුම්රියපොළවල්  එකල තිබු ආකාරය ආදිය දැකගන්නට මා බොහෝ කැමැත්තක් දක්වමි.    පැරණිකම නිසාම චිත්‍රපටයේ දර්ශන බොහෝවිට එතරම් පැහැදිලි තත්වයක නොවුවත් නිහාල්සිංහයන්ගේ මනරම් කැමරාකරණය ඒ අපහසුතාවන් පරදවන්නට සමත් විය.   

නිහාල්සිංහයන් කැමරා ශිල්පියෙක් ලෙස රජයේ චිත්‍රපට අංශයේ සේවය කළේ මා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවයට යන්නට බොහෝ කලකට පෙර බැවින් එහිදී ඔහු හමුවීමට අවස්ථාවක් නොවීය.    ඒ කාලයේ නිහාල්සිංහයන් ටෙලිසිනෙ ආයතනය ආරම්භ කර තිබුණි.   ඔහු ගැන කියන විට මට තව කතාවක් මතක්වේ.   මා දෙසතිය සඟරාව බෙදාහැරීම භාරගත් පසුව සඟරාවේ අලෙවිය ඉහළ දැමීම සඳහා රේඩියෝ වෙළෙඳ දැන්වීමක් සකස් කළෙමි.   දෙපාර්තමේන්තුවෙන් කෙසේ හෝ මුදල් ඉල්ලාගෙන වෙළෙඳ දැන්වීම සකස් කළත් එය රේඩියෝවෙන් ප්‍රචාරය කරවාගන්නට නොහැකි වුයේ දැන්වීම ප්‍රචාරය සඳහා ගුවන් විදුලි සංස්ථාව ඉල්ලු මුදල ගෙවන්නට දෙපාර්තමේන්තුවට නොහැකිවීම නිසාය. 

මුදල් නොගෙවා දැන්වීම ප්‍රචාරය කරවාගන්නට ක්‍රමයක් ගැන දහඅතේ කල්පනාකරමින් සිටිනවිට මට මතක්වුණේ එකල ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය වරයාව සිටි ඒ.ජේ රණසිංහ මහතාවය.   රේඛීය අමාත්‍යාංශය වූ සංස්කෘතික හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය භාර කැබිනට් ඇමතිවරයා වූයේ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා වුවත් ඔහුගේ අමාත්‍යංශයේ විෂය පථයට අයත්වූ ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව සිය පුද්ගලික බුදලයක්සේ පාලනය කළේ සහ ජනාධිපති ප්‍රේමදාසගේ ආශීර්වාදය සහිතව පරිහරණය කළේ  ජනාධිපති ප්‍රේමදාසගේ අගසව්වෙකු මෙන්ම දැඩි ප්‍රේමදාස වාදියෙකු වූ ඒ.ජේ.ආර් හෙවත් ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය ඒ. ජේ රණසිංහ මහතාවූ බැවින් කැබිනට් ඇමතිවරයාට මේ ස්ථාන ද්විත්වයටම පය තැබීමට හෝ අවසරයක් නොවීය.    එහෙයින්  ලොකුබණ්ඩාරයන්ට සිදුවුයේ සංස්කෘතිය බලා කියාගෙන ශ්ලෝක කියමින්ද පොත් ලියමින්ද කොළ කැඳවල ගුණාගුණ  ප්‍රචාරය කරමින්ද බෙහෙත් පැළ බෙදාදෙමින්ද කාලය ගතකරන්නටය.

දැන්වීම ප්‍රචාරය කරවා ගැනීම ගැන මම දෙපාර්තමේන්තු  ප්‍රධානියා වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා සමගද කතාකළෙමි.   ජනාධිපති ප්‍රේමදාස විසින් පත්කරන ලද්දෙකු වූ ඔහුද වියයුතු පරිද්දෙන්ම උග්‍ර ප්‍රේමදාස වාදියෙක් විය.     මගේ කතාව සාවධානව අසා සිට අතේ තිබු ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුව බාගයක්ම දැවෙන සේ දිග දුම් උගුරක් ඇද්ද ඔහු කියා සිටියේ මගේ ප්‍රශ්නය මා විසින්ම රාජ්‍ය අමාත්‍ය වරයා සමග කතාකර විසඳුමක් ලබාගත යුතු බවය.   රාජ්‍ය අමාත්‍යවරයා ගේ කාර්යාලය තිබුණේ අපේ දෙපාර්තමේන්තුවේම බිම් මහලේ වුවත් කාර්යාලයේදී ඔහු හමුවීම ඉතා අසීරු කරුණක් වුයේ ඉඳහිට කාර්යාලයට එන ඔහු කාර්යාලයේ රාජකාරි ටික කඩිමුඩියේ අවසන් කර ජනාධිපති ප්‍රේමදාස මහතා යන යන තැන පසුපසින් යන්නට පුරුදුවී සිටි නිසාය.

මෙලෙස තීරණයක් නොමැතිව කාලය ගතවී යද්දී  දෙසතිය සඟරාවට අවුරුදු පහළොවක් පිරෙන වසරේ ඒ වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා තීරණය කළේය.   එහි ප්‍රධාන අමුත්තා වුයේ ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය ඒ.ජේ. රණසිංහ මහතාය.    නියමිත දිනයේ රණසිංහ මහතා සුදෝ සුදු කමිසයක් සහ කලිසමක් හැඳ සුදු සපත්තු දෙකක්ද පැළඳගෙන තොල් රතුකර මාල වළලු ආදියෙන් සැරසී නයිස් කාරයෙක් මෙන් උත්සවයට පැමිණියේ මුව පුරා සිනාවෙමිනි.    දෙසතියේ වර්තමාන ප්‍රගතිය ගැන තමන් මහත්සේ සතුටු වන බවත් සඟරාවේ අභිවෘද්ධියට තමන්ට හැකි සැම උපකාරයක්ම නොඅඩුව ලබාදෙන බවත් ඔහුගේ කතාවේදී රණසිංහ මහතා සඳහන් කළේය.

මාධ්‍ය කරුවන්ට පුවත් මවන්නෙකුවූ ඒ.ජේ. රණසිංහ මහතාට මාධ්‍යවේදීන් බොහෝ මනාප වුයේ ඔහු තැන නොතැන නොබලා කරන විනෝදාත්මක ප්‍රකාශයන් නිසාය.   ජනාධිපති ප්‍රේමදාස විසින් ඔහුව කඩුවෙල ආසනයේ සංවිධායක වරයා ලෙස පත්කර තිබූ අතර ටික කලකට පසු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාවද කඩුවෙල ආසනයේ සම සංවිධායකයෙකු  ලෙස ප්‍රේමදාස මහතා විසින් පත්කරන ලදී.     මේ අලුත් පත්වීම ගැන රණසිංහ මහතා දැඩි අප්‍රසාදයෙන් පසුවුවද ජනාධිපති ප්‍රේමදාස විසින් කරන ලද පත්වීමක් නිසා එය විවේචනය නොකළත් ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාට කරන්නට ඇති සියලුම කොන්කිරීම් මදිපුංචිකම් ආදිය නොඅඩුව සිදුකරමින්ද කොඩිතුවක්කු මහතාව විවේචනය කරමින්ද ඔහුට කඩුවෙල ආසනය තිත්ත වෙන ආකාරයට වැඩ කරන්නට රණසිංහ මහතා අමතක නොකළේය.    වරක් කඩුවෙල ආසනයේ පැවති උත්සවයකදී රණසිංහ මහතා අපූරු කතාවක් කීවේය.    "මේ කඩුවෙල මගේ මනමාලියයි. මා ඇයව දිවිහිමියෙන් රැකබලාගනිමි. නමුත් මේ මෑතක සිට හොර මනමාලයෙක් පැමිණ මගේ කඩුවෙල මනමාලියට බැල්ම දමන්නට පටන්ගෙන ඇත. විටින් විට පැමිණෙන හොර මනමාලයින්ට මේ මනාලිය අයිතිකර ගන්නට මා කිසිසේත්ම ඉඩ නොතබන අතර මේ කඩුවෙල කොඩියත් මමය,තුවක්කුවත් මමය" යනුවෙන් ඔහු කීවේ සභාවේ සිනාහඬ මැද්දේය.

ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය රණසිංහ මහතාගේ මෑණියන් මියගියේ මේ අතරවාරයේය.    මළගම තිබුණේ රත්නපුරේ මාදම්පේ පැත්තේ තිබු ඔහුගේ මහගෙදර වූ පරණ වලව්වකය.    දෙපාර්තමේන්තුවේ අපි සියලු දෙනාම මළගෙදරට සහභාගී වුණෙමු.    ජනාධිපති ප්‍රේමදාස ඔහුගේ හිතවත්ම අන්තේවාසිකයාගේ මවගේ මරණයට සහභාගී නොවීම බොහෝ දෙනෙකුගේ සිත්වල ප්‍රශ්නාර්ථයක් මතුකළ කරුණක් වුවත් අපට එය පුදුමයක් වුණේ නැත.     ප්‍රේමදාස මහතා මළගෙදර නොගියේ කිල්ලට අසුවන නිසාය.    ඒ දවස්වල මතුවී තිබු දෝෂාභියෝගය හේතුවෙන් ලංකාවේ සැම තැනකින්ම කරන්නට ඇති මන්තර ගුරුකම් සියල්ලම කරවාගෙන ඊට අමතරව මලයාලි ගුරුකම්ද කරගෙන ඇහිබැමද බූගා සිරුරේ සැමතැනම ආරක්ෂා නූල්ද යන්තරද සුරද පැළඳගෙන මතුරන ලද තෙල් ගාගෙන සිටි ප්‍රේමදාස මහතාට මළගෙයක් පැත්ත පළාතක නොයන ලෙස කට්ටඬින් විසින් තරයේ අවවාද කරන ලදී.      මළගෙදර ගිය අපව රණසිංහ මහතා විසින් ආදරයෙන් පිළිගන්නා ලදුව අප සමග ආගිය කතා විමසද්දී අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මා රාජකාරි කටයුත්තකට ඔබතුමා හමුවන්නට උත්සාහ කළත් ඔබතුමාගේ කාර්ය බහුලත්වය හේතුවෙන් හමුවන්නට නොලැබුණු බව කීවෙමි.   

ඔහු වහාම මගේ විස්තර ඉල්ලාගෙන කොළඹට පැමිණි විගස හමුවන්නට වේලාවක් ලබාදෙන බව කීවේය.     පොරොන්දු වූවාක් සේම ඊළඟ සතියේ මට රණසිංහ මහතාව හමුවන්නට අවස්ථාව ලැබුණි.    මම වෙළඳ දැන්වීමේ කතාව ඇතුළත් ලිපියක් සකස් කරගෙන එයද රැගෙන ගොස් රණසිංහ මහතාව හමුවුනෙමි.   ලිපිය කියවන්නට කාලය නොගත් ඔහු විස්තරය මගෙන් අසාගෙන වෙළඳ දැන්වීම දවසට දෙවරක් රේඩියෝවෙන් ප්‍රචාරය කරන ලෙස නියෝගය කොළපාට තීන්තෙන් ලිපියේ  සටහන් කර මගේ අතට දුන්නේ "දැන් වැඩේ හරියාවි" යි කියමිනි.     රණසිංහ මහතා කොපමණ යු.ඇන්. පී ලැදියෙක් දැයි පෙන්වුයේ ඔහුගේ ලිපි කටයුතුද කොළපාට තීන්තෙන් කරමිනි.     රජයේ සේවයේදී කොළපාට තීන්තෙන් ලිවීමට අවසර ඇත්තේ විගණන කටයුතු කරන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් වුවද ඒ සම්මතය රාජ්‍ය ඇමතිවරයා නොදැන සිටියාද නැත්නම් ගණන් නොගත්තා දැයි නොදනිමි.    කෙසේ වුවද මගේ උත්සාහය සාර්ථකවී ඊළඟ සතියේ  සිට වෙළෙඳ දැන්වීම රේඩියෝවෙන් ප්‍රචාරය වන්නට වූ බව මා දැනගත්තේ දෙසතියේ ඉල්ලුම වැඩිවූ බැවිනි.     එසේ නොමැතිව මට ඒ වනතෙක් අදාළ වෙළෙඳ දැන්වීම අසන්නට ලැබී තිබුණේ නැත.   

ඒ වෙළෙඳ දැන්වීම දවසක්දා මට අසන්නට ලැබුණේ අහම්බෙනි.   ඒ මෙහෙමය එකල දෙසතියේ රාජකාරිවලට පිටපළාත් වලට යද්දී කොළඹින් පිටත්වන වාහනය මගදිගට එකිනෙකා නග්ගවාගෙන අන්තිමට මාව එකතුකරගන්නට අපේ ගෙදරට එන්නේ උදේ කෑමටත් එක්කය.    ඒ අපේ අම්මා හදන ඉඳිආප්ප එක්ක කන්නට ඇති පොල් මැල්ලුමට උන් ටික වහවැටී සිටි නිසාය.     කලින් දවසේම කට්ටිය මට කියන්නේ අම්මාට කියා ඉඳිආප්ප හදා තියන්නට කියාය.    අපේ කණ්ඩායම තමන් හදන කෑම ආසාවෙන් කන බව දන්නා අම්මාද දන්න වැඩ දමා ඉඳිආප්පද, පොල්මැල්ලුම්ද, පොළොස් ඇඹුල්ද ලෑස්ති කර තබයි.   එදාද අපේ ගෙදරින් කාබී පිටත්වුණු අපි ටවුමේ වාහනය නවත්වා කඩයකට ගියේ මොනවාදෝ ගන්නටය.    අන්න ඒ වෙලාවේ කඩේ තිබු රේඩියෝවෙන් දෙසතිය වෙළෙඳ දැන්වීම ප්‍රචාරය වනු අප සියලු දෙනාම අසා සිටියෙමු. 

දැන්වීම හේතුවෙන් දෙසතිය අලෙවිය තරමක් ඉහළ ගියද එය අප බලාපොරොත්තුවූ ඉලක්කයට ලඟාවුයේ නැත.   ඒ සඳහා ඊට වැඩි ප්‍රබල ප්‍රචාරණයක් ලැබිය යුතු බව අපගේ විශ්වාසය විය.   පිළිතුර වුයේ රුපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කිරීමය.     ගුවන් විදුලි දැන්වීම මෙන් නොව රූපවාහිනියට වෙළෙඳ දැන්වීමක් නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් වියදම් කරන්නට සිදුවේ.     වියදම් කරන්නට හැකි මුදල් ප්‍රමාණයේ තරමට දැන්වීමේ ගුණාත්මක භාවයද ඉහළ යයි.    කෙසේ හෝ දැන්වීම නිෂ්පාදනය කර ගතහොත් ඒ.ජේ.රණසිංහ මහතාට කියා ප්‍රචාරය කරවා ගන්නට හැක.     අප බලාපොරොත්තු වුයේ නිහාල්සිංහයන්ගේ ටෙලිසිනෙ වෙතින් දැන්වීම නිෂ්පාදනය කරවා ගන්නටය.    තමන්ද කලක් සේවය කළ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිහාල්සිංහ මහතා විශේෂ යමක් කරනු ඇතැයි අප විශ්වාස කළෙමු.    මට මතක්වුයේ නිහාල්සිංහයන් මට මුල්වරට හමුවූ දිනයයි. 

ආරියරත්න විතාන වැලිමඩ අල මුදලාලි කෙනෙක් සමග එකතුවී බෙන් ෆිල්ම්ස් වෙතින් කැමරා උපකරණ ලබාගෙන නෙලන්න බැරි මල් ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළත්  කලක් ගතවෙනතුරු ටෙලිය පෙන්නාගන්නට ලැබුණේ නැත. අපි ඔවුන්ගේ ටෙලියට විහිළුවට හදපු ගීතයක මුල් පද මෙසේය.
රන්වන් දුල් කරලින් පිරිලා නැමිලා බරවීලා
අල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා  
හෝ කෙත් වතු පිරිලා සාරා.
කරකියාගන්නට දෙයක් නැතිව සිටි ආරියරත්න විතාන ඔහුගේ මිත්‍රයා වන විල්මන් සිරිමාන්න සමග එකතුවී චිත්‍රපට හා ටෙලි නාට්‍ය ඇකඩමියක් පිහිටවුයේ ළමයින්ට උගන්වන්නටය.     පංති පැවැත්වුනේ පැලවත්තේ විල්මන් සිරිමාන්නගේ නිවසේය.    ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටෙලි නාට්‍යවල තාක්ෂණික පැත්ත ගැන උගන්වන්නට කැමරා උපකරණ අවශ්‍ය බැවින් ආරියරත්න විතාන බෙනට් හමුවී කැමරා උපකරණ ලබාදෙන ලෙස ඉල්ලීමක් කලවිට උදව්වක් වශයෙන් එය කරදෙන්නට බෙනට් එකඟවිය.   ඇකඩමිය සමග අපේ සම්බන්ධය ඇතිවුණේ ඒ ආකාරයටය.     ඇකඩමියේ පංති පැවැත්වෙන සහි අන්ත දිනවල අපටද ඇකඩමියට යන්නට සිදුවුන අතර අපද ඉතා කැමැත්තෙන් ඇකඩමියට ගියේ ඉගෙන ගන්නට එන ශිෂ්‍යාවන් කණ්ඩායමටද  ටෙලි තාක්ෂණය ගැන විස්තර කරන්නට අපට පැවරෙන නිසාය.

ඇකඩමියේ පළමුවෙනි පාඨමාලාව සම්පුර්ණ කළ ශිෂ්‍ය කණ්ඩායමට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා ආරියරත්න විතාන උත්සවයක් සංවිධානය කළේය.    උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් පැමිණියේ නිහාල්සිංහ, දෙනවක හාමිනේ, සිරිල් වික්‍රමගේ ඇතුළු පිරිසකි.    අපද එදින උදේ සිට ඇකඩමියට වී සිටියෙමු.   උත්සවයට කල්වේලා නොඉක්මවා නිහාල්සිංහයන් පැමිණි අතර ඉන්පසුව දෙනවක හාමිනේ පැමිණියාය.   ඇය පැමිණි වාහනය නවත්වනවාත් සමගම එතැනට ගිය නිහාල්සිංහයන් වාහනයේ දොර හැර ඇයව ඔසවාගෙන නිවසට ආවේ සිනාසෙමිනි.     එතනදී දෙනවක හාමිනේ ඊට වසර විසි ගණනකට පෙර සිදුවීමක් මතක් කළාය.     " අපි සත් සමුදුර කරද්දී මට වැල්ලෙ ඇවිදින්න අමාරු නිසා නිහාල් පුතා මාව හැමදාම සෙට් එකට උස්සගෙන ගියා." නිහාල්සිංහයන් එදා කළේ  පෙර සිදුවීම ප්‍රතිනිර්මාණය කිරීමය.    ක්ෂේත්‍රයේ මොන තරම් දැවැන්තයෙකු වුවද නිහාල්සිංහයන් ඉතා සරල පුද්ගලයෙකු විය.     අප සමග නිහාල්සිංහයන්ගේ දෙවැනි හමුවීම සිදුවන්නේ කතරගම දේවාල පුදබිමේදීය.

වතාවක් අප කොළඹ සිට කතරගම දක්වා දෙසතිය ක්ෂේත්‍ර චාරිකාවක් ගියෙමු.    මා සමග එවකට දෙසතිය භාරව සිටි නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයාද වූ අතර අද ඔහු රාජ්‍ය සේවයේ ඉහළම හිනිපෙත්තේ වැජඹෙන ඉතා ප්‍රබල චරිතයක් බැවින් ඔහුගේ නම සඳහන් නොකරමි. එකල   ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ ප්‍රධානියා වූ අද අප අතර නොමැති පර්සි උමගිලියද අප හා එකතුවුයේ ජනාධිපති ප්‍රේමදාස විසින් ඒ සමයේ නගා සිටවා තිබු මාළිගාවිල බුදු පිළිමයේ පිංතුර ගන්නටය.     අප ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවිටත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන සිටි උමගිලිය ඒ වනවිට කොන්ත්‍රාත් ක්‍රමයට නැවත දෙපාර්තමේන්තුවට එක් වී සිටියේය.     හැට පැන්නත් තරුණයෙකු සේ ක්‍රියාශීලී උමගිලිය ඉතා වටිනා සහ සුන්දර ගමන් සගයෙකු විය.   වයස නොබලා අපට මචං කියා කතාකල උමගිලියට අප උමා යනුවෙන් ඇමතුවෙමු.     ඔහු සතුව මග දිගට කියන්නට ඉතා රසවත් කතා ගොන්නක්ම විය.  නිහාල්සිංහයන් සේවය කළේද උමා රජයේ චිත්‍රපට අංශයට අනුයුක්ත වී සිටි කාලයේ දී බැවින් ඔවුන් දෙදෙනා අතර දැඩි හිතවත්කමක් විය.   පසුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඡායාරුප ශිල්පී තනතුරට පත්වුණු උමා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගිය විදේශ සංචාර සියල්ලටම නිල ඡායාරූප ශිල්පියා වශයෙන් සහභාගී වුවේය.   වතාවක් කවුරුන් හෝ  සමග ප්‍රංශ සංචාරයකට එක්වුණු උමා පැරිසියේ සෙක්ස් ටෝයිස් කඩයකින් ගත්තාය කියා ගෙනැවිත් මට තෑගි කළේ රස්පුටින්ගේ එක වැනි තඩි  අංගජාතයකි.   වේග තුනක් සහිත එය ක්‍රියාකළේ පෙන්ටෝච් බැටරි කෑලි දෙකක බලයෙනි

104 comments:

  1. ක්ලයිමෙක්ස් එක උපරිමට ගෙනල්ලා ලිපිය නවත්තනවා නේද? ඔය වැඩේ අනිත් ඒවාටත් කරන්න හදන්න එපා .... ගෙන් ගුටිකන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අනිත් වැඩේදී එහෙම කරන්නෙ නෑ.

      Delete
  2. අපේ ගෙදරත් තියෙනවා පරණ දෙසතිය සඟරා තොගයක්ම රුපියල් 2.50/- ත් 5.00/- මිල වුන ඒවා
    ලගකදි විසිකරන්න හදලත් ආපහු තියාගත්තා පරණ හින්දා.

    ReplyDelete
    Replies
    1. මම දෙසතිය බෙදාහැරීම බාරගද්දි දෙකයි පණහයි. පස්සෙ පහක් කළා.

      Delete
  3. ඉන්ද්‍රාට කරපු දේම නොවැ මේ ඩිල්ඩෝ එකටත් කළේ. තව පෝස්ට් තුනකට වත් ඔය ඩිල්ඩෝ එක පාදක කරගන්න අපේ හැලපයා ඕකෙන් ගත්තු පල ප්‍රයෝජන ගැන නම් කියන එකක් නැහැ

    ReplyDelete
  4. මෙන්න මේවනෙ විස්තර! හැලපෙ ගේ ජීවිත කතාව ලිව්වනම්, ඊළඟ අවුරුද්දේ ස්වර්ණ පුස්තකය තමා!

    එකක් කියන්නනම ඕනෑ - ලියන සිංහල නම් නොම්මර එකයි. වරදක් බේතකට වත් හොයාගන්න බැහැ.

    මේ අර වේයන්ගොඩ සෙන්ට්‍රල් හිටපු ඇනෝ

    ReplyDelete
    Replies
    1. ඉස්සර හැලපෙල අලවත්තෙ ඉදන් ඉස්කෝලෙ එද්දි , පදුරු තලන් ආපු විදිහම නෙ පෝස්ට් දාන්නෙත්

      Delete
    2. මොන ස්වර්ණ පුස්තකද බං. බොලාගේ රස වින්දනයට මෙහෙම ලියාගත්තම මදැයි. කම්මල ඇරෙන්න අනිකා කව්ද කියල මං කල්පනා කොළේ.

      Delete
    3. කම්මල,
      ඇත්තටම අපිට ඉස්කෝලෙ ඇරිල යද්දී ඒ ටික දුර යන්න පැයකට වැඩියෙ ගියා.

      Delete
    4. හැලපේ, අනිකා තමයි අර 1963-66 කාලේ වේයන්ගොඩ සෙන්ට්‍රල් හිටපු ඇනෝ. (ඒ 6-7-8 පන්තිවල) ඊට පස්සේ මම වෙන පාසලකට ගියා. ආරියදාස යාපා, ඩබ්.පී. සෝමරත්න, තිලකරත්න ජයමහ, ප්‍රේමදාස, ලලිත ජයසුරිය, ජයතිලක (සමහරුන්ගේ සම්පුර්ණ නම මතක නැහැ) වගේ අය මගේ පන්තියේ හිටියේ. හැලපේ මේ අයව දන්නවද?

      Delete
    5. ඔය කාලෙ හිටිය ලක්ෂ්මී අයියර් කියල ගෑල්ලමයෙක් මතක නැද්ද මම දන්නෙ එයා විතරයි.
      ඊලග OB එකේදි ඕනෙනම් හොයල විස්තරයක් දෙන්නම්. මේ අවුරුදු වල අයගෙ සහභාගීත්වය ගොඩක් වැඩි හින්ද පැමිණීමට තියන අවස්තාව ගොඩක් වැඩියි.
      ආ.....අර ගෑල්ලමයව මම දන්නෙ එයා අපේ පුංචම්මා

      Delete
    6. @කම්මල, කොහේද, ගෑනු ළමයින්ට කිට්ටු වෙන්න පටන් ගන්න ඉස්සෙල්ල තාත්තා මාව පිරිමි ඉස්කෝලෙකට දැම්මනෙ! එක ගෑනු ළමයෙකුගේ වත් නම් මම දන්නේ නැහැ. අනිත් එක, ඒ කාලේ ගෑනු ළමයින්ට වෙනම පැත්තක් වෙන් කරලා තිබුනත්නේ. මැද්දෙන් ප්රින්සිපල්ගේ සහ අනිකුත් කාර්යාල. ඉතින් අපිට හුලං!

      Delete
    7. ඇනෝ,
      අපිට නං ඒ කාලෙ ගර්ල්ස් සෙක්ෂන් ඒක පැත්තටවත් යන්න දෙන්නෙ නෑ. ඒක තිබ්බෙ ටක් එකට උඩ හරියෙනේ. ඒක නෙවෙයි ඒ දවස්වල අර හෝල් එක හරියෙ එල්ලලා තිබ්බ රේල් පීලි කෑල්ලට හැම පීරියඩ් එකක් අන්තිමෙදියි ඉස්කෝලෙ ඇරෙන වෙලාවටයි ගහපු එකාගෙ නම මතකද?

      Delete
  5. අර කරන්ට් අංගජාතේ ඉන්දාට දුන්නද

    ReplyDelete
    Replies
    1. එහෙමවත් පිනක් කරගත්ත කියල හිතන්න බෑ ජොකියගෙ ස්වභාවය අනුව

      Delete
    2. ඒ වෙනකොට ඉන්ද්‍රා මගෙ ළඟ හිටියෙ නෑ බං.

      Delete
    3. ඇනෝ,
      ඇයි බං මං සසර කලකිරිච්චි එකෙක් කියල හිතුවද?

      Delete
  6. මා බොහෝ කැමැත්තක් දක්වමි.

    ReplyDelete
    Replies
    1. හයියෝ ඩෝ මා කියලා පටන් ගත්තම මියන්නෙන් ඉවර කොරන්න බැහැ

      Delete
    2. ස්තුතියි ඇනෝ!

      Delete
  7. මදැයි. ඉතිං ඔය ගෙනත් දුන්නැයි කියන එක ඔහේ ෂෝ එකට කැබිනට් එක උඩ තියල තියන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේනෙ බං. මේස ලාච්චුවට දාල තිබ්බා.

      Delete
  8. ඉලෙක්ට්‍රික් අංගජාතෙ හයර් කලානම් TV ඇඩ් එකට සල්ලි හොයාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි.එහෙමත් කේස් එකක් තියෙනවා. කල්පනා කොරල ලියන්න ඕනෑ.

      Delete
  9. අඩේ දැන්නේ උඹ කවුද කියල තේරුනේ. "පහන් කන්ද මුල අඳුර " " උගත මනා computar මතු රැකෙනා " මුල් පිටු දෙක මතකද.?
    බෝතලේ අපේ පුංචි අම්මගේ අක්කගේ පුතා

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි හොඳට මතකයි. ඒ උනාට උඹ කවුද කියල මම හොයාගන්නෙ කොහොමද?

      Delete
  10. කාටද දුන්නෙ?

    ReplyDelete
    Replies
    1. නයි මිරිස් උගුලෙන් බේරෙන්න පාවිච්චි කළා..

      Delete
    2. දැනගන්නම ඕනැද?

      Delete
    3. විදානේ,
      නයි මිරිස් නෙවෙයි බං නයි කොච්චි.

      Delete
  11. හැලපෙ.......රසවත් පෝස්ට් එකක්. දෙනවක නෝනා පිචස් ලේන් එකේ හිටියේ ඒ කාලේ. චූටි කඩයක් තිබුනා. ඒජේආර්ගේ පුතෙක් අපේ පන්තියේ හිටියා මතකයි. ආරියරතන විතාන ඉරැස්මා, අතුරු මිතුරු වගේ ළමා චිත්‍රපට හැදුවා නේද? චිත්‍රපට ගැන පිටරකට ගිහින් හැදෑරීමක් කරපු කෙනෙක් නේද?

    කොළපාට තීන්තයි, විගණන දෙපාර්තමේන්තුවෙයි තියෙන කතාව පොඩ්ඩක් කියලා දීපන්කෝ. ඒකට හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සුගතමුණි ඥාණසිරි ගේ හොරගොල්ල බිඳ වැටීම පොතේ ඔය කොළ පාට තීන්ත කතාවක් තිබුණා.

      Delete
    2. කඩා පැනල පොත් පත් පරික්ෂා කරන කොට ඒ යක්කු ලියන්නේ කොල පාටින් සම්ප්‍රදායක් විදියට.. (මොකක් හරි ආයතනයකට යන කොට ඒ යක්කු බාහිර විගණන) ඔය මොකක් හරි ආයතනයක් ඇතුලෙත් අටවගත්ත විගණන අංශයක් තියෙනවා නේ ඒක අභ්‍යන්තර විගණන අංශය. ඒ යක්කු කඩා පනින්නේ දම් පාට පෑං අරන්.. හැක් හැක්.. මේව්වා බෝම මාන්සි වෙලා හොයාගන්න විස්තර දොරේ

      Delete
    3. දේශා....බලාගෙන ගියාම විගණනේ කියන්නේ දම්පාට, කොළපාට ලෝකයක්නේ බං.

      උඹලා කාටවත් මතකද ඉස්සර කාබන් පැන්සල් කියලා ජාතියක් තිබුනා. ඒ පැන්සලේ තුඩට කෙල පොඩ්ඩක් ගෑවාම දම් පාටින් ලියවෙන්නේ. ඒ පැන්සල මොකක් වෙනුවෙන්ද පාවිච්චි කරේ? මම දැකලා තියෙනවා ඒ කාලේ. මොකට පාවිච්චි කෙරුවද කියලා මතකයක් නැහැ.

      Delete
    4. @ AP, ගිණුම් සඳහා? ඒක මකන්න බෑනෙ ඉරේසරෙන්?

      Delete
    5. මකන්න නම් බැහැ තමයි මෙලෝ විදිහකට. එක්සසයිස් පොතේ පිටු හම යනකම් මකලා තියෙනවා මාත් පොඩි කාලේ.

      Delete
    6. නෙද්දකිං. එතකොට ඒ පොත් බලන එවුවො අනුංගෙ කෙළ ගාගෙනද ඒව බලන්න ඕන.

      Delete
    7. අරූ, එයාගේ නම හසිත රණසිංහ අවසන් වසර වල මගේ පන්තියේ හිටියේ. ඔහුට ගොන් පප්පා කියාත් කියනවා. හේතුව ගෙදර තිබෙන සුඛෝපභෝගී බඩු වල ෆොටෝ ගෙන පන්තියේ අයට පෙන්නන්නට ගෙන ඒම. ඒජේ. රණසිංහ හෙවත් සෙරෙප්පු සුප් කැනඩාවේ මහ කොමසාරිස්ව සිටිනකොට මොහුත් කැනඩාවට ගියා. නැවත පැමිණි බවට සාක්ෂියක් නැහැ.

      Delete
    8. Ian...ඔය නම තමයි අපිත් කිව්වේ. තාත්තලගේ ගොන් කංවලට පුත්තු මක්කරන්නද බං. ඒ වගේ පුත්තු ගොඩක් හිටියා අපෙ ඉස්කෝලේ. ඒත් පප්පගේ මුණුබුරාලා බොහොම සරළව හිටියා. ගයන්තත් එහෙම එකෙක්...පඩ තිබුනේ නැහැ.

      Delete
    9. Aruna,

      /උඹලා කාටවත් මතකද ඉස්සර කාබන් පැන්සල් කියලා ජාතියක් තිබුනා./

      මට මතක විදිහට එව්වට කියන්නෙ කොපිං පැන්සල් (Copying pencils) කියල. ඡායාපිටපත් ගැන අහලවත් නොතිබුනු ඒ යුගයෙ ලිපි ලේඛන පිටපත් කලේ ඔව්වයිං. හැට ගණංවල කොපිං පැන්සල්වල මට මතකයි තුන්මුළු කිරීටයක ලාංඡනයක් තිබ්බ රත්තරං පාටිං. ඒ රජයේ දේපළක් කියල අඟවන්ට.

      Using a copying pencil

      Delete
    10. ඔව්...ඔව්. කොපිං පැන්සල් තමයි. තැන්ක්ස් මතක් කලාට. මේ ලින්ක් එකට ස්තූතියි. ලාංජනෙත් මතකයි දැන්.

      Delete
    11. ඒ කාලේ බස් කොන්දොස්තරලා ටිකට් ලිව්වේ ඔය ජාතියේ පැන්සල් වලින්.

      Delete
    12. විචා කිව්වා වගේ ඒ කාලේ සැක්සොන් එකෙන් සැක්සොන් එකට කොන්දොස්තර උන්නෑහේ කණුවකට හේත්තු වෙලා මක්කද ලියනවා ඔය පැන්සලෙන්. ඒ කාලේ අපි කොන්දන්ට මාර ආදරෙයි.. අර ටිකට් රෝල් ඉල්ල ගන්න. යකඩ සූට් කේස් එකක් වගේ පෙට්ටියක ඕවා තිබුනේ. දවසක් අපේ උන් සූට්කේස් එක්කම ඔය පෙට්ටියත් අරගෙන බැහලා තිබුනා. පස්සේ දවසක ආයෙත් බස් එක හොයලා දුන්නා.

      Delete
    13. ඔන්න බං ඇතිවෙන්නම විස්තර ලැබිල තියෙනවා. තවත් මදි නං අහපං.

      Delete
    14. රසික,
      ඔය කියන පොත ගැන මට හෝදිසියක් නෑනෙ. කියවන්න ලැබෙන්න නැතුව ඇති.

      Delete
    15. දේශක,ප්‍රා,රවී,විචා,මාතලන්.
      පැරණි මතකයන් නැවත අවදි වෙනවා නේද. මටත් ඔය කියද්දී බොහොමයක් කතා මතකයට එනවා.

      Delete
    16. who is Ian? BS3/4 or 5?

      Delete
  12. බැටරියෙන් වැඩ කරන අංගජාතටක් හැලපේට තෑගි දුන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. වෙන මොනව කරන්නද ඉතිං හැලපෙගෙ එක....... එක්කො ඕන නෑ.

      Delete
    2. /බැටරියෙන් වැඩ කරන අංගජාතටක් හැලපේට තෑගි දුන්නේ ඇයි?/

      මිනිහා ක්ලින් මොරෙයියා දඩු පාවිච්චි කරපු සීන් එක දැනගෙන..

      Delete
    3. අනේ දන්නෙ නෑ රසික. වෙන දෙයක් තියෙන්න නැතුව ඇති.

      Delete
    4. හලපයගේ අර්ශස් ගෙඩි තියෙන බව දන්නා එකෙක් නිසා තමා එක දීල තියෙන්නේ

      Delete
    5. රන්සකු,
      එහෙම ප්‍රශ්නයක් නොතිබුණු නිසා පාවිච්චි කරන්න උනේ නෑ.

      Delete
  13. මළවුන්ගෙන් නැගිට ඇති සේක...

    ReplyDelete
    Replies
    1. බැටරි දාලද?

      Delete
    2. මගේ යාලුවෙක් මළවුන්ගෙන් නැගිටින්න ගිහිල්ල මළා

      Delete
    3. මෙන්න මිනී මරණ එකා ...අද ඇනෝ එන්න බැරි වෙලා ..හැක් හැක්

      Delete
    4. /මගේ යාලුවෙක් මළවුන්ගෙන් නැගිටින්න ගිහිල්ල මළා/

      මධාවිය නේද?

      Delete
    5. අඩේ ඇත්තටම මොකද වුනේ ? මම කතා කරන්න උත්සහ කලා ..ඒ ගෝතයා ෆෝන් එක ගන්නේ නැ ..

      Delete
    6. ඌ යහතිං ඉන්නව බං. මම ගිය සතියෙත් කතා කළා.

      Delete
    7. මළවුන්ගෙන් නැගිටිනවා කියනකොට මතක් වෙන්නේ අර ජෝඩුවක් යාඥා මෙහෙයකට ගිය කතාව බං.

      Delete
  14. සෙරෙප්පු සුපා ගැන කදිම විස්තරයක් තියෙන්නේ.
    දැන් ඔය පාට් එක කරන්නේ කිරිඇල්ල.
    ජේ ආර්ට නම් රජගෙදර කවටයෙක් උන්න බවට මතකයක් නම් නෑ.
    මේ ලිපියේ වෙනදා නැති අමුතු රහක් තිබුනා. තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ////මේ ලිපියේ වෙනදා නැති අමුතු රහක් තිබුනා. තේරුම් ගන්න අමාරුයි.////

      මාතා...අමුතු රසයක්?..... මුකුත් නෙමේ රහ.....ඩිල්ඩෝ...ඩිල්ඩෝ..

      වැඩේ අතරමගදි ඩිල්ඩෝගේ බැට්‍රි බැහැලා එක ගැනියෙක් කිව්වලු මීට වඩා හොඳයි $%$£"!&*^ "£$%^1 උඩ වාඩිවුනානම් කියලා. ඇත්ත කතාවක් මිඩ්ල් ඊස්ට්වල. මෙතන ලියන්න බැහැ.

      Delete
    2. ජේආර් රජගෙදර කවටකම තමන්ම කරගත්තා බොහොම උජාරුවට..එතුමා ගැන පහත් කර කීමක් නෙමෙයි මේ..ඔහුගේ සිංහල කථාව හරිම අපූරුයි..අලුත් වචන රාශියකුත් එකතු කලා මව්බසට අපේ..අහස් යාත්‍රා හමුදාව වගේ..ඔහු ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීරට කිව්වේ රොහාණ් කියලා..

      Delete
    3. සෙරෙප්පු සුප් කියල රටේම උන් අපහාස කලාට අපි නං එහෙම කිව්වෙ නෑ. තමන්ගෙ පැවැත්මට කරන දේවල් නොවැ.

      Delete
    4. අරුණ,
      අනේ බං ඒ බැටරි බැස්ස කතාව මෙතන කියන්න බැරිනං උඹේ බ්ලොගේ ලියපං. එහෙමත් නැත්නං මට මේල් එකක්වත් එවපන් දැනගන්න හරි ආසයි.

      Delete
    5. චෙෆාකි,
      ඇයි මුණ්ඩ,එතකොට ඕමනයි. තව වචන රාශියක් කිව්වා.

      Delete
  15. ඔය ඒ.ජේ රණසිංහ ගැන මා අසා ඇති එක කතාවක තියෙන්නේ ඔහු රණසිංහ ප්‍රේමදාසගේ සෙරප්පු හොඳන වතුර බොන්න උනත් සුදානම් යයි පැවසූ ප්‍රකාශයක් ගැනයි.

    ReplyDelete
    Replies
    1. ඒ.ජේ. කිව්වේ, "මම නායක තුමාගේ සෙරෙප්පු වලින් සුප් හදලා බොන්නත් ලෑස්තියි" කියලයි. එදා ඉඳන් මිනිහට (නැතිතැන) කිව්වේ "සෙරෙප්පු සුපා" කියලයි.

      Delete
    2. ප්‍රසිද්ධියේ නොකිව්වට පහුගිය කාලෙ වැඩිදෙනෙක් කලේ ඕක තමා

      Delete
    3. ඔහු ඒ කතාව නිසා මුළු ලංකාවේම ප්‍රසිද්ධ චරිතයක් උනා මනෝජ්.

      Delete
    4. ඇනෝ,ඉවාන්.
      තමන්ගෙ පැවැත්මට සමහරු නොකියන නොකරන දෙයක් නෑනෙ.

      Delete
  16. >>චිත්‍රපටය නරඹන්නට මා උනන්දු කළ අනෙක් සාධකය වුයේ පැරණි චිත්‍රපටවල දකින්නට ඇති දර්ශන පසුතලයි. බොහෝවිට කොළඹ හෝ වෙනත් නගර මීට වසර පණහකට පමණ පෙර තිබුණ ආකාරය, පාරවල්වල විනාඩි කීපයකට වරක් ධාවනය වන තට්ටු දෙකේ බස් ඇතුළු වෙනත් වාහන, නගරයේ තිබු ගොඩනැගිලි හා දුම්රියපොළවල් එකල තිබු ආකාරය ආදිය දැකගන්නට මා බොහෝ කැමැත්තක් දක්වමි. <<

    උඹට කියන්න මමත් ඔය පරණ සිංහල චිත්‍රපටි බලනවනම් බලන්නෙ ඔන්න ඔය හේතුව නිසා මිසක් ඒවයෙ ඇති වෙනත් වට්ටිනාකමක් හන්දා නෙවෙයි. හුඟක් ඒවා බලා ඉන්නත් අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. අන්න බලපන්,උඹයි මමයි හැම අතින්ම සමාන දෙන්නෙක් කියල මේ හේතුවෙන්ම ඔප්පු වෙනවා නේද. මමත් ඔය ඉස්සර දේවල්වලට හරිම කැමතියි.

      Delete
    2. මම දාන්න හිතං ආපු කොමෙන්ට් එක ඩුඩ් දාල.. :/

      Delete
  17. සෙරෙප්පු සුපා සහ කොළ කැඳයා දෙන්න ඒ කාලේ මදි නොකියන්න විහිළු සැපයුවා. ඒ.ජේ.ආර්. රූපවාහිනියට ඇවිත් සින්දුත් කිව්වා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඒ.ජේ.ආර් සිංදුත් කිව්වද විචා.

      Delete
  18. ඉතිං ඊට පස්සෙ වත් සමාදානෙන් උන්නද?

    ප්‍රේමදාස ගෙන් පටන් අරං ජේ.ආර්. ගෙන් අවසන් කිරීම ..

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සමාදානෙන් හිටියෙ කව්ද බං.

      Delete
  19. ඒ. ජේ රණසිංහ තාමත් ජීවතුන් අතරද ?

    ReplyDelete
  20. බැටරියෙන් වැඩ කරන අංගජාතෙට මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. කොහෙහරි ඇති,හොයල දෙන්න පුළුවනි.ඕන්නං කියපං.

      Delete
    2. මොනා උනත් හැලපෙගෙ ප්‍රයෝජනයට දුන්නු තෑග්ගනෙ මම හිතන්නෙ පරම්පරාවෙන් එන අයිටම් එකක් විදියට හැලපැට්ටට දුන්නනම් හරි

      Delete
  21. //මම දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සමගද කතාකළෙමි. …… මගේ කතාව සාවධානව අසා සිට අතේ තිබු ගෝල්ඩ් ලීෆ් සිගරැට්ටුව බාගයක්ම දැවෙන සේ දිග දුම් උගුරක් ඇද්ද…..//
    මේ මද්දුම බණ්ඩාර මහත්තයා ගැනනේද කියන්නේ.

    //එවකට දෙසතිය භාරව සිටි නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාද වූ අතර අද ඔහු රාජ්‍ය සේවයේ ඉහළම හිනිපෙත්තේ වැජඹෙන ඉතා ප්‍රබල චරිතයක්//
    මෙයා ඒකනායක කෙනෙක් නේද

    ReplyDelete
    Replies
    1. උඹ එක්ක බෑ මල් මල්ලි.උඹ මාව නැති කරනවා.

      Delete
    2. හරි හරි මේක එයාලා බලන්නේ නෑ.

      Delete
  22. දෙසතිය සඟරාව තාම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් තාම තියෙනවා.

      Delete
  23. මටත් මතකයි ඒ කාලේ සෙරෙප්පු සුප් කතාව නැගලා ගියා කියලා...
    මිනිහට ප්‍රසිද්ධියේ ඒ නම කියල ස්ටේජ් වලදී බනින සිද්ධි වගයක් එහෙමත් මට මතකයි...

    හැලපේ අන්තිමට ඩිල්ඩෝ එකක් ගැන ලියල ඔක්කොම දුවන්නේ ඒ පස්සේ...
    ඕවා ලංකාවට ගේන්න තහනම් නේද...

    ReplyDelete
    Replies
    1. උඹත් අන්තිමට දුවන්ඩ හදන්නෙ ඒක පස්සෙම නේද ? හොරා....තහනම්ද කියල හොයන්නෙ ඕකට හරියන අනික් කෑල්ල ගෙන්න ගන්ඩ නේද ?

      Delete
    2. දන් නෑ බං ඒ කාලෙ නං ගෝත්‍රිකයෝ හිටපු නැති නිසා ගේන්න දෙන්න ඇති.

      Delete
    3. කම්මල,
      ඕකට හරියන අනික් කෑල්ල ගැනත් කතාවක් තියෙනවා ලියන්න මොකක්ද මොකක්ද වගේ බං.

      Delete
    4. //අනික් කෑල්ල ගැනත් කතාවක් තියෙනවා ලියන්න මොකක්ද මොකක්ද වගේ බං//

      මොන උලව්වක්ද හැලපෙ, ඒ වංගියෙ උඹටත් හිරි-ඔතප් පහල වුනාද? ආයෙ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව, ලියන්නයි කිව්වෙ ඒ කොටස :)

      Delete
  24. පට්ට රහයි.. කතාවයි කොමෙන්ට් ටිකයි කියෙව්වම බඩ පිරෙනෙවා :)))

    ReplyDelete
    Replies
    1. එහෙනං අද උඹගෙ කෑම එක මට.

      Delete
  25. මමත් පුන්චි කාලේ ආසවෙන් කියෙව්ව දෙසතිය , හරිම අපූරු විදියට සින්හල භාශාව පාවිච්චි කරපු සගරාවක්, ඔය ඒ ජේ ඇමතිතුමාම නේද අර ඇල්සෙශන් බල්ලෙක් වගේ ජනාධිපති තුමාට කීකරුය් කිව්වෙ,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා තමයි.

      Delete
  26. ලොක්කා, කොළ පෑනෙන් ලියනවා කියන්නෙ මෙය රැගෙන එන්නා එක්සත් ජාතික පාක්ෂිකයෙකි කියන එක. ඒක තමයි සාමාන්‍යෙයන් කොල පෑනෙනුයි කොළ අලියගෙනුයි වෙන්නෙ. කළු අලිය ඉන්න කොලේක වෙන පෑනකින් ලියල දුන්න නං බඩුම තමයි. ඒක තමයි යහපාලනය.

    ReplyDelete
    Replies
    1. කවුද බං දන්නෙ. යහපාලනයක් ගැන නං ඒ කාලෙ අහලවත් තිබුනෙ නෑනෙ.

      Delete
  27. හැලපයියා ජීවන ගමන තුලදි පුදුමාකාර චරිත එක්කනෙ ගැවසිලා තියෙන්නෙ...වෙලාවකට පුදුමත් හිතෙනවා අප්පා...විජය - ගාමිණී වගේ ඩයල් වලින් බේරුනේ දෙනවක හාමිනේ විතරයි කියලා කථාවක් තියෙනවා හැලපයියා අහලා නැද්ද ?

    ReplyDelete

ඔබේ අදහස්