Sunday, September 18, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 16 - රුවන්ගේ ඩයට් කිරීම, කුවේට් යුද්ධය, නීතාගේ සාංගීක දානය සහ ඉඳිආප්ප තැම්බීම.


අදට මාසයකටත් වඩා ගතවී ඇති පරණ පෝස්ටුව වෙනුවට අලුත් එකක් ලිවිය යුතු වුවත් ලියන්නට වස කම්මැලිය.   මීට මාසයකට පමණ පෙර හැලපි  හැලපැට්ටාත් සමග මා තනිකර දමා යන්නට ගියේ විප්‍රවාසයේ ඇති තනිකමේ නියම අරුත මට පසක් කර දෙමිනි.   කෙසේ වුවද හැලපි ලංකාවේ සිටි කාලය පුරාවටම මට බ්ලොගයේ මොකුත් ලියාගන්නට බැරිවිය.   ඒ කාර්යාලයේ රාජකාරි වලට අමතරව ගෙදර වැඩද තනියම කරගන්නට උන නිසාය.   හැලපැට්ටාගේ රාජකාරි එකලාසයක් කර   අවසානයේ දැනට දින කීපයකට පෙර ආපසු පැමිණි හැලපි කුස්සියෙන් මාව නෙරපා දමා ගෙදර වැඩ කටයුතු තමන්ගේ අතට පවරා ගත්ත වෙලාවේ මට දැනුණේ පුදුමාකාර සහනයකි.    දැන්නම් කෑම ටික පමණක් නොව තේ කෝප්පයද වෙලාවට අතට ලැබේ.   ලද  නිදහසෙන් ප්‍රයෝජන ගැනීම මගේ යුතුකමකි.   ඉතිං ආපසු පරණ කතාවේ ඉතිරි හරිය කියන්නට වෙලාවයි.

ඉන්ද්‍රාගෙන් සමුගෙන බොරැල්ලෙන් තලවතුගොඩ බසයක නැගී බෙන් ෆිල්ම්ස් එකට එනවිට එහේ හරිම කාලගෝට්ටියකි.   මොකද කිව්වොත් රුවන්ට දරුණු බඩේ අමාරුවක් හැදිලාය.    ඌ බඩ බදාගෙන මර ලතෝනි දෙයි.    මොනම අත් බේතකටවත් බඩේ අමාරුව සුව නොවේ.   බඩේ අමාරුව අඩුවෙන්නට අන්තිමට හොයාගෙන තිබු එකම බේත වුයේ එකෙක් රුවනයාගේ මහබඩ උඩ වාඩිවී සිටීමය.  මම එනතුරු ප්‍රභාත්ද කුමාරද උගේ බඩ උඩ මාරුවෙන් මාරුවට වාඩිවී සිට ඇති අතර මා ගෙට ගොඩවුණු විගස දැන් ඇත්තේ මගේ වාරය යයි කියා උන් දෙන්නා බඩ උඩ ඉඳගෙන සිටීමේ සේවාවෙන් ඉවත් වුවෝය.    මාව රුවන්ගේ බඩ උඩ ඉන්දවා ප්‍රභාත් කෙල්ල බලන්නට ගිය අතර කුමාර කොණ්ඩය කපාගන්නට යැයි කියා පැලවත්තට ගියේය.     රුවන් ඇඳේ හාන්සිවී පොතක් කියවමින් සිටින අතර මම උගේ අලිබඩ උඩ වාඩිවී ඈනුම් අරිමින් සිටියෙමි.

"මොකද බං උනේ?" යි මම රුවන්ගෙන් ඇසුවෙමි.

"අනේ දන්නෙ නෑ බං, එකපාරට බඩේ වේදනාවක් ආව. මක්කොල්ලවත් ඉවසගන්න බෑ බඩේ ඇසිඩ් ගතිය වැඩිවෙලාද මංදා" රුවන් කීවේය.

" මේ කෝලං කරල වැඩක් නෑ බං, හරිහමං දොස්තර කෙනෙක්ගෙන් බේත් ටිකක් ගම්මු. අන්න මං කෑම ගෙනල්ල ඇති කාල ඉඳින්. උඹට කන්න පුළුවන්ද?

"ඔව්, කන්න නං පුළුවනි ඒ උනාට හිටපු ගමන් බඩේ වේදනාව එන එක තමා ඉවසන්න බැරි, මේ ලෙඩේ නිසා උඹලටත් කරදරයි මාව ගෙදර ගිහිං දාපල්ලා." රුවන් කීවේය.

ගෙදර ඇරලවන එක හොඳයි කියා මටත් හිතුන නිසා පහුවදා රුවන්ව මාවනැල්ලේ ගෙදරට එක්කරගෙන ගොස් විස්තරය කියාදී ආපහු ආවෙමි.    ගෙදරින් රුවන්ව එදාම පේරාදෙණියේ රෝහලට ඇතුල් කිරීමෙන් පසු බඩේ අමාරුව ඇපෙන්ඩිසයිටිස් බව හඳුනා ගන්නා ලදුව පහුවදාම ඇපෙන්ඩිසය කපා ඉවත් කරන ලදී.

සතියකට පමණ පසු රුවන් තාත්තාත් සමග ආපහු බෙන් එකට ආවේ රෝහලෙන් දෙන ලද කෑම වට්ටෝරුවකුත් අතැතිවය.    වෛද්‍යවරයා කියා ඇත්තේ රුවන් මහත වැඩි නිසා හැකි ඉක්මනින් ඇඟ අඩුකර ගැනීම අවශ්‍ය බවයි.      බර අඩු කර ගැනීමට අදාළ කෑම වට්ටෝරුව මට බාර දුන් රුවන්ගේ පියා ඒ පිළිවෙලටම රුවන්ට කෑම දෙන්නට මාව පොරොන්දු කරවාගෙන ආපසු ගියේය.   වෛද්‍යවරයාගේ කෑම වට්ටෝරුව අනුව රුවන්ට උදේට කන්නට නියමිතව තිබුණේ ක්‍රීම් ක්‍රැකර් විස්කෝතු දෙකකුත් ඇඹුල් කෙසෙල් ගෙඩියකුත්ය.   දවල්ට බත් කෝප්පයක් එළවළු, මාළු හෝ මස් සමග සහ රාත්‍රියට එළවළු සුප් සමග කරකළ පාන් පෙත්තකි.    උදේට පාන් බාගයක් හෝ තුන්කාලක් හොද්දකුත් සමග ඇඟට නොදැනී ගිලදමන රුවනයාට විස්කෝතු කෙසෙල්ගෙඩි සමග දෙනවිට මුහුණ ඇඹුල් කරගෙන අපි කන දේවල් කන්නට ඉල්ලා රණ්ඩු වෙයි.   කොහොම හරි දවස් දෙකතුනක් ගතවෙද්දී මම වැඩට ගිය පසුව ඌ බත් උයා පොල් සම්බෝලද හදාගෙන ඒකට තක්කාලිත් කලවං කරගෙන බඩ පිරෙන්නටම ගිලදැමු බව කුමාර මට කිව් පසුව රුවන්ට ඩයට් කරන එක මම නැවැත්තුවෙමි.   ඌ අදටත් එදා වගේම දැවැන්ත ශරීරයක් ඇත්තෙකි.

ඔය ආකාරයට බෙන් එකේ අපේ ජීවිතය ගලායද්දී මම සුපුරුදු පරිදි කාර්යාලයේ රාජකාරියට ගියෙමි.   ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කළේ ඔන්න ඔය කාලයේදීය.    එයට ක්ෂණිකව අමෙරිකාව විසින් ප්‍රතිචාර දැක්වීම නිසා මැද පෙරදිග දැඩි යුද උණුසුමක් හටගත්තේය.   අපේ කාර්යාලයේ නීතාගේ මහත්තයා වැඩ කලේත් මැද පෙරදිග රටකය.   ඒ රටට යුද්ධයේ හුළඟක් වත් නොවදින නමුත් නීතා මහත්තයාට හැමදාම කරදර කළේ  ගෙදර එන්නට කියාය.    නීතාගෙන් බේරෙන්නට බැරි තැන අන්තිමේ ඔහු රස්සාවෙන් අස්වී ලංකාවට ආවේය.    සැමියාගේ පැමිණීම සහ තව තව හේතු කීපයක් නිසා නීතා ගෙදර සාංගීක දානයක් ලෑස්ති කර දානයට එන්නට කියා අපටද ආරාධනා කළාය.     නීතා පදිංචිව සිටි කිඹුලාවල ගෙදර බෙන් එකට බොහොම ළඟ නිසා කලින්දා රෑ ගෙදර ඇවිත් තියෙන වැඩවලට උදව් කරන්නට කියා ඇය මට වැඩි දුරටත් කීවාය.

" එදාට වෙන කව්ද එන්නෙ?" යි මම නීතාගෙන් ඇසුවෙමි.

" ඇයි ඔයාගෙ සයිකො එකත් ඒවි!"යි  ඇය කීවේ සිනාසෙමිනි.

" එහෙනං කට්ටිය ඕනැ තරම් ඔය ඉන්නෙ!"

" නෑ වැඩ තියෙනවා ඔයත් ආවට වැඩිවෙන්නෙ  නෑ! "  යි නීතා කීවේ කතාව නවතමිනි.

කිඹුලාවල ඒ දිනවල භීෂණය දරුණුවට පැතිරී ගිය පෙදෙසකි.     ඊට දින කීපයකට පෙර තරුණයන් තුන් හතර දෙනෙකු මරා ගෙනැත් වෙල්යායට දමා තිබුණා මට මතකය.    ඒ ගැන ටිකක්  බයෙන් සැකෙන් වුවද දානයට පෙරදින රෑ මම නීතලාගේ ගෙදරට ගියෙමි.    ඒ වනවිටත් නීතලාගේ ගෙදර ඇවිත් සිටි ඉන්ද්‍රාත්, කුමාරිත් නීතලාගේ කුස්සිය පැත්තේ එළියේ වාඩිවී කතා කරමින් සිටියහ.     මා එනු දුටු ඉන්ද්‍රා  විළිබර සිනාවක් පෑවාය.

"මතක් කරනකොටම ඔය එන්නෙ! "යි මා දුටු කුමාරි කීවාය.

" ඇයි මම නැතුව පාලුවෙන්ද හිටියෙ?" යි මම ඇසුවෙමි.

" අනේ මම නං නෙවෙයි.  පරක්කු වෙලාය,රෑ වෙනකොට බයයිය කියා කියා මෙච්චර වෙලා කියෙව්වෙ මෙන්න මෙයා! "යි ඉන්ද්‍රා දක්වමින් කුමාරි කීවාය.   ඉන්ද්‍රා මුහුණද රතුකරගෙන කුස්සිය ඇතුළට ගියේ මට තේ එකක් ගෙනෙන්නටය.

" කෝ ඔය කාණ්ඩෙ  ඔක්කොම එන්න වැඩ තියෙනවා!" නීතා කතා කරයි.

නීතා ලෑස්ති වෙන්නේ උදේ හීලට ඉඳිආප්ප තම්බා ගන්නටය.    හාමුදුරුවන්ට දානෙට පන්සලට යවන්නටත් ගෙදරට එන අයට  උදේට කන්නට දෙන්නටත් ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් අවශ්‍යය.    අද මෙන් ක්‍ෂණික හාල්පිටි මිශ්‍රණ නොමැති එකල ඉඳිආප්ප තනා ගත්තේ පාන්පිටි තම්බා උණුවතුර මිශ්‍රකර ගැනීමෙනි.    පාන්පිටි ඉඳිආප්ප තැම්බීමට මිශ්‍රණය සාදා ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළයුත්තේ පදම වැරදුනහොත් ඉඳිආප්ප මිරිකා ගැනීම අසීරු වන නිසාය.  මන්ද යත් ඉඳිආප්ප වංගෙඩියට දමන පිටි මිශ්‍රණය ගලක් මෙන් තදවී මිරිකන්නට නොහැකිව යන බැවිනි.    නීතා අපට කතාකළේ ඉඳිආප්ප මිරිකන්නටය.    නමුත් ඒ වනවිටද ඇබැද්දිය සිදුවී අවසානය, නීතාගේ නංගිලා අතින් මිශ්‍රණයේ පදම වැරදී තිබිණි.    අපට සිදුවුයේ දත කාගෙන අමාරුවෙන්  ඉඳිආප්ප මිරිකන්නටය.

"ඔන්න මෙදා සැරේ නං වරද්ද ගන්න එපා, ගානට කලවං කරගන්න නැත්නං මිරිකල එපාවෙනවා!" මා එලෙස කීවේ දෙවෙනි වඩියත් මිශ්‍ර කරන්නට සැරසෙන කාන්තාවකටය.  එහෙත් අවාසනාවකට ඒ මිශ්‍රනයේද පදම වැරදී ගියේය.     ඉන්ද්‍රා ඉඳිආප්ප මිරිකන්නේ මගේ ලඟින්ම ඉඳගෙනය.   මම දත්මිටි කාගෙන ඉඳිආප්ප මිරිකනු දැක ඇය මදෙස බලා සිටියේ උවමනාවෙනි.

" මෙයාට ඉඳිආප්ප හදන්නත් පුළුවන් කියල අපි  දැනගෙන හිටියෙ නෑනෙ නේද ඉන්ද්‍රා?"  කුමාරි කියන්නේ ඉන්ද්‍රා දෙස බලමිනි.

"ඔය ගොල්ලො ආඩම්බරේට කතා කළාට අපටත් කුස්සියෙ වැඩ ටිකක් තේරෙනවා!" 

මා එසේ කීවේ ඇත්තද එයම නිසාය.  බෙන් එකට එන්නට පෙර ඉවුම් පිහුම් කිසි දෙයක් නොදැන සිටි මම බෙන් එකේදී අපි දෙතුන් දෙනාට උයා මුලික හුරුවක් ලබාගත්තා මෙන්ම කිචි ධර්මේත් සමග එකතුවී ඉඳහිට කඩාපාත් වෙන දහපහළොස් දෙනෙකුට වුවද උයන්නට හැකි තත්වයකට දියුණුවී සිටියෙමි.

" අනේ හොඳයි උයන්න දැනගෙන ඉන්න එක කොච්චර දෙයක්ද!" කුමාරි කීවාය.

" ඒකනෙ, පවුල් වුන කාලෙක පවුලගෙන් ගුටි කන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙනව කියන්නෙ පොඩි වැඩක්ද ?"

ඉවත බලාගෙන ඉන්නා ඉන්ද්‍රාගේ උරිස්  ගැස්සෙන ආකාරයෙන් පෙනී යන්නේ ඇය අපේ සංවාදය නොමඳව රස විඳින බවය.     කතාව අතරම වැඩද නොනවත්වා කරගෙන ගියත් ඉඳිආප්ප මිරිකීම එන්න එන්නම අසීරු බව අතට තේරේ.

" අමාරුද? " ඉන්ද්‍රා සිහින් හඬින් මගෙන් අසයි.

" මොනා කරන්නද? ඉතුරු හරියත් මිරිකල දාමු !"   මඳ සිනා පෑ ඇය නැවතත් තමන්ගේ කාර්යයේ නිරතවූවාය.

අප ඉඳිආප්ප තම්බා අවසන්වන විට මැදියම් යාමය එළඹෙමින් තියෙන්නට ඇත.   නිදිමතේ ඈනුම් අරිමින් සිටි කුමාරි ඒ වන විටද ගෙට ගොස් සිටි අතර  ඇය කොහේට හෝ වී නිදාගෙන ඇතියැයි ඉන්ද්‍රා කීවේ සිනාසෙමිනි.    ඇඳි පුටුවක හාන්සිවී හිඳගෙන දල්වාගත් දුම් වැටියකින් දුම්ගුලි යවමින් සිටි මගේ ලඟට ඉන්ද්‍රා පැමිණියේ වටපිට බලමිනි.

"එළිවෙනකන් සිගරැට් බිබී ඉන්නද කල්පනාව? " ඉන්ද්‍රා පුටු ඇන්දේ හිඳගත්තේ  සීරුවට මගේ උරයට බරවෙමිනි. ඇගේ සුමුදු පහස ගතට සුවදායකය.

"ඇයි වෙන මොනා හරි වැඩක් එහෙම තියෙනවද ? "

" නෑ මට ගිහිං නිදාගන්න කියල නීත කිව්වා!"

"ඉතිං!"

" මට නිදාගන්න යන්න බෑ මාත් මෙහෙමම ඉන්නං!"

" මරුනෙ, තව පුටුවක් අරං එනවා අපි මෙතැන නින්දක් දාමු!"

" කෝ මෙයා, ආ මෙතනද?  අන්න ඔයාට ඇඳක් ලෑස්ති කරලා තියෙනවා ඉන්ද්‍රා , ඔයා ගිහිං නිදාගන්න.   නිදාගන්න තැනක් හදල දෙනකල් ඔයා ටිකක් ඉන්න!" අප සිටි තැනට එක්වරම ආ නීතා නොනවත්වාම කියවාගෙන ගියාය.   ඉන්ද්‍රා නීතා පසුපස ගියේ මා දෙස බැලුම් හෙළමිනි. නැවතත් කල්පනා ලෝකයේ තනිවී සිටි මගේ දෑස් විටින්විට පියැවී යන්නට විය.

" ආ එන්න!" යි නැවතත් මා සිටි තැනට පැමිණි නීතා කීවාය.

" ඇයි නීතා!"

" ඇයි නෙවෙයි ගිහිං ටිකක් නිදාගන්න,හැබැයි ඇඳන් නං දෙන්න නෑ ඔක්කොගෙම නිදාගෙන ඉවරයි!" නීතා මා රැගෙන ගියේ දානයට ඉඩ ගන්නට ගෙයි සාලයේ තිබු බඩු බාහිරාදිය පැත්තකට ඇදදමා තිබු කොටසකටය.   එතැන තිබු සෝපාවකට ඇඳ රෙද්දක් දමා මට නිදාගන්නට ඉඩ සකසා තිබුණි.

"හ්ම් මෙතනින් නිදාගන්නකො, එළිවෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ!" යි කියූ නීතා යන්නට ගියාය.

මම වටපිට බැලුවෙමි ගෙයි කුස්සිය ප්‍රදේශය බොහෝ කාර්ය බහුල වුණත් අපි සිටි හරිය දැඩි නිහඬතාවකින් යුක්ත විය.   ගණ අඳුර ලාවට මැකී ගියේ කොහේදෝ ඈතින් දැල්වුණු විදුලි බුබුළක පාණ්ඩු පාට ආලෝකයෙනි.    

දෑස් අඳුරට හුරුවීමෙන් පසු මට වටපිට පෙනෙන්නට විය.   මා දෙපස තිබු කාමර දෙකෙන් එකක කුමාරි නීතාගේ දරුවන්ද සමග නිදයි.   අනෙක් කුඩා කාමරයේ ඇති එක් ඇඳක නිදා සිටින්නේ ඉන්ද්‍රාය,  අනෙක් ඇඳේ නීතාගේ ආච්චි කෙනෙක් නිදා සිටියාය.   නිදිමතක් නැතත් මට දැනුණේ මහා පාළුවකි.    මම සැටියේ බාගෙට හාන්සිවී කල්පනා කරමින් සිටියෙමි.

" ආ නිදාගන්න ආවෙ මෙතනටද?" යි කොහෙදෝ සිට එතැනට පැමිණි ඉන්ද්‍රා ඇසුවාය.

" ඇයි තමුසෙටත් නින්ද යන්නෙ නැද්ද?"

" නෑනෙ, කෝ එහාට වෙන්නැ!" යි මට කී ඉන්ද්‍රා ද   සැටියේ වාඩිගත්තාය.     

ඇර දමා තිබු ජනේලයෙන් හමන්නේ සීත සුළඟකි.   සුළඟට ජනෙල් තිර රෙදි සට පට ගා හතර අතට සෙලවෙන්නේ පණ ඇවිත් මෙනි.  දැඩි ශීතයට ඉන්ද්‍රාගේ සිරුර කිළිපොලා යනු දෙතුන්විටක්ම මට දැනුණි.

" සීතලද? "

" ම්ම්ම් " ඉන්ද්‍රාගේ ආලිංගනය සීතල මකන්නට කදිමය෴ 

105 comments:

  1. අර කොට්ටය සීමාවේ ප්‍රින්සිපල් නෙමෙයි නෙහ්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඌ නෙවෙයි මු කොට්ටෙ තියාගත්තෙ නෑ.

      Delete
  2. මේක හරියන මගුලක් නෙමෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ...:D

      Delete
    2. හැබෑව හැබෑව මේක හරියන මඟුලක් නෙමෙයි.

      Delete
  3. වැඩක් නෑ. මේකත් ගිය ගමන එක වගේම වෙයි.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නව උඹ දන්නව උඹ පණ්ඩිතය නොවැ.

      Delete
  4. ඊලඟ කොටස කොටුකොටු ද?

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටිං. හැක්..

      Delete
    2. මේකා හරියන්නෑ අබං. පෙඤ්ඤංඤං ගංඥාං වැඩක් කරන්නෙ. පෙන්න පෙන්න ගන්නව හිටං.

      Delete
    3. බලමු නේද එදිරි කොටු නං පැනල බලමු.

      Delete
    4. එක්ස් පෝටර්,
      අනේ ඉතිං වෙච්ච දේ ලියනවා ඇරෙන්න මං වෙන මොනා කරන්නද

      Delete
  5. කෑවා. කෑවා. මේ ගමනත් කෑවා. යකෝ අපිත් මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඉවසගෙන ඉඳපන් මල්ලි. කතාව තව තියෙනවනෙ.

      Delete
  6. අපරාදේ...... හොඳම හරියෙදි නැවැත්තුවනේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් නේද, ඉතිරි හරිය ඉක්මනටම ලියන්න බලමු.

      Delete
  7. පොඩි නොගැලපීමක්. ඉරාකය කුවේට් රට ආක්‍රමණය කලේ 1990 අගෝස්තු 2 දා. කුවේටය නිදහස් කර ගැනීමට ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය් කලේ 1991 ජනවාරි මැද. මේකාලේ වෙනකොට භීශණය ඉවරයි. ඒකට හේතුව රෝහණ විජෙවීර මරා දැම්මේ 1989 නොවෙම්බර් 13 දා. නීතාගෙ දානය තිබ්බෙ ඇයගේ සැමියා කුවේට් යුද්ධය නිසා නැවත පැමිණීම නිසානම් එය සිදුවිය යුත්තේ 1990/1991. එවිට පිච්චූ මල කඳන් 1990/91 දී තිබුණේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. 90 බඩු තිබුනා ඉයන්

      Delete
    2. දින වකවානු හැලපේ තහවුරු කරාවි නේ.

      මාත් මේ ළඟක් වෙනතුරු හිතාගෙන හිටියේ ඔහොම තමයි ඉයන්. නමුත් 1990 සැප්තැම්බරයේ පවා පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ (ජවිපෙට සම්බන්ධව සිටි) සිසුන් පැහැරගෙන ගොසින් මරා දා ලා තියෙනවා. ගම්පහ මළ සිරුරු හතක් ගැන සටහනක් මා ගිය වසරේ පමණ කියෙව්වා.

      ඒ සමහර අය, ඒවන විටත් විවිධ කඳවුරුවල සිර කරගෙන සිටි අය විය හැකියි.

      පේමදාස සහ මහත්තයා ගේ සාම සාකච්ඡා බිඳ වැටී නැවත යුද්ධය ඇරඹුණු පසු, දකුණේ සිටි හමුදාවලට නැවත උතුරට යන්න සිදුවුණා නේද ඔවුන් ගේ තාවකාලික කඳවුරු වහලා? අන්න ඒ කාලේත්, ඇතුලේ වාර්තා නොමැතිව හිර කරගෙන සිටි පිරිස් මරා දාලා තියෙනවා.

      තවත් කතාවක් කියනවා නම්, මගේ බැචෙකුව (ගමේ දී බැචාගේ නංගීට ලයින් දාන්නට ඇවිත් උගෙන් ගුටි කෑ කොල්ලෙකු පසුව හමුදාවට බැඳී සිට හදිසියේ බැචාව දැක) හමුදා රථයක නංවාගෙන ගොස් තියෙන්නේ 1990 ජනවාරියේ දී යි.

      දස වද දී පසුව මුදා හැරියේ ඊට මාස තුනකට පමණ පසුයි.

      Delete
    3. මෙන්න මේ ලිපිය බලන්න.

      මෙහි කියවෙන පරිදි වෛද්‍ය විද්‍යා ශිෂ්‍යයින් හත් දෙනෙකු ඝාතනය කර පුලුස්සා දා ඇත්තේ හරියටම වසර විසි හයකට පෙර 1990 සැප්තැම්බර් 17 දා ය.

      මේ ලිපියේ හතරවෙනි පරිච්ඡේදයේ ඔබේ (බ්ලොග්?) මිතුරෙකු ගැන ද සඳහන් ය.

      Delete
    4. ස්තූතියි රසික. මගේ මතකය තිබ්බේ නොවැම්බර් වලින් පස්සේ නැති වුණා කියලා.

      Delete
    5. ලෙහෙසියට 88-89 කිව්වට ඕක පටන්ගත්තෙ අසූ හතේ විතර. අවසන් වුනේ අනූවෙ විතර. අවසන්වුනා කිව්වට උතුරෙ සීන් එකත් එක්ක නිදහසක් ලැබුනෙ නෑ. අනූ තුනේ ප්‍රේමදාස ඝාතනය වෙලා ඉවරවෙනකල්ම දකුණෙ භීෂණය ලාවට වගේ තිබුන මතක විදියට. මොකද ජවිපෙට එරෙහිව ක්‍රියාත්මක කිරීම නැවතුනත් දේශපාලන පලිගැනීම් නොඅඩුව තිබුන.

      Delete
    6. ඔව් රාජ්...අසූ හත වෙනකොට වැඩ අල්ලලා තිබුනේ. නැකතටම වැඩ පටන්ගත්තේ අසූඅටේ වගේ. අවසානයක්නම් තියෙයිද කියන්න දන්නේ නැහැ. 94 චන්ද්‍රිකාලා ආවට පස්සේ පොඩි හුස්මක් ගත්තා මිනිස්සු ඒ වාතාවරනයෙන්.

      Delete
    7. ඉරාකය කුවේට් ඇතුලට යනකාලේ මම ඔමානයේ හිටියේ. ඒකත් එක්තරා අඳුරු කාලයක්. පසුව ඒ යුද්දෙදි ඉරාක ආරක්ශක වලල්ල කඩාගෙන ගිය බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදාවන්ට අණදුන්නේ මගේ බොස්. ඔහු ඒ පිලිබඳ 'In The Eye Of The Storm' නමින් පොතක් ලියා තිබෙනවා. විශේෂත්වය වන්නේ මොහු මෙයින් සිවිල් වැසියන්ට වෙන බරපතල හානි සලකාබලා ඉරාක යුද්ධයට විරුද්ධව මතප්‍රකාශ කෙරූ කෙනෙක්. මොහු ඉතා උගත්, බුද්ධිමත් ජෙනරල්වරයෙක්.

      Delete
    8. භීෂණය 89 න් පසුව ඉවර උනේ නෑ ඉයන්. ඊට පසුවත් අවුරුද්දක් දෙකක් විතර තිබුණා.

      Delete
    9. දේශක,රසික,රාජ්,අරුණ.
      විස්තර සැපයීම ගැන පිං.

      Delete
  8. හැලපයියේ ආතල් එක ලගටම ගෙනල්ලා රුපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශණයෙන් පසුව මීලග කොටස බලාපොරෝත්තු වන්න එකක් දානවා වගේ කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. නෑ කොහොමත්ම එහෙම කරන බලාපොරොත්තුවක් නෑ.කතාව කැපුවේ දිග වැඩිවෙන නිසායි.

      Delete
  9. කවුළුව වහන්ඩ, ඔය කවුළුව වහන්ඩ, හුළඟ සැර වැඩියි. පාන්දර හුළඟ හරිම අගුණයි.

    හ්ම්.......

    පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි.

    ReplyDelete
    Replies
    1. පාන්දර හුළඟ ඇඟට හරිම අගුණයි.නරක හෙම්බිරිස්සාවක් උනත් හැදෙන්න පුළුවනි.

      Delete
  10. යකෝ අච්චර මහන්සියෙන් ඉඳිආප්ප මිරිකලත් අතට නිදහසක් නැතිවුන හැටි!

    ReplyDelete
    Replies
    1. කියන්නෙ කාටද බං.

      Delete
  11. හැලපයියා ඉන්ද්‍රා අක්කා සමග ඩිගිරි ඩිග්ස් එකකට සෙට් වෙයිද ද නැද්ද ?

    ඔබේ පිළිතුරු DDS හිස්තැනක් 7788 SMS කරන්න , දුරකතන මාර්ග ඊලග පෝස්ට් එක දක්වා විවෘර්ථව පවතී

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රක්කගේ බඩද? හැක්

      Delete
    2. DDS 7738......සෙට්වෙයි.

      Delete
    3. DDS 7738......මේ සැරෙත් නෑ

      Delete
    4. DDS 7738....හැලප අය්යාගේ බත් කාර්ඩ් කැන්සල්

      Delete
    5. DDS 7738...... සෙට් උනත් ඔය මනුස්සය ඕක මෙතන කියල හැලපක්කගෙන් ගුටිකන එකක් නෑ

      Delete
    6. උඹ මෙතැන මාව නැතිකරන්නද හදන්නෙ ඇනෝ.

      Delete
  12. Replies
    1. ලැජ්ජ නැද්ද හලෝ තනි වචනේ කොමෙන්ට් දාන්න?

      Delete
    2. ඇනෝ ඉන්නේ ඔය දිග කොමෙන්ට් දාන්න...!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. තමුසේ අර කවි කියලා ලියන පල් හෑලි ලියන්නේ රෑට ඩ්‍රින්ක් එක වැඩි උනාම නේද

      Delete
  13. අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි. :D

    ReplyDelete
  14. මගේ යාළුවෙක් ඉඳිආප්පයක් හිරවෙලා මළා.

    ReplyDelete
    Replies
    1. ඇයි කවුරුහරි ඌට කිරිහොදි නැති ඉඳිආප්පයක් තියලා ඇරියද?

      Delete
    2. තව‍ පොඩ්ඩෙං හැලපයියත් ඉඳියාප්ප මිරිකන්න ගිහිල්ල මළා වෙනව.

      Delete
    3. මැරුම් නොකෑම සඳහා මෙහෙම සිද්ධියෙන් කාලක් වගේ පෝස්ට් ලියන අයත් ඉන්නවා

      Delete
    4. මම උඹේ යාලුවෙක් නොවුනෙ පෙර වාසනාවකට ඇනෝ.

      Delete
    5. ප්‍රා,
      අපි රහට ලියන්නත් ඕනෑ ඔලුව බේරගන්නත් ඕනෑ මේවා නිකං අතුරෙ යනවා වගේ කරන වැඩ අප්පා.

      Delete
  15. මං කලින් දවසක කිව්වේ අයියේ තව අවුරුදු 30 කින් විතර පෝස්ට් එකක් ලියනවා කියලා! මේ ටික පොඩ්ඩයි වෙනස් කරන්න තියෙන්නේ! ඔන්න බුක් මාක් කරලා තියා ගත්තා!

    මේ... ඔය එහෙ මෙහෙ එක එක එව්වා කරන්න එහෙම යනවා නෙවෙයි! ඔය ආච්චිලාට රෑට හුජ්ජ බර හැදෙනවා!

    ReplyDelete
    Replies
    1. අම්මප බං,ඕකමනේ උනේ. ඒ ආච්චි හුජ්ජ කරන්න යන්න කී සැරයක් නං නැගිට්ට කියලද.

      Delete
  16. මේක හරියන වැඩක් නෙවේ, මල පැනලා ඉන්නේ දැන්නම් , කෝ මේ පත්ත්රයා

    ReplyDelete
    Replies
    1. පත්තරමල්ලි අයියානම් හැලපෙතුමා වගේ ..........
      (ලියූ කමෙන්ට් එක මැකූ බව කරුණාවෙන් සලකන්න )

      Delete
    2. අම්මප මල පනින්නම එපැයි මෙහෙම තැන්වලින් කපද්දී.

      Delete
  17. මේක ඉන්දියන් මෙගා එකක් වගේනේ.දෙන්නා එකතු වෙන්න එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා විතරමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවහම ටෙලි වල ස්ක්‍රිප්ට් ලියන්න පුරුදුවෙන්නත් එක්ක තමා මෙහෙම ලියන්නෙ.

      Delete
  18. මේ ඉන්ද්‍රා ලං වෙනවා ඈත් වෙනවා...තවම සීන් එකට හරියට ඇන්ටොර් උනේ නෑනෙ...අපි මේ ඇන්කෝර් එක දෙන්න බලාන ඉන්නෙ...අපේ ආතොල් එක කඩන්න එපා හැලපයියා...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට කසාදයක් බදින්ඩ

      Delete
    2. හෙට අනිද්දා වගේ බදින්න ඕනෙද ?

      Delete
    3. පිස්සුද, ආතල් එක නං කීයටවත් කඩන්නෙ නෑ.

      Delete
    4. ආ කියන්න අමතක උනා,අර ඇනෝ කිව්ව වගේ බඳිනවා නං මම එනකල් පොඩ්ඩක් ඉඳින්.

      Delete
    5. මම කම්මල ගොයියත් සැට් කරගෙන එනකම්ම ඉන්නං...

      Delete
  19. හැලපේ ඉන්ද්‍රාව හැලප කොලාද මන්ද? හැබැයි හොඳ නවාතැන් කාරයෙක් වගේ අරවගේ නවාතැනේ උන්ට සලකන්න. හොයල බලන්න පවුලේ වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයං පොන්සියා...ගිහින් මාතලන් එක්ක මාරු පාරක් ගහපං..උඹ වගේ ලොල්ලෙක්ට මොන බ්ලොග් ද බං ?

      Delete
    2. ඔව් අජිත්, උන් ඉතිං පොඩි කොල්ලො නොවැ. පොඩ්ඩක් හොයන්න බලන්න වෙනවා.

      Delete
  20. මම එනතුරු ප්‍රභාත්ද කුමාරද උගේ බඩ උඩ මාරුවෙන් මාරුවට වාඩිවී සිට ඇති අතර / රුවන්ව එදාම පේරාදෙණියේ රෝහලට ඇතුල් කිරීමෙන් පසු බඩේ අමාරුව ඇපෙන්ඩිසයිටිස් බව හඳුනා ගන්නා ලදුව පහුවදාම ඇපෙන්ඩිසය කපා ඉවත් කරන ලදී.//////තව පොඩ්්ඩන් බඩ උඩ නැගලා අර මිනිහගේ ඇපෙන්ඩික්ස් එක පුපුරන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ දැනගත්තෙ දැනුයි. බයත් හිතෙනවා.

      Delete
  21. දැවැන්ත ඇඟත් එක්ක කඩිසරව එහෙට මෙහෙට ඇවිදල , සෙට්එකේ තැනක නවතින රුවන් ,,, මල්ලි පැට්ටව අතට දෙන්න ,,,,, කියනවා මැවිලා මතක් උනා පොර ඒකාලෙත් බඩ ගෙඩියෙක් එහෙනං

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ඒ කාලෙ ඉඳන්ම ඌ ගෙනාපු බඩගෙඩිය.

      Delete
  22. තව මාසෙකින් විතර මෙහෙම ලියපන් අය්යෙ

    සිතල සුලන් අවිතේ මගේ අගේ හිරිගඩු පිපුන ඒ හීතලට ඉන්ද්‍ර තවත් මට ලං වුන ටික වෙලාවක් අපිට නොදනිම ගෙවිලා ගියා.
    ඉන්ද්‍ර ටිකෙන් ටික මගේ ඇත මිරිකුවේ මට කරන අරධානයක් වගෙයි
    එත් එක්කම කුස්සිය පැත්තෙන් එන අඩි සද්දයක් නිසා ඉන්ද්‍ර නැගිටලා ගියා .
    කුස්සියේ ඉදන් අපු නිතගේ මහත්තය
    ආ .. හල්පේ නින්ද යන්නේ නෙද්ද ඉන්න මම එනකොට ගෙනාපු
    බෝතලයක් තියෙනවා ටිකක් ගමු ..................
    ඊට පස්සේ ඊලග දවසේ උදේ කොටස

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් මේක තමා මට නං හොඳම කමෙන්ට් එක :)

      පොඩි ඌණපූරණයක්:

      ....බෝතල් කරුමාත්තෙ අහවර වන විට නට, නටා ගොස් වත්ත පහල ලිඳට පැන්න බවත්, උදෑසන කොහිල කො‍ටුව ලඟ මඩ කරියෙකු ( වැලි නැති නිසා) මෙන් නිදා සිටි හැලපතුමාව ඉන්ද්‍රා විසින් සොයාගත් බවත්, ලියවීමට ඉඩ ඇත.

      Delete
    2. අම්මප මරුම කමෙන්ට් එක බං. උඹට කියන්න ඇත්තටම උනෙත් ඔහොමමයි. හැබැයි ආවේ නීතගෙ මහත්තය නෙවෙයි නීතා.

      Delete
  23. කුවේට් යුද්ධය කිව්වම මට මතක් වෙන්නේ අර තෙල් ආකර ගිනි අරගෙන දවස් ගණන් ඇවිලෙච්ච හැටි ටීවී එකේ පෙන්නපු එකයි. වතුරට තෙල් මිශ්‍ර වෙලා අර කුරුල්ලෙක් ද කොහෙද තෙල් වලින් නෑවිලා ඉන්න ෆොටෝ එකකුයි..

    මටත් මතක විදියට ප්‍රේමදාස මහත්මය මැරෙනකම් ඔය භීෂණ බය තිබුනා.. මට මතකයි අපේ තාත්තා එහෙම මාර සතුටකින් හිටියේ ඒ සිද්දියට පස්සේ.. තාත්තා කොහොමත් කැපුවත් නිල් චරිතයක්.. හෙහ් හෙහ්

    මමත් ඔන්න SMS එකක් යැව්වා.. බලමු මොකෝ වෙන්නේ කියල හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. හරි හරි එස් එම් එස් වලින් ම මාව ඉවරකරන්න වගේ හදන්නෙ.

      Delete
  24. 'මේ ආදරයේ දඩයම' පෝස්ට් පලවන වාරයක් පාසා පෝස්ටුවේ 'ඉන්ද්‍රා' වචන ගණන නිවරදිව ගණන් කර වටිනා හිස් අරක්කු බෝතලයක් දිනා ගන්න.
    මෙන්න මෙහෙ ලංකාවට ඇවිත් මෙගා සීරීස් දෙක තුනක් ලියමු අයියා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිස් අරක්කු බෝතලයක් හැලපයියගෙ ඔළුවට ගහන්නද බං. දෙනවනං ගල් බෝතලයක් දියං.

      Delete
    2. එච්චරම ඉන්ද්‍රගෙ නම ලියවෙලා නැතුව ඇති බං. කොහොමත් මේ දවස්වල මෙගා ලියන්න පුරුදු උනොත් ගොඩ තමයි.

      Delete
  25. හැලපතුමා හිටි, ඉඳි, සැතපෙන පිලිමයක් වගේ ජීවිතේම පුරාම සංසුංව සමාදියෙන් ඇට්ටකිලමතානුයෝගයෙන් සිට ඇති අතර නා නා වර්ගයේ අක්කලා නංගිලා ඇන්ටිලා පැනලා දී ඇත, හැලපතුමා දුන් කිසිවක් ගෙන නැත.

    මෙය හැලපතුමාගේ ඩොමෙස්ටික් සෙන්සර් සඳහා දැමූ කමෙන්ට් එකක් බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ හැලපකිලමතානුයෝගය කියල නේද නීතිඥ්ඥ තුමා...!

      Delete
    2. අතුලාන්තයෙන්ම දන්නව වගේ

      Delete
    3. //කතාව අතරම වැඩද නොනවත්වා කරගෙන ගියත් ඉඳිආප්ප මිරිකීම එන්න එන්නම අසීරු බව අතට තේරේ.

      " අමාරුද? " ඉන්ද්‍රා සිහින් හඬින් මගෙන් අසයි.

      " මොනා කරන්නද? ඉතුරු හරියත් මිරිකල දාමු !" //

      මට මේකෙ ඉඳිආප්ප කියන කෑල්ල පේන්නෙ නෑ. හැක්..

      Delete
    4. ඉඳිආප්ප මිරිකීම කෙසේ වෙතත් ආප්පෙ මිරිකලා වගේ...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. නැහ්නං ප්‍රාජේ බොලාම හිතලා බලාපං අර මනුස්සය මේකාව කුස්සියෙන් පි‍ටුවහල් කරලා, කෑමත් හදලා, තේ එකත් අතටම දෙන්න ගත්තාම ඒ විවේකයෙන් පොරෝජං අරං මේකා කො‍ටු පනින පෝස්ට් එකක් දාලා මාට්‍ටු වුනොත් ඇතිවෙන තත්වය...

      Delete
    7. ඩොමෙස්ටික් සෙන්සර් අක්‍රීය වී ඇති බැවින් අත දිගහැර ලියමි.

      Delete
    8. ප්‍රසන්න,අරුණ.
      නෑ බංස්ලා ඔතන මේ කන ආප්ප ඉඳිආප්ප තිබ්බේ.

      Delete
    9. ඩුඩ්,
      අන්න උඹට විතරයි ඇත්ත යුත්ත ඇති හැටියටම තේරුණේ.

      Delete
  26. ඊළඟට ආයිත් දෙන්න සෙට්වෙන්නේ මළ ගෙදරකද, කොටහලු ගෙදරකද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් කොටහලු ගේකුත් උනා තමයි නීතගේ දුවගෙ. බලමුකො.

      Delete
  27. හැලපයා කියනවා අපි අහනවා... අනේ මන්දා. එලුවගේ මොකක්දෝ එක වැටෙනකන් ඒ දිහා බලාගෙන අපි පස්සෙන් යනවා

    ReplyDelete
    Replies
    1. වැටෙන්නෙ නැතිකොට මොනා කරන්නද නේද?

      Delete
  28. Unputdownable
    - New York Times

    Extremely cock-teasing
    -My Blue Jeans / මගේ ඩෙනිම

    ReplyDelete

ඔබේ අදහස්