Sunday, July 3, 2016

දෙහි කැපීම,ලෙන්ගතු සුමනපාල,චුඩාගේ කොටුව සහ දිවි ගැලවූ සුරුට්ටුව.

අද සුදානම් වන්නේ මීට අවුරුද්දකට පමණ පෙර කියනවා යැයි කියූ කතාවක්  කීමටය.   මා ලියු කතාවක තිබූ අතුරු කතාවක් ලියන්නට කියා කීප දෙනෙක්ම කිව්වත් මෙතෙක් ලියන්නට බැරිවිය.   විචාරක කීවේ මා ඒ කතාව ලියු විට ඔහුත් ඒ වගේ ඔහු දන්නා කතාවක් ලියන බවය.   ඒ වුනාට මොන ක්‍රමයකින් හෝ වැඩේ කල්ගිහින් මට කතාව ලියාගන්නට නොහැකි විය.   නමුත් පොරොන්දුවක් දුන්නා නම් කවදා හෝ එය ඉටුකළ යුතුය.   අද මා සුදානම් වන්නේ ඒ පොරොන්දුව ඉටු කිරීමටය.    කතාවේ මුල් කොටස මා කලින් කියා ඇත්තෙමි අද ඇත්තේ ඉතිරි හරිය කියන්නටය.   මගේ මතකය අනුව මේ සිද්ධිය සිදුවී අවුරුදු තිහකට වැඩි කාලයක් ගතවී ඇති අතර කතාවට මුලික වුනු පිරිමි චරිත දෙක තුනම මේ වනවිට ජීවතුන් අතර නොමැත.

අපි ඔහුට සුමනපාල කියා කියමු.   සුමනපාල කැලණිය පැත්තේ සිට ඇවිත් අපේ ගමෙන් පෙළවහක් කරගෙන බින්න බැස සිටි පුද්ගලයෙකි.   ඔහු රස්සාවට මේසන් වැඩ කරපු අතර යම් තරමක නක්ෂත්‍ර දැනුමක්ද තිබුණු නිසා ඉඳහිට ගුරුකම් අතේ වැඩද කළේය.  වැඩිපුරම කලේ දෙහි කැපිල්ලය ඒ කාලේ අපේ ගෙදර දෙහි කැපිලි වලින් අඩු නැති තැනකි කරදරයක් උනත් හොඳක් උනත් අපේ අම්මා සුමනපාලට කියා අපට දෙහි කැප්පෙව්වාය.   මම විභාගයක් පාස් උනත් රස්සාවෙන් උසස්වීමක් ලැබුවත් අසනීපයක් උනත් අම්මාගේ දෙහි කැපිල්ල වරදින්නේ නැත.    බැන්දට පසුව මේ දෙහි කැපිලි පෝලිමට එකතුවූ නව සාමාජිකයන් වුයේ හැලපිත් හැලපැට්ටාත්ය.   හැලපිට ඉස්සෙල්ලාම දෙහි කැප්පෙව්වේ මහ බැංකු බෝම්බය පුපුරා ගිය පසුවය ළදරු හැලපැට්ටාගේ ඇඟේ සැරව ගෙඩි වගයක් ආවිට සුමනපාල විසින් දෙහි කපන ලදී.    සුමනපාල ගේ දෙහි කැපිල්ලෙන් හොඳක් වෙනවාද කියා හරියටම නොදනිතත් සුමනපාල ඇවිත් දෙහි කපනවාට මා  කිසිම විරුද්ධත්වයක් නොදැක්වූ  බව කිව යුතුමය.   මන්ද යත් ගුරුකම් වැඩවල ප්‍රතිපල ගැන මගේ විශ්වාසයක් නැති උනත් සංස්කෘතිකාංගයක් වශයෙන් මම ඒ කලාවට ඉතාම ප්‍රියකරන බැවිනි.   ඒ නිසාම දෙහි කැපිල්ලේදී සුමනපාල කියන කවි ස්තෝත්‍ර යාදිනි කන්නලව් ආදිය මට මී මෙන් රසවත් විය.

ස්තෝත්‍ර කවි සහ යාදිනි සුමනපාල   ළයාන්විතව  ගීතවත් හඬින් ගයන විට මම ඇස් පියාගෙන සවන්දී සිටින්නෙමි.  අවට සියල්ලම නිශ්චලය ඇහෙන එකම හඬ සුමනපාලගේය.   ඒ හඬත් සමග ඒකාත්මික වන මගේ සිත ශෝකී ශාන්ත බවකින්ද පාළු මිහිරියාවකින්ද පිරීයයි.    කවි සහ යාදිනි ගායනා අවසානයේ හරියටම භාවනාවක් අවසන් කලාසේ නැවුම් බවක් සිතට දැනේ.   මම ඒතරම්ම සුමනපාලගේ දෙහි කැපිලිවලට කැමතිවුනේ ඔය හේතුව නිසාය.   දවසක්දා මම කැමරාවත් අතේ තියාගෙනම සුමනපාල ඉදිරිපිට පැදුරේ වාඩිවුණේ ඔහු කියන ගායනා සියල්ලම පටිගත කරගෙන  පසුව මට කැමති වෙලාවට අහන්නටය.   ඔහු කැමරාව දෙස හෙලුවේ එතරම් සුහද බැල්මක් නොවේ නමුත් පටිගත කරන්නට එපා කීවේද නැත.     සමහරවිට මට විරෝධය පාන්නට ඔහුට යම්කිසි පසුබෑමක් ඇතිවුණා විය හැකිය කෙසේ වුවද මම එදා සුමනපාලගේ ගායනා සියල්ලම අඩුවක් නැතිව පටිගත කරගත්තෙමි.     ඒ සියල්ල පරිගණකයට බාගත කරගෙන තිබියදී දවසක් හැලපැට්ටාගේ අත්වැරදීමකින්  සුමනපාලගේ ගායනා ටික ඇතුළු මගේ වටිනා පිංතුර හත් අටසීයක් මැකී ගියේය.   ඒවා ආපහු ලබාගන්නට කොපමණ උත්සාහ කළත් හරිගියේ නැත.   නැතිවී ගිය ඒ ගායනා වල වටිනාකම හොඳින් දැනෙන්නේ සුමනපාල නැති අද වැනි දවසකය.

අපේ අම්මාගේ පණිවිඩය ලබන සුමනපාල දවසේ වැඩ අවසන් කිරීමෙන් පසුව මහලිඳෙන් නාගෙන අලුත් සරමක් කමිසයක් ඇඳගෙන එගොඩහ කඩෙන් සිගරට්ටුවක්ද දල්වාගෙන නියර දිගේ ඇවිත් ඇලෙන් ගොඩවී අපේ ගෙදරට එයි.  ඒ වනවිට මල් බුලත් පුටුව හදන්නට අවශ්‍ය කළමනා සියල්ල අම්මා ලෑස්ති  කර ඇත.   පුටුවට කෙසෙල් කොළය එළා මල්ද බුලත්ද දෙහිද පහනක්ද තබා සකසා ගන්නා සුමනපාල නූළක්  කහ කෑල්ලකින් පාට කරගනී.   ආතුරයා තමන් ඉදිරිපස පැදුරක වාඩිකරවා ගෙන බුදුගුණ ගායනා කර නුලට මතුරා ගැට දමාගනී.  ඉන්පසුව මතුරන්නේ ආතුරයාටය මන්ද ළයෙන් ආරම්භවන මැතිරිල්ල ටිකෙන් ටික ශබ්දය වැඩිවී වේගවත්වේ මතුරන මන්තරද මහා දරුණු ඒවා බව කියවෙනා යක්කුන්ගේ නම් අනුව තේරුම් ගත හැක.දවසක් මෙහෙම මතුරන වෙලාවක ඒ කාලයේ යන්තම් ඇවිදින පොඩි හැලපැට්ටා  බකල ගසමින් ඇවිදගෙන ඇවිත් මගේ ඔඩොක්කුවේ වාඩිවිය මතුරමින් සිටි සුමනපාල වහාම කිව්වේ දරුවා අයින් කරගන්න කියාය.


සෙත් සාන්ති අවසානයේ තියෙන්නේ දෙහි කැපිල්ලය දෙහි ගෙඩියක් ගිරයට මැදිකරගන්නා සුමනපාල මන්තර කියමින් හිසේ සිට පාදාන්තය දක්වා ගිරය තබමින් අවශ්‍යතාව අනුව දෙහි ගෙඩි හතක් හෝ අටක් කපා කපන කපන දෙහි බෑ මිදුලේ බුබුළු දමමින් පැහෙන තෙල් තාච්චියට දමයි.   අවසාන දෙහි බෑ දෙකත් තාච්චියට දමන සුමනපාල පැහෙන තෙල් තාච්චියට අත දමා ආතුරයාගේ හිසේ තෙල් තවරයි මෙසේ දෙතුන් වරක් කළ පසු ශාන්තිකර්මය නිමාවේ.   දෙහි බෑ දැමීම නිසා තෙල් තාච්චියේ උෂ්ණත්වය බොහෝ පහළ බසින බැවින්ද  අල්ලේ සම ඝන බැවින්ද මෙසේ තෙල් තවරාගැනීම මට පුදුමයක් ගෙනදුන්නේ නැත.  එවැනි වෙලාවක සුමනපාලට පමණක් නොව මටත් අතේ තෙල් තවරාගැනීම සීරුවට කරන්නට පුළුවන.    ශාන්තිකර්මය අවසානයේ ගැට දැමු නුලද ආතුරයාගේ කරට දමා ගෙදරින් ලැබෙන තේ කෝප්පයද බොන සුමනපාල අම්මා බුලත් කොළයක තබා දෙන මුදල දෙස ඇස හැර බලන්නේවත් නැතිව බුලතය පිටින්ම දෙකට නවා සාක්කුවට ඔබාගෙන පල්ලම් බසී.

ඒ කාලයේ අපේ අම්මාද මැතිරිල්ලක් කලා මට මතකය.  ඒ මැතිරුවේ ඇඟ ඇතුළේ හැදෙන මුහුණත නැති ගෙඩි වලටය.  මතුරා නූලක් දැමීමෙන් පසුව අම්මා ලෙඩාට කියන්නේ තුන් වරුවක් යනතුරු ඇල්වතුර පාගන්නට එපා කියලාය.   මැතිරිල්ලේ ගුණ පණ කොහොමද කියා මම නොදනිතත් ගෙඩි තියෙන ලෙඩ්ඩු බොහොමයක් දෙනා ඇවිත් අම්මාගෙන් මතුරවාගෙන ගිය බව මට හොඳට මතකය.   අම්මාට ඒ මන්තරය දුන්නේ අම්මාගේ බාප්පා හෙවත් පුංචි සීයාය කියා අම්මා දවසක් මාත් එක්ක කිව්වා මට මතකය.

මන්තර ගුරුකම් අතේ වැඩක් නැති දිනවල හවස සුමනපාල යන්නේ ඔහුගේ හොඳම මිතුරාවූ රෙදිමෝලේ වැඩකරන ඒමිස් ගේ ගෙදරටය.   බොහෝවිට දෙන්නා එකතුවී ලොක්කයියාගේ ගෙදරින් සුදුවා වීදුරු තුන හතරක් සප්පායම්වී රෑ බෝ වනතුරු සිංදු කියමින් ද සමහර විට රණ්ඩු වෙමින්ද කාලය ගතකර බොහෝ රෑ වී ගෙදර යන්නේ කෑම ටික කා දමා ඇඳට වටෙන්නටය.    සුමනපාල නැති වෙලාව අල්ලා චුඩා සුමනපාලගේ පවුලට කොටුව පනී දිගින් දිගටම කෙරෙන මේ කොටු පැනිල්ල ටික දවසකින් සුමනපාලට ඉව වැටිණි.    දවසක්දා චුඩා ගෙදරට රිංගපු වෙලාවක් බලා ගෙදර ගිය  සුමනපාල ජෝඩුව අතටම අල්ලාගත්තේය.   එදා සිද්ද වෙච්චදේ ගෙඩි පිටින්ම චුඩා මට පස්සෙ දවසක කිවේ මම ඌට ලියුමක් ලියන තැන ඉඳගෙනය.   අකුරු ගලපා ලියුමක් ලියාගන්නට බැරි චුඩාට කෙල්ලට දෙන්නට කුලියට ලියුම් ලිව්වේ මමය ඌ මට කියන එක මම හොඳට ගලපා මගේ අතින්ද කෑලි දමා අලංකාර කර ලියමි. බොහොමයක් වෙලාවට මම ලිව්වේ ඌ කියපු දේවල් නොව මට හිතුන දේවල්ය ලියුම දී දවසකට දෙකකට පසු කෙල්ල මොනවද කීවේ කියා මම චූඩාගෙන් අසමි ඌටම හරියන ගොන් බඳින කණුවක් වූ කෙල්ලට ලියුමේ අන්තර්ගතය කුමක් වුවත් ගානක් නැත ඒකිද ලියුමක් ලියා චුඩාට දෙයි.   කොටු පැන්න කතාව චුඩා කියපු හැටියට මෙහෙමය.

ටිකක් රෑ වෙන්න ඇරලා වෙනද වගේ මම සුමනයලගේ ගෙවල් පැත්තට ගියා  ඒ වෙලාවට ගෙදර ඉන්නෙ පේමා විතරනෙ වැඩේ කියන්නෙ එදා පොඩි එකා එතකොටත් නිදි නෑ.   පේමා පොඩි එකා නිදි කරවනකල් මම පැත්තකට වෙලා ඉඳන් හිටියා කොහොමත් සුමනය එද්දී රෑ දහය එකොළහ වෙනවනෙ.   ඔහොම විනාඩි දහයක් පාළොහක් යන්න ඇති අප්පට සිරි මු කුස්සිය පැත්තෙන් ගෙට කඩා පැන්න නෙ.

කවුද?

කවුද අහන්නෙ... වෙන කවුද සුමනපාලය මිසක...

මළ මගුලයි ඉතිං උඹ පැනල දිව්වද?

මොන දිවිල්ලක්ද ඌ දොර පොල්ලක් උරුක්කරගෙනමයි ආවෙ, චූඩෝ තෝ දුවන්න නං ලෑස්ති වෙන්න එපා මේකෙම්ම ගහල ඔලුව පොඩිකරනව ඔහොමම ඉඳගං කිව්වා...

ඉතිං...

දුවනව කිව්වට මට දුවාගන්න විදියක් තිබුනෙත් නෑ කකුල් වෙව්ලනවා මාව  එහෙම්මම බිම ඉන්දවුනා..

ඉඳකිං  තෝ වෙනදටත් කොටු පනින්න ඔහෙට යනව නේද?

යනව නේන්නං ඒ වෙලාවට ඒ වැඩේ ගැන මිසක වෙන දේවල් කල්පනා වෙන්නෙ නෑනෙ,අනික මු යකා වාගෙ ගෙට කඩා පනී කියල කවුද හිතුවෙ...

ඉතිං ඉතිං ...

මම සද්ද නැතුව එහෙමම ඉඳගෙන හිටියා සුමනයත් ඇවිත් පුටුවක වාඩිවුනා.  වාඩිවෙලා මූ සාක්කුවෙන් මිටියක් අරං හෙමිං සීරුවෙ  සුද්ද කරල එහෙම සුරුට්ටුවක් එතුවා මෙන්න සයිස් කාලපන්දම වගේ කතාබහක් මොකුත් නෑ  ...

එතකොට ළමය නලෝ නලෝ හිටිය පේමා...

ළමය නිදි පේමත් බීත වෙලා හිටිදාරණේ බලං ඉන්නවා,  සුමනය කඩදාසි කොළයක් අරං ලාම්පුවෙන් අවුලෝගෙන සුරුට්ටුව පත්තුකරල දෙතුං සැරයක් ඇදල සුරුට්ටුව ජනෙල් පඩිය උඩින් නිවෙන්න තිබ්බා...

හුහ්  එහෙනං මේකයි සෙල්ලම,  තොපි හිතුවෙ මට ආරංචි වෙන එකක් නෑ කියල නේද බොල...

අනේ නෑ බං සුමනෙ මම ආවෙ උඹ ගෙදර ඇති කියල හිතාගෙන...

කට වහපිය පරය තෝ හිතුවෙ මම බබෙක් කියලද, මං ගෙදර නැති වෙලාවට තෝ මේකි ළඟට එනව කියල ගමම දන්නව බොල ...

මට කියාගන්න දෙයක් නෑ වෙන දෙයක් වෙච්චාවෙ කියල එකහිත් හිතාගෙන මම සද්ද නැතුව හිටියා, ඒ ගමන ඉඳා බීපිය කියල මූ සුරුට්ටුව අරගෙන මට දුන්නා මමත් බයටම සුරුට්ටුව ඇද්දා  සුමනය පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකත් ඉහළට අරගෙන මගෙ දිහෑ යකා වගේ බලාගෙන ඉන්නවා...

හරි දැන් ඕක මෙහෙට ගං...

මූ සුරුට්ටුව ඉල්ලගෙන ආපහු අදින්න ගත්තා  මමත් ඔහේ බලාගෙන හිටියා ...

රාත්‍රිය බොහෝ දිග යැයි චුඩාට සිතේ,පොළොව හාරාගෙන නොපෙනී යන්නට හැකි පණුවෙක් වෙන්නට තියේ නම් කොපමණ අගේදැයි චුඩාට වෙලාවකට සිතෙයි.   අතීරණයෙන් ගෙවී යන කාලය සිතට මහත් බරක් දනවයි සුමනපාලයා සුරුට්ටු මතෙන්දෝ ඇස් දෙක පියාගෙන පුටුවේ දපා හිඳී.  පේමා ඇස් ලොකු කරගෙන චූඩා දෙස බලා සිටින්නේ දැන් කුමක් කරමුදැයි අසන්නාක් මෙනි.   දරු තුන් දෙනෙක් වෙනතුරු කෑ දීගය මෙතනින් අවසන් වේදැයි ඇය සිතනවා විය හැකිය.   පුටුවේ දපා නිදිසේ සිටි සුමනපාල එක්වරම ඇස් හැර බලා ජනෙල් කණ්ඩිය උඩ තිබුණු සුරුට්ටු කොටය ගෙන දෙකක් ඇද චුඩාට කතාකළේය.

නැගිටපිය...

චූඩා නැගිට සිටියේ දුන්නක් දිග හැරුනාක් මෙනි.

දැන් තොපි දෙන්න කරන්න ලෑස්ති වුන වැඩේ මගෙ ඉස්සරහ කරපියව්...

ඈ...

ඈ නෙවෙයි මම එන්න ඉස්සෙල්ල තොපි කරන්න ලෑස්තිවෙලා හිටපු වැඩේ දැන් කරපියව් වැඩියකට තියෙන්නෙ මම මෙතන ඉන්න එක විතරනෙ බෑ කිව්වොත් මේකෙන් ගහල තොපි දෙන්නගෙම ඔළු පොඩි කරනවා...

දොර පොල්ල ලෙලවමින් සුමනපාල අවධාරණයෙන් කීවේය෴

ප.ලි. කතාව එක කොටසකින් අවසන් කරන්නට හැකිවේ යැයි සිතා සිටියද එසේ නොහැකි බව දැන් පෙනීයයි.  පාඨක ඔබගේ ප්‍රතිචාර අනුව ඉතිරි කොටස ලියන්නට බලාපොරොත්තු වෙමි.  

77 comments:

  1. කලබලේ ලියලද මන්දා... උඹට නේද මේක වෙලා තියෙන්නේ... ?

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං සිද්දවෙච්ච දේ අකුරක් නෑර දන්නෙ වෙන කවුද? අපි නොදන්න චූඩ.

      Delete
    2. කලබොලේ කියල කියන්නෙ එක දිගටම ලියාගෙන ආපු නිසා වෙන්නැති. මම මොනව ලිව්වත් උඹල ඒක මට පවරනවනේ.

      Delete
  2. මල ජූලියයි.. අර ඉංගිරිසියෙන් මොකක්ද වචනයක් කියනවා නේද ඔයි වගේ රස ගන්න උන්ට. මොකක්ද ප්‍රා ඒක??

    හැලපේ.. යන්තර මන්තර කිව්වම මට මතක් වෙන්නෙම දකුනේ ඉන්න අන්ඩපාලයෝ. මම නං මචං තුන්පාරක් ද කොහේද සීනි මතුරල දීල අහු උනා. හැබැයි අර ප්‍රභාත් වගේ නොවී යන්තං බේරුනා.. අපි රජරට කොල්ලො ්නිසා.. හැක්..

    ReplyDelete
    Replies
    1. Voyeurism ?

      https://www.psychologytoday.com/blog/women-who-stray/201007/why-would-you-do-watch-your-wife-another-man

      Delete
    2. දර්ශාස්වාදය

      Delete
    3. cukolding තමා හරි වචනේ මම හිතන්නේ

      Delete
    4. https://en.wikipedia.org/wiki/Cuckold

      Delete
    5. https://en.wikipedia.org/wiki/Voyeurism

      Delete
    6. උඹත් බේරිලා තියෙන්නෙ මාර බේරිල්ලක් නොවැ.

      Delete
  3. අම්මපා මගෙත් කකුල් වෙවුලන්ඩ පටන්ගත්තා මේක කියවලා හිටං. අර මම කියන්නම් කිව්ව කතාව මොකද්ද කියලා දැන්නම් මතක්වෙන්නේ නෑ ඒ බයට. මතක් වුනොත් කියඤ්ඤං. ඉතුරු ටිකත් විජහට දැම්මොත් කතාව මතක්වෙයි සමහරවිට හිටං.

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් දෙකක් තියෙන නිසා වැඩ අධිකයි.හැකි ඉක්මනින් ලියන්න බලන්නං.ඒ උනාට මතක්වෙන්නෙ නෑ කියල මග ඇරල යන්න බෑ ඕං.

      Delete
  4. මමත් හරිම ආසයි හැලප අයියේ මන්තර මතුරනවා අහං ඉන්න.. මම කතරගම වැඩකරපු කාලේ ඒ වගේ ඇදුරෙක් බොහොම හිතවත් වෙලා හිටිය අපි එක්ක.. මිනිහ වැඩක් කරනකොට අපිට හවස් අතේ තැනට එන්න කියනවා.. අපිත් ඉතින් රා වෙන්න දීල එතන ගිහින් බලන් ඉන්නවා.. පස්සෙන් පහු අපේ හිතවත් ඇදුරුතුමා අපේ ක්වාටස් එකේ අල්ලපු ඉඩමේම ඇවිත් පදිංචිවුනා.. කාත් කව්රුත් නැති මනුස්සය නිසා අපි තමයි කෑම බීම සැපයුවේ.. හරිම අවංක මනුස්සය.. ඒත් හදිසියේම බඩේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ නැවැත්තුව දවස් දෙකකට පස්සේ නැතිවුනා.. පවුලේ කෙනෙක් නැතිවුනා වගේ තාමත් මතකවෙනකොට හරිම දුකයි.. අවුරුදු ගානක් අපි එක්ක එකට බත් පත කාපු සගයා සහ වැඩිහිටියා කොහොම අමතක කරන්නද..

    චූඩට සුමනයා කාලේ පන්දමක් ඔතල ගැස්සුවේ සෑහෙන්න වෙලාවක් ෂෝ එක බලන්න හිතාගෙන වෙන්ටෑ... හෙහ්..

    ReplyDelete
    Replies
    1. පොල්වත්ත අය්යේ ඔබ නැති එළකිරි ජනතාව සොවින් තැවෙයි මෙය දුටු වහාම එලකිරියට ලොග් වන්න

      Delete
    2. රා ව‍ෙින්න ඇරිය‍ෙ විනාකිරි ද

      Delete
    3. කොහොමත් උන් දෙන්න එකට සුරුට්ටුව ගැන උන්.

      Delete
  5. මදැයි කොළා. දැං ඉතිං ඇඩම්ස් ඔන්ලි ෂෝ එකක් ලයිව් යන හැටියක් වගෙයි තියෙන්නෙ. හොඳ වෙලාවට පොඩි එකා නිදිය ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. හැබැයි පොඩි එකා ඇහැරෙව්වොත් වැඩේ ගොඩ.

      Delete
  6. යන්තර මන්තර ස්ත්‍රෝත්‍ර ගායනා කරනවා අහන්න ආසයි තමමා..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමමයි නිර්මාණි.

      Delete
  7. මළ කෙලියයි .. දෙහි කැපිල්ල එහෙම්මම අමතක උනා.. චූඩා පත් වෙච්ච අසරණකම හිතාගත්තෑකි... ජෝන්ට වාගෙ වියාග්ගරා පෙතිත් නැතිකොට මොකක් උනාද දන්නෙ නෑ... ඉතුරු ටික ඉක්මනටම ලියමු අප්පා..
    දෙහි කපපුවම වැඩේ හරියන්නේ කපන එකාගෙ ඇස් වහ කටවහ තියනවා නං කියල මතයක් තියනවා. මටත් ඒ කාලෙ දෙහි කපල තියනවා. වැඩේ විශ්වාස නොකලත් මරු ආතල් වැඩේ... කකුල් අතපය වල මොකක්හෝ නිසාවට එන ඇස්වහ බිබිලි නිසා තමයි දෙහි කප්පන්නේ. දෙහි ගෙඩියේ උපත, බුලත් කොලේ නාග ලෝකෙන් ආපු හැටි ගැන කියන කයි ටික මාර ආතල්. පැඟිරි දර වලින් රත් කරන පස් තෙල් දාපු තාච්චියට දෙහි බෑ ටික දාල කලත්තල අරන් අරූ කකුල් වල ගාද්දී හරි සනීපයි...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ දෙහි කැපිල්ලේ ආතල් එක සජ්ජා හොඳට අරං තියෙනවා.ඔව් ඉතුරු හරියත් ඉක්මනට ලියමු.

      Delete
  8. බලන්න ආස එකෙක්.
    නියමට ලියා තියෙනවා හැලපෙ

    ReplyDelete
  9. menna katha .. mathayago gon deshapalna katha wagda mewa ....liyapan budu ayye..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉක්මනටම ලියන්නං බං.

      Delete
  10. හැලපයියේ උඹේ මේ කතාවේ ඊගාව කොටස ගුගලයා වරණයට ලක් කරයිද මන්දා?
    ඔය කතාව කියන්න අරූ ඉතුරු වෙච්චි එකෙන් පෙන්නේ සුමනේ අරුගේ අතක්,පයක් කඩලා නැති බවයි.

    ReplyDelete
    Replies
    1. අර අහක ඉන්න 'අරූ' ගාවගත්තෙ මොකටද මේකට. මේක තනිකරම හැලපෙට වෙච්ච වැඩක් කොට.

      Delete

    2. ගරු කමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපතිතුමනි,

      මා ඉහතින් "අරූ" ලෙස හැඳින්නුවේ චුඩා නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ගැනයි.එනමුත් ඔබතුමා විසින් පැවසු කරුණ ගැන අවධානය යොමු කරනවිට මෙය 'අරූ'ටම සිදුවූ දෙයක් දැයි මට සිතේ.
      සත්ගුණවත් හැලපේ නම් මේවැන්නකට හවුල් නොවනු ඇතැයි මගේ සිතුවිල්ලය.

      Delete
    3. වාරණයට ලක්කරයිද බලමු මනෝජ්. ඌ ඊට පස්සෙත් සෑහෙන කාලයක් හොඳින් හිටියා.

      Delete
  11. අනේ මන්ද.. සුමනය හොඳ එකෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුමනය බොහොම හොඳ එකෙක්.

      Delete
  12. කෙලිය නේද? දැං කොරාපංකො.

    ලියමු හැලපෙ අයියෙ ඉතුරුටිකත්.

    ReplyDelete
  13. චික් විතරක් හොදම තැනදි නවත්තල

    ReplyDelete
  14. චික් විතරක් හොදම තැනදි නවත්තල

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට දෙපාරක්ම.

      Delete
    2. ලෙඩේ හොඳටම වැඩියි වගේ.

      Delete
  15. දෙහි කැපිල්ල කදුරු කැපිල්ල වගේම තමයි හොර කට්ටඬින්ගෙ ගාන කැපිල්ලත්

    ReplyDelete
    Replies
    1. ඒ හොර කට්ටඩි, මු නං සල්ලි ගැන බැලුවෙම නෑ.

      Delete
  16. ඔයා හරි නෝටි මෙයා...ඕනිම තැනදි කඩේ වහනවා...!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද මෙයා දිග වැඩිවුණා.

      Delete
  17. වැඩකටයුතු දෙල් වගේ . ඉතින් ඊට පස්සේ....

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටසෙන් බලමු.

      Delete
  18. ඌනෙම ටික නැතෝ....හිකිස්...

    ReplyDelete
  19. දැන් ඉතිං උලුක් කරගෙන බලාගෙන හිටපන්කෝ ඊළඟ එක එනකං!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මු උලුක් කරගෙනත් නේද.

      Delete
  20. දෙහි කපන එක අන්තිම අමාරු වෙන්න ඇති පහුගිය කාලෙ සම්බලේකට දාන්න දෙහිගෙඩියක් හොයාගන්න නැතුව ඉන්නකොට.

    බලාපංකෝ කො‍ටු පැනිල්ලට කට්ටියගෙ තියෙන උනන්දුව.

    ReplyDelete
    Replies
    1. කවුද අයියා අකමැති , මාත් මේ අමාරුවෙන් හිත හදාගන අඩියක් ඉස්සරහට තියන්ඩ හදනකොටම මේකා දාපු එක , යාලුවෙක් නෙමෙයි හතුරෙක් ....වන්ඩු ආප්පයා

      Delete
    2. කවුද අයියා අකමැති , මාත් මේ අමාරුවෙන් හිත හදාගන අඩියක් ඉස්සරහට තියන්ඩ හදනකොටම මේකා දාපු එක , යාලුවෙක් නෙමෙයි හතුරෙක් ....වන්ඩු ආප්පයා

      Delete
    3. උනන්දුව කියන්නෙ බං පුදුම උනන්දුවක්.දෙහි කැපිල්ල ගැන යමක් ලියල තියෙන්නෙ කෙල්ලො විතරයි.

      Delete
  21. ලයිව් ශෝ......මේක කීවට කමක් නැද්ද දන්නෑ.....මට දැනට අවුරුද්දකට විතර කලින් උනු සිද්දියක්...මම යාලුවෙක් එනකන් උගෙ කඩේ ලඟ හිටිය...එතන ඉන්නව සික්කෙක්........අවුරුදු 50-55 විතර ඇති....ඩයල් එක මාත් එක්ක ටිකක් ෆිට්....බුවත් එක්ක කතා කරකර ඉද්දි බුවා මගෙන් අහනව උදව්වක් කරන්ඩ පුලුවන්ද කියල...මොකක්ද ඇහුවහම...පිංසේන්ඩු වෙලා වෙලා කීව....මට උගෙ ගෑනිත් එක්ක නිදා ගන්ඩලු..මම නිකන් කරකවල අත ඇරිය වගේ ...ඌ කියනව....මම ගෑනිත් එක්ක ඉද්දි ඌට ස්වයං වින්දනය කරන්ඩ ඕනෙලු....මම එවලේම යාලුවට cඕල් එකක් ගත්ත....."මචං ආ හරි හරි...මම එනව එනව...ඔහොම හිටප..",........."අංකල් අරු මාඟට එන්ඩලු මම ගිහින් එන්නන්කො"....මම වාශ්ප...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්නේ cukold කාරයෝ නොවෙයි කොල්ලෝ කාරයෝ. උන්ට ඕන ගෑනි දීල ඊලගට අපිට සෙට්වෙන්න. මට ඔහොම සීන් එකක් වෙන්න ගියා. මට එත් පස්සේ තේරුම ගියා මේක දන්සලක් නොවෙයි ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා. පැත්ත පලාතක ගියේ නෑ ඊට පස්සේ

      Delete
    2. හම්මෝ බං ...පස්ස පැත්ත

      Delete
    3. හම්මෝ බං ...පස්ස පැත්ත

      Delete
    4. රසික,
      උඹටත් ඇදෙන්නෙ මාර සුවිප් නෙ බං.බයවෙලා පැනල දිව්වා නේද.

      Delete
    5. ඩිලාන්,
      ගියා නං බඩුම තමා.

      Delete
  22. දෙහි කැපිල්ලේ විස්තරේ නම් හරිම අපූරුයි...අනිත් හරිය ගැන කට්ටිය කියල තියන දේවල් ටික මදැයි...

    ReplyDelete
    Replies
    1. ඇතිනං ඉතිං මොනා කරන්නද.ස්තුතියි ඔබටත්.

      Delete
  23. අපේ ගෙදරත් දෙහි කපල තියෙනවා...
    ඒත් ඒ ස්තෝත්‍ර ඒ තරම ලස්සනට මගේ හිතේ ඇඳිලා නැහැ, සමහර විට දෙහි කපපු මනුස්සයා ඒ තරම් දක්ෂයෙක් නෙමෙයි වෙන්න ඇති...

    සුමනේ එතුවේ ගංජා සුරුට්ටුවක්ද...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ කාලෙ රෙඩිමේඩ් ඒවා තිබුනෙ නෑ.මිටියක් ගෙනල්ල කාප්පයක් අරං හෝදලා සිගරැට් එකක් ලෙහෙලා කලවං කරලා තමයි සුරුට්ටුව එතුවේ.

      Delete
    2. ඒ චාරිත්තර ටිකත් තියෙන්නම ඕනෙ.නැහ්නං වැඩක් නෑ.

      Delete
  24. නියමෙට ලියල තියෙනවා. ඊළඟ කොටස threesome වගේ බලමුකො.

    ReplyDelete
  25. දෙහි කැපිල්ල ගැන කොමෙන්ට් එකක්වත් නෑද මන්ද. ඔක්කොම පස්සෙ කතාවටනෙ. හැක්... නොකියමි කිසිත්. අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. දෙහි කැපිල්ල ගැන කට්ටිය එච්චර උනන්දුවක් දක්වල නෑ වගේ නේද.

      Delete
  26. අනේ බං කොම්පියුටරෙත් නැති වෙලාවේ , මොකක් හරි කියවන්ඩ විතරයි පුලුවං , එහෙව් එකේ ලියහං ඉක්මනට

    ReplyDelete
  27. අනේ බං කොම්පියුටරෙත් නැති වෙලාවේ , මොකක් හරි කියවන්ඩ විතරයි පුලුවං , එහෙව් එකේ ලියහං ඉක්මනට

    ReplyDelete
    Replies
    1. කම්මලට සනීප වෙනකොට මූට හැදිල වගෙයි ලෙඩේ. හැක්..

      Delete
    2. වැඩ වැඩියි බං.දැන් දෙකක්නෙ.

      Delete
    3. ප්‍රසා,
      කම්මලයටත් තාම ඉඳහිට ලෙඩේ හැදෙනවා බං.

      Delete
    4. හැලපෙ , මම දෙහි ටිකක් කප්පව ගත්ත දැන් ඩබල් ලෙඩේ හොදයි.
      අටමො බ්‍රවුසරේ මාරු කරපන් uc browser කියල එකක් තියනව ඒක නියමයි.

      Delete
  28. මම ආසම අර කීරි අම්මාවරුන්ගේ දාන වලදී පත්තිනි දෙයියෝ ගැන ඔහොම කියන මන්තර වලට.. මන්තර අහන්න මමත් හෙන ආසයි..

    ReplyDelete
    Replies
    1. කිරිඅම්මා දාන වලදී කියන කවි ටිකත් මම එකතු කරගෙන තියෙනවා පැතුම්.

      Delete
  29. එකම කවි සෙට් එක ආයෙ ආයෙ කියනකොට මට නම් එපා වෙනවා.අර කියන මනුස්සයා පව් කියලත් හිතෙනවා..
    මේ පැත්තෙ නම් එකෙක් යකඩ ඉන්නෙන් දීල තිබුනා නිදියහන කැළඹෙන්නම දෙන්නම හිල් කරගෙන ඇඳත් හිල් කරගෙන පොලොවෙ ඇනෙන්නම.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ඇඟ හිරි වැටෙනවා බලපුවම සුමනපාල කොපමණ ලෙන්ගතුද.

      Delete

ඔබේ අදහස්