Sunday, July 17, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 13 - ගමේ කාන්තාවන්ගේ උයමන, විසිදැල්කරුවා, අක්කා කෙල්ලගේ හතර මායිම සහ පස්ස දාච්ච බල්ලා.

අව්රැල්ලක් මුහුණට වැටීම නිසා හදිසියෙන් අවදි වූ  මම කොහේ සිටීදැයි වටහා ගැනීමට නොහැකිව මොහොතක් අන්දමන්ද වී සිට සිහි එළවා ගත්තෙමි.  ඉඳගෙන සිටි හාන්සි පුටුවෙන් නැගිටින්නට සිතක් නැත්තේ ඇඟට පණ නැති ගතියක් දැනෙන නිසාය.   සාලයේ දොරින් ඉස්තෝප්පුවට එබිකම් කළ ඉන්ද්‍රා අවදිවී පුටුවේ ඉඳගෙන ඉන්නා මා දුටුවාය.

" ඔළුව කඩා වැටි වැටි පුටුවට වෙලා දුක් විඳින්නෙ ගිහිං කාමරේ ඇඳෙන් නිදාගන්නවකො!" යි ඉන්ද්‍රා කීවාය.

"ඕනැ නෑ, ඕනැ නෑ නිදාගෙන ඉවරයි,ගෙදරට ආව මිනිහ ආපු වෙලාවෙ ඉඳන් නිදාගෙන ඉන්නව දැක්කොත් ගෙදර මිනිස්සු හිනාවෙයි!"

"ඒ අය හිනාවෙන එකක් නෑ,හිනාවුනත් එයා නිදිමරල ඇවිත් ඉන්නෙ කියල මම කියන්නංකො!" ඉන්ද්‍රාගේ දෑස්වල තැවරී තිබුණේ දැඩි සෙනෙහසකි.  

"මම එහෙම රැයක් නිදිමැරුව නං කවුරු එන්න කිව්වත් කොහෙවත් යන්නෙ නෑ  දවසම ගුලිවෙලා නිදාගන්නවා!" ඉන්ද්‍රා මට විහිළු කරන්නට වන්නීය.

"යාළුකම් ලොකුවට සලකන නිසා එහෙම කරන්න බැරි මෝඩයොත් ඉන්නවනෙ!". 

"නෑ අනේ,එහෙම කියන්න එපා! ආව එක කොච්චර දෙයක්ද? තමුසෙ එන්නෙ නැත්නං මොකුත් ඕන නෑ කියල මට හිතුණා!" ඉන්ද්‍රා කීවේ බිම බලාගෙනය.

මා රාත්‍රියක් පුරා නිදිවරා පැමිණ සිටින බව දන්නේ ඉන්ද්‍රා පමණකි.  කොපමණ නිදිමත තිබුණත් පිට ගෙදරක වැටුණු වැටුණු තැන නිදාගැනීම නොහොබිනා බව මම දනිතත් නිදිබරිත දෙනෙත් එය නොදනී.

"වැල්ලෙ රවුමක් ගහල ආපුවම ඔය නිදිමත ඇරිල යයි !"  කී ඉන්ද්‍රා මාත් එක්ක වැල්ලට යන්නට ඇගේ පොඩි මල්ලීව පංගරාත්තු කර දුන්නාය.  වතුර වීදුරුවක් ගෙන්වා ගෙන මුහුණේත් ඇස්වලත් තවරා ගත් මම මල්ලිත් සමග වැල්ලට යන්නට පිටත් වුනෙමි.

ගෙයි කුස්සිය පැත්තේ එළිමහනේ ඉන්ද්‍රාගේ අම්මා ප්‍රමුඛ කාන්තාවන් පිරිසක් ජයටම ඉවුම් පිහුම් කරන්නේ කොළඹින් එන යාළුවන් කණ්ඩායමට රසට උයා කන්නට දෙන්නටය.  සාමාන්‍යයෙන් ගම්වල හැටි එහෙමය,ගෙදරක කෑමට හත්අට දෙනෙක් එනවිට උයමනේ දක්ෂ කාන්තාවන් දෙතුන් දෙනෙකු උයන්නට අඬගසා ගැනීම සිරිතකි.  ඒ තනිවම උයන්නට බැරිකමකට නොව අමුත්තන්ට වඩාත් රසට ගුණට කෑම ටික හදා දෙන්නටය.   ඒ කාලයේ ගෙදර කෑමකට හත් අට දෙනෙක් එනවිට අපේ අම්මාත් අහළ පහළ කාන්තාවන් දෙතුන් දෙනෙක් උයන්නට අඬගහ ගනී.  ඒ එන අයද යම් යම් විශේෂිත දක්ෂතා ඇති කාන්තාවන් බව මම පසුකාලීනව නිරීක්ෂණය කර ඇත්තෙමි.

ඒ එන එක කාන්තාවක් හදන පොළොස් ඇඹුලට ගහන්නට පොළොස් ඇඹුලක් හදන්නට ගමේ කාටවත් බැරිය.  ගෑවුණු තැන කන්න පුළුවන් තරම් රසට අපේ ලොකුඅම්මා අංගුලු කරවල හොද්දක් හදයි.  ගම්මිරිසුත් ඉඟුරුත් පදමට මුසුකර කහත් පොලුත් සමග අඹරා එක කාන්තාවක් හදන කොස් මැල්ලුමේ පාරට්ටුව කොච්චරද කිව්වොත් කුස්සියෙන් හමන සුවඳ වත්ත පහළටම විහිදේ.   දැන්වුනත් අපේ ගෙදර ලොකු උයමනක් තිබුණොත් හැලපී කෑම උයන්නට අහළ පහළ කාන්තාවන් කීප දෙනෙකුට කතාකර ගනී.   අපේ ගෙදර බ්ලොග් කරුවන්ගේ සාදයක් තිබුණු වෙලේත් ඇය කාන්තාවන් කීප දෙනක් අඬගහ ගත්තේ කෑම ටික වඩාත් රසට උයා ගන්නටය. එදා අපේ ගෙදර ඇවිත් කෑම ඉවූ කාන්තාවන් කණ්ඩායමේ මුලිකත්වය ගෙන සිටි කාන්තාව මම පහුගිය දවසක ලියපු කතාවක ප්‍රධාන චරිතයක් වුවාය.   බිරිඳගේ ගමේ ඉන්න සහ ඇය රංජිගෙ පවුල යනුවෙන් හඳුන්වන කාන්තාව ඉඳිආප්ප කන්නට හදන පොල් සම්බෝලය තරම් රස පොල් සම්බෝලයක් මට වෙන කොහෙන්වත් කන්නට ලැබී නැත.

ඉන්ද්‍රලාගේ කුස්සිය පැත්තේ සතුටු සාමීචි කතාවේ යෙදෙමින් උයන කාන්තාවන් කණ්ඩායම පසුකරගෙන මම පොඩි මල්ලීත් සමග වෙරළ පැත්තට ඇවිද්දේ සැහැල්ලු සිතිනි.   අනවරත මුහුදු කෑම නිසා හෝ වෙනත් මොනයම් හේතුවක් නිසා හෝ මුහුදෙන් ඇතුළට නෙරා ආ කුඩා බොක්කක් වැනි නොගැඹුරු ජලතලයක් ඉන්ද්‍රලාගේ වත්තේ කොනකට වන්නට විය.   ඒ අපූරු සෞන්දර්යයෙන් යුත් මුහුදු බොක්කේ දර්ශනයෙන් පිනාගිය සිත් ඇති මා වෙරළට යන්නට පෙර මුහුදු බොක්ක බලන්නට ගියෙමි.  ඒ අයිනේ පස් කණ්ඩියක් උඩ හැඳ සිටි කමිසය ජටාවක් සේ හිසේ ඔතාගෙන සරම කැහැපොට ගහගෙන විසි දැලක්ද අතේ ඇතිව ඇනබාගෙන මුහුද දෙස බලා ඉන්නා මිනිසෙකි.   මාළු අල්ලනවා බලන්නට ඇත්නම් මට ඊට වඩා වෙන සැපතක් නැත.  මමත් එතැනම තිබූ කළුගලක් උඩ හිඳගෙන විසිදැල් කාරයා දෙස ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නට වුයෙමි.

ටික වේලාවක් බලා ඉන්නා විට දියඹ දෙසින් පීනා ආ මාළුන් රංචුවක් එක්වරම හැරී බොක්කේ නොගැඹුරු ජලතලයට ඇතුළු වුහ.  මාළු රංචුව බොක්ක ඇතුළටම පීනා එනතුරු බලාසිටි විසිදැල් කරුවා වටෙන් ගොස් මුහුද පැත්තෙන් ජලයට බැස්සේය.  ඉන්පසු කැරළිකොට රඳවාගෙන තිබූ විසිදැල සහිත දකුණත ලතාවකට ලෙළවා කැරකෙමින් සිටි මාළුන් රංචුවට ගැසුවේය.  අනතුරුව මාළු රංචුව හොඳින් දැලේ බැඳෙන තුරු විසිදැල් ලණුවෙන් අල්ලා ගස්සමින් දැල එක්තැන් කොට ගොඩට අරගෙන ආවේ මනා පළපුරුද්දකින් යුතුවය.

දැල බේරා මාළු රංචුව බිමට හැලූ කළ බිමට වට විවිධ වර්ගවල මාළු රිදී පොලු මෙන් උඩ පනිමින් දඟලන්නට වුවෝය.   ඇහැට පෙනි පෙනී මෙතරම් අලුත් මාළු ලබාගන්නට වෙන අවස්ථාවක් කොයින්දැයි සිතූ මම අතට අහුවන ප්‍රමාණයේ සිටි ලොකු මාළු සියල්ලම දැල්කරුවාගෙන් මිළට ගත්තෙමි.   දෙපැත්තටම වාසි සහිතව ගණුදෙනුව සිදුවිය.  ලොකු මුදලක් ලැබුණා  යි දැල්කරුවා සතුටු වුවත් මගේ දැනීමේ හැටියට ඒ මාළු ටිකට මට වියදම් වුයේ සුළු මුදලකි.  සුද්ද කර තෙලෙන් බැද දෙන්නට කියා මාළු ටික මල්ලි අතේ එවෙලේම කුස්සියට පිටත් කළෙමි.

ගණුදෙනුව අවසන් කළ විසිදැල් කරුවා නැවතත් පස් කණ්ඩිය උඩ වාඩිගෙන ජලතලය දෙස බලා සිටින්නට විය.  අවට සැමතැනම නිසලය හිරු රැස් තීරු නාඹර නෙරළුතුරු මුදුන් අතරින් බිමට කඩාවදී.  අව් රශ්මිය සැර වුවත් මුහුද පැත්තේ සිට හමන තද සුළං ප්‍රවාහය හේතුවෙන් දාහය ඇඟට නොදැනේ.  අවටපිට බලමින් සිටි මා දුටුවේ නිවසේ සිට මුහුද පැත්තට සෙමෙන් පියමනින ඉන්ද්‍රාය.

"මෙතෙන්ට වෙලා මාළු බිස්නස් එකක් කරනවා කියල ආරංචි වෙලා මම ආවෙ!" මා සිටි තැනට ආ ඉන්ද්‍රා කීවේ වටපිට බලමිනි.

"කෝ අර කට්ටිය තාම ආවෙ නැද්දැ?"යි මම ඇසුවෙමි.

"තාම නෑ!" යි කී ඇය "කට්ටිය එකතු කරගෙන ළමයි ලෑස්ති කරගෙන ඒ ගොල්ලො එද්දි තව වෙලා යයි!" ඇදපැද කීවේ  බිම වැටී තිබූ පොල් කොටයක් උඩ වාඩි ගනිමිනි.   හරිබරි ගැසී වාඩිවූ ඉන්ද්‍රා බිම තිබූ ගල්කැට කීපයක් අතට ගෙන එකින් එක මා දෙසට විසිකරන්නට වුවාය.

"ඔය ගොල්ලන්ට ලොකු වත්තක් තියෙන්නෙ!" යි නිහඬතාව බිඳිමින් මම කීවෙමි.

"එච්චර ලොකුවක් නෑ අනේ, ඕන්නං අක්කර එකහමාරක් දෙකක් ඇති, ඔය ටික අපි කට්ටියට බෙදුනම එක්කෙනෙකුට ලැබෙන්නෙ පොඩ්ඩයි!"යි  ඇය කිවේ සිනාසෙමිනි.   "කොහොමත් ගමේ පදිංචි වෙන්න මගෙ අදහසක් නෑ!" යි කී ඇය බස්නාහිර පළාතෙන් සුදුසු දේපළක් මිළදී ගෙන පදිංචි වන්නට ඇය තීරණය කර ඇති බව කීවාය.

"කිව්වත් නැතත් දකුණෙ අය අන්තිමට නතර වෙන්නෙ බස්නාහිර පළාතෙ තමා !" යි මා කීවිට ඇය හඬනගා සිනාසුනාය.

ඉඩකඩම් ගැන විස්තර කතා කරනවිට මට එක්වරම සිනාගියේ පරණ කතාවක් මතක් වෙලාය.   ඒ මා  ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ රාජකාරි කරන සමයයි.  අක්කා කෙල්ලගේ සහෝදරයෙක් රිය අනතුරකින් හදිසියේ මියගියේය.  කාර්යාලයේ අපි ඔක්කොම වාහනයක් අරගෙන මළගෙදර ගියෙමු.   මළගෙදර තිබුණේ ගාල්ලේ සිට බද්දේගම පාරේ යද්දී හමුවන ගමකය.   අමරසූරියලාගේ රාජධානියක් වූ ඒ හරියේ තේ ද රබර් ද බහුලව වවා තිබෙනු අපට දැකගන්නට හැකිවිය.   අක්කා කෙල්ලගේ ගෙදරට පාරේ සිට කඳු පල්ලමක බැස යායුතු විය.   කන්ද පුරා තේ පඳුරු වවා තිබෙනු අප විසින් දක්නා ලදී.

අප දුටු අක්කා කෙල්ල කෑ ගසමින් බිම පෙරළෙමින් වැලපෙන්නට වන්නීය.  නිකං වැඩකට නැතුවත් මිනිහා මළාසේ කෑගහමින් අඬන්නට දක්ෂ අක්කා කෙල්ල අද නම් හැඬීමෙන් වාර්තා පිහිටුවනු ඇතැයි නිකමට වගේ කල්පනාවූ මට බකස් ගා හිනාවක් එළියට පැන්නේ නොදැනීමය.   අක්කා කෙල්ල සංසුන් කර ගත හැකි වුයේ බොහෝ අසීරුවෙනි.  ගෙදර අයට කතාබහ කිරීමෙන් පසු එළියට ගිය අපි එහි තබා තිබූ පුටුවල වාඩිගෙන දවල් කෑමට ආරාධනා කරනතුරු මළගෙයකට කොහෙත්ම නොගැලපෙන විදියේ නොයෙකුත් විකාර කතා කියමින් සිනාසෙමින් කාලය ගතකළෙමු..   මෙසේ කතාකරමින් සිටි අපිට එක්වරම තේරුණේ අපිත් එක්ක ආපු එකෙක් පේන්නට නැති  බවය.   කළුතර පැත්තේ පොල් සහ රබර් ඉඩම් හිමියෙකු වූ ඔහු ටිකක් ඉඩම් තණ්හා කාරයෙක් හැටියට කාර්යාලයේ ප්‍රසිද්ධය.

"ෂුවර් එකටම මේ ඉඩමෙත් හතර මායිම් හොයන්න යන්න ඇති!" යි කී කෙල්ලෝ කිචි කිචි ගා සිනාසෙන්නට වුහ.   කිව්වත් වගේම වත්තේ හතර මායිම පුරාම ඇවිදිමින් සිටි ඌ කෑමට ආවේ බොහෝ ප්‍රමාද වෙලාය.  පහුවදා උදේ ඊයේ ගමනේ විස්තර කතාවෙද්දී මු අක්කා කෙල්ලගේ ඉඩකඩම් වල විස්තරය කියන්නට ගනිත්ම කාර්යාලය පුරාම මහ හඬින් සිනාවක් පැතිර ගියේය. 

"තනියම හිනාවෙන්නෙ ඔළුව නරක් වේගන එනවදැ?" යි  ඉන්ද්‍රා මගේ සිනහව දැක ඇසුවාය.

"නෑ නෑ ඒ වෙන කතාවකට මට හිනාගියෙ!"

"මට තමුසෙගෙ ජීවිතේ ගැන වෙලාවකට ඉරිසියා හිතෙනවා!" යි ඉන්ද්‍රා කීවේ මා දෙස බලමිනි.

"ඒ මොකෝ බෙන් එකට වෙලා තනියම දුක් විඳින එකටද?"

"බලනව දැනුත් තමුසෙ ඉන්නෙ මොන තරම් සැහැල්ලුවෙන්ද? හිතුණු දිහාවක යනවා කැමති දෙයක් කරනවා මොන තරම් නිදහස්ද?"  ඉන්ද්‍රා කතාකරන්නේ ජලතලය දෙස බලාගෙනය.

"ඉතිං, තමුසෙටත් ඔය ඔක්කොම කරන්න බැරුවයැ? මොකෝ බෝඩින් වල කාට උත්තර කියන්න කියලද? ඩෙනිමක් ඇඳගත්ත ගියා!"

"ඩෙනිමක් ඇඳගෙන යයි!" ඉන්ද්‍රා කීවේ නොරිස්සුමෙනි.   "අපි කොහෙහරි තනියම ගියොත් කී දෙනෙකුට උත්තර කියන්න කියලද? ඔක්කොම බලාගෙන ඉන්නෙ අපේ ඇද හොයන්න, ඊළඟට එක එක කතා හදනවා.  කොටින්ම අපට පාඩුවෙ ඉන්නවත් දෙනවද? "

"ඒ ඉතිං මේ රටේ හැටි, ඒකට මම මොනව කරන්නද?" හැබැයි මම නං අනුන්ගෙ දේවල් හොයන්නෙ නෑ!"

"ඒකම තමයි මම තමුසෙත් එක්ක යන්නෙ එන්නෙ!" අනික එතකොට කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවනි!" ඉන්ද්‍රා කීවාය.

"ඒ මොකක්ද ඒ කතාව?"

මෙතෙක් වෙලා තිබූ සැහැල්ලු කෙළිලොල් ගතිය ඉන්ද්‍රාගෙන් පලා ගියා සේ විය.  බරවූ හඬින් ඇය කතාකළේ බිම බලාගෙනය.

"ෂූටිං,ෆිල්ම්,ටෙළි කිය කියා පස්ස දාච්ච බල්ල වගේ රැයක් දවාලක් නැතුව හැම තැනම දිව්වට තමුසෙ මොනවද දන්නෙ හැබෑට?" ඉන්ද්‍රා මගෙන් අසා සිටියේ උපහාසාත්මකවය.  මම කට ඇරගෙන ඇය කියනදේ අහගෙන  සිටියේ ඇත්තෙන්ම ඉන්ද්‍රා කුමක් කියන්නට යන්නේදැයි නොදන්නා නිසාය.   ඇය එතනදී මට මා නොදන්නා බොහෝ දේවල් කියා සිටියාය. ඉන්ද්‍රා කියපු කතාව කෙටියෙන් කියනවානම් මෙහෙමය.

කාර්යාලයේ කීප දෙනෙක්ම ඉන්ද්‍රා ගැන උනන්දුවක් දක්වන්නට වූයේ ඇය ආපු අලුතමය.   මේ අයගේ ලෙන්ගතුකම වැඩිකල් නොගොස් ඉන්ද්‍රාට හිසරදයක් වන තරමටම ආදරණීය තත්වයකට පත්වූයේ ඉන්ද්‍රා යන එන හැම තැනකම මුනුත් පෙනී සිටින්නට වීම නිසාය.   අපිත් එක්ක කන්න බොන්නට ගියාට ඉන්ද්‍රා මේ කතාවල් කීවේ නැති නිසා මම මේ කිසි දෙයක් නොදැන සිටියෙමි.   ඉන්ද්‍රා යන එන තැන්වලට මාවත් එක්කරගෙන යෑම මේ අයට මහත් හිසරදයක් වූවද මම දෙකටම නැති නාහෙට නාහන එකෙක් වීම හේතුවෙන් මුන් මට මොකවත් කියන්නට පසුබට වූ අතර හැකි හැම විටෙකම ඉන්ද්‍රාට දුෂ්ටකම් කරන්නට ද අමතක නොකළෝය.

"තමුසෙලට තියෙන ඔය ඉව අපට නෑනෙ, ඔය ටික මට කළින් කිව්වනං මක්වෙනවදැ?"යි  මම ඉන්ද්‍රාගෙන් අසා සිටියෙමි.

"මොනව කියන්නද?  දැනගන්න එපැයි ඒ ඔක්කොමල තමුසෙගෙ හොඳම යාළුවො වෙච්චිකොට!" ඉන්ද්‍රා නොනවත්වා කියාගෙන ගියාය.

"අනේ මන්ද ඕයි,මේව අහපුවම ඔළුවත් හොල්මන් වෙනවා!"

"හා හා දැන් හොල්මන් වෙන්න ඕනැ නෑ ගෙදර යමු,  තව ටිකකින් අර කට්ටිය ඒවි!" ඉන්ද්‍රා සිනාසෙමින් කීවාය.

අප දෙදෙනා ගේ දෙසට ඇවිදගෙන ආවේ සිනාසෙමිනි.  මොහොතකින් ඉන්ද්‍රලාගේ ගෙවල් පැත්තෙන් ගෝසාවක් ඇසුණෙන් නීතලා කණ්ඩායම සහ ලාල් ඇවිත් ඇති බව සිතාගන්නට හැකිවිය.   පොඩි උන්ගේ කෙළි සෙල්ලම්ද  ලොකු අයගේ සතුටු සාමීචිද  මැද දවස ගෙවී ගියා තේරුණේ නැත.  දහවල් ආහාරයද ජයටම සකස් කර තිබුණු බව අමුතුවෙන් නොකිවමනාය .    පිටත් වන්නටත් වෙලාව ලං ලංව එයි, බොහෝ වෙලාවක සිට ඉන්ද්‍රා මට කුමක්දෝ කියන්නට තතනන බව ඇගේ ඇස්වලින් මම තේරුම් ගෙන සිටියෙමි.  වතුර ටිකක් බොන්නට ගෙට ගිය වෙලාවේ ඉන්ද්‍රා මා තනිකොට ගත්තාය.

"අද කොළඹ යන්නම ඕනැද?" ඇය මිහිරි හඬකින් මා කණට කර විමසුවාය෴

108 comments:

  1. නවතිමු නේද හැලපයියේ?

    ReplyDelete
    Replies
    1. නැතුව, නැතුව?

      -හැල පයියා-

      Delete
    2. හැල කියන්නෙ මහත කියන එක... දැකලා නැද්ද හැල කිඹුලන්ව.... හැල පයියා කිව්ව ගමන් ගෑනු ඉතින් පස්සෙන් තමා....

      Delete
    3. හැල කියන්නෙ මහත නෙවෙයි සනා, හැල කියන්නෙ "සුදු"

      Delete
    4. paka thama... Ali kiyanne sudu

      Delete
    5. හැල කියන්නෙන් අදහස් වෙන්නේ කුමක්දැයි නොදනිමි. ඇලි කියන්නෙ සුදු බව නම් දනිමි.

      Delete
    6. හැල කියන්නෙ එරෙන කුඹුරක් නැතිනම් වගුරක් මම අහලා තියෙන විදියට එතකොට ඔය ඇනෝ අදහස් කරන දේ හරියනවද? ඒත් නෑ නේද?

      Delete
  2. හැලපයා නවතින්න කැමති නැති උනාට, ‘‘හැල පයියා ‘‘නම් නවතින්න එකෙන්ම කැමත ිවෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. එයා මොනා කිව්වද කියල ඊළඟ කොටසෙන් බලමු.

      Delete
  3. මේක ලියල තියෙන්නෙ තනි අතින් අත්පුඩි ගහන එකක්වගේ. ඒක ඇත්තද නැද්ද කියන එක ගැන හිතා ගන්න බෑ සම්පූර්ණ ඇත්ත ලියන්න හැලපතුමාට නිදහසක් තියනවද නැද්ද කියල අපි නොදන්න නිසා

    ReplyDelete
    Replies
    1. "තනි අතින් අප්පුඩි ගහන". පුහ්, දැන් ප්‍රාජේගෙ " සිංහලීස්" බොහොම දියුණුයි නොවැ :)

      තනි අතින් අප්පුඩි ගහන, තනි තට්ටෙන් පියාඹන අය දැකල නැති වුනාට, අපේ පහල වෙලේ ඉන්න , තනි කකුලෙන් මාළු බාන කොක්කුන්ව නං දැකල තියනවා

      - ඉස්සර බ්ලොග් ලියපු පක්සියෙක්-

      Delete
    2. අප්පට සිරි,
      ඩීජීඇම් බස්තුමා ඇනොනිබස් වෙලානෙ.
      මොකා වුනත් කමක් නෑ ආයිත් ලියන්නකො

      Delete
    3. කතාව බොහොම අපූරුවට ලියල තියනවා. තලන්න පඳුරක් , දෙකක් තිබ්බෙම නැහ්ද? :) මතක් වුනේ අහල තියන කතාවක කවියක්. පද දෙකයි මතක.

      කුස්සියෙ උයනව ලස්සන කෙල්ලන්
      එලිවෙන ජාමෙට හොඳ, හොඳ සෙල්ලන්

      Delete
    4. තනි අතින් අප්පුඩි ගහනවා වගේ පෙනෙන්නෙ මගෙ පැත්තෙන් විතරක් කතාව කියන නිසා වෙන්න ඇති. නිදහස ගැන කිව්වොත් මේ දිනවල ලියන්න අසීමිත නිදහසක් ලැබිල තියෙන නිසා අත දිගහැර ලියන්න පුළුවනි.

      Delete
    5. බස්තුමා බොහොම කාලෙකිං.මොකුත් ලියන්න හෙම අදහසක් නැද්ද? මරු කයි පද දෙක.

      Delete
  4. ඔන්නොහෙ ඊයෙ රෑත් නිදි මරපු එකේ අද ඉඳලම යමු. අර බැදපු මාළු ටික බයිට් එකට අරන් මොකවත් කරන්නත් බැරියැ හවස් අතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මාර නිදිමතක් තියෙන්නෙ. මාළු බයිට් එකත් එක්ක මොකුත් කළොත් නම් බඩුම තමා.

      Delete
  5. ම්ම්ම්ම්......කතාවේ ඉතිරි හරිය ලියන කර්තව්‍ය මට බාර දුන්න නම්....එහෙනං

    ReplyDelete
    Replies
    1. එහෙනං මොකද? මගෙ කිසිම අවහිරයක් නෑ අත දිගඇරල ලියන එකයි ඇත්තෙ.

      Delete
  6. පොල් සම්බෝල,පොළොස් ඇඹුල මතක් කිරීම තරයේ හෙළාදකිනව. ඉන්ද්‍රා පව්!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම,මමත් හෙළා දකිනවා.

      Delete
  7. මං මොකුත් කියන්නේ නෑ බං අයියේ... ඔව්වා ඔහොම තමයි. උඹේ වයසින් බාගයක් වගේ වෙච්චි මටත් ඔය වගේ සිද්ධි දෙක තුනක් දැනටම වෙලා තියනවා. නතර වෙයං! ඊට පස්සේ වෙන දේවල් ඉතින් අමතක කොරන්න හරි අමාරුයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් අපි දෙන්නටම එකම විදියට මේ දේවල් අත්දකින්න ලැබෙන්නෙ හරිම පුදුම විදියට නේද බං.

      Delete
  8. අනේ මන්දා හැලපයියත් මොනවා ලියනවාද කියලා..
    ඔහොම කියන කටින්ම 'ඔයා මාව කෑව හලෝ' කියලත් කියයිද දල්ලෑ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට මොනව කියයිද කියල කියන්න බෑ අප්පා.

      Delete
  9. අම්මපා හැලපයියේ මේක හැලපී එහෙම බලන්නේ නැද්ද. මගේ ස්ටෝරි එහෙම මේ විදිහට ලිව්වොත් දෙවැනි ලෝක යුද්දෙ වගේ තියෙයි ගෙදර.

    ReplyDelete
    Replies
    1. බැලුවොත් නං බඩු බනිස්.මේ දවස්වල හැලපැට්ටා ගෙදර නිසා බ්ලොග් කියවන්නෙ නෑ.වැඩේ වැරදුනොත් ප්‍රබන්ධයක් කියල ජාම බේරගන්න බලනවා.

      Delete
    2. එතකොට හැලපැට්ටා කමෙන්ට් කියවන්නෙ නැද්ද?

      Delete
  10. කතාව වගේම මා ඉහලින් අගය කරනවා, ඔබේ ව්‍යක්ත භාෂා රටාව. නොදියුණු වාග්මාලාවක් ඇති අයට, මෙහෙම ලියන්න බැහැ. මෙය, හොඳ කෙටිකතාවක් ලෙස, මුද්‍රිත මාධ්‍යයටත් සුදුසුයැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔහේගේ මුල් ගම තුම්පනේ ද?

      Delete
    2. ඔයා අර හතරලියද්දේ බුවා නේද? වැටත් එක්ක අමුඩ ගැහුවේ ඔහේගේ පප්පා නේද?

      Delete
    3. ස්තුතියි විචා! භාෂා රටාවේ රහස නම් අනවරත කියවීමයි.

      Delete
    4. ඇනෝ,
      මම දන්න විදියට නම් ඔහුගෙ මුල් ගම්පළාත කෑගල්ල පැත්තෙ.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. අප වගේ වාග්මාලා නොදියුණු අයටත් බොක්කටම සෙනෙහස ෆීල් වෙනාකාරයාට ගෙත්තම් කෙරෙන මේ ජීවිතය වින්ද අයුරු කියලා අපිට මාතෘකාවෙන කතා මාලාව මරු ඕයි...!

    ReplyDelete
    Replies
    1. මේ...දෙපාරක් කියන්ඩ ඕනෙ නෑ හැලපෙට කන් ඇහෙනව, නෑහුනා වගේ හිටියට.
      ලෙඩේ හැදිල නේදා ? හෙක්...හෙක්

      Delete
    2. ඔය බොක්කටම ෆීල් වෙලා හින්ද දෙපාරක්ම කියල තියෙන්නෙ. හැක්..

      Delete
    3. චෙපාට සෙනෙහස ෆීල් වෙන වෙලාවල් වලට අපට කවි එහෙම කියවන්න ලැබෙනවනෙ.

      Delete
    4. කම්මල,
      ඔය ලෙඩේ මේ දිනවල කීප දෙනෙකුටම හැදිලා තියෙනවා මම දැක්කා.

      Delete
  13. හැලපක්කේ.. අපි නං මේක කියෙව්වෙත් නෑ දැක්කෙත් නෑ ඕං..

    ReplyDelete
    Replies
    1. හරි හරි අපි ඔයාව දැක්කෙත් නෑ.

      Delete
  14. ඔන්න ඔහේ ඉඳලම යන්න.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා,ඔච්චර දුර ආපු එකේ.

      Delete
  15. "අද කොළඹ යන්නම ඕනැද?" ඇය මිහිරි හඬකින් මා කණට කර විමසුවාය.
    කථාවෙ රසවත් ම ටික.
    ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. /කතාවෙ රසවත්ම ටික/. පැහැදිලිවම.

      Delete
  16. ඔය වගේ සමහර අවස්තා මග හැරීම ගැන පස්සේ ඉතා දුක හිතෙනවා

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද?එවැනි අවස්ථා නම් ගනාන්වක් තිබිල තියෙනවා.

      Delete
  17. එදා කුම්බලා මාළු කෑවේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. විඳවන්න අමාරු නිසා කන්නේ නැතුව ඇති.

      Delete
    2. දැලේ කුම්බලාවො හිටියෙ නෑ වගේ මගෙ මතකෙ හැටියට.

      Delete
    3. මනෝජ්,
      ඒ බළලුන්ට නොවැ.මට නෙවෙයි.

      Delete
  18. ඉබ්බ දියට දාපුවාම " හරි සීතයි " කියන්න ඇති නේද ? , දැන් ඉතිං කොච්චර හිටියෙ නෑ කිවුවත් අපි දන්නව හැලපක්කට බයේ තමයි , කියන්නැත්තෙ කීයල.
    එදා බ්ලොගාලගෙ පාටිය දවසෙ කෑම උයද්දිනම් මාර සුවදක් ආව. කොහෙද කෑම කද්දි රසාංකුර ටික ඇල්කොහොල් දාල හෝදල හින්ද රස බලන්න බැරිඋනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං මම මොනව ලිව්වත් ඔයාල හිතාගන්නෙ තමන්ට ඕනෑ දේ වෙච්චිකොට කොහොම ලිව්වම මොකද?

      Delete
  19. අපි වගේ පොඩි උංටත් ඉතුරුටික කියවන්න පුළුහං වේවියැයි සිතමු... :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද දක්නෑ පොඩි. හැක්..

      Delete
    2. ඇත්ත තමයි,මොනවද පොඩි දන්නෙ නෑ.

      Delete
  20. හැල පයියා රෑට නවතීද? අපේ ඔෆීසියෙත් ඔය වගේ අක්කියෙක් හිටියා. එහෙ ගිය වෙලාවෙ අපි ඔක්කොම නැවතුනා. කොල්ලොන්ට කාමරයක් හම්බුනා. කෙල්ලො ටික අක්කිගෙ කාමරේ. වැඩේ කියන්නෙ රෑ බලද්දි කොල්ලෙක් අතුරුදහන්. මූව එවලෙ හෙව්වට හොයාගන්නත් බැරිඋනා. පස්සෙ අපි නිදාගත්තා උදේට බලමු කියලා. උදේ ඌ කාමරේ. ඇහුවම කියපි කාමරේමයි හිටියෙ කියලා. පස්සෙ කෙල්ලොන්ගෙන් අහලා බැලුවම අක්කිත් කාමරේ ඉඳලා නෑ රෑ.

    ReplyDelete
    Replies
    1. අක්කි කොටුවක් පැනල නේද?

      Delete
    2. කොටුවක් නෙමේ.... දොර විතරයි පැනලා තියෙන්නේ...

      Delete
    3. සුටික්කා,
      ඔව් ඔව් වැඩි කරදර වෙන්න වෙලා නෑ.

      Delete
  21. මගේ යාලුවෙක් කොළඹ ගිහින් මළා

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ පයින් ගිහිං අමාරුවෙලා වෙන්න ඇති.

      Delete
  22. "මාළු රිදී පොලු මෙන් උඩ පනිමින් "

    මාර්ටින් වික්‍රමසිංහ උපන්දාසිට කෘතියේ රැට වෙක්කයන් අල්ලන විස්තරයේ උපමාව

    ReplyDelete
    Replies
    1. ඒ ටික ලියද්දි වේක්කයන් අල්ලන හැටි ගැන විස්තරේ මගෙ හිතේ තියෙන්න ඇති.

      Delete
  23. හැලපයියා නවතීද ? නැද්ද ?

    ඔබේ පිළිතුර DDS හිස්තැනක් 7788ට කරන්න

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කොම්බුවෙනුත් ඇවිල්ලා.

      Delete
    2. ඔලුවෙන් නේද? 7788 ඔලුවෙ එකක් නෙ

      Delete
  24. ඔන්නා‍ෙහ්‍ෙ ඉදහන් අයිය්‍ෙ නිදිමතත් එක්‍ෙ

    ReplyDelete
  25. මේ කෙල්ල ගැන දුකත් හිතෙනවා

    ReplyDelete
  26. අද මෑකරල්(හොඳ එක) පන්සීයක් එකසිය තිහයි.

    ReplyDelete
  27. උඹ, අනේ යකෝ, පලයං බං යන්න...ඒ මට්ටමට කතා කරන තරමට කෙල්ලෙක් හිතවත් උනහම ඒ සම්බන්ධතාවය එතනිං එහාට ගෙනියන්ට අමාරුයි. පළමෝත අත්දැකීමකි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හරියට හරි ඔය කර උඩ ටෝකක් මිසක් බඩ උඩ ටෝකක් නෙමෙයි

      Delete
    3. ඔව් ඒ ගාණට ආවහම ඒ තදබල යාළුකමක් මිසක ඉන් එහාට යාමක් නෑ.

      Delete
    4. අටං,
      අපි උඹ බං කියාගත්තෙ නෑ.

      Delete
    5. ඔව්, නමුත් එක්තරා ‍රැයක වෙනත් තත්වයන් යටතේ ඕක කණපිට ගහන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ කියලා මම නොකිව්වත් උමලා කියන බව මම දන්නවා.

      Delete
    6. ඩුඩ්,
      උඹ කියන කතාව ඇත්තයි කියල මටත් කියන්න පුළුවනි.

      Delete
  28. හා හා හොරෙ දැනුණා ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, මොනා කරන්නද?

      Delete
  29. මං දන්නවා හිටියේ නැ ඒ උනාටඅපේ ආතල්නො කඩා අපිවෙනවට කැමති විදිහට කතාව ලියන්න

    ReplyDelete
  30. මං දන්නවා හිටියේ නැ ඒ උනාටඅපේ ආතල්නො කඩා අපිවෙනවට කැමති විදිහට කතාව ලියන්න

    ReplyDelete
    Replies
    1. කැමති ඉන්නවටද යනවටද දන්නෑ නේද?

      Delete
  31. ඉන්ද්‍රා ගැන කණගාටුවක් දැනෙනවා...ඔබතුමාගේ ලිවිල්ල නම් වෙනද වගේම රහයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.ඉන්ද්‍රා ගැන කණගාටුයි ඒ උනාට මොනා කරන්නද?

      Delete
  32. හැලපෙට ඒ කාළේ ළඟ පේන්නේ නැති ගතියක් තිබුනැයි... නැහ්නන් ඉතින් හැරෙන කොට කියන්න පුළුහන් මක්කයි ඉල්ලන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. වෙලාවකට එහෙමත් හිතෙනවා.සමහර වෙලාවට අන්ධයෙක් වගේ වැඩ කළා කියලත් හිතිලා තියෙනවා.

      Delete
  33. විසි දැල කියන්නේ විසි කර මාළු අල්ලන දැලකටද?
    හැලපේගේ මේ කතා සීරීස් එකම බොහොම ආශාවෙන් කියවනවා. ඒත් කොමන්ට් කරන්නේ නම් කලාතුරකින්. ඔය අල්ලපු ගමන් මාළු කන්න මම නම් ආසම වැව් මාළු වලට. මුහුදේ එහෙම මාළු අල්ලන ගමන් ගන්න මට අහු වෙලාම නෑ ඒක හින්දාත් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. //විසි දැල කියන්නේ විසි කර මාළු අල්ලන දැලකටද?//
      ඔව්. ආයෙ තියෙනවා මාදැල. රංගි මේ දැල් වර්ග දෙකෙන් එකක්වත් දැකල නෑ වගෙයි පෙනෙන්නෙ. එහෙම තැනකට ගිහිං තියෙනවා නම් අල්ලපු ගමන් මාළුත් ගන්න ලැබෙනවා.

      Delete
  34. very good story halapa frend agane you put. I always reed halapa blog. Woman groupe cook all togethar very intestin.

    ReplyDelete
  35. හැලපයියේ උඹ "බෙන්" එකේ හිටපු නිසාම වෙන්න ඇති අර ඉස්සර ටෙලි නට්‍යවල හොඳම කොටසේදී "මතු සම්බන්ධයි" වගේ බ්ලොග් එකේත් කතාවේ උච්චතම හරියේදී නවත්වන්නේ කුතුහලයත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හොඳම තැනකින් කැපුවෙ නැත්නම් කට්ටියගෙ උනන්දුව අඩු වෙනවා.ඉතිං ඒක මම හොඳටම බෙන් එකේදී ඉගෙනගත්තා.

      Delete
  36. ඉස්සර අපේ පැත්තෙත් ඔය වගේ අවස්ථාවල අහල පහල අය ඇවිත් උදව් කර එක තිබුණා.. හැලප කියනව වගේ ඒ අය එක එක දේවල් උයන්න දක්ෂයි...

    පව් අනේ ඉන්ද්‍රා... ඒ මනුස්සයා ගැන දුක හිතෙනවා... හැලප බොහොම සංවේදී විදියට කතාව ලියල තියෙනවා...

    විසි දැල කියනකොට මට මතක් උනේ... මේක හැලපගෙ කතාවට අදාලම නැති දෙයක්... ඒ උනාට හැලප ඒ ෆීල්ඩ් එකේ කෙනෙක් නිසයි අහන්නෙ... ඔය විසි දැල චිත්‍රපටියෙයි, ජනේලය චිත්‍රපටියෙයි රඟපාපු රාසි අන්වර් කියන නළුවට මොකද උනේ කියල දන්නවද...?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මියුරු, ඉන්ද්‍රා ගැන දුකයි තමා ඒත් මොනව කරන්නද?
      පාලම යට චිත්‍රපටියෙත් ළමා නළුවට හිටියෙ රාසි අන්වර්, පසු කාලීනව ඔහු චිත්‍රපට ලෝකෙන් සමු ගත්තා කියලයි මම හිතන්නෙ.වැඩිදුර විස්තර හොයල දන්වන්නම්.

      Delete
  37. කුතුහලයෙ උපරිමය...
    මාතෙ කිව්වත් වගේ හැලපෙ ඒ දවස් වල පොඩ්ඩක් ටියුබ් ලයිට් ගතියකින් තමා ඉඳල තියෙන්නේ...
    නැත්තන් ඕක තේරෙන්න කියන්නම ඕනේයැ...

    ReplyDelete
    Replies
    1. ///බොහෝ වෙලාවක සිට ඉන්ද්‍රා මට කුමක්දෝ කියන්නට තතනන බව ඇගේ ඇස්වලින් මම තේරුම් ගෙන සිටියෙමි. වතුර ටිකක් බොන්නට ගෙට ගිය වෙලාවේ ඉන්ද්‍රා මා තනිකොට ගත්තාය.///
      වතුර බොන්න ගෙට ගියේ තිබහ හින්දමද...
      අත්දැකීමෙන් අහන්නේ...

      Delete
    2. මේ මොනව කියනවද බං. ටියුබ් ලයිට් වලත් හොඳම එක.

      Delete
    3. නැත ගෙට ගියේ ඇය කියන්නට තතනන්නේ කුමක්දැයි අසාගන්නටය.

      Delete
  38. මේක නම් අවංකෙන් ම පට්ට....... කෝ ඉතිං ඉතිරිය......... හිටියද නැද්ද? හිටිය නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ඉතිරිය ඊළඟට බලමු.

      Delete
    2. Yes yes very tasty story. Qikly put the story nex part balanse.

      Delete
  39. //දකුණෙ අය අන්තිමට නතර වෙන්නෙ බස්නාහිර පළාතෙ තමා //

    මේ කථාව සහතික ඇත්ත...ගම්පහ නගරවාසී ජනතාවගෙන් 80 % ක් විතර මාතර ඇත්තො...ඉන්ද්‍රාගෙ කථාව බොහොම හිතට වදිනවා...ඉන්ද්‍රා ඒක පාර්ශවීය ආදරයක පැටලිලාද මන්දා...

    ඊලග වතාවෙ ලංකාවට ආවම කම්මලේට පයින්ඩයක් එවන්න...අපි මුලිච්චි වෙමු.

    ReplyDelete

ඔබේ අදහස්