Wednesday, June 29, 2016

මායාරංජන්ගේ වනගත කතා, දිගාමඩුල්ලේ ආශ්චර්යය, කුරුස යුද්ධ සහ මහෞෂධය.

අපි හතේ පංතියේ ඉන්න කාලයේ සිංහල පොතේ තිබු එක් පාඩමක් වුයේ අලංකාර වන විත්ති කතාවක පරිච්ඡේදයකි.   කතාව අවසානයේ දිගාමඩුල්ලේ ආශ්චර්යය යනුවෙන් එම කතාව උපුටාගත් පොතේ නම සඳහන් වී තිබුණත් කතුවරයා ගැන සඳහනක් නොවීය.   කතාව රසවැටී සිටි මට මුළු පොතම කියවන්නට ඇතිවූයේ ඉමහත් ආශාවකි.    අපේ පුස්තකාලයේ විපරම් කළවිට පොත සොයාගත හැකිවිය.   කුඩා පොතක්වූ දිගාමඩුල්ලේ ආශ්චර්යය ලියා තිබුණේ එකල මට ආගන්තුක නමක්වූ මායාරංජන් නැමැත්තෙකි.    ලංකාවේ වනගත ගම්වල විත්ති සරල බස් වහරකින් ලියූ මායාරංජන් කැලෑබද  පළාත්වල සේවය කල ගුරු මහතෙක්යැයි අපට සිංහල ඉගැන්වූ ගුණරත්න සර්ගෙන් දවසක් කියවුනද කර්තෘ ගැන ඊට වැඩියමක් සොයාගන්නට නොවීය.
                                                                 මායාරංජන්
හියු නෙවිල්,හෙන්රි පාකර්,සෙලිග්මාන් සහ ආර් එල් ස්පිටල් යන ලේඛකයන්ද මෙවැනි වනගත කතා ලියා ඇතත් ඔවුන්ගේ මුලික අරමුණ වූයේ වැද්දන් ගැන ලිවීමය.   වනාන්තර බද ගම්වල කැලෑ සතුන් සමග ඔට්ටු වෙමින් හේන් කොටා ජීවත්වූ ගැමියන්ගේ ජීවන විත්ති,කෑම බීම,බස්වහර හා දරිද්‍රතාව ගැන පණ පිහිටුවා ලියු මායාරංජන් වනවිත්ති සාහිත්‍යය අපේ රටට හඳුන්වා දුන් පුරෝගාමියෙක් වූයේය.   මායාරංජන් යනු කවුදැයි මා දැනගත්තේ   ඊටත් බොහෝ කලකට පසු අපි රස්සාවල් කරන කාලයේය.    මගේ මතකය නිවැරදි නම් මුලින්ම මායාරංජන්ගේ වගතුග සොයා දිවයින පත්තරයට ලීවේ කිත්සිරි නිමල්ශාන්ත නවසිය අසූ ගණන්වලය.    මායාරංජන්ගේ නම මහානාම රාජපක්‍ෂය.    ඔහු අපේ පළාතේ හෙවත් සියනෑ කෝරළේ මගලෙගොඩ පදිංචිකරුවෙකි.    මගලෙගොඩ රාජපක්ෂලා කට්ටියක් සිටි බවට මගේද මතකයක් තිබුණේ අපේ පන්තියේත් මගලෙගොඩින් ආ රාජපක්‍ෂ කෙනෙක් හිටපු නිසාය.   ඌ මට හොඳින්ම මතක හිටියේ පුට්බෝල් ක්‍රීඩාව නිසාය පුට්බෝල් ගහද්දි අපි බෝලෙට පයින් පහරදෙනවිට ඌ ක්‍රීඩකයන්ගේ කකුල්වලට පා පහර දුන්නේය.   දෙතුන් දෙනෙක් එකළඟ බෝලෙට පොරකන විට ගැහුවේ කවුදැයි හරියටම සොයාගන්නට බැරිවූ නිසා උගේ උපක්‍රමය නිතරම වගේ සාර්ථකවී පහර කෑ එකාට කොර ගසමින් පිටියෙන් එළියට යන්නට සිදුවිය.   නමුත් අන්තිමේදී කට්ටිය කතාවී මුව අල්ලාගෙන ගුටිදී ක්‍රීඩාවෙන්ද ඉවත්කර දැම්මෝය.    මගේ කකුලට වැදුණු පහරක් හේතුවෙන් වලලුකරේ ගෙඩියක් හැදී සතිගාණක් එක්තැන් වී ඉඳින්නට සිදුවීම ඒ පුට්බෝල් වලින් මා ලද තෑග්ගක් විය.

මායාරංජන් දිගාමඩුල්ලේ ආශ්චර්යය පමණක් නොව තවත් පොත් ගණනාවක් ලියු අතර විශ්ව සාහිත්‍යයේ කෘති කීපයක් සිංහලට පරිවර්තනය කළේය.    හෝමර්ගේ ඉලියඩ් කාව්‍යය ඔහු විසින් තෝජපුර සංග්‍රාමය නමින් සිංහලට පරිවර්තනය කරන ලදී.    ඇලෙක්සැන්ඩර් සහ මහෞෂධය මායාරංජන් විසින් පරිවර්තනය කරන ලද තවත් කෘති දෙකකි.    ඔහු විසින් පරිවර්තනය කරන ලදුව 1952 දී ගුණසේන ප්‍රකාශනයක් ලෙස එළිදුටු මහෞෂධය සර් වෝල්ටර් ස්කොට්ගේ ටැලිස්මන් නම් කෘතියේ අනුවාදයකි.   වෙනුජලගේ පොත් රාක්කයේ තිබී මට කියවන්නට ලැබෙන විටත් වැරහැලි වන්නට පටන්ගෙන තිබු මහෞෂධය පොත පරිවර්තනය කර තිබු භාෂා ශෛලිය ද අභිබවා මගේ සිත බෙහෙවින් ඇද බැඳ ගන්නට සමත්වූ කෘතියක් ලෙස මගේ මතකයේ රැඳී තිබුණු බව මතකය .   එසේ වන්නට හේතුව එම කතාව බොහෝවිට මා එතෙක් කියවා නොතිබූ මානයක කතාවක් වීමත් කතාව ගලා යන පරිසරය එතෙක් මට කියවන්නට නොලැබුණු  අලුත් එකක් වීමත් විය හැකි බව මට සිතේ.    ටැලිස්මන් සර් වෝල්ටර් ස්කොට්ගේ ප්‍රබන්ධයකැයි  මා මුලින් සිතා සිටියද එය සත්‍ය සිද්ධීන් හා චරිත ඇසුරෙන් කරන ලද නිර්මාණයක් බව මා දැනගත්තේ බොහෝ පසු කාලයකදී අන්තර්ජාලය උපයෝගී කරගෙන කරන ලද සොයාබැලීම් නිසාය.   කතාවට පසුබිම් වන කාලය කුරුස යුද්ධ කෙරෙමින් පැවතුනු කාලයයි.   මෙහිදී කුරුස යුද්ධ යනු කුමක්දැයි අපේ හිතවතුන්ට ප්‍රශ්නයක් මතුවීමට හැක.    කුරුස යුද්ධ යනු කුමක්දැයි මුලික වශයෙන් මෙසේ හැඳින්විය හැකිය.

''කුරුස යුද්ධ යනු ජෙරුසලම තුළ හා එය අවට ශුද්ධවූ ස්ථාන වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, දෙවන අර්බන් පාප් වහන්සේ සහ කතෝලික සභාව විසින් පිරිනැමුණු ආශිංසනය ලත්,ආගමික කාර්ය යුද්ධ මාලාවකි.  යුදෙව් ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආගමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.''
 
ජෙරුසලම අද ඊශ්‍රායලයේ පිහිටියත් කුරුස යුද්ධ ආරම්භ වන විට ඊශ්‍රායලය නම් රටක් නොවූ අතර ජෙරුසලම ඊජිප්තුවට අයත් ප්‍රදේශයක් විය.

''කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.''

මුලික වශයෙන් කුරුස යුද්ධ නවයක් හටගත්  අතර ඊට අමතරව තවත් කුරුස යුද්ධ ගණනාවක් පහත සඳහන් පරිදි විවිධ නම් වලින් සිදුකෙරිණි.

 1.පළමුවන කුරුස යුද්ධය  1095-1099
 1101 දී වූ කුරුස යුද්ධය.
 නෝවීජියානු කුරුස යුද්ධය 1107-1110
2.දෙවන කුරුස යුද්ධය  1147-1149
3.තෙවන කුරුස යුද්ධය 1187-1192
4.සතරවන කුරුස යුද්ධය 1202-1204
අල්බින්ජියානු කුරුස යුද්ධය
දරුවන්ගේ කුරුස යුද්ධය
5.පස්වන කුරුස යුද්ධය 1217-1221
6.සයවන කුරුස යුද්ධය 1228-1229
7.සත්වන කුරුස යුද්ධය 1248-1254
8.අටවන කුරුස යුද්ධය  1270
9. නවවන කුරුස යුද්ධය 1271-1272

උතුරු කුරුස යුද්ධ
ටියුටොනික් සංවිධානයේ කුරුස යුද්ධ
ස්වීඩන කුරුස යුද්ධ
වෙන්ඩියානු කුරුස යුද්ධ
ස්ටෙඩින්ජර් කුරුස යුද්ධය
අරගොනීස් කුරුස යුද්ධය
ඇලෙක්සැන්ඩ්‍රියානු කුරුස යුද්ධය
නොර්විච් කුරුස යුද්ධය
මාහ්ඩියානු කුරුස යුද්ධය
බෝල්කන් ප්‍රදේශයන්හි කුරුස යුද්ධ
ටාටර්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය
හුසිට් කුරුස යුද්ධය

සර් වෝල්ටර් ස්කොට්ගේ ටැලිස්මන් හෙවත් මායාරංජන් ගේ මහෞෂධය කතාවට පසුබිම් වන්නේ මෙහි තුන්වන කුරුස යුද්ධය හටගත්තාවූ කාලසීමාව එනම් 1187 සිට 1192 දක්වාවූ සයවසරක කාලය තුල යම්කිසි වර්ෂයකි.  බොහෝවිට එම කාලය යුද්ධයේ අවසන් වසර දෙක තුන යැයි අනුමාන කල හැක.  පළමුව තුන්වන කුරුස යුද්ධයේ  ආරම්භය සහ අවසාන වූ ආකාරය මෙසේ විස්තරවේ.
''ක්‍රි.ව 1187 දී හැටින් වල පැවති යුද්ධයෙන් අනතුරුව ඊජිප්තු රජු සලාදින් ජෙරුසලම අත්පත් කරගන්නා ලදි. ජේරුසලම ක්‍රිස්තියානුවන්ගේන් අත්පත් කරගත් පසුව සාමාන්‍ය පුරවැසියන්ට හා පුරවැසියන්ට හානියක් නොවන අයුරින් ඉස්ලාම් ලබ්ධිකයන් කටයුතු කරන ලදි. සලාදින් තමන් විසින් දෙන ලද වචනයට අනුවම ක්‍රියා කරන පුද්ගලයෙකු ලෙස ප්‍රචලිතය. සලාදින්ගේ ජයග්‍රහණය පිළිබද යුරෝපය කැළඹිමට ලක්විය. එවකට සිටි ග්‍රෙගරි VIII විසින් කුරුස යුද්ධයක් කැදවන ලදි. ඒ අනුව යුරෝපයේ සිටි බලවත්ම නායකයන් තිදෙනෙකු වන ප්‍රංශයේ පිලිප් II රජු එංගලන්තයේ රිවඩ් I රජු සහ රෝමානු අධිරාජ්‍යයා ෆෙඩ්රික් I රජු කුරුස යුද්ධයේ සටන් වැදිමට තිරණය කරන ලදි. ප්‍රංශය සහ එංගලන්තය අතර අශ්ඨායී සබදතාවයක් ඉතිරි කරමින් ක්‍රි.ව 1190 දී ෆෙඩ්රික් රජු සිසිලියෙදි මියගියේය. ක්‍රි.ව 1191 දි රිචඩ් රජු සයිප්‍රසය යටත් කරගන්නා ලදි. ඉන්පසු කුරුස යුධ භටයන්  නගරය මුස්ලිම් ජාතින්ගෙන් මුදවා ගත්හ. පිලිප් II රජු කුරුස යුද්ධය අතහැර දමා නැවත ප්‍රංශයට ගියේය ප්‍රංශයේ සහයෝගය නොමැතිව කුරැස යුද්ධය ජයගත නොහැකි බව දුටු රිචඩ් රජු සලාදින් රජු සමග ගිවිසුමකට පැමිණියේය. ඒ අනුව නිරායුධ ක්‍රිස්තියානි වන්දනාකරුවන් හට හානියකින් තොරව ජේරුසලමයට යාමට ඉඩදිමට සලාදින් රජු එකග විය. රිචඩ් රජු නැවත එංගලන්තයට යාමේ දි ඔහුගේ නැව අනතුරට පත්ව ඔහු ඔස්ට්‍රේලියාවට ගෙනියන ලදි. එහිදි ඔහුගේ සතු‍රෙකු වු ලියෝ පෝල් ආදීපාද වරයා රිචඩ් රජතුමාව සිරභාරයට ගෙන ‍හෙන්රි VI අධිරාජයාට ඔහුව බාරදෙන ලදී. ක්‍රි.ව 1197 දි හෙන්රි රජු කුරුස යුද්ධයකට සුදානම් විය. නමුත් එම වසරේදිම මැලේරියාවෙන් ඔහු මරණයටපත් විය. යුරෝපයේදි පැවති සටන් වලින් රිචඩ් රජුද මරණයට පත්විය. එම නිසා 3 වන කුරුස යුද්ධය රජවරුන්ගේ කුරුස යුද්ධය ලෙසද හදුන්වනු ලබයි.''

                                      King Richard I and Queen Berengaria

මහෞෂධය කතාව ආරම්භ වන්නේ කතා නායකයා වන ශායන දීප ලාංඡන ධර කැනත් යෝධයා(Sir Kennath of the couchant leopard,Prince Royal of Scotland) දුත මෙහෙවරක් සඳහා එංගාදියේ තවුසා වෙත යන ගමනක විස්තරයකිනි.   එංගාදිය (Ein Gedi) වර්තමාන ඊශ්‍රායලයේ ඇති රමණීය භූමි භාගයකි.කැනත්ගේ ගමන පොතේ විස්තර කර ඇති ආකාරය මෙලෙසය.
                                                              Ein Gedi

''සිරියානු ආකාසයේ ජ්වලිත සුර්ය මණ්ඩලය නභෝ මධ්‍යයට ආසන්න වෙමින් තිබියදී ඈත උතුරු ප්‍රදේශයකින් ගොස් පලස්තීනයේ කුරුසි යුද්ධ සේවයට බැඳී සිටි රතු කුරුසි යෝධයෙක් මළ මුහුද අසල වාලුකා කාන්තාරයෙහි සෙමින් ගමනක යෙදෙනු දක්නා ලැබේ.
රණශූර ඒ මාර්ගිකයා උදයේ පුර්ව භාගයෙහි පර්වත කඳට සහ ප්‍රපාතයන් අතර වෙහෙස වින්දේය.  පසුව ඒ භයංකර ගිරි දුර්ගයන්ගෙන් මෑත්ව විශාල තැනිලාවකට පැමිණියේ,වර්ණයෙන්ද ප්‍රකෘතියෙන්ද අන්‍ය සමුදායනට විසදෘශ වූ මළ මුහුදෙහි පෙරැළෙන අන්ධකාර ජලස්කන්ධය දිටී.  ඇතුළත ජීවත්වන මසකු හෝ නැති එහි මතුපිට යන එන ඔරුවක් පවා නොවී,මුහුද පමණක් නොව අසල ගොඩබිමද මළ නියායෙන්,එහි වැඩෙන පැලෑටියෙකුදු නොපෙනිණ.   අධික සුර්ය තාපය විසින් මුහුදින් නගන ගන්ධක ගන්ධයෙන් නිෂ්ප්‍රයෝජන වූ හෙයින්දෝ ආකාශය පවා පියාසරයන්ගෙන් තොර විය.  
සුර්යයා මේ හුදෙකලා දර්ශනය මතුයෙහි නිර්දය ප්‍රතාපයෙන් බැබැළිණි.   සෙසු සියලු ප්‍රාණීන් ඒ රශ්මියෙන් සැඟැවී  ගියාක් මෙන් එහි පෙනුණේ යථෝක්ත අශ්වාරෝහක යෝධයාගේ රූපකාය පමණෙකි.''

                                                  Dead Sea
මේ ආකාරයට ආරම්භ වන මහෞෂධය කතාවේදී අපට හමුවන අය අතර එංගලන්තයේ සිංහවීර රිචඩ් රජු(King Richard the Lion heart) බිරැන්ජරී රැජිණ(Queen Berengeria)  ප්‍රංශයේ පිලිප් රජු(King Philip Augustus of France) ඔස්ට්‍රියාවේ පස්වන ලියෝපෝල්ඩ් ආදිපාදවරයා(Leopold V,Duke of Austria) ඊජිප්තු රජ සුල්තාන් සල්දීන් හෙවත් අදොන්බැක් එල් හකීම් (A Physician afterwards revealed to actually be Sultan Saldin) කැනත් ගේ සිත්ගත් එඩිත් කුමරිය(Lady Edith Plantagenet) ආදීහු වෙති.

කුරුස යුද කඳවුරේ සිටින එංගලන්තයේ  1 වන රිචඩ් රජු රෝගාතුරව අසාධ්‍ය තත්වයේ පසුවන බව දැනගත් සතුරු රජු සොල්දාන් රිචඩ් රජු සුවපත් කරන්නට අදොන්බැක් එල් හකීම් නම් වෙදැදුරෙක් ඉංග්‍රීසි කඳවුරට එවීම,   කඳවුරේ රටවල් අතර හටගත් අභ්‍යන්තර අරගලය සංසිඳුවීමට රිචඩ් රජු සොල්දාන්ගේ උපකාරය ඉල්ලා සිටීම.   යුද්ධය අතරතුර ගලායන කැනත් සහ එඩිත්ගේ ආදර කතාව ආදී විස්මයාකෘත හා රසවත් සිදුවීම් පෙළක් අන්තර්ගත මෙම අපූරු ග්‍රන්ථය කීපවතාවක්ම චිත්‍රපටයට නැගී ඇත.
 
The Lady Edith Plantegenet dropping the rosebud at the feet of the Knight of the Leopard

























   Kennath and Edith,  A Scene  from the film Richard the Lion Hearts (1923)
ප.ලි:    කුරුස යුද්ධ ගැනද රජවරුන් රැජිණියන් ගැනද කුමාරවරුන් සහ කුමාරියන් ගැනද  යුද්ධ පැවති ස්ථාන ගැනද දිගින් දිගටම සෙවීම සහ ලිවීම ආස්වාදජනක වුවත් ඒ හේතුවෙන් මායාරංජන් ගැන වැඩි විස්තර ලියන්නට නොහැකි විය.   ඉතිරි හරිය නැවත දිනෙක ලියන්නට අදහස් කරමි.  මායාරංජන් ගැන මගේ මතකය ඇවිස්සුනේ රවී ලියු මෙන්න මේ  පෝස්ටුව නිසාය.   එම පෝස්ටුවට කමෙන්ට් කළ ප්‍රාජේ, බුරා, අජිත්සහ රවී මායාරංජන් ගේ නිර්මාණ ගැන අදහස් පළකලත් ඒ මැදට පනින්නට නොසිතුනේ මායාරංජන් ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට සිතුන නිසාය.  ඔහු විසින් ලියු පොත් සියල්ලම මගේ ළඟ ඇතත් දිගාමඩුල්ලේ ආශ්චර්යය මට ගෙනෙන්නට නොහැකිවූ නිසා ඒ පොත ගැන විස්තර ලබාගත්තේ අන්තර්ජාලයෙනි.  මායාරංජන් පරිවර්තනය කළ තෝජපුර සංග්‍රාමය සහ ඇලෙක්සැන්ඩර් මා කියවා නැත.  එහෙත් මහෞෂධය මගේ ළඟ ඇත.   කුරුස යුද්ධ, ටැලිස්මන් පොත සහ චිත්‍රපට ගැන සියලු විස්තරද ලබාගත්තේ අන්තර්ජාලයෙනි෴

73 comments:

  1. මගේ සීයා සතුව තිබූ දැනුත් මා වෙත තිබෙන මා ප්‍රිය කරනම පොත් දෙකක් තමා සර් වෝල්ටර් ස්කොට් ගේ "අයිවන්හෝ" සහ "ටැලිස්මන්" ඇසුරින් මායාරංජන් පරිවර්තනය කළ, පිළිවෙලින් "වනසංග්‍රාමය" හා "මහෞෂධය". මුල් කෘතිවල උත්තංගු භාෂා විලාශය රැකගනිමින් එහි රසවත් බවත් රැකගනිමින් සිංහලට නැගීම මා දකින පරිදි අද කාලයේ පරිවර්තකයන්ටත් ආදර්ශයට ගත හැකි තරම් විශිෂ්ඨයි.
    ඔබට හැකිනම් රොබින් හුඩ් හා සිංහ හදැති රිචඩ් රජු ඕස්ත්‍රියානු සිරභාරයන් මිදී එංගලන්තයට පැමිණි කාලයේ සිදුවීම් කියවෙන "වනසංග්‍රාමයත්" සොයා ගන්න බලන්න -මෙය පරිවර්තනය වී ඇත්තේ 1960 දශකයේ මුල් කාලයේ

    ReplyDelete
    Replies
    1. මායාරංජන් වැනි පරිපුර්ණ භාෂා දැනුමක් ඇත්තෙකු අතින් එම කෘතීන් පරිවර්තනය වීම සිංහල පාඨකයාගේ භාග්‍යයක්. වන සංග්‍රාමයත් පොත කඩවල ඇති බව නිසැකයි.

      Delete
    2. වම්බා සහ ගර්තා හිටියේ මේ පොතේ ද?

      Delete
    3. රසික,
      මේ පොතේ එහෙම චරිත දෙකක් තිබුණේ නැහැ.

      Delete
    4. @ Rasika,
      වම්බා සහ ගර්තා - "වනසංග්‍රාමය" (Ivanhoe)

      Delete
  2. "මගේ හෝබෝ කතා" කියලා ලියන තවත් හිට්ලර් කෙනෙක් ඉන්නවා හැලපේ දැක්කයි...?

    http://myhobotales.blogspot.com/

    අපිට සමාජ අධ්‍යයයනය උගන්නපු සර්ට අපි කිව්වේ "හිට්ලර්" කියලා... ඕෆ් පීරයඩ් වල ආවම් පොර කියලා දුන්නේ කුර්ස යුද්දේ, රෝස යුද්දේ, වගේ යුද්ධ කතා... මට මතක විදියට සේනාරත්නද කොහෙද සෑර්ගේ නම.. මට පොඩි කාළේ ඉඳන් යුද්ධ කතා පෙන්නන්න බෑ.. කැමති උනේ සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ රැම්බෝ සෝ ටිකට ඉතරයි... තව එකක් ආව ඇස් ටී ඒ බීද මක්ක්ද කියලා.. කොහොම හරි අනික් උන්ගේ වදේට යුද්ධ සෝ බලන්න යනවා නම්... බාර් එකට රිංගලා කන පැලෙන්න ගහලා හෝල් එකේ හොඬ්හ්ට නිදා ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ගූතලන් පොන්සි හේවගේ, උඹ කවද්ද බන් සමාජ අධ්‍යනය තියා මොන විෂයක්වත් ඉගෙන ගත්තෙ ? එක්කො පන්ති කට් කරල සර්ලගෙන් ගුටි කෑවා, නැත්නම් අර කෘෂිකර්ම වගා බිමට පැනලා වගා පාළු කරල බම්බා සර්ගෙන් ගුටි කෑවා. ඒ වුණාට කතාව...පුහ්!!

      Delete
    2. මෙහෙමනේ ඇන්න පොනෝ... උඹයි මායි දෙන්නම ඕවා කරපු එක ඇත්ත... ඒත් අපි දෙන්නම ෆ්‍රී පීරයඩ් වල පන්තියේ හිටියා නේ...

      Delete
    3. හෙන්සි පෝවගේ, මෙතන ඔක්කොම දිග අරින්න එපා පොන්ස්...උඹව ලොකු අයියල නව රඟහල පිටිපස්සට අරන් ගිහින් උඹට ගල් පාර දුන්න ඒව මට රස කර කර කියනව තාම මතකයි

      Delete
    4. මේ පොන්සි හේවගෙයි මමයි එකටනෙ රජාගෙ ඉස්කෝලෙ හිටියෙ. ඉතින් මට වැඩිය කවුද පොරගෙ කැරට්ටුව දන්නෙ ?? හැම එකම මෙතන දාන්න බෑ අයියො, stone stories are private & confidentialනෙ.

      Delete
    5. හොබෝ කතා මම කියෙව්වා බං.ඉදිරියට ලියන විදිහ බලමු.

      Delete
  3. මේ මොන ගූ ගොඩක්ද ඔයි මේ? උබ ගංජා ගහලද කසිප්පු ගහලද? ලියපන්කො හොදට රහට කියවන්න පුළුවන් දෙයක්, මේ වැදගැම්මකට නැති පුකේ යුද්ධ ගැන ලියන්නේ. ආයේ මේ වගේ එව්වා ලිව්වොත් තලනවා හැලපෙ උබේ ඇට දෙක කළු ගලක් උඩ තියලා තවත් කළු ගලක් අරං චොක් චොක් ගලා.

    ReplyDelete
    Replies
    1. මාරයි බං අපි පොඩි කාලෙ මායක්කලගේ කළුගල උඩ තියල කොට්ටං තලලා කාපු හැටි මතක් උනා.දැන් ඒ ගල නං වල් වැහිලා.ඒ ගැනත් වෙලාවක ලියන්න ඕනෑ.

      Delete
  4. /// මගලෙගොඩ රාජපක්ෂලා කට්ටියක් සිටි බවට මගේද මතකයක් තිබුණේ අපේ පන්තියේත් මගලෙගොඩින් ආ රාජපක්‍ෂ කෙනෙක් හිටපු නිසාය. ඌ මට හොඳින්ම මතක හිටියේ පුට්බෝල් ක්‍රීඩාව නිසාය පුට්බෝල් ගහද්දි අපි බෝලෙට පයින් පහරදෙනවිට ඌ ක්‍රීඩකයන්ගේ කකුල්වලට පා පහර දුන්නේය. දෙතුන් දෙනෙක් එකළඟ බෝලෙට පොරකන විට ගැහුවේ කවුදැයි හරියටම සොයාගන්නට බැරිවූ නිසා උගේ උපක්‍රමය නිතරම වගේ සාර්ථකවී පහර කෑ එකාට කොර ගසමින් පිටියෙන් එළියට යන්නට සිදුවිය. නමුත් අන්තිමේදී කට්ටිය කතාවී මුව අල්ලාගෙන ගුටිදී ක්‍රීඩාවෙන්ද ඉවත්කර දැම්මෝය.///
    මැදමුලනේ රාජපක්ෂත් ඔය වැඩේට හරි දස්සයි නේ..?
    ඒ නිසා තමයි ඔක්කොම එකතු වෙලා පිටියෙන් ඉවත් කලේ...!

    ReplyDelete
    Replies
    1. එකතුවෙලා පිටියෙන් ඉවත් කළත් පරණ පර්ෆෝමන්ස් මතක් කර කර ආපහු පිටියට එන්න මාර ට්‍රයි එකක් දෙනවනෙ.

      Delete
  5. මුත් අර සමහර උන් මගුල් ගෙදර ගිහින් බෙදා ගන්නව වගේ.... සේරම දේවල් දාගෙන ලියන්න හදනව එකේ. මෙලෝ රහක් නෑ

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹ කියවන්නේ නැතුව ඉඳපන්. මගුලකටද මෙහෙ ආවේ?

      Delete
    2. මඟුල් ගෙදර ගියත් එහෙමනෙ.දකින දකින එක බෙදාගන්නවා අන්තිමේ කාගන්න බෑ.ඇමරිකාවේ හිටිය කාලෙ පන්සල්වල කටින පිංකම් වලට ගිහිං දානේ කන්න ගියත් එහෙමයි.පෝලිමේ බෙදාගෙන එළියට එනකොට බත් එක රුවන්වැලි මහා සෑය වගේ බං.

      Delete
  6. මේ පොත් දෙකම හොයාගන්න ඕනෙ.... කියවන්න ආසාවක් ඇති උනා.... වන සංග්‍රාමය නම් කියෙවුවා...
    ස්තූතී මේ පොත් ගැන කියුවට හැලපෙ...

    ReplyDelete
    Replies
    1. ඔයා වන සංග්‍රාමය කියෙව්වට මට තාම ඒ පොත කියවන්න බැරි වුනා.

      Delete
  7. මම පොත් වලට ඔත්තු ගන්න බ්ලොග් එකක්නේ මේක.
    හැලපයියේ මායා රංජන්ගේ පොත්වල නම් ටික දාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. දිගාමඩුල්ලේ ආශ්චර්යය,මගේ රාජ්‍යය,අපේ රාජ්‍යය,පිටිසර මිනිස්සු මේවා මුද්‍රණයේ ඇත.වීදිය බණ්ඩාර,පණ්ඩුකාභය,නිර්භීත පුංචි සන්නාලියේ,ප්‍රේම පුජාව,නීලා අනික් පොත්ය මුද්‍රණයේ තිබේදැයි නොදනිමි.උඹ හොයල බැලුවොත් මටත් කියපං.
      වන සංග්‍රාමය,මහෞෂධය මුද්‍රණයේ ඇත.තෝජපුර සංග්‍රාමය,ඇලෙක්සැන්ඩර් තිබේදැයි නොදනිමි.

      Delete
  8. හැලපෙ මේ පිස්සු කතා කරනව. කුරුස යුද්ද ගැන තියා ගමේ එකා ලියපු මාණික්කාවතවත් තාම කියෝගන්න බැරි උනා.
    මේ රවියටත් ඕන නැති දෙයක් නෑනෙ හැලපෙ වගේ මනුස්සයෙක් අතින් මේ වගේ පෝස්ට් එකක් ලියවන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ ඒ පොත කියවන්නෙ නැත්නං මට එවපන්.මම කියවල පෝස්ට් එකක් ලියන්නං.බැලුවම උඹටත් මේක මෙලෝ රහක් ඇති එකක් නෙවෙයි වගේ.

      Delete
  9. මායා රංජන්ගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය කියවල තියනවා. අර මනෝ කිව්ව වගේ ඉතුරු පොත් ටිකත් හොයන කියවන්න ඕන. මොකෑ ඔය හාදය අන්වර්ථ නමකින් ලියල තියෙන්නෙ දන්නෙ නෑ.. කුරුස යුද්ධ කතන්දරේ ගැන එච්චර දැනුවත් වෙලා තිබ්බෙ නෑ මේ වෙනකල්. පොඩ්ඩක් හොයල බලන්න ඕන ජාලෙනුත්..

    ReplyDelete
    Replies
    1. අන්තර් ජාලෙන් හොයා ගන්න පුලුවන් ඒත් එන්ටර්ටේනින් විදිහට ඉගනගන්න ඕනෙනම් :-

      https://www.goodreads.com/list/show/17558.The_crusades_hisorical_fiction

      Delete
    2. ඔහු ගුරුවරයෙක් නොවැ.රජයේ සේවයේ ඉඳිද්දී පොත් ලිවීම ගැන එදා අදට වඩා බාධක තියෙන්න ඇති.ඔහු ආරූඪ නමකින් ලියන්න ඇත්තේ ඒකයි.ඔන්න පොත් ලැයිස්තුව දැම්මා බලපංකො.

      Delete
  10. කුරුසේ ගහ ගන් තොගේ #*@%. මං කියන්නේ නෑ. මොනාද අයිසේ මේ ලියලා තියෙන්නේ? මෙලෝ රහක් නෑ. තමුසේ අර ඇවිල්ලා සිංහල බ්ලොග් වල හොදට ලියන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් එකෙක්. එහෙම තියෙද්දිත් මේ ලබ්බවල් මොනාද ඔයි දාන්නේ?

    ReplyDelete
    Replies
    1. මල හොඳ එකෙන්ම පැන ඇත.අපි සාහිත්‍ය කරුවන් නොවුණත් සාහිත්‍ය කාමීන් හැටියට කියවීම කියවන දේ ගැන සෙවීම ආදී යම් යම් දේ කරන නිසා ඔව්වා හිසේ එකතුවී දරාගන්න බැරි තැනකට ආවිට එළියට දානවා.මේකත් එහෙමයි එච්චර හිතන්න දෙයක් නෑ බං.

      Delete
  11. මට මායා රංජන්ගේ හොඳම පොත වන සංග්‍රාමය ( ඇලෙක්සැන්ඩර් මා කියවා නැත. The White Company by Arthur Conan Doyle ත් පරිවර්ථන කලා කියල මං අහල තියනවා )

    මට කුතුහලය දනවන කරුණ තමයි මායා රංජන්ගේම කෘති වන දිගාමඩුල්ලේ ආශ්චර්යය, මගේ රාජ්‍යය, අපේ රාජ්‍යය වගේ පොත් වන දිවිය ගැන සිංහලෙන් මුලින්ම පලවූ පොත් වශයෙන් වටිනා වුනත් ඒවාගේ සාහිත්‍යමය වටිනාකමට වඩා හුඟක් වැඩියි ඔහුගේ පරිවර්තන වන ත්‍රෝජ පුර සංග්‍රාමය හා වන සංග්‍රාමය. තමන්ගේම කෘතිවලට වඩා පරිවර්ථන හොඳට කරල තියනවා !

    එක හේතුවක් හෝමර් හා ස්කොට්ගේ හැකියාව වෙන්න ඇති. හැබැයි මට හිතෙනවා මායා රංජන්ගේ හොඳම හැකියාව තියෙන්න ඇත්තේ වීර කාව්‍ය සඳහා කියල. ඉලියඩ් පරිවර්ථනය ඇත්තෙන්ම කියවන්නාට වදින විදිහට (හෝමර් අහගෙන හිටියා වගේ) ලියල තියනවා. ඔහුගේදිගාමඩුල්ල ගැන පොත් හොඳයි ඒත් පරිවර්ථන වගේ අති විශේෂත්වයක් නෑ.

    මැද පෙරදිග මුස්ලිම්වරුන්ට හා ප්‍රංශයේ Cathar heretics ට විරුද්ධ කුරුස යුද්ධ (Albigensian Crusade) ගැන හුඟක් fiction & non-fiction පොත් ලියවිල තියනව. ඒත් යුරෝපීය pagans ට විරුද්ධ කුරුස යුද්ද ගැන හරි අඩුවෙන් කියවන්න ලැබෙන්නේ.
    හැලපෙ alternative ඉතිහාස ප්‍රබන්ධ කියවන්න කැමතිනම් Harry Harrison ගේ Hammer & Cross පොත් කියවල බලන්න. (ක්‍රිස්තියානි Vs වයිකින් ආගම).

    මගේ ප්‍රියතම විෂයවන පොත් ගැනත්, ප්‍රියතම පොත්වන historical fiction ගැනත්, ප්‍රියතම සිංහල පරිවර්ථකයින් දෙන්නාගෙන් එක්කෙනෙක් (අනිත් එක්කෙනා ඒ. පී. ගුණරත්න ) ගැනත් ලිව්ව එකට බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මායාරංජන් ගේ ස්වතන්ත්‍ර කෘති සහ පරිවර්තන ගැන ප්‍රාගේ කියවීම මමත් අනුමත කරනවා.ඒ පී ගුනරත්නයන්ද මා ඉතා ප්‍රියකරන කලාකරුවෙක් හැටියට ඔහු ගැනත් යමක් ඉදිරියේදී ලියන්නට හිතාගෙන ඉන්නවා.

      Delete
    2. ගර්තා සහ වම්බා සිටි කතාව මාත් කියවා තියෙනවා. එහි රිචඩ් සහ රොබින්හුඩ් ද සිටියා මතකයි.

      Delete
  12. උඩින්ම තියෙන සිත්තරේ දැක්කහම මට මතක්වෙන්නෙ සුසිල් ප්‍රේමරත්නගෙ චිත්‍රකතා (දෛවයේ අසිපත එහෙම).. හැලපෙට හිතෙන්නැද්ද මේ සිත්තරෙත් සුසිල්ගෙ ආරත් එක හා සමානයි කියලා?

    තුන්වෙනි කෘසේඩ් එක ගැන හැදුනු ෆිල්ම්ස් අතරින් මම වඩාම කැමැති එකක් තමා Kingdom of Heaven..

    @Pra Jay,

    The White Company සිංහලයට පරිවර්තනය කලේ මහගමසේකර, මායා රන්ජන් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. oh. ස්තුතියි බුර්.
      පොත් ගැන ලියන බ්ලොග්වල තවත් වාසියක් තමයි බුර්තුමාව මුණගැසීමේ වාසනාව උදාවීම

      ලන්දේසි හටන එකේ අවසාන යුද්ධයට ඇඳපු චිත්‍ර අතර ෆුල් හෝ හාෆ් පේජ් පැනල් එකක් තියනවා ඔය හිරොයික් ස්ටයිල් එකට

      කිං ආතර් ගැන ලියවුන ඉන්ග්‍රීසි ලමා පොතකත් දැක්කා ඔය ආර්ටිස්ට්ගේ චිත්‍ර මං හිතන්නෙ

      Delete
    2. ඔය චිත්‍රය දැක්ක ගමන් මට මතක් උනේ සුසිල් ප්‍රේමරත්න.එක ඔතනට දැම්මෙත් ඒ නිසයි.ඒ පරිවර්තනය ධවල සේනාංකය නේද.කේ ජයතිලකත් එක්කද පරිවර්තනය කලේ.

      Delete
  13. ප්‍රා ජේ තුමාගේ මනදොල සපිරීම සම්බන්ධව තදබල විරෝධය..

    ReplyDelete
    Replies
    1. ඒකට බුර් උතුමා බ්ලොග් එකක් ලියන්න ඕනෙ.
      එතකං රවිවහන්සේ, ලැක්චරර්තුමා, ඩ්‍රැකීතුමා, හැලපුන්නාන්සේ, කොලඹ ගමයානන් වගේ අය පොත් ගැන වැඩියෙන් ලියයි කියා පතනවා

      Delete
    2. ප්‍රා ජේ තුමාගේ මනදොල සපිරීම සම්බන්ධව තදබල විරෝධය.. × 2

      Delete
    3. විරෝධය පලකරන්න අවසර ගත්තද? හැක්..

      Delete
    4. තව ඩිංගෙන් ගස්.. විරෝධය පලකරන්න අපි සුදුස්සොද මන්දා :D

      Delete
    5. දෙපැත්තක රසඥතාවක් තියෙන අයට එකවර සෑහීමකට පත්වෙන්නට ලිවීම අමාරුයි.මම මෙතෙක් කල් අමාරුවෙන් හරි එහෙම කලාද දන්නෙ නෑ මෙදා නම් එක පැත්තක කට්ටිය මාව පට්ට ගහනවා.

      Delete
    6. ප්‍රා,
      පොත් ගැන වැඩි වැඩියෙන් ලියන්න මම නං ආසයි.ඒත් කියවන්නන්ගේ හිඟයක් ඇතිවෙයි කියල හිතෙනවා.පොත් ගැන ලියන්න වෙනම බ්ලොගක් පටන් ගැනීම ගැන ප්‍රා මොකද කියන්නෙ.

      Delete
    7. පත්තරේ,
      හැමදාම බොලාගේ මනදොළ පිනවන්න ලියනවා එක දවසක් ප්‍රාගේ මනදොළ පිරෙන්න ලිව්වට මක්වෙනවද.

      Delete
    8. හිත හිතා ඉන්න එපා හැලපෙතුමා. ලියන්න.
      බුරතීනෝ අපේ ජීවිත කාලය ඇතුලත ලියන එකක් නෑ වගේ. Sigh

      Delete
    9. ඉතින් පටන් ගන්නකෝ හැලපයියේ එහෙම බ්ලොගග්.

      Delete
  14. පොස්ට් එක බලල ළමා කාලයට ගියා ....

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත් අපි ළමා කාලෙදි කියෙව්ව පොත් නොවැ.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මයාරන්ජන් දිගාමඬුල්ආශ්චර්යය ලියා තියෙන විදිය ලස්සනයි . පියසේකහගමත් දිගාමඬුල්ල ගැන ලියා තියෙන වා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් කහඳගමයන් ද වැව්ගම් පත්තුව ගැන ලියා තියෙනවා.මායාරංජන්ට පසුව ඒ පළාත ගැන ලිව්වේ ඔහුයි.

      Delete
  17. මයාරන්ජන් දිගාමඬුල්ආශ්චර්යය ලියා තියෙන විදිය ලස්සනයි . පියසේන කහඳ ගමගේ ත් දිගාමඬුල්ල ගැන ලියා තියෙන වා නේද

    ReplyDelete
  18. මායා රන්ජන් ගැන ලියවිලා තියෙන ලොව වටා මුහුදු ගමනක් කියන පොත හැලපෙ අයිය කියවලා තියෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන් මම කියවල තියෙනව සහ ඒ පොත් මගෙ ළඟ තියෙනවා.මායාරංජන් ඒ පොතේ ඉන්නවද නැද්ද කියන එක මට හරියට මතකයක් නෑ ආයෙම කියවල බලන්න ඕනෑ.

      Delete
  19. Very Very imported usfull infomasion there you put here. Very intrestin histry storys world past. Thank lots to you too. On riligen things do war no meenin.

    ReplyDelete
    Replies
    1. /On riligen things do war no meenin./
      yas,karekt.

      Delete
  20. I heer Maya ranjan name. But dont know he write books.

    ReplyDelete
    Replies
    1. Deer Ratathota,you mast sarch the net.

      Delete
  21. හැලපයියේ ...හැලපයියේ ...මොකද බං යසට හිටිය උඹට උනේ ......

    ReplyDelete
    Replies
    1. නරක කාලෙ වෙන්න ඇති බං.මේ ඊයෙ පෙරේද ග්‍රහ මාරුවකුත් උනා නේද.

      Delete
  22. අපි බෝලෙට පයින් පහරදෙනවිට ඌ ක්‍රීඩකයන්ගේ කකුල්වලට පා පහර දුන්නේය. ///////////////// මාර බුවෙක් නේ

    ReplyDelete
    Replies
    1. මාර බුවෙක් නේන්නං,කීප දෙනෙකුගෙම කකුල් වලට වැඩේ දුන්නා.

      Delete
  23. //ඔහුගේ නැව අනතුරට පත්ව ඔහු ඔස්ට්‍රේලියාවට ගෙනියන// ඕස්ට්‍රියාවට වෙන්න ඕන මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. පට්ට.. මේ දවස්වල පොත් කියවන්න වෙලාවක් නැති නිසා මේවා ආසවෙන් කියෝනව.. කවද හරි ලොකු වෙලා මේ කියල තියෙන ඔක්කොම පොත් අරගෙන කියෝනව.. අම්මප..

      Delete
    2. වෙන්න ඇති බං.නෙට් එකේ හරියට ඔය වගේ වැරදීම් තිබිල මම හැදුවා.ඕක මට නිච්චියක් උනේ නෑ උඹ යාත්‍රිකයා නිසා ටක් ගාල තේරුණා.

      Delete
    3. ඔක්කොම පොත් කියවන්නෙ මොනව ලොකු උනාමද.

      Delete
  24. මගලෙගොඩ රාජපක්ෂ කෙනෙක් අපේ පංතියෙත් හිටිය. ඌත් හරිම අංකුට්ටෙක් , මේ පෝස්ට් එකේ ලින්ක් එකක් ඌට යවන්නම් මොකද මේ කියන රාජපක්ෂ මුන්ගෙ බාප්ප වෙන්න ඕනෙ.
    මායා රංන්ජන්ගෙ පොත් සෙට් එකම සින්නක්කරවම ගන්න ඕනෙ. අතීතයේ ජන ජීවිතය කියන්නෙ මගෙත් ප්‍රියතම විෂයක්

    ReplyDelete
    Replies
    1. මායාරංජන් ගේ පොත් සෙට් එකත් මායාරංජන් ගැන ලියැවුණු පොත් කීපයකුත් දැනට වෙළෙඳපොලේ තියෙන බව කියන්නට සතුටුයි.
      ඔය මම කියන රාජපක්‍ෂ පදිංචි වෙලා හිටිය ගේ තිබ්බෙ මගලෙගොඩ ස්ටේෂන් එකට අල්ලපු වටේ වගේ.

      Delete
  25. මේ ජාතියෙ පොතක් පතක් කියෙව්වෙ නෑ කාලෙකින්.. ලැජ්ජයි වගේ දැනුනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙන්න දෙයක් නෑ බං.මටත් මේ බ්ලොග් කෙළිය නිසා දැන් පොත් කියවන්න වෙනවා හරි අඩුයි.

      Delete
  26. හැලපේ, මගලගොඩ හිටියා මගේ ක්ලාස්මේටයෙකුත්. නමේ පන්තියේ දී. තාත්තා නැටුම් ගුරුවරයෙක්. දන්නවා ද?

    ReplyDelete
    Replies
    1. විස්තර මදි රසික.එහෙම හෝදිසියක් නෑ.

      Delete

ඔබේ අදහස්