Wednesday, June 1, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 9 - කෙහෙල් ගහට කොටපු ප්‍රභාත්, කාර්යාල ජීවිතය ඡායාරූප ශිල්පියා සහ නාට්‍ය නිෂ්පාදකයා.

අක්කා කෙල්ල මගෙත් එක්ක ඇයි හොඳයියක් ඇතිකර ගත්තේ මම ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ වැඩ කරන කාලයේ බව මීට කලින් පෝස්ටුවකද ලියා ඇත්තෙමි.   ඔය ඇයි හොඳයිය මට ඇණයක් වුනේ අක්කා කෙල්ල වැඩේ දිගදුර ගෙනියන්න ලෑස්ති වෙද්දීය.   තරුණ වයස සැහැල්ලුවෙන්  ගෙවා දමමින් ජීවිතය සතුටින් ගතකළ මා පවුලක් වෙන්නට හෝ වගකීමක් කරට ගන්නට කිසිම සූදානමකින් නොසිටියෙමි.    එහෙම වෙන්නට මූලිකම කාරණය වුනේ එකල මා ලද සොච්චම් පඩිය මට තනියම ජීවත්වන්නටවත් ප්‍රමාණවත් නොවුන නිසාය.    මා කල්පනා කළේ මමත් අමාරුවෙන් ජීවිතය ගෙවා දමද්දී මගේ කරදරවලට තවත් කෙනෙක්ද  හවුල් කරගැනීම ඇයට කරන අසාධාරණයක් කියාය.   නමුත් අක්කා කෙල්ලට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් අවශ්‍යතාවක් වූ අතර ඇගේ වයස අනුව සලකන කල හැකි ඉක්මනින් කා සමග හෝ විවාහ වීම කලයුතු විය.    අක්කා කෙල්ලගේ සහ මගේ අරමුණු එකිනෙක නොපෑහුන හේතුවෙන්  අප අතර සාමයක් නොවූ අතර නිතරම සිත් අමනාපකම් ඇතිවීම සාමාන්‍ය දෙයක් විය.   මෙසේ කතාවක් ඇතිවුණු එක දවසකදී මම අක්කා කෙල්ලට කෙළින්ම කීවේ පවුලේ වගකීම් බොහොමයක් ඇති නිසා දැන්මම පිළිවෙලක් වෙන්නට අපහසු බවය.   එවිට ඇය ගත් කටටම කීවේ එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නාවිට ඒ වගකීම් වඩාත් හොඳින් ඉටුකරන්නට හැකි බවය.

එහෙම කියනවිට මට මතක්වෙන්නේ තවත් කතාවකි.    ඒ දවස්වල අපිත් එක්ක බෙන් ෆිල්ම්ස් එකේ වැඩකළ ප්‍රභාත් කඩවසම්  කොල්ලෙකි.   මාවනැල්ලේ හිඟුල පැත්තේ පදිංචිකරුවෙකු වූ ප්‍රභාත් බෙන් එකට එක්කං ආවේ රුවන්ය.    රුවන්ගේ පෙම්වතියගේ ඥාති සහෝදරයෙක් වූ   ප්‍රභාත්ට පාසැල් සමයේ සිට පැවතගෙන එන ප්‍රේම සම්බන්ධයක් වූ අතර ඉතා අහිංසක යුවතියක් වූ ඇය ප්‍රභාත්ට මුළු හදවතින්ම පෙම්කලාය.    ප්‍රභාත් ඇය හැරදමා කොළඹ ආවේ බොහෝ අකමැත්තෙන් වූ අතර නිතරම සිය පෙම්වතිය ගැන සිතුවිල්ලේ පසුවිය.   අද මෙන් ජංගම දුරකතන බහුල නොවූ ඒ දිනවල මේ දෙදෙනා අදහස් හුවමාරු කරගත්තේ ලිපිවලිනි.   සිය සිත්ගත් යුවතියගේ ලිපි ප්‍රමාද වූ විට ප්‍රභාත් සිටියේ බොහෝ සිත් තැවුලෙනි.   මෙසේ මේ දෙදෙනාගේ ආදරය ගලායද්දී එක් දෛවෝපගත දිනෙක ප්‍රභාත් රුවන් සමග හෝකන්දර දේවාලයට ගියේ ගම්මඩුවක් වීඩියෝ කරන්නට ලැබුණු ඇණවුමකට අනුවය.    මේ දෙදෙනා ගම්මඩුව රූපගත කරමින් සිටියදී ගම්මඩුව බලන්නට පැමිණ සිටි එක් සුන්දර යුවතියකගේ බැල්ම නිතරම තමන් වෙත යොමුවනු ප්‍රභාත්ට තේරුණත් ඔහු ඒ නොදුටුවා සේ තම කටයුත්තේ නිරතවිය.    නුදුටුවා සේ සිටියද ආගන්තුක යුවතියගේ නෙත් කැල්ම ප්‍රභාත්ගේ සිතේ තදින් සටහන් විය.    ඊට සති දෙක තුනකට පසු යම්කිසි උවමනාවකට බොරැල්ලට පැමිණි ප්‍රභාත් ආපසු යන්නට බස් නැවතුම්පොළට ආවේ තලවතුගොඩ බසය අල්ලා ගන්නටය.     බස් නැවතුමේ පිටත්වන්නට සුදානමින් තිබු බසයට ගොඩනැගුණු ප්‍රභාත් දුටුවේ ටික දිනකට පෙර තම සිත කැළඹු සිනාවේ හිමිකාරිය බසයේ ඉඳගෙන ඉන්නා ආකාරයයි.   ප්‍රභාත් දුටු ඇය ඔහුට  කතාකළේ ඇස්වලිනි ඇය විළියෙන් පෑ සිනාවෙන් ඔහුගේ සිත නැවතත් කැළඹිණි.   එදා ප්‍රභාත් නාගහමුල්ලෙන් බසයෙන් බැස්සේ ඇයව නැවත හමුවීමට ගිවිසගනිමිනි.

එසේ ආරම්භ වූ මෙම යුවළගේ ආදර කතාව තලවතුගොඩද බොරැල්ලේද පාරවල් දිගේ ගලා ගියේය.   හෝකන්දර පදිංචිවී සිටියත් ඇය මාතරින් පැමිණ සිටි කෙල්ලෙක් බවත් හෝකන්දර සහෝදරයාගේ ගෙදර නැවතී සිට බොරැල්ලේ පරිගණක පාඨමාලාවක් හදාරන බවත් ප්‍රභාත් අපට කීවේය.   මෙදා සැරේ උඹ  කෙහෙල් ගහකට කොටා ඇති බව කියා අපි විහිළු කළත් ප්‍රභාත් කීවේ මේ සම්බන්ධය දිගදුර ගෙනගොස් සිය පෙම්වතියට ද්‍රෝහී වන්නේ නැති බවය.    'ඒ හරිය කොහොම වේවිද කියා ඉස්සරහට බලාගමු' කියා මමත් රුවනුත් ප්‍රභාත්ට කීවෙමු.     අපි කිව්වා සේම තැන තැන පාරවල් ගානේ රස්තියාදු නොවී ගෙදරට ඇවිත් කතාකරන දෙයක් කතාකරගන්නැයි කියා කෙල්ලගේ ගෙදරින් දෙන්නාට නිවේදනයක් නිකුත් වුනේ මේ අතරේදීය.   කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ප්‍රභාත්ට හෝකන්දර කෙල්ලගේ ගෙදරට යන්නට සිදුවිය ඉන්පසුව හැම දෙයක්ම සිදුවුනේ ඒ අයගේ කැමැත්තට වීම හේතුවෙන් ප්‍රභාත්ට ආපහු හැරෙන්නට බැරිවිය.  එක්කෝ ප්‍රභාත්ට ආපහු හැරෙන්නට උවමනා උනත් එහෙම කරන්නට ක්‍රමයක් නැතිවී ඔහු අසරණ විය.    ඊට මාස දෙකකට තුනකට පසු කෙල්ලගේ ගෙදරින් කිව්වේ මේ දේවල් තවත් කල්දමා සිටීමේ තේරුමක් නැති නිසා දෙන්නාගේ කසාදය ඉක්මනින්  රෙජිස්ටර් කරන්නට කියාය.    බිත්තියටම හේත්තුවී අසරණව සිටි ප්‍රභාත්ට එයට එකඟවනු හැරෙන්නට කරන්නට වෙනත් දෙයක් නොවීය.  මේ අතර ප්‍රභාත්ගේ දීර්ඝකාලීන පෙම්වතිය මහත්සේ කැළඹීමට පත්ව සිටියේ හිටි හැටියේ ප්‍රභාත්ගේ ලිපි එවීම නතරවීම නිසාය ඇය දිගින් දිගටම ප්‍රභාත්ට ලිපි එවමින් ඔහුගේ වෙනස්වීමට හේතුව විමසා සිටියත් ලිපි නවතින්නට හේතුව සාධාරණීකරණය කරන්නට ප්‍රභාත්ට නොහැකිවීම හේතුවෙන් හෝ ඔහුගේ වරදකාරී චිත්තය හේතුවෙන් ඇයට පිළිතුරු ලියන්නට ප්‍රභාත් පසුබට විය.

දවසක් ගමේ කෙල්ල  විසින් ප්‍රභාත්ට එවන ලද හසුනක් උගේ ඇඳ උඩ දමා ගොස් තිබියදී මම කියැවුයෙමි.   අනුන්ගේ පුද්ගලික ලිපි කියැවීම නොහොබිනා වැඩක් වුවත් මේ දෙදෙනාගේ ආදර කතාව ඒ වෙද්දී කුමන අතකට ගලා යනවාදැයි දැන ගැනීමට තිබු කුතුහලය නිසාත් වෙනදාට ප්‍රභාත් සිය පෙම්වතිය එවන ලිපි අපටද කියවන නිසාත් අප ඒ ලිපි කියවන බව ඇය දැනසිටි නිසාත් ඒ ලිපිය කියවීමට මට උනන්දුවක් ඇතිවිය.   ඇයගේ හද පෙලන වේදනාව මනාව පිළිබිඹු වූ  ඒ අනුවේදනීය ලිපියටවත් සංවේදී නොවී නොසැළකිලීමත් ලෙස ඇඳ උඩ ලිපිය දමාගිය ප්‍රභාතයා ගැන මට ඇතිවුනේ කෝපයකි.    ටික දිනක් ගතවිය මමත් රුවනුත් ප්‍රභාත්ට කී ලෙසම තමන් කොටා තිබුණේ කෙසෙල් ගසකට බව ඌට තේරුණේ  දෙන්නාගේ කසාදය ලියාපදිංචි කරන්නට හෝකන්දර කෙල්ලගේ ගෙදරින් සුබ දවසක් නියමකරගෙන ප්‍රභාත්ටත් දැනුම් දුන්න විටදීය.   ඇටිකෙහෙල් කාපු උගුඩුවෙකුගේ තත්වයට ඇදවැටුණු ප්‍රභාත් කිසිවක් කරගන්නට නොහැකිව දුවගෙන ඇවිත් ආරංචිය අපට කීවේය.

දැන් කුමක් කරන්නද? ප්‍රභාත්ගේ ගෙදරට දන්වන්නට කිසිසේත්ම ඌ කැමති නොවුනේ බාල සොහොයුරු සොහොයුරියන්ගේ වගකීම් සම්භාරයක් තිබීම හේතුවෙන් කියපු ගමන් තාත්තා ඇවිත් ඌව ගෙදර ඇදගෙන යාවි කියා තිබුණු බයටය.   මඟුලට ලෑස්ති වෙන්නට පෙර මේ කතාව ප්‍රභාත්ලගේ ගෙදරට හෝ උගේ ගමේ කෙල්ලට දන්වන්නට මා පසුබටවීම පසුකාලීනව දහස් වාරයක් මා පසුතැවිල්ලට ලක්කල කරුණක් විය.   එයට තව එක හේතුවක් වුනේ ප්‍රභාත් කොළඹට එක්කගෙන ආ රුවන් හෙවත් ප්‍රභාත්ගේ බාරකාරයා මේ ගැන කිසිවක් නොකර බලාගෙන සිටීම වන්නට හැකිවුනත් ඒ දෙන්නාටම වඩා වැඩුමල් අත්දැකීම් සහිත එකෙක්වූ මට මේ ගැන රුවන්ට පැහැදිළි කරදෙන්නට නොහිතුනේ ඇයි කියා මට තාමත් සිතාගන්නට නොහැකිය.    කෙසේ වුවද ඊට වසර විසි ගණනකට පසු අදනම් කෙළින්ම මට හිතෙන්නේ එසේ නොකිරීමෙන් මා වරදක් කර ඇති බවයි.    ඒ වරදකාරී චිත්තය සහිතව එදා සිට මේ දක්වා සේම  ජීවිතයේ ඉදිරි කාලයත්  ගෙවා දමන්නට සිදුවන්නේ ලී කුඩු ආපසු ලී බවට පත්කළ නොහැකි නිසාවෙනි.     ගෙදරට නොකිව්වත් ප්‍රභාත්ලගේ ආයතනයේ ප්‍රධානියා වන බෙනට්ට නම් මේ මඟුල වසං කරන්නට නොහැකිය.    බෙනට්ට දැනුම්දීම දවසෙන් දවස කල්දමමින් සිටි ප්‍රභාත් දවසක්දා  හැන්දෑවක බෙනට් හම්බවෙන්නට යන්නට මට කතාකළේ රුවන් යන්නට බෑ කීම නිසාය.    ඌ ගැන දුක හිතුන නිසා මමත් ලෑස්ති වී ප්‍රභාත් සමග බෙනට්ලගේ ගෙදර ගියෙමි.   ප්‍රභාත් කියූ විස්තරය සාවධානව අසාසිටි බෙනට් යටි රැවුල කසමින් බොහෝ වේලා කල්පනාවේ නිමග්න වී සිට කතා කරන්නට විය.

ඇයි මල්ලි කිසිම පිළිවෙලක් නැතුව මේ වගේ දේවල් කරගන්නෙ, බලපන් උඹල පවුල් වෙලා ජීවත්වෙන්නෙ කොහොමද ඉන්නෙ කොහෙද මේව මොකුත් හිතන්නෙ නැතුවද බඳින්න යන්නෙ...දැන් කරන රස්සාවෙන් යන්තං කාල බීල හිටියට පවුල් උනාම ඒ ආදායම ඇද්ද ඔය කියන ගෑණු ළමයට රස්සාවක් මොකුත් තියෙනවද?

නෑ...

ඉතිං බලපං අනේ මංදා මල්ලි මේවයින් අපිත් නරක මිනිස්සු වෙනවනෙ උඹලගෙ ගෙවල්වල අය හිතන්නෙ අපි මේ දේවල් දැන  දැන සද්ද නැතුව හිටිය කියලනෙ...

ආදී වශයෙන්බොහෝ දැනමුතුකම් කී බෙනට් කිව්වේම හරියකට පොළොවේ පය ගහගන්නට හැකියාවක් නොමැතිව කසාද බඳින්නට යෑම අනුවණකමක් බවය.

කෝ ඔය කියන ගෙදර වැඩිහිටියො කවුද ඉන්නෙ කාටහරි කෙනෙකුට මාව හම්බවෙන්න කියපංකො...

කියා බෙනට් කතාව කෙළවර කර දැම්මේය.    පසුදිනෙක හෝකන්දර කෙල්ලගේ සහෝදරයා බෙනට් මුණගැසී කතාකර ඇත.   ප්‍රභාත්ට කියපු ටිකම ඔහුටද කියූ බෙනට් ප්‍රභාත්ගේ බාල සහෝදරයන්ට ඔහු යුතුකම් ඉටුකරන්නේ කොහොමද කියා අසා ඇත.   එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නා විට යුතුකම් වඩා හොඳින් ඉටුකළ හැකියැයි ඔහු කී බව බෙනට් මගෙත් එක්ක කිව්වේ හිනාවෙමිනි.    කෙසේ වුවද ප්‍රභාත්ට ඒ මඟුල කරගන්නටම සිදුවිය.   බෙන් එකේ හිටපු  කාලයේ මම වැඩකළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේය.   අපි එහේ ගතකල මුල් කාලයේ වැඩක් නැති දවස්වල රුවනුත් ප්‍රභාතුත් අපේ කාර්යාලයට පැමිණීම සිරිතක් විය.

උන් දෙන්නා කාර්යාලයට ආවිට දවල්ටත් කෑම කා හවස වැඩ ඇරී තුන්දෙනාම බොරැල්ලට ගිහිං චිත්‍රපටයකුත් බලා කඩෙන් රෑට කෑමත් අරගෙන බෙන් එකට ගිය අතීතය හරිම සුන්දරය.   තැන තැන අවතැන්ව ඉඳ කාර්යාලයට යන අය වූ අපි උදේටත් දවල්ටත් කෑම ගන්නේ රාජ්‍ය පරිපාලනේ සුභසාධක කැන්ටිමෙනි.   සුභසාධක කැන්ටිමේ කෑම කිසිම රසක් ගුණක් නැතිවුණත් එතනින් කෑම පිට කඩවලින් වැඩිගණන් දී කනවාට වඩා ලාබය.      අපි උදේට බොහෝවිට කන්නේ පාන්ය පාන් කන්නට පරිප්පු හෝ අල හෝ මාළු හොදි ලැබේ.   පානුත් හොදිත් කාගන්නට පුළුවන් උනත් දවල් කෑම නං මක්කොරලාවත් කන්නට බැරිය.   නාඩු හාලේ බතුත් කව්පි හොද්දකුත් පොඩි හුරුල්ලෙකුත් වම්බටු හෝ වැටකොළු හෝ වට්ටක්කා හොද්දකිනුත් කොළ මැල්ලුමකිනුත් සමන්විත දවල් කෑම දියම දිය රසය.   හරියට තැම්බී නැති කව්පි ගල් කැට වගේය කැන්ටිමේ කව්පිම උයන්නේ පරිප්පු ගණන් වැඩි නිසාය පරිප්පු ඉව්වොත් කෑම එක ඔය ගානට දෙන්න බැරි බව කැන්ටිමේ මුදලාලි කියයි.   ගෙවල්වල ඉඳන් වැඩට එන උන්  රසැති ගුණැති කෑම කෙසෙල් කොළවල  සුවඳට ඔතාගෙන ඇවිත් මේසවල වටවී ඉඳගෙන කෑම හුවමාරු කරගෙන කද්දී අපි කැන්ටිමේ මුදලාලිගේ දිය හොදිත් එක්ක බත් කෑවේ ඒ කාලයේ ලැබුණු පඩියෙන් ඊට වඩා දෙයක් කරන්නට බැරි නිසාය.

අපේ කාර්යාලයේ වැඩකළ පියල්  උගේ පුතාගේ මොන්ටිසෝරියේ උත්සවයක පිංතුර අරං දෙන්න කියා දවසක් මට කීවේය.    මොන්ටිසෝරිය තිබුණේ අතුරුගිරිය පැත්තේය මම රුවන්ගේ කැනන් එස් එල් ආර් කැමරාවට රෝලකුත් දාගෙන ගිහිං වැඩේ කර දුන්නෙමි.    ඊට සතියකට විතර පසු රෝල සුද්දකර පිංතුර ගෙනත් පියල්ට දුන් පසු ඌ ඇහුවේ වැඩේට කීයක් අවශ්‍යද කියාය.   වැඩේට ගිය වියදම දෙන්නට මිනිහා ළඟ කොහොමටවත් මුදල් නැති බව මම හොඳින්ම දැනගෙන හිටපු නිසා සල්ලි එපා කීවෙමි.    ඊට පස්සෙ දවසේ ඉඳන් ඌ මටත් එක්ක දවල් කෑම එකක්  අරගෙන එන්නට පටන්ගත්තේ වැඩේට හිලව්වටය .  මේ වැඩේ පියල්ට කරදරයක් බව දැනගෙන හිටියත් කැන්ටිමේ කෑම එපාවී හිටපු නිසාත් උගේ බිරිඳ උයා එවන කෑම එක රසවත් නිසාත් වැඩිපුර මොකුත් නොකියා අරං එන කෑම කෑවෙමි.     පිංතුර ගත්තා කියනවිට මට තව කතාවක් මතක්වෙන නිසා ඒකත් මෙහෙමම කියා දමමි.   ඔය මම උඩින් කියා ඇති පියලුත් අපේ කාර්යාලයේ වැඩකළ තවත් එකෙක්වූ පියතිලකත් යන දෙන්නාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අය නිසා මගෙත් එක්ක ළඟ හිතවත්කමක් ඇතිකරගත්තේ මමත් යම් තරමකට ක්ෂේත්‍රයට සම්බන්ධ නිසාය.   හවසට කාර්යාලය අවසන් වීමෙන් පසු මේ දෙන්නා බොහෝවිට බොරැල්ලේ වයි ඇම් බී ඒ ශාලාවේ වේදිකා නාට්‍යයකට හෝ සුදර්ශියේ පුහුණුවීම්  වලට යති.    ඒත් එක්කම ලැබෙන ටෙලි නාට්‍ය සුළුකොටස්ද රඟපෑහ.    දෙන්නාම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ දුර ගිය අන්දම මම පසුකාලීනව දුටුවෙමි.

දවසක් පියතිලක මට කතාකර කීවේ ඔහුද රඟපාන අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් ආරම්භ කල බවය.    නාට්‍යයේ රඟපාන නළු නිළියන්ව වේෂ නිරුපණය කළායින් පසුව පිංතුර ටිකක් අරගෙන දෙන්නැයි තව දවසක කීවේය.  ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ආදාහනය දවසේ පියතිලක ඒ ආදාහන භූමියට පැමිණ සිටි නාට්‍යයේ නිෂ්පාදකයාවත් මට පෙන්නුවේය අපි නිෂ්පාදකයා සමග නාට්‍යය ගැන කතා කළෙමු.    තමන් මුදල් ගණන් ගන්නේ නැති බව කී නිෂ්පාදකයා බිල් අතට ලැබුන විගසම මුළු මුදල ගෙවීම තමන්ට සුළු දෙයක් කියා කීවේය.    ඊට පස්සෙ දවසක මම කැමරාවට ෆිල්ම් රෝලකුත් දමාගෙන රාජගිරිය පැත්තේ ඉස්කෝලෙක තිබුන නාට්‍යයේ පුහුණුවීම් කරන තැනට ගිහිං පිංතුර ගත්තෙමි.    ඇඩ්වාන්ස් එකක්වත් ඉල්ලා නොගෙන  පියතිලක ගැන තිබුන විශ්වාසයට පිංතුර සුද්දකර ඔහුට  දුන්නේ නිෂ්පාදකයාට දී මුදල් රැගෙන එන්නටයි කියාය.   සති අන්තයේ පුහුණුවීම් වලදී නිෂ්පාදකයාගෙන් මුදල් ඉල්ලාගෙන එන්නෙමැයි කියා පියතිලක පිංතුර ටික අරගෙන ගියේය.

ඊට පසු සතියේ පියතිලක ඇවිත් මට කීවේ නිෂ්පාදකයා සොයාගන්නට නොලැබුණු බවය.   ඊළඟ සතියේද වෙනසක් නොවූ අතර වෙච්ච දේට තමන් වගකිව යුතු යැයි වරදකාරී සිතක් ඇතිකරගත් පියතිලක මට යෝජනා කලේ පිංතුර ටික ඒවායේ පෙනී සිටින අයට විකුණා වියදම පියවා ගනිමු කියාය.   ඕනෑ දෙයක් කරගන්නට කියා මම පියතිලකට පිංතුර ටික දුන්නේ තවදුරටත් මුදල් ගැන බලාපොරොත්තු තැබීම නිෂ්ඵල ක්‍රියාවක් බව දැන සිටි නිසාය.    මේ කතාව මුල සිටම දැනසිටි පියල් මට හැමදාම විහිළුකරමින් සිට නමක්ද පට බැඳ කාර්යාලය පුරා කියන්නට විය ඒ නම මෙතැන කියන්නට අවශ්‍ය නැතැයි  සිතමි.    කෙසේ වුවද ඒ මට ක්ෂේත්‍රයේ ඉන්නා පොලුකාරයෙක් හමුවූ පළමු වතාවය පසුකාලීනව නම් මාහට ක්ෂේත්‍රයේ ඉන්නා නිකං පොලුකාරයන් මතුනොව පොලු රජවරුන් සමගද ගනුදෙනු කිරීමේ මාහැඟි අවස්ථාව හිමිවිය.    

එතෙක් කල් කාර්යාලයෙන් මාසිකව ලැබෙන වැටුපෙන්  පමණක් සෑහීමකට පත්වීමට වූ මට බෙන් එකේ ඉන්නාවිට කරන අමතර වැඩවලින් යම්කිසි ආදායමක් ලැබීම ලොකු සහනයක් විය.   හැම මාසයකම බෙන් එකට ලැබෙන මඟුල් ගෙවල් උපන්දින සාද ආදිය වීඩියෝ කරන්නට කාර්යාලයෙන් නිවාඩු ලබාගෙන හෝ යෑම පාඩුවක් නොවුනේ සමහර මාසවල මට ලැබුණු අමතර ආදායම මාසික වැටුපද ඉක්මවා ගිය නිසාය.   මා නිකරුණේ නිවාඩු ලබා නො ගන්නා බැවින් උවමනා තරම් නිවාඩු ඉතිරිව තිබුන අතර ලබාගන්නට අපහසුවක්ද නොවීය.    මට ලැබුන ඒ අමතර ආදායම හේතුවෙන් කාර්යාලයේ අනෙකුත් අයට සාපේක්ෂව මගේ ආර්ථිකය ඉතා යහපත්වූ අතර මට අවශ්‍ය පොත් පත් ආදිය  ගන්නටත් චිත්‍රපට හා නාට්‍ය  බලන්නටත් ගමන් බිමන් යන්නටත් පෙරදී මෙන් කරදර වන්නට අවශ්‍ය නොවීය. මේ කාලය වනවිට අක්කා කෙල්ල මගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස්  තිබුණ අතර බෙන් එකට අල්ලපු ගෙදර හිටිය කෙල්ලක් වන ටෂ් මගේ ජීවිතයට ඇතුල් වන්නට එබිකම් කරමින් සිටියාය෴

ප.ලි .  අද පිංතුරය ලෙස යොදන්නට මම ඉල්ලුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ කැන්ටිම උනත් ගුගල් දුන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පිංතුරයයි.    අප සේවය කරන සමයේ අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉදිරිපිට පළ දරන පැළ ගස් ලෙස තිබු තැඹිලි ගස් මේ වන විට බොහෝ උස ගිහිං ඇති ආකාරය  පිංතුරයෙන් දැකගන්නට හැක.  ඒ ගස්වල හැදුනු තැඹිලි අමාත්‍යංශයේ ආරච්චි විසින් කඩවන ලදුව අවශ්‍ය අයට ගෙඩිය රුපියල ගණනේ විකුණන ලදී.   මුදල් ගෙවා තැඹිලි බොන්නට මට අවශ්‍යතාවක් නොවූයේ පියල්ලාත් සමග එකතුවී ආරච්චිට හොරෙන් තැඹිලි කඩා බොන්නට මම පුරුදුවී සිටි බැවිනි.   අවශ්‍යතාවක් නැතිනම් දැන් වැරදිලාවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට නොයැවෙන්නේ ඒ කාලයේ අපිත්  එක්ක හිටපු කිසි කෙනෙක් අද එහි නැති නිසාය.   ඒත් ඉඳහිට දවසක ඒ ඉදිරිපිටින් යනෙන මාහට අමාත්‍යංශ ගොඩනැගිල්ල දකින විට බොහෝ රසවත් අතීත මතක සටහන් සිහිපත්වී සිත සතුටින්ද දුකින්ද පිරී යෑම වලක්වා ගන්නට බැරිය.
  

85 comments:

  1. එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නා විට යුතුකම් වඩා හොඳින් ඉටුකළ හැකි///// mmmmm

    ReplyDelete
    Replies
    1. දෙන්නා තුන්දෙනෙක් හතරදෙනෙක් වුනාම යුතුකම්ම කර කර ඉන්න වෙනව

      Delete
    2. කතාවට කිව්වට ප්‍රායෝගිකව ගත්තම කරන්න හැකි දෙයක්ද කියල දන්නෙ නම් නෑ.

      Delete
    3. ප්‍රා,
      ඒකම තමයි මමත් කියන්නෙ.

      Delete
  2. //එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නාවිට ඒ වගකීම් වඩාත් හොඳින් ඉටුකරන්නට හැකි බවය// therune nane

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නෑ තමයි.කියනවට කියනවා.

      Delete
  3. ඔය අමාත්‍යාංශ ගොඩනැඟිල්ලෙ ටික කලකට උඩදි තිබුන අපූරු දෙබර කූඩුවක්. දැං නං අයින් කරලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මට ඒ ගැන හෝදිසියක් නෑ බං.

      Delete
  4. බබා කොටපු හැටියටලු නේ ඔක්කෝම වෙන්නේ... ප්‍රභාතය්ගේ පවුලේ උන් අනාත වෙන්න ඇති ඊට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං දෙයක් වෙන්න තියේනම් වෙනවමලුනේ. ප්‍රභාතයාගේ පවුලේ අයගෙ ඉරණම ගැන මොකුත් දැනගන්න ලැබුනෙ නෑ.

      Delete
  5. අර පටබැඳුන නම "පොටෝ ජෝන්" නේද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වෙන එකක්.

      Delete
  6. දෙන්නෙක් උන්නහම වගකීම් කෙසේවෙතත් වෙන එව්වනම් හොඳට කරන්න පුළුවන් වෙයි!

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් වෙලා බලපංකො.

      Delete
  7. ආපෝ.... අක්කා කෙල්ලො ගැන කතා කරන්ඩ එපා...... පුදුම හදිස්සියක් තියෙන්නේ මුන්ට කාව හරි බැඳ ගන්න.....

    මොනවා උනත් ප්‍රභාත්ගේ ගමේ කෙල්ල පව්....

    ReplyDelete
    Replies
    1. ආන්න උඹටත් අක්ක කෙල්ලො ගැන අත්දැකීම් තියෙනවා එහෙනං මට හරිම තංතෝසයි.

      Delete
  8. ප්‍රභාතයගෙ හෝකන්දර කෙල්ලගෙ දෙමව්පියො පාදයක් පෙරට තබා ආරක්ෂක පියවරක් අරං වගේ. හැබැයි ඉතිං ප්‍රභාතයගෙ පවුලෙ උං අනාත වෙන්න ඇති ඊට පස්සෙ.

    එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් හිටියහං යුතුකම් ඉටුකිරීම කොහොම වෙතත් පවුලෙ අනික් උන්ට උංගෙ උවමනා ඉෂ්ට කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. උඹලෑ අයියටත් උනේ ඕකනේද?? මාතරින් සීනි කාලා. හැක්

      Delete
    2. සීනි නෙමෙයි මීකිරි වෙන්න ඇති. හැක්..

      Delete
    3. /එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් හිටියහං යුතුකම් ඉටුකිරීම කොහොම වෙතත් පවුලෙ අනික් උන්ට උංගෙ උවමනා ඉෂ්ට කරන්න වෙයි./
      එහෙමත් වෙනවනෙ.ඒකත් බැලුවම එක අතකට හොඳ දෙයක් නේද.

      Delete
    4. ඇයි දුසකයෝ මුගෙ අයිය විතරද මාතරින් ගෙනාවේ.

      Delete
  9. අර සමලිංගික තට්ටයගේ ජංගම දුරකථන හෑලි වලට වඩා මේ ලිවිල්ල කොච්චර රසවත්ද.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකම තව තැනක දාල තියෙනවා දැක්ක.

      Delete
    2. ඔකාගේ තට්ටේ පලන්න ඕනි

      Delete
  10. Replies
    1. ඉතාම සුන්දර මතක ඉයන්.

      Delete
  11. 1991 වගේ මමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙට ඇවිත් මගේ මාසික වැටුප අරන් ගියා. ඒක අරන් ඉස්සල්ලම ලිබර්ටි එකේ තියන ෆිල්ම් එක බලනව ඊට පස්සෙ කොටුව ගුණසේන එකට ඇවිත් පොත් ටිකක් ගන්නව . මට ඉස්කෝලෙ යන්ඩ පඩි ගෙවුවෙ ඔතනින් තමයි.
    ප්‍රභාත්ට හොද පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන් උනාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත් පවුල් ජීවිතේ පටන්ගන්නවත් එක්කම මම එතනින් අයින් උනානෙ.

      Delete
  12. ගමේ අහිංසක ගෑණු ළමයට මොකද වුණේ..? එයා ගැන කියා නෑනෙ මුකුත් ඊට පස්සෙ

    ReplyDelete
    Replies
    1. ලේ.පා.හී......ඒවා ගැන දැණගන්න ආසාවක් තියෙනවා නම්, හිතින් අත හරින්න. මේ රවියාගේ අනිත් එකා.

      Delete
    2. Oh deer. That what I also look til last. That very sad story anyway.

      Delete
    3. ගමේ ගෑණු ළමයාගේ ඉරණම ගැන හොයල කියන්නං.ඔය අරූ කියන ඒවා එච්චර ගණන් ගන්න එපා.ඌට ටිකක් මොළේ කොලොප්පන්.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. දෙන්නෙක් එකතු උනාම යුතුකම් ඉෂ්ට කරන්න ලේසි කියුවට එතකොට වගකීම් වැඩි වෙනවා.. එතකොට යුතුකම් නිකන්ම මග හැරෙනවා...

    ප්‍රබාත්ගේ ගමේ ගෑණු ළමයාට අන්තිමට හරි ඇත්ත දැනගන්න ලැබුනද??

    මතකය සුන්දර උනාට ප්‍රබාත්ගෙ සිද්ධිය නිසා හැලපෙට සිදත් වේදනාවකුත් තියනවානේද??? ඒත් කවුරුත් කියුවත් නැතත් ප්‍රබාත්ටත් ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ නේද??

    ReplyDelete
    Replies
    1. ඈ ප්‍රා...

      මොකක්ද බං සිදත් වේදනාව කියන්නේ?? හැක්

      Delete
    2. ක්‍රිකට් ඉන්ටරිම් කොමිටියෙ ඉන්න කාලෙ වෙත්තමුණිට හැදුන එක

      Delete
    3. සිදත් සඟරාව කියල එකක් නං අපේ පැත්තේ තිබුනා.. හැක්..

      නිර්මාණි.. අපි ඉතිං හොද ජෝක් කරන කොල්ලෝ නෙව.. අර අහසෙන් එන්නා නැති වෙලාවට කරන විහිළු ගනං ගන්න එපා හොදේ..

      Delete
    4. ආ මං දැන්නෙ ඒක දැක්කෙ... සිත් වේදනාව කියල ලියපු එක වැරදිලා...

      අයියෝ මං ඕව ගනනන්ගන්නෙ නැ...

      Delete
    5. ගනනන්ගන්න එපා මෙයා ගනන් ගන්න. හැක්..

      Delete
    6. මතකය සුන්දර උනාට අර අහිංසක කෙල්ලට වෙච්ච දේට මට තද සිත් වේදනාවක් ඇතිවුණා.ප්‍රභාත්ටත් වරදකාරී සිතක් ඇති නැතිවෙන්න බෑ නොවැ.

      Delete
  15. හෘද සාස්සිය තාම අඩනවද?? උඹල ඉතිං කිව්වට අහන්නෑ නේ මං ඒකයි කියන්නේ ඔය මාතර ළලනාවකට අහු උනොත් බේරෙනව බොරු.. බලාහං ඉතිං ප්‍රභාතයට කෙල්ලෙක් ඉඳිද්දිම උ් අර කෙල්ලට අහු උනෙ මොකද?? ඕවා බං මාතර ගුරුකං බලේ... බුදු අම්මෝ හැදෙනවනං හැදියල්ලා. ඔය පළාත මහ දරුණු පළාතක්.. ඊටත් වඩා දරුණුයි දකුණේ ලලනාවන්. මගේ නං මයිල් ගහක්වත් ඔය පළාතක යවන්නෑ.. හැක්.. සොසීට එන්න කියන්න ඕන මේක බලන්න.

    ReplyDelete
    Replies
    1. පූස් පැටියෙක්වත් ගේන්න එපා කිව්වේ ඔය ළලනාවෝ ගැන හිතලද බං...

      Delete
    2. වැලිගම පැත්තෙ ඉන්නෙ ඊට වඩා දරුණුු එවුවො වෙන්ටැ නෙහ්.

      Delete
    3. මොකක්ද බං මේ වැලිගමක් අල්ලන් මට කියව්නනේ හැමදාම... උඹ කාගේ හරි අමු ගුලියක් ගිලලා බං.. හැක්

      Delete
    4. අමු නෙමෙයි ඒක වේලිච්ච ගුලියක්. හැක්..

      Delete
    5. උඹේ කතාව සහතික ඇත්ත.ඔය අක්ක කෙල්ලත් මාතරට මෙහා ගාල්ලෙ නොවැ.

      Delete
    6. අක්ක කෙල්ල වලස්මුල්ලෙ නෙමෙයිද?

      Delete
  16. ප්‍රේමකීර්තිගේ ආදාහනය දවසේ මමත් ආවා. වයිෆ්ට දුව හම්බවෙන්න හිටියේ ඒ කාලේ.

    කසාද බඳින උණ, සන්නිපාතේ සයිස් වෙලා ඉන්න කාලේ මම එයාට කියනවා....ලුණුයි බතුයි කාලා ඉන්න හරි බඳිමු කියලා. එයා කියනවා ඔයා ලුණු කන්න, මම බත් කන්නං කියලා. ඔන්න ලව්.
    ඒත් අපි දෙන්නා හිටපු ගමන් කච්චේරිය වහන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක ගිහිල්ලා බැන්දා. රෙජිස්ටාර් නෝනා ඇහුවා මොකද මෙච්චර හදිස්සි..හෙට වෙනකං ඉන්න බැරිද මට ගෙදර යන්නත් තියෙනවා කියලා. මරු කතාවක් බං ඒක. රුපියල් තිස් ගානයි මුලු වෙඩිමටම ගියේ. කාලෙකට පස්සේ වෙඩිං ෆොටෝ එකක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. උඹ නම් දැනුත් මෙහෙමයි අරුවා

      Delete
    2. You post that story like halapa.

      Delete
    3. He post that story his marriage end.

      Delete
    4. අපරාදෙ බං උඹ දැන් ලියන්නෙ නැති එක හොඳ කතා බර ගානක් මිස් වෙනවනෙ.

      Delete
  17. ඇත්තටම දැන් ප්‍රභාත් කොහොමද? වැරදිලා බැඳ ගෑණු ළමය එක්ක හොඳින් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවුද යකෝ ඔය

      Delete
    2. දන්නෙ නෑ අජිත් හොයල ලියන්නං.

      Delete
    3. අටං,
      උඹ රුවන්ව දැනගෙන හිටියට ප්‍රභාත් දන්නෙ නෑ වගේ.රුවනය ගෙන් ඇහුව නං කියාවි.

      Delete
    4. මම නොදන්නවා කියන්නේ දැං පොර පීල්ඩ් එකේ නැතුව ඇති

      Delete
  18. halapa frend. I very like to reed your storys. By the way what hapen to love story last? That felow maryed the secand girl friend or not do? What hapen to they two.

    ReplyDelete
    Replies
    1. awar frend Ravi olso very like to reed yuwar storys. they two live hapi last.reed sekand part of this story.

      Delete
    2. Ok ok write second part story soon. We waite see you write this. Thank lots halapa.

      Delete
  19. ඇනලොග් කැමරාවකින් පොටෝ එකක් ගැහුවට පස්සේ මටනම් ඕක ප්‍රින්ට් කරනතුරු ඉවසිල්ලක් නැහැ. ඒ කාලේ යුදබිමේදී තිබුනෙත් පුංචි ඇනලොග් කැමරාවක්. නමුත් එයින් ඓතිහාසික ඡායාරූප ගන්ඩ පුළුවන් වුණා.

    නාගරික සමාජයට පැමිණි, අර ගම්බද යෞවනයා ගැන කියවුවාම මතක්වුනේ, ගැටවරයෝ චිත්‍රපටිය. බලන්න, ඒ චිත්‍රපටිය, ඒ සංසිද්ධිය කොතරම් සමබරව ඉදිරිපත් කර තිබෙනවාද කියා.

    ReplyDelete
    Replies
    1. ගැටවරයෝ චිත්‍රපටය මම කලින් බලල තිබුනෙ නැති එකක්. වාසනාවකට වගේ මේ ලඟකදී ටී වී එකේ පෙන්නද්දී බලන්න ලැබුණා.

      Delete
  20. අපේ එකෙකුත් අවුරුදු 8 ක ලව් එකකට පොල්ල තිබ්බා පොත්ත සුදු එකකට වහ වැටිලා...
    අන්තිමේදී ඒකත් නැහැ මේකත් නැහැ, පස්සේ ඌ කොහෙවත් හිටපු පිටි මුට්ටයක් සයිස් හුරුබුහුටි ගෑණු දරුවෙක් හොයාගෙන කසාද බැන්දා...
    පතාගෙන ආපු හැටියටනේ ඔතාගෙන යනවා කියන්නේ...

    ප්‍රභාත්ගේ පවුලේ උදවිය සහ කලින් යාළුවෙලා හිටපු ගෑණු ළමයගේ පසු විස්තර ඊළඟ පෝස්ට් එකේ තිබුනොත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං හැම දේම වෙන්නෙ පතාගෙන ආව හැටියටයි.ඔක්කොමල ඒ විස්තර අහන නිසා මම රුවන්ට කතාකරලා වෙච්ච දේවල් අහගෙන ඉතුරු හරිය ලියන්න ඉන්නෙ.

      Delete
  21. //ප්‍රභාත්ගේ පවුලේ උදවිය සහ කලින් යාළුවෙලා හිටපු ගෑණු ළමයගේ පසු විස්තර ඊළඟ පෝස්ට් එකේ තිබුනොත් හොඳයි//...
    ඕනෙම හරිය දාල නෑ ....

    ReplyDelete
    Replies
    1. රුවන්ට කතාකරල ලියන්නං.

      Delete
  22. අක්ක කෙල්ලො, ප්‍රබාත්ගෙ ගමේ කෙල්ල, ප්‍රබාත් බැඳපු කෙල්ල. හනේ මුන්ටත් ඕන නැති මගුලක් නැති හැටි. මේ හැලපෙ අයියෙ ඔයගෑනු කතා පැත්තකින් තියල ප්‍රබාත් පොඩිහරි පාටියක් දුන්නනම් ඒක ගැන ලියනව මීට හොඳා. හැක.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත්ගේ මඟුල් පාටිය නේද.එක ගැන ඊළඟ කොටසෙ ලියන්නං.

      Delete
  23. සැහ්.. ප්‍රභාතයා අහු උනා නේද? සමහර විට ඌ යහතින් පවුල් කනව ඇති ඒත් අන්තිමට වෙන්නෙ නම් මෙන්න මේ වැඩේ..
    http://gaslabba.blogspot.com/2016/05/blog-post_27.html
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බලපුවම ඒකත් ඇත්ත.තාම තරුණ නිසා ජයවීරට වෙච්ච දේ වෙලා නැතිව ඇති.

      Delete
  24. Replies
    1. ස්තුතියි රසික.

      Delete
  25. මොකක්ද බං, අර අළුත් පෝස්ට් එකට ගියාම ඒක නැහැ කියනවනේ... ;(

    ReplyDelete
    Replies
    1. වැරදිලා පබ්ලිෂ් උනේ බං.ඒක අද දැම්මා.

      Delete
  26. අඩෝ හැලපයා, උබ ගංජා ගහලද ඉන්නේ? කොහෙද ඩො අලුත් පොස්ට් එක? ඇට දෙක තලා ගන්නේ නැතිව දාපං එක.

    උබ හොද මුනියා මොනා උනත්.

    අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා වගේ පේස්කට් එකත්. හරි හුරතල්.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා බං ගිහිං බලපං.

      Delete
  27. ඉතින් ප්‍ර‍භාත්ට මොකද උනේ ? මම ලියපු නගා කථා මාලාවෙ නගාත් ප්‍ර‍භාත් වගේම තමන්ගෙ පෙම්වතියට ද්‍රෝහි වෙච්ච එකෙක්..පස්සෙ ඒ කෙල්ල යෝජනාවකින් විවාහ වෙලා අපූරුවට ඉන්නවා තමන්ගෙම ෆාමසියක් දාගෙන. දුක දුන්න නගාට උපාධියක් තිබුනත් තවම එතනමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත්ගේ ඉරණම ඊළඟට ලියන්නං සිරා.දුක දුන්න නං දුක විඳින්න වෙනවාමයි.

      Delete
  28. ඔය කියන නාගහමුල්ලේ නේවි ක්වාටස් වල මම ඉන්න නිසා ටෂ් කියන ඇන්ටි කවුදකියලා හොයන්න පුළුවන් ඉසව්ව කිව්වනම්. බෙනට් මහත්තයා නම් අපේ පොඩි එවුන්ටත් ඇත වනාගෙන බද බස්සන්න අපේ ගෙවල් හරියේ ඇවිදිනවා. ඇන්ටික් පාරවල් ටිකක්නම් ඉන්නවා මේ හරියේ

    ReplyDelete
    Replies
    1. බෙනට්ට කිව්වනං ටෂ් කවුද කියල කියාවි.

      Delete
  29. හැලපයියේ උඹට අර සිදුවීම ගැන පස්සේ හරි වරදකාරී හැඟීමක් ආවේ දැන් උඹත් ලොකු කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක් නිසා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං.කොහොමද අලුත් ජීවිතේ.සුබ පතනවා.

      Delete
    2. අලුත් ජිවිතේ වරදක් නැහැ හැලපයියා.අපිත් එක්කෙනා,දෙන්නා වෙලා ජිවිතේට මුහුණ දෙනවා.
      බොහෝම ස්තුතියි හැලපයියා.

      Delete

ඔබේ අදහස්