Sunday, June 19, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 11- බෙන් එකේ හතරවෙනි සාමාජිකයා, අපායට යන කලාකරුවෝ, දේශාගේ නත්තල් පාටිය සහ ප්‍රභාත්ගේ කතාව.

අපි බෙන් එකේ ඉන්න කාලයේම බෙන් එකට එකතුවූ හතරවෙනි සාමාජිකයා ගැන මට මෙතෙක් කියන්නට බැරිවිය.    ඔහුට අපි කුමාර කියමු කුමාර වයඹ පළාතේ තරමක් දුෂ්කර ගමකින් කොළඹ ආ තරුණයෙකි.   ඔහුත් කොළඹ ආවේ කලාව ගැන තිබුණු ඇම්මටය කොළඹ ආ කුමාර ජීවත් වෙන්නටත් යමක් හම්බ කරගන්නට උවමනා නිසා චිත්‍රපට වලට ටෙලි නාට්‍යවලට උපකරණ සහ කාර්මිකයන් කුලියට දෙන ආයතනයක සේවයට බැඳුනේය.   එවකට බෙන් ෆිල්ම්ස් ආරම්භ කර නොතිබුණි  අපට කුමාර මුණගැහුනේ බෙනට්ගේ ටෙලියකට කාර්මිකයෙක් හැටියට ඔහු සම්බන්ධ වූ විටය.   බෙන් ෆිල්ම්ස් ආරම්භ කර අවුරුද්දකට පමණ පසු කුමාර ඇවිත් බෙන් එකට සම්බන්ධ වුණේ  ඔහු වැඩකළ ආයතනයේ හිමිකරුවා හරියට පඩි නොගෙවා වංචා කරන නිසාය.    ඒ පුද්ගලයා ගැනද යමක් කිව්වොත් ඔහුත් ක්‍ෂේත්‍රයේ සිටින නොම්බර එකේ පොලුකාරයෙකි.   කෙනෙක්ගෙන් යමක් ගත්තොත් මිසක දීමක් නම් ඔහු අහලාවත් නැත.   දවසක් රුවන්ලා ඔහුගේ ආයතනයට ගියේ එම ආයතනයෙන් බෙන් එකට ලැබෙන්නට ඇති මුදලක් ලබාගන්නටය.    නමුත් ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි මිනිහා කියා ඇත්තේ දැන් තම ආයතනය අලුත්ම කළමනාකාරිත්වයක් යටතේ පාලනය වන බැවින් කලින් තිබු ගණුදෙනු තමන්ට වලංගු නැති බවය.    මුගේ බ්‍රහ්ම ටෝක් එකෙන් කරකැවී ගිය රුවන්ලා ඇවිත් කතාව බෙනට්ට කියපු විට නප්පියටම තදවුනු බෙනට් අයිතිකාරයාට කතාකර බලු බැණුම් බැන්න විට බොහොම අමාරුවෙන් මුදල් ටික ගන්නට හැකිවිය.

ක්‍ෂේත්‍රයේ ඉන්නතාක් කල් අනුන්ට පොලු තියමින් සේවකයන්ගේ ශ්‍රමය සුරාකමින් සිටි මේ පුද්ගලයා පසුකාලීනව හිටපු ජනාධිපතිවරයා බලයේ සිටින කාලයේ ඔහුගේ මාධ්‍ය අංශයට සම්බන්ධ විය.    එක ජාතියේ කුරුල්ලන් එක අත්තේ වහන බව නැවතත් පෙන්වා දුන් මේ සිදුවීම හේතුවෙන් අසීමිත බලයක් ලද මේ පුද්ගලයා ලැබුණු අවස්ථාවේදී හොඳහැටි හතරවරං ගහමින්  හරිහම්බ කරගන්නට වූයේය.    කොටින්ම මේ දෙගොල්ලන්ගේ එකතුව කොහොඹ ගහට කරවිල වැල ගියාසේ මනාව ගැලපෙන සංසිද්ධියක් විය.   හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහවුණු පසු මේ පුද්ගලයා ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරයි.    පසුගිය කාලයේ ඔහුව දිගටම FCID යට කැඳවනු ලැබුවේ CSN නාලිකාව ගැන ප්‍රශ්න කරන්නටය.    මොහු සමග හිටපු ජනාධිපති වරයාගේ පුත්‍රයා සහ තව දෙතුන් දෙනෙක් FCID එකට යනහැටි දවසක් ටී වී එකේ ප්‍රවෘත්ති වලට පෙන්නද්දී මම හැලපිට කිව්වේ අනික් අය මොන ආකාරයේ පුද්ගලයින් දැයි කියන්නට  නොදනිතත් මේ පුද්ගලයා නම් නොම්බර එකේ හොරෙක් බව මම හොඳින්ම දන්නා බවය.   මෑතකදී මොහු සිංගප්පුරුවට ගිය වෙලේ රට ඇතුළට වත් වැද්ද නොගෙන ගුවන් තොටුපොලෙන්ම ආපසු හරවා එවන්නට යෙදුනු බව දුටුවෙමි.

ඔන්න ඔය විදියට කුමාරද බෙන් එකට එකතුවූ පසු බෙන් ෆිල්ම්ස් හි කණ්ඩායම හතර දෙනෙක් විය.   එනම් දේශා,රුවන්,ප්‍රභාත් සහ කුමාර යනුවෙනි.   දේශා බෙන් එකට ආවේ බත්තරමුල්ලේ වෙන්ඩ බිරිඳගේ නිවසේ සිට බැවින් ඔහු බෙන් එකේ නේවාසිකව නොසිටි අතර නිවාඩු ඇති වෙලාවට පමණක් ක්‍ෂේත්‍රයේ වැඩකළ මම බෙන් එකේ ස්ථිර සාමාජිකයෙක් නොවීමි.    නමුත් වැඩ තද වුන වෙලාවට රස්සාවෙන් නිවාඩු අරගෙන හෝ මම  උදව් කළෙමි.   ඒ අතරතුර බෙනට්ගේ ටෙළියේ රුපගත කිරීම් ද නොනවත්වා සිදුකරන්නට යෙදුණි.    අලුතෙන් කණ්ඩායමට එකතුවූ කුමාරද රූපගත කිරීම් වලට ඉතා උනන්දුවෙන් සහාය දුන්නේය රූගත කිරීම් වලදී අපි සතුටු සාමීචියෙන් ගතකරන මොහොතක කුමාර ඔහුගේ සිතේ තිබු සිහිනයක් ගැන මට හෙළිදරව් කළේය.   ඒනම් කවදා හෝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමයි.   අදහස හොඳ උනත් ඊට පෙර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මනා අධ්‍යයනයක් කර වැඩිදුර අත්දැකීම් ලබා ගතහොත් හොඳයැයි මම ඔහුට පිළිතුරු වශයෙන් කීවෙමි.  අවවාද කෙසේ වුවත් කුමාරට සිය ඉලක්කය කරා අධිවේගයෙන් යන්නට අවශ්‍ය විය ඔහු නිතරම බැලුවේ කෙසේ හෝ නිෂ්පාදකයෙක් සොයාගෙන ටෙලියක් කරන්නටය.   මගේ පුද්ගලික මතය අනුව ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට නිර්මාණ කුසලතාව මෙන්ම ඒ විෂයය පිලිබඳ හොඳ හැදෑරීමක්ද කාර්මික අංශය ගැන මනා දැනීමක් නැතහොත් සාමාන්‍ය දැනීමක් හෝ නොමැතිව  පිවිසුනහොත් අසාර්ථක වන්නට සිදුවීම වැළක්විය නොහැකිය.   අවාසනාවකට මෙන් කුමාරට ටෙලි නාට්‍ය රූපගත කිරීම ගැන ඇසින් දුටු අත්දැකීම් හැරෙන්නට වෙනත් කිසිම සුදුසුකමක් නොවීය.   පත්තර හෝ පොත් නොකියවූ කුමාර චිත්‍රකතා පත්තර මහත් අභිරුචියෙන් කියෙව්වේය.  

අධ්‍යක්ෂක වරයෙකු වීමේ සිහිනය ඔළුවට ගැසූ පසු තමන්ට අවශ්‍ය කතාවක් සොයා ගැනීම සඳහා අකමැත්තෙන් හෝ පොත් කියවන්නට ඔහුට සිදුවිය.   කුමාරට අවශ්‍ය කර තිබුණේ වලව් කතාවක් තේමා කරගත් ටෙලි නාට්‍යයක් තනන්නට වීම නිසා ඔහු නිතරම අරගෙන ආවේද එවැනි කතා ඇතුළත් පොත්ය.  කුමාර කෙසේ වෙතත් මම නම් ඌ ගෙනා  පොත් සියල්ලම කියවා දැම්මෙමි.     කුමාර මත්පැන් හෝ දුම් පානය නොකළ අතර කාන්තා ඇසුරටද ප්‍රියතාවක් නොදැක්වීය අපි ඌට විහිළු කලේ මේ ගුණ ධර්ම වගා කරගන්නා තුරු ඌට අධ්‍යක්ෂක වරයෙක් වන්නට නොහැකි වන බව කියමිනි.   මේ හා සමානම කතාවක් දවසක් අප සමග මීවිතකට එකතුවූ  ප්‍රසිද්ධ කලාකරුවෙක්  කීවේය කතාව මෙහෙමය. 

කෙනෙක්  මියගොස් අපායට ගිය විට යමරජු ඔහුව කැඳවා ප්‍රශ්න කරයි.   මුලින්ම අසන්නේ මනුලොවදී කරපු වෘත්තිය කුමක්ද කියාය.   මම කලාකරුවෙක්මි යි කීවිට යමරජු ඔහුගේ ඇඳුම ගලවා අංගජාතය පිරික්සන ලෙසට යමපල්ලෙකුට අණ කරයි අංගජාතය බොහෝසේ ගෙවීගොස් ළූණු සිවියක්සේ සැහැල්ලුවී වැනෙමින් ඇත්නම් ඔහු කලාකරුවෙකු ලෙස පිළිගන්නා අතර අංගජාතය සාමාන්‍ය පරිදි හොඳින් පුෂ්ටිමත්ව තිබේනම් බොරු කීම ගැන ඔහුට දැඩි දඬුවම් පමුණුවයි.

අපි කුමාරට විහිළු කරද්දී උදාහරණයක් ලෙස මේ කතාවද කියන්නට අමතක නොකළෙමු.   හැමදාම අපෙන් බයිට්වූ කුමාර දවසක්දා මාවද අමාරුවේ දැම්මේය ඒ එක අවුරුද්දක නත්තල් දවසකි නත්තලේ රෑ කෑමට ටෂ්ලාගේ ගෙදර එන්නට කියා බෙන් එකේ අපට ටෂ් කලින්ම ආරාධනා කර තිබුණාය.  ටෂ්ලා කතෝලික ආගමේ අය කියා කලින් කියන්නට මට අමතක විය.   එදා දවාලේද  නත්තල් කෑමක් හදිසියේ සංවිධානය කෙරුනේ අරංගල දේශලාගේ ගෙදරය දවල් කෑමට අපි තුන්දෙනා දේශලාගේ ගෙදර ගියෙමු.  අපි තුන් දෙනාත් දේශාත් බිරිඳත් හැරෙන්නට විනෝද් සහ බිරිඳ නත්තල් කන්නට ඇවිත් සිටියේ කුඩා දියණියද සමගය දේශලාට ඒ කාලයේ දරුවන් සිටියේ නැත.  අපි ගොස් ටිකවෙලාවකින් සාදය ආරම්භවිය බොන්නට හිටියේ දේශාත් විනෝද් සහ මාත් උනත් ඕල්ඩ් බෝතල් දෙකක්ම මේසය උඩ තබා තිබුණි.    බෝතල් කඩා අපි තුන්දෙනා සාදය පටන්ගත් අතර නොබොන්නන් වූ රුවන් ප්‍රභාත් සහ කුමාර බයිට් වලට වග කියමින් අපි බොන දිහා බලා හිඳින්නට වුහ.   දේශාගේ බිරිඳ විනෝද්ගේ බිරිඳ තිළිණි සමග කුස්සියට වැදී සුවඳ හමමින් නොයෙක් ජාතිවල රස කෑම සකස්කරන්නට වුණේ අපගේ දහවල් ආහාරය සඳහාය.

ආසාවට බිව්වට ඒ කාලයේ මම බීමට ආධුනිකයෙක් වීමි දෙකක් ගන්නකොට කණ පැලෙන්නට වැදුනේ ඒ නිසාය.   බොන අතර දුමක් අදින්නට එළියට යනවිට හෝ නාන කාමරයට යනවිට හිස්ව තිබු මගේ වීදුරුව ආපසු එනවිට බී ඉතිරිකර ගියාසේ පුරවා තැබීමට කුමාර කටයුතු කර තිබුණේ මා නොදනුවත්වය.   ආපසු එන මා ඒ වීදුරුද ගිල දැමීම නිසා ටික වේලාවකින්ම බඩු වැඩිවී මාව උස්සාගෙන ගොස් ඇඳට දැමීම හේතුවෙන් කාන්තාවන් අපට කන්නට සුදානම් කළ ප්‍රයිඩ් රයිස් කුකුල් මස් සහ කට්ලට්ද  සහිත රසවත් දිවා භෝජනය කාගන්නටද නොහැකිවිය.   එපමණක් නොව ආපහු එනවිට මාව වාහනයේ දාගෙන ඇවිත් බෙන් එක ඇතුළට අරගෙන තියෙන්නේ තුන් දෙනෙක් හරහට උස්සාගෙනය.   දවල්ට කෑම නැතිව සිටි මට එදා රෑටද කෑමක් නොමැතිව මුළු රෑම මළාක් සේ නිදාගෙන සිට ඇහැරුණේ පහුවදාය.   පහුවදා දවල්වී ඇහැරෙන විට සිද්දවෙන්නට තිබු සියල්ල සිදුවෙලාය.   අපි රෑට කෑමට ටෂ්ලාගේ ගෙදර ගියේ නැති එක ගැනත් මාව හරහට වඩාගෙන ගෙට ගෙනිච්ච එක ගැනත්  ගෙදර කෙල්ලන්ගේ උසුළු විසුළු විඳගන්නට බැරිවූ ටෂ් ගෙදර දහඅට පාලිය නටා පහුවදා උදෙන්ම වැඩ කරන තැනට ගොස් රස්සාවෙන් අස්වී ගෙදර ඇවිත් කාත් එක්කවත් කතා නොකර බුම්මාගෙන පැත්තකට වෙලා හිටපු බව දැනගන්නට ලැබුණේ පහුවෙලාය.    එම සිද්ධිය ටෂ්ගේත් මගේත් සුළුවෙන් හෝ තිබු ඇයි හොඳයිය බිඳෙන්නට තීරණාත්මක සාධකයක් විය.

මටත් අවශ්‍යව තිබුණේ හැකි ඉක්මනින් ටෂ්ගෙන් ඈත්වීමට නිසා මේ සිදුවුණු දේ මගේ හොඳට සිදුවූවක් සේ සලකා කටයුතු කළෙමි.    කෙසේ වුවද බෙන් එකේ තවදුරටත් ඉන්නට හැකියාවක් නොවීය ඒ නිසා කරන්නට තිබුණු නුවණැතිම කාර්යය වූයේ හැකි ඉක්මනින් බෙන් එකේ පදිංචියෙන් ඉවත්වීමයි.   එපමණක් නොව වැඩ කරන තැනින්ද ස්ථාන මාරුවක් ගැනීම අවශ්‍ය වුයේය.  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩකරපු නිසා එය එතරම් අමාරු කාර්යයක් වන්නේ නැත.  රාජ්‍ය පරිපාලනේද  හිතවත් අක්කා කෙනෙක් හිටිය බව කලින් කියන්නට නොහැකි විය කෙසේ වුවත් ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ සිටි අඬාගත්ත ගමන් අක්කා කෙල්ල මෙන් ඇණයක් නොවූ ඇය සැහැල්ලු ගති පැවතුම් ඇති සිහින් සුන්දර යුවතියක් වුවාය.    ගාල්ලට කිට්ටුව  පදිංචිකාරියක් වූ ඇය කැලණියේ ගෙදරක නේවාසිකව සිට රැකියාවට පැමිණියාය.   කතාව කියන්නට ඇයට නමක් තිබිය යුතු නිසා ඇගේ නම නොවුණත් අපි ඇයට ඉන්ද්‍රා යැයි  කියමු .   පත්වීම ලදදා සිට ගාල්ල කච්චේරියේත් අධ්‍යාපන කාර්යාලයේත් ආදී වශයෙන් ගාල්ලේම වැඩ කරමින් සිටි ඇය වාර්ෂික ස්ථාන මාරු ලබා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණියේ මා එහි වැඩට ගොස් දින කීපයකට පසුවය.   

මා මෙන්ම කියවීමේ රෝගය තදින් වැලඳි තිබු  ඉන්ද්‍රාත් දවල් කෑම වෙලාවට අමාත්‍යංශයේ පුස්තකාලයේ දකින්නට ලැබීම සුලභ දර්ශනයක් විය.    මාස කීපයක් ගතවන විට අප දෙදෙනා අමාත්‍යාංශ පුස්තකාලයේ තිබු නවකතා පොත් ටික සියල්ලම කියවා අහවර කළෙමු.    අප පොත් ගැන කතාකර ආරම්භවූ හිතවත්කම නිසා ඉන්ද්‍රා  ඇගේ ජීවිත කතාව කොටස් වශයෙන් මට විටින් විට කීවාය ජීවිතයේ ඇය මුහුණ දී තිබූ සමහර සිදුවීම් මගේ සිත තදින්ම සලිත කරන සුළු ඒවා විය.    ලාබාල වයසේදීම ජීවිතය ඇයට කෙතරම් අකාරුණික වී ඇත්දැයි සිතන විට ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් මසිත ඇතිවන්නට විය.   එසේ වුවද ජීවිතයට හෝ ඇයට මුහුණ පාන්නට සිදුවූ දේවලට මුල්වූ අයට වෛර නොකළ ඉන්ද්‍රා  ලද ජීවිතය සතුටින් ගත කරන ආකාරය මා සිත තුළ ඇතිකළේ විස්මයකි.   ඉන්ද්‍රාගේ කතාවත් මෙතැනම ලියා තබන්නට තිබුණානම් කියා හිතුණත් විශ්වාස කල නොහැකි අන්දමේ සිදුවීම් දාමයකින් ගහණ ඇගේ කතාව වෙනම කතාවක් ලෙස ලීවොත් වඩාත් හොඳයයි මට සිතේ෴

ප.ලි :  මා විසින් ලියන ලද ප්‍රභාත්ගේ කතාවේ ඉතිරි කොටස  ගැන බොහෝ දෙනා විමසන්නට  වුයේ ප්‍රභාත්ට සහ උගේ ගමේ කෙල්ලට අයත් වූ ඉරණම ගැන දැනගන්නට නොඉවසිලිමත් වූ නිසාය.   ප්‍රභාත්ව සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නොවීය එහෙත් රුවන් මුහුණු පොතේ ඉන්නා නිසා මා ඔහුට කතාකළෙමි.    රුවන් කීවේ ඒ දිනවල ඔහු විදේශගතව සිටින බවය ආපසු ආව දිනයේම රූපගත කිරීමක් සඳහා ඔහුට අනුරාධපුරයට යන්නට සිදුවී ඇති බැවින් කාර්ය බහුල නිසා කතා කරන්නට නොහැකි විය.   අපට කතා කරන්නට ලැබුණේ ඊටත් දින කීපයකට පසුවය.

ප්‍රභාත්ගේ ගමේ කෙල්ල ගැන රුවන් කිසි දෙයක් නොදන්නා බවත් ඇය දැන් විවාහ ජීවිතයක් ගෙනයමින් ඉන්නට හැකි බවත් රුවන් කියා සිටියේය.   ප්‍රභාත් විවාහයෙන් පසු ටික කලක් විදේශගතවී සිට ආපසු පැමිණ දැන් රටේ ප්‍රමුඛ රූපවාහිනී නාලිකාවක කැමරා ශිල්පියෙක් වශයෙන් සේවය කරන බවත් ඔහු තලවතුගොඩින් ගත් ඉඩමක නිවෙසක් හදාගෙන පදිංචිවී සිටින බවත් ඒ දෙන්නාගේ  දියණිය දැන් උසස් පෙළ ඉගෙනුම ලබන බවත් රුවන් වැඩිදුරටත්  මට කීවේය.    රුවන්ගෙන් අංකය ඉල්ලාගෙන ප්‍රභාත්ට කතාකර තවදුරටත් විස්තර අහගන්නට හැකියාව තිබුණත් එසේ කරන්නට මට නොසිතෙන්නේ දවසක් ඌ මට කරපු බොරුවක් නිසාය.   

ඒ මම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ හෙවත් ආර් ඇම් වී එකේ සේවය කල සමයයි.   දවසක් ප්‍රභාත් මාව හොයාගෙන කාර්යාලයට ආවේ උගේ ඩ්‍රයිවින් ලැයිසන් එක ගැන සොයා බලන්නටය.   කෙනෙක් ඇවිත් එක එක අංශවලට යමින් මා කොහේදැයි විපරම් කරන බව ප්‍රභාත්  මා හමුවට එන්නට කලින්ම මට ආරංචි වී තිබුණි.    ප්‍රභාත් මා සොයාගෙන ආවිට මා ඌව කැන්ටිමට රැගෙන ගොස් තේ එකක්ද බොන්නට අරගෙන දී විස්තර ඇසුවෙමි.     ලැයිසන් එක ගැන බලන්නට ආ බවත් අහම්බෙන් මා දුටු නිසා කතාකළ බවත් ප්‍රභාත් ගත්කටටම කීවිට ඔහු  කියන  බොරුව ගැන මට මහා අප්‍රියාවක් ඇතිවිය.   මූට වැඩේ මට කියා කරගන්නට අවශ්‍ය  වගේම මගෙන් ගන්නා වැඩේ හෑල්ලු කරන්නටත් අවශ්‍ය වී ඇති බව දැනගත් මම එහෙනම් අදාළ අංශයට ගොස් සොයා බලන්නට කියා කීවෙමි.    මාත් ඒ අංශයේම ඉන්න නිසා වැඩේ කරදෙන්නට බැරිද කියා ප්‍රභාත් ඊළඟ ප්‍රශ්නය ඇසුවේය.    එවිට මම උගෙන් ඇහුවේ අහම්බෙන් දැක්කා නම් මා ඉන්නා අංශය නිවැරදිව දැනගත්තේ කෙසේද කියාය.    අවුරුදු ගණනක් එක හැළියේ බත් කාපු එකාට උඹ සළකන්නේ අහම්බෙන් දැක්ක එකෙක් හැටියට නම් උඹේ වැඩේට අතගහන්නට මට කිසිම උවමනාවක් නැතැයි කියූ මා ඌව මග හැර වෙන පැත්තකට ගිය අතර ප්‍රභාත් මොනවා කරගත්තාදැයි ඊට පසුවද සොයා නොබැලුවෙමි.   බොහෝවිට ඌ ඇතුළේ ඉන්නා කාක්කෙකුට අහුවී මුදල් නාස්ති කරගන්නට ඇත.    එදා සිට මේ වනතෙක් තවමත් මට ප්‍රභාත්ව මුණ ගැසී නැත.   ප්‍රභාත්ගේ කතාව එපමණකි කුමාර ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ ආකාරය ඊළඟට කියන්නට ඉතිරිවී ඇත.

76 comments:

  1. යකෝ දේශකයාත් වයසක පොරක්නෙ

    ReplyDelete
    Replies
    1. දේශාගේ පාටියක් එනකම් හරි පාටියකට දේශා එනකම් හරි බලා සිටිමි

      Delete
    2. සෙට් උනාට කමක්නෑ ඕකට බොන්නනං දෙන්න එපා. හැක්..

      Delete
    3. ඇනෝ,
      බොට හොල්මන්ද බං.

      Delete
    4. ප්‍රා,
      එහෙනං ඉතිං හැමදාම බලා ඉන්න වේවි.හරියට අර,
      හැමදාම බලා සිටියා
      මගෙ පැල්පත ලඟට වෙලා
      වගේ.

      Delete
    5. ප්‍රසා,
      මොනාද බං කෝක්ද.

      Delete
  2. ඔක්කොම ටික කියෙව්වා. දැන් මට මතක නෑ නේ මම මුලින් කියවපු ටික. ටෙලිඩ්‍රාම එක ගැනද බෙන් ෆිල්ම්ස් ගැනද ටශ් ගැනද ප්‍රබාත් ගැනද කියලා.
    ඒ කාලේ බෙන්ගේ දුව නම් මගෙ යාළුුවෙක්. දැන් නම් උන්නද මලාද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. රංගි,
      මේ සීරිස් එක ඉවර කරද්දී ඔක්කොටොම ලින්ක්ස් දෙන්නං.

      Delete
  3. අප්පෝ අර එක්කෙනාගේ පරම්පරාවම එකයි , මිනිහම ගෙනත් දාපු බාප්පගේ පුතෙක් හිටියා මහා බලු මිනිහෙක් , එක එකාට අංචි ඇද ඇද ඉදලා , දැං යන එන මං නැතුව ඉන්නවා කියල ආරංචියි

    ReplyDelete
    Replies
    1. දැන් ඒ පරම්පරාවටම යන එන මං නෑ බං.

      Delete
  4. ටශ් ගේ හැසිරීම තේරුම් ගන්න අමාරුයි. සමහර විට එන්න වෙන්නෙ නැහැ කියල කවුරුවත් කියන්නෙ නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. ටෂ්ට ලැජ්ජා හිතෙන්න ඇති නේද.

      Delete
  5. ටෂ් කිව්වේ ටෂ්මා කුමරප්පෙරුමද

    ReplyDelete
  6. ඔය ප්‍රභාත් වගේ උන් නැති තරමට හොඳයි.....

    හැලප අයියට අක්කලා පොඩ්ඩක් වැඩිපුර set වෙනවා වගේ කියලා හිතෙන්නේ මට විතර ද ?

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං මටත් වෙලාවකට එහෙම හිතෙනවා.

      Delete
  7. අර කියුවත් වගේ කොහොම හරි දේශත් සෙට් වෙලා...

    ප්‍රබාත් අවුරුදු ගානක් ආශ්‍රය කරපු ගෑණු ළමයට කරපු දේ හැටියට හැලපෙටත් ඔහොම නොකළොත් තමා පුදුම....

    ReplyDelete
    Replies
    1. /ප්‍රබාත් අවුරුදු ගානක් ආශ්‍රය කරපු ගෑණු ළමයට කරපු දේ හැටියට හැලපෙටත් ඔහොම නොකළොත් තමා පුදුම..../
      නිර්මාණි,
      මම ඔය ටික ලියන්නත් හදල කම්මැලි නිසා නොලියා හිටියා.අගෙයි ඔයා ඒකම කියපු එක.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. හරි පැහැදිලි අර්ථවත් කතා පොඩ්ඩ.......... පොඩ්ඩක් උන්නානම් මම පැනඩෝල් දෙකක් බිලා එනකම් හිටං ......

    ReplyDelete
    Replies
    1. ‍පැනඩෝල් නෙමෙයි පොලිඩෝල් තමයි බොන්න වෙන්නෙ හිටං.

      Delete
    2. එහෙනං,මම ලිව්වොත් ඔය වගේ අර්ථවත් කතා තමයි.උඹට උණ ගතියද.

      Delete
    3. ප්‍රසා,
      ඕකා ආගිය අතක් නැතුව හිටියම මම හිතුවෙ පොලිඩෝල් බීල කියල බං.

      Delete
    4. මැලයා තවම ඉන්නවනෙ බොලේ...මම හිතුවෙ කජ්ජ ගහලා කියලා පේන්න නැති කොට...

      Delete
  10. පස්සේ ලියන්නම් කියල පොරොන්දු වෙන ඒවා ඒ හැටියට පිළිවෙලකට කෙරෙන්න ඕනේ, හරිය...

    ReplyDelete
    Replies
    1. අර රවී අයියටනං කියල කියල අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ඉද්දි එකක් යංතං ඉවරකරගත්ත.

      Delete
    2. යකෝ සාක්කි මේ මූදු XXXX එක්ක බෑනෙ මේ වැඩේ කරන්ට ...කතාව කෝ? කතාව කෝ? කියල කෙඳිරි ගානව ඉවසන්ට බැරිතැන කොහොම හරි කතාව ඉවර කලා කියමුකො.

      මූ දැං ඒකටත් කෝචොක් දානව හංදියක් හංදියක් ගානෙ ඇවිද ඇවිද..දෙයියම්පල්ල අපිට ගහන්ට ඕන අර මොකාගෙද මොකක්ද එකෙං

      Delete
    3. මූදූ XXXX, ඒ මොකාද බොල ඒ. හැක්..

      Delete
    4. මොකක්ද එකෙන් නෙමෙයි මූදු xxxx ගහන්න ඕනෙ හරක් xxxx. හෙක්..

      Delete
    5. අපි ලියනව කිව්වොත් බෙල්ල කඩාගෙන හරි ලියනව බං.

      Delete
    6. ප්‍රසා,
      හැබෑටම ඒක කටේ බලේටම ඌට කියල ඉවර කරගත්ත මිසක ඕකා කතාවක් ඉවර කළේ කවදද.

      Delete
    7. රවී,
      ඔය මූදු xxxx කතාව බං මම මුදුකරේදී හරියට අහල තියෙනවා.

      Delete
    8. කම්මල,
      මොකක්ද බං ඒ හරක් xxxx මෙව්ව එක.

      Delete
  11. අර අක්කත් එක්ක පොත් ඔක්කොම කියවලා ඉවර කොලා කිව්වේ? ;)

    ReplyDelete
    Replies
    1. ඔව් බං.ලයිබරියේ ලයිබරියේ.

      Delete
  12. ප්‍රභාතය පන වගේ හිටපු කෙල්ලව අමතක කළානං හැලපෙ ගැන මොන කතාද.
    දැං සමහර උං අධ්‍යක්ෂනේ කරන හැටියට කුමාරයට ඕක කරන්න බැරි වෙන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. උබ මෙතන පාට් ටයිම් වැඩද අද ??

      Delete
    2. මම කොකා විදියට ෆුල් ටයිම් වැඩ. හැක්..

      Delete
    3. මාත් හිතාගත්තෙ එහෙම තමා බං.

      Delete
    4. මැලේ,
      ඌ සුපවයිසින් නොවැ.මෙහෙ ඉතරක් නෙවෙයි ඌට හැම තැනම යන්න තියෙනවා.

      Delete
  13. මිස්ටර් පොලු උන්නැහේගේ නම නම් ඔන්න දැන් දන්නවා.
    වෙරි වැඩි වුනත් මොකද ටෂ්ගෙන් බේරෙන්න ලැබුණානේ.

    ReplyDelete
    Replies
    1. ආ උඹ කොහොම හරි නම හොයාගත්තද. ඔව් බං ටෂ්ගෙන් අයින් උන එක හරි වැදගත්.
      ඒක නෙවෙයි නෝනා බ්ලොග් කියවන කෙනෙක් නෙවෙයිද?

      Delete
    2. "බ්ලොග්" හපෝ පෙන්වන්න බැහැ එයාට එව්වා.

      Delete
  14. ඔය කියන කුමාරයා වයඹ පලාතේ කොහෙ වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. දන් නෑ දුමින්ද.ඒ කාලෙ අපි ඇහුවෙත් නෑ ඌ කිව්වෙත් නෑ.

      Delete
  15. ප්‍රභාත් චාටර් හාදයෙක් නෙ..
    මේ යන ටෙලි දැක්කාම නම් අපටත් කොරන්න ඇහැකි සීන් එකක් තියෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.දැන් යන ක්‍රමේ හැටියට කාටත් කරන්න ඇහැකි.

      Delete
  16. මහින්ද මහත්තයා වටේටම හිටියේ කම්බා හොරු නේ.. ඒක නේ කෙලවෙලාම ගියේ.. දැන් මෙයාලත් ඒ වැඩේ පටන් ගන්න යන්නේ..

    සිකැරට් නොගහා බොනවා නම් ඩබල් බොන්න පුළුවන්... ඒත් ඉතින් හැලපෙගේ කෝටා අහවරයි නේ...

    ReplyDelete
    Replies
    1. අරව ගත්තත් කමක් නෑ සිකැරට් නොබී.කොහෙද බොලා සිකැරට් බොනවයැ කනවනෙ.

      Delete
  17. ඔය කියන පොලු උතුමාගේ නමේ ඉංග්‍රීසි කෑල්ලකුත් තියනවද?

    ReplyDelete
    Replies
    1. රොහාන් වැලිවිට ගැන මේ කියන්නේ. හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක.

      Delete
    2. උත්තරේ ඇනෝ දීලම තියෙන්නෙ.

      Delete
  18. / බෙන් එකේ හතරවෙනි සාමාජිකයා අපායට යන කලාකරුවෝ දේශාගේ නත්තල් පාටිය සහ ප්‍රභාත්ගේ කතාව. /

    කොමා දාපං බං....:)

    බෙන් එකේ හතරවෙනි සාමාජිකයා, අපායට යන කලාකරුවෝ, දේශාගේ නත්තල් පාටිය සහ ප්‍රභාත්ගේ කතාව. /

    ReplyDelete
    Replies
    1. දැම්මෙමි දැම්මෙමි.තරහ අවසර.

      Delete
  19. හැලපෙ අයියාගේ කෑම වර්ණනාව නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ට්‍රාන්ස්.සාමාන්‍යයෙන් මට කෑම ගැන හොඳට ලියන්න පුළුවනි.

      Delete
  20. මගේ මල්ලීත් සිනමාවට තිබුණු දැඩි ආශාව නිසා, සිනමාකරුවෙකු ලඟ සේවයට ගොස් නොයෙකුත් වැඩ කරමින් නේවාසිකව සිට වසර දෙකක් පමණ නාස්ති කර ගත්තා. අවසානයේ වුනේ චිත්‍රපටයේ නිශ්පාදන සහායක ලෙස වැඩ කරමින් සිටින අතරතුර දවසක ෂුටින් අවසානයේ කැමරාවක් මල්ලී අතින් බිම වැටීම නිසා ඉන්පසු එතැන ඉන්නට බෑ කියා එක්වරම ගෙදර ඒමයි.

    අර අවුරුදු දෙක අපතේ!

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙක අපතේ,සහතික ඇත්ත.ඒත් මට පුදුම ඔහු අතින් කැමරාවක් බිම වැටුණු එකයි.සාමාන්‍යයෙන් එහෙම දේවල් වෙන්න ඉඩක් ඇත්තෙම නෑ.

      Delete
    2. නිශ්පාදන සහායක කැමරාව වට්ටලා , ඉලප්ලගන කාල තියෙන්නේ , මොකට ගියාද කැමරා සහයකගේ වැඩේ කරන්න

      Delete
  21. මට ප්‍රභාත් කුමාර පටලැවිල ඉන්නේ.. මගේ මතකේ හරිනං අර දකුනේ රාස්සියක් බැන්දේ ප්‍රභාත්.. එහෙනං ඉතිං අර වගේ දෙකේ පන්තියේ වැඩ කරන එක කජ්ජක්යැ.. ඕක දකුනේ ගතිය.. (ආර්ඇම්වී එකේ කේස් එක ගැන)

    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. වැඩේ ඇත්ත,දකුණෙ එවුන් ඔහොමමයි.

      Delete
  22. මට කතාව අන්තිමට එනකොට උඹ ආර්.එම්.වී. එකේ හිටියා කිව්වාම ඔලුවට පොල්ලකින් ගැහුව වගේ. හොරමැර දූෂණ වැඩියෙන්ම වෙන රාජ්‍ය ආයතනය ඒකද බං? එහෙම වැලත් හැම තැනම බෝඩ් ගහලා වංචනිකයන්ගෙන් පරිස්සං වෙන්න කියලා. ඒ කරලත් වංචනිකයෝ එලියට වඩා ඇතුලෙ. ඕනෙකමක් තියෙනවනම් සීසීටීවී කැමරාවලිනුත් ජරාව කනහැටි අල්ලගන්න පුලුවන්. කාටද ඕනෙ?

    මම එක පාරක් මගෙ ලයිසන්ස් එකේ නමේ වැ‍රැද්ද හදාගන්න දෙපාරක් ට්‍රයි කලා. කොහෙද! උන් කියන්නෙ උන් කියන නමලු මගෙ නම. පස්සෙ මම වැඩේ අතෑරලා දැම්මා. නොදකිං එහෙම ආයතනයක් නම්.

    ReplyDelete
    Replies
    1. චඃ බං උඹ ආවේ මම හිටපු කාලෙද දන්නෙ න් නෑ නේද.

      Delete
    2. වටේටම කාක්කො නේද ඔය ආයතනයෙ..

      Delete
  23. මම මැදින් ගොඩ උන නිසා, අගක් මුලක් හොයා ගන්න බැරි උනත්, ඔබ හරි අපූරු මිතුරන් ඇසුරු කල කෙනෙක් වග නම් පේනවා...

    ප්‍රභාත්ල වගේ මිනිස්සුන්ට ඕනේ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න විතරයි...

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි කමක් නෑ ගොඩවුන එකයි වැදගත්.ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  24. මිනිස්සු ගැන දැන ගන්න ඉතින් ආස්සරේ කරන්නම එපාය. ලංකාවේ අපිට විසා නැතුව එන එක ළඟදීම නවතියිද මන්දා. ඇයි යකෝ එක්කෝ මුන් එන්නේ ඔලුවට වෙඩි වැදිලා බෙහ්ත් ගන්න. අර එකෙක් භයානක තැනක රත්තරං ගහගෙන ගිහින්. සේරම නොටෝරියස් කේස්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වීසා නැතිව යන්න තව ඉතිරිවෙලා තියෙන රටවල් ටිකටත් කෙළවෙන වැඩක්.

      Delete
  25. I came to the reply to my comment. . Happened only to know that I hadn't comment before .. :(

    ReplyDelete
    Replies
    1. ***came to see the reply.. shit this mobile devices. .

      Delete
    2. ඔය පෝන් එක දීපං සුජීට. හැක්..

      Delete
    3. පහුගිය ටිකේ වැස්සට තෙමුනු නිසා පොඩ්ඩක් අප්සැට් වෙන්න ඇති.

      Delete
  26. සමහර උන් පොඩියක් එහාට මෙහාට වෙනකං ඉදලා සිගරට් අලු වීදුරුවට දාලා අරක්කු එක්ක දිය කරනවා...ආයෙ මලාට හොයන්න බෑ...ගහපු ගමන් බඩු බනිස්...

    ReplyDelete

ඔබේ අදහස්