Tuesday, April 12, 2016

අලුත් අවුරුදු එරබදු සහ කජු.



























අලුත් අවුරුද්ද ළඟ ලඟම එනවිට හැමෝටම මතක්වෙන දේවල් කීපයක් ඇත.   කොහා ඉන් පළවෙනි තැන ගනී කොහා කියනවිට මතක්වුනේ මේ ඊයෙ පෙරේදා බුකියේ දැකපු කතාවකි.   එහි කියා තිබුණේ අප්‍රේල් මාසය පුරාවට  නොකඩවා හඬනගන ජීවීන් කීපදෙනෙක් ගැනය ඒ ජීවීන් මෙසේය.

කොහා
රෝහණ බැද්දගේ
ජැක්සන් ඇන්තනි
ජනනාත් වරකාගොඩ
මහින්ද කුමාර දළුපොත
සහන් රන්වල

ආදී වශයෙනි.    මෙය ඔවුන්ට කරන අපහාසයක්   යැයි කෙනෙකුට හිතෙන්නට හැකිවුවත් වැඩි දුරදිග නොහිතා කතාව සැහැල්ලුවෙන් ගත්කළ මැවෙන උත්ප්‍රාසය අති මහත්ය.    කොහා පමණක් නොව එරබදු මල්ද කජුද අලුත් අවුරුදු එද්දී සිහියට එන දේවල්ය.   රබානද ඔංචිල්ලාවද චක්ගුඩුද ඈ තවත් දේවල් තිබුණත් අද වනවිට ඒවා කිසිවක් ගම්වල නැති සහ  රූප පෙට්ටියට පමණක් සීමාවූ දේවල්ය.    ස්වභාව ධර්මයෙන්ම ලැබෙන දෙයක්  වන කොහාගේ නාදය නම් බක්  මාසයේ පටන්ගෙන පොසොන්  මාසය දක්වාම අහන්නට ලැබේ.    එරබදු ගස් නම් දැන් දකින්නට හරි අමාරුය ඒ කාලයේ අපේ මහගෙදර වත්තේ වැටේ පොඩි එරබදු ගහක් තිබුණා මතකය ඒ ගහ අම්මා හදාගෙන තිබුණේ මැල්ලුමට කොළ කඩා ගන්නටය.   එරබදු කොළ මැල්ලුම් පණු අමාරුවට හොඳයි කියා පොඩි අපටද එරබදු කොළ මැල්ලුම් විටින් විට කන්නට දුන්නාද මතකය.    ලංකාවේ එරබදු ගස් දකින්නට දුර්ලභ උනත් කැලිපෝනියාවේ බොහෝ නගරවල පාර දෙපැත්තේ සරුවට වැඩුණු එරබදු ගස් මලින් පිරී තියෙන අයුරු මා බොහෝවිට දැක ඇත.   අද පින්තුරයද එවැනි එරබදු ගසකි මා ඉල්ලුවේ ලොස් ඇන්ජලීස් හි පාරවල් අයිනේ ඇති එරබදු ගස්වල පින්තුරයක් වුවද ගුගල් දුන්නේ සැන් ඩියේගෝ නගරයේ ඇති එරබදු ගසක පින්තුරයකි.   මොන රටේ පිපුනත් සුන්දරත්වයෙන් අඩු නැති නිසා ඒ පිංතුරය ගෙනැත් පෝස්ටුවට දැම්මෙමි.

ඊළඟට තියෙන්නේ කජු ගැන කතාවයි ඒත් කජු ගැන ලියන්නට කාලවේලාව හරස්වේ.   ලීවොත් පළකරන්නට වෙන්නේ අවුරුදු පහුවෙලාය.   ඒ නිසා මේ කෙටි පෝස්ටුව ඔබ සියලු දෙනාටම සුබ පතන්නට අවස්ථාවක් කරගනිමි.   විප්‍රවාසයේ සිටින අපට තියෙන්නේ බාගෙට අවුරුදු උනත් එහෙම නැති ඔබ සැමට එළැඹෙන අලුත් අවුරුද්ද සියලු යස ඉසුරින් සපිරි  සිතුම් පැතුම් ඉටුවන  භාග්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ ඔබේ හිතවත් හැලපයා හැලපි සහ හැලපැට්ටාය෴  

72 comments:

  1. එරබදු කජු සමග අවුරුදු අසිරිය ගැන අත්දැකීම බෙදාගත්තතට ස්තුතියි හැලපේ. ඒත් එක්කම හෙටට සුබ අළුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  2. මං හැලප කඩේට ගොඩ වැදුනේ අදයි ඕන්..
    ඉතින් හැලපෙටත් පවුලේ සියලු දෙනාටත් ලබන නව වසර සුභම සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිළිගන්නවා,ලැබුවාවූ නව වසර වාසනාවන්ත එකක් වේවා!!

      Delete
  3. හැලපේ අයියා ඇතුලු පවුලේ සැමට සාමය සතුට පිරි නීරෝගිමත් නව වසරක් වේවා යැයි පතමි

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  4. හැලපේ අයියා ඇතුලු පවුලේ සැමට සාමය සතුට පිරි නීරෝගිමත් නව වසරක් වේවා යැයි පතමි

    ReplyDelete
  5. ඔබ තිදෙනාටම සුබ නව වසරක් හැලප!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී.ඔබටත් සුබ නව වසරක්!!

      Delete
  6. ඇයි අයියෙ කෝඳුරුවො?
    මේ ලඟදි බුකියෙ තිබ්බා මේම එකක්...
    “ඊ ළඟට දෙන්න පටං ගත්තම ආයි ඤං පචං ගානවා නෙමෙයි...“
    - මීට වැස්ස වලාහක

    ReplyDelete
    Replies
    1. හැබෑට කෝඳුරුවොත් ඉන්නව නේන්නං.

      Delete
  7. හැලප පවුලට සුබ පැතුම්.. කවුරු අවුරුද්දට බැන්නත් ඒක අපූරු ම සංස්කෘතික ප්‍රවාහයක් තමා..!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  8. ඔන්න ඔහේ ගම රට මතක්වෙන්නත් එක්ක, ඔහේ තියන ආදේශක කොළ වර්ගයක් ආධාර කරගෙන හැලප ටිකක් හදාගන්න බලන්න.

    හැලප පවුලට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. හැලප සෑදීමට හොඳම ආදේශක කොලය මිදි කොලයි.අත්හදා බලා සහතික කර ඇත.අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ශයි.දකුනු කුරු දිවයින් වාසී ලාංකිකයින්ගේ සොයාගැනීමකි.

      ප.ලි.
      මෙය දකුනුකුරු දිවයිනේත් පහලම වසන අයගේ අත්හදා බැලීමකි.උතුරු පැත්තේ අයට කැන්ද කොල ඇත

      Delete
    2. විචාරක සහ දරුපවුලටත් සුබ නව වසරක් වේවා!!

      Delete
    3. කුමාර ඔය මිදිකොල වලින් හැලප තැම්බීම ගැන මීට කලිනුත් කවුරු හෝ කියා තිබුණා ඔබමද මතක නෑ.

      Delete
  9. 6 years !!!
    can u believe, I haven't been for aurudu straight 6years.
    anyway - all the best foe helapa family

    ReplyDelete
    Replies
    1. මේ මගේ පස්වෙනි අවුරුද්ද ඇනෝ.බොහොම ස්තුතියි ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  11. හැලපයියා, හැලපක්කා, හැලපැට්ටා ඇතුළු සියළුම දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. කසුට්ටා ටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete

  12. හැලප පවුලට ම සුබම සුබ නව වසරක් වේවා! සියලු පැතුම් ඉටු වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  13. ශ්‍රී සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  14. සුබ නව වසරක්වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  15. හැලපේ ඇතුලු පවුලේ සැමෝට සුභ අලුත් අවුරුද්දක් වේවායි මේ උන්මන්තගෙනුත් එහෙනං සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උන්මත්තක,ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  16. සුබ නව වසරක්වේවා!!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා ෂෙෆාකි!!

      Delete
  17. සුබ නව වසරක්වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඇති ඇති එක පාරක් කිවුවම . ඊලගට ප්‍රීති වෙසක් කියන්ඩ ඉතුරු කර ගන්ඩ.

      Delete
    2. අනේ සාදු ඩබල් ලෙඩේ හැදිල

      Delete
    3. කම්මලය ලෙඩේ බෝකරල හිටං දැං කොචොක් එකත් දානව. හැක්..

      Delete
    4. ලෙඩේ හැදිලා නේද.කම්මලයට තියෙන ජොලිය බලමුකො.

      Delete
  18. එරබදු, කජු නැති උනාට කොහානං තාම මේ පැත්තෙ ඉන්නව.
    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. කොහාවත් ඉන්න එක මදැයි.ප්‍රසන්න ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  19. ඔබසැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  20. හැලපයියාට හැලපක්කාට සහ හැලපැට්ටාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. සූටික්කාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  21. සුභ අලුත් අවුරුද්දක් හැලප ඇතුලු පවුලේ අනෙකුත් හැලප වලටත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ඔබ සහ පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා හැලප පවුලේ හැමෝටම. :D

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  23. හැලප පවුලටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. කම්මල සහ පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  24. හැලප පවුලටම සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබ සහ පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  25. එසේම වේවා එසේම වේවා

    ReplyDelete
  26. හැලපෙලාටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. සිංහයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  27. උපන් බිමින් දුර සිටියත් අපෙ හැලපේ
    තලමින් පඳුරු මතකය බෙදමින් වැලපේ
    කන්නට ලැබෙන ඉඳ හිටවත් වැලි තලපේ
    වසරක් ලැබේවා කියනා එක ගැලපේ

    ReplyDelete
    Replies
    1. ෂාහ් ඉයන් මරු කවියෙක් නොවැ.ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  28. මුළු පවුලටම් සුබ අළුත් අවුරුද්දක් වේවා හැලපේ....!!!

    උඹලගේ මනුස්ස කමේ සුවඳ ඔක්කෝටම වඩා වටිනවා....

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  29. සුබ අළුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  30. හැලප සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. උදයටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  31. හැලපයියාටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. මනෝජ්ටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  32. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...! (මෙහෙම කිව්වම නිකං ආන්සරිං මැෂින් එකක රෙකෝඩිං එකක් වගේ)

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි,ඒත් වෙන මොනා කියන්නද.ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  33. පරක්කු වුනාට කණගාටුයි. සුභ අළුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම.

    ReplyDelete
    Replies
    1. Better late than never අජිත්.බොහොම ස්තුතියි.ඔබ සහ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  34. හැලප පවුලට සුබ පැතුම්..සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete

ඔබේ අදහස්