Tuesday, March 29, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 8 - පීරියඩ් ප්‍රොඩක්ෂන් කුසිනාරා නම් නගරේ සහ අබිං කෑම.


අල ප්‍රොඩක්ෂන් එකේ රුගත කිරීම් නිමවූ විගසම තම ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් රූගත කිරීමට බෙනට් තීරණය කරගෙන සිටියේය.    මට මතක හැටියට ඒ අනූව දශකයේ මුල් භාගය විය යුතුය.   අප පැමිණ සිටින්නේ ටෙලිනාට්‍යයේ ඉතා අසීරු රූගත කිරීම් වන ගීත වලටය ටෙලිනාට්‍යයට අඩංගු වූ ගීත හත අතුරින් මංගලම් ගීතය රූගත කළ ආකාරය මා මීට පෙර ලියා ඇත.     මීළඟට රූගත කරන්නට නියමිතව තිබුණ කුසිනාරා නම් නගරේ ගීතය ගායකයා හා ගායිකාවද වාදක මණ්ඩලය ද ශබ්දාගාරයේ සිට ගීතය පටිගත කරන ආකාරය රූපගත කරන්නට සිදුවී තිබු බැවින් ශබ්දාගාරයක ආකෘතියක් දළුගම සරසවි චිත්‍රාගාරය තුළ නිර්මාණය කර දෙන ලෙස බෙනට් කලා අධ්‍යක්ෂ වරයාගෙන් ඉල්ලා සිටියේය.     ඒ ශබ්දාගාර ආකෘතිය කලා අධ්‍යක්ෂ සහ ඔහුගේ සහායකයින් බෙනට් බලාපොරොත්තු වූ ආකාරයටම ඉතා අනර්ඝ ලෙස ඉදිකර තිබු ආකාරය මා පසුදිනෙක දුටුවෙමි ඇත්තෙන්ම එය සැබෑ ශබ්දාගාරයක ලක්ෂණ සහිතව ඉදිකර තිබු ආකාරය ඉතා අලංකාරය.

බෙනට්ගේ ටෙලි නාට්‍යය වැනි අතීත කතා පුවත් කියැවෙන ටෙලිනාට්‍ය නිෂ්පාදනය ඉතා අසීරුය.   ඒ මන්ද කිවහොත් අතීතය තිබු ආකාරයටම දර්ශන තල මගින් ඉදිකර අදාළ කාලයේ පුද්ගලයන් ඇඳ  පැළඳ සිටි ආකාරයට ඔබින ඇඳුම් නිර්මාණය කර එදා පරිහරණය කළ භාණ්ඩ ඒ ආකාරයටම දක්වා සිටිය යුතු නිසාය.   නිෂ්පාදන ක්ෂේත්‍රයේ උදවිය මෙවැනි නිෂ්පාදන හඳුන්වන්නේ පීරියඩ් ප්‍රොඩක්ෂන් ලෙසයි බෙනට්ගේ  ටෙලියද පීරියඩ් ප්‍රොඩක්ෂන් එකක්වූ නිසාවෙන් අපට දෙගුණයක් මහන්සි වී වැඩ කරන්නට සිදුවිය.    එසේ කට්ටක් කාගෙන වැඩ කළත් සැනසීමක් නොවුයේ කෙනෙකුගේ සුළු අතපසුවීමකදී වුවද බෙනට් කෝපවී දොස් පවරන නිසාය.    රූගත කරන්නට ගිය ගීතයද එසේ බැණුම් අහන්නට නියමිත එකක් වීම නිසා මා සිතුවේ එය මගහැර සිටින්නටය ඒත් බෙනට් මට කතාකර කිව්වේ හැකිනම් රස්සාවෙන් නිවාඩුවක් ගෙන රුගත කිරීමට උදව් කරන ලෙසටය.

දර්ශනය රූපගත කිරීම ආරම්භ වන්නට නියමිතව තිබුණේ රාත්‍රී කාලයේදී වුවත් අපි උදේ සිටම වෙහෙස නොබලා වැඩ කළෙමු.     හවස් කාලය ලඟා වෙද්දී ගායිකාවට රඟපෑ ප්‍රධාන නිළියද ඇය සමග ගීතය ගායනා කළ ගායකයා ලෙස රඟපාන්නට තෝරාගෙන සිටි ක්ෂේත්‍රයේ ඉතා ප්‍රවීණ වයෝවෘධ නළුවාද දර්ශන තලයට එක්කරගෙන ආවෙමු.    වාදක මණ්ඩලය හැටියට තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලයයි.   අතීතයේ ගීත පටිගත කළේ ගායකයන් සහ වාදක මණ්ඩලය එකවිට වාදනය හා ගායනය කරමින් වූ  නිසාවෙන් එසේ කරන්නට සිදු වුවත් අද ඇති තාක්ෂණ දියුණුව හේතුවෙන් ගොළුවෙක් නොවන ඕනෑම කෙනෙකුට මුදල් හදල් ඇත්නම් ගායකයෙක් වීම සුළු දෙයකි.    ඒ කළින් සංගීතය පටිගත කර පසුව හඬ මුසුකිරීම සිදුකරන නිසාය.    එසේ කරන විට පදයෙන් පදය හෝ වචනයෙන් වචනය ගයා නැවත පරීක්ෂා කර සුදුසු ආකාරයට එනතුරු සංස්කරණය කරන්නට අද හැකිවුනත් අතීතයේදී සංගීත ශිල්පීන් සංගීතය සපයද්දීම ගායනා කර පටිගත කිරීම සිදුවිය.   සංගීත ශිල්පීන්ට හෝ ගායක ගායිකාවන්ට වැරදීමක් සිදු වුවහොත් නැවත මුල සිට ආරම්භ කිරීමට සිදුවේ.   මේ ආකාරයට කරන පටිගත කිරීම් එදා සමහරවිට මුළු රාත්‍රියක් එළිවෙන තුරාම සිදුවූ බව ඒ කාලයේ සිටි ගායක ගායිකාවන් පවසන්නේ අද ශිල්පීන් මොන තරම් පහසුවෙන් පටිගත කිරීම් සිදුකරනවාද යන්න පවසමිනි.     1975 දී තිරගතවූ සිකුරුලියා චිත්‍රපටයේ ගීත පටිගත කිරීමේදී එක ගීතයක් මුළු රාත්‍රියක් එළිවෙන තුරාම මහන්සිවී පටිගත කර අවසානයේ බලද්දී පටිය රෙකෝඩරයේ එතී ඇකිලී ඒ ගීතය විනාශවී තිබූ ආකාරය දුටු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ක්ලැරන්ස් විජේවර්ධනයන් මහත්සේ කම්පාවට පත්වූ ආකාරය එදා එතැන සිටි ගායිකා ඉන්ද්‍රානි පෙරේරා යම්කිසි වැඩසටහනකදී විස්තර කළ ආකාරය මම දවසක් අසා සිටියෙමි.

ගායිකාව ලෙස රඟන ප්‍රධාන නිළියට පරණ පැටන් එකට සාරියක්ද ප්‍රවීණ නළුවාට කෝට් එකක් සහ මඩකළපු සරමක්ද අන්දවා පීරියඩ් විදියට පිළියෙළ කළත් මේ පීරියඩ් කතා නොදන්නා ගුවන් විදුලි සංස්ථා සංගීත කණ්ඩායම ඇඳගෙන ආවේ මල් වැඩ දැමු කලා කමිසත් කළු කලිසමුත් නිසාවෙන් ඔවුන්ද එහෙම පිටින්ම පීරියඩ් තත්වයට පත්කළ යුතු විය එසේ නොමැති වී නම් අනික් අයට දැමු හැඩවැඩ ද අපතේ යයි.    සීමිත කාල සීමාවක් තුළ දහ දෙනෙකුට පමණ කෝට්ද පලේකාට් සරම්ද සැපයීම එහෙම පිටින්ම වෙනම ව්‍යාපෘතියක් විය.    ඊළඟ ප්‍රශ්නය වූයේ ශබ්දාගාරයේ ගීතය පටිගත කරන කාර්මික නිලධාරියාගේ චරිතයට කෙනෙක් සෙවීමය.   ඒ කාලයේ මෙවැනි වැඩ කලේ වැඩිපුරම බර්ගර් ජාතිකයන්ය ඒ නිසා බර්ගර් ජාතිකයෙක් නොවුනත් ඒ වගේ පෙනෙන කෙනෙක් සොයා ගත යුතුය.    අපිත් එක්ක බෙන් එකේ හිටපු ප්‍රභාත් ගේ ඥාති මල්ලි කෙනෙක් කෝට්ටේ පැත්තේ රස්සාවක් කළේය ඔහු සිරිතක් වශයෙන් ප්‍රභාත් හමුවන්නට බෙන් එකට පැමිණෙයි එදා ඔහු අපිත් එක්ක චිත්‍රාගාරයට ඇවිත් සිටියේ ෂූටිං බලන්නටය.     සුදු කඩවසම් කොල්ලෙකු වූ ඔහු එවෙලේ එතන ඉඳීම අපේ වාසනාවකට සිද්දවු දෙයක් කියාගත් අපි කාර්මික නිලධාරියාගේ චරිතය ඔහුට දුන්විට බයවූ කොල්ලා එක්වරම එය ප්‍රතික්ෂේප කලේ රඟපාන්නට බැරිය කියාය.  රඟපාන්නට දෙයක් නැති බවත් ඔහුට කරන්නට ඇත්තේ රඟපාන නළුවා සහ නිළිය සිටිය කුටියේ වීදුරුවෙන් එහා පැත්තේ සිට ඔළුව හොලවමින්ද හිනාවෙමින්ද සිටීම පමණක් බවත් කියා උගේ බය ඇර හිත හැදු අපි ඌට කෝට් එකක් අන්දවා බෝ එකක්ද ගැට ගසා ශබ්දාගාරයේ ඉන්දෙව්වෙමු.

  මෙවැනි හේතු නිසාවෙන් රූපගත කිරීම පටන් ගත්තේම ප්‍රමාද වෙලාය.    අපි සැනසුම් සුසුම් හෙලා පැත්තකට වී හිටියේ දැන් වැඩේ එකදිගට කෙරේවි කියන බලාපොරොත්තුවෙනි.      ගීතයට මුලින් එන තබ්ලා ඛණ්ඩය ගන්නටම ටේක් තුන හතරකටම යන්නට උනේ එය රූගතවූ ආකාරය ගැන කැමරා ශිල්පියා සෑහීමකට පත්නොවූ නිසාවෙනි.    මට කියන්නට අමතකවූ දෙයක් වුයේ ටෙලියේ කැමරා ශිල්පියා ගැනය ඔහු කේ ඒ ධර්මසේන හෙවත් ක්ෂේත්‍රයේ කිචි ධර්මේ යනුවෙන් හැඳින්වුන අතර අපි ඔහුට ධර්මේ කියා ඇමතුවෙමු.     ඒ කාලය වනවිට ඔහු ක්ෂේත්‍රයේ සිටි ඉතා ප්‍රවීණ කැමරා ශිල්පියෙක් වූ අතර ඔහුගේ සහායකයා වුයේ අපිත් සමග බෙන් ෆිල්ම්ස් හි නැවතී සිටි රුවන්ය.   අද වනවිට ධර්මේ මෙලොවින් සමුගෙන අවුරුදු හයක් ගතවී ඇති අතර රුවන් ක්ෂේත්‍රයේ සිටින ඉහළම ගණයේ කැමරා ශිල්පියෙකි.   සිනමාවේ වසර හතළිස් ගණනක් වැඩ කර සිටි ධර්මේ සතු පෘථුල අත්දැකීම් සම්භාරය අපට කරන්නට තිබු වැඩවලට මහත් පිටුවහලක් විය.  කොල්ලා කාලයේ සිටම ලෙස්ටර් මහත්තයාගේ සහායකයෙක් ලෙස එකතුවී සිටි ධර්මේ නැවතී සිටියේද ලෙස්ටර් මහත්තයාගේ නිවසේය බෙනට්ගේ ටෙළිය රූපගත කරන දවස්වල ඔහු බෙන් එකේ අපත්  සමග නවතින්නට ආවේය.    සිය දරු පවුල බලන්නට තමන්ගේ ගම වන බෝතලේ පහළගමට ධර්මෙ යන්නේ මාස කීපයකට වතාවක් නිවාඩුවක් ලැබෙන විදියටය.   ධර්මේ සමග අප බෙන් එකේ ගතකළ කාලය ගැන මම මීට කලින් ලියු තරු මතක  කතාවේ සඳහන් කර ඇත්තෙමි.

දැන් මුල් සංගීත ඛණ්ඩය රූපගත කර අවසන්ය ප්‍රභාත්ගේ මල්ලි පටිගත කිරීමේ යන්ත්‍රයත් සමග සිටින ෂොට් දෙක තුනක්ද  ධර්මේ වීදුරුවෙන් මෙහා පැත්තේ සිට කැමරාවේ සටහන් කරගත්තේය.    ඊළඟට තියෙන්නේ නළුවා සහ නිළිය ගීතය ගයන ආකාරය රූගත කිරීමයි මුලින්ම පටන්ගන්නට ඇත්තේ නළුවාටය ඔහු කුසිනාරා නම් නගරේ ගීත පාදය කියූ පසු නිළිය උපවර්තන සල් වනයේ පදය කියයි.    දෙදෙනාම ඉතා පළපුරුදු නළු නිළි යුවළක් හේතුවෙන් අවශ්‍ය දර්ශනය ලේසියෙන් ගන්නට හැකිවේ යැයි අපි සිතා සිටියෙමු.    ටේක් තුන හතරකට ගියත්  කරුමයකට මෙන් නළුවා ගී පදය කියන ආකාරය කිසිසේත්ම ගැලපෙන්නේ නැත.   එනම් ගී පදයේ ආකාරයට තොල් සෙලවීම හෙවත් ලිප්ස් මුමන්ට් ඇත්තේම නැත.    ආධුනිකයෙක් නම් මෙසේ වීම සාධාරණ නමුත් මේ ප්‍රවීනයාට සුළු කොටසක් හරියට කරගන්නට බැරිවීම අපට හිතාගන්නට වත් නොහැකිය.    ඔහු දිගින් දිගටම අසාර්ථක වීම නිසා බෙනට්ට මල හොඳ එකෙන්ම පැන ඇති බව ඔහුගේ රතුවුන මුහුණෙන් පෙනේ.   වෙන කෙනෙකුට දොස් කියා වැඩක් නැති බැවින් කරකියාගන්නට දෙයක් නැති තැන බෙනට් යටි රැවුල කසමින් බලාසිටී.  කැමරාව පසුපස ඉඳගෙන සිටින ධර්මයා මේ සියල්ල කට කොණකින් හිනාවෙමින් බලා සිටින්නේ ඉතා සැහැල්ලුවෙනි.    ටිකකින් ධර්මයා මට ඔළුව වනා කතාකල විට මම එතැනට ගියෙමි.

මේ විදියට ගියොත් එළිවෙනතුරු කළත් මුගෙ  ෂොට් එක ඕකේ වෙන්නෙ නෑ...

ඒ මොකද?

එහෙම තමයි...

ඒ කියන්නෙ එළිවෙන තුරු කළත් මේ විදියට නානවා කියන එකද?

ඒකෙ ආයෙ දෙකක් නෑ හැබැයි වැඩක් තියෙනවා කළොත් නං හරියටම හරි...

මොකක්ද ධර්මෙ...

මිනිහට අබිං ටිකක් හොයල දුන්නනං වැඩේ හරි කාපු ගමන් ආයෙ ගල ගැහුව වගේ එක ටේක් එකෙන් ඕකා වැඩේ ගොඩ දාල දෙනවා...

දැන් තවත් ලෙඩකි අබිං කොහෙන් හොයන්නටද?   මිනිස්සු අබිං කනවා කියා අසා තිබුණාට කන්නේ කොහොමද විකුණන්න තියෙන්නේ කොහේද ආදිය ගැන කිසිම විස්තරයක් අපි දන්නේ නැත.   කොටින්ම කිව්වොත් ඒ කාලය වනවිටත් මම අබිං ඇහැට දැක තිබුණේ නැත.  ජපන්නු චීනය ආක්‍රමණය කරපු කාලය පසුබිම් කොටගෙන ලියැවුණු ඉතා අනුවේදනීය නවකතාවක චීන ධනපතියන් අබිං දුම් උරමින් දවස පුරා මතින් ගත කරන ආකාරය ලියැවී තිබුණා මට මතකය.    එහි කතුවරයා කාඕ යු පාඕ නමැත්තෙකි ඔහු තමන්ගේම ළමා කාලය ගැන ලියන ලද කතාව 'මගේ කුමර දිවිය' නමින් සිංහලට පරිවර්තනය වී තිබු අතර අටේ පංතියේදී විතර මම ඒ පොත කියෙව්වේ අපේ ඉස්කෝලේ ලයිබ්‍රරියෙනි.    පසු කලෙක පළවූ නැවත මුද්‍රණයකින් මම ඒ පොත මිලදී ගත්තෙමි.  

වැඩ සියල්ලම පැත්තකට දමා බෙනට්ටද කියා අබිං ටිකක් සෙවීමේ මෙහෙයුම ආරම්භ කළෙමු.    අපේ පහසුව සඳහා ධර්මේද ක්‍රියාන්විතයට එක්කර ගතිමු.    දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ඉතා අපහසුවෙන් අබිං ටිකක් සොයාගත්තේ ධර්මේ අප සමග හිටපු නිසාමය.   අබිං ටික සොයාගෙන ආපසු පැමිණි අපි ප්‍රවීණ නළුවාට පැත්තකට කතාකර ඔහුගේ අතට අබිං ටික ලබා දුනිමු.    නැවතත් රූපගත කිරීම් ආරම්භ වූ විට ඒ ප්‍රවීණ නළුවා කිසිම අවුලක් නැතුව දර්ශනයට මුහුණ දුන්නේ ධර්මේ කියූ අනාවැකිය සනාථ කරමිනි.    සිනමාවේ ආරම්භක සමයේ සිට ක්ෂේත්‍රයේ සිටි ඒ නළුවා ඊට ටික කලකට පසු මියගොස් තිබුණේ බොහෝ අසරණ තත්වයකට පත්වෙමිනි.    බෙනට් කාලෙකට පසු අලුත්ම චිත්‍රපටයක් කරන්නට පටන්ගෙන ඇති බව දැනගන්නට ලැබුණි.    ඒ චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා රුවන්ය.   බෙනට්ද රුවන්ද පෙනී සිටින මේ පිංතුරය හොරෙන් අරං ආවේ බෙනට්ගේ මුණු පොතෙනි෴

56 comments:

  1. ඔව් ඔව් ඔය වගේ කේස් තියෙන ප්‍රවීණ අධ්‍යක්ෂකවරුත් ඉන්නවා.. බෙනට්ගේ මුණුපොතේ පොටෝ උස්සන්නේ.. හිටපිය මං තෝව අල්ලගනන්..හැක්

    ReplyDelete
    Replies
    1. මොනවද බං හැලපයගෙ අල්ලෙ ගනන් කරන්න තියෙන්නෙ.

      Delete
    2. ඔය අත්දැකීම් තියෙන එකේ ලියපන්කො කතාවක්.

      Delete
    3. ඇයි ප්‍රසා ඕකා දැන් ගෑනුන්ඩ සාස්තර කියන්න ඉගෙන ගන්නවනෙ.

      Delete
  2. අබිං නැතුව බැරුවද නැත්තං අබිං හින්දාවෙන පහසුවක්ද

    ReplyDelete
    Replies
    1. නළුවට අබිං පොඩ්ඩක් තමංගෙ පාවිච්චියට ලඟ තියාගත්තනං ප්‍රශ්නෙ ඉවරයි ..

      Delete
    2. අබිං කාල පුරුදු එකාට නැතුවම බෑ.ඒක නැතුවාම ගති ලක්ෂණ වෙනස් වෙනවා.

      Delete
    3. පත්තරේගේ කතාව ඇත්ත.නමුත් මිනිහා ළඟ එදා අබිං තිබ්බෙ නෑ.අනික අබිං ගන්න මුදල් අතේ තිබුනෙ නැතුවද කවුද දන්නෙ.ඔහු ඉතාම දුක්බර ජීවිතයක් ගතකළ නළුවෙක්.

      Delete
  3. බොහොම අපූරු අත්දැකීම් ගොඩක්නේ හැලපෙට තියෙන්නේ. අබිං කතාවෙන් නළුවා කවුද කියල හිතාගත්තා. ඔහොම යනකොට හැලපෙට රඟපාන්න ලැබුන අවස්ථා නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඕනෑතරම් ලැබුණා.කරපු හැම වැඩකදීම මටත් කොටසක් ලැබුණා.

      Delete
  4. යකෝ බලගෙන ගියාම නළුවොත් අබිං කනවද ?
    මම හිතුවේ ඕක වැඩ කරන සාමන්‍ය ජනතවගේ ආහාරයක් කියලා

    ReplyDelete
    Replies
    1. දැන්නං අබිං කෑම එහෙමම අපෝ වෙලා ගිහිං වගේ නේද.

      Delete
  5. අදනම් එක කතාවක් ලියලා. පඳුරු ටික හැලපි අක්කා විසිගහල දාල වගේ. හැක්. මමත් බෙනට් ගෙ ෆිල්ම් වලට හරි ආසයි.

    ReplyDelete
    Replies
    1. හැලපි නං ලෙඩ දැම්මෙ නෑ.ඔන්න බෙනට් අලුත් ෆිල්ම් එකක් පටන් අරං.

      Delete
  6. හැලපයියගේ මං ආසම කතා සීරීස් එක ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලි.තව කොටස් ගණනක් ලියන්න තියෙනවා.

      Delete
  7. හැලපෙත් අබිං කාලද කොහෙද අද පඳුරු තලන්න මතක නැති වෙලා තියෙන්නෙ.
    ඒ වැඩේ එහෙම උන් නැත්තං බෙනට් ට වෙන්නෙ වහ කන්න තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. වැඩකාරයො ඉන්නකොට කරදර වෙන්න දෙයක් නෑනෙ.

      Delete
  8. ඔන්න ඕකනේ මේ මතට තිත වගේ සංකල්ප නිසා තමයි හොඳ නිර්මාණ අඩුවෙන් බිහි වෙන්නේ දැන්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, අනවශ්‍ය සංකල්ප ගෙනත් ගම කනවා.

      Delete
  9. සුපිරියි හැලප(අ)යියේ.............. සුපිරියි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ළමයි.

      Delete
  10. ඔය කියන වැඩිහිටි නලුවා හියුගෝ මාස්ටර් නොවෙත්ද?

    ReplyDelete
    Replies
    1. කේ ඒ ධර්මසේන ගැන කෙටි සටහනක්
      http://www.sarasaviya.lk/2011/02/03/_art.asp?fn=sa11020326&pn=24
      https://www.youtube.com/watch?v=gzWrtfrB5dU

      Delete
    2. හියුගෝ මාස්ටර් නොවේ.
      ධර්මේ ගැන සටහනක් ඔබ මීට පෙරත් තබා තිබුනා මතකයි.බොහොම ස්තුතියි.

      Delete
  11. ශහ්ඃ.. පට්ට අත්දැකීම් ගොන්නක්...
    ඔය පොපි ගහයි ගන්ජ ගහයි දෙක මේ ලෝකෙ අපරාධ අඩු කරන්නයි,වැඩි කරන්නයි එක එල්ලේ බලපාන ශාඛ නෙව..
    පොපි අස්වැන්න නෙලන කාලෙ අමෙරිකාවෙන් ඇෆ්ගනිස්ථානෙට ගහන එකත් නැවැත්තුවේ ඕකෙ අගේ දන්න හින්දා වෙන්ටැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලෝකෙ පාලනේ කරන පොපි ගහ කිව්වොත් හරි නේද?

      Delete
  12. මෙන්න මේ කතා තමයි රහ, හැබැයි අදනම් හොඳටම මදි...
    ඒ මදිවට පඳුරු තැලිල්ල අඩු වීම ලොකු ගැටළුවක්...

    ReplyDelete
    Replies
    1. ඔව් බං,කතාව කෙටියි පඳුරු නෑ ප්‍රශ්න ගොඩයි.

      Delete
  13. මේ වගේ රසවත් මතක සටහන් කියවනකොට ටිකක් අබින් කෑවා වගේ තමයි . අර ලොකු පුතා කිව්වා වගේ අද මොකෝ පඳුරු තැලිල්ල පැත්තකට දාලා කෙටියෙන් ලියලා ඉවර කලේ ?

    ReplyDelete
    Replies
    1. හදිස්සියෙන් ලියපුවාම ඔහොම තමා තිලකේ.

      Delete
  14. කෝ බොලේ අතුරැ කතා ඒවා නැතිව ගති නෑ හැලප මාමේ වහාම ඊ ලගයේ හැලප ස්ටයිල් ඕනේමයි

    ReplyDelete
    Replies
    1. හරි හරි.ඔයාගෙ බ්ලොගේ මගෙ රෝලෙ අප්ඩේට් වෙන්නෙ පරණ නමෙන්ම නොවැ.

      Delete
  15. මම නම් අහලා තියෙන විදියට දෙනවක හාමිනේටත් පොඩි ෂොට් එකක් ඕනලු කැමරාව ඉස්සරහට එන්න....

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං.හැබැයි මට නං අත්දැකීම් නෑ.

      Delete
  16. අබිං ටිකක් කාල හරි පඳුරු ඉස්ටැයිල් එක තියාගන්ඩ බොස්...

    ReplyDelete
    Replies
    1. හරි හරි ඒක අමතක වෙන්නෙ නෑ.

      Delete
  17. අබිං කනවද? නැත්තන් දුම් උරනවද?
    කතාව නම් කෙටියි මේ සැරේ හොඳේ...

    ReplyDelete
    Replies
    1. කට්ටියක් කනවා කට්ටියක් දුම් උරනවා තමන්නෙ කැමැත්තෙ හැටියටයි.

      Delete
  18. සීමිත කාල සීමාවක් තුළ දහ දෙනෙකුට පමණ කෝට්ද පලේකාට් සරම්ද සැපයීම එහෙම පිටින්ම වෙනම ව්‍යාපෘතියක් විය.////// කාගෙ කාගෙ සරම් ද ගලවගත්තේ ?

    ReplyDelete
    Replies
    1. බොහොම අමාරුවෙන් සරොං ටිකක් ගලෝගත්තා රුවන්.

      Delete
  19. පඳුරු දෙකතුනක් තලාගෙන ආවේ නැති උනාම හැලප කඩේ බිස්නස් අඩුවෙන්න පුළුවනි ඔන්න කිව්වේ නැහැ කියල කියන්න එපා.. අපි එන්නේ නිකම් හැලප නෙවෙයි පඳුරු හැලප කියවන්න..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති බං මේකෙත් බිස්නස් අඩු පඳුරු නැති නිසා වෙන්න පුළුවනි.

      Delete
  20. ඔය කොල්ලෝ කුරුට්ටෝ කියන ඒවා ගණන් අරගෙන, පඳුරු තැලිල්ල නවත්තන්න එපා. අපිටත් දැන් අබිං කෑවා වගේ පඳුරු තැලිල්ල නැතිවම බෑ.

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම දෙයක් නෑ මෙදා පොඩ්ඩක් අඩුවුණා ඒකයි.

      Delete
  21. 'මගේ කුමර දිවිය' එකේ දෙවනි කොටසක් තියෙන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. නමුත් මා දන්නා පරිදි නැත.

      Delete
    2. 1. කුමර දිවිය
      2. කොලු කාලේ
      3. සිව් වසරක් මරදානේ

      ;-)

      Delete
  22. අහම්බෙන් හැලප කඩේට ගොඩවුණාම දැනෙන්නෙ ළඟින් ගිය හා යන හැලපයෙක් වගේ කියලයි. ඔය ක්ෂේත්‍රයේ කාලයක් කරක් ගැහුව එකෙක් විදිහට.
    දිගටම එන්නම් සමීප අත්දැකීම් විඳගන්න..
    හැබැයි හැලපය කවුද කියල තවම හිතා ගන්න බැරිව ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ක්ෂේත්‍රයේ අත්දැකීම් සමාන උනත් අප දෙදෙනා මුණගැසී නැති නිසා ඔබ මා නොහඳුනන බව මගෙ විශ්වාසයයි.මම නම් ඔබේ පාඨකයෙක්.පැමිණීම ගැන ස්තුතියි.

      Delete
  23. අබිං කියන්නේ මොනවාද? මා අසා තියෙනවා පමණයි. දැක ඇත්තේ කංසා විතරයි. මේ කංසා අඹරා ගත් කල්කයක් වගේ එකක්ද?

    ReplyDelete

ඔබේ අදහස්