Monday, February 22, 2016

නව වසරට ආසිරි සුද්දාගේ බවලතුන් සහ පළතුරු සංග්‍රහය


පළවෙනි කොටස
දෙවෙනි කොටස 
තුන්වෙනි කොටස 
හතරවෙනි කොටස 

අනේ මම පරක්කු උනාද අයියෙ, හරිවැඩේනෙ උනේ  පොඩි අයගෙ මුණුවල ගාන්න පාට ටිකක් හොයාගන්න මේ අහළ පහලින් බැරි උනානේ ඉතිං ගෙදරම යන්න උනා මොනා කරන්නද මමම දුවල ගිහිං ගෙනාවා...

කුමාරි එකදිගටම කියවන්නට වුයේ හෝස් හෝස් ගා හැති දමන ගමන්මය කොස්ගහ මුල සිටගෙන මම ඇයට සවන්දී සිටියෙමි. කුමාරි තාම හැති අදින්නේ කම්මලේ මයිනහම මෙනි.  කුමාරි කියන්නේ ඇත්තද බොරුදැයි එකවරම හිතාගන්නට නොහැකිව මොහොතක් එකෙල මෙකෙල වෙමින් සිටියද මගෙ සිතට ආවේ දැනටමත් ප්‍රසංගය පවත්වන්නට අප ප්‍රමාද බවයි.  සියල්ලටම පෙර වැඩේ පටන්ගත යුතුය සිහි එළවාගත් මම කුමාරිට කතාකළෙමි.

හ්ම්ම් ඔය කියෙව්වා ඇති කුමාරි ඉක්මනට ඇතුළට ගිහිං උලන දෙයක් උලලා ළමයින්ගෙ නැටුම පටන්ගන්න ලෑස්ති කරන්න...

මම ප්‍රජා ශාලාව ඇතුළට යමින් කියනවිට කුමාරිද මා පිටුපසම ඇතුළට විත් ඇගේ කාර්යයේ නිරතවන්නට පටන්ගත්තාය.  තිරයෙන් එළියට හිස දමා බලනකළ ප්‍රසංගය නැරඹීමට ඇවිත් සිටින ගමේ රසික රසිකාවියන් අපේ ප්‍රමාදය ගැන බොහෝසේ නොසන්සුන්ව සිටිනු දැකගත හැකිවිය.  මයික්‍රපෝනයද අතැතිව මම ඉදිරිපසට ගියේ පොල්තෙල් පහන් දැල්වීම ආදී මුලික කටයුතු ආරම්භ කරනු පිණිසය.  එකළ අද මෙන් රැහැන් රහිත මයික්‍රපෝන අප සතුව නොතිබුණ බැවින් මට ඉදිරියට යා හැක්කේ වයරය දිග තිබෙන තාක් පමණකි.   සද්දක් ඇසී මා පසුපස බැලුවිට මා දැක්කේ තවත් මයික්‍රපෝනයක් අතැතිව මා පසුපස ඇදෙන සුද්දාය.   අපේ  ප්‍රමාදය වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුද්දා තරමකට සප්පායම් වී ඇති බව මා  එකෙණෙහිම නිශ්චය කරගත්තෙමි.   දැන් කරන්නට දෙයක් නැත බීපු වෙලාවට කටට බ්‍රේක් නැති සුද්දා සමග වැඩ කරන්නට වෙන්නේ බොහෝ ප්‍රවේශමෙනි.  මේ වෙලාවේ වචනයක් වැරදුනොත් එහෙම සුද්දාට මල පනී ඒ උගේ හැටිය.

පවුල කඩාකප්පල් කරගත් කාලයේ දැඩි සිත් තැවුලකින් සිටි සුද්දා උගේ දුක මල් පත්තරයක මොකක්ද තීරුවකට ලියා පළවූ විට ඌට ලියුම්ද කෝල්ද ලැබෙන්නට වුනේ තොග පිටිනි.  ඒ දවස්වල   ඌට ලැබෙන පෙම්පත් කියවමින්ද කෝල් වලට උත්තර දෙමින්ද සුද්දා පෙරපු පළතුරුවල රස බලමින්ද සුද්දලාගේ ගෙදර මා ගතකරන සති අන්තය එකම විනෝද සාගරයකි.  ලැබී ඇති ලිපි තොගය කියවා වෙහෙසට පත්වන සුද්දා ඊළඟට පළතුරු බෝතලය අතට ගනී, බොන්න පටන් ගත්තවිට මොන වැදගත් වැඩක් ආවත් නැගිටින්නේ සුද්දා නොවේ.  ඒ වෙලාවට ලැබෙන කෝල් වලට උත්තර දෙන්නේ ටෙලිපෝනය ළඟ පාත ඉන්නා එකෙකි.  දවසක් ඔයවගේ ආපු කෝල් එකක් ඉස්සුවේ ළඟ  හිටපු මමය.  කතා කලේ මාතලේ පැත්තේ ටීච කෙනෙකි සුද්දා මට කියා තියෙන්නේ ඌ උත්තර දෙන හැටියට උත්තර දෙන්න කියා උනත් මම ඒ වෙලාවේ ඊට වඩා ටිකක් අවංක වුනේ ඇය වැනි වැදගත් තැනැත්තියක් රවටන්නට මට සිත දුන්නේ නැති නිසාත් සුද්දා වැනි පට්ට අපතයෙකුට වැරදිලාවත් අහුවුණොත් ඇගේ ජීවිතයත් කාලකන්නි වෙන නිසාත්ය.  ඇය කතාකළේ කිකිණි සලන්නාක් මෙනි.

හලෝ මේ ....ගෙ ගෙදරද?

ඔව් ඔව් එහෙ තමා...

එතකොට මේ කතාකරන්නෙ එයාද?

නෑ නෑ එයා මේ වෙලාවෙ එළියෙ වැඩක්...

එහෙමද, එයාට පොඩ්ඩකට කතා කරන්ට බැරිවෙයිද?

අපෝ එයා දැන්නං කීයටවත් පෝන් එකට එන එකක් නෑ...

මොකද්ද අනේ කෝල් එකකටවත් උත්තර දෙන්ට  බැරි තරමට එයාට තියෙන වැදගත් වැඩේ?

මම මොහොතකට ගොළු උනෙමි.  මොනවා කියන්නදැයි හිතාගන්නට බැරිය.

මොකද සද්ද නැත්තෙ ඔයා බොරු නේද කියන්නෙ ඔය ....නේද?

අපෝ නෑ නෑ මම එයා නෙවෙයි...

එහෙනං එකපාරටම සද්ද නැතුව ගියේ ඇයි...

නෑ නෑ එහෙම දෙයක් නෑ ඇත්තම කිව්වොත් එයාට දැන් මෙතනට එන්න විදියක් නැත්තෙ යාලුවොත් එක්ක එළියෙ වැඩක් නිසා...

මොකක්ද ඔය කියන්ට බැරි වැඩේ කට්ටිය එකතුවෙලා පාටියක්වත්ද?

කැමති විදියකට හිතාගන්න...

හරි හරි මට තේරෙනවා, එයා හැමදාම ඔහොම බොනවද?

අපෝ නෑ අද ඔය යාලුවොත් එක්ක එකතුවෙලා ගමේ හදපුව පොඩ්ඩක් බිව්වට එයා බේබද්දෙක් නෙවෙයි...

මෙසේ ඇදීගිය අපගේ කතාබහ එක්වරම නතරවූයේ සුද්දා එළියේ සිට ගෝරනාඩු කළ නිසාය.

මොන මඟුලක් කියවනවද ඕක තියල මෙහෙට ඇවිත් දෙකක් දාගන්නෙ නැතුව...

සුද්දා වෙරිමතින් කියවයි.කතා කරමින් සිටි කාන්තාවගෙන් සමුගත් මම කතාබහ අවසන්කර සුද්දා සමග එකතු වුයෙමි.අපේ කතාවේ විස්තරය ඇසු සුද්දා මට බලු බැණුම් බැන්නේ හිනාවෙමිනි.

කලොත් කරන්නෙ ඔය වගේ පජාති වැඩක් තමා...

එහෙම කිව්වට සුද්දා ඒ ගැන ගණනකටවත් නොගත්තේ ඒ දිනවල ඌට විවිධාකාරයේ කාන්තාවන්ගෙන් කිසිම හිඟයක් නොතිබූ බැවිනි.   ආයෙම දවසක දවල් හදිස්සියේ සුද්දාගේ ගෙදරට කඩාපාත්වුණේ ඌත් එක්ක ලියුම් ගණුදෙනු කරමින් සිටි කෙල්ලෙකි.   ඇය සුද්දාගෙන්ම ගෙදර එන්න පාර අසාගෙන තිබු අතර එන බවක් සුද්දාට කියාතිබුනේ නැත.  ඉතිං මේ කෙල්ල ඇගේ මිතුරියෙකුත් එක්ක සුද්දලාගේ මිදුලට එනතුරු අපි දන්නේ නැත.  දැන් කුමක් කරන්නද පවුල වෙන්වී ගියායින් පසු කවදාවත් ලිප් ගිනි  නොදැල්වුණ සුද්දගේ ගෙදර යකුන් නැටු පිට්ටනියක් මෙනි.  කඩෙන් ගෙනා කෑම පාර්සල්වල කොළ ,බයිට් පැකට් හිස් කවර,හිස් බාග බෝතල්,බුලත්විට කොට,ඉඳුල් පිඟන්,  පත්තර කඩදාසි ආදී රටේ තියන දේවල් ඔක්කොම සුද්දගේ සාලයේය.  අපි දෙතුන් දෙනා ඉක් ඉක්මනට සාලය අස්කලේ එන අමුත්තන් දෙන්නාට අඩු තරමින් කැත නැතුව වාඩිවෙන්නට වත් ඉඩක් ලබාදෙන්නටය.   සුද්දා කෙල්ලන් දෙන්නා එක්ක කයිය ගහමින් එක්කරගෙන ඇවිත් සාලයේ වාඩි කෙරෙව්වේය.  විස්තර කතාකරනවිට දැනගත්තේ සුද්දා එක්ක ලියුම් ගණුදෙනු කරපු කෙල්ල අවුරුදු ගාණක් රට රස්සාවක් කර ආපහු ඇවිත් ඉන්න කෙනෙක් බවය.   

කතාබහ යන අතරේ මම කල්පනා කලේ ගෙදරට ආපු දෙන්නාට ආගන්තුක සත්කාර කිරීම අපේ යුතුකමක් කියලාය.   නමුත් අරක්කු බාගයක් ඇරෙන්නට බොන්නට දෙන්න මෙහෙමයි කියා දෙයක් සුද්දලගේ ගේ හරියේ තිබුණේ නැත.   මම උසාත් එක්ක ගේ පිටිපස්සට ගිහිං පැළ ගහෙන් තැඹිලි ගෙඩි දෙකකුත් කඩාගෙන කපා වීදුරු දෙකකට දමා දෙන්නාට පිලිගැන්වුයේ අපි සුද්දාගේ ගෙදර වැඩකරන කොල්ලන් බව පෙන්වමිනි.   මම ගෙදර ඇවිත් මේ විස්තරය හැලපිට කීවිට ඇය මගේ ඇඟට ගොඩවුනාය.

හුහ් යනව මෙතන කොහෙදවත් නැති එකියන්ට බීම අල්ලන්න,තමන්නෙ තැන තියාගෙන ඉන්න දන්නෙ නෑ ආපහු ගියදෙන්කො බලන්ඩ මාත් එනවා,ඔය දඟලන්නෙ මගෙ හැටි දන්නෙ නැතුවයි...

ආදී වශයෙන් වාග් ප්‍රහාරයක් එල්ල කළත් ඇය ඊට පස්සෙදිවත් මගෙත් එක්ක ආවෙනං නැත.   අර කෙල්ල නං ඊට පසුව දිගටම එන්නට ගත්තේ ගෙදර කෙනෙක් වගේය ඇය පැමිණ සුද්දාට කෑම බීම පමණක් නොව ඇතිවෙන්නට ලෑමද පිරිනැමූ බව පසුව දැනගන්නට ලැබුණි.   කොච්චර අහත් පහත් කළත් සුද්දා එක්ක විවාහ වීමේ සිහිනය සැබෑ කරගන්නට ඇයට හැකිවුණේ නැත.   ඇය සුද්දාට තෑගි වශයෙන් ගෙනා ෆෝ ඉන් වන් යන්ත්‍රය නම් බොහෝ කාලයක් යනතුරු සුද්දාගේ සාලයේ තිබෙනු මම දැක්කෙමි.

මයික් එකත් අතැතිව මගෙ පසුපස එමින් සිටි සුද්දාට  මම එළියේ වැඩ ටික අහවර කරන තුරු නැටුම් ටික පෙළ ගස්සන්නටයි කිව්වේ ඌ මොනවා කියාවිදැයි මගෙ හිතේ තිබුණු බයටය.  කොහොම උනත් සුද්දා මම කියපු දේ අසා පොඩි උන්ට කෑ ගසමින් සුදානම් කරනවා එළියටත් ඇසුනි.  කොහොමත් සුද්දාගේ කටහඬ ගන්ටාරයක් වගේය  මයික් එක ගත්තට ඌ කතාකරන විට ඉස්පීකර් අවශ්‍ය නැත.

එළියේ චාරිත්‍රානුකුල වැඩ කටයුතු ටිකට පසුව පූජා නැටුමද ඊළඟට පොඩි උන්ගේ නැටුම් දෙකතුනද අවසන්වීමෙන් පසුව යම්කිසි සැහැල්ලුවක් හිතට දැනෙන්නට විය.   නැටුම් අවසානයේ ඒ නැටුම්වල පුහුණුකාරිනිය වූ කුමාරිව සෙව්වත් මගේ සිත මහත් කුතුහලයට පත්කරමින් ඒ වනවිට ඇය පෙනෙන්නට සිටියේ නැත෴

79 comments:

  1. යකඩෝ... මමත් පත්තර වල ඒ වගේ කතා දැකලා තියෙනවා...
    ඒවාට පත්තරය හරහා ම උත්තර එවපු ඒවා එහෙමත් දැකලා තියෙනවා...
    ඒත් කවුද බොලේ දන්නේ මේ විදිහට කරන ගෑණු පරාණත් ඉන්නවා කියලා...
    නිකමට වගේ අහන්නේ දැන් එහෙම නැද්ද දන්නේ නෑ නේද ඒ වගේ කට්ටිය???

    ReplyDelete
    Replies
    1. දැනුත් මල් පත්තරවල ඔයවගේ දේවල් පලවුනාම ඒ විදියට ගෙදරට ඇවිත් දෙන කට්ටිය ඉන්න බව මට නං හොඳටම විශ්වාසයි.

      Delete
  2. ලේඛන කලාවේ හුරුබුහුටි ඇත්තෝ තමන්ගේ අත්දැකීම් අන් අයගේ අත්දැකීම් ලෙස මෙන්ම අන් අයගේ අත් දැකීම් තමන්ගේ මෙන් ලිවීමේද දක්ෂයෝය.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක හැලපි දැක්කොත් එහෙම ආයෙත් කන්න වෙනව ශුවර්.

      Delete
    2. මාතලන්,
      එසේය ඔබට ඇති ඒ බුහුටිකම මට නොමැතිවීම ගැන මා අදටත් කණගාටුවෙමි.

      Delete
    3. ප්‍රසා,
      අහෝ ඒ අවස්ථාව සිහිවනවිටත් රෝමෝද්ගමනය වන්නේය.

      Delete
  3. තාමත් පත්තරවල ඔයවගේ තීරු තියනවද දන්නේ නෑ නේද හැලපයියෙ?

    එදා ගෙදර ආපු වෙලාවේ ඔය 4 ඉන් 01 එක කොහේද තිබුනේ?

    ReplyDelete
    Replies
    1. මල් පත්තර තාම තියේ නං ඔය වගේ තීරු නැතිව යන්නෙ නෑ.පොඩ්ඩක් හොයල බලපන්.
      එදා තිබ්බේ මගෙ ත්‍රී ඉන් වන් එක බං.

      Delete
  4. සුද්දා කියන නම මට හැමදාම පැටලෙනවා. මේ ගමේ සුද්දෙක් කියලා හිතාගෙන හිටියට ටික වෙලාවක් යනකොට පිට රට එකෙක් කියලමයි හිතෙන්නේ...
    හැමදාම කුමාරි අතුරුදහන්???

    ReplyDelete
    Replies
    1. ඌ ගමේම සුද්දෙක්.කුමාරිව හොයාගෙන යමු.

      Delete
  5. දවල් දොලහේ ටයිම් එකට තැඹිලි ගෙඩියක් බොන්න තිබ්බනම් පට්ට..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ නං දවල්ට තැඹිලි බීවා දැන් නං එහෙම කරපු කාලයක් මතක නෑ.

      Delete
  6. හත්වලාමේ කුමාරි අයෙත් අන්තරස්ධාන උනාද?

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා ආපහු හම්බවෙයි.

      Delete
  7. අපොයි එයා මහ බේබද්දා නෙහ්. හැක්.. යන්නං කුමාරි ආවේ..

    ඒක නෙමෙයි මෙහෙමද ඩෝ සිංහල ලියන්නේ.. හරියට ලියහං.. හැක්

    //ප්‍රජා//

    ReplyDelete
    Replies
    1. දැං උඹේ රයනුකිත්ත™ ලෙඩේ සනීපද. හැක්..

      Delete
    2. ලෙඩේ තිබ්බේ මගෙවත් සිංහලවලවත් නෙවෙයි ක්‍රෝම් එකේ, දැන් සනීපයි.

      Delete
  8. ෂුවර් එකට සුද්ද පන්නගන ඇති කුමාරිව

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතන්න පුළුවනි.

      Delete
  9. මදැයි.. කුමාරි ආව ආයෙ නැති උනා. වෙන වෙන පඳුරු ටිකක් ඒ අස්සෙ පොඩි උනා. හැක්..
    හැලපෙ අයිය එහෙම ඔය පත්තරේ තීරුවට ලියල මොකුත් උනේම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ බං මට එහෙම වාසනාවක් තිබුනෙ නෑනෙ.

      Delete
  10. Sinhala camment karanna bari ledak avith hadagannakam tharaha awasara.

    ReplyDelete
    Replies
    1. දෙක දෙක නැති උනාම හරියට කම්මල නෙවෙයි වගේ බං.

      Delete
  11. Sinhala camment karanna bari ledak avith hadagannakam tharaha awasara.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දෙක දාන එකටනං කිසිම ලෙඩක් නෑ වගේ. හැක්..

      Delete
  12. කුමාරි ආයෙත් කොටු පනලද?

    ReplyDelete
    Replies
    1. කුමාරි කුකුල් කොටුවට පැන්නද දන්නෙ නෑ නේද?

      Delete
  13. මේ ගෑනිට එක තැනක ඉන්න බැරි හැටි. ආයෙත් අතුරුදහන්.

    මේ සැරේනම් සුද්ද එක්ක වෙන්ටැ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ, සුද්ද එක්ක වෙන්නත් පුළුවනි.

      Delete
  14. මොකද්ද හැලපයියෙ ඔය මල් පත්තරේ නම?

    ReplyDelete
    Replies
    1. මට නම නං මතක නෑ කසුන්.

      Delete
  15. ඒ ගමන කුමාරි ආයේ නෑ . සුද්දා හොයාගෙන ගියා කියල හිතන්න තිබ්බ මිනිහ ළඟපාත නොහිටියානම්

    ReplyDelete
    Replies
    1. සුද්ද හොයාගෙන ගියත් කුමාරිට පාඩුවක් නෑ තිලකේ.

      Delete
  16. මදි මදි හොඳටම මදි...
    අදත් මේ කුමාරි කොහාට රිංගුවද...
    හැලපෙ අයියා කියන විදිහට කුමාරි හති ඇරියේ දිව්ව නිසාමද කියන සාධාරණ සැකය මතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. හැති ඇරියෙ දිව්ව නිසාමයි කියල දැනට හිතමු.

      Delete
  17. කුමාරිට කියන්න ඇති එන්න යන්න මල් මාවතේ කියල . අන්න සුද්දෝ . අර බ්ලොග් ලියන සුද්දත් ඔය වගේමයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන සුද්ද මේක දැක්ක නං ඉවරයි.

      Delete
  18. මදි මදි හැලපයියේ හොඳටෝම මදි. "මොකක්ද බං පටන්ගත්ත ගමන් ඉවරනෙ හරියට දොරකඩ වමනෙ ගියා වගේ"

    ReplyDelete
    Replies
    1. ඕකට අපේ පැත්තෙ කියන්නෙ, "මගෙ අරක්කු මටම ගහනව"යි කියල.

      Delete
    2. එක්ස් පෝටර්,ඩ්රැකි,
      ඒ විතරක් නෙවෙයි ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියල කපනවා කියලත් කියනවා.

      Delete
  19. මේ කුමාරිට මොකද හත්වලාමේ උනේ.... හැලපී නැන්දා වසද බොලේ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බයවෙන්න එපා මොකුත් වැරද්දක් වෙලා නැතිව ඇති.

      Delete
  20. පුළුවන් නම් කියපං බලන්න අයියේ කුමාරි සුද්දා එක්කම අතුරුදහන් කියලා! :D

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මොකක්ද වෙන්නෙ කියල.

      Delete
  21. අයියෝ කුමාරි...........................

    ReplyDelete
  22. මේකයි වැඩේ, කුමාරි ගැන ලිය ලියා ඉන්නකොට හැලපි ලඟට එනවලු. එතකොට දනී-පනී ගාලා වෙන පඳුරක් තලාගෙන-තලාගෙන යනවලු. ඔන්න ඔය හින්දා තමයි කුමාරිව තලන්න... කට...කට.. ලියන්න බැරි වුණේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න සුදීක දැක්ක වගේ වෙච්ච දේ ලියල තියෙනවා.

      Delete
  23. යකෝ දෙවැනි පාරටත් හැලපෙට හොරෙන් කව්දෝ එකෙක් කුමාරිව උස්සල.. හැක්.. මම හිතුවේ නාට්ටිය ඉවර වෙලාවත්.... න්..නෑ ඕනෑනෑ ..... මගෙත් කටට බ්‍රේක් නෑ බන් හැලපේ අයියෙ ..

    ReplyDelete
    Replies
    1. හැලපෙත් හොද මීටර් එකකින් තමයි ඉදලා තියෙන්නේ.... කොහෙද ඉතින්..

      Delete
    2. නාට්ටිය ඉවරවෙලා ඇයි හොඳයි කියන්න තිබ්බ නං ඒකත් නරක නෑ බං.

      Delete
    3. සිංහ මචං,
      මීටර් එකකින් හිටියත් මගෙත් ඇහැ වහල පැන්න නොවැ.

      Delete
  24. කුමාරිත් මාර බඩුවක්නේ මේ වැඩ අස්සේ කොහේ අන්තස්දාහං වෙනවද මංදා හිටපු ගමං (තිතක්)

    ReplyDelete
  25. කුමාරිත් මාර බඩුවක්නේ මේ වැඩ අස්සේ කොහේ අන්තස්දාහං වෙනවද මංදා හිටපු ගමං (තිතක්)

    ReplyDelete
    Replies
    1. සහෝදරයටත් බඩු හරි වගේ. හැක්..

      Delete
    2. මිනිහටත් කම්මලේ ලෙඩේ බෝවෙලා වගෙයි. ගොයියෝ ඕක බයානකයි පුතෝ...

      Delete
    3. හම්මට (තිතක්) විලිලැජ්ජැවේ සංතෝසෙ බෑ (තිත්දෙකයි ඇලඉරක්)

      Delete
    4. උඹ ලඟදි කම්මලයා හම්බවෙන්න වත් ගියාද.

      Delete
  26. හෙහේ සුද්දා ඉස්සර තමන්ගේ දුක පත්තරේට ලියලා යැව්වා වගේ තමයි දැන් තියෙන්නේ හැලපයියේ ෆේස්බුක් එකේ දාන්න ෆිලින් සැඩ් කියලා ඔය තව අහක ඉන්න හතර පස් දෙනෙක්වත් ටැග් කරලම.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ කරන්න තියෙන්නෙ එහෙම තමා.

      Delete
  27. අර මල් පත්තර තාම අච්චු ගහනවද? කුමාරි ගැන නම් හෝප්ස් අත් ඇරියා.. :(

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේටත් ෆෝ ඉන් වන් එකක ආසාවක් ඇතිවෙලාය.

      Delete
    2. තාම මල් පත්තර නං ඇති.මොකෝ කුමාරි ගැන ආසාව අත් ඇරියෙ හිටපු ගමන් අන්තරස්දාන වෙන නිසාද.

      Delete
  28. සක් ඉතරක්. හැලපයියට බැරි උනානෙ ඔය කුමාරිට හති අරින්න මොනව හරි කොල්ල දාන්ඩ...

    ReplyDelete
    Replies
    1. ඔහේ කොහොමෙයි ඉන්තේරුවෙන්ම කියන්නෙ හැලපෙ මුකුත් නොකලයි කියල. හැක්..

      Delete
    2. කොලා නං කියන්ඩෙපැයි?

      Delete
    3. අනේ ඉතිං අපි නං එදා ඉඳන්ම බෝ පැළ වාගේ උන්නෙ.

      Delete
  29. මල් පත්තර කලාවෙන් ගොඩගිය සුප්‍රසිද්ධ අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං,බොහොම ඉහළ තලයට ගිය අය.

      Delete
  30. ඇය පැමිණ සුද්දාට කෑම බීම පමණක් නොව ඇතිවෙන්නට ලෑමද පිරිනැමූ බව පසුව දැනගන්නට ලැබුණි////////// mara vidiyata liyanne

    ReplyDelete
    Replies
    1. අත්දැකීම්, අත්දැකීම්. හැක්...

      Delete
    2. ඔව්නෙ සුද්දමයි කිව්වෙ.

      Delete
    3. ප්‍රසා,
      එහෙනං එහෙනං.

      Delete
  31. ඇය පැමිණ සුද්දාට කෑම බීම පමණක් නොව ඇතිවෙන්නට ලෑමද පිරිනැමූ බව පසුව දැනගන්නට ලැබුණි++++

    බලා ගෙන යනකොට අපේ කාන්තාවෝ මාර advancedනෙ. හැබැයි කට්ටිය බනින්නෙ සුද්දියන්ටයි, colombo 7 අයටයි නේද. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.

    ReplyDelete
    Replies
    1. අපේ කාන්තාවො හරිම ඉදිරිගාමී කට්ටියක්.ෆෝම් කරලා ගත්තොත්.

      Delete
  32. කුමාරී... කුමාරී..... ආයෙත් පැන්නා.හප්..!
    ගස්ලබ්බ පොඩි කාලෙ පෑනේ මිතුරු පිස්සුවක් හැදිලා පත්තරේ තිබුනු 'මිතුරු හවුල්' කියන එකකට ලියුමක් දැම්මා.හප්පට සිරි ඒකෙ ආපු රිප්ලයි එකට සීතල වෙලා ගියා.උන්ගෙ ගිණුමට සල්ලි දාපුවාම ලිපින,ටෙලිපෝං නොම්මර 5ක්ද කොහෙදො දෙනවා.ටෝක් කරලා කැමති දෙයක් කොරගන්නයි තියෙන්නෙ.. ලඟකදි පත්තරයක් පත්තරයක් ගානෙ බැලුවා.. එහෙම ඇඩ් එකක් නෑ නෙව.,.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පෑනේ මිතුරු හවුල් තිබ්බෙ අපේ කාලෙ.දැන් කොල්ලො කෙල්ලො එහෙම දේවල් දන්නෙවත් නෑ.උන්ට මිතුරු හවුල් සිම්පල්.

      Delete
  33. පූජා නැ‍ටුමෙන් පස්සෙ කුමාරිත් අඩව්වක් අල්ලලා වගේ...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.මේ ඔබේ ප්‍රථම පැමිණීම නොවේද ආදරයෙන් පිළිගනිමි.

      Delete

ඔබේ අදහස්