Sunday, February 7, 2016

සංචාරක සටහන් කරීෆ් සමයේ සුන්දරත්වය සහ හැලපිගේ ඇටදෙක.



අද කරන්නේ මීට පෙර ලියු කතාවක ඉතිරි කොටස සම්පුර්ණ කිරීම හෙවත් වරහන් වැසීමයි.  මේ කතාවේ මුල්කොටස  මගේ අතින් ලියවුනේ මීට සැහෙන දිනකට පෙර එනම් 2014 සැප්තැම්බර් මාසයේය.   ඉතින් හෙට අනිද්දා සිදුවන හැලපිගේ සම්ප්‍රාප්තියට කලියෙන් මෙය ලියා අවසන් කරන්නට සිතුනේ දන්නවා නම් මේ කතාව ලියන්නට ඇය මට කිසිසේත්ම ඉඩ නොදෙන බව හොඳින්ම දන්නා නිසාය.   ඒ හේතුවෙන් දැනට කුමාරිව කොස් ගහට හේත්තුකර මෙම කතාව අවසන් කරන්නට කඩිනම් වුනෙමි.   

කඩිනම් කියන විට මට මතක් වෙන්නේ පොතක මා කියවූ කතාවකි පොත කෝ. ආනන්ද හිමියන් විසින් රචිත "හේ සිද්ධාර්ථ නම් වෙයි " නම්වූ රසවත් ග්‍රන්ථයයි.   එහි ලොකු හාමුදුරුවන් විසින් පිරිවෙනේ ඉගෙන ගන්නා සිය ගෝලනමට ලිපියක් යවන ආකාරය කියැවේ.   ලොකු හාමුදුරුවන් ලිපිය පටන් ගන්නේ පොඩි නම වෙත කඩිනමටයි කියා වුනත් ලියැවී තිබුනේ පොඩිනම වෙත ලියා දන්වන වගනම් කඩිනටයි යනුවෙන්ලු.    මීට බොහෝ කලකට පෙර සිට පැරිස් නුවර වැඩවසන කෝ.ආනන්ද හිමියන් දැන් ග්‍රන්ථකරණයේ යෙදෙනවාද යන්න නොදනිතත් උන්වහන්සේ ලියු ඒ කෘතියට 1978 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය.  රාජ්‍ය සාහිත්‍ය සම්මානය  පිදුන දිනය ගැනත් කතාවක් උන්වහන්සේ අතින් කොහේදෝ ලියැවී තිබී කියවූවා මට මතකය.   එනම් උන්වහන්සේට රාජ්‍ය සාහිත්‍යසම්මානය ලැබෙන්නට නියමිත දිනයේම හේ සිද්ධාර්ථ නම් වෙයි නවකතාවේ චරිතයක් වූ එල්ලක්කල උපාසකම්මාගේ මරණයේ අවසාන කටයුතු යෙදී තිබීමයි.   සාහිත්‍ය සම්මානය ලබාගන්නට කොළඹ ගියහොත් උපාසකම්මාගේ පාංශුකුලයට සහභාගී වන්නට නොහැකිවේ.  රාජ්‍ය සාහිත්‍ය සම්මානය අමතක කල උන්වහන්සේ උපාසකම්මාගේ පාංශුකුලයට සහභාගී වුහ. 

නැවතත් ප්‍රස්තුතයට පැමිණියහොත් කරිප් සමය යනු සලාලා සහ අවට වැසියන්ගේ සිත් ප්‍රීතියෙන්ද ගත සීතලෙන්ද කිතිකැවෙන සුන්දර කාලයකි.   වැස්සත් සමග මෙතෙක් කල් වියලී ගොස් තිබු ගස්වැල් දළුදමා නව පණක් ලද්දාසේ ලා කොළ පැහැති සළුපිළියෙන් සැරසෙයි.   කඳු සාවියේ කේඳෑරි වී ඇද හැලෙන දියවැල් නොකඩවා ඇද වැටෙන වැස්සෙන් පෝෂණය වී සිලි සිලි හඬ නගමින් ගලායන්නේ අවට පරිසරයම සුන්දරත්වයෙන් මන්මත් කරවමිනි.   හැන්දෑවට පැත්ත පළාතම වසාගෙන පැතිරෙන ඝන මීදුම කඳු වලල්ල වසාගෙන ඇති කැලයද නොපෙනෙන තරමට දැඩිය.   මෙසේ ලස්සනවී හැඩවන සලාලා පෙදෙසට දෙස් විදෙස් සංචාරකයන් පෝලිමේ ඇදී එන්නට පටන් ගන්නේ පළාතේ සිසිලස සුන්දරත්වය නොඅඩුව විඳගනිමින් තම නිවාඩුව සතුටින් විනෝදයෙන් ගතකරන්නටය.  සංචාරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව පළාතේම ඇති හෝටල්,ලැගුම්හල්,ගෙවල් ආදී නවාතැන් පොළවල් වල අයකරන මිළ ගණන් හතරපස් ගුණයකින් ඉහළ යයි.    සමහර සංචාරකයින් කුඩාරම් හෝ ජංගම ගෙවල් ඔවුන් එනවිටම රැගෙන එන්නේ කැමති තැනක නැවතී කඳුකර සුන්දරත්වය රිසිසේ විඳ ගැනීමටය.    අප සලාලා ගියේ කරිෆ් සමය ආරම්භයේදීමය.   හෝටල් කාමරවල මිළ ගණන් දෙගුණ තෙගුණ වී දරාගන්නට නොහැකි තත්ත්වයකට එන්නට පෙර සලාලාවලට ළඟාවූ අප හිතවත් අසෝකගේ ආගන්තුක සත්කාර විඳගනිමින් දෝෆාර් හෝටලයේ ලැගුම් ගතිමු.  ඒ වනවිටත් ගස්වැල් කොළ දළු මල් දමා සම්පුර්ණ වී නොතිබුණ අතර දළු දමමින් තිබු කනාටු ගස් වැල්ද තැන තැන දක්නට ලැබුණි.  කරිෆ් සමයේ කඳුකර සුන්දරත්වය හැලපැට්ටා සිය කැමරාවට හසුකරගත්තේ මෙසේය.


 සවස් කාලය වෙද්දී මීදුම මුළු කඳුකරයම වෙලාගන්නේ අඩි කීපයක දුරක්වත් නොපෙනෙන පරිද්දෙනි.
 
ඊළඟට අප යන්නේ තවත් වැදගත් තැනක් බලන්නටය.   එය හඳුන්වන්නේ ඇන්ටි ග්‍රැවිටි හෙවත් ගුරුත්වාකර්ෂණයට එරෙහිව යනුවෙනි.   ස්ථානය පාරේ ඇති කුඩා කන්දකි කන්ද පාමුල සිට තරමක් ඉහළට වාහනය ධාවනය කර නවත්වා ගියරය නියුට්‍රල් කලවිට වාහනය කන්ද ඉහළට සෙමින් සෙමින් ඇදෙන්නට පටන්ගනී.   මේ කතාව මා සලාලා එන හැම දවසකදීම පාහේ අසා තිබුණත් දැකගන්නට ලැබුනේ නැති නිසා ඒ ගැන විශ්වාසයක් මගෙ සිතේ තිබුනේ  නැත.   නමුත් මෙම අවස්ථාවේ මා එම දර්ශනය සියැසින්ම දුටුනිසා එම සැකය නැතිවී ගියේය.    කෙසේ වුවද මෙතනට එන සංචාරකයන් වාහන පාර මැද නවත්වා මෙම ගුරුත්වාකර්ෂණයට එරෙහි ක්‍රියාව නැරඹීම පාරේ ගමන් කරන සාමාන්‍ය වාහනවලට මල කරදරයක් බව එවෙලේ මම හොඳින් දුටුවෙමි.
 
මෙහි කුඩා වීඩියෝ කැබැල්ලක්ද මගේ ළඟ ඇතත් ඔබගේ බයිට් ගැන සැළකිලිමත් වෙමින් එය පළ නොකරමි.   නිම්නයේ පහල කුඩාරම් ගසාගෙන සිටින්නේ ඔටුවන් ඇතිකරන උදවියයි. 

 තවත් ස්ථාන කීපයක් නැරඹු අප ඊළඟට ගියේ බලන්නට තරම් වැදගැම්මකට ඇති දෙයක් නැති කන්දෙන් පෙරී එන ජල උල්පතක් නරඹන්නටය.   මේවන විට සැන්දෑ කළුවරද  වැටෙමින් පවතී.  ස්ථානයේ බලන්නට දෙයක් නැතිවුනත් එතන බැසගත් අප ජල උල්පතට එබිකම් කර බැලුවෙමු.  නරඹන්නන්ට රැඳී සිටින්නට සිමෙන්තියෙන් බැඳ ඇති වේදිකාව බඳු කොටස දියසෙවලෙන් පිරුණු ඉතා භයානක ලෙස ලිස්සන තැනකි.   වරින් වර වැටෙන වැස්සෙන් තෙමී අඩිය තියන තියන තැන ලිස්සන සිමෙන්තියේ අප දැඩි ආයාසයකින් ගමන්කළෙමු.  මොහොතක් ජල උල්පත දෙස බැලු අප එතැනින් පිටත්වන්නට හැරුනා පමණකි.   දඩස් හඬින් ශබ්දයක් ඇසිනි බැලුවිට හැලපි ලිස්සා බිම වැටී සිටියාය.   ඇයවත් නැගිට්ටවා ගෙන අපි ආපසු පැමිණියෙමු.  ආපසු එන ගමන් හැලපි මට කීවේ ඇයට වාහනයෙන් බැස ගන්නටත් බැරි තරමට බඳ පෙදෙස වේදනා දෙන බවයි.   එවෙලේ පාමසියකින් ලබාගත් තැල්මට ආලේප කරන බාම් වර්ගයකින් වේදනාව සමනය කරගෙන අපි පහුවදා ආපසු ගෙදර ආවෙමු.
                                                    ලිස්සන්නට මොහොතකට පෙර.
ගෙදර ඇවිත් දවසක් දෙකක් ගතවුවද ඇයගේ වේදනාවේ අඩුවක් ඇතිවුනේ නැත.   නිදාගන්නට හැක්කේ උඩුබැලි අතට පමණකි හැරුණොත් ඉවරය.  මෙය තැල්මකට එහා ගිය අසාමාන්‍ය වේදනාවක් බව සිතු මම පහුවදා උදෙන්ම ඇයව රෝහලට රැගෙන ගොස් වෛද්‍යවරයෙකුට පෙන්වූයෙමි.   ඔහු ඇයව පරීක්ෂා කර කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙකුට යොමුකළේය.  එක්ස්රේ පිංතුර දෙකක් බැලු ඒ වෛද්‍යවරයා නිගමනය කලේ හැලපිගේ දකුණුපස ඉලඇට දෙකක් පුපුරා ඇති බවයි.  ඇය ලිස්සා වැටෙන විට එතැන ඇති බැම්මේ ඇගේ බඳ පෙදෙස තදින් ගැටී ඇත.  බෙහෙත් නියම කළ වෛද්‍යවරයා කීවේ ඇඳටම වී විවේක ගන්නා ලෙසත් සුවවන්නට අඩුම වශයෙන් සති  දෙකක කාලයක්වත් ගතවන බවත්ය.   ඊට අමතරව බඳ පෙදෙස නොසෙල්වී තබාගන්නට රිබ් බෙල්ට් එකක් පැළඳගන්නා ලෙසත් ඔහු කීවේය.    රෝහල් පාමසියේ රිබ් බෙල්ට් නොතිබුණු අතර අහළ පහල ඇති හැම පාමසියකින්ම සොයා බැලුවත් ඒ එකකවත් තිබුණේත් නැත.    හැලපි කියන්නේ ඇයට බෙල්ට් එකක් අරගෙන දෙන්නට මගේ කිසිම උනන්දුවක් නැති බවත් බෙල්ට් එක පැළඳගත්තා නම් ගල ගැහුවාසේ ලෙඩේ හොඳවෙන බවත්ය.  දැන් මගේ දවස ගතවන්නේ නගරය පුරා ඇති පාමසිවල රිබ් බෙල්ට් සොයමිනි.   හැම පාමසියේම ඇත්තේ බඩ තදවෙන්නට දමන බෙල්ට් මිස රිබ් බෙල්ට් නොවේ.   අන්තිමේ බොහොම අමාරුවෙන් නගරය පීරා එක පාමසියක තිබී සොයාගත් රිබ් බෙල්ට් එකක් ගෙනත් දුන්නෙමි.  
බෙල්ට් එක ගත් ඇය එය පැළඳගත්තේ සතුටිනි.   ටිකකින් බලනවිට බෙල්ට් එක ගලවා පසෙක දමා තිබෙනු දුටුවෙමි.   ඇය කිව්වේ කසන නිසා බෙල්ට් එක දමාගෙන ඉන්නට බැරිය කියාය.  ටික දවසක් ගතවිය බෙල්ට් නැතිවම හැලපිගේ ඇට දෙක සනීපවිය.  බෙල්ට් එක පෙට්ටියේ දමා පරිස්සමින් අල්මාරියේ තබා ඇති අතර එය තෑගි දෙන්නට ඇට පුපුරපු එකෙක් මට තාම මුණ ගැසුනේ නැත෴

91 comments:

  1. බයක් සැකක් නැතුව ඉලයක් දෙකක් කඩා ගතෑකී බෙල්ට් එකක් තියෙන නිසා....අර හුම්මානය බලන්න ගියේ නැතෙයි ඔහේලා...?

    ReplyDelete
    Replies
    1. මෙදා සැරේ වෙලාවක් නැතිඋනානෙ.ඊළඟ පාර යනවා.

      Delete
  2. මේ පොටෝ වල සාන්ත දාන්ත කෙනෙක් දකින්න බැහැ වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. නෑ කොහොමත් එහෙම කෙනෙක් හිටියෙ නෑ.

      Delete
  3. රබර් සෙරෙප්පු දාගෙන යාම නිසා සිදුවූ අනතුරක් වගේ පේන්නේ.

    ReplyDelete
    Replies
    1. රබරුත් නෙවෙයි.අඩිය ගෙවිල තියෙන්න ඇති.

      Delete
  4. දැං මේක හැලපි දැක්කට පස්සෙ හැලපයියගෙ ඇට දෙකට වෙන්නෙ අති භයානක තත්වයකට මුහුණ දීමට විය හැක. ඒ නිසා අදාල බෙල්ට් දැම්මම ගෙනත් තියාගන්නා එක යෙහෙකි. හැක්..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.ඇට දෙක බේරගන්න බොලා වගේ දන්නා කියන අයගෙ උදව් උපකාර ඕනෑ වේවි.

      Delete
  5. වත්ත පහලට ගියාම උල්පත් බලගන්න පුළුවන් කම තියෙද්දි ඇටත් කඩන් ඔහෙ උල්පත් බලන්න මොකට ගියාද මන්ද ?
    එහෙ පරිසරය ටිකක් අඹේවෙල වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ගොන් වැඩත් ඉඳල හිටලා කරනවනෙ.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හැලපයියගේ ඇටේ පිපිරීමට නියමිතය.

    හේ සිද්දාර්ථ නම්විය" ලඟදී කියෙවුවා.අළුත් මුද්‍රණයක් වෙන්න ඇති.ඒකේ මගේ සිතගත්ත චරිතයවුනේ අර බීඩි බොන ගල්කඩන කුඹුරුකරන හාමුදුරුවෝ....අපිත් (කමියා, විදානේ ,මුඩ්ඩා ) ඊයේ කඩිනම් ව්‍යාපෘතියක් කලා.

    ReplyDelete
    Replies
    1. ඒ කන්දෙ පන්සලේ හාන්දුරුවො.බොලාගෙ ව්‍යාපෘතියෙ විස්තර මම දැක්කා.

      Delete
  8. මේ සලලා හරියට නුවරඑළිය වගේනේ? ඕමාන් වගේ රටක මෙහෙම තැනක් තිබීමත් පුදුමයි. ඔය ඇන්ටි ග්‍රැවිටි සීන් එක ලෝකේ ගොඩක් තැන් වල තියෙනවා. ඕක දෘෂ්ටි මායවක්ලු. ඕවට කියන්නේ Gravity hill

    දරුවා ලැබුනට පස්සේ අපේ හාමිනේට අරන් දීපු abdominal belt එකත් (ඕක ගන්නකන් පුදුම හදිස්සියක් තිබුණා) දවසක් පාවිච්චිකර පරිස්සමින් අල්මාරියේ තියල තියෙනවා. හැලපිගේ ඇට දෙක ගැන කියලා හැලපෙගේ ඇට දෙක බේරගන්න testicle belt හොයන්න වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැලපිටත් එහෙමමයි ගන්නකල් පුදුම හදිස්සියක් තිබුනෙ.ටෙස්ටිකල් බෙල්ට් එකක් මට හොයල දුන්නොත් ලොකු උදව්වක්.

      Delete
  9. / නිදාගන්නට හැක්කේ උඩුබැලි අතට පමණකි  /

    හෙහ්..නරකම නෑ ඒකත්..ඉළ ඇට දෙකක් කඩල හරි අන්න කරගත්තනං වැඩේ...:)

    ReplyDelete
    Replies
    1. Ravi-ඒවා ගැන rejoice කරන්න යන්නෙ නැතුව අර 'කුකුළා' ඉන්නේ මුනින් අතටද කියලා හොයල බැලුවොත් හොඳයි නේද.

      Delete
    2. දැන් Abdominal Belt රෙකම්න්ඩ් කරන්නේ නෑ. බඩ අඩු කර ගත්තා වගේ නෙවෙයි, එතන තියෙන අංග එහා මෙහා වුණොත්.

      Delete
    3. දැක්කද ඔච්චර දේවල් තියෙද්දී මේ මනුස්සයට පෙනුන එක.

      Delete
    4. ඇනෝ,
      ඌ මේ ආත්මෙ එන කුකුළෙක් නෙවෙයි බං.

      Delete
    5. සුදීක,
      එහෙමත් වෙනවද?

      Delete
  10. කට්ටිය කවුරුවත් සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇඳලා නැනේ. tees and shorts ඇඳගෙන ඉන්න පුළුවන් තරමේ සීතලක්ද? 16-18 C?

    ReplyDelete
    Replies
    1. නැහැ දරාගන්න අපහසු තරමේ සීතලක් තිබුනෙ නැහැ.

      Delete
  11. හැලප නැන්දා මේ කතාව කියවත්වා....ඒ නිසා බෙල්ට් එක මාමා තියා ගන්ට ඕනා වෙයි හිකිස්....

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම හැලපි මේ කතාව කියවනවා.මට ඉතින් මොනා වෙවිද දන්නෙ නෑ.

      Delete
  12. අර ග්‍රැවිටි හිල් සීන් එක මරු.. විකිපීඩියා කියන්නේ නම් optical illusion එකක් කියලා.. කන්දක් වගේ පෙනුනට ඇත්තටම කන්දක් නෙවෙයිලු. හොරයිසන් එකට සාපේකෂව ෆ්ලැට් කියලයි කියන්නේ.. අනේ මංදා..
    ලිස්සලා වැටුණු එක කෙසේ වෙතත් ඔහොම රිසක් එකක් අරන් අතන අහවල් එක බලන්න කියලා ගියද කියලා මන් මේ කම්පනා කරන්නේ.. හැලපක්කා ඔහේ ආවම 'විප්‍රවාසේ' කියන්න බැරි වෙනවා නේද? එතකොට ඩයස්පෝරා වෙනවා දෙන්නත් එක්කම..හැක හැක

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලම බලන්න කමියෝ...දෘෂ්ටි මායාවක් වෙන්න බෑ මොකෝ මම ගිය වෙලාවේ බීලා හිටියේම නෑ....හුකෑස්...!

      Delete
    2. ඕක දෘෂ්ටි මායාවක් තමයි චෙෆ්. ඩිස්කවරි එකේ පෙන්නුවා ඔතන තියෙන කේස් එක. එතන තියෙන කඳු වල පිහිටීම එක්ක ඔය පාර ඇහැට පේන්නෙ කන්දක් උඩහට තියෙනවා වගේ. ඒ උනාට ඇත්තටම එතන තියෙන්නෙ පල්ලමක්. අර යෝද ඇල හැතැප්මට අඟලක් බහිනවා වගේ පාරක් ඔය.

      Delete
    3. ගිය එකා කියන දේ පිලිගන්නවා.. මොකෝ මම ගියේ නෑනේ.. :) සමහරවිට දෙකක් දාගෙන ගියානම් .. හැක හැක හැක..

      Delete
    4. මාත් කියවල තියෙන විදිහට දෘෂ්ටි මායාවක් තමා. මං ඒක කියන්න එනකොට අර හිපාටුව (කැමා) මෙතන පොර වෙලා. මං යනව යන්ඩ.

      Delete
    5. එක එක්කෙනා එක එක විදියට කියනව බං.අපි නං දැක්කෙ වාහනේ කන්ද උඩට යනවා.ඔය චෙෆාකිත් කියල තියෙන්නෙ.

      Delete
  13. අර බෙල්ට් එක පොඩ්ඩක් පරෙස්සම් කරලා තියා ගනින්.. ඕක ඕන වෙන අය ඕනතරම් මෙහේ ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. එක බෙල්ට් එකක් මදිවෙයි බං...!

      Delete
    2. බොහොම පරිස්සමෙන් අරං තියල තියන්නං.

      Delete
  14. ගෑ නුන්ගේ හැටි ඔහොමමයි. අරං දීල ටිකදවසක් ගියහම වෙන එකක් ඉල්ලනවා. නැත්නම් මේ අඩු ගානට ගත්තු එකක් කියනවා. කුමාරිට මොකද උනේ බං ?

    ReplyDelete
    Replies
    1. අපෝ ගෑනු ගැන නං මතක් කරන්න එපා.මලවාත.කුමාරි සනීපෙන් ඉන්නවා තව ටික දවසකින් ඒවි.

      Delete
  15. මටනම් හිතෙන්නේ හැලපී තවත් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වීම ඉතා වැදගත් බවයි. ඔය වගේ අනතුරු වලින් පසුකාලීනව අතුරු ආබාධ එන්න පුළුවන්.

    හොඳ චාරිකා සටහනක්. සිරීපාදේ මුදුනටත් පාරක් කපලා යටින් කාන්දම් කෑලි ටිකක් හයිකරානම් හොඳයි කියලා හිතෙනවා. :D

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ විචා කියනදේ ඇත්ත. ඇට සනීප උනාට පස්සෙ කොන්දෙ අමාරුවක් ආවලු.

      Delete
    2. පෙනේද ලකුණු දාගන්න හැටි..

      Delete
  16. හැලපි වැඩ්ඩි.............. පරිස්සම් වෙයං අයියේ............... හැක්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මම බොහොම පරිස්සමෙන් ඉන්නෙ.

      Delete
  17. හැලප අක්ක එනකොට කොන්දට විතරක් නෙවෙයි අතට පයට දාන ඒවත් අරන් එන්න කියන්නං.
    මම නම් ගුරුත්වාකර්ෂණය තියෙද්දීම අර පත්තරයව හඳට විසිවෙන්න ගැහුවේ සුලැඟිල්ලෙන් ..ඕ..යේස්

    ReplyDelete
    Replies
    1. තූත්තුකුඩිවත් ගියාද බං උඹහැ දකින්න නැත්තෙ..?

      Delete
    2. උඹ කොහෙද මල්ලි ගිහිං හිටියෙ.පත්තරයත් දකින්න නෑ දෙන්නත් එක්කමද ගියෙ.

      Delete
  18. ඔය බෙල්ට් එක පරිස්සං කරල තියන්න කසාද බදින දවසක ශානුකයට තෑගි දෙන්ඩ , ඕකට තියන මෝල් අමාරුවට ගෑණි කොන්ද කඩන එක කඩනවම තමා

    ReplyDelete
    Replies
    1. කොන්ද කඩාගත්තොත් බෙල්ට් එකක් අලුතෙන් අරගෙනවත් දෙන්න බැරිය බං.

      Delete
  19. ඔය වාහනේ උඩහට යනවා වගේ පේන එක දෘෂ්ඨි මායාවක් හැලපෙ අයියෙ. එතන තියෙන කඳු වල පිහිටීම එක්ක ඔය පාර ඇහැට පේන්නෙ කන්දක් උඩහට තියෙනවා වගේ. ඒ උනාට ඇත්තටම එතන තියෙන්නෙ පල්ලමක්. අර යෝද ඇල හැතැප්මට අඟලක් බහිනවා වගේ පාරක් ඔය.

    කුමාරිව කොස් ගහට හෙත්තු කර ගත්ත කිවුවේ....?

    ReplyDelete
    Replies
    1. කොස් ගහට හේත්තු කරගත්තැයි කියපු කතාව මටත් තේරුනේ නෑ..

      Delete
    2. වෙන්න ඇති කැමා කවුරු දනිත්ද. කුමාරි කොස් ගහ ළඟ තියල මේ කතාවට මාරු වුනා කියලයි කිව්වෙ.

      Delete
  20. මරු පින්තූර ටික හැලපයියේ. බෙල්ට් එක පරිස්සම් කරලා තියා ගත්ත එක නම් හොදා.. අද හෙට බොලාට හරි ඕකෙන් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හෙට අනිද්දට ඕනෑ වේවි කියල මටත් නිකමට වගේ හිතෙනවා.

      Delete
  21. මේ පොස්ට් එක හැලපි අක්කා දැක්කාම ඔය බෙල්ට් එක උඹට ඕනේ වේවි හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොමල කියන්නෙ ඔය කතාවමයි මනෝජ්.බලමුකො.

      Delete
  22. හැලපයියේ බ්ලොග් එකක් කරන්න හිතේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මම තාක්ෂණික පැත්ත මොකුත් දන්නේ නැහැ. පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ඒ ගැන
    saliguruge@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔය ලදරං හැලපගෙන් අහල වැඩක් නෑ. වයසටම ගෙවිලා.. අහගන්නවනං මෙන්න.. මහචාර්ය දුරාචාර්ය ආචාර්ය රථාචාර්ය පිනාචාර්ය මාතලං මහතාගේ බ්ලොග් ඇටවීම පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව

      http://campussyndi.blogspot.com/2014/01/1.html

      Delete
    2. ඔබට පිළිතුරක් ඒවා ඇත.

      Delete
    3. අඩේ දුසකයා,
      මොකක්ද ඩෝ වයසට ගෙවිල තියෙන්නෙ.

      Delete
  23. නුවරඑළිය පැත්ත වගේ. ලස්සන ෆොටෝ ටික...
    හැලපිට ඔය බෙල්ට් එක ඕනේ උනේ නැති උනාට අද හෙටම හැලප අයියට ඕක ඕනේ වෙයි...

    ඊළඟ පෝස්ට් එකේ දානවද කුමාරිව කොස් ගහට හේත්තු කරගෙන මොනාද කලේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් මීදුම නිකං නුවරඑළිය වගේ තමා.
      කුමාරි කොස්ගහට හේත්තු වෙලා ඉන්නවා කතාවෙ ඉතුරු හරිය කියනතුරු.

      Delete
  24. මේ සලාලා නගරෙමද චෙෆා අහස් යාත්තරා මෙව්වෙක හැදුවෙ? නියම පොටෝ ටික තමා.. නුවරෙලිය වාගෙ... අර ඇට තලන පටිය පරෙස්සමට අරන් තියාගන්ඩ.. හැලපක්ක ආවම උඹලැහැටම ප්‍රයෝජනේට ගත්තහැකි...

    ReplyDelete
    Replies
    1. මේ ඔය තියෙන එයාපෝට් එක වෙනුවට තමයි චෙෆාල අලුත් එකක් හැදුවෙ.මීට කිලෝමීටර් කීපෙකට එහායින්.හරිම විශාලයි.හැබැයි ෆ්ලයිට් නෑ.හරියට මත්තල වගේ.

      Delete
  25. ආයෙත් දවසක ඔය කියන ග්රවිටි හිල් එක බලන්න ගියොත් ස්පිරිට් ලෙවල් එකක් අරන් යන්න අමතක නොකර. එතකොට බලාගන්න පුළුවන් ඇත්තටම මෙතන තියෙන්නේ කන්දක්ද පල්ලමක්ද කියල.. "හේ සිද්ධාර්ථ නම් වෙයි " කියන පොත කියවල නැහැ නෙව. ඔන්ලයින් හොයාගන්න තියෙනවද මන්ද.. කොහෙන් හරි ගන්න විදිහක් හරි හොයාගන්න ඕන.

    කුමාරිව කොස්ගහට හේත්තු කරගත්ත කියල කුමාරිගේ අයිතිකාරයෝ දැනගත්තත් ගමේ ගිහින් හමාරයි ඔන්න..

    ReplyDelete
    Replies
    1. පොත මගෙ ළඟ නං තියෙනව දෙන්න විදියක් තමා නැත්තෙ.
      දැන් කුමාරි සහ අයිතිකාරයො කවුරුවත් ගමේ නැති නිසා ප්‍රශනයක් වෙන එකක් නෑ.

      Delete
  26. මට පේන්නේ කොස් ගහ තියෙන තැනත් ඇන්ටි ග්රවිටි තැනක්. එතැනත් හේත්තු කර ගත්තම වාහනේ නිකංම යනවලු.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉන්නවා කොස් ගහ ළඟ කාරෙක නවත්තගෙන හිටපු අයත්.ඒ නිසානේ ඔච්චර හොඳට දන්නෙ.

      Delete
  27. ඇන්ටි ග්‍රැවිටි තියෙන තැනේ කතාව අහලා තිබුනට මමත් විශ්වාස කලේ නම් නෑ. මටත් හිතෙන්නේ ඔතන ඇත්තෙ දෘශ්ඨි මායාවක් කියලා..

    //හැලපි කියන්නේ ඇයට බෙල්ට් එකක් අරගෙන දෙන්නට මගේ කිසිම උනන්දුවක් නැති බවත් බෙල්ට් එක පැළඳගත්තා නම් ගල ගැහුවාසේ ලෙඩේ හොඳවෙන බවත්ය.// හි..හි...

    ReplyDelete
    Replies
    1. ඕකට ඉතිං එක එක අය එක එක අර්ථ නිරූපණ දෙනවනෙ.

      Delete
  28. ඇට කිව්වාම ‍රැවටිලා මේක බලන්න ආපු අය කී දෙනෙක් ඇද්ද මං වගේ.

    මටත් පුදුමයි මැද පෙරදිග රටක ඔහොම තැනක් තියෙනවා කිව්වාම.

    අර ඇන්ටි ග්‍රැවටි සීන් එක නම් මාරයිනේ.

    ReplyDelete
  29. අර උඩ පිංතූර ටික දකිනකොටත්, සීතල තෙතබර ගතිය ඇඟට දැනෙනව.

    මං බැලුව මොකද කියල, බැලින්නං මේ පියන් කාරය ඒසී එක දාල සෙල්සියස් අංශක 17 ට.

    ReplyDelete
    Replies
    1. ඒ සී නැතත් පිංතුර දකිද්දී ඒ මීදුමත් එක්ක සීතල ගතිය ඇඟට දැනෙනවා බං.

      Delete
  30. ඔය පාරවල් වල TRM, GMC වගේ වාහන වලින් වැඩ දාන වැඩ්ඩො හමුවුනේ නැතෙයි.
    මරු ට්‍රිප් එක.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ මෙහෙ වගේ වැඩ්ඩො එහෙ නැති එකනෙ.මරු මරු වාහන නං තියෙනවා.

      Delete
  31. Halape, thawama inne Oman da.

    ReplyDelete
  32. කෝ ආනන්ද හිමියන්ගෙ කවියක් දැන් සිංහල උසස්පෙළ විෂය නිර්දේශයෙ තියෙනවා හැලප මාමේ.. (මාමා කීවට කමක් නැතෙයි..?) මහපොළොව අලුත් කිරීම කියන කවි පොතට පස්සෙ උන්වහන්සෙ වෙන පොතක් ලියුවෙ නෑ මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. මට ඒ පොත නම් බලන්න ලැබිල නැහැ.
      මාමා කිව්වට කිසි ප්‍රශ්නයක් නෑ ඔයාල පොඩි දරුවොනේ.

      Delete
  33. මරු ට්‍රිප් එක හැලපයියේ තව පොටෝ ටිකක් දාන්ට තිබ්බේ නුවර එලිය වගෙ සිතලද නැත්තන් ඉටවඩා වැඩිද කොට කලිසන් ඇදගෙන ඉන්ට පුලුවන්ද හැබෑට මට නිකන් බලද්දිත් හිරිගඩු පිපෙනවා (ප්‍රශ්නාර්ථයක්)

    ReplyDelete
    Replies
    1. සීතල ටිකක් තිබ්බත් ඉන්න පුළුවනි.

      Delete
  34. ඒ පොටෝ වල කොළ පාට හරි සනීපයි ඇහැට... හරි පාළු සීතල හැඟීමක්.කෝපියක් දුමක් දාගෙන කම්පනා කොර කොර ඉන්න මරු පළාත වගේ... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  35. පින්තූර වලින් පරිසරය සුන්දර බව පේනවා...වාහනය ස්වයං ධාවනය වෙන තැන චුම්භක ක්ෂේත්‍රයක් තිබිය යුතුයි.

    ReplyDelete
  36. සැහෙන දවසකින් කියෙව්වා ..ජය

    ReplyDelete
    Replies
    1. සහෝදර බොහොම කාලෙකින් තමා.දකින්න නැතුව කොහෙද ගිහිං හිටියෙ.

      Delete
  37. දෙසැම්බර් කාලෙට නුවර එලිය , බණ්ඩාරවෙල පැත්තේ වගේ ගතියක් දැනෙනවා.. ඔබේ පිටුව හරහා බොහෝ පිරිස් අපේ පැත්තේ එන බව දැනගත්තේ අදයි..

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට වැඩියෙං කට්ටිය එන්නේ ලාංකීය සිතුවිලි හරහා , ඊට පස්සේ මාතයගේ ලොන්ඩරියෙන් , ඊටපස්සේ හැලපයියගේ බ්ලොග් එකෙන්

      Delete
    2. ඔව් ඒ වගේ තමා.මගෙ බ්ලොගෙන් පිරිස එන බව දැනගන්න ලැබීම ගැන සතුටුයි කවිඳු.

      Delete

ඔබේ අදහස්