Monday, January 4, 2016

නව වසරට ආසිරි,කුමාරිගෙ නයිට් කඩේ මහින්දට සිදුවූ අකරතැබ්බය සහ සුද්දගෙ වාසනාව.


අලුත් අවුරුද්දෙ වැඩියම ලියැවුණු වචනය නව වසර වෙන්න ඇති.  සුබ පැතුම්වලට පිළිතුරු ලියල අත රිදෙනවා සුබපැතුම් අහගෙන ඉඳල කණ රිදෙනවා දවස් දෙකතුනක් යනකල් ඔහොම තමයි.   නව වසර කියල ලියන හැම වෙලාවෙම මට කතාවක් මතක් වෙනවා වැඩි දුර අතීතයෙ කතාවක් නෙවෙයි මෑත අතීතයෙ එකක් කතාව මෙහෙමයි.

 වැඩක් නොකෙරුනාට ගම්වල සමිති සමාගම් එහෙම මදියි නොකියන්න තියෙනවනෙ,අපේ ගමෙත් ඒ වගේ තමා එක එක වැඩේට එක එක සමිතිය ගානෙ.  සමිති පිහිටෝල නිලතල බෙදාගෙන නිකං ඉන්නවා, මෑතකදීම බිහිවුණ අලුත්ම සමිතිය කාන්තා සමිතිය කියල එකක්.   ගමේ කාන්තාවො ටික බොහොම උනන්දුවෙන් එහාට මෙහාට දුවනකොට මම මේ මොකද කියල ටිකක් උනන්දුවෙන් හොයල බලපුවම ඒ අය කාන්තා සමිතියක් පිහිටුවාගන්න යනවලු.  ගමට මෙච්චර සමිති තියෙද්දී ආයෙම කාන්තා සමිතියක් අහවල් එකකටද කියල මම කට තියාගෙන ඉන්න බැරිකමට ඇහුවම ගමේ මරණයක් එහෙම උනාම කෑම බීම දෙන්න කාන්තා සමිතියක් අත්‍යාවශ්‍යයි කියල හැරෙන තැපෑලෙන් උත්තරේ ලැබුණා.   ඔන්න ඔහොම ඒ සමිතියත් පිහිටුවාගෙන කාලයක් ගතවුනා හැබැයි කරපු වැඩක් නං ඊට පස්සෙන් පහු දැක්කෙම නෑ.

ඉතිං මම කියාගෙන ආපු කතාවට ආපහු ආවොත් ඔන්න 2007 අවුරුද්දෙ මැද බාගෙ විතර මම ලංකාවෙ ගතකරපු කාලෙක අපේ යාළුවො කීප දෙනෙක් එක සුන්දර හැන්දෑවක ඇවිත් මාව මුණගැහුනා.  සාමාන්‍යයෙන් ඒ වෙලාවට කෙනෙක් මාව හම්බවෙන්න එන්නෙ තමන්ගෙ පාළුව කාංසිය නැතිකරගන්න එහෙම නැත්නම් සතුට හෝ දුක බෙදාගන්න මධුවිතක් ඇසුරු කරන්නට උනත් මේ අය නං ඇවිත් තිබ්බෙ ඊට වඩා වෙනස් කාරණයකටයි.   ආගිය තොරතුරු කතා කරමින් ටිකක් වෙලා ගතකළ මේ අය තමන් ආපු කාරණාවත් මගෙත් එක්ක කිව්වා.  ඒ මොකක්ද කිව්වොත් ගමට තවත් සමිතියක් පිහිටුවා ගන්නට කතාකරගන්නයි.   මම සුපුරුදු විදියට තවත් සමිති ගමට මොනවටද කියල මේ අයගෙනුත් ඇහුවම අලුත් සමිතියේ පරමාර්ථ මේ ගොල්ල විස්තර කළා.  ඔවුන්ට උවමනා උනේ දක්ෂතා ඇතත් නැතිබැරිකම් නිසා ඉගෙනගන්නට අපහසුකම් තියෙන ගමේ දරුවන්ට උදව් කරන්න,එතකොට ලෙඩකට දුකකට බේතක් කරගන්න මුදල් නැතිව ඉන්න අසරණ අයට පිහිට වෙන්න, ඇස් කණ්නාඩි ගන්නට බැරිව ඉන්න අයගෙ ඇස් පාදන්න ආදී වශයෙන් පරමාර්ථ ගණනාවක් කියාගෙන ගියාම මටත් විරුද්ධ වෙන්නට අවශ්‍යතාවක් ඇතිවුණේ නෑ.  ඔන්න ඔය විදියට තවත් සමිතියක් ගමට එකතුවුණා.  සමිතියට කට්ටිය නමකුත් එක්ක අහවල් සහන සේවා සමිතිය කියල නම දාගත්තා.  අලුත් සමිතියෙ ආරම්භයම සෝඩා බෝතලේ කැඩුව වගේ නැගල ගියත් මට සමිතියත් එක්ක වැඩිකලක් ගතකරන්නට නොලැබුණේ ඊළඟ අවුරුද්දෙ මට ආයෙම විප්‍රවාසගත වෙන්නට සිදුවුන නිසයි.

ඊළඟ අවුරුදු දෙක ඇතුළත සමිතිය විශාල දියුණුවක් ලැබුවා,අරමුදල වැඩි දියුණු වුනා බලාපොරොත්තු වුන පරමාර්ථ කරා හෙමින් නමුත් ස්ථිර ගමනක් යන්නට පටන් ගත්තා.  එක අවුරුද්දක මම නිවාඩුවට ලංකාවට ආවෙ දෙසැම්බර් මාසෙ දවසකයි.    ඔය කාලෙ සහන සේවා සමිතිය ගමේ ජනප්‍රියත්වයේ උපරිම තලයේ හිටියා කිව්වොත් හරියට හරි.   අලුත් අවුරුද්ද හෙවත් ජනවාරි පළමුවෙනිදා ළඟ ළඟම එද්දි පළවෙනිදාට සමිතියේ අනුග්‍රහයෙන් ගමේ අයට විනෝද වෙන්නට අවස්ථාවක් ලබා දුන්නොත් නරකද කියල මට නිකමට වගේ හිතුණා.   යාළුවො ටිකට අදහස දාල බලපුවම ඒ අයගෙත් අකමැත්තක් තිබුනෙ නැති නිසා ඔන්න අපි වැඩේ ආරම්භ කළා.   ඉස්සෙල්ලම  නව වසරට ආසිරි කියල වැඩේට නමක් දාගත්ත .   අපට ඕනෑ උනේ සංගීතයක්ම නෙවෙයි සිංදුත් ඇතුළුව නැටුම්ද සහිත කොන්සට් එකක් වගේ එකක් කරන්නටයි.   දැන් ඉතිං මේ වැඩේට අයිටම් ටිකක්  හොයන්නත් එපැයි, ගමේ කෙල්ලො ටිකකට කෙල්ලො කිව්වට උන් ගැටිස්සියෝ, කසන වයසෙ උන්,උන්ට සින්දුවලට නැටුම් කීපයක් කරන්න බාරදුන්නා  එතකොට නැගී එන ගායකයො කීපදෙනෙක් සිංදු කියන්නට ඉදිරිපත් උනා ඔහොම ඔහොම කොන්සට් එකේ අවශ්‍යතාවන් ටික ටික සම්පූර්ණ වෙමින් පවතිද්දී දවසක් තරුණයෙක් මාව හොයාගෙන ආවා.   බලපුවම එහා ගමේ  වැඩි වයසක් නෑ කෙට්ටු කළු කොල්ලෙක් කොණ්ඩෙ එහෙම දිගට වවාගෙන හිටියා.

අයියල පළවෙනිදට කොන්සට් එකක් කරනව නේද? මේ කොල්ල සිහින් හඬින් මගෙන් ඇහුවා.

ඔව් මල්ලි ඇයි?

නෑ අයියෙ අපටත් ඩාන්ස් අයිටම් එකක් කරන්න දෙන්න පුළුවන්ද අහන්ඩයි ආවෙ...

අප්පට සිරි,කන්න පින තියේනං ඉබ්බ ගෙට එනවලු.   මම මේ අයිටම් හොයමින් ඉන්නවා මෙයා මගෙන් අයිටම් ඉල්ලනවා, සිත ප්‍රීතියෙන් පිරී ගියත් මම කොල්ලගෙන් තව ටිකක් විස්තර ඇහුවා ඇයි නැටුම මොකක්ද දන්නෙත් නෑනෙ.

බැරිකමක් නං නෑ මල්ලි ඒත් ඔය ඩාන්ස් එක මොකක්ද?

ඒක විනාඩි හතරක පහක ඩාන්ස් එකක් අයියෙ දෙමළ සිංදුවකට...

මට ඔය ඩාන්ස් එක කලින් බලන්න පුළුවන් වෙයිද මල්ලි?

ප්‍රශ්නයක් නෑ අයියෙ එදාට කොන්සට් එක පටන්ගන්න කළින් අපි සිංදුව දාල නටල පෙන්නන්නං...

හරි මල්ලි එහෙනං අපි වැඩේ කරමු...

ඔන්න නොසිතු නොපැතූ මොහොතක ලැබුණ තෑග්ගක්,ඔය වගේ අහසින් කඩාවැටුන නැටුම් එක්කම හංදියෙ තියෙන  සුද්දගෙ කුලී ගෙයි පදිංචි වෙලා හිටිය කුමාරි(කුමාරි කිව්වට නියම නම නෙවෙයි ඒ වගේ නමක්)ගමේ පොඩි අයගෙන් ළමා නැටුම් දෙක තුනක් දෙන්නංය කිව්වා.   කුමාරි අපේ ගමේ පදිංචියට ඇවිත් වැඩි කාලයක් නැතිවුනත් අපේ සමිතියත් එක්ක හරි එකතුයි.   ඒ වගේම බොහොම ධෛර්යමත් කාන්තාවක් මනුස්සයත් හරිහාමන් රස්සාවක් නොකරන එකේ දරු පවුලත් එක්ක ජීවත්වෙන්න කුමාරි සෑහෙන්න මහන්සි වුණා.   දේශපාලනෙත් කළා ඔය මම කියන අවුරුද්දෙ පළාත් පාලන ඡන්දයකුත් ළඟ  එමින් තිබුණා මතකයි,කුමාරිත් එක ප්‍රාදේශීය දේශපාලකයෙක් පස්සෙන් ගියා මම දැක්කා.   ඔය ඔක්කොම කරන ගමන් නයිට් කඩේකුත් පටන් ගත්තා.   නයිට් කඩේ කිව්වට ඔය සුද්දලගේ ගෙයි පැත්තකින් වාහනයක් එහෙම නවත්තන්න පොඩි මඩුවක් ගහල තිබ්බා කුමාරි මේ මඩුව පිළිවෙලක් කරල හදාගෙන එහෙම නයිට් කඩේ පටන් ගත්තෙ කොත්තු මහින්දත් එක්කයි.   කොත්තු මහින්ද ටවුමෙ රෑ කඩේක කොත්තු ගගහ ඉඳල එතනින් අයින්වෙලා රේල් ගේට්ටුව ළඟ කොත්තු කරත්තයක් කරමින් හිටියා.    මුළු ටවුමෙන්ම හොඳම කොත්තුව තිබුනෙ මහින්ද ළඟ මිනිහා හවසට ගෙදරින් ගෝදම්බ රොටී කපාගෙන ඉඳිආප්ප තම්බගෙන මස් හොදි මාළු හොදි  අමුමිරිස් ඉඟුරු සුදුළූණු තක්කාලි ආදී වශයෙන් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන හවස හත විතර වෙනකොට රේල් ගේට්ටුව ලඟට ඇවිත් වැඩ පටන් ගන්නවා.  අපට කොත්තුවක් කන්න ඕනෑවුනොත් යන්නෙම මහින්ද ළඟටයි.   මම විශේෂයෙන්ම යන්නෙ මහින්ද කොත්තුව ගහන හැටි බලාගෙන ඉන්නයි ඌ එච්චර හුරුබුහුටියට කොත්තුව ගහනවා.   නමුත් මොකක්හරි ප්‍රශ්නයක් නිසා මහින්දට වැඩිකල් කොත්තු කරත්තෙ කරගෙන යන්න ලැබුනෙ නෑ.   ආපහු පාරට වැටුනා නමුත් කොහොමහරි කුමාරිගෙ නයිට් කඩේ නිසා මහින්දගෙ කොත්තුව අපේ ගමටම ආවා.

කුමාරිගෙ අලුත් නයිට් කඩේ ගමේ බොහොම ජනප්‍රිය වෙන්නට ගතවුනේ බොහොම ටික දවසයි.  මහින්දගෙ රසවත් කොත්තුව, බිත්තරරොටී, ගෝදම්බ රොටී,එළවළු රොටී,ආප්ප,ඉඳිආප්ප ආදී කෑම වර්ගවලින් සහ පාරිභෝගිකයන්ට ආදරයෙන් ඇමතූ  කුමාරිගේ සුහද කතා  හේතුවෙන් නයිට් කඩේ බලාගෙන ඉද්දි නැගල යන්න ගත්තා.   මහින්දගෙ ජනප්‍රිය කොත්තුව කන්න අහළ පහළ ගම් හතර පහක සෙනග කුමාරිගෙ නයිට් කඩේට එන්නට වැඩි කලක් ගතවුනේ නෑ.   ගමේ අය උනත් රෑට උයන්නට එච්චර උවමනාවක් ගත්තෙ නැත්තෙ ඕනෑ වෙලාවක කුමාරිගෙ නයිට් කඩෙන් යමක් ගෙනත් රෑට කන්න පුළුවන්කම තිබුන නිසයි.  ඒ දවස්වල අපේ හැලපැට්ටට එහෙම රෑට ගෙදර කෑම කන්නම බෑ සල්ලි ඉල්ලගෙන ගිහිං මහින්දගෙ කොත්තු ගේනවා.   ඌ විතරක් නෙවෙයි අපි කට්ටියත් රෑවෙලා කර්තව්‍යයක් කරන්න කොහෙට හරි සෙට් වුනත් බයිට් එකක් හොයාගන්නට යන්නෙ කුමාරිගෙ නයිට් කඩේටයි.   අපි එනකොටම කාරණාව තේරුම් ගන්න මහින්ද ළූණු මිරිස් එහෙම අතවැඩියෙන් දාපු  විශේෂ බිත්තර රොටියක් හදල දෙන්න පසුබට වෙන්නෙ නෑ.   මාසයක් දෙකක් ඔහොම ගතවෙන්න ඇති එක පාරටම කුමාරිගෙ නයිට් කඩේ වැහුනා කියන ආරංචිය ලැබුණා.    

මොකක්ද උනේ කියල හොයල බලනකොට දැනගන්නට ලැබුණේ හදිසියෙන්ම නයිට් කඩේට පොලීසියෙන් පැනල  මහින්දව අල්ලගෙන ගියා කියලයි.   පස්සෙ දැනගන්න ලැබුණ හැටියට කොත්තුවලට අමතරව මහින්ද බොහොම සූක්ෂ්මව මල් ව්‍යාපාරයකුත් කරගෙන ගිහිං තියෙනවා,කොච්චර රහසිගතව කළත් ඔය වගේ දේවල් හංගන්න බෑනෙ කොහොමහරි පොලීසියට ඔත්තුව යනවා.    වෙන කාගෙන්වත් නෙවෙයි ගනුදෙනු කරුවන්ගෙන්මයි අනික මහින්දගෙ මල් ව්‍යාපාරය පොලිසියෙ රෙජිස්ටර් කරල තිබුන එකෙකුත් නෙවෙයි එහෙම කරල තිබ්බ නං පොලීසියට මාසික බලපත්‍ර ගාස්තුවකුත් ගෙවන්න වෙන නිසා ඒ මුදලත් අතේ ඉතුරුකරගන්න මහින්ද කල්පනා කළා වෙන්න ඇති.    කොහොම උනත් මහින්ද කරගෙන ගිය ව්‍යාපාරය කුමාරි දැනගෙන හිටියද නැද්ද කියල හොයාගන්න ලැබුනෙ නෑ.   කඩේ වැහිල වැඩිකලක් ගතවෙන්න කලින් ගෙවල් කුලිය ගැන සුද්දත් එක්ක අරෝවක් ඇතිකරගත්ත කුමාරි ගෙවල් අත් ඇරල යන්න ගියා.  

පහුගිය සැරේ ලංකාවට ගිය වෙලේ මම සුද්දගෙන් ඔය විස්තරේ හාරා අවුස්සමින් ඇහුවා.   ඒ කාලෙ මහ ඡන්දෙත් ළඟ ළඟම තිබුණ නිසා ඡන්ද උණුසුම හැමතැනම අපේ යාලුවෙකුත් ජේ වී පී එකට සහයෝගෙට ඔන්න ගෙදර පොඩි සාකච්ඡාවක්  ලැස්ති කරල මටත් එන්න කිව්වා.   මම යනකොටත් රැස්වීම පටන් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කෙට ඉල්ලන අපේක්ෂකයෙක් සාකච්ඡාව කරමින් හිටියා.   ටිකකින් සුද්දත් ඇවිත් වාඩිවුනා සාකච්ඡාවෙ නං මෙලෝ රහක් තිබ්බෙ නෑ අවසානෙදි ප්‍රශ්න තියේනං අහන්න කිව්වා.    ඒ ගමන ඒ අයගෙ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන මම ප්‍රශ්න කළාම කිසිම ප්‍රායෝගික බවක් නැති මනෝමුලික උත්තරයක් ලැබුණා.   සුද්ද ඇහුවෙ අතුරුදහන් වෙච්ච තරුණයො ගැනයි ඒකටත් උත්තරේ පෙර පරිදිමයි.   සාකච්ඡාවට ආව අය ගියාට පස්සෙ අපි ඒ ගෙදරම පොඩියට කර්තව්‍යයක් පටන් ගත්තා.   සුද්දගෙ පවුලට දරුවො තුං දෙනෙක් ලැබෙන්න ඉන්නව කියල මට දැනගන්න හම්බවුනේ එතැනදියි.   සුද්දට පින්සිද්දවෙන්න ඊට පස්සෙ අපට බයිට් අවශ්‍ය වුණේ නෑ෴

89 comments:

  1. මහින්දල ඔක්කොම කොත්තු පෙන්නල මල් විකුණගන්න දක්ෂයෝ වගේ. පොඩි සංශෝධනයක් ගෙනල්ල පලාතේ පොලිසියේ පත්කිරීම් කරන බලේ එයාගෙ අතට ගත්තනං දැන් මහින්දගෙ කොත්තු කඩේ ෆයිෆ් ස්ටාර් හෝටලයක්.

    ReplyDelete
    Replies
    1. වෙලාවට එහෙම උනේ නෑ ඉයන්.නැත්නං අපේ ගමෙත් ෆයිව් ස්ටාර් හෝටලයක්.

      Delete
  2. ඇයි බන් හැලපේ අයියේ මේ වගේ පින්තුරු දාල පිටරටවල ඉන්න අපේ මල් වගේ හිත් රිදවන්නේ.. පින්තූරු මදිවට කොත්තුවක් ගැනත් ලියල.. කොත්තු , එළවලු රොටි මදිවට මල් ගැනත් ලියල.. මෙව්වා අන්තර්ජාතික කුමන්ත්‍රණ..

    ReplyDelete
    Replies
    1. ඉතිං බං හැලපෙත් පිට රටක ඉදං කෑම මතක් වෙලා ලියන ඒවනෙ.
      උඹ දැන් කී බෝඩ් එකට කෙල පෙරාගෙන මේක කියෙවුවද ?

      Delete
    2. එහෙම නේන්නං ..රසම රස ඉඟුරු ප්ලේන්ටියක් එක්ක මේ වගේ එලොලු රොටි හත අටක් කන එක සිම්පල් රොකට්ටුවක නැගල තණමල්විල පැත්තේ කරක් ගහල ආවනම්... ආයේ කවද එහෙම චෑන්ස් එකක් වදියිද අයියෙ.. 2015 දෙසැම්බර්වත් ට්‍රයි එකක් දෙන්ට ඕන..

      Delete
    3. 2015 දෙසැම්බර් වලට ට්‍රයි එකක් දෙන්නනං මල් ගෝනියක්වත් ඕන වෙයි.

      Delete
    4. හැක් .. හැක් ..තාම වරදිනවා බාන්... 2016 දෙසැම්බර් තමා කියන්න ඕන උනේ..

      Delete
    5. හැබෑව හැබෑව අන්තර් ජාතික කුමන්ත්‍රණ නේන්නං.හැබැයි බොට වෙච්ච සෙතේමයි මටත්.

      Delete
    6. කම්මලේ,
      ඇත්තටම එහෙම වෙනව කම්මලේ.

      Delete
    7. ප්‍රසා,
      ඌට ආපහු 2015 ට යන්න නං මල් ගෝනියකුත් මදිවෙයි බං.

      Delete
    8. මුලින්ම පින්තුරේ දැකල මම හිතපු එක අම්බලන්ගොඩ කියලා .

      Delete
  3. කෝ කතාව.. බූ..... මං ඇහුවෙ කොන්සට් සීන් එක ගැන..
    අපිටත් ඉන්නව තොල් මහින්ද කෙනෙක් නං හිහි
    මනුස්සයත් සෙදා්ස තොල් සිඹිම් ජාතියෙ ඩෑල් එකක්...
    සෑහෙන්න පේමස් ඒත් මනුස්සය ගෙ ඉස්පෙසෙල් මෙව්ව එකක් හින්ද නෙවී..
    සූකිරි බටිල්ලියක් වගේ ඉන්න සූකිරි කැටයක් වගේ ගෑණු දැරිවියක් ඉන්නව එහෙ ඒ හින්ද
    හිහි

    ReplyDelete
    Replies
    1. කොන්සට් සීන් එක ඊළඟට.ඉතිං බොලා තොල් මහින්ද බලන්න යනවද.

      Delete
  4. ඔව් නේන්නං මල් ව්‍යාපාරය පොලිසියේ රෙජිස්ටර් නොකරොත් අල්ලනවා..

    ඔය වගේ කාන්තා සමිතියක් නෙමෛයි කැම සමිතියක් තියෙනවා උඩවලව දකුණු ඇළ ගම්මානේ. ඒකේ අවමංගල්‍යාධාර සමිතිය දාහකට වැඩි ගානක් ඉන්නවා. ඒකෙන් ටෙන්ට් පුටු, සල්ලි දෙනවා. ඒත් කෑම බිම සම්බන්ධයක් නැති නිසා වෙනම හැට ගානක් එකතු වෙලා කැම සමිතියක් හදල තියෙනවා. හැබැයි කෑම උයන්නේ ඒ හැට ගානේ ගෙවල් වල විතරයි. මල ගෙයක් උනාම වේල් නමයක් තමා සාමාන්‍ය ගාන. ඊට වැඩි උනත් දෙනවා. මාරුවෙන් මාරුවට කැම උයනවා බෙදනවා.. බෝම සාරෙට ඒ සමිතිය යන බව මං පහුගිය දොහේ එහේ ඉන්න මිත්තරයගේ ගෙදර ගියාම දැක ගත්තා..

    අද උඹ ලියපු දෙයක් නැහැ බං. මහින්දයගේ රොටි රස කරා මිසක..

    ReplyDelete
    Replies
    1. උඹ මොකටද උඩවලවෙ කෑම සමිති අස්සෙ රිංගන්නෙ. ඒ මදිවට තනමල්විල පැත්තෙත් ගිහිල්ල තියෙනව වගෙයි. හැක්..

      Delete
    2. මගේ නිවාඩු නිකේතනය තියෙන්නෙ එහේ නිසා නිතර එහේ යනවා.. එච්චරයි.. හැක්

      Delete
    3. දේශා උඹේ අනන්‍යතාව හොයා ගන්න ලේසියි දැන්. උඩවලවේ අපේ එකකුත් තියෙනවා.

      Delete
    4. බොලා දෙන්න සෙට් වෙන වෙලාවට මටත් කියහං. හැක්...

      Delete
    5. සුදීකල බෙන්තර ගග යාන්තං පැන්න වගේ.. ඇන්දිලිත් යන්තං ගෑවිලි යන්නේ. හැක්..

      Delete
    6. මෙච්චර ලියලත් ලියපු දෙයක් නෑ කියන්නෙ මොකක්ද බං.

      Delete
    7. සුදීකල බෙන්තර ගඟ පැනල නෑ බං යන්තං වගේ බෙන්තර ගඟෙන් මෙහා පැත්තෙ ඒ කියන්නෙ බස්නාහිර පළාතේ.

      Delete
  5. කාන්තා සමිතියක් අහවල් එකකටද කියල අහල හැලපෙ ගුටි නොකා බේරිච්ච එක ලොකු දෙයක්.
    මම දන්න තරමින් ගල්පාය පැත්තෙනං ඔය වගේ හොඳට කෙරීගෙන යන සමිතියක් තියෙනව. ඒකෙ වාර්ෂික අයවැය ලේඛනේ ගහන්නෙ මම හින්ද තමයි ඒ ගැන දන්නෙ.

    ඊගාව කෑල්ලෙවත් කොන්සර්ට් එක ගැන තියෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නේද,ඊළඟ කෑල්ලෙවත් කොන්සට් එක ගැන ලියවේවිද බලමුකො.

      Delete
  6. හැලපේ මහින්ද කෙනෙක් ගැන කතාවක් ලියුවේ ජනවාරි 8 ළඟ නිසාද? කොහොමත් ඔය මහින්දලා දෙයක් පෙන්නලා තව දෙයක් විකුණන්න දස්සයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ජනවාරි අට ළඟ නිසා නොවෙයි.

      Delete
  7. දුන්කල වැවිල්ල නවත්තලා මල් වවන්න යන්නේ.. මහින්දලට ආයේ හොඳ කලක් එයි වගේ... මාතලන් නම් ඉස්සර ඉඳලා කියන්නේ.. මල් වවන්නයි, කෂියා පෙරන්නයි, බඩු පොට් දාන්නයි ලයිසොන් දෙන්න කියලා... ආන්ඩුවට බර ගානක් හොයා ගන්න පුළුවන්... අනික මල් භාවිතා කොරලා මැරිච්චි එකෙක් වත් නැති කොට...

    අර කෙට්ටු කොල්ලගෙ ඩෑන්ස් එකට මොකෑ උනේ....

    ReplyDelete
    Replies
    1. දැං කොල්ල වයසයි බං හැක්

      https://www.youtube.com/watch?v=f4AK802QVbQ

      Delete
    2. අප්සෙට් එකක් උනේ නෑ බං.උන් නැටුවා.ඒ ටිකත් කියන්නංකො.

      Delete
  8. අර එළවලු රොටි ටික නම් හරි ප්‍රියමනාපයි...

    අපරාදේ කුමාරිගේ කඩේ...

    ReplyDelete
    Replies
    1. විස්තර කරල තියන විදිහටනං ප්‍රියමනාපයි වගේ

      Delete
    2. ලොක්කා,
      ඔය එළවළු රොටී පින්තුරෙ මම ගත්තෙ ඒකෙ මම දැක්ක ප්‍රියමනාප භාවය නිසාමයි.මං හිතන්නෙ මීට අවුරුදු දෙකකට විතර කළින් අපි අපේ අම්මලගෙ ගමේ යන්න නුවර පාරෙ දංඕවිට හංදියෙන් හරවපු තැනම තිබ්බ මේ කඩෙන් එළවළු රොටී ගත්තා.ලස්සන වගේම තමා හරිම රසයි සැරයි.

      Delete
    3. අටමා,
      විස්තරේ විතරක් නෙවෙයි රොටියත් හරිම රසයි බං.

      Delete
  9. වෙලාවට මහින්දගේ කොත්තුව කන්න ගියේ.කුමාරිගේ කොත්තුව කන්න ගියනම්......

    ReplyDelete
    Replies
    1. තොත්තු හම්බෙයි නේ

      Delete
    2. //කුමාරිගේ කොත්තුව කන්න ගියනම්......//

      අජිනමොටොයි සෝයා සෝසුයි ඕන් නෑ !! ඕ යේස්

      Delete
    3. බොලා එහෙම අපේ පැත්තෙ හිටියනං කුමාරිගෙ කොත්තුවත් කාවි තමා.

      Delete
    4. පත්තරේ,
      ඒවා රෙඩිලි ඇවේලබල් නේද බං.

      Delete
  10. අලුත් අවුරුද්දේ ඔය වගේ ඒළවලු රොටියක් කාලා පටං ගන්න හැකිනං හරිම වටිනවා...... ජය

    ReplyDelete
    Replies
    1. ප්ලේන්ටියකුත් ගහන්ඩ ඕනැ . නැත්තං කෑවෙ නෑ වාගෙ :D

      Delete
    2. කිසි ප්‍රශ්නයක් නෑ අපට නැති උනාට කුරුට්ටන්ට පුළුවන්නෙ.

      Delete
    3. ඇයි පත්තරේ ඊට පස්සෙ ගෝලීප් එක?

      Delete
  11. //සුද්දගෙ පවුලට දරුවො තුං දෙනෙක් ලැබෙන්න ඉන්නව කියල මට දැනගන්න හම්බවුනේ එතැනදියි. සුද්දට පින්සිද්දවෙන්න ඊට පස්සෙ අපට බයිට් අවශ්‍ය වුණේ නෑ //

    ෂෝක් bite එක ද ?

    ඔය මල් කියන්නේ මොනවැයි ?

    ReplyDelete
    Replies
    1. ආ පුෂපේ අයියා..
      ආ.. මල්ලී..
      කොහොමද ඉතිං, ආ වරදක් නෑ මල්ලි ඔන්න ඔහේ ඉන්නවා..
      කොහොමද මේ දවස්වල මල් business එක අ?
      හි හි ඔතනින් වාඩි වෙන්නකො මල් ගැන කියලා දෙන්න.

      මම නම් දන්නෑ මේක කියන්නේ කොහොමද කියලා
      Yes Its True අපිනම් ගන්නේ මේක ඔතලා.
      Taking you high up to the skies above
      Leaving you there, giving you strength to love
      Keeping your soul running when it’s done
      Cops coming in අපිට හැංගෙන්න තැනැක් නෑ
      එලියට ගන්න එපා ඕවා හම්බ වෙන්නේ නෑ
      I will sacrifice my life to save yours
      හැබැයි උබේ මල් ටික දීපන් මචං that’s the best for sure.

      ප‍ාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
      කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

      රතුපාට ‍කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
      Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

      හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.
      Blue berry yum yum මචන් මේක මාර fun
      දැන් නම් මම දන්නවා why cups want us බං

      Pack it up real tight ඔතපන් real nice
      [beep] පත්තු කරපන් ඔක now its my turn right
      Say my name මම එන්නම් දුවලා if you Mary Jane I’ll be your මල් කුමරා
      I got it all figured now my life it aren’t week
      I’m on a bus to get more තණමල්විල weed

      පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
      කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

      රතුපාට ‍කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
      Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

      මේක තමයි life එක පාට පාට dream එක
      කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක
      Feel like I’m drift king [beep] high on this shit!
      අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly
      පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා
      යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා

      මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී
      ඇයි පුෂපේ අය්යේ එහෙම කියන්නේ?
      ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී
      හහ් හහ් හා....

      පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි
      කාට උනත් මං දෙන්නේම නෑ මල්... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

      [cough]

      ගන්න ගන්න මල් මල් මල් .. ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්..
      මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්
      ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්
      රතුපාට ‍දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported
      මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්.

      Pushpe Aiya ge Mal Kade - පුෂ්පේ අයියාගේ මල් කඩේ.
      Singer: KILLER BEE
      Music by: Iraj

      Delete
    2. දැං ඉතිං අහන්න එපා මේක කියවන්නෙ කොහොමද කියල. හැක්..

      මේක බැලුවනං

      Delete
    3. සිංදු ඇනෝ ගේ වැඩ භාර ගත් Praසන්ன

      Delete
    4. සිංදුව මොනාද මේව ගැන දන්නෙ ? තණමල්විලට ලගින්න ඉන්න ප්‍රසා තරම්.
      'ගොඩකවෙල මල් ප්‍රසන්න ' කියල ටවුමෙ ඕනෙ එකෙක්ගෙන් අහපං. සුටුස් ගාල ප්‍රසා ඉන්න තැන පෙන්නයි.

      Delete
    5. සිංදුව මොනාද මේව ගැන දන්නෙ ? තණමල්විලට ලගින්න ඉන්න ප්‍රසා තරම්.
      'ගොඩකවෙල මල් ප්‍රසන්න ' කියල ටවුමෙ ඕනෙ එකෙක්ගෙන් අහපං. සුටුස් ගාල ප්‍රසා ඉන්න තැන පෙන්නයි.

      Delete
    6. ගස්, ඇයි னයා තමයි.
      සූටික්කා, උගේ වැඩේ මට කරන්න බෑ බං
      කම්මල, කට කට... ඕව ප්‍රසිද්ධියෙ කියන ඒවද?

      Delete
    7. Praසන්ன, මම හෙට ගොඩකවෙල යනවා..... කම්මලා කියපු විදිහට අහන්නද ?

      Delete
    8. ඔවු බොලාට කට්ටිය මල්ශාලාවකට පාර පෙන්නයි. හැක්..

      Delete
    9. බාර් එක ඉස්සරහ මල් ප්‍රසන්න කීවම කෝ කියල ඇහුවනං ජිප් එකේම ගියහැකි :D

      Delete
    10. ඔන්න සුටික්කට මල් යයක්ම ලැබිල තියෙනවා.

      Delete
  12. පස්සෙන් දුං දාන එලවළු රොටියක්,බිත්තර රොටියක් කාල.. ප්ලේන්ටියක් පිඹ පිඹ බොන ගමන් සිගරට්ටෙකක් ගහලා බුලත්තිටයි ගෝලීප්පෙකයි අරං සාක්කුවේ දාගෙන කාණුවට කෙලපාරකුත් ගහලා එන්නං මචං කියලා බෝඩිමට ගිය හැටි මතක්කුනා අයියෙ..
    අපේ අම්මලා නම් මහිලා සමිතියක් කියල එකක් අටෝගෙන පාරට තාර ටික දාගත්තා.. එදයිං පස්සෙ අම්මලා ගියේ නෑ.. දැං නියම වලි පුරයක් වෙලා ලු.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නියමයි ගස් ලබ්බෝ හරිම නොස්ටැල්ජීයයි.අපි දෙතුන් දෙනාම එකම බෝට්ටුවෙනේ බං.

      Delete
  13. අච්චාරුවක් වගේ රසවත්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් එහෙම තමා.ඔය අච්චාරුව කාල යන්න බොහොමයක් අය මේ පැත්තෙ එනවා.මං හිතන්නෙ මේ ඔබ කමෙන්ට් කරපු පළවෙනි වතාව වෙන්න ඇති.ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  14. අර කෙට්ටු හාදයගෙ දෙමළ ඩාන්ස් එක
    කොන්සට් එකේ විස්තර
    සුද්දගෙ ගෙදරින් කුමාරි ගිය සිද්ධිය

    ඔන්න ඔව්ව තමයි හැලපයියට ඊළඟ කොටසින් කියන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. උඹට ශුවර්ද ඊළඟ කොටසෙ ඔය ටික තියෙනව කියල.

      Delete
    2. ෂුවර් නං මෙහෙම මතක් කරනවැයි?

      Delete
    3. හරි හරි බලමු මොනවා ලියවේවිද කියල.

      Delete
  15. ඔන්න ඕකනේ හැලප අයියෝ කොරන්න බැරි වැඩේ..
    ඇත්ත කියන්න හැලප අයියගේ නම මහින්ද නේද?????

    මලක් දැක්ක දවසක් මතක නෑ අප්පා සැහ්...


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං නිට්ටඹුවේ සිග්නල් නෑ වගේ මලුත් හොයාගන්න නැද්ද.

      Delete
  16. ඇයි අපේ මහින්ද මාමා විහින් කර ගත්තු අකරතැබ්බය.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මනෝජ් මේ සියවසේ කෙනෙක් විහින් කරගත්ත විශාලම අකරතැබ්බය.

      Delete
  17. චෑඃ..........අද කොන්සට් එක පෙන්නයි කියලා හිතුවේ. කමක් නෑ බලමුකෝ ලබනපාරවත්.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ අද කොන්සට් එක පෙන්නගන්න බැරිඋනානෙ විචා.ඊළඟට වත් බලමු.

      Delete
  18. අර මැසිං බිජ්ජා මාව මහබාගෙ ඉඳං රාජගිරියට ඇරං ආවා නවත්තල කොත්තුවක් කන්න නොදී.. හෙනම ගහපිය ඕකට..නවත්තන්න හදද්දි මුගෙ ඔබ්ජෙක්ෂන් බලකො !!
    මුස්ලිම් කඩවල් වලිං කන්න බෑ.. මැස්සො ඉන්නවනං බෑ..බීෆ් කොත්තු වෙන්න ඕනැ.. කඩේ පිරිසිදු වෙන්න ඕනැ

    ඔහොම තැන් වල කොත්තු කොත්තුයෑ.. ඊට හොඳා පරාටා ටික අමුවෙං කනවා :D

    ReplyDelete
    Replies
    1. සිංහ ලේ, බීෆ් කනවද?.

      Delete
    2. @ L P,

      සිංහ ලේ වීරයන් මොනව කනවද දන්නෙ නෑ, සමහරවිට ලේ බොනව විතරක් වෙන්න ඇති.

      සිංහයොනම් බීෆ් කනවා. බීෆ් විතරක් නෙමෙයි ඕනෑම කුණුවුන හරි මලකුණක් කනවා

      Delete
    3. උඹ මුස්ලිම් හොටලෙකට ගියා නං අටමා පැනල දුවනවා.ගිහිං බලන්නයි තිබ්බෙ.

      Delete
    4. ප්‍රා,ලලිත්,
      සිංහලේ වීරයො බීෆ් කනවා.අනික ගෑනු සතා නැත්නම් සිංහයො බඩගින්නෙ.එහෙනං හයිනාවෝ වගේ කුනුවෙච්ච මළකුණු කන හැටි බලන්න පුළුවනි.ගෑනු සතා දඩයම් කළොත් තමා සිංහයොන්ට අලුත් මසක් හම්බවෙන්නෙ.

      Delete
  19. අපේ ඔෆිස් එක ළඟ අපූරුවට කඩයක් කෙරීගෙන යනවා. කෑම පිරිසිදුයි. මමත් ඊයේ එළවළු රොටි දෙකක් කෑවා. අල ලාබනම් එළවළු රොටි වලට ඒ හැටි ප්‍රශ්නයක් නෑ.

    කුමාරි අක්කගේ කඩේ ගාව පාර අයිනේ වාඩි වෙලා හිතින් ප්‍රේම කරේ එහෙම නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. කඩේ අයිනේ වාඩිවෙලා හිටියෙ නෑ සුදීක කෙලින්ම කඩේට ගිහිං බඩු ගත්තා.

      Delete
  20. කථාවේ ඉතුරු ටික බලන්ඩ තව කී දවසක් බලං ඉන්ඩ වෙයිද හිටං ??

    ReplyDelete
    Replies
    1. ආ නෑ නෑ වැඩි කල් යන්නෙ නෑ.තව ඕනනං මාසයක් දෙකක් බලං ඉන්න වේවි.

      Delete
  21. හරියට කොත්තුවක් කෑවෙ නෑ ඩුබායි ආවත් හරි. ඒකට බහරේන් වල ඉන්දියන් කොත්තු. චිකන් නිකන් ෆාම් එකේ වගේ. එකක් කෑවම දෙවේලකට බඩු. කොහෙද මේ මෙහෙ ඉන්න උන් දෙන්නෙ කුකුල් පිහාටු දාපු ගිණි දැවිල්ල මගුලක්නෙව බන්.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්දියන් උන්ට කොත්තු ගහන්න පුලුවන්ද බං.රොටී කපල කලවං කරල දෙනවා මිසක.මෙහෙ ලංකාවෙ කඩයක් තියෙනවා උන්වත් හරියට කොත්තුවක් ගහන්නෙ නෑ.

      Delete
    2. ඉතින් ගෙදර හදාගනිල්ලාකො බොලල්ලා කොත්තුවක් කටට රහට සැරට ගුණට.. මම හදන්නෙ ෆ්‍රෝසන් පරාටාවලින්.. ටක ටක ටක ටකස් ගාලා ගහන්නැති ටික විතරයි..

      Delete
    3. නෑ බුරා කොත්තුව ගහන්නෙ නැතුව හරියට රස එන්නෙ නෑ.

      Delete
  22. කොම්පඤවීදියේ ඉස්ටේසම ගාව හෝටලේක කොත්තු වගේම ගෝදම්බ රොටි එක මස් කෑල්ලක් එක්ක හොද්දකුයි දෙනවා. මාර බයිට් එක. කුමරිලයි මල් ව්‍යාපාරයි හැමදාම ලඟින් යන්නේ. හැලපයත් හිටපු තැන්

    ReplyDelete
    Replies
    1. ඔය හෝටලේම අජිත් කුකුල් මස් හොද්දකුත් දෙනවා දෙමළෙන් කියන්නෙ කෝලි කියල.කුකුළාට පොල්ලකින් ගහල කුඩුකරලා රතුළුණු යහමින් දාල හදන හොද්දක්.රස ගැන කියන්න දෙයක් නෑනෙ.මොකද මම කාලයක් මැලේ වීදියේ පරණ අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලෙ වැඩකළා.අපි උදේ හවස ඔතනින් යන්නෙ.කොම්පඤ්ඤවීදියෙ ඉස්ටේසමෙන් බැහැල වැඩට යන්නෙ එන්නෙ.ඒ හරියෙ තියෙන හොර පොළවල් ඔක්කොම දැනගත්තෙ ඒ කාලෙදියි.

      Delete
    2. ජර්ක් චිකන්. හැලප මචන් මේ කොයි කලේද? මලේ විදියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එහා පැත්තේ මම කාලයක් ජිවත් වුනානේ.

      Delete
    3. අජිත් මා ඒ හරියෙ හිටියේ 1991 -1993 වසර වලදීයි.අපට එහා පැත්තෙ තිබුනෙ ආමි කෑම්ප් එකක් අද එතන තියෙන්නෙ ආරක්ෂක විද්‍යාලය.

      Delete
  23. මල් මාමා පෙනි සිටින ටක ටකස් කොත්තු මහින්ද නයිට් කඩේ බිස්නෑස් වැඩි වෙන්ටත් ඒක ලොකු හෙතුවක් වෙන්ට ඇති (තිත්දෙකක්)

    ReplyDelete

ඔබේ අදහස්