Sunday, November 29, 2015

ගොඩ්ප්‍රි හමුවීම මාර්තක්කගේ මාළු ලෑල්ල කුණුමාලු ගඟේ මාළු සහ බලු පැටියාගේ පැටිකිරිය.

අපි ගෙතුළ තබා තිබු පුටුවල වාඩිවී ටික වෙලාවක් බලා සිටියත් ගොඩ්ප්‍රි තවමත් නැත.  ඒ වෙනුවට ඔහුගේ බිරිඳ අපිත් සමග කතාකරයි.  ගෙයි සාලයේ තබා තිබු මාළු ටැංකියක් අස්කර වතුර පුරවන තරුණයෙකි.  ඔහු පුතා බව ගොඩ්ප්‍රිගේ බිරිඳ කියයි.  ගේ ඇතුලේ සිට තරුණියක් ඇවිත් අප දෙස බලා ආපසු ඇතුළට ගියාය.  ඒ පුතාගේ බිරිඳ බව අපි අහන්නටත් පෙර ගොඩ්ප්‍රිගේ බිරිඳ කීවාය.  ඒ තරුණිය ඊළඟට ආවේ බීම බෝතලයක් සහ වීදුරු කීපයක් ට්‍රේ එකක තබාගෙනය.  බීම වීදුරුව බී දැමු ප්‍රියන්ත එළියට ගොස් මිදුලේ කැරකෙමින් හිටියේ අපේ කතාවල ඔහුට වැදගත්කමක් නැති නිසාය.  ගොඩ්ප්‍රිගේ බිරිඳ  අප සමග කියමින් හිටියේ ඒ වනවිට දිනෙන් දින උණුසුම් තත්වයකට පත්වන මහ මැතිවරණය ගැනය.   කෘත්‍රිම බීම වර්ග බොන්නේ නැති නිසා බීම වීදුරුව අතේ තබාගෙනම මම ඇයට සවන්දෙමින් සිටියෙමි.   මා බීම වර්ග බොන්නේ නැද්ද කියා ඇය ඇසුවිට ඇල්වතුර වීදුරුවක් ඇතොත් හොඳයි කියා මම කීවෙමි.  නෑ නෑ තේ එකක් හදන්නම් කියූ ඇය නැවතත් මැතිවරණය ගැන කතාබහ පටන් ගත්තාය.  රංජන් රාමනායක දිවුලපිටියේ බොහෝ ජනප්‍රිය බව ඇය කීවේ මහත් අභිරුචියෙනි.   ඇය තද යූ ඇන් පී කාරියක් බව ඒ වනවිට මම ඇගේ කතාවෙන්ම දැන සිටියෙමි.   මට මතක්වුනේ ගොඩ්ප්‍රිලාද පරම්පරාවෙන්ම යූ ඇන් පී කාරයන් බවය.  එකල ඔවුන් හලාවත ආසනයේ මහජන මන්ත්‍රී සහ කතානායක ෂර්ලි කොරයා මහතාගේ දැඩි අනුගාමිකයන් වී සිටියහ.  ගොඩ්ප්‍රි තවම නැත,මට මතක් වුනේ ගොඩ්ප්‍රිත් එක්ක මුලින්ම හලාවත ඔවුන්ගේ ගෙදර ගිය දිනයයි.

හලාවත ගමනේ මුලික අරමුණ වුයේ අපේ ගෙදර තිබුණ දානයකට මාළු ගෙන ඒමයි.  දානයට මාළු සැපයීම ගොඩ්ප්‍රි බාරගත්තේ බලෙන්මය.  හුදෙක් මාළු සැපයීම පමණක් නොව හලාවත ඔහුට කරන්නට හැකියාව තිබුණ දේවල් පෙන්වීමටද ඔහුට අවශ්‍ය වී තිබිණි.  ගොඩ්ප්‍රිගේ ගමන් සගයා ලෙස ඔහුගේ උදව්වට මාව පත්කරන ලදී.  දානයට දවසකට කලින් දවසේ දවල්  අපි දෙදෙනා හලාවත බලා පිටත්වීමු.  ඒ මගේ ප්‍රථම හලාවත ගමනයි.  ටවුමෙන් මීගමු බස් එකට ගොඩවුන අපි මීගමුවෙන් බැසගත්තේ හලාවත බලා යන බසයට ගොඩවීම සඳහාය.  බස් එකට නගින්නට පෙර ගොඩ්ප්‍රි මාත් සමග ගියේ බස් නැවතුම්පොළ අසළ තිබු කොරනේෂන් හෝටලටයටය.   අපි දෙන්නා කොරනේෂන් හෝටලයෙන් උණු පාන් සමග මස් හොදි සප්පායම් වූයෙමු.   පසුව මට තේරුන පරිදි මෙය ගොඩ්ප්‍රි චාරිත්‍රයක් හැටියට කරන දෙයකි.   උදේ දහවල් රාත්‍රියේ හෝ දවසේ කුමන වේලාවක මීගමුවට පැමිණියද බඩගින්නක් තිබුනද නැතුවද කොරනේෂන් හෝටලයෙන් බඩපුරා කෑම ඔහු නොවරදවා සිදුකළේය.  හලාවත සිට ආපසු එනවිටද මේ චාරිත්‍රය මෙසේමය.  එමෙන්ම ඊට පසුවද මා සමග හලාවත ගිය හැමදාමත් මේ සිරිත ඒ ආකාරයෙන්ම සිදුවිය.  හලාවත කලපුව සහ පුත්තලම බලා දිවෙන රේල්පාර අසළ තිබු ගොඩ්ප්‍රිගේ නිවසට අපි ළඟාවූනේ ගොම්මන් යාමයේය.  එදා රාත්‍රියේ  අපි ගොඩ්ප්‍රිගේ මවගේ රසවත්  රාත්‍රී භෝජනයෙන් සන්තර්පණය වී නින්දට ගියෙමු.

පහුවදා උදයේ අපි දෙන්නා හලාවත මාළු වෙළඳපොළට ගියේ අතරමග තිබු ගොඩ්ප්‍රිගේ මිතුරු  ඇන්ටනිගේ ගෙදරට ගොස් ඔහුවද ගමනට එක්කාසු කර ගැනීමෙන් පසුවය.  ඒ ගොඩ්ප්‍රිට වඩා හොඳින් ඇන්ටනි වැල්ලේද මාකට් එකේද ඉන්න අය දන්නා බැවිනි.   එදා උදේ වැල්ලෙන් ගොඩ ගෙනා අලුත් මාළු වෙළඳපොලට කඩිමුඩියේ ගෙනෙන ඒ උදෑසන මාළු වෙළෙන්දන්  ඉතා කාර්යබහුල වුහ.  මාළු ගන්නට පැමිණ පොදිකන සෙනග අතරින් ඇන්ටනි ඉස්සරහට යයි අපි දෙන්නා ඔහුගේ පස්සෙන් ගියෙමු.   මාළු ලෑලි අතරින් රවුමක් යන ඇන්ටනි එක් මාළු වෙළෙන්දියක්  ළඟ නතරවිය.   ඇය ඉදිරියෙන්  බිම අතුරා තිබු  ලොකු  මාළු කීපදෙනාගෙන් එකෙක් ඇන්ටනිගේ සිත පැහැර ගත්තා විය හැකිය.  වෙළෙන්දිය  ඉදිරියේ බිම ඇන බාගත් ඇන්ටනි කතාකරන්නට විය.

මාර්තක්කේ මුං දෙන්නෙ කොහොමද?

මාර්තා මාළුවන්ගේ මිළ ගණන් පිළිවෙලින් කීවාය මිළ මට අද මතක නැත.  මතක්වනවිට අද සිනාගියත්  ඇන්ටනිගේ සිත්ගත් රාත්තල් පහළොවක් පමණ බර තෙල් ගෑවාක් සේ දිලිසෙන අලුත් පරා මාළුවාට ඇය කීවේ ඉලක්කම් දෙකේ ගණනක් බව නම් හොඳට මතකය.   ගණන ඇන්ටනිට හිතට ඇල්ලුවේ නැතිබව ඇඹුල්වී ගිය ඔහුගේ මුහුණින් පෙනුණි.

යකෝ මාර්තක්කේ අබිං විකුණන්නා වගේ මාළු විකුණන්න පුලුවනෑ, එහෙම නෙවෙයි වැඩේ කෙරෙන හැටියට ගාණක් කියාපංකො මොකෝ අපි පිට එවුවොයැ අපිත් හැමදාම මේකෙ කරක් ගහන උන්නෙ...

හරි උඹම ගාණක් කියපංකො එහෙනං...

ඇන්ටනි කියපු ගණන කිසිසේත්ම මාර්තාගේ සිත් නොගත් බව පෙනුණේ ඇය අහක බලාගත් නිසාය.  

මට දෙන්න පුළුවන් එච්චරයි බං ,එහෙනං අපි යන්නද?

එයටද මාර්තා මුවින් නොබැන සිටියේ ඒ අපූරු මාළුවා විකුනාගන්නට කිසිසේත්ම කරදර වෙන්නට උවමනා නැති බව අත්දැකීමෙන්ම දන්නා නිසා විය හැකිය.

ඕං මාර්තක්කේ එහෙනං අපි ගියා...

එහෙම කිව්වත් ඇන්ටනි තවමත් යන්නේ නැතුව එකෙල මෙකෙල වෙමින් ඉඳිමින් මාර්තා ලව්වා මාළුවාගේ ගණන් අඩුකරගන්නට බලයි.  මාර්තාද සද්දක් නැතුව මුවේ කොණක තිබු කළු සුරුට්ටුවෙන්  දුම් ගුලි පිටකරමින් සිටී.  ඇන්ටනිත් ගොඩ්ප්‍රිත් කතාවුනේ ආයෙම මාකට් එකේ රවුමක් ගසන්නටය.   ටිකක් එහාට ගිය ඇන්ටනි ගොඩ්ප්‍රිට කීවේ මාර්තාගේ මාළුවා ඇය කියන ගණනට හොඳටම වටින බවත් තවත් කීයක් හෝ අඩුකර ගන්නට පුළුවන්නම්  ගජලාබයක් බවත්ය.  ඒ අතරම ඒ අපූරු මාළුවා වෙනත් ගැණුම්කරුවෙකු ඩැහැගෙන යාවිදැයි යන සැකයද ඇන්ටනිගේ සිතේ විය.   මාළුවා පෙනෙන හරියෙන් ඉන්නට  ඔහු නිතරම වගබලා ගත්තේ ඒ නිසාය.  නිකමට මෙන් ආයෙමත් මාකට් එකේ රවුමක් කැරකුණු ඇන්ටනිත් ගොඩ්ප්‍රිත් නැවතත්  ආවේ මාර්තාගේ මාළු ලෑල්ලටය.  ඒ ගමන නම් මාළුවා පිට යන්නට නොදෙන්නට ඇන්ටනි හිත හදාගත් බව පෙනෙන්නට තිබිණි.  ආයෙමත් මාර්තා සමග කේවල් කළ ඔහු දෙන්නාටම එකඟවිය හැකි ගණනක් කතාකර ගනුදෙනුව කම්මුතු  කළේය.  මාකට් එකේ කොල්ලෙකුට කියා මාළුවා පලා අතුනුබහන් ඇද දමා ලුණු කුඩුකර ඇතුළේ ගා හොඳින් පාර්සල් කරවා දුන්නේද ඇන්ටනිය.  ගොඩ්ප්‍රිත් මමත් එදා හවස්වෙන විට මාළුද රැගෙන ගෙදරට සම්ප්‍රාප්ත වුයේ සුපුරුදු ලෙස මීගමුවේ කොරනේෂන් හෝටලයේ චාරිත්‍රයද නොඅඩුව ඉටුකරමිනි.  දවාලට ගොඩ්ප්‍රිගේ අම්මාගේ රසවත් කෑම වේල කුස පිරෙන්නටම ගිල දමා  පිටත්වූ අපි ඊට පැයකට හමාරකට පසුව මීගමුවෙන් බඩපුරා මස් හොදිත් සමග පාන් කෑවේ මොන ආකාරයකට කොහාටදැයි අද නම් හිතාගන්නටත් බැරිවුණත් එකල කොලු වයසේ සිටි අපගේ කෑම රුචිය බෙහෙවින් ඉහළ තත්වයක තිබු බවනම් මට  හොඳහැටි  මතකය.  ගෙදරට මාළු කුරියා බාරදුන් ගොඩ්ප්‍රි මාළු ගේන්නට අපේ තාත්තා දුන් මුදලෙන් කීයක්ද ඉතුරුත්  දුන්නේ මෙච්චර ලොකු මාළු කුරියෙක් ගෙනැවිත් සල්ලිත් ඉතුරු උනාදැයි ඇසු තාත්තාද විස්මයට පත්කරවමිනි.  ගොඩ්ප්‍රිට අවශ්‍ය වුනේද අපේ තාත්තා විස්මපත් කිරීම බව මා සිතුවෙමි.  ඉතුරු මුදලත් අතේ තබාගෙන ගොඩ්ප්‍රි දෙස පුදුමයෙන් බලාසිටි අපේ තාත්තා දෙස බැලු ගොඩ්ප්‍රි හක හක ගා සිනාසී අහිංසකව ඒ සතුට විඳගත් ආකාරය මට අද මෙන් මතකය.  නමුත් සත්‍යය නම් ගොඩ්ප්‍රි තාත්තා දුන් මුදල් වියදම් කළේ මාළුවා මිළදී ගන්නට පමණක් වීමයි.  ඉතිරි වියදම් සියල්ලම ඔහු සියතින් දැරුවේය.

මීට බොහෝ ඈත කාලයක සිදුවූ මේ සිද්ධිය අදටත් මතකයේ  කිසිම මළකෑමක් හෝ නොමැතිව ඉතා පැහැදිළිව මගේ හිතේ සටහන්වී තිබෙන්නේ ඒ මා එවැනි දෙයක් අත්දුටු පළමුවන වතාව නිසා විය හැකිය.  ඊට පසුකාලීනව මෙන්ම අද වනතුරු මා කොතෙකුත් මාළු මිලදීගෙන ඇතත් මේ ලෙසට මතකයේ ඇත්තේ තවත් එකම එක සිද්ධියක් පමණකි.   එනම් කිරින්දේ ධීවර වරායේදී එක්තරා කපටි පුද්ගලයෙක් මා රවටා අධි ශීතකරණයේ තිබී අරගත් හද්දා පරණ කුණුවූ ගල් මාලුවෙක් අද උදේ අල්ලාගෙන ආ එකෙක් කියා නොවටිනා මිලකට මට විකිණු අවස්ථාවයි.   ඒ සිද්ධිය මෙන්ම කළු කෙට්ටු නරියෙකුගේ මෙන් කපටි මුහුණක් තිබු ඒ පුද්ගලයාගේ කපටි සිනාවද අදටත් මගේ මතකයේ හොඳින් තැන්පත්වී ඇත.  ඊට පසුව නම් මා කිසිදිනෙක කුණු මාළු මිලදීගෙන නැත.  ඒ මාළු වෙළෙන්දන්ගේ හොඳකම නිසා නොව මා මාළු ගන්නේ විශ්වාස මෙන්ම තෝරාගත් වෙළෙන්දන් එක්කෙනෙකුගෙන් හෝ දෙන්නෙකුගෙන් නිසාය.   නැත්නම් අපේ ටවුමේ මාළු කඩේ විකුණන්නේම කුණු මාලුය.  අපේ ගමේ කොල්ලන් කියන්නේ ඒ මාළු කූරයියන් මුහුදේ ගතකළ කාලය මෙන් දෙගුණයක කාලයක්  ඩීෆ්‍රීසර්  එකේ ගතකර ඇතැයි කියාය.   ටවුමේ මාළු විකුණන සියලු දෙනාම  අපේ අල්ලපු ගමේ කොල්ලන් වුවද ගමේ කමටවත් උන්ගෙන් හොඳ මාළු කෑල්ලක් ලබාගන්නට බැරිය.   චාටුකතා කියමින් විකුණන්නේම කුණු හෝ කුණුවෙන්නට ඔන්න මෙන්න කියා ඇති මාලුය.  ඒ නිසා මම දැන් වැරදිලාවත් ටවුමේ මාළු ලෑලි දෙස බලන්නේ නැත.  උදේ පාන්දර සයිකලේ පෙට්ටියත් බැඳගෙන මීගමු ගොස් අලුත් මාළු ගෙනත් විකුණන කොල්ලෙක්ගෙන් දැන් මාළු ගන්නෙමි.  ඌ විකුණන මාළු ගිණි ගණන්ය,කොහොමද කිව්වොත්  මීගමුවෙන් හයසීයට ගන්නා ඉස්සන් ඌ මට විකුණන්නේ එක්දාස් දෙසීයටය.  එහෙම වුනත් ප්‍රශ්නයක් නැත්තේ ගාන වැඩිවුණත් මා රැවටී නැති නිසාය.

උදේ පාන්දර  අපේ ටවුමට මාළු අල්ලන තංගල්ල වැනි ඈත පළාත්වලින් ඩීෆ්‍රීසර් වෑන් වල පටවාගෙන මාළු ගෙනත් විකුණයි.   ටවුමේ මාළු කාරයන් කරන්නේ ඒ තොගේටම උන්ගේ කුණුමාලුත් ඩීෆ්‍රීසර් වෑන්වල ගෙනත් විකුණා ගන්න එකය.   ඒ වගේම ඉතා නිර්මාණශීලී ආකාරයට තමන්ගේ කුණුමාලු තොග විකුණා ගන්නා මාළුකාරයන් පිරිසක්ද වේ.   ඒ පානදුර වැල්ලේ මාළුකාරයන්ය.   ඉතුරුවී ඇති කුණු මාළු ටික  බෝට්ටුවල පටවා මුහුදට ගෙනයන ඔවුහු උදේ පාන්දර රස්සාවට ගිය ධීවරයන් ආපහු එන්නා සේ ගෙනගිය මාළුවලට මුදු වතුරද ඉහගෙන පාලම ළඟින් ගොඩ දමා  අලුත් මාළු කියා ගජරාමෙට විකුණති.   මේ සිද්ධිය මා අත්දැක්කේ ඒ කාලයේ  පානදුර උස්වත්තේ පදිංචිවී හිටපු තිලක් අයියලාගේ ගෙදර ගියපු දවස්වලදීය.  තිලක් අයියා පානදුර ටවුමේ මාළු මිළදී ගන්නේ නැත.  එහි ගියවිට අපි කන්නේ ගඟේ මාළුය.  දවල්ට ගඟට නාන්නට යන අපි ආපහු එන්නේ ගඟෙන් අල්ලපු  ඉස්සන් පොදියක්ද අරගෙනය.  ඒ ගඟ මොකක්ද කියා අද මට මතක නැත හමුවෙන්නේ පානදුර සිට හොරණ පාරේ යනවිට වියයුතුය.  අපි නාගෙන ආපහු එනතුරු තිලක් අයියාගේ අක්කා උයන්නේ නැතුව බලා ඉන්නේ  ගඟේ මාළු අරං එන බව ඇය දන්නා නිසාය.   නාගෙන ඇවිත් ගෙයි තියෙන බෝතලය අරගෙන වීදුරුවෙන් කටකපා එකක් ගිලදමන තිලක් අයියා සීඩී එකක් යන්ත්‍රයට දමයි ඔහු බොහෝවිට දාන්නේ නෘත්‍ය ගීතය.  දෙකක් තුනක් වදින කළ වාදනය වෙන ගීත තාලයට තිලක් අයියා බඩ හොල්ලමින් සාලයේ නටයි,බොන අපිට බයිටට අක්කා ගෙනත් තියන්නේ ඩෙවල් කල ගඟේ ඉස්සන්ය.   හොඳටම නටා වෙහෙසට පත්වෙන අපට ඉන්පසුව ලැබෙන්නේ අක්කාගේ  සරුසාර දවල් අහාරයයි.   කෑමෙන් පසුව ගේ පිටුපස ඇති අලංකාර  පැළපොල් වගාවේ ගස්යට වාඩිවී සිටියදී වෙල් හුළං වදිනවිට එතනම හොඳට නින්ද යයි.   දවසක් බිරිඳත් සමග තිලක් අයියලාගේ ගෙදර ගිය විට අපි දෙන්නාද පොල් පැළ දෙකක් සිටවුවා මට මතකය අද ඒ පැළ දෙක ගෙඩි හැදෙන මහගස් වී ඇතුවාට සැක නැත.

ගෙදර ඇතිකළ බලු පැටියාට තිලක් අයියා බොහෝ ආදරය කළේය.  කුඩුවක දමා හදපු ඌට ගෙදර අයට කන්නට නැති කෑමද දෙමින් සැපසේ ඇතිකරන්නට ඔහු පසුබට වුයේ නැත.  දවසක් තිලක් අයියලාගේ ගෙදර ගිය වෙලාවක බලු පැටියා බලන්නට මම ගියද තිලක් අයියා ඌ ගැන එච්චරම සතුටකින් කතාකළේ නැත.  හේතුව ඇසුවිට ඔහු කීවේ මම මෙච්චර හොඳ කෑම කන්න දෙද්දීත් මේ බල්ලා එළියට දැම්ම විට වේලිච්ච ගොම කන බවය.   ඉතිං තද වෙන්නෙ නැද්ද කියූ තිලක් අයියා ඒ මුගේ පැටිකිරියේ වැරැද්ද යයි කීවේය.   මොන තරම් හොඳ බල්ලෙක් උනත් පැටිකිරිය සවුත්තු නම් උගෙන් ඇති වැඩක් නැතැයි කී තිලක් අයියා බලු පැටියාට තිබුණ ආදරය දැන් නැතිවී ගොස් ඇති බවද කීවේ මා සිනා ගන්වමිනි.   2004 වසරේ ඇතිවූ සුනාමිය දකින්නට තිලක් අයියාට නොහැකි විය.  එවකට මා හිටියේ යුරෝපා රටකය එය ශීත සෘතුවේ නොවැම්බර් මාසයේ ඉර එළියක් දකින්නට නැති උදයකි.   ඇටකටු පවා විනිවිද යන ශීතලක් තිබු ඒ අඳුරු උදයේ අහන්නට අකමැති මුසල පණිවිඩය දුන්නේ අපේ මස්සිනාය.  මම පසු දවසක තිලක් අයියාගේ අක්කාට කතා කර මගේ ශෝකය පළකර සිටියෙමි.  හදිසි හෘදයාබාධයක් හේතුවෙන්  තිලක් අයියා සමුගත් ආකාරය ඇය හඬමින් මා සමග විස්තර කළාය.  හක හක ගා  සිනාසෙන තිලක් අයියාගේ සොඳුරු රුව මගේ හිතේ දැන් නැත්තේ ජයට හැඳ පැළඳගත් තිලක් අයියා උඩුකුරුව සයනය කරන පිංතුරයක් අක්කා මා වෙත තැපෑලෙන් එවා තිබු නිසාය.  ඇය මට ඒ පිංතුරය නොඑව්වා නම් මා වඩා කැමතිය෴

115 comments:

  1. කෝ අනේ හැලපයියෝ ගෝඩ්ෆ්‍රී..... ඌව එලියට දාන්නේ කවදද??

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඌ ගේ පිටිපස්සෙ ඉඳල ඇතුළට එමින් ගමනෙනේ.ඉවසගෙන ඉඳින්කො අනේ මන්ද බොලාට තියෙන ගිනිපුක් ගාය.

      Delete
  2. ඕකට ගොඩ්ෆ්‍රි නෙවෙයි පබා කියල දාපිය

    ReplyDelete
  3. හැලපෙ අයියයි , රවි අයියයි ගේකට රිංගුවොත් එලියට ගන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් රිංගුවත් එලියට ගන්න බෑ. දෙන්නම රිංගුවොත් ඒ ගෙදර පදිංචි වෙයි.

      Delete
    2. රන්දිල් අම්මණ්ඩිට වෙලා තියෙන්නෙ ඒකනෙ. රවිය රංගගත්තා උන්දැගෙ බ්ලොග් එකට. දැං රන්දිල් අම්ම්ණ්ඩිට ඉන්න තැනක් නැතුව, ඉන්නෙ පිළිකන්නෙ කරපිඤ්ච ගහ යට...

      Delete
    3. අනේ අපේ නං වැරද්දක් නෑ.නොඑන කම නෙවෙයි බං ඇතුලෙ වැඩ ඔක්කොම ඉවරකරලා එපැයි එලියට එන්න.

      Delete
  4. අදනං ගොඩ්ප්‍රි අමතක කරල තනිකරම කෑම ගැන තමයි පෝස්ට් එක දාල තියෙන්නෙ.
    කමක් නෑ ලබන අවුරුද්දට ඉස්සෙල්ලවත් ගොඩ්ප්‍රි කාරය එළියට එන්නෙ නැතැයි.

    බල්ල ගැනනං කියන්න තියෙන්නෙ

    //කවාලා විළඳ ජාති
    ඇති කලත් රන් කූඩුවේ ගිරවා
    දමාලා යන්නෙ ඉගිලී
    රැව් දිදී ලබනාසෙ වන සැපතා// කියල තමයි

    ReplyDelete
    Replies
    1. අහල නැද්ද රත්තරන් පිඟානෙ කන්න දුන්නත් බල්ල බෙට්ට ගහන්නෙ එලියෙ කියල

      Delete
    2. රස ආහර කවලා
      බලු කූඩුවෙ දමලා
      ඇතිකරන්න ගත්ත
      මගේ ටොමියා …

      Delete
    3. ඔව් ඔව් ලබන අවුරුද්දට ඉස්සරවෙලා පොර එළියට ඒවි.

      Delete
  5. අර ගල් මාළුව ගෙදර අරං ගියාට පස්සෙ හැලපක්කගෙන් කුණුවෙන්න අහගත්තයි කියල මෙතන දාන්න බැරිවෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ගල් මාලුවයි ගල් බාගෙකුයි අරං ගිහින් තියෙන්නෙ :D

      Delete
    2. ගෙදර නෙවෙයි බං කතරගම රෙස්ට් එකකටයි ගියෙ.මාළුවා කපනකොට හැලපක්කගේ අත් කසන්න ගත්තා ඒකෙන් තමා වැඩේ අහුවුනේ.ඊට පස්සෙ ලැබුණ උපහාරය ගැන නම් කියා පලක් නැත.

      Delete
    3. පත්තරේ,
      ගල් මාළුවා කුණු ගොඩට විසිකරලා ගිහිං බට්ටො වැලක් අරං ඇවිත් පෙතිකපල බැදගත්තා ගල් බෝතලේ ගහන්න.නැත්නං බෝතලේ අපරාදෙනෙ.

      Delete
  6. යකෝ හැලපයියේ, ගොඩ්ප්‍රි මැරෙන්න කලින් ඌව ගෙයි පිළිකන්නේ ඉඳල ගෙයි ඉස්සරහට ගේන්න විදිහක් ඇත්තෙම නැද්ද...
    මිනිහා පොල් ලෙලි ගහනවා කියලද කිව්වේ, ආආආ... එහෙනම් ටිකක් වෙලා යන්න ඇහැකි තමයි...

    ReplyDelete
    Replies
    1. හාමිනේ ඉස්සරහ ඉද්දි? ඈ..

      Delete
    2. අල්ලපු ගෙදර පොල් වගයක් ලෙලි ගහනවා ඇති

      Delete
    3. @ කමියෝ..\\හාමිනේ ඉස්සරහ ඉද්දි? ඈ..//
      පිස්සු.....ඉස්සරහ ඉඳන් කොහෙමයි ඒ වැඩේ කොරන්නේ...පොල් උල හිටවලා උඩින් ඉඳන් එපැයි ඒක කරන්න...කමිය දන්න පොල් ලෙලි ගැහිල්ල...!

      Delete
    4. පොල් උල කිව්වම මතක් උනේ... දන්කොටුව පැත්තෙ උලු මෝලකට ගියාලු පොරක් උළු ගන්න.. මුදලාලි ගෙදර හිටියෙ නෑලු.. නෝන එක්ක බිස්නස් එක කතාකරන්න හිතාන බුවා ඇහුවලු " කොහොමද නෝන ඔයාලගෙඋළු වල කොලිටිය" කියල. නෝන කිව්වලු " මොනව අහනවද මහත්තය , අපේ මහත්තයගෙ උලට ගහන්න උලක් මේ දන්කොටුව පලාතෙම නෑ" කියල..

      Delete
    5. නෑ නෑ බං දැන්ම ඌ මැරෙන්නෙ නෑ.පොල්ලෙලි ගහනවද තීන්ත ගානවද කියල නං උගෙ පවුල කිව්වෙ නෑ.කොහොම උනත් මොකද කලේ කියල එලියට ආවහම බලාගන්න බැරුවයැ.

      Delete
    6. කමියෝ,
      ඔය වගේ කතාවක් ආරියසේනටත් හදල තිබුණා.

      Delete
    7. මෙන්ඩා,
      ඒකත් කියන්න බෑ අල්ලපු ගෙදරට උදව්වට එහෙම වැඩක් කළාද දන්නෙ නෑනෙ.ඌ ඒ වගේ අහල පහල ඈයන්ට සලකන්ට දන්න මිනිහා.

      Delete
    8. චෙෆාකි,
      අප්පට හුඩු මේ ඉන්නෙ පොල්ලෙලි ගැහීමේ විශේෂඥයෙක්.

      Delete
    9. සජ්ජා,
      ඇත්තනේ බං.මහත්තයගෙ උල ගැන නෝනා තරම් හොඳට වෙන කවුද දන්නෙ.

      Delete
  7. ඈ බං හැලපේ ගොඩ්ප්‍රියා මැරෙයි බං අගුව අස්සෙම... හැක්.. කාම පෝස්ට්...

    ReplyDelete
    Replies
    1. මං මොනව කරන්නද බං ඌ නොවැ ඉස්සරහට එන්න ඕනෑ. කාම පෝස්ට් කියන්නෙත් අර මැලයගේ කාම පැය වගේ එකක්ද.

      Delete
  8. ගොඩ්ෆ්‍රිගේ බිරිඳ රංජන් රාමනායක ගැන කියා තේ එකක් හදාගෙන එන අතරතුර ගොඩ්ෆ්‍රි එම ගෙදර විකුණා පිටරටක පදිංචියට ගොස් තිබිණි. එම තේ එකට සීනි වෙනුවට වැරදීමකින් ලුණු වැටී තිබුණ බැවින් ඉන් පසු තේකක් දකින හැම අවස්ථාවේම සිහිවන්නේ ගොඩ්ෆ්‍රිගේ බිරිඳගේ තේ එකයි.

    ReplyDelete
    Replies
    1. මේක හැලපගෙ ඊලඟ පෝස්ට් එකෙන් කොටසක්

      Delete
    2. ඊළඟ පෝස්ට් එක පටන්ගන්න එහෙම හොඳයි තමා.ඊට පස්සෙ කෙළින්ම තලවකැලේ පැත්තෙ තේ වත්තකට යන්න බැරියැ.

      Delete
  9. කියවනකොට මට හිතුනේ අම්මපා කොමෙන්ට් එකක් ලියනවා හතර අතට අඹරලා කියලා හැලපයාට හිතා ගන්න බැරිවෙන්න.. ඒත් දැන් කම්මැලියි..ඔන්න ඕකනෙ හැලපයියගෙයි අපෙයි වෙනස..
    ගොද්ප්රි ගැන බලාපොරොත්තු අත ඇරියා.. :/

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි...++++++++++++++++++++

      Delete
    2. ඒකත් අර අවි අමෝරා ගෙන යුද්දෙට ගිහිං යුද්දෙ පටන් ගන්නත් ඉස්සර යටත්වුනා වගේ වැඩක් නේද බං.බලාපොරොත්තු අත්හැර ගන්න එපා ගොඩ්ප්‍රි ළඟදීම එලිබහිනවා.

      Delete
  10. //ඒ මාළු කූරයියන් මුහුදේ ගතකළ කාලය මෙන් දෙගුණයක කාලයක් ඩීෆ්‍රීසර් එකේ ගතකර ඇතැයි කියාය//
    බ්‍රොයිලර් කුකුලගෙ ආයු කාලය දවස් හතලිස් පහයි. ඌ ඊට වැඩි කලක් ෆ්‍රීසර් වල ඉන්නව.

    මේත් මාළු විකිණිල්ලක්

    ReplyDelete
    Replies
    1. කුකුල්ලු මාලුන්ටත් වැඩි කාලයක් ඉන්නව තමා.මම නං දැන් ෆ්‍රීසර් කුකුල්ලු ගන්නෙ නෑ.ෆ්‍රෙෂ් උන් ගන්න පුළුවන් නොවැ.

      Delete
  11. ආත බුත වෙනවා අයියන්ඩි...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං කන්ටේනරයක් වත් රිටන් වෙලාද.

      Delete
  12. නාන්න ගිහින් තියෙන්නෙ හොරණ පාරෙ වෙන්න බෑ, හොරණ පාරෙ බොල්ගොඩ ගග හම්බවෙන්න බණ්ඩාරගම කිට්ටුවටම යන්න ඕනෑ. ගිහින් ඇත්තෙ හිරණ තොටුපොල පැත්තට ඒ හරියෙ තමයි බොල්ගොඩ ගගේ මාලු අල්ලන අය ඉන්නව මම දැකල තියෙන්නෙ. නාන තොටුපලවල් තියෙන්නෙත් ඒ හරියෙ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව්,හොරණ පාරෙ හම්බවෙන බොල්ගොඩ ගඟේ පාලමක් මිසක් තො‍ටුපලක් නෑ. බොල්ගොඩ ගඟේ ඔය කියන විදිහේ තො‍ටුපලවල් සහ නාන්න තැන් තුනක් තියනවා:

      මහබෙල්ලන තො‍ටුපල
      හිරණ තො‍ටුපල
      රුක්ගහ තො‍ටුපල

      අපි පොඩිකාලෙ නම් හිරණ,රුක්ගහ තො‍ටුපල වල පාලම්පාරුත් තිබුණා. රස වෑහෙන්න නියම හැලප ඉස්ටැයිල් එකටම ලියල තියනවා. කොලු කුරුට්ටො කාලෙ කිරල කාපු හැටි, යාළුවොන්ගෙ ගෙවල් වලින් මිරිසට උයපු අලුත් ගඟේ මාළුත් එක්ක ඉඳිආප්ප කාපුව මතක් වෙලා කටට කෙලත් ඉනුවා

      Delete
    3. ගිය පළාත ගැන කියල දුන්නට බොහොම ස්තුතියි පැණිකු.අපි ඉතිං තිලක් අයිය පස්සෙන් ගියාට කොහේ යනවද දැනගෙන ගිය ගමනක් නෙවෙයි නොවැ.,ඇ,ඇ හිතන්නෙ ඒ මහබෙල්ලන තොටුපොල වෙන්න ඇති.

      Delete
    4. බස්සා,
      ගඟ සහ තොටුපොළවල් ගැන අයුරු කියාදුන්නට බොහොම ස්තුතියි.කොග්ගල ගිහිං කිරලත් කලපුවෙ මාළුත් රසට කාපු කතාවක් මගෙ ලඟත් තියෙනවා.තාම අපි ඉන්නෙ පානදුරේ නොවැ.පානදුරේ ඉඳන් කොග්ගලට ගොඩක් දුරද දන්නෙ නෑ.

      Delete
    5. අරුක්ගොඩ පාරෙන් යන තොටුපලේ පාලම් පාරුව තියනව. ලඟදි රෙපෙයාර් කලා. රුක්ගහ කියන්නෙ ඒක නේද?

      Delete
    6. @හැලපෙ
      පානදුරේ ඉඳන් කොග්ගලට ඒ හැටි දුරක් නෑ. ඔය කියපු පානදුරේ රේල් පාලම ලඟ ජොයින්ට් එකෙන් මමත් මාළු අරගෙන තියනවා. මුන් මටත් කුණු මාළු වික්කා වත්ද? දීයාම කාපිය.

      @ප්‍රාජේ

      ඔව්, කුරුස හංදියෙන් හැරිලා අරුක්ගොඩ පැත්තට කෙලින්ම ගියාම හම්බවෙන්නෙ රුක්ගහ තො‍ටුපල. ඒත් ඒ පැත්තෙන්ම හිරණ තො‍ටුපලටත් යන්න ඇහැකි.

      ප්‍රාජේ ඒ සාවිය ගැන දන්න පාටයි. හොඳ වෙලාවට මූකලං බස්සා කිව්වට එහෙ කවුරුත් නොදන්නෙ? නැහ්නං පටි රෝල් :)

      Delete
  13. එළට ලියල තියනවා, කෝ ගොඩ්ප්‍රී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ගොඩ්ප්‍රි තාම ගේ ඇතුළට එනවා.

      Delete
  14. බස් නැවතුම්පොළ අසළ තිබු කොරනේෂන් හෝටලටයට ඉස්සර අපිත් යනවා මේකේ ශෝර්ට් ඊට්ස් හරි රහයි

    ReplyDelete
    Replies
    1. පොදුවේ කෑම කෝවත් බොහොම රසට තියෙන බවයි පිළිගැනීම.ආපහු යන්න ආසයි.

      Delete
  15. ඈ බං හැලපයියේ , එතකොට ගොඩ්ප්‍රී ඇත්තෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඉන්නවා ඇයි නැතුව.ඉවසං ඉඳින්කෝ.

      Delete
  16. Replies
    1. ගේ ඇතුළට එමින් පවතිනවා බං.මොකක්ද මේ තදියම.ඉවසං ඉඳහන්කො.

      Delete
  17. හෑ.................දැන් ඔය ඩීෆ්‍රීසර් කිව්වේ, defreezer ද, නැත්නම් deep freezer ද?

    අර ගඟ වේරැස් ගඟද?

    ReplyDelete
    Replies
    1. ඒ දෙකෙන් කුමක්දැයි නොදනිමි.අර ගඟ නම් බොල්ගොඩ ගඟයි.

      Delete
    2. defreezer කියලා ජාතියක් නෑ විචාරක ලොක්කො. නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගෙ නහගන්නැතුව ඉඳිං.

      Delete
    3. නැති බව දන්නවා සොක්කා. defreez කියන ක්‍රියා පදය ගැන අහලා නැති සොක්කෙක් එක්ක, ඉංග්‍රීසි භාෂාව ගැන කුමන කතාද. ලැජ්ජයි සොක්කෝ, තමන්ගේ නොදන්නාකම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැන.

      මෙන්න මේක බලලාවත් ඉගෙනගනින් හම්පඩ සොක්කෝ.

      http://www.collinsdictionary.com/dictionary/english/defreeze

      Delete
  18. ගල් බනිස් වල ගල් නැත.. වැලි තලප වල වැලි නැත... ගොඩ්ප්‍රිගෙ කතාවේ ගොඩ්ප්‍රියා නැත..නමුදු රස එමට ඇත...

    ReplyDelete
    Replies
    1. මහින්ද සමග නැගිටිමු රැස්වීම්වල මහින්ද නැත.නමුත් සෙනග අඩුවකුත් නැත.

      Delete
    2. බ්‍රා මෙන්ඩාගේ ගෑනි කඩෙන් අරන් බ්‍රා අදිනවා..

      Delete
    3. ඒක ඉතිං තනිකර උඹේ වැරැද්ද.

      Delete
    4. යකෝ උඹලට ෆ්‍රී කෝටා එකක් තියෙනවා නේද? වටේට බෙදන එකේ ගෙදරත් ගෙනියපං...

      Delete
  19. "අපි දෙන්නා කොරනේෂන් හෝටලයෙන් උණු පාන් සමග මස් හොදි සප්පායම් වූයෙමු" ඈ හල්පේ අයියේ .. මෙහෙම ලිව්වේ හිතා මතාද නැත්තම් වැරදිලාද??? හැබැයි මගේනම් කෑමේ ස්ටයිල් එක මෙහෙම තමයි.. බහුතරයක් කට්ටිය පරිප්පු සමග පාන් කනකොට මම පාන් එක්ක පරිප්පු කන මොඩල් එකක්.. බහුතරයක් උදවිය මාළුපිණි එක්ක බත් කනකොට මම බත් එක්ක මාළුපිනි කන මොඩල් එකක්.. ගොඩ්ප්‍රිත් එහෙම මොඩල් එකක්ද හැබෑටම? කාලෙකට ඉස්සර පානදුර හෝටලේකින් පරාට කෑවා .. පරාට 4යි පරිප්පු දීසි නවයයි... වේටර් අන්තිම පරිප්පු දීසිය ගෙනෙද්දී තමා කිව්වේ සර් පරිප්පු දීසි නවයයි කියල...ගොඩ්ප්‍රි ගෙයින් එලියට එන්නනම් ඉතින් තව මාස තුන හතරක් යයි වගේ... මට පෙන්නේ උඹල රිංගල තියෙන්නේ වෙන ගෙදරකටද කොහෙද ... බීපු පැණි බීම වල බිල ගෙවල තමයි එන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. යකෝ පරාට හතරක් කන්න පරිප්පු දීසි නවයක්?? ඒ දීසි අර බුදුගෙවල් වල ගිලම්පස තියන වර්ගයෙ දීසිද? එහෙමත් නැත්තං උඹල පරාටෙ පාවිච්චි කලේ හොදි බොන්න හැන්දක් විදියටද?

      Delete
    2. ඔය මම පරිප්පු කාපු හෝටලේ විතරයි රෑ එක දෙක වෙද්දී ඇරල තියෙන්නේ මොරටුව පැන්නාම . හරියටම පානදුර පොලිසියට ටිකක් කොළඹ පැත්තට වෙන්න..
      ඒ තමයි මම පරිප්පු කන විදිහ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම පරිප්පුවෙක්...කන්න වගේම උයන්නත්.. පරිප්පු රසට උයන්න හැමෝටම බැහැ බන්.. රසට උයල තියන පරිප්පුවක් සෙට් උනොත් මම පරිප්පු හට්ටියම කාලයි එතනින් නැගිටින්නේ.. සාමාන්‍ය විදිහට පාන් භාගයක් කන්න මට පරිප්පු සෑහෙන්න ප්‍රමාණයක් ඕන. හැබැයි මම නිර්මාන්ෂයි.. අවුරුදු දහයක් මම මස්, මාළු, උම්බලකඩ, කරෝල මුකුත්ම කාල නැහැ.. සියලු ප්‍රෝටීන් අවශ්‍යතා පරිප්පු වලින් තමයි..

      Delete
    3. ෂාහ් බං උඹ නියම පරිප්පුවෙක්නේ.ඔහොම සර් කෙනෙක් අපේ ඉස්කෝලෙ හොස්ටල් එකෙත් හිටියා.පොර හැම එකාටම බනින්නෙ පරිප්පුවා කිය කියා.ඒ වුනාට එයාට තුං වේලටම පරිප්පු ඕනලු.වේලකට පරිප්පු උයල නැත්නම් කෝකියෝ කලින් දවසෙ හදපු පරිප්පු හරි හින්දවල තියලා තියනවලු.කම්මල සමහර විට දන්නවත් ඇති සමහර විට ඒ කාලෙ ඉන්න නැතුවත් ඇති.

      Delete
    4. සජ්ජා,
      මටත් පුදුම හිතෙන්නෙ මු පරාටා හතරක් එක්ක පරිප්පු දීසි නවයක් කියන්නෙ බං පරිප්පු හැලියක්මනේ.

      Delete
    5. ඇත්තටම මම සුපිරි පරිප්පුවෙක්.. ඒ වගේම මට රසට උයන්නත් පුළුවනි.. ඊයේ පෙරේදාවක යාලුවෙක් කෙහෙ දානයක් දුන්න.. මම ඒ දානෙට හදල දුන්න රසම රස කිරි හොද්දක්.. සුදු හාමුදුරුවරු කිරි හොදි බිව්වලු.. kiri hodi sup කියල.. කාටද ඉතින් පින්.. පරිප්පු උයද්දී හැන්ද පාවිච්චිය තහනම් මගේ කුකිං වලදී.. හැන්ද පාවිච්චි කරලා පරිප්පු උයල වැඩක් නැහැ..

      එදා මම පරිප්පු දීසි අටකට වෙනම ගෙව්වා බන්..

      Delete
  20. ගොඩ්පියා සමපෝස කනවා නේද???

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. එකෙක් ටිකිරගෙ සමපෝෂ කාල තාම බෙලිහුල්ඔය ලු.

      Delete
    2. ඇයි උඹ ඌව දන්නවද?

      Delete
    3. ප්‍රසා,
      ඒ කවුද බං.

      Delete
  21. ඔය හෙට්ටු කිරිල්ල මම නම් දැකලා තියෙන්නේ ඉන්දියාවෙදියි ලංකාවෙදියි විතරයි... හැමදේම වගේ ඕකත් අපිට ඉන්දියාවෙන්ම එන්න ඇති. මාළු විකුණන අම්මන්ඩිලත් එක්ක හෙට්ටු කිරිල්ල අති භයානකයි.. මොකෝ උන්ගේ කටවල් හොඳ නැති නිසා.. මම අනන්ත දැකලා තියෙනවා.. හොඳ මහත්තුරු.. "කෝ බලන්න මහත්තයා මාළු කන කට....?"... "ඕක තමයි මහත්තයා ගාන ගන්නවා නම් ගන්න අම්මා ඕක...." (මෙතන "අම්මා ඕක" කියන්නේ මොකක්ද දන්නවා නේ) .. අනේ මහත්තයා හුකන්නේ නැතුව ගන්නවා නම් ගන්න නැත්නම් පුක නොදී යන්න.." කියලා අහගන්නවා අනන්ත. එයාලා තන් එලියේ දාගෙන ඉන්නේ. ඒ ඇවිල්ලා මාකටින්.. අපේ වයසේ පොරවල් මාළු බලනවට වඩා යන්නේ තන් බලන්න..

    අම්මපා මට රිකට් රෝහිණි ලියන්නම හිතෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. හිතෙනවා හිතෙනවා කියා කියා අපිව අවුස්සන්නේ නැතුව ලියපන්කො යකෝ

      Delete
    2. //ඒ ඇවිල්ලා මාකටින්..//

      මාළු මාකටින් වලට විතරක් නෙමෙයි.
      පිරිමි සේල්ස් එවුන්ට වැඳලවත් ගන්න බැරි ඉන්ටර්විව් එකක් ලස්සනට ඇඳල ඉන්න කෙල්ලෙක්ට ලේසියෙන් ගන්න පුලුවන්

      Delete
    3. // අම්මා ඕක// අමතක වෙලා තිබ්බ එකක්..

      Delete
    4. ජාතක කල මුස්ලිම් ශුක්‍රාණු වලට එරෙහිව ජාතිවාදය පතුරන මාතලං හෙලා දකිමු

      Delete
    5. ඉතිං උඹත් ගිහිං බලල එනව නේද.යකෝ රෝහිණීගේ කතාව ඉවර කල්ල ඉඳින්කො,පොලිටිකල් වලත් දැන් එච්චර සොමියක් නෑනෙ බං.

      Delete
    6. ප්‍රා,
      අත්දැකීමෙන් කියන දෙයක් වෙන්න ඇති.

      Delete
  22. හැලපේගේ රබර් වගේ ඇදෙන පෝස්ට් කියවනකොට තරහත් යනවා අප්පා...ඔහේ දැන් ගොඩ්ප්‍රිව එලියට ගත්තම ලොකු කේස් එකක් නෙවී නම් රසය අඩුවේවි කියලත් බයයි...එපිසෝඩ් බ්ලොග් කියලා කියන්නේ මේ ටයිප් එකේ ඒවට වෙන්නැති...!

    ReplyDelete
    Replies
    1. මෙගා බ්ලොග්.. ඔන්න ගොඩ්ෆ්‍රී ආවා.. ඔන්න මිස් උනා..

      Delete
    2. වෙන්න ඇති.මේ වෙනකොට ගොඩ්ප්‍රි එළියෙ ඉඳල ගෙට එන්න සුදානම් වෙනවා.ඒ නිසා ඔබතුමා තරහ ගන්න එපා පොඩ්ඩක් රබර් එක ඇද ඇද ඉන්නකො.පොර ගෙට ආපු ගමන් එළියට ගේනවා.

      Delete
  23. මම නම් කන්න අසා මුහුදු මාළු වලට වඩා වැව් මාළුයි.මුහුදු මාළු පොඩි උන් නම් නරක නැහැ.හැබැයි ඇබුල් තියල් තියලා වගේ තමයි මාළු සුපිරි.

    ReplyDelete
    Replies
    1. වැව් මාළුන්ගෙත් අර බැදලා කන බට්ට එහෙම හරි රසයි.පෙති කපල හොඳට කරවෙන්න බැදගත්තම ආයෙ කිසි කතාවක් නැතුව බෝතලේ ඉවර කරන්න පුළුවනි.

      Delete
    2. අපිත් දැං මචං බයිටි එකට මාළු ඕන උනහම ඉස්සර වගේ මුහුදු මාළු ගේන්ඩ යන්නේ නැ , රොඩ් එකත් අරං ගිහින් එදාට අවශ්‍ය කූරි පුමානය අල්ලං ඇවිත් බැදගන්නවා ,

      Delete
    3. අටං,
      කොහෙටද යන්නෙ බං.ගේ පිටිපස්සටද නැත්නං කඩේ එහා පැත්තටද.

      Delete
  24. ගස්ලබ්බ මාතර ගිය අලුත දෙවුන්දරින් ගත්තා තැලුන කුණු මාලු කිලෝ දෙකක් හා හා පුරා කියලා.වැඩේ තේරුණාට පස්සෙ හොඳට හොයලා අළුත් බඩු තියෙන තැනක් සෙට් කරගෙන එතනින්ම ගත්තා.
    කොල්ලොන්ට මල පැනලා ඉන්නෙ... ගොප්පියා හිංදා... ඒත්..
    තිලක් අයියයි හැලපයියයි බඩ හොල්ල හොල්ල සාලෙ නටපුවා මතක් වෙද්දි,ඒ එක්කම ජැන්ඩිපහට ඇඳලා උඩුකුරුව නිදන හැටි ලියවෙද්දි ගොඩ්ප්‍රි ගැන ලියන මොරාල් එක හැලුනා වෙන්න පුළුවං...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මල පැනල කියන්නෙ බං හොඳ එකෙන්ම මල පැනලා.ගොඩ්ප්‍රිව ගේන්නෙ නැතුව තව සති දෙක තුනක් ඇදගෙන ගියොත් එහෙම කොහොමට හිටීද?මුන් මාව අමුවෙන් කාවි.

      Delete
  25. / නැත්නම් අපේ ටවුමේ මාළු කඩේ විකුණන්නේම කුණු මාලුය./
    උං හරියට ඇස්ටරික්ස් එකේ අන්හයිජෙනික්ස් වගේනෙ. ගම කෙළවර මුහුද. හැබැයි පොර මාළු ගේන්නෙ ටවුමෙං.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අපේ උන් අලුත් මාළු තිබුනත් විකුණන්න කැමති කුණු මාලුයි.

      Delete
  26. නිකොලායි ගොගොල් ගෙ මළ ආත්ම පොතේ ඉන්නව ඉඩම් හිමියෙක්. පොර ප්‍රවේණි දාසයො පිරිවරාගෙන ගිහිං වැවක බැහැලා මාලු අල්ලනවා. කතා නායකයට බඩ පැලෙන්න කන්න දෙනවා එක එක විදිහට හදන මාලු. පස්සෙ එදා රෑ නිදාගෙන ඉද්දි කතානායකයට ඇහෙනවා අර ඉඩම් හිමියා කෝකියත් එක්ක හෙට උදේ කෑම ගැන කතා කරනවා. ඒක ඇහිලා අරූට ආයෙම බඩගිනි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ ඉඩම් හිමියා කෝකියට පහුවදාට කෑම හදන හැටි හදන කෑම ජාති ගැන උපදෙස් දෙනවා.ඒ වගේම මනුස්සය ඉස්මුරුත්තාව හැදෙනකල් කොච්චර කාල තියෙනවද කිව්වොත් කතාකරනකොට ඇහෙන්නෙ නිකං අමුතුම හඬක්ලු.
      ගොගොල් ඔයවගේ මුළු රුසියාව පුරාම කතානායකයාව ඇවිද්දවනවා.ඒ ගමනෙදි බඩ පැලෙන්න කන ඉඩම් හිමියෝ වගේම පෙරේතකම නිසා බඩට කන්නෙවත් නැති ඉඩම් හිමියො ආදී නොයෙකුත් චරිත හමුවෙනවා.

      Delete
    2. සිරා... සිරාම සිරා නවකතාව... ඔය ප්ලොට් එක ගොගොල්ට දුන්නෙ පුෂ්කින්ලු නේද? සාමාන්‍යයෙන් නවකතා කාරයෙක් එහෙම වැඩක් කරයිද මං අහන්නෙ? ගොගොල් කිව්වලු මුළු රුසියාවම විවේචනය කරන්න පුළුවං ප්ලොට් එකක් කියලා.

      Delete
  27. මේ ග්‍රොඩ්පි කියන හාදයත් එලියට එන්න කලින් මාස ගානක් තෙපර බානවා . ඒ කොහොම උනත් හරිම රසවත්ව ලියපු මතක වස්තු මචන්

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචං.ගොඩ්ප්‍රි එළියට එන්න වෙලා ගත්ත වැඩියි වගේද? මිනිහ ගැන තව මතක කීපයක්ම ලියන්න තියෙනවා.ඒ ටිකත් ලියල අහවර කරනකල් ගොඩ්ප්‍රි එළියට නෑවිත් ඉඳීවි.

      Delete
  28. මට මතකයි හැලප මාමා පරණ කතාවක ගොඩ්ෆ්‍රී එක්ක මාළු ගේන්න හලාවත ගිය බවත් මීගමුව කොරනේෂන් එකෙන් කෑම ගත්ත බවත් ලියලා තිබුනා..... ඔය කොරනේෂන් එක ඒ කාලේ ඉදන්ම ඒ කියන්නේ ප්‍රසිද්ධයි.... මම ලංකාවට ආව හැමපාරම ෆලූඩා බොනවා....මෙදා පාර ආවමත් යන්න ඕනා.....ඔය ගොඩ්ෆ්‍රීව කවද්ද අපිට මුණ ගස්සන්නේ...අතුරු කතා වලින් වලලන්නද හදන්නේ.... ඊලගෙත් බලමු

    ReplyDelete
    Replies
    1. මේ ශානු කොරනේෂන් හෝටලේ කෑම හොද උනාට සිල්වා හෝටලේ කැම මෙලෝ රහක් නැ නේද

      Delete
    2. ශානු,
      මම හිතන්නෙ මම ගොඩ්ප්‍රිත් එක්ක හලාවත ගිය කතාවත් කොරනේෂන් හෝටෙලෙන් කාපු කතාවත් කලින් ලීවා.දැන් ඔයා ආපහු මතක් කරපු නිසා ආයෙම යන්න හිතෙනවා.ගියාම බලන්න ඕනෑ.
      නෑ නෑ කිසිසේත්ම අතුරු කතාවලින් ඉවර කරල දාන්නෙ නෑ ගොඩ්ප්‍රි එළියට ගේනවාමයි.

      Delete
  29. මේ ඇත්තට මං මේ නිකමට අහන්නෙ. තමුන්නැහැ ලියන හැමේකම වගේ නිකං ආහාර ලෝලි ගතියක් තියෙනව නේද? ඒකත් හොඳයි.

    ඔය විදිහටම බලලෙක් හදාගෙන මේ පේන්නැතුවයි මට තියෙන වැඩ.

    ReplyDelete
    Replies
    1. ඔව් සුරංග එහෙම දෙයක් තියෙනව තමා.කතාවෙ රසයට බාධාවක්ද මන්දා.

      Delete
    2. කිසිම බාධාවක් නෑ. ඔහොමම යං...

      Delete
  30. දවසක් ලෙනාඩ් කුමාරගමගේ සර්රුයි, උපුල් ශාන්ත සන්නස්ගල සර්රුයි ගිහිං ඔය වගේ මීගමු වැල්ලට මාළු ගන්න. මාළු වෙළෙන්දි මාළුවට මන්නෙං කොටද්දි එක "පයෝධරයක්" හැට්ටෙං එලියට පැන්නලු. (වචන භාවිතය ගැන ආදර්ශය සුරංගගෙං). උන්දැගෙ දෑතෙම මාළු ලේ තිබුණු හිංදා ලෙනාඩ් සර්ට කිව්වලු

    "අනේ මහත්තෙය ඕක ඇතුළට දාන්කො. කවුරුත් දකියි." කියල.

    එතකොට උපුල් සර් කියනවලු, "ඔයා අනිත් එකත් එළියට දාන්න. එතකොට අපි දෙන්නටම පුළුවං දෙකම ඇතුළට දාන්න"

    ReplyDelete
    Replies
    1. නියමයි බං නිකං මැවිල පේනවා වගේ.

      Delete
    2. ඩ්‍රැකීත් දන්න දේවල්..

      Delete
    3. ඩ්‍රැකියා....
      *******************************************************

      Delete
  31. හනෙ අම්මේ මෙහෙමත් පඳුරු තැලිල්ලක්.
    1. ඉන්දියාවෙදි තමා දැක්කෙ හෙට්ටු කිරිල්ල. ඉන්දියන් කාරයෙක් එක්ක ගියොත් ඕනි දෙයක් මිලෙං බාගෙට ගත්තැකි. ගණං වැඩිපුර කීවට කමක් නෑ ඉතිං, අපි ෆොරිනර්ස්ල නෙ.
    2. ඔය ඉතුරු සල්ලි දීමනං පිනක් හැලපයියෙ. සල්ලි දෙන කෙනා හිතිං ගණං හදලා උත්තරේ තමා අතට දෙන්නෙ. පාඩු වෙන විදිහට ඒ කැල්කියුලේෂන් එක වැරදුනාම ලෝකෙම කඩා වැටුනා වගේ වනෙවා මූණ. අනික් පැත්තට ඉතුරුත් වුණාම මල් පිපෙනවා. කුරුල්ලෝ ගීත ගයනවා. ඉර ලස්සනට පායලා තියෙනවා.
    3. හැක්..හැක්...නිර්මාණශීලී වෙළෙන්දො කොච්චරනං ඉන්නවද බං මේ රටේ.

    ReplyDelete
    Replies
    1. පඳුරු තැලිල්ල වැඩි උනාද මංදා බං මදාවියෝ.

      Delete
  32. මමත් මගේ කියලා බ්ලොග් එකක් හැදුවා.
    http//newsinhalife.blogspot.com

    ReplyDelete
    Replies
    1. හොඳයි මම ගිහිං බැලුවා.ලිවීම වැඩි දියුණු කරගන්නට උත්සාහ කරන්න.

      Delete

ඔබේ අදහස්