Sunday, November 1, 2015

වෝර්සෝ,එඩුවගේ පෘතුගාල ගමන බ්‍රින්දොන්ක් සහ නික්ම යෑම .


අප තීරණය කරගෙන තිබු පරිද්දෙන්ම අප්‍රේල් මාසයේ එක්තරා සැන්දෑවක ගාර් ඩි මිඩිවලින් වෝර්සෝ බලා යන බස් රථයට ගොඩවුනේ සිංහල අලුත් අවුරුද්ද වෝර්සෝවල ගෙවා දමමින් අවුෂ්විට්ස් වද කඳවුරද නරඹන්නට යන්නටය.නියමිත වෙලාවට බසය පිටත්විය.එඩුවාද එදිනම රාත්‍රියේ පෘතුගාලය බලා ගුවන්ගත විය. මුළු රාත්‍රිය පුරාම බසය ජර්මනිය හරහා ගමන්ගත්තේය.අප පෝලන්ත දේශ සීමාවට පැමිණෙන විට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.පෝලන්ත ගමන ගැන විස්තරයක් වෙනම ලිවිය යුතු බැවින් මෙහිදී ගමනේ විස්තර සඳහන් කරන්නට නොයමි.එතැනින් පෝලන්තයට ඇතුළුවූ අපි වෝර්සෝවලට පැමිණෙන විට සවස්වී තිබුණි.පෝලන්තය විශාල රටක් බව මා දැනගෙන සිටියත් මෙතරම් විශාල යැයි රටට එනතුරු නොසිතුවෙමි.සංග්‍රාහිකාව අප එනතුරු බලා සිටියාය.අධික මහන්සියත් නිදිමතත් හේතුවෙන් රෑට කෑවයින් නොකෑවයින් ඇඳට වැටී මළකඳන් මෙන් නිදාගත් අප ඇහැරුණේ පසුවදා උදයේය.එදින වෝර්සෝවල රවුමක් ගැසූ අප පසුදින ක්‍රැකෝ යන්නට සිතාගෙන අවුෂ්විට්ස් කඳවුරට ටෙලිපෝන් කළෙමු.පිළිතුරු නැත.ක්‍රැකෝවල දන්නා අඳුනන ටැක්සි රියැදුරෙකුට කතාකළ විට ඔහු කීවේ පාස්කු නිවාඩුවට අවුෂ්විට්ස් කඳවුර සතියක් වසා ඇති බවයි.ඊට අමතරව නත්තලට දවසක් වසනු ලැබේ.අවුරුද්දටම නිවාඩු එපමණය.

යන්නට ආ ගමන අසාර්ථක වූ බැවින් අපි බෙහෙවින් සිත් තැවුලට පත්වූයෙමු. හරියට සිකුරාදාවක ටජ්මහල් බලන්නට ගියාසේය.මේ අපේ නොලැබීමම මිස වෙන කුමක්ද.අලුත් අවුරුදු කෑමවල් නම් කිහිප තැනකම විය. වෝර්සෝ ගියා වෙනුවට රවුමක් ගසා ආපසු පැමිණියෙමු.මේ අතර පෘතුගාලයට ගිය එඩුවාට කුමක් වීද? එඩුවා ලිස්බන් නගරයේ  සුපිරිසිදු පෝට්වයින් රස බලමින් සිය පර්යේෂණය ආරම්භ කළා පමණකි.ගෙදරින් ලැබුන දුරකථන ඇමතුමකින් කියවුනේ පාර්ලිමේන්තු ඡන්දය තව දින දෙකකින් පවත්වන බැවින් වහාම ආපසු පැමිණෙන ලෙසටය.ඡන්දය හෝ දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති එඩුවා පර්යේෂණය අතරමග නතරකර දමා හැරෙන තැපෑලෙන් ආපසු යන්නේ ඡන්දය නොදුන්නොත් වදින දඩය පෘතුගාලයට දෙතුන් සැරයක් යන්නට එන්නට තරම් ප්‍රමාණවත් නිසාය.ඡන්දය ගැන කිසිම හෝදිසියක් නැතිව යොදාගත් ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.ඒ අනුව අප දෙදෙනාගේම බලාපොරොත්තු සුන්වී ගියේ වැල්ලේ තැනූ මාලිගා සේය.

අවුෂ්විට්ස් කඳවුර බලන්නට නොලැබීම ගැන මටත් වඩා සිත් තැවුලට පත්වී සිටියේ එඩුවාය.ඔහු කීවේ අවුෂ්විට්ස් තරම් ලොකු නැතත් හිට්ලර්ගේ වද කඳවුරක් මේ රටේත් තිබෙන බවය.වෙලාවක ඒ කඳවුර බලන්නට යමුයි කියූ ඔහු පසුදිනෙක අප  බ්‍රින්දොන්ක් හි පිහිටි ඒ කඳවුර බලන්නට අරගෙන ගියේය.ඒ කතාව වෙනම කිවයුතු එකක් බැවින් එයද පසුවට කියන්නට තබාගනිමි. ඉතිං එඩුවා සම්බන්ධයෙන් දැනට එපමණය. පහුගිය අවුරුද්දේ දවසක මම එඩුවාට කතාකළේ දුක සැප අහන්නටත් වඩා පැරණි මතකයන් අලුත් කරගැනීමටය.එකළ ඔහු හැන්සන් සුළීහි ගෙය අතහැර ඊට ටිකක් ඈතින් ඇති වෙනත් ගෙයක විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටියේය. ඒ දවස්වල සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වූ අපේ මිත්‍ර ඉතියෝපියන් ජාතික ගෙත් දැන් කැනඩාවේ කැල්ගරි හි ජීවත්වන බවත් ඔහු දැන් මහාචාර්ය ගෙත් බවත් එඩුවා කීවේ කැහ් කැහ්  ගා  හිනාවෙමිනි.අතරමගදී අතහැර දමා ආ පෘතුගාල සංචාරය නැවත යන්නට එඩුවාට ලැබුනේ නැත.ඕනෑනම් දැන් ගිහිං ඒ කටයුත්ත ඉවර කර දමන්නට හැකි නොවේදැයි මා ඇසුවිට එඩුවා කීවේ දැන් ඒ ගැන එපමණ උනන්දුවක් ඇතිවන්නේ නැති බවයි.ලංකාවට ආ වෙලාවක දෙන්නා එකතුවී කොහේ  හෝ යමුයි කී එඩුවා ආවිට මට කතාකරන්නම් යැයි කියා සමුගත්තේය. 

එඩුවාගේ හදිසි අභාවය ගැන පණිවිඩය ලැබුණේ රසිකගෙනි.ඒ සම්බන්ධයෙන් මා රසිකට ස්තූතිවන්ත වෙමි.මා සිතා සිටියේ මේ ලිපියත් පළවූ පසු එඩුවාට කතාකර කියවා බලන්න කියන්නටය.නමුත් මගේ ලිපි නොකියවාම ඔහු දෙව් මව් තුරුළට ගොසින්ය.එඩුවාගේ නික්ම යාම ගැන දැනගත් මොහොතේ සිටම මගේ සිතට දුකක් වේදනාවකට වඩා මහා පාළු ගතියක් දැනෙන්නට විය.එය අමුතුම මුසල පාලුවකි.ඔහු ගැන මතකයන් චිත්‍රපටයක රූප රාමු මෙන් සිත තුළ මැවී පෙනේ.ගෙවී ගියාවූ ඒ සුන්දර සන්ධ්‍යාවන්හි වයින් බෝතලයක් ඉදිරියේ වාඩිවී සිට අප කළාවූ කතාබහ දැන් සුන්දර සිහිනයකි. නෙදර්ලන්තයේ නිරුවත් වෙරළ තීරයේ සිට ඩෙල්ෆ්ට් දුපතේ කැලෑ අශ්වයන් දක්වා ඒ කතාබහ ඇදීයයි.

ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.එඩුවාගේ අභාවය දැනගත් වෙලේ මම එඩුවාගේ ආදරණීය බිරිඳට කතාකළේ ඔහුගේ අවසානය ගැන දැනගන්නටය.ඇය කීවේ කිසිම දුකක් නොවිඳ හදිසියෙන්ම  එඩුවා සමුගත් ආකාරය ඇයට මහත් සැනසීමක් බවය.ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.එඩුවා බොහෝසේ ප්‍රියකළ වයින් පානය පසුකාලීනව සම්පූර්ණයෙන්ම අත්හැර දමා බියර් බොන්නට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ලොකු බියර් බඩක් ඔහුට ලැබුණු බවත් ඇය කීවේ සිනාවෙමිනි.

මෑතකදී ගත් එඩුවාගේ පිංතුර තියේනම් මට එවන්නට යැයි මා ඇයට කීවිට ඇය එවා තිබුණේ මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ශීත සෘතුවේ දවසක මා විසින්ම ගනු ලැබූ ඔහුගේ පිංතුරයකි.ඒ කාලයේ පිංතුරයක් අවශ්‍යවූ හැම තැනකටම එඩුවා දුන්නේ ඒ පින්තුරයයි.එය එඩුවාගේ ප්‍රියතම පිංතුරයක් වූ බව ඇය ලියා තිබුණි. ඒ මවිසින් ගන්නා ලද්දක් බව ඇය තවම නොදනී.එඩුවාගේත් මගේත් අපූර්ව මිත්‍රත්වය සිහිකරන ඒ පිංතුරය අද මේ ලිපිය සමග පළකරන්නේ  මගේ  අපූරු  මිත්‍රයෙක් වූ එඩුවාට උපහාර පිණිසය෴

67 comments:

  1. අපි එඩුවා ගැන තතා කරන්න ගත්තා විතරයි අප්පා... එඩු මහතාට සුභ ගමන්..

    ReplyDelete
    Replies
    1. එඩුවා යන්න ගියාට කතා ඉවරවෙන්නෙ නෑ.ඉස්සරහටත් කතා තියෙනවා.

      Delete
  2. එඩුවා යනු එඩ්වර්ඩ් යන්නේ ඩච් හෝ ෆ්‍රෙන්ච් උච්චාරණය යැයි සිතමි.

    හැලපේ ගේ මුල් ම ලිපියකත් එඩුවා, සෝමරත්න සහ චන්ද්‍රිකා ගැනත්, සෝමරත්න ගේ පරිවර්තන කෘතියට එඩුවා ගේ සම්මාදම ගැනත් සඳහන් වී තිබුණා.

    නමුත් ගිය සතියේ ලිපියේ ඒ කරුණ ගැන යළි සඳහන් වූ විට මා වෙනත් හේතුවක් නිසා මේ දිනවල කැමූ ගේ අවුට්සයිඩර් සහ සෝ. බාලසූරිය ගේ පිටස්තරයා පරදවර්තඑනය කියවන නිසා, ඒ ගැන හොයා බලන්නට හිතුණා. එඩුවා ්‍රැයි කවුද කියා දැනගත් පසු ඔහු ගැන වැඩි විස්තර දැනගැනීමට කළ විමසුමක දී තමයි ඔහු ගේ මරණය ගැන දැන ගන්නට ලැබුණේ.

    වයින් බීම නිසා ප්‍රංශුවාලා හෘද රෝග නොහැදී දිගු කල් ජීවත් වෙන බව කියවෙනවා නේද? බියර් බීම නම් ශරීරයට අගුණයි!

    ReplyDelete
    Replies
    1. ගෙදර පොත තිබුනා. මාත් එදා හැලපේ කිව් නිසා ඒ ගැන හොයන්න හිටියට හොයාගන්න බැරි උනා. ඒ අතිං රසික ග්‍රේට්.. +++++++++++++++++++++++

      Delete
    2. හෘද රෝගවලට වයින් ගුණ බව ඇත්ත.ඒ දවසකට කුඩා වීදුරුවක ප්‍රමාණයක් වැනි මාත්‍රාවකින් ගත්තොත් තමයි.බඩ පිරෙන්නම වයින් බීම ශරීරයට කිසිසේත්ම හිතකර වන්නේ නෑ.

      Delete
    3. දේශක,
      දැන්වත් හොයාන කියවපන්.

      Delete
    4. අන්න පොත්..! නොබෙල් ලැබුනා මට මතක විදිහට

      Delete
  3. හැලපේ, අපේ අම්මලගෙ ගම බෝතලේ

    ReplyDelete
    Replies
    1. මචං උඹලෑ අම්ම හැල පය්ය දැකල තියෙනවද අහපං.
      හැලපයියෙ, ඔයාගෙ මම-මි, අපි-මු ග්‍රැමර් හරි මදි.

      Delete
  4. Replies
    1. ස්තුතියි.උඹේ සිංහල දැන් කොහෙද?

      Delete
  5. හොද මිතු‍රෙකුගේ නික්ම යාමක්..නේද?

    ReplyDelete
    Replies
    1. සැබවින්ම.මට දුක ඔහුගෙන් ලබාගන්නට තිබු දැනුම් සම්භාරය අහිමිවීමයි.

      Delete
  6. එඩුව ගැන කියන්න පටංගන්නකොටම මිනිහ නොකියම යන්නත් ගිහිල්ලනෙ.

    මම මේ කල්පනා කලේ ලංකාවෙත් ඡන්දෙ දාන්නැති උංට දඩ ගැහුවොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියල.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.ඡන්දෙ දවසෙ උදේ පාන්දර ඡන්ද පොළ අරින්නත් ඉස්සෙල්ල පෝලිං හැදෙන රටේ මොන මඟුලකට දඩ ගහන්නද?

      Delete
    2. අටං,
      වෙන එකක්නං නෑ බං.

      Delete
  7. //ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.//
    ඔබගේ හිතවතා වූ එඩුවාගේ ජීවිතය ගැන ඔහුගේ බිරිය කියා ඇති දේ කියවීමෙන් ඔහු ගැන ලොකු ගෞරවයක් හිතේ ඇඳුනා. ඔහුට සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. ඔහු විද්‍යාර්ථියෙක් වශයෙන් නිතරම අනුන්ට උදව් කළා.කාටවත් කරදර කලේම නෑ.ස්තුතියි ඉයන්.

      Delete
  8. ඈ හැලපේ කවුද මේ එඩුවා?

    ReplyDelete
  9. එළ කොල්ලෙක්... පුළුවන්නම් ආයේ වරෙන් එවුඩෝ..

    RIP (Return If Possible)

    ReplyDelete
    Replies
    1. මාතේ...

      වලට යට කරලා, උඩින් කොන්ක්‍රීට් හෙම දාල තද කරලා අපේ උන් ගහන්නේ ඔය අකුරු තුන..

      RIP - Rise If Possible

      ඉතිං කෝම නම් නැගිටින්නද? අපේ උන් උඩින් කොන්ක්‍රීට් දාන කොට?

      කළ හොඳ ගුණ සුවද විතරයි බං ඉතුරු

      සුභ ගමන් !!

      Delete
    2. සෑම්,
      අපේ උන් නං එන්න බලන්නෙවත් නැතුව ඇති බං.

      Delete
  10. සුභ ගමන්!!
    ඔහු ගැන පටන්ගැන්මේදීම ඔහු නික්ම ගොස්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ,නික්ම යාම සැමට පොදුයි.

      Delete
  11. ආපසු යන්නේ ඡන්දය නොදුන්නොත් වදින දඩය පෘතුගාලයට දෙතුන් සැරයක් යන්නට එන්නට තරම් ප්‍රමාණවත් නිසාය.
    මොකක්ද මචං මේ කතාවෙ තේරුම? ඡන්දෙ නොදුන්නොත් දඩගහනවද? එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලද?

    හප්පට සිරි! එඩුවා වයින් නවත්තලා බියර් පටන් ගත්ත එක නම් හොඳට හිටලා නෑ වගේ.

    අවුෂ්විට්ස් ගමනනම් අපම අපරාදෙ බං. පස්සෙ දවසකවත් ගියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල හෝ අනනුකුල යැයි නොදනිතත් ඡන්දය දෙන්නට නොගිය අයට දුම් විසිවෙන දඩයක් වදින බවනම් මා හොඳින් දන්නවා.එහෙම දඩයක් ගැහුවෙ නැත්නම් මෙලෝ මනුස්සයෙක් ඡන්ද පොළ පැත්ත පළාතතෙවත් යන්නෙ නැති බවත් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න බවත් මා දන්නවා.
      ආයෙම අවුෂ්විට්ස් යන්න බැරිවුනා බං.අපරාදෙදත් අහනවා.

      Delete
  12. එඩුවා අපිට අපේ මිත්‍රයෙක් වගේ සමීප වුනේ හැලපයියා නිසා , සුබ ගමන් එඩුවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්.එඩුවගේ කතා කීපයක් ඉදිරියටත් තියේවි.

      Delete
  13. නොකියාම ගිහින් නේද? සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරමු...!

    ReplyDelete
    Replies
    1. ඔව් අ.ආ එහෙම ප්‍රාර්ථනා කරමු.ඔබටත් බොහොම ස්තුතියි.

      Delete
  14. එඩුවාගේ නික්මයාම ගැන හරිම කනගාටුයි.. හැලපේ පහුගිය පොස්ට් වලින් එඩුවාව අපිටත් හුඟක් සමීප කරා.. ඇත්තටම කනගාටුයි..

    ReplyDelete
    Replies
    1. එඩුවා මට ගොඩක් සමීප චරිතයක්.ඉතිං මා ඔහුගේ මතක ඔබ හැම සමග බෙදා හදා ගත්තා.

      Delete
  15. නොහිතපු කතාවක්,,,ආයේ අවුශ්විට්ස් ගියෙ නෑද

    ReplyDelete
    Replies
    1. එඩුවා මියගිහින් කියල මමත් හිතුවෙ නෑ.ආයෙ අවුෂ්විට්ස් යන්න බැරිවුනා ඩිලාන්.

      Delete
  16. මේ පින්තූරය දැක්ක ගමන් මම විශ්මයට පත්වුණා. මේ රූපයට 90% කට වඩා සමාන මුහුණක් ඇති පුද්ගලයෙක් කුරුණෑගල ඉන්නවා. ඔහු සංගීත ප්‍රසංග සඳහා ආලෝක සහ ශබ්ද උපකරණ කුලියට දීමේ ව්‍යාපාරයක් කරන්නේ. මට ඇත්තටම පුදුම හිතුනා.

    මේ වගේ මිතුරෙකුගේ අභාවය හිතට දැනෙන පාඩුවක්. ඔහුට සුබ ගමන්. අපි හැමදාමත් හමුවීම් වෙන්වීම් වල යෙදෙමින් සසරේ සැරිසරනවා.

    ReplyDelete
    Replies
    1. සහෝදරයෙක්ද කියල දන්නෙ නෑ.කොහොම වුනත් විචා බොහොම ස්තුතියි.

      Delete
  17. එඩුවාට සුභ ගමන් ප්‍රාර්ථනා කරමි.

    ඒත් එඩුවාගේ කතා මෙතනින් නවතින්න උවමනා නෑනෙ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.නෑ නෑ නවතින්නෙ නෑ තව තියෙනවා.

      Delete
  18. එඩුවාගේ කතාව දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. තව කතා කීපයක් තියේවි ඉදිරියට ලියන්නං.

      Delete
  19. ඔහුගේ නික්මයාම ගැන හරිම කනගාටුයි.. සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  20. හැලපයියා ගේ ගොඩක් කතාවල කතානායකයින් නොකියාම ගිහින් නේ.

    අවුෂ්විට්ස් බියකරු උනත් ඒ කතා කියවන්න මම ආසයි හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං කරුමෙට වගේ මගේ කතාවල හිටපු ගොඩක් අය දැන් නෑ.

      Delete
  21. එඩුවාට සුභ ගමන් පතනවා.... අවුෂ්විට්ස් හැලප ස්ටයිල් එකෙන් අහන්න බලන් හිටියා.. දුක ඩබල්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා.යන්න බැරිවුනානෙ ඉතිං මොනවා කරන්නද.

      Delete
  22. මේ කියන්නේ ගැස්ටපෝ සිර කඳවුර ගැනද ? එඩුවා කිව්වම මතක් වෙන්නේ එඩුවාඩ් ෂෙවනාඩ්සේ කියන නම. ඔහු ගිහින් අවසන් හින්දා සුබ ගමන් කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් ගමනක් යන්න බලාපොරොත්තු කෙනෙකුට නේද ? සම්ප්‍රදායට අපි ඔහේ සුබ ගමන් කියනවා කියලයි මට හිතෙන්නේ. එඩුවා සාමයේ සැතපේවා !!!

    ReplyDelete
    Replies
    1. ගෙස්ටාපෝ කඳවුර තමයි.
      සාමාන්‍යයෙන් මියගිය අයට සුබ ගමන් කියා කියනවා.

      Delete
  23. එඩුවට සුභ ගමන්. හොඳ යෞවෙක් නැති වෙනවා කියන්නේ හිතට තද පහරක්. හැලප මහතා රිකවරි වේවි කියා හිතනවා. මම ත් ක්‍රකෝ ගිය නමුත් අවුශ්විට්ස් යන්න බැරි වුණා. කවද හරි යනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. මගෙ ආයෙමත් යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.බලමු.

      Delete
  24. එඩුවා පව් අප්පා. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්ට පුලුවන්ලු නේද හැලපේ?

    එඩුවට සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි පොඩ්ඩි ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න හැකියි.

      Delete
  25. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා කියනවනේ......

    ReplyDelete
  26. ....//ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.//....

    එඩුවා ඇහැටවත් දැකලා නැති වුනාට මේ වචන ටික කියවද්දි හොදින් දැනගෙන අදුනන කෙනෙක් වෙන්වෙලා ගියා වගෙයි දැනුනේ...

    ReplyDelete
    Replies
    1. දැකල නැතිවුනාට ඔහුගේ වැඩ ගැන අසා ඇති නිසා හිතින් සමීපයි.දන්නා අඳුනන ගතිය දැනෙන්නේ ඒකයි.

      Delete
  27. මේ ටිකේම වැඩියෙන්ම අැහෙන්නෙ අවසන් ගමන් ගැනමද මන්ද.
    ලෝක දර්මතාවයට පිටුපැන්න බෑ නෙව.
    ඔබ මිත්‍ර ඒඩු අයියාට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල අවසන් ගමන යන අය වැඩිද මංදා.ස්තුතියි තෙලෝ.

      Delete
  28. අයියෝ එඩුවාට නිවන් සුව!

    හැලප මාමලේ කතා වල චරිත හිතට සමීප මෙ තරම් ඔබේ ලිවිමේ හැකියාවේ විජ්ජාවක් නිසාමයි

    ReplyDelete
    Replies
    1. මගේ අමුතු හපන්කමක් නෑ ශානු,අත්දැකීම් හදවතට සමීපයි ඒකයි.

      Delete
    2. මැරිච්ච එවුන් නිවන් යන්නෙ නෑ ඩාලිං.නිවන ජීව්ත් වෙන කාලෙ අවබෝධ කර ගන්ට ඕනැ. හැලපෙ, කියල දීපංකො ඕව මේ ලමයින්ට.

      Delete
  29. තව ජුණ්ඩෙන් එඩුව ගැන කියන්නෙත් නෑ නෙව..
    ඉන්නකොට කාටවත් කරදරයක් නැතිව මැරෙනකොටත් කාටවත් කරදරයක් නැතිව යන්න පුලුවන් කියන්නෙ ඉතින් ඉන් එහාට මොනවද..?? කිසි සැකයක් නෑ සුවෙන් ඇති.
    අපි මතකය බෙදාගමු හැලපයියෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.එඩුවට ඒ දවස්වල කතා කරන්න තිබ්බ නේද කියල හිතෙනකොට ටිකක් හිතට අමාරුයි බං.

      Delete

ඔබේ අදහස්