Sunday, October 25, 2015

එඩුවාගේ සොමිය, නත්තල් පාටිය, බ්‍රොකන්ත් , අවුෂ්විට්ස් සහ පෘතුගාල සංචාරය.



අද ලියන්නට යන්නේ අමතක වෙන්නට ගිය කතාවකි.එනම් පහුගිය දවසක ලියා ඉතිරිය අතහැර දමා තිබු එඩුවගේ සොමිය සහ ආරියගෙ ඩ්‍රෙස්කෝඩ් එකයි.ඉස්සෙල්ලම එඩුවගේ සොමියෙන් පටන්ගනිමු.මම කලින් කියපු විදියටම එඩුවා උදේට එක විදියකි දවල්ට තව විදියකි.දවල් දොළහ යන්තං පහුවෙද්දී මල්කඩේ ළඟ තියෙන පබ් එකට දෙතුන් සැරයක් ගිහිං එන එඩුවා ඊට පසුව ඉන්නෙ බඹර පදමේය.කියන දේවල් මතක නැත.තාරා මස් රසට හදන අවන්හලේ  මේසයක් වෙන් කරගන්නට ප්‍රංශ භාෂාවට ආචාර්ය උපාධියක් ඇති එඩුවාගේ සහාය පැතුවේ එඩුවා ඔන්න ඔවැනි බඹර පදමේ ඉන්න වෙලාවකය.අවන්හලේ  දුරකතනයෙන් වාදනය වන්නේ ප්‍රංශ බසින් පටිගත කළ පණිවිඩයකි.පණිවිඩයට ඇහුම්කන් දුන් එඩුවා කිව්වේ මේසය වෙන්කර ඇති බවයි.දැන් අලුත් විදියට වැඩ වෙන්නෙ ඔහොම යි කියූ එඩුවා වැඩේ හරි කියා කැහ් කැහ් ගා සවුත්තු හිනාවක්ද දැම්මේ අපට ඕවත් වැඩද කියන්නාක් මෙනි.

එඩුවාගේ මේසය වෙන්කිරීමේ රඟ අපට තේරුනේ නියමිත දිනයේ අමුත්තාද රැගෙන අවන්හලට ගිය විටදීය.වසා තිබු අවන්හලේ දොරකඩ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණි.දැන්වීමෙන් කියවුනේ අලුත්වැඩියාව සඳහා අවන්හල වසා ඇති බවත් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව ගැන කණගාටුවන බවත්ය.පටිගත කළ දුරකතන පණිවිඩයෙන් ද කියවුනේ එම කාරණයම බව එකෙනෙහිම තේරුම් ගත් මා  වාහනයෙන් එළියට බැස  එඩුවාට ප්‍රණීත කුණුහරුප දෙක තුනකින් සංග්‍රහ කළේ රෝස්ට් කළ ප්‍රණීත තාරා මස් කෑමේ සිහිනය දෙපා මුල සුනු විසුණු වෙමින් තිබියදීය.වහාම වෙනත් අවන්හලක් සොයාදෙන ලෙස එඩුවාට කීවෙමි.වාසනාවට මෙන් ඒ ලඟම තිබු වෙනත් අවන්හලක ඉඩකඩ ලබාගනීමට හැකිවුයෙන් අපේ රෙදි ගැලවෙන්නට තිබු අවස්ථාව නුලෙන් බේරාගැනීමට හැකිවිය.

ශීත සෘතුව පටන්ගන්නට ආසන්නයේ එක් දවසක හිතවත් යුවළකගෙන් අපට දිවා භෝජන සංග්‍රහයකට ආරාධනාවක් විය.එය සිදුවුණේ බොහෝවිට ඔක්තෝබර් මාසයේ අන්තිම ඉරිදාවක යැයි මට මතක තිබෙන්නේ ඊට පෙරදින මධ්‍යම රාත්‍රියේ ඔරලෝසුවේ කටුව පැයක් ඉස්සරහට කරකැවූ බැවිනි.අපට භෝජන සංග්‍රහයට ආරාධනා කර තිබුණේ දවල් දොළහටය.ශීත සෘතුව ආරම්භ වන්නට ආසන්නව තිබුනද එදා ඉර ලස්සනට හිනැහෙන උණුසුම් දවසක් විය.අපි දොළහට පෙර සංග්‍රහය පැවැත්වෙන  ස්ථානයට ගිය අතර සංග්‍රාහක යුවළ කෑම බීමද රැගෙන හරියටම දවල් දොළහට එතනට එන්නට නියමිතව තිබිණි.එඩුවා යුවළද පැමිණ සිටි අතර දොළහට ආසන්න වුවද සංග්‍රාහක යුවළ පැමිණෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැත.අපි කතා කරමින් විහිළු කරමින් කාලය ගතකලද එඩුවා බොහෝ නොසන්සුන් ගතියක් පෙන්වුයේ වෙලාව පසුවී ඇති නිසාය.ටිකකින් එඩුවා අතුරුදහන් විය.නැවතත් ටික වේලාවකින් පෙනීසිට ආයෙමත් අතුරුදහන් විය.සංග්‍රාහක යුවළ පැමිණෙන විට හරියටම දහවල් එකය.ප්‍රමාදය සිදුවී ඇත්තේ ඔවුන්ට  කලින්දා රාත්‍රියේ ඔරලෝසුව ඉස්සරහට කරකවා ගැනීමට අමතක වීමය.ඒ වනවිට පදමට වයින් බී සිටි එඩුවා නන් දොඩවමින්ද  කැහ් කැහ් ගා හිනාවෙමින්ද සංග්‍රාහකයින්ට බැණ වදිමින්ද සිටියේය.ප්‍රමාදයක් තිබුනද භෝජන සංග්‍රහය සතුටින් ආරම්භ විය.

සංග්‍රාහක යුවළ රැගෙනවිත් තිබු බීම අතර ලංකාවෙන් ගෙනා දෙවරක් පෙරූ පොල් අරක්කුද වුයෙන් අපි ඒවායින් පටන් ගත්තෙමු.එඩුවාද අපට එකතු විය.එක වීදුරුවක් බොන විටම එඩුවා කඩා වැටුණේ පදම වැරදුන නිසාය.බඩ පිරෙන්නටම වයින් බී සිටි ඔහුට වයින් උඩට අරක්කු දරාගන්නට බැරිව යන්නට ඇත.බෙල්ල කඩා වැටී පුටුවක බාවා තිබු එඩුවාගෙන් කිසිම පලක් ප්‍රයෝජනයක් නොවුයෙන්  ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදරට පිටත්කරන ලදී.පසුදින කෙල්ලන් එඩුවාට විහිළු කරන්නට වුයේ ඊයේ සිදුවූ දේ ගැනයි.හැමදාම වයින් බොන එඩුවාට අරක්කු ටිකක් බොන්නට බැරිවීමත් ඉඳහිට බොන අපි හොඳට බීගෙන කෙළින් සිටීමත් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අතර They are hard drinkers කියමින් එඩුවා ඇඟ බේරාගත්තේය.

නමට කතෝලිකයෙකු වූ එඩුවා පල්ලි නොගියද නත්තල නම් තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් සමරයි.එහි කුටප්‍රාප්තිය වන්නේ නත්තල්දා අපට දෙන දිවා භෝජන සංග්‍රහයයි.එඩුවාගේ බිරිඳ දවල් කෑම පිළියෙළ කරන්නට පටන් ගන්නට පෙර කුස්සියට වදින එඩුවා ගෙදරට එන අමුත්තන් සඳහා විවිධ කටගැස්ම පිළියෙළ කරයි.අමුවෙන් කන්නට පිළිගන්වන බෙල්ලන්ද හොඳට කුළුබඩු යොදා අවන් එකේ පළහා ගන්නා සාඩින් මසුන්ද සැරට බැදගන්නා ලොකු ඉස්සන්ද ඔහුගේ විශේෂ කටගැස්ම අතර මුල් තැනක් ගනී.අවුව තරමකට තිබුනද ඇඟට ඉඳිකටු අනින ශීත සුළං හමන නත්තල්දා දහවල් අපි පවුල් පිටින් අපේ ගෙට අයිනේ කන්ද උඩින් ඇති  නැවතුමෙන් ට්‍රෑම්එකට ගොඩවී නගරය හරහා ටිකක් දුර ගොස් එඩුවලාගේ ගෙවල් ඉස්සරහම ඇති හැන්සන් සුළී නැවතුමෙන් බැසගනිමු.අපේ ගෙවල් ළඟ තිබූ  ට්‍රෑම් නැවතුමේ නම මට දැන් අමතකය.කොතෙක් මතක් කරගන්නට තැත්කලද මතක් වුනේම නැත.බොහෝවිට එහි නම ගබ්‍රියෙල් විය හැක.

ගෙට ගොඩවුන වෙලේ පටන්ම එඩුවා ජෝඩුව ආගන්තුක සත්කාර පටන්ගනී.වයින් ලෝලියෙකු වන එඩුවා අපට සංග්‍රහ කරන්නට පටන් ගන්නේ සුදු වයින් වලිනි.ඒ සමග කන්නට දෙන්නේ අමු බෙල්ලන්ය.මුහුදේ ගැඹුරේ දැඩි සීතල නිසා ඉතා ගනකම් පිටකටුව විකෘති ස්වභාවයක් ගන්නා මේ බෙල්ලන් බෙහෙවින්  මිළ අධික ආහාරයකි.උඩ කටුව එහෙමම තිබියදී යට ඇති පතුරක් වැනි කටුව තියුණු මුවහත් උලකින් ගලවා ගෙන මසට ලෙමන් යුෂ ස්වල්පයක් වත්කරන්නේ බෙල්ලා උත්තේජනය වන්නටය.එවිට බෙල්ලා ඉතා රසවත් වන බව එඩුවා කියයි.ඉන්පසුව ගෑරුප්පුවකින් මස් ගුලියම ගලවා කෑමට ගනී.කටුවේ ඉතුරුවෙන යුෂ ටිකද ස්රූස් ගා ගිල දමමු.ඔබ Mr.Bean's Holiday චිත්‍රපටය නරඹා ඇත්නම් එහි ප්‍රංශයට පැමිණෙන බීන්ට ආපනශාලාවකදී අමුවෙන් කෑමට දෙන බෙල්ලන් වර්ගය මේ බෙල්ලන්ය.ගෑනු ටික අප්පිරියාවෙන් අපි බෙල්ලන් කන පැත්තවත් නොබලා සිටියත් එඩුවා ගෙනත් තිබෙන බෙල්ලන් සියල්ලම වයින් බොමින් අපි ගිල දමන්නෙමු. මුළු දවසම වයින්වල ඇලී ගැලී සිටින්නට එඩුවා කැමතිවුනත්  අපි වඩාත් සැර බෝතලයක් එඩුවාගෙන් ඉල්ලා ගන්නෙමු.එතනින් පටන් ගන්නා  විවිධාකාර  බීම වර්ග අවසානයේ එඩුවාගේ බිරිඳගේ විසිතුරු භෝජන සංග්‍රහය අවසන්ව අප ගෙදර එන්නේ සැන්දෑ අඳුර හතරවටින් ගලා එන විටය.

එඩුවලාගේ ගෙවල් ළඟ වීදියක අවුරුද්දකට සැරයක් පවත්වන බ්‍රොකන්ත් හෙවත් එළිමහන් වෙළඳපොල අප රසවිඳි තවත් අත්දැකීමකි.වසන්ත කාලයට හැමතැනම පැවැත්වෙන බ්‍රොකන්ත් අතර මෙය විශේෂ වන්නේ මෙහි නිපදවන විකුණන සියලුම ආහාර වර්ග පසුගිය සියවසේ ආහාර පිසූ පැරණි ක්‍රමයට එතැනදීම පිසගන්නා ලද ඒවා වීම නිසාය.එඩුවාත් මමත් අපේ මිත්‍රයෙකු වූ ඉතියෝපියානු ජාතික ගෙත් සමග වෙළඳපොළට යන්නේ හවස් වරුවේය.ඒ වනවිට ගෙදර හැදු වයින් සහ සයිඩර්ද එතැනදීම රළු විදියට පොලුවලින් තලා පොඩිකර මිරිකා ගන්නා ඇපල්යුෂ සහ මිදී යුෂද වෙළඳපොළේ දෝරෙ ගලමින් පවතී.පාර මැද තනා ඇති ලොකු අඟුරු උදුනකට උඩින් පොල්ලක ගසා කරකවමින් පළහන දැවැන්ත ඌරාද තෙල් බේරෙමින් රුචීකර සුවඳක් වහනය වෙමින් පිළිස්සේ.ඌ කපන වෙලාව එනවිට අපට ඇති පමණ ගෙදර හැදු වයින් බීගන්නට පුළුවන.පැලහු හරක් මස්ද කුකුලන්ද ඕනෑ තරම් ඇතත් අප වඩාත් කැමතිවන්නේ තෙල් කෑල්ලක් කන්නටය.

විද්වතෙකු වන එඩුවා ප්‍රංශයේ සෝබෝන් සරසවියේ හැට ගණන්වල අධ්‍යාපනය ලැබූ අයෙකි.ඔහුගේ සමකාලීනයෙකු වූ සෝමරත්න බාලසුරිය තරුණයාද එකල එහි උගෙනුම ලබා ඇත.එඩුවාගේ ගෙදර ඇති පින්තුරවල කොණ්ඩය බෙල්ලට වවාගෙන එළු රවුලක්ද සහිතව ඉන්න එඩුවා සමග කොට ගවුමක් ඇඳගෙන ඉන්නා කෙට්ටු යුවතිය හරියට චන්ද්‍රිකා වගේ යැයි මා කීවිට සිනාසුනු එඩුවා කීවේ ඒ ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක තරුණිය බවයි.ඇල්බෙයා කැමූගේ The Outsider නවකතාව පිටස්තරයා යනුවෙන් කරඇති සිංහල පරිවර්තනයේ ඔහුද සම පරිවර්තකයෙක් වූ බව එඩුවා මා සමග කීවේය.පසුව ඔහු ප්‍රංශ රජයේ මුල්‍ය සහාය ලබාගෙන ප්‍රංශ-සිංහල ශබ්ද කෝෂයක් සකස්කළේය.ඒ දිනවල ඔහු එහි දෙවැනි කොටස සංස්කරණය කිරීමෙහි නිරතව සිටියේය.යම් යම් සිංහල වචන විවිධ පළාත්වල  විවිධාකාරයෙන් යෙදෙන ආකාරය අපි දෙදෙනා සාකච්ඡා කළෙමු.

ඊට අමතරව ඔහු මාත් සමග අහසත් පොළොවත් අතර ඇති හැම දේ  ගැනම කතා කරයි.දවසක් අපේ කතාවට මාතෘකාව වුනේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ හිට්ලර් පවත්වාගෙන ගිය වද කඳවුරුය.ඒ වද කඳවුරු අතරිනුත් විශාලම එකක් වූයේ  පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුර බව එඩුවා කීවේය. එය දැන් විශාල වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කරන තැනක් බවද කී ඔහු එළඹෙන නිවාඩු සමයේ පෝලන්තයට ගොස් එය දැක බලාගෙන  ආවොත් නරකදැයි මගෙන් අසා සිටියේය. එතැන් සිට මා උනන්දු වුනේ පෝලන්ත ගමනටය.එකල පිරිමැසුම්දායක ගුවන් සේවා හෙවත් බජට් ෆ්ලයිට් පෝලන්තයට නොගිය බැවින් අපට බසයේ යන්නට සිදුවේ.වෝර්සෝ නගරයේ  සිටි මගේ මිතුරියක් අපි තුන්දෙනාට නවාතැන් සහ කෑම බීම සැපයීමට එකඟවූ නිසා ඒ ප්‍රශ්නයද විසඳුනි.ඇය කීවේ අවුෂ්විට්ස් ඇත්තේ වෝර්සෝවල සිට කිලෝමීටර් තුන්සීයකට ආසන්න දුරකින් ඇති ක්‍රැකෝ වල බවත් දුම්රියේ එම දුර පැය දෙකකට ටිකක් වැඩි කාලයකින් යාගත හැකි බවත්ය.ගමන එළැඹෙන පාස්කු නිවාඩුවේදී යන්නට අප තීරණය කරගතිමු. එඩුවාටද අප සමග යන්නට කතාකළත් එඩුවා කීවේ පාස්කු නිවාඩුවේදී ඔහු පෘතුගාලයට සංචාරයක් සඳහා යන්නට තීරණය කර ඇති බවය. ලංකාවේ පෘතුගීසි සමයේදී උසස් අධ්‍යාපනයට පෘතුගාලයට ගිය යමසිංහ කුමරා එහි ගතකළ ජීවිතය ගැන පර්යේෂණයක් කරන්නට එඩුවාට අවශ්‍යව තිබුණි. අප දෙදෙනාගේම බලාපොරොත්තු  සුළඟේ ගිය ආකාරය ඊළඟට බලාපොරොත්තු වන්න෴

100 comments:

  1. අර මේසේ වෙන් කරපු සීන් එකේදී එඩුවට බනිනකොටනං හැලපයියත් හොඳට ප්‍රංශ කතාකලාලු නේ

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද,ඒ වෙලාවට ප්‍රංශ නෙවෙයි ජර්මනුත් කියවෙනවා.

      Delete
  2. කැමතෙන් කියෙව්වා..නොදන්නා රටක නොදන්නා විස්තරයක

    ReplyDelete
    Replies
    1. සතුටුයි.එල ද බ්‍රා අද නැද්ද බං.

      Delete
    2. නැතුව අයියන්ඩි උඔගේ ලියවිල්ල එල ද බ්‍රා

      Delete
  3. හැලපයිය ගේ ඉන්නෙම බොන්න බැරි යාලුවෝ වගේ නේ. ඒක නෙවෙයි, ඔය ප්‍රංශ වයින් ගැහුවම ප්‍රංශ කතා කොරන්න පුළුවන් කියන්නේ ඇත්තද නිකන් වතුර වගේ...

    ReplyDelete
    Replies
    1. ඒවා මොකට කියනවද.අපි බඩ පිරෙනකල් ප්රෙන්ච් වයින් බොන්නෙ ඒකනේ.

      Delete
    2. මේක පර්යේශණ වලින් ඔප්පු කරලා තියෙනවා. වොඩ්කා ගැහුවම හොඳට රසියන් භාශාව කථා කරන්න පුලුවන් වෙනවා, ස්කොච් ගැහුවම ඉංග්‍රීසි ස්කොටිශ් ස්ටයිල් එකට. එකම වෙනස ලංකාවේ අරක්කු. ඒකේ තියෙන මොකක් හරි වෙනසක් නිසා වැඩිපුරම කථා කරන්න පුලුවන් වෙන්නේ ඉංග්‍රීසි. සිංහල හොඳට කථා කරන්න තියෙන එකම දේ ගංජා සුරුට්ටුවක් ඇද්දොත් තමයි. (උපුටා ගැනීම ප්‍රාජේ ගේ විකිපීඩියා)

      Delete
    3. ඉයන්,
      මම හිතන්නෙ කසිප්පු ගැහුවොත් හොඳ සිංහල කතා කරන්න පුළුවන් වේවි.

      Delete
  4. පිටරට යන්න හා ඉන්න ඕනෙ හැලපෙ වගේ අය.
    සමහර ලංකාවෙ අය ප්‍රසිද්ද තැන් දෙක තුනක් හැර තැනක් බලන්න යන්නෙ නෑ, අමුතු කෑමක් රස බලන්නෙ නෑ. එහෙ දේවල් දැනගන්න ඒ ගැන කියවල, ගිහිල්ල, බලල, කතාකරල ... ඒ මොනවත් නෑ.
    ආශ්‍රය කරන්නෙත් කතාකරන්නෙත් (ජොබ් එකේ හා වෙනත් අවශ්‍යතාවයකට හැර ) ලංකාවෙන් ආපු අය එක්ක විතරයි. කලාතුරකින් ගියවෙලාවක ඒ අයට තියන අවස්තා අපිට නැති එක ගැන හා ඒ අය ඉන්න විදිහ ගැන
    දුක හිතෙනව. ඒත් ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ

    ඒක නෙමෙයි , අමු විතරක් නෙමෙයි, සමහර වෙලාවට කෙලින්ම පණ තියන බෙල්ලන් කනවනේ?

    ReplyDelete
    Replies
    1. අවාසනාවට මම මෙහෙ ඇවිල්ල ඉන්නෙත් ඔය විදියටමයි.. හෙහ් හෙහ්.. හැබැයි ඉතින් සෙට් වෙන්න හරියන අය නැති වුනාම (අපි ගේ ඇතුලට වෙලා ඉද්දි මොකා සෙට් වෙන්න ද) ඔහොම ඉන්න වෙනවා.. හෙහ් හෙහ්

      Delete
    2. අර රට ගිය ඇත්තෝ ගැන කියලා තියෙන කතාවට මේන් මගේ ප්‍රමාණය...

      Delete
    3. ප්‍රාගෙ කතාව දැක්ක ගමන් මට මතක් උනේ මාතයි උදිතයි. බොලා දෙන්නම නිතරම මේ ගැන කියනවනෙ.
      මගෙත් ඥාතීන් ඉන්නව සමහර රටවල. නිවාඩුවට ඇවිල්ල ඇතිවෙන්න හාල් කරවල මාලු අරගෙන ගිහිල්ල (සමහර දේවල් හොරාට ගෙනියන්නෙ) ඉතිරි කාලෙම ඒව කකා ලංකාවෙ ටෙලිනාට්‍ය නෙට් එකෙන් බල බල ජීවත් වෙනව. අනේ සංසාරේ.......

      Delete
    4. ඇත්ත ඇති සැටියෙන්ම....

      Delete
    5. ඇය් අර සිරා කොලුවත් ගෙඹි මස් කෑව කියල දාල තිබ්බෙ එදයිං එදත් හරි ආයෙ දැක්කෙම නෑ... හැක්

      Delete
    6. ඒක නෙවෙයි.. කෝ මේ ධන ලකුණ .. ආ හම්බුනා...+++++++++++++++++++++++++

      Delete
    7. ප්‍රා,
      අපිනං ඉතිං වෙනසක් නැතිව කවුරු කවුරුත් ආස්සරේ කරනවා ලංකාවෙ දේ වගේම ඒ රටවල දේත් කනවා බොනවා.ඒවත් අත්දැකීම් නොවැ.ඔව් ඔව් අපි කන්නෙ පණ තියෙන බෙල්ලො තමයි.

      Delete
    8. පැතුම්,
      පිල්ලෙක් හරි මලබාරියෙක් හරි කමක් නෑ සැට් කරගෙන සොමියක් ගනිං.

      Delete
    9. රාජ්,
      අපිත් ලංකාවට ආවහම කරෝල නං පුළුවන් තරම් අරං එනව බං.ඒ රස හිතෙන් මැකෙන්නෙ නෑනෙ.

      Delete
    10. චෙෆාකි,
      සැටිපිකෙට් ඇත්ත.

      Delete
    11. මහේෂ්,
      ඇත්තමයි බං එදා ඉඳල ඌ ආගිය අතක් නෑ.

      Delete
    12. ප්‍රා
      එල ද බ්‍රා කතාව

      Delete
    13. මාත් ඔය ලංකාවෙන් එනකොට ඉස්සර කරෝල ගෙනාව, දැනෙ ඊට ලේසියි මෙහෙන්ම ගන්නව. ඒත් ඔය උඩ කිව්ව වගේ මේ රටවල ලස්සන නොබල, වටින කියන තැන් නොදැක ඔහේ ඉන්න උන් අන්නතයි.

      අපී ගේ ගාව ඉඳන් පයින් යන දුර තීන මේ කලාපෙ මුල්ම ගුවන්තොටුපල, දැන් කෞතුකාගාරයක් කරල. මෙහෙ අවට ඉන්න අවුරුදු ගනන් පරන එක ලංකාවෙ එකෙක් ගිහින් නෑ, අපි කිව්වමත් උන්ට පුදුමයි. ඉතින් කොහෙද. ඕඅවට කියන්නෙ පවට පින දෙන්න බෑ කියලනෙ.

      Delete
    14. සිංහයෝ,
      මෙහෙ තියෙන ඒවා බැංකොක් සහ මාලේවල කරන්ට් එකෙන් වේලලා හදපුව නේද.පොඩ්ඩක්වත් ගඳ එහෙම නෑ.

      Delete
  5. හැක්... වයින් වගේද ලංකාවෙ බඩු. ගහපු ගමං ඔන්ද ස්පොට්.
    අදනං කන බොන කතාම තමයි තියෙන්නෙ. අර අන්තිමට කියල තියෙන පොලේ විස්තරේනං හිතට අල්ලල ගියා.
    බලාපොරොත්තු හුළඟෙ ගිය හැටිත් කියමුක‍ො බලන්න.

    ReplyDelete
    Replies
    1. ආන්න රෙෂ්පට් !!! ඔලුවෙ කැක්කුං කිසිදෙයක් නෑ පහුවදාට මලක් වාගෙ හිටියහැකි :D

      Delete
    2. ලංකාවෙ බඩු කීවෙ ගල් වෙන්නැති.ඔය පොළවල් ගැන දිග විස්තරයක් ලියන්න තියෙනවා.වෙලාවක් ආවොත් බලමු.හුළං අල්ලන්නෙ ඊළඟ එකෙන්.

      Delete
    3. අනේ මංදා පත්තරේ.බ්‍රෑන්ඩ් එක කතාවට විතරයි වගේ,බොනකොට වෙන ඒවා නේද?

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -
      ගල් බලකායේ කැදවුම්කරැ වෙනුවෙන්

      Delete
  6. එඩුවා විද්වතෙක් නෙව. මම මේ නම මතක් කරගන්න මහන්සි වෙනවා.. නිකං මදි මදි වගේ නේද අද කෙටහ...

    ReplyDelete
    Replies
    1. එහෙනං මතක් කරගෙන මටත් කියපංකො.මදි කිව්වෙ උඹ මගෙන් මොකුත් අහගන්න එපා තව මදි කියන්නත් එනව.

      Delete
  7. අද හරි ලකී දවසක් . හැලපේ , රවී, ඉවාන් සේරෝම ලියලා. මේ විස්තරය හොඳට රස වින්දා . කැමූගේ පොත පිටස්තරයා නමින් සිංහලට පරිවර්තනය කලේ සෝමරත්න බාලසුරිය නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තිලකෙගෙ පෝස්ට් එකක් විතරයි අඩු.ඒ පොත කළේ සෝමරත්න බාලසුරිය තමයි.

      Delete
  8. ඒ කියන්නේ Auschwitz යන්න බැරි වෙනවා කියන එකද? මම මේ ලඟදි කියෙව්වා ඔය සිර කඳවුරට ස්වේච්ඡාවෙන් ගිය පෝලන්ත ජාතිකයෙක් ගැන. තොරතුරු ‍රැස් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසෙන් බලපංකො.

      Delete
  9. එඩුවා වගේම පොරක් මෙහේ ඉන්නවා... එක වීදුරැවයි බෙල්ල සාක්කුවේ.....

    බෙල්ලෝ ගැන කියද්දි හිතුනා බෙල්ලෝ ගැන ලියන්න...

    තාර මස් රස නම් ඉහලයි... අවුරැදු ගණනාවකට පෙර රස බලලා තියෙනවා...

    ආසාවෙන් කියෙව්වා හැලප මාමේ ඉතිරියත් ඉක්මනින් ලියමු

    ReplyDelete
    Replies
    1. ශානු බෙල්ලො කන්න ආස නැද්ද.ඉතිරිය ඉක්මනින් ලියනවා.

      Delete
  10. මරු යාලුවෙක් නෙ සෙට් වෙලා තියෙන්නේ... හැලපෙගේ සංචාරක සටහන් කියන එක හරිම රසවත් සහ සෑහෙන දේවල් දැන ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.ඌව ආශ්‍රය කිරීම හරියට විශ්ව කෝෂයක් එක්ක ජීවත් වෙනව වගේ.

      Delete
  11. බෙල්ලෝ කන්න ඕන අමුවෙන්.. ඒත් අපේ උන් ඒවා තම්බලා ... වැඩේ කලා දානවා..

    උනේ මක්කැයි කියලා බලන්න ආයෙත් ඉන්න වෙනවනේ... මේක අර ඊලඟ කොටස ලබන සතියේ වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. තම්බල කන බෙල්ලො ජාතියකුත් තියෙනව මචෝ.හදිස්සි වෙන්න එපා ඊළඟ කොටස ලබන සතියෙ.

      Delete
  12. එඩුවගෙ සොමියනම් දැම්මා. ඒ උනාට මේ පෝස්ට් එකෙත් කොටයක් ඉතුරු කරගත්තනෙ. ඒකත් ඉක්මනට දාන්න. එතකල් අපි බලාගෙන.

    ReplyDelete
    Replies
    1. කොටයක් ඉතුරු උනා.මොනා කරන්නද ඊළඟ සතියෙ ඉතුරු ටික දෙන්නම්.

      Delete
  13. අපූරුයි හැලප අයියා.... නියමෙට ලියලා... අර බෙල්ලෝ කන සීන් එක කිව්වම කියන්නත් කලින් මතක් උනේ මිස්ටර් බීන්ව තමා.. හැබෑටම එව්වා මොන රහයිද කියලත් දැම්මොත් නරකද.. නිකන් ආසන්න රසයක්.. මමත් දවසක් කාල තියනව බෙල්ලො වර්ගයක්.. හැබැයි තම්බපු... අවුෂ්විට්ස් ... මැරෙන්න කලින් යන්න බලාපොරොත්තුවෙන තැනක්.... මට නම් හෙනම ඉන්ටරෙස්ටින්.....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.කොහොමහරි අවුෂ්විට්ස් යන්න යායුතුම තැනක්.

      Delete
  14. මේක නං අල්ලල ගිය සටහනක් හැලපෙ.
    යමසිංහ කුමාරය කියන්නෙ ලංකාවෙන් ගිහිල්ල පෘතුගාලෙ පල්ලියකුත් හදපු බුවා නේද? එයා ගැන ආටිකල් එකක් කියෙව්ව 80 ගනන් වල ශ්‍රී සඟරාවක තිබිල

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමත් කැමති මේ වගේ සටහන් වලටනෙ.ඔය කුමාරයා ගැන එළිවෙලා තියෙන කරුණු බොහොම අඩුයි.එඩුවා හොයන්න ගියෙත් ඒකයි.

      Delete
    2. යකෝ සාක්කිලේ.....................................ඔය දැන් මෙහෙ එන පුර්තුගීස් එව්වෝ එතකොට අපේ ලේ තියන එවුන් වෙන්ඩ පුළුවන්.

      Delete
  15. අපුච්චේ..........අමු බෙල්ලෝ වළඳන්ට නම්, ඉස්සෙල්ලා ඩබල් ඩිස්ටිල් එකහමාරක් වත් යට කරන්ඩ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕනිම නෑ විචා...!

      Delete
    2. එතකොට වළඳන්න වෙන්නෙ බෙල්ල සාක්කුවෙ දාගෙන නේද.

      Delete
  16. යකෝ මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ එඩුවා කියන්නෙ සුද්දෙක් කියලනෙ.

    ReplyDelete
    Replies
    1. සුද්දෙක් කිව්වත් වරදක් නෑ ඒ වගේ තමා.

      Delete
  17. නියමයි විස්තරේ හැලපය්යෙ.. නොදන්න දේස දීපංකර වල විස්තර කියවන්න ආස අපිට නං මල් හතයි.. අරක මං හිතං හිටියෙම ඔෂ්විට්ස් කියල.. අවුෂ්විට්ස් කියල දැනගත්තෙ ඊයෙ පෙරෙයිද..
    ඒ නමිංම පොතක් තියෙයි.. සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනව. පණ බේරගත්ත ඩොක්ට කෙනෙක් ලියල තියෙන්නෙ...
    ඉතුරු කොටහත් කඩිනමින් ප්‍රකාශයට පත් කලානං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොහොමත්ම.ඉතුරු කොටහ ලියලත් ඉවරයි.ලබන සතියෙ දාන්නං.

      Delete
  18. සවාරියක් ගියා වගේ දැනෙන්නේ....
    අනිත් ටිකත් ඉක්මනට දාමු හැලපේ...

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නෑ.එන සතියෙ දානවා.

      Delete
  19. මමත් ඔය බෙල්ලො කෑම ප්‍රචලිත රටක හිටියා. එක බෙල්ලයි කෑවේ. එපාම වුනා. ඒක අක්වයර්ඩ් ටේස්ට් එකක් නේද. එහෙදි අ[ඉ කරපු චාරිත්‍රයක් තමයි දෙසැම්බර් 24 දා දවල් දොලහට ඔෆිස් එකෙන් පිටවෙලා මුලු ඔෆිස් එකේම කට්ටිය සිටි එකේ තියෙන බාර් එකෙන් එකට ගොස් බීම. එක බාර් එකකින් එක ඩ්‍රින්ක් එකයි. පැය තුනක් විතර යනකොට පාවෙනවා ඩ්‍රින්ක්ස් කොක්ටේල් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒ චාරිත්‍රය මරුනෙ බං.කොක්ටේල් ඩබල් ට්‍රිබල් වෙනවනෙ.

      Delete
  20. ඇති යන්තම් කතාව ඉවරයක් කෙරුවා. ඔය බෙල්ලො ජාතිය නම් අල්ලලා බලලත් තියෙනවා. ඒත් අමුවෙන් කන්න පිරියක් නැති නිසා කෑවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //ඇති යන්තම් කතාව ඉවරයක් කෙරුවා.// බොට මඤ්ඤං ද?

      Delete
    2. ශ්‍රීනාත්,ඒ බෙල්ලො ලංකාවෙ තියේද?

      Delete
    3. ප්‍රසන්න,
      ලබන සතියෙ ඉවර කරන බව ඌ දන්නව.

      Delete
  21. එඩුවා ගේ සොමිය දීම ගැන ගස්ලබ්බාගේ ප්‍රෙමාණය.. ඔව්..!
    දවසක් දික්වැල්ලෙ බීච් එකේ අඩියක් ගහනකොට ගමේ කොල්ලො වගයක් සෙට් වෙලා බෙල්ලො කෑවා.හැබැයි එතනම තම්බලා.එදයිත් හරි ආයෙ සෙට් උනෙ නෑ.
    හැලපයියා යන තැන ආතල් එක අරන් ඉන්නැතිව ඒක බෙදාගන්න එක නෙ වටිනාම දේ.. ඉක්මනටම කොටේත් අදිමු අයියෙ.. රහ වැටිලා ඉන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්.මම පිටරටදි බෙල්ලො කාල තිබ්බට ලංකාවෙ කන්න බැරිවුනානෙ බං.උඹ ඔය කියන්නෙ මට්ටි වෙන්න ඇති.ඉතුරු හරිය ඊළඟ සතියෙ.

      Delete
  22. අමු බෙල්ලා නම් කාලා නෑ. සියටෙල් වල රතු ඉන්දීයන් ඩයල් හදනවා බෙල්ලෝ දාල සුප් එකක්. පොඩ්ඩක් තම්බලා වගේ තියෙන්නේ. එකත් පංකාදු පහයි

    ReplyDelete
    Replies
    1. ඔය සුප් එක බීමේ වාසනාව මටත් ලැබුන බං.

      Delete
  23. හැලප අයියා ඔයබෙල්ලගෙ තියන වටිනාම ගුනේ ගැන කියලා නෑ නේ,,මමත් අමුවෙන්ම ඇදලා අරිනවා අහු උනාම,,ගාන නේ සැර එතකොට ඉතින් අර බෙල්ලගෙන් එන පුරුශ සත්තිය හුලං බහිනවා,,අමුවෙන් ඉස්සොත් ඔය විදිහටම දෙහි එක්ක කන්න පුලුවන්...අර පෘතුගාලේ පරීස්සනේ මොකෝ උනේ එඩුවගේ

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්.ඩිලාන්ට වටිනාම ගුණේ මතක් උනා එහෙනං.අමුවෙන් ඉස්සො කාපු කතාවකුත් තියෙනවා ඒක පස්සෙ කියන්නං.

      Delete
  24. නියමයි හැලපයියා........ කිසිම මෙව්වා එකක් නැතුව දිගට කියවන් යන්න පුලුවන්........... රෝස් කරපු ඌරටනං ආසා හිතුණා................

    ReplyDelete
    Replies
    1. ආස හිතෙනවා නේන්නං.කනකොට මොන තරං රසද බං.

      Delete
  25. අවුෂ්විට්ස් """"""""""""""""""""

    Auschwitz

    My heart cried
    When my feet touched Auschwitz
    Although many years have passed
    It seems like yesterday

    I was brought here
    Along with my family
    We traveled three nights in a cattle train
    Fully packed and had no space to move

    When my little sister asked for water
    I gave my water bottle with a small loaf of bread
    Then she slept on my lap
    But I was awake all the time

    When the train stopped
    The Doors were opened
    There were no welcome signs
    The SS men came with guns and dogs
    SS-Totenkopfverbände greeted no one

    When I saw Sonder- Commanders
    I could read their eyes
    They moved like living dead
    Gave no word or smile

    It was winter and I felt cold
    I took a deep breath
    My inner mind whispered
    You have come to the land of death

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රුවන්.

      Delete
  26. පොස්ට් එක පුරාම තියන ඒ අනන්‍යතාවය ඒ ඒ රටට ආවේනිකද මන්ද... හල්පේ අයියා වෙන රටක හිටියේ නැද්ද.. මට ආසයි හල්පේ අයියා වෙන රටක විස්තරයක් ලියන විදිහ කියවන්න..

    ReplyDelete
    Replies
    1. මම තව රටවල් කීපයක ජීවත්වෙලා තියෙනවා.ඒ වගේම මගේ සමහර කතාවලට ඒ රටවල් පාදක වෙලත් තියෙනවා.හැබැයි මම කතාවක් ලියනකොට යෙදෙන හැටියට ඒ රටවල් ඇතුල් වෙනව මිසක ඒ රටවල් ගැනම කතා ලියැවෙන්නෙ නෑ.බොහොම ස්තුතියි.

      Delete
    2. මම කියපු දේ මම හිතාන්නේ හැලපේ අයියට තේරිලා නැහැ වගේ.. මම කිව්වේ රුසියන් කතාවක් සිංහලට ලිව්වාම තියන රුසියානු උරුව වගේ ඔයා ලියන උරුවට ඔයා ඉන්න වටපිටාව කියවන අපිට දැනෙනවා.. ඒක හරිම අපූරු ආශ්වාදයක් කියවන මනුස්සයෙකුට.. ඒ වගේම හැමෝටම එහෙම ලියන්න තේරෙන්නෙත් නැහැ.

      Delete
    3. සොරි සොරි දැන් තේරුණා.

      Delete
  27. පොස්ට් එක පුරාම තියන ඒ අනන්‍යතාවය ඒ ඒ රටට ආවේනිකද මන්ද... හල්පේ අයියා වෙන රටක හිටියේ නැද්ද.. මට ආසයි හල්පේ අයියා වෙන රටක විස්තරයක් ලියන විදිහ කියවන්න..

    ReplyDelete
    Replies
    1. කවුද බොල හල්පෙ.

      Delete
    2. ප්‍රසන්න,
      හල්පෙ කියල අපේ පැත්තෙ ගමක් තියෙනවා.අපේ පැත්තෙ කිව්වට මීරිගම මීගමුව පාරෙ.මෝඩකම් වලට ඒ ගම කොච්චර ප්‍රසිද්ධද කිව්වොත් අදත් ගමේ මිනිස්සු තමන්ගෙ ගමේ නම ප්‍රසිද්ධියෙ කියන්නෙ නෑ.ඒ අනුව බලනකොට අම්බලන්ගොඩයා මට දීල තියෙන්නෙ සුළු පටු නම්බුවක්ද?

      Delete
    3. ඔය කියන්නේ අර පත්තරේ වැඩකරන අයියලැ ගම ගැනද

      Delete
    4. ගූගලයා මට පුදුම වදයක් බන් දෙන්නේ. මේ ටයිප් කරලා පොස්ට් කරන එක පොස්ට් කරලා ඉවර උනාම වෙනස් වෙලා.. ඇත්තටම මම ලිව්වේ හැලපේ අයියා කියල.. ඒ මදිවට පොස්ට් එක දෙපාරක් පොස්ට් වෙලා.. මම පොස්ට් කරේ එක පාරයි.. ඒකත් නරකම නැහැ. එකක් ඉල්ලුවාම දෙකක් දෙනවා බ්ලොගර්.. බයි වන් ගෙට් වන් ඔෆර් එකක් වෙන්න ඇති මේ දවස්වල

      Delete
  28. අවුෂ්විට්ස් ගැන හොදට විස්තර කෙරෙනවා ..වෘර්කයන් අතර නග්නව ...නවල් එකේ

    ReplyDelete
    Replies
    1. වෘකයන් අතර නග්නව පොතේ තියෙන්නෙ ජර්මනියෙ බුකන්වල්ඩ් කඳවුර ගැන නෙවෙයිද බං.

      Delete
    2. අප්පට එහෙමද ...ආයේ පොත හොයාගන්ඩ වෙනව

      Delete
  29. අමුවෙන් කන බෙල්ලෝ නැති වුනාට කමක් නෑ අර අවන් එකේ පලහන සාඩිනුයි, සැරට බැදලා ගන්න ඉස්සොයි දැක්කාම කන්ටම හිතුනනේ.

    //උඩ කටුව එහෙමම තිබියදී යට ඇති පතුරක් වැනි කටුව තියුණු මුවහත් උලකින් ගලවා ගෙන මසට ලෙමන් යුෂ ස්වල්පයක් වත්කරන්නේ බෙල්ලා උත්තේජනය වන්නටය.එවිට බෙල්ලා ඉතා රසවත් වන බව එඩුවා කියයි.ඉන්පසුව ගෑරුප්පුවකින් මස් ගුලියම ගලවා කෑමට ගනී.කටුවේ ඉතුරුවෙන යුෂ ටිකද ස්රූස් ගා ගිල දමමු.//

    සම්පූර්න ඇත්ත. ඒත් මට නම් බෙල්ලෝ පෙන්නන්ට බෑ.

    අද පෝස්ට් එක හරිම රහයි. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.ඔයා ඉතිං හැමදාම කෑම බීම රස විඳිනවනේ.අර කෑම ජාති කන්න ආස හිතෙනකොට කියන්න ගෙනත් දෙන්නං.

      Delete
  30. අවුෂ්විට්ස් ඇත්තමයි අටම් කිවුවත් වගේ ඒ පොතේ අපි ගියා වගේ දැනෙන විදිහට ලියල තියෙනවා.

    හැලපේ අයියත් ගියා නම් අවුෂ්විට්ස් ගැන ලස්සනට ලියන්න ආසයි ඒ ගැන කියවන්න

    ReplyDelete
    Replies
    1. අවුෂ්විට්ස් ගමන ගැන එන සතියෙ කියවන්න ලැබේවි.

      Delete
  31. දන්නවද වැඩක් හැලපයියේ , ලාංකියෙනුයි , මාතයගෙනුයි ඇරුනහම අටම්පහුරට කට්ටිය වැඩියෙන්ම ගොඩ වෙන්නේ හැලපකඩෙන් ......අප්පරමාන සන්තෝසයි අප්පා

    ReplyDelete
    Replies
    1. බොට වැඩිය මට සතුටුයි.ගහමු බෝතලයක්.

      Delete
  32. එඩුවා කවුදැයි මේ ලිපිය මුලින් කියවූ දවසේ සිට හොයලා අද හොයා ගත්තා!

    මේ ආචාර්ය එඩ්වඩ් ක්ලෙමන්ට් පෙරේරා ය. සෝමරත්න බාලසූරිය ගේ පිටස්තරයා පරිවර්තනයේ එඩුවාට විශේෂ ස්තූතියක් ඇත!

    ReplyDelete
    Replies
    1. මහන්සි වෙලා සොයා ගැනීම ගැන සතුටුයි රසික.

      Delete
  33. ආචාර්ය එඩ්වඩ් ක්ලෙමන්ට් පෙරේරා ගේ මරණය ගැන පුවත:

    On January 24, 2015, he fell unconscious following a severe stroke, and suddenly, Edward, with his passionate intellectual curiosity, left us quietly and peacefully leaving his legacy to future learners of Sinhala and French, to begin his journey to new horizons.

    ‘Adieu Edouard’.

    http://www.sundaytimes.lk/150222/plus/appreciations-2-136616.html

    ReplyDelete
    Replies
    1. පණිවිඩයට බොහොම ස්තූතියි.ඔහුගේ මරණය මා හද කම්පා කළ පුවතක්.

      Delete
  34. එඩුවා කියන්නේ ලංකිකයෙක්නේ එහෙනම්.අනිත් එක චන්ද්‍රිකා සෝබෝන් ගිහින් ඉගෙනගත්තා කියන කතාවත් බොරු නෙමේයි වගේ නේද හැලපයියේ.මට මතකයි චන්ද්‍රිකා ඔය සෝබෝන් කතාව කිව්වාම විරුද්ධ පක්‍ෂ වල සමහරු හිනාත් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔය චන්ද්‍රිකා සෝබෝන් නොගිය කතාව දරුණුවට මතුවෙලා ආපු සමයේ මම එඩුවාගෙන් ඒ ගැන ඇහුවා.ඔහු හිනාවෙලා කිව්වෙ ඇය ඔහුගේ සමකාලීනයෙක් බවයි.

      Delete

ඔබේ අදහස්