Sunday, September 27, 2015

මාදුවාගේ හපන්කම් සුද්දාගේ තැපැල් කන්තෝරුව සහ බබා ඇතින්නගේ අසනීපය.



 මුල් කොටස 

අපේ මිත්‍රයින් දෙදෙනා බබා ඇතින්න සමග කළ සාකච්ඡාව මොන තරම් පලදායක වී ද කිවහොත් සතියක් ගතවන්නට පෙර දෙන්නා එකමුතුව බබා ඇතින්නට පෝලිමක් දැම්මෝය. ඊළඟ සති අන්තයේ මට විස්තරය කිව්වේ සුද්දාය.මාදුවා උගේ ත්‍රීවීලරයේ බබා ඇතින්නව සුද්දගේ ගෙදරට ගෙන ආ තැන් සිට කළ කී දෑ ගැන විස්තරය හොඳට බීමත්ව සිටි සුද්දා විසින් ලුණු ඇඹුල් ඇතිවම මා සමග පවසන ලදී.ඒ විස්තරය කොතෙක් සිත් බඳනා සුළුද යත් කතාව ඇසු මම බිම පෙරළි පෙරළී සිනාසුනෙමි.මගේ දරුවන් වන් තරුණ දරු දැරියන්ද මේ බ්ලොගය කියවන බැවින් ඒ කොටු සහිත විස්තරය පැවසීම ස්වයං වාරණයකට ලක්කරගනිමි.කෙසේ වුවද එදායින් පසු බබා ඇතින්න මාදුවා යහනේදී දැක්වූ හපන්කම්  ගැන බොහෝ සෙයින් පැහැදී උගේ  අසාමාන්‍ය ලෙස විශාල අවයවයකට ලොබ බැඳී අතර සුද්දා නිකම්ම පසෙකට විසිවී ගියේය.මට තිබුන එකම හිත් අමාරුව වුයේ උන් දෙන්නා මේ රාජකාරිය මට හොරෙන් කළ නිසා මුංගේ වැඩ කෑලි කිසිවක් පිංතුර ගන්නට හෝ වීඩියෝ කරගන්නට නොලැබීමය.

ඉන් පසුව සතියක් දෙකක් ගතවන තුරුම සුද්දා කී විස්තරය මතක් වෙන විටත් බබා ඇතින්න දකින විටත් මට එන හිනාව නවත්වා ගන්නට බැරිවිය.මගේ මේ හිනාව ඉස්සෙල්ලම දැක්කේ බිරිඳය.ඇය කෙළින්ම මගෙන් ඇසුවාය.

දැන් ටික දවසක ඉඳල ඔයා මොකද ළමිස්සි වගේ හිකි හිකි ගගා හිනාවෙන්නෙ...

නෑ නිකං කිව්වට ඇය පිළිගන්නේ නැත.ගෑනුන්ට ඔය වගේ දේවල් වසංගන්නටත් බැරිය.මම විස්තරය කිව්වෙමි.

තූහ්...ඇය මිදුළට කෙළ ගැසුවාය.චික්...මතක්වෙනකොටත් මගෙ බඩ දඟලනවා,මුං මිනිස්සුද සත්තුද හැබෑට.ඇහැ කන පේන මනුස්සයෙකුට ඔය මළ හෝන්තුව ලඟට ගන්න පුලුවන්ද. ඕකුං දෙන්න මේ ගේ හරියට  ගන්න හොඳ නෑ.ඔයත් වී පැදුරට කුකුළා යන්නැහේ සුද්දලගෙ ගෙදර හැම තිස්සෙම යනව නේද. ආයෙම ගියදෙංකො බලන්න හුහ්,කඩනව කකුල් දෙක,මගෙ හැටි දන්නැතුවයි ඔය දඟලන්නෙ...

බිරිඳ නොනවත්වාම කියවයි.ඔය බැනුම් සතියකින් දෙකකින් අමතක වන නිසා මම සද්ද නැතිව හිටියෙමි.සුද්දාද මාදුවාද විටින් විට මා හමුවන්නට ගෙදර ආවත් බිරිඳ උන්ට මොකුත් කීවෙත් නැත.මමද සුපුරුදු ලෙසට සුද්දලාගේ ගෙදර  ගියෙමි ආවෙමි.බබා ඇතින්න දකිනවිටනම් බිරිඳට හිනාව නවත්වා ගන්නට බැරි බවද මම දැක්කෙමි.

මේ අතරතුර තවත් අපූරු වැඩක් සිදුවිය.එනම් සුද්දා විසින් ඌ පෙළන තනිකම පාළුව ගැන ලියු කුඩා විස්තරයක් උගේ ලිපිනයත් සමග මල් පත්තරයක "දුක දරාගන්න බැරි හින්දා"ද මොකක්ද තීරුවක පළවීමය.පහුවදා සිට සුද්දාට ලැබෙන්නට ගත්තේ කාන්තාවන් විසින් එවන ලද ලියුම් සිය ගණන් මිටි පිටිනි.මෙය නම් සුද්දා හීනෙන්වත් බලාපොරොත්තු නොවූ තත්වයකි.සතියක් ගතවන විට ලියුම් ගොඩක්  ගෙයි ගොඩගැසුනි. ලියුම්වලට කුමක් කරන්නදැයි සුද්දාට නිනව්වක් නොවීය.සති අන්තයේ සුද්දාගේ ගෙදර ගිය මට සුද්දා විසින් කඩා තිබු ලිපි කීපයක් කියවන්නට ලැබුණි.කබල් සිංහලෙන් ලියන ලද ලිපි මෙන්ම වියත් සිංහලෙන් ලියු ලිපිද කලාත්මක ලිපිද ඒ ලිපි කීපය අතර විය.මම කොහොමත් කියවන්නට පෙරේතයෙක් නිසා සියල්ලම කියවන්නට ආසාවක් ඇතිවුණත් එයට එවෙලේ එයට අවස්ථාවක් නොවීය.ඊළඟ සතියේ මම එනතුරු ලිපි ගොඩ නාස්ති නොකර පරිස්සම් කරගෙන ඉන්නට සුද්දාව පොරොන්දු කර ගත්තෙමි.

ඊළඟ සතියේ මම සුද්දා හමුවන්නට යනවිට ලියුම් ගොඩ  තවත් උසට ගොඩගැහිලාය.කොණක සිට ලියුම් කඩමින් කියවන්නට පටන්ගත්විට පැයකදී පමණ ලියුම් ගොඩ කියවා හමාර කරන්නට හැකිවිය. ශෘංගාරාත්මක ලිපිවලින්ද ආයාචනාත්මක ලිපිවලින්ද අවවාදාත්මක ලිපිවලින්ද විනෝදාත්මක ලිපිවලින්ද අලංකාර සඳැස් මෙන්ම නිසඳැස් කව්වලින්ද පිරි ඒ ලිපි තොගය මට නම් වටිනා ධන නිධානයක් වුවත් සුද්දාට ඒ ගැන ගණනක් නොවීය.තමන්ට ලැබුණු ප්‍රතිචාරයෙන් මහත් උද්දාමයට පත්ව සිටි සුද්දා කීවේ ලිපි සියල්ලටම උත්තර ලියන්නට අවශ්‍ය බවයි. සුද්දාට ලිපි එවා තිබු කාන්තාවන් අතර අවිවාහක තරුණියන්ද,විවාහය කඩාකප්පල් කරගත් අයද,වයස ගතවී ඇතත් තවම විවාහයක් කරගන්නට නොහැකිව සිටි අයද,දික්කසාද වූ අයද,මැදපෙරදිග රැකියාව කරන අයද  මැද පෙරදිග ගොස් පැමිණි අයද ඇඟලුම් සේවිකාවන්ද, උපාධිධාරී ගුරුවරියන්ද,රජයේ සේවිකාවන්ද  ආදී වශයෙන් සමාජයේ විවිධාකාර ස්තරවල කාන්තාවන් සිටි බව මා දුටුවෙමි.මේ සෑම සියලු දෙනාම එකසිතින් උත්සාහ කරන්නේ කල්පවත්නා ස්ථිර විවාහයකට සුදුසු සහකරුවෙක් කෙසේ හෝ සොයාගන්නට නොවේද යනුවෙන් කල්පනා කල මට ඔවුන් හැමදෙනාම කෙරෙහි මහත්වූ අනුකම්පාවක් දැනෙන්නට විය.

පහුවදා සිට ලිපිවලට උත්තර ලියමුයි සුද්දාට කී මම ලිපි ටික තේරුවෙමි.ලැබී තිබුන ලිපි ගොඩෙන් හතරෙන් එකක් පමණ වන්නට ලිපි ගොඩ කුඩාකරන්නට අපට හැකිවිය.නැත්නම් සුද්දා බංකොලොත් වෙන්නේ ලියුම් තැපැල් කරන්නට යාමෙනි.ලියුම් ලිවීම තවත් ප්‍රශ්නයක් මතුකළේය.සියල්ලටම පොදු ලිපියක් යවන්නට බැරිය.මන්දයත් කෙනෙකුට ගැලපෙන්නට ලියන ලිපිය තවෙකෙකුට නොගැලපෙන නිසා එකිනෙකාට වෙන වෙනම ලිපි ලියන්නට සිදුවේ.ලියුම හදාගන්නට හැකි වුවත් ලියන්නට කෙනෙක් සොයාගත යුතුය.මම ලිව්වොත් පෑහෙන්නට යන මඟුලත් කියවන්නට බැරි අකුරු නිසා කැඩේ. අකුරුවල ලස්සන කැත  ගැන කියනවිට මට කතාවක් මතක්වේ. ඒ කතාව සමහරවිට බොහෝ දෙනෙක් දන්නා එකක් විය හැකිය.එය නස්රුදින්ගේ කතාවකි.

නස්රුදින්ගේ ගමේ මිනිහෙක් නගරයේ ජීවත්වන තම පුතාට ලිපියක් ලියවාගන්නට නස්රුදින් හමුවන්නට ආවේය.

මුල්ලා ටවුමෙ ඉන්න මගේ පුතාට යවන්න ලියුමක් ලියල දෙනවද...ගැමියා කීවේය.

ලිව්වට වැඩක් නෑ මම  මේ දවස්වල එක්තැන් වෙලා ඉන්නෙ කකුලෙ තුවාලයක්...නස්රුදින් පිළිතුරු දුනි.

ඇවිදින්න බැරි එකෙයි ලියුම් ලියන එකෙයි තියෙන සම්බන්දෙ මොකක්ද...විස්මයට පත් ගැමියා ඇසුවේය.

ඇයි මම ලියුමක් ලිව්වොත් ඒක කියවල දෙන්න මටම යන්න වෙනවනෙ,මේ දවස්වල මට ඇවිදින්න බෑ ඉතිං ලියුම් ලියල වැඩක් නෑ...නස්රුදින් ක්ෂණයකින් උත්තර බැන්දේය.

ලස්සනට අකුරු ලියන උසා අපි වැඩේට සම්බන්ධ කර ගත්තෙමු.ඒ අනුව ලිපි සියල්ලටම උත්තර ලියා සුද්දා වැඩට යනවිට තැපැල් කරන්නට කිව්වෙමු.ඉන්පසුව ලියුම් ලැබීම ක්‍රම ක්‍රමයෙන් අඩුවුනද  ඊට සමානුපාතිකව සුද්දාට ලැබෙන දුරකථන ඇමතුම් සංඛ්‍යාව දෙතුන් ගුණයකින් වැඩිවුණේ ලිපිවල සුද්දාගේ දුරකථන අංකයද ලියා යැවීම නිසාය.මේ දවස්වල සුද්දාගේ ලිපි කටයුතු සියල්ලම පාහේ මගේ අතින්ම සිදුවුනේ ඌට සිමෙන්ති මල්පෝච්චි ලොකු ගණනකට ඕඩරයක් ලැබී තිබුන නිසාය.ලැබෙන කෝල් වලට උත්තර දීම මට පවරා සුද්දාත් මාදුවාත් කුස්සියට පිටින් අටවාගත් මඩුවකට වී සිමෙන්ති බදාම අනමින් පෝච්චි හදති.සුද්දා පෝච්චි හදන්නේ රවුම් මල්පෝච්චි අච්චුවකය.ඉස්සර අපේ ගෙදර තිබුනේ හතරැස් පෝච්චි අච්චුවකි.එහි රටාවකට තිබුනේ ස්වස්තික සලකුණයි.ඒ අච්චුවෙන් කෑලි හතරක් හදා එකතුකර ලණුවකින් බැඳ සිමෙන්ති බදාමවලින් පෑස්සිය යුතුය.නමුත් රවුම් පෝච්චි සැකසීමේදී අච්චුව ඇතුළෙන් සිමෙන්ති බදාම තදකර වැලි පුරවා අනික් පැත්ත හරවයි.සුද්දා රවුම් පෝච්චි හදන ක්‍රමය වඩා පහසුයැයි මට සිතේ.සුද්දා මල්පෝච්චි හදනවා බලමින් සිටින අතර විටින්විට දුරකථනය නාදවේ.මම ගිහිං සුද්දා කතාකරන විදියට උත්තර දෙමි.කතා කරන කරන අය අහන්නේ සුද්දාගේ විස්තරය.මම සුද්දාගේ විස්තර සියල්ල කියමි.සමහර කෙල්ලන් ගෙදරට එන ආකාරයද අසති,මම ගෙදරට එන පාරද කියමි.

බබා ඇතින්නට කොච්චර බෙහෙත් කළත් නිට්ටාවට සුව නොවන අසනීපයක් වැලඳී ඇතැයි මට වාර්තා කළේ බිරිඳය.අසනීපය බඩේ අමාරුවකි.රෝග ලක්ෂණද ඇය මට කීවාය.බබා ඇතින්න උදේ සිටම යටිබඩ අල්ලාගෙන කෙඳිරි ගගා සිටින්නීය.දහවල් වනවිට වේදනාව වැඩිවී රෝගය උග්‍ර අතට හැරේ.ඇය දෙකට නැවී බඩ බදාගෙන කෑගසන්නීය.

බුදු අම්මෝ ...මට ඉන්ඩ බැරෝ මාදුවට එන්න කියපියෝ...

මාදුවාට එන්න කියන්නේ උගේ ත්‍රීවීල් එකේ බේත් ගේන්නට යන්නටය.වෙන අයගේ ත්‍රීවීල්වල යන්නට බබා ඇතින්නට උවමනා නැත.මාදුවාගේ ත්‍රීවීලරයේ ගොඩවී බේත් ගන්නට යන බබා ඇතින්න ආපහු එන විට ලෙඩේ සනීපය.ඇය ත්‍රීවීලරයෙන් බසින්නේ කිචි බිචි ගගා මුකුළු කරමින් හිනාවෙමිනි. 

මාදුවගෙ වෙදකමට සනීප උනේ නැත්නං  ලෙඩේ සනීප කරන්න ආයෙ රුසියෙක් මේ පළාතෙ නෑ... මම උජාරුවෙන් බිරිඳට කියමි. තවත් සතියකට දෙකකට පසු බබා ඇතින්නට එම රෝගයම නැවතත් වැළඳේ ප්‍රතිකර්මය එයමය.

අනේ අම්මප මෙහෙමත් ගෑනු...බිරිඳ කම්මුලේ අත තබාගනී.

රෝග ලක්ෂණවලින් පෙන්නුම් කරන ආකාරයට ලෙඩේ තියෙන්නෙ යටිබඩට පොඩ්ඩක් පහළින්...මම විශේෂඥ මතය පළකරමි.

ඔයා එහෙම ඔය දොන්ත බබිච්චි ඉන්න පැත්ත පළාතකවත් යනව හෙම නෙවෙයි ඕං,ආයෙ මං නොකිව්වයි කියන්න එපා... බිරිඳ වැඩිදුරටත් අවවාද කරයි.

සුද්දාගේද මාදුවාගේද කතා තව ගොඩක් ලියන්නට ඇතත් දැන් කතාව නවත්වන්නට වෙලාවයි.ඊට පෙර කියන්නටද  කතාවක් ඇත. ඒ අද මම කතාවට දමා ඇති පිංතුරය ගැනය.බබා ඇතින්නගේ පිංතුර නැද්ද කියා කමෙන්ට් කළ හිතවතුන් කීප දෙනෙක්ම අසා තිබිණි.ටිකක් කල්පනා කළ මට අතීතයේ කවදා හෝ දවසක කොහේදී හෝ බබා ඇතින්න පෙනීසිටින පිංතුරයක් මවිසින් ගත් බව මතක් විය.බොහෝවිට එය අපේ ගමේදී ගත් බබා ඇතින්නගේ එකම පිංතුරය විය හැකිය.ටිකක් කල්පනා කරන විට පිංතුරය ඇත්තේ මගේ පරණ සෝනි එරික්සන් මොබයිල් පෝන් එකේ බවත් මතක් විය.ඒ පුස් කෑ පෝන් කබල මීට අවුරුදු හතර පහකට පෙර පාවිච්චියෙන් ඉවත් කරන ලද්දකි.තැන තැන අවුස්සන විට පෝන් එකත් චාජරයත් හමුවිය.උදේ සිට චාජ් කරන විට මගේ හිතට සතුට ගෙන දෙමින් පෝන් එක පණ ගසා ආවේ මාදුවාගේ අවයවය මෙනි.පිංතුරය ගත්ත කතාව මෙහෙමය.

අපේ දිගුකාලීන මිත්‍රයෙකු වූ සිරා අපේ ඉස්කෝලෙට පාරෙන් එහා පැත්තේ ඇති කනත්ත ළඟ කඩයක් කරයි දැන් ඌට සරුය.කාලයක් අනංගයාගේ මාරයා මෙන් හිටිය සිරා වයසත් කල් පහුවු විට අප සියලු දෙනාම පුදුමයට පත්කරවමින් හදිසියේම විවාහයක් කරගත්තේය. මනමාලිත් කැන්දාගෙන ගෙදර එන දවසේ පරණ මිත්‍රයන් වූ අපි සියළු දෙනාටම ආරාධනා කරන්නට ඌ අමතක නොකළේය.මඟුල දවසේ දවල් අපි මඟුල් ගෙදර ගියෙමු.බැලින්නං බබා ඇතින්නද මඟුල් ගෙදර වැඩට ඇවිල්ලාය.මඟුල ජයට පැවැත්වෙන අතර සංගීතයද මධුවිතද නිදහසේ ගලාගියේය.දෙකක් තුනක් වැදී ඇඟපත සැහැල්ලු වන විට එකතැනම නොඉඳ ටිකක් ඇවිදින්නට හිතුන නිසා රවුමක් දැම්මෙමි.මාදුවාද බබා ඇතින්නද ළඟ ළඟින් ඉන්නවා දැක්කවිට කැමරාව ගෙනෙන්නට අමතක වීම ගැන මට මා ගැනම කේන්තියක් ඇතිවිය.පසුතැවිලි වෙමින් ඉන්නට කාලයක් නැත.මෙවන් දුර්ලභ අවස්ථාවක් ආයෙනම් ආත්මෙකට නොලැබෙන බව කල්පනා කළ මම සාක්කුවේ තිබු පෝන් එක ගෙන ක්ෂණයකින් දෙන්නාගේ පිංතුරය ගත්තෙමි.

ඊළඟට මට අවශ්‍ය වුනේ සුද්දාගේත් බබා ඇතින්නගේත් පිංතුරයක් ගැනීමටය.මම මාදුවාගේ පිංතුරය ගන්නවා දුටු කපටි සුද්දා එදා දවසේම මම ඉන්න පැත්ත පළාතකට නොඑන්නට වග බලා ගත්තේය.කලින් දවසක දන්සැලක් දෙන්නට අනුරාධපුරේ ගිය විටෙක සුද්දාට බඩු වැඩිවී ගොම ගොඩක නිදමින් සිටි පිංතුරයක් අරගෙන  කොල්ලන්ට  පෙන්නපු හැටි ඌට අමතක වෙන්නට හේතුවක් නැත.ඉතිං පිංතුරයේ කතාව ඔන්න ඔය විදියය. හදිසියේ ගන්නා ලද මෙවැනි දුර්ලභ ඡායාරුප රාශියක් මේ පරණ පෝන් එකේ ඇතත් ඒ දවස්වල පිංතුර එළියට ගන්නට උනන්දුවක් මට තිබුණේ නැත.දැන් නම් කොහොමටත් පිංතුර ටික එළියට ගන්නට නොලැබෙන බව මතක්වන විට හිතට දුකක් දැනේ.ඉතිං උනන්දුවෙන් ඉන්න අයට බලාගැනීම පිණිස පිංතුරය හොයාගෙන මගේ කැමරාවෙන් පිංතුර කීපයක් ගත්තත් සාර්ථක නැත.සෑහෙන ප්‍රයත්නයකින් පසු ජෝඩුව ලාවට පෙනෙන පිංතුර කීපයක් ගත්තත් මාදුවා අවශ්‍ය නැති බව පෙනී ගිය නිසා උගේ මූණ වසා මේ පිංතුරය ගත්තෙමි෴

80 comments:

  1. සුද්දා පෝච්චි හදන (සිමෙන්ති / වැලි ) අනුපාතය කීයද ?

    ReplyDelete
    Replies
    1. සුද්දගෙන් අහල කියන්නම්.

      Delete
  2. ඔ‍ෙහෙේ මහ බයානක මිනි‍ෙහෙක්

    ReplyDelete
    Replies
    1. හැලප මහත්තයෝ නිකන් හිතන්ට ඔහේ මේ කරන්නේ චරිත ගාතන නේද ඒ මිනිසුන්ට මේක කියවන්න බැරිනිසා හොඳයි ඒ වුනාට මිනිස්සු ගැන මේම කැත කතා කියන එක මහත්තයා වගේ ලොක්කෙකුට ගැලපෙන්නේ නෑ නේද. මේවා මේ රටේ ඉන්න මිනිසුන්ගේ පුද්ගලික රහසිගත දේවල්නේ. ලැජ්ජා නැද්ද?

      Delete
    2. අටං,
      අනේ නෑ බං.

      Delete
    3. ඇනෝ,
      චරිත ඝාතන නොවැ මේ අත්දැකීම්ය.අනික මගේ චරිතයත් මේ කතා ඇතුලෙ තියෙනවාය.මම කලිනුත් කිව්වා වගේ ලොකුකම් හෝ හයිකාරකම් බ්ලොග් අවකාශයේ නොමැත.එහිදී මමත් අනික් ඕනෑම අයෙක් මෙන් බ්ලොග් කරුවෙක් පමණය.හැමදාම මේ එකම කතාව නොකියන මෙන් ඉල්ලමි.

      Delete
  3. යකෝ එතකොට මාදුවා කියන්නෙත් හොද දොස්තර කෙනෙක් නෙ හැබෑටම ඈ..
    ඔය මාදුවා කියන්නෙ අපේ මදාවියට එහෙම නෙවෙයි නේද ආයිංබංඩ
    හිහික්

    ReplyDelete
    Replies
    1. මේකෙ තියෙන චරිත සේරම මේ බොග දාන අපිලැත්තංගෙ නං කියලා මටත් මුලදිම දැනුනා මහේෂයෝ. තියංට වටින්නෑ මේ හැලපයියව...හැක් හැක්!

      Delete
    2. නෑ නෑ මදාවියා නොවෙයි.

      Delete
  4. ගොඩ වෙදකමුත් හරියන වෙලාවල් තියෙනවා එහෙනම්...
    හැලපෙ අක්කගෙ බැනිල්ල තමයි මරු....

    ReplyDelete
    Replies
    1. ගොඩ වෙදකම් බොහොම වෙලාවට හරියයි.

      Delete
  5. //මේ සෑම සියලු දෙනාම එකසිතින් උත්සාහ කරන්නේ කල්පවත්නා ස්ථිර විවාහයකට සුදුසු සහකරුවෙක් කෙසේ හෝ සොයාගන්නට නොවේද යනුවෙන් කල්පනා කල මට ඔවුන් හැමදෙනාම කෙරෙහි මහත්වූ අනුකම්පාවක් දැනෙන්නට විය.// හැබෑම දේ සැගවිලා තියෙන්නෙ මෙන්න මේ ටිකේ හැලප අයියේ.
    ඒ වගේම තමා බබා ඇතින්න අවලස්සන වුවත් ඇයටත් අන් අයට වගේම හැගිම් දැනීම් තියනවා. ඒවා ඉටුකරගන්න නැති කම තමා ගැටලුව. මේවගේ අයට පිහිට වන එත මහා පිනක්.
    මේ එ් වුණාට ඔයා එහෙම යන්න එපා.( අක්ක මේක බලන හින්දා ඒ ටික ලිව්වේ ඈ)=

    ReplyDelete
    Replies
    1. මේ නලින් කියල තියෙන දේ හැමදාම පවතින නොනවතින ප්‍රශ්නයක් බව තේරෙනවා.

      Delete
  6. අපි මුණ ඇහුන දවසක උඹ මගේ නම් පින්තූර ගන්න හිතන්නවත් එපා හැලපෙ. පස්සෙ කාලෙක ප්‍රසිද්ධියෙ රෙදි ගලවගන්න වෙන්නේ නැතිනම්. :D

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නාම එකට ඉන්න පිංතුර ගමුකො.එතකොට හරිනෙ.

      Delete
  7. යටිබඩ කොරවෙන ලෙඩේ තමයි ලෙඩේ.......

    ReplyDelete
  8. ඔය වෙලාවට මාදුවාගේත් යටි බඩ රිදෙනවා ඇති නෙ ?

    ReplyDelete
    Replies
    1. නැත්නං නැත්නං ඌට තදින්ම රිදෙන්න ගන්නවා.

      Delete
  9. හැක්.. මාදුවටත් තිබුනෙ ඩිස්පැන්සරියක් දාගන්න ගමේ.
    හැලපෙ අයියත් පැපරාසි ජායාරූප ගැනීම ඒ කාලෙ ඉඳලම කරල තියෙනව එහෙනං.

    ReplyDelete
    Replies
    1. පැපරාසි නෙවෙයි මද පොඩ්ඩක් ගහන්න පුළුවන් පිංතුර මම ආසාවෙන් ගන්නවා.අහිතකට තරහකට නෙවෙයි විනෝද වෙන්න.

      Delete
  10. පෝලිමට හැලපෙ අයිය හිටියෙ නෑ කියන එක පිලිගන්න තරම් සාධාරණ ඔප්පු කිරීමක් කලා මදි කියල මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමනං මේ කතාව ලිවීමම එය ඔප්පු කිරීමක් නේද.

      Delete
  11. ඔය මාදුව දෙන ජාතියෙ ඉන්ජෙක්ශන් වලින් බබලත් උදවියගෙ ගොඩක් ලෙඩ සනීප වෙන බව මමත් අහල තියෙනව.එතකොට ඔය ඉන්ජෙක්ශන් එක මාදුව දෙන්නෙ ක්ලිනික් එකට අරගෙනද ත්‍රී වීලර් එක ඇතුලෙමද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ක්ලිනික් එකේ.ත්‍රී වීලර් ඒක ඇතුලෙ ඉඩකඩ මදිනෙ.

      Delete
  12. නස්රුදින් ගේ ඔය කතාව කියවල තියෙන්නේ පොඩි කාලේ උනාට අද තම තේරුම් ගත්තේ. මම කියවපු පරිවර්තනයේ ලියල තිබුණු විදිහ වැරදි මම හිතන්නේ. ඒකෙ තිබ්බේ නස්රුදින් ගේ අත් අකුරු බොහොම කැතයි ඒක නිසා එයා ලියන්නේ කකුලෙන් කියල නෙව. මේ කතාව නස්රුදින් ගේ චරිත ස්වභාවය එක්ක ගැලපෙනවා වගේ .

    ReplyDelete
    Replies
    1. මේ තමයි හරි කතාව කුමරුනි.ඔබ කියවල තියෙන කතාව සම්පූර්ණ වැරදි පරිවර්තනයක්.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැරදි කමෙන්ට් එකනෙ නාඩියො මම මකල තියෙන්නෙ, දැන් බලහං බබා ඇතින්නගෙ ෆොටෝ එකක් මෙච්චර කාලයක් ගියත් හැලපෙ පරිස්සම් කරගන්න ආදරනීය හේතුවක් තියෙන්ඩ ඕනෙනෙ.

      Delete
    2. මෙච්චර කාලයක් නොදැනුවත්වම පරිස්සම් වෙලා තිබුන කියල තමා කියන්න තියෙන්නෙ.

      Delete
  14. දොන්ත බබිච්චි.. හෙහ් හෙහ්... ඇත්තද අයියා තාම ඉතාලි යනවා කියන්නෙ පැපරාසි සෙට් එකට දේශන එහෙම දෙන්න??
    රස වෑහෙන ලියවිල්ල.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉතාලියෙ පැපරාසි විතරක් නෙමෙයි එහෙ ගිහිල්ල ඉන්නව ඔය උදර ප්‍රතිකර්මවලට චිරප්‍රසිද්ද විශේෂඥයෙකුත්

      Delete
    2. සෑහෙන කාලෙකින් යුරෝපෙට යන්න බැරිවුනා ගස් ලබ්බ.ස්තූතියි.ඔබටත් ජය!

      Delete
    3. ප්‍රා,
      ආ එයාව මම දන්නවා.

      Delete
  15. බුදු අම්මෝ යටි බඩ කකියනෝ......!!!!

    ReplyDelete
    Replies
    1. බබා ඇතින්නට එන්න කියාපිය..

      Delete
    2. මොකද කරන්නෙ.අප්පා හරි වෙලාවටෙනේ යටිබඩ කකියන්න ගත්තෙත්.

      Delete
  16. හැලපයියා කොහොම හරි අන්තිමේ රස වෑහෙන ශෛලියක් හදාගෙන තියෙනවා. ඒකට මුලිම්ම ප්‍රශංසා කරන්න ඕනෙ.

    අර දොන්ත බබිච්චි දකින දකින පාරට හැලපයියට හිකි හිකි ගෑවෙන්න හේතු වෙච්ච කතාව බ්ලොග් එකේ ප්‍රසිද්ධ නොකළට, අපිට මේල් එකක් දාන්න අවුලක් නෑනෙ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං.මම හදාගත්ත එකක් නොවෙයි.ඒ ක්‍රමය හොඳයි කියල හිතුනා ලිව්වා.
      මේල් දාන්න දෙයක් නෑ බං.කියන්න තියෙන ඔක්කොම කතාවෙ තියෙනවා.

      Delete
  17. මචෝ අපි මාධ්‍යවේදියොන්ට බනිනවා පලු යන්න උන් සදාචාරය දන්නේ නෑ කියලා..

    උඹ කරලා තියෙන්නෙත් ඒක.. උඹෙන් ෆොටෝ එක ඉල්ලපු උන් කලෙත් කැත වැඩේ..

    මේ පෝස්ට් එක ගැන කිසි අවුලක් නෑ.. ඒත් ෆොටෝ එක දාපු එකට නම් මම එකහෙලා හෙලා දකිනවා..

    ReplyDelete
    Replies
    1. මචෝ උඹ මේ මෑතක, දිනේෂ්, බස්සි සහ ඉවාන් ලියාපු තු ඈඳුතු කෙටි කතාව කියෙව්වද....?

      Delete
    2. අනිවර්යෙන් හැලපයියේ උඹට තරම් නොවේ මේ පොටෝ එක දැමිල්ල.

      Delete
    3. මාතලන්,
      නිවැරදි කළෙමි.
      ඔව් මා ඒ කතා දෙක තුන කියෙව්වා.

      Delete
  18. මලත් නොමලත් ෆොටෝ දාන එක වැරදියි හැලපය්යේ. මොකද ඔය මනුස්පයගේ ළමයිමුනුපුරෝ බ්ලොග් කියවන්නේ නෑ. ඉන්ටර්නෙට් එන්නෑ කියල කියන්න බෑ.
    අපේ ලර්නස් එකේ අක්කගේ පුතා මේ ලඟදි බුකි රික්වෙස්ට් එකක් එවලා මම අක්සේප්ට් කළා. ඉතින් මම බුකියේ දැම්මොත් අපි ලර්නස් ගිය හැටි එක්ක ලදී ගත්ත පොටෝ එකක්. උගේ හැටියට උ අම්මව මරන්න ඉඩ තියනවා

    ReplyDelete
    Replies
    1. උගත්කම කියන්නේ මේකට. බොහොම ස්තූතියි

      Delete
    2. ඔව් ඩිලාන් ඔබේ කතාව ඇත්තයි.අපි නොහිතන අය මේවා කියවනවා.මින් පසු මෙවැනි වැරදි නොවන්නට වග බලා ගනිමි.

      Delete
  19. හැලපයා මහ භයානක කිසිම තෙතමනයක් නැති බුවෙක් හිටං. හැක්... අනේ මන්ද උඹ හැමදේම සිරියස් ගන්නවද කියලා...

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නෙ.

      Delete
  20. මාදුවගෙන් උඹ ඇහුවෙ නැද්ද බබා හම්බවෙන්ට යනකොට පොල්ලකුයි බත් මුලකුයි අරගෙන ගියෙ එහෙම නැද්ද කියල?.....හෙහ්...හෙහ්,

    **********************************

    / ඔයා එහෙම ඔය දොන්ත බබිච්චි ඉන්න පැත්ත පළාතකවත් යනව හෙම නෙවෙයි ඕං,ආයෙ මං නොකිව්වයි කියන්න එපා... බිරිඳ වැඩිදුරටත් අවවාද කරයි. /

    ඊට දින කිහිපයකට පසු හදිසියේ එක් සවසක බිරිඳ කෙඳිරි ගාන්නට වූවාය. " මගෙ බඩ රිදෙන්ට ඇල්ලුව අනේ " ඇය වේදනාබර හඬකින් පැවසුවාය.

    " හෙහ්..හෙහ්...මේ හවස කොහොමද අනේ ඔව්ව කොරන්නෙ? " මම ඉඟිමැරුවෙමි.

    " මොනවද මේ කියන්නෙ?" ඇය විමසුම් දැසින් මදෙස බලා ඇසුවාය.

    " නෑ..මේ මම කිව්වෙ බඩේ කැක්කුමට බෙහෙත් මා ගාව තියනව. ඒත් සුට්ටක් කරුවල වැටෙනකල් ඉමු. මොන මොන එවුන් පාත් වෙයිද දන්නවය මේ වෙලාවට? නෑ මම මේ කිව්වෙ නිදහසේ ඔය වැඩේ........ " මට පැවසීමට ලැබුණේ එපමණකි. බිරිඳ යමහලක් සේ විදාරණය වූවාය.

    " ආ...දැන්නෙ මට තේරුණෙ මොනවද මේ කියවන බහුබූත කියල..ඔහෙට පිස්සුද මනුස්සයො? මට එහෙම අමාරුවක් නෑ..ඇත්තටම බඩ රිදෙනව...යමු යමු...බෙහෙත් ටිකක් ගන්ට...හිතුවද මාත් අර තේඋඩිච්චි වගේය කියල? හුහ්...මම කිව්වයි කියල හිතා ගන්නව. "

    " ඕකට ඉතින් ඔය හැටි කෑ ගහන්ට ඕනය? බඩ රිදෙනවනම් පැහැදිලිව කියන්ට එපාය.."

    " පැහැදිලිව?..... ඔයිට වඩා පැහැදිලිව කොහොමද කියන්නෙ මනුස්සයො?...මේ මගෙන් මොකවත්....."

    " හරි හරි දැන් ඇති කෑගැහුව..යමු..යමු..බෙහෙත් ගන්ට "

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්..
      දැන් මේක උනේ මාදුවටද හැලපෙටද?

      Delete
    2. නියම කතාව රවී.පරිකල්පනය අපූරුයි.

      Delete
  21. //ඔයා එහෙම ඔය දොන්ත බබිච්චි ඉන්න පැත්ත පළාතකවත් යනව හෙම නෙවෙයි ඕං,ආයෙ මං නොකිව්වයි කියන්න එපා... බිරිඳ වැඩිදුරටත් අවවාද කරයි.//

    හැලපි ෂෝයි නේ? :P

    ReplyDelete
    Replies
    1. ෂෝයි නේන්නං.නැත්නං ඉතිං බලන්න තිබ්බා.

      Delete
  22. හෙහේ හැලපයියේ උඹත් පැපරාසි බැලක්මේල් පොරක්නේ.
    අර මනුස්සයාගේ පින්තුරේ අයින් කරලා දාපු එක එළකිරි හැලපයියා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං.පැපරාසි හෝ බ්ලැක් මේල් නොවේ.

      Delete
  23. ..///ආයෙම ගියදෙංකො බලන්න හුහ්,කඩනව කකුල් දෙක,මගෙ හැටි දන්නැතුවයි ඔය දඟලන්නෙ//..

    ගිගිරැමි සහිත වැසි සමග හෙණ ගහයි උඹට පරිස්සමි වෙයං කෝකටත්.හැම වයිෆරයක්ම ඔය ටික ඔය විදියටම කියනවනේ.ස්ත්‍රිපරාණවලට ඔක ජන්මයෙන්ම එනවද කොහේද

    ReplyDelete
    Replies
    1. ඒක උන්ගේ ඇඟවල් ඇතුළේ ටෙම්ප්ලේට් වෙලාම තියෙන වාක්‍ය ඛණ්ඩයක්...

      Delete
    2. ඒකනමි ඇත්ත ලොකුපුතේ.වෙලාවකට නන්ස්ටොප්

      හැලපේ ඒ පැත්තට ඇවිත් යන්න එන්න සුදා මෙ පාර දිගේ
      කවුද හොරැ ?

      Delete
    3. ඔව් ඔව් සද්ද පමණය.

      Delete
  24. මම මේ පස්සේ කියවලා දෙතුන් පාරක්ම උඩට ගිහින් බලනවා මොකද්ද යකඩෝ මේ කට්ටිය මේ අකමැත්තෙන් කතා කරන ෆොටෝ එක කියලා.. බැලින්නම් දැන් ඒක අයින් කරලනේ.. ලියලා තියෙන කතාවේ හැටියට නම් එහෙම කරපු එක හොදයි වගේ එක්කෝ..

    ReplyDelete
    Replies
    1. කට්ටිය අකමැති නිසා අයින් කළා දිනේෂ්.

      Delete
  25. මේ අවකාශෙ ඉන්න තරුණ දරු දැරියොනං හැලපයියටත් උගන්නයි. ඒ ගැන හිතලා නං වාරණ ඕනි නෑ.
    හැලපි ගෙ තර්ජනේනං මරු! තාම එහෙමද?
    මං හිතන්නෙ අර කැනක් වැටිල තියෙන කෙහෙල් ගහ වෙන්න ඇති බබා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කෙහෙල් ගහ කියල හිතා ගනින්කෝ.

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. හෙහ් හෙහ් අර පින්තූරේ හැලපි දැක්කනම් කිරිමේල් හතයි නේද? ඔය වගේ ඇතින්නියෝ මේන්ටේන් කිරීම අපහසුයි. ඉක්මනින් කල් ඉකුත් වෙනවා. අද්දුටුවයි සත්තයි.

    ReplyDelete
    Replies
    1. විචා කියන දේ ගැනත් මට ලියන්න කතාවක් තියෙනවා.

      Delete
  28. නලින් අයියා කිව්වා වගේ
    //මේ සෑම සියලු දෙනාම එකසිතින් උත්සාහ කරන්නේ කල්පවත්නා ස්ථිර විවාහයකට සුදුසු සහකරුවෙක් කෙසේ හෝ සොයාගන්නට නොවේද යනුවෙන් කල්පනා කල මට ඔවුන් හැමදෙනාම කෙරෙහි මහත්වූ අනුකම්පාවක් දැනෙන්නට විය.//
    මේ කෑල්ල තමා ඇත්ත පෙන්වන කොටස........
    හුස්මක් කටක් නොගෙන එකදිගට කියවාගෙන යන්නට තරම් පට්ටෙට ලියන එක නම් අපූරුය.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.ඒ කෑල්ලට ගොඩක් හිත ගියා නේද.

      Delete
  29. මේ.. එක නෙවෙයි ඇත්ත කියපන්.. හැලපක්කා කී වතාවක් උඹේ කකුල් කඩලා තියෙනවද ඇත්තටම?

    ෆොටෝ එක කින්ද කලින් අයින් කල එක හොඳයි කියල හිතෙනවා කමෙන්ට් කියෙව්වම..

    ReplyDelete
    Replies
    1. කකුල් කඩනවා කියල තර්ජනය පමණකි.

      Delete
  30. මේක දක්කම අපේ ගමේ චරිතයක් මතක් වුණා. ඊට කලිනුත් ඒ ගැන මතක් නොවුණා නොවේ. නමුත් නොලිව්වේ අර මඩ ගැහිල්ල කියන අපවාදේ නිසා. විශේෂයෙන්ම ගෑණු කෙනෙක් ගැන ලිව්වම කට්ටියට තද වෙන නිසා,.

    ReplyDelete
    Replies
    1. ගැහැණු හෝ පිරිමි වේවා ලියන දෙය සමාජ ගත කිරීමට හැකි මට්ටමෙන් ලිවීම ලියන්න සතු වගකීමයි. මිනිස්සුන්ට අමුතුවෙන් සරල එතික්ස් ඉගැන්වීමට යාම මෝඩ වෙඩක් නිසා අමුතුවෙන් නොකියමි . සරලවම කියන්නට ඇත්තේ චයරුපය පල කිරීම ගැන සමාව ඉල්ලීමක් තියා ඊට පෙර මෙවැනි කුණු පොස්ට් නොලිවිය යුතු බවට හැගීමක් නොමැති කම ගැන කනගාටු වෙමි. දැන් එක්කෝ මෙය මකා දමන්න. නැතිනම් සංගමය එකතු වී බනින්න.

      Delete
    2. අපි යම් අත්දැකීමක් ලියපුවාම ඔය වගේ කතා අහන්න වෙන එක දැන් සාමාන්‍යයි සුදීක.

      Delete
    3. මකා දමන්නේවත් බනින්නෙවත් නැත.මා ලිව්වෙ මගේ අදහසයි.ඔබ ලියන්නෙ ඔබේ අදහසයි.අපි දෙන්නාගේම අදහස් සම විය යුතු නෑ.සභ්‍ය භාෂාව පාවිච්චි කර ඔබට ඕනෑම දෙයක් මේ බ්ලොගේ ලියන්නට පුළුවනි.අනික සංගමයක් කියා ඔබ කියන එකක් මමනං දන්නෙ නෑ.

      Delete

ඔබේ අදහස්