Sunday, September 13, 2015

අතීතයට ගමනක් සහ දානයක්.




අද ලියැවෙන්නෙ ලියන්න ගියපු ලියවිල්ල නොවෙයි කියහංකො.කිව්වහම මොකෝ අද ලියන්න ඇවිද්දෙ ටිකක් විතර ශාස්ත්‍රීය ලියවිල්ලක්.පණ්ඩිතකොමකට එහෙම නෙවෙයි සාහිත්‍ය මාසය නිසා.සාහිත්‍යයට මොනයම්ම හෝ සේවාවක් කරල නැතත් අපි සාහිත්‍යය උපරිමයෙන්ම රස විඳිනා අය නිසාවෙන් සාහිත්‍ය මාසය වෙනුවෙන්වත් යමක් ලිවිය යුතුයි නොවැ ඒකයි.ඉතිං ඒ ලිවිසැරිය කෙරෙමින් පවතිද්දී  මගේ කලින් පෝස්ටුවේ  තිබ්බ පොඩි සඳහනක් ගැන නොසිතු ආකාරයට කීප දෙනෙකුගේම අවධානය යොමුවෙලා තියෙනව මම දැක්කා.මහ ලොකුවට හුවා දක්වපු කාරණයකුත් නොවෙයි ඒක මේ යන්තං පෙනී නොපෙනී යන වැකියක් උනත් සෑහෙන අවධානයක් නතුකර ගන්නට සමත්වෙලා තිබුන බව මම දුටුවා.පොඩි උනත් ලොකු ආකර්ෂණයක් ඇතිකරගන්නට සමත්වුන ඒ වැකිය කෑමක් ගැනයි.කෑම මොනාද කියල කිව්වොත් කූනිස්සෝ පොල් මැල්ලුම් සමග ඉඳිආප්ප කියල කියන්නට පුළුවනි.ලිව්වට මොකද මමත් සෑහෙන කාලෙකින් ඒ සුසංයෝගය අනුභව කර නැති බව මට මතක් වුනා.පහුගිය දවස්වල ලංකාවට ගිහිං ආවත් ඒ කාලෙදිත් හදවගෙන රස බලන්නට බැරිවුනා.ඉතිං මම කල්පනා කළේ මේ කෑම මට හදන්නට බැරිවේවිද හදන්න පුළුවන් උනත් ඒ රස  ගුණ ඇතිව හදාගන්නට බැරි උනත් වැඩක් නෑනෙ.ඔහොම කල්පනා  කරමින් හිටපු මම පහුගිය සති අන්තයේ මේ කෑම වර්ගය හදන්නට උත්සාහයක් ගන්නවා කියල තීරණයකට ආවා.

කූනිස්සෝ පොල් මැල්ලුම හදල අත්දැකීමක් නැති උනාටඅපේ අම්ම හදන විදිහ ඕනෑතරම් බලාගෙන ඉඳල තියෙන නිසාවෙන් වරදින්නට විදියක් නෑ කියන ධනාත්මක සිතුවිල්ලත් මගෙ හිතේ තිබුනා.අම්ම නං කූනිස්සෝ ටික හෝදල කහ ටිකකුත් එක්ක ඇතිළියකට දාල ළිපේ තියල රතුලූණුයි අමුමිරිසුයි එක්ක පොල් ටික ගලේ අඹරාගන්නවා.මැල්ලුම හදන්න ලැස්ති වෙන සමහර වෙලාවට අම්මගෙ කරෝල මුට්ටියෙ කූනිස්සෝ ඉවරයි.ඒ උනාට අම්ම කලබල වෙන්නෙ නෑ මුට්ටියෙ ඉතුරු වෙලා තියෙන කරෝල කටු දෙකතුනක් හෝදල අරං මැල්ලුමට එක් කරනවා.කූනිස්සෝ නෑ කියල කිසිම අඩුපාඩුවක් රසේ වෙනසක් අපට නං තේරෙන්නෙ නෑ.ඉතිං ඔය නොස්ටැල්ජික අමාරුව උග්‍රවුන මමත් අම්ම හදපු විදියටම කූනිස්සෝ පොල් මැල්ලුම හදාගත්තා.වෙනසකට තිබ්බෙ අම්ම ගලේ අඹරපු පොල් මම ග්‍රයින්ඩර් එකේ අඹරගත්තා සහ දරලිප වෙනුවට ගෑස් ලිප පාවිච්චි කළා.ප්‍රතිපලය මගේ දැනුමේ හැටියට වරදක් නෑ කියන්නට පුළුවනි.ඉඳිආප්ප සකසා ගන්න එකනං පැය කාලෙ වැඩේනෙ.ඉතිං පහුගිය සති අන්තයේ මේ කෑම සුසංයෝගය සකස්කර හිතවතුන්ටද බෙදාදී රසවින්දා.


පිංතූරෙ තැනින් තැන කූනිස්සෝ පේනව නේද.ඉඳිආප්පත් එක්ක කද්දි මාර රහයි.දැන් තියෙන්නෙ ඒ කෑමට ප්‍රියතාවය ප්‍රකාශ කරපු ශ්‍රීනාත්,ප්‍රසන්න,තුශානි,මනෝජ් සහ පොඩ්ඩි යන සහෘදයන් කණ්ඩායමට කෑම බෙදා දෙන එකයි.ඊට අමතරව මේ කෑමට මනාප තවත් හිතවතුන් සිටී නම් ඔවුන්ටද සහභාගී වන්නට පුළුවනි.ඔන්න බෙදාගෙන බඩ පිරෙන්නම කන්න.


නොස්ටැල්ජියාව හදාගෙන දුක්වෙවී ඉන්න එකට වඩා හැකි ආකාරයකට උත්සාහ කර බැලුවොත් ගොඩක් දොළදුක් සංසිඳවා ගන්නට හැකි වෙන බව නං කියන්නටම අවශ්‍යයි.ඉතිං ගිහිං එන්නං තවත් කෑමක් සමග ආයෙම දවසක හමුවෙමු෴

104 comments:

  1. කොහෙද හු## මේකෙ සාහිත්‍යය තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මචෝ මූ ගංජා ගහන්නේ ඇට පිටින්. ඉතින් ඒ වෙලාවට සාහිත්තේ කියලා ලියන්නේ මෙව්වා.

      Delete
    2. @ ඇනෝ ඩබල

      //අද ලියැවෙන්නෙ ලියන්න ගියපු ලියවිල්ල නොවෙයි කියහංකො.කිව්වහම මොකෝ අද ලියන්න ඇවිද්දෙ ටිකක් විතර ශාස්ත්‍රීය ලියවිල්ලක්.පණ්ඩිතකොමකට එහෙම නෙවෙයි සාහිත්‍ය මාසය නිසා//

      උඹලට සිංහල නොතේරෙන්නෙ, ගංජා නිසාද, ඉස්කෝලෙ නොගිය නිසා ද?

      රුසියාවටත් වැඩිය ලොකුයි ඊරිසියාව :D

      Delete
    3. මේ උඩ ඇනෝල දෙන්නට ඔය හරිය කියන්නෙ කොහොමද කියල මම හිත හිත හිටියෙ.තෑන්ක්ස් යට ඇනෝ.යමක් කියවන්න තේරුම්ගන්න ඉගෙන ගනිල්ලා බං දැක්ක දුටුව ගමන්ම පලප්ප කතා ලියන්නෙ නැතුව.

      Delete
    4. හැලපයෝ උඹම ඇනෝ ගහලා පලප්ප කතා කියනවා.

      Delete
    5. ඇනෝ,
      තමන්ගෙ බ්ලොගේට තමන්ම ඇනෝ එන්නට තරම් කාලකණ්නි තත්වයකට පත්වුන බ්ලොග්කාරයෝ මට හමුවෙලා තියෙන නිසා එහෙම අය ඉන්නව කියල මම විශ්වාස කරනවා.ඒත් මම ඒ තත්වයට පත්වෙන්න කොහෙත්ම සුදානම් නෑ.මොනව කිව්වත් කියනදේ ප්‍රොපයිල් ඇවිත් කියන්න මට පුළුවනි.ඒ නිසා කියපු දේ ඉල්ලා අස්කර ගනිං.

      Delete
    6. මට බෑ.. හැක් හැක්..

      Delete
    7. එහෙනං නිකං ඉඳු.

      Delete
  2. කිරි හොද්දකුත් ඕනෙ. කූනිස්සොත් කුඩුකරගත්තම තවත් හොදයි. සම්බෝලෙට කොච්චි කරලක් සුදු ළූණු බික් දෙකක් විතර ඕනෙ නේද ?

    ReplyDelete
    Replies
    1. සම්බෝලෙට දාන්න තිබ්බෙ නයි කොච්චි ගෙඩි හතරක් විතර. එහෙනං තවත් රසයි.

      Delete
    2. මේ මැල්ලුම හොදි ගතිය තියෙද්දි බෑවෙ කිරි හොදි නැති නිසයි කම්මලේ.ඔව් ඔව් අවශ්‍ය කරන තව දේ උවමනා විදියට යොදාගන්න හැකියි.

      Delete
    3. ඩ්‍රැකී,
      නයි කොච්චි දාපුවම සැර වැඩි නැද්ද?

      Delete
    4. හතර දෙනෙකුට හදන සම්බෝලෙකට හතරක් පහක් ඇති. සැර වැඩි නෑ එතකොට. මාර රසයි, සුවඳයි

      Delete
    5. අඩා... වල් ඌරා ග්‍රෑම් පන්සීයට දාන්නෙත් කරල් තුනයි.බෝතල් එක ගමාරක් ගහන්න හායි හූයි ගගා.. හතරක් පහක් දාලා කෑවයි කියමුකො.. පහුවදා උදේට..?? (රස සුවඳ ගැන නම් වාදයක් නෑ මචෝ.. දාඩිය ගල ගලා කතහැකි.)

      Delete
    6. නැ ඉං ඕන නැගල යන්‍ෙනෙේ ‍ෙතෙත නැතුව ‍ෙවෙේ‍ෙලෙව්ඩ හදල පාං පිටි ඉදි ආප්ප එක,

      Delete
    7. පාන් පිටි වලින් ඉඳිආප්ප හදාගන්න හරි අමාරුයි බං .

      Delete
  3. ඔය සම්බෝලේට තිබ්බටු ටිකකුත් දැම්මම පංකාදු දහයයි..

    ReplyDelete
    Replies
    1. ඒ තිබ්බොටු මැල්ලුම

      Delete
    2. නෑ නෑ මේකටම තිබ්බටු ටිකකුත් ආවාම පංකාදුයි හැලපයියේ

      Delete
    3. ඇ ය‍ෙකෙොෝ ‍ෙදෙකම එකට කාල නැ‍ෙනෙේ

      Delete
    4. නලිය කිව්වත් වගේ ඕක හොද රහට හදනවා මීරිගම, රඹුක්කන පැත්තේ..

      Delete
    5. නැතිව නැතිව.. පහළගම අහලක සිංහල මහාචාර්ය ජේබී දිසානායක ගොයියගේ මහ ගෙවල් හරියෙ කන්දේ ලෙනක් තියෙන තැනක ගෙයකින් මම කෑවා දවසක් තිබ්බටු දාලා, කුනිස්සෝ ඇති පදං අතෑරපු රසම රස පොල් මැල්ලුමක්.. ඒකත් ඉදිආප්ප එක්ක..

      Delete
  4. දකුණු පළාතෙ නං ඕකට අවශ්‍යම දෙයක් තමයි හැලපෙ .ලුණිජ්ජ.

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හැලපයලගේ ගෙදර දාන්නේ හුලිජ්ජ

      Delete
    2. සිරාවට අපේ ආච්චි අම්ම හදනවා ලුනිජ්ජ දැල්ල පට්ට සිරා

      Delete
    3. ඔව් ඔව් හර්ෂ.බොහෝ අය ලුණිජ්ජ කිව්වට දන්නෙ නෑ.ජාඩි වතුර කිව්වොත් තමා දන්නෙ.

      Delete
  5. හැලෙපෙට ගොඩක් ස්තූතියි ඉඳිආප්ප හදලා ගෙනාවට. කූනිස්සෝ සම්බෝලේ හරිම රස පාටයි. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං,හරිම රසයි කාල බලන්න එපායැ.

      Delete
  6. තරහා අවසර.....!කූනි මැල්ලුමේ ටෙක්ෂ්චර් එකේ කේස් එකක් තියෙනවා වගේ හැලපේ...කූනි ටික හොඳට හෝදලා ගොරක කෑල්ලක්, රම්පෙ කරපිංචා ටිකක්,කුරුඳු පොත්තක්, කහ කුඩු සහ ගම්මිරිස් චුට්ටක් වෙන්න අතගාලා වතුරෙන් තැම්බෙන්න තියලා හොඳටම හිඳිලා බැදෙන්න වගේ එනකොට පොල් අඹරපු ටික උඩින් දාලා භාජනේ වහල තියන්න ඕනි ගින්දර අඩුවෙන් පොල් ටික තැම්බෙනකන්..ඊට පස්සේ හැඳි මිටෙන් කූරු ගාන්න ඕනි පොල් ටික මැලවෙනකන්..එතකොට මැල්ලුමක පෙනුමත් එනවා...රසත් හොඳයි....
    ඔය උඹ හදලා තියෙන එක කූනි මැල්ලුමයි හොද්දයි අතර එකක් වගේ, පොටෝ කෑල්ලෙන්නං පේන්නේ..
    ඉඳිආප්ප ගෙනාවේ අල්කුවේර් වලින්ය..?

    ReplyDelete
    Replies
    1. ඔය කේස් එක දාන්නේ සම්බෝල බාජනේට පිටින්ද? ඉදියප්පන් ගෙනාවේ අල් ජසීරා වලින්

      Delete
    2. නෑ බං කූනි ටික උඩට.....පිටින් දැම්මොත් හුකෑස්...අල්ජසීරා කියන්නේ ටීවී චැනල් එකක් නේද..?

      Delete
    3. සිරාවට මේක සවුත් ඉන්දියන් සම්බෝල ටෙක්ශ්චර් එක තියෙන්නේ

      Delete
    4. නෑ චෙපාකි ටෙක්ෂ්චර් එකේ අවුලක් නොවෙයි.මේකත් ඔය මැල්ලුම හදාගන්න එක ක්‍රමයක්.වෙන හොදි මොකුත් නැති නිසා ටිකක් හොදි ගතිය තියෙද්දි බාගත්තා.ඔබ කියල තියෙන්නෙ වියලිවට හදන මැල්ලුම ගැනයි.ඔව් හරියටම හොදයි මැල්ලුමයි අතර එකක්.
      ඉඳිආප්ප මවිසින් තම්බාගන්නා ලදී එය සුළු වැඩකි.

      Delete
    5. මේ තෙත ගතියත් එක්ක තෝසෙ වලට සෙට් වෙනවා එකෙන්ම

      Delete
  7. මුලින්ම සත්ගුණවත් මහා දානපති හැලප මහතා විසින් අප වෙනුවෙන් පැවැත්වූ ඉඳියාප්ප සංග්‍රහය ගැන ස්තුතිවන්ත වෙනව.

    චෙෆාකි කියල තියෙනව වගේ මැල්ලුමේ නිකං හොදි ගතිය වැඩියි නේද? මම දන්න මැල්ලුමත් ටිකක් වියලි තත්වයේ තියෙන එකක්. අනික බ්ලෙන්ඩරෙන් පොල් අඹරල ගලේ අඹරපු රහ ගන්න පුලුවන් උනානං ලොකු වාසනාවක්.

    අර කවුද කියල තියෙනව වගේ සාහිත්‍ය කන්නයැ. මේවනෙ කෑම.

    ReplyDelete
    Replies
    1. /අර කවුද කියල තියෙනව වගේ සාහිත්‍ය කන්නයැ. මේවනෙ කෑම./
      +++++

      Delete
    2. මම ඉහලින් කිව්වා වගේ වෙනත් හොදි නැති නිසා හොදි ගතිය තියෙද්දි බා ගත්තෙමි.

      Delete
  8. 2000- 2007 වගේ කාලයේ මම සිකුරාදා හවස නුවර යන කෝච්චියට පොල්ගහවෙලින් නගිනවා ඉඳිආප්ප විකුණන පොරක්. ඉඳිආප්ප 05යි ‍පොල් මැල්ලුමකුයි (කූනිස්සොත් දාලා තිබුනද මතක නෑ) කැන්ද කොළවල ඔතාපු මුල් තිබුනේ. ඒ කාලේ මුලක් රු 10ද කොහෙද. හම්මේ ඒකේ රස තාම මතක්වෙනවා.... අපි ගෙදර කොහොම ට්‍රයි කරත් පොල් මැල්ලුම ඒ රසටනම් හදාගන්න පුළුවන් වුනේ නෑ....

    ReplyDelete
    Replies
    1. වව්නියා කෝච්චියට නගිනවා මහවින්

      Delete
    2. ඔය ඉඳිආප්ප පොර ඒ දවස්වල පොල්ගහවෙලින් නැගල ඉඳිආප්ප මුල් ටික ඉවරවෙනකල් පහළට එනවා ඉවරවෙච්ච තැනින් බැහැල ගෙදර යනවා.අපේ යාළුවො මිනිහගෙ ඉඳිආප්ප මුල් අපටත් එක්ක අරන් එනවා.

      Delete
  9. කන්න ඉන්න 6 දෙනාට ගානට කූනිස්සෝ 6 දෙනෙක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බණ්ඩා කූනිස්සොත් ගැනල වගේ.එකාට එකෙක් හිටපුවම මදැයි.

      Delete
  10. මේ මාසෙ දවස් දෙකක් නිවාඩු ලැබුනා.ගෙදර ගිහිං වෙන්න අම්මට කියලා හදෝගත්තා ඉඳිආප්පයි,කූනිස්සො පොල් මැල්ලුමයි,බිත්තර කිරි හොද්දකුයි.. කෑවා ඔන්න බුරිය උල් වෙන්නම..ඔන්න බ්ලොග් පෝස්ට් එකක බලේ... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  11. මං දැකල තීන කූනිසි සම්බෙල් තැඹිලි පාටයි. කමක් නෑ මේකත් රහ අැති නේද

    ReplyDelete
    Replies
    1. කහ තව පොඩ්ඩක් වැඩිපුර දාල වේලෙන්න මලවගත්තම ඒ පාට එනවා.ඔව් ඔව් මේකත් රහයි.

      Delete
  12. මේකත් එක්තරා විදියක අපිට මානසිකව වද දීමක් තමයි බං. මේකට gastric bullying කියලා වචනයක් හැදුවෑකි

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය රෙසිපිය දීලා තියෙන්නේ...ඔහේ කූනි නැද්ද..? වෙන්න බෑ...පොල් ගහකින් වැටිච්ච ගෙඩියක් හරි ගාගෙන ඕක හදාගත්තානම් මොකෝ වෙන්නේ...එතකොට ඉඳිආප්ප....කේරල කඩේකින් හරි හොයාගත්තෑකි....!

      Delete
    2. ඉඳිආප්ප කනව බං. අර ලංකාවෙ Ariya කියලා සමාගමකින් එවන ක්ෂණික ඉඳිආප්ප. කූණිස්සෝ ලංකාවෙන් ගෙන්න ගන්න ඕනෙ. මෙහෙ පොල් කියන්නේ කරකුට්ටං වෙන්න වේලිච්ච ජරාවක්

      Delete
    3. ක්ෂණික ඉඳිආප්ප කිසි රසක් නෑ බං.ඇයි ඉඳිආප්ප පිටි එන්නෙ නැද්ද.

      Delete
    4. මාලේ කූනිස්සෝ නැද්ද ඩූඩ්.

      Delete
  13. හෙහ් හෙහ්........හොඳ වෙලාවට මේ කොම්පියුටර් කී බෝඩ් කෙල වැටීමෙන් සවුත්තු නොවෙන්නේ.

    ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නේ බොරුවක්. දවසක් මම උදේට කන්නැතුව ඉවසගෙන හිටියා, මොන.......ඉඳිආප්ප 21 ක් මාළු හොදි සහ සම්බෝල එක්ක ගිල දැම්මට පස්සෙයි සැනසීම ලැබුණේ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවටම තමා.
      බඩගිනි වෙලාවෙ ඉවසුවට නං කිසිම සැනසීමක් ලැබෙන්නෙ නෑ විචා.

      Delete
  14. වෙජිටරියන් වුනාම වෙන එකක් තමා ඔය නොස්තල්ජික් කේස්වලට් කෙල ගිලීම ඇර කරන්න දෙයක් නැතිකම. මොකද වෙජිටේරියන් කියලා අපිත් පෘතග්ජනයිනේ

    ReplyDelete
    Replies
    1. චා චා වෙජිටේරියන් උනාම කූනිස්සෝ මැල්ලුමක්වත් කන්න බැරි හැටි අප්පා.

      Delete
    2. මේ කමෙන්ට් පේලියේ හරි තැනට ආවා. මමත් දැන් වෙජිටේරියන්. හැබැයි ඊට කලින් කන්න ලැබුන හැම මසකම කෑවා. ඩිලාන් කිව්වා එක මටත් වුණා.

      Delete
  15. කටට කෙළ උනනවා..... හැලප(අ)යියේ.. අද රෑට අපි මේවා කනවා ෂුවර්.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ජයවේවා කාල අපටත් කියන්නකො.

      Delete
  16. වැඩේ කියන්නේ හොස්ටල් එකේ ඉද්දි මේවා බලන්න වෙන එකනේ! මඟුල!

    ReplyDelete
    Replies
    1. ගෙදර දුවන්නයි වෙන්නෙ නේද බං.

      Delete
  17. 8M raftගෙන් අහල එන්නම් කන්න

    ReplyDelete
    Replies
    1. බෙරි පරිප්පුව තරං හිතට අල්ලන්නේ නෑනේ :P

      Delete
    2. ඉවාන්,

      දාං පහක්!

      Delete
    3. මං නම් 8M ට බයයි ලව්පූස් සර්. පාටියකට ගියත් අවසර අරගෙන යන්නෙ.
      පරිප්පු ගැන වැඩිය කියන්න එපැයි කියල තර්ජනයත් කලා.
      ඒක නිසා නෝ කමෙන්ට්.
      oops. කලා නේද?

      Delete
    4. ප්‍රා,
      කන හැම එකම උගෙන් අහල කන්න ගියොත් ඉන්න වෙන්නෙ බඩගින්නෙ.

      Delete
    5. ඉවාන්,
      මේකත් රස බලපංකො.ඊට පස්සෙ පරිප්පු ගැන කියපං.

      Delete
    6. මේකට හුරුල්ලෝ හොද්දක් මිරිසට තිබ්බනං තමා මරුම.

      Delete
    7. චඃ,රතුවට හදපු හුරුල්ලො හොද්දයි පොල් සම්බෝලෙයි නේද නලින්.

      Delete
    8. මාළු හොදිත් එක්ක කනවා නම් පොල් තමා හොඳ.

      Delete
  18. Replies
    1. එහෙනං ආයෙ මොන කතාද .
      ජයවේවා.

      Delete
  19. මාත් ගිල්ලා ..
    ජයවේ ! ! !

    ReplyDelete
  20. අර කූනිස්සෝ හොද්දේ සාහිත්තෙත් යාන්තමට තියෙනවා මම නම් දැක්කා...

    ReplyDelete
    Replies
    1. ම්ම හරක් මස් කෑවට කූනිස්සෝ කන්නේ නෑ.. ජීවිත කීයක්ද අප්පා...

      Delete
    2. සාහිත්‍යය කන්නත් පුළුවනි එහෙනං.
      ඔව් අප්පා එක හරකා වගේද කූනිස්සෝ කී සීයක්ද.

      Delete
  21. ඔය තියෙන ඒවයෙන් ඉඳිආප්ප විස්සක් විතර දාලා කූනිස්සො පොල් මැල්ලුමත් දාලා ගංකො හැලපයියා බලන්න. අපි අඹරන්නැතුව ඉඳීවි.

    ReplyDelete
    Replies
    1. එහෙනං,රස දන්නෝ අඹරති.

      Delete
  22. කෑලි මිරිස් පේන්න තියෙන, සුදුළූණු ගම්මිරිස් පදමට දාපු, තදත් නැති ලාත් නැති තැඹිලි පාට පොල් සම්බෝලෙයි, මිරිස් කරල් කෑලි පාවෙන තෙල්දාපු පරිප්පු හොද්දයි, බිත්තර වන්සයිඩ් එකයි එක්ක ඉඳිආප්ප තමා හැලපයියෙ මටනං අල්ලලා යන්නෙ. වෙන මොනා එක්ක කෑවත් ඉඳි ආප්ප නෙමේ වගේ. එක එකාගෙ ඩිෆරන්ට් ටේස්ට් එකනෙ ඉතිං.

    ReplyDelete
    Replies
    1. ඒ පුරුදු වෙලා තියෙන රස මදාවියෝ.ඒක වෙනස් කරන්න අමාරුයි.

      Delete
  23. හප්පා, දැන් ඉතින් මේවා දැක්කම ආයෙම බඬගිණී වෙනවනේ හිටං..

    ReplyDelete
    Replies
    1. ආයෙම කමු මොනා කරන්නද.

      Delete
  24. අපෙ ගෙවල් වල කූනිස්සො සම්බෝලෙ හදන්නෙ නම් චෙෆාකි කියන විදිහට තමයි. මොනා උනත් හැලපෙ අයියා ආයෙත් බඩගින්න වැඩි කලා. එදා පෝස්ට් එකෙන් පස්සෙ අම්මට කියලා හදවගෙන කෑවා.

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක් ගෙවල්වලට කරදර කරල හදවගනී කියල මම හිතුවා.කූනිස්සෝ සම්බෝලෙ මේ විදියටත් රස බලන්නකො කාල නැත්නං.

      Delete
  25. මටත් මේක තෙත වැඩියි... මම මේක රැකමොන් කරන්නේ උළුඳු වඩේ කන්න... ඉඳිආප්ප හොදි නැතුව කන්න බෑ කිව්වට කූණිස්සෝ පොල් සම්බෝලෙ හරි පදමට ආවහම නියම ගාණට අනන්න පුළුවන්. පොඩ්ඩක් මුලින් ඇඟිලි රිදෙනවා... පස්සෙ එනවා නිකං හොඳට ගුලි හදන්න පුළුවන් ටෙක්ස්චර් එකක්... එහෙම නැත්නම් සම්බෝලේ ඉඳිඅප්පයක් උඩට පොඩ්ඩක් දාගෙන හතරට නමාගෙන කන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. වතුර වීදුරුවකුත් ළඟ තියාගන්න එක ඇඟට ගුණයි.පට ගාල හිරවෙන්න බලනවා.

      Delete
  26. මටත් මැල්ලුම කියනකොටම මතකෙට එන්නේ මේ වගේ දියාරු සම්බෝලයක් නෙවෙයි. අපේ ගෙදර හදන පොල් මැල්ලුම එක්ක ඉඳි ආප්ප කන්න අල හොද්දක් හරි පරිප්පුවක් හරි ඕනිමයි . මොන විදිහේ හරි සම්බලයත් එක්ක ඉඳි ආප්ප කන්න අඬ ගැහුවොත් අපිත් එනවා හැලපේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් හදන්න පුළුවනි මෙහෙමත් හදන්න පුළුවනි තිලකේ.වියලිවට හැදුවොත් වෙනම හොද්දක් හදන්න ඕනෑ.එහෙනං ආයෙම හදල අඬගහන්නන්කො.

      Delete
  27. කෙල ගිලින ගමන් බැලුවෙ.

    ReplyDelete
    Replies
    1. මදැයි, එච්චරටම අල්ලලා ගියාද,

      Delete
  28. අහ්.. තැන්කූ තැන්කූ අපි වෙනුවෙන් ඉඳිආප්පයි කූනිස්සෝ සම්බෝලෙකුයි හැදුවට..

    පෙනුමේ හැටියට රසට තියෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. දැන් ආපහු ඔෆිස් එකේදි නින්දෙන් කෑ ගහන්න එපා කූනිස්සෝ කියලා හරිද ? :P

      Delete
    2. හුහ්.. කවුද දන්නේ නෑ කූනිස්සෝ කූනිස්සෝ කියලා නින්දෙන් කෑ ගැහුවේ... :P

      Delete
    3. පෙනුම වගේම රසත් තිබුනා තුශානි.
      මොකක්ද අප්පා මේ නින්දෙන් කෑ ගහන කතාව.බලපුවම දෙන්නම නින්දෙන් කෑ ගහල තියෙනව වගේ.

      Delete
  29. කූනිස්සො සම්බෝලෙ සමගින් ඉඳි ආප්ප කවා අපේ මන දොළ සපිරූ හැලපයියාට මගේද හද පිරි ස්තූතිය.

    ඇත්තටම හැලපයියේ අර උඩිනුත් කිහිප දෙනෙක් කියලා තියෙනවා වගේ මමත් හිතුවේ සම්බෝලේ කියන්නේ අර වියළි එකක් කියලායි.එත් ඉතින් හැලපයියා ඕක ඔහොම හදලා තියෙන්නේ හොද්දක් නැති නිසානේ.ඉඳි අප්ප කියන්නේ මම ආසම කෑමක් තමයි හිටං.

    ReplyDelete
    Replies
    1. එහෙනං හිත පිරෙන්න කන්නකො.මම අර උඩ කිව්වහේ මේ මැල්ලුම ක්‍රම දෙකකට සාදා ගන්නට පුළුවනි.හොදි ඇතුව සහ නැතුව.

      Delete
  30. මං අසම කෑමක් ඉඳි ආප්ප වලටත් වඩා වැඩියෙන් බෙදාගන්නේ හොද්ද හි හි.. ගිය සෙනසුරාදා මං තනියම ඉඳි ආප්ප තැම්බුවා, ගිය පාර ලංකාවෙන් එද්දී අරන් ආවා ඉඳි ආප්ප හදන බඩු සෙට් එකම,, මුල හරිය හොඳට මිරිකුවා අම්මෝ පස්සේ පස්සේ පිටි ගල් වගේ පරිප්පු හදලා අපි කෑවේ

    ReplyDelete
    Replies
    1. මිශ්‍රණය හරියට හදාගෙන නෑ.පස්සෙ පිටි ගල් වෙනව කියන්නෙ පිටි සියල්ලම එක සමානව කලවං වෙලා නෑ කියන එකයි.ඔයා බාජනේට පිටි ගොඩාක් දාගන්න ඇති කියල මට හිතෙනවා.

      Delete
  31. දැන් ඉතින් මෙව්වා දැකල ඉඳි ආප්ප කන්න ආස හිතුන උනාට ඉතින් ඉඳිආප්ප මික්චර් එක කොහොම හැදුවත් තම්බල විනාඩියෙන් දෙකෙන් ඉඳිආප්ප ගල්වෙන නිසා ඉඳිආප්ප ඉඳිආප්ප කන ආසාව අතැරලා දැම්ම.

    ReplyDelete
    Replies
    1. තම්බල විනාඩියෙන් දෙකෙන් ඉඳිආප්ප ගල් වෙන්නෙත් මිශ්‍රණයේ වරදක් නිසයි.

      Delete
  32. අපිට තියන් නැතුව ඔක්කොම කාලා.. සක්..අන්තිමයි කට්ටියගේ වැඩ..

    අපි නම් හැදුවේ වියළි පොල් මැල්ලුම් කුනිස්සෝ දාල.. උණු ඉඳියප්ප නම් පොල් මැල්ලුමත් එක්කම කත හැකි.. ටිකක් නිවෙනකොට හොද්දකුත් ඕනි වෙනෝ.. කටට කෙල උනන එක නවත්තගන්නම බැරි උනා. :/

    ReplyDelete
    Replies
    1. සැක් අප්පා කමිය එනකොට ඔක්කොම ඉවරයි.කොහෙද මුන් කට්ටිය කාකොටා වැටුනනෙ.

      Delete

ඔබේ අදහස්