Wednesday, August 5, 2015

අටමාගේ ප්‍රිය සාදය සහ ඩෝලයාගේ වගතුග.




අපේ ගෙදර පහුගිය මාසේ දවසක අටමා සංවිධානය කළ සාදයක් පැවැත්වුනි.එම සාදයට පැමිණෙන අමුත්තන්  මීට පෙර ගෙදරට පැමිණ නැති වැදගත් උදවිය බව අහල පහළ ගෑනුන්ට කී බිරිඳ ඔවුන්ටද කතා කරගෙන අමුත්තන්ට සලකන්නට අවශ්‍ය කළමනා ආදිය සම්පාදනය කළේ කිසි වැඩක් නොකරන බව කියා මටද බැනවදිමිනි.මම සුපුරුදු ලෙස අලස සුවය විඳිමින්ද දවල් හීන බලමින්ද පොත් කියවමින්ද බිරිඳට කාඩ් ගසමින්ද කාලය ගතකළෙමි.කෙසේ වුවද නියමිත දිනයේ පැමිණි වැදගත් අමුත්තන් බිරිඳ කීව ලෙසටම අපේ ගෙදර ඉහළින්ම තබන්නට වගබලා ගත්තෙමි.

සාදය රසගන්වන්නට හා කැමති කෙනෙකුට රස විඳින්නට පොඩියට සංගීතයක්ද තිබුණොත් හොඳ නේදැයි කියා මට කල්පනා විය.ඒත් එක්කම මගේ මතකයට ආවේ ඩෝලයාය.එවේලේම මම ඩෝලයාට කතාකළෙමි.මගේ අදහස උනේ ඩෝලයා ඩෝලය ගහනවිට සර්පිනාව ගහන්නට බෙරයා කතා කරගන්නටය.බෙරයා අපේ ගමේ බින්න බැස ඉන්න එකෙකි.ඩෝලයාට කතාකරන විටම බිරිඳ කීවේ බෙරයා නං ගේ පැත්ත පළාතකට  ගෙන්නාගන්නට එපා කියාය.ඊටද හේතුවක් ඇත දවසක් බෙරයා අපේ ගෙදර පැවැත්වුන පැදුරකට සර්පිනා වාදනය කර අවසානයේ හොඳටම බීමත්ව කුස්සියේ ෆ්‍රිජ් එක ඇර ඇතුළේ තිබුනු ග්‍රේප්ස් ටික අරගෙන යන්නට ගියේය.එදා සිට බිරිඳට බෙරයා පෙන්නන්නට බැරිය.ඒ වෛරය තාම පවතී.මම ඩෝලයාට කතාකර කිව්වේ සෙනසුරාදා අපේ ගෙදර පොඩි වැඩක් තියෙන නිසා එයට පැමිණෙන ලෙසත් සර්පිනාව ගහන්නටද කෙනෙක් හොයාගන්නට පුළුවන් වුනොත් හරිම ඉහළ බවත්ය.උගේ කුඹුරේ උඳු කපා වේලෙන්නට දමා තිබුනත් සර්පිනාව ගහන්නත් කෙනෙක් අල්ලාගෙන සෙනසුරාදා නොවැරදීම එන බවට ඩෝලයා මට පොරොන්දු විය.මොන හදිස්සි වැඩක් තිබ්බත් මම එන්න කියපු සැණින් ඩෝලයා එන බව මම දැන සිටියෙමි.

මන්දයත් ඩෝලයා යනු අප විසින් නිෂ්පාදනය කරන ලද චරිතයක් බැවිනි.ඩෝලයා තරමක් වන්නි පැත්තට වෙන්නට ඇති දුෂ්කර නියම්ගමක කර්කශ ජීවිතයක් ගතකරමින් සිටි කොල්ලෙකි.සංගීතය විශේෂයෙන්ම තාල වාදනය කුඩා කළ සිටම උගේ ඇඟේ තිබිණි.කෝච්චියට නැගී ඩෝලය ගසමින් සිංදු කියා ඌ තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.කෝච්චියේ සිංදු කියන අනික් උන්ට වඩා වෙනස් ගායකයෙක් වූ ඩෝලයා ඉතා ප්‍රබුද්ධ ගීතයන් මනා සංයමයකින් යුතුව ගායනා කළ බැවින් මගීන් අතර ඌ ඉතා ජනප්‍රිය චරිතයක් විය.වෙන උන් එනවිට මෙන් නොව පෙට්ටියට ඩෝලයා ගොඩවන විට මගීහු කවුරුත් සතුටු වුයේ ඩෝලයාගේ තාල ඥාණය හා සුගායනය එතරම් හොඳින් ඔවුන්ගේ සිත් පැහැරගෙන තිබු නිසාය.ඩෝලයාව රසවිඳි එවකට කෝච්චියේ ගම්පහ ක්ලාස් යන එකෙක්වූ අපේ මල්ලී සහ උගේ මිතුරු පිරිස ඩෝලයා ගෙවන දුෂ්කර ජීවිතය ගැන විස්තර අසා කම්පාවී ඌව අපේ ගමට එක්කරගෙන ඇවිත් යාලුවෙකුගේ ගෙදර කාමරයක නවත්වා උගේ රස්සාව කරගන්නට පහසු කළෝය.ඔන්න ඔය ආකාරයට ඩෝලයා අපේ ගමේ පදිංචි කරුවෙකු වූයේය. 

අපේ ගමේ ඇති පෑදී සිහිල් නිල් දිය පිරි ඇළ දොළ ළිං වල ජලය එතෙක් කල් වැව් දියෙන් නහමින් සිටි ඩෝලයාට ඖෂධයක් විය.අපේ ගමේ වෙල් එළිය පිසගෙන හමන මඳ පවන ඩෝලයාගේ ගතට බෙහෙවින් සුවදායක විය.ගමේ ගස්වැල් සහ සුන්දර බැදී කැලෑ කුට්ටි  ඩෝලයාගේ නෙතට රසාංජනයක්ම විය.ඩෝලයා අපේව ගමටද ගමේ ජීවත්වුන අපටද බෙහෙවින් ඇලුම් කළේය.ගමට පැමිණිදා සිටම ඩෝලයා ගේ වෘත්තීය ජීවිතයේ ශීඝ්‍ර වර්ධනයක් අප විසින් දක්නා ලදී.කාලය ගතවී අතට මුදල් ටිකක් ලැබෙනවිට එවකට ආධුනික ගායකයන්ට තිබුන පිස්සුවක් වූ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම ඩෝලයා  ගේ ඔලුවටද ගැසුවේය.උගේ ආසාව නිසා අපේ ගමේ කොල්ලන් එකතුවී රෙදි මෝලේ රඟහල වෙන්කරවාගෙන ප්‍රසංගය සංවිධානය කරදීමෙන් නොනැවතී ප්‍රසංගය දිනයේ ගමේ ඔක්කොම අඬගසාගෙන බලන්නටද ගියෙමු.මේ කාලය වනවිට ඌට තව සගයෙක්ද එක්වී සිටියේය.සුනිල් නම්වූ ඌද පාරෙන් අහුලා ගෙනැවිත් දමා තිබු එකෙකි.සුනිල් සර්පිනා කීබෝඩ් සහ ඒ වර්ගයේ වෙනත් වාද්‍ය භාණ්ඩ ඉතා මිහිරට වාදනය කළේය.ශ්‍රැතිය රැකගෙන නිවැරදි ස්වරස්ථානවල පිහිටා මේ දෙදෙන ගයන වයන අන්දම අපි වශීවුවාක් මෙන් බලා සිටියෙමු.කොටින්ම උන් දෙන්නාගේ එකතුව කිරි මුහුදට සඳ පෑව්වාක් මෙන් සුන්දර විය.

අපේ ගමේ සහ අවටපිට ගම්වල තිබුන සංගීතවල මේ දෙදෙනා නොවැරදීම දක්නට ලැබෙන චරිත දෙකක් විය.කෙසේ වුවද වෘත්තීය ජීවිතයේ මේ දෙන්නාගේ එකමුතුව වැඩිකල් පැවතුනේ නැත.එකට ගීතගයා ලැබෙන මුදල දෙකට බෙදා ගන්නවාට වඩා තනිවම හම්බකරන්නට හැකි බව කියූ ඔවුහු වෙනම සිංදු කියන්නට වුහ.වෙනම රස්සාව කළත් ගමේ වැඩකදී එකතුවී ගීත ගැයුහ.මෙසේ සතුටින් කාලය ගෙවී ගියේය.ඔන්න ඔහොම තිබියදී ඩෝලයා කාමරයට ගෑනියෙක් උස්සාගෙන ආව දවසේ ගමේ ඔක්කොම කතාකළේ ඒ ගැනය.ඩෝලයා ගෑනි ගෙනත් තිබුණේ නිකම්ම නොව දෑවැද්දකුත් එක්කමය.දෑවැද්ද වුයේ මාස හතක අටක ලොකු බඩකි.මාද ඇතුළු සියලු දෙනා මේ කරපු වැඩේ ගැන ඩෝලයාට දොස් කිව්වත් බඩේ අයිතිකාරයා ඌ යැයි ඩෝලයා පරසක්වළ ගැසුවේය.දරුවා උගේ බැවින් අහක බලන්නට බැරිවූ බව ඩෝලයා වැඩිදුරටත් කීවේය.මූට අවවාද කර වැඩක් නැති බැවින් අපි සද්ද වහගෙන සිටියෙමු.මම දවසක් උදේ වැඩට යද්දී මේ ජෝඩුව ක්ලිනික් යනවා මට මුණගැහුනි.අනුන්ගේ බඩකුත් එක්ක දුක්විඳින ඩෝලයා ගැන මට ඇතිවුනේ මහත් කණගාටුවකි.ඩෝලයා කොච්චර කීවත් බඩේ ඉන්න දරුවාගේ පියා කවුදැයි ඩෝලයා තබා ඒ කාන්තාවවත් හරියටම නොදන්නවා ඇතැයි මට එවෙලේ සිතුනි.කෙසේවුවද මේ දීගය හරියන මඟුලක් නොවෙන බව වටහාගත් ඒ ඥාණවන්ත කාන්තාව ඊට සතියකට පමණ පසු පැදුරටත් නොකියා අතුරුදහන් වුවාය.

විවාහ වීමත් රාජකාරි කටයුතු වැඩිවීමත් ගෙදර දොර කටයුතු ගැන වැඩි අවධානයක් යොමුකරන්නට වීමත් හේතුවෙන් මට ටිකින් ටික ඩෝලයාව මග ඇරුණි.පස්සෙන් පහු විප්‍රවාසගතවීමට සිදුවීම හේතුවෙන් මේ තත්වය වඩාත් වැඩිවිය.ඉඳහිට හෝ ඩෝලයා හමුවුනේ ගමේ මඟුලකට මරණයකට ඌ ආපු වෙලාවකය.මෙවර මට ඌ හමුවුනේ අවුරුදු විස්සකට විතර පසුවය.කම්මලත් නලිනුත් ඩෝලයාව හොඳට දන්නේ කෝච්චියේ දැක පුරුදු බැවිනි.කලින් හොඳට ඇවිද්ද ඩෝලයා කකුලේ ආබාධයක් නිසා දැන් ඇවිදින්නේ තරමක කොරයක්ද සහිතවය.උගෙන් ගෙදර විස්තර ඇසුවිට දැන් දරුවන් හතරදෙනෙක් ඉන්න බවත් බාලම දරුවාගේ වයස මාස හතරක් බවත් කීවේය.කකුල් දෙක අප්සෙට් උනත් තුන්වෙනි කකුල හොඳට වැඩකරන බව පෙනෙන්නට තිබේ යැයි මම ඌට කීවෙමි.

පොරොන්දුවූ ආකාරයටම සෙනසුරාදා උදේ ඩෝලයා අපේ ගෙදරට ආවේ ඩෝලය ද සමගය.ඌ සමග එන්නට පොරොන්දු වූ සර්පිනා වාදකයාට හදිසි වැඩක් නිසා එන්නට බැරිවී ඇත.එහෙත් පසුබට නොවූ ඩෝලයා හතර අතට කතාකර අලව්වෙන් එකෙක් අල්ලා ගත්තේය.ඔහු අති දක්ෂ සර්පිනා කරුවෙකු නොවුනත් අපේ වැඩේ ගොඩදාගන්නට සමර්ථයෙක් විය.කොහොමටත් සිංදු කියන්නට ගිය අපේ උන්ට වඩා දක්ෂ ලෙස සිංදු කීවේ උන් දෙන්නාය.වැඩේ ඉවරවන විට රෑ බෝවූ බැවින් ඒ රාත්‍රියේ ගමට යන්නට නොහැකි ඩෝලයා බෝතලයක්ද ගසා අපේ ගෙදර නැවතුනේය.

පහුවදා දවල්වී ඇහැරුණ අපි උදේ කෑමෙන් පසු කතා කරමින් සිටියෙමු.කතාව මෙහෙමය, පටන්ගත්තේ ඩෝලයාය.

ගමේ අවටපිට රවුමක් ගහල යාළුවො ටික බලල එන්නත් හිතයි,එක්කොත් ඕනෑ නෑ අන්තිමේ ඔවුන් ඇණයක් උනොත් එහෙම...

කරන්ඩ වැඩකුත් නැති එකේ රවුමක් ඇවිදලා ආවට මක්වෙනවද?පරණ යාළුවො බලලා එහෙම,දවල්ට කන වෙලාවට ආවම ඇති ...

මගෙන් වචනය පිටවූ සැණින් ගේට්ටුවෙන් එළියට බැසගත් ඩෝලයා අතුරුදහන් විය.පැය දෙක තුනකට පසු ඌ ආපහු ආවේ ඩෝලය ගෙනියන්නටය.ඩෝලය මොකටදැයි ඇසුවිට ඌ කීවේ තමන් ආ නිසා සතුටට පත් යාළුවන් පිරිස බෝතල් ගෙනත් සාජ්ජ දමන්නට ලෑස්තිවෙන බවත් සිංදු කියන්නට ඩෝලය ගෙනියන්නට ආ බවත්ය.මම ටිකක් හරහට කතා කළෙමි.

මම උඹව ගෙන්නගත්තේ මගේ වැඩේ කරවගන්න,බේබද්දා  වගේ බිබී තැන තැන සිංදු කියන්න යවන්න නෙවෙයි.ඔය දැන් උඹ ගමට ආපු නිසා  උඩ තියාගෙන දඟලන කී දෙනෙක් අඩු තරමෙන් දුක සැප අහන්න උඹට කෝල් එකක් වත් දෙනවද?

පසුබා ගිය ඩෝලයා මා දෙස බලාසිටී.

ඒ හින්ද සිංදු කිවිල්ල පැත්තක තියල ගිහිං නාගෙන වරෙන්...

ඩෝලයා නිහඬව බිම බලාගෙන සිටී.මට මු ගැන දුක හිතුනි.

එහෙනං ගිහිං ටික වෙලාවක් සෙල්ලං කරල වරෙංකො,හැබැයි රෑ වෙනකං ඉන්න ලෑස්තිවෙන්න එපා හරිද...

නෑ නෑ මම වැඩිවෙලා ඉන්නෙ නෑ ඉක්මනට එන්නං...

සතුටට පත් ඩෝලයා ඩෝලය ද කරගහගෙන පිටත්වී ගියේය.එදා හවස මට මිතුරු සමාගමක්ද රෑ කැමක්ද වූ බැවින් මම ඒ සඳහා පිටත්වුනෙමි.ආපහු ගෙදර ආවේ හඳද බැස යන වේලාවේය.හොඳටම බීමත්ව රාත්‍රියේ ගෙදර ආ ඩෝලයා ගෙදර හිටපු අය වෙනුවෙනුත් සිංදු කියා රෑට කෑමත් නොකා  නිදාගත් බව මට දැනගන්නට ලැබුණි.පහුවදා උදේ ඌ ගෙදර යන්නට සුදානම් වූ විට මමද ටවුමට ගොස් ඩෝලයාව ඉස්ටේසමට ඇරලුවේ මු ගෙදර යාවිද වෙන අතක යාවිද යැයි සැක හිතුන නිසාය.ඩෝලයා ටිකට් ගෙන ඉස්ටේසම ඇතුළට ගිය පසු මම ටවුමේ රවුමක්ද ගසා ගෙදර යන්නට ත්‍රීවීල් පොළට යනවිට මු  එතැනය.විස්තර අහනවිට ඩෝලයා කීවේ ඌ ඉස්ටේසමට යනවා දුටු ත්‍රීවිල් පොලේ එකෙක් අනික් පැත්තෙන් ඇවිත් අඬගහගෙන ආ බවය.උඹ ඕනෑ මඟුලක් කරගනිං කියූ මම ගෙදර ගියෙමි.ඊට දවස් දෙකකට පසු මම ඩෝලයා ට කතාකළේ ඌ ගෙදර ගියාදැයි දැනගන්නටය.ඩෝලයා කතා කළේ සතුටිනි.ගෙදර ආවෙ අද බව කී ඩෝලයා උඳු ටික ගණනකට විකුනාගත් බවත් ආපහු එනවිට කුඹල්ඔලුවේ තැනකට ගොස් අලුත් ඩෝලයක් හදන්නට ඕඩරයක් දී ආ බවත් ඩෝලයා  වැඩිදුරටත් කීවේය෴

116 comments:

  1. ආවෙ පාටියෙ විස්තර කියවන්න. සිද්ද උනේ ඩෝලෙයගෙ විස්තර කියවන්න. ඌ නං සැහැල්ලු රසකාමියෙක් බවයි පේන්නෙ.

    අලුත් භාෂා ශෛලිය හොඳයි. ඒ වුනාට කැලේ මාරු කළාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ කිව්වා වගේ, ආස්වාදනීය පඳුරු තැලිල්ල නං අඩු වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං.පාටියේ විස්තර නං මම ලියන්න යන්නෙ නෑ.

      Delete
  2. නියම පොරක්නෙ.
    හොඳ කට්ටියකට මාට්ටු වෙච්ච නිසා මිනිහ ජීවිතේ කාලකන්නි කරගන්නෙ නැතුව බේරිලා තියෙනව.

    ඉතිං පාටියෙ විස්තර කවද්ද දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. පාටියේ විස්තර ලියන්නට මගේ අදහසක් නැත.පාටියට සහභාගිවූ කෙනෙක් ලිව්වොත් කියවමි.

      Delete
  3. හැලපෙ, ඔය පින්තූරෙ ඉන්නේ ඩෝලයද? ඒ මූණු දෙක ලංකාවෙ ස්ටෑන්ඩඩ් මූණු දෙකක්.

    සංගීතෙ ඉගෙන නොගෙන by ear වැඩේ දෙන උන් සමහර වෙලාවට අර ඔස්තාද්ලට වඩා හොඳයි කියලා හිතෙනවා මට. ඒ වගේම සමහර උන් බස් එකේ සින්දුව කියනකොට ඒක කියන ඔරිජිනල ගායකයට වැඩිය හොඳ වෙලාවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා...සමහර සින්දුවලට වහ වැටෙන්නෙ..ඕය වගේ උන් කියනකොට තමා පස්සෙ ඔරිජිනල් ගායකය කවුද කියල හොයන්නෙ.

      Delete
    2. ඇත්තම තමයි මචං මටත් තේරුනේ උඹ කීවට පස්සෙයි.ලංකාවෙ ස්ටෑන්ඩඩ් මුණු දෙකක් නේන්නං.

      Delete
    3. හෙන්‍රි බොස්.. ඔය බස් වල ගිටාර්..සර්පිනාවගේ දේවල් ගහන අයගෙ ටැලන්ට් එකට වැඩි වටිනාකමක් නෑ.. ඒත් ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරන්න ගියාම තේරෙනවා ඒකෙ තියන අමාරුව බං.

      Delete
    4. අනිවා..මේ පත්ත්රයටත් කවුරුවත් වටිනාකමක් දෙන්නේ නෑනේ , එත් රාමා දන්නවා දස්සයා කවුද කියලා , නැද්ද පත්තරේ

      Delete
  4. thaniyama kala beela kiywannath enawa nodakin.........

    ReplyDelete
    Replies
    1. උඹට කවුරුවත් එන්න එපා කිව්වද?

      Delete
    2. එකනේ යකෝ මාත් අන්තිම මොහොතේ හරි ආපු එකේ

      Delete
  5. හරියන්නෑ මේ වැඩේ. එකෙක්වත් ලියන්නෑ ඔය පාටිය ගැන. මෙන්න මේකයි වෙන්න ඇත්තේ. ඔක්කොමලා කුදුරුස් වෙලා වැටිලා යන්තම් නැගිටලා පහුවදා තමා එන්න ඇත්තේ. කාටවත් මතක නෑ මොකද වුනේ කියලා. ඊළඟ පාටියේදී වීඩියෝ රෙකෝඩින් එකක් ගම්මු. එතකොටවත් බලාගන්න පුළුවන් මොකෑ වුනේ කියලා.

    ඩෝලයාගේ චරිතේ නියම චරිතයක්. තවමත් අපේ සමාජයේ ඔවැනි චරිත දකින්නට ලැබීම ගැන පුදුම වියයුතු නැහැ.

    ReplyDelete
    Replies
    1. කලිසන් ඉරිච්ච ඒව නෑ, වීදුරු ඔලුවෙ තියන් නැටුවෙ නෑ, කාර් තාප්ප වල හැප්පුවෙ නෑ, හාමිනේට බයේ පාටි දීපු කෙනා හැංගුනේ නෑ , හැම එකාම 200 ml බීල ,කාල හැලපෙට තොත්තුවක් දීල ආව. ඔන්න ඕකයි විස්තරේ.
      ප.ලි - අපිට මඩ ගහන්න එහා ලෝකෙන් කැමරාවක් අරන් ආව එකාට කලින් පොවල නිදි කලා. ඉතිං ඌ ගාව ෆොටෝ නෑ.

      Delete
    2. පාටිය ගැන ලියන්න මගෙ අදහසක් නෑ විචා.ඒක හරියට මගෙ දේ මමම ලියනවා වගේ චුට්ටක් ඇදයි නේද?පාටියට සහභාගී වුන කෙනෙක් යමක් ලිව්වොත් කියවමු.

      Delete
    3. කම්මලයා එ්ක එල ද බ්‍රා කමෙන්ටුවක්

      Delete
  6. එදා පාටියේදි ඇතිතරම් විනෝද උනා. ගොඩක් කාලෙකට පස්සෙ. ස්තූතියි හැලප අයියෙ. අක්කත් ,පුතත් සගයො ටිකත් මහන්සිවෙලා සංග්‍රහ කලා ඒ අයටත් ස්තූතියි කියන්ඩ. පරණ පුරුදු වැඩියෙන්ම බීපු පරිසරයක ආපහු බොන්ඩ ලැබීමත් සතුටක්.
    ඩෝලයව දැක්කෙ අවුරුදු 15 කින් විතර පස්සෙ , ඌ පොඩ්ඩක්වත් වෙනස් වෙලත් නෑ. දැකපු ගමන් අපිව අදුන ගත්ත. ඉස්සර ඩෝලය එක්ක බටනලා ගහන එකෙකුත් , පොඩි ඕගන් එකක් ගහන එකෙකුත් හිටිය. ඩෝලය මීරිගම හයර් දුවපු වාහනේකට රැවටිලා හිටිය , ඒක තමයි ගෙදර ගේන්ඩ ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. මාධව සර් හයර් යනකොට නං ඔහොම කිව්වෙ නෑ.. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් යන්න ඉස්සර වගේ.

      -- මීට ඩෝලි --

      Delete
    2. Mr&Mrs හැලපෙ ඇතුලු පවුලට සහ හෙල්පර්ස්ලට / සංගීතඥයන්ට ස්තූතියි.

      Delete
    3. අඩෝ පත්තරේ නම පබ්ලික් කරන්න එපා යකෝ.... රෙද්දක් පිටින් පාරෙ බැහැල යන්න බැරිවෙනව.
      හෙක්.... දැන් ඒකාලෙ ඩොලීල උම්බලකඩ බං..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ස්තූතියි කම්මලේ.එහෙනං උඹත් ඩෝලය උස්සපු කැල්ල ගැන දැනගෙන ඉඳල තියෙනව නේද?ඒ කාලෙ ඩෝලයට අපි ගහපු මඩක්.

      Delete
    6. කම්මලේ සැර් කියලා දුන්න විදිහටම මම කොමහරි ඩෝලයාගේ කරේ එල්ලුනා...ඌ දන්නෙ නෑ සෑර් තමයි දරැවගේ තාත්තා කියලා...
      මිට
      - ඩෝලි-

      Delete
    7. මෙන්ඩො , හෙක්...කවුද දන්නෙ බං අපි නානකොට ,පහල තොටුපලේ නාපු එවුන් ගැන.

      Delete
  7. අනේ අයියේ මම මේ බලං හිටියෙ ඔයාවත් පාටියෙ විස්තර කියයි කියල ....
    අපිට සලකන්න වෙච්ච මහන්සියට ස්තූතී ...
    ඔය අනිත් අය කියන හින්දා මමත් කියන්නම් පාර්ටිය මරු, නැගල ගියා, ඇතිතරම් විනෝද උනා....
    එහෙම වෙන්න ඇති නේ ..???
    මොකෝ මට මතක උඩ තට්ටුවට ඇවිල්ල බිම පැදුරෙ වාඩිවෙනව විතර්යි .... හැක හැක හැක ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනොපිලිස්,මම පාටියේ විස්තර කියන එක එච්චර හරි මදි නිසා කියන්නෙ නෑ.උඹේ ලස්සන පිංතූර වගයක් මගෙ ළඟ තියෙනවා.එවන්නද බ්ලොගේ දාන්නද?

      Delete
    2. හැලපෙ අයියේ අන්න ඒ ෆොටෝ ටික එවන්න විදිහක් නැද්ද ඔන්න ඔය මදුරුවාට වැඩක් දෙන්න....

      Delete
    3. අනේ මට එවන්න ... බලන්න ආසයි ....
      anomosquito@gmail.com
      සිරිනාතෝ ..
      පොල්ලට ගහල නායා වරද්දගන්ඩ එපා හරිද ....

      Delete
    4. මෙන්න වැන්දා... මං අහිංසකයා....

      Delete
    5. ඕකට කොහෙ මතක හිටින්ඩද... අච්චර සද්දෙ මෑද මූ බුදි...

      Delete
    6. ඕකට කොහෙ මතක හිටින්ඩද... අච්චර සද්දෙ මෑද මූ බුදි...

      Delete
    7. බ්ලොග් එකේ දාන්ඩ අයියන්ඩි

      Delete
    8. පින්තූර ටික දැක්කා... හරිම ශෝක් ලමයි හැසිරිලා තියන විදිහ ...
      බුදු අයියේ ... මාව ඝාතනය කරන්ඩ ... මගේ පිරිසිදු නිකැලැල් සුසිනිදු චරිතය ඝාතනය කොරන්ඩ එපා ... බුදු අයියේ .....

      Delete
  8. මරු මචං කියෙව්වත් රහයි..! පැදුරු පාටියක් කියන්නෙ ආතල් ගොඩක්නෙ.

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ වීයො කොහෙද මෙච්චර කල් අන්තරස්ධාන වෙලා හිටියෙ?

      Delete
  9. ඩෝලයගේ සහ නෙල්ලි කැලේ බුරියාගේ සංගීතයට වැඩිවෙලාවක් යොමු කරන්න බැරිවෙච්ච එක ගැන තවමත් කනගාටුවෙමි. නරක මිතුරන් අතරේ සිටීම පමනමයි එයටත් හේතුව...!
    ඉස්සෙල්ලාම ඔබතුමාටත්, ගෙදර ඇත්තොන්ටත් හදපතුලෙන්ම ස්තූති කරන්න ඕනි කර සංග්‍රහ ආදියට..!
    කවුරු කවුරුත් බලන් හිටිය පාටියේ විස්තරේ මාතලන් ගොයියා බාගෙට ලියලා අල කර එක ගැන අපගේ බලවත් මෙව්වා එක...!
    පාටියේ සංවිධායකම ඔය ගැන ලිව්වානම් තමයි අගේ ඉතින්...අර ගෝරිල්ලා ගාව පොටෝ කෑලිත් නැතුවා නෙවෙයිනෙ..ඒත් හැලපේ ඔය සංවිධායකයා මහ අලුගුත්තේරුවා... ඕකා කවදාවත් ඔය ගැන ලියන එකක් නැහැ මයේ හිතේ...ඌ බොරුවට සින්ඩියි අන්දිරිස් ඇපුයි හද හදා අනුන්ගේ බ්ලොග් ගැන දොඩෝ දොඩෝ ඉන්නවනේ මේ දවස්වල...
    කොහොමහරි කටුස්සයි නලියයි නම් ඔය සංගීතේ බඩ පුරා රසවින්ද බව නම් නොකියා බැරිය..
    නැවත හමුවෙමු හැලපේ....
    කොල්ලාට සුබ අනාගතයක්...!

    ReplyDelete
    Replies
    1. රස විඳීම පාටියට එන්නටත් පෙර ලබාදුන් මාර්ගෝපදේශකතුමාටත් ස්තුතියි

      Delete
    2. බොහොම ස්තූතියි චෙපාකි.මාතලන් ඉතුරු හරිය ලියනවා කියල තියෙන නිසා බලාගෙන ඉම්මු.මම ලියන එක ටිකක් හරි මදි නිසා නොලියා ඉන්න තීරණය කළා.සංවිධායක ගැන යමක් ලිවිය යුතුමයි.ඒ හරියත් කවුරු හෝ කළොත් ලොකු පිනක්.පොටෝ නං ගෝනි ගානක් තියෙනවා පලකරන්න විදියක් නැති එකයි ප්‍රශ්නය.කටුස්සා සංගීතේ රසවිඳ ආකාරය පැහැදිලිවම පොටෝ එකකත් තියෙනවා.දැක්කෙ නෑ නේද?

      Delete
    3. අර එඩිට් කරලා හදපු පොටෝව නේද?

      Delete
    4. කටුසු,
      එඩිට් කරන්න වේවි බං.බොඩිය ෆ්‍රේම් එකෙන් එළියට පැනල තියෙන්නෙ.

      Delete
  10. ඩෝලයත් ආතල් චරිතයක්... ඕනවාට වඩා බරක් පතලක් ගන්නෙ නැතිව ෆන් එකේ ඉන්න එක කලාව ඇඟේ ගෑවුන අයගෙ හැටියක් කියනවානෙ..
    මේකට නම දාන්න තිබුනේ 'අභිරහස් සාදය' කියලා..
    හෙහ් හෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු නමකුත් දාල.ඒක නං හැබැයි ඇත්ත තමයි.සාදයම සම්පූර්ණ අබිරහසක්.

      Delete
  11. අලුත් කතා ශය්ලිය ටිකක් අවුල් වගෙ, ඇහුවට කමක් නෙඩ්ඩ මන්ද, දෙකක් දාල ඉන්න වෙලවකද ලිව්වෙ,

    ReplyDelete
    Replies
    1. කලුහාමිගේ භාෂාවත් ටිකක් අවුල් වගේ නේද?දෙකක් දාලද ලිව්වේ?

      Delete
  12. ඩෝලයා පමණක් උන්නේ නම් මීට බොහෝ හොඳය... ඌ පමණක් උන්න වෙලේ පට්ට ආතල් එකක් ගත්තෙමි.... මට සර්පිනා කාරායා හා අහිතක් නැත... එහෙත් සර්පිනාව හොයා ගත් එකාගේ අම්මා මතක් කල බව පමණක් කියන්න...

    හැලපෙගේ පාටියේ ඉතිරි ටික පසුව ලියමි..

    මීට ගුණමකු මිතුරු - මාතලන් -

    ReplyDelete
    Replies
    1. අහිංසක සර්පිනා කාරයාගේ කිසි වරදක් නෑ බං.සර්පිනාවේ ටෝන් එක වැඩියි.මට හදවන්න වෙලාවක් තිබ්බෙ නෑ.උඹ අපරාදෙ ඒ අහිංසකයට බනින්න එපා.ඌ ආවෙ කීයක් හරි හොයාගන්න.

      Delete
    2. ඒකනේ මචෝ මම කිව්වේ..... ඌට මක්කත් කියන්න එපා කියලා....

      උඹ ඊළඟ වතාවේ ආවම පාටි එක අපෙන්... ඉන්න ඔක්කෝම එක්කගෙන වරෙන්... කිසි අවුලක් නෑ....

      Delete
    3. රයිටෝ !!! දෙමු ඇෂ්ටි ගොබළු හැලෙන්ඩ.. මාත් එක පයිං. ඕ යේස් !! කාණුවක් කපල තියපල්ල මටයි මෙන්ඩටයි බුදියන්ඩ :D

      Delete
    4. ///උඹ ඊළඟ වතාවේ ආවම පාටි එක අපෙන්... /// එළයැ...

      Delete
    5. කිව්වෙ නැතත් එන්ඩෝන ඊලඟ එකටත්...

      Delete
    6. ඕ යැස් කානු පල්ලක බුදියන්න නැති අරක්කු බල්ලගේ පුකේ ගහන්න ඔනේ..

      Delete
  13. මං හිතුවෙ කට්ටියගෙ රෙදි ගලවලා ඇති කියලා.... හැලපෙ අයියාටත් ගෙදර අයටත් ස්තුතියි ආරධනා කලාට. සංවිධායකයා ගැන නම් කතා කරලා වැඩක් නෑ.....

    ReplyDelete
    Replies
    1. කොච්චර උනත් සංවිධායකයා බැන බැන හරි උගෙ වැඩේ කළා.ලස්සන පිංතුර ටිකක් අරගෙන දුන්නට ශ්‍රීනාත්ටත් ස්තූතියි.

      Delete
  14. වටපිට බලමින්...
    ගෙදර කවුරැත් නෑ නේද?
    පාටිය නම් එල ද බ්‍රා...තව අයිස්ක්‍රිම් ටිකක් කන්නම් කියලා හිතාගෙන හිටියේ කොහෙද යං යං කියලා ඇදගෙන ආවනේ.
    යන්ඩ ඉස්සර මුන ගැහැනෙන්නම් කියලා හිටියට මිස් වුනා සමාවෙන්ඩ ඔනේ..
    ඩෝලයා..ටියුබ් ලයිට් අහිංසක චරිතේ.

    ReplyDelete
    Replies
    1. එදා ඩෝලෙ ගහපු විදානෙගෙ ඩ්‍රයිවර් අජියා මතකද..ඌත් පට්ට අහිංසක ඩයල් එක බං .

      Delete
    2. ඩෝල නොගැහුවට මමත් හෙන අහිංසකයි පත්තරේ .

      Delete
    3. ඔව් බං.. ඩෝලිත් කිව්ව තමා :D

      Delete
    4. කම්මල ඒ දවස්වල සති අන්තේ තබ්ලා ගහන්න ඉගෙනගන්න යනවා කියල ගියා මට මතකයි පත්තරයෝ.

      Delete
    5. මිරිගමට නේද ගියේ? තබ්ලා කෙසේ වෙතත් ඩෝල නම් ගහන්න ඇති.

      Delete
  15. geadara badu muttu athurudahan wela thibbe natheyi halapayye.......

    ReplyDelete
    Replies
    1. ගෙනියන්ඩ කියල ඔතල තිබ්බෙ බුදුපිලිමෙ විතරයි බං, අනික් ඔක්කොම පැකින් කඩල තිබ්බෙ.

      Delete
    2. තව ටිකෙන් ඒකත් බිම දානවා අරුන් දෙන්නා....

      Delete
    3. ඔය කියල තියෙන්නෙ.හැබැයි බුදු පිළිමෙ නං තාම යහතින් වැඩ ඉන්නවා.

      Delete
    4. ශ්‍රීනාත්,
      කවුද බං දෙන්නා?

      Delete
    5. කවුද ඉතින් අර කෙලවරේම හිටපු උන් තමයි. ස්ටූල් එක අදින්න ගිහින් හැප්පුනේ කබඩ් එකේ....

      Delete
  16. මුලින්ම සංග්‍රහ සහ සැලකුම් වලට බොහොමත්ම ස්තුති කරනවා හැලප අයියෙ.... කට්ටිය එක්ක අදහස් බෙදාගන්න සලස්වපු එකට ගොඩක් පින්... සංවිධායකයාගේ කුණුහරුප වටේ එවුන්ටත් ඇහෙන්න ඇති මයේ හිතේ... ඩෝලයා හරිම අව්‍යාජ මනුස්සයෙක් විදියටයි මට පෙනුනෙ... සර්පිනා ඩයල් ඒකෙත් වරදක් නෑ.. උගෙ දත් දෙක නිකං ඩ්‍රැකියුලාගෙ වගේ....

    ReplyDelete
    Replies
    1. මට නම් පේන්න බැරි එකා අර ගල්කොරි කාරයා .. හොඳ වෙලාවට මට ඩෝප් වෙන්න කලින් ඌ ගියේ , නැත්තං හතරහන්දී කඩනවා නිකං බෝංචි කඩනවා වගේ .. :P

      Delete
    2. හොර ඉවානයා.... අහුවෙයන්...

      Delete
    3. සජ්ජාගේ පැමිණීමත් අගේ කොට සලකනවා.

      Delete
  17. දහ පාලොස් දෙනෙක් කාල බීල ආතල් එකක් ගත්තම ලියවෙන්නෙ මෙච්චරද බං?.

    ReplyDelete
    Replies
    1. අපි මේ මග බලං ඉන්නේ දෙන්නෙක් කාල බීලා රම්‍ය මාලිගාවේ ගත්ත ආතල ගැන පොස්ට් එකක් එනකං ..ඕ... යේස්

      Delete
    2. යටට ඇදගනම බලා හිටහං

      Delete
    3. පාටියට ගිය උන් එපායැ බං ලියන්න.

      Delete
  18. සාදය නම් එළය
    සියල්ල ඉතා ඉහළ මට්ටමකටම සකසා සහ සුදානම් කර තිබු බව නොකිව මනාය.
    මමත් මේ ගැන පෝස්ටුවක් නොලීවේ මම සහ කමියා එහි පැමිණියේ හොඳටම පමා වීමෙන් පසුව බැවිනි.
    ඒ වනවිට පෙරහරෙන් බාගයකටත් වඩා අහවර වී තිබුණි.
    වරුවක නිවාඩුවක් දමා එන්නට තිබුනානම් හොඳ බව සිතුනේ එහි ගිය පසුවය.
    අපි දෙන්නා පමා වෙච්ච එක අල්ලන්න නොනවතින ගමනක යෙදෙන්න සිද්ධ වෙච්ච නිසා ඩෝලයලගේ සින්දු අහන්නත් බැරි උනා.
    මම සාදයකදී වඩාම කැමති සෙට් වෙච්ච උන් එක්ක චැට් එකක් දාගෙන ඉන්න නිසා කොහොමටත් ඔය සින්දු කෙරුවාවට ලොකු මනාපයක් නැති හින්දත් වෙන්න ඇති මම එහාට යන්න නැතුව ඇත්තේ.

    /// එම සාදයට පැමිණෙන අමුත්තන් මීට පෙර ගෙදරට පැමිණ නැති වැදගත් උදවිය බව අහල පහළ ගෑනුන්ට කී බිරිඳ ඔවුන්ටද කතා කරගෙන අමුත්තන්ට සලකන්නට අවශ්‍ය කළමනා ආදිය සම්පාදනය කළේ කිසි වැඩක් නොකරන බව කියා මටද බැනවදිමිනි. ///
    අපේ වැදගත් කමේ වැඩි බව නිසා හැලපේ අයියාට සාදයෙන් පස්සේ ගම්වැසියන්ගෙන් සෝලියක් එහෙම වැටෙන්න නැතුව ඇති නේද. ගම්වල මිනිසුන් තාමත් හොඳ හින්ද එහෙම වෙන්න නැතුව ඇති කියල මම හිතෙනවා.
    හැබැයි ඉතින් කාගෙන් නැතත් හැලපී ගෙන්නම් පොඩි පහේ හරි සංග්‍රහයක්වත් හම්බු උනේ නැත්නම් උන්දෑ අඩුම ගානේ සෝවාන් පලයකට හෝ ඊට ආසන්න මාර්ග පලයක් ලබාපු ඇත්තියක් වෙන්න ඕනේ.

    කොහොම උනත් හැලප පවුල, හිතවතුන් සහ අටමාගේද සහභාගිත්වයෙන් අපහට කල සියලුම සංග්‍රහ සත්කාර වෙනුවෙන් නැවතත් ස්තුතිවන්ත වෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා ඉතා හොඳට බ්ලොග් කරුවන් එක්ක කතාබහ කරමින් ඉන්නව දුටුවා.දීල තියෙන සහතිකයට ස්තූතියි.ගමේ අය අපේ ගෙදර නෙවෙයි ඒ අයගේ ගෙවල් ඉස්සරහ සද්ද කළත් මට මොකුත්ම කියන්නෙ නෑ.හැලපිට මේ වගේ සාද සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් තියෙනවා.කිව්වට විශ්වාස කරයිද මන්දා වචනයෙන් හෝ අභිනයෙන් කිසිම නොරිස්සුම් අදහසක් ඇයගෙන් ප්‍රකාශ වුනේ නෑ.සමහර විට මු ඇවිත් ඉන්න දවස් කීපයට හිත නරක් කරන්නෙ මොකටද කියල හිතල හෝ සමහර විට මාර්ග පලයකට ආසන්න වෙලාද දන්නෙ නෑ හැබැයි සිද්ද උනේ එහෙමයි.මොකද සාදයෙන් පස්සෙ ඔයගොල්ල ගියාටත් පස්සෙ අපි දෙන්න ඩෝලයාව බයිට් කරමින් විනෝද උනා.සියල්ල ඉතිං අටමාගේ සංවිධානයේ හොඳකම නිසා තමයි.

      Delete
  19. සාදය මාරයි,සල්ලි හමාරයි කියලා නට්‍යකුත් තියෙනවානේ. සාදයේ උණුසුම් ෆොටෝ කිහිපයක්නම් අපි දැක්කා ඒ වෙලේ නලින් අයියා මාධ්‍යට නිකුත් කරපුවා නම්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්ටත් නරකද ආවනං.

      Delete
    2. ආවනම් හොඳා..එත් දැනන් හිටියේ නැහැනේ අන්තිම වෙනකම්ම.

      Delete
  20. කොහොම හරි පාටියට වගේම මෙතනටත් එන්න පරක්කු වුනා . කමක් නෑ... හැලපයියාටත් හැලප අක්කාටත් ගෙදර අනික් අයටත් ස්තුතියි ... පරක්කු වෙලා ආවත් සොමිය එකමයි.

    එදා ඔයාලගේ ගෙදර ඇඳක වැටිලා හිටපු තල්මහෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා මගේ ළඟ. චෙෆාකිටනම් යැව්වා ඒක

    ReplyDelete
    Replies
    1. අර කෙට්ටු ඩයිනෝසරයගෙද...?

      Delete
    2. ප්‍රමාද වෙලා හෝ පැමිණීම ගැන මගේ නොවක් තුතිය පිළිගන්න.තල්මහගේ පොටෝව මගේ ලඟත් තිබුණා මතකයි.

      Delete
    3. ශ්‍රීනාත්,
      නැත නැත මදුරුවාගේය.

      Delete
    4. අනේ මමනං නෙමේ..
      කටුස්ස මගේ මූනට පයින් ගහල ඇහැරෝනකොට මම හිටියෙ සීතලම සීතල ට්යිල් කරපු බිමක ......

      Delete
  21. හොඳට බීල වගේ කස්ටිය.... හි හි...

    ReplyDelete
    Replies
    1. පැනි බීම එකට මොනවද කලවං වෙලා තිබුණ කියල තමයි ආරංචිය.

      Delete
    2. පෝටෙලෝ , මාතලන් ලියල තිබ්බෙ. හරි රසයි.

      Delete
    3. පෝටෙලෝ , මාතලන් ලියල තිබ්බෙ. හරි රසයි.

      Delete
    4. ෂෙහ්,ඔයා ඉතිං කැමති නැතිම සබ්ජෙක්ට් ඒක නේද.

      Delete
  22. ඩොලයා එළ කොල්ලා.. සර්පිනා අයියගේ කිසි අවුලක් නෑ සුපිරි.. එකම දේ උනේ ඒ තැනේ හැටියට සද්දේ ටිකක් වැඩි උනා.. කොහෙද මුන් බිලා බිලා සින්දු අහන්න මානසිකත්වයක් තිබ්බය.. ඔන්න මං වගේ අමධ්‍යපව හිටියනම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ. හැක්..
    හැලප අක්කට හරියට ස්තුති කරන්නවත් බැරි උනා ලෙසටම කෑම ටික හදල තිබ්බට. අටම්පයියටත් ටැන්කු අලුත් කුණුහබ්බ ටිකක් කියල දුන්නට.. සපෝට් ස්ටාෆ් එකත් එළ.. හැලප අයියනම් ඉතින් කිසි වැඩක් කරෙ නැතිලුනේ.. එත් කමක් නෑ අවස්ථාව දුන්නට ටැන්කු හොඳේ..
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා මාතලන් ටත් ස්තුතියි ඊලඟ පාටිය දැම්ම බාර ගත්තට..හැක.. හැක..

    ReplyDelete
    Replies
    1. කොහොමත් කමියාගේ ආව වෙලාවෙ ඉඳල යන වෙලාව වෙනකල් කිසිම වෙනසක් තිබුනෙ නෑ.මම ඒ දේ හොඳට දැක්කා.
      ඊළඟ පාටියෙදී නැවත හමුවෙමු.

      Delete
  23. බස්වල කෝච්චිවල සින්දු කියන අය අතරෙ දක්ෂයො ඉන්නවා. වැඩිපුර ඉන්නෙ අනික් අය කරන නිසා කරලා බලන්න හදන අය. මට පේන්න බැරි සීන් එකක් තමා අර ඉන්ස්ටෘමෙන්ටල් පාට් එක කටින් දාන එක. හැලපයියා කිව්වා වගේ මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නෙ දක්ෂයො. උන්ට මිල මුදල් යහමින් දෙන්නත් මිනිස්සු පැකිලෙන්නෙ නෑ. අර වාත කේස් සබ්ජෙක්ට් එකට බහින්නෙ ඕක දැකලා තමා.
    (අපිනං එයි ඔය පැදුරු පාටිවලට...හැක්.)

    ReplyDelete
    Replies
    1. වාත කේස් සිංදු කියන්න ආපුවම සල්ලි දෙනවා නෙවෙයි කෝච්චියෙන් පනින්න හිතෙනවා බං.

      Delete
  24. බස්වලට නැගලා සිංදු කියන පට්ට ලස්සන කටහඬවල් තියන දක්ශ මිනිස්සු ඉන්නවා.ඒ මිනිස්සුන්ට ජනතාව ලෝභනැතුව සල්ලිත් දෙනවා.පළවෙනි වටේදී කොලකෑලි බෙදාගන ගිහින් දෙවනි වටේදී සල්ලි එකතුකරන් යන අයටනම් මම සතයක්වත් දෙන්නේ නෑ.ඒත් අමාරුවෙන් හරි සිංදුවක්කියන ,පොතක්,පැන්සලක් විකුණන මනුස්සයෙක්ට සල්ලි දෙන්න දෙපාරක් හිතන්නෙත් නෑ. ඉස්සර ඔයවගේ කට්ටිය එකතුකරගන "මාවතේ අපි" හරි වෙන මොකක් හරි නමකින් හරි වැඩසටහනක් ගියා නේද?

    කොහොම උනත් ඩෝලයානම් අහිංසක මනුස්සයෙක්.පාර්ටියේ අග හරිය බොඳවෙලා වගේ නිසා ඒ හරියේදී සිද්දවුන දේවල්ගැන මමනම් කතාකරන්නේම නෑ.එදා කරපු සංග්‍රහ සත්කාර වලට හැලපයියාට,අක්කාට සහ අනිකුත් පිරිසට බොහොමත් ස්තූතියි.කවදාවත් අහලානැති වචන කියලා දුන්නාට අටමාටත් ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. පාටියේ අග හරියෙ කටුස්සට මතක තිබුණේ නැති බව දැක්කා.කොහොම උනත් පැමිණීම ගැන ගොඩක් ස්තූතියි.

      Delete
  25. කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දැක්කෙ. ආපහු ලංකාවෙද?

    ReplyDelete
    Replies
    1. නිවාඩුවට ගෙදර ගිහිං ආවා නිලුක.දැන් ආපහු රට.

      Delete
  26. නියම කතාව . ඩෝලය ගේ සින්දුවක් කවුරුත් රෙකොර්ඩ් කලේ නැත්ද අපටත් බලන්න.

    ReplyDelete
    Replies
    1. ශික්...ඒ වගේ ජරා වැඩ අපි කරයි...!

      Delete
    2. මං හිතන්නෙ චෙෆාකි ළඟ ඇති අජිත්.

      Delete
  27. මමත් හිතාගෙන නම් ආවේ පාටියේ විස්තර කියයි කියලා...

    ඩෝලයා ජීවිතේ ගැන වැඩි බරක්පතලක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. පාටියේ විස්තර පාටියට ගියපු අය කියාවි තුශානි.මම කියනඑක හරි නෑනෙ.

      Delete
  28. මං නැති දවසක තේරෙයි බොලාට මගේ අගේ .එතකං  මගේ පතුරු ඇරපියව්

    ReplyDelete
    Replies
    1. ඔන්න මම නං ඕවට නෑ.

      Delete
    2. නෑ නෑ ඉතින් විහිළුවට බැන්නේ... උඹ හොඳ එකා...

      Delete
    3. මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙලියන්ටයි :P

      Delete
    4. අඩේ උඹ නැතිව කොහොමද ..??
      එතකොට අපි අලුත්ම ශුද්ද සිංහල වචන එක්ක මාර්ග විස්තර අහගන්නෙ කාගෙන්ද..??

      Delete
  29. මේ වගේ සොඳුරු හමුවකට සෙට් වෙන්නේ කවදාද කියලා හිතමින් . ඔය පින්තුරේ ඉන්න ඩෝලයා කොහේදී හෝ දැකලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි තිලකේ.රටේ හැම තැනම ගැවසෙන ඩෝලයා බොහෝ අයට සුපුරුදු චරිතයක්.
      අපි කවදා හෝ එකට සෙට් වේයැයි බලාපොරොත්තුවෙන් ඉඳිමු.

      Delete
  30. යකෝ හැලපෝ.. අහල පහල එකා වෙච්චි තෝ මට කිව්වේ නෑනේ මේ තරං සංහදියක් තියෙන විත්තියක්. උඹ කලින් නං කිව්වේ උෟරු නාම්බෝ දෙතුන් දෙනෙක් එනවය කියල නෙහ්.. හැක්.. ඩෝලයා ගැන මම තොගේ පෙරටුගාමි පුත්තරයා සමග කතා කල වෙලේම ඇසුවෙමි..

    ReplyDelete
    Replies
    1. තෝ මගෙන් දෙකක් අහගන්නෙ නැතුව ඉන්නවද.

      Delete

ඔබේ අදහස්