Tuesday, July 7, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 6 - අල්ලපු ගෙදර කෙල්ල සයිකල් සවාරිය සහ ඊලාම් දේශයේ නැගිටීම.




අල්ලපු ගෙදර කෙල්ල ගැන ලියන්නට කලින් අක්කා කෙල්ල ගැන ලිවිය යුතු වුවද ලියවෙන්නේ අල්ලපු ගෙදර කෙල්ල ගැනය.ඡන්ද කාලයක් ළඟ එන නිසා විය හැකිය.ඒද ඡන්ද කාලයකි.නමුත් අද මෙන් නොව රට ගිනිගනිමින් තිබුන කලෙක පැවැත්වුණු ඡන්දයකි.දේශප්‍රේමීන් රට ගිනි තියන්නට පටන්ගෙන තිබුන අතර ආණ්ඩුව එයට ප්‍රතිචාර දක්වන්නට විය.දෙගොල්ලොම තරඟෙට මෙන් මිනී මරන්නට පටන් ගෙන තිබුණි.89 ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගත් පසු පැවැත්වූ මහ මැතිවරණයට දේශපාලන පක්ෂ සුදානම් වුයේ තරග කරන අපේක්ෂකයන්ට දේශප්‍රේමීන් විසින් මරණ වරෙන්තුව ලබාදී තිබියදීය.අල්ලපු ගෙදර උදවියට මගෙන් වැඩක් කරගන්නට සිදුවුයේ මේ ඡන්ද කාලයේදීය.ඒ කතාව මෙහෙමය.කතාව කියන්නට පෙර අල්ලපු ගෙදර කෙල්ලට නමක් දිය යුතුය.ඇයට නමක් දෙන එක හරිම පහසුය.ඒ අපි ඇයව හැඳින්වූ නම තිබෙන නිසාය.අල්ලපු ගෙදර කෙල්ල එකල වැඩකළේ රාජගිරිය ටෂ්මා ස්ටුඩියෝවේය.ඒ නිසා අපි ඇයට ටෂ්මා කීවෙමු.පසුව එය තවත් කෙටිවී ටෂ් විය.ස්ටුඩියෝව තවම තිබෙනවාදැයි නොදනිමි.ටෂ්ගේ පියාවූ අල්ලපු ගෙදර අංකල් දරුණු යූ ඇන් පී කාරයෙකි.යූ ඇන් පී ලැයිස්තුවේ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් ඒ පළාතේ කැන්වසින් යන්නට ටෂ්ගේ තාත්තා හමුවෙන්නට එති.දවසක් මම වැඩ ඇරී ගෙදර එනවිට ටෂ්ගේ ගෙදර හරි කලබලයකි.යූ ඇන් පී ඡන්ද අපේක්ෂකයන් කීප දෙනෙක් ටෂ්ලගේ ගෙදරට ඇවිත්ය.ඔවුන අතර ජෙරාඩ් සන්තියාගුද සිටියා මට මතක ඇත්තේ ඔහු කතාවක් කළ නිසාය.ටෂ්ලාගේ මිදුලේ පකිස් පෙට්ටියක් උඩ නැගී ජෙරාඩ් සන්තියාගු කිව්වේ දැන් පාර්ලිමේන්තුවේ ප්‍රේමදාස මහතා නොමැති බැවින් ඒ අඩුව පුරවන්නට ඔහුව පාර්ලිමේන්තුවට යවන්න කියාය.මෙවැනි පුද්ගලයන්ගේ ගොන් කතා අපට මහත් විනෝදයක් විය.ඌ මිදුලේ තප්පුලද්දී ටෂ් වැටෙන් එහා පැත්තේ සිට මගෙත් එක්ක ඇස්වලින් කතා කරමින් සිටියාය.

දැන් ඇතිවී තිබෙන තත්ත්වය තාත්තාට කොහෙත්ම හොඳ නැති බවත් කරන දේශපාලනයක් ප්‍රවේශමෙන් නොකළොත් දේශප්‍රේමීන් නොවැරදීම ප්‍රතිචාර දක්වන බවත් මම දවසක් ටෂ්ට කීවෙමි.කිව්වාසේම ඊළඟ සතියේ ටොපිය ලැබුණි.දේශපාලනයෙන්ද යූ ඇන් පියේ තනතුරු වලින්ද වහාම ඉවත් නොවුනහොත් දේශද්‍රෝහියාගේ ඔලුවට වෙඩි තබා මරා දමන බවට දැනුම්දී තිබු ලිපියක් ටෂ්ලගේ ගෙදරට දමාගොස් තිබුණි.දේශද්‍රෝහියා වූ ටෂ්ලගේ තාත්තා ඒ ලිපිය ගණනකට නොගෙන හවස්අතේ අරක්කු බොන්නට හොරපොලට ගිය අතර ටෂ්ගේ අම්මා ටෂ්ද සමග බයේ වෙවුලමින් ලිපියද රැගෙන මා හමුවන්නට ආවේ කුමක් කරන්නද යන්න සිතාගත නොහැකිවය.ඔවුන් දෙදෙනා අස්වැසු මම දැන්වීමක් ලිව්වෙමි.වහාම ක්‍රියාත්මක වන පරිදි ටෂ්ලගේ පියා යූ ඇන් පියෙන් සහ දේශපාලනයෙන් ඉවත්වන බව එම දැන්වීමේ සඳහන් විය.මගේ අකුරු හකුරු වගේ නිසා අකුරු ලස්සනට ලියන කෙනෙකුට කියා ඒ දැන්වීමෙන් කොපි දෙකක් ලියාගෙන එන්නට කියා ඒ දෙදෙනා පිටත්කර යැව්වෙමි.තවත් ටික වෙලාවකට පසු කාටදෝ කියා කළු මාකර් පෑනකින් ලියවාගත් දැන්වීම් දෙකක් අතැතිව ටෂ් මා ඉදිරිපිට පෙනී සිටියාය.අපි දෙන්නා කළුවරේම පාරට ගොස් ටෂ්ලගේ ගේ ඉස්සරහ මල් වැටේ දෙපැත්තේ පාරට පෙනෙන්නට දැන්වීම් දෙක එල්ලුවෙමු.දැන්වීම් දෙක එල්ලා තාත්තා කරන දේශපාලනයක් එළිපිට නොකර සිටින තාක් කල් මරණ තර්ජනයක් නැති බව ටෂ්ට කීවෙමි.

මම ස්ථිරවම එලෙස කිව්වේ මීට පෙරද මා මේ ආකාරයේම කුණු කොන්ත්‍රාත්තුවක් නොමිලයේම සාර්ථකව කරදී තිබු බැවිනි.ඒ අපේ ගමේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෙකුටය.ඔහුටද මේ විදියටම මරණ තර්ජනය සහිත ලියුම ලබුනවිට දැන්වීම් ලියා ඇලෙව්වේ මමය.ඊට පසුව ඔහුට දේශප්‍රේමීන්ගෙන් කිසිම කරදරයක් සිදුවුනේ නැත.එතෙක් වෙලා හිතේ කැකෑරෙමින් තිබු මරණ බය පහව ගිය ටෂ් පාරටවී බොහෝ සැහැල්ලුවෙන් මා සමග කතා කරමින් සිටියාය.ඇය මගේ විස්තර විමසුවාය.රජයේ රස්සාවකුත් කරන මා බෙන් එකේ නැවතී සිටින්නේ ඇයිදැයි ඇයට දැනගන්නට උවමනා වී තිබිණි.කෙල්ලන්ගේ කුතුහලය එහෙමය.කෙල්ලන්ගේ මේ  නොසන්සිඳෙන කුතුහලය තම වාසියට කළමනාකරණය කරගත් සිරා වැනි උන් හකුරු මඩුවේ නාඹර ගැටිස්සියන් සියල්ලටම එකිනෙකාට හොරෙන් ලෝඩ් බාගත්තේ කෙල්ලන්ගේ ලිංගික කුතුහලයට පිංසිද්ද වන්නටය.කුතුහලය සංසිඳුවා ගැනීමෙන් තමන්ට නම් සතපහකට වැඩක් නැති බවත් ලැබෙන්නේ පුක පුරා ටිංකිරි පමණක් බවත් කෙල්ලන් තේරුම් ගන්නා විට පෙරහැර ගොස් හමාරය.ඔවුන්ගේ මේ කුතුහලය සාමාන්‍ය අවස්ථාවලදී පමණක් නොව මරණයක් වැනි ඛේදජනක අවස්ථාවන්හි පවා එකසේ බලපවත්වන බව මගේම  අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරන්නට පුළුවන.

ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයේ මාත් සමග වැඩකළ දීපිකාගේ අක්කා කෙනෙක් මියගොස් ඇතිබව මට දැනගන්නට ලැබිණ.එවකට මා එම කාර්යාලයෙන් මාරුවී ගොස් සිටියෙමි.දීපිකාගේ අක්කාට කලක් තිස්සේ හිසේ අමාරුවක් තිබුණ බවද එයට දිගටම බෙහෙත් බීපු බවද මම දැන සිටියෙමි.කොච්චර බේත් බිව්වත් සුව නොවන අසනීපය ගැන සිත කළකිරී සිටි ඇය දවසක් කුප්පියේ තිබු බේත් පෙති සියල්ලම ගිල දමා ජීවිතය නැතිකර ගත්තාය.මම මළගෙදර යන්නට සුදානම්වී සිටින විට බිරිඳ කුමක් හෝ වැඩකට හදිසියේම මා හමුවන්නට කාර්යාලයට ආවාය.එවකට ඇය බිරිඳ නොව වෙන්ඩ බිරිඳය.මට හදිසියේ මළගෙදරක යන්නට සිදුවී ඇති බවත් කැමතිනම් ඇයටත් මා සමග යන්නට හැකි බවත් කී විට ඇය වචනයක් වත් නොකියා මා පස්සෙන් වැටුණාය.අපි නුගේගොඩට ගොස් දුම්රියපොළ පටුමගේ තිබු දීපිකාගේ ගෙදර හෙවත් මළගෙදරට ගොඩවුනෙමු.අප දුටු මතින්ම දීපිකා කෑ මොර දෙමින් හඬන්නට ගත්තාය.ඇය බිරිඳව කලින් දැක නොතිබූ අතර දුටු ප්‍රථම අවස්ථාව එදින විය.මොනම විදියකින්වත්  ඇගේ හැඬීම නතරකරන්නට නොහැකිවිය.දීපිකා පොළොවේ හැපෙමින් අඬයි අපි බලා සිටියෙමු.කඳුළු පෙරා හඬමින්ම ඇය මගෙන් ඇසුවේ මේ කවුද කියාය.මේ සිද්ධිය මතක් කරමින් පසුව අපි හොඳට සිනාසුනෙමු. දීපිකා, අක්කා කෙල්ලගේ සපෝටර්ය.සපෝට් කරන අතරේම සපෝටර් මා සමගද පොඩි පළහිලව්වක් ඇතිකර ගත් නමුත් එය දවසක් අක්කා කෙල්ලට අතේ කෝට්  විය.එය වෙනම කිවයුතු රසවත් කතාවකි.

දවසක්දා උදේ නැගිට බලනවිට පාරේ බස් ධාවනය නොවේ.එදා දේශප්‍රේමීන්ගේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකවූ දිනයක් විය.ගෙදර සිටි අනික් සියලු දෙනාම ෂූටිං ගොසිනි.ටිකක් වෙලා ඉන්න විට මට මහා කම්මැලිකමක් දැනෙන්නට විය.ඇඳ පැළඳගෙන පයින්වත් කාර්යාලයට යන්නට හදනවිට රුවන්ගේ චැලිය තිබුණි.චැලියේ නැග පිටත්වුනෙමි.පැලවත්තෙන් පාර්ලිමේන්තු පාරට හරවා ටික දුරක් යනවිට කුඩයක් ඉහලා ගත් කෙල්ලක් ඉදිරියෙන් යනු දුටුවෙමි.කිට්ටුකර බලනවිට ටෂ්ය.ටෂ්වත් චැලියට නග්ගවාගෙන ගොස් රාජගිරියෙන් ඇය බස්සවා මම කාර්යාලයට ගියෙමි.මේ සිද්ධියෙන් පසුව ටෂ් මට බොහෝ හිතවත් වුවාය.ඇය සැහැල්ලු ගති පැවතුම් ඇති කෙල්ලක් බව මා සිතුවද මගේ නිගමනය වැරදි බව පසුව වටහා ගත්තෙමි.ඒ වනවිට මා ඇය සමග ටිකක් දුර ගොසින්ය.එහෙත් ආපසු හැරෙන්නට බැරි තරමට  දුරක් නොවේ.අපි දෙන්නා කිසිසේත්ම ගැලපෙන යුවළක් නොවන බවත් තව දුරටත් ඉදිරියට ගියහොත් දෙදෙනාටම උරුමවන්නේ දුක පමණක් බවත් මා ඇයට සාධක සහිතව පෙන්වා දුන්නත් ඇය කීවේ ආපසු හැරෙන්නට දැන් ප්‍රමාද වැඩි බවය.අහළ පහළ සියලු දෙනාම පාහේ අපේ පලහිලව්ව දන්නා බවත් ඔවුන්ට මුහුණ දෙන්නට නොහැකි බවත් ඇය වැඩිදුරටත් කීවාය.

අපේ රටේ බොහෝ දෙනෙක් වැරදි සහකාරයා හෝ සහකාරියව විවාහ කරගෙන ජීවිත කාලයම සිතින් දුක් විඳිමින් ජීවත් වෙති.ඇසුවිට 'දැන් ඉතිං මොනවා කරන්නද'හෝ 'බැඳගත්ත බෙරේ ගහන්න එපායැ' යනුවෙන් උත්තර දෙති.ඔවුන් පණ පිටින් අපායේ වැටුනවුන් ලෙස හෝ ජීවිතාන්තය තෙක් හිරේ වැටුණු අය ලෙස හෝ දුක්ම වලඳමින් ජීවිතය ගතකරති.නමුත් යුරෝපයේ හෝ බටහිර රටවල නම් විවාහවී කොතෙක් කල් ගියද නොගැලපෙන බව දකී නම් මොහොතක හෝ පමාවක් නොමැතිව වෙන්වෙති.තරහවීම් හෝ ගහමරාගැනීම් නැත.දික්කසාදයෙන් පසුවද සුහදව ඇසුරු කරති.මට එක් සිද්ධියක් සිහිපත්වේ.මා බ්‍රසල්ස් නුවර ජීවත්වන සමයේ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ බොහෝ බලවත්ව තිබුන අතර ජාත්‍යන්තර කොටි ජාලය ඊටත් වඩා බලවත් විය.

එක් සති අන්තයක ද්‍රවිඩ නැගිටීම යනුවෙන් මුළු යුරෝපයේම සිටින කොටි සහ කොටි හිතවාදීන් මුළුදෙන මහා රැස්වීමක් බ්‍රසල්ස් නුවර පවත්වන්නට නියමිත විය.කෙසේ හෝ මෙම රැස්වීම ලංකාවට වාර්තා කළ යුතු විය.පිංතුර ගැනීම මට පැවරුණි.කොටි රැස්වීමේ  පිංතුර ගැනීමට යාම  මරුකටට රිංගීමකි.වැරදිලාවත් අහුවුනොත් බ්‍රසල්ස්හිදී හෝ ලංකාවේදී වෙඩි තබා මරාදැමීම ෂුවර්ය.මට තනියට යන්නට එඩුවාට කතාකළෙමි.ඌ මුලින් කැමති වුවද බිරිඳගේ බැනවැදීම් නිසා පසුව එන්නට අදිමදි කළේය.දැන් යන්න වෙන්නෙත් තනියමය.මගේ හිතවතෙක් වූ බෙල්ජියම් ජාතික ආධුනික ඡායාරුප ශිල්පියෙකුට නිකමට මෙන් කතා කලවිට ඔහු එන්නට කැමති විය.ඇත්තටම ඔහුට මෙය තවත් රැස්වීමක් මිසක මෙහි ඇති බැරෑරුම් කම ඔහු නොදනී.කෙසේ හෝ නියමිත දිනයේ අපි දෙදෙනා රැස්වීම් භූමියට රිංගා ගැනීමට සමත් වුනෙමු.රැස්වීම් භූමියට ඇතුල්වෙන තැනම සාම සාකච්ඡාවලට වාඩිවී  සිටි ප්‍රභාකරන්ගේ විශාල පිංතුරයක් විය.අපි එතනින් පටන් ගත්තෙමු.ඊලාම් සිතියම සහිත විශාල වේදිකාවක නැගසිටි මෘදංග සහ නලා වාදකයෝ ඊලාම් ගීත වාදනය කරති.ප්‍රධාන අමුත්තා ලෙස විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් ආනයනය කොට තිබුණේ කොටි හිතවාදියෙකුවූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.ඔහු කොටි රූපවාහිනියට සාකච්ඡාවක් ලබාදෙමින් සිටි අතර මා එයද පිංතුරයට ගත්තෙමි.රැස්වීමේ ලුමිනස් ඉරි සහිත තැඹිලි පාට ජැකට් ඇඳගත් කොටි ආරක්ෂකයෝ විමසිල්ලෙන් සිටින්නේ චරපුරුෂයන් රැස්වීමට අතුල්වෙනවාදැයි බලන්නටය. අවුරුදු දොළහකට පමණ පෙර ගන්නා  ලද පිංතුර සහිත සීඩී තැටිය මා මෙය ලියන අතර මතකය අලුත් කර ගැනීම සඳහා නැවත බැලුවෙමි.බොහෝ පිංතුර බොඳවී ඇත්තේ පිංතුර ගන්නා විට පණ බයටම අත වෙව්ලීම නිසා විය හැකිය.කෙසේ හෝ පිංතුර හැට හැත්තෑවක් ගන්නට අප දෙදෙනාට හැකිවිය.ඉන් දෙකක් අද පළකරමි.

දිගින් දිගටම ලියන්නට ගියහොත් ඉවරයක් නැත.තව කොටසක් නැවත ලියන බව කරුණාවෙන් සලකන්න෴

63 comments:

  1. විවාහයීදී නිවැරදි තීරණය නොගන්නා අය අපරදිගට වඩා පෙරදිග වැඩිද මන්දා. ඒ වගේමයි වෙන්වීමට ඇති අකමැත්ත අපේ සංස්කෘතියෙන් අපේ ඔලුවට කවා ඇති බන්ධනයක් වගේ. මා හිතන්නේ මේ තත්වය දැන් වෙනස්වෙමින් යන අතර, තමනට නොගැලපෙන විවාහයක් කරගත් බව දැනෙනවිට එයින් වෙන්වීමට අද පරපුරේ සෑහෙන දෙනෙක් පියවර ගන්නා බවයි.

    කෝ ඉතිං අදත් නැහැනේ අර පහුගිය වතාවේ කිව්ව කොටස. ඔන්න ඒක ලියනකල් මමත් බලා ඉන්නවා, අර මම කිව්ව කතාව ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනේ තරහවෙන්න එපා විචා මෙදා සැරෙත් ලියාගන්න බැරිවුණා.ආයේ ලියන්නං.

      Delete
  2. අඩ්ඩඩ්ඩා.... එදා අහුවුණා නං කෝමද එහෙනං හැලප තම්බන්ට කෙනෙක් නැති වෙනව නෙ..
    හය්යූ සැලරි... හැබැයි ඒ වගේ එක්කට යන්න කොයි තරං ගටක් තියෙන්ට ඕනද කියල මං මේ කම්පනා කොලේ...
    ඒක නෙවී අර ටෂ් කෙල්ලගෙ තාත්ත තාම යහතින් ජීවත් වෙනවද... අර පෙම් පළහිලව්වෙන් පස්සෙ මක්කෑ වුණේ

    මාත් නිකං ලිද ලග සංගමේ ඩෑල් එකක් වගේ වෙලානෙ හිහි

    ReplyDelete
    Replies
    1. ගෑණු එකක පුළුවන් චිත්ත අදින පිරිමි එක්කනේ බැරි

      Delete
    2. අඩෝ එහෙම කියන්ඩ එපා බං ...මොනව උනත් මු අපේ එකානේ ... පව් බං

      Delete
    3. එදා අහුවුනා නං එහෙම උන් මාව හැලප හදල කනවා.ඔව් ඉතිං ගට ටිකක්වත් තියෙන්න ඕනෑ නේද.ඒ පලහිලව්ව ඉවරවුනාට පස්සෙ ටෂ්ව තාම ඇහැටවත් දැක්කේ නෑ බං.

      Delete
  3. දිගින් දිගටම ලියන්නට ගියහොත් ඉවරයක් නැත.තව කොටසක් නැවත ලියන බව කරුණාවෙන් සලකන්න෴//
    දෙකක් දාලා වුනත් අහගෙන ඉන්න පුලුවන් ලියන්නෙ නැතුව කිව්වත්..

    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල් ගහන්නෙ බ්ලු එහෙම නේද බං.

      Delete
  4. අදත් අක්කා ගැන නෑ වගේ...
    ඔය වගේ අවදානම් තැන් වලට කැමරාවත් උස්සගෙන රිංගනවා කියන්නෙ ඉතින් මරණ සහතිකේ අපිම ලියාගෙන අතේ තියාගෙන යනවා වගේ වැඩක්. කැමරාවක් දැකපු ගමන් සැකෙන් බලන ලෝකයක් මෙක. අන්තිමට වැඩේ ගැස්සුනොත් එතනම වෙඩි තියලා දානවා නම් හොඳයි කියලා හිතෙන තරමට වද විඳින්න වෙනවා. ඇත්තටම ඔහොම අවදානම් තැන් වලට යන මාධ්‍යවේදීන්ට සම්මාන දෙන්න වටිනවා. වෙලාවකට හිතෙනවා ඒ අයගෙ නිර්භීතකමද එහෙම නැත්නම් මෝඩකමද කියලත්.

    ReplyDelete
    Replies
    1. නිර්භීතකම සමග බැඳුන මෝඩකම වෙන්න ඇති නේද.

      Delete
    2. ඔය දෙක අතර ලොකු වෙනසක් නෑ මං හිතන්නෙ.

      Delete
  5. ටෂ්මා එකේ අයිතිකාරුවුන නන්දේ මාමලා සිටියේ අප නිවස ඉදිරිපිට වූ නිවසේය.මා 4-5 වසරේ සිටින විට ඔහු මියගියේ පැපොල සෑදීමෙන්ය.ටෂ්මා එක දැනටත් පැති අතර එය පවත්වාගන යනුලබන්නේ ඔහුගේ දූ දරුවන්ය.

    දීපිකාගේ අක්කා මල නිසා හැලපයියාට ලැබීමට නියමිත වූ සැප නොලබීම පිලිබඳව කණගාටුව....

    ReplyDelete
    Replies
    1. ටෂ්මා එකේ වර්තමාන තත්වය දැනගැනීමට ලැබීම ගැන ස්තූතියි.කොහොමත් ඊට පස්සෙ මට දීපිකාව වැඩිපුර මුණ ගැසුනේ නැහැ.

      Delete
  6. යකෝ මේ මනුස්සය මාර කොන්ත්‍රාත්නෙ ඒ දවස්වල කරල තියෙන්නෙ.
    //තව කොටසක් නැවත ලියන බව කරුණාවෙන් සලකන්න// කරුණට පස්සෙ සලකන්න බැරියැ ඒ කොටසත් ඉක්මනින්ම දැම්මනං.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වැඩ වැඩියි හැකි ඉකමනින් දාන්නං .

      Delete
  7. දික්කසාද නොවීමට තවත් බරපතල සාධකයක් තමයි දික්කසාදවූ ගැහැණිය පිළිබඳ සමාජයේ ආකල්පය. වැන්දඹුව, සැමියා විදේශගතවූ ගැහැණිය, දූෂණය වූ ගැහැණිය වගේම දික්කසාද වූ ගැහැණියත් කාට කියා හෝ කාම ගින්න දවාගන්න මාන බලමින් ඉන්න බවයි අපේ සමාජයේ පිළිගැනීම.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නං කියල වැඩක් නෑ බං.මේ විදියට එහෙම කාන්තාවක් ගැන බලන්නෙ අපේ රටේ විතර වෙන්න ඇති.

      Delete
  8. සිරාවට ඔය ලිංගික කුතුහලේ නිසා අපේ පැත්තේ ගෙදරක තාත්තගේ මල ගෙදර වෙලාවේ වක්‍ර පිධානය කදාගත්තු කෙල්ලෙක් හිටියා

    ReplyDelete
    Replies
    1. කෙල්ල පොඩියි එකයි

      Delete
    2. අයිසෙ මොකද්ද මේ වක්‍ර පිධානය කියන්නෙ ??

      Delete
    3. පික්‍ර වධානයට කියන තවත් නමක්

      Delete
    4. පුක් ගැට්ට

      Delete
    5. @ pamela buttress

      ඇයි බං එහෙම කලේ එහෙම වෙලාවක

      Delete
    6. හපොයි...තවත් වීරකාන්තාවක් හෝ සොඳුරු ලියක් ද මේ..........?

      Delete
    7. මදාවිය දැක්කහම මතක් උනේ, වැස්ලින් ටිකක් ගෑවනං ඕක වෙන්නෑනෙ නේද?

      Delete
    8. ඩ්‍රැකියා, බට්‍රස් කියන්නෙ බටර් වල ඉස්තිරිලිංග පදේද?

      Delete
    9. බට් කියන්නෙ පුකනෙ. මයෙ හිතේ ඒ ආශ්‍රයෙන් බිඳගත් වචනයක්. අහමුද රවි ගෙන්?

      Delete
    10. බූට්‍රොස් බූට්‍රොස් ගාලි මතකද බට්‍රස් කියන්නේ එයාගේ නෝනා

      Delete
    11. ඔබේ නම දැක්කෙ පළමු වරටයි.වක්‍ර පිධානය කියන වචනෙත් මට ආගන්තුකයි.

      Delete
    12. වක්‍ර පිධානය කියන්නෙ මුත්‍රාශයේ වෑල් එක නේද???

      Delete
  9. කතාව හොදට තේරුණා.
    හැම පිරිමිම මෙහෙම *සාවෝද? මේකට සමාන වෙන වචනයක් මට වෙන මතක්වෙන්නෙම් නැහැ.

    ප්‍රධාන ආදායම මිනිස් ජාවාරාම කරගත්තු රටක කසාද ගැන කවර කතාද?
    කොහොම නමුත් දැන් දැන් විසේසෙන්ම සල්ලි බාගේ තිියෙන අය ගැහැනු පිරිමි බේදයක් නැතිව.ජාති ආගම් කුල මල සල්ලි අරවා මේවා සේරම මැච් කරලා.ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු කසාදෙන් කවර්් කරගෙන,නැතිනම් තමන්ට වඩා වාසිදායක කසාදයක් කරගන,කලින් සම්බන්දකම් හා පස්සේ ආස හිතෙන සම්බන්දකම් තිරය පිටුපසින් පවත්වගන යනවා.

    තාක්ෂණ හා සන්නිවේදන දියුනුව නිසා මේවා ඉස්සර කාලෙට වඩා පවත්වන් යන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. කොහෙද මයෙ දුවේ මෙතුවක් කල් ගොහින් උන්නෙ

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හැම පිරිමිම මෙහෙම නැතිබව නම් නොකියා බැරිය.

      Delete
  10. ඔබගේ මේ අත්දැකීම් සියල්ල එකතු කොට පොතක් ලෙස පළ කිරීම සුදුසුයි

    ReplyDelete
    Replies
    1. පසුවට කල්පනා කර බලමු.

      Delete
  11. සෑහෙන සංයමයකින් අද පෝස්ට් එක ලියවිලා....රාමසාන් නිසාද...?

    ReplyDelete
    Replies
    1. එහෙමද එහෙනං හොඳා නැත්නං කට්ටිය මාව පට්ට ගහන්න හදයි.

      Delete
  12. //කුතුහලය සංසිඳුවා ගැනීමෙන් තමන්ට නම් සතපහකට වැඩක් නැති බවත් ලැබෙන්නේ පුක පුරා ටිංකිරි පමණක් බවත් කෙල්ලන් තේරුම් ගන්නා විට පෙරහැර ගොස් හමාරය.ඔවුන්ගේ මේ කුතුහලය සාමාන්‍ය අවස්ථාවලදී පමණක් නොව මරණයක් වැනි ඛේදජනක අවස්ථාවන්හි පවා එකසේ බලපවත්වන බව මගේම අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරන්නට පුළුවන.//

    ......චීඊඊයා .....හැලපයියේ බෙල්ලට පිහියක් තිබ්බා වගේ හැගිමක් මට ඇති උනා බං

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං ලැජ්ජා හිතුනද

      Delete
  13. පැරණි රසාංග බලදාරියාගේ සුපරික්ෂාව යටතේ වගේ පල කරන්නේ! :D

    ReplyDelete
    Replies
    1. සුපරීක්ෂාවට බලධාරියා නොමැත.බ්ලේඩ් එක අතට ගත් වඳුරා මෙන් වැඩකරමි.

      Delete
  14. ටෂ්මා එක තවම තිබේ, හැලපයියාගේ ටෂ් අක්කා දැන් එහෙ නැතුවා වෙන්න ඇති. පාර ලොකු කිරීම නිසා දැන් ටෂ්මා එක පාර අයිනටම පැමිණ ඇත. හැබැයි තාමත් ලස්සන ටෂ් නංගිලා තුන් දෙනෙක් පමණ එහි කවුන්ටරයේ සිටිති.
    ඒ කාලේ වෙනද බිරිඳගේ ලව් එකට සපෝටර්ලා හිටියේ නැත්තේ හොඳ වෙලාවට නේ :P

    ReplyDelete
    Replies
    1. ටෂ් ස්ටුදියෝවෙන් ඉවත් වුනේ ඒ දවස්වලමය.නංගිලාගේ ලස්සන දකින්නට උඹ නිතරම ඒ පැත්තෙ යනවා වෙන්නට ඇත.

      Delete
  15. හම්බේ පණ බේරගෙන ආවා මදෑ....... නැත්තං ආයි හැලප කාලා හමාරයි!

    ReplyDelete
    Replies
    1. එහෙනං කොෆොම හරි පැන බේරාගෙන ආවා.

      Delete
  16. සයිකල් සවාරිය කිව්වම මම හිතුවා "ලංකා සවාරිය"වගේ එකක් කියලා මොන.
    මොනවා වේවිද මල ගෙදරදී දීපිකා හැලපයියාව බදාගෙන ඇඩුවානම් වෙන්ඩ හැලප අක්කා ඉස්සරහා.

    ReplyDelete
    Replies
    1. දිගටම ගියානං ලංකා සවාරිය වගේ තමයි බං.නෑ නෑ දීපිකා බොහොම කල්පනාකාරීව වැඩකලා.

      Delete
  17. ලියමුකො, ටෂ්ටයි, අර අක්ක කෙල්ලගෙ සපෝටර්ටයි, වෙන්න හැළපිටයි එහෙම බාපු ලෝඩ් ගැනත්...

    ReplyDelete
    Replies
    1. අනේ මේ පිස්සු නං කෙලින්න එපා ඩ්රැකියෝ,ඕවා ලියල ඊට පස්සෙ මාව බේරගන්නෙ උඹද?

      Delete
    2. ආදරයයි ගෞරවයයි... :-)

      Delete
  18. මරු. මම ගොඩක් ආසාවෙන් කියවන ලිපි පෙළක්. කියන්න දෙයක් නෑ. ඔබේ අත්දැකීම් ආසාවෙන් කියවනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනා.

      Delete
  19. හරි.. මේ මාසේට ලියන අන්තිම එකද බොලව් මේක??

    ReplyDelete
    Replies
    1. තව එකක් දාන්නයි හිටියෙ නමුත් වැඩ අධික නිසා බැරිවුනා.ඒක නෙවෙයි උඹ නං මගෙ සෙකට්‍රි කමට හොඳයි.

      Delete
  20. ///මගේ හිතවතෙක් වූ බෙල්ජියම් ජාතික ආධුනික ඡායාරුප ශිල්පියෙකුට නිකමට මෙන් කතා කලවිට ඔහු එන්නට කැමති විය.ඇත්තටම ඔහුට මෙය තවත් රැස්වීමක් මිසක මෙහි ඇති බැරෑරුම් කම ඔහු නොදනී.///

    අනවශ්‍ය රිස්ක් එකක් ගන්නෙ නැතුව මේ වගේ බුවාලා දෙන්නෙක් හොයාගෙන උන්ටම ගිහින් ෆොටෝ ගහගෙන එන්න කියල යවන්න තිබ්බනේ...
    කොටස් කපන එක සහ එක පාර ට්‍රැක් පනින එක තමයි අවුල...

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම වෙන්නෙ නෑ මමත් යනවමයි.ඒ තරුණ කාලෙනෙ රිස්ක් එකක් එක්ක වැඩක් කරද්දී තියෙන ගතියට මම හරි කැමතියි.
      ට්‍රැක් පැන්නේ නං නෑ මම අර දික්කසාද කතාව කියන්නටි පටන් ගත්තේ,

      Delete
  21. මමත් ගැලපීමක් නෑ කියලා දැනුන ගමන් ප්‍රේමයට තිත තියන පොරක්...ඒකනෙ..මාස 3 න් එහාට ලව් කරන්නෙ නැත්තෙ...පළවුනේ හොදම පින්තූර දෙක කියලයි මට හිතෙන්නෙ....අනිත් ඒවා ගන්න අලයක් නැද්ද...ටෂ්මා අද කෝ හැබෑට...

    ReplyDelete
    Replies
    1. දැන් ඉස්සෙල්ලම හම්බවෙන හොඳ ප්‍රේමයට කට්ට ගහ ගනිං.නෑ තව හොඳ පිංතුර තියෙනවා.අවස්තාවක් ලැබුනොත් දාන්නං .ටෂ් අද කොයි ලෝකේ ඉන්නවද දන්නෙ නෑ බං.මම හෙව්වෙත් නෑ.

      Delete
  22. නියම මතක සටහනක්. හකපේ පත්තරේක වැඩ කලාද ?
    http://nelumyaya.com/?p=3619

    ReplyDelete
  23. ඔය තියෙන්නෙ පරන කාලෙ ලව් ඉස්ටෝරි. ඒකාලෙ චැලියෙ ඩබල් දාල ගියාට දැංකාලෙ එකීලනං ඇංජිං කැපෑසිටිය එකසිය විසිපහෙං අඩු බයික් කට්ටක පස්ස තියන්න කැමතිම නෑ.

    ReplyDelete
  24. දැන් ටෂ් මොකෝ කරන්නේ ?

    ReplyDelete

ඔබේ අදහස්