Sunday, June 7, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 2 - අහම්බෙන් රජවූ මිතුරා.


අද වන විට බෙන් ෆිල්ම්ස් හි ගතකළ ජීවිතය පිලිබඳ මගේ සිත තුළ තිබු විවිධාකාර මතකයන්හි මකුළුදැල් බැඳී දුර්වර්ණ වෙමින් පවතින්නේ කාලයාගේ බලපෑම නිසාවෙනි. නමුත් මතකයන්හි එක කොණක් ආයාසයෙන් එළියට ඇද්ද විට බොහෝ මතකයන් ඒ සමග පැටලී එයි. බෙන් ෆිල්ම්ස් මතකයන් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ගතකළ කාලය සහ ටෙලි නාට්‍ය වලට සම්බන්ධවෙමින් ගතකළ ජීවිතයේ මතක  වෙන්කර ගැනීමට නොහැකි තරමට එකිනෙක එකට පැටලී පවතී.ඒ හේතුවෙන්ම කතාවක් එක දිගට නොලියා හුදෙකලා සිද්ධීන් වශයෙන් මතකයන් එළියට දැමීමට මා පෙළඹෙමි.තවද මේ කතා ලියන්නේද මගේ සුපුරුදු භාෂා විලාසයෙන් නොව ලිඛිත භාෂාවෙනි.එම භාෂාව මේ කතා ලිවීමට ගැලපේ යැයි මා සිතමි.

මා බෙන් ෆිල්ම්ස් ආයතනයට නවතින්නට පැමිණියේ මගේ හිතවතෙකු වූ දේශාගේ අනුග්‍රහයෙනි.එවකට බෙන් ෆිල්ම්ස්හි වැඩ කලේ දේශාත් රුවන් සහ ප්‍රභාත් යන දෙදෙනාත්ය.රුවන් සහ ප්‍රභාත් බෙන් ෆිල්ම්ස් හි නැවතී සිටි අතර විවාහකයෙකු වූ දේශා අරංගල ඔහුගේ නිවසේ සිට උදේ පැමිණියේය.ඇත්ත වශයෙන්ම ඔහු විවාහ වුයේ මා  බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණි පසුවය.එතෙක් ඔහු සිය පෙම්වතිය වූ රංජනීගේ බත්තරමුල්ලේ නිවසේ සිට පැමිණියේය.තුෂාර ආයතනයට එකතු වුයේ බොහෝ පසු කලෙකය.හිරිමල් තරුණ වියේ පසුවූ රුවන් සහ ප්‍රභාත් තියෙන වැඩක් අවසන් කර කුමක් හෝ කඩෙන් ගෙනවිත් හෝ උයාගෙන හෝ කා බී ඉතා නිහඬ ජීවිතයක් ගතකලෝය.එයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නට ඇත්තේ අහළ පහළ අය සමග නොගැටී නිහඬව ජීවත්වන ලෙසට බෙනට් විසින් කරන ලද්දාවූ අවවාදය විය යුතුය.තවද ඔවුන් දෙදෙනාම මත්පැන් හෝ දුම් පානය නොකළහ.මා ඊට හාත්පසින් වෙනස් වයසින්ද ඔවුන් දෙදෙනාට වඩා මුහුකුරා ගිය රැඩිකල් චරිතයක් වීමි.මේ සම්බන්ධයෙන් තව බොහෝ තොරතුරු ඉදිරියට ලියැවෙනු ඇත.

භීෂණ සමයේ රූගත කිරීම් ආරම්භ කළ ටෙලි නාට්‍යයේ කැමරාව මෙහෙයවීම සිදුකලේ කේ ඒ ධර්මසේන විසිනි.නමුත් මුළු චිත්‍රපට ක්ෂේත්‍රයම ඔහු හැඳින්වුයේ කිචි ධර්මේ නමිනි.එසේ නොමැති නම් කිචියා විය.රූපගත කිරීම් අවසන්වන්නට ප්‍රමාදවූ බොහෝ දිනවල ධර්මේද අප සමග නවතින්නට බෙන් ෆිල්ම්ස් එකට එයි.අපි හතර දෙනාගේ රෑ කෑම සඳහා නිෂ්පාදනයෙන් අපට රුපියල් දාහක් හෝ එක්දාස් පන්සීයක් ලැබේ.බොරැල්ලට අවුත් පළමුවෙන්ම රිට්ස් සිනමා ශාලාවට පහළින් ඇති වයින් ස්ටෝස් එකෙන් බෝතලයක් මිළදී ගන්නෙමු.රාත්‍රියට කෑම මිලදී ගන්නට හෝටලයකට යන්නට සුදානම්වූ විට ධර්මේ එයට එරෙහි වෙයි.'ඔය කඩවල ජරාව කනවට වඩා ඒ සල්ලිවලින් අඩුම කුඩුම ටික අරං ගිහිං අපි උයාගෙන කමු' යි ඔහු කියයි.ධර්මේ රසට ඉවීමෙහි සමර්ථයෙකි.බෙන් එකට එන ඔහු ඇඳුම් මාරුකර කුස්සියට වැදී උයන්නට පටන් ගනී.මම ඔහුට සහාය වෙමි.එකල මට ඉවීම තබා හට්ටියක් වළඳක් අල්ලන්නට තරම්වත් දැනුමක් නොවීය.පසුකලෙක කණ්ඩායමකට වුවත් උයා දෙන්නට තරම් ශාස්ත්‍රය ප්‍රගුණ කරගැනීමට මුල් ආරම්භය වුයේ කිචි ධර්මයා සමග උයා දමාගත් අඩිතාලමයි.ධර්මේ බත් මුට්ටිය ලිප තබා පරිප්පු උයන්නේ නිවිති කොළද එකතු කරමිනි.නිවිති කොළ නැති දවසක පරිප්පුවලට දැමීමට මොනවා හෝ කොළ වර්ගයක් ගෙනෙන ලෙස ඔහු මට කීවේය. මම ලිඳ ළඟ වැවී තිබු වැල් පෙනෙල පඳුරක් ගලවා ගෙන ගොස් දුන් විට ධර්මේ එහි කොළ කඩා සෝදා පරිප්පු හැලියට දැම්මේය.කරවල සුද්ද කර ලූනුද කපා තෙල් දමයි.තවත් මොකක් හෝ එළවළුවක් උයයි.කෑම සුදානම් කර අවසන්වූ පසු රුවන්ටත් ප්‍රභාත්ටත් කන්නට කියා ධර්මේ ඇඟ සෝදන්නට යයි.උන් දෙන්නාද නිදිමත පෙරමින් ඇවිත් කෑම කා ආපසු නින්දට යති.මමත් ධර්මේත් බෝතලයටද වග කියා කෑම කා නිදාගනිමු.

බෙන් ෆිල්ම්ස් හි උදේට කෑම පිළියෙළ කිරීමක් නැත.හැමදාම උදේ කෑම කඩෙන්ය.රූපගත කිරීම් තිබෙන දවසට උදේට කණ්ඩායමක්ම එන බැවින් කෑම වැඩිපුර අවශ්‍යවේ.වියදම් සියල්ල නිෂ්පාදනයෙන් බැවින් අත දිගහැර වියදම් කරන්නට මා පැකිළෙන්නේ නැත..එවැනි දිනවල බොහෝ විට මම උදේ කෑම සඳහා ඉඳිආප්ප ඇනවුම් කරමි.අපට ඉඳිආප්ප සැපයු ආච්චිලා දෙන්නෙක් ඒ ළඟ පාත සිටියෝය.  මේ දෙදෙනා අතර තරඟයක් ඇතිවුනේ බෙන් එකට ඉඳිආප්ප සැපයීමේ ඉතා වාසිදායක ඇණවුම ලබාගැනීම සඳහාය.මම දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි මාරුවෙන් මාරුවට ඔවුන් දෙදෙනාට ඇණවුම් ලබාදීමට වගබලාගත්තෙමි.එමෙන්ම ඉඳිආප්ප විශාල තොගයක් අවශ්‍ය වන දිනවලදී දෙදෙනාගෙන්ම මිලදී ගනිමි.මේ ආච්චිලා දෙන්නාද  ඉතා ඕනෑකමින් අපට ඉඳිආප්ප සැපයුවෝය.ඒ දෙන්නාගේ නම් දැන් මට මතක නැතිවීම කණගාටුවට කරුණකි.ඔවුන් අපට ඉඳිආප්ප දෙන්නේ පරිප්පු හෝ අලහොදිද පොල් සම්බෝලද සමගය.දවසක් එක් ආච්චි කෙනෙකුගෙන් ලැබුණු පොල් සම්බෝලය කටට ගන්නට බැරි තරම් ඇඹුල් රසැති විය.මම මේ ගැන සොයා බැලුවිට ඒ දිනවල දෙහි ඉතා මිළ අධික නිසා ඇය දෙහි වෙනුවට පොල් සම්බෝලයට විනාකිරි මිශ්‍රකර ඇති බව දැනගතිමි.දෙන්නාම භාජන සමග මුදල් ගෙනයන්නට හවස පැමිණෙති.ඒ ආවිට මම ඇයට අවවාද කර නැවත එවැනි දෙයක් කලොත් ඉඳිආප්ප ගැනීම නවත්වන බව කීවෙමි.ඉන්පසුව ඇය එම වැරැද්ද නොකලාය.
එක් සති අන්තයක අප රූපගත කිරීමකට ගියේ දළුගම සරසවි චිත්‍රාගාරයටය.එදින උදේ සිට නන්දා මාලිනිය ගයා තිබු 'මංගලම් සුබ මංගලම් සුහදානනේ' යන ගීතයේ රූපගත කිරීම කරන්නට යොදාගෙන තිබුණි.තිර පිටපතට අනුව ප්‍රධාන නිළිය මේ ගීතය ගයමින් සිය සැමියා වන රජු ඉදිරියේ රැඟුම් දක්වයි.ඒ අනුව රැජින සෙල්වනායගම් කලායතනයට ගොස් අදාළ නර්තනය පුහුණු වන ලෙස බෙනට් ප්‍රධාන නිළියට කීප වතාවක්ම දැන්වුවත් ඇය කම්මැලිකමට ඒ කීම  ගණනකට නොගැනීම හේතුවෙන් නැටුම කරන ලද්දේ ඇය නොමැතිව රැජින සෙල්වනායගම් කලායතනයේ ශිෂ්‍යාවන් විසිනි. ප්‍රධාන නිළිය විසින් කරන්නට තිබු නර්තනය කලායතනයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් විසින් ඉදිරිපත් කරන ලදී.ගීතයේ කියැවෙන්නේ සුහදානනේ යන්නයි.එය දේවියට කීමට හැකිවෙතත් නාටිකාංගනාවක්  රජුට සුහදානනේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද?නමුත් දැන් කරන්නට දෙයක් නැත.ගීතය පටිගත කරන්නට පෙර මේ වග දැනසිටියා නම් රජිඳානනේ හෝ නිරිඳානනේ යනුවෙන් වෙනස් කරන්නට තිබිණි.

කෙසේ වුවද එය සංකීර්ණ රූගත කිරීමක් විය.රැජින සෙල්වනායගම් සමග ඇගේ කලායතනයේ රංගනය හදාරන උදේ පිපුණු මල් වැනි සුන්දර ශිෂ්‍යාවන් විස්සක් පමණ සිටියෝය.ඔවුන් දුටුවිට රැජින මොන තරම් ප්‍රවේශමකින් ටෙලියේ නැටුමට ශිෂ්‍යාවන් තෝරා තිබුනිදැයි මට සිතුනි.සියලු දෙනාගේම පාහේ දෙමව්පියන්ද පැමිණ සිටි බැවින් ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙන්නට අපට අවස්ථාවක් නොවීය.දෙගොඩහරි වයසට පැමිණ සිටියද රැජින ඇගේ ශිෂ්‍යාවන්ටත් වඩා පියකරු යැයි විනෝද් මා සමග කීවේ ඇය දුටු පමණින්මය.මමද එය එකහෙළා අනුමත කළෙමි. රෑ වුනොත් ළමයින්ව ගෙදර එක්කරගෙන යන්නට පැමිණි දෙමව්පියන් පිරිසක්ද නිෂ්පාදන හා කාර්මික කණ්ඩායමද එකතුවූ කළ සෑහෙන සංඛ්‍යාවකි.මේ සියළු දෙනාගේම කෑම බීම අවශ්‍යතා සහ ප්‍රවාහනය අපේ උර මත පැටවී තිබිණි.පැමිණ සිටි අයට උදේ කෑම ලබාදී ධර්මේත් මමත් නුවර පාරේ තිබුන පොඩි කඩයකට ගියේ ප්ලේන්ටියක් බී දුමක් අදින්නටය.

අප තේ බී ආපසු එමින් සිටිනවිට සයිකලයක් පැදගෙන ගිය කෙනෙක් නැවතී ධර්මේට කතා කළේය.ඔහු ධර්මෙගේ හිතවතෙකි.ඒ ළඟපාත පදිංචි කරුවෙකි.නිවාඩු දවසේ උයන්නට ගෙදරට එළවළු මාළු ටිකක් ගෙනියන්නට මාකට් එකට ගිය බව ඔහු කීවේය.අපි රූගත කිරීමක් කරන බව දැනගත් ඔහුටද ෂූටිං බලන්නට එන්නට උවමනාවක් ඇතිවිය.අපි දෙදෙනා ඔහුද සමග චිත්‍රාගාරයට ගියෙමු.දැන් රූගත කිරීම් සඳහා දර්ශන තලය කඩිමුඩියේ සුදානම් කෙරෙයි.ආලෝකය නිසි පරිදි සකසයි හැඳ පැළඳගෙන සිටි නාටිකාංගනාවන්ගේ මුහුණු හැඩ ගන්වයි.ට්‍රැක් එලා ඩොලිය නිසි පරිදි ධාවනය වන්නේදැයි බලයි.ධර්මේට වැඩ ගොඩකි.මේ අතර රජුගේ චරිතයට පෙනී සිටින්නට තෝරාගත් පුද්ගලයා පැමිණ නැත.බෙනට් මුණ රතුකරගෙන යටි රැවුල කසමින් සිටී.'රජාට වාඩිකරවන්න කවුරු හරි හොයපල්ල මල්ලි' ඔහු කියයි.අපි හැම තැනම රජෙක් සොයමු.මේ අතර ධර්මෙගේ හිතවතා බෙනට්ගේ ඇස ගැටිණි.ඔහුගේ අවාසනාවට ඔහු දේහධාරී පැහැපත් පුද්ගලයෙකි.ඒ පුද්ගලයාගේ වං හුං හොයාගත් බෙනට් ධර්මෙ කැඳවා 'ධර්මෙ උඹේ යාළුවව රජාට ඉන්දවන්න පුළුවන් වෙයිද අහල බලපංකො' යි කිවේය.අපි ගොස් ඔහුට කතාකළෙමු.ඔහු එක්වරම අකමැති විය.පසුබට නොවූ අපි ඔහුට රඟපාන්නට දෙයක් නොමැති බවත් කරන්නට ඇත්තේ රජාට ඇඳගෙන සිහසුනේ වාඩිවී විටින් විට හිස සලමින්ද හිනාවෙමින්ද  ඔහු ඉදිරිපිට රැඟුම් දක්වන්නාවූ කෙල්ලන්ගේ රංගනය දෙස බලා සිටීම බවත් මිහිබට සුරංගනාවන් බඳු වූ මේ නවයොවුන් රූමතියන්ගේ ගැස්සෙන නැලැවෙන අඟ පසඟ දෙස හිතේ හැටියට බලා සිටින්නට ලැබීමම වුවත් කෙනෙකුට කලාතුරකින් ලැබෙන වාසනාවක් නොවේදැයි කියා ඔහුගේ හිත හැදුවෙමු.අවසානයේ ඔහු කැමති විය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ කලිසම් කමිස ගලවා රජ ඇඳුම් අන්දවන ලදී.මාල වළලු පළඳවා වේෂ නිරුපණය කර සර්වාභරණයෙන් සරසා හිසට ඔටුන්නක්ද දමා ගෙනවුත් දර්ශන තලයේ ඉන්දවුයෙමු.රූගත කිරීම් ආරම්භ විය.අපි සැනසුම් සුසුම් හෙලා පසෙකට වී බලා සිටියෙමු.දර්ශන එකින් එක රූගත කෙරෙමින් පවතී.මධ්‍යාහනයද ලඟාවිය.දැන් දැන් රජතුමා වෙතින් මඳ නොසන්සුන් ගතියක් පලවන බව මම නිරීක්ෂණය කළෙමි.රූගත කිරීම මඳකට නවත්වන විට ඔහු නැගිට ගොස් කැමරාව පිටුපස සිටින ධර්මේට යමක් කියයි.දෙතුන් වරක් මෙසේ සිදුවන විට මම මේ ගැන ධර්මෙගෙන් ඇසුවෙමි.'ඌට ගෙදර යන්න ඕනැ කියන්නෙ,උයන්න බඩු ගේනකල් ගෙදර බලාගෙන ඉන්නවලු.දැම්මම ඉවරවෙන්නෙ නැද්ද අහනවා' ධර්මෙ කියයි. රජාගේ කතාව ඇත්තය. ගෙදරට එළවළු රැගෙන පාරේ යමින් සිටි එකාව අපි රජාට ඇන්දුවෙමු. ඔහු අපේ ප්‍රශ්නය විසඳුවේය.දැන් අපි ඔහුගේ ප්‍රශ්නය විසඳිය යුතුය.එසේ නොමැතිව ඔහු ගැන නොසලකමින් අපි  අපේ කාර්යය පමණක් සපුරා ගන්නා විට ඔහු නැගිට රජ ඇඳුම් ගලවාදමා යන්නට ගියොත් කුමක් කරන්නද? නැවත මුල සිටම රූගත කරන්නට සිදුවේ.මෙවැනි සුළු දේවල් නොසලකා හැරීමෙන් බරපතල පාඩු හෝ විනාශයන් සිදුවන බව මා අත්දැකීමෙන් දනිමි.කාරණය බැරෑරුම්ය.

මම බෙනට්ටද කතාකර දැන්මම එන්නට නොහැකි වන බවට රජාගෙන් පණිවිඩයක්ද සහිතව බඩු මල්ල චන්දරේ අතේ රජාගේ ගෙදරට පිටත් කෙරුවෙමි.චන්දරේ සිය වාහනය හයර් කරමින් අපේ නිෂ්පාදන කණ්ඩායමට එකතු වූ විනෝදකාමියෙකි.මෙවැනි කුණු කොන්ත්‍රාත් කළමනාකරණය කර ගැනීමෙහි ගජ හපනෙකි.චන්දරේටද වූ අකරතැබ්බයක් ඇත එය පසුව කියමි.චන්දරේ පිටත්වී ගොස් ආපසු පැමිණියේ බාරදුන් රාජකාරිය අකුරටම කල බවට ආඩම්බරයෙන් කයිය ගසමිනි.විස්තරය ඇසු රජු මදක් සන්සුන් විය.එතැන් පටන් එක දිගටම කරගෙන ගිය ගීතයේ රූගත කිරීම අවසන් වුයේ එදින මැදියම් රාත්‍රියේය.එතෙක් රජා ඉවසිල්ලෙන් වාඩිවී සිටියේය. රෑ කෑම ලබා දෙනවිට රජාට අඩියක්ද ගැස්සුවේ උගේ හිතේ අමාරුව පහව යන්නටය. මුළු දවසක් පුරාවටම නටා මහන්සිවී සිටි රැජින සෙල්වනායගම් කලායතනයේ සුන්දරියන් කණ්ඩායම වෙහෙසට පත්ව මැලවුණු මල් මෙන්  වැටුණු වැටුණු තැන්වල හිඳගෙන සිටියෝය. නාටිකාංගනාවන් මෙන්ම අපිද බොහෝ වෙහෙසට පත්ව සිටියෙමු.'එක දවසකට හරි උඹව රජ කෙරුවෙ මමනෙ යකෝ' යි කියමින් ධර්මේ රජාට විහිලු කළේය.මුහුණේ පාට සෝදාගත් රජු අපෙන් සමුගෙන සයිකලයේ නැගී ගෙදර ගියේය.පැමිණ සිටි සියලු දෙනාටම ගෙවල්වලට යන්නට පහසුකම් සැලසු අපි සුපුරුදු පරිදි බෙන් එකට ගියෙමු. ධර්මේ සමග ඉන්පසුවදටෙලි නාට්‍ය කීපයකට සහභාගී වන්නට ලැබුණද මා බෙන් ෆිල්ම්ස් ආයතනයෙන් සමුගැනීම හේතුවෙන් අපේ ආශ්‍රය දුරස් විය.මම පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුල වීමි.  ධර්මේ ඊට අවුරුදු පහළොවකට පමණ පසුව මා නොසිතු විලස අකාලයේ අවසන් ගමන ගියේය.එකල මා ශ්‍රී ලංකාවේ නොසිටියෙමි. ඔහුගේ අවසන් කාලය ගැන මට කීවේ සරත් අයියාය.සරත් අයියා අදටත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩකරන ප්‍රවීණ නිෂ්පාදන කළමනාකරුවෙකි.


99 comments:

  1. ටිකක් එක දිගට ලියාගෙන යන කොට අඩුම කුඩුම ටික හරියාවි. ඔන්න ඔහොම ඉදහංකෝ කොල්ලෙක් වගේ. ජය..

    ReplyDelete
    Replies
    1. යකෝ මූ මට කලින් පැනලනෙ මෙතෙන්ට.

      Delete
    2. තෝ වගේ මුසලයෙක් මේක විවෘත කරන්න කලින් මං ආපු එකට හැලපයියා උනත් කැමති වේවි.. හැක්.. (මුසලයා - ආචාර්ය ගාමිණි අභය තුමාගේ ශබ්දකේෂයෙනි)

      Delete
    3. //ශබ්දකේෂයෙනි// ඒ මොකක්ද බොල.

      Delete
    4. <>
      ඒක අනාගතේදි ලියන්න ඉන්න එකක්

      Delete
    5. ඔව් ඉතිං,බොට තියෙන්නෙ කියන්න විතරනෙ.මම එපැයි ලියන්න.

      Delete
    6. ලක්ෂ 2 ට සුභ පැතුම්.. මේ පාර එනකොට රෙඩ් ලේබල් එකක් ගේනවනං ඒකේ සිකිරින් සොට් එක දෙනවා.. හැක්.. ජය වේවා හැලපේ..

      Delete
    7. //ශබ්දකේෂයෙනි// ඒ මොකක්ද බොල‍ෙ
      දෙකක් දාපුවාම බයිට් එකටත් ගන්නවා..

      Delete
    8. මොකක්ද මේ සිකිරින් සොට් එක කියල මම ටිකක් වෙලා කල්පනා කළා.ඕකෙ ආයේ අගේ කරන්න දෙයක් නෑ දීපං.බෝතලයක් ගේන එක මහා වැඩක්යැ.

      Delete
    9. හැලපයියෙ ඔය දේශකය රෙඩ් ලේබල් කියල කියන්නෙ රතුපාට ලේබලේ තියෙව කෝක් වලට. නැතුව ඔය සැර ජාති එහෙම ගෙනත් දුන්නොත් මේ යකා රෙදි නැතුව ගිහිල්ල රංජනීගෙන් කන්න තමයි වෙන්නෙ.

      Delete
    10. දේශකයෝ...
      අර පොලගාගේ කමේන්ට් වලට උත්තර දියන්..

      Delete
  2. රජා උනත් බඩු මල්ල ගෙදරට යැවුවෙ නැත්තං ගෙදර ගියාට පස්සෙ බලු වෙන්න තිබුණ.
    කොහොමත් ඉතිං රජවරුන්ට තියෙන්නෙ වාඩි වෙලා අනුං කරන දේ බලා ඉඳල හිනා වෙන්න තමයි.

    යකෝ දේශකයගෙ ගෙදර මනුස්සයගෙ නම රංජනී කියල අදනෙ දැනගත්තෙ. :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. හැලපේ ඒකනේ මට ගොඩාක් ආදරේ..

      Delete
    2. නෑ නෑ දේශිකා වගේම නමක් තමයි තියෙන්නෙ අපි දැක්ක.

      Delete
    3. උගෙ ගෙදර මනුස්සයගෙ බ්ලොග් නම දේශිකාය. සැබෑ නම නොදනිමු.

      Delete
  3. දවසකට රජ වෙච්ච ධර්මෙට, නාටිකාංගනාවන් දැක්කාම ඇත්තටම රජවෙන්ට හිතෙන්ට ඇතිනේ?:P

    ReplyDelete
    Replies
    1. ධර්මෙ නෙමෙයි රජ උනේ.

      Delete
    2. ඔයා හරියට කියෙව්වෙ නෑ නේද?එතකොට ඔහොම පැටලිලි සිද්ද වෙනවා.

      Delete
  4. රජා ගෙදර ගියාම ෂුවර් එකට බලු වෙන්න ඇති. ඇයි හැලපෙට රජාගෙ පාට් එක කරන්න බැරිව ගියේ ?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි.රජා උනත් ගෑනිට සරෙන්ඩර් නොවැ.මට එදා කරන්නට තිබ්බ වැඩ රාජකාරි සමුදාය අනුව දවසක්ම එකතැන හිඳගෙන ඉන්නට කිසිසේත්ම හැකියාවක් නොතිබුණි.

      Delete
  5. රජා අර නාටිකාංගනාවන් දිහා බලං ඉඳල ගෙදර ගිහින් මුව හමට තලන්න ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං සරත්,හැබැයි ඔරොප්පු වෙලා නොහිටිය නං.

      Delete
  6. හැලප කඩේ මහත්තය ලව්වා නූතන පංචතන්ත්‍රයක් ලියැවිය හැක..

    "වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ කලිසම් කමිස ගලවා රජ ඇඳුම් අන්දවන ලදී
    ගෙදරට එළවළු රැගෙන පාරේ යමින් සිටි එකාව අපි රජාට ඇන්දුවෙමු.
    ඔහු අපේ ප්‍රශ්නය විසඳුවේය.
    දැන් අපි ඔහුගේ ප්‍රශ්නය විසඳිය යුතුය.
    එසේ නොමැතිව ඔහු ගැන නොසලකමින් අපි අපේ කාර්යය පමණක් සපුරා ගන්නා විට ඔහු නැගිට රජ ඇඳුම් ගලවාදමා යන්නට ගියොත් කුමක් කරන්නද?
    මෙවැනි සුළු දේවල් නොසලකා හැරීමෙන් බරපතල පාඩු හෝ විනාශයන් සිදුවන බව මා අත්දැකීමෙන් දනිමි.
    දැන්මම එන්නට නොහැකි වන බවට රජාගෙන් පණිවිඩයක්ද සහිතව බඩු මල්ල චන්දරේ අතේ රජාගේ ගෙදරට පිටත් කෙරුවෙමි.
    චන්දරේ මෙවැනි කුණු කොන්ත්‍රාත් කළමනාකරණය කර ගැනීමෙහි ගජ හපනෙකි!!"

    ජය!

    ReplyDelete
    Replies
    1. තිස්ස ලියන්නෙ ගීත ගෝවින්දයනේ.

      Delete
  7. බෙනට් රත්නායක ගේ නවතම චිත්‍රපටය?
    http://thecolombopost.net/?p=5515

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටය කරන්න තාම අවසරය ලැබිල නෑ නේද?

      Delete
  8. හෙලපෙ,
    බෙනට් ගෙ අස්වෑසුම ෆිලෙම් එක ගෑනත් ලියන්න (හෙලපෙ එකෙ වෙඩ කරද?). මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්. බෙනට් ගෙ ටෙලි කොහොමත් හොදඉ VOC

    ReplyDelete
    Replies
    1. අඩේයි ඔයියා තෙමලද?

      Delete
    2. මොකද ඇනෝ සිංහල ප්‍රශ්නයක්ද?

      Delete
    3. අඩෙ වෙන්න ඔන මම සින්හල type කරන්නෙ මෙකෙන් http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      මිට වඩා හොද ක්‍රමයක් තියෙනවද ?

      Delete
    4. ඔව් ඇනෝ,ගුගල් සිංහල ඉන්පුට් ඇක්ටිවේට් කරගෙන වෙනස බලන්න.

      Delete
    5. අහ්හ් මේකනම් හොදයි වගේ .
      හෙල්පේ අස්වැසුම කරද්දී බෙන් එකේ හිටියද ?
      බුද්ධ ධර්මය ගැන හොද වැටහිමක් වෙනස් විදිහකින් ලබාදෙන ෆිල්ම් එකක්
      ෆිල්ම් එක හොද වුනාට මම හිතන්නේ එක පාඩු ලබන්න අති
      බෙනට්ට අවුලක් නෙතුව ඇති ඔහු custom officer කෙනක් නිසා ;-)

      * දැන් ලියන විදිහ හොදි වගේ

      Delete
    6. ආ දැන් ගොඩක් හොඳයි ඇනෝ.තව ටිකක් ඔපදමා ගත්තනං හොඳටම හොඳයි.මේ ටූල් එකෙන් ලියන්නට බැරි අකුරක් නොමැත.මමත් මේ ලියන්නෙ ඒ ටූල් එකෙනි.
      බෙනට් අස්වැසුම කරද්දී මා බෙන් එක හැරදමා ගොසිනි.අස්වැසුම ලැබ ලැබුවාදැයි නොදනිමි.පාඩු වුනත් බෙනට්ට ගානක් නැත.

      Delete
  9. මොකද මේ අලුත් ශෛලියකින් ලියන්නෙ...? එක අතකට පරණ ශෛලියෙ පඳුර වටේ තැලිල්ලට වඩා ඒක කියවන්න පුළුවං වගෙයි.

    ReplyDelete
    Replies
    1. අලුත් ශෛලිය මෙවැනි කතා කීමට වඩා ගැලපේ යැයි සිතුවෙමි.

      Delete
  10. ධර්මයා අර නාටිකාංගනාවෝ දැකලා සසර කලකිරිලා මහණ උනේ එහෙම නෑ නේද හැලපේ. උන්ගේ මේකප් ගැලෙව්වාම සසර කළකිරෙනවා ආයිබෝවන්ඩ...

    ReplyDelete
    Replies
    1. පොඩි වැහි පොදක් ගියානං ඇති :D

      Delete
    2. එහෙනං උඹ මේකප් ගැලෙව්වමත් දැකල තියෙනව නේද.හැබැයි මචං මුන් ටික හිරිමල් කෙල්ලො.

      Delete
  11. හතර දෙනාට රෑට කන්ඩ දාහක් හෝ එක්දාස් පන්සීයක්? හැලපෙ අයියල ඒ කාලේ රජ සැපනේ විඳල තියෙන්නේ.. අපිට ප්‍රේමදාස මහත්තය ඒ කාලේ වේලක් කන්න දුන්නේ රුපියල් තුනයි.. දැන් නැද්ද බෙනට් අයියලත් එක්ක කන්ටෑක්ට් එකක් එහෙම.. ඔය වගේ මුක පූට්ටු වෙලා නළුවෝ හොයන වෙලාවට ඕන්නම් අපිත් අහල පහල ඉන්නවා කියල කියල තිබ්බනම් අපිටත් දවසකට හරි රජ වෙන්න තිබ්බා.. හැක්. ඔය ලියල තියෙන මහප්‍රාණ භාශා විලාසෙට අපේ මේ රස්තියාදු ටයිප් කොමෙන්ට්ස් කැපෙයිද මංදා ඉතින්..

    ReplyDelete
    Replies
    1. කමියො..හැලපෙ අයියා ලියාගෙන යන්නේ රජ කාලේ කථාවක් නිසා ටිකක් විතර අතිනුත් දානවා ඇති අර මහාවංශේ ලීවා වගේ...ඔය කියන දවස් වල දාහකින් මාසයක් කන්න පුලුවන් පවුලකට....

      Delete
    2. බෙනට් අයියා සමග බොහෝ කලෙකින් කතා කර නැත.ඇයි මම මහප්‍රාණ ලියල තියේද කමියෝ.

      Delete
    3. චෙපාකී,
      අතින් දානව නං තව ගොඩක් ඇදගෙන ගියහැකි බං.ඇත්තටම ඒ කාලෙ දාහක් හමාරකින් පවුලකට කන්නත් පුළුවනි.හැබැයි බෙනා අපට අත දිග ඇරල දුන්නා.

      Delete
    4. මට ආවෙ ඔය ප්‍රශ්නෙ.අදටත් 150 කින් 5 දෙනෙකුට විතර කන්න පුලුවන් (අපිවගෙ අයට )

      Delete
    5. ඈ බං 150 කින් පස් දෙනෙකුට බිත්තර ආප්පෙ ගානෙ වත් කන්න පුළුවන්යැ.

      Delete
  12. මරු. හැබැයි දිග මදි. රජාගෙ සීන් එක වගේ සීන් කිහිපයක්ම ඕන

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප,මුංට කොච්චර ලිව්වත් මදි හැටි.

      Delete
  13. අම්මපා ඔය නිෂ්පාදකවරු බෙල්ලේ වැල දාගන්නේ නැති එකයි පුදුමේ ඔය සමහර ශිල්පියෝ කන බොන විදිහ දැක්කම.

    චිත්‍රපටියක වැඩ පටන්ගත්තාම කට්ටඩියා දුම්මල වරම අතට ගත්තා වගේ තමා. උදේ දවල් රෑ බලන්නේ නැහැ.

    හුහ්, මෙහෙම හිටියට අපිත් හොඳ නළුවෝ හරිය. ඕන්නං බලන එකයි ඇත්තේ, 'නොමියෙන මිනිසුන්' පිචැර්ස් එක. ඒක කොරද්දී තමයි දැනගත්තේ පිචැර් කෙලියේ රඟේ.

    ReplyDelete
    Replies
    1. විචා නේද ඒ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා...?

      Delete
    2. 'නොමියෙන මිනිසුන්' පිචැර්ස් එක නැරඹීම සඳහා අපට සබැඳියක් අවශ්යයි; විචා. :)

      Delete
    3. එහෙනං ඒ ෆිල්ම් එකේ ෂූටිං දැකල ෂූටිං කරන්න විඳින දුක විචා අවබෝධ කරගන්න ඇති.මම ඔය ෆිල්ම් එක ටී වී එකේද කොහෙද බැලුවා.ඒත් ඉතිං ඒ කාලෙ විචාව දන්නවැයි.

      Delete
    4. අනේ නොමියෙන මිනිසුන් ආපහු ඔක්කොම බලන්න ගියාම අපි මැරෙනවනේ.. ඉන්න කෑල්ලක් දෙකක් කියුවනම් බලන්න තිබ්බ ඇට්ටින් පාර විචා තුමාගේ..

      Delete
  14. අයියේ උඹලගේ ඉතිං අතට හරි වැඩ තියෙන්න ඇතිනේ ඒ දවස් වල.. ;)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මු අහන දේවල්.ඉතිං දීපල්ලකො උත්තර.

      Delete
  15. රජයේ රැකියාවක් කරන ගමන් ම එයින් නිවාඩු ලබා (??) හැලපේ බෙන් ෆිල්ම්ස් එකේ මෙලෙස කටයුතු කළේ ඇයි දැයි මට ඇති වූ ප්‍රශ්ණයට පිළිතුර මේ කතා කොටසෙන් මට හමුවුණා.

    ඒ තමයි මේ වාක්‍යය.

    /* අපි හතර දෙනාගේ රෑ කෑම සඳහා නිෂ්පාදනයෙන් අපට රුපියල් දාහක් හෝ එක්දාස් පන්සීයක් ලැබේ */

    මේ කියන 1990 පමණ කාලයේ රුපියල් 1,500 ක් යනු මට නම් විශාල මුදලකි! බොහෝ පවුල් මාසයක් ජීවත් වෙන්නට වැය කළේ ද ඔය සමාන මුදලක් විය හැක.

    ReplyDelete
    Replies
    1. තව ඉතිං ලෝ්ස් නැතිව ඉදිආප්ප ගන්න එකේ.. නිස්පාදනෙන් ලැබෙන මුදල් අවභාවිතය.. වගේ දේවල් වලින් මේ හැලපයා රජයේ රැකියාවෙන් ලැබෙනවට වඩා සොච්චම් මුදලක් යටි මඩි ගහනන් ඇති..

      Delete
    2. //මේ කියන 1990 පමණ කාලයේ රුපියල් 1,500 ක් යනු මට නම් විශාල මුදලකි! බොහෝ පවුල් මාසයක් ජීවත් වෙන්නට වැය කළේ ද ඔය සමාන මුදලක් විය හැක//
      එච්චර ලොකු ගානක් වෙන්න බෑ. 2013දි විතර නේද 2500න් පවුලක් ජීවත්වුනේ

      Delete
    3. //2013දි විතර නේද 2500න් පවුලක් ජීවත්වුනේ// ඒ පවුල් ටික ඒ දවසවලම යටිපස්ගම ගියාලු.

      Delete
    4. රසිකගේ කමෙන්ටුව සම්බන්ධයෙන් මා ඊළඟ කොටසින් පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.

      Delete
  16. ප්‍රධාන නිලිය අධ්‍යක්ශ්ක / නිශ්පාදක කියනදේවල් අහන්නෙ නැති හුඟක් බලගතු එක්කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. අහන්නෙ නැතිකම නෙවෙයි ප්‍රා උනන්දුවක් නැතිකමයි.එවෙලෙට අධ්‍යක්ෂකත් අසරණයි.එයා අයින් කරල වෙන නිළියක් අරගන්න කියලැයි.

      Delete
  17. හැලප යියේ, ඔය කියන කාලේ මම දාහේ කොළ දැකලත් නැද්ද මන්ද.
    මට ඉස්සර මතකයි තාත්ත බිස්නස් ගිහින් ඇවිත් දාහේ කොළයක් එහෙම හම්බ උනොත් ඇවිත් අපිට පෙන්නනවා.
    අපිත් ඉතින් ඕක අත පත ගාල සුවඳ බලල එහෙම තමයි ආපහු දෙන්නේ
    ඔය කාලේ ගොඩ වෙලාවට තාත්තට කඩ වලින් සල්ලි ලැබුනේ 50 කොළයි, 20 කොළයි. 100 ඒවා 500 ඒවා එහෙමත් ගොඩක් අඩුවෙන් තමයි ලැබුනේ.
    එහෙව් කාලෙක උඹල හතර දෙනෙක් එක රැයකට කන්න බොන්න දාහක් හමාරක් වියදං කලා කියන එක.... ?

    ඔය වකවානුවේ හාල් කිලෝවක් 5.50 ක් 6.00 ක් වගේ තමයි මට මතක... ;(

    දවල්ට කන්න බඩු ගෙන්න ගියපු මනුස්සයාගේ බඩු මල්ල එහෙම හරි ගෙදරට යැව්ව එක හොඳයි.
    නැත්නම් ඌ ආපහු රාත්‍රියේ ගෙදර ගියාට පස්සේ හිතෙයි දවල් රජ වෙලා මානවිකාවියෝ පිරිවරාගෙන හිටියට වඩා වහ කෑවනම් හොඳයි කියලා... හෙහ් හෙහ්...

    ඔය කාලයේ වේලෙන් වේලට හරි එක්කෝ දවසෙන් දවස කඩේ ගිහින් බඩු මුට්ටු ගෙනාව නේද...
    ඒ දවස්වල මිනිස්සු බර උස්සගෙන යන්න හරි කම්මැලියිද කොහෙද...
    ගොඩ වෙලාවට හාල් කිලෝ එක, සීනි 250, ලාම්පු තෙල් කාල, පොල්තෙල් අරික්කාල වගේ තමයි ගෙනාවේ. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මම ඔලුව කල්පනා කරල බඩු මල්ල ගෙදරට යැව්වෙ නැත්නං තමා රජා බලු වෙන්නෙ.
      ඒ කාලෙ මිනිස්සු බඩු ටික ටික ගෙනාවේ කම්මැලිකමට නෙවෙයි ලොක්කෝ නැතිකමට.මිනිස්සුන්ගෙ ජීවන තත්වය දැන් ඊට වඩා කොපමණ ඉහළ ගිහිල්ලද බලපං.

      Delete
    2. ///ඒ කාලෙ මිනිස්සු බඩු ටික ටික ගෙනාවේ කම්මැලිකමට නෙවෙයි ලොක්කෝ නැතිකමට.///
      ///මිනිස්සුන්ගෙ ජීවන තත්වය දැන් ඊට වඩා කොපමණ ඉහළ ගිහිල්ලද බලපං.///

      මම ඒක දන්නවා හැලප්ස්... ;)
      මට මතු කරන්න ඕනේ උන පොයින්ට් එක හැලප අයිය ගානට මතු කරලා තියෙන්නේ...
      දැන් මිනිස්සුන්ට ඒ කාලේ අමතක වෙලා. වෙන වෙන දේවල් ගැටළු බවට හිතාගෙන පිස්සු කෙළිනවා...

      Delete
  18. අර "සුබ හා යස" එකේ සුබ දොරටුපාලයා රජ වුනා වගේ ධර්මේගේ යාළුවා වැඩ කරන්න ගත්තා නම් කොහොම හිටීද? ආයේ දෙකක් නැහැ එළවලු මල්ල ගෙදරට නොගියා නම් රජාගේ හිස ගසා දානවා ගෙදර ගැණි.

    ReplyDelete
    Replies
    1. ආයෙ දෙකක් නෑ ගෑනි රජාට ඉලපොතෙන් ගහල එලවනවා.

      Delete
  19. තව පොඩි කෑල්ලක් අතිං දාන්න තිබ්බනෙ බං මෙහෙම..ඔන්න අර චන්දරේ පිස්සු යකානෙ. මිනිහට රජාගෙ ගෙදර වැරදිල බඩු මල්ල දීල තියෙන්නෙ අල්ලපු ගෙදරට. අල්ලපු ගෙදර බබලතී එක්ක රජාගෙ ඇයි හොඳයියක් තියනවයි කියල රජාගෙ හාමිනේගෙ තියනව පොඩි පහේ සැකයක්. රජාගෙ වෙලාව කියන්නෙ චන්දරේ බඩු මල්ල අරගෙන යනකොට රජාහෙ හාමිනෙත් එහෙ ඉඳල තියෙන්නෙ..

    " බලන්න නංගී මේ මනුස්සය දැං කීයටද බඩු ගේන්න ගියේ?..දවල්ට උයන්ට මම මේ බලාගෙන ඉන්නව ...තවම නෑනෙ " රජාගෙ හාමිනේ කියනව.

    ඔන්න හරියටම ඔය වෙලාවෙ චන්දරේ එනව ගේ ඉස්සරහ වෑන් එකෙන් බැහැල. අපි හිතමු රජාගෙ නම සැම්සන්ය කියල හොඳද? ...

    " ආ..මේ සැම්සන් අයිය මේ බඩු මල්ල දෙන්නෙයි කිව්ව.." .කියල අර අල්ලපු ගෙදර බබලතීට දෙනව බඩු මල්ල.

    " ඈ මට? ..." ඒ ගෑණු මනුස්සය පුදුම වෙල ඇස් උඩ තියාගන්නව.

    " ඔව්..ඔව්..ඔහෙට තමයි. සැම්සන් අයිය අරෙහෙ රජපාට් එකක් කරනව. විගහිං එනවයි කියල ඔහෙට කියන්ට කිව්ව රහට උයල තියන්ටය කියල." චන්දරේ විසිල් එහෙකුත් ගහගෙන යන්ට යනව

    සැම්සන් අයියගෙ හාමිනේ ගේ ඇතුලෙ ඉඳල මේ ඔක්කොම අහගෙන ඉන්නව තට තට යන අනුකරණයෙන් පුපුර පුපුර. " පට්ට *****, මේක තමයි එහෙනං වැඩේ ..මගෙ මිනිහ රවට්ටගෙන බඩු මුට්ටු ඔක්කොම ගෙන්න ගන්නව. ඉඳපං උඹට මම....."

    පහුවදා ධර්මෙටයි, බෙනට්ටට්යි, චන්දරේටයි, උඹටයි හතර දෙනාටම පොලීසියෙං පණිවිඩයක් එනව ඇවිල්ල කට උත්තර දෙන්නෙයි කියල. අර බබලත්තු දෙන්නයි සැම්සනුයි තුං දෙනාම මහජන සාමයට බාධා කිරීමේ චෝදනාව යටතේ කූඩුවෙ දාල.

    ReplyDelete
    Replies
    1. ඈ මචං මගෙ පෝස්ට් ඒකත් හරි උඹේ නිර්මාණයත් හරි.අම්මප බං හිනාවෙලා පණ ගියා.ඇත්තටම ඌන පූර්ණය ලියමුකො බං.
      ඉතිං ඉතිං පහුවදා පොලීසියට යන්න වෙලා ෂූටිං කැන්සල්ලු.එහෙම උනා නං බෙනා ෂුවර් එකටම කැළණි ගඟට පනිනවා.

      Delete
    2. මමත් සැකෙන් හිටියේ බඩු මල්ල හරි ගෙදරට දුන්නද කියලා.

      Delete
    3. ඩුඩ්,
      රවිට අනුව බඩු මල්ල පිට පාරක ගොස් ඇත.

      Delete
  20. ආසාවෙන් කියෙව්වා. පුළුවන් නම් බෙනට් රත්නායක ඒ කරපු නිර්මාණ වල ලින්ක්ස් ටිකකුත් පළ කරන්න.
    නියමයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලැබේවි ලැබේවි.ඉවසිල්ලෙන් ඉන්නකො.
      බොහොම ස්තූතියි.

      Delete
  21. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17253-2015-06-08-22-02-18

    ReplyDelete
  22. පව් රජාගේ ගෙදර මිනිස්සු. කන්න නැතුව බන බන ඉන්න ඇති. ඒ කියන්නේ දේශකයත් හලපයත් එක තැන කලාව කරලා තියනවද? (නාට්‍ය මන් කිව්වේ )

    ReplyDelete
    Replies
    1. නැත නැත දේශකයාව මා දැකලාවත් නැත.අනික ඔහු දේශක වන්නේ බ්ලොග් කලාවටය.සැබෑ නම වෙන එකකි.

      Delete
    2. පල යන්න නරි හැලපයා.. හැක්.. හැක්

      Delete
  23. සුන්දර මතකයන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඒ මතකයන් ඉතා සුන්දරය.

      Delete
  24. රෑ දෙගොඩ හරියෙ ගෙදර ගිය රාජාට බිසවගෙන් ලද රාජ සැලකිලි ගැන කිසිවක් සඳහන් නොවීම ගැන මාගේ බවලත් මෙව්වා එක.

    ReplyDelete
    Replies
    1. ඒ සම්බන්ධව අත්දැකීමක් නොමැති අතර ඒ කොටස අමුතුවෙන් නිර්මාණය කළ යුතුය.

      Delete
  25. මදාවියා කිව්වා වගේ රජාගෙ බිසව දුම්මල වරම අතට ගත්තු හැටිත් කිව්වානම් තමයි නියම...

    ReplyDelete
  26. දේශා සුරා සුදුවෙන් තොරයිද?
    අර දකුනු පැත්තෙ කෙලවරේ නංගියා ඇදලා ඉන්නෙ පුෂ්-අප් බ්‍රා එකක්.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ආපහු උඩට පලයන්කෝ "පුස් අප්" එක මොකද්ද කියලා බලන්න....

      Delete
    2. කූක්කුව උඩින් පිම්බිලා පෙනෙන්න තියෙන්නෙ.

      Delete
    3. අපි ඔව්ව උඹෙන්ම දැනගත්තෙ නැත්නං කාගෙන් දැනගන්නද?

      Delete
  27. හැලෑපෙගේ කතාව මරු,තව කොටස් තියෙනවනෙ ඒවාත් ඉක්මනින් ලියන්න, අර රවි ලියල තියෙන ක්‍රමේ තමයි අපේ ජාතික පත්තර වල අපරාධ පරීක්ෂණ වාර්තා කරුවො අනුගමනය කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ජාතික පත්තරවල අපරාධ පරීක්ෂණ වාර්තාකරුවොත් හරිම නිර්මාණශීලියි.ඒ අය වාර්තා කරනව විතරක් නෙවෙයි පත්තරෙන් අපරාධ ඇතිකරනවා.

      Delete
  28. මේ කතා කියවද්දී ඔය වගේ මොකක් හරි ප්‍රඩක්ෂන් එකක වැඩ කරන්න හිතෙනවා. මම එක සැරයක් ජයන්ත චන්ද්‍රසිරි ට ලියුමක් දැම්ම නාට්ටියකට හොඳ කතාවක් කියල. කවදාවත් උත්තරයක් ආවේ නෑ.. හෙහ් හෙහ්

    හැලප නිර්මාණ අංශෙන් ඔය වගේ වැඩ වලට සම්බන්ධ වෙලා නැද්ද?

    ගෙදරට බඩු පාර්සලේ යවපු එක කියවද්දී නම් මට හිතුනෙත් ෂුවර් එකට ඒක දෙන්න ගිය එකා බුලක් කෙලින්න ඇති කියල.. :)

    ReplyDelete
    Replies
    1. හැකියාවක් තියෙනවා නං ප්‍රොඩක්ෂන් එකකට සම්බන්ධ වෙන්න බලන්න පැතුම්.

      Delete
  29. අපේ කෂ්ටිය හැලපයියේ දවසක් චන්න අයියට කොල් කරල මලගෙයක් ෂුට් කරන්ඩ කතා කරල බයිට් කරල වැඩේ නැගල ගිය හන්ද , පාලිත අයියටයි තව හතර පස් දෙනෙකුටයි කෝල් කරල ඒ බයිටම දීලා ........දවසක් බිබි ඉන්න කොට ඔය ගැන කතා වෙලා හිනා වෙනකොට ...එකෙක් කියුවා රුවන් අයියටත් කෝල් කරමු කියල .එත් හැම එකාගෙම නම්බර් එක රුවන් අයිය දන්න හන්ද ..මගේ ෆොන් එකෙන් කොල් කරල බයිට් කරා .....පස්සේ කොහොම හරි පොරට තේරිලා ..අපි කවුරුහරි තමයි කියල ...නම්බර් එකට ඩයල් කරකර බලනව කවුද කියල හොයන්ඩ .....පස්සේ ඉතින් මාසයක් හමාරක් පොර ඉන්න වෙලාවට මට ෆොන් එක ඕෆ් කරගන ඉන්ඩ උනා

    ReplyDelete
    Replies
    1. රුවන්ව දැකපු කාලයක් මතක නෑ බං.

      Delete
  30. මේ ලිපි මාලාව බොහොම රහයි. එක දිගට දැන් මේ කියවගෙන යන්නෙ අද තමයි පොඩි වෙලාවක් ලැබුනෙ. ටෙලිනාට්‍ය රූපගත කිරීම් කියන්නෙ මටත් ආගන්තුක දෙයක් නෙමෙයි. එකම දේ වරින් වර ගන්න ගියාම එපා වෙනවා නේද වෙලාවකට...සමහර අධ්‍යක්ෂක වරු බනිනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් සිරා ෂොට් එක ඕකේ නොවුනොත් නැවත නැවත ගන්නට වෙනවා.ඒ වෙලාවට නං ඉතිං එපා වෙනවා.

      Delete
  31. හැලපේ ඔය බෙන් ෆිල්ම්ස් තිබ්බේ ඇතුල්කෝට්ටේ ද?

    මේ විෂයට මම බොහොම ප්‍රියයි..ඒ නිසා මේ වගේ කතා තවතවත් දිගට ලියැවේවි කියලා හිතනවා..අර කෙන්ජියත් ඔහොම ලියනවා කියලා සකල ජනීජනයාට බොරු බලාපොරොත්තුවක් දීලා බුකියේ දේසපාලනේ කරනවා..! හැලපෙට එවන් නීච ග්‍රහ යෝගයක් හරි (මොකක් හරි කෙහෙම්මලක්) නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. එකල බෙන් ෆිල්ම්ස් තිබුණේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ.පසුකලෙක ඇතුල් කෝට්ටේට ගෙනගියා.
      ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවායි පතමි.

      Delete

ඔබේ අදහස්