Sunday, May 24, 2015

අලුත් ගහේ අඹ



අව් රැල්ලක් වැටුණේ දවස් තුන හතරකට පසුව නොවේදැයි ඇළ පහළට යන ගමන් සිරියාවතී කල්පනා කළාය.සිරියාවතී ඇළට ආවේ පොඟන්නට දමා තිබු පොල්ලතු ටික ගොඩදමන්නට වුවත් පහුගිය ටික දොහේදී ඇලේ ගළාගිය මහ වතුර කඳ නිසාවෙන් පොල්ලතු මිටිය  බැඳ තිබු ලනුවත් කඩාගෙන ගහගෙන ගිහිල්ලාය.ඇළ අයිනේ තැනින් තැන රැඳී තිබුන පොල්ලතු ටික ඔක්කොම එක දෙක හොයාගෙන එක තැනකට ගොඩ ගැසූ සිරියාවතී ඒ පොල්ලතු  වැලකින් ගැට ගසාගෙන නියර දිගේ උඩට ඇදගෙන එන්නට ගත්තාය.ඇලේ දාගෙන ඇදගෙන එන්නට තිබුනා නම් වඩා පහසුය.ඒත් පහුගිය වතුරට ඇලේ තැන තැන ගොඩ ගැසී ඇති වැලි කඳු නිසා අඩිය තියා ඉහළට එන්නට අමාරුය.

ගොඩදාගන්න තිබුන නං අපූරු වැලි ටික!සිරියාවතී හිතුවාය.ලෑම් මාස්ටර් දෙක තුනක් කිසි කරදරයක් නැතුව ගොඩ දාගන්න පුළුවනි!ඒත් කුසිකර්මයා ?ඇයට ගමේ කෘෂිකර්ම සහකාරයා සිහිවිය.පහුගිය සුමානේ සිරිපාල ගොඩ දමා තිබු වැලිගොඩ  කුසිකර්මයා ඇවිත් පයින් ඇන සීසීකඩ විසිරෙව්වේ හරක් වටයක් පැන්නාහේය. ඌට සීල් බෝතලයක් දුන්නනං බැරි අමාරු තහනං වැඩ ඔක්කොම කරගන්න පුළුවන්!සිරියාවතී කල්පනා කළාය.

විනෝදයට වගේ ජාරුවේ වී කුරුණි හත අටක කුඹුරක් වැඩකරන අනුර මහත්තයා හොඳ බෝතලයක් අතටදී අයියාව කුසිකර්මයාගේ ගෙදරට පිටත් කළේ පෝර පෝමිට් එකක් හදාගන්නටය.අනුර මහත්තයාගේ කුඹුර කුසිකර්මයාගේ වසමේ පොතේ රෙජිස්ටර් උන කුඹුරක් නොවේ.අයියා යනවිට කුසිකර්මයා මිදුලේ මල් පැළවලට වතුර දමමින් සිටියේය.පලබරවූ මාළුමිරිස් පාත්ති දෙකතුනක්ද කරල් එල්ලා හැලෙන වැටකොළු  හා මෑ පන්දලම් කීපයක්ද ගෙට පැත්තකින් විය.

ආ අයියේ, මොකෝ උදේම මේ පැත්තෙ...

මෙන්න මේ අපේ අනුර මල්ලිගෙ පණිවිඩේකට ආවා...

ගෙනාපු සීල් බෝතලේ සාලේ ටීපෝවක් උඩින් තියමින් අයියා කීවේය.ගෙට ආ කුසිකර්මයා කාරණය අසා  උගේ වසමට අයිති වැඩ නොකරන අක්කර දෙකක කුඹුරකට පෝර පෝමිට් එකක් ලියා සීල් ගසා එවෙලේම අයියා අතට දුන්නේය. අනුර මහත්තේල යමක් කිව්වහම අපි සලකන්න එපායැ! යි කියූ කුසිකර්මයා මෙන්න මේකත් මං දුන්න කියල මහත්තෙයට ගිහිං දෙන්නකො! කියමින් මිදුලේ ගහෙන් කඩාගත් රතු ජම්බෝල ගෙඩියක්ද අයියා අතට පත්කළේ ආයෙම උවමනාවක් උනොත් ඇවිත් කියන්න ඕනෑ!යි කියමිනි.එදා කන්නේ කුඹුරට දෙසැරයක් පෝර ගසාත් කුණු කොල්ලෙට ලැබුණු පෝර තව මහගොඩක් ඉතුරු වුනි.ඉතුරුඋන පෝර වත්තේ වෙනත් ගස්කොළන් වලටත් කොහිල කොටුවටත් දැම්මේ කුසිකර්මයාගේම උපදෙස් අනුවය.මේ කතාව හාල්  පොලන්නට අනුර මහත්තේලෑ ගෙදර ගියපු සිරියාවතීට කිව්වේ අනුර මහත්තෙයාගෙ නෝනාය.

ඡන්ද කාලෙදී පළාතේ දේශපාලකයා  දීපු ජනාදිපති සම්බන්දීකරන ලේකම් කියා උගෙ පින්තුරෙ අලෝපු අයිඩින්ටියකුත් කුසිකර්මයා ළඟ ඇති නිසා ඌ පොලීසියට තියා කාටවත් බය නැත.කට්ටිය එකතුවෙලා බොද්දි බඩු මදි උනොත් ගේන්න යන්නට ඉදිරිපත් වෙන්නෙත් කුසිකර්මයා ය.කොල්ලන් එකතුකර දෙන මුදල සාක්කුවේ දාගන්නා කුසිකර්මයා හිස් බෝතලද මල්ලකට දාගනී.ලැයිසන් ඉන්සුරන්ස් කොළ මොකුත් නැති සයිකලයක් සැර දාගන්නා ඌ හෙල්මට් ද නැතුව ටවුම මැදින් ගොස් බාර් එකෙන් අරක්කුද මුස්ලිම් හෝටලෙන් වඩේද අරගෙන කිසි කරදරයක් නැතුව ආපහු පැමිණ මල් මල් හිනාවක්ද පාන්නේ ඔන්න අපේ වැඩ බලපල්ලා! කියන විලාසයෙනි.රටේ තැනින් තැන ඡන්ද තියන කාලයට උන් කාණ්ඩයක් ඒ ඒ පළාත්වලට යන්නේ පළාතේ දේසපාලකයාගේ වචනයටය. ඒ ගිහිං ඇවිත් ඡන්ද තිබ්බ පැත්තේ කරපු රාජකාරි බඩු බෙදපු හැටි දේසපාලකයා උන්ට සලකපු අපූරුව අනුර මහත්තෙයා එක්ක උජාරුවෙන් කියනු සිරියාවතී අනුර මහත්තේලෑ කුස්සියේ සිට අසා සිටියේ වරක් දෙවරක් නොවේ.

උන් එක්ක හැප්පෙන්න අපි කවුද? සිරියාවතී සිතුවාය.බෝතලයක් ගන්න සල්ලිවලින් ගෙදර උන්ඩ දෙවේලක් කන්න දෙන්න පුළුවනි! නියර ඉහත්තට ආ සිරියාවතී පොල්ලතු මිටියද ඇදගෙන ඇළෙන් මෙගොඩට පැන ගහක් මුල ඉඳගත්තේ හැතිය නිවෙනතුරුය.තරමක වතුර තිබහක්ද දැනුනත් ගෙදර ගොහින් බීවොත් මිසක බොන්නට වතුර උගුරක් හොයාගන්නට තැනක් මේ සාවියේ නොමැත.සීතල සුළඟක් වෙල්යාය පැත්තෙන් හමා ආවේ දාහය නිවන්නට මෙනි.මුදුන්වෙන්නට ආසන්න ඉරද වලාකුළු වලින් වැසී ඇත.අදත් හවසට වහීවි යැයි ඇය සිතුවාය.ඇළ ඉහත්තාවේ දෙපස පිහිටි ගහල ගොල්ල සෙලවෙන හඬ ඇසී ඒ දෙස හැරී බැලු ඇයගේ මුවගට සිනාවක් නැගුණි.ගහල ගාල පසාරු කරගෙන පහළට එන්නේ ගුණපාලයාය.

මුහුණ පුරා බාගෙට වැඩුණු දැලි රැවුල් ඇති හැඩිදැඩි ගුණපාලයා රස්සාවට පොල් ලී පැලුවේය.රස්සාව නොකරන වෙලාවට ඇළ ඉවුරු දෙකේ සරුවට වැඩී ඇති ගහල කොළ ගාලෙන් කොළ කඩා මිටි බැඳ ටවුමේ මස් කඩයටද මාළු ලෑල්ලේ වෙළෙඳුන් කීප දෙනාටද සැපයුවේය.ලැබෙන මුදලට අමතරව  මස් මාළු ටිකක්ද ඒ තැන්වලින් ඔහුට ලැබුණි. මුවහත් උල් පිහියක් ඉණේ ගසාගෙන සිටියද ගුණපාල කොළ කැඩුවේ අතින්ය.ඔහුගේ අත් දෙකම ගහල කහටින් රත්පැහැ ගැන්වී තිබුණි.ගහල කොළවලට අමතරව ඔහු ඇළ දෙපස වැවී ඇති කොහිල දළු මුවහත් පිහියෙන් සීරුවට කපා මිටියකට බැඳගනී.එය කාගේ හෝ ගෙදරකට විකුණා ලබාගන්නා මුදලින් හවසට කසිප්පු අඩියක් ගැසීම ඔහුගේ සිරිත විය.පොඩි අඩුපාඩුවකට තිබුනේ ගහල පඳුරු තරම් ඉක්මනින් කොහිල පඳුරු නොවැවෙන එකය.ඒ හේතුවෙන් ගුණපාලට හැමදාම කපාගන්නට තරම් කොහිල දළු ඇළ දෙපස නොතිබුණි.

තව ටික වෙලාවකින් ගුණපාලයා මෙතන පහුකරගෙන ඇළ පහළට යනු ඇත, ඌ තාම තමන්ව දකින්නට නැතැයි සිරියාවතී කල්පනා කළාය.ඒ සමගම ඇයගේ සිතට නැගුනේ මීට ටික දවසකට පෙර සිදුවූ සිද්ධියකි.දවල් කෑමට මැල්ලුමකට ගොටුකොළ මිටක් කඩාගන්නට වත්තට දිව ආ සිරියාවතී ඇළ අයිනේ ගොටුකොළ නෙලමින් සිටියදී ගහල කොළ කඩමින් ඇළදිගේ පහළට ආ ගුණපාලයාව ඇය එක්වරම දුටුවේ නැත.

පළා කඩනවද බං...

සිරියාවතී තිගැස්සී පසුපස බැලුකල සිනාවෙමින් මහබඹා සේ හිටගෙන සිටියේ ගුණපාලයාය.වටපිට බැලු ඌද එතැනම හිඳගෙන ගොටුකොළ කඩන්නට විය.

උඹටත් මැල්ලුම් කන්න හිතිල වගේ...

නෑ නෑ මං මේ උඹට දෙන්න කැඩුවා...

පළා මිටියද රැගෙන ආපසු යන්නට සැරසුන සිරියාවතීට අසල අගලක තිබී අවුලාගෙන  ඇවරි ගසා එකට ගැටගැසූ පොල්ගෙඩි දෙකක්ද  ගුණපාල විසින් ලබා දෙන ලදී.සිරියාවතිට ගුණපාල කෙරෙහි මහත් පැහැදීමක් ඇතිවුනේ එදිනය.යකා වගේ හිටියට මනුස්සකං දන්න එකා! සිරියාවතී හිතුවේ එහෙමය.ඒකට අපේ ජිනදාසයා,සිරියාවතීට මතක්වුයේ ඇගේ මිනිහාය.ඌ රෑ දෙගොඩහරියක් වනතුරු කසිප්පු පොලේ වැටී කණමදයා මෙන් බීගෙන ගෙදරවිත් දොරට තඩිබායි.දොර හැර ජිනාව ගෙට ගන්නා සිරියාවතී ආපහු පැදුරේ වැතිරී නිදන්නට ගනී.මොන නින්දක්ද?ජිනා  බිම නිදන සිරියාවතීට පයින් ඇන ඇහැරවා ඇඳ උඩට ගෙන පාන්දර ජාමය වෙනතුරු දසවද දෙයි.ඌට බඩගිනි වෙන වෙලාවට කෑම ඉදී නොතිබුනොත් සිරියාවතීට දෙයියන්නේම පිහිටය.බලු බැනුම් බනිමින් දිවඑන ජිනා සිරියාවතීගේ කොණ්ඩ වල්ලෙන් අල්ලා එළියට ඇදගෙන ඇවිත් මිදුලට විසිවන්නට පයින් ගසයි.සිරියාවතීගේ කල්පනාව බිඳුනේ ගුණපාල ඇළෙන් ගොඩ එන හඬින්ය.

මොකෝ බං බාවනාවක් වගේ මං ඈත ඉඳන්ම බලං හිටියෙ...

මොන බාවනාද මං මේ පොල්ලතු ටික ඇදන් ඇවිත්  දාඩිය නිවෙනකල් ඉඳගෙන හිටියා...

අතේ තිබු පිහියෙන් පිට කසමින් මොහොතක් ගතකළ  ගුණපාල කනේ ගසාගෙන තිබු බීඩියක් අවුලාගෙන නිවී සැනසිල්ලේ දුම් අදින්නට විය.වත්ත ඉහත්තාවේ ඇළ අයිනේ ඇති අඹගස ඔහුට පෙනේ.ගහේ තැන තැන අඹ  පළගෙන වලු එල්ලී  ඇත්තේ බල්බ් එල්ලුවාක් මෙනි.පොල්ලක් ගැහුවොත් ගෙඩි තුන හතරක් බිම වට්ටවා ගත හැක.එක්වරම තීරණයක් ගත්තාක් මෙන් ගුණපාල නැගිට සිටියේය.

මං යනව බං...

ඒ කොහෙද?

අඹ ගෙඩියක් කඩාගන්න යනවා...

සිරියාවතීටත් අඹ කන්නට ආසාවක් ඇතිවිය.අඹගහ ඇත්තේ ගල ඉදිරිපිටය.ඒ කළුගලත් සමග බැඳුනු බොහෝ අතීත මතකයන් සිරියාවතී සතුය.කුඩාකල සිරියාවතීගේ වයසේ සිටි කොළු කෙල්ලන් හැමෝම  සෙල්ලමට එකතු පහද උනේ ගල ළඟය.බොහෝ කලෙකට ඉහතදී බෝර ගසන්නට තැත්කළ සලකුණු කීපයක් කළුගලේ විය.ඒ තැන්වල ආසනවල මෙන් වාඩිගන්නට හැක.ගල ඉහත්තාවේ ඇති මහ හුඹහට ඔවුන් ලංවුනේ වත් නැත.ගල ඉදිරිපිට ඇළ අයිනේ ඇති කොට්ටං ගහේ බිම වැටී ඇති ගෙඩි අවුලා ගවුම බොක්ක ගසා පුරවා ගෙනැත් ගල උඩ තබා තලා මද කෑ හැටි ඇයට සිහිවිය.දැන් එය අතුපතර නමා වැටී ඇති දැවැන්ත කොට්ටං ගසකි. බලු දං,කොහුකිරිල්ල පමණක් නොව සරුවට හැදී තිබු ඇඹුල් පේරද ඔවුහු සිත් පුරා කෑවෝය.ඒත් මෙතන අඹ ගහක් තිබුනාදැයි ඇයට මතකක් නැත.පැළයක් තියෙන්නට ඇති!කාගේවත් ඇල්මක් බැල්මක් නොමැතිවීමෙන් ගල අවටපිට වල් වැදී ඇත.ගල නොපෙනෙන්නටම වැඩුණු මහ නාඹිරිත්තා ගාළකි.සරුවට වැඩුණු නාඹිරිත්තා වැල අහළ පහළ ගස්වැල් සියල්ලම පරදවා ඉහළට විහිදී අඹ අතුවලද කොට්ටං අතුවලද වෙළී ඇත්තේ වියනක් බැන්දාක් මෙනි.කොට්ටං ගහේ සිට ඇදී ආ දෙමළ වැල් ගොන්න ඊට ඉහළින් විහිදී යැයි.රතු පැහැ ගත් නාඹිරිත්තා මල්ද සුදු පැහැ දෙමළ වැල් මල්ද සුළඟට සෙලවෙන විට මල් වියනක් බැන්දාක් මෙනි.වෙලේ උලාකන හරකුන් ඇළෙන් ගොඩට එන මංකඩ උමගක් මෙන් විවරව ඇත.ඇත්තෙන්ම එය අපුරු හෙවනක් සහිත බිංගෙයක් මෙනි.

අඹ ගෙඩි දෙකතුනක් ගෙනිච්චොත් වෑංජනයක් හදාගන්නට සෑහේ! සිරියාවතී නැගිට ගත්තාය. ගුණපාලයා ඈත සිට සිරියාවතී එන දෙස බලා සිටියේ අඹ වල්ලට ගහන්නට වැටමාර පොල්ලක් කඩමින්ය.දැන් ගෙඩි දෙක තුනක් කඩා මදිය, ඒකිට දෙන්නත් එක්ක යහමින් කඩන්නට වෙයි.ඌ පොලු කැඩිල්ල අතහැර දමා අඩියට දෙකට ගහට නැගගත්තේය.අඹගහ වැඩිය මහත දෙහෙත නැති ලාබාල ගසකි.පීදෙන්නට ඇත්තේ පහුගිය වාරයේ හෝ ඊට එපිටින් අවුරුද්දේය.සිරියාවතීට මෙන් මේ ගස්වල අක් මුල් ගැන දැනීමක් හෝ අතීතයක් ගුණපාලයාට නැත. 

අතු අග අඹ වලුබරවී පළගෙන තිබුනත් හීන් අතු දිග යන්නට බැරිය.ගුණපාල අඹ අත්තකට පයින් අනිමින් හොලවන්නට විය.නැට්ටෙන් ගිලිහුණු අඹ දඩ දඩස් හඬින් නාඹිරිත්තා වැල් ගොල්ලටද කොට්ටං ගහමුලටද ඇළටද පතිත වන්නට විය.සිරියාවතී දුව පනිමින් අඹ අහුලන්නට වුවාය.තවත් අත්තකට පයින් ඇන පැහුණු අඹ වල්ලක් බිම දැමු ගුණපාල ගසෙන් බසින්නට විය.ගහමුල වැටී තිබූ අඹගෙඩියක් අහුලා ගන්නට බිමබලාගෙන දිව ආ  සිරියාවතී එකෙනෙහිම බිමට පය තැබූ ගුණපාලගේ ගැටී විසිවී වැටෙන්නට යත්ම වහා නැඹුරුවූ ගුණපාල සිරියාවතී අල්ලා වත්තම් කරගත්තේය.උගේ දෑත් යකඩ බඳු යැයි සිරියාවතී සිතුවාය.අතේ වත්තම්වී හිටගන්නට තැත් කරමින් හිස ඔසවා ගුණපාලගේ දෑස් දෙස බැලු ඇය එක්වරම බිම බලාගත්තේ උගේ ඇස් දිහා කෙලින්  බලන්නට බැරිකමක් ඇතිවූ නිසාය.කෙළින් හිටගෙන ඉන්නට බැරි පණ නැති ගතියක් දනිස්වලට දැනෙන්නට ගත්විට  ඇය ගුණපාලයාගේ ඇඟටම වාරුවුවාය.එක්වරම අතේ තිබූ අඹ පැත්තකට වීසිකළ ගුණපාලයා සිරියාවතීගේ අවනත සුමුදු බඳ වැළඳ ගත්තේය෴

වැඩේ ටිකක් දිග දුර ගියා තවත් කොටසකට යන්න වෙයි වගේ.....

89 comments:

  1. ඔන්න හැලපයියේ දේශකයා වගේ ඊළඟ කොටසට පොලොංගු එහෙම ගෙනල්ලා කතාව කනවා එහෙම නොවෙයි

    ReplyDelete
    Replies
    1. හිත රිදුන උන්.. ගොඩායි.. හැක් හැක්..

      Delete
    2. අපෝ නෑ කොහෙත්ම නෑ කිසිම සර්පයෙක් තියා හුම්බුලුවෙක් වත් මේ කතාවෙ නෑ.

      Delete
  2. අයිසෙ හැලපෙ මොනවද මේ දෙමළ වැල් කියන්නෙ?
    සිංහල වැල්, මුස්ලිම් වැලුත් තියෙනවැයි

    ReplyDelete
    Replies
    1. මේ කතාව මුලුමනින්ම ජාතිවාදියි. 'මුස්ලිම් කඩෙන් වඩේ' කියලත් කියල ;-)

      Delete
    2. එහෙම වැල් ජාති නං තියෙනවද දන්නෙ නෑ අපේ පළාතේ දෙමළ වැල් කියල වැල් ජාතියක් තියෙනවා.ඒවාට නරිවැල් කියලත් කියනවා.

      Delete
  3. හහා.... උඹත් වැඩක් පටන් අරගෙන වගේ. කිව්වට විස්වාස කරපං, මේ බවලතී පොල්ලතු තෙමාගන්න ඇලට ඇවිල්ල තව තව දේවල් තෙමාගනී කියල හිතුවෙ පළවෙනි පේලිය කියවද්දි. :-)

    කෘෂිකර්මයට දීපු තැන ටිකක් වැඩියි වගේ බං. ඒ නිසා මගේ රසයට නං පොඩි බාධාවක් උනා. කොහොම උනත් කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. උඹටත් තියෙන්නෙ කොටු ඉවක්.
      ටිකක් වැඩිද?මම ඒ උගේ බලය ගැන විස්තරයක් කළේ.වැඩිවෙයි කියල හිතුවෙ නෑ.

      Delete
  4. ඉල්ලලා අඹ ගන්නවා කියන්නේ ඕකට තමයි මයේ හිතේ ...හැක් හැක් .අර ලේක්චරයා කරා වගේ සතා සරුපයානම් මෙතැනට ගේන්න එපා හැලප අය්යේ ....

    අඹ රුක් සෙවණැල්ලේ
    මේ රන් ඔන්චිල්ලේ
    පෙම් ගී ගයමින්
    පදිනට එන්නේ
    මා සුර සියුමැලියේ

    උඩරට තාලෙට
    ඔසරිය ඇදලා
    මුතු දෙපටක් බැඳලා
    කණ් අග රන් තෝඩු ද ලෙලවාලා
    සරසවි කුමරි වගේ
    සුරතල් සොඳුරී
    මා අග රැජිණී
    ඇය මගෙ සුදු සුකුමාලී
    දුරුතු මහේ මඳ
    සුළඟේ සැලෙනා
    අර ලා දඹ අත්තේ
    ගිරවිය හා ගිරවා එක තුරුළේ
    ඔන්චිලි පදින ලෙසේ
    ගෙල වට අත ලා
    පෙම් ගී ගයලා
    යමු පදිනට ඔන්චිල්ලා
    වතුසුදු අරළිය
    මාලා පළඳා
    ඔබ සරසමි මැණිකේ
    නළලේ කොපුලේ දෙතොලේ මී බී
    මම මත්වෙමි මැණිකේ
    තුරු වදුලට වී
    උකුළේ නැළවී
    අපි ගයමු අමර පෙම් ගී

    අඹ රුක් සෙවණැල්ලේ
    මේ රන් ඔන්චිල්ලේ
    පෙම් ගී ගයමින්
    පදිනට එන්නේ
    මා සුර සියුමැලියේ

    පද රචනය – ආනන්ද ජයසේන
    ගායනය - සි .ටි ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. නෑ සිංදු ඇනෝ.ඔය දුසකය කරපු වැඩෙන් බැනුම් අහන්නෙ මමයි.

      Delete
  5. හෙක්.. හෙක්... අඹ කියන්නෙ ඇපල් වලට වැඩිය භයානක ජාතියක් බලාගෙන යනකොට.


    මේකෙ ඉතුරු කොටහෙ දිය නයෙක් එහෙම එන්නෙ නෑ නේද? එහෙම උනොත් ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ල ඇනකොණ්ඩෙක් දානව.

    ReplyDelete
    Replies
    1. වෙච්චි තැන පින්තුරෙකුත් තියෙන නිසා ගුණපාල යනු කවරෙක්ද?

      Delete
    2. වෙච්ච දේවල් ඇහින් දැක්ක වගේ ලිය‍නකොට ආයෙ ඕක අහන්න දෙයක්ද බොල.

      Delete
    3. දියනයිද ගොඩ නයිද නොමැති බව අවධාරණය කරමි.

      Delete
    4. දුසකයෝ,
      වෙච්ච තැන හරියටම අඳුනා ගත්තෙ උඹ බලාගෙන හිටියද?

      Delete
  6. හැලපෙ ඔතාගත්තා හවස කන්න. කාලම ඇවිත් කියන්නංකො.

    ReplyDelete
    Replies
    1. ෂැක්...හොඳම තැනද නවත්තලා. පොළොංගුනං එපා...මාත් කියන්නෙ.

      Delete
    2. ආයි පොලොං විසක් නෑ බොල.. මදාවියො.. හැක්

      Delete
    3. මේ හැම එකාම පොළොංගු කතාවක් කියනවා.අනේ මන්දා මේ එකෙක්ගෙ වැඩ නිසා මටත් වෙච්ච දේ.

      Delete
  7. "ඔහුගේ අත් දෙකම ගහල කහටින් රත්පැහැ ගැන්වී තිබුණි...
    ගහල කොළවලට අමතරව ඔහු ඇළ දෙපස වැවී ඇති කොහිල දළු මුවහත් පිහියෙන් සීරුවට කපා මිටියකට බැඳගනී....
    පොඩි අඩුපාඩුවකට තිබුනේ ගහල පඳුරු තරම් ඉක්මනින් කොහිල පඳුරු නොවැවෙන එකය....
    ඒ හේතුවෙන් ගුණපාලට හැමදාම කපාගන්නට තරම් කොහිල දළු ඇළ දෙපස නොතිබුණි...."


    මෙතන තමා කථාවේ Y හන්දිය...
    මට ලූෂන් බුලත්සිංහල මතක් වුණා...
    ඔහු තරම් උපමා බහුලව ගීත වල යොදන්නෙක් තවත් නෑ...
    වියාගෙන යනකොට පැදුරේ මෝස්තරේ පැහැදිලීව පෙන්නෙ නෑ...
    ඒත් වියාලා ඉවරවෙලා ඈත ඉඳන් බැලුවම හැබෑවටම හැඩයි....

    ReplyDelete
    Replies
    1. උපමා කිහිපයක් යෙදුවා තිස්ස කොච්චර දුරට සාර්ථකද දන්නෙ නෑ.අගැයුම ගැන ස්තූතියි.

      Delete
  8. මමත් හැම සතිඅන්තයකම වගේ විඳින ජීවිතය අපූරුවට ගෙත්තම් කරලා අපේ හැලපස්...තෑන්ක්ස්...
    මචෝ..ඔය ගහල සහ හබරල කියන කොළ වර්ග දෙක ටැපලිලා වගේ නේද? ( with all due respect)
    හබරල කොල නේද මස් කඩේට වැදගත් (සිලි සිලි බෑග් යුගයට කලින්)..
    ගහල කියන්නේ කිරි අල වලටද?
    දිය හබරල කියන්නේ අර අල කොළ මාලුව හදන ඇල අයිනේ තියෙන ගස් වලට නේද?
    උඩ පින්තූරේ නම් තියෙන්නේ ඒ අලකොල දළු කඩාගන්නා ඇල තියෙන ගස් යායක් තමයි...
    කෘෂිකර්මයා ගැන කී කථා එතරම්ම එකඟවෙන්න පුලුවන් තත්වයක නැත...!!

    ReplyDelete
    Replies
    1. ගහල කියන්නෙ ආහාරයට ගන්න අල වර්ගයක්නේද?

      Delete
    2. ඔව් මචං වැල් හබරළ කොළ තමයි.අපි ගහල කියලත් කියනවා.ගහල කියන කිරි හබරළ අල කෑමට ගන්නවා.මටත් උඹේ ඔය සති අන්ත ජීවිතය විඳින්නට ඇත්නම්?
      කුසිකර්මයා ගැන කී සියලුම දේ සත්‍යයය.

      Delete
  9. එක හුස්මට කියෙව්වා.. අර උඩින්ම දාල තියෙන පින්තූරෙට උපරිම සාධාරණය වුනා කියන්න පුලුවන් බය නැතුව.. මුලින්ම ලෝබ උනේ ඒ පින්තූරෙට.. අන්තිමට ලෝබ උනේ සිරියා.. හුප්.. මං කියුවේ මේ කතාවට.. නවත්තපු තැනත් උපරිමයි.. ඔන්න බොරු සිල් එහෙම ගන්නවා නොවෙයි ඊලඟ කෑල්ලෙදි.. දෙන්න ඕනි ආයි දොඹෙන් යන්න..
    ආ.. හෙන ට්‍රයි එකක් දුන්නා ඉස්පෙලින් මිස්ටේක් එකක් හොයා ගන්න බැරි උනානේ. මං දැන් මේ බයෙ ඉන්නේ මෙ කොමෙන්ටෙකේ වැරදි කීයක් ඇත්ද කියලා.. හැක්.

    ReplyDelete
    Replies
    1. නැත්තේමත් නැතිය. කළාය.සිරියාවතී, ඉතුරුඋන, මෙහෙම වචන දෙක දෙක අමුණා ලියන්නේ නැතිය. අමාරුවෙන් මේ ටික හොයා ගත්තෙමිය. කළ්‍යාණ, තව ටිකක් කොහොම හරි හොයා ගන්න බලන්න ය. අපි හැලපයියාය දොඹෙන් යන්න දෙමු ය. ආයෙ කෝප ගන්ට හෙම කාරි නැති ය. එහෙම හිතේ නම් අහු වුණු වෙලාවක හොම්බට දෙකක් ඇන්නාට කම් නැතිය. හැලප අතින් නම් මට එකක් වුණත් සෑහෙයි කියා හිතෙනවාය. මෙහෙම ඔක්කොම වාක්‍ය ටික එකම විදිහට අවසන් කළාම මොකක්දෝ අවුලක් දැනෙනවා වගේය. ඒක දැනෙන්නේ දෙවෙනි පාර කියවනකොට ය. ඒ කොහොම වුණත් තව කතා ලියන්න කියා මම යෝජනා කරමිය. හිකිස් ය.....

      -සිදත් ඇනෝ-

      Delete
    2. හුරේ වරේවා! කමෝන් සිදත් ඇනෝ.. //හැලප අතින් නම් මට එකක් වුණත් සෑහෙයි කියා හිතෙනවාය// එකෙන්ම.. අද ගහතහැකි බාගයක් අමුවෙන්.. තව තව ලියනකොට තව තව වැරදි අහුවෙයි.. :p

      Delete
    3. ඔය පින්තූරෙ කමියෝ මම ගත්ත පිංතුරයක් වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්නට අවශ්‍ය නිසා ඊළඟ පොස්ටුවේ වෙනම අටුවාවක් ඔය ගැන ලියන්නට අදහස් කරමි.

      Delete
  10. ඉතිරි කොටසත් ඉක්මනට දාන්න. සත්තු සර්පයෝ නම් ආවත් කමක් නෑ. අවේලාවේ ජිනදාසය හරි කුසිකර්මය හරි ඔය පැත්තේ නම් ගෙන්නන්න එපා. :)

    හැලපෙගේ කතා වල නම් තියෙනවා අමුතුම රසයක්. හැලප වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්.සත්තු සර්පයො මොක්කුවත් නෑ බයවෙන්න එපා.

      Delete
  11. අද නම් හැලප රසම රසයි... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.හැබැයි තව මොකුත් කීව නම් තමා හොඳ.

      Delete
  12. Replies
    1. ස්තුතියි බං.දැන් නෙළුං යායේ ඇඩ්මින් උඹ වගේ.

      Delete
  13. සුපිරි කතාවක්.. කේ ජයතිලකගෙ පොත් මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්.

      Delete
  14. වෙලට නැමිච්ච බෝ අත්තක් තියන පිංතූරයක් දැම්මෙ මොකද ? ඉතිරි ටික ආයෙ නොලිවුවත් කමක් නෑ මම මවා ගත්ත කතාව හොදටම ඇති.
    මාළු ඔතන්ඩ ගත්ත කොල වලට අපි කිවුවෙ කෙටල කොල.

    ReplyDelete
    Replies
    1. පින්තුරෙ ගද්දි බෝ අත්ත අහුවෙලා.මං මොනා කරන්නද බං.උඹ මොනා මවා ගත්තත් ඉතුරු කොටස ලියල ඉවරයි.
      කෙටල කොලවල මාළු ඔතන්න බෑ කම්මලේ.ඒ කොළ හීනියි දිගයි.ඇළවල් අයිනෙ කෙටල පඳුරු දැකල නැද්ද?

      Delete
  15. හැලපයෙන් බාගයයි තියෙන්නේ.... දැනට බාගේ රසවින්දා.... ඉතුරු ටිකත් ඉක්මනටම අාවානම් තවත් රහට තියෙයි

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න.

      Delete
  16. 1. නාඹිරිත්තා
    2. දෙමළ වැල්

    නොදනිමි.

    ReplyDelete
    Replies
    1. මේක නං වෙන්න බැරි වැඩක්.රසික ගනේමුල්ලේ නේද.ස්ටේෂන් එකේ වැටෙත් දෙමළ වැල් ගිහිං තිබුනා.ඉතිං දැකල නැතිවෙන්න බෑ ඒ නමින් නොදන්නවා විය හැකියි.

      Delete
    2. දෙමළ වැල් යන්න මේ සුවිසාල වෙබ් ලෝකයේ සඳහන් වී ඇති එකම තැන ඔබේ මේ කෙටි කතාව පමණයි!
      Google search results for දෙමළ වැල් - Click here

      Delete
  17. කොහිල කටු ඇනුණු හැටි එන ඊළඟ කොටසින්?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම තමා හිතං ඉන්නෙ.

      Delete
  18. කෘසිකර්මයා ගැන කියපු එකත් හොඳයි... හැමතැනින්ම පීඩා වින්දම පොඩි සැනසීමක් වත් ලබන්න හොඳ නරක අමතක කරනවා නෙව..
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බෝ.

      Delete
  19. කල් ඇතුවම අඹ දීලා. හොඳා හොඳා... දොලදුක් තව ඉස්සරහට හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල අඹ දෙමු.දොළදුක් ගැන පස්සෙ බලාගන්න බැරුවයැ.

      Delete
  20. මේ පින්තූරෙ දැක්කම ඇහැට දැනෙන සිසිල...මම ගොඩාක් වෙලා බලා උන්නා ඒ දිහා...ඊලග කොටසින් හමුවෙමු එහෙනං...

    ReplyDelete
    Replies
    1. පින්තුරය අගය කිරීම ගැන ස්තූතියි සිරෝ.පින්තුරෙ ගත්තු හැටි ඊළඟට වෙනම ලියන්නං.

      Delete
  21. ඔන්න හැලපේ තවත් වරහනක් ඇරියා එහෙනං.

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ටුවෙන් වරහන වසමි.

      Delete
  22. දුරගියා වැඩි කියලා ඊලග එක දාන්න කල් ගන්න නම් එපෝ..

    ReplyDelete
    Replies
    1. නැත නැත කිසිසේත්ම නැත.

      Delete
  23. කුසිකර්මයා කියන්නේ කෘෂිකර්ම ක්ශේත්‍ර නිලධාරී නේද මෙයාට බීජ වියාප්ත නිලධාරී කියලත් කියනවනේද ?

    ReplyDelete
    Replies
    1. කෘෂිකර්ම පර්යේෂණ සහකාර කියල කට්ටියක් දැන් ඉන්නවනෙ.අන්න ඒ අය.

      Delete
  24. එල ද බ්‍රා...
    පොලොගා එයිද?
    ඉක්මනට ඉතුරැ ටික

    ReplyDelete
    Replies
    1. යකෝ පොළගා එන්නේ නෑ.. හැක්..

      Delete
    2. නෑ බං ඔහෙ එන පොළඟෙක් නෑ බං.

      Delete
  25. හැලපාස්... කාමෝද්දීපනාස්.. කතාස්..

    ReplyDelete
    Replies
    1. ඔවු උඹනං පොළඟෙක් දාල වැඩේ අල කරනවනෙ.

      Delete
    2. මේ උඹ කරපු මඟුලෙන් හැම එකාම මට බනිනවා.රටේ ඉන්න සරුපයි ගෙනත් ගෙවල් ඇතුළට දාල එනව මෙතන හොඳ මිනිහ වෙන්න.

      Delete
  26. කුසිකර්මයා හරියට නිකන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වගේනේ හැලපයියේ.බලහන්කො ඔය ගම අපිට අත්දකින්න නැති විදියක්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං උන්ගෙ බලේ.බොලා එකතුවෙලා පෙරලුවේ නැත්නං තාම ඕකුං රජකරනවා.
      ගම අත්දකින්න කිසි අපහසුවක් නෑ බං.වරෙන් මම පෙන්නන්න.

      Delete
    2. අනිවර්යෙන් එනවා,මට පෙන්නාහන් හොඳේ.

      Delete
  27. හැලපේ, අම්මපා ඇරැව්වල නන්දිමිත්‍රගේ කෙටිකතාවක් වගේ. මේ වගේ සිද්ධි තියන, 1960 දශකය පාදක කරගත් කෙටිකතා, ඒ කාලේ ඇරැව්වල විසින්, සිළුමිණට ලිව්වා මතක ඇති. සමහරවිට ඔබ ඔහුව පෞද්ගලිකව දන්නවත් ඇති.

    ස්ත්‍රී චිත්තය පමණක් නොව, වක්‍රව, තමා විසින්ම තමා සූරාකෑමට ඉඩදෙන ආකාරය, හොඳින් නිරූපණය වෙනවා. ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචා.ඇරැව්වල නන්දිමිත්‍ර මා ඉතා අගය කරන ලේඛකයෙක්.ඔහු මා හා සමාන කරාවි කියා මා කිසිදිනෙක හිතුවෙ නෑ.නන්දිමිත්‍ර ස්වභාවික රීතියෙන් කෙටිකතා ලිව්වා.

      Delete
  28. දෙන්න හැලපයියේ දෙන්න! ඔන්න ඊළඟ එකේදි මේ ගෑනි කෘසිකර්මයා එක්ක එහෙම යවන්නෙපා!

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.එහෙම කරන්නෙ නෑ.බලාගෙන ඉඳින්.

      Delete
  29. ගුණපාල අයියෙ . සිරියාවතී අක්කෙ... පොඩ්ඩක් එහාට වෙයල්ලා මං මේ විසිකැත්ත අරං ආවා මේ ටික විසිගහල දාන්න..ඊට පස්සෙ කරන එකක් කරගනියව්. පොළොංගු විමානෙ .. ආයෙ කෑවොත් එහෙම එපා කියන්නද ..චැහ්

    ReplyDelete
    Replies
    1. ඔයහරියේ රන්වන් පොළොන්ගුත් ඇති. බලාගෙන.

      Delete
    2. ගුණපාල අයියෙ . සිරියාවතී අක්කෙ... පොඩ්ඩක් ඉවසන් හිටහල්ලා මම කඩේට ගිය අම්මා කායි ඉසව්වද කියලා බලලා එන්නම් උන්දෑ විගහින් ආවොත් එහම ...මම උන්දෑව සුනංගු කරලා එන්නම්.

      ප්‍රසා.
      මිට ...කියලා නමක් දාපන්

      Delete
    3. මීට හැලපයා.

      (ඇයි යකෝ නොමිලේ 3 ඩී බ්ලූ ෆිල්ම් එකක් ලයිව් බලන්න හම්බෙනවයි කියන්නෙ ඉතිං ආයෙ මොනවද?)

      Delete
    4. මේ පාර පොළඟා කුසිකර්මයා වෙලා එයිද දන්නේ නැ ....හැබැයි සෙන්නා කිව්වා පොළඟා පරාදයි.... කියලා ...

      Delete
    5. සින්දු ඇනෝ
      සෙන්නා ලියන කුරැන්ද එල ද බ්‍රා මමත් ගිහින් ආවේ.

      Delete
    6. එළකිරි මල්ලි.විනෝද සමය වගේ,.බ්ලොග් ලිවීමේ තෘප්තිය මෙයමැයි.

      Delete
  30. ලස්සන කතාවක්. ඊළඟ කොටස ඉක්මණට දායි කියල බලන් ඉන්නවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නෙ ඉක්මනට ඉතුරු ටික දානවා.

      Delete
  31. පෝස්ට් එකට හොඳක් කියන්න හිතෙන්නේ නැහැ අනාථ කරන අනාථ කිරිල්ලේ හැටියට...
    බලමු ඊළඟ පාරවත් මේ වරහන නියම විදිහට වහයිද කියල...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා කොල්ලො.ඊලග සැරේ ලුණු ඇඹුල් ඇතුව දෙන්නංකො.

      Delete

ඔබේ අදහස්