Wednesday, May 27, 2015

අලුත් ගහේ අඹ 2

අළු පැහැ ගත් වලාකුළු කැදලි නිල් අහස පුරාම විසිරී තිබෙනු හිසට ඉහළින් ඇති මල් පිරි වැල් වියන අතරින් සිරියාවතී දුටුවාය.කෙටි තණපත් පහස සිරුරට සුවදායක වුවත්  විටින් විට පිටේ ඇනෙන නිදිකුම්බා මුල ඇයට තරමක  අපහසුවක් විය.සිදුවුයේ සිතාසිටි දෙයක්ද?මොකද නැතුව!ඇය අනික් අතට තර්ක කළාය.ගුණපාල ඇගේ හිතේ හොල්මන් කරන්නට වුයේ මීට පෝය දෙකකට පමණ ඉහත සිට නොවේද?ඇය මහළිඳේ නාන්නට ගිය දිනෙක ගුණපාලද ළිඳේ නාමින් සිටියේය.සිරියාවතී දියරෙද්දද ඇඳගෙන ළිං මිදුලට බැස්සත් නාන්නට කම්මැලිය, මහළිඳේ වතුර බෙහෙවින් සීතලය.ළිඳේ නාන්නට හිටියෙ උන් දෙන්නා පමණකි.ගුණපාල තමන්ගේ ඇඟට වතුර ටිකක් විසිකර විහිළුවක් කරනු ඇතැයි ඇය සිතුවද ඌ එහෙම කලේ නැත.සිරියාවතී සමග වචන දෙකතුනක් කතාකළ ගුණපාලයා අත ඉක්මන් කර නාගෙන යන්නට ගියේය.සිරියාවතීට එවෙලේ බලාපොරොත්තු කඩවුනාක් වැනි හැඟීමක් ඇති නොවුයේද?කෙසේවුවද කාරණා කටයුතු මේ ආකාරයට සිදුවීම එක අතකට හොඳ යැයි ඇය සිතුවාය.යකෙක් වගේ හිටියට ගුණපාල ගම තුළ නම කැත කරගත් එකෙක් නොවේ.අනික් අතට ගමේ පිරිමි කීප දෙනෙක්ම ඇගේ පහස බලාපොරොත්තුවෙන් සිටියත් සිරියාවතී උන්ට කිසිම අනුකුලතාවක් දැක්වුයේ නැත.ඇගේ සිත ගියේ තම පහස නොපැතූ ගුණපාලටය.ජීවිතය හරිම පුදුමාකාරය. මේ ප්‍රහේලිකා විසඳන වෙලාවක්දැයි  ඇය කල්පනා කළේ මදහසකිනි.

තියෙන හදිස්සියට ගුණපාලයා හැට්ටය ඉරාදමනු ඇතැයි ඇය බියපත් වුවාය.ඉරුවොත් තව කරදරයකි.කටු ටික ගලෝනකං ඉඳපං දඟලන්නෙ නැතුව!සිරියාවතී කටු ගලවනතුරු සුනංගු නොවූ ඒකා වදෙන් පොරෙන් තනයක් එළියට පන්නවා ගත්තේය. මූට තියෙන තදියමක් අම්මප!සිරියාවතී ගුණපාලයාට රැව්වේ හිත යටින් හිනා වෙමිනි.ගුණපාලයා  මුහුණ සිය ළමැද ඔබාගෙන ආදරය පාද්දී රැවුල් කොට ළමැදේ ඇනී ඇයට සියුම් කිතියක් දැනුණි. ඇය සොම්නසින් නෙත් පියාගෙන විටින් විට බඳ ඔසවා පෑවේ නිරායාසයෙනි. ගුණපාල තෘප්තියෙන් කෙඳිරි ගෑවේය. ඒ ඇය බොහෝකලෙකින් අත්විඳ නොතිබූ ආදරණීය ආලිංගනයකි. එය අතහරින්නට ලොබින් සිරියාවතී ගුණපාලයාව බදාගත්වනම පසුවූවාය.ඇගේ කෙස් වැටිය ලිහී  විසිරී යන්නට ඇත්තේ  ගුණපාලයාගේ අතින් විය යුතුය.

සිරියාවතීගේ ගන කළු කෙස්කළඹින් හමන තණපත් සුවඳ ගුණපාල ආඝ්‍රාණය කලේ  දෑස් පියාගෙනය.ඇගේ සිහින් නැමෙනසුලු පිරිපුන් සිරුර ඔහුගේ ආශාව මුවහත් කරයි.ඒ තුරුණු  සිරුරේ අව්වට නිරාවරණ වූ තැන් මදක් දුර්වර්ණ වුවද ආවරණය වී තිබී ඇති තැන් මොන තරම් පැහැපත්ද.ඇගේ උස්වූ  දැඩි පියයුරු යුවළ ඔහුගේ පපුව තෙරපයි. සුමට පැතලි කුස මත නැබ වටාවූ රන්පැහැ ගත් සියුම් රෝම ඉන් ටිකක් පහළට වනවිට ඝන කළු තත්කෙඳි වන් රෝම කැටියක් වෙයි.මෙතෙක් කල් තමන් හැසිරුනේ අන්ධයෙක් මෙන් නොවේදැයි ඔහු කල්පනා කලේය.

කලෙකින් නොදැනුනු සැහැල්ලුවක් සිරුර පුරා විසිරී යනු ඇය අත්වින්දාය. සිරියාවතී මිටිකරගත් අතින් ගුණපාලයාගේ පිටට තහ්  තහ්  ගා දෙකක් තැලුවේ නිකමටය.ඌට වගේ වගක් නැත.චීත්තයේ ඇලුණු තුත්තිරි ගලවා දමන්නට දවසක් වත් ගතවනු ඇතැයි එකවරම ඇයට සිහිවිය.හදිස්සියෙ කවුරුහරි ආවොත් කුමක් වේවිද?ඇතිවන  තත්වය ඇය සිහිපත් කළේ සිනාවකිනි.කවුරු එන්නද?චන්දරේ උදේට මීහරක් රැළ වෙළට දැක්කාන ඇවිත් ගියාට පසු ආපහු එන්නේ හවසටය.ඉස්සර නං ඉස්කෝලෙ ළමයි උදේටත් දවල්ටත් නියර දිගේ ඉස්කෝලෙට ගියත් වෙල්යාය පාළුවී නියරවල් කැඩී ගිය පසු කවුරුවත් නියරෙන් ඉස්කෝලෙ යන්න එන්න අපොරොන්දුය. ඊටමත් තාම ඉස්කෝලෙ ඇරී නැත.ඉස්කෝලෙ බැල් එක වදිනවා මෙතනට ඇහෙන්නේ කණේ තිබ්බාක් මෙනි.පාඩමක් අවසානයේ බැල් තුනකි ටිං ටිං ටිං ,විවේක කාලයේ බැල් එක ටිකක් දිගය,ඉස්කෝලෙ ඇරෙනවිට ගහන බැල් එක ඊටත් දිගය.ටිං ටිං ටිං ටිං ටිං ටිං ගහගෙන ගහගෙන යයි.හරියට ගුණපාලයා වගේම  නොවේදැයි සිතූ ඇයට බකස් ගා පිටවූ සිනාව නවත්වා ගත්තේ බොහෝ වෑයමෙන් ගුණපාලයෑ උරිස්සේ මුව සඟවාගෙනය.අසළ අකුළේ රැහැයියෝ වැරදමා කෑගසති. ඌයි, ගෙළ මුල සියුම් වේදනාවක් දැනී ඇය ඇසැර බැලුවාය.ගුණපාලයාගේ දත් පහරක් වෙන්නට ඇත.ඌ  සිය ආවේගයන් තම සිරුර මත සිත්සේ පිටකරහරී .

ගුණපාලගේ ග්‍රහණය දැඩිවනවාත්  සමගම ඇගේ යටිකය තුළට උණුසුමක් දැනුණි. එතෙක් දැඩිව තිබු ගුණපාලගේ ග්‍රහණය ටිකින් ටික බුරුල්වී අවසන ඌ සිරියාවතී අතහැර ඇගේ පසෙකින් බිම වැතිරී හැති හලන්නට විය,අවකාශයට විවෘතවූ නිරාවරණ කය වසාගන්නට කඩිනම්වූ සිරියාවතී බිම අතගාමින් චීත්තය සෙව්වාය.ගැලවී,කැඩී,ලිහී,පොඩිවී,විසිරී ඇති සියල්ලම සකසා පිළිවෙලක් කර ඇඳගත යුතුය.ගුණපාලයාට නම් එච්චර කරදරයක් නැත.යකිනාරං පඳුර පාමුල තිබු සරම සොයාගත් ඌ එය ගසා ඇඳගෙන සිරියාවතී ඇඳුම් සකසා ගන්නා තුරු ඉවසිල්ලෙන් බලා සිටියේය.මේ තියෙන්නෙ හපංකම! සිරියාවතී හැට්ටය මඳක් මෑත්කර රත්පෑ වූ තැනක් ගුණපාලට දැක්වූවාය.කෝ බලන්න!ගුණපාල නැගිට සිටියේ එතැන හොඳින් බලාගනීමටය. නෑ නෑ ඔය ඇති මොකෝ බලල බේත් කරන්නයැ !ඇය ගුණපාලට රැව්වත් දෑසේ සිනාවක් විය.බොහෝ වේලාවකට පසු හමුවූ දෙදෙනාගේ දෑස්  එකට පැටලී කියාපෑවේ එය දෙදෙනාටම ඉතා සොඳුරු හෝරාවක් වූ වගකි.නැගී සිටි ඌ සිරියාවතීගේ හිසකෙස්වල පැටලී තිබූ පරඬැලක් අතින් පිස හැරියේය. 

හ්ම්...එහෙනං මම යන්නද?

පොඩ්ඩක් ඉඳිං...සිරියාවතී  එක්වරම ගුණපාල දෙස හැරී බැලුවාය.

උඹට තාම කරදරයි නේද?

ඒව නං මොකට කියනවද? ඇය කතාකළේ බිම බලාගෙනය.

ඉතිං ඔච්චර දුක් විඳින්නෙ අහවල් එකකටද? වරෙං මගෙත් එක්ක යන්න,උඹට දාල යන්න බැරි දෙයක් නෑනෙ ...ගුණපාලට සිරියාවතී ගැන මහත් ස්නේහයක් හා දුකක්ද එකවර දැනුණි.

කොහෙ යන්නද?

හත්කෝරළේ, අපේ ගමේ...

ගිහිං...

වත්තක මුර වැඩක් වත් හොයා ගන්න බැරුවයැ,දැන් ඒ වගේ රස්සාවල් හරියට තියෙනවා...

කතා කරන්නට පෙර සිරියාවතී බලාගත් අත බලාගත්වනම බොහෝ වේලාවක් සිටියාය.

ඔය ජිනදාස උඹ වගේ ඇහුරුම්පැට්ටුමට වැඩ කටයුතු කරන්න දන්න එකෙක් නෙවෙයි,අඩු තරමෙන් ඌ වතුර කේතලයක් පස්සගන්න වත් දන්නෙ නෑ!ඇගේ කටහඬ බරවී තිබුණි.

මම ගියොත් ඌ සුදහගින්දරේ,අනික මගේ පව් උඹ කරගහන්නෙ අහවල් එකකටද? මට පුලු පුළුවන් වෙලාවට මේ වගේ උඹව හම්බවෙන්න එන්නං... සිරියාවතී කතාකළේ ඈත බලාගෙනය.ගුණපාල නිහඬව අසාසිටී. දඩාං හඬින් අසළ ගසකින් කුරුම්බාවක් බිම ඇදවැටී හතරට පහට පැලී වතුර විසිවනු ඌ බලාසිටියේය.

මං යනවා...සිරියාවතීගේ කටහඬ ඔහුට ඇසුනේ ඈත ලෝකයකින් එන හඬක් මෙනි.  ඈ පොල්ලතු මිටියත් ඇදගෙන වත්ත කෙළවරේ අඩි පාරේ වංගුවෙන් හැරී නොපෙනී යන තුරුම ගුණපාල බලා සිටියේය෴

ප.ලි.
පසුගිය පෝස්ටුවට මවිසින් පළකරන ලද පිංතුරය ගැන කීප දෙනෙක්ම ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබුණි.එම පිංතුරය මවිසින් ගන්නා ලද්දේ බිරිඳගේ සුන්දර ගමේදීය.ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ වත්තේ කෙළවරය.වත්ත කෙලවර වන තැන අලංකාර ගල්තලාවක්ද ගල මත බෝ ගසක්ද ගලට පහළින් සිලි සිලි ගාමින් ගලා බස්නා දොළ පහරක්ද වෙයි.දොළ පහරට ඔබ්බෙන් වෙල්යායය.වෙල්යායට ඔබ්බෙන් ඈත පෙනෙන නාන ළිඳකි.ඇගේ නිවසට ගිය සෑම දිනෙකම එම ගල මත හිඳගෙන දොළ පහරට දෙපා ඔබාගෙන ඒ සුන්දර පරිසරයේ රස විඳගන්නට මම  අමතක නොකරමි.

පසුගිය දවසක බිරිඳගේ නිවෙසට ගිය විට මම හැලපැට්ටාද කැටුව වත්ත පහළට ගොස් පිංතූර රැසක් ගත්තෙමි.හැලපැට්ටා විසින් ගන්නා ලද අපූරු පිංතූර බොහොමයක් පළකිරීමට අපහසුවී ඇත්තේ ඒවායේ මා පෙනීසිටින බැවිනි.ආපසු එමින් ගමන අපි දෙදෙනා වත්ත පහළ කැලෑවට වැවී ඇති ගස්වලින් ඇඹුල් පේරද ගස්යට වැටී පැළවුනු පැළකජුද රස වින්දෙමු.හිඹුටු වැල් ඌ දැක්කේද එදාම විය යුතුය.මේ සුන්දර පරිසරය තව කෙතෙක් කල් ආරක්ෂාවී තිබේදැයි මට කීමට නොහැක.කෙසේ වුවද ඒ සුන්දරත්වය හැලපැට්ටාට නොමඳව අත්විඳගැනීමට සලස්වන්නට හැකිවීම ගැන මා බොහෝසේ සතුටුවෙමි.කෙසේවුවද පිංතූර වලින් ඒ සුන්දරත්වය දැක වර්ණනා කළ ඔබද ඒ පරිසරය අත්විඳීම මට ඊටත් වඩා සතුටකි.

100 comments:

  1. අයිසෙ හැලපෙ අදත් අහල නැති වචනයක් "අපොරොන්දු".
    ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වචනෙ ගැන ප්‍රශ්නයක් ආව.

      Delete
    2. ඔ්ක ඒච්චර දෙයක් නෙමෙයි බොලව්.....

      අපොරොන්දු = අ පොරොන්දු ඒච්චරයි

      Delete
    3. අපොරෝන්දු දන්නැ........ අපොයි මුන්දෑලා සිංහල දන්නෙත් නෑනේ

      Delete
    4. මේකත් අර ප*ය වගේ කේස් එකක් වෙන්නයි යන්නෙ.

      Delete
    5. http://www.thesaurus.com/browse/unpromising ?

      :- D

      Delete
    6. අපොරොන්දු කියන්නෙ අකමැති කියන එකට අයිසෙ ඇනෝ.ඔය වචනෙ මම අහුලගත්තෙ අපේ ගමේ අම්මගෙන්.ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්මා.උන්දැගේ වචන කෝෂයේ ඔය වචනය නිබඳව පාවිච්චි වුනා.

      Delete
  2. එල එල ද බ්‍රා..
    පොළගා ආවේ නෑතෝ...
    ගුනපල සිරියාවතිට ගමට යන්න කතා කරපු එක රෙස්පට් ...ඒ වුනාට සිරියාවති බෑ කියපු එක ඊට වඩා රෙස්පට්..

    ReplyDelete
    Replies
    1. එතකොට අර ඉඳලා හිටලා හම්බවෙන්න එන්නම් කිව්ව එක??

      Delete
    2. ඒක මාර රෙස්පොට්. මම නම් කැමතිම ඒකට

      Delete
    3. /// @ කලාමැදිරියාMay 28, 2015 at 12:13 AM
      ඒක මාර රෙස්පොට්. මම නම් කැමතිම ඒකට ///

      එළය... ඊටත් වඩා පට්ටය...

      Delete
    4. අපි පොඩි උන් නොකියා මැන්ඩියා යමක් කියපු ඒක මට ඊට වඩා රැස්පොට්.

      Delete
  3. "අඹ ගය යට සෙවනේ
    ඉල්ලලා අඹ ගන්නේ
    අඹ ගය යට සෙවනේ
    අල්ලලා ඉඹගන්නේ ...."

    උම්ම්මම්ම්ම්ම්මා...................
    නෙදකින් ඉතරක් .යකෝ මේ ටිකත් කලින් එකේම ලියන්න තිබුනනේ .ක්ෂණික මෝචනේ වගේ පටන් ගන්නකොටම ඉවරවෙලා .ඒ මැද්දට වෙළඳ දැන්වීමකුත් දාලා ...


    //මම ගියොත් ඌ සුදහගින්දරේ,අනික මගේ පව් උඹ කරගහන්නෙ අහවල් එකකටද? මට පුලු පුළුවන් වෙලාවට මේ වගේ උඹව හම්බවෙන්න එන්නං... සිරියාවතී කතාකළේ ඈත බලාගෙනය.ගුණපාල නිහඬව අසාසිටී. දඩාං හඬින් අසළ ගසකින් කුරුම්බාවක් බිම ඇදවැටී හතරට පහට පැලී වතුර විසිවනු ඌ බලාසිටියේය.//
    මේ වාගේ සිරියාවතිලා තව කොච්චර ඇතිද ???

    ReplyDelete
    Replies
    1. ඌට ක්ෂණික මෝචනේ වෙන්න ඇති බං.කතාව දිග මදි නිසා මැද්දට වෙළඳ දැන්වීමක් දැම්මා.හැබෑටම කොල්ලො මේ කතාවට හරියන සිංදුවක් එහෙම නැද්ද?

      Delete
  4. මරු බං.. උම කතාව අන්තිමේ ගුණපාලයා කරකවල අතෑරියා සිරියාගේ කතාවෙන්.. මම හිතන විිදියට ජීවිතේ විදීම කියන්නේ ඒක තමා. අර ඕෂෝ කිව්ව වගේ ලං කරගන්න හදිසි වෙන්න ඕන නෑ.. ඉන්නම බැරි නං වෙන කරන්න දේකුත් නැත්නං විතරක් ලගට කරගත්තම මදෑ.. අපුරුයි.. උමගේ බාසාව හැසිරීම, උපමාවන්, පරිසර වර්ණනවාන්.. විශේෂයෙන්ම සිරියාගේ ආලිංගන චිත්තප්‍රීතිය ඉතා සාර්ථකව ඉදිරිපත් කරල තියෙනවා.. මටත් මේ කතාවේ ඉගෙන ගත යුතු බොහෝ තැන් තියෙනවා.. ජය වේවා..

    මට පොඩි අවුලක් තියෙන්නේ පරිකල්පනය මත ගොඩ නැගුනු මේ කතාවේ අනුභූතිය/ප්‍රභල නිමිත්ත හොයාගන්න බැරි වෙච්චි එක විතරයි..

    ReplyDelete
    Replies
    1. //මටත් මේ කතාවේ ඉගෙන ගත යුතු බොහෝ තැන් තියෙනවා//
      නැතුව.. නැතුව. මීට පස්සෙවත් නයි පොළොංගු රිංගවගන්නැතුව වැඩේ කරන හැටි ඉගෙනගනිං.

      Delete
    2. දැන් ඔය ඉගෙන ගත්තු ඒවා දාල වහාම එකක් ලියපන් ඉතින්... නැත්නම් ඕවා අමතක වෙනවා

      Delete
    3. //මටත් මේ කතාවේ ඉගෙන ගත යුතු බොහෝ තැන් තියෙනවා//

      යකඩෝ මේ මනුස්සයා වයසටද කතාව.!

      Delete
    4. අනිවා දේශ් උඹ ඉගෙන ගන්න ඕන කැලේ වත් නැති සර්පයෝ නාන කාමර වල ඉන්න බැ කියලා ...
      බලපන් පිටේ නිදිකුම්බා මුලක් ඇනුන එක ඇරෙන්න එක කුබියෙක් කැවද ? අඩු තරමින් කෝහාපුටෙක් කෑවද ? ...හැක් හැක්

      Delete
    5. @සින්දු ඇනෝ
      :D පට්ට කමෙන්ට් එක
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. සින්දුවෝ, ඔය දේශාගෙ බාත් රූම් එකේ පොළොංගුංටත් රිංගංට ඇහැක්ලු. අපි දන්න පොළොංගුනං ටයිල් පොලොවෙ දාන්නෙ බ්‍රේක් ඩාන්ස්. මට හිතෙන්නෙ දේශා තමා පොළඟා.

      Delete
    7. ඇගයීමට බොහොම ස්තූතියි දේශෝ,
      //මට පොඩි අවුලක් තියෙන්නේ පරිකල්පනය මත ගොඩ නැගුනු මේ කතාවේ අනුභූතිය/ප්‍රභල නිමිත්ත හොයාගන්න බැරි වෙච්චි එක විතරයි..//
      මෙන්න මෙතන ගැන මටත් අවුලක් තියෙනවා.හැබැයි ඔය ස්ථානයේ ඌ කරපු ඔයවගේ වැඩක් ගැන දවසක් කුසිකර්මයා මට කීවා.ඒ කතාව මගේ හිතේ ඩිවෙලොප් වෙලා ලියවුන එකක් කියල මට දැන් හිතෙනවා.

      Delete
    8. ඒක තමා කුසිකර්මයා ප්‍රධාන චරිතෙට එන්න වගේ ඇවිත් ගියේ.. හැක්..ජය වේවා

      Delete
  5. කාමාශාවන්ගෙන් විනිර්මුක්තවූ චෛතසික මෙලොව දුර්ලභය, වගකීම්, බැඳීම්, ඉක්මවා යාම සඳහා, විශේෂ චුම්බක ශක්තියක්, ආකර්ෂණයක්, තෙරපීමක්, දීමට, හැඟීම් වලට පුදුමාකාර බලයක් තිබේ. සංස්කෘතික බන්ධන, සමාජ තහංචි යනු, අප විසින්ම හදන/කඩන සම්මතයන් පමණි.

    හොඳ සංයමයකින් ලියා තිබීම විශේෂයෙන් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචා.සිදුවීම් සිදුවේ එයට අපට කළහැකි දෙයක් නැත.අප කැමති වුවත් අකමැති වුවත් එවැනි සිදුවීම් සිදුවීම වලක්වන්නටද නොහැකිය.

      Delete
  6. හප්පේ යන්තං පොළඟ එන් නැතුව වැඩේ එකලාසයක් වෙලා.
    ජිනදාස ගැන හිතන හැටි කිව්වම ගුණපාලයට තවත් සිරියාවතී ගැන ලෙන්ගතු කමක් ඇතිවෙන්න ඇති.

    මේ පැත්තෙනං ඔය වගේ සුන්දර පරිසර තවත් ඉතුරු වෙලා තියෙනව. හැලපැට්ටට ඒ වගේ අත්දැකීමක් ලැබීම උගේ ජීවිතේ සුන්දර අවස්ථාවක් බව මගේ විශ්වාසයයි.

    ReplyDelete
    Replies
    1. ඔය පළාතේ අපේ පළාතට වඩා සුන්දර පරිසර ඇති බව මගේ විශ්වාසයයි.ඇත්තටම හැලපැට්ටාත් මමත් එදා හරිම සතුටු වුනා.

      Delete
  7. ඉස්සර බන්දුල පද්මකුමාර පති පතිනි සඟරාව ලියන කාලේ පලවෙච්චි ලිපියක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔය සඟරාව මට බලන්න ලැබිල නෑනේ බං.

      Delete
  8. සිරියාවතී හිත හොඳ ගැණි,හැලපයියා හිත හොඳ මිනිහා අර දුෂකයා වගේ සරුපයියෝ අරන් ආවෙත් නැහැනේ.

    ඔන්න හැලපයියා ආවම අපිවත් ඔය ගම බලන්ට එක්ක යන්ට ඕන හොඳේ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම එක්කගෙන යන්නං.උඹේ පැමිණීම සිදුවෙනවා නම්.

      Delete
  9. හැලප මාමේ දන්නේ නැති නිසා අහන්නේ ඔය වෙලාවට විඩෙන් විඩේ බෙල් එක ගහන ඒවත් සිහියට එනවද ?
    පොළඟා නැතිව නයාව කෙලින්ම තුබසට යැවීම ගැන අපගේ සාතිශය මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. //පොළඟා නැතිව නයාව කෙලින්ම තුබසට යැවීම ගැන අපගේ සාතිශය මෙව්වා එක//
      +++++++++++++++++++++++++
      ගුල් වල රිංගන්න ඕන සර්පයෝ මොකට මේ නාන කාමර වල රින්ගනවද නේද ?දේශා මේක හරි දැන ගත්තානේ ...හැක් හැක්

      Delete
    2. බැල් එක වදින තාලෙට තමා සිරියාවතීට වැදිලා තියෙන්නෙ. ඉස්කෝලෙ ඇරෙන බෙල් එක වදිද්දි තමා ගුණපාලයා සැටල් වෙන්නෙ.

      Delete
    3. මං හිතන්නෙ බෙල් ඒක ඇහෙනකොට මතක්වෙනවා ඇති.මෙව්වා එක ගැන මගේ හදපිරි මෙව්වා එක.

      Delete
  10. පින්තූරේ විස්තරේට ස්තූතියි. පහුගිය පෝස්ට් එකේ අහල තිබ්බ ප්‍රශ්ණෙට උත්තරේනම්... නෙළුම් අජිත් බිසී කියා නෙළුම්යායේ ඇඩ්ඩිං කමක් මගේ පිට පටවා ඇති බවයි. කොහොමත් මම හැම පෝස්ට් එකක්ම වගේ කියවන නිසා ඔය ටික එතන එල්ලන එක මහ ලොකු කජ්ජකුත් නෙවෙයි. ආ.. මං පැළ කජු කාලා නෑ.. පැළවුණු කජු ගෙඩියේ මදේ නේද කන්නේ? දිවිය ලෝක රහ ඇති නේද?
    කතාව ගැනනම් ආයි කියලා වැඩක් නෑ.. කොටින්ම කියනවනම් මෙච්චර සංවරව ලස්සනට මේ 'කුණුහබ්බ' ලියන්නේ කොහොමෙයි මට හිතා ගන්නවත් බෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. කියවන හැම පෝස්ට් එකම නෙළුන් යායට ගෙනිහින් එල්ලන එක ලොකු පිංකමක් බං.විශේෂයෙන් නැගී එන බ්ලොග් කරුවන්ට එය මහත් ශක්තියක්.
      උඹ යන්න කැමති නං මම දවසක උඹවත් ඔය ගමට ගෙනිහුං පැළ කජු කන්න දෙන්නං.කාල නැති එකෙකුට දෙන එක ඊට වඩා පිංකමක් නොවැ.

      Delete
    2. ඇ කවද්ද බං උඹ ඇඩ්ඩියා උනේ

      Delete
  11. පේ හිතවත් පත්තර මලයාගේ ආදරණිය මාමණ්ඩිය මොක්සුව සැපතට පත්වි ඇත

    ReplyDelete
    Replies
    1. පත්තර මලයාට මගේ සාතිශය සංවේගය පළකරමි.මාමණ්ඩියට නිවන් සුව පතමි.

      Delete
  12. නියමෙටම ලියල තියෙනවා. කිසිම කරදරයක් බාදාවක් නැතුව මේ විදියටම දේවල් කතාවල හරි වෙන එකත් ලොකු දෙයක් නේ හෙහ් හෙහ්

    ඇත්තටම හදිස්සියේම මේවගේ එකක් ලියන්න හිතුන හේතුව මොකක් ද? ඇර උඩින් දේශකය හෙන වචන ටිකක් දාල අහල තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් වගේ සිද්ද වෙන දේවලුත් තියෙනවා නේද පැතුම්.මේකත් අන්න ඒවගෙන් එකක් කියල හිතාගන්නකො.
      ඇත්තටම හදිසියෙන් නෙවෙයි මේ කතාව මගේ හිත තුළ පිළිසිඳගෙන බොහෝ කලක් වැඩුනා.එළියට ආවෙ ඉන් පසුවයි.මෙයට නිමිත්ත වූ දෙය ගැන මම දේශාට දී ඇති පිළිතුර බලන්න.

      Delete
  13. ලිවිල්ල හොඳයි, නමුත් හදිස්සි ගතියක් තිබුනා. හරියට ගුණේට වගේ...

    අන්තිමට මුකුත් නැහැ වගේ නේද හැලප+අයියේ...
    සිරියාවතී ගැනද, ගුණේ ගැනද එහෙමත් නැත්නම් ජිනේ ගැනද මන්ද පොඩි පහේ කලවම් සිතුවිල්ලක් තමයි හිතට මුලින්ම ආවේ...

    ///ඔය ජිනදාස උඹ වගේ ඇහුරුම්පැට්ටුමට වැඩ කටයුතු කරන්න දන්න එකෙක් නෙවෙයි,අඩු තරමෙන් ඌ වතුර කේතලයක් පස්සගන්න වත් දන්නෙ නෑ!ඇගේ කටහඬ බරවී තිබුණි.///

    ජිනේ කියන්නේ කාලකන්නියෙක් කියලයි මටනම් මේ වචන හරහා හිතුනේ. එහෙව් එකෙක් ගැන හිතන ගෑනියෙකුටත් අඹ ගස් ගානේ කරුණු සිද්ධ කරනවා කියන්නේ ඌ කොහොමත් හරියන එකෙක් නෙමෙයි.
    ලපයි සිපයි නැත්නම් ගුණේ ගේ යෝජනාවට සිරියාවතී එකඟ උනත් මම වරදක් දකින්නේ නැහැ...

    ගමේ සුන්දරත්වය පොඩි උන්ට දෙන්න ඕනේ... අපේ එකා තාම පොඩියි කුඹුරක බස්සලා මඩ ටිකක් එහෙම ගාගෙන එන්න.
    තාම ගේ ඇතුලේ ඇවිද ගන්නෙත් පොඩි පොඩි ඇක්සිඩන්ට් වේවි... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ලිවිල්ල හොඳයි, නමුත් හදිස්සි ගතියක් තිබුනා. හරියට ගුණේට වගේ:-)//
      යකෝ හදිසි නොවී කොහොමද මේ වගේ වෙලාවල් වල. මේ වැඩේ කරන විදිය ගැන හැලපයියට හොඳ අත්දැකීම් තියනව.

      Delete
    2. ඕක මේ හුණු ගානවා වගේ කලොත් ආයි ඉතිං සිරියා බලන්නෑ ගුණයා ඉන්න පැත්තවත්. ටේක් ද පේස් මෑන්.

      Delete
    3. ගුණයාගේ හදිස්සිය හරි, ඌ දඩිබිඩියේ ඒ වැඩේ කරන එක තමයි ක්‍රමේ... ;)
      අවුල තියෙන්නේ ගුණයා හදිස්සියේ කරපු වැඩේ මුත් හදිස්සියේ සහ බොහොම සුළුවෙන් විස්තර කරාපු එක ගැනයි...
      හරියට අර ලංකාවේ TV චැනල් වල පෙන්නන ෆිල්ම් වල තියෙන සුට්ටටත් කොටු දානවා වගේ සීන් එකක්නේ...

      Delete
    4. ඔය වගේ තැන්වලදී කෙරෙන සංවාසයන් විය යුතු පරිද්දෙන්ම හදිසි විය යුතුයි.ගෙයක කාමරයක හැසිරෙන ආකාරයට එළි පහලියක හැසිරෙන්නට බැහැ නොවැ.කතාව වේගයෙන් ගලා ගියේ කතාව ඉල්ලන රිද්මය එය නිසායි.ඔබ වැනි තරුණයන් මේ කතා ඉතා ඕනෑකමින් කියවා රසවිඳීම ද යම් යම් සාධනීය විවේචන ඉදිරිපත් කිරීමද මා ඉතා අගය කරන බව වැඩිදුරටත් කිව යුතුයි.

      Delete
  14. පොඩි උන් නිසා අපි නම් කියෙවුවෙ එක ඇහැක් වහලා තනි ඇහෙන්.

    කතාව පට්ට.!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බීලා හරි තනි ඇහෙන් හරි කියවන්න ආයි ආපු එක කොයි තරං දෙයක්ද?? වෙල්කම් බෑක් ආප්ටර් හෙඩ් ඉන්ජරි.. (මානසික ආබාධය හරි ගියාද??) හැක්

      Delete
    2. අනේ ඇති යාන්තම් උඹ අවා ....
      ස්තුතියි නැවතත් බ්‍රෑන්ඩ් එක ගල්
      බයිට් එක වනචර ඌරා .....හැක්

      Delete
    3. තනි ඇහෙන් කියෙව්වට කොමෙන්ට් දාල තියෙන්නෙ හතරගාතෙන් වගෙයි. :D

      Delete
    4. ඒ ගමනනන් ඇඩෙනවා අයියෝ තනි ඇහැට..... නෙමේ ඇස් දෙකටම. :D

      Delete
    5. ප්‍රියා මාස හතකට පස්සෙ බාත් රූම් එකෙන් එළියට ආවෙ පොළඟට පිං සිද්ද වෙන්න. ඕං කවුරුවත් ඌට එහෙම මොකවත් කියනවා නෙමේ. මං කිව්වෙ පොළඟට.

      Delete
    6. උඹ අතුරුදහන් වෙලා හිටියෙ මොකද බං?මම කීප වතාවක් කල්පනා කළා.අර දුසකය කියනව වගේ මානසික ආබාධයක් වත් ඇතිවෙලා තිබුනද?

      Delete
  15. එක හුස්මට කියෙව්වේ.. මේ කොටසම උනත් කෙටි කතාවක් හැටියට ගත්තත් අති විශිෂ්ඨයි... මම මෙතෙක් බ්ලොග් ළෝකේ කියවපු සුපිරිම ඒවලින් එකක්.. විශේSඅ දෙයක් නොවෙන්නේ ඒක හැලපයගේ එකක් නිසා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං.මෙවැනි කමෙන්ට් වලින් තවත් කතා ලියන්නට උත්තේජනයක් ඇතිවෙනවා.

      Delete
  16. ලස්සනටම අකුරු චිත්‍රෙ ඇඳලා තියෙනවා හැලපයියෙ... සුපිරියි.
    ඒත් මට ප්‍රස්නයක් තියෙනවා..
    අක්කලාගෙ ගෙදර ගිහින් වත්ත පහල ගලේ ඉඳගෙන ඇලට කකුල් දෙක දාලා නාන ළිඳ දිහා බලන් ඉන්නකොට ප්‍රස්නයක් ගැටලුවක් උනේ නැතෙයි???
    හෙහ් හෙහ් හේ...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      //අක්කලාගෙ ගෙදර ගිහින් වත්ත පහල ගලේ ඉඳගෙන ඇලට කකුල් දෙක දාලා නාන ළිඳ දිහා බලන් ඉන්නකොට ප්‍රස්නයක් ගැටලුවක් උනේ නැතෙයි???
      හෙහ් හෙහ් හේ...//
      නෑ කොල්ලෝ එහෙම ගැටළුවක් ඇතිවුනේ නෑ.මොකද ඔය නාන ලිඳ පිංතුරයේ පෙනෙන අයුරින්ම එතැන සිට තරමක දුරයි.අපි කොච්චර බලාගෙන හිටියත් නාන අය එපමණ පැහැදිලිව පෙනෙන්නෙ නෑ.

      Delete
  17. බැලූ බැල්මට ලොකු ක්ලයිමැක්ස් එකක් නැතත් අන්තිම දෙබස් ටිකෙන් කතාව ගොඩ දාල තියනව. ඉතිරි ටික භාෂාවෙන් ගොඩදාල.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ලොකු දෙයක් කියන්නට තිබ්බෙ නෑ.කතාවෙ අවසානය මම රාත්‍රී ගණනාවක් කල්පනා කරල හදාගත්තා.උඹ හොඳයි කියනවනං උත්සාහය සාර්ථකයි.භාෂා භාවිතයෙදී මා ඉතාම පරෙස්සම් උනා.කතාව කැපු කෙටු හමගැසූ වාර අනන්තයි අප්‍රමාණයි.එක වචනයක් පවා යෙදුවේ බොහෝ කල්පනා කරමිනුයි.

      Delete
  18. හොඳ කතාවක්. මේ සිදුවීම හොඳ සංයමයකින් ලියල තියෙනවා. එක දිගට කියෙව්වා. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා.හොඳ කතා ලිවීමත් ගීත හැදීම වගේම දුෂ්කරයි.

      Delete
  19. එළ පට්ට ඉරොටික්...

    ReplyDelete
  20. අම්මපා හැලපෙ අයියෙ, ෆෝම් වෙච්ච පාර කමෙන්ට් ඔක්කොටම මං උත්තර දැම්මද කොහෙද? හිතා ගන්නත් බෑ. මාරම තාත්වික විස්තරයක්. ඒක ව්‍යංගයෙන් ලියවුණු එක තමා පට්ටෙත් පට්ට. මේවා මේ එසේ මෙසේ අයට කරන්න බෑ. ඔහොම තුත්තිරි ගොල්ලක.... නෑ එක්කො ඕන්නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාවියො.කමෙන්ට් ඔක්කොටම උත්තර ලිවීම ගැන මගේ හදපිරි මෙව්වා එක.

      Delete
  21. පරිසර වර්නනාව හරිම අපූරුයි. කතාව පටන් ගෙනම තියෙන්නේ ලස්සන වර්නනාවකින්.

    සිරියාවතීගේ අන්තිම කතාවෙන් එයා ගැන ඇතිවෙන්නේ අනුකම්පාවක්. එක අතකින් හිතේ තියෙන ඇත්ත ආදරේ ඒ වෙලාවේ මතුවුනාද කියලත් හිතෙනවා...විචාරක කීවා වගේ සංයමයකින් කතාව ලියලා තියෙනවා.

    ගිය පාර තව මොනවහරි ලියන්ට කීව හන්දා ඔන්න දිගට ලීවා. ව්‍යාකරණ වැරදි හෙව්වා. හම්බ වුනේ නෑලු. හී හී...

    ReplyDelete
    Replies
    1. පරිසර වර්ණනාව හැම විටම කරන්නට අසීරුයි පොඩ්ඩි.කොහොම උනත් මෙතනදී එය ගැලපුනා කියල මම හිතනවා.අනික මේ වගේ කතා රසවත් වන්නේ සංයමයකින් ලියන විටයි.පොඩ්ඩිටත් ස්තූතියි.

      Delete
  22. නියම කෙටි කතාව. හිඹුටු හෙම ටහ්වම ගම්වල තියෙනවා කිව්වම අහන්නත් පුදුමයි. මොන ගමද ඒ ?

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ, ගම කියන එක නැතිවෙලා කියල හිතුවට ඒවායේ නටඹුන් ලංකාව පුරා හැමතැනම සුලබව දකින්න තියෙනවා.
      හැබැයි ඒවා දකින්නනම් හොඳට ඇස් ඇරලා වටපිට බලන්න ඕනේ...

      Delete
    2. අජිත්.. අධිරාජ්‍ය වාදී එන්ජීඕ කුමන්ත්‍රණ කරුවන්ගේ බස් වලට රැවටිලා.. ඒකයි ඔය.. හැක්

      Delete
    3. නෑ අජිත් ඔය දැන් නැහැ කියන පලවැල හැම දෙයක්ම තැන තැන හොයාගන්නට තියෙනවා.

      Delete
    4. දේශකයා හුහ් ..අපි ලුණුගල ඉත්දී හිඹුටු ගස් හැම තැනම තිබ්බ. මේ පාර ළමයින්ට මොර අරන් දුන්න උන් කෑවේ නැහැ. බලන කොට නරක වෙච්ච ඒවා.

      Delete
    5. ළමයින්ගෙ වැරැද්ද නෙවෙයි මොර වල වැරැද්ද.හොඳ මොර තිබ්බ නං ළමයි කනවා.

      Delete
  23. ගැමි ගැහැණිය හිතන විදිහ අපූරුවට නිරාවරණය වෙනවා. හැලපේ මේ විදිහට චරිත වල කළු සුදු නොගා ලියන එකටයි මගෙ ප්‍රණාමය.. අපේ ගමෙත් මේ වගෙ චරිත තිබ්බ. මමත් එව්ව දැක්කේ ඔය විදිහටයි..

    ReplyDelete
    Replies
    1. හැබෑට දැක්ක ඉතරද?? මට විස්වාසබල් නෑ ඒ කතාව.. සතාගේ හැටියට.. හැක්

      Delete
    2. චරිතවල කළු සුදු බව සෙවීම අපේ කාර්යයක් නොවෙයි සරත්.අනික එහෙම කරන එක මම ඉතා අකැමති වැඩක්.සිදුවීම් සිදුවෙනවා එය නියමිත පරිදි හසුරුවා වාර්තා කිරීම පමණක් අප කළ යුතුයි.අනික තනි කළු හෝ තනි සුදු අය මේ ලෝකෙ නෑ නේද?

      Delete
    3. ඔක්කොම අළු පාටයි...

      Delete
  24. විස්තර වර්ණනාව නම් සුපියටම තියනවා..

    දඩාං හඬින් අසළ ගසකින් කුරුම්බාවක් බිම ඇදවැටී හතරට පහට පැලී වතුර විසිවනු ඌ බලාසිටියේය.

    මේකෙන් මොකක්ද කියන්නේ ? හතරට පහට පැලිලා විසි වුන ගුණපාලගේ බලාපොරොත්තුද ?

    නියමයි ! ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා එම රුපකයෙන් පැහැදිලි කරන්නට උත්සාහ කලේ ගුණපාලගේ බිඳ වැටුණු බලාපොරොත්තුයි.

      Delete
  25. Halape Ayya,

    If you any experience about Venice in Italy, please post it and also maintain the topic.

    BS

    ReplyDelete
    Replies
    1. මා ඇනෝ මා ඉතාලියේ සංචාරය කර ඇතත් වැනිසියට ගොස් නැහැ.

      Delete
    2. Thank you Halape ayya..

      BS

      Delete
  26. හැලපය්යේ ඔබ ඉතා නිවැරදියි. ඔය හොරා කං හදිසියෙන්ම කල යුතුමයි.රස බලලා ඇද ඇරලා කරන්න ගියොත් පොලු පාරක් කන්න වෙනවාමයි පොලු පාරවල් කන්නත් කාලයක් ගිහිල්ල ජෙනරලෛස් වුනාම වෙලාව අරගෙන කරන්න ගියාම. ලස්සනයි හොදයි

    ReplyDelete
  27. අර දේශකයා වගේ නොවී අපේ බලාපොරොත්තු මුදුන් පත් කිරීම ගැන ඔබට මාගේ ආචාරය...

    ReplyDelete
  28. මනා සංයමයෙන් කතාව කියලා තියෙනවා උඹ. පාඨකයගෙ බලාපොරොත්තු ඉ‍ටු කලාව වගේම වරහන වැහුවටත් උඹට ස්තුතියි. ඇත්තෙන්ම වරහන වැහුවද? උඹ නිමි කියලා ලියලා තියෙනවා දැක්කේනම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ලියන්න දෙයක් නෑනෙ බං.සාමාන්‍යයෙන් මම නිමි කියල ලියන්නෙ නෑ නේද?

      Delete
  29. මාතලන් කිව්වා වගේ කතාවේ දෙවැනි කොටස විතරක් වෙන් කරලා ගත්තත් හොඳ කෙටි කතාවක්. සාර්ථක නිර්මානයක් හැලපේ

    ReplyDelete

ඔබේ අදහස්