Sunday, April 5, 2015

සිදුහත් තවුසා සුජාතාවගේ කිරිපිඬු දානය සහ මහප්‍රාණ


අපි පහුගිය පෝස්ටුවෙන් කිරි ගැන කතාකරපු වෙලේ ඉතාම වැදගත් මාතෘකාවක් කමෙන්ට් එකකින් තිබුනට ඒ ගැන වැඩිදුර සංවාදයක් ඇතිවුනේ නෑ.  නමුත් මම එවෙලෙ ඒ සමබන්ධයෙන් ලියන බව කිව්වා.අද මම සැරසෙන්නෙ ඒ පොරොන්දුව ඉටු කරමින් ඉතාම රසවත් ගුණවත් ආහාරයක් ඔබට හඳුන්වල දෙන්නටයි.

කාලයක් මම ඉන්දියාවෙ මදුරාසියේ පදිංචි වෙලා හිටිය හිටිය කියල ඔය ගොල්ල දන්නවනෙ.ඒ කාලෙ  අපට විවාහ ගිවිස ගැනීම්,මඟුල් වගේ එක එක උත්සව වලට හරියට ආරාධනා ලැබෙනවා.ඔය උත්සව වලට ගිහිල්ලම දකුණු ඉන්දියාවෙ ආහාර සංස්කෘතිය අහාර පාන ප්‍රභේද ආදී ලංකාවෙ අපට ආගන්තුක නොයෙකුත් දේවල් ගැන බොහෝ කරුණු කාරණා මම දැනගත්තා. මම  යම් යම් සිරිත් විරිත් අහාරපාන ගැන දකින දෙයින් එහාට ගිහිං අපැහැදිලි යමක් ඇත්නම් කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන් අහල දැනගන්නවා.එහෙම ඇහුවමත් ඒ අය සිරිත් විරිත් වල අගමුල ගැන බොහොම සතුටින් කියලත් දෙනවා. ඉතිං අපි ඒ දවස්වල ඔය මඟුල් ගෙවල්වල ගිය ආකාරය ගැන යමක් කියලම ඉන්නං.

ඉතාම කලාතුරකින් ගෙදර පවත්වන විවාහයක් ඇරෙන්න දකුණු ඉන්දියාවෙ විවාහ මංගල්ලයක් පවත්වන්නෙ ශාලාවකයි.ඒ ශාලාවට දෙමළෙන් කියන්නෙ කල්‍යාණ මණ්ඩපම් කියලයි.කල්‍යාණ කියන්නෙ විවාහය.තමිල්නාඩුවෙ චෙන්නායි අගනුවර මේ වගේ කල්‍යාණ මණ්ඩපම් දහස් ගණනක් පිහිටලා තියෙනවා.බොහෝවිට විවාහයේ ආගමික චාරිත්‍ර උදේ වරුවෙ පවත්වල හවස පිළිගැනීමේ උත්සවය පවත්වනවා.ලංකාවෙ අපටත් වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ඇට්හෝම් එකටනෙ අන්න ඒ වගේ.ඉතිං අපිත් ටිකක් රෑ  වෙන්න ඇරල ඔය කල්‍යාණ මණ්ඩපම් එකට කිට්ටු කරනවා.අපි යද්දි අලුත් ජෝඩුව කල්‍යාණ මණ්ඩපම් එකේ හදල තියෙන වේදිකාවේ  මලින් සැරසු සැටියෙ ඉඳගෙන අමුත්තන් පිළිගන්නවා.ඔතනට අපිත් පෝලිමේ ගිහිං අලුත් ජෝඩුවටයි දෙමාපියන්ටයි කතාකරල ගෙනියපු තෑගි පිළිගන්වල එහෙම පිංතුර දෙකතුනකටත් පෙනී ඉඳල පහළට බහිනවා.මට ඉස්සෙල්ල කියන්න අමතක උනා කල්‍යාණ මණ්ඩපම් වල පවත්වන විවාහ මංගල්ල ඔක්කොම අමද්‍යපයි,නිර්මාංශිකයි.

එතනදී ලැබෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් බීල එහෙම බිරින්දෑවරු කාන්තා සමාගමයට යොමු කරනවා.ඒ ගොල්ලන්ට එතනදි මනමාලිගෙ සාරියෙ වටිනාකම,පැළඳගෙන ඉන්න ආභරණ කොහොමද,ජෝඩුව කොච්චර දුරට ගැලපෙනවද ආදී දහසකුත් එකක් බැරෑරුම් ප්‍රශ්න විසඳාගන්න දීල ළමයින්වත් පොඩිඋන් ටික එක්ක සෙල්ලමට දාල  කෑමට ආරාධනා කරන්නත් තව වෙලා තියෙන නිසා පිරිමි අපි තුන් හතරදෙනා හෙමිහිට ශාලාවෙන් එළියට පැන ගන්නවා.පැනගන්නෙ ලඟම  පිහිටල තියෙන බාර් එකට යාගන්නටයි.පේන තෙක් මානෙක එකක් නැත්නම් ත්‍රීවීල් එකක් කතාකරගෙන රියැදුරාගේ පිහිටෙන් යන්තම් තැනක් හොයාගෙන එතනින් බඩු අරං ළඟ පාත ඇහුරුණු තැනකට වී සප්පායම් වෙලා ආයෙම කල්‍යාණ මණ්ඩපම් එකට එනකොට රෑ කෑමට වෙලාව හරි.

කෑම ගැනීමේදීත් කිසිම උස් පහත් භේදයක් නෑ.නිකං මනුස්සයෙක් ගියත් රජෙක් ගියත් එකම සැළකිලි.ඔක්කොමල්ල බංකු වල වාඩිකරවල ඉස්සරහින් පත්කොළ එලාගෙන යනවා.පත්කොළ කිව්වෙ කෙසෙල් කොළ.එලලා ඒ උඩින් කිරි පොදක් ඉහගෙන ඉහගෙන යනවා.ඊට පස්සෙ බත් බාල්දියෙන් බත් බෙදාගෙන යනවා.බත්වලට පස්සෙන් ගිතෙල් හැන්දක්,අනවශ්‍ය නම් එපා කියන්නට පුළුවනි.මීකිරි ,පරිප්පු, එළවළු සාම්බාරු, අඹ චට්නි,පපඩම් ආදිය පිළිවෙලින් බෙදාගෙන යනවා.ඒ සමගම රසම් කෝප්පයක්.චපාති සහ උළුඳු වඩේත් ලැබෙනවා.කෑමෙන් පස්සෙ කන අතුරුපසත් බත්පතටම බෙදාගෙන යනවා.ෂොට් දෙකක් දාගෙන කෑම මේසෙට වාඩිවුනාම කිසි ගේමක් නැතුව බොක්ක ඉදිමෙන්නටම ඒ  රසවත් කෑම වේලට සාධාරණය ඉෂ්ට කරන්නට පුළුවනි.

කෑම කාල ඉවරවුනාම තව වැඩක් කරන්නට තියෙනව.ඒ වැඩේ හරිම වැදගත්.මොකද්ද කිව්වොත් කෑම කාපු කෙසෙල් කොළේ නමා තැබීම.ඕකද ඔය මහලොකු වැඩේකියල ඔයගොල්ල හිතන්න පුළුවන්.නමුත් බලපුවම ඒ වැඩේ ඉතා වැදගත්.තේරෙන විදියට කිව්වොත් මෙහෙමයි.කාල ඉවරවුනා නම් කාල ඉවර බව පෙන්නන්න පත්කොළේ නමල තියන ක්‍රමයක් තියෙනව.ඒ ඉදිරිපස ඉඳන් තමන්ගෙ පැත්තට කොළේ නමා තැබීම.හැබැයි වැරදිලාවත් තමන්ගෙ පැත්තෙ ඉඳන් ඉදිරිපසට කොළේ නමල  තිබ්බොත් ඒකෙන් කියැවෙන්නෙ උඹලත් එපා උඹලගෙ නෑදෑකම් යාළුකමුත් එපා කියන එකලු.ඒ නිසාම තැනකට ගිහිං අපි කෑම කාල ඉවරවුනාට පස්සෙ අසෝකන් වගේ දන්න කරන කෙනෙක් අපි පත් කොළේ නමා තියෙන ආකාරය විශේෂයෙන් සොයා බලා වැරදි නම් හදනවා.

මීකිරි මිශ්‍ර බත ඔන්න ඔය වෙලාවෙ බෙදාගෙන යන කෑමක්.මේ බතට සිංහලෙන් කියන්නට නමක් නෑ.කිරිබත් කිව්වොත් අපේ සාම්ප්‍රදායික කිරිබතත් එක්ක පැටලෙනවා.අපි කියන්නෙ කර්ඩ් රයිස් කියලයි.දෙමළෙන් තයිරි කියල කියනවා.හින්දියෙන් තව නමක් ඔය වගේ නම් ගණනාවකින් මේ ප්‍රණීත ආහාරය හඳුන්වනවා.මේ රසවත් කෑම ගැන නොදන්නා කමට මම මුලදි කෑවෙ නෑ.පස්සෙදී අපේ හිතවතුන් මෙහි රස ගැන කිව්වම මමත් කාල බැලුවා.ඇත්තටම පුදුමාකාර විදියට රසයි.ඊට පස්සෙ මම කෑමට ගිය තැනක මේ ආහාරය සොයාගෙන යන්න වුනා.

මේ කර්ඩ් රයිස් කන්නෙ සාම්බාරුවක් සහ අඹ චට්නි ටිකක් මිශ්‍ර කරගෙනයි.අපේ උදරයේ හටගන්නා ආබාධ ගණනාවකට මෙය ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඖෂධයක් කියල කියන්නට පුළුවනි.ආමාශ වණ,ගැස්ට්‍රයිටිස්,මුලග්ගින්න ආදී ලෙඩ කීපයකට මෙයින් සහනය ලබාගන්නට පුළුවනි. හදිස්සි නං curd rice කියල සර්ච් කරල බලන්න.විවිධාකාර වට්ටෝරු  සිය දහස් ගණනාවක් ඔබට සොයාගන්නට හැකිවේවි.හැබැයි මමනං හදාගන්නෙ ඉතාම සරල ක්‍රමයකටයි.

කර්ඩ් රයිස් පිළිගන්වන්නේ ශීතල ආහාරයක් වශයෙනුයි.පිළිගන්වන්නට පෙර ලිපෙන් බාලා නිවෙන්නට ඇරල ශීතකරණයෙත් තියනවා.නමුත් මම කෑමට ගන්නේ වෙනත් ආකාරයකටයි.මෙය සම්මතයක් නොවෙයි මවිසින් කරන ලද අත්හදා බැලීමක්.කර්ඩ් රයිස් ලිපෙන් බාල නිවෙන්න ඇරල ලාවට රස්නය තියෙද්දී අඹ චට්නිත් බැදපු මාළු කෑල්ලකුත් මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න විට  පුදුමාකාර මිහිරි රසක් දැනෙනවා.මේ ආහාරය සම්බන්ධයෙන් මගේ සොයාගැනීමකුත්  තිබෙනවා.ඇත්තටම සොයා ගැනීමක් නොවෙයි තර්කයක් එය මෙහෙමයි.

බුදුබව ලබන්නට පෙරදින උදයේ සුජාතා සිටුදේවිය විසින් අනෝමා ගංතෙර ඇසටු රුක මුලදී සිදුහත් තවුසාණන්ට මහත් භක්තියෙන් පිළිගන්වන ලද කිරිපිඬු දානය මෙන්න මේ මීකිරි මිශ්‍ර බත කියා මා දැඩිසේ විශ්වාස කරනවා.කවුරු හෝ එහෙම නොවෙයි කියනවා නං මගේ තර්කය ගොඩනැගී ඇති ආකාරය පෙන්නල දෙන්නට මා සූදානම්.ඉතිං සිදුහත් තවුසා සුජාතා සිටු දේවිය පිළිගන්වපු කිරිපිඬු දානය අනුභව කරල පාත්තරෙත් ගඟේ පාකරල එහෙම බුදුබව ලබා මිස මෙතැනින් නොනැගිටිමි කියල එක්හිත් හිතාගෙන ඇසටු රුක මුල වජ්‍රාසනයේ වාඩිගත්තා.ඇයි ඒ ඇම් යු රාජ් සිංදුවකුත් කියන්නෙ මහා බෝධි මුලේ කියල.එහෙම කියනකොට  මට පරණ කතාවක් මතක් උනා.

ලංකා ගුවන් විදුලියෙ මුල් කාලෙ ගීත ප්‍රචාරය කළේ එල්පී තැටි වලින් නෙ.ගීතය ගායනා කරන ගායකයා හෝ ගායිකාව ගේ නම කියන්නෙත් තැටියෙන් බලල ඒකෙ තියෙන විදියටයි.ඉතිං දවසක්දා තරුණ නිවේදිකාවක් සරල ගී වැඩ සටහනක් කරනවලු.ඊළඟට ප්‍රචාරය වෙන්නට නියමිත ගීතය අඩංගු තැටිය අතට අරං බලපුවම තිබුනෙ මෙහෙමලු.

MAHA BODHI MULE 
AMU RAJ.

දැන් නිවේදිකාව ගීතය ප්‍රචාරය කරන්නට පෙර හඳුන්වාදීමේ කටයුත්ත මෙන්න මේ ආකාරයට කරනවලු.ඔව් දයාබර ඔබගේ රසවින්දනය තකා මා මීළඟට තෝරාගත් ගීතය මහ බෝධි මුලේ.මේ ගීතය ගයන්නේ අමු රාජ්.

එල් පී තැටි යුගය අවසන් වේගන යද්දි ඒ කියන්නෙ විවෘත ආර්ථිකය හඳුන්වල දීපු මුල් කාලෙ රටපුරා රෙකෝඩ් බාර් විවෘත වුනා.මුල්ම වටයේ රෙකෝඩ් බාර් එකක් විජය රාමනායක මහතාත් ආරම්භ කළා.ඒකෙ නම තරංගා රෙකෝඩ් බාර්.දැන් මේ නමට බෝඩ් එකක් ඇඳල රෙකෝඩ් බාර් එකේ ගහන්නත් එපායැ.රෙකෝඩ් බාර් කියන එකේ සිංහල නම යොදන්නටත් ඕනෑ.ඒ කාලෙ විජය රාමනායක මහතා වැඩකරපු ලේක්හවුස් එකේ හිතවත් මාධ්‍යවේදියෙක් මේ වැඩේ බාරගත්තා.සිංහල නමත් යොදල බෝඩ් එක ඇඳගෙන ආවා.බෝඩ් එකේ තිබුනෙ මෙහෙමයි.
තරංගා තැටි තැබෑරුම

හොඳ වෙලාවට බෝඩ් එක එල්ලන්න කලින් කවුද දැකල නවත්තගෙන තිබුණා.හුදෙක් පරිවර්තනය විතරක් දැනගෙන කෙළින්ම ඉංගිරිසිය සිංහලට හරවනකොට ඔය වගේ ඇබැද්දි ඕනෑතරම් සිද්දවෙනවා.ඒ ජාතියෙ පරිවර්තකයො නම් දැන් වැහි වැහැල ඉන්නවා.ආ තව එකක් අපේ අය පරිවර්තන කියන්නෙ නෑ, ලියන්නෙ පරිවර්ථන කියලයි. ඔයවගේ අනවශ්‍ය මහප්‍රාණ යොදල තියෙන තැන් දැන් දැන් බහුලව හමුවෙනවා.එන්න එන්නම මේ තත්වය වැඩිවෙනව මිසක අඩුවෙන්නෙ නෑ.මෙහෙම ලියද්දි කියවනකොට ටිකක් නුහුරුයි අපුලයි.කියන්න වැරදි හදන්න ගියොත් බනින නිසා හොඳම දේ සද්දෙ වහගෙන ඉන්න එකයි.

127 comments:

  1. එකම වතාවක් ඔය වගේ වෙඩිමකට ගියා වැල්ලවත්තෙ පැත්තෙ.
    ටයි එහෙම දමාගෙන ගියා පට්ට වෙඩිමක් කියල හිතාගෙන.
    හෝල් එකක බිම පැදුරුවල වාඩි වෙලා කෙසෙල් කොලේ බිමට එලලා කන්න
    තිවුනෙ. නෙද්දකින්.

    ReplyDelete
    Replies
    1. බිම වාඩි උනාම පරිස්සමෙන්. කලිසම ඉරෙයි.

      Delete
    2. හරියට වවුලගෙ ගෙදර ගියා වගේ නේද?ලෝකෙ ඕනෑම තැනක ද්‍රවිඩ විවාහ මංගල්ලයන් කෙරෙන්නෙ ඔය ක්‍රමයටමයි.

      Delete
  2. ඉස්සර ඕමන්තේයි ප්‍රදේශයේ හිටපු කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියා මම දැනගෙන හිටියා. එයාගේ සහෝදරයායා මගේ හොද මිතුරෙක්. ඔහු නං සංවිධානයේ අයෙක් නෙමෙයි. ඔහුට රැකියාවක් එහෙම හොයලා දුන්නා මම.

    ඉතින් සාම ගිවිසුම තිබුන කාලේ මම ගියා ඔය කියන බුද්ධි අංශ ප්‍රධානියාගේ මගුල් ගෙදරට. හැලප කියලා තියෙනවා වගේ තමයි එහෙත් කෑම. එහෙදි මම අතුරු පසට කෑවා ගුලාබ් ජමුන් (gulab jamun) කියලා කෑමක්. මාරම මිහිරි, දිවියලෝකේ රහක් එකේ තියෙන්නේ. පැණි වල ගිල්ලවපු අතුරු පසක්. ඔකේ රහට වහවැටුණු මම එදා වෙඩිම ඉවර වෙලා ගෙදර ගියේ ටාජ් සමුද්‍රා හෝටලයේන් ඕවා පෙට්ටියකුත් අරං.

    ReplyDelete
    Replies
    1. තම්බි, ඔයා පොට්ටු අම්මාන්ද

      Delete
    2. අමම්ට සිරි වෙනවා ගුලාබ් ජමුන් නම්! මල් හතයි!

      Delete
    3. කීජි කෑල්ලක් ඇදලා, ඔය ගුලාබ් බෝලයක් ගිල්ලා නං දවසෙම සැප කනේ. ඕක ඇෆ්ගනිස්ථානයේ කෑමක් කියලයි මට ද්‍රවිඩ මිත්තරයෙක් කිව්වේ නං. හැබැයි දැන් නං ඉන්දියානු අවන්හල් වල ප්‍රකටව තියෙන රස කැවිලිවර්ගයක්.

      Delete
    4. ඔය ගුලාබ් ජමූන් දකුණු ඉන්දීය රසකැවිල්ලක් නොවෙයි.එහි ප්‍රභවය අයත් වන්නේ උතුරටයි.නමුත් මේ අගනා රසකැවිල්ලේ රසවත් භාවය නිසා මුළු ඉන්දියාවෙම වෙනසක් නොමැතිව භාවිත වෙනවා.

      Delete
    5. ගුලාබ් ජමූන්

      මුස්ලිම් නමක්

      Delete
    6. ගුලාබ් ජමුන් කියන්නේ ඇෆ්ගනිස්ථානයේ රස කැවිල්ලක් කියලයි මම අහලා තියෙන්නේ.. පසුව ඒක අසල්වැසි උතුරු ඉන්දියාව හරහා ලෝකේ පුරා පැතිරුණ එකක් වෙන්න ඕනි. කොහොම උනත් ඉන්දියානු අවන්හල් වල නං ඕක වරදින්නේ නෑ. ලංකාවේ නං ඕක රහටම හැමදාම කන්න පුළුවන් තැනක් තමයි කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ දවල් බුෆේ එක. ටාජ් කියන්නේ ඉන්දියානු හෝටල් ජාලයක්නේ. ඒකෙ නොවරදාම අතුරු පසට ඕක කන්න පුළුවන්. එහෙ ඕක හදන්නේ ඉන්දියානු සුපවේදීන් කියලයි මිත්‍රයෙක් කිවේ.

      Delete
    7. මං කාල නැ , ලාබෙට තියන තැනක් දැක්කොත් බලන්ඩ ඕන

      Delete
    8. ලාබෙට තියනවා කොල්ලු පිටියේ බොම්බේ ස්වීට් එකේ. තව බොරැල්ලේ ආනන්දභවන් එකෙත් තියෙනවා. එකක් රු.25 යි.

      Delete
  3. එතකොට අයියෙ පොන්ගල් කියල චෙන්නායි පැත්තෙ කියන්නෙ ඔය බතටමද?

    ReplyDelete
    Replies
    1. පොංගල් කියන්නේ අවුරුද්දටනේ.ඒකවත් දන්නේ නැද්ද?

      Delete
    2. පොංගල් වෙනයි මේ මීකිරි බත වෙනයි.

      Delete
  4. Where is the recipe?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ.

      Delete
    2. සර්ච් කරන්න කම්මැලිනම් මම ඊළඟ සැරේ දාන්නං.

      Delete
  5. මගුලක් කතා කරන්නෙ නැතිව දාපං අයියෙ රෙසපිය. හින්දු මගුල් කියන්නෙ ෆුල් හිදුස්තාන් තමයි. ශොට් දාන්න නැතිව කොච්චර චාටර් වෙලා බෝතල් හොයල තියනවද ? දැන්නම් රෙඩිවෙලා තමයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. කම්මලේදීත් බිලාද ඉන්නේ?

      Delete
    2. අපි නම් ඔය වැඩේ දැනගෙනම කලින් සුදානම් වෙනවා.සර්ච් කළොත්රෙසිපිස් සිය ගානක් හොයාගත හැකියි.කොහොමටත් මම ඊළඟ පෝස්ටුවට එක්කරන්නම්.

      Delete
  6. කෑමෙන් පසු රාමතෙල් ඇරීම ගැන සඳහනක් නැත්තේ මොකෝ මහතුන් :-)
    මෙහේ ඔය පලාතේ කට්ටියගෙනම් අනිවා අංගයක් - උදේට කෑ ඒවත් කීව හැකි :-) :-)

    සින්දු ගැන කීවම වතාවක් එස්. වේදා සංගීතවත් කල ගීයකට නිවේදිකාව විසින් ' සංගීතය ඇස් වෙදා විසින්...' යැයි කියනු අසාසිටි ටී. එම්. සංඝදාස මහත්මයා සභාපතිවරයාට දැනුම්දීමකින් පසු නිවේදිකාව ගෙන්වා අවවාද කල කථාවක්ද අසා තිබෙනවා

    ReplyDelete
    Replies
    1. //කෑමෙන් පසු රාමතෙල් ඇරීම ගැන සඳහනක් නැත්තේ මොකෝ මහතුන් :-)

      ආයේ මම දැකලා තියෙනවා කාලා ඉවරවෙලා සමුගන්න යද්දී මනාලයා අහනවා කෑව නේද කියලා... ඔව් කෑවා මේන් කියලා අත නහය ගාවට අල්ලනවා... :)

      Delete
    2. පඩ අරින්නේ නැතිව ඔය වැඩේ කරාට කමක් නෑ කොලුවෝ.

      Delete
    3. තිස්ස,
      ඒක තමයි ඔය මිනිස්සුන්ගෙ අජූවම වැඩේ.එහෙම රාමතෙල් අරින්නෙ හොඳට කෑවා කෑම රසවින්දා කියල පෙන්නන්නලු.

      Delete
    4. බීටලේ,
      දවසක්දා අපි ගමනක් ගිහිං එන්න තනද්දී එක්කං ගිය ත්‍රීවීල් කාරය නෑ.පැය බාගෙකට විතර පස්සෙ කොහෙද ඉඳල පොර එනවා.අපි දොස් කිව්වම රස්තියාදුවෙ ගියෙ නෑ මම රෑට කන්න ගියා කියල අත නහයට ඇල්ලුවා.

      Delete
    5. එනක ගමං පුක කසල තිබ්බනං තමා වැඩේ

      Delete
  7. කොහොමත් ඉන්දියන් කෑම රසයි! මාත් එක්ක අර ටුවර් එක කාලේ හිටපු කෙල්ලෙක් ඉන්දියන්! හවසට ඒකි කන්න යද්දී මාව එක්කගෙන යනවා! රෑ වෙලා එන්නේ ආයේ බුරිය උල් වෙන්න කාලා

    ReplyDelete
    Replies
    1. කෑවට බිවාට කමක් නෑ, ඒ තැන් වල අනික් වැඩේ නොකර.

      Delete
    2. හැබැයි ඔය රටවල තියෙන ඉන්දියන් රෙස්ටුරන්ට් වල කෑම ගිණි ගණන් නේද?

      Delete
  8. මට නම් ඔය කෑම දිරවන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. වල්ඌරු මස් තරං රහ කෑමක් කොහෙද මාතේ මේ ලෝකේ.

      Delete
    2. එහෙමත් අය ඉන්නවා.අපිනං හොඳින් රස විඳිනවා.

      Delete
  9. //ඔව් දයාබර ඔබගේ රසවින්දනය තකා මා මීළඟට තෝරාගත් ගීතය මහ බෝධි මුලේ.මේ ගීතය ගයන්නේ අමු රාජ්.//

    මේ වගේ තව කීපයක් මාත් අහලා තියෙනවා.
    "...ජික්කිගේ පහත් තැනින් යයි ගළා ජලේ..."
    "...මේ ගීතය ගායනා කරන්නේ මහ සෑසි පියා..."
    තව ටිකක් තිබ්බා, මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මේ මහ සෑසි පියා කතාව මමත් අහල තියෙනවා .. :)

      Delete
    2. ඇයි නංගියෙක් ඉෂ්ටේජ් එකට ඇවිල්ල කීවෙ මේං මෙහෙම.

      නංගි - අනේ එඩව්ඩ් අයියෙ.. සිරි යහනේ ගහන්නකො ..මිල්ටන් අයිය එදා රෑ ගැහුව හරි නෑ.

      එඩව්ඩ් බොස් - දැන් බෑ නංගි..බෙග් මාස්ටර් ඇවිල්ල කෝටු කෑලි ගහල යයි.

      Delete
    3. ඩේට නාස්තිකරන්න එපා
      එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද
      මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද
      ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ
      අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ
      ඒ නිසා මේ වගේ බ්ලොග් බලන්න ඩේට නාස්ති කරන්න එපා
      මේ ජාතියෙ බ්ලොග් පොස්ට් එකක් ලියන්න/ බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ
      පරිසර හිතකාමී වෙමු
      බ්ලොග් වර්ජනය කරමු

      Delete
    4. මාරු කතා ටික.

      Delete
  10. // කල්‍යාණ කියන්නෙ විවාහය// හැක්. අදනෙ දන්නේ ඒක. මමනම් හැබැයි වෙඩිමකට යන්නේ නාවන්න ගෙනියන බල්ලෙක් වගේ පස්ස ගාත් දෙක ඇද ඇද.. නම වෙනස් කරන්න වෙයිද මංදා මේකෙන්.. මේ ලියුම ගැන කියවද්දි තමයි මට මං කොච්චර මෝඩද කියල හිතුණේ. මං කාලයක් ඉන්දියාවේ ඉන්නකම්ම වගේ කෑවේ ප්‍රයිඩ් රයිස්..
    ඒක නෙවෙයි හැලපයියේ මං අභියෝග කරනවා අර සුජාතා තොමෝ සිද්ධාර්ථ ගෞතමට දුන්න කිරිපිඬු කියන්නේ ඔය කිවු තයිරිම තමයි කියල පුළුවන්නම් ඔප්පු කරන්න කියලා තර්කානුකූලව.. (නිකං ඉගෙනගන්න තියෙන චෑන්ස් එකක් අතාරින්න බෑනේ.. හැක්)
    මටත් හෙන පදිරි ඔය නණ ලළ සීන් එක.. මං ඉතින් නිකං ගාම්භීරයි වගේ කියල හිතෙන තැන් වලට මහප්‍රාණේ ගහල දානවා..

    ReplyDelete
    Replies
    1. කිරිපිඩු දානෙ හදල තිබ්බෙ මී පැණි එක්ක. හැලපෙ දන්න කිරිපිඩු. ඔන්න මචං කොලේකුයි පෑනකුයි අරගෙන වරෙන්. :D

      Delete
    2. නෑ බොළ.. ඒ මුං කිරිබත්. අපේ ඉවානය තමයි ඇරියෙ නැට්ට නැති කැන්ද කොළ හොයං එන්න..බොරු නං අහල බලපං !! ඕක ලැජ්ජාවට නෑ කියයි ඕං.

      Delete
    3. කොළ හෞංන් ගියාට අන්තිමට අහුවුනේ නැට්ට තියෙන පත්තරයව.

      Delete
    4. කමියා ඉන්න ඇත්තෙ එක්කො කොචින් එක්කො විශාකපට්නම් ටිපිකල් ඉන්දියන් කෑම ටේස්ට් නොකර හිටපු එකනං මෝඩකමක්.අර තර්කෙ ගැන ගොඩක් ඉල්ලීම්තියෙනව නං කියන්නං.
      මට න ණ ල ළ අවුලක් නෑ.අනවශ්‍ය තැන මහප්‍රාණ භාවිතය සහ අවශ්‍ය තැන භාවිත නොකිරීම තමයි අවුල.

      Delete
    5. කොචි (එර්නාකුලම්), පූනේ (ලොනවාලා) ඇන්ඩ් බොම්බේ (මලාඩ්) ඔය දෙතුන් තැනම හිටියා.. ඒ දවස්වල පුදුම *කේ අමාරුවක්නේ තිබ්බේ තෙලින් බැදපුව කන්න. දැන් *කල තියෙන්නේ.. හැක්. මෝඩ කමේ උපත ඉතින් මොනව කරන්නද?

      Delete
  11. අර කල්‍යාන මිත්‍රය කියලඓකෙක් ඉන්නෙ. මිනිහා කිව්වේ කල්‍යාණ කියන්නේ මගුලට නෙමෙයි කියල නේ..

    උඹ හොද එකා දැක්ක තැන පැත්ත දාගෙන ථ,ණ වලට අපිට ගහනවා නේ..

    ReplyDelete
    Replies
    1. තම්බිගේ සුප් එකත් එක්ක රෝස් පාන් කනවා වගේද මෙව්වා?

      Delete
    2. //අර කල්‍යාන මිත්‍රය කියලඓකෙක් ඉන්නෙ. මිනිහා කිව්වේ කල්‍යාණ කියන්නේ මගුලට නෙමෙයි කියල නේ// මගුලක් කියවනවා.. යකෝ මං දැනං ඉන්න එපැයි කියන්න..හැක්.

      Delete
    3. උඹ දැන් ලියන්නෙම නැති ගානයි නොවැ.ඉතිං මොන මගුලට ගහන්නද?

      Delete
  12. කටට කෙල උනන කෑම විස්තරයක්. මම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් වල මෝව් (MHOW = Military Headquarters of War) නගරයේ පුහුණුව ලබද්දී ඔය කෑම වර්ග සමහරක් සහ ඉතා රසවත් කැවිලි වර්ග කෑවා. ඔය කිරිබත්වලට මීකිරි බත් කියන නම ගැලපෙන්නේ නැද්ද?

    මහ බෝධිමුලේ ගීතය ගායනා කරන්නේ ඒ.එම්.යූ.රාජ් නෙවෙයි. එම්.බී. ජොහර්ශා
    http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2099/maha-bodhi-mule-m-b-joharsha-sinhala-mp3.html

    ReplyDelete
    Replies
    1. කිරි කාලා යුද්ධෙට යන්න එහෙම හොද නෑ. වෙඩි පිටියේදී බඩ නරක් උනොත් වැඩේ.

      Delete
    2. මට මතක විදියට සුදු වැද්දා පොතේ තියෙනව දීකිරි මිශ්‍ර බතක් ගැන විස්තරයක්.. මං ගාව දැන් පොත නෑ... අර හාමුදුරුවො කියනවනෙ හෑන්ස්ටයි පෙමාටයි, ගමේ අය දානෙට දුන්න බත් වලට දීකිරියි, හෑන්ස්ල අරං ගිය මී පැණියි මිශ්‍ර කරල කන්න කියල...

      Delete
    3. මීකිරිබත් කියන නම මට හිතෙන හැටියට දිග වැඩියි.ඊට නරකද අපිත් තයිරි කිව්වම.නිවැරදි කිරීමට ස්තූතියි විචා.

      Delete
    4. කෞෂි,
      සුදු වැද්දා පොතේ කියන්නෙත් අර අපේ රටේ දකුණු පලාතෙ ගම්වල අය කනවා වගේ බතට මීකිරි මිශ්‍ර කරගෙන කෑම.මේ බත ඊට වඩා පිළිවෙලයි.

      Delete
  13. මමත් සමහර ඉන්දියන් කෑම කාල තියෙනවා සෑහෙන රහයි...
    නමුත් මේ කෑම වර්ගය කන්න ලැබිල නැහැ

    මහප්‍රාණ වැරදි බලන්න ලංකාවේ TV චැනල් වල යන වෙළඳ දැන්වීම් සහ ඒ ඒ චැනල් වල දාන අකුරු පේළි බලන්න ඕනේ...
    ඒවා දැක්කම හක්ක පනිනවා.

    ReplyDelete
    Replies
    1. වෙළඳ දැන්වීම් වල අකුරු ගැන නං කියල වැඩක් නෑ.මොන ජාතියෙ මිනිස්සු ලියනවද දන්නෙ නෑ.

      Delete
    2. අකුරු මොනාද බං, මුන් දැන් අලුතෙන් වචනත් හදනවා.. මේ ළඟදි මම දැක්කා ඇඩ් එකක් "ජන හදින් ජනික බැංකුව" කියලා.. 'ජනිත' කියන වචනෙත් අහලා තියෙනවා 'ජනක' කියන වචනෙත් අහලා තියෙනවා, මං මේ කල්පනා කරන්නෙ ඔය ජනික කියන වච‍නෙ කොහෙන් පාත්වෙච්චි එකක්ද කියලා.. :-O

      Delete
  14. පෙනුම නං රසයි වගේ. දාපියකො රෙසිපිය අවුරුද්දට වත් හදන්න පුළුවන්ද කියල බලන්න.

    ReplyDelete
    Replies
    1. රාජ්ද ගෙදර කෑම එහෙම උයන්නේ?

      Delete
    2. නෝනා වැඩට ගියාම රාජ් තමයි උදේට උයලා, රෙදි සෝදලා, ගේ අතුගාලා, ළමයාගේ කක්කා රෙදි සෝදලා, නෝනාගේ ඇදුම් එහෙමත් හෝදන්නේ. ඒ අතින් බැලුවට රාජ්ගේ නෝනා හරිම වාසනාවන්තයි රාජ්වගේ සැමියෙක් ලබන්න. රාජ්ගේ නෝනාගේ හිතවත් නර්ස් නෝනාලා එහෙම රාජ්ගේ නෝනා ගැන හරිම ඉරිසියායි, රාජ් වගේ සැමියෙක් ඉන්න එක ගැන.

      Delete
    3. කෑම ඉවිල්ල යම් තරමකට කරනව. ඔය ඉස්පැෂල් සමහර දේවල් උයන්නෙ මම ම තමයි. එදිනෙදා කෑම බීම නෝන උයනව. සිම්පල්!

      රෙදි හේදිල්ලත් එහෙමයි. වීක් එන්ඩ් එකේ මංතුමාත් රෙදි හෝදනව. සතියෙ දවස් වල හුඟක් විට නෝන.

      පොඩි එකා චූටි කාලෙ කක්ක රෙදි චූ රෙදි හේදුව. දැං නං කලිසමේ දාගන්නෙ නෑ.

      මං හිතන්නෙ පැහැදිලි ඇති.

      Delete
    4. සර්ච් කරල බලන්න කම්මැලි වගේ.අනික් පෝස්ට් ඒකෙන් කියන්නං අවුරුද්දට කලින්.

      Delete
  15. මමත් ඔය කෙසෙල් කොලේ සීන් එක ගැන දැන ගත්තා යාලුවෙකුගේ මගුල් ගෙදරක ගිය වෙලාවේ .. හෙහ් හෙහ් අපි ඔහේ ගානක් නැතුව නමල තියාගෙන ඉද්දි දන්න කෙනෙක් කිව්වා ඕක නමන පැත්ත හෙන වැදගත් කියල ..

    ReplyDelete
    Replies
    1. ඔබතුමා බොහොම හොද උගත්,වැදගත් මහත්තයෙක් නිසා වරදින්නේ නෑ.

      Delete
    2. හරියට හරි පැතුම්.නමන පැත්ත ඉතාම වැදගත්.

      Delete
  16. // කල්‍යාණ මණ්ඩපම් වල පවත්වන විවාහ මංගල්ල ඔක්කොම අමද්‍යපයි,නිර්මාංශිකයි //

    චැහ්.. කපල් එක නැතත් ඒව එපැයි.චැහ් :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. සෙද්ද තමා , බ්‍රෑන්ඩ් එක විතරයි ගල්. බොන්නේ වෙන මගුල්. ගල් බෝතල් දෙක කිව්වා , මචන් අපිව ගහපං පොළොවේ කියලා ...

      Delete
    3. වෙඩින් වලට ගියාම කවුද ගල් ගහන්නේ? රුපියල් 200 ට කසිප්පු ගහන කෙනාත් වෙඩිමකට ගියාම හොයන්නේ බ්ලැක් ලේබල්.

      Delete
    4. පත්තරේ,
      එහෙ එහෙම තමා අවශ්‍ය කරන අපි වගේ අය පිටින් ගහල යනවා.

      Delete
    5. අනේ මං නොදන්න ඔයාගේ ගැහිල්ල

      Delete
  17. //ඇයි ඒ ඇම් යු රාජ් සිංදුවකුත් කියන්නෙ මහා බෝධි මුලේ කියල.එහෙම කියනකොට මට පරණ කතාවක් මතක් උනා.//

    මේ වාක්කිය කියවද්දිම තේරුණා කිරිපිඩු සිද්ධිය අද නෙමේ හෙට කියලා :(

    ReplyDelete
    Replies
    1. ඔය ඒ ඇම් යු රාජ් කියන්නේ මේ බ්ලොග් ලියන මයුර රාජ් අප්පුහාමි නේද?

      Delete
    2. බීටලේ,
      ඒ උනාට මම කිරිපිඬු කතාව ටිකක් හරි කිව්වනෙ.

      Delete
  18. මමනං ඔය කෙහෙල්‍ කොළේ කෑම දැකල තියෙන්නෙ මොකක්හරි ෆිල්ම් එකක විතරයි.

    අර තැටි තැබෑරුම කියන බෝඩ් එක ගහගත්තනං මිනිහට තැටි අස්සෙ ලාවට බෝතල් දෙක තුනකුත් තියාගෙන විකුණන්න තිබ්බනෙ. මම දන්න තරමින් මේ පැත්තෙනං රෙකෝඩ් බාර් කියන එක ඒ විදියටම සිංහලෙනුත් දාල තිබුණ.

    ReplyDelete
    Replies
    1. රෙකෝඩ් බාර් එකේ බෆල් දෙකයි ඈම්ප් එකයි තියෙද්දි බෝඩ් නං ඕනැත් නෑ.. නැද්ද මං අහන්නෙ :D

      Delete
    2. දෙමළ ෆිල්ම් වල මගුල් ගෙවල් වල කන හැටි හරියට තියෙනවනෙ ප්‍රසන්න.
      තරංගා එකෙත් පස්සෙ රැකෝඩ් බාර් කියලම දැම්මා.

      Delete
  19. කාල නම් නෑ... පින්තූරේ දැක්කහම නම් හිතෙන්නේ රස කෑමක් වගේ. රෙසිපි එකත් දැමමා නම් තමයි වටින්නේ..

    කෙසෙක් කොල නමන් විදි ගැනත් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඒ ගැනත් තව ටිකක් ලිව්වන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ආයේ තව මොනා ලියන්නද? කෙසෙල් කොලේ නමද්දී තමුන්ගේ පැත්තට එන්න නමන්න. අනික් අය ඒක කරද්දී ඒ දේ පේනවනේ. ඒ විදියට කරන්න.

      Delete
    2. කාල බලන්න වටිනවා තුශානි.රෙසිපි එක නොලිව්වෙ මෙය සර්ච් කරල සොයාගැනී කියලයි.කොහොමටත් අවුරුද්දට කලින් කියල දෙන්නම්.හදල කාල ගුණ පණ කියන්නකො.

      Delete
  20. ඔය එළකිරි, මීකිරි කලවං කෑම මටත් අරහං. පොල්කිරි වලටම හුරුවෙලාද කොහෙද? අපි මහාරාෂ්ට්‍ර වල කෝවිලකදි මයිසූර් පරිප්ප තලපයක් කෑවා. බඩ දඟලන්න ගත්තා. (වහලා තම්බලද කොහෙද?) හැබැයි පැණි දාපු මුරුක්කු/ඉරිඟු මිශ්‍ර කෑමක්නම් කෑවා තරමක් රහයි. වැනිලා රස ස්මර්නොෆ් (දුඹුරු පාට ලේබලේ) ඉස්සෙල්ලම බීවෙත් එහෙදි.
    හැලප අයියෙ අදනං ඉලිසියා හිතුනේ නැත. යස වැඩේ බොට කියලා තමා හිතුනා.

    ReplyDelete
    Replies
    1. එළුකිරි දාපු කිරිබත් කාලා තියෙනවද? මම නං කාලා නෑ.

      Delete
    2. අපට පොල්කිරි වගේ ඒ අයට එළකිරි.සමහර වෙලාවට අපි පොල්තෙල් වලින් බදිනකොට ඒ අයගෙ බඩ දඟලන්න ගන්නවා.දිව බඩ හුරුවුනාම ඔක්කොම හරි.
      ඇයි බං මදාවියෝ යස වැඩේ කියන්නෙ මට මොකද උනේ?

      Delete
  21. අර "අඩවන් වූ දෙනෙතින් ගලනා" කියන සින්දුව හඳුන්වා දෙන්න යද්දී එක නිවේදකයෙක් කිව්වලු, "මීළඟට ඔබ පිනවන්නේ අඩවන් වූ දෙනෙතින් කා දෙසදෝ බලා සිටින අමරදේව" කියලා .

    මටත් ඔය මීකිරි, එළකිරි කලවන් කාම නම් අරහං

    ReplyDelete
    Replies
    1. පොර නං බලාගෙන ඉන්නෙ විමලා දිහාව වෙන්න ඇති.
      ඒක නෙවෙයි බොටත් අර මැලයට වගේ කාම පැයක් තියේද?

      Delete
  22. 'ඇයි ඒ ඇම් යු රාජ් සිංදුවකුත් කියන්නෙ මහා බෝධි මුලේ කියල'

    ඔය ඒ ඇම් යු රාජ් කියන්නේ මේ බ්ලොග් ලියන මයුර රාජ් අප්පුහාමි නේද? එයා සින්දුත් කියනවද? දෙකක් දාගත්තම වෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.දන්නෙ නැද්ද රාජ් ගමේ නොම්බර එකේ ගායකයෙක්.දෙකක් දාගෙන සින්දු කියන්න ගත්තම ඉතිං වෙන එකෙකුට සිංදු කියන්න ලැබෙනව බොරු.

      Delete
  23. ඇඟ හදාගන්න කියලා සමහරු රටඉඳියි එළඟිතෙල් මිශ්‍ර කරලා කනවා.මට ඒකෙ සුවඳ එනකොට බඩ දඟලනවා.ඒත් කිරි කන්න මනාප හින්දා අර බත් එක හදාගන හිතුනා.. හැලපයියේ... අනේ ඔය රෙසිපිය දෙන්නකො අවුරුදු තෑග්ග විදිහට වත්.. හ්ම්..

    ReplyDelete
    Replies
    1. දෙන්නං දෙන්නං,අවුරුද්දට ඉස්සෙල්ල දෙන්නං.අනේ මන්ද බං බොලාගෙත් තියෙන කම්මැලිකම.

      Delete
  24. හින්දු විවාහ චාරිත්‍ර වල ශිව ඇදහීමත් එක්ක මිශ්‍ර වුනු විවිධාංග ගොඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමද?ඔබ කජුරාවෝ මූර්තිවල පින්තූර දැක තියෙනවද?අන්න සැබෑ ලිංගික නිදහස.

      Delete
  25. //කවුරු හෝ එහෙම නොවෙයි කියනවා නං මගේ තර්කය ගොඩනැගී ඇති ආකාරය පෙන්නල දෙන්නට මා සූදානම්.//

    ඒකත් මේ පතරංගෙටම ලියල දැම්මනං හෙනද

    ReplyDelete
    Replies
    1. කතාව ටිකක් දිගදුර යන හින්ද ලියන්න කම්මැලි හිතුන බං.කවුරුහරි ඇහුවොත් විතරක් කියනව කියල හිතාගත්තා.

      Delete
    2. ඊලගට ලියහං හරිද ලොකු අයියේ

      Delete
  26. ඔය දෙමළ කෑම ඔක්කොන්ගෙන්ම කිරි රහක් එන්නෙ මීකිරි ,ගිතෙල් දාන නිසා වෙන්ටැති... මට නං වැඩිය දිරවන්නේ නැති උනත් ඔය කෑමවල පට්ට ශක්තිජනක අගයක් තියනවා ඇති. රෙසිපිය දුන්නොත් හදල බලතෑකි. දෙන්නකො...

    ReplyDelete
    Replies
    1. ඒ කෑමවල තියෙන ශක්තිජනක අගය ගැන කතාකරන්න දෙයක් නෑ.රෙසිපිය දෙන්නං.හැබැයි හදන්න ඕනෑ.

      Delete
  27. කියවගෙන යද්දි නම් මී කිරි දාපු බත් එකක් කන්න හිතුනා. ඒත් දවසක් පින්කම් ගෙදරකදි කෙනෙක් ඇඟිලි අස්සෙන් පෙරි පෙරි කාපු හැටි දෙකලා අප්පිරියා හිතුන එක තාම තියෙනවා. ඔහොම කෙහෙල් කොලේ එලලා කෑම කන විදිහ දෙමළ ෆිල්ම් වල තමයි දැකලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කාල බලන්න, ඇඟිලි අස්සෙන් පෙරන්න අවශ්‍ය නෑ.අනික හැම කෙනාම එහෙම හිරිකිත විදියට කන්නෙ නෑ.

      Delete
  28. මම අද තමයි හැලපෙගේ බ්ලොග් එකේ මුල් ලිපි කියෙව්වේ. ඒ එක පොස්ට් එකක හැලපගේ පින්තුරේ එහෙමත් දාලා තිබුනේ. යකෝ හැලපෙ නිකං අපේ හිටපු ජනාධිපතිතුමා වගේමනි. බුරුස්‌ රැවුල එහෙම ඒ කට් එකමයි.

    ඊලග සැරේ පොරව අගමැති කරන්න ඕනි කියලා තියෙන රැස්වීමට මිනිහා ආවේ නැත්තං හැලපෙව කුදලන් යයි ගුවංශ නඩේ හැලපව දැක්කොත් එහෙම. ඊට පස්සේ කපටියා ඇදුම අන්දලා හැලපයව ස්ටේජ් එකට නංගන හැටි මට මැවිලා පේනවා බොලව්. මේ ටිකේ ලංකාවට එන්නේ නැතිව ඔහෙම හිටපන් හැලප. නැත්තං මල ජංජාලයක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විළි ලැජ්ජාවේ රෙදි ගැලවෙන කතාවක්නෙ යකෝ මේක.පිංතූර දැම්ම මෝඩකම කියල හිතෙනවා.

      Delete
  29. ඔය කොළඹට ඈත උඩරට ගම් පළාත් වල දෙනවා දේව දානය කියලා දානයක්. මෙතැනදී කිරිබත් එහෙම හදලා, තව රසවත් දොදොල් වගේ කෑලි කපලා තියෙන ජාතියක් එක්ක කිරිබත් කන්නේ. මෙව්වට කියන නම මම දන්නේ නෑ. දොදොල් වගේ කිව්වට ඒ පාට නෙමෙයි, හරියටම කිව්වොත් මේ බ්ලොග් එකේ තියෙන කහපාටට හුරු පසුබිමක් තියෙන්නේ අන්න ඒ පාට දෙයක්. කිරි රහත් තියෙනවා.

    ඒවා කෑලි කපලාත් තියෙනවා. එහෙම නැත්තං උණුවෙන් නං ඝන නෑ. හැලප ඒ වගේ දේව දානේ ගැන අහලා තියෙනවද? කාලා තියෙනවද?

    මේ වගේ දානේ හදලා කෙහෙල් කොලේ බෙදලා එන හැමෝටම කන්න දෙනවා. උඩරට පැත්තේ මං හිතන්නේ වී අස්වැන්න එහෙම නෙලලා අවසන් උනාම, අලුතින් ගෙවල් එහම හදන්න යනකොට වෙන්න ඕනි මේක දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. යකෝ ඔය කියන්නෙ කිරිය. තෝව හම ගහන්න එපාය කිරිය නොදන්නව කිව්වම. ගිය සිකුරාදත් අපි කෑවෙ කිරියයි කිරිබතුයි.

      Delete
    2. මට ඒකෙ නම මතක නෑ, ඒත් ඒ රහ නං මතකයි. බොහොම කාලෙකට කලින් තමයි ඔය දානේ කාලා තියෙන්නේ. ඒක හදන විදිය ඉන්දික දන්නවද?

      ඒත් හැබැයි ගොයම් එහෙම කපලා ඉවර වෙලා, ඉපනැල්ලේ වාඩි වෙලා හුලං වැදී වැදී අනික් ගම්වැසියෝ එක්ක සහයෝගෙන් කිරිබත් සහ ඔය ජාතිය හදාගෙන, කෙසෙල් කොලෙකට බෙදාගෙන, උණු උනුවට කනවා තරං සැපක් කොහෙන්ද?

      Delete
    3. මමත් හිතුවෙ මේ කියන්නෙ කිරිය තමයි කියල.අපේ පලාතෙ කිරියා බහුලව හදන්නෙ කිරි අම්මලගෙ බාර වලටයි.

      Delete
    4. සිංහයෝ,
      උඹ ඔහෙ කිරියත් හදනවද?නැත්නං කිරි අම්මලගෙ බාරයක් දුන්නද?

      Delete
    5. නෑ බං ඒක මෙහෙමයි උනේ. අපේ දේවිට බාලය හම්බුවෙන්න ඉන්න කාලෙ කිරිය කන්න ආසාවක් ආව. ඒත් ඉතින් හදන්න දන්න කෙනෙක් හොයාගන්න ලැබුනෙම නෑ මෙහෙ. දැන් අපි ගාව ඉන්න උන්දැ ඒව හදන්න දන්නව. ඉතින් අර දොළ දුක මතක් උනාම ඉඳහිට සිකුරාදට කිරිය හදනව. කොල්ල ඉස්කෝලෙ යන්නත් ගත්ත, ඒත් ඉතින් අම්මගෙ දොළ එහෙමමයි :)

      Delete
    6. කෑම දැකලත් අම්මගෙ දොළදුක එන්නෙ නැත්නං දොළදුක හදපන්.

      Delete
  30. හපෝ දකුණු ඉන්දියාවෙ තෝසෙ වඩ ඇර අනෙක් බත් ජාති මට පේන්න බෑ. එකක්වත් කන්න පිරිය දෙන රහක් නෑ.

    තමිල් මගුල් වගේම තමා කේරළ ඒවත්. මම ගිහින් නෑ, ඒත් අපෙ යාලුවොන්ගෙ ඒවගෙ පින්තුර දැකල තියෙනව, වීඩියෝ බලල තියෙනව. සෙල්ලන් නෑ, ඒක මගුලට අවම පන්සීයක් එනවලු. සාමාන්‍ය ගාන දාහක් පනිනව රට ඉඳල ගියාම. අවුලක් නෑ, මොකද බොන්න නෑ, තීම් නෑ, ඩාන්ස් නෑ, කෙලිම්ම දන්සැලේ වගේ කන්න දෙනව විතරයි.

    දැන් මෙහෙ ඉන්න මලයො සහ දෙමලුත් කන්නෙ තඩි අර බිත්තර විතර ඇට බත් එකට වතුර, යෝගට් සහ ලුනු දාගෙන විතරනෙ. හිටි ගමන් පෙරුම්කායම් දාපු ගඳ හොද්දක් ගේනාව. මොන ජරාවට උන්නත් උන්ගෙ බඩ ලෙඩ නොවෙන්නෙ ඔන්න ඔය කෑම වල තීන ජාති නිසා වෙන්න ඕන. අනික කාල සූදුරු අහුරකුත් ගිලිනවමනෙ.

    ReplyDelete
    Replies
    1. යමින් එමින් සැරයක් දෙකක් කාල වැඩක් නෑ බං ඒ කෑම වල රස දිවට හුරු වෙන්න ඕනෑ.
      දවසක්දා කේරලේදී මම උන්ගෙ ඔය උඹ කියන බිත්තර සයිස් බත් පරිප්පුත් එක්ක කෑවා.මාර රහයි බං. එදා ඉඳන් ඒ හාල් ජාතිය මොනාද කියල හොයනවා හොයාගන්න බැරි උනා.හැබැයි ෂුවර් එකටම මෙහෙ ඇති.නම දන්නෙ නෑනෙ.උඹට පුළුවන් නං එකෙක්ගෙන් අහල ඒ හාල් ජාතියෙ නම කියපන්කො.අපේ ඔෆිස් එකේ එකෙක්ටත් කියල ගෙන්නගන්න බැලුව හරිගියෙ නෑ.

      Delete
    2. මට්ට රයිස් කියල අහපන්. ඕක නැති රටක් ගල්ෆ් කලාපෙ තියෙන්නම බෑ!

      Delete
    3. @හැලපේ..හංදියේ අල්හූටියෙන් අහපං බං...උන් කියන්නේ නම් මෝටා රයිස් කියලා...මට්ට කියන එකත් හරි...ලුලූ එකෙත් තියෙනවානේ...

      Delete
    4. ඉන්දික,චෙපාකි.
      නෑ බං මට්ට රයිස් මම දන්නෙ නැතුවයැ.අද දවල්ටත් කාපු එක.ඒක වෙන හාලක් බංස්ල රතු නෙවෙයි සුදුයි.හාල් ඇටේ ජිල්බෝලෙට වඩා ටිකක් පොඩියි.

      Delete
    5. හැළපෙ, බඩු මාට්ටු. උඹ හොයනව ඇත්තෙ ජයා රයිස් වෙන්න ඕන. පොඩ්ඩක් අරගෙන කාල බලහන්, ලුලු එකේ තීනව.

      Delete
  31. හැලප මොකද හැමදාම කොමෙන්ට් වලට උත්තර දෙද්දී විචාරකට පිළිතුරු දීලා එතනින් එහාට උත්තර දෙන එක දිනක් දෙකක් කල් දාන්නේ. එහෙම කරන්න එපා. හැමෝටම උත්තරයක් දෙන්න එකම දවසේදී.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නං නෑ ඇනෝ.කලින් පොස්ටුවේ විචාරකත් ඔය කතාවම කියල තිබ්බා.මම එයා ලඟට ඇවිත් නවත්තනවලු.කමෙන්ට් ගොඩක් නිසා එකවර උත්තර ලියන්න අමාරුයි.අතත් රිදෙනවා.ඉතිං ඒ වෙලාවට තැන බලන්නෙ නෑ නවත්තනවා.වෙන කිසිම විශේෂයක් නෑ.

      Delete
    2. @ AnonymousApril 6, 2015 at 9:43 AM

      තමුසේ මොකටද අනුන්ගේ සීනි කිරන්නේ

      Delete
  32. ලෝකෙ ජනවර්ගයෙන් ජනවර්ගයට චාරිත්‍ර වෙනස්...යාපනේ එක පළාතක දෙමල අය ඉන්නව කාල ඉවරවෙලා අතේ ඇඟිලි පහම ලෙවකනවා. එක මේසෙ ඉඳගෙන ඕක දැක්කම අපුලක් එනව තමයි. ඒත් ටික දවසක් ගියාම මටනම් ඕක ගානක් නැතුව ගියා. ඒත් අවුරුද්දක් දෙකක් ඉඳලත් ඕකට පුරුදුවෙන්ට බැරිවෙච්චි මගෙ යාලුවොත් හිටිය හත් අට දෙනෙක්ම. අනික ඒ පළාතට පිටින් ගිය අමුත්තෙක් බත් කාල ඉවරවෙලා එහෙම ඇඟිලි ලෙව කෑව කියන්නෙ ඒ ගෙදර ගෘහිණියට පුදුම සන්තෝසයක්ලු. තමන් පිලියෙල කරපු කෑම ඒ තරම් රසයි කියල දෙන සහතිකයක් විදිහටලු එහෙම කරන එක සැලකෙන්නෙ.

    මීලඟට මහ බෝධි මියුල්..ගායනය අමු රාජ් ....එහෙමයි මම අහල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇයි මචං තලු මරන එක.කද්දි තලුමරනව නං උයපු ගෘහිණියට ඊට වඩා සන්තෝසයක් නෑලු.දවසක්දා ට්රාන්ස්ලේටර් කෙනෙක් මගෙ ඉස්සරහ වාඩිවෙලා කිරිබත් මාළු හොදිත් එක්ක කෑවා.කෑවෙ මුළු අතම උපයෝගී කරගෙනයි.තලු ගගහ කාල ඉවරවෙලා අතම ලෙවකෑවා.පුරුදු නිසා මට ගානක් නෑ.වෙන එකෙක් නං කෑම පැත්තක තියල වමනෙ දානවා.

      Delete
  33. ලොකු කමකට කියනවා නෙමේ හැලපයියේ ඔය මසක්,මාළුවක් අඩු ගානේ කරවල කැල්ලක්වත් නැතිනම් මට සාමන්‍යයෙන් බත් කන්න අමාරුයි.එත් ඉඳහිට ඔය වැල්ලවත්ත පැත්තේ තියෙන කඩවලින් වෙජිටේරියන් බත් කනවා.පුදුම රසක් තමයි තියන්නේ.

    curd rice කනවාට වඩා කෑමෙන් පස්සේ කිරී,පැණි වෙනම කන්න තමයි මනාප මමනම්.

    ReplyDelete
    Replies
    1. අපුලක් අමියාවක් නැත්නං කර්ඩ් රයිස් දවසක කාල බලපංකො,මාළු හරි කරෝල හරි එක්ක තවත් රසයි.

      Delete
  34. ඔය කිරියා කියන එක හදනව බලපිටිය පැත්තෙ... සුද්ද පෝය කියල එකක් තියෙන්නෙ .. අර එක මාසෙට පෝය දෙකක්.. එදාට ගොක්කොළ වලින් පහන් පැලක් හදල හැම ගෙදරකම දේව දානය දෙනව .... හරිම ලස්සනයි .. තව ඕක හදන්නෙ කිරි අම්මලාගෙ දනෙටයි.... මාර රහයි බං....

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ කිරිය හදන්නෙ කිරි අම්මලෑ දානෙට විතරයි.වෙන මොනවටවත් හදනව මම දැකල නෑ.

      Delete
  35. ඒක නෙවෙයි හැලපයියේ අර රොසැන්ටව එහෙම ලඟදි හම්බ උනේ නැද්ද? අන්න ඒ රොසැන්ටගේ කතා දෙක තුනකුත් දාපන්. ඒ වගේම අර ප්‍රේමලතාගේ කතා ටිකත් ආයෙම ලියපන් හැලපයියේ. අපි හෙන ආසාවෙන් ඉන්නේ කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      රොසන්ටා දැන් ඉන්නෙ පොළොවෙ අඩි හයක් යට බං.හම්බවෙන්න වෙන්නෙ ගිය දවසක තමා.රොසන්ට ගැන අහල උඹෙන් බේරෙන්න බෑ කියල මං කියන්නංකො.
      ප්‍රේමලතාගෙ කතා ආපහු ලියන්න පටන් අරගෙන තිබුණා මම දැක්කා.උඹ ගිහිං බැලුවේ නැද්ද.මම නං බලල කමෙන්ට් එකකුත් දාලයි ආවෙ.ආසයි ආසයි කියල මෙතන නාහෙන් අඬල වැඩක් නෑ බං.එතනට ගිහිං කියවපන්.

      Delete
  36. කව්ද බන් හලපයෝය්යේ ඔයාට කලින් මේ කොමෙන්ට් වලට උත්තර දාලා තියෙන ඈනෝ කාරයා ??? පරණ ණය කාරයෙක්ද ??

    ReplyDelete
    Replies
    1. දෙයියෝ තමා දන්නෙ බං.ෂුවර් එකටම පරණ ණය කාරයෙක් වෙන්න ඇති.නැත්නං මෙච්චර උදව්වක් කරාවියැ.

      Delete
  37. ලංකාවෙදි මම සහභාගි වෙලා තියෙන්නෙ එකම එක දමිළ විවාහයකට පමණයි. අපේ කාර්යාල මිතුරෙකුගෙ අක්කා තමයි විවාහ උනේ එදා. යාලුවා කාටත් හොරෙන් අපිට ගල් බෝතලයක් සූජානම් කොරලා තිබුනා අහල පහල තැනක. අපි එතනින් ගල් බෝතලය සප්පායම් වෙලා කිසිත් දන්නෙ නෑ වගේ ආහාර ටික ගිලදැම්මා. කඩල වලින් හදන ආහාරයක් සහ බොහොම රසැති කුකුල් මස් කරියක් තිබ්බ බව මට තවම මතකයි.

    චෙන්නායි වලදි මම ඔය කියන මණ්ඩප දැකලා තියෙනවා. කෙ‍සෙල් කැන් ගහේ තියෙද්දිම ගලවගෙන ආව කෙසෙල් ගස් දෙකක් පිවිසුම් දොරටුව දෙපස තබා අලංකාර කර තිබුනා. මැලේසියාවෙ දෙමළ විවාහ වලත් කෙසෙල් ගස් දෙක දකින්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ කොහේ ගියත් ද්‍රවිඩ විවාහ උත්සවයන් වල ඔය සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම දකින්නට ලැබෙනවා සිරෝ.

      Delete

ඔබේ අදහස්