Sunday, April 26, 2015

බෝතලේ ජීවිතය හීන්දෙනිය-පට්ටිගොඩ, ලියුකේමියා සහ චාල්ස් ඩිගෝල්





අපි කියමින් හිටපු බෝතලේ ගතකළ මගේ ජීවිතේ කතාව බාගෙට නැවතුනා නේද?ඒ නිසා අද එතැනින් පටන් ගම්මු.බෝතලේ සෑහෙන විසාල ගමක්, විසාලත්වය නිසාම බෝතලේ ඉහළගම සහ බෝතලේ පහළගම කියල කොටස් දෙකකට වෙන්කරල තියෙනවා.ඔය සුප්‍රසිද්ධ සේනානායක මහ වලව්ව හෙවත් බෝතලේ වලව්ව අයිති වෙන්නෙ බෝතලේ පහළගමටයි.වලව්වට පොඩ්ඩක් එහයින් තියෙන බෝතලේ හංදියෙන් හැරිල දංඕවිට පාර දිගේ හැතැප්ම තුන හතරක් ඇතුළට ගියාම බෝතලේ ඉහළගම හෙවත් අපේ අම්මගෙ උපන්ගම හම්බවෙනවා.ඉස්සර නං අපි කෝච්චියෙ ගිහිං අඹේපුස්ස හෙවත් කීනදෙනියෙන් බැහැගෙන බෝතලේ ඉහළගම දක්වා හැතැප්ම හයක හතක දුර පයින්ම යනවා.ඒ සීයත් එක්ක ගමේ ගිය කාලෙ, පස්සෙ පස්සෙ කෝච්චියෙ ගිහිං මීරිගම බැහැල මඩම පාරෙ වරකපොළ යන බස් එකේ ගිහිං අන්නාසිවත්තෙ කඩේ ළඟ බැහැල කෙටි පාරකින් ගිහිං දංඕවිට පාරට ගොඩවෙනවා.

 පාර පුරා කළුගල් මතුවෙලා තියෙන ඒ  වැලි පාරෙ ඒක පැත්තක් එහෙම්පිටින්ම කැලේ, තද කැලේ නිසා පාර අඳුරුයි.කැලේ අස්සෙන් දොළ පාරක් ගලාගෙන යන සද්දෙ සිලි සිලි ගාල ඇහුනට දොළක් පෙනෙන්නෙ නෑ.පාරෙ දිගටම රැහැයියන්ගේ සද්ද ගිරවුන්ගේ බට්ටිච්චන්ගේ දෙමලිච්චන්ගේ සද්ද ඒක දිගට දෝංකාර දෙනවා.වැරදිලාවත් මනුස්සයෙක් පාරෙ යනව හම්බවෙන්නෙ නෑ.අපි දිගටම ඇවිත් වම් පැත්තට පහළට බැස්සම ඔන්න ඉස්සරහට දොළ පාර හම්බවෙනවා.දොළට උඩින් ගල් ඒදන්ඩක් දාල තියෙන්නෙ පන්සලට යන්නටයි.පන්සල කිව්වෙ බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරෙ.අපි එතනින් යන්නෙ නැතුව දිගටම ගිහිං වෙලේ නියරට ගොඩවෙලා දොළ හරහට දාල තියෙන තවත් විසාල ගල් ඒදන්ඩකින් එගොඩ වෙලා පාරට ගොඩවෙනවා.ඒ අති විසාල ගල් ලෑල්ල දොළ හරහට කොහොම දැම්මද කියල අදටත් හිතාගන්න අමාරුයි.ගෝඨාභය කුමාරයගෙ අයම ගෙනැත් දැම්ම කියල හිතාගන්නව ඇරෙන්න වෙන දෙයක් හිතාගන්න බැහැ.දැන් නං ඒ අලංකාර ගල් ඒදන්ඩ තියෙනවද ඒක අයින් කරල කොන්ක්‍රීට් ලෑල්ලක් දාලද දන්නෙ නෑ මොකද මම අවුරුදු විසිපහකින් මෙහා ඔය පාරෙ ගිහිං නැති නිසා කියන්න අමාරුයි.

අපි පාරට ගොඩවෙන තැනින්ම කුඹුරු යාය ඉවරවෙලා රබර්වත්ත පටන් ගන්නවා.ඒ රබර් වත්තයි පාරෙ ඉස්සරහටම කන්ද උඩ තියෙන පරණ වලව්වයි දෙකමත් සේනානායක වරුන්ගෙ පවුලට අයිතියි.මට කලින් කියන්න අමතක උනා අපි පාරට ගොඩඋන තැන ඒ කියන්නෙ රබර්වත්ත කෙලවරේ පුරාණ සොහොන් ගෙයක් තියෙනවා.ඒ කියන්නෙ වලව්වෙ මැරුණ කීප දෙනෙකුගෙ භෂ්මාවශේෂ හෙවත් අළු දාපු කල  කුඩා ගෙයක තියල දොර වහල තියනවා.ඔය සොහොන් ගෙට නිතරම අකුණු වදින නිසා පාරෙ යද්දි වැස්සටවත්  වැරදිලාවත් සොහොන් ගෙට ගොඩවෙන්න එපා කියල අපේ තාත්ත කියල තියෙනවා කියල අම්ම අපිත් එක්ක කියනවා.ඒ නිසා අපි එතනින් යද්දි ඒ පැත්තවත් බලන්නෙ නැතිව වේගෙන් වේගෙන් එතනින් පියමං කරනවා.ඒ උනාට වෙල්යායේ වැඩකරන ගොයියො නං සොහොන් ගෙයි කොට බිත්ති උඩ ඉඳගෙන විට හප හපා කයිය ගහනව අපි ඕනෑ තරං දැකල තියෙනවා.ඕං දැන් අපි බෝතලේ පහළගම පහුකරල ඉහළගමට ළඟාවූනා.වල්බෝතලේ කියලත් තව ගමක් තියෙනවා.හැබැයි ඒ ගම බෝතලේට ගොඩක් දුරයි.ඉතිං බෝතලේ පිහිටීම ඔන්න ඔය ආකාරයටයි.

මම බෝතලේ ගැන කියද්දි බෝතලේ කෝච්චි ඉස්ටේසම හරියෙ කුඹුරුවල තියෙන සුන්දරත්වය ගැන නාඩියා ලියල තිබ්බා.හැබැයි මට කියන්න තියෙන්නෙ බෝතලේ ඉස්ටේසම තියෙන්නෙ බෝතලේ ගමට ගව් ගාණක් දුරින් කියලයි.ඒ කියන්නෙ බෝතලේ ඉස්ටේසමට බෝතලේ ගමේ ඉඳල ගම් හත අටක් පහු කරගෙන එන්න වෙනවා.අඹේපුස්ස ඉස්ටේසමත් ඔයවගෙනෙ.නියම අඹේපුස්ස තියෙන්නෙ නුවර පාරෙ.ඉස්ටේසම තියෙන්නෙ කීනදෙනියෙ.ඇයි ඔය වගේ වේයන්ගොඩයි මගලෙගොඩයි අතර අලුත් ඉස්ටේසමක් මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සර හැදුවා.ඒ හරිය පාරමුල්ල.එහෙම උනාට ඉස්ටේසමට නම දානකොට හීන්දෙනිය නම  දාන්න කියල හීන්දෙනියෙ අය කියද්දි පට්ටිගොඩ නම දාන්න කියල පට්ටිගොඩ අය කිව්වා.ගම් දෙකේ ගෝරිය සරුවටම යනකොට හීන්දෙනිය-පට්ටිගොඩ කියල ඉස්ටේසමට නම යොදන්න දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා.පාරමුල්ල නම යටගියා.අදටත් ලංකාවෙ ඉස්ටේසමකට තියෙන දිගම නම ඒකද කියල මට හිතෙනවා.

හීන්දෙනිය පට්ටිගොඩ රේල්වේ  ක්‍රොසින් එක ළඟම තියෙන ගෙදර ඉන්නෙ දිනපාල කියල අපේ යාලුවෙක්.දිනපාලගෙ ගෙදරට හීන්දෙනිය පට්ටිගොඩ ඉස්ටේසමේ ඉඳල යාර සීයක්වත් ඇති නැති තරමයි.දිනපාල මහතයි කලුයි කොටයි ලොකු බඩකුත් තිබුණා.උදේට හීන්දෙනිය පට්ටිගොඩින් කෝච්චියට නැගල රාගමින් බැහැල පෙරලි පෙරලි ඉස්පිරිතාලෙ වැඩට ගියා.රේල්පාරෙන් එහාපැත්තෙ දිනපාලට කුඹුරු කෑලි දෙක තුනකුත් තිබුණා.ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි දවස්වල උදේ දිනපාල තොප්පියකුත් දාගෙන බෝලෙ වගේ කුඹුරෙ නියරවල් මඩ තියනව කෝච්චියෙ යන අපට පේනවා.පවුල් වෙලා අවුරුදු කීපයක් ගියත් දරුවෙක් නැතිකම ගැන දිනපාල විසාල කණස්සල්ලකින් කාලය ගතකලා.ඒ ගැන සමහර වෙලාවට පවුලටත් සද්දෙ දැම්මා.යාළුවො අහපුවම දිනපාල කිව්වෙ මෙහෙමයි.

ඇයි යකෝ හවසට ගෙදර යන්ඩ හිතෙන්නෙ නෑ දරුවෙකුගෙ සද්දක්  නැති ගේ මළ පාළුයි.ඉතිං තද වෙන්නෙ නැද්ද?

ඉතිං ඕකට පවුලට කෑ ගහල හරියනවද මිනිහො.උඹ ඔච්චර දොස්තරල දන්න අඳුනන කෙනා  ගිහිං කියල මොකක් හරි උපදේසයක් ගනිංකො...

ඒ කතාවත් ඇත්ත තමයි කියල හිතපු දිනපාල පවුලත් එක්ක ගිහිං රාගම ඉස්පිරිතාලෙ අඳුනන වීඕජී කෙනෙක් හම්බවෙලා ප්‍රතිකාර ගත්තා.ඊළඟ අවුරුදු හතර පහ ඇතුළත දිනපාලගෙ පවුල දරු තුන්දෙනෙක්ම දිනපාලට තෑගි කළා.දුවයි පුත්තු දෙන්නයි.දැන් දිනපාල හරි සතුටින් කාලය ගත කරනවා.ඔන්න ඔහොම කාලෙ ගතවෙද්දි අපේ ඉස්පිරිතාලෙ වැඩ කරපු කෙනෙක් සර්පයෙක් කාල මළා.එයත් දිනපාලලගෙ ගමේමයි.අපි කට්ටිය මළගෙදර ගිහිං අවසාන කටයුතු ඉවර උනාට පස්සෙ හවස් වරුවෙ කට්ටියම දිනපාලලගේ ගෙදරට එකතු උනා.දිනපාල අපට තේ පැන් සංග්‍රහයකුත් පැවැත්තුවා.තේ බීල ඉවර උනාට කට්ටිය පිටත්වෙලා යන පාටක් නෑ.මම නං ළඟ පාත මිනිහා එහා ඉස්ටේසමට ගිහිං  ගෙදර යන එකනෙ.ඒත් අනික් උන්ට සෑහෙන දුර යන්න තිබ්බට මුන් යන්නෙ නැතුව දිනපාලගෙන් අරක්කු ඉල්ලනවා.

රෑ වෙනව දිනපාල ඉක්මනට මොනා හරි කරපංකො...

මේ වෙලාවෙ මොන අරක්කුද බං රෑ වෙන්ඩ කලින් ගෙවල්වලට පලයල්ලා...

දිනපාල කිව්වට මුන් ටික උණ ලෙඩ්ඩු වතුර ඉල්ලන්නා වගේ අරක්කුම ඉල්ලනවා.අන්තිමේ දිනපාලට හොඳටම තද උනා.

කියන දේ අහන්නෙ නැති කාලකණ්නි ඉඳපියව් තොපිට අහවල් එක කරන්න කියල තිත්ත කුණුහරුප දෙකක් කියාපු දිනපාල සරමත් කැහැපොට ගහගෙන ගේ පිටිපස්සෙන් එළියට බැහැල ගිහිං ටික වෙලාවකින් ආපහු ආවෙ සුදුව කෑන් එකකුත් කිහිළි ගන්නගෙනයි. දිනපාලගෙ පවුල හොඳ බිරිඳක් වගේ කරෝල බැදල බයිට් එකකුත් හදල දුන්නා.කොහොම උනත් මම එතන වැඩි වෙලා රැඳුනේ නෑ ඉක්මනට ගෙදර ගියා.අනික් උන් ටික කොයිවෙලාවෙ ගියාද දන්නෙ නෑ.

කාලය වේගයෙන් ගෙවිල යද්දි මම ඉස්පිරිතාලෙන් මාරුවෙලා ගියා.දිනපාලත් වතුපිටිවල ඉස්පිරිතාලෙට මාරුවුනා කියල දැනගන්න ලැබුනා.කොහොම උනත් අපේ තිබුන සම්බන්ධකම් ටික ටික අඩුවෙලා ගියා.ඒ උනාට කලාතුරකින් දවසක දිනපාල අපේ ගෙදර එන සිරිතකුත් තිබුනා.සැරයක් දුවගෙ ඉස්කෝලෙ වැඩකදී මගෙන් උදව්වක් ගන්න, එතකොට වපුරන්න බිත්තර වී ටිකක් හොයාගන්න වගේ වැඩවලට දිනපාල ඇවිත් ගියා.ඒ ඇරෙන්න මම දිනපාල දැක්කෙ කෝච්චියෙ යන වෙලාවට පාරෙ ඉන්නව හරි වෙලේ ඉන්නව හරි තමා.දවසක්දා කෝච්චියෙ එද්දී දිනපාලලගේ ගෙදරඉස්සරහ තහඩු මඩුවක් ගහල පුටු තියල එහෙම තියෙනවා දැක්කම දුවගෙ වැඩිවිය පැමිණීමේ උත්සවේ වෙන්න ඇති කියල මම හිතාගත්තා.ආයෙම දවසක කෝච්චියෙ එද්දි තහඩු මඩු පුටු වගේම ගේ ඉස්සරහ සුදු කොඩිත් දැක්ක මම එක පාරටම තිගැස්සුනා.ඉක්මනට කෝච්චියෙන් බැහැල දිනපාලලගෙ ගෙදරට දුවගෙන ගියා.බලපුවම දිනපාලගෙ පොඩි පුතා සයිකල් පදිද්දි රේල්වේ ක්‍රොසින් එකේදි කෝච්චියෙ හැප්පිලා මැරිල.

එළියෙ පුටුවක ඉඳගෙන දිනපාල  මට අනතුරේ විස්තරය කිව්වා.දරුවෙක් මැරුණ තාත්තා කෙනෙක්ගෙන් දකින්නට නොලැබෙන ශාන්ත ස්වභාවයක් දිනපාලගෙන් දකින්නට ලැබුනා.දරුවාගේ මරණය ගැන දිනපාලට දුකක් නැත්දැයි දකින කෙනෙකුට හිතෙන්නට පුළුවන් වුනත් එය මට නම් අරුමයක් වුනේ නෑ.කාලයක් තිස්සෙ රෝහල්වල වැඩ කරන අයට මරණය කියන්නෙ එදිනෙදා  නොව දිනකට කීපවරක් අත්දකින සාමාන්‍ය දෙයක්.ඒ නිසාම මරණය ගැන වෙනත් අයට තිබෙන අධි සංවේදී ස්වභාවය ඔවුන්ගෙ හිත්වලින් ඉවත්ව යනවා.දුකක් නෑ කියන එක එයින් අදහස් වෙන්නෙ නෑ.ඒ නිසාම දිනපාලගෙ ස්වභාවය මට අමුත්තක් උනේ නෑ.රෝහලේ වැඩකරන කාලෙ මමත් එවැනි මනෝභාවයක හිටියා.මම එක උදාහරණයක් කියන්නං.

කාලය මට මතක හැටියට 1982 වර්ෂය විය යුතුයි.උසස් පෙළ විභාගයට මුහුණ දීල ප්‍රතිපල එනතුරු හිටපු අපේ පුංචිඅම්මගෙ බාල පුතා එක පාරටම ලෙඩින් වැටුනා.වතුපිටිවල රෝහලේ නතරකරල හිටිය ඔහු කොළඹ මහ රෝහලට මාරු කළා.පසුව ඔහු ලියුකේමියා රෝගයෙන් පෙලෙන බව නිශ්චය කරගෙන මහරගම පිළිකා රෝහලට යැවුවා.දවසක රාත්‍රියේ මම වැඩ ඇරිල ගෙදර ඇවිත් රෑ කෑම කන තැනට අපේ අම්මා ආවා.ඒ ආවෙ රෝහලේ ඉන්න මල්ලිගෙ තත්ත්වය ගැන මගෙන් අහන්නට කියල අම්ම එනකොටම මම දැනගත්තා.

රෝගියා ලේ පිළිකාවකින් පෙළෙන බවත් තත්ත්වය අසාධ්‍ය බව හා සුවපත්වීම ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවත් බෝධි පූජා තැබීම හොඳ නමුත් බෝධි පූජාව නිසා තත්වයේ වෙනසක් ඇතිවේයැයි මා නොසිතන බවත් එක පිට එක එල්ලවුණු අම්මාගේ ප්‍රශ්න වැලකට පිළිතුරු වශයෙන් මා කියා සිටියේ ඇත්තම තත්වය එය නිසායි.නමුත් මා එම විස්තරය කියු සන්සුන් විලාසය අම්මාගේ සිත වියරු වට්ටන්නක් උනා.මා හිතක් පපුවක් නැති එකෙක් යැයි ඇය මට දිගින් දිගටම බැන වදින විට මා එයද සන්සුන්ව අසා සිටියා.ඇත්තටම ඒ වන විට මරණය ගැන අධි සංවේදී ස්වභාවය මගේ සිතින්ද තුරන්ව ගොස් තිබුන බව මට වැටහුනේ කාලෙකට පසුවයි.රෝහලේ සිටි සහෝදරයා බේරාගන්නට කරන්න තියෙන හැම දේම කළත් ඔහුට පණපිටින් රෝහලෙන් ගෙදර එන්නට ලැබුනේ නෑ.ඊට පසුවත් මෙවැනි අත්දැකීම් කීපයක්ම මගේ හිතේ තැන්පත්ව තිබෙනවා.

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හෙළිකරගන්නට ලියුකේමියා රෝගය යොදාගත් අවස්ථාවක් මා පොතක කියෙව්වා.ඒ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ලියු ද ඩේ ඔෆ් ද ජැකෝල් පොතයි.මෙය වෘකයාගේ දවස නමින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා.ඇල්ජීරියාව පිලිබඳ ප්‍රංශ ජනාධිපති ඩිගෝල් (1890-1970)ගේ ප්‍රතිපත්තිය ගැන විවේචනය කරන ප්‍රංශ හමුදා නිලධාරීන් පිරිසක් ජෙනරාල් ඩිගෝල් කෙරෙහි වෛර බැඳගෙන රහස් සංවිධානයක් පිහිටුවා ගන්නේ ඩිගෝල්ගෙන් ප්‍රංශය මුදවා ගන්නටයි.ජනාධිපති ඩිගෝල් ඝාතනයට ඔවුන් දරණ ලද පළවෙනි ප්‍රයත්නය ව්‍යවර්ථ වූ විට හමුදා නිලධාරීන්ගේ සංවිධානයේ නායකයන් ප්‍රංශයෙන් පලායනවා.එතැන් සිට ඔවුන් ක්‍රියාත්මක වන්නේ ඔස්ට්‍රියාවේ වියනාවල හෝටලයක සිටයි.එහිදී  ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ප්‍රංශ රහස් පොලිසියට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ.නමුත් හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානය නැවතත් කිසියම් කුමන්ත්‍රණයක යෙදෙන බව හොඳින් දත් ප්‍රංශ රහස් පොලිසිය කුමන්ත්‍රණය හෙළිකර ගැනීමට උගුලක් අටවනවා.

සැඟවී සිටින හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානයේ නායකයන්ගේ   ආරක්ෂකයා ලෙස සිටින  යෝධයෙක් වන් රහස් සංවිධානයේ විශ්වාසී පැරණි සොල්දාදුවෙක් වන වික්ටර් නමැති පෝලන්ත ජාතිකයාගේ ලිපිගොනුව පරීක්ෂා කර ඔහුට දාව ඉපදුන දැරියක්  ජෝ ජෝ නමැති ප්‍රංශ ජාතිකයෙක් විසින් ඇති දැඩි කරන බවත් වෙනත් කිසිම ඥාතියෙක් නැති වික්ටර් මේ දැරියට දැඩිසේ ආදරය කරන බවත් දැනගන්නා ප්‍රංශ රහස් පොලිසිය ජෝ ජෝ ලියන පරිදි ලියා වික්ටර්ට අහම්බෙන් ලැබෙනසේ හෝටලයට ලිපියක් යවනවා.ලිපියේ සඳහන් වන්නේ දැරිය ලියුකේ ද මොකක්ද රෝගයකින් පෙළෙන බවයි.ලියුකේ යන්නෙහි අගක් මුලක් නොදන්නා වික්ටර් එය තෝරාගන්නටද කිසිවෙක් නැති තැන දැරිය බලා ඉක්මනින් ආපසු එන්නට අදහස් කර හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානයේ අයටද නොදන්වා මාර්සෙල්ස් බලා ගුවන්ගත වෙනවා.වියානාවේ සිටම වික්ටර් ගැන ඔත්තු බලන ප්‍රංශ රහස් පොලිසිය ඔහුගෙ පිටත්වීම ගැන විස්තර ප්‍රංශයට ලබාදෙනවා.මාර්සෙල්ස් හි ජෝ ජෝ ගේ නිවසට යන වික්ටර් පිළිගන්නට ඒ නිවසේ ඉන්නේ ප්‍රංශ රහස් පොලිසියයි.එතනදී පොලිස් නිලධාරීන් ගණනාවකට බරපතල තුවාල සිදුකරමින් අත්අඩංගුවට පත්වෙන වික්ටර්ගෙන් හමුදා නිලධාරීන්ගේ රහස් සංවිධානය ජනාධිපති ඩිගෝල් මරන්නට යොදවා ඇති වෘකයා නමැති කුලී මිනීමරුවා ගැන හෝඩුවාව දැනගන්නවා.වෘකයා සොයන්නට ප්‍රංශය මෙන්ම ලෝකය පුරා මෙහෙයුමක් දියත් වන්නේ ඉන් පසුවයි෴

83 comments:

  1. මම හිතුවේ චීන ජාතිකයින් විතරය සර්පයෝ කන්නේ කියලා. බලාගෙන උඹලයි ගෙවල් පැත්තෙ උනුත් සර්පයෝ කනවනේ. අපේ පැත්තෙ නම් සර්පයෝ කන්නේ නෑ. අල්ලන්න ගියොත් උන් දෂ්ඨ කොරනවා...

    ReplyDelete
    Replies
    1. අපට එහෙම බෑනෙ මචං.නැතිකමට කනවා.

      Delete
  2. හොඳ විස්තරයක් ඩිගෝල් ගැන. මාත් පොඩ්ඩක් එකතු කරන්නම් හොඳේ.
    ඩිගෝල් ගෙ සම්පූර්ණ නම Charles Andre Joseph Marie de Gaulle. එයාත් මේ කියන දිනපාලත් අතර යම් ගැලපීමක් තියෙනවා හැලපයියෙ. ඩිගෝල්ටත් ලමයි 3 දෙනයි. පුතයි දූලා දෙන්නයි. මේ බාලම දුවත් අකාලෙයේ මියගිහින් තියෙනවා ඩවුන් සින්ඩ්‍රොම් නිසා.

    ReplyDelete
    Replies
    1. ඩිගෝල් සහ දිනපාල උස අතින් නං අහසට පොළොව වගේ.මොකද කිව්වොත් ඩිගෝල් අඩි 6 .5 'ක් උසයි.

      Delete
  3. උඹ කිව්ව ඒවා ඇත්තද කියල සෙන්නගෙන් අහගන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. කෝ උන්දැ අර බෝතලේ කතාවක් මගින් කියලා ගියා ගියාමයි.

      Delete
    2. ඌ ගිහිං තියෙන්නෙ මම කියන හරියෙ නෙවෙයි බං.බෝතලේ පහළගම.

      Delete
    3. මනෝජ්,
      සෙන්නා කාලෙක ඉඳන් ආගිය අතක් නෑ තමා.හෝදිසි කරල බැලුවේ නැද්ද?එහෙම අය කීප දෙනෙක් ඉන්නව නේද.

      Delete
  4. මම ඔය කතාව කියවන්න ආසාවෙන් ඉන්නවා..ඔය ගැන චිත්‍රපටයකුත් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව නං දැනටත් වෙළෙඳ පොලේ ඇති.චිත්‍රපටය කතාව තරම් හොඳ නෑ කියලයි කියැවෙන්නේ.

      Delete
  5. සුපුරුදු විදිහේ එකිනෙකට අමුනපු එකිනෙකාට වෙනස් දේ සම්බන්ධ කරපු රසවත් ලිපියක්.
    සේනානායක වරුන්ගෙ සොහොන් වලටත් හෙණ ගහනවද? සුද්දට පාවාදීපු අතීතයක් ඇති රූට්ස් වල. අඹේපුස්සට එහා ඉස්ටෙසමෙන් (යත්තල්ගොඩ) බැහැල මා ඔයේ නාපු අතීතයක් මටත් තිබ්බ. හරිම අපූරු පරිසරයක්. ගම්පහ පන්ති කට් කරලා සෙට් එකත් එක්ක ගිහිං නානවා. ගොඩක් වෙලාවට යත්තල්ගොඩ හැම කෝච්චියක්ම නවත්තන්නෙ නෑ. යත්තල්ගොඩින් බැස්සොත් අඹේපුස්සට පයින් යන්න පාලම උඩින් යන්න වෙනවා කෝච්චි නැත්තං. බීල ඉන්නකොට ඒක උඩින් ගියොත් මාඔයට පතබෑවෙන නිසා පසුකාලීනව අම්බෙපුස්සෙන් බැහැල පයින් ඇවිත් නාලා බීල පයින් ගියා. ඔයේ වතුර වැඩි නම් යත්තල්ගොඩින් බැස්සොත් ඔයෙන් එගොඩ වෙන්න බැරි නිසා.
    රෝහල් කාර්යමණ්ඩල වල ඔය කියන මනෝ භාවය ඇතිවෙලා තියනවා තමයි. ඉස්සර යාලු වෙලා හිටිය දොස්තර කෙල්ලෙක් එක්ක. ඒකිට "අනේ මට උණගැනුන" කියල කිව්වම සත පහකට ගණන් ගන්නේ නෑ. පැනඩෝල් දෙකක් බොන්න කියල සද්ද නැතුව ඉන්නවා. මට ඉතිං මළ. හැමදාම ලෙඩ්ඩු මළමිනී එක්ක කටයුතු කරලම සංවේදී නහරෙ කැපිල වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනලා විතරක් නෙමේ බං ඔය නර්ස් නෝනාලත් ඔයිට දෙවැනි වෙන්නේ නැහැ.
      මම කියන්නේ බොරු නම් අහලා බලපං අපේ රාජ්ගෙන්.:D

      Delete
    2. සජ්ජගෙ දොස්තර නෝනල ගැන කියපු කතාව මම තරයේ හෙලා දකිනව. එයාල එහෙම නෑ. :D

      රාජ්ට ඉතින් හමදාම " ඉවසන් ඉන්න රාජ් " ඔය ටික තමයි පවු.

      Delete
    3. උඹට තිබ්බ "උණ" ගැන ඒ ළමයා දැනගෙන ඉන්න ඇති ..ඕ.. යේස්

      Delete
    4. නර්ස් නෝනලාගේ සීන් එක දන්නෙ නෑ මනෝ... බලන්නම් හොයල..රාජ්ගෙ නෝනාද?
      කම්මල්.. ඒ මොකෝ දොස්තර නෝනලාට කඩේ යන්නෙ? :p නෝනා දොස්තරද?
      ඉවාන්...මගෙ උණ බස්සන්න උන්දැට හම්බුනේ නෑ ඕං...

      Delete
    5. එහෙමකට අකුණු ගහන්නෙ නෑ අපේ තාත්ත කියපු කතාවක් මිසක ඔය දේ මම අත් දැකල නෑ.

      Delete
    6. නර්ස් නොනලනම් එහෙම නෑ .......... ඔව් අත්දැකීමෙන් කියන්නේ හරිම සංවේදියි

      Delete
  6. මගේ ප්‍රියතම කතාවක් තමයි වෘකයාගෙ දවස..මම ලඟ තිබුනු පොත කවුරු හරි අරගෙන ගිහින්..ආයිමත් පොතක් ගන්නයි ඉන්නෙ..කොහොමද අර වයසක පෙනුම එන්ඩ හකු පාඩා බහින්ඩ බැට්‍රියක්ද කොහෙද හපන සීන් එක..එක එක වෙලාවට එක එක විදියට ස්වරූපය වෙනස් කර ගන්න හැටි...
    චිත්‍රපටියකුත් තියෙනවා ඒත් පොත එක්ක ඒක අහසට පොළව වගෙයි...

    ReplyDelete
    Replies
    1. කතාව නං හරියටම හරි.... ඉස්සර දවසක් ඔය පොත බලපුවම ආස වෙලා බොහොම අමාරුවෙන් VHS එකක් හොයා ගත්ත .. ඒ කාලෙ ඉන්ටනෙට් නැහැ... මෙලෝ රහක් නැහැ එකෙක් සූට්කේස් එකක් අරගෙන වේගයෙන් එහෙ මෙහෙ යනව ජෝකරයෙක් වගේ......
      හර්ෂ

      Delete
    2. පොතේ කතාව නම් හරිම රසවත්.හැබැයි චිත්‍රපටය ඒකෙ අනික් පැත්ත.

      Delete
  7. පැරදුන මනුස්සයෙක් ගැනත් ලංකාවේ සමහරක්ට ඔය වගේ හිතන්න පුලුවන්නං

    ReplyDelete
    Replies
    1. එයා ඩිගෝල් කෙනෙක් වෙන්න යන්නෙ පැරදුනාට පස්සෙනෙ.

      Delete
  8. බෝතලෙන් පටං අරගෙන ප්‍ර‍ංශෙ දක්වා ගිය සාර්ථක විස්තර කථනයක්.
    ඔය ඉස්පිරිතාල වල වැඩ කරන මනුස්සයොනං ඔහොමම තමයි. පන්ස‍ලේ හාමුදුරුවන්ට වැඩිය මිනී කපන මනුස්සය අනිත්‍ය ගැන දන්නවනෙ.
    //වල්බෝතලේ කියලත් තව ගමක් තියෙනවා// ගල් බෝතලේ කියල එකක් හෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. තියනවානං අනේ කියපල්ලා අක්කර කාලක් අරං දාන්ඩ ගෙපැලක් අටොගන්න :D

      Delete
    2. වල් බෝතලේ ඉදං ගල් බෝතල් බීපු කොල්ලො තමයි අපි.

      Delete
    3. ඉස්පිරිතාලෙ වැඩ කරන අය එහෙම තමා.දැකල දැකල කම්මලේ බල්ලො වගේ.

      Delete
    4. හැලපේ ඇයි අහිංසක කම්මලේට බල්ලා කියන්නේ

      Delete
  9. මාත් හැමදාම බැණුම් අහන සීන් එකක් තමයි සංවේදී නැතිකම.. ඉස්පිරිතාලෙක වැඩ නොකලට හමුදාවේ හිටි නිසාද මංදා මට ඔව්වයේ ඒ හැටි ගානක් නෑ.. සමහර දෙවල් ගෙඩි පිටින් කියල තව පොඩ්ඩෙන් සමහරුන්ගේ හුස්ම යන්න වගේ වෙච්චි වෙලාවලුත් තියෙනව.. එතකොට තමයි මතක් වෙන්නේ අඩේ මේක අප්ශෙට් සීන් එකක් නේද කියලා..

    හැලපයියගේ පවුලෙ උදවිය බෝතලේ හිටියට අත්තනගල්ලට වැඩිපුර මනාපයි වගේ.. ඒකනේ බෝතලේ උන්ගේ සොහොන් වලට හෙන ඉල්ලන්නේ.. හැක්..

    වල් බෝතලේ කියුවේ ඒ පැත්තේ ඉන්න උන් නිසාවත්ද?

    ReplyDelete
    Replies
    1. මටත් නං ඔය වැඩේම වෙලා තියෙනවා බං.අපේ අම්මලගෙ මුල් ගම බෝතලේ මිසක පදිංචිය එහෙ නෙවෙයි.මම නං ඔය පොඩි කාලේ ගිහිං ඉඳල තියෙනවා.

      Delete
  10. වෘකයාගෙ දවස පොත කියවන්න මටත් ආසවක් ආවා හැලපයියේ.
    සේනානායකලාගේ සොහොන් ගෙවල් වලටත් හෙණ ගහනවා නම් අනෙක් අයට කොහොම වේවිද හිටං?

    ReplyDelete
    Replies
    1. පොත කඩවල තියෙනවා අරගෙන කියවපන්.ලස්සනයි.
      වරදවා වටහා ගන්න එපා මම අදහස් කළේ මහ සේනානායක වලව්ව ගැන නොවෙයි.

      Delete
  11. මට මේ මාර ඇම්මක් තියෙන්නේ කොහෙද මේ හැබෑ බෝතලේ කියලා හොයා ගන්න. මොකෝ මං ඒ නමට වගේම ගමටත් හෙන මනාපයි. :D

    ReplyDelete
    Replies
    1. ඔය මම පාර කියල තියෙන්නෙ.ගිහිං බලපංකො.

      Delete
  12. Replies
    1. ඒ තමයි ලෝකයේ දිගම දුම්රිය නැවතුමේ නම.

      Delete
    2. ලොක්ක, ලෝකෙ දිගම කෝච්චි ඉස්ටේසමේ නම Gorakhpur Junction railway station . ඔහේ දාල තියෙන්නෙ දිගම නම තියෙන කෝච්චි ඉස්ටේසම වෙන්ටෑ හිටං.

      Delete
    3. ස්තූතියි රසික,ලංකාවෙ නැවතුම මම කියපු එක නේද?

      Delete
  13. The day of the jackal චිත්‍රපටිය පොත තරම් ලස්සන නැහැ. කොහොමටත් නවකතා වලින් හදන චිත්‍රපටි බොහොමයක් අසාර්ථකයි.

    මම බොහෝවිට අර හීන්දෙනිය - පට්ටිගොඩ දුම්රියපොළ පහුකරද්දී හිතනවා මොකක්ද මේ නමේ තේරුම කියලා.

    අඹේපුස්ස හමුදා කඳවුර තියන ප්‍රදේශයත් අඹේපුස්ස නෙවෙයි නේද? එහි සිට ඔබ මේ ලිපියේ කියන පාරවල් වල මා ගමන්කර තිබෙනවා. බෝතලේ වලව්වේ මෑත කාලයේදී අශ්ව ගාලක් තිබුනා නේද? කුප්‍රකට නිලියක් ඒ වලව්වේ රැඳී හිටියා කියලත් අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. අශ්වගාල තාමත් තියනව මයෙ හිතේ. කුප්‍රකට නිලිය වලව්ව තුල ෆොටෝවකත් හිටිය 1995 දි. දැන් එතන වෙන කෙනෙක් ඇති.

      Delete
    2. ඒ අශ්වගාලේ අස්සයෙක් වලව්වට ආපු පොලිස්කාරයෙක්ව හපාකාල වතුපිටිවල ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කොරල තිබ්බ පහුගිය කාලෙ...

      Delete
    3. අඹේපුස්ස හමුදා කඳවුර තියෙන්නෙ පිරිස්යාලෙ.අශ්ව ගාල තවම තියෙනවා.නිළියගේ කතාව ගැන නං හෝදිසියක් නෑ.

      Delete
  14. වෘකයාගේ දවස පරිවර්තනය මම කියවල නෑ. ෆෝසයිත්ගෙ මුල් පොත මම කියෙව්වෙ.

    මේ පරිවර්තනයට දාපු නම උචිත නෑ කියලයි මම හිතන්නෙ. පරිවර්තනයකට නම යොදනවිට මුල් නම ඒ ආකාරයෙන්ම නොයෙදුවට කමක් නෑ. ඒත් මුල් රචකයා අදහස් කල දේ සම්පූර්ණයෙන්ම විකෘති කරන්නට පරිවර්තකයට අයිතියක් තියනවයි කියල මම හිතන්නෙ නෑ. ජැකෝල් නොහොත් නරියා යන සංකේත නාමය ඝාතකයා හැඳින්වීමට යෙදෙන්නෙ ඔහුගේ නරියකු බඳු තීක්ෂණ බුද්ධිය, උපායෙහි දක්ෂතාවය සහ කපටිකම නිසයි. වෘකයා කියල ඒ නම වෙනස් කලාම මම හිතන්නෙ කතුවරයා අදහස් කරපු දේ එහෙම පිටින්ම පාඨකයාගෙන් ගිලිහී යනව කියලයි.

    ReplyDelete
    Replies
    1. හිවලා?

      වෘකයා කිව්වහම එන්නේ දරුණු/දක්ෂ/කඩිසර විලෝපිතයෙක් කියන එක මිසක් කපටි කියන එක නෙමෙයි

      Delete
    2. කාර්ලෝස් ද ජැකෝල් කියල ත්‍රස්තවාදියෙකුත් හිටිය. දැන් හිරේ
      http://en.wikipedia.org/wiki/Carlos_the_Jackal

      මිනිහ ගැන පොත්, ෆිල්ම්, ටෙලිවිශන් සීරීස් ගණනාවක් හැදුන.

      Delete
    3. Pra,

      මම හිතන්නෙ පරිවර්තකයා හිතන්න ඇති හිවලාගේ දවස කිව්වම එච්චර ගතියක් නැතෙයි කියල...:) එහෙමනම් ඝාතකයාගේ දවස වගෙ නමක් දාන්නත් තිබුණා.

      කාලෝස් ට කාලෝස් ද ජැකෝල් කියල කියන්ට පටන්ගත්තෙ එයා ගාව තිබිල ෆෝසයිත්ගෙ ඔය පොත හම්බවුනාට පස්සෙලු. තව කාරණයක් The Day Of The Jackal චිත්‍රපටයෙ ජැකෝල්ගෙ චරිතය රඟපෑවෙ එඩ්වර්ඩ් ෆොක්ස්.

      Delete
    4. රවී,ප්‍රා,
      ඔතන මෙහෙම වෙන්න බැරි නැද්ද.වෘකයාට ප්‍රංශ භාෂාවෙන් කියන්නෙ ජැකෝල් කියල නෙවෙයිද?ඒ නිසා පොතට එහෙම දැම්ම වෙන්න බැරිද?පොඩ්ඩක් හොයා බලන්න.

      Delete
    5. යුරෝපීය සාහිත්‍යයේ නරියා කියන සතා නෑ.වෘකයා ඉන්නේ.හිවලා කියන්නෙත් නරියටම තමයි.නරියාව උපමාවට ගන්නේ කපටිකම පෙන්වන්න.ඌ හරි තීක්ශනශීලී විචාරශීලී සතෙක්.ඒත් වෘකයා කියන්නේ නපුරු දරුණු සතෙක්.ඌව උපමාවට ගන්නේ ඒ නපුරුකම පෙන්වන්න.නරියා හිටියේ පෙරදිග සාහිත්‍යයේ විතරයි.නරියව යොදාගන කරපු කතා බටහිර සාහිත්‍යයේ දකින්න ලැබෙන්නේ ඊසොප්ගේ කතාවල විතරමයි.ඒ නිසයි ගොඩදෙනෙක් තර්කකරන්නේ ඊසොප්ගේ කතා කියලා කියන්නේ නවීකරණයට ලක්වුන බෞද්ධ ජාතකකතා කියලා.මේ මෙහෙයුමේ තියන සූක්ශම සැලසුම් ඉදිරියේ හරියන නමනම් නරියා තමයි.
      PRA,
      පුළුවන්නම් කොලට් සේනානායක-නාරද කරුණාතිලක කියන කතුවරයන් ලියන පොත් සමූහය කියවන්න.ප්‍රධාන මාතෘකාව ගැන මතය මොකක් වුනත් ඔවුන්ගේ පොත්වලින් සෑහෙන්න දෙයක් අරගන්න පුළුවන්.
      "යේසූස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ" ,"යේසූස්-දේව පුත්‍රයකු කල බුද්ධ පුත්‍රයා" ,"අල්ලාහු අක්බර්","පදුරියෝ", "ඊසොප්-ක්‍රිස්තියානිකරණයට ලක්වූ බෝසතානන් වහන්සේ" "කිරිමුට්ටිය ගඟේ ගියා", "ගාඩි වංශය", "බත්ගම ගොවිගම නැකති යකුන්නේ" පොත් කීපයක් විතරයි.

      Delete
    6. @ H, French Jackal = Chacal
      Wolf = Loup
      @KH, නරියා (Fox) යුරෝපීය සාහිත්‍යයේ හුඟක් ඉන්නව. Jackal නෑ මොකද ඌ උතුරු / බටහිර යුරෝපීය සතෙක් නොවන නිසා. ඌ වැඩියෙන්ම ඉන්නෙ අප්‍රිකාව් හා ආසියාවෙ. ටිකක් ගිණිකොන/දකුණු යුරෝපයේ ඉන්නව.

      ඒවගේම Fox ලංකාවෙ නෑ. ලංකාවෙ හිවලා හා නරියා දෙකම කියන්නෙ Jackal ට.

      ඊසොප් කියන්නෙ Fox ගැනද Jackal ගැනද? Jackal නම් යුරෝපීය සාහිත්යයේ නැති බව ඇත්ත. එහෙත් Fox නරියා නම් යුරෝපීය සාහිත්‍යයේ ඉතා ජනප්‍රිය සතෙක්

      Delete
  15. හීන්දෙණිය-පට්ටිගොඩ ඉස්ටේසම සිල්පර කොට වලින්ම හදල තිබුණු කාලෙ හරිම ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විවාදයක් නෑ හරිම ලස්සනයි.

      Delete
  16. බෝතලේ කියන්නෙ මගෙ ජීවිතේ හරිගස්සපු ගුරුතුමාගෙ ගම. සෙනසුරාද රෑවෙලා ගුරුතුමාගෙ පන්ති ඉවරවෙලා බෝතලේ ස්ටේශන් එකට එනගමන් FM මයික් එකක් ගෙවල් වලදාල තියන චැනල් වලට ටියුන් කරල ඇදිරි නීතිය නිවුස් දීල ගුටි පෝරියල් එකකින් බේරුනේ ගුරුතුමාගෙ නම විකුනල.
    හීන්දෙනිය පට්ටිගොඩ කියල බෝඩ් එක තිබ්බට හැමෝම කියන්නෙ හීන්දෙනිය කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. වදුරව වගේම බෝතලේ එක්කත් උඹේ සම්බන්ධකම් තිබිල තියෙනවා එහෙනං.බලං ගියාම උඹත් ලේසි පාසු පුතයෙක් නෙවෙයි නේද.

      Delete
  17. අර අපුරු පාර දිගේ අපිවත් ගමට අරන් යන්න තරම් ලියවිල්ල ලස්සනයි. අපේ ලැබ් එකත් තිබ්බේ මෝචරිය උඩ . සාමාන්‍යයෙන් එහෙමයි. නයිට් ලැබ් එක පහළ තියෙන්නේ. ඇලුමිනියම් පෙට්ටිවල මෘතක දේහ මෝචරියට ගෙනියන ඩක ඩොක සද්දේ රෑ පුරාම. බයක් හිතුණේ නැහැ. හැලප කිව්වම මටත් හිතෙනවා රෝහලක වැඩ කිරීමෙන් හිත ටිකක් හයය වෙන වග. ළමයින්ගේ අසනීපයකදී වුණත් කලබල නොවී සුදුසු විදිහට වැඩ කරන්න මට නම් උදව් වුණා එය .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දී.ඒක අතකට ඒ සංවේදී නැතිකම කලබල නොවී වැඩ කරගන්න හොඳ පිටුවහලක්.

      Delete
  18. සොහොනට හෙණ ගහන්න තරම් උන්දලා කරපු අපරාධ මොනවද හැලපයෝ.
    සමහරවිට ඒ කාලේ හොරාට හොරාට කරපු එව්වා තියෙනවද දන්නේ නැහැ, නේද
    වෘකයා ගේ පොත සෑහෙන වතාවක් දැකල තිබ්බට කියවලා නැහැ, මොකක්දෝ නොතේරෙන හේතුවක් නිසා ඒ පොත ගන්න මට හිතුනේ නැහැ
    මම පොතක් ගන්නේ එහෙම මෙහෙන් පොඩ්ඩක් කියවලා බලලා...
    එහෙම කියවද්දී ඒක හිතට වැදුනේ නැහැ, ආපහු වතාවක් කඩේකට ගිහින් පිටුවක් දෙකක් කියවලා බලන්න ඕනේ, හිතට වැදුනොත් ගන්න බැරියැ...

    ReplyDelete
    Replies
    1. මෙතන කියන්න තියෙන්නෙ ඔය සොහොන් ගේ මහ සේනානායක වලව්වෙ ඒක නොවෙයි.අනික අපේ තාත්ත කතාවට කිව්වට අකුණු ගහපු දවසක් නං මම දැකලත් නෑ.
      පොත කියවල බලන්න ෂුවර් එකටම හිතට වදී.

      Delete
  19. කාලෙකින් ඔර්මජිනල් හලපස්ටයිල් කතාවක්, බෝතලෙන් පටන්ගෙන ප්‍රන්ස්හෙට යනකම්, ඩිගොල් සහ දිනපාල සමගින්. මදාවියගේ කමෙන්ට් එක හොඳ විමර්ශනාත්මක කමෙන්ට් එකක්.

    ඔය අධි සංවේදී බව ඉවත් වෙනවා කියන කතාව හරියටම ඇත්ත. මීට ටික කාලෙකට කලින් නවලෝක රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය ඇතුලට දාපු පොඩි ගෑනු ළමයෙක් මියගියා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයේ දෝෂයක් නිසා . ඒ ගැන මුළු රටම සංවේදී වුනා . එත් නවලෝක රෝහල ඇතුලේ කාර්යමණ්ඩලයට එක ගානක්වත් තිබුනේ නෑ. ඒ ළමයාගේ අම්මා තාත්තා එතන දෙවනත් වෙන්න අඬනකොට , ආ ඒ අර MRI බබාගේ අම්මලානේ කියලා ගානක්වත් නැතුව කියාගෙන එතනින් යන එනවා දැක්කම පුදුමත් හිතුනා

    ReplyDelete
    Replies
    1. මට යථා තත්ත්වයට පත්වෙන්නට ඉස්පිරිතාලෙන් අයින් වෙලත් අවුරුදු ගාණක් ගියා ඉවාන්.පස්සෙ නං ඕනෑවටත් වැඩියි.

      Delete
  20. ඔය හීන්දෙනියෙ ඉට්ටේසම ලඟම හිටියා මගෙ ගුරුවරයෙක්.ඉස්කෝලෙ නෙමෙයි කාර්මික විදුහලේ.මම ඒ ගෙදරටගිහින් තියනව.කොළඹ ඉඳන් ගිහින් කෝච්චියෙන් බැහැල වම් පැත්තෙ නියර දිගේ ගිහින් ඒ ගොල්ලන්ගෙ වත්තට ගොඩ වෙනවා. නම චන්ද්‍රසේකර.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ගෙ ගෙවල් කෝච්චියට පේනවා නේද?

      Delete
  21. රසවත් කටහ්වක් වෙනද වගේම. මේ බෝතල්කේ කියන නම ආවේ කොහොමද පළාතකට?

    ReplyDelete
    Replies
    1. මේ බෝතලේ කියන නම හැදුණු විදිය ගැන ටුවරිස්ට් ගයිඩ් සීයා කෙනෙකු විස්තර කරපු හැටි කියවෙන කතාවක් කාලෙකට ඉස්සර බ්ලොග් එකක ගියා මතකයි.

      Delete
    2. ඔය රසික කියන අකාරයටම තමා හැබැයි බෝ පැලේ අරං ආවෙ බෝතලේක හදාගෙන නොවෙයි.

      Delete
  22. Replies
    1. ස්තූතියි අජිත්.

      Delete
  23. වික්ට ගේ සම්පූර්ණ නම වික්ට වැලේන්ස්කි නේද ?

    ReplyDelete
    Replies
    1. වික්ටර් කොවින්ස්කි වාගෙයි මට මතක.

      Delete
  24. day of the jackol,
    මං ඉස්සරවෙලාම දැක්කෙ ෆිල්ම් එක, ටීවී එකෙන්. පස්සෙ පොත. අර ජෝ ජෝ ගෙන් විස්තර වමාරගන්න දෙන දස වදේ නම් මාර මනෝ විද්‍යාත්මකයි.

    බෝතලේදි සෙන්නා එහෙම හම්බුනේ නැද්ද?

    අඩේ බෝතලෙන් පටං අරං කොහෙන්ද අතෑරියෙ, මට තාම කැරකැවිල්ල වගේ...

    ReplyDelete
    Replies
    1. //මට තාම කැරකැවිල්ල වගේ.//
      ඕක ඇරිල යයි ගල් බෝතලයක් අරගෙන ෂොට් එකක් දාගත්තනං.

      Delete
    2. සෙන්නා මම කියන පළාතෙ නෙවෙයි ගිහිං තියෙන්නෙ.

      Delete
  25. ලියුකේමියා රෝගීන්ගේ සවයිවල් පොසිබිලිටිය අඩුවෙනවා අවුරුදු 12-14 පැන්නාම. මමත් චාන්චෙර් හොස්පිටල් දැන් අවුරුදු 4ක් විතර පදින නිසා පොඩි එකෙක් මලා කිව්වම චුට්ටක් කක්ක බරක් වගේ ඇවිත් යනවා මිසක් වැඩිය හිතන්නේ නෑ
    මට ඔය පොඩි එවුන් නැතිවෙනකොට එකම එක පාරයි ඇඩුනේ. එකත් ඒ පොඩි එකාගේ තාත්තා මගෙන් උදව්වක් ඉල්ලා හිටිය බේතක් ගෙන්නගන්න. මට කොල්ල නැතිවෙනකම්ම ඒකට හරියට ඇටෙන්ඩ් වෙන්න බැරිවුනා. ඉතින් කොල්ලගේ මිනිය දැක්කාම මට නිකන් හිතුනා යකෝ මම නිසාද මේ අහිංසකයා නැතිවුනේ වගේ හැගීමක්. උගේ තාත්තගේ ලෝකේ ඌ. හරිම හුරුබුහිටි මගේ කොල්ලට අවුරුද්දක් වැඩුමල් කොල්ලෙක්.
    ඇඩෙනවා බන්. කොල්ලෝ බලයි පිස්සුද කියලා. පස්සේ කාලෙක පොස්ට් එකක් විදියටම දාන්නම්.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියපු විදියටම දාන්න.කියවන්න ආසයි.

      Delete
  26. //බෝතලේ හංදියෙන් හැරිල දංඕවිට පාර දිගේ හැතැප්ම තුන හතරක් ඇතුළට ගියාම බෝතලේ ඉහළගම //

    පණ්ඩිතරත්නලව දන්නවද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් හොඳට දන්නවා.මාරගහහේනේ ගෙදරනේද?

      Delete
  27. අනේ මන්ද මටත් එහෙමට දැනෙන්නේ නැ මනුස්සයෙක් මලාට . මැතකදී නං හැබැයි , ගහක් ගලක් වගේ හිටපු තන්වැසිය මලහම නං ටිකක් දැනුන

    ReplyDelete
    Replies
    1. ඔව්ව දැකලම උඹටත් එහෙම වෙලා ඇති.

      Delete
  28. බෝතලේ ගම ඉදන්, ගල් බෝතලයක් ගහල හිටන් වල් බෝතලේගමට යන්නෙ.

    ReplyDelete
  29. අඹේපුස්සෙ තලගම ඉන්න නැන්දලගෙ ගෙදර කෝච්චියෙ ගිය අතීතය මට මතක් වෙන්නෙ. අඹේපුස්සයි ඊලගට තියෙන දුම්රිය ස්ථානයයි අතර තියෙන දුම්රිය පාලම උඩදි වතාවක් 99 න් බේරුනා...අයින් වෙන්න ඉඩක් නැති තැන දුම්රිය පාලමේ කණුවක එදා එල්ලුනේ...ඇගේ ලේ වතුර උන දවසක්..එහෙ යද්දි බෝතලේ පහුකරගෙන ගියාට කවදාවත් බෝතලේට අද වෙනකං ඇවිත් නෑ...හැබෑටම බෝතලේ ගමේ උන්න මිනිහා මොකද අද බෝතල් කඩන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. අඹේපුස්සට එහා යත්තල්ගොඩ මා ඔයේ පාලමේ නේද?අද බෝතලේට සමු දීල ඉන්නෙ හැමදාම බෝතල් සෙල්ලං බෑනෙ.

      Delete

ඔබේ අදහස්