Sunday, February 22, 2015

සංහිඳියාව සහ බඩාගෙ ආදර කතාව



අපේ ගමට අල්ලපු වැටේ රෙදි මෝල හැදුවට පස්සෙ රටේ නොඑක් පළාත් වලින් විවිධාකාර පුද්ගලයො රෙදි මෝලේ වැඩට එන්න ගත්තා.එහෙම උනේ රටේ හැම පළාතකින්ම සාධාරණ ආකාරයට රෙදි මෝලේ වැඩට බඳවාගත්ත නිසා නොවෙයි.සිද්ද වෙන්නෙ අදාළ කාලය තුල පේෂකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමති වශයෙන් පත්වෙන අයගෙ ඡන්ද කොට්ඨාශ වලින් රෙදි මෝලේ වැඩට කට්ටිය ගන්න එකයි.ඇමති නියෝජ්‍ය ඇමති වෙනස් වෙනකොට වැඩට ගන්න පළාත වෙනස් වෙනවා.උදාහරණයක් හැටියට පේෂකර්ම ඇමති වෙන්නෙ මයියංගනේ මන්ත්‍රී වෙච්ච කැප්ටන් සෙනෙවිරත්න නං මයියංගනේ බිබිලෙ හසලක ආදී පළාත්වලින් කට්ටිය මෝලට පුරවනවා.ඊට පස්සෙ පේෂකර්ම ඇමතිකම කටානෙ මන්ත්‍රී විජේපාල මැන්ඩිස් ට ගියාම මීගමුව හලාවත වෙන්නප්පුව වගේ පැතිවලින් මෝලට සෙනග දානවා.ඔය වගේ ගාල්ල මාතර අම්බලන්ගොඩ වගේම නුවර ගම්පොල පැත්තෙන්ද ඈත රූණේ මුල්කිරිගල වීරකැටිය පැත්තෙන්ද විවිධාකාරයට සිංහල බාසාව වහරන විවිධාකාර ගති පැවතුම් සිරිත් විරිත් ඇති විවිධ පුද්ගලයන් එක කාමරේ නැවතී ඉඳගෙන එක බත්පත කමින් ලොක්කයියගේ කසිප්පු බෝතලේ එකට ගහගෙන එකට රෙදිමෝලේ වැඩකළා.

එහෙම බැලුවම සංහිඳියාව කියන වචනය අහලවත් තිබුනෙ නැති කාලෙක අපට අපේ ගමේම ඇතිවෙලා තිබුන අපූරු සංහිඳියාව ඒ කාලෙම අත්දකින්නට ලැබුණා.වැඩ ඇරිල ගෙදර ආපු හැන්දෑවක ගාල්ලෙ තිලක් අයියයි මයියංගනේ ආරියි බිබිලෙ රසාකුයි නුවර ගුරුගෙයි අම්බලන්ගොඩ මායාදුන්නෙයි හලාවත ෂෙල්ටනුයි එකතුවෙලා අපේ මිදුලෙ චෙරි ගහ යට බරපතල සාකච්ඡාවක්.මොකද්ද කියල ඔලුව දාල බලපුවම බෝතලයක් ගහන්න ගාන හොයාගන්නෙ කොහොමද කියල අහස පොළොව ගැටලන්න තර්ක විතර්ක කරනවා.එකෙක් ළඟවත් සතපහ අතේ නෑ.

ඕයි පඩියට සල්ලි දෙනකං ලොක්කයියගෙන් බෝතලයක් ඉල්ලල දෙනවකො...

අන්තිමට දුස්රා පන්දුව එල්ල වෙන්නෙ මට,ඒ කාලෙ හොර පොට් දෙකක් තිබුණා එකක් අපේ ගෙවල් ලඟම ලොක්කයියගෙ, අනික එහා ගොඩේ වතුරවලේ ඇඩ්ඩිංගෙ.අපි කොල්ලො කට්ටිය ගෙවල්වලට නෝන්ඩි වෙන නිසා ලොක්කයියගෙ පොට් එකට යන්නෙ නෑ ටිකක් දුර උනත් ඇඩ්ඩිංගෙ ගෙදරට යනවා.අනික අපේ අතමිට හිඟනිසා යන්නෙත් කවුරුහරි අනුග්‍රාහකයෙක් ලැබුණොත් පමණයි.මේ ගමනට බොහෝ වෙලාවට අනුග්‍රාහකත්වය දරන්නෙ බඩ මුණේ.රෙදිමෝලෙ වැඩකරපු බඩ මුණයගෙ අතමිට සරුයි ඒ කාලෙ කසාද බැඳල හිටියෙත් නැති නිසා පවුල් බරකුත් නෑ.අපි හත්අටදෙනෙක් මුණයත් එක්ක ගිහිං ඇඩ්ඩිං අයියගෙන් බෝතලයක් දෙකක් අරං බොනවා.බයිට් එකට ඇඩ්ඩිං අයියගෙ පවුල කීරමිං කරෝල කූරි දෙතුන් දෙනෙක් ලිපට අල්ලල පුස්සල දෙනවා.කොච්චි කරලක් ළූණු ගෙඩියක් එක්ක පුස්සපු කරෝල කූරියෙක් හපනකොට මාර රහයි.අවුරුදු තිහකට තිස්පහකට පස්සෙ බඩ මුණය මට ගිය අවුරුද්දෙ හම්බ උනා.

ඒ කියන්නෙ මුණය පූගොඩ පැත්තට බින්න බැස්සට පස්සෙ මට මුණ ගැහිලම නෑ.අන්තිමට දැක්කෙ මුණයගේ මඟුල් ගෙදරදි ඕං.මුණය අපේ ගමේ රෙදි මෝලෙ ඉඳල ප්‍රමෝෂන් එකකුත් එක්ක පූගොඩ රෙදි මෝලට මාරු කරපු නිසා ඌ පූගොඩ පැත්තට සැට් වුනත් එක්ක අපේ බඩ බැඳගෙන තිබුන ආස්සරේ ටික ටික අඩුවුනා.ගිය අවුරුද්දෙ මුල මම ලංකාවට ගියවෙලේ දවසක් දා හවස්වරුවේ අපේ ගේ ඉස්සරහින් බොහොම හිමිහිට ත්‍රී වීල් එකක් යනවා.ඒකෙ හිටපු කෙනා කොක් කරක් වගේ බෙල්ල දික් කරගෙන අපේ ගෙවල් පැත්ත බලමින් එනවා.මම ටක් ගාල මුණයව අඳුනගෙන ඉස්තෝප්පුවට ගිහිං බලං හිටිය. ඒ ගමන මිනිහ අපේ ගේට්ටුව ඉස්සරහ ත්‍රී වීල් එක නවත්තල මගෙ නම කියල මේ ඒ ගෙදරද කියල ඇහුවා.ඇයි මාව අඳුනගන්න බැරිද? එන්න එන්න කියපුවම පොර මාව අඳුනගෙන බැහැල ගෙට ආවා.

ඉතිං අපි දෙන්න ඒ හැන්දෑවෙ පැය ගාණක් පරණ තොරතුරු විස්තර කතා කරමින් හිටියා.මුණේට දුවලම දෙන්නෙක් ඉන්නව දෙන්නම දැන් රස්සාවල් කරනවා එක්කෙනෙක්ගෙ මගුලත් ලඟයි කියල කිව්වා.රෙදි මෝල වැහුවට පස්සෙ මුණේට කොළඹ මහත්තයෙක් ළඟ රස්සාව හම්බවෙලා තියෙනව.බොහොම වෙලා කතා කරමින් ඉඳල රෑ වෙන්න කළින් ගෙදර යන්න ඕනෑ කියල මුණේ අපෙන් සමුගෙන යන්න ගියා.ඒ වෙලාවෙ පුතා අපි දෙන්නගෙ පිංතූර වගේකුත් ගත්තා.

ඉතිං මම කියමින් හිටියෙ ඇඩ්ඩිං අයියගෙ ගෙදර මධු පානොත්සවය ගැන නොවැ.නිතර නිතර ගෙදර යනඑන බඩ මුණයත් එක්ක ඇඩ්ඩිං අයියගෙ පවුල බොහොම හිතවත් උනා.දරුවො දෙතුන් දෙනෙක් ලැබිල හිටියට මොකද ඇඩ්ඩිං අයියගෙ පවුල බොහොම හැඩකාර කාන්තාවක්. රතු සිහින් ඉඟත් පුළුල් උකුළත් රෙද්ද හැට්ටෙ ඇඳපුවම කැපී පෙනුනා.හැට්ටෙන් එළියට පනින්න බලන පිරිපුන්  පියයුරු.අගින් උඩට වක්වුන සුමට නහයත් සිහින් රත් දෙතොලුත් මුහුණට එක්කලේ අමුතුම අලංකාරයක්.සිහින් දිගු දෑත් දෙපා ආදී පිරිපුන් නැමෙනසුලු අඟපසඟ සපිරි රූපශ්‍රීයෙන් යුත් මේ කාන්තාව බඩ මුණයට නං නේත්‍රාංජනයක්ම උනා.ඇයට ගමේ කොල්ලො කෙල්ලො කිව්වෙ රතු අක්ක කියලයි.බඩා වැඩිපුරම ඇඩ්ඩිං අයියලගෙ ගෙදර ගියෙ රතු අක්කත් එක්ක කදේ දාගෙන ඉන්න මිසක බොන්න තියෙන පෙරේතකමකට නෙවෙයි.රතු අක්කත් බඩාගෙ බලාපොරොත්තු කඩ කළේ නැහැ.බඩා වැඩිපුරම කළේ ඇයගේ ගතින් නට නටා කඩාහැලෙන රූසිරිය ඇසින් උරා බොමින් ඇසිපිය නොහෙලා ඇය දෙස බලා ඉඳීමයි.බඩාගෙ මේ හැසිරීම  ඇයගෙත් ඇස නොගැටුනා නොවෙයි.

මොකද මල්ලියෙ ගිලින්න වගේ මයෙ දිහෑ බලං ඉන්නෙ?

බඩාගෙ හිත මන්මත් කරවන සුළු හිනාවක් පාමින් ඇය ඇහුවෙ සැරයක් දෙසැරයක් නොවෙයි.රතු අක්කට මුණයගේ තියෙන වැඩි ඇඟෑලුම්කම ඇඩ්ඩින් අයියට ඉව වැටුණොත්  මූණය වැටෙන අමාරුව ගැන අපි කීප සැරයක්ම ඌට අනතුරු ඇඟෙව්වා.

ඔය වැඩේ නං  එච්චර සුබ නෑ මුණේ.ඇඩ්ඩිං දෙකටම නැති සතෙක් වගේ මිනිහා,ඉනේ තියෙන පිහියෙන් උඹේ බඩ කොස්ගෙඩිය හාරනව වගේ හාරල දාවි...

ගෑනු ඕනනං රතු අක්ක විතරද  ඉන්නෙ වෙන කෙනෙක් හොයාගන්න බැරුවයැ...

අපි මොන ආකාරයට අනතුරු ඇඟෙව්වත් වැඩේ අතඇරල දාන්න මුණය කැමති උනේ නෑ.ඒ විතරක් නෙවෙයි රතු අක්කත් එක්ක යහන්ගත වෙන්නට බඩාගෙ හිතේ තියෙන නොසංසිඳෙන ආසාව ඌ අපේ මූණටම කියල දැම්මා.

මට රතු අක්කමයි ඕනෑ,වෙන ගෑනු එපා...

බඩ මුණයගෙ හිතේ ඇතිකරගෙන තිබුන දැඩි අධිෂ්ඨානය ඌ කියපු වචන වලින් අපට තේරුණා.දිගින් දිගටම මුණයට විරුද්ධකම් පාන්න ගියොත් අපිවත් මුණේගෙ හතුරො ගානට වැටෙයි.මොන වැරැද්ද උනත් උන් දෙගොල්ලම තම තමන්නෙ මිනිස්සු.අපි පිට එව්වො,ඌට පුළුවන් දෙයක් ඌ කරගනී. ඒ නිසා මෙතැනදී අපි අයින් වෙලා බලාගෙන ඉම්මු කියල අපි කතිකා කරගත්තා.යාළුකං දිගටම පවත්වාගෙන යන්නට තිබුන එකම ක්‍රමය ඒකයි.

ඔය විදියට මුණය තමන්ගෙ ක්‍රියා කලාපය සුපුරුදු ආකාරයට කරගෙන ගියා.මේ ජෝඩුව ඉඩ තිබුන හැමවෙලාවකම කයිය ගහගෙන හිටියා.එහෙම ඉඩ හසරක්  නැති වෙලාවට ඇස්වලින් කතාකරගත්තා.මේ දෙපොළගේ වැඩ කටයුතු ගැන හොයා බලන්න වෙලාවක් ඇඩ්ඩිං අයියට තිබුනෙ නෑ.ඔහුගෙ අරක්කු වෙළඳාම සරුවට කෙරුණා.අරක්කු තොග වෙලාවට සපයා ගන්නත් ඒ තොග පොලිසියට අහු නොවී සුරක්ෂිතව හංගල තියාගන්නත් තොග වෙළෙන්දන් එක්ක පොලිසිය එක්ක ගනුදෙනු කරන්නටත් ආදී කටයුතු රාශියක කරවටක් එරිල හිටපු ඇඩ්ඩිං අයියා ගෙදර දොර එදිනෙදා වැඩ, සිල්ලරට අරක්කු වෙළඳාම ආදී කටයුතු සම්පූර්ණයෙන්ම රතු අක්කට බාරදී තිබුණා.දවසකට සෙනග පණහක් සීයක් බොන්නට  එන ගෙදර බඩ මුණේත් ඒ  අය අතර කෙනෙක් ලෙස ඔහු දකින්නට ඇති.අරක්කු ව්‍යාපාරයෙන් අතට සල්ලි ගලන්නට පටන් ගත්තට පස්සෙ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්නට තව තව හම්බ කරන්නට වෙහෙසුනා මිසක බිරිඳ දරුවො ගැන සොයා බලන්නට වෙලාවක් ඔහුට තිබුනෙ නෑ.ඔහුගේ මේ ක්‍රියා පිළිවෙල බඩ මුණයටත් රතු අක්කටත් ආශීර්වාදයක්ම උනා.ඉඳල හිටලා මුණයව හම්බ වෙන වෙලාවට අපි රතු අක්ක ගැන උගෙන් අහනවා.

දැන් උඹේ වැඩේ කොහොමද ?

තාම නං මොකුත් උනේ නෑ යනව එනව විතරයි...

ඔහොම හිටියොත් නාකි වෙනකං යන්න එන්න විතරයි වෙන්නෙ.එහෙම නෙවෙයි වෙලාවක වචනයක් දාල බලපං...

 බෑනෙ අහන්න ගට නෑ ,බැනල එළවගත්තොත් එහෙම කියල බයයි...

යකෝ ගට ගන්න තියෙන්නෙත් රතු අක්කගෙන්ම තමා,කාලක් ගහල බලපංකො එතකොට ගට එයි...

එහෙම නෙවෙයි වෙලාවක අපි කට්ටියම යමු.යාළුවො ඔක්කොම ඉද්දි මගෙ හිතටත් හොඳයිනෙ...

ඒ ගමන මූ හදන්නෙ අපි ඔක්කොටොම කෙළවන්න,හා හා යමංකො. කල් ඇර ඇර ඉන්නෙ නැතුව හෙටම යමු,හැබැයි අපි බෝතලයක් ගහගෙන එළියෙ ඉන්නව උඹ ඕනෑ මඟුලක් කතා කරගනිං...

කතාවුන විදියටම පහුවදා රාත්තිරියෙ අපි කට්ටිය බඩාත් එක්ක ඇඩ්ඩිං අයියගෙ පොට් එකට ගියා.ගිහිං කියාපු  විදියට මුණය ගේ ඇතුළේ ඉද්දි අපි බෝතලේකුත් අරගෙන එළියට ආවා.ඇඩ්ඩිං අයියගෙ ගේ තියෙන්නෙ වලක. ඊට උඩින් පාර, පාර කඩාගෙන යනවට හදල තිබ්බ සිමෙන්ති බැම්ම උඩ වාඩිවුන අපි බෝතලේ හිස්කරන්න ගත්තා.රාත්‍රියේ සීතල පරදමින් අපේ හිත් ටික ටික උණුසුම් වෙමින් තිබුණා.මිතුරු කතාබහ සිනා මැදින්  ගලා යමින් තිබියදී එදා අපිත් එක්ක ගිහිං හිටපු ඩෙනිස් උගුර කට තෙමාගෙන සිංදුවක් පටන් ගත්තා.


ඩෙනිස්ට තිබුනෙ දෝංකාර දෙන  ගීතවත් කටහඬක්.ගීතයක් ඔහුගෙ මුවින් පිටවෙන්න කරුණු කාරනා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෑ.එහෙම නැතුව කවුරු කොහොම කිව්වත් ඩෙනිස් සිංදුවක් කියන්නෙ නෑ ඒ නිසාම කවුරුත් කිසිම සද්දයක් නැතුව නිහඬ රාත්‍රිය විනිවිදගෙන රැව්දෙන ඩෙනිස්ගෙ මිහිරි හඬ අහගෙන හිටියා...

ළහිරු පුරහඳ පතන්නේ නෑ උවන සිරියා දකින්නේ...
පවුරු වැටකොටු තිබේ වටකොට කෙලෙස ළංවී ඉඳින්නේ...

ඩෙනිස් දෑස පියාගෙන ගීතවත් වෙද්දී ගේ ඇතුලෙ රතු අක්කත් එක්ක නෙත් හී සැර හුවමාරු කරගනිමින් ඉන්න මුණයගෙ හදවත ළා දල්ලක් වගේ ගැහෙන්න ගත්තා.ළඟ තිබ්බ වීදුරුව අතට අරං එකපාරටම උගුරට හලාගත්තෙ ඒකයි.මේක දැකපු රතු අක්ක මුණ නරක් කර ගත්තා.

ඇයි මල්ලියෙ ඔය ගිනිවතුර බොන්නෙ...

දුවගෙන ආපු රතු අක්ක  එහෙම ඇහුවෙ බඩාගෙ අතකිනුත් අල්ලාගෙන,රතු අක්ක බඩාගෙ ළඟ හිටගත්තම බෝනික්කෙක් වගේ.බඩා උසයි මහතයි කොණ්ඩෙ පොලිස් කට් කපල.හැම තිස්සෙම කාකි කොට කලිසමයි  සුදු ෂර්ට් එකයි ඇඳල බඩත් ඉස්සරහට දාගෙන ඉන්නකොට පොලිස් කාරයෙක් කියල නොදන්න අය රැවටෙනවා.සැරයක් මරු වැඩක් උනා.අපි කොල්ලො කාලෙ ඔය කොටි කලබල පටන් ගන්න හෙම ඉස්සර සමුපකාර සමිතියෙ බස් එක කතාකරගෙන නැගෙනහිර පළාතේ ට්‍රිප් එකක් ගියා.

අම්පාර කන්තලේ වාලච්චේන මඩකලපුව ත්‍රිකුණාමලේ වගේ පළාත්වල රවුමක් ගහල ආපහු ආව ඒ ගමනෙ පළවෙනි දවසෙ රෑ අපි කන්තලේ පන්සලක නැවතුනා.රෑට උයල තියල එහෙම හීනියට කර්තව්‍යයක් කරගෙන එන්න කියල කට්ටියක් ටවුම පැත්තට ගියා.ඒ අය ආපහු ඇවිත් ගිය තැන්වල අයුරු අපට කිව්වා.අපි කට්ටිය එක්ක බඩ මුණයත් ගියා.බඩු තියනව කියපු තැනට ගිහිං වාඩිවෙලා බෝතලයක් දෙන්න කියල ඉල්ලුවට දුන්නෙ නෑ.

බඩු නෑ මහත්තයො...

 ඔන්න ඔහොම කිව්වා,බලපුවම පොලිස්කාරයෙක් කියල බඩාට රැවටිලා.මොන ආකාරයකට වත් දුන්නෙම නෑනෙ.මොනව කරන්නද මුණයගෙ මව්ගුණ ගායනා කරමින් ආපහු ඇවිත් අමුවෙන්ම රෑට කාල නිදාගත්තා.ඊට පස්සෙ නං ගමන ඉවර වෙනකං හොර පොට් එකකට තියා වයින් ස්ටෝස් එකකටවත් මුණයට යන්න දුන්නෙ නෑ.අන්තිම දවසෙ ත්‍රිකුණාමලේට හැතැප්මක් ඇති නැති ගානට තියෙද්දී බස් එක කැඩුනා.හදාගන්න ලැබුනෙම නෑ.අපි නඩේ පයින්ම ත්‍රිකුණාමලේට ඇවිත් විශ්‍රාම ශාලාවකට ගිහිං පිටිපස්සෙ තිබ්බ ලස්සන කලපුවෙ පැය ගාණක් නාල ගොඩ ඇවිත් දවල්ට කාල එහෙම රෑ වෙනකල් ඉඳල රෑ කෝච්චියෙ ගෙදර ආවා.මේ ළඟදී අපි ට්‍රින්කෝ ගිය වෙලේ එදා අපි හිටපු විශ්‍රාම ශාලාවත් නාපු කලපුවත් හොයාගෙන ගියා ඒක පැත්ත පලාතකටවත් යන්න දැන් බෑ හමුදා කෑම්ප් එකක්.

ආපහු ඇඩ්ඩිං අයියලගෙ ගෙදරට ආවොත් මේ වෙලාවෙ බඩා සහ රතු අක්ක යුවළ මිහිරි පෙම් වදන් හුවමාරු කරගන්නවා.දාපු ෂොට් එකේ පවර් එකට බඩාට ගට්ස් ඇවිත් රතු අක්කගෙ කණට කරලා තමන්ගෙ දුක කිව්වා.

මම ගිනිවතුර බිව්වෙ ඔයා නිසා...

රතු අක්ක ඇස්ගෙඩි දෙක උඩ තියාගත්තා.

ඇයි දෙයියනේ මම ඔයාට මොනා කළාටද?

ආපුදා ඉඳලම මගෙ හිතේ හිටියෙ ඔයයි,නමුත් ඔයා බනී කියල මට කිසි දෙයක් කියාගන්න බැරුව හිටියා...

බිම බලාගෙන හිටපු රතු අක්කගෙ නිකටෙන් අල්ලල මුහුණ උඩට උස්සපු බඩා හැඟීම්බරව කිව්වා,බඩා දාපු ෂොට් එකේ පිහිටෙන් දැන් දැන් හොඳට වචන කියවෙනවා.

ඇයි මල්ලියෙ එහෙම කියන්නෙ?ඔයා වචනයක් කිව්ව නං මං බෑ කියනවද?

රතු අක්ක අහක බලාගෙන කිව්වා.රතු අක්කගෙ වචන බඩාට ඇහුනෙ වෙනත් ලෝකෙකින් පාවෙලා ඇවිත් කණට ඇතුල්උනා වගෙයි.බඩාගෙ හිතේ සතුට බුබුළු දමමින් නටන්නට පටන් ගත්තා.පාරෙ සිමෙන්ති බැම්ම උඩ හිටපු උන් ටික දෙවෙනි බෝතලෙත් බොනවා .ඩෙනිස් තව ගීතයක් කියන්න පටන් ගන්නව  බඩාට ඇහුණා.

රතු අක්කා බඩාගෙ ඇඟේ වෙලිල හිටියෙ ගේ ඉස්සරහ අඹ ගහේ වෙලිල තිබුන මල් පිරුන මල් වැල වගෙයි.සතුටින් ඉපිලෙමින් හිටපු බඩාට වට පිටේ සිද්දවෙන කිසි දෙයක් ගැන ගනිච්චියක් තිබුනෙ නෑ.බඩා තමන්නෙ හිතේ දෝර ගලමින් තිබුන දුක ඔක්කොම රතු අක්කගෙ කණට කරල කියල දැම්මේ එක හුස්මටමයි.

ඉතිං මගෙ වැරද්දක්ද?ඔයානෙ ඔක්කොම හිතේ තියාගෙන දුක්විඳල තියෙන්නෙ...

එදා මේ දෙන්න සමුගනිද්දී හඳත් අහසෙ බැසගෙන යමින් තිබුණා.දෙන්න කතිකා කරගත්ත විදියටම බඩා ඊළඟ සතියෙ දවසක මහ රාත්තිරියෙ ඇවිත් රතු අක්කගෙ කුස්සියෙ දොරට තට්ටු කළා.චීත්තෙකුත් පොරවාන දොර ඇරපු රතු අක්කව බඩාට පෙනුනෙ සුදුපාට වීනස් ප්‍රතිමාවක් වගෙයි.කුප්පි ලාම්පුවේ එළියෙන් බඩාව ගෙට ගත්ත රතු අක්ක එතනම කුස්සියෙ තිබුන බංකුවක බඩාව වාඩි  කෙරෙව්වා.

බඩාගෙයි රතු අක්කගෙයි ආදර කතාව ඉවරවෙන්න තව ගොඩක් ලියන්න තියෙනවා.දැනටමත් සෑහෙන්න ලියපු නිසා අදට ඇති ඇති කියල හිතෙනවා෴

70 comments:

  1. සිකේකයියා. බං මේ වගේ කතාවක් ලියද්දි වත් ඔය වල් පල් කියවන එක නවත්තහංකෝ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං මේ අයාලෙ යෑම නවත්තන්න බැරි හැටි අම්මප.

      Delete
  2. කෝ යකෝ ලීව ලීව කීවට ලියල... පුහ්... ගිහ සතියෙත් ඕහොම්මමයි කොරේ... ඇඩැන්ස් ඔන්ලි සීන් එකක් යනකොට මැදින් ඇඩ් එකක් දැම්ම... අද ඒක නවත්තල හොදම හරියෙ...
    සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්ට මල පැනල නේද?හොඳම තැනින් කපපුවම මල කේන්ති යනව තමයි.

      Delete
  3. අම්මපා මල්දෙනියේ සිමියොං ගේ අනික මරු.....

    ReplyDelete
  4. ඒ කාලෙ රෙදි මෝල දැන් South Asia එක නේද? මම ඉස්සර යන එන තැනක් බං.

    රතු අක්කගේ රූප ශ්‍රීය උබ අගේට ලියල තියෙනවා නොවැ.. ;)

    කතාවේ රස කොච්චරද කියනව නම් එකක් කියන්නම්. කොළඹ සොසේජස් වලට වඩා, ගමේ වැල වරකා නම් කොච්චර රසද, ගුණද? සුන්දරද?

    ReplyDelete
    Replies
    1. අම්මප? දැංද තේරෙන්නෙ?

      Delete
    2. වරක නම් ෂෝක් , වැල හරි නෑ .

      Delete
    3. // කොළඹ සොසේජස් වලට වඩා, ගමේ වැල වරකා නම් කොච්චර රසද, ගුණද? සුන්දරද //

      මෙන්න මහිංද ගොයියට චන්දෙ දුන්න බයියෙක්!

      Delete
    4. බැලුවම එකයි කොයි #ත්තත් #කාලා....

      Delete
    5. බොහොම ස්තූතියි සෑම්.අපි ඉතිං හැදුනෙ වැඩුනේ ගමේ වැල වරකාත් එක්ක නොවැ.

      Delete
  5. අපොඉ හැලපය්යෙ රසම ටික හැලුව නේද? දේශකය්යා කිව්ව වගේ රැල් බුරුල් ටිකක් අඩු කරල සෙමපාර එකපාර ගහපන්කො ;)
    ඉක්මනට රස කැල්ල දාන්ඩ හොදේ.

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා සුරේෂ් ඉඩ ලැබුන ගමන්ම ලියන්නං.

      Delete
  6. හොඳම තැනින් නවත්තලා ....ඒ කාලේ ටෙලි නාට්‍ය බලනවා වාගේ .ඉතින් හිටපන්කෝ ඊළඟ සතිය එනකල් .බැට්ට්රි එක බැහැල තිබුනොත් ඒ කොටසත්ටත් සුම්මා(කරන්ට් එක නැති කාලේ .ගමේ ටි .වී එකක් තිබුනෙත් එක ගෙදරක විතරයි .) ඒවාගේම තමයි මේකත් ...ඉක්මනට ලියපන් හල්පේ අය්යේ ..
    (මම කැමතිම සිංදුවක්නේ කියලා තියෙන්නේ )

    රුසිරු දසුනක් නෙතට යාවි නුහුරු හැගුමකි උපන්නේ
    කවුරුදයි ඔබ තවම නොදනිමි තිගැස්සේයි සිත් මැවෙන්නේ
    ලහිරු පුර හද පතන්නේ නැ ගුවන සිරියා දකින්නේ
    පවුරු වටකොට තිබේ වට කොට කෙලෙස ලංවී ඉඳින්නේ
    නුරා ගගුලක් සේ ගලයන ඔබේ දෙතොලග සිනාවේ
    සිතින් පමණක් සිසිල දවසක
    ලබා සිතින් පමණක් මා තනි උනාවේ

    කලාතුරකින් ඒ සිනා වත බලගනුමත් පලක් වේ
    එවන් සැපතක් උරුම නැතිකොට දිවිය කදුලක් උනාවේ

    රුසිරු දසුනක් නෙතට යාවි නුහුරු හැගුමකි උපන්නේ
    කවුරුදයි ඔබ තවම නොදනිමි තිගැස්සේයි සිත් මැවෙන්නේ

    ගායනය - පුන්සිරි සොයිසා ..

    ReplyDelete
    Replies
    1. අහසට සොඳුරුද සඳ කෙතරම්
      ගසකට සොඳුරුද මල කෙතරම්
      සයුරට සොඳුරුද රල කෙතරම්
      එතරම් මිහිරියි ඔබ මටනම්
      හිත මැද පෙම්බර කම් සඟවා
      යන එන මඟ ඉඟි බිඟි කරමින්
      හොඳ නැහැ කරනා ඔය දඟකම්
      දුටුවොත් වෙන අය වෙයි නපුරක්
      සුන්දර ඔය වත හින්දම තුන් යම
      නින්දක් මට නැතුවා නැතුවා
      තිස්සෙම මං වට දැවටෙනු කුමටද
      අහන්න මට හිතුනා හිතුනා…
      අහසට සොඳුරුද....
      සොඳුරුද මා හට ඔබ කෙතරම්
      අන් සතු මලකට ඇයි ලොබකම්
      සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
      හිමි නැති වූ සද වෙයි ලතැවුල්
      තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
      සත්තයි සිහිනෙක මා සිටියා
      කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
      බිලිඳුන් නිදි නෑ මං යනවා
      අහසට සොඳුරුද....

      Vocals : නෙලූ අදිකාරී සහ කාශ්‍යප දිසානායක
      Music : වෛද්‍ය දේවක රත්නපාල

      Delete
    2. ඔය බැටරි කරන්ට් එකෙන් ටී වී බලන කාලෙ සිද්දවෙච්ච බොහොම ලස්සන කතා තියෙනව සිංදු ඇනෝ.වෙලාවක ලියන්න ඕනෑ.ගීතයට බොහොම ස්තූතියි.

      Delete
    3. මැලේ බොහොම ස්තූතියි.

      Delete
  7. අනේ අපොයි මෙච්චර වැදගත් කථා මෙහෙමත් දෙකට කඩනවද ???? ඒ විතරක්ද ගියපාර කතාවෙත් භාගයක් තියෙනවා නේද ???

    ReplyDelete
    Replies
    1. තියෙනව තියෙනව කෑ ගහන්න එපා බං.ඒක අමතක වෙලා ඉන්න එවුනුත් පොලු උස්සගෙන මාව කන්න එයි.

      Delete
  8. චෑ චෑ නරකම තැනදි නවත්තල තියෙන්නෙ බං....

    ReplyDelete
    Replies
    1. ඔව් බං දිග වැඩිවුනා.

      Delete
  9. අප්පොච්චියේ.....................කිරිමේල් කේස් එකක් නේද? මට එකපාරටම මතක්වුනේ 60 දශකයේ ඔයවගේ සිද්ධියක් කෑගල්ලේ අපි පදිංචිවෙලා හිටිය මිරිහැල්ල ගමේ සිද්දවුණා. මොනවද ඉතින් පවුලක් කඩා ඉහිරවමින් නව යුවල 'ජම්ප් ඇන්ඩ් වෙන්ට්' වුණා. තාත්තෙක් දරුවන් සමග තනිවුණා.

    මම දන්න හමුදා නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා රෙඩිමේඩ් පවුල් ගත්ත. හැබැයි බොහොම හොඳට ඉන්නවා අදත්.

    ReplyDelete
    Replies
    1. අපේ Old Royalist හමුදාපති තුමා කොහොමද අංකල්? චෝයි නේද?

      Delete
    2. නව හමුදාපතිගේ සුදුසුකම් අතින් බැලුවම ගැලපෙනවා. හමුදාපතිවීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තියනවා. ඉහල මට්ටමේ පාඨමාලා හදාරා තිබෙනවා. ඔහු කපිතන් නිලයේ සිටින කාලයේ සිට මා ඔහුව දන්නවා. මා දන්නා තරමින් ඔහුට එරෙහි විනය චෝදනා එහෙම නැහැ.

      නමුත් ඔහු පත්වීම බාරගන්න ගියේ අංක 5 නිල ඇඳුමෙන්. ඒක නම් අනුමත කරන්න බැහැ. එය සේනාධිනායකයාට කල අපහාසයක් වගේ. යායුත්තේ අංක 2 Service Dress ඇඳුමෙන්. අර වැඩ බාරගැනීමේ පෙළපාලියේදී ඇඳ සිටි ඇඳුමෙන්.

      Delete
    3. කිරිමෙල් කේස් එකක් නේන්නං,ඔය වගේ දේවල් ගම්වලට නුහුරු නුපුරුදු දෙ නොවෙයි.විචාටත් වෙලාවක ඔහොම කතා කීපයක් ලියන්න බැරුවයැ.

      Delete
  10. බොන්ඩත් දීල , දුකටත් පිහිට වෙන සුපිරි පොට් එකක් නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනං කම්මලේ.මොන තරං සුන්දර තැනක්ද?

      Delete
  11. අනේ ඉතිං මේ වගේ අයත් එක්ක අපේ හැලපෙ ඉඳල තියෙන්නෙ මඩේ හැදිල මඩෙන් උඩ පිපෙන නෙළුම් මල වගේ පිවිතුරුවයි කියල අපි හිතා ගන්න ඕනෙද ?

    ReplyDelete
    Replies
    1. සමහර විට මඩ පොඩ්ඩක් ගෑවෙන්නත් ඇති (නෙළුම් බට්ටෙ) ඒ කාලෙ!

      Delete
    2. අපොයි නෑ කිසිසේත්ම එහෙම වෙන්න බෑනෙ.එහෙමයි කියල මම කොතනකවත් කියලත් නෑනෙ.

      Delete
    3. රාජ්,
      බට්ටේ මඩ පොඩ්ඩක් ගෑවුනත් මක් වෙනවද පිහදාල ගන්න එකනෙ.

      Delete
  12. ඔය හොර පොට්වල තියෙන්නේ "අති විශේෂ" විතරයි ම නේද?

    ReplyDelete
    Replies
    1. නෑ වෙන වෙන අඩු මිල "වල් බ්‍රෑන්ඩ්" තියනව. ගානට හරියන්නත් එපැයි

      Delete
    2. බහුතරයක් අති විශේෂ රසික.කලවම් කරන්න ලේසියි නොවැ.නමුත් තව තව බ්‍රෑන්ඩ් නැතුව නොවෙයි.

      Delete
  13. හැලපෙට මේ වගේ කතා ලියද්දි හැලපස්ටයිල් තහනම් කරන්න ඕන .. ඕ යේස් ....

    ReplyDelete
    Replies
    1. අනේ බං එතකොට මගෙ අනන්‍යතාව නැතිවෙනවනේ.

      Delete
  14. කෂ්ටිය කියල තියෙනව වගේ හොඳම තැනදිනෙ මතු සම්බන්ධ කරල තියෙන්නෙ.

    //රතු අක්කගෙ වචන බඩාට ඇහුනෙ වෙනත් ලෝකෙකින් පාවෙලා ඇවිත් කණට ඇතුල්උනා වගෙයි.// මේක කොහොමද හැලපෙ දැනගත්තෙ. එතනනං ලොකු සැකයක් මතුවෙනව.

    ReplyDelete
    Replies
    1. අපොයි සැක කරන්න හොඳ නෑ පොඩි සැකයක් වත් තියාගන්න එපා.මට ඔය කතාව බඩාමයි කිව්වෙ.මම හැඩ වැඩ දාල ලිව්වා.

      Delete
  15. ඔන්න ඕකනෙ කරන්න බැරි.. 'මද විරාමයක්' ගන්න උනත් වෙලාවක් තියෙන්න එපැයි.. හ්ම් හ්ම්.. ඉක්මණට ඉක්මණට..

    ReplyDelete
    Replies
    1. හරි හරි කමියෝ.රෙස්ට් එකක් අරං ඉතුරු ටික කරමු.

      Delete
  16. අයියෝ හැලපයියේ බඩා ලවු එක හොඳම හරියෙන් නොවැ නතර කරලා තියෙන්නේ.එදාත් ඒ වගේ වෙනිවැල් කතාවක් කියලා මගින් නතර කෙරුවා හිටං.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං මල්ලියෙ දිග වැඩි උනා නොවැ.

      Delete
  17. ඇයි බං දවස් දෙකකට ඇද්දේ

    ReplyDelete
  18. මාර ස්ත්‍රී වර්ණනාවක්...:)

    //අගින් උඩට වක්වුන සුමට නහයත්//

    මට මතක්වෙන්නේ කුරුල්ලෙක්ගේ හොටයක්. උඩට වක්වුනා කීවම නහය උඩට හැරිලා පේනවා.

    //දිගු දෑත් දෙපා ආදී පිරිපුන් නැමෙනසුලු අඟපසඟ//

    හී හී...නැමෙන සුලු අඟපසඟ....කොහොමත් අත් පා කියන ඒවා නැමෙනාවානේ...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ හැම පැත්තටම නැමෙන universal joints දාපු ඒව ගැනවෙන්න ඇති හැලපෙ කියන්නෙ.

      නහයත් බුරතීනෝගෙ වගේ නේ?

      Delete
    2. කුරුල්ලගෙ හොට නැවිල තියෙන්නෙ පහළටනේ පොඩ්ඩියෙ.සමහර කාන්තාවන්ගෙ නහය ලාවට අගින් උඩට වක්වෙලා තියෙනකොට අමුතු ලස්සනක් එනවා මම ඒකයි කිව්වෙ.අතපය නං නැවෙනවා තමයි නමුත් සාහිත්‍ය සමයෙ ස්ත්‍රී වර්ණනාවේදී එහෙම කියවෙනව මම දැකල තියෙනව.ඒකයි එහෙම ලිව්වෙ.

      Delete
    3. ප්‍රා,
      යකෝ යුනිවර්සල් ජොයින්ට් තියෙන්නෙ වාහනවල නේද?බුරාගේ නහය ප්‍රා දැකල තියේද?

      Delete
  19. මං උඹෙන් අහන්න උන්නේ ඇයි යකෝ හැලපැට්ටා ගත්ත පොටෝ එක දැම්මේ නැත්තේ කියලා..

    බලාගෙන ගියාම පොටෝ එක දැම්මා නම් ඒ යකා අපහාස නඩු දානවා දෙකක් නෑ..

    මටත් හිතුනා බං.. මළදාන පොලිටික්ස් පැත්තකින් තියලා.. රොකට් රෝහිණි කථා වස්තුව ලියන්න කියලා...

    රහයි කියන්නේ... වල්ලා පට්ට.. අතීතයේ ගමට අරගෙන ගියාට..

    ඔය ලින දෑතට සම්මා සම්බුදු සරණයි...!!!
    - කෙන්ජි -

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ.මම බඩාගෙ පින්තුරෙ බල බලා කතාව ලිව්වා.
      උඹ අතින් රොකට් රෝහිණීගේ කතාව ලියවෙද්දී තව අවුරුද්දක් වත් යයි.ඇයි ඊළඟට මහ ඡන්දෙ.මාස ගාණක් ඒ ගැන ලියයි.ඡන්දෙ පහුවුනාම තව මාස ගාණක් ගුණ පණ ලිය ලියා බනී.ඉතිං රොකට් රෝහිණීට සොරිම තමා.

      Delete
  20. හැලපෙ අයියෙ, රතු අක්කගෙ වර්ණනාව මැවිලා පේනවා. කුතුහලය අවුස්සලා යන්ට එපෝ... ඉන්ට බැරෝ...

    ReplyDelete
    Replies
    1. හරි හරි මදාවියෝ.ඉක්මනට දෙන්නං.

      Delete
  21. ලවු එකට වැඩියෙන් පඳුරු තැලිල්ලනේ ඉතින්.. ලවු එකට එද්දී කතාව ඉවරයි.. ඉක්මනට දාමු ඉතින් අනිත් එකත්..

    ReplyDelete
    Replies
    1. පඳුරු තලිල්ල ඉතිං කොහොමත් සිද්ද වෙනවනෙ දිනේෂ්.ඉක්මනටම ඉතුරු ටික දාමු.

      Delete
  22. රතු අක්ක ගැන කියෙව්වාම වෙනිවැල් ගැට මතක් වෙනවා .. හෙහ් හෙහ් ....

    ReplyDelete
    Replies
    1. වෙනිවැල් ගැටෙත් තව පොඩ්ඩක් තියෙනව පැතුම්.ඒකත් ලියන්න ඕනෑ.

      Delete
  23. හැලප අය්යා මේ වගේ ලියද්දි යකෝ ආයේ ගමටම වෙලා ඉන්න හිතෙනවා බොලව්!

    ReplyDelete
    Replies
    1. හා හා උඹ කලබල වෙන්න එපා නාඩියෝ.ඔය කරන වැඩේ කරගෙන ඉඳහන් ඉස්සරවෙලා.ගෑනු පස්සෙ යන්න ඊළඟට බැරුවයැ.

      Delete
  24. මෙව්වට කියන්නේ හෙණ ගහන වැඩ කියලා...

    ReplyDelete
    Replies
    1. කාටද හෙණ ගහන්නෙ ලොකු පුතේ මටද බඩාටද?

      Delete
  25. අපොයි , පිහි ඇනුමකින් කෙළවර වුනේ නැත්තන් හොඳයි. //යිට් එකට ඇඩ්ඩිං අයියගෙ පවුල කීරමිං කරෝල කූරි දෙතුන් දෙනෙක් ලිපට අල්ලල පුස්සල දෙනවා.කොච්චි කරලක් ළූණු ගෙඩියක් එක්ක පුස්සපු කරෝල කූරියෙක් හපනකොට මාර රහයි// මාතලන් නම් බනියි පිටරට එව්වන්ට කරෝල කන්න තියෙන පිස්සුව කියල. ඒත් කට්ට් කෙල ඉනුවා.

    ReplyDelete
    Replies
    1. ඔය බයිට් එක සුපිරිම බයිට් එකක් අජිත්.කාපු අය තමා රස දන්නෙ.කොහොමත් පිටරට ඉද්දි කරෝල ආදී ලංකාවෙ පිලිහුඩු වර්ගවලට තියෙන ආසාව වැඩියිනෙ.

      Delete
  26. ඇඩ්ඩිං අයියා පෙරුවෙ පළතුරුද ? ඔය පෙ‍රිල්ල ගැනත් කියහංකො ‍ලොකු මාමෙ වෙලාවක...

    ReplyDelete
    Replies
    1. පෙරිල්ල ගැන කියනවනං එළිවෙනකන් කියන්න පුළුවනි බං.සීරිස් එකක්ම තියෙනවා.

      Delete
  27. --ඊලග කොටසට්‍ර්හ් ලියන්න.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15969-2015-02-26-22-08-57

    ReplyDelete
    Replies
    1. අජිත්,
      ඔබ දෙන සහයෝගයට බොහොමත්ම ස්තූතියි.

      Delete

ඔබේ අදහස්