Wednesday, February 11, 2015

වතුර කප්පාදුව ඡන්ද කතා සහ රන්දුනු වන්නියගෙ ඩෙනිම.


 අපි ආපහු ඇවිදිල්ලත් සති දෙකක් විතර උනා,අපි කිව්වෙ මමයි බිරින්දැයි.උන්දැත් මගෙත් එක්ක එල්ලිලා ආවනෙ.ආපුදා ඉඳන්ම යමක් ලියන්න උත්සාහ කළා නමුත් වැඩේ හරිගියෙ නෑ.දවස් කීපයක්ම ලියන්න බැලුව ලියවුනේ නෑ ඊට පස්සෙ නං අවංකවම කාර්ය බහුල වුනා.වැඩවලින් හරියටම ඉස්පාසුවක් ලැබුනෙ ඊයෙ පෙරේදයි.අවස්ථාවක් ලැබුන වෙලේ ඉන්නවද මළාද කියලවත් කියන්න එපායැ. මේ ලියන්නෙ ඒකයි.

අදත් පහළ ඉන්දියන් කඩෙන් ප්ලේන්ටියක් බීලා වැඩට ආවා.කඩෙන් තේ බොන්නෙ මොකද කියල දන්නවද?මේ අපි ඉන්න ටවුමට එන වීක් එන්ඩ් එකේ වතුර කපනවලු.ඉතිං ඔය කතාව අහපුදා ඉඳල අපේ ගෙදර උන්දැ ගෙදර තියන හැම බාජනයකම වතුර පුරෝල තියාගෙන ඉන්නව.වතුර පිරෙව්වේ මෙහෙමයි.ඉස්සෙල්ලම බාත් රූම් එකේ තියෙන ටබ්, බේසම්,බාල්දි හැම එකකටම වතුර පිරෙව්වා.ඊට පස්සෙ කුස්සියෙ තිබ්බ සාස්පාන් හැලි වලං ඔක්කොටමත් වතුර පිරෙව්වා.ඊටත් පස්සෙ ගෙයි තිබ්බ ජෝගු කේතල කෝප්ප ආදියටත් වතුර පිරෙව්වා.ඊයෙ උදේ බලද්දීං මම තේ බොන මග් එකටත් වතුර එකක් පුරවල තිබුණා.

මෙන්න මේ වතුර එක විසික්ක කරල මට තේ එකක් හදල දෙනවද, වැඩට යන්ඩ පරක්කු වෙනවා...

ඔයා තේ බිව්ව වාගෙයැ හෙට අනිද්දා වතුර කැපුවම,නාන්නෙ රෙදි හෝදන්නෙ නෑ කියමුකො කන්නෙ බොන්නෙ ටොයිලට් යන්නෙ නැතුවද?ඒකටම කොච්චර වතුර ප්‍රමාණයක් යනවද?ඔන්න ඔහෙ කඩෙන් තේ එකක් බීල වැඩට යන්ඩකො...

ඉතිං මමත් ඉන්දියන් කඩේට ගිහිං ඒක් චායි කියපුවම කොල්ලෙක් උණු වතුරයි ටී බෑග් එකකුයි කිරි ටිකකුයි සීනි ටිකකුයි දාපු කඩදහි කෝප්පයක් මට දුන්නා.මමත් ඒක කලවං කරගෙන බීල කෝප්පෙ විසිකරල වැඩට ගියා.අදත් එහෙමයි.තව වතුර කපලත් නෑ.වතුර කපල ආයෙම  එනකං මේ දුක විඳින්න වෙනවා මොනව කරන්නද?

ඉතිං චන්දෙ ගැන බොලා විතරක් ලියල හරියනවයැ,මටත් ලියන්න දේවල් තියෙනවනෙ.වැඩේ නං ටිකක් අවුට්ඩේටඩ් තමයි ඒත් ඉතිං මම ආවෙ ඡන්දෙත් ඉවරවෙලා ඊයෙ පෙරේදා නොවැ.ටිකක් පිළුණු රහ උනත් මොනා කොරන්නද?මට කියන්න තියෙන හරියත්  කියාගන්න තිබුණොත් මදැයි.මම ලිව්වෙත් දේශපාලනය නොවෙන ඡන්ද කතා නොවැ එව්ව තව ටිකක් මෙදා සැරේ ලංකාවෙන් හොයාගත්තා,මොකෝ අපි කවුරුත් දේශපාලන සත්වයො නෙ.

ජනාධිපතිවරණ ඡන්දය දවසෙ මමත් උදේම නා කියා ගෙන හැලපැට්ටයි හැලපියි දෙන්නත් එක්ක ගිහිං ඡන්දෙ දාල ආවා.හැලපැට්ට නමෝ විත්තියෙන් කුලුඳුලේ දාන ඡන්දෙ නිසා එක්කං ගිහිං ඡන්ද පොළේ ගහල තියෙන ආදර්ශ ඡන්ද පත්‍රිකාව ඉස්සෙල්ලම පෙන්නුවා.පෙන්නල පුතේ මේක තමයි ඡන්ද කොළේ,මෙන්න මෙතන තියන හංසයට ඉස්සරහින් කතිරයක් ගහන්න කියල පෝලිමට එක්කං ගියා.තුන්දෙනාම ඡන්දෙ දාල එළියට ආවා.

වරදී කියල මම හංසය ඉන්න තැන ගැනගෙන ගියෙ  හංසය තිබුනෙ දහවෙනියට ...

හැලපැට්ට කිව්වා.

ඇයි ළමයො මම කිව්වෙ ඡන්ද කොළේ ඒකමයි කියල,ගනින්න දෙයක් තියෙනවයැ...

කියන්න බෑනෙ මීට කළින් මම ඡන්දෙ දාලත් නැති නිසා බයටම ගැනගෙන ගියා...

අපි තුන්දෙනා හිනාවෙවී ගෙදර ආවා.ඡන්දෙ ඉවරවෙලා දවස් හතර පහකට පස්සෙ මම අපේ ඔෆිස් එකට ගිහිං එන්න ගියා.යාළුවො කණ්ඩායමක්ම මුණ ගැහිලා කතා කර කර ඉන්න ගමන් තේ එකක් බොමු කියල කට්ටියම කැන්ටිමට ගියා.තේ බොන ගමනුත් අපේ කතාව වුණේ ඡන්දෙ ගැනයි.කට්ටියම වගේ ඡන්ද රාජකාරිත් කරලයි ඇවිත් තිබ්බෙ.

මගෙ ඡන්ද පොළේ මරු වැඩක් උනානෙ අයියෙ...

සිසිර කතාව පටන් ගත්තා.

ඔන්න ඇවිදගන්න බැරි වයසක ගෑනු කෙනෙක් හරිද.හෙන මහතයි.කොල්ලො තුන්දෙනෙක් මේ ගෑනු කෙනාව බැරි මරගාතෙ උස්සගෙන ආවා.ඡන්ද පොළ ඇතුළට ඇවිල්ල ගෑනු කෙනාව පුටුවක ඉන්දවපුවම කොල්ලො තුන්දෙනාට එළියට ගිහිං ඉන්න කියල ඊට පස්සෙ මේ මනුස්සයට ඡන්ද කොලයක් එහෙම දීල ඡන්දෙ ලකුණු කරල දෙන්න කියල මම කිව්වා.

අනේ මහත්තයො මගෙ ඇස් පේනවත් හොරයි,මහත්තයම ඡන්දෙ දාල දෙන්නකො...

ඒ ගමන මම ජේ පී ඕ නෝනවත් ලඟට කතාකරගෙන එහෙම අම්මට ඡන්දෙ දෙන්න ඕනැ කාටද කියන්නකො කියල කිව්වා...

මහත්තයො,මාව එක්කං ආපු එවුවො  ටික කිව්වෙනං බුලත් කොළේට කතිරෙ ගහන්න කියල.ඒ උනාට මටනං ඡන්දෙ දාන්න ඕනෑ හංසයට...

එහෙනං හංසයට කතිරෙ ගහන්නද අම්මේ...

හොඳමයි මහත්තයො...

කතිරෙ ගහල ඡන්දෙත් දම්මවල එළියෙන් හිටපු කොල්ලො ටිකට කතාකරල ගෑනිව බාරදුන්නා,අනේ උන් ටික ආයෙම ගෑනිව කරගහගෙන ආපහු ගියා...

ඉතිං උඹ හිනාවෙවී බලං හිටියා...

හිනා යන්නෙ නැද්ද බං අයියෙ අරුං ටික ගෑනිව කරතියාගෙන යන හැටි දැක්කහම,ගෑණි උන් ඔක්කොම ටික අන්දවල හංසයට කතිරෙත් ගහල ගියානෙ...

බූරුවන්ගෙ කරපිට ගිහිං ඡන්දෙ දාල ආව කියල ගෑණි ගෙදර ගිහිං කියන්න ඇති...

ඔය අපේ ගෙවල් ළඟ පාත කට්ටියක්,දන්න දා ඉඳලම අතට,පුටුවට,බුලත්කොළේට ඡන්දෙ දුන්නෙ ආයෙ අම්මෙ මුත්තෙ කිව්වත් වෙනස් වෙන්නෙ නං නෑ.ඒ උනාට මෙදා සැරේ සම්පුර්ණයෙන්ම අනික් පැත්ත හැරිල මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දුන්නලු.ඒ විතරක් නෙවෙයි ඔට්ටුවකුත් අල්ලල පනස්දාහක් දිනුම්.දිනල පාටියකුත් දුන්නා.මේ ගෙදර කොල්ලට අපි සුදත් කියමුකො.සුදත්ට ටවුමෙ ලොකු සිල්ලර කඩයක් තියෙනව.එක ඉරිද දවසක කොල්ලො කට්ටිය ඔක්කොම අපේ ගෙදරට එකතු පහද වෙලා තරමක කර්තව්‍යයක් කරද්දි ඔතෙන්ට මනුස්සයත් ආවා.අපි කතාබහ කරමින් ඉන්න ගමන මගෙ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මම සුදත්ගෙන් ඇහුවා.

මොකද මේ සැරේ ඔයගොල්ල ඔක්කොම අනික් පැත්ත හැරුනෙ...

බෑ අයියෙ කරන්න,දවස ගානෙ කඩේට පනිනවා මොකක් හරි මගුලක් හොයාගෙන දඩ ගහනව.ගහන්නෙත් ලේසි පාසු දඩ නෙවෙයි මට ඇතිවෙලා හිටියෙ,ඒකයි අපි ඔක්කොම මේ සැරේ හංසයට දුන්නෙ...

සුදත්ගෙ ප්‍රශ්නෙ රජයේ නිලධාරිනුත් එක්කයි.නිලධාරි කරන වැඩේට ආණ්ඩුව මොනව කරන්නද කියල අහන්න මගෙ කටට ආවත් ඇහුවෙ නැතුව නිකං හිටියා.

මාත් එක්කං ඉස්පිරිතාලෙ වැඩකරපු අපේ ගුණේ ඉන්නවනෙ.දැන් ගුණේ මීරිගම පාරෙ කඩයක් කරගෙන ජයපහට ඉන්නව.හැමතැනම හොයාගන්න නැති ගොඩේ කෑම ජාති එහෙම ගුණේගේ කඩේ වරදින්නෙ නෑ.අපි ඔය හැලපිලගේ ගෙවල් පැත්තෙ එහෙම යද්දිං නෙවැරදීම ගුණේගේ කඩේ නවත්තල බොහොම රසට කාල බීල යන්න පුරුදුවෙලා ඉන්නෙ.අපේ දානෙ ගෙදර ගුණයටත් මතක් කරපු නිසා දානෙ දවසෙ උදේ පත ආස්මී පෙට්ටියකුත් කරගහගෙන ගුණේ අපේ ගෙදර ආවා.

තේ බිබී කතා කරමින් ඉන්න ගමන ඡන්දෙ ගැනත් අපි කතා උනා.මෙදා සැරේ මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දුන්න කියල ගුණේ ඒ වෙලාවෙ මගෙත් එක්කං කිව්වා.ගුනේලත් මං දන්න කාලෙ ඉඳල බුලත් කොළේට ඡන්දෙ දීපු කට්ටිය.

ඒ මොකද අප්පා,මෙදා සැරේ ලොකු ලොකු බුලත් කොළත් අනික් පැත්ත හැරිල තියෙන්නෙ...

මං ඇහුවම ගුණේත් සුදත් කියාපු කතාවම අකුරක් ඉස්පිල්ලක් නෑර මාත් එක්කං කිව්වා.

උන් එක්ක කඩ තියා මොකුත් කරන්න බෑ.තමන්නෙ පාඩුවෙ වෙළඳාමක් කරගෙන ඉන්න මිනිහගෙ රීරි මාංසෙ උරා බොනකොට කඩ කරන්නෙ කොහොමද?ඒකමයි මං අනික් පැත්තට ඡන්දෙ දුන්නෙ...

ගුණෙත් එහෙම කිව්වහම මේ වැඩේට ආණ්ඩුවෙත් යම්කිසි සම්බන්ධයක් තියෙන්න ඇතියි කියලයි  මට හිතුනෙ.

දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල  යාලුවෙක් අපට රෑ කෑමකට ආරාධනා කළා.කෑම දුන්නෙ ලංකාවෙ ඉඳන් ආව ඔහුගෙ යාලුවෙකුටයි.යාළුවා පුවත්පත් කලාවේදියෙක් හෙවත් මාධ්‍යවේදියෙක්.කෑමට පෙර පිරිමි කට්ටියම මීවිතකට වටවෙලා කරමින් හිටපු කතාවත් අලුත් ආණ්ඩුව ගැනයි.ඇතිවෙලා තිබුන වෙනස ගැන හිටිය කවුරුත් ගොඩක් උද්දාමයෙන් කතාබහ කළා.සිනා මැදින් ටිකින් ටික කතාව උණුසුමෙන් උණුසුමට ඇදී යද්දි මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මීට කළින් තිබ්බ ආණ්ඩු ගැනත් සංසන්දනාත්මකව කතාබහ ඇතිවුනා. දැන් කතාකරන්නෙ සුනාමිය සහ සුනාමිය වෙලාවෙ ලංකාවට ලැබිච්ච ආධාර ගැනයි.

සුනාමියට ලැබිච්ච ආධාර ගැන නං කියල වැඩක් නෑ.කාටද ආධාර ලැබුනෙ සුනාමියක් කියල දෙයක් අහලවත් තිබුනෙ නැති අයටනෙ...

කෙනෙක් කිව්වහම හා මම ටොප් කතාවක් කියන්නං කියල මාධ්‍යවේදියා ඉදිරිපත් උනා.

ඔය කාලෙ කීප සැරයක් මම දඹානට ගියා.මට උවමනා උනේ වැද්දන්ව ඉන්ටවිව් කරලා ආටිකල් එකක් ලියන්න.එදත් මම ගියෙ ආටිකල් එකේ වැඩකට.ඔය මිනිස්සු හම්බවෙන්න දවල්ට ගිහිං වැඩක් නෑ දවල් දවසෙම ඒ ගොල්ල ගස් ගල් උඩ ඉඳල ගෙදර එන්නෙ හැන්දෑවෙ.හවස් වෙලා මම යද්දි පාරේ කෙනෙක් එනවා.ඇඳල හිටියෙ ඩෙනිම් කලිසමකුයි ජැකට් එකකුයි කැත්තකුත් කරේ තියාගෙන, වාහනේ මිනිහව පහුකරන කොට මම අඳුනා ගත්තා.ඒ ගමන හෝව් හෝව් කියල වාහනෙත් නවත්තගෙන බැහැල කතාකළා.

අප්පට සිරි මේ රන්දුනු වන්නියා නොවැ.ජැන්ඩියට ඇඳගෙන එහෙම කොහෙද ගියෙ...

කොහෙවත් නෙවෙයි මහත්තයො මං මේ හේනට ගිහිං එන ගමන්, ඇඳුම ලස්සනද?

ලස්සනදත් අහනව,මොකද හදිසියෙම ඩෙනිම් ගහගෙන හේනට යන්න හිතුනෙ...

මේවා කඩෙන් ගන්න කාසි පනං අපට කොහෙන්ද මහත්තයා,අපි ඔක්කොටොම මේ ඇඳුම් ගෙනත් දුන්නෙ සුමේධා නෝනා,සුනාමිය වෙලාවෙ හම්බු වෙච්චි ආධාරලු...

ඉතිං සුනාමියට හම්බ වෙච්චි ආධාර බෙදුවෙ ඔන්න ඔහොමයි...

මේවට හිනාවෙනවද අඬනවද කියල අපට නං තේරෙන්නෙ නෑ,හිතේ අමාරුව යන්නත් එක්ක තව ෂොට් එකක් ගම්මු...

කට්ටිය කතාවුනා.ඉතිං ඡන්ද කතා ඔන්න ඔහොමයි.තව මම ලංකාවෙන් හොයාගෙන ආපු කතා කීපයක්ම ලියන්නත් තියෙනවා.ඉඩ ලැබෙන ලැබෙන හැටියට ලියන්නං.ඒක නෙවෙයි තව දෙයක් කියන්න තියෙනවා.ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද? මොකද උඹල කියන්නෙ෴

77 comments:

  1. තමන්ගේ චන්දේ දුන්නේ කාටද කියල ඔහොමත් කියනවද යකෝ..

    මීට
    දුසකයා

    ReplyDelete
    Replies
    1. දිනුුව හින්දනේ ඔය කියන්නේ.

      Delete
    2. එහෙනං ඔය ලක්මාල් කන්දේවිදානේ සහ චතුෂ කුමාරත් (අටන්පහුර සහ මාරයා) කියන්නේ ඒ අය ජන්දේ දුන්නේ මහින්දට කියලා.

      Delete
    3. ඡන්දෙ දෙන්න ඉස්සෙල්ල කිව්වනං දාල ඉවරවුනාම කිව්වට මක්වෙනවද බං ?

      Delete
    4. රසික,
      නෑ මම යද්දිත් කියලයි ගියෙ.

      Delete
    5. ඇනෝ,
      කොහොමත් ඒ දෙන්න චන්දෙ දුන්න පමණක් නොවෙයි මුළු හදවතින්ම මහින්ද එක්කයි හිටියෙ.

      Delete
    6. තව කාලයක් ගියාම නං දුන්න කට්ටිය හොයා ගන්න බැරි වෙනවා.

      Delete
  2. සුනාමි ආධාර ගසා කාපු එක නම් ඇත්තයි. අර එක එකාට දීලම කඩ කෙරුවාව එපා වෙලා හිටි කතාව මමත් ඇහුවා. ඔය වැඩේ ආයිත් නොකෙරෙයි කියල හිතන්නත් අමාරුයි සංස්කෘතිය එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා කියල තියෙනවනෙ සරත්.අපේ රටටත් ඒ දේ අදාලයි නේද?

      Delete
  3. ඔය වයසට ඔයාට හංසයොත් අරින්න එනවද අප්පා............
    එක නෙවි කවද්ද ඉන්දියාවට ගියේ.......
    කව්ද මන්දා ඔයා පුරාජේරු ලියනවා කියලා කොහේදෝ බ්ලොගක තියෙනවා දැක්ක ..... පට්ටපල් බොරුනේ මෙතන එහෙම එකක් නෑනේ

    ReplyDelete
    Replies
    1. හංසයො අරින්න ගන්නෙ වයස බලල නෙවෙයිනෙ බං.
      මම ඉස්සෙල්ලම ඉන්දියාවට ගියෙ 1998 දි.ඊට පස්සෙත් කීප සැරයක් ගියා.
      ඔව් ඔව් කවුදෝ අපතයෙක් එහෙම කියල තිබුන නං තමා.ඒ උනාට ඉතිං මට අදාළ නෑනෙ මම කරදරවෙන්නෙ මොනවටද?

      Delete
  4. ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද///
    තේරෙනව නං කමන් නෑ....
    රන්දුනු වන්නිගෙ කතාව නං මරු ඈ
    හිහි

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මහේෂ් හිටපු එක්කෙනාගෙ පාලනයට වඩා මේ පාලනය දහස් වාරයක් හොඳයි.කෑවෙ බිව්වෙ නැතත් බඩගින්නෙ හරි හිතේ සැනසිල්ලෙන් ඉන්න පුළුවනි නොවැ.

      Delete
  5. අපේ එවුනුත් අහන අහන එකා දාලා තියෙන්නෙ හංසයාට..දැන් එතකොට බුලත් කොලයට දාපු එකෙක් නෑ?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං.දිනපුවම අයිතිකාරයො ගොඩයි.

      Delete
  6. //බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද?//

    ඔතන වැරැද්ද ලොකුවට බලාපොරොත්තු තියා ගැනීම. මේ ලංකාව කියල මතක තියාගෙන ලොකුවට අරින රජ එවුන් එලවලා හීනියට අරින එවුන් ගෙන්නන ගන්න චන්දෙ දුන්නනම් හරි.

    ReplyDelete
    Replies
    1. උනේ නං ඒක තමයි ප්‍රා.කොහොමත් ලොරි ටෝක් දෙද්දී ටිකක් ලොකුවට බලාපොරොත්තු තියාගන්නවනෙ.කමක් නෑ මේක ලංකාවනෙ කියල හිත හදා ගම්මු.

      Delete
  7. මොන සතා හෝ කොලේ හෝ දිනුවත් වැඩ කෙරෙන්නේ දෙකේ කොලේ දේශපාලුවන් ගේ අභිමතය අනුවයි.

    ReplyDelete
    Replies
    1. කකාගේ බ්ලොග් එක ද්‍රවිඩ ජනයාට (ප්‍රමුඛව) අසුභයි.

      මොකද කකා ඉස්සෙල්ලම කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තු කාලේ තමයි යුද්දේ අන්තිම කාලේ. ඔය කාලේ ද්‍රවිඩ ජනයා සැහෙන ප්‍රමාණයක් මැරුණා. අතුරුදහන් උනා.

      ඊට පස්සේ කකා දැන් ලියනා බ්ලොග් එක පටන් ගත්තා විතරයි වතුකරයේ මිරියබැද්ද කියන ප්‍රදේශයේ නායයාමක් නිසා ද්‍රවිඩ ජනයා සිය ගණනක් අතුරුදහන් උනා. ළමා ළපටින් ඇතුළු බොහෝ දෙනෙක් මිය ගියා. කොයිතරම් පව්ද ඒ අය.

      ඊළගට කකා මේ අලුත් බ්ලොග් එකේ ලිපි දාන හැම දිනයකම මොකක් හෝ අනතුරක් වෙලා එක් ස්ථානයකදී සැහෙන පිරිසක් මිය යනවා. අනතුරු වෙනවා,මිනිසුන් මැරෙනවා තමයි. හැබැයි කකා බ්ලොග් එකේ පොස්ට් එකක් දාන හැම දිනකම බොහෝ දෙනෙක් කතාබහ කරනා බයංකාර දෙයක් සිදුවී සැහෙන දෙනෙක් මිය යාමට කරුණු කරනා යෙදෙනවා. අර කතාවටත් කියනවනේ වල්ගාතරුවක් දිස්උනාම අසුභයි කියලා. කකාගේ බ්ලොග් එකත් ඒ වගේ තමයි. මම දන්නේ නෑ භෞතිකවේදය මේක කොහොම භාර ගනියිද කියලා. එත්....

      කකා, මම ඉල්ලීම කරන්නේ බොහොම ආයාචනාත්මකව. කරුණාකර මෙම අසුභවාදී බ්ලොග් ලිවිම නවතන්න. අපිට ජිවත් වීමට ඉඩ දෙන්න. අපි කැමතියි අපේ දරු පැටව් සමග එක් දිනක් හෝ වැඩිපුර ජිවත් වෙන්න. ඒ මතකයන් උදුරා ගන්නේ ඇයි?

      Delete
    2. රසිකගේ කතාව සහතික ඇත්ත.මොන නමින් ආවත් එන්නෙ හිටපු කට්ටියමනේ.

      Delete
    3. ඇනෝ,
      ඔබ කියන කතාව සම්බන්ධයෙන් මොකක් හෝ රිසර්ච් එකක් කරලා තිබෙනවද?

      Delete
  8. චන්දෙ දාන්න ආපු ආච්චි ගැන ඇහුවම කතාවක් මතක් උනා.අපේ තාත්ත එකපාරක් චන්දපොල නියෝජිතයෙක් විදියට ඉන්නකොට ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි චන්දෙ දාන්න ආවලු. සීයට ඇස් පේනවා අඩු නිසා අච්චිලු ඇති අල්ලන් ආවේ. ගෑණු පිරිමි පෝලිම් දෙකක් තිබුනලු. සීය කිව්වලු මට ඇහැ පේන්නේ නෑ චන්දෙ ගස්සවගන්න ඕන කියල. චන්දපොල නිලධාරින් දෙන්නෙක් ඇවිත් කිව්වලු චන්ද පත්‍රිකාව ඉල්ලා "අපි ගහල දාන්නම් තාත්තේ මොකේටද දෙන්න ඕනෙ" කියල.සීය කියනවලු "බෑ බෑ මගේ ගෑනිට කියන්න චන්දෙ අලියට ගහන්න" කියල. එතකොට අර නිලධාරි කියනවලු "එහෙම බෑ තාත්තේ ගෑණු පෝලිමේ අය මෙතෙන්ට ගන්නත් බෑ අපිට ඇරෙන්න වෙන කාටවත් අනුන්ගේ චන්දයක් ලකුනුකරන්න දෙන්න බෑ" කියල. සීය කිව්වලු" මහත්තයෝ ඔයාල මට විශ්වාස නෑ, මට මගේ ගෑනිව විශ්වාසයි, ඔයාල මොකේට ගහයිද කව්ද දන්නෙ"කියල. හෙන ජල්ලියක් අල්ලනවලු සීය එතන. අන්තිමේ බැරිමතැන එතන ප්‍රධාන නිලධාරියා අර ආච්චිට සීයාගේ චන්දෙ ලකුනුකරන්න දුන්නලු..

    ReplyDelete
    Replies
    1. ඔයා කොහෙද ඉන්නේ මිත්‍රයා? මට ඉදිරිකිරීම් වැඩකට ඔබව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි.

      Delete
    2. ගම්පහ ආශ්‍රිතව, මේලක් යොමුකරන්න.

      Delete
    3. ඔය සජ්ජා කියන දේ ඔය ආකාරයටම මගෙ ඡන්ද පොළකත් සිද්ද වුණා.ඒ කැස්බෑවේ තාත්තට ඡන්දෙ දාන්න පෙනෙන්නෙ නැති නිසා පුතාට ඡන්දෙ දාන්න කියනව.මම ඡන්දෙ දාන එක ඒ මනුස්සයට විශ්වාස නැතිලු.මම නං කොහොමටවත් ඒ වැඩේට ඉඩ දුන්නෙ නෑ ඡන්ද පොළේ හිටපු පොලිස් රාළහාමිට කියල ඉස්සෙල්ලම පුතා පලවා හැරියා.ජේ පී ඕ ටත් කතාකරල ඒ මනුස්සය කියපු ලකුණට ඡන්දෙ දාල දුන්නා.

      Delete
  9. වෙල් කම් බැක්..... සහ ගහන කතා කියන්න එපා හැලපේ..

    සිරිසේන හා රනිල් යන රණ හංස යුවල නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් නංවමින් එකසිය ගානට නානවා හත් පොලේ ගාගෙන..

    මම මුලින් හිතාගෙන උන්නේ ඔය කප්පම් සීන් එක තියෙන්නේ අපේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතු තුමන්ගේ උතුම් වූ සාදර අනුග්‍රහයෙන් කැළණියේ විතරක්ය කියලා. පස්සේ බැලුවාම මේක මුළු ලංකාවෙම අඩුවක් නැතුව තිබුන ගේමක්. බස් කාරයන්ගෙන්, බිස්නස් කාරයගෙන් විතක් නෙමෙයි පොලේ කෙහෙල් ඇවරියක් විකුණන අම්මගෙන් හිටන් මුන් ජරාව කෑවා. මහ එකාගේ ඉඳලා ප්‍රාදෙසිය සභාවේ එකාට කඩේ යන ගෝලයා දක්වා මේක තිබුනා. මේකට විරුද්ධ උන් එකාට් උනේ නූරිය වත්තේ වගේ මිලේඡ්ච විදියට ගාතනයට ලක් වෙන්න.

    උඹ දන්නවද ඔය රවීගේ සහ ගහන බදු කියලා කෑ ගහන සීන් එකට ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෝ ගෙනත් තියපු සාකඡ්චාවෙදි ඒ මිනිස්සු කිව්වලු. ඒ ගාන අපිට සුළු දෙය්ක්ය. මහ රජාටයි එයාගේ ගෝලයන්ටයි ගෙවපු කප්පම් ගාන එක්ක බැලුවාම කියල..

    ReplyDelete
    Replies
    1. මෙව්වට තමයි ගූතලන් නියම රහ ලිවිල්ලක් කියන්නේ. උබ නිකන් ඇනෝත් වහල තනියම පොරටෝක් දෙනවා වගේද මෙව්වා. මහින්දට ජන්දේ දීලා දැන් එනවා වැරදි හොයන්න. පල පල.

      කකා සිංහල බ්ලොග් අවකාශයට සැහෙන්න මෙහෙවරක් කළා. හැබැයි කකා නිසා සිංහල බ්ලොග් අවකාශයට උන ලොකුම අවැඩ තමයි මේ ගුතලන් වගේ මිනිහෙක් බ්ලොග් අවකාශයට ගත්තු එක. ගුතලන් කියන්නේ මොනතරන් මුල අමතක කරන එකෙක්ද කිව්වොත් තමුන්ව බ්ලොග් අවකාශයට ගත්තු එකාටත් කෙලින්න ආපු මුසිලයෙක්.

      ඊයේ පෙරේදා දවසක ගුතලන් ගිහිං අර සජ්ජාගේ පඩංගුව කියන බ්ලොග් එකේ නියමට බ්ලොග් ලියාගෙන එන පොරට උපදෙස් දෙන්න යනවා. තමුන්ට හරියට ලියාගන්න බැරිව හොදට ලියන එවුන්ට වල කපන්නේ නැතිව ඉදපන් ගූතලන්.

      Delete
    2. කියල වැඩක් නැ ඇනෝ දැන් මාතලන්ට පිස්සු

      Delete
    3. මාතලන් ට තියෙන්නේ සන්නස්ගල ට වගේ සමාජ වෛරය. ( සන්නස්ගල පුංචි කාලෙ අහී දුක් විඳපු කෙනෙක්. තාත්තා මහා හොරෙක්, බේ බද්දෙක්.) මාතලන් ට තියෙන්නෙ වෙන අඩුවක්.ඒක මෙතන කියන එක හොඳ නැහැ.
      සරම උස්ස ගෙන පාරෙ බීමතින් කුනු හරුප ඉවර කර කර කෑ ගහන අපිරිසිදු බේ බද්දෙක් දකින හැම වෙලාවකම මට මාතලන් මතක් වෙනවා.
      මෙහෙම හැසිරෙන්න මිනිහෙකුට පුලුවන්ද?මේ වගේ උන් රෝයල් නෙමෙයි හාවඩ් ගියත් වැඩකට ද?
      සිංහල බ්ලොග් ලෝකයෙ කිසිම කෙනෙක් මේ වගේ අශිෂ්ට ව නොහැසිරෙන එක ගැන නම් ඒ සියලු දෙනාට ගෞරවය හිමි වෙනවා.

      Delete
    4. මාතලන්ට උත්තර කියනවට වඩා මේ ඇනෝගෙන් හෝ ඇනෝලගෙන් යමක් අහන්නට හිතුණා.එතකොට ඔය ගොල්ල කියන ආකාරයට මාතලන් ඔය තරම්ම දුෂ්ට මූසිලයෙක්ද?සමාජ වෛරය බ්ලොග් අවකාශයට මුදා හරින අශිෂ්ටයෙක්ද?අනික් අතට මාතලන් බ්ලොග් ලෝකයට මොකුත්ම කරලා නැද්ද?ඒ කියන්නෙ මාතලන් සියඹලා ගෙනාවෙම නැද්ද?

      Delete
    5. පැහැදිලිව ඇත්ත මාතලං මහා දුස්ටයෙක්.. ඒක නිසා තමා මං ඒ යකාගේ සින්ඩියෙත් එල්ලුනේ.. බ්ලොග් බලන්නෙත් ඒකෙන්.. හැක්.

      Delete
  10. එතකොට ඔය තඩි මකුලුවෙක් මොකටද මෙතෙන්ට

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්නෙ.

      Delete
    2. පින්තුරෙ ලස්සනයි කියල හිතුණා දැම්මා.ඇයි හරි නැද්ද?මේක අපිම ගත්ත පිංතුරයක්.

      Delete
  11. .//ඒක නෙවෙයි තව දෙයක් කියන්න තියෙනවා.ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද? මොකද උඹල කියන්නෙ෴//

    කාටද ආඩම්බර?

    ReplyDelete
    Replies
    1. එච්චර කලබල වෙන්න එපා.කොහොමත් හිටපු කම්බ හොරු වගේ වෙන්නෙ නං නෑ කියල දන්න නිසා කමක් නෑ.
      දේශපාලනේ පැත්තක තියල අර බාගෙට ලියාගෙන ආපු කතාව ලියනවද?

      Delete
  12. අප්‍රේල් පහුවෙනකොට ඔය හීනියට ඇරිල්ල නැවතිලා හරියට අරින්න පටන් ගනියි. බලමුකෝ එතකල්.

    ReplyDelete
    Replies
    1. එහෙමද විචා.එතකොට නං ආයෙ කියන්න දෙයක් ඉතුරු වෙන එකක්වත් නෑ නේද?

      Delete
  13. හැලපට්ටාගේ කුළුඳුල් ඡන්දයට බලපෑම් කිරීම හෙලා දකිමු ... ඕ ..යේස්

    ReplyDelete
    Replies
    1. හැලපට්ටාගේ කුළුඳුල් ඡන්දයට බලපෑම් කිරීම හෙලා දකිමු ...

      Delete
    2. අපොයි නෑ බංස්ල කොහොමවත්ම නෑ.වැඩිහිටියෙක් හැටියට මග පෙන්වීමක් කළා පමණයි.

      Delete
  14. //මෙන්න මෙතන තියන හංසයට ඉස්සරහින් කතිරයක් ගහන්න කියල// ඒක දේශපාලන බියවැද්දීමක්. :D
    බාත් ටබ් එකේ වතුර පුරෝල ඒක පූල් එකක් වගේ පාවිච්චි කරනවද?

    ReplyDelete
    Replies
    1. //බාත් ටබ් එකේ වතුර පුරෝල ඒක පූල් එකක් වගේ පාවිච්චි කරනවද?//
      නෑ ඒ වතුර පාවිච්චි කරන්නේ හැලපෙට තේ හදන්න

      Delete
    2. හොක් හොක්.... හැලපෙට විතරක් නෙමෙයි හැලපෙගෙ වගේම කාගෙ කාගෙත් කෝප්පවල වතුර පුරවල ඇති හින්ද බාත් ටබ් එකට හීටරේ ගහල උණු කරල ඒකටම තේ කොළ සීනි දාල කට්ටියත් එක්කම බොනව ඇති එහෙනං.

      Delete
    3. //නෑ ඒ වතුර පාවිච්චි කරන්නේ හැලපෙට තේ හදන්න // පිස්සුනං කෙලින්න එපා මැලේ.. හැලපෙට තේ හදන්න ඕන නං කොමඩ් එකේ තියන වතුර ටිකක් ගං..

      Delete
    4. නෑ විදෝ ඒ වතුර ගන්නේ තද කළු කොපි හදන්න

      Delete
    5. ප්‍රසන්න,
      නැත නැත,එය මග පෙන්වීමක් පමණයි.

      Delete
    6. මැලේ,විදානේ,
      වතුර ඉතාම සීමාසහිත නිසා මේ දිනවල තේ කෝපි පාවිච්චියක් නැත.

      Delete
  15. ariyata ari halape aye .. Hansaya arine pothel monawath nathiwa.
    Komoth Ranil lokka Honda ithihasayak thiyena ekek nowei..

    Eka nowei dannwada wadak.

    Ara sthosa kawa eka inneee... ara ban Air Lanka Eke contract ekak ganna bariwa CB pukata payin gahuwa aie ban ara foreign currency gamakata mattu wela naduwek thiyena karunannayaka kiyana pal hora Mathaln lokkata Mahaththayek unane.

    attatama kiyanna halapyyye dawsa 100 hibda Honda... nathnam api iwarai.

    eka nowei.

    meka Media walin deepu gamak ban aye.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන බොහොම ස්තූතියි.ඔබ අලුත් නේද?සිංහල හදාගත්ත නං වඩාත් අගෙයි.

      Delete
  16. වැඩක් නැහැ හැලපයියේ වතුර කපනවා කියන්නෙම් මහා දුකක්.දැන් බාලගෙන ගියාම උනුත් එකයි.මුනුත් එකයි තැටිය ආයෙමත් දාන්න වේවිද මන්දා?

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉම්මු මනෝජ් මල්ලී.තවම දින සීය ඉවරත් නැහැනෙ.

      Delete
  17. එහෙනං මේකයි මහින්ද පැරදුනේ! :D

    ReplyDelete
  18. ඔය සුනාමි ටෙන්ට් එහෙම රට වටේම තියනවා..

    // ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද? //

    තිස්සගේ දුව දැක්කට පස්සේ මටත් එහෙම හිතුන හිටං

    ReplyDelete
  19. චන්ද ඔට්ටු කිව්වම මේ පාර අපේ බොස් කෙනෙක් ඇදගෙනම නෑවා..
    පොර මට කිව්වා "මහින්ද දිනනවා" විදානපතිරණ දාමුද ඔට්ටුවක් කියලා..
    මට කොහේද අප්පා ඔට්ටු දාන්න කාසි පනං මං කිව්වා "මහින්දනං පරදිනවා" හැබැයි ඔට්ටු නං බෑ කියලා..
    මේ වගේ කීප දෙනෙක් එක්කම ඔට්ටු දාන්න කථා කරලා.. සේරම බෑ කියලා මග ඇරලලා..

    හැබැයි අන්තිමට මිනිහා රත්නපුරේ ඔට්ටු තිප්පොලකට ගිහිං ලක්ෂ හත හමාරක් අල්ලලා..(හත්තලාමේ කජු ඇටද කොස් ඇටද) අන්න දැං මූණ එල්ලං ඉන්නවා..

    කාලෙකින් ආයේ ලියපු එක ලොකු දෙයක් ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔට්ටුවක් ලැබුණොත් බාරගන්න කැමැත්තෙන් හිටියා.අහුවුනේ නෑ.ආයෙ ලියන්න ගොඩක් ආසාව තිබ්බත් වෙලාව සම්බන්ධයෙන් ප්‍රශ්නයකට මැදිවෙලා හිටියා.විදානේ ආපහු ලියන්න අදහසක් නැද්ද?

      Delete
  20. පේන්න නැති කොට මම හිතුවෙ තවමත් ලංකාවෙ සොමියෙ ඇති කියලා...මේ පෙබරවාරිය අපි බූට් මාසයක් කරලා තියෙන්නෙ...පරණ කාපු බූට් එහෙම තියෙනවා නම් ඒ පැත්තට එන්න...අපි එතැන කථා කරමු...ජය !

    ReplyDelete
    Replies
    1. සිරා, ඔබගේ බ්ලොග් එක මතලන්ගේ සින්ඩිය ඇඩ් කරන්න. මම ඒක තමයි සින්ඩියකට පාවිච්චි කරන්නේ. එකේ ඔබගේ බ්ලොග් එක නැති නිසා ගොඩක් වෙලාවට ඔබේ අලුත් ලිපි මගහැරෙනවා.

      Delete
    2. ඒක මම අතීතයේ දවසක ඇඩ් කරලා තිබුනා...නමුත් ඒ සින්ඩිය පවත්වාගෙන යන පුද්ගලයා සහ මා අතර අැති වූ මත ගැටුමකින් පසු ඔහු විසින් මගේ අඩවිය එයින් ඉවත් කර දැම්මා.

      Delete
    3. බඩ කපාගෙන මැරෙනවා මීට හොදයි සිරා :D

      Delete
    4. පරණ කාපු බූට් එකක් සහ දීපු බූට් රැසක තොරතුරු තියෙනව සිරෝ.ඒ පැත්තෙ එන්නංකෝ.

      Delete
  21. උඹේ මග් එකටත් වතුර පුරෝපු එක තමයි බං නියම කතාව. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං.ලංකාවටත් ගිහිං ආපු එකේ ආයෙම ලියන්න අදහසක් නැද්ද?

      Delete
  22. ඇරැබ් ස්ප්‍රින් එකේ සංවත්සරේ ඉඳල අද සහ හෙට මෙහෙත් වතුර නෑ, ස්ට්‍රයික්. ටැන්කි තිබ්බත් මදි උනොත් කියල ටබ් වල, බාල්දිවල වතුර පුරවල. ලොකුම කේස් එක පොඩිබාහුගෙන් ටබ් එකට ඒකගෙ ටෙඩි බෙයාල නාවන්න ගිහින් නොදා තියාගන්න එක.

    මම කලිනුත් කිව්ව, සුනාමි ආධාර ලොකු පොඩි සැමට රැකවරණය උනා ඒ කාලෙ. කොටිම්ම අර මීටියාගොඩ, අලුත්වෙල වගේ මූද හත්ගව්වක් උන්ට බෝට්ටු ලැබුන අන්තිමට. පොරවල් පිටින් ඇවිත්, නිකන් බෙදන ටෙන්ට් එකක් අරන් දවල්ට ඒකෙ ඉඳල වැල්ල අයිනෙ, රෑට බඩු අරන් ගෙදර ගියා.

    එහෙව් මිනිස්සු ඉන්න රටක යහපාළනේ 100% බලාපොරොත්තුවෙන අපියි බන් හරක්. යන්තන් මරාට වඩා 20% මු හොඳ උනොත් සහ ඒ වෙනස පවත්වගෙන යන්න ට්‍රයි කලොත් තව පෙරළි දහයකින් විතර 100% හොඳ එකක් එන්න ඉඩ තිනව.

    ReplyDelete
    Replies
    1. කොහොමත් තිබ්බ පාලනේට වඩා මේ පාලනේ හොඳයි කියල තියෙන අදහස එකම සැනසීමයි.මොනා කරන්නද/

      Delete
  23. හි..හි.. හොඳ වෙලාවට වීක් එන්ඩ් එකේ විතරක් වතුර කපන්නේ.

    සතියක් විතර වතුර කපනවා කිව්ව නම් හැලප හාමිනේ කොයි තරම් වතුර එකතු කරයිද .... :D

    ReplyDelete
    Replies
    1. සතියක් විතර කපනවා කිව්වොත් ගෙයි ඉන්න ලැබෙන එකකුත් නෑ.එච්චරට වතර එකතු කරාවි.

      Delete
  24. ඇරගෙන ඇරගෙන එනව වගෙ තමයි

    ReplyDelete
    Replies
    1. දීගෙන දීගෙන ඉන්නව ඇරෙන්න වෙන මොනා කරන්නද?

      Delete
  25. හැලප පැටියා ජන්දේ දුන්නු හැටි නම් නියමයි. :)

    වැද්දෝ ඩෙනිම් ඇඳලා. දැන් ඉතින් අපි අඳින්නේ මොනවද?:P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිව නුලෙන් මිස්වෙච්ච කතාවත් ලියන්න අදහසක් තියෙනවා කමක් නැද්ද?

      Delete
  26. ආච්චිගේ සින් එකේදී මතක් උනේ , .... චන්දෙදි අපේ නෝනගේ ගෙදර ඔක්කොම එක පැත්තක .. .මම විතරයි අනිත් පැත්තෙ හිටියේ. . මම වැඩට යද්දී නැන්දම්මා දෙන බත් ගෙඩිය නැතුව යයි කියල ඒ පැත්තටම කතා කොරල චන්දෙ දවසේ අනිත් පැත්තට චන්දෙ දාල ආව.. .. .

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් ඔව් කයිය ගහන්න ගිහිං කෑම වේල නැතුව ගියානං ආයෙ කවුද කන්න හදල දෙන්නෙ.නියම වැඩේ කරලා තියෙන්නෙ.

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ අදහස්