Friday, May 30, 2014

133.ඔව්ව ඔහොම තමයි මචං


  

 ''...................... තනතුරෙන් ඉවත් කෙරේ අනවශ්‍ය වරප්‍රසාද භුක්‌ති විඳලා''  

අපි පුක ඉරාගෙන රෙදි හේදුවට අන්තිමට ලැබෙන්නෙ ඔච්චරයි ඔව්ව ඔහොම තමා මචං,ගණන් ගන්න එපා උඹත් එක්කල එකට කාගෙන හිටපු උං දැන් උඹට ගහනව අවුරුදු දෙකකට රිලීස් කරල තිබුනෙ කියල ඔවුන් දන්නෙ නැද්ද දැන්ද මතක් වෙලා තියෙන්නෙ,ඔව්ව ඔක්කොම විහිළු බං  චෝදනා කොහොම වෙතත්  උඹ ගෙදර වැඩ හරියට කරල නැතුව ඇති ඒක නං මට බුදු ෂුවර්...

රජවරුත් එක්ක වැඩකරද්දි හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ,පොඩ්ඩ බැරිවුනොත් කැපිල යනවා මම කියන්න ඕනැ නෑ උඹ දන්නවනෙ උන්ගෙ හැටියට ඒ වැඩවලට අනුගත වුනේ නැත්නං බඩු බනිස්,මම මේ කාන්තාරෙට වෙලා ඉන්නෙ ඒකනෙ  ඔලුවෙ බරක් නෑ කතාවක් දෙකක් ලියාගෙන සැහැල්ලුවෙන් ඉන්නව,ඉස්සර වගේ එකටම ඉන්න අඹ යාළුවො නෑ ඒ වෙනුවට ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් යාළුවො ටිකක් ඉන්නව අපි එකතු වෙලා විහිළුවක් කරගෙන කාට හරි මඩක් ගහගෙන සතුටිං ඉන්නව නෑ නෑ පෙළක් වෙලාවට රණ්ඩුත් වෙනව රණ්ඩු කියන්නෙ මගේ අම්මෝ වෙලාවකට මරා ගන්නවා, ඔටුනු පැළඳගෙන ඉන්නවට වඩා මේ ජීවිතේ දාහෙන් සම්පතයි මචං, කාටවත් කරදරයක් නැතුව කාල ඇඳල නැතිබැරි කෙනෙකුට උදව්වක් කරගෙන ඉන්න තියේනං ඒ මදැයි මොනවට ගොඩ ගහන්නද ...

උඹ ඔතෙනට ගියාට පස්සෙ මම ඕනෑනං දවස් දෙකක් උඹ එක්ක කතාකරල ඇති ඔය අවුරුදු දහයටම බලන්න හම්බවෙන්න ආවෙ නැතිවුනාට අපේ එකෙක් තැනක ඉන්නව කියල මාත් සතුටුවුණා,ආ මට කියන්න අමතක උනා මේ ලඟදි දවසක්දා ලඟදි කියන්නෙ මීට අවුරුදු දෙක තුනකට ඉස්සර මම බොලාගෙ අමාත්‍යංශෙට ආවනෙ,අපිත් එක්ක ඉස්සර එකට යුනියන් වැඩ කරපු එකෙක් දැන් ලොකු තනතුරක ඉන්නව ඌව හම්බෙන්න වෙන මොහොකටවත් නෙමේ නෝ පේ ගිහිං රස්සාව නැතිකරගත්ත අහිංසක මනුස්සයෙකුගෙ රස්සාව ආපහු හදල දෙන්න,මගෙ අම්මෝ මූ මට කතාකලේ මම උගෙන් රස්සාවක් ඉල්ලගෙන ආව වගේනෙ සර් කියල දෙකට නැමිල ආපු නැති හින්ද වෙන්න ඇති උගෙ පට්ටම බල්ලගෙ පුකේ බැන්ද මීය වගේ හරියටම ඕං, ලස්සනට පැණි පෙරි පෙරී තියනව කාටද කන්න පුළුවන්, අවුරුදු විසි තිස් ගානකට පස්සෙ හම්බවුනා ඕකා මට ප්ලේන්ටියක් දුන්නද,හැබැයි මං ඌට කියල දුන්න මට උඹගෙ රස්සාවල් ඕනැ නෑ රස්සාවක් නැතත් මං උඹෙන් ඉල්ලන්න එන්නෙත් නෑ පුලුවන්නං මේ වැඩේ කරල දීහන් පිං සිද්ද වෙනව කියල මම එන්න ආවා,අපරාදෙ කියන්ඩ බෑ සතියකට විතර පස්සේ ඌ වැඩේ කරල දීල තිබුණා ටික දවසකට පස්සෙ උගෙ අරමුදලකට දායකවෙන්න කියල මට කතාකරල කිව්වා  උඹගෙ හොර අරමුදල් වලට දෙන සල්ලිවලින් කපුටන්ට සුදු ආප්ප අරං දුන්න නං ඊට වැඩියෙ පිං සිද්දවෙනව කියල මම කිව්වා තරහ වෙන්න ඇති මයෙ මොකෝ ...

අන්න ඒ ආපු වෙලේ උඹවත් බලල යන්න කියල කතාකරල බලපුවම කලින් ඇපොයින්මන්ට් එකක් දාල නැත්නං සර්ව හම්බවෙන්න බෑ කියල එතන එළියෙ හිටපු සුදු ගෑනු ළමයෙක් කිව්වා,ඒ ගමන මම හැරිල එන්න ආව ගොඩේ මිනිස්සු වෙච්ච අපට ඔය ඇපොයින්මන්ට් දදා එන්න තේරෙන එකක්යැ,මේ ඒක නෙවෙයි උඹට කියන්න මං ඒ ගෑනු ළමයත් එක්ක විනාඩි දහයක් විතර කතා කර කර හිටියනෙ බං අම්මපා වෙනිං මොහොකටවත් නෙමේ කට අඹරෝ අඹරෝ ඉංගිරිස්  කතාකරනව බලං ඉන්න ආසයි මචං උඹගෙ සිලැක්ෂන්  නං මාරයි, සුන්දර දේ දකින්න කලා ඇහැක් උඹට දෙයියො දීල තියෙනව, අනික උඹව දැක්කම කෙල්ලන්ටත්  කැසිල්ල හැදෙනව කියල මං නොදන්නවැයි ඇයි උඹ මයෙ ළඟ හිටපු අර ලස්සන කෙල්ලවත් ඉස්සුවෙ, නැද්ද හා ...

උඹත් කලා රිට හින්දනෙ මටම හේත්තු වුනේ,ඒ සංදියෙ උඹ අපේ ගෙදර ආවහම පොත් ගැන සාහිත්‍යය ගැන වන සරණ තිසාහාමි ගැන අපි මොන තරං දේ කතාකරනවද,උඹට ආපහු යන්න කෝච්චිය එනකං සියනේරිස් මාමගෙ කඩේ බංකුව උඩ වාඩිවෙලා ඉන්නකං කියවන්නෙත් සාහිත්‍යය ගැන මිසක වෙන මොනවද,වනසරණ පරණම එඩිෂන් එක මට ගෙනත් දුන්න උඹට මතකද ඒ පොත මගෙ ළඟ තාම තියෙනව...

වෙනදට උඹගෙ යාළුවො ඇවිත් මෙතන බීල බීල මදිවෙලා ආපහු ගෙනත් සිහිනැතිවෙනකල් බීල මම මහන්සිවෙලා හදපු කෑම කන්නෙත් නැතුව නන්නත්තාර වෙලා යන්න යනවා, ඒ ළමය බිව්වෙත් නෑ අපූරුවට මගෙ කෑම ටික සතුටිං කාල මාත් එක්කත් කතාබහ කරල මනුස්සයෙක් වගේ ගියපු ලස්සන බලපං,අන්න එහෙම යාළුවො හැමදාම එක්කං ආවත් මං මොකුත් කියන්නෙ නෑ යාළුවො දිහෑ බලලවත් හැදියල්ලකො...

උඹ අපේ ගෙදර ඇවිත් ගියපු දවසක අපේ අම්ම දීපු සහතිකේ අන්න එහෙමයි,උඹගෙ අමද්‍යප කම  අපිට මොන තරං වාසියක්ද ඈ, පේමදාස මහත්තයගෙ පදවි ප්‍රාප්තියට නුවර ගිහිං රෑ නවතින්න ආපු ගන්නොරුවෙ ඇග්‍රීකල්ච හොස්ටල් එකේදී අපි බොනයො ටික ප්ලැට් වෙන්න බීල තට්ටු ගානක් උඩින් බිමට පනින්න යද්දි අල්ලගෙන කාමරවලට ගෙනත් දැම්ම මතකද,රෑ ගහපුවයි සැර යන්න කියල උදේම මහවැලි ගඟ අයිනෙ තිබ්බ සීයගෙ ටකරං කඩේට ගිහිං ප්‍රෙෂ් එළකිරි බිව්ව මතකද,එතකොට කාන්තා දිනේට බදුලු ගිහිං බීල වැඩිවෙලා හග්ගල මල්වත්තෙ තිස්සයයි මායි පිනුං ගහද්දි අල්ලගන යන්න නොදී ෂේප් කරගත්ත මතකද මචං,අනේ බං එහෙමත් අතීතයක් කියනවනං එළිවෙනකං කීයහැකි...

උඩ බලියා ගෙන ඉන්දැයි උඩ    අත්තේ
කට බලියා බත් බෙදුවයි බලු    ගැත්තේ
තුඩ වැඩියා කර තැනුවයි දෑ     කැත්තේ 
මොට දැඩියා ගෙඩි කාපන් කෑ  දැත්තේ

ආයෙම කොහෙද ගමනක් යද්දි අපි දෙන්නම එකසැරේ ඔය කවිය කියල හිනාවුනා මතකද, ඊට පස්සෙ පාරෙ හිටිය මනුස්සයෙකුට මොටදැඩියා ගහක් හොයල දෙන්න කියල තිස්ස  කිව්වම  ඌ උඩබිම බලනව,ඇයි බං කතරගම යද්දී අපි වාහනේ පරක්කුවෙලා ගියවෙලේ ලොක්ක බැන්නෙ කාපියව් මගෙ පයිය කියල...

වියළි කලාපෙ දුෂ්කර ගමක පොඩි කොල්ලෙක් කැළණි කැම්පස් එක හරහා අපේ ඔෆිස් එකට ඇවිත් අපිත් එක්ක හොඳ කාලයක් ගතකරල ඉහළ තැන්වලට යද්දි ආස්සරේට ඕනෑ තරං යාළුවො හිටියනෙ අපි නැතුවට අඩුවක් වුනේ නෑ,නමුත් දැන් ඒ යාළුවො කවුරුවත් උඹට බලන උදව්කරන එකක් නෑ ඒ හින්ද දැන් අපට මුණගැහෙන්න කිසිම අවුලක් නෑ, අනික මට ලෙඩ වැටුන වෙලෙත් උඹල මට පිටුපෑවේ නෑනෙ හරියටම බිතු සිතුවම් වල ඉන්න රූප වගේ මගෙත් එක්ක හිටිය මට එව්ව හොඳට මතකයි,මොන තානාන්තර ලැබුණත් උඹ වෙනස්වුනේ නෑ කියන එක උඹට කරන සාධාරණයක් හැටියට කිව යුතුමයි අනික් උන්ට කොහොම උනත් මට,ඉතිං අපි හමුවෙමු හැබැයි මට නාරාහේන්පිට එන්න නං බෑ වෙන මොකුත් නෙමේ කම්මැලියි, එක්කො මම බොලාගෙ ගෙදර එන්නං නැත්නං අපේ ගෙදර වරෙං උඹ අපේ ගෙදරට අමුත්තෙක් නෙවෙයිනෙ මයෙ කසාදෙටත් ඔෆිස් එකෙන් ආපු කීප දෙනාගෙන් එකෙක් උඹ,එතකොට පුතාගෙ බර්ත්ඩේ හරි මොකක් හරි එහෙකටත් ආව නේද,බොට රහට උයල දුන්න අපේ අම්මනං දැන් නෑ අපි දෙන්නට පුළුවන් විදියට උඹට කන්න උයල දෙන්නං, ඒ අර ඉස්සර අපිත් එක්ක විනෝදෙන් සැහැල්ලුවෙන් හිටපු කොල්ලට මිසක් වෙන ලොකු මිනිහෙකුට හෙම නෙවෙයි.

Sunday, May 25, 2014

132.කුමාරගෙ වැලන්ටයින් තෑග්ග හල් ගුටි මඩු පිට්ටු සහ සාරි ඇන්දවීම.



අනුන්නෙ ගෑණු පස්සෙ ගිහිං ඔලුවෙ කොච්චි අතුල්ලෝ ගත්තට අමරය කියන්නෙ සුන්දර මිනිහෙක්,හිතුනු දේ කිව්වා හිතුනු වෙලාවට වැඩ කළා, හැබැයි තරමක ආඩම්බර කමකුත් තිබුණා එහෙම කියන්නෙ දවසක් මම අමරයට  ලෑලියි ඇඩ්වාන්ස් එක හැටියට සල්ලි රුපියල් සීයකුයි දීල පොත් රාක්කයක් හදල දෙන්න කිව්වා,මගේ ළඟ තිබ්බ පොත් ටික දාන්න ඒ කාලෙ එච්චර පොත් තිබ්බෙත් නෑ ටිකයි,සතියක් දෙකක් ගියාට මු හදල දෙන පාටක් නෑ දවසක් අමරයව පාරෙදි හම්බවෙලා මම දොස් කිව්වා,මොකුත් නොකිය යන්න ගියපු අමරය ටිකකින් ලෑලි ටිකත් කරගහගෙන අපේ ගෙදර ඇවිත් ලෑලි ටික මිදුලෙ අත ඇරල රුපියල් සීයත් මට ආපහු දීල,

වෙන කාටහරි කියල හදෝගන්න මහත්තයො...

කියල යන්න ගියා අමරයගෙ හැටි එහෙමයි,දවසක්දා අමරෙගෙ ලොකු කොල්ල කුමාර මට කතාවක් කිව්වා කුමාර මතකනෙ අර ඔලුවට හුංගො ඇන්න එකා,අප්පට හුඩු මුං තාත්තල පුතාල ඔක්කොගෙම ඔලුවලට අපලයි බලාගන ගියාම,හුංගො ඇනපු වෙලේ ඔලුවෙන් වැඩක් ගන්න බැරිවෙයි කියල මු විස්සෝප වෙවී හිටියට පස්සෙ පස්සෙ ගාණක්වත් නැතුව හිටියෙ, ඔන්න දවසක් කුමාර මලක් ගහන්න හිතාගන හවස් අතේ සයිකලෙත් තල්ලු කරගෙන එළියට බහිද්දි අමරය වඩු බංකුවෙ වැඩලු...

වැඩක් නෑ බං ගියාට බඩු නෑ,මාත් ගිහිං ආවෙ...

අමරය කිවම කුමාරයට විළි ලජ්ජාවෙ පණ ගියාලු,ආයෙම දවසක කුමාරය වැලක් බලන්න ගිහිං ඉඳගෙන ඉන්නවලු,ඒ කාලෙ ආගිය අතේ වැල කෑලි තිබුනෙත් නෑ ඩෙක් ප්ලේයර් තිබුනෙත් නෑ,ටවුමෙ රණතුංග කඩේ උඩ තට්ටුවෙ හොරෙන් වගේ වැල පෙන්නුවා,මාකට් එකේ උනුයි,නගර සබාවේ වැඩකරන උනුයි වගේ තව තව අපතයො ටිකක් වැල බලන්න හවසට ඔතෙන්ට රොක්වෙනවා,කුමාරයත් ගිහිං ඉඳගෙන ඉන්නවලු මු මාත් එක්ක හිනාවෙවී කියනව...

එක පාරට තාත්ත සිකරැට් එකකුත් ඇදගෙන ඇතුළට ආවා,ලයිට් නිමල තිබුන හින්ද පොර මාව දැක්කෙ නැතුවට මට හොඳට පෙනුණා,ඉඳගන්න ඇරල මම සිං සිං ගාල මාරුවෙලා ආවා...

අපේ ගමේ ඉඳල ලඟපාත ගමකට දීග ගිය ඉස්තිරියාවකගෙ දුවෙකුත් එක්ක කුමාරයගෙ පළහිලව්වක් තිබුණා ඒ ලෙවල් ක්ලාස් යන කෙල්ලක්,ඔය කතාව කෙල්ලගෙ දෙමව්පියන්ටත් කණින් කොනින් ආරංචිවෙලා තිබ්බට ඉස්තීරෙටම දැනගන්න විදියක් තිබුනෙ නෑ, මූව අහුවුණොත් හමගහනව කියල කෙල්ලගෙ තාත්ත බේකරියෙදි  කියල තිබුණා මිනිහටත් කේන්තියි ඇයි යකෝ අපතයන්ට කෙල්ලො දෙන රටක් තියෙනවෑ,ඔන්න ඒ අවුරුද්දෙ වැලන්ටයින් දවසත් ආවා ඒ උනාට මොකද දැඩි රැකවල් මැද හිටපු කෙල්ලව මුණගැහෙනව තියා මුණ බලාගන්නවත් කුමාරට පුළුවන්කමක් තිබුනෙ නෑ,ඒ වුනාට කුමාර ඔය වගෙ බාධාවලින් පස්සට යන එකෙක් නෙවෙයි එදා රාත්තිරියෙ කරුවල වැටෙන්න ඇරල කුමාර රතු රෝස මලකුත් අරං කෙල්ලගෙ වත්තට පැන්නා. අඳුරෙ ගස්වලට මුවාවෙමින් කොහොමහරි කෙල්ලගෙ කාමරේ ජනේලෙ ලඟට සේන්දු වුන කුමාරව ගෙදර කාටහරි ඇස්සර වැටුණා,අල්ලපියව් හොරෙක් කියල ගෙයි ලයිට් දාල පොලු මුගුරු අරං ගෙදර අය මුගේ පස්සෙ අඹන්න තියාගත්තම කුමාරය මෙලෝ සිහියක් නැතුව වැටෙනුත් පැනල ආත බුත කඩාගෙන  පන්නපු උන්ගෙනුත් බේරිලා හැතැප්මක් විතර මරු විකල්ලෙන් දුවගෙන ඇවිත්  දුකසේ ගෙදරට ලඟාවෙද්දි රතු රෝස මල තාම අතේලු හැබැයි දුවපු වේගෙට මලේ පෙතිටික හැලිල දණ්ඩ විතරලු...

සිකුරාදාවල  හවස් අතේ රාජත් එක්ක සුන්දර සන්ධ්‍යාවන් ගත කරපු කාලයක් මටත් තිබුණා,ඒ මම ඉන්දියාවෙ ඉඳල ආපහු ඇවිත් තව කොහෙද යන්න ලෑස්ති වෙමින් බොහොම සැහැල්ලුවෙන් කාලය ගත කරපු සමයක්,ඒ වගේම තමන්ගෙ බිරිඳ ගෙදරින් එළවල දාපු රාජගෙ පවුල් ජීවිතේ දැඩි අර්බුදයකට ලක්වෙලා තිබුණු සමයක්,මගෙ හිතේ සැහැල්ලුවත් රාජගෙ හිතේ බරත් යන දෙකම අපි දෙන්න බෝතලයක් හරහා විඳගත්තා,බලන්න මේ බෝතලේ කියන අරුම පුදුම වස්තුව දුකටත් සැපටත් දෙකටම එකම වෙලාවෙදි සමව පිහිට වෙන ආකාරය,ඉතිං රාජා ගැන කතා කියනවනං පන්සිය පනස් ජාතකයට තව කීපයක් වැඩියෙන් ඇති, අපි දෙන්න බෝතලේකට සැට්වෙන හැමදාම ටිකක් වෙලා යනකොට කුමාරත් ඔතනට පාත්වෙනවා,මු ඇවිත් බෝතලෙත් වැඩි හරිය බීල බයිට් ටිකත් ඔක්කොම කාල ජොලියෙ යන්න යනවා...

හැබෑටම රාජ අපි බොන්න ගන්නකොටම මු කොහොමද එන්නෙ හරියට අංජනම් බලල වගේනෙ...

මම රාජට කිව්වම රාජත් මේ වැඩේ ගැන පුදුමවුනා,ආයම දවසක හවස අපි දෙන්න බොන්න  පටන් ගත්ත විතරයි...

මුගෙ අම්මට අන්න මු අදත් එනවා...

රාජ කියනව,බලපුවම කුමාර හිමිහිට කන්ද නැගගෙන එනව පේනවා...

ඕකට හොඳ වැඩක් කරමු,ඔයා කාමරේ ඇතුළට යන්න...

රාජ මාවයි බෝතලෙයි ඉස්තෝප්පු කාමරේට දාල දොර වැහුව,වහල මිදුලට ගිහිං මල් පාත්තියක තණකොළ ගලවන්න ගත්තා,කුමාරය ඇවිත් රාජත් එක්ක කයිය ගහ ගහ ඉන්නව මම කාමරේ හිරවෙලා,දාඩියයි ඒ මදිවට මදුරුවො කනව සද්ද කරන්නත් බෑ හොඳම පනිෂ්මන්ට් එක...

අහවලා මේ පැත්තෙ ආවද...

පැයකට විතර පස්සෙ කුමාර අහනව...

නෑනෙ ඇයි...

නෑ මේ සෙරෙප්පු දෙක තියෙන නිසා ඇහුවෙ...

අප්පට හුඩු මගෙ සෙරෙප්පු දෙක එළියෙ,හාමුදුරුවරු දාන විදිහෙ හං සෙරෙප්පු දෙක වෙන කවුරුවත් ඒ විදිහෙ සෙරෙප්පු දාන්නෙ නැති නිසා කොල්ලො ඔක්කොමල මගේ සෙරෙප්පු දෙක හොඳට දන්නව...

රාජටත් කටඋත්තර නෑ...

ආ ඔය ඊයෙ ආපු වෙලේ අමතක වෙලා ගිහිංද කොහෙද...

එහෙම කියල රාජ ජාම බේර ගත්තට කුමාරයව ඕවගෙන් තම්බන්න බෑ,තවත් පැයක් දෙකක් අනං මනං කියෝ කියෝ ඉඳපු කුමාරය හොඳටම රෑ වෙලා යන්න ගියෙ අපේ හැන්දෑව නැත්තටම නැති කරල දාලයි...

හැබැයි අපි දෙන්න ඒක එතනින් ඇරියෙ නෑ කුමාරය හරි වෙලාවට එන්නෙ කොහොමද කියල හෙව්වා,වැඩේ වෙන්නෙ මෙහෙමයි මම හවසට රාජලගෙ ගෙදර යන්නෙ අමරෙගෙ ගෙවල් ලඟින්,මු මේක නෝට් කරල මම ගිහිං පැයක් හමාරක් යන්න ඇරල බොන්න පටන් ගන්න ඇති කියල හිතෙන වෙලාවට හිමිහිට රාජලගේ ගෙවල් අතට සේන්දු වෙනව,කලින් ආවොත් බෝතලේට කන්ට්‍රිබියුට් කරන්නයි නොයෙක් වැඩනෙ, නමුත් මේ විදියට එහෙම කිසි කරදරයක් නෑ වියදමකුත් නැතුව බඩ පිරෙන්න බොන්නත් ලැබෙනව කොහොමද කුමාරයගෙ මොළේ,මේ වැඩේ දැනගත්ත ගමන් අපි දෙන්නත් කුමාරයව නියමෙට රැග් කළා...

අමරයට වෙච්ච තව වැඩක් මතක් වුණා,ප්‍රේමදාස මහත්තය ජනාධිපති කාලෙ සාක් සමුළුවක් ලංකාවෙ පවත්වන්න යෙදුනා මයෙ හිතේ අනුඑකේ ද කොහෙද,මම ඒ කාලෙ වැඩකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙයි සාක් එකේ අපේ දෙපාර්තමේන්තුවටත් වැඩ කොටසක් තිබුණා,මොකද්ද කිව්වොත් සාක් රටවලින් සහ වෙනත් රටවලින් එන පුවත්පත් කලාවේදීන්ට(දැන්නං මාධ්‍යවේදීන් නොවැ නමුත් ඒ කාලෙ පුවත්පත් කලාවේදීන්)ගුවන් තොටුපොළෙන් රටට ගොඩ බැස්ස වෙලාවෙ ඉඳන් ආපහු පිටත්වෙන වෙලාව වෙනතෙක් අවශ්‍ය සියළුම පහසුකම් සැලසීමයි,මේ වැඩේ සෑහෙන බරපතල කාර්යයක් නිසා සාකච්ඡා සම්මන්ත්‍රණ ගණනාවක් තියල කොමිටි පත්කරල බාරදී ඇති රාජකාරිය සාර්ථක කරගන්න දිවා රෑ නැතුව අපි වෙහෙසුනා,දෙපාර්තමේන්තුවේ වාහන ප්‍රමාණවත් නැති නිසා වෙනත් අමාත්‍යංශ දෙපාර්තමේන්තු වලිනුත් වාහන ලබාගත්තා,කොමිටි පත්කරද්දී මාව දාල තිබ්බේ  සහායක කාර්ය මණ්ඩලයට කෑම සැපයීමේ කොමිටියටයි අමාරුම ජොබ් එකක් මොන විදියට කෑම දුන්නත් අපේ උන් සෑහීමකට පත්කරන්න බෑ,ඔෆිස් එකේ උන් කිව්වෙ කුසගිනි කොමිටිය හෙවත් සාගිනි කොමිටිය කියලයි,මාත් එක්ක වීරතුංගයි සුමනෙයි, ගෝලයො හැටියට තව දෙන්නෙක් දීල තිබුණා ප්‍රවාහනයට රියදුරෙක් එක්ක පුරාවිද්‍යාවේ පැජරෝවකුයි සන්නිවේදනයට කුලියට ගත්ත ගඩොල් ගෙඩියක් සයිස් සෙල්ටෙල් එකකුයි ලැබිල තිබුණා,එතකොට කෑම ගත්තෙ දෙපාර්තමේන්තුව හැමදාම ගනුදෙනු කරපු අපට අසීමිත ණය පහසුකම් ලබාදී තිබුණු කොම්පඤ්ඤ වීදියෙ එලිපන්ට් හවුස් එකේ පවුන්ටන් කැපේ එකෙනුයි...

මේ සියල්ලක්ගෙන්ම සන්නද්ධ වුනු අපි සාක් සමුළුවට සති දෙකතුනක් තියාම කෑම සැපයීම පටන්ගත්තා,ඒ අපේ ඔෆිස් එක සහ උදව්වට ඇවිත් හිටපු වෙන වෙන ඔෆිස්වල සහ පොලිසියෙ අයටයි,ඒ දවස්වල වැඩ ඉවරකරල අපි කොළඹින් පිටත්වෙද්දි රෑ අට නවය වෙනවා ගමන මෙහෙමයි ඉස්සෙල්ලම ගම්පහ පළාතෙ පදිංචිවෙලා හිටපු වීරෙව ගෙදර බස්සනවා ඊට පස්සෙ මම ඊළඟට ඌරපොළ හිටපු සුමනෙ, සුමනෙව ගෙදර බස්සල රියදුරා වාහනෙත් අරං රුග්ගහවිල ඔහුගෙ ගෙදර යනව,ආයෙ පහුවදා උදේටත් ඒ විදියටම අපිව එකතුකරගෙන කොළඹ යනවා...

කොළඹ නගරය පහුවෙද්දීම බෝතලයක් වාහනේට දාගෙන මගින් ආප්පත් අරං, කොහොමත් ගෙදර එන්න එන ගමනනෙ වෙලාවක් කලාවක් හොයන්නෙ නෑ අපේ රස්තියාදුවට රියදුරාට මල පනී කියල ඌට කලින්ම කන්න අරං දීල ගෙදර ගෙනියන්නත් පාර්සලයක් හදල දෙනවා,වීරෙලගෙ ගෙදරට ආවහම අපටත් බහින්න කියනව උන්ගෙ ගෙවල් ගම්පහ කිව්වට ටවුමෙ නෙවෙයි ගොඩක් ඇතුළට වෙන්න තියන සරුසාර පොල් කෙසෙල් අන්නාසි ආදී වගාවන්ගෙන් හා ඇළ දොළ බවබෝග හරකබාන වතුපිටි වලින් පිරුණු ශාන්ත සුන්දර ගම්මානයක පිහිටල තිබුණා, මම ජීවිතේ පළවෙනි වතාවට හල් ගුටි කෑවෙ වීරෙලගෙ ගෙදරින් මාර රහයි, හල් ගුටි කියපුවම ඒ මොන ගුටි ජාතියක්ද කියල බොලා අහයි,හල් ගස් තියෙනවනෙ ඔය හල් ගහේ ගෙඩි තලලා සුද්ද කරලා එව්ව හෙන තිත්තයි ඉතිං තිත්ත යන්න හල් ගෙඩි ටික රැයක් වක්කඩේ බඳිනව මම කල්පනා කලේ අපේ වැඩිහිටියො මොන තරං අපුරු නිර්මාණශීලී සොයාගැනීම් කරලා තියෙනවද කියලයි වක්කඩෙන් රෑ දවල් නොනැවතී එක දිගට වතුර ගලන නිසා ඔවුන් හල් ගෙඩිවල  තිත්ත අරින්න ඒ වක්කඩෙන් ගලන වතුරෙ බැඳල තිබ්බා,ඊට පස්සෙ අරගෙන වේලල කොටල පිටි අරගෙන පැණි උනුකරල දාල ඒ මිශ්‍රණය තේක්ක කොළ හරි කැන්ද කොළ වලට හරි වක්කරල වන්ඩු වගේ හුමාලෙන් තම්බ ගන්නව හල් ගුටි කියල කියන්නෙ අන්න ඒ කැවිලි ජාතියටයි හදන හැටි මම ඔය හිතල කිව්වට ඔය වැඩේ කරන හැටි මම දැකලත් නෑ,දැන් වගේ කාලෙක නං වීරෙගෙ නෝනගෙන් කැවිල්ල හදන හැටි මුල ඉඳල අගටම විස්තරේ අහගන්නව ඒ කාලෙ ඕවයෙ ගාණක් නෑ අපි කොල්ලොනෙ කාල රසයි කියල නිකා හිටිය එච්චරයි, ඔය විස්තරේ අපේ ගෙදර මනුස්සය දන්නව ඇති කියල හිතාන දවසක් මම ඇහුවා,එයා කිව්ව විස්තරේ මෙහෙමයි...

හල් කාල නෑ මඩු පිට්ටු රොටී එහෙම නං අම්ම හදල දීල කාල තියෙනව...

 ඔය මඩු කඩල ගෙඩියෙ මදේ අරං වේලල දුමේ දාල ටිකක් කල් තියල ඊට පස්සෙ වතුරෙ පොඟවල වංගෙඩියේ කොටල පිටි කරගෙන තනිකර මඩු පිටි ගත්තොත් මත් ගතියක් එන නිසා හාල් පිටි ටිකකුත් කලවං කරනවලු, එහෙම ගන්න පිටිවලින් රොටී පිට්ටු එහෙම හදනවා, හැබැයි මට මඩුවලින් හදන කෑම ජාති මොකුත් කන්න ලැබිල නෑ,දැන් ඔය වැඩ කරන්න කවුරුවත් කරදර වෙන්නෙ නැති නිසා ඉදිරියට කන්න ලැබෙයිද කියල විශ්වාසෙකුත් නෑ,නැහ්නං මඩු ගස් මැන්ඩියක්ම ඔය මනුස්සයලගෙ  වත්ත පහළට යනකොට කමත හරියෙ තියනව,කමතට එහයින් වැට ඊට පස්සෙ ලස්සන පැතලි ගල්පොත්තක් ගල්පොත්තේ හැපි හැපී සිලි සිලි ගෑවිල්ලේ ගලාගෙන යන ලස්සන දොළපාර අයිනෙ අතු පතර නමා වැටුණු දැවැන්ත බෝ ගහ,දොළට එහායින් පේන තෙක් මානෙට විහිදුන වෙල්යාය හුළං හමනකොට වෙලේ ගොයං එක පැත්තකට නැළවෙන හැටි බලන්න ලස්සනයි,ඔය ගල්පොත්ත උඩට වෙලා දොළ පාරට කකුල් දෙකත් දාගෙන මටනං ඕනෑ තරං වෙලා ඉන්න පුළුවනි එච්චර සනීපයි කකුල් සීතලට හිරිවැටෙනව පොඩි පොඩි මාළු පැටව් ඇවිත් කකුලට කොටනවා හරියට හීන ලෝකයක් වගේ...

ඔන්න බිරිඳගෙ අම්ම කෙලින් කටිං හිටියනං මට මඩුවලින් කෑම  හදෝගෙන කන්න තිබ්බා කොහෙද අම්ම අවුරුදු කීපෙකට කලින් ඇඳට වැටුනනෙ තාම ඇඳේමයි,නැත්නං කාගෙවත් ආඩම්බර බලන්න ඕනැ නෑ අම්ම මට හරි ආදරෙයි කිව්ව ගමන් හදල දෙනවා,දැන් ගෑනු නං කොහොල්ලෑ ගෑවෙනව කියල කොස් කපන්නෙ නෑ ඇඟිලි හම යනව කියල කජු කපන්නෙ නෑ කාටද මේව කියන්නෙ,කජු කපල දුන්නොත් උයල දෙන්නං කියනව,කපල  විතරක් දෙන්න ඕනැ නෑ මං උයලම දෙන්නංකො කියල මාත් කියනව හැබෑටම උයල කන්න දෙන එකෙත් ඇති වරදක් නෑ නේද බලාගෙන ගියාම  ඇයි යකෝ ජීවිත කාලෙම කන්න අඳින්න දෙනව කියල පොරොන්දු වෙලා ගෑණි ගේනකොට උයල කන්න දෙන එකේ ඇති වැරැද්ද මොකද්ද,ඔය පෝරුවෙදී කවල අන්දවල එහෙම නිරුපනය කරන්නෙ ඒකනෙ,පෝරුව කියනකොට මට පරණ කතාවක් මතක් උනා හැබැයි මේක මටම වෙච්ච වැඩක්...

ඔන්න මගුල් දවසෙ අපි දෙන්න පෝරුවට නැගල ඉන්නව,බතලවත්තෙ මහත්තය හෝ ගාල පෝරුවෙ චාරිත්‍ර කරනව...

දැන් මනාල මහතා විසින් මනාලියට තැළි පිළි පලන්දන වෙලාවයි...

කියල තැළි පිළි පලන්දන වැඩේ අර්තෙ එහෙම කියාපාලා අන්දන්න කියල මට සාරියයි හැට්ටෙකුයි දුන්න,මාත් ටක් ටක් ගාල සාරිය බිරිඳගේ ඉන වටේ පටලෝල හැට්ටෙ කර උඩින් දැම්මා,මොකෝ ඉතිං මම වෙඩින් සිය ගාණක් වීඩියෝ කරන්න ගිහිං ඔය වැඩ කරනව  දැකල දැකල පෝරුවෙ  චාරිත්‍ර මට මුල ඉඳල අගට අතැඹුලක් සේ කට පාඩම්...

සාරිය හරියට අන්දන්නකො අනේ...

බිරිඳ මට කසු කුසුවෙන් කියනකොට මටත් තදවුනා,ඇයි යකෝ මට සාරි අන්දන්න දැයෙනවැයි මේ ගෑනිගෙ ඔලුව හොඳ නැද්ද කොහෙද...

ඔයාට පිස්සුද රැළි තියල සාරි අන්දන්න ගියොත් ඉතුරු චාරිත්‍ර ටික අද කරන්න හම්බවෙන්නෙ නෑ,අපට දවල්ට කන්නවත් නැතිවෙයි...

මාත් කසුකුසුවෙන් කිව්වා,උදේට යන්තං කිරිබත් කෑල්ලක් කාල ආපු ගමන් මං හරි බඩගින්නෙන් හිටියෙ කන්නෙ කොයිවෙලාවෙද කියල මෙයා මේ පිස්සු කියෝනව...

හා හා ඔය මදෑ කෝ දැන් ඔය ජයමංගල ගාථා කියන ළමයි එන්න බලන්න...

කියල බතලවත්තෙ මහත්තය ඊළඟ අයිටම් එකට ගිය නිසා ඒ වැඩේ එතනින් ෂේප් වුනා,හැබැයි මම ඔය කතාව පස්සෙ උන්දැගෙන් ඇහුව...

මං දන්නවයැ අනේ මොකෝ මං කලින් ඔව්ව කරල පුරුදු එකක්යැ...

කාටද මේව කියන්නෙ ඉතිං ඇයි යකෝ හරියට මම කරල පුරුදුයි වගේනෙ මෙයා කියන්නෙ...

සාරි අන්දන කතාව කියද්දි මට තව අපූරු කතාවක් මතක් වුනා,මේක ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුත්‍රයෙකු වූ කුෂ්වන්ත් සිං විසින් ලියන ලද කතාවක්...

කාලෙකට පෙර මං හිතන්නෙ හැටේ දශකයෙ විය යුතුයි,කුෂ්වන්ත් සිං ලංඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරියා හැටියට සේවයේ යෙදී සිටියා,දවසක්දා ඔහුට අවමංගල්‍ය අධ්‍යක්ෂ සමාගමකින් හෙවත් මල් ශාලාවකින් ලිපියක් ලැබුණා, අවමංගල කටයුතු කරන්නට තම සමාගමට මුදල් ගෙවා තිබු ඉන්දීය ජාතික කාන්තාවක් මියගොස් ඇති බවත් ඇයගේ අවසාන ඉල්ලීම අනුව මංගල සාරිය මෘත දේහයට ඇන්දවිය යුතු බව හා  සාරිය ඇන්දවීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්නයකට මුහුණපා ඇති බව ඒ ලිපියෙන් කියවුනා,මෙම කාර්යය සඳහා ඔබගේ සහයෝගය ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමු කියලත් ලිපියෙ ලියල තිබුණා...

කුෂ්වන්ත් සිං මේ ලිපියට හැරෙන තැපෑලෙන් පිළිතුරක් යැව්වා...

ප්‍රිය මහත්මයාණෙනි,

ඔබගේ ....... දිනැති ලිපියෙන් කරන ලද කරන ලද ඉල්ලීම සම්බන්ධයෙනි,

ඉල්ලා තිබු උපකාරය කීරීමට නොහැකිවීම ගැන කණගාටුව පළකරන අතර,සාරි ගැලවීම සම්බන්ධව මාහට යම් පළපුරුද්දක් ඇතත් සාරි ඇන්දවීම ගැන කිසිම අත්දැකීමක් නොමැති බව ඉතා නිහතමානීව දන්වා සිටිනු කැමැත්තෙමි.

ස්තූතියි,
මීට විශ්වාසී 

කුෂ්වන්ත් සිං 
මහජන සම්බන්ධතා නිලධාරී 
මහ කොමසාරිස් වෙනුවට.

ප.ලි :උඩ ඇත්තේ මඩු ගසක පිංතූරයකි,හල් ගසක පිංතූරයක් සොයා ගන්නට කොතෙකුත් උත්සාහ ගත්තද සොයා ගැනීමට නොහැකි විය.

Monday, May 19, 2014

131.රෙදිමෝලෙ කතාව සහ අමරෙගෙ ලව් එක

  

අලුතෙන් පටන් ගත්ත රෙදිමෝල අපේ ගම ඇතුළුව අහලගං හතක තිබුන නිශ්චල සාමකාමී ජීවන රටාව සුනුවිසුණු කරල දැම්මෙ කිසිම අනුකම්පාවක් නැතිවයි,ගමට අල්ලපු වැටේ තිබුන සොයිස වත්ත බුල්ඩෝසර් දාල මහා විසාල ගස් පෙල්ලල සුද්ද කරල ලොකු ලොකු බිල්ඩින් ගොඩනැගුනේ දවසට දෙකට මවල  පෙන්නනව වගෙයි,මෝලට හයිකරපු මහ බොයිලේරුව වරායෙ ඉඳල මෝලට අරං එද්දි රේඩියෝ එකෙන් සජීවී විස්තර ප්‍රචාරයකුත් කළා,මෝල පටං ගනිපුදා ඉඳන් ඊට අවුරුදු තිස් ගානකට පස්සෙ මෝල වැහෙනකල් තිබුණු හෝ සද්දෙයි වැඩ මුර මාරුවෙනකොට පිඹපු හුවයි අහළ පහළ ගංවල මිනිස්සුන්ගෙ හුස්ම වැටෙන සද්දෙ වගේ හදවත ගැහෙන රාවය වගේ හුරුපුරුදු වෙන්නට වැඩිකලක් ගියෙ නෑ,කොටින්ම කියතොත් මොන හේතුවක් නිසා හරි ඒ සද්දෙ ඇහෙන්නෙ නැතිනං හරිම අමුත්තක් දැනුනා...

නමුත් මෝල ගැන මෝලෙ රස්සාවල් ගැන මිනිස්සු මවාගෙන හිටපු හීන මාළිගා තමන්ගෙ දෙපාමුල ඇද වැටෙන්නට වුනේ මෝලෙ රස්සාවල් වලට රටේ හතරවටින්ම ඈත පළාත්වලින් බුරුතු පිටිං සෙනග බඳව ගන්න පටන් ගත්තට පස්සෙයි,මෝල හදන කාලෙ දවස් පඩියට සිල්ලර වැඩ කරන්න ගිය කීප දෙනෙකුට ඇරෙන්න අපේ ගමේ නං වෙන කාටවත් මෝලෙ රස්සාවල් ලැබුනෙ නෑ,නමින් කිව්වොත් උස ජිනදාස, තේමිස්,ඩේවිට්,චන්දරේ,හාඩේවිට්, විලියොං වගේ ගමේ කීපදෙනෙක්ව ඇතුළට අරං රස්සාව ඉස්තිර කරල දීල තිබුණා,ගමෙත් අවට පිට ගංවලත් පිට පළාත්වලින් මෝලෙ රස්සාවට ආපු සෙනග පදිංචි වුන නිසා ගෙවල්වලට  කාමරවලට එහෙම  හොඳ ඉල්ලුමක් ඇතිවුනා කාමරයක් තියෙනව නං කුලියට දීල අමතර ආදායමක් ලබාගන්න කවුරුත් කැමතිවුන නිසා ගමේ හැම ගෙදරකම වගේ බෝඩින් කාරයො දකින්නට ලැබුණා...

ඊටම සමානුපාතිකව ටවුමෙ කෑම බීම ජාති ගණන් වැඩිවෙන්න පටන්ගත්තෙ අවිනිශ්චිත සහ ඒකාකාරී සැපයුමට හදිසියෙ ඇතිවුණු වැඩි ඉල්ලුම නිසයි,මේ හේතුව නිසා බිත්තර ගෙඩියෙ මුකුණුවැන්න මිටියේ ඉඳල හාල් සේරුව දක්වා හැම කෑම බීම ජාතියක්ම එකට එකක් ගණන් ගියා,ඒ විතරක් නෙවෙයි පිට පළාත්වලින් ආපු එක එක ආකාරයෙ මිනිස්සුන්ට බොන්න අරක්කු විකුණන අරක්කු පොළවල් සහ මල් හෙවත් ගංජා විකුණන ගුබ්බෑයං තැන තැන්වල ඇතිවුනේ හතු පිපෙන්නා වගෙයි.අපේ ගමේ කසිප්පු වික්ක බෝධියට අමතරව තිලකෙත් කසිප්පු විකුනන්න පටන් ගත්තා,වෙද මහත්තයත් හීනියට වැඩේ කරගෙන ගියා,පල්ලමේ වතුර වලේ ඇඩ්ඩිංගෙ පොට් එක තව තැනක්,බී රෝඩ් එකේ නිහාල් ජයටම කසිප්පු වික්කා, අපරාදෙ කියන්න බෑ මේ හැම තැනටම අඩු නැතුව ගනුදෙනුකාරයො හිටියා...

දවසක්දා දවාලෙ මම අලවත්ත පාරෙ කන්ද නැගගෙන ගෙදර යන්න එද්දී ඔය දැන් මම ගේ හදල තියෙන තැන ඉස්සරහ පාරෙ දෙන්නෙක් රණ්ඩුවෙනව ඒ කාලෙ වත්තෙ ගෙවල් හදල නෑ පාළු වත්ත,මම ඉක්මනට ඉක්මනට ඇවිත් බලද්දි කසිප්පු නිහාල් තව එකෙකුට ගහනව,අපේ ගමේ මනුස්සයෙක් නෙවෙයි පිටිං මෝලේ රස්සාවට ආපු කෙට්ටු ඉස්සෙක් වගේ සුදුමැළි මිනිහෙක් මම  ඒ මනුස්සයව දැක්කමයි...
 නිහාල් උස මහත එකෙක්, නීලමහ යෝදය වගේ උඩ පැන පැන අනිකට ගහනව,මම ඒ කාලෙ නිහාල්ව දන්නෙත් නෑ නමුත් මේ අපේ ඒරියල් එකනෙ පිට මිනිස්සුන්ට ගහන්න දෙන්න බෑ මම වහාම රණ්ඩුවට මැදිහත් වුනා...

මොකද ඕයි පාරෙ කෙළගන්නෙ නවත්තනවල රණ්ඩුව...

නිහාල් ඒ ගමන අනිකට ගහන එක නවත්තල මගෙ  දිහා බැලුවා...

මොකද තමුසෙ මේ යකාට ගහන්නෙ...

මූ අරක්කු බීපු සල්ලි දෙන්නෙ නැතුව මග අරිනව දැන් මාස ගානක්, අපේ ගෙවල් ඉස්සරහින් යන්නෙත් නෑ අද මට අහම්බෙන් අහුවුනේ...

හැබෑද ඕයි මේ කියන කතාව...

කතාව ඇත්තයි කියල ඒ මනුස්සය ඔලුව වනල පිළිගත්තා...

මොකක්ද ඕයි තමුසෙට ලැජ්ජ නැද්ද ණයට බිව්වනං ගණුදෙනු ඒ විදියට බේරන්න ඕනෑ කියල තමුසෙ දන්නැද්ද , තමුසෙ කරන වැඩෙන් අමාරුවෙ වැටෙන්නෙ මේ මිනිහනෙ...

මම ඒ මනුස්සයටත් අවවාද කරල මේ මිනිහට ගහල පව් පුරවගන්නෙ නැතුව පඩිදාට සල්ලි ටික ගන්න කියල නිහාල්ටත් කියල දෙන්න දෙපැත්තට පිටත් කළා,එදා ඉඳල නිහාල් මගෙත් එක්ක හිතවත් වුනා දැන්නං නිහාල්  කසිප්පු විකුණන්නෙ නෑ සල්ලි පොලියට දෙනව,හවසට සයිකලේකින් පොලී එකතු කරන්න යනව මාව කොහෙ දැක්කත් සයිකලේ නවත්තල කතාකරල යන්න අමතක කරන්නෙ නෑ,තාත්තෙ එයා ජිම් එකේදී අපට හම්බවෙනව එක්සයිස් කරන හැටිත් කියලදෙනව කියල පුතා මාත් එක්ක දවසක් කිව්වා,ඒ මගෙ පුතා කියල නිහාල් දන්නෙ නෑ...

වත්තෙ ජිනදාසයි ජිනදාසගේ ගේ ඉස්සරහම ගෙවල් තිබ්බ රත්තරනුයි දෙන්න  මල් ව්‍යාපාරෙ හෙවත් අපි කියපු විදියට ගංජ විකිණීම කරගෙන ගියා,රත්තරං කියන්නෙ සුදුමැළි කැහැටු යටිපතුල්වල ගංජ ගැට හින්ද කොරවක්කෙක් වගේ උඩින් උඩින් අඩිය තිය තියා ඇවිදපු වයසක මනුස්සයෙක්,දරුවො දෙන්නයි ලොකු එකා සීලදාස අත් කරත්තෙකින් ටවුමෙ බඩු ඇද්දා,පොඩි එකා ජයරත්න එක්කො ගඩොල් කපල හරි එහෙම නැත්නං කුලියක් මලියක් කරගෙන හරි ජීවත්වුණා,සීලදාස මෝඩ පහේ අහිංසකයෙක් ටවුමෙ යකඩ බඩු සිමෙන්ති කඩ ඉස්සරහ හරි සිල්ලර කඩ ළඟ හරි අත් කරත්තෙ තියාගෙන බඩු ඇදල දවසෙ ගතමනාව හරිහම්බ කරගන්නව,මෝඩ කම නිසාම කේන්තිත් යන වෙලාවල් තියෙනව හැබැයි හොඳින් ඉන්නකොට අපටත් අත් කරත්තෙ පදින්න දෙනවා...

මෙහෙම කාලෙ ගෙවෙනකොට ගහෙන් ගෙඩි එන්නැහෙ සීලදාස ගෑනියක් ගෙනාවා කවුරු හොයල දුන්නද කොහෙන් හොයාගත්තද කියල කිසිකෙනෙක් දන්නෙ නෑ,ගෑනියක් කිව්වට  අවුරුදු විසිගානක් ඇති ඕන්නං හැබැයි කිසිම ලකයක් නෑ නාවර පෙරාගෙන කිළුටු ඇඳගෙන ඔලුවෙ උකුණෝ පිරිල හිටිය කෙල්ලක්,එකත්  එකටම සීලදාසය හිඟන ගුබ්බෑයමකින් කෙල්ලක් උස්සගෙන එන්න ඇති කියල අපි කතාවුනේ...

මේ කෙල්ල නාන්න මහලිඳට යද්දීං බඩුගන්න එහෙම කඩේට එද්දිං වඩු අමරයගෙ ඇස්සර වැටුණා,නාවරවලට යටිං  කෙල්ලගෙ මොකක්හරි සුන්දරත්වයක් අමරය දකින්න ඇති,ඔලුවෙ උකුනො වඳකරල නාවල එහෙම හරිහමං ඇඳුමක් අන්දල ගත්තනං මේකිත් අපූරුවට හිටියි කියල අමරය තමන්ටම කියාගත්තා,එහෙම හිතල කෙල්ලව හොඳින් හෝ නරකින් කොහොමහරි යාළුකරගන්න එක හිතින් හිතාගත්ත අමරෙ කෙල්ල කඩේ යන එන වෙලාවට ඒ පාරෙත් නාන්න යද්දී මහ ලිඳ ලඟත් වැඩිපුර ගැවසෙන්න ගත්තෙ ඉවර කරගන්න බැරි තරමට වඩුමඩුවෙ ගොඩගැහිල තිබ්බ වැඩත් අමතක කරමිනුයි...

කොහොමින් කොහොමින් හරි වැඩේ සාර්ථක කරගත්ත අමරය මුලිං මුලිං සීලදාස නැති වෙලාවටත් පස්සෙ පස්සෙ ඉන්න වෙලාවටත් සීලදාසගෙ පවුල එක්ක පයුරුපාසානං පවත්තන්න ගත්තා,කැහැටුවට හිටියට ඇඟ උඩ නැගගත්තම තමන් එක්ක හරි හරියට ඔට්ටු වෙන මේ ගෑණි අමරයගෙ ජීවිතේ  අලුත් පිටුවක් පෙරලුව කියල හිතපු අමරය හැමදාම රාත්තිරියට සීලදාසගෙ  පවුලගෙ රස පහස හොයාගෙන ගියා...

අමරයත් ලේසියකට ආංබාං කරන්න පුළුවන් පුතයෙක් නෙවෙයි පුරුස නිමිත්ත මෝරගං කඳක් වගේ ඔලුව ගොබලු ගෙඩියක් සයිස්,වැඩේට බැස්සම ගෑනිගෙ තුංදොරම පාවිච්චි කරල තමයි පස්ස බලන්නෙ, තුංදොර දන්නවනෙ අර මගෙ කලින් කතාවෙදි  කමෙන්ට් කරපු කට්ටිය තුංදොර හරි අගේට විග්‍රහ කරලා තිබුනනෙ,දවසගානෙ කෙරෙන අමරයගේ බැහිල්ල පහු පහුවෙනකොට මේ කෙල්ලට හරිම හිසරදයක් වුනා...

අනේ අමරෙ අයියෙ උඹ දැන් හැමදාම එන්න පුරුදුවෙලා මට හරි අමාරුයි බං,මට ටිකක් නිදහසේ ඉන්ඩ දීපංකො...

කෙල්ල දවසක්දා අමරෙට කිව්වෙ උගෙ යකඩ වගේ උරහිස් දෙකේ එල්ලිලා හති හලන ගමනුයි...

පට්ටාස්....අමරයගෙන් වැදිච්ච කම්මුල් පාරට කෙල්ලට තරු විසිවුනා...

තෝ පට්ට බැල්ලි තොට අමාරුවෙන්නෙ මොනව කරලද බොල,කාල බීල දවසෙම බුදියනව ඇරෙන්න තෝ වෙන අහවල් මගුලක් කරනව කියලද,මටනෙ බොල අමාරු දවසෙම වඩුමඩුවේ මැහිල මැහිල,එක්කො කොහෙ හරි වහලක් උඩ අව්වෙ වේලෙනව,උඩ බලං බුදියනව ඇරෙන්න තොට වෙන මොන වැඩක්ද පරට්ටියෙ...

අමරයට යකා වැහිල කෙල්ලට බැනගෙන බැනගෙන ගියා,කෙල්ල බයටම පහුබැස්සෙ අමරය කේන්තියෙ වෙවුලන හැටියට  ආයෙම ගහයි කියලයි...

කූඩැල්ලෙක් වගේ ඇඟේ එල්ලිල ඉන්න අමරයගෙන් බේරෙන්නෙ කොහොමද කියල කෙල්ල මේ දවස්වල දහ අතේ කල්පනා කරනව,සීලදාස මෝඩය අමනය නිසා මේ දේවල් ගැන හොයන්නෙ කරන්නෙ නෑ තමයි නමුත් ගමේ ගෑණු දැනටමත් මේ ජෝඩුව ගැන කතා දාහක් හදල,ගෑනු එකතු වෙන තැනක් ඇත්නං කතාව මුං දෙන්න ගැනමයි...

මේ ගමේ ඉඳලනං අමරයගෙන් ගැලවීමක් නෑ අනේ අපොයි මුත් එක්ක කුට්ටාලි වෙලා මං කරගත්ත ගොංකම,කෙල්ල කල්පනා කරනවා අහස පොළොව ගැටගහන්න කල්පනා කලත් විසඳුමක් නැති තැන ඒ දීගෙන් වැඩක් නෑ මං හිටිය තැනටම ආපහු යනව කියල කෙල්ල තීරණයක් ගත්තා,මොකෝ පොතේ ලියල මගුල් කාල ආපු ගමනක්යැ වරෙං යන්ඩ කිව්වහම ආව, ආපු විදියටම යන්න බැරිකමක් නෑනෙ හැබැයි යන්න කලින් අමරයට ජීවිතේටම මතක හිටින පාඩමක් උගන්නල යන්න ඕනැ කියල කෙල්ල හිතාගත්තා...

එදා රාත්තිරියෙත් අමරය ඇවිත් උගෙ යකඩ අතින් කෙල්ලව ඇදගෙන ගේ පිටිපස්සෙ තියෙන අකුලකට රිංගුවා,කෙල්ලත් මුවින් නොබැන අමරයගෙ පස්සෙන් වැටුණා,

මොකද තෝ ගල්බීත වෙලා බලාගන ඉන්නෙ බොල...

අමරය කෙල්ලට ගෝලු ගත්ත පාර කෙල්ල උඩ විසිවුනා,ගල්ගෙඩි ගැහිල උඩ බලාගෙන හිටපු අමරෙගේ පුරුස නිමිත්ත අතකින් අල්ලගත්ත කෙල්ල හීනියට ගලේ අඹරං ඇවිත් හංගන් හිටපු නයි කොච්චි මිශ්‍රණය අනිත් අතින් අමරයගෙ ඔලුවෙ හොඳට ආලේප කරල පෙරසමත් ඉස්සරහට ඇදල වහල දැම්මා...

මොහොතකට සීතලක් එක්ක ඊළඟ මොහොතෙ පුරුස නිමිත්තෙන් ගිණිදළු පිටවෙන්න ගත්තෙ මොකද කියල අමරය සිහිය එළවගෙන බලනකොටත් කෙල්ල අඳුරත් එක්ක මුහුවෙලා නොපෙනී ගිහිං හමාරයි...

දත්මිටි කාගෙන වේදනාව ඉවසා ගත්ත අමරය කෙල්ලගෙ මෑණියන් ඇතුළු හතර වරිගෙටම හිතිං බැන අඬගහන්න පටන්ගත්තා...

බුදු අම්මෝ මොනවද මේ බැල්ලි ගෑවේ,අනේ අම්මප මට ඕකිව අහුවුනා නං මෙතනම මරල ලේ බොනවා...

වේදනාව දැවිල්ල ඉවසගන්න බැරිතැන අමරය වේගෙන් වේගෙන් ගෙවල් පැත්තට යන්න ගත්ත,දැවිල්ල එන්න එන්නම වැඩි වෙනව කාත් එක්කවත් කියන්න කියලයැ,ගෑණි දැනගත්තොත් ඉඳල හමාරයි,කවුරුවත් නොදන්න එක හොඳයි නැත්නං විලිලජ්ජාවේ ගමේ වසන්න බැරිව යනවා,දැවිල්ලට හපන් ලැජ්ජාව අනේ අම්මේ මෙහෙමත් වරත්තු බැල්ලියො ඉන්නවනෙ...

අපේ වෙල්යායට වතුර ගෙනියන දෙපාඇළ ගලාගෙන යන්නෙ අමරෙයලගෙ ගේ ඉස්සරහින්  කෙළින්ම ගිහිං ඇළට බැස්ස අමරෙය ඇලේ ඇන තියාගෙන ඔලුව වතුරෙ ඔබාගෙන හිටියා,වතුරෙ ඔබාගෙන ඉන්නකං සනීපයි, ඔළුව ඉස්සුවද ආපහු දැවිල්ල පටන්ගන්නවා,ගොඩට එන්න විදියක්ම නෑ ගොඩ එනව ආපහු ඇළට බහිනව ගොඩ එනව ආපහු ඇළට බහිනව ඔය විදියට එලිවෙනකම්ම අමරය ඇළේ ඔලුව ඔබාගෙන හිටිය...

මුළු රැයක්ම වතුරෙ ඔබාගෙන ඉඳල එළිවෙනකොට යාන්තං දැවිල්ල අඩුවුනා,ගොඩට ඇවිත් කෝමාරිකා ඉස්ම ටිකක් එහෙම ගාගෙන හුළං වදින්න තියාගෙන හිටියා. මදැයි බේරුණු බේරිල්ල හොඳ වෙලාවට කවුරුවත් මේ වැඩේ දන්නෙ නෑ නැත්නං ඉඳල ඉවරයි කියල කල්පනා කරගෙන හිටියට අමරයගෙ කල්පනාව එහෙම්පිටිම්ම වැරදියි, කෙල්ල පිටත්වෙලා ගිහිං තියෙන්නෙ ගමේ රොයිටර් වගේ ගෑනියෙකුටත් පණිවිඩේ දීගෙනමයි,උදේ එළිවෙන්න හම්බවුනේ නෑ ආරංචිය මුළු ගමම දැනගත්තා,මං ඔය කතාව දැනගත්තෙ අන්න එතකොටයි, නැහ්නං මං ඔය ඕපාදුප හොයන්න යන මිනිහෙක් නෙවෙයි කියල බොලා දන්නැතුවයැ, අනික අමරෙය මගෙත් හිතවතා නොවැ කොච්චරඋනත් අමරෙය පව් නේද.


Wednesday, May 14, 2014

130.අපේ වෙසක් සැරසිල්ල සහ කොත්තමල්ලි වතුර දානය



අපි කවුරු කවුරුත්  තුංදොර හීලෑ කරගෙන බොහොම හික්මීමෙන් මේ වෙසක් සතියෙ කාලය ගතකල යුතුයි නේද කියල මට හිතුනෙ වෙසක් ගැන පෝස්ටුවක් ලියන්නට පටන් ගනිද්දීමයි,ලියන කියන දේ පවා පිං අයිතිවෙන තිබෙන පිං වර්ධනය වෙන දෙයක් වියයුතුමයි කියල  අපි සියල්ලන්ම තරයේ අධිෂ්ඨාන කරගම්මු, අපේ රවිතුමන් ඉතාම අගනා වටිනා ආදර්ශමත් කතාවක් ලියමින් එවැනි බණ කතා මාලාවක ආරම්භය අපට ලබාදීල තිබීම ගැන මට අප්‍රමාණ සතුටුයි,ඉතිං මගෙත් වෙසක් අත්දැකීම් කීපයක් ඔබ සියලු දෙනාගේ සිත් පහන් කරවීම සහ ධර්ම සංවේගය ඇතිකිරීම පිණිස ලියන්නට මට කල්පනාවුනා... 

අපි පොඩි කොල්ලො කාලෙ කරපු වෙසක් සැරසිල්ලක් ගැන මම කලින් ලියල තියෙනව ඊට පස්සෙ හැම අවුරුද්දකම වෙසක් කාලෙදී අපි කට්ටිය එකතුවෙලා හංදියෙ මොකක් හරි වෙසක් සැරසිල්ලක් ඇටෙව්වා, එක සැරයක් දැන් ඔය රාජලගේ කුලී ගේ තියෙන තැන ඒ කාලෙ තිබුණු අත්තිවාරම උඩ පිරිනිවන් මංචකය හැදුවා මට හොඳට මතකයි,ඔන්න ඔය විදියට අවුරුදු ගෙවී ගිහිං 1979 අවුරුද්දත් ලැබුවා...

78 අවුරුද්දෙ අපේ කොල්ලො කීප දෙනෙක් සයිකල් වලින් වෙසක් බලන්න ගියවෙලේ දිවුලපිටිය හරියෙ  හරි මරඳගහමුල  හරි හදල තිබ්බ සිරිපාද ආකෘතියක් බලල ඇවිත් තිබුණා, ඒක සිරිපාද කන්ද විදියටම හදල තිබ්බට හරියටම සිරිපාදෙ නගින විදියට නගින්න හදල තිබුනෙ නෑලු,ඉතිං ඔන්න ඔය අත්දැකීමත් හිතේ තියාගෙන ආපු අපේ කණ්ඩායම මේ සංකල්පයම තව ටිකක් දියුණු කරලා එක පැත්තකින් නැගල තව පැත්තකින් බැහැල යන විදියට සිරිපාදයක් අපටත් හදන්න බැරිද කියල දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා විතරක් නෙවෙයි සිරිපාදයක් හදමු කියල ප්‍රතිපත්තිමය තීරණයකට ඇවිත් ඒ ගැන ශක්‍යතා අධ්‍යයනයකුත් කළා, සාකච්ඡා  සහ අධ්‍යයනය සාර්ථක වුන නිසා ප්ලෑනක් ඇන්දා,පැලෑන මෙහෙමයි...

පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ පාර ලඟින් පඩිපෙළ පටන් අරං හේරත් අයියල ඒ දවස්වල පදිංචිවෙල හිටපු පොඩි මහින්දලගෙ කුලී ගේ ළඟ සීත ගඟුල හදල එතනින් කෙලින්ම ලොකු ගස් අල්ලල ටිකක් දුර දකුණටයි වමටයි ගෙනිහින් හා ඩේවිට්ලගෙ වත්තෙ ඉමේ තියෙන මහ පත කොහු අඹ ගහ මුදුනෙ සිරිපාද පත්මේ පිහිටෝල ඊට පස්සෙ ඇඩ්ඩිංලගෙ වත්තෙ ගස් උඩින් පහළට බැහිල්ල පටන් අරං ඩබල් ක්‍රිස්තියන්ගෙ කුලී ගෙයි  මිදුලෙන් ආපහු පාරට වැටෙනවා,ඔන්න ඔය පැලෑන කට්ටිය ඒකඡන්දයෙන් අනුමත කරගෙන නැකතක් බලල කිරිබත් කාල එහෙම  වැඩේ මුලිකය වෙච්ච නිළමෙගෙ ප්‍රධානත්වයෙන් සිරීපාදෙ ඉදිකරන්න වැඩ කටයුතු පටන් ගත්තා...

තව එකක් කියන්න තියෙනව වැඩේ පටන් ගත්තට මොකද මම තාම සීන් එකේ නෑ, වැඩ කරන තැනට ආව ගියාට වැඩකරන උන්ට බොන්න ගේන කහට තේ එක සිකරට් එක බිව්වට මුළු හදවතින්ම තවම මම වැඩේට සැට්වෙලා නෑ, සුපුරුදු විදියට රස්සාවට යනව එනව හවසට කොල්ලො වැඩකරන තැනට ගිහිං කයිය ගහගෙන ඉන්නව විතරයි,අමනාපෙකට අරියාදුවකට නෙවෙයි ඇත්තම කිව්වොත් කරන්න යන්නෙ මොකද්ද කියල කොටින්ම මට තේරුණේ නැති එකයි, හිතුවට හිතේ ඇඳගන්නත් බෑ, අනික් කාරණේ කිව්වහම මොකද ඒ දවස්වල මට ගෑනු ළමයෙක් එක්ක හුටපටේකුත් තිබුණා,ඒ නිසා මගේ දවසෙ වැඩි වෙලාවක් ගතවුනේ මල් කැඩීම සම්බන්ධ කටයුතුවලටයි...

වැඩ කරන්න එකතු පහද වෙලා ඉන්න කට්ටිය කම්මැලි නැතුව වැඩ කරගෙන යන නිසා සිරිපාද ආකෘතියෙ ඉදිකිරීම් කටයුතු දැන් පිමි පනිමින් ඉදිරියට යනවා,සංවිධාන කටයුතු සාකච්ඡා වෙන්නෙත් වැඩකරන ගමන්  ගහක් උඩ හරි අට්ටාලයක් උඩ හරි කට්ටිය එකතුවෙලයි,ඉතිං වෙසක් පෝයට සතියක් විතර තියැද්දි මුලික ඉදිකිරීම් වැඩටික අවසානකරල නිමාකිරීම හැඩවැඩ දැමීම ආදිය පටන්ගත්තා සිරිපතුලකුත් හදල ගහඋඩ පිහිටෙව්වා,එතනට කපුවෙක් තියන්නත් කතාවෙලා කපුව හැටියට මාලන්ලගෙ සීය හෙන්දිරික් ව තෝර ගත්තා,ඊළඟට කරන්න තිබුණු වැදගත්ම දේ නිවේදන සහ ප්‍රචාරක කටයුතු කරන්න කෙනෙක් සොයා ගැනීමයි,එල්ලෙ මැච් එනවුන්ස් කරලයි ගමේ පොඩි පොඩි නිවේදන කටයුතු කරලයි නිවේදකයෙක් හැටියට ගමේ ප්‍රසිද්ධ වෙලා හිටපු මාව ඒ තනතුරට ගහක් උඩ ඉඳල නිතරඟයෙන්ම තෝරගෙන තිබුණා,සිරිපාද ආකෘතිය පෙන්නන්න දවස් දෙකතුනක ඉඳල මම උඩ ඉස්පීකරයක් බැඳපු පියදාස මුදලාලිගෙ වෑන් එකේ ගම අවටපිට ගංවල හැම තැනම ප්‍රචාරයෙ ගියා...

ඒ දවස්වල අපි ඉස්පීකර් කුලියට ගත්ත තැන කැසට් ප්ලේයර් තිබ්බෙ නෑ,ඉස්පීකර් කාරය රැකෝඩ් ප්ලේයර් එකයි තැටියි අරං ආවා,වාහනේ යන ගමන් සිංදු දාන්න බෑ ඉඳිකට්ට පනින නිසා වාහනේ නවත්තල ටිකක්වෙලා සිංදුව දානවා...

''වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා
වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා ජකෝලියා කරෝලියා පොරෝලියා
ආයුබෝවන් ප්‍රදේශවාසී හිතවතුනි මේ ඔබ අමතන්නේ රන්තරු තරුණ සංගමෙයේ ප්‍රචාරක අංශයයි,රන්තරු තරුණ සංගමය විසින් ප්‍රථම වරට ඉදිකරන ලද මහා ශ්‍රීපාද ආකෘතිය මේ මස විසිතුන්වෙනිදාට යෙදෙන වෙසක් පොහෝදින සිට සතියක් පුරා ඔබට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කරන බව බුද්ධාලම්බනප් ප්‍රීතියෙන් යුතුව දන්වා සිටිමි...''

මම කියාගෙන යනකොට පොඩිඋන් එහෙම කොළ ඉල්ලගෙන වාහනේ ලඟට දුවගෙන එනවා,ඉතිං ඔන්න ඔය විදියට නියම සිරිපාදෙ තියෙන සීතගඟුල,සාමචෛත්‍යය,ගෙත්තම්පාන,මහගිරිදඹේ ආදී සියලුමඅංගයන් ඇතුළත්ව හදපු පසුකාලෙක රටපුරා ව්‍යාප්ත වුන සිරීපාද ආකෘතිය 79 අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ වැහි බීරුම් තිබුණු අඳුරු හැන්දෑවක හාපුරා කියල අපේගමේදි විවෘත වුනා,මහන්සිවෙලා හැදුවට මොකද වැඩේ සාර්ථක වෙයිද ටවුමෙ ඉඳල කිලෝමීටර් දෙකක් දුර තියන එච්චර ප්‍රසිද්ධියක් නැති අපේ ගමට  තොරණවල් සහ වෙන වෙන වෙසක් සැරසිලි පහුකරගෙන සෙනග එයිද කියන එක ගැන අපේ සිත් තුළ විශාල සැකයක් තිබුණා, කොහොම වුනත් වෙසක්දා  හැන්දෑවෙ බෙග් මාස්ටර්ගේ සිංදු පසුබිමෙන් වාදනය වෙද්දි අපේ සිරිපාද ආකෘතිය ප්‍රදර්ශනය ඇරඹුනා...

පොඩි මහින්දලගෙ වත්ත කෙළවරේ සිරීපාදෙ පඩිපෙළ පටන්ගන්න තැන අපි කාර්යාලය හදාගෙන තිබුණා,කාර්යාලයේ හිටියෙ ටිකට් දෙන සල්ලි ගන්න ගෑනු ළමයි දෙන්නයි කවියයි නිවේදන කටයුතු කරපු මමයි,ඉස්පීකර් ගෙනාපු එකයි ඌ නං කාර්යාලෙ හිටියෙ නෑ සෙනග එන්න ගත්තට පස්සෙ හැම තැනම රස්තියාදු ගගහ හිටිය මිසක,ටිකට් එකක් සත පණහයි කෙල්ලො දෙන්න ටිකට් දිදී සල්ලි ලාච්චුවට දාද්දි කවියා ආධාර දුන්නම කවි කියනව,කවියත් මරු පොරක් ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙන් හොයාගත්තෙ ගම ලබ්බලලු ලබ්බල විජේ කියල හැබැයි ඉතිං හිටගෙන කවියෙක් නෙවෙයි නියම හිටිවන කවියෙක් ඕනෑම දේකට ඕනෑම නමකට කවිය දිව අග තියෙනවා,රෑ වෙන්න වෙන්න සෙනග හෝ ගාල ඇදෙන්න ගත්තා...

කවියා එක සීරුවට කවි කියනකොට අපේ ආධාර වට්ටියටත්  හිටු කියල සල්ලි වැටෙනවා,මට මතකයි එක අම්ම කෙනෙක් අපි වෙසක් සැරසිලි පටන් ගත්තු මුල් අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දකම ඇවිත් ආධාර කරල කවියක් කියවගන්නවා,ආධාරෙ දෙන්නෙ මැරිච්ච සුවාමිපුරුසයට පිං පිණිසයි,සල්ලි දීල කවිය කියනකං එතනටම වෙලා බලාගෙන ඉන්නව,විස්තරේ ලියපු කොළ කෑල්ල විජෙය අතට දීපු ගමන්ම විජේ කවිය කියන්න පටන් ගන්නවා...

මෙන්න තවත් ආදාරයක්,මාලිගාතැන්නේ සිට පැමිණි කේ ඇස් මේරිනෝනා උපාසිකා මාතාව මියගිය තම පෙම්බර සැමියා වන ඇම් සියදෝරිස් මහතාට  පිං පිණිස රුපියල් පහක ආදාරයක් ලබාදී තිබෙනවා,මෙන්න අපේ කවි පැතුම...

සම්බුදු පහස ලද සිරිපද පියුම             කියා
නරඹන රිසිව අද මෙතනට පැමිණ     ගියා
බැතිබර සිතින් ආදාරය පුදන            නියා
නිවනින් සැනහේවී ආදර ඔබෙ      සැමියා

කාර්යාලෙ පුවක් කණුවකට හේත්තුවෙලා විජේ කියන කවිය සාවධානව අහගෙන ඉන්න ඒ අම්මගෙ මද සිනාවක් සහිත ශාන්ත මුහුණ ඊට අවුරුදු තිස්පහකට පස්සෙ මේ ලියන මොහෙතෙත් මට මැවිල පේනවා,කවිය ඉවරවුනාම අත්දෙක එකතු කරල සාදුකාරයක් දීල සැදැහැවෙන්  පිරුණු සිතින් යුතුව යන්න ගියා,,ඒ අම්ම කරන මේ වැඩේ මම ඊට පස්සෙත් අවුරුදු හත අටක් නොකඩවා නිරීක්ෂණය කළා...

සෙනග වැඩිනිසා පොලිසියෙනුත් රාළහාමිල දෙන්නෙක් එවල තිබුණා,එච්චර විශාල ජනතාවක් බලාපොරොත්තු වුනේ නැති නිසා  සංවිධායකයො වැඩකරන කාටවත් රෑට කෑම ලෑස්ති කරල තිබ්බෙ නෑ එක එක්කෙනා ගිහිං කාල ඒවි කියල බලාපොරොත්තු වුනා,අනික කෑම ලෑස්ති කරන්න මුදල් තිබුනෙත් නෑ සංගමේ අන්තිම සතේට යනකං හිඳිල හිටියෙ,නමුත් දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්, කිසිම කෙනෙකුට තමන් ඉන්න තැනින් හෙල්ලෙන්නවත් බැරි තත්වයකට පත්වෙලා,ඇතුල්වෙන තැන ඉඳල සිරීපාදෙ නැගල පාරට බහින තැන දක්වා එක දිගට සෙනග පිරිල ,අනික් කාරණේ නං සිරීපාදෙ නගින ජනතාවගෙ ආරක්ෂාව,නිළමෙ ඇතුළු කණ්ඩායමක්ම පඩිපෙළ සහ බැමි ගැන පරීක්ෂාවෙන් ටෝච් අතේ තියාගෙන සිරීපාදෙ යට සූදානම්ව හිටියා...

හදිසි සාකච්ඡාවක් කරල වැඩකරන අයට ඉන්න තැනටම කෑම සපයන්න ලෑස්ති කලා,පොලිසියෙ දෙන්නට(රවිගෙන් අවසරයි)කොත්තමල්ලි වතුර බෝතලයයි,කවියට කොත්තමල්ලි වතුර බෝතලයයි(නිවේදන කටයුතු කරල වේලිලා ඉන්න මටත් ඒකෙන්ම උගුර කට තෙමාගන්න පුළුවනි)ගෙන්නනත් ආධාර වට්ටියෙන් මම සල්ලි දුන්නා,නැත්නං සංවිධායකයින්ට කොත්තමල්ලි වතුර බීම සම්පූර්ණයෙන්ම තහනම්,ඒ කාලෙ වෙසක් පෝයට කොත්තමල්ලි වතුර කඩ වැහුවෙ නැතුව ඇති,නැහ්නං අපි ගෙන්නුවෙ කොහොමදැ, දැන්නං හරියට රෑ නමේ වෙනකොට වහනවනේද...

අපේ උනුත් නමේ වෙනකම්ම තටම තටම ඉඳල අන්තිම මොහොතෙ යන්නෙ කඩේ වහන්න ඔන්න මෙන්න කියලයි,ගමේ හත් දවසෙ හරි තුංමාසෙ අවුරුද්දෙ බණක් එහෙම තියෙනකොට අපේ කණ්ඩායමත් හැන්දෑ වෙද්දි ගිහිං කරන්න තියෙන යමකටත් උදව් කරල එහෙම හාමුදුරුවො වැඩියට පස්සෙ කොහෙ හරි ගේකට සැට්වෙලා කොත්තමල්ලි වතුර බෝතලේකට වටවෙනවා,ඔවුං ඕක ගන්න සල්ලි එකතුකරන්න පටන්ගන්නෙ නමේට දහයක් තියැද්දි ඉතිං අන්තිම මොහොතෙ පුක දාච්ච බල්ලො වගේ දුවපං අප්පා,කඩේ වහන්න කලින් යාගත්තෙ නැහ්නං නිහාල්ගෙන් වැඩි ගාණට බඩු ගන්න උනාම කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් ගන්න එකතු කරපු සල්ලිවලින් එක බෝතලයක් විතරයි  ගන්න වෙන්නෙ ...

දවසක්දා මම බණ ගෙදරක යද්දි ටිකක් රෑවුනා අටහමාරත් පහුවෙලා, කොල්ලො කස්ටිය හෝගාල වැඩ කොත්තමල්ලි බොන ගතියක් පේන්නවත් තිබුනෙ නැති නිසා  ගෙනත් තියලවත් ඇති කියල හිතාගෙන මම එකෙකුට කතාකළා...

හේමෙ මොකුත් කරන්නෙ එහෙම නැද්ද බං...

කරන්ඩ ඕනෑ...

ඉතිං සල්ලි  එකතුකලාද...

දන්නෙ නෑ...

දැන් වෙලාව කීයද බලපන්...

නමේට දහයයි...

ඉතිං කවදද බොන්න ඉන්නෙ හෙටද...

මූ මෝඩය වගේ මගෙ දිහා බලාගෙන ඉන්නව,බැන බැන ඉඳල වැඩක් නෑ වහාම ක්‍රියාත්මක විය යුතු වෙලාව ගනුදෙනු පස්සෙ බේරගන්න බැරියැ,වටපිට බලද්දී ත්‍රීවීල් එලවන තරංග කැරකි කැරකි ඉන්නව දැකල මම ඌට කතාකළා...

තරංග ටක් ගාල ත්‍රීවීල් එක අරං වරෙන්...

තරංගය ගියා ඒ අතරෙ මම කුවින්ටස්ටත් කතා කරගෙන ගේක පිළිකන්නෙ තිබ්බ හිස් බෝතල් දෙකකුත් හොයාගෙන,නැත්නං හිස් බෝතලේකට විස්ස ගානෙ ගන්නවනෙ තරංගයට හැකි ඉක්මනින් යන්න කියල ත්‍රී වීල් එකට ගොඩවුනා වේගෙන් ගියෙ පාලමෙන් එහා පැත්තෙ කඩේට යන්නයි,ඒක නමේ පහුවෙලත් විනාඩි පහක් හයක් ඇරල තියනවලු, ටවුමට කිලෝමීටර් දෙකයි තරංගය ඊ ගහේ වේගෙන් ගියාට රේල් පාර පහුකරගන්න හම්බවුනේ නෑ ගේට්ටුව වැහුනා,ඔය මගුල වැහුවම අඩුම තරමෙන් විනාඩි පහක්වත් වහල තියනවා...

දුවන්නයි තියෙන්නෙ...

තරංග කියනවා...

කුවින්ටස්,මෙන්න සල්ලි මේ බෝතල් දෙකත් අරං දුවල ගිහිං බෝතල් දෙකක් ගන්නවා,ගේට්ටුව ඇරියම අපි එතෙන්ට එන්නං...

ත්‍රී වීල් එකෙන් බැස්ස කුවින්ටස් එදා දුවපු දිවිල්ලට උසේන් බෝල්ට් හිටියනං නෝවෙයාර්,ඒ තරමට ඌ මුළු හදවතින්ම දිව්වා...

ගේට්ටුව ඇරියට පස්සෙ අපි දෙන්න ඉස්සරහට යනකොට මෙන්න කුවින්ට අපි ඉදිරියට එනවා,දරුවෙක් වඩාගෙන ඉන්නව වගේ බෝතල් දෙක දාපු කවරෙත් පපුවට තුරුල්  කරගෙන වෙසක් හඳට වඩා උගෙ මූණ එළියයි...

කුවින්ටස්වත් නග්ගගෙන ත්‍රීවීල් එකත් හරවගෙන ආපහු එද්දි කුවින්ටස් කොත්තමල්ලි වතුර බෝතල් ගත්ත හැටි විස්තරේ කියන්න ගත්තා...

මම දුවගෙන යනකොට කඩේ වහනව කවුළුවෙ එක ලෑල්ලයි වහන්න ඉතුරුවෙලා තිබුනෙ ඒ ලෑල්ල වහන්න නොදී මම අත දැම්මා...

අනේ මල්ලියෙ මං බෝගහටත් එහා ඉඳල දුවන් ආවෙ,කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් දියං බුදු මල්ලියෙ අම්මෝ පපුව ගැලවෙන්න එනව හැති...

කඩේ එකා අනුකම්පාවෙන් වගේ මගෙ දිහා බලං ඉඳල සල්ලි ගත්තා,ඒ අව් අස්සෙ තව එකෙක් මගෙ පිටිපස්සෙන් ඇවිත් මේං හිස් බෝතලයක් දික් කරනව...

නෑ නෑ දෙන්නෙ නෑ කඩේ වහල තියෙන්නෙ...

කඩේ පොර කෑ ගහනව මූ නිසා මටත් කෙළවෙන්න යන්නෙ,ඇයි යකෝ දෙන්නම පලයව් කියල මාවත් එලවගත්තොත් එහෙම...

යනවකො ඕයි යන මගුලක කඩේ වහල කියල පේන්නෙ නැද්ද...

මාත් ඌටම ගෝලු ගත්තම කඩේ එකා මගෙ බෝතල් දෙක දුන්නා,බෝතල් දෙකත් අරං එළියට බහින්න හම්බවුනේ නෑ...

මල්ලි රුපියල් දාහක් දෙන්නද බෝතල් දෙකට...

දෙන්න විදියක් නෑ  අයියෙ මේක මගෙ නෙවෙයි වෙන කෙනෙකුට ගත්ත එකක්...

ඒ දවස්වල කොත්තමල්ලි වතුර බෝතලයක් රුපියල් තුන්සීයද තුන්සිය පණහද කොහෙද,බෝතල් දෙකත් අරං ජයග්‍රාහී ලීලාවෙන් අපි ආපහු ආවා,සල්ලි දෙන්න බඩු ගේන්න උනන්දුවක් නැතුවට මොකද බොන්න නං පොරවල් පෝලිමේ ආවා හොඳ උනුයි,අපතයොයි, හාල්පාරුවොයි ඔක්කොම, බෝතල් දෙක නෙවෙයි විස්සක් තිබ්බත් ගාණක් නැතුව බීල කට පිහදාගෙන යන්ඩ යයි,රාජ මට හැමදාම බනින්නෙ ඕකනෙ මිනිහ මරු කතාවක් කියනව මම නරි නාවනව කියල...

ඔයාගෙ වැඩේ ඉතිං නරි නාවන එකනෙ...

කට්ටිය එනකොට මං මොනා කරන්නද බොන්න එපා කියල එලවන්නයැ,ඔය වැඩේ ඉතිං කවදත් කොහෙත් තියෙන සදාකාලික ප්‍රශ්නයක්, සල්ලි දෙන්නෙ නෑ දුන්නොත් උපරිම රුපියල් පණහයි  වියදං කරන එකා වියදං කරනවා අනික් උන් හිනාවෙවී බීල යනවා ඔව්ව ඔහොම තමා,පිනට දුන්නය කියල හිත හදාගන්ඩයැ වස විස දුන්නට පිං සිද්ද වෙන රටක් තියනවෑ නේද.

සියල්ලන්ටම සතුට සමාදානය පිරි මෝහාන්ධකාරය දුරුවෙන සුබ වෙසඟක් වේවා!!!

Sunday, May 11, 2014

129.රත්තගෙ ඌරුමස් කඩේ දෙන්න දෙමාල්ලන්ගේ ගෝරිය සහ කාමසූත්‍ර.

(දේශක,විදානේ,ප්‍රියා,පත්තර මල්ලි,ඉවාන්,ප්‍රසන්න ඇතුළු සහෘදයන්ට ආදරයෙන් පිළිගන්වමි)


අපි අන්තිමට ලිව්ව ඌරු කතාව හිතුවෙවත් නැති විදියට නැගල ගියානෙ,ඉතිං අපි දන්න දන්න ඌරු කතා කියමින් ඉන්න අතරෙ අපේ සඳාත් ඌරු කතාවක් කිව්වා ඒක මෙහෙමයි...

ඔන්න ඌරු කොටුවක ඊරියක්ව පට්ටි දම්මන්න වෙන කොටුවකට ගෙනියනවලු,චීන ඊරියක් වෙන්න ඇති මහත නිසා ගෙනියන්නෙ විල්බැරෝ එකක තියලලු, එක දිගට දවස් කීපයක් පට්ටි ගස්සන්න ඕනැනෙ. දවස් දෙකක් ගෙනිහින් ඇවිත් තුන්වෙනි දවසෙ ගෙනියන වෙලාවට බලපුවම ඊරි නැහැලු,ඌරු කොටුවෙ මනුස්සය ඊරිව හැම තැනම හොයල හොයල නැතුව එළියට එද්දි මෙන්න ඊරි විල්බැරෝ එකට නැගල නැට්ටත් හොල්ල හොල්ල ජොලියෙ ඉන්නවලු...

අපේ මිත්‍රය නෙවිල් ඉන්නවනෙ අර කරෝල වාඩියෙ හිටපු එකා ඌ භක්තිමත් කතෝලිකය නොවැ,ලංකාවෙදි ඉරිද දවසට කොහෙන් හරි හොඳ ඌරු මස් කෑල්ලක් හොයාගන්නව. එක්කො පල්ලි ගිහිං එනිං ගමන නිට්ටඹුවෙන් අරගන්නව එහෙම නැත්නං කෙළින්ම කොරසෙ ඌරු මස් කඩේට යනවා,ඌරුමස් කඩේ ඇන්ටනි ඉන්නෙ නිකං අලුගෝසුව වගේ, උඩු රැවුලත් කරකෝල ෂර්ට් එකක් නැතුව ලේ තැවරිච්ච කාකි රෙදි කෑල්ලක් සරමට උඩින් ඇඳගෙන මස් කපන දඩ මන්නාපිහිය අර කූරෙ අතුල්ල අතුල්ල බලාගෙන ඉන්නකොට දන්නැති එකෙක් එහෙමනං බයවෙනවා,නෙවිල් ගියාම ආ එන්න මහත්තය කියල හොඳ මස් කෑල්ලක් කපල දෙනව,ඉස්සර අහීමාන මන්ඩියක් වෙච්ච නයිවල ටවුමක් වෙලා දියුණු වෙන්න ගත්තම එතන දාපු ඌරුමස් කඩෙත් කොන්ත්‍රාත් එක ඇන්ටනිල ගත්තා. දවසක්දා වෙනුජ වැඩ ඇරිල එන ගමන් වැස්ස නිසා කඩේට ගොඩවුනාම කඩේ හිටපු කෙනෙක් වෙනුජත් එක්ක කතාවට වැටිල ගම් පළාත එහෙම අහල...

මගෙත් හොඳම මිත්‍රයෙක් ඔයාලගෙ ගමේ ඉන්නවනෙ...

කියල මගෙ නම කිව්වලු,ඒ ගමන වෙනුජට හිනා ගිහිං..

ඇයි සුනිල් අයියෙ මාව අඳුනගන්න බැරිද...

ඌරුමස් කඩේ ඉඳල තියෙන්නෙ රත්තා,ඒ කාලෙ ඉස්පිරිතාලෙ වැඩකරපු අපේ හොඳම යාලුවෙක් හොඳ වොලිබෝල් ක්‍රීඩකයා මැච් එකක් තියනව නං එදාට මිනිහ වැඩට එන්නෙ නෑ,ඔහොම ගිහිං ගිහිං අන්තිමේදී නෝ පේ ගිහිං වැඩිවෙලා රත්තට සේවය අතහැර යාම කියල ලියුමක් දීල,ඒ ගමන මම එක්කං ඇවිත් සර්පයෙක් කෑවා කියල ලාල්ලගෙ තාත්තගෙන් නෝ පේ ගිය මාස ගානට මෙඩිකල් අරං දීල ආපහු රස්සාව හදල දුන්නම රස්සාව දීල රත්තව ජලභීතිකා මර්දන ව්‍යාපාරයට මාරුකලා...

මැච් විතරක් නෙවෙයි අපි අවුරුදු උත්සව එහෙම කරනකොටත් රත්ත ඇවිත් අපටත් වඩා මහන්සිවෙලා දවස් දෙකක් විතර අපේ ගෙදර නැවතිලා ඉඳල අවුරුදු උත්සවේ ඔක්කොම වැඩටික කරලදීල යන්නෙ තමන්නෙ වැඩක් කරනව වගෙයි,ගෙයක් දොරක් පවුලක් ළමයි ඉන්නවදවත් කියල ගානක් නෑ,මමත් බැඳල ඊට පස්සෙ ලංකාවෙන් පිට රස්සාවට යන්න වුනාට පස්සෙ අපේ ආශ්‍රය අඩුවුනා,අඩුවුනා කියන්නෙ හරියටම කිව්වොත් නැතුව ගියා,අවුරුදු ගණනකට පස්සෙ අපි හම්බවුනු වෙලාවක වෙනුජ ඔය කතාව කියපුවම හොඳට රස්සාව කරගෙන හිටපු එකා ඌරුමස් කඩේ මොනව කරනවද කියල මට නිකමට වගේ හිතුනත් කමක් නෑ නයිවලනෙ ඉන්නෙ ඔතනින් යන වෙලාවක ගිහිං අහල බලනව කියල හිතාගත්තා...

ඒත්  දිගින් දිගටම රටින් රට මාරුවෙවී හිටපු නිසා ඉතිං ඒකටත් වෙලාවක් ආවෙ නෑ,ලංකාවෙ ඉන්න කාලෙටත් ඒ වැඩේටම නයිවලට යැවුනෙත් නෑ,ඔන්න ඔහොම ගිහිං දවසක නයිවල හංදියෙන් එද්දි මූව මතක්වෙලා ටක් ගාල බැහැල ගිහිං ඌරුමස් කඩෙන් සුනිල්ව අහපුවම...

ආ දැන් මිනිහ ඉන්නෙ කොරසෙ කඩේනෙ...

කියල එතන හිටපු මනුස්සය කිව්වා,ඒ වෙලාවෙ කොහොමත් කොරසෙ යන්න විදියක් තිබ්බෙ නැති නිසා එහෙමම ගෙදර ගියා,ආයෙම පිටරටක ඉඳල සෑහෙන කාලෙකට පස්සෙ ගෙදර ආපු කාලෙක නයිවල යන්න අවශ්‍යතාවක් ඇතිවුනා,මොකටද කිව්වොත් ලී කැටයං කපන තැනකින් ඇඳ විට්ටමක කැටයමක් කපාගන්න දෙන්නයි,තැන තිබුනෙ නයිවල හංදියෙන් ටිකක් පහළට ගියාම තියෙන අර හාමුදුරුවන්ට කේස් එකක් වැටුණු පංසල ලඟ,එතෙන්ට ගිහිං වැඩෙත් බාරදීල ආපහු එන ගමන් රත්තව හොයන්න යන්න හිතුණා...

අයියෙ පොඩ්ඩක් කොරසෙටත් ගිහිං එමු...

නයිවලින් උඩුගම්පොල පාරට දාල කොරසෙ ඌරුමස් කඩේට ගියා,ඇන්ටනි මස් කප කපා ඉඳල මගෙ දිහා බැලුවෙ මොකද කියල අහනව වගෙයි...

ඇන්ටනි අයියෙ අර මෙහෙ වැඩකරන සුනිල් ඉන්නවද...

සුනිල් කිව්වෙ...

අර පෙතියගොඩ එක්කෙනා...

ආ රත්තද,රත්ත මළානෙ...

මළා...

මම පාෂාණිභූත වුණා මගෙ කටහඬේ වෙනස ඇන්ටනිට තේරෙන්න ඇති...

ඔව් හදිස්සියෙ පපුවෙ අමාරුවක් හැදිල මළා, හරියටම පහුගිය වෙසක් දවසෙ...

ඒ අගෝස්තු මාසෙ එතකොට රත්ත මැරිල මාස තුනක්,මට ඊට වඩා මොකුත් කියාගන්න බෑ කෙලින්ම ආපහු ආවා...

ඇයි මස් ගන්න නේද ගියෙ ගත්තෙ නැද්ද...

අයිය ඇහුවා...

නෑ අපි යං...

මගෙ වෙනස අයියටත් තේරෙන්න ඇති ඊට පස්සෙ වචනයක්වත් ඇහුවෙ නෑ,රත්තගෙ මරණය ගැන කොහොම ප්‍රතිචාර දක්වන්නද කියල මටම හිතාගන්න බැරිවුනා උන්ගෙ ගෙදර ගිහිං ගෙදර අයට කතාකරන්නද,මම රත්ත ඇරෙන්න ඌට කවුරු ඉන්නවද කියලවත් කසාද බැඳලද කියලවත් ගෙවල් කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ කවදාවත් මම උගෙන් අහලත් නෑ මට කියලත් නෑ,ඒ මගෙ දුර්වලකමක් වෙන්නත් ඇති කෙනෙක්ගෙ පුද්ගලික විස්තර එයාම නොකිව්වොත් මමනං අහන්නෙ නෑ මට අහන්නත් බෑ. කෙනෙක් තව කෙනෙක් එක්ක හිතවත් වුනාම ඇහුවෙ නැතත් තමන්ගෙ පුද්ගලික විස්තර යම් තරමක් කියනවනෙ,රත්ත මට එහෙම කියලත් නෑ,ඌ රසකර කර කොච්චරවත් මාත් එක්ක කියෝල තියෙන්නෙ මැච් දිනපු හැටි ඩෑෂ් ගහපු හැටි වගේ දේවල්. ඒ කියන්නෙ සමහරවිට උගෙ ගෘහමය ජීවිතය රසවත් එකක් නොවෙන්නට ඇති,බැන්ද හෝ නැතා හෝ කිසිම ගානක් නැතුව  යාළුවන්ගෙ ගෙවල්වල ගිහිං දවස් ගණන් ඉන්න පුළුවන් නං ගෙදර ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙන්න ඕනැ  නේද...

අපි නං පිට කොහෙහරි  ගියොත් ගෙදර එන්නෙ කොයි වේලාවෙද කියල හිත හිතානෙ ඉන්නෙ,දෙන්න දෙමාල්ලො ගෝරියක් දාගත්තත් දවසකට වඩා දිගදුර ගෙනියන්නෙ නෑ,ගෝරියක් කියද්දි ඔන්න මට අඹු සැමි යුවළක් ගෝරියක් දාගත්ත කතාවක් මතක්වුනා...

පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...

කෑම බෙදලයි  තියෙන්නෙ කනකෙනෙක් ඉන්නවනං කනඑකයි...

කියල එළියෙ ඉන්න මනුස්සයටත් ඇහෙන්න කිව්වම මනුස්සය ඇවිත් කාල එහෙම කුඹුරට ගියාලු,වැඩකරල දවල් ගෙදර ආපුවම ගෑනුකෙනා නාන්න වතුර ලිඳෙන් ඇදල දාල...

වතුර දාලයි තියෙන්නෙ නානකෙනෙක් ඉන්නවනං නාගන්න එකයි...

කිව්වම මනුස්සය නාගෙන ආවලු,ඔන්න ඔය විදියට දෙන්න ඇරගත්තත් ගෙදරදොර වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරීගෙන යනවලු,දවල්ටත් රෑටත් ඒ විදියටම කටයුතු සිද්දවුනා තවම දෙන්න යාළුවෙලා නෑ,ඔන්න ඉතිං රෑ වුනා කාල බීල ඉවරවුනාට පස්සෙ නිදාගන්න එපැයි ගෑනු කෙනා ගිහිං පැදුර එලුවා...

පැදුර එලලයි  තියෙන්නෙ නිදාගන්නකෙනෙක් ඉන්නවනං නිදාගන්න එකයි...

දැන් දෙන්න පැදුරෙ ඇලවෙලා නොකරකතා ඉන්නකොට නිදාගන්න ඉස්සෙල්ල තව එක රාජකාරියක් තියෙනව නේද කියල බිරිඳට මතක්වුණා මෙච්චර දේවල් කරල ඒකත් නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්නෙ කියල ඇයට හිතුණා...

රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........

අන්න බාරියාවො,මරාගත්තත් සුවාමිපුරුෂයගේ උවමනා එපාකං හොයාබලන මෙවැනි බාරියාවන්ට කියන නම අර ගෑණු ළමය  මේ දවස්වල කියවන හාමුදුරුවො ලියපු පොතේවත් තියෙනවද කියල අහල  බලන්න ඕනෑ. මම හිතන්නෙ නං ෂුවර් එකටම එහෙම අයට කියන නමක් ඒ පොතේ නැතුව ඇති,ඇත්තටම මම නං කියන්නෙ ඒ වගේ බාරියාවන් අගය කිරීමක් වශයෙන් අපි හරි එහෙම බාරියාවන්ට නමක් හදල ගෞරව දක්වන්නට අවශ්‍යයි කියල මට හිතෙනවා...

හාමුදුරුවන්ගෙ ඒ පොත කියවන එකෙත් වරදක් නෑ නමුත් අලුත විවාපත්වූ යුවතිපතීන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කළ යුතු මහා අනර්ඝ ග්‍රන්ථ රත්නයක් ඇති බව අභිනවයෙන් යුගදිවිප්‍රාප්තවූ යුවතිපතීන් බොහොමයක් දෙනා නොදැන සිටීම අතිශය කණගාටුවට කාරණයක්...

ඒ මහා ග්‍රන්ථ රාජයා නම් වාත්ස්‍යායන පඬිවරයාණන් විසින් මීට අවුරුදු එක්දහස් හත්සීයකටත් පෙර ග්‍රන්ථාරූඪ කරන ලද ''කාම සූත්‍ර'' නම් වූ අනර්ඝ ග්‍රන්ථ රත්නයයි,මේ අනගි ග්‍රන්ථය කියවීමෙන් ලද හැකි පොරෝජන මෙතෙකැයි කියන්නට අමාරුයි...

අපේ කාලෙ අපි මේ ග්‍රන්ථය බොහොම අමාරුවෙන් හොයාගෙන කියෙව්වට දැන් නං ගුගල් සර්ච් කරන ටික විතරයි,වීඩියෝ ඕඩියෝ, රූප සටහන් වකාරෙට තියෙනව මේ ඔක්කොම පහසුකම් තියෙන එකේ ලද අවස්ථාවෙන් උපරිම පොරෝජනේ ගන්න පමානොවී වැඩකරන්න හිතට ගතයුතු බව අභිනව යුවතිපතීන් පමණක් නොවෙයි මෙතෙක් කල් මේ ග්‍රන්ථයෙන් ප්‍රයෝජන නොගත් පරණ යුවතිපතීන් වුනත් කල්පනාවට ගන්න හොඳයි...

ඕං එහෙනං අදට මදැයි තවත් පල් හෑල්ලක් එක්ක ආයෙම හමුවෙමු.


Wednesday, May 7, 2014

TEST

                                                                                          TEST

Sunday, May 4, 2014

128.ගොඩ්ප්‍රිගෙ ඌරු කොටුව සහ ජෝකිං මුදලාලිගෙ අන්තිම කැමැත්ත.



අපේ ගං පළාත්වල සත්තු හැදිල්ලක් කියල වැඩිපුරම කෙරුනෙ හරක් හැදිල්ලයි කුකුල් කොටුයි,එළුවො කීප දෙනෙකුත් තැන තැන නොහිටිය නෙවෙයි හැබැයි ඌරු කොටු නං අපේ ගම පැත්ත පළාතෙ තිබ්බෙ නෑ. මොකද ඌරො ඇතිකිරිල්ල හරක් හැදිල්ල වගේ නම්බුකාර රස්සාවක් හැටියට අපේ ගංවල අය සැලකුවේ නැති නිසාවෙන් එහෙම වුනා මිසක අපේ ගමට එහා ගමේ නං ඌරු කොටුවක් තිබුණා,ඒකෙ අයිතිකාරයට අපේ තාත්තල කිව්වෙ ඌරු පීතර කියලයි,මනුස්සය පස්සෙ කාලෙක මැරුණත් පවුලෙ අයට ඒ නම දිගටම භාවිතයෙ තිබුණා...

ඌරො හැදිල්ල පිළිකුල් කළාට අපේ ගංවල මිනිස්සු ඌරුමස් නං පිළිකුල් කලේ නෑ,අලුත් අවුරුදු කාලෙට ජා ඇල කඳාන පැත්තෙන් ඌරෙක් මරාගෙන ඇවිත් සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ ඉඩං කෑල්ලෙ තියාගෙන හුළුගාල හමගහල මස් ටික ගොඩවල් ගහල විකුණන්න තිබ්බදාට ගමේ හැම  කුස්සියකම ඌරුමස් ඇතිලියක් ඉදුනා...

අපේ ගං පළාත්වල ඌරො හැදුවෙ නැතුවට රාගම කඳාන ජාඇල මීගමුව හලාවත වගේ කතෝලික ලයින් එකේ නං ඌරුකොටු වකාරෙට තිබුන විතරක් නොවෙයි ඌරු පාලනය පිළිකුල් සහගත දෙයක් හැටියට ඒ අය සැලකුවෙත් නෑ,හලාවත ගොඩ්ප්‍රි මතකනෙ,ඔන්න ඔය ගොඩ්ප්‍රිලයි ගේ පිටිපස්සෙත් ඌරු කොටුවක් තිබුණා. මම එහෙ ගිය වෙලාවට නිතරම දැකල පුරුදු දෙයක් නොවන නිසා ඔය කොටුවෙ ඉන්න ඌරො දිහාත් උන් කනබොන දිහාත්  පැයගානක් බලාගෙන ඉන්න පුරුදුවෙලා හිටියා,දවසක්දා මම යද්දි කොටුවට අලුතින් ඌරු පැටව් රංචුවක්ම එකතුවෙලා හිටියා උන් ඒ වෙනකොටත් තරමකට වැඩුනු පැටව්,ඔන්න එදා මම මගෙ ජීවිතේ පළවෙනි වතාවට(සමහර විට අවසාන වතාවත් වෙන්න පුළුවනි)ඌරු පැටව් කප්පාදු කරන හැටි දැක බලාගත්තා...

ළමයො මේ ඌරු පැටව් ටික කප්පාදු කරගන්නත් කාලෙ හරි නොවැ, ගිහිං ඇන්ටනිව අඬගහගෙන වරෙංකො...

ගොඩ්ප්‍රිලගේ අම්ම නංගිට එහෙම කීවම ගොඩ්ප්‍රිලගෙ නංගි ගිහිං ඇන්ටනිව එක්කං ආවා,ඇන්ටනි ගොඩ්ප්‍රිලට වඩා ටිකක් වයස තරුණයෙක්, ඔහු එද්දි අලුත් බ්ලේඩ් එකක් නූල අමුනපු ඉඳිකටුවක් සහ කොහොඹ තෙල් කුප්පියක් අරගෙන ආවා...

ඇන්ටනි වැඩි වෙලා ගතකලේ නෑ ඌරු කොටුවට පැනල වැඩේ පටන් ගත්තා.කවදාවත් දැකපු නැති දෙයක් නිසා මාත් ඒ ළඟටම වෙලා කට ඇරගෙන බලං හිටියා,ගොඩ්ප්‍රි අරං දෙන ඌරු පැටියගේ ඇට කුට්ටම තදින් අල්ලගන්න ඇන්ටනි බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල  මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරනකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දානවා...

ඌරුපැටියගෙ කපපු තැනට ඉඳිකටුවෙන් මැහුම් දෙකතුනක් දාල ලිපේ අළු ටිකක් එතන ගාල පැටියට කොහොඹ තෙල් ටිකක් පොවල බිම තිබ්බම ඌරු පැටව් කෑ ගගහ කොටුව පුරා දුවනව වේදනාවට වෙන්න ඇති,ඇන්ටනිගෙ සරල සහ රළු ශල්‍යකර්මය එතනින් ඉවරයි,ඌරු පැටව් ඔක්කොම ටික කප්පාදු කරන්න ඕනැනං විනාඩි පහළොවක් යන්න ඇති ,හැලි අරක්කු වීදුරුවකුත් බීල ගොඩ්ප්‍රිලගේ අම්ම දුන්න කීයක්දත් ඉනේ ගහගත්ත ඇන්ටනි යන්න ගියා...

දැක්කද වැඩේ, තාත්ත ඉන්න කාලෙ අපේ ඌරු පැටව් විතරක් නෙවෙයි අහළ පහළ පැටවුනුත් කප්පාදු කලේ අපේ තාත්තා...

ගොඩ්ප්‍රි මාත් එක්ක කිව්වා...

ඉතිං තාත්ත ගොඩ්ප්‍රිලට කප්පාදු කරන්න කියල දුන්නෙ නැද්ද...

නෑනෙ, ඊටමත් ඉගෙනගන්න අපේ උනන්දුවක් තිබුනෙත් නෑ...

ඒ වෙනකොට ගොඩ්ප්‍රිලගෙ තාත්ත සමාදානයෙ සැතපිලා අවුරුදු දහයක් විතර ඇතිලු,ඔන්න සමාදානයෙ සැතපෙනව කියද්දි මට කතාවක් මතක් වුනා අමතක වෙන්න ඉස්සෙල්ල එකත් කියල ඉන්නං...

හදිස්සියෙම මැරුණු ජෝකිං මුදලාලි ගමේ හිටපු ලොකුම පෝසතෙක්  ඉඩකඩම් වතුපිටි කඩ සාප්පු ආදිය යමරෙට තිබුනත් ඔහුගෙ පවුල් ජීවිතේ නං සතුටුදායක එකක් වුනේ නෑ,එහෙම වුනේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වදක බාරියාවක් වුනු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිට දෙන්න තියෙන දස වද ඔක්කොම දෙමින් කන් කරච්චලයක් වෙමින් ජෝකිං මුදලාලිගෙ මුළු පවුල් ජීවිතේම කටුක කටෝර අන්ත නීරස එකක් කරපු නිසයි,ජෝකිං මුදලාලි ඔච්චර ඉක්මනට මැරෙන්න හේතුවත් පවුල දීපු දස වද නිසාවෙන් කියලයි කරුණු කාරණා දන්න ඇත්තො කිව්වෙ...

බලාපොරොත්තු වුනේ නැති විදියට හදිස්සියෙම තමන්ට හිමිවුන මහා ධනස්කන්ධය ගැන සතුටින් ඉපිළිලා හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිගෙ අවමංගල්‍ය කටයුතු මහ ඉහළින් සිද්දකරල කනත්තෙ සොහොන් කොතකුත් බැන්දෙව්වා,සොහොන් කොතේ ලියල තිබුනෙ සත්ගුණවත් ජෝකිං මුදලාලි සමාදානයේ සැතපේවා කියලයි...

මුදලාලිගෙ පවුල ඔන්න ඔය විදියට සතුටින් ඉද්දි දවසක්දා දවාලෙ ටවුමෙ ඩයස් පෙරකදෝරුවගේ කාරෙක මුදලාලිගෙ වත්තට හැරෙව්වා,ජෝකිං මුදලාලිගෙ ව්‍යාපාර ආදියේ නීතිමය කටයුතු ඔක්කොම කරපු  ඩයස් පෙරකදෝරුවව ජෝකිං මුදලාලිගෙ පවුල ඉස්තෝප්පුවට ගිහිං පිළිගත්තා...

හාමිනේ දන්නවනෙ මුදලාලිගෙ අන්තිම කැමැත්ත මගෙ ළඟ ලියල තිබ්බ වග...

එහෙනං,මොකෝ මං නොදන්නෙ දේපොළ ටික මට පවරල යන්නද මහත්තය ආවෙ...

නෑ නෑ මුදලාලි එයාගෙ අන්තිම කැමැත්තෙන් ඔක්කොම දේපොළ ටික අනාථ නිවාසෙට පවරල තියෙනව,අයිතිය බාරදෙන්න මම අනාථ නිවාසෙ කට්ටියව ලබන සුමානෙ එක්කං එනව, හාමිනේට එතකල් ගෙදර ඉන්න පුළුවනි...

එතකොට මට...

හාමිනේට නං තඹ සතේක දේපොළක් ලියල නෑ,එහෙනං හාමිනේ මම ගිහිල්ල එන්නං...

පෙරකදෝරුව යන්න ගියායින් පස්සෙ කේන්තියෙන් මල පැනල හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල සොහොන් කොතේ අකුරු කොටපු මනුස්සයට එන්න කියල පණිවිඩයක් යැව්වා...

මට සොහොන් කොතේ කොටපු එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනෑ ඒකයි ඔහෙට එන්න කිව්වෙ...

වෙනස් කරගන්න ඕනැ කරන්නෙ මොකද්ද හාමිනේ...

සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා...

අකුරු කොටන මනුස්සය අවශ්‍ය වෙනස්කම කරල ඉවරවුනාම ජෝකිං මුදලාලිගෙ පවුල තමන්ගෙ ඇඳුම් කැඩුම් ටිකත් බෑග් එකකට දාගෙන ගෙයින් එළියට බැහැල යන්න ගියා...

ඔන්න ඔහොමයි,සම්ප්‍රපලාප කිව්ව මදැයි ඊළඟට කියන්න තියෙන්නෙ නං අපි සියළු දෙනාගෙම හදවත් විතරක් නොවෙයි  මුළු සරුවාංගෙම ප්‍රීති ප්‍රමෝදයෙන් කිළිපොලා යන ආරංචියකුයි,ඒ මොකද්ද කිව්වොත් අපේ ජාතියේ පිනට මෑතකදි දෙව්ලොව සිට මෙලොවට පහළවෙලා ඇති බොදු බල සේනාව ඔවුන්ගේ තේමා ගීතය නිකුත්කරල තියෙන බවයි,දැන් අපි සියලුදෙනාම මේ ගීතය හඬනගා ගායනා කරමු.ඔක්කොමල්ල වැඳගන්න,ඔහොම නෙවෙයි යකුනේ දොහොත් මුදුන් දී වැඳගනියව් මට කියල බෙල්ල කඩවගන්නෙ නැතුව,හා හරි...

බොනවද දහම් පැන්- නැත්නං පොවන්නද
මොනවද අඩෝ පන්සිල්- කණ පලන්නද 
වෙනවද නිදුක් -නැත්නං දුක් නිවන්නද 
යනවද නිවන් නැත්නං තෝ යවන්නද

සාදු කියන්න පිංවතුනි....

(ගීතය උපුටා ගැනීම ලංකා නිව්ස්වෙබ් වෙබ් අඩවියෙනි)