Saturday, December 6, 2014

අසූ දෙකේ ඡන්දෙ ග්‍රාමසේවක සහ ග්‍රාමනිලධාරීයා


අපේ රටේ ඉස් ඉස්සෙල්ලම ජනාධිපති තේරීමේ ඡන්දයක් හෙවත් ජනාධිපතිවරණයක් පැවැත්වුවේ 1982 දීයි.හැබැයි ඒ වෙනකොටත් රටේ විධායක බලැති ජනාධිපතිවරයෙක් හිටියා.නමුත් ඔහු පත්වුණේ ජනාධිපතිවරණයකින් නොවෙයි.ඒක වුණේ මෙහෙමයි,ජේ ආර් ජයවර්ධන මහතා 1977 දී ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයෙන් පස්සෙ 1978 දි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා.නව ව්‍යවස්ථාවට අනුව රටේ නායකයා විධායක බලතල සහිත ජනාධිපති වරයා නිසා අගමැති ජේ ආර් ජයවර්ධන විධායක බලතල සහිත අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ (ඒ දවස්වල කියන්න කියල තිබ්බේ එහෙමයි)වශයෙන් ජනාධිපති පුටුවෙ වාඩිවුනා.ඉතිං ඒ නිසා රටේ පැවැත්වුන පළවෙනි ජනාධිපතිවරණය පැවැත්වුනේ 1982 අවුරුද්දෙදියි.

ඔය ජනාධිපතිවරණයට එදා තරඟ කළ හයදෙනා  අතරින් අද ජීවතුන් අතර ඉන්නෙ වාසුදේව නානායක්කාර මහතා පමණයි.මෙදා සැරේ නං දැනටම දහඅට දෙනෙක්ද කොහෙද ඇප තියල තියෙනව කියල මම දැක්කා, අට වෙනිදා වෙද්දී කී දෙනෙක් වේවිද දන්නෙ නෑ.කොහොම උනත් මෙදා සැරේ ඡන්ද කොළේ අර ඉස්සර අපේ ගෙවල්වල වී තම්බල වනාපු මාගල වගේ වේවි කියලනං මට බුදු ෂුවර් එකක් තියෙනවා.

ඉතිං ඔය ජනාධිපතිවරණය කාලෙදිත් මම රජයේ සේවෙ හිටියත් ඒ සැරේ මට ඡන්දපොළ රාජකාරි තිබුනෙ නෑ සහ රස්සාවට ගියපු අලුත නිසා ඒ ගැන එච්චර තේරුමකුත් තිබුනෙ නෑ.නමුත් ඒ ඡන්දෙදි ඡන්දපොලටම සම්බන්ධ වෙනම රාජකාරියක් මට පැවරිලා තිබුණා.ඒ කතාව මම වෙනම ලියන්නං.ඡන්දෙට යු ඇන් පී එකේ අපේක්ෂකයා වුණේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාමයි.ඡන්දෙට කලින්ම එතුමා තමන්ගෙ ප්‍රධානතම ප්‍රතිවාදියා වෙන්න හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව ප්‍රජා අශක්නුතා කොමිසම කියල එකක් ගෙනත් මැතිණියගේ ප්‍රජා අයිතීන් අහෝසි කරල ඡන්ද බලය නැතිකරල ඡන්දෙට ඉල්ලන්න නුසුදුසු තත්ත්වයට පත්කරල දැම්මා.

ඒ හේතුවත් තවත් අභ්‍යන්තර හේතුනුත් මීළඟ ජනාධිපති ඡන්දෙට අපේක්ෂකයා විය යුත්තේ කවුරුද කියන ප්‍රශ්නයත් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුපුරලා දෙකඩ වුනා. ඒ අනුව දහ පහළොස් වතාවක් රාජ්‍ය නායකයා හැටියට වැඩ බලා ඇති පක්ෂයේ නියෝජ්‍ය නායක මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක මහතා අනුර බණ්ඩාරනායක මහතා සහ තවත් ඉදිරිපෙළ නායකයන් කීපදෙනෙක් සමග ශ්‍රී ල නි ප(මෛත්‍රී  පිල )පිහිටුවාගෙන පක්ෂයේ බලය අල්ලාගන්න සුදානම් වුනා.මැතිණිය,කොබ්බෑකඩුව මහතා,ටී බී ඉලංගරත්න මහතා,විජය කුමාරතුංගයන් ආදී අය ඊට විරුද්ධව සටනට පැමිණියා.

පක්ෂයේ බලය ඇල්ලීමේ සටන මහ සද්දෙන් පටන් ගත්තා.වහසි බස් රණ්ඩු ආදියෙන් නොඅඩු සටන පොලිසි උසාවි ආදී තැන්වලත් රඟ දැක්වුනා.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව මේ සටන දෙස සිනා මුහුණින් බලා සිටියා පමණක් නොවෙයි සටන වැඩි දියුණු කරගන්නට හැකි හැම උපකාරයක්ම කළා.අවසානයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ල නි ප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්වුන විට මෛත්‍රී පිල නොනිල වශයෙන් ජේ ආර් ජයවර්ධන මහතාට සහයෝගය දැක්වුවා.සහයෝගය දැක්වීමේ කූටප්‍රාප්තිය වුණේ 1983 පැවති කුප්‍රකට ජනමත විචාරනයේදී මෛත්‍රීපාල සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැගීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලකයෙක් ලෙස මඩු බැසීම සිදුවුනේ මෙන්න මේ ජනාධිපතිවරණ වකවානුවෙදීයි.මෛත්‍රීපාල සේනානායක මහතා පක්ෂය හැරගිය පසු කොබ්බෑකඩුව කණ්ඩායමට මෛත්‍රීපාල කෙනෙකුගේ අවශ්‍යතාව ඉතා තදින් දැනෙන්නට වුන විට එවකට මන්ත්‍රීවරයෙක්වත් නොව ආසන සංවිධායක වරයෙක් පමණක්ව සිටි පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන තරුණ දේශපාලකයා ඔවුන් විසින් වේදිකාවට නැංවුයේ මෛත්‍රීපාල සේනානායක නම් ජ්‍යෙෂ්ට දේශපාලනඥයාගේ අඩුව පිරවීමටයි.ඔවුන් විසින් ඒ දිනවල ප්‍රසිද්ධ කළ ජනාධිපතිවරණ රැළි පෝස්ටර් මට මතකයි.රැස්වීම අමතන කථිකයන්ගේ නම් පෙළ සඳහන් කර තිබුනේ,

හෙක්ටර් කොබ්බෑකඩුව 
ටී බී ඉලංගරත්න 
විජය කුමාරණතුංග 
මෛත්‍රීපාල සිරිසේන

ආදී වශයෙන් මෛත්‍රීපාල කියල ලොකුවට දාල සිරිසේන කෑල්ල කුඩාවට දානවා.

ඡන්ද පෝස්ටර් ගැන කියද්දි එම ජනාධිපතිවරණයටම තරඟ කළ අපේක්ෂකයෙක් වූ රෝහණ විජේවීර එක් වේදිකාවකදී උපහාසාත්මකව කළ කතාවක් මට මතකයි.

"මම නුවරඑළියේ රැස්වීමකට යද්දි පෝස්ටර් වගයක් දැක්ක,මේවැයි  තියෙන්නෙ ගාමිණි,මාලනී,ජෝ,ජේ ආර්,දෙනවක හාමිනේ කියල.මං බැලුව අලුත් චිත්‍රපටයක්වත් ඇවිල්ලද කියල, නෑ බලපුවම යු ඇන් පී රැස්වීමක්. ජයවර්ධන මහත්තය පහළට වැටිල තියෙන තරම කිව්වොත් දැන් ගාමිණි මාලනී නැතුව ඡන්ද රැස්වීමක්වත් තියාගන්න බැරුව තියෙන්නෙ."

1982 ජනාධිපතිවරණය ජයගත් ජේ ආර් ජයවර්ධන මහතා විධායක ජනාධිපති ලෙස නැවත වරක් පත්වුණා.ඡන්දෙන් දවස් දෙක තුනකට පස්සෙ එක නිවාඩු දවසක මම ගෙදර ඉද්දි රොසලින් අපේ ගෙදර ආවා.රොසලින් කියල කිව්වෙ බී රෝඩ් එකේ තනියම ජීවත්වෙන වැඩිමහලු කාන්තාවක්.ඇයට තරමක් නුහුගුණේ තිබුණා.සතියකට දෙකකට සැරයක් අපේ ගෙදර,එතකොට මායක්කලගේ ගෙදර ඇවිත් දවස දෙක ඉඳල යනඑක ඇගේ සිරිතක්.රොසලින්ව බයිට් එකට ගන්න පුළුවන් නිසා ඇය යන එන එක ගැන අපේ අකමැත්තක් තිබුනෙත් නෑ.එදා මම කුස්සියට යද්දි රොසලින් අපේ අම්මත් එක්ක බර කතාවක්.

කාටද රොසලින් ඡන්දෙ දැම්මෙ?

මම රොසලින්ගෙන් ඇහුවා.

මම ඡන්දෙ දැම්මෙ යතුරට...

රොසලින් කියපුවම මම උඩගියා,යතුර කියන්නෙ සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඡන්දය ඉල්ලපු ලකුණ.සාමාන්‍යයෙන් අපේ පළාත්වල සමසමාජ පක්ෂයට හෝ කොල්වින් ආර් ද සිල්වා මහතාට ඡන්ද පදනමක් නෑ.බොහෝ දෙනෙක් කොල්වින් ආර් ද සිල්වා මහතා හෝ ඔහුගෙ ලකුණ ගැන කිසි දෙයක් දන්නෙත් නෑ.එහෙම තියෙද්දී රොසලින් යතුරට ඡන්දෙ දැම්ම කියපුවම පුදුමයක් ඇතිවෙන එක සාධාරණයි.

මොකක් මොකක් රොසලින්,යතුර කාගෙද කියල දන්නවද?

මම ඕව දන්න එකක් නෑ මහත්තයො,මගෙ ගෙයි යතුර නැතිවෙලා ඒකවත් හම්බවෙයිද බලන්නයි මම යතුරට ඡන්දෙ දැම්මෙ...

රොසලින් එක්ක ඡන්දෙ ගැන කතා කරන්න ගිහිං උඹටත් අංගොඩ තමා නවතින්න වෙන්නෙ...

අපේ අම්ම කිව්වා,පැලෙන්න එන හිනාව තදකරගෙන මම කුස්සියෙන් එළියට බැස්සා.

ඉතිං ආයෙම අසුදෙකේ ඡන්දෙට ආවොත් ඔය ඡන්දෙදි අපේ ගමේ ඉස්කෝලෙ තිබ්බ ඡන්දපොළ අයිතිව තිබුන ග්‍රාමසේවක වුනේ බෝගහවත්තේ නිස්සංක රාළහාමි. දැන් නං ග්‍රාම නිලධාරී නොවැ.ඒ කාලෙ කිව්වෙ ග්‍රාම සේවක කියලයි.නිල නම එහෙම උනාට කවුරුවත් එහෙම කිව්වෙ නෑ ග්‍රාමසේවක රාළහාමි හරි රාළහාමි හරි කියල කටපුරා කිව්වා.ග්‍රාමසේවක කියපුවම මට කතාවක් මතක් උනා.ඔන්න දවසක් පොඩි පේමෙයි,ආනන්දයි ග්‍රාමසේවකගෙන් චරිත සහතිකයක් ගන්න ගියාලු.ඔෆිස් එක තිබුනෙත් ගෙදරමයි.ගෙදර බොහොම වස බල්ලෙක් ඉන්න නිසා මේ දෙන්න එකපාරට ගෙදරට නොගිහිං වැට ළඟ ඉඳන් හයියෙන් කතාකළා.

ග්‍රාමසේවක ඉන්නවද?

ම්ම්හ් සද්දක් නෑ.

ග්‍රාමසේවක ඉන්නවද දන්නෙ නෑ නේද?

මුන් දෙන්න හයියෙන් කතාකරනකොට ගේ ඇතුලෙ ඉඳන් ගෑනුකෙනෙක් ඉස්සරහට ඇවිත්...

මොකක්...

නෑ මේ ග්‍රාමසේවක ඉන්නවද කියල බැලුවෙ,චරිත සහතිකයක් ලියෝගන්න...

චරිත සහතික ඉල්ලන්න කලින් කතාකරන්න ඉගෙනගෙන වරෙව්,කතා කරන්න දන්නෙ නැති අවලම්මු,තව චරිත සහතිකත් ඉල්ලන්න එනවා...

පුපුරා හැලුන ඒ ගෑනු කෙනා මුන් දෙන්නව එළවගෙන,එදා උන් දෙන්න රාළහාමි නොකිව්වෙ නොදන්න කමටද නැත්නං අර ගෑනු කෙනා කිව්වා වගේ අවලං කමටද කියල මම ඇහුවෙ නං නෑ.

ඔය මැතිවරණ රාජකාරිවලට යද්දි පත්වීම එන කොලේම උපදෙස්ද  සඳහන් වෙනවා.ඒ උපදෙස් අතර ඡන්ද පොළේදී කෑම බීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී වරයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද දක්වා තිබෙනවා,මෙන්න මේ විදියට...

උදෑසන ආහාර වේලක් සඳහා           රු........
දිවා/රාත්‍රී ආහාර වේලක් සඳහා         රු........
කිරි තේ එකක්                               රු........

කෑම බීම ගෙදරින් නොගෙනෙන ග්‍රාම නිලධාරී වරයාගෙන් කෑම ලබාගන්නා සියළුම නිලධාරීන්ගේ කෑම බිල කවුරු හෝ කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයෙක් විසින් සියලු දෙනාගෙන්ම එකතුකර ග්‍රාම නිලධාරියාට ලබා දෙනවා.ග්‍රාම නිලධාරින්ගේ ආහාර සැපයීමත් පුද්ගලයාගේ ආකල්පය අනුව වෙනස් වෙනවා.නගරබද ග්‍රාම නිලධාරියෙක් නම් අවශ්‍ය කෑම පාර්සල් ප්‍රමාණය ගණන් බලා හෝටලයකින් හෝ කෑම සැපයීම කරන කාන්තාවකට ඇණවුම ලබාදී හෝ සපයා දෙනවා.නමුත් ගම්බද ග්‍රාම නිලධාරීන් මීට වෙනස්. ඔවුන් රසට ආහාර පිසින කාන්තාවන් ලවා විශේෂයෙන් කෑම පිළියෙළ කරවනවා.මම ඉස්සෙල්ල කියපු අපේ ග්‍රාම සේවක නිස්සංක රාළහාමිත් ඒ විදියයි.අසුදෙකේ ඡන්දෙ වෙලාවෙ මම ඡන්ද පොළේ වෙනම රාජකාරියක් කළා කියල කිව්වනෙ.ඉතිං උදේට මගේ කෑම වේල ගෙදරින් ඒවා තිබුණා.කෑම ටික කන්න කෑම කාමරයට ගියාමයි ඡන්දෙට ආපු නිලධාරීන්ට නිස්සංක රාළහාමි කෑම සපයා තිබුන ආකාරය මම දැක්කෙ.මේස දෙකතුනක් එකට අල්ලල දිග මේසයක් හදල සුදු රෙදි එලල හරියට මඟුල් මේසයක් වගේ.ඒ මේසෙ නැති කෑමක් නෑ.එතන තියාගෙන මම ඉඳිආප්ප ටික කන්න ලෑස්ති වෙද්දි නිස්සංක රාළහාමි එතෙන්ට ඇවිත්...

මොකටද ගෙදරින් කෑම ගෙන්නගත්තෙ,මෙහෙ ඇතිවෙන්න කෑම ලෑස්තිකරල තියෙනවනෙ...

කියල කිව්වා,ඒ නිසාම මම දවල්ට කෑම ඒ මේසෙන්ම සප්පායම් වුණා.පස්සෙ කාලෙකදි ඡන්ද රාජකාරිවලට ගියාම  ග්‍රාම නිලධාරියා දෙන මෙලෝ යකෙකුට කන්න බැරි නීරස කෑම පාර්සලේ කනකොට නිස්සංක රාළහාමිගේ කෑම මේසෙ මට මතක්වෙන්නෙ නිරායාසයෙන්මයි.

කන්න කෑම තියා බොන්න ඇල්වතුර ටිකක් වත් නොලැබුන ඡන්දත් අපි කරලා තියෙනවා.ඒ අසූ ගණන්වල මුල්ම පළාත් සභා ඡන්දෙ,ජේ වී පිය මුල ඉඳන්ම ඔය ඡන්දෙට කචල් දැම්මා.මුලින්ම ඡන්දෙ දාන්න එන එකාට මරණය ආදී වශයෙන් පෝස්ටර් හිටං ගහල තියෙද්දී ඡන්ද රාජකාරිවලට නම් කරපු නිලධාරීන් අසනීපයි කියල මග අරිද්දි තරුණ රාජ්‍ය සේවකයො වෙච්ච අපි අභියෝගෙ බාරගන්නත් එක්ක ඡන්දෙට ගියා. ඒක ඡන්දයක් නෙවෙයි යුද්දයක්.

දැන් නං පෝස්ටුව ලිව්ව ඇති ඇති කියල හිතෙනවා.ඡන්දෙට ගිහිං යුද්දයක් කරපු හැටි ඊළඟ සැරේ ලියන්නං.මේ ටිකේ මොන මොනා හරි ලියන්නත් එපායැ නැත්නං බොලා ලියපිය ලියපිය කියල තර්ජනේ කරනවනෙ.ඉතිං අදට මේ ඇති නේද ෴

59 comments:

  1. ado halapaya mama tamai mulinma comment ekak danme onnnn

    ReplyDelete
  2. හැලපතුමා අද බොහොම රසබර අතීත මතකයන් ගොඩක් පෙළගස්වලා...
    අපි ඉපදිලත් නැති ඒ කාලේ මැතිවරණ කටයුතු ගැන ගොඩක් දේ දැනගත්ත, කිසිම ආයාසයක් නැතුව කියවගෙන යන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එමා.ඒ කාලෙ මැතිවරණ කටයුතු ගැන තව කතා කීපයක්ම ලියන්නයි අදහස.

      Delete
  3. රටේ බහුතරය රොස්ලින් ලා තමයි හැලප(අ)යියේ........................ ඔක තමයි රටේ චින්තනය................

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කුරුටු ළමයි.එහෙම උනොත් නං රටේ අනාගතය හරිම අවිනිශ්චිතයි නොවැ.

      Delete
    2. රෝසලින්ගේ යතුර පෙනුන අයට උතුමාණන් වහන්සේ පෙනුනේ නැද්ද ?

      Delete
  4. මේ තියෙන්නේ පෝස්ට්.. රොසලින් නැති උන යතුර නිසා යතුරට ඡන්දේ දානවා. දැන් ඉන්න උන්, සිල් රෙද්දට, චීත්තෙට, සරමට, කෑම පාර්සලේට, බෝතලේට ඡන්දේ දානවා. අපේ එකා කියලා ඡන්දේ දෙන උනුත් තාම ඉන්නවනේ. එදත් එකයි අදත් එකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි තාම බන්ඩාරනායකට සෙනානයකට චන්දෙ දෙන අයත් ඉන්නෙ.
      හැලපයියෙ රහයි ඇ

      Delete
    2. මාතලං සමග එකඟයි. ඡන්දය, එහි වටිනාකම සහ එය දීම ගැන නේවාසික පුහුණුවක් පවත්වන්න ඕනි අපේ අයියල අක්කලට.

      Delete
    3. \\ඇයි තාම බන්ඩාරනායකට සෙනානයකට චන්දෙ දෙන අයත් ඉන්නෙ.//

      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. මේ සැරේ ඊටත් එහා යයි.ඔන්න ගෑස් කුකර් බෙදන්න හදනවලු.

      Delete
    5. ස්තූතියි දමිත්.

      Delete
    6. මධුමාධවී,
      ඡන්දය සහ එහි වටිනාකමත් ඡන්දයට වටිනාකමක් ලබාදෙන්නෙ කෙසේද කියන එක ගැනත් මහාචාර්ය මාතලන්ගෙන් ටියුෂන් ගන්න කියමු .

      Delete
  5. එල ද බ්‍රා..ඉතිහාසය ගැන ගොඩක් දේ දැනගත්තා වගේම බඩ අල්ලන් හිනා වුනා යතුරට චන්දෙ දාපු එකට

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්සය නියම ආතල් දෙනව සැරෙන් සැරේට.දැන් නං නෑ මැරිලා වෙන්න ඇති.

      Delete
  6. Replies
    1. උඹ මේ මදියි කියනවා.මේ ටිකත් ලියාගත්ත මදැයි.

      Delete
  7. මේ සැරෙත් අපේ උන් ගහලා කියයි "විට පෙට්ටිය නැතිවෙලා හරි ගෙදර කුරුල්ලා අවලමේ ගිහිං හරි කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් බං එතකොට පෙරහැර ගිහිල්ලා.

      Delete
  8. Rasawath katha godayi. Danne nathi ewath igena gaththa . Lassanayi halape :-)

    ReplyDelete
  9. මොකක්ද මේ වෙනත් රාජකාරිය.?????

    ReplyDelete
    Replies
    1. මල්මි විතරයි ඔය ප්‍රශ්නෙ ඇහුවෙ.ඡන්ද පොළේ රජයෙන් පත්කළ නිලධාරීන් ඇරෙන්නට තවත් කණ්ඩායමක් ඉන්නව.මේ ඡන්දෙදි පොඩ්ඩක් හොයල බලන්නකො දැනගන්න ලැබෙයි.

      Delete
  10. හත්තිලව්වේ මේ තියෙන්නේ කතා නෙව... වැඩිය කල් ඇර ඇර ඉන්නේ නැතිව ඉක්මනට ඊ ළග ටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලියමු ලියමු.

      Delete
  11. සතුටුයි මචෝ.......දශක ගානක් ඔය යතුර කරකවන එක.......
    නායකයන් ගෙ සෙරප්පු සුප් බිව්ව උං හිටපු රටක් නොවැ .......
    අර කෙල හලන මල්ලිලත් ඉන්නෙ ....... ලියපං .......
    උඹ ඉන්න රටේ අපේ උන්ට වෙන ගැහැටත් ලියපං ......

    ReplyDelete
    Replies
    1. ඈ මචං උඹ පූර්ණකාලීනව බුකිගත වෙලා කියල ආරංචියක් ලැබුණා.හැබෑද.

      Delete
  12. නියමයි නියමයි.
    ග්‍රාමයට බම්බු ගහගන්න කියල ඔය ගාන දීල කඩෙන් කෑම කන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ බං ඒකටත් ක්‍රමයක් තියෙනවා.

      Delete
  13. හිහි
    රොසලිං උන්දැ නං දහන්ඩ වටින ඩෑල් එකක් ආයිබංඩ...
    මං එහෙම නං අර වගේ වෙලාවක කරන්නෙ ඉදිආප්ප එක බංකර් ගත කරල අර කෑම මේසෙට පයින එකයි
    හිහි

    ReplyDelete
    Replies
    1. අද වගේ කාලෙක නං කෙලින්ම කරන්නෙ ඒ විදියටයි මහේෂ්.කෝකටත් මම දවල්ට ඒ මේසෙන්ම වැලඳුව.

      Delete
  14. ජනාධිපතිවරයා වැටුපක් ලබනවා නොවැ...ඉතිං ගරු කියලා නමට ඉදිරියෙන් ලියන්න අවශ්‍ය නෑ නේද...අරූ අයියට මොකද හිතෙන්නෙ....මේ පෝස්ටුව බොහොම රසවත් එකක්...අපි ඉතිං මේ කියන කාලය ගැන දැනුමක් නැති උන් නොවැ...හැබැයි මගේ ඇන්ටික් ස්කූටරය නම් මේ කාලයෙත් මොන තරම් රවුම් ගහන්න ඇතිද හැබෑට...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්ට හැලපයියා...කියවගෙන යද්දි මට දැනුනෙ අරූ අයියා ලියපු එකක් වගේ...

      Delete
    2. අරූ ලියන විදියට ලියනවයි කියපු එකටත් මම සතුටුයි.සමාව ඉල්ලන්නෙ මොනවටද?මේ කියන කාලෙ ගැන නං බොලාට දැනුමක් තියෙන්න නැතුව ඇති තමා.

      Delete
  15. රොසලින් වගේ අය තමයි රටේ බහුතර ජන්ද දායකයෝ,දැන් නිස්සංක රාළහාමිට සැහෙන වියදමක් යන්න ඇතිනේ හැලපයියේ අර වගේ කන්ට දෙන්න.එතකොට ඒ අමතරව වියදම් වෙන සල්ලිත් ආණ්ඩුවෙන් රාළහාමිට ලැබෙනවාද ?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මනෝජ්,එන නිලාධාරීන් දෙන මුදල ඇරෙන්න වෙන සතපහක්වත් රජයෙන් ලැබෙන්නෙ නෑ.හැබැයි රාලහාමිට ලොකු මුදලක් වියදම් උන එක හැබෑව.ඒ අය ඒ කාලෙ නිකං තත්වෙට වගේ රස්සාවල් කරපු අය.දේපළ ඉඩකඩම් බව බෝග හරක බාන මිළ මුදල් එමට තිබුණා.පිටින් එන අයට හොඳට සැලකීම ආඩම්බරයක් විදියට ඒ ගොල්ල හිතුවෙ.ඉතිං වියදම බැලුවෙ නැතුව සැලකුවා.

      Delete
  16. නුහුගුනේ තිබුනත් රොසලින්ගේ ලොජික් එක අපේ ගොඩක් චන්ද දායකයෝ චන්දෙ පාවිච්චිකරන ලොජික් එකට වඩා හොඳ ලොජික් එකක්. ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දසයා.බොහොම ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  17. මුල්ම ජනාධිපතිවරනේ තියෙනකොට අපි ඉපදිලත් නෑ.. :)

    රසබර ඡන්ද මතක ටිකක්.. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ කාලෙ තුශානිල කොහෙදවත් නෑ.
      හොඳා හොඳා ඉක්මනට ලියන්නා.

      Delete
  18. හැලපෙගෙ ගම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා අපේ ගම්පළාත දන්නව වගේ.සියනෑ කෝරළේ මැද පත්තුවේ බොහොම සුන්දර ගමක්.

      Delete
  19. නිස්සංක රාලහාමි හිගමනට වැටුනද කියල බලන්න එපැයැ.. රොසලින් අක්කා වගේ මාත් මේ පාර චන්දේ දෙනවා.. චන්ද වලි තිබුන තැන් වලදි සෙට් උනේ නැද්ද?

    අනේ අම්මපල්ල ජනාධීපති වෙන්න ආපු මේ මෛත්‍රිරියා තමන්ගේ නමේ කෑල්ලක් නිසා යන්තං උස්සල ගත්ත පොරක් නෙව..

    ReplyDelete
    Replies
    1. මෙදා සැරේ උඹට ඡන්දෙ දෙන්න යතුරක් නං නෑ.ටැට්ටරයක්වත් හම්බෙයිද බලන්න සාදුටවත් දීල බලපංකො.

      Delete
  20. හැලපේ මෛත්‍රිපාල සේනානායක ගැන කියල තියෙන කතා සමහරක් වැරදියි. ඔහු අනුර එක්ක අයින් වුණේ ජනාධිපතිවරණයට වසර දෙකකට විතර ඉස්සර. අනුර ඊට පස්සෙ කඩා ගෙන ආවා. ජනාධිපතිවරණය එනකොට අනුර ආයෙත් ශ්‍රී ලංකා එකේ. මෛත්‍රි එළියේ. කොබ්බෑකඩුවගෙ කකුලෙන් ඇද්දේ අනුර. මෛත්‍රි හැකි පමණ සපෝට් කළා. දිනන්නේ නැති බව කවුරුත් දැනගෙන හිටියා. මෛත්‍රිපාල ජනමත විචාරණේට සපෝට් කළේ තමන්ගෙ සීට් එක රැක ගන්න. නැතුව මැතිවරණයක් තිබුණා නම් ඒක අහිමි වෙනවා. පස්සෙ ඔහු ශ්‍රී ලංකා එකට ආවා. එතකොට ලොම් හැලිච්චි බල්ලෙක් ගානයි.

    ReplyDelete
    Replies
    1. ඔය මීට අවුරුදු තිස් ගානකට කලින් වෙච්ච දේවල් මතක තියෙන හැටියට ලිව්වෙ.1981- 1982 එකලඟ මේ ඔක්කොම දෙ සිද්ද උනේ.

      Delete
  21. රොසලින්ගෙ කතාව:

    රොසලින් ඔහොම කිව්වට ඇත්තටම එයා යතුරට ඡන්දෙ දැම්මා නම් ඒකට වෙන හේතුවත් තිබුණා වෙන්න පුළුවන්. ගොඩාක් කරාව මිනිස්සු කොල්වින්ට ඡන්දෙ දුන්නා කුලේ නිසා.

    ReplyDelete
    Replies
    1. රොසලින්ට නං නුහුගුණේ ඇරෙන්න මං දන්න වෙන හේතුවක් තිබ්බෙ නෑ.දෙවෙනි කාරණේ නං සම්පුර්ණ ඇත්ත.ඡන්දය හා කුලය ගහට පොත්ත වගේ ඉතාම ළඟින් යන සාධක දෙකක්.

      Delete
  22. //ඔය ජනාධිපතිවරණයට එදා තරඟ කළ හයදෙනා අතරින් අද ජීවතුන් අතර ඉන්නෙ වාසුදේව නානායක්කාර මහතා පමණයි//
    ෂුවර්ද?
    රොසලින් වගේ ආච්චි කෙනෙක් අපේ ගමෙත් හිටිය. ප්‍රේමදාස මහත්තයට විරුද්ධව රාජාලියගෙන් ඉල්ලපු යීම් එකත් එක්ක මල පැනල හිටියෙ මේ ආච්චි. ඡන්දෙ දවසෙ අපේ බාප්ප කෙනෙක් ඇහුව කාටද ඡන්දෙ දුන්නෙ කියල.
    "අනේ මංදන්නෑ ලමයෝ,... මම කුරුල්ලට කතිරෙ ගැහුව" කියල ආච්චි කිව්ව.

    ගියපාර තමයි අපිට නරකම කෑම ලැබුනෙ. අපිරිසිදු සහ අන්තිම නීරස කෑම. අන්තිමට අපි වාහනේකින් ටවුමට ගිහිල්ල කඩේකින් කැම ගෙනාව.

    ReplyDelete
    Replies
    1. ෂුවර් නැද්ද බං.පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.

      Delete
  23. මේ කාලේ මම පොඩි එකා. ඒ වුණත් දේශපාලනය ගැන උනන්දුයි. චන්ද කොලේ 1 මතුවෙන්න මොකක්ද සෙල්ලමක් දැම්මා කියලා කතාවක් ගියා නේද ? පලවෙනි දෙවෙනි මනාප කතාවක් එක්ක.

    ReplyDelete
    Replies
    1. මුල්ම ජනාධිපතිවරණය කාලෙ ඔය දෙවෙනි මනාපෙ කතාව ජයටම තිබුනට ඊට පස්සෙ ඡන්දවලදී නං එහෙම දේවල් කියවුනේ නෑ.මොකද එක ඡන්දෙකදී වත් දෙවෙනි මනාපෙ ගනින්න උනේ නෑනෙ.දැන් මිනිස්සු දෙවෙනි තුන්වෙනි මනාප දාන්නෙත් නෑ අමතකම වෙලා ගිහිං.මම නං දැකලම නෑ.

      Delete
  24. Replies
    1. කොහෙද බං මෙච්චර කල් ගිහිං හිටියෙ.සිංහලවලට මොකද උනේ.

      Delete
  25. හැලපයිය මැතිවරණ රාජකාරි යනකොට අපි දන ගාන වයසෙ :)

    ReplyDelete

ඔබේ අදහස්