Saturday, November 29, 2014

ඡන්දෙ සහ ලැම්බෝගිනි






ආයෙම ඡන්දයක් ඇවිත්.අපි මොනව ලිව්වත් වැඩක් නෑ හිට් වෙන්නෙ නෑ.ලබන ජනවාරි පහුවෙනකල් කියවන අයට අපි ලියන වැල්වටාරං අල්ලල යන්නෙ නෑ.මේ කාලෙ මාතලන් ඇතුළු දේශපාලනය ගැන ලියන සෙට් එකේ කාලෙ.ඉතිං ඒ අයට ලියන්න ඇරල අපි අයිනක් අල්ලගෙන ඒ ගොල්ල ලියන ඒවා කියවමින් සතුටින් මේ කාලෙ ගත කරමු.

මට නං ලියන්න තියෙන්නෙ දේශපාලනය නොවන ඡන්ද කෙරුවාව ගැනයි.කාටත් තේරෙන විදියට කිව්වොත් මැතිවරණ රාජකාරි.මේ ගැන වතාවක් රාජ් ලියල තිබුණා.දේශපාලකයො මාසයක් දෙකක් දඟලන දැඟලිල්ලෙ අවසාන ප්‍රතිපලය ලබාදෙන්නෙ දවස් දෙකතුනක් නිදිමරාගෙන මහන්සි වෙන දහස් ගණනක අහිංසක රජයේ සේවකයන් කණ්ඩායමක් විසිනුයි.මැතිවරණ රාජකාරි සඳහා සුදුසුකම් ලබා ඇති සියළුම රජයේ සේවකයින් ඒ සඳහා අයැදුම් කිරීම අනිවාර්යයි.කම්මැලිකමට ඉල්ලන්නෙ නැතුව ඉඳල අහුවුනොත් එහෙම දඬුවම්.ඒ වුනාට ඉල්ලන්නෙ නැතිව කම්මැලිකමට මග අරින අය ඕනෑ තරම් ඉන්නවා.ආයතන ප්‍රධානියා මේ අයව පාවල දුන්නෙ නැත්නං අහුවෙන්නෙ නෑ.රාජකාරි ඉල්ලුවෙ කවුද නැත්තෙ කවුද කියල හොය හොයා ඉන්න ආයතන ප්‍රධානියාට වෙලාවක් තියෙයියැ.ඒ නිසා කවුරුවත් අහුවෙන්නෙ නං නෑ.

හැබැයි මමනං මැතිවරණ රාජකාරි උවමනාවෙන්ම මග ඇරල නෑ,චේන්ජ් එකටත් එක්ක ඩියුටි යනවා.හැබැයි ඉතිං ජොලිය වගේම කට්ටකුත් තියෙනවා.ඡන්දෙට කලින්දා පෙට්ටිත් අරගෙන පොලිස් ආරක්ෂාවත් ඇතුව ඡන්ද පොලට එක්ක යන්නෙ හරියට රාජ්‍ය අමුත්තො වගේ.වැඩේ ඉවරවුනාම නං තියෙන තත්වෙ ගැන කියන්ඩත් කණගාටුයි.ලංකාවෙ ඡන්ද ගණනාවක මැතිවරණ රාජකාරි කරල තිබ්බත් ඔක්කොම කියන්න ගියොත් දිග වැඩිවන නිසා මම අන්තිමටම කරපු ඡන්ද දෙකේ අත්දැකීම් කීපයක් කියන්නං.

එකක් 2010 තිබ්බ ජනාධිපතිවරණය.ඒ කියන්නෙ රජුට එරෙහිව ජනරාල් තරඟය,ඒ වෙලාවෙ මට ලැබුනෙ දෙහිවල ආසනයේ ගල්කිස්සට ආසන්නව තිබුණ ඡන්ද පොලක්.මේ ඡන්ද පොළ පිහිටා තිබුනෙ ළදරු පාසල් ගොඩනැගිල්ලකයි.ඡන්ද පොළක් ප්‍රියමනාප වෙන්න  ඒ ඡන්ද පොළ අයිති ග්‍රාම නිලධාරියා ඉතාම  වැදගත් සාධකයක් වෙනවා.මොකද අපි ඒ ස්ථානයට පැමිණි මොහොතේ පටන් ඡන්ද පෙට්ටි වහල ආපසු පිටත්වෙන මොහොත දක්වා පැමිණ සිටින නිලධාරී කණ්ඩායමට අවශ්‍ය සියළුම පහසුකම් සලසා දීමේ භාරදූර වගකීම ග්‍රාම නිලධාරිවරයා සතු රාජකාරියක් වන නිසාවෙන් ග්‍රාම නිලධාරීවරයා මිත්‍රශීලී කාරුණික කෙනෙක් නම් කවුරුත් සතුටුවෙනවා.

නමුත් මේ ඡන්ද පොළ අයිති ග්‍රාම නිලධාරිවරයා මට දකින්නට ලැබුනේ අපි ගිය දවසෙ රාත්‍රියෙත් ඡන්ද විමසීම දවසෙ හවස ග්‍රාම නිලධාරියාගේ රාජකාරිය පිළිබඳව ජ්‍යෙෂ්ට ඡන්ද ස්ථානාධිපති විසින් ලියාදෙනු  ලබන වාර්තාව අරගෙන යන්නට ආපු අවස්ථාවෙත් පමණයි.ග්‍රාම නිලධාරියාට තවත් ඡන්ද පොළවල් දෙකක් හෝ තුනක් බාරව තිබුන නිසා අපේ ඡන්ද පොලට ඔහුගෙ සහායකයෙක් වන තරුණයෙක් පූර්ණකාලීනව පත්කර තිබුණා.ඒ තරුණයත් වරදක් නෑ අපි කියපු දේවල් ඔක්කොම කරදුන්නා සහ ඉල්ලපු දේවල් ඔක්කොම ලබාදුන්නා.

ඡන්ද පොළක රාත්‍රිය ගතකිරීම සෑහෙන බියජනක ව්‍යායාමයක්.බියජනක කියන්නෙ මේ හොර හතුරන්ගෙන්වත් ත්‍රස්තවාදීන්ගෙන්වත් ඇතිවෙන තර්ජන ගැන නොවෙයි.හතර වටේම හමුදා සහ පොලිස් ආරක්ෂාව තරකරලා තියෙන නිසා ඒ ගැන කිසිම බයක් නෑ.නමුත් කිසිම හමුදාවකට මෙල්ල කරන්නට බැරි මදුරු හමුදාවෙන් කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ.විශේෂයෙන් නගරබද සහ කොළඹට කිට්ටුව මෙවැනි තැන්වල රාත්‍රියට තියෙන මදුරු කරදරය වචනවලින් විස්තර කරන්නට අමාරුයි.චන්ද පොළවල්වල මම අනන්තවත් රාත්‍රිය ගතකරලා තිබ්බත් මදුරු කරදරේ නැතිව නිදාගන්න ලැබුනෙ එකම එක ඡන්ද පොළකදියි.ඒ අනූහතරෙ මහ ඡන්දෙදි රාජකාරි කරන්නට ලැබුණු වැලිපැන්නෙ ගම්බද ඉස්කෝලෙක. රෑට කෑම කාල ඩෙස්ක් දෙක තුනක් ලංකරගෙන ඇලවුනා මතකයි.ඉස්කෝලෙ කොට බිත්ති උඩින් දෙපැත්තෙන්ම හමන පිරිසිදු සීත සුළං පහස ලබමින් මළා වගේ එලිවෙනකල්ම නින්ද ගියා.ග්‍රාම නිලධාරියා උදේ තේ ගෙනත් කතාකරනකොටයි ඇහැරුනේ.

ඉතිං කොහොමහරි ඒ දීර්ඝ රාත්‍රිය මදුරුවොත් සමග ගෙවාදාල උදෙන්ම සුදානම්  වෙලා හත වෙද්දි ඡන්දය ආරම්භ කළා.ඡන්දපොළක් බාරව කටයුතු කරනකොට අනුන්ගෙ ඡන්ද සෑහෙන්න දාන්න සිද්ද වෙනවා.ඒ කියන්නෙ අතපය වාරු නැති,ඇස් පෙනෙන්නෙ නැති,අසනීප කාරයො වත්තං කරගෙන ඡන්ද පොළට ගෙනාපුවම බාර අරගෙන ඔවුන්ගෙ ඡන්දය දාල ආපහු ගෙනියන්න බාරදෙන්න ඕනෑ.එතකොට ඡන්දෙ පාවිච්චි කරන්න දන්නෙ නැති අය ඕනෑතරම් එනව ඒ අයගෙ ඡන්දය දාන්න ඕනෑ.සමහරුන්ගෙ අතට ඡන්ද කොළේ දුන්නම ඒක අතට අරං උඩබිම බලනව මොනව කරන්නද දන්නෙ නෑ.ඒ අයට කතාකරල බය ඇරල කියල දෙන්න ඕනෑ.එහෙමත් බැරිනං ඒ අයගෙන් අහල කියන ලකුණට ඡන්දෙ දාන්න ඕනෑ.ඔය වගේ වැඩ ගොඩයි.සාමාන්‍යයෙන් අපට උපදෙස් දෙන්නෙ වෙන කෙනෙකුගෙ ඡන්දයක් ලකුණු කරද්දි ඡන්ද පොලේ කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිටත් ලඟට කතාකරල ඡන්දය ලකුණු කරන්නයි.එහෙම සාක්කියක් ළඟ තියාගන්නෙ සැකය නිසා ඡන්දදායකයන්ගෙන් පසුව එල්ලවෙන්න පුළුවන් අභියෝග මගහරවා ගන්නයි.මමනං තනියම ඡන්දය ලකුණු කරන්න යන්නෙම නෑ හැම තිස්සෙම කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරයට  ලඟට කතාකරල අදාළ ඡන්දය ඔහු හෝ ඇයත් ඉදිරිපිට ලකුණු කරනවා.මොකද මැතිවරණ රාජකාරිවලදී කිසිදිනක රජයේ සේවකයන්ට වංචා ගැන චෝදනා එල්ලවෙලා නැහැ.ඒ ගෞරවනීය තත්ත්වය අපි හැමදාම පවත්වා ගත යුතු නිසා.

ඉතිං ඔය විදියට මම අනුන්ගෙ ඡන්ද දමමින් එක සීරුවට වැඩෙහි යෙදිලා ඉන්න අතරතුරේ එක්තරා කාන්තාවක් කොළෙත් අරගෙන ඡන්දය ලකුණු කරන කුටියට ආවා.ඇවිත් වටපිට බලද්දි මම ටිකක් විමසිලිමත් වුණා.මගෙ දිහා බලපු ඇය සිනාමුසු මුහුණින් මට කතාකළාම මමත් එතනට ගියා.ඇය බර්ගර් ජාතික කාන්තාවක් බව මට පෙනුනා.

වෙයාරීස් දැට් ඩක් මෙන් ?

ඇය මගෙන් අහනවා.මගෙ ලයිට් එක පට ගාල පත්තුවුනා.මේ අහන්නෙ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද ලකුණ වන හංසයා ගැන බව මට වහාම තේරුණා.මම ඇයට හංසයා පෙන්වා,

බට් ඉට් ඊස් නොට් අ ඩක් මෑම්,ඉටීස් ස්වෝන් .

කියල කිව්වා.

යේස් යේස් ස්වෝන් ස්වෝන් කැන් යු ප්ලීස් වෝට් ඉට් ෆෝ මී?

සුපුරුදු විදියට කනිෂ්ට ඡන්ද ස්ථානාධිපතිවරියත් ලඟට අඬගහල මම ඒ කාන්තාවගේ ඡන්දය ලකුණු කරල ඇයටත් පෙන්නලා පෙට්ටියට දාන්න කියල කොළේ ඇය අතට දුන්නම ඇය මට ස්තූති කරලා ගිහිං ඡන්දය දැම්මා.ඔය ඡන්දෙ දැමිල්ල කොරන්න ගිහිං තව වැඩක් උනා ඒ ඊට පස්සෙ තිබ්බ මහ ඡන්දෙ වෙලේ.එක ඡන්දදායකයෙක්  මාදැක්ක මරාගන්ටම  ආවනෙ.ඒ කතාව ආයෙම කියන්නං.ඉතිං වැඩි සිදුවීමකින් තොරව හවස හතරට ඡන්ද පෙට්ටියත් වහගෙන බස් එකේ පටෝගෙන ඔන්න බොරැල්ලෙ ඩී එස් එකට ආවා.ඒ සැරේ කොළඹ දිස්ත්‍රික්කේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තිබ්බෙ ඩී එස් එකේ.ඇවිත් පෙට්ටියත් බාරදීල රෑ කෑම ගන්න දෙන කූපන් එකත් අරං ගණන්කිරීම පටන්ගන්න තව ගොඩක්වෙලා යන නිසා තේ එකක් බොන්න කියල එළියට බැස්සා.මෙන්න අපේ ඔෆිස් එකේ අක්‍රම් ඉස්සරහට එනවා.

කොහෙද බං ඡන්දෙ කළේ ?

මට පෝලිං රාජකාරි තිබ්බෙ නෑ බං ගනින්න විතරයි තියෙන්නෙ,මේ ගෙදර ඉඳන් එන ගමන්...

ගණන් කරන්න පටන් ගනිද්දි බැරියැ,වරෙන් තේ එකක් බොන්න යන්න...

අපි දෙන්න ඉස්සරහ කඩේට යන ගමන් අක්‍රම් දවල් සිද්දවෙච්ච දේවල් කියනවා.

ඒකයැ,ජෙනරාල්ට ඡන්දෙ තිබ්බෙ නෑ කියල ආණ්ඩුව දැනගෙන තියෙන්නෙ අද දවල්,එවෙලෙ ඉඳන් ටී වී එකේ දුන්න මඩ පාරක් ආයෙ හොදි ඕන නෑ බං...

කවුද මඩයා...

වෙන කවුද ඉතිං අර මඩවංස මිසක...

අපි දෙන්න හිනාවෙවී තේ බීල ඇවිත් ඡන්දෙ ගනින තැන්වලට පිටත්වුනා.

කතාව තව ගොඩක් දිගයි.ඒ වුනාට අදට ඇති ඇති කියල හිතෙන නිසා තවත් කොටසකට ඉඩතියල දැනට ඉවර කරන්නං.ආ මම ඉහළින් දාල තියෙන පිංතූර කීපය ගැනත් යමක් කියන්න ඕනෑ. පහුගිය දවස්වල මම ඩුබායි මෝල් එක ඉස්සරහින් යද්දි කොල්ලො කෙල්ලො සමුහයක් වාහනයක් වටේ වටවෙලා බලනවයි පිංතූර ගන්නවයි දැකල එතනට ගිහිං බලපුවම කට්ටිය ලැම්බෝගිනියක් වටකරගෙන ඉන්නව දැකල මාත් පිංතූර කීපයක් ගත්තා.ලංකාවෙ දේශපාලනයයි ලැම්බෝගිනියි අතර තියෙන අමුඩෙයි පුකයි වැනි සහසම්බන්ධතාව හේතුභූත කොටගෙන හුදීජන පහන් සංවේගය උදෙසා ඒ පිංතූර මෙතන දාන්න ඕනයි කියල හිතුන නිසා මම ගනිපු පිංතූර ඔක්කොම ටික ඔන්න ගෙනත් දැම්මා෴

55 comments:

  1. the last phote - pakasitan guy
    priceless!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඇනෝ මුල්ම පොටෝවෙත් ඉන්නෙ පකිස්තානුවෙක් මට හිතෙන හැටියට.

      Delete
  2. //මේ කාලෙ මාතලන් ඇතුළු දේශපාලනය ගැන ලියන සෙට් එකේ කාලෙ.ඉතිං ඒ අයට ලියන්න ඇරල අපි අයිනක් අල්ලගෙන ඒ ගොල්ල ලියන ඒවා කියවමින් සතුටින් මේ කාලෙ ගත කරමු.//

    හොඳ අදහසක්!!! :D

    ReplyDelete
    Replies
    1. ඔයා නං කාටත් හොරෙන් ලොකු රවුමක් ගැහුවනෙ.

      Delete
  3. ඔය තියෙන්නේ පෝස්ට් මේන් මේවා හරි ලියහන්. බලහං චෙෆාකිගේ පෝස්ට් එකේ රහ.. මට හිතෙන්නේ පෙනුමෙනුත් උඹලා දෙන්නා එක වගේය කියලා. මට තාම චෙෆාකී හම්බ වෙලා නෑ.

    අනේ අර අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික මෙහේට එවන්න තිබුනේ. උඹ කියන්නේ සුද්දොත් බය වෙනවා මෙහේ තියෙන වාහන දැක්කාම. දවසක් ඔඩෙල් එකේ ලැම්බා දෙකක්. එකක කුමාරයෙක්. තව එකක තව එකෙක්. ඌ නම් කව්ද දන්නේ නෑ. හැබයි ඉතින් පෙර පින් කරපු මිනිස්සු වෙන්ටෑ. ලැම්බා එක යන එකෙ නමෙයි.. සුද්දොත් කොර වෙන එකට. මම බය උනේ සුද්දි, සුද්දා දාලා මෙහේ නවතියිද කියලා.

    ReplyDelete
    Replies
    1. සුද්‍දියෝ නවතිද බං ඇග අතගාගන කනත් අතගාගන්ඩ

      Delete
    2. @ මාතලන්....අනේ අපේ හැලප මහත්තයාට අපහාස කරන්න එපා...එතුමා මම වගේ කලු බඩ තඩි රැවුල්කාරයෙක් නෙවෙයි....හම්බ වෙච්ච දොහොක බොට තේරෙයි....වරෙන්කො සෙයිලමට...

      Delete
    3. ඔය විදියට බලනකොට මේ රටවල් මොනවද ලංකාවනෙ රට.ලංකාවෙ උන් ලැම්බෝ දැක්කට ගණන් ගන්නෙවත් නෑ,ඒ වුනාට මුං මැරෙන්න හදනවා.

      Delete
  4. හැලපෙකටත් වැඩිය රහයි මේ පෝස්ට් එක හැලප+අයියෙ.
    82 ලාම්පු කළගෙඩි විචාරණේදි ඔය වැලිවේරියට බොහොම කිට්ටු පලාතක වයසක අම්මා කෙනෙක් ඡන්ද පත්‍රිකාව ඔබන්න කලේ කොහෙද කියලා ඇහුවලු.

    ReplyDelete
    Replies
    1. ඒ සැරේ ඡන්ද ලකුනු තිබ්බේ කලෙයි ලාම්පුවයි.කතිරෙ ගහල ඡන්දෙ කලේට දාන්න ඕනයි කියල ඒ අම්මට හිතෙන්න ඇති.

      Delete
  5. හැලප මහතාගේ පොස්ට් කියෙව්වම මට නං පෙන්නේ ඔබට මැතිවරණ රාජකාරි ගැන හොද අත්දැකීම් තියෙනවා කියලයි. මටත් මේ තියෙනවා ගැටලුවක් ඔබවැනි අයෙක්ගෙන්ම අහලා දැනගන්න. ඒ තමයි දැන් මෑත කාලීනව අපි දන්නවා ලංකාවේ මැතිවරණ වලදී බොහෝ දෙනක් කතාකරන්නේ ජිල්මාට් ගැන. එහෙම නැත්තං මනාප ජන්ද හොරකම් කිරීම් ගැන. ගීතා කුමාරසිංහ, විජිතමුණි සොයිසා,සුසන්තිකා, අගමැතිගේ පුතා වගේ ආණ්ඩුවේ ඉන්නා මැති ඇමතිලම කියනවා එයාලගේ මනාප හොරකම් කෙරුවයි කියලා.

    උදාහරණයක්‌ විදියට පහුගිය ඌව පළාත් සභා ජන්දෙදි මනාප ජන්ද ගණන් කර අවසන් වෙන විට තෙවැනි තැන සිටි ශෂේන්ද්‍ර රාජපක්ෂ පසුව පළවෙනියා උනයි කියලා ආණ්ඩුවේ ප්‍රභාලයෝම මාත් එක්ක කියලා තියෙනවා.

    ඉතින් හැලප මහතා ඔවැනි දෑ වෙන්න පුලුවන්ද? ජන්ද රාජකාරිවලට සහභාගී වී ඇති, බ්ලොග්ද ලියනා රාජ් වැනි අයත් මේ ගැන මොකද කියන්නේ? කෙලින්ම කියන්න බැරි නං නිර්නාමිකව වත් හරියට පිළිතුරක් දුන්නොත් නරකද?

    ....

    ලංකා ඊ නිවුස් එකේ තිබුන පුවතක් තමයි ඔය පහලින් තියෙන්නේ. මෙව්වා ඇත්තද?

    -1 කොටස-

    ප්‍රවේශමෙන්.! මෙන්න මැකෝගේ අතීත ජිල්මාට්.. ! -විකල්ප ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියක් විපක්ෂයෙන්ද සිදුකළ යුතුයි-------

    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.27, ප.ව.7.40) ලක්බිමේ මුල්පිටුවෙ පොකට් කාටුනය අඳින එම්.ඩී.වීරරත්න නොවැම්බර් 27 වැනිදා සිය ‘මරිසිපාලයන්’ ලව්වා විශාල කතාවක් මතු කර ඇත. මරිසිපාලගේ බිරිඳ මෙසේ කියයි.

    ‘මැකෝ කියනවා ජනාධිපතිවරණ දින තීරණය එයාගෙලු’

    එවිට මරිසිපාල මෙසේ අසයි.

    ‘එතකොට යෝජනාව කාගෙද?’

    මේ කාටුනයෙන් මතුවන සමස්ථ අදහස විශාල එකකි. ඒ නම් වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු ම ඡන්දදායකයන්ට ‘බබා’ දාන්නේ ය යන්නයි. ප්‍රසිද්ධ රහස් ගැන ඔහු අදහස් ප්‍රකාශකරන්නේ නැතිව හිටියා නම් ගැටළුවක් පැන නැඟෙන්නේ නැත. නමුත් මෙසේ ඉදිරියට පැන අදහස් ප්‍රකාශ කිරීම විසින් ‍ඔහුගේ සමස්ථ භාවිතය ගැනම සැකයක් උපදියි. තමන් සේවය කරන්නේ ආණ්ඩුවට නොවන බවත් තමන් රජයේ සේවකයකු බවටත් ප්‍රකාශ කිරීම හාස්‍ය උපදවයි. ඔහු රාජ්‍යය සහ ආණ්ඩුව අතර වන දේශපාලිනික න්‍යායික අදහස සමාජයට කියන්නට වෙර දරයි. රජය රැකගැනීමට නම් දිවි හිමියෙන් කටයුතු කරන්නට ඔහු පේවී සිටින බවද පවසන ඔහු මේ පුන පුනා කීමට උත්සාහ කරන්නේ තමන් ඉතාම ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරියකු බවයි. හාස්‍ය උපදින්නේ ඔහු ලංකාවේ මැතිවරණකොමසාරිස්වරයා නිසයි.

    අනෙක් පසින් මේ හාස්‍යයේම ඌණපූරණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම ජනාධිපතිවරණය නිලවශයෙන් කැඳවන්නට පෙරම කී ප්‍රකාශයක සඳහන් විය. ඔහු කීවේ ‘කොම්පියුටර් ජිල්මාට් දමා’ හරි මේ ඡන්දය දිනන බවය. ජනාධිපතිවරයා මේ බැව් කිවේ තමන්ගේ කතාව අසා සිටි ප්‍රේක්ෂාගාරයට හාස්‍ය රසයෙන් පිනවන්නට මෙන්ය. නමුත් හැම හාස්‍යක් තුළම ඇත්ත කිසියම් ප්‍රතිශතයක් ඇති බව හැම කෙනෙක්ම අසා තිබෙන්නට පුළුවන්ය. මෙහිදී මෙම ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගන්නට ඇති ඉඩකඩ පෙන්වා දීමට අප මෙහිදී උත්සාහ කරන්නේ මහින්ද දේශප්‍රිය නම් වන මැතිවරණ කොමසාරිස්වරයාට තමන්ගේ ඉතිහාසය මතක් කර දීමට ය. එසේ කරන්නට අපට සිදුවන්නේ ඔහුගේ මේ විකාරසහගත හැසීරීම නිසාය.

    ReplyDelete
    Replies
    1. -2 කොටස-


      ඵ් අනූව දශකයේ අගභාගයයි. ගාල්ලේ බහුතරයකගේ කැමැත්ත වූයේ ඵදා ගාලු මහජන කී‍්‍රඬාංගණය එතෙක් පැවති ආකාරයටම ඉදිරියටත් පවතිනවා දැකීමය. නමුත් ඵ් බහුතරයකගේ කැමැත්තට පයින් ගසා ගාලු මහජන කී‍්‍රඬාංගණය ශී‍්‍රලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට කුමන්ත‍්‍රණකාරී ලෙස පවා දීමට සෘජුවම හවුල් වූවේ කවුදැයි දැන් කාටත් මතක නැත. ගාලු ජනතාවටත්, පාසල් දරු දැරියන්ටත් මහජන කී‍්‍රඬාංගණයේ දොරටු වැසුණි. මේ කුප‍්‍රකට ගනුදෙනුව පිටුපස සිටි ප‍්‍රධානතම චරිතයක් වූයේ එවකට ගාලු ක‍්‍රිකට් සමාජයේ සභාපති, වර්තමාන ශී‍්‍ර ලංකා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය ය. සාධාරණත්වයත්, විශිෂ්ඨත්වයත් එකවිට සාක්‍ෂාත් කළ නොහැක, යනුවෙන් පවසමින් ඔහු එම කුපාඩි ක‍්‍රියාවලිය සාධාරණීකරණය කලේය. ඔහු විශාල මුදල් ගණු දෙනුවක හවුල් කරුවෙකු වෙමින් විශිෂ්ඨ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක් තැනුවේය. නමුත් ජනතාවගේ අයිතියට, සාධාරණත්වයට පයින් ගැසුවේය.

      මාගේ මතකයේ හැටියට ඒ ද අනූව දශකයේ අග පැවති දකුණු පළාත් සභා මැතිවරණයකි. එදා ගාල්ලේ දේශපාලන බලවතා වූ රිචඩ් පතිරණගේ චක්ගෝලයෙකු වූ කේ.පී.අමරපාල ද ඵහි අපේක්‍ෂකයෙකු විය. ඇමති රිචඞ් ට අවශ්‍ය වූයේ කෙසේ හෝ අමරපාලට පළාත් සභා මන්ත‍්‍රීධූරයක් ලබා දීමයි. රිචඩ්ගේ උවමනාව එවකට ගාල්ලේ සහකාර මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප‍්‍රිය ඉටුකර දුන්නේය. ඒ පලමු වතාවට කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බලමින්ය. අනතුරුව ගාල්ලේ ජනතාව අමරපාල හැඳින්වූයේ ‘කොම්පියුටර් පළා බබා’ යනුවෙනි. දැන් ඒවා කාටත් මතක නැත්තේ ඇයිදැයි මට නම් හරිම ප්‍රශ්නයකි.

      වර්තමාන දකුණු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන යූ.ජී.ඩී. ආරියතිලක එදා අප‍්‍රසිද්ධියේ මහින්ද දේශප‍්‍රියට චෝදනා කරමින් පැවසූයේ මනාප ඡන්ද ගණන් කිරීමෙන් පසු දෙවන ස්ථානයේ සිටි තමාව පසුපසට ඇද දැම්මේ මහින්ද දේශප‍්‍රිය විසින් බවය. ඒ සිද්ධිය අද ඔහුට පවා අමතකව තිබීම පුදුමයකි. ඔහුගේ චෝදනාව වූයේ තමාට ලැබුණු මනාප ඡන්ද අමරපාලට ලබාදෙන්නට මහින්ද ක්‍රියා කළාය යන්නයි. එසේම එම මැතිවරණයේදීම කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පොදු පෙරමුණෙන් තරග‍ වැදුණු වාමාංශික අපේක්‍ෂක ඒ.ජී.සී. පියසිරි තමන්ට මන්ත‍්‍රීධූරයක් නොලැබුණේද මහින්ද දේශප‍්‍රියගේ මෙම ,කොම්පියුටර් ජිල්මාට්ටුව, නිසා යැයිද ඔහුම තැන තැන ප්‍රකාශ කළ බව දැන් ඔහුටද අමතකය. මේ චෝදනාවන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රියගේ පිළිතුර වූයේ සුපුරුදු විකාර සහගත මෙගා සිනහවය. නැතිනම් ‘එහෙම කරන්නේ කොහොමද බං?‘ යයි ප‍්‍රශ්ණය ඇසූ එකාගෙන්ම ඇසීමය.

      මෙම ලියුම් කරුගේ මතය නම් මහින්ද දේශප‍්‍රිය ප‍්‍රථම වතාවට සාර්ථකව කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බැලුයේ මෙම දකුණු පළාත් සභා මැතිවරණයේදී බවයි. ඵම මැතිවරණයේදී පොදු පෙරමුණෙන් තරඟ වැදුණු සියලු සියලු අපේක්‍ෂකයින්ගේ හෘද සාක්‍ෂිය ඊට සාක්‍ෂි දරණවා නියතය.

      Delete
    2. -3 කොටස-


      මහින්ද දේශප‍්‍රියගේ විශිෂ්ඨත්වයත්, සාධාරණත්වයත් පිළිබඳව මීළඟ කථාව එන්නේ 1999 ජනාධිපතිවරණයෙන්ය. හොර ජන්ද පත‍්‍රිකා මුද්‍රණය කර ඡන්ද පෙට්ටි මාරු කිරීමට ඇති සූදානමක් පිළිබඳව මැතිවරණ නිරීක්‍ෂකයින්ගේ අවධානය යොමුව තිබුණි. ඡන්ද කොල්ලය සඳහා ආණ්ඩුව මූලිකවම වගකීම් පවරා තිබුණේ දිස්ති‍්‍රක් සමෟද්ධි කළමනාකරුවන්ටය. පසු කාලයකදී එවකට ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ එස්.බී.දිසානායක පවසා සිටියේ තමන් කෙලී සේනානායකට අයත් මුද්‍රණාලයක හොර ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කර රට පුරා බෙදා හැරිය බවයි. ඡන්ද කොල්ලය අතටම අසුවූයේ බෙලිඅත්තෙන්ය. එහි යැවූ හොර ඡන්ද පත‍්‍රිකා අතපසු වීමකින් නියම ඡන්ද පත‍්‍රිකාවේ ප‍්‍රමාණයට කපා නොතිබුණි. එජාප ඡන්ද ගණන් කිරීමේ නිළධාරියෙකුව සිටි නීතිඥයෙකුට මේවා අසුවිය.

      නමුත් ගාල්ලේදී මහින්ද දේශප‍්‍රිය තම රාජකාරිය අකුරටම ක‍්‍රියාවට නැංවූ බවට සැක නැත. මැතිවරණය අවසන්වී දින කීපයකට පසු ඔහුගේ කාර්යාලය පිටුපස හොර රහසේම ඡන්ද පත‍්‍රිකා විශාල ප‍්‍රමාණයක් ගිනි තැබුවේය. එවකට ගාල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන විසින් මීට අදාල සියලු කාරණා හෙළිදරව් කරගනු ලැබූවත් ඉන් කිසිදු ප‍්‍රථිපලයක් අත්නොවීය. චන්ද්‍රිකා බණ්ඞාරනායක කුමාරතුංග රජය නොපමාව මහින්ද දේශප‍්‍රියට කළගුණ සැලකූයේ ඔහු රාජගිරීයේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ලෙසට පත් කිරීමෙන්ය.

      මහින්ද දේශප‍්‍රිය යනු මේ වන විට ශ‍්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිළධාරියෙකි. ඡන්දයක් ප‍්‍රකාශයට පත් කිරීමේ සිට අවසන් ඡන්ද ප‍්‍රථිපල නිකුත් කිරීම දක්වා වූ සියලු කාර්යන් ඔහුට කජු කනවා වැනිය. අවසන් ඡන්ද ප‍්‍රථිපලයක් තමන්ට අවශ්‍ය ලෙස සූක්‍ෂමව වෙනස් කිරීමට ඔහු අමරපාලට, අත්හදා බැලූ ක‍්‍රමවේදය මේ වන විට වැඩි දියුණු කර තිබෙනවා යන්න තර්කානුකූල ඇත්තක්ය. ඔහු එතරම්ම ,මාස්ටර් බ්රේන්, චරිතයක් බව මෙම ලියුම්කරු ඉතාම හොඳින් දන්නා කාරණාවකි. 2010 ජනාධිපතිවරණයේදීත්, පසුගියදා අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේදීත් යම් ප‍්‍රදේශයන්හි සහ අවසාන ප‍්‍රතිපලයන්හි ඇදහිය නොහැකි ප‍්‍රතිපලයන්ගෙන් පෙන්නුම් කරනුයේ ජිල්මාට්ටු දැමීමේදී තවමත් ඔහුට සුළු සුළු අත්වැරදීම් සිදුවන බවය.

      මෙම ජිල්මාට් කථාව රට පුරා ප‍්‍රචලිතවීමත් සමගම රාජපක්‍ෂ රෙජීමයත්, මහින්ද දේශප‍්‍රියත් නොසිතූ ගැටළුවකට මුහුණ දුන්හ. ජිල්මාට් දමා අවසන් ජන්ද ප‍්‍රතිපලය වෙනස් කළ හැකි නම් ඡන්දය දැමීම සඳහා ජන්ද පොළට යාම නිරර්ථක ක‍්‍රියාවක් ලෙසට ඡන්දදායකයින් කල්පනා කිරීමය. 2010 ජනාධිපතිවරණයේ සිට පසුගිය දා අවසන් වූ බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණයන් දක්වා වූ මැතිවරණයන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණේ මේ නිසාය.

      Delete
    3. -4 කොටස-



      මෙම ලියුම්කරුගේ මතය අනුව ජිල්මාට්ටුවක් තිතටම ක‍්‍රියාත්මක කිරීමට නම් උපරිම ඡන්ද ප‍්‍රතිශතයක් ප‍්‍රකාශයට පත් වී තිබිය යුතුය. තමන්ට අවශ්‍යය ලෙසට ඡන්ද එහාට මෙහාට කළ හැකිවන්නේ එවිටය. මේ නිසා ඡන්දපොළ විශ්වාසය බිඳ වැටී සිටි ඡන්දදායකයා නැවත එහි ගෙන්වීමට රාජපක්‍ෂ රෙජීමයත්, මහින්ද දේශප‍්‍රියත් උපක්‍රමශීලීව පසුගිය ඌව පළාත් සභා මැතිවරණය යොදාගත් බව මේ ලියුම්කරුගේ මතය යි.

      ඌව පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශ කළ දා පටන්ම මහින්ද දේශප‍්‍රිය මතුරන්නට වූයේ ඡන්දය දා උදයේම ඡන්ද පොළට පැමිණ ඡන්දය ප‍්‍රකාශ කරන ලෙසටයි. ජිල්මාට් කථා බොරු බවත්, ඔබේ රහස් ඡන්දය කිසිවෙකුටත් බැලිය නොහැකි යයිද ඔහු පුන පුනා ප‍්‍රකාශ කලේය. අවසානයේ සාධාරණ ඡන්දයක් පැවතියේ නම් බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් අන්ත පරාජයකට පත් වීමට නියමිතව සිටි රජය යාන්තමින් ගොඞදමා දීමට ඔහු සමත් විය. නමුත් මෙය අහම්බයක් නොවීය. ආණ්ඩුව යාන්තමින් ගොඩ දැමීම තුළ ඔවුන්ගේ තවත් බලාපොරොත්තුවක් විය. ඵනම් මීළඟ ජනාධිපතිවරණයේදී රජය පරාජයට පත් කළ හැකි යයි උද්යෝගයක් ජනතාව තුළ ඇති කිරීම තුළින් ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණය ඉහළ දමා ගැනීමයි.

      බැලූ බැල්මට මෙය මහා විකාර කථාවකි. නමුත් මේ කතා කරන්නේ ඡන්ද ජිල්මාට් ගැනය.

      කොම්පියුටර් ඊට අදාල වන්නේ ගණන් හිලව් ඇහැට පෙනෙන තැන එය බවට පත්වීම නිසාය. මෙය හිතලුවක්ම පමණක් නොවේ. මන්ද මෙය ජිල්මාට් ගැන කතාවක් වන නිසාය. එබැවින් අවධානයෙන් සිටින්න. මහින්ද දේශප‍්‍රියගේ කොම්පියුටර් ජිල්මාට්ටුවට අවශ්‍ය විශාල ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයකි. එය ඔහුගේ ජිල්මාට්ටුව අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම පහසු කරවන නිසාවෙනි. 2010 ජනාධිපතිවරණයේදී ඡන්ද ප‍්‍රතිපල නිකුත් කරමින් සිටියදී හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සැළකිය යුතු කාළ සීමාවකට අතුරුදහන් වීමත්, එම කාළය තුළදී සමස්ථ ප‍්‍රතිපල නිකුත් කිරීමේ කටයුතු මහින්ද දේශප‍්‍රිය විසින් පවරා ගැනීමත්, අනතුරුව දයානන්ද දිශානායකට ආතතිය ඇතිවීමත් සැහැල්ලුවෙන් සැලකිය යුතු කාරණා නොවන්නේය.

      එබැවින් මෙම ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම (ආසන මට්ටමින්) ලැබෙන සියලූම දත්ත (අවසාන ස්වාධීන අපේක්‍ෂකයා දක්වාම) සටහන්ගත කිරීම තුළින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙනයන ක‍්‍රියාවලියට සාපේක්‍ෂව විකල්ප ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාමට විපක්‍ෂය අපොහොසත් වූවොත් මේ මහින්ද සිටින තුරු ඒ මහින්දත්, ඒ මහින්ද සිටින මේ මහින්දත් සදාකාලිකවම බලයේ සිටිනවා නියතය.

      මහින්ද දේශප‍්‍රිය යනු කවරෙක්දැයි තවදුරටත් පැහැදීමට තවත් එක් කථාවක් මෙහි සටහන් කළ යුතුමය.

      මේ 2000 දශකයේ මුල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාළක මණ්ඞලයේ පැවති නිලවරණයකි. අපේක්‍ෂකයින් වූයේ අර්ජුන රණතුංගත්, තිලංග සුමතිපාලත් ය. නිළවරණයට පෙරදින රාත‍්‍රියේ දිවයිනේ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඞා සමාජයන්හි ඡන්ද හිමි නිළධාරීන් තිලංගගේ නිවසට කැඳවා තිබුණි. ඒ තිලංගට පක්‍ෂව ඡන්දය ලබා දීමේ කොන්දේසියට යටත්ව ඔහුගෙන් ලැබෙන්නා වූ වරදාන වරප‍්‍රසාද ලබා ගැනීමටය. ගාලු ක‍්‍රිකට් සමාජය නියෝජනය කරමින් පැමිණි මහින්ද දේශප‍්‍රිය ද ඒ අතර විය. ඒ වන විටත් ඔහු ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විය. කථාබහ අතරතුර ඔහු අපූරු යෝජනාවක් තිලංගට ඉදිරිපත් කලේය. එනම් මේ ඡන්ද සියල්ලම තිලංගට ලැබීමත්, හිටපු ක‍්‍රිකට් නායකයකු වන අර්ජුනට එක් ඡන්දයක්වත් නොලැබීම තුල කිසියම් අකටයුත්තක් සිදුවී යයි යමෙකුට සැකයක් ඇතිවිය හැකි බැවින් ඔහුටත් ඡන්ද 8-10 ක ප‍්‍රමාණයක් ලබා දීම සුදුසු බවයි. එවෙලෙහිම තිලංග පවසා සිටියේ ‘ප්‍රොෆෙසර්නේ ඡන්ද ගැන දන්නේ (තිලංග මහින්ද දේශප‍්‍රිය අමතන්නේ ප්‍රොෆෙසර් යනුවෙනි) එහෙනම් එහෙම කරමු’ යනුවෙනි. ඒ අනුව එම නිළවරණයේදී ජන්ද 8-10 අර්ජුනට ලැබුණි.

      ඒ මහින්ද දේශප‍්‍රිය මෙදා ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා ය. ජිල්මාට් නිර්මාතෘවරයා ය.!

      Delete
    4. ඡන්ද ගණන් කිරීම සහ ජිල්මාට් ගැන මගේ අදහස/යෝජනාව මේකයි.
      1.සාමාන්‍යයෙන් ඇත්තටම හොර ඡන්ද කියල දාන්න පුළුවන් අනුන්ගෙ ඡන්දයක්. අක්කගෙ ඡන්දෙ නංගි දැමිල්ල වගේ. එතනදි පොඩි පැටලිල්ලක් එන්න පුළුවන් ඡන්දපොල නියෝජිතයන්ට උනත්. නමුත් සමස්ත ප්‍රතිපලයට ලොකු බලපෑමක් එයි කියල හිතන්න බෑ.

      2.අනිත් එක තමයි ඔය ජිල්මාට් කියන්නෙ. සාමාන්‍යයෙන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක අන්තිම වෙද්දි කාටත් ටිකක් එපාවෙච්ච ගතියක් තියෙන්නෙ. විශේෂයෙන්ම මනාප වලදි යොමුවන අවධානය අඩුයි. මේක වලක්වාගන්න ක්‍රමය ඔබ කියල තියනව.
      එක පක්ෂයකින් තුන් දෙනෙක් එක කාමරයක හිටියනං හොඳටම ඇති. මේ වැඩේට යම් දැනුමක් තේරුමක් තියන පිරිසක් දාන්න වෙනව. එයාල අන්තිම මොහොත දක්වාම තමන්ගෙ ශාලාවේ ඉලක්කම් ටික ගැන අවධානයෙන් ඉන්න ඕන. අන්තිම වෙද්දි නියෝජිතයන් කට්ටියට පුළුවන් තමන් අතේ තියන ප්‍රතිපල එක්ක නිල ප්‍රතිපලය සැස‍ෙඳෙනවද කියල බලන්න. මම දන්න තරමින් නම් කිසිම පක්ෂයකින් මේවගේ ටැලි කිරිල්ලක් සිදුවෙන්නෙ නෑ. ජිල්මාට් කතාවට හේතුව ඒක වෙන්න පුළුවන්.

      Delete
    5. මේ ඇනොගේ දීර්ඝ කමෙන්ටුව මම පත්තරේක කියෙව්වා.මේ සම්බන්ධයෙන් කියන්නට බොහොමයක් දේවල් තිබෙනවා.රාජ් විස්තරේ යම් තරමකට කියලත් තියෙනවා.කෙටියෙන් කිව්වොත් කියන්න තියෙන්නෙ ජිල්මාට් කතාව හිතලුවක් පමණයි කියලයි.මේ සම්බන්ධයෙන් මා පසුවට පෝස්ටුවක්ම ලියන්නට බලාපොරොත්තු වෙනවා.

      Delete
  6. පොහ්.....අනේ අම්මේ මැතිවරණ ආරක්ෂක රාජකරිනං කොරලා තියනවා ඉහේ කෙස් ගානට. අනේ අම්මෝ....ඡන්දපොළේ රාජකාරිනං එපා.

    ලාම්පු කලගෙඩි ඡන්දෙ කාලේ මටයි තව එකෙකුටයි කිව්වා මධ්‍යම සහ ඌව පළාත්වල තත්වය ගුවනින් නිරීක්ෂණය කරන්න කියලා හැලිකොප්පරේකින් ගිහිං. ඒ පයිලට් තඩියා බදුල්ලේ උගේ යාලුවෙකුගේ ගෙවල් පැත්තේ කැරකුනා. මයියන්ගනේ බාලා උගේ යාළුවෙකුගෙන් බීලා කාලා ආව. මහ වැස්සේ. මූ ආවේ පොළොවට අඩි දෙකක් විතර උඩින්. මම කිව්වා තෝ මැරුණට කමක් නෑ අපිව නොමරා යමන් තව ටිකක් උඩින් කියලා.

    ReplyDelete
    Replies
    1. ආරක්ෂක සේවාවල අයට ඡන්දපොළ රාජකාරි නිකං නරක හීනයක් වගේ.එපා වෙනවා කියන්නෙ එපාම වෙනවා.

      Delete
  7. යකෝ ඩුබායි වල බුවාල ලැම්බො දැකල නැද්ද. අපිටනං ඕව කිසිම වටිනාකමක් නෑ. :D

    චන්ද පොල රාජකාරි ගැනනං අපි නොදනී.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං ඩුබායි වල උන් දැකල නැතුව ඇති.අපේ රටේ නං ඔව්ව තම්බෙකට ගණන් ගන්නෙ නෑනෙ.

      Delete
  8. Replies
    1. එහෙමයි.ඔබ නැවත පැමිණීම සතුටක්.

      Delete
  9. XXX මහතා ලොරියත් සමග විනෝද වෙන උද්වේගකර අවස්ථාවක්...
    https://www.facebook.com/video.php?v=995941460446217&fref=nf

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ.ඒක පුද්ගල බහුකාර්ය සංගීත කණ්ඩායමක් වගෙයි.

      Delete
  10. ආ පකඩෙ,

    කොහොමද? කාලෙකිං පකඩෙගෙ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දාන්නත් බැරිඋනා. පහුගිය පෝස්ට් එකකට වල් කොල්ලෙක් එංගලන්තෙ ඉඳන් කොමෙන්ටුවක් දාලා තියෙනවා දැක්කා පකඩෙට නක්කලයක් දාලා. ඒ හින්දද මේකෙ ඡන්ද රාජකාරි ගැන ලියලත් වෙනද වගේ බීපු බෝතල් ගාන දැම්මෙ නැත්තෙ? බෝතලේ පැත්තෙ ගස් ගල් යට පවා ඇති පදම් අනුමත වෙලා තියෙන, එව්වා ගැන මේවා කියවන අපිවත් යහමින් දැනුවත් කරලා තියෙන අපේ පකඩෙ ඡන්ද රාජකාරි ගිහින් අනුමත නොවී ආවා වෙන්න බෑනෙ.

    මොනවා උනත් පෝස්ට් එක රහයි ඈ. ඊලඟ එකත් ඉක්මනට දාන්න.

    -මම විලියොංගෙ කොල්ලා

    ReplyDelete
  11. ලංකාවේ නම් දැන් මේ බම්බෝ පඩේකට වට ගණන් ගන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං.මුන් දැඟලුවට ලංකාවට ඕවා ගාණක් නෑ.

      Delete
  12. අර කාර් එකේ පිංතුර ටික වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ඒවා ලංකාවෙ ගෝනි ගණන් තියෙනව කියල ඔය කට්ටිය කියන්නෙ.

      Delete
  13. හැලපකඩේ ඇරපු එකට බොහොම තැන්කූ....අරවා මේවා හිතන්නේ නැතුව ලියන්නයි තියෙන්නේ....දේශපාලන පෝස්ට් වලට විතරක් නෙමෙයි හැලපේ ලියන ඕන පෝස්ට් එකකට හිට්ස් තියෙනවානේ....
    චන්දේ දාන්න ආපු කෙනා හැලපේව මරාගන්න ආවය කියන කථාව කෝ....?

    ReplyDelete
    Replies
    1. ලියන්න තමයි කල්පනාව චෙපාකි.ඡන්දෙ දාන්න ආපු කෙනා කෙලගන්න ආපු කතාව ආයෙම පෝස්ට් එකක ලියන්නං.

      Delete
  14. මැතිවරණ රාජකාරි කතාවට ඒකගයි........... අත්දැකීම් තියෙනවා ඡන්ද කිහිපයකම.. මම ගියෙත් වෙනසකට කියලා.. ඒත් පස්සේ කළකිරුණා............. හැලප(අ)යියේ............. නියම කතාව............... සුපර් අා
    ....

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් කුරුටුස්.කලකිරුණා උනත් රාජකාරියට යන්නම එපැයි.

      Delete
  15. ඔයි තියෙන්නේ මයි ඩක් මෑන්.. මාතලං උගේ කුනුහරුප ටික ලියාගත්තාවේ.. උඹ මෙන්න මේ වගේ ටිකක් වත් ලියහංකෝ.. චන්දේ ඉවර වෙනකං චන්ද රාජකාරි ගැන ලියන්න බැරියැ.. එක පාරක් චන්දේට ආපු පොලොසියේ මගේ යාළුවෙක් ටී 56 අපේ ගෙදර ඇද අස්සේ ගහල ගෙදර ගියා. ආයි ආවේ දවස් දෙකකින්.. ඒ හාදයෝ සතියක් විතර ඩියුටිය කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපි දුක් විඳින්නෙ දවස් දෙකයි නැත්නං උපරිම දවස් තුනයි.ඒ අහිංසකයෝ සතියක් දෙකක් දුක් විඳිනවා.

      Delete
  16. කෝ දැන් මෙතන හැලපෙ ලැම්බො එකත් එක්ක ගනිපු පොටෝව? ඒක අඩුයි නෙවැ.

    මොන එකක්ද මන්දා ලැම්බො මට පේන්ටම බැරි කාර් ජාතියක්. ඒකටත් එක්ක පෝර්ෂෙ, ආන්න සෙක්සි වාහන.. :-D

    පලි: අර කියන්නං කියාපු කතාව කියන්නෙ ඊළඟ ඡන්දෙදි ද?

    ReplyDelete
    Replies
    1. ඔය පොටෝ ටික අරගෙන කැමරාව පවුලට දීල මම ගියා ලැම්බෝගිනිය ලඟට, ගිහිං පුතය වගේ හිටගත්තා.පින්තුරෙ ගන්නකන්.
      අනේ මේ තමුසෙ ඔතන හිටගත්තම කාරෙකත් එක්ක මස්තබාල්දු වෙනවා.පිස්සු කෙලින්නෙ නැතුව මෙන්න මෙහාට එනවා.
      පවුල කියපුවම මම නිකම්ම කැන්සල් වෙලා පසුබැස්සා.ඔන්න ඔය නිසයි ඔතන මගෙ පොටෝව අඩු.බුරානිස්ට තේරුණාද?
      ආ ඊළඟ ඡන්දෙට වැඩි කාලයක් නෑනෙ එන අප්‍රේල් ද කොහෙද කිව්වා නේද.ඒ කතාව එතකොටම ලියමු.

      Delete
  17. හැලපේ,
    උඹ අර ජන්ද කතා ටික කියල ඉවර කළානම් වඩා හොඳයි.
    උඹේ පෝස්ට් එක ඇතුලේ ඇනෝ කෙනෙක් ඇවිත් පෝස්ට් දෙක තුනක් දාල ගිහින් තියෙනවා මොනවද අහලා.
    උත්තරයක් දීපන් බලන්න, අපිටත් යමක් දැනගන්න.

    ලැම්බෝගිනි... හැක් හැක්...
    ඇත්තටම ඕක කතා කලයුතු මට්ටමේ වාහනයක්ද...

    ReplyDelete
    Replies
    1. කතා ටික කියන්නං බං.තාම ඡන්දෙ පටන් ගත්ත විතරනෙ.නොමිනේෂන් දුන්නෙත් නෑනෙ.ඒ ඇනෝ කියපුව එහෙමපිටින්ම මම ඊට කලින් දවසක පත්තරේකද කොහෙද කියෙව්වා මතකයි.ඔය සම්බන්ධයෙන් දීර්ඝව කතා කළ යුතු වෙනවා.ඒ නිසා මම පෝස්ටුවක්ම ලියන්නං.
      කතා කළ යුතු මට්ටමේ වාහනයක් වේවි කියලයි මම ඔය පිංතුර ටික දැම්මෙ.ඒ වුනාට අපේ රටේ දැන් ඔය වාහන ගෝනි කනක්කුවේ තියෙනවලු.

      Delete
  18. ලැම්බෝ ගිනි මොනවද හැලපයියා දැන් අපිට.දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ සාක්කු වලින් පික්පොකට් ගහපු සල්ලි වලින් තමයි ඔය කුමාරවරු ලැම්බෝගිනි පදින්නේ.උමේ මැතිවරණ අත්දැකීම් ටිකත් කම්මැලි නැතුව ලියහන්කෝ අයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්.ඡන්ද කාලය පුරාම මගෙ මැතිවරණ අත්දැකීම් ටික ලියන්නයි හිතං ඉන්නෙ.

      Delete
  19. ඡන්ද ගැනිල්ල පණ යන වැඩක් නෙමේද අප්පා...අපි සුට්ටං උං කාලෙ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරනකොට රතිඥ්ඤා පත්තු කරන්න වැඩිහිටියො ප්‍රධාන මාර්ගය අයිනෙ වටවුන හැටි මතකයි...ඒ අතීතයේ තිබුන සහජීවනය අද පළාතක හොයාගන්න නෑ.

    එක සැරයක් ඡන්ද ගැනපු සෙට් එකට දුන්න කිරිපැකට් වලින් සැට් එකේ බඩ බුරුල් කරලා මාරුවෙන් මාරුවට කක්කුස්සි දුවලා ගම්පහ ඡන්ද ප්‍රතිඵලයත් පමා උනාලු.

    ReplyDelete
    Replies
    1. ඡන්ද ගැනිල්ල පණ යන වැඩක් තමා විශේෂයෙන් මනාප ගැනිල්ල මනාප ගනින ක්‍රමයක් තියෙනවා .මනාප ෂීට් එක ටැලි වෙන්නට ඕනෑ එහෙම උනේ නැත්නං වැරැද්ද හොයන්න ඕනෑ.ඒ වෙලාවට එපාවෙනවා.පෙට්ටි වහලා ගෙනියන්න එළියට ගද්දි පාරෙ සෙනග පිරිලා ඉන්නව සමහරු රතිඤ්ඤා පත්තු කරනවා.
      ගනින්න ඇතුළට ගිය වෙලේ ඉඳන් එක එක ජාති කන්නයි බොන්නයි දෙනවා.බෙදන්න ලේසි නිසා දැන් හැමතැනම දෙන්නෙ මයිලෝ කිරි පැකට්.ගනින තැනදී තේ එකක් කෝපි එකක් බීවොත් ඇරෙන්න මම නං ඔය එක එක කිරි ජාති කටේ තියන්නේවත් නෑ.

      Delete
  20. මොකද්ද බං කියන වෙලාවෙ කියහංකො ඔක්කොම!

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ ඉවරවෙනකල් මේ ගැන ලියන්න ඉන්නෙ බං.

      Delete
  21. මටත් මතකයි 2000 විතර අපි සෙට් එකක් බදුල්ල පැත්තේ ඩියුටි හදාගෙන ගියා. පහුවදා ඇඳිරිනීතිය දාපු හින්දා ගෙදර එන්න බස් නෑ. ඒ මදිවට ග්‍රාමයත් ආගිය අතක් නෑ. නන්නත්තාර වෙලා ඉද්දි එතන එහා වහල තිබුන පොඩි කඩේක හිටිය මුදලාලි සෙට්උනා. මිනිහ අපිට කන්න උයල දුන්නා. ලඟ පොට් එකකින් වැඩිගානට ගල් බෝතල් දෙකකුත් අරන් දුන්නා. මට මතක විදියට එකක් 400ක්ද කොහෙද උනා.

    ReplyDelete
    Replies
    1. ඡන්දෙට ගිහිං ආපහු එනකොට ඇඳිරි නීතියට අහුවෙලා කොච්චර නං කට්ට කාල ඇද්ද.හබැයි ඉතිං ඡන්ද රාජකාරි කරල ආපහු එන ගමන් කියපුවම ආමි එකෙන් පොලිසියෙන් කරදර වෙන්නෙ නෑ.ඔයවාගෙ ආතක් පාතක් නැතුව අතරමං වෙලා ඉන්න වෙලාවට පිහිටවෙන අය නං මිහිපිට දෙයියො තමා.

      Delete
  22. හැලපේ අයියේ බොටනං පිස්සු... මං වෙලාවකට හිතෙන් මවාගන්න හදනවා උඹ නිකං බ්ලොග් එක දිහා බලං ඉහේ අත ගහං කල්පනා කරන හැටි... :D

    ඇයි යකෝ අරකා මේකා මොන මගුල ලිව්වම මොකද තමන්ට තියෙන දේ කියලා දාන්න මොන බාධාවක්ද...? කාලේ රැල්ල කොහේට උනත් තමන්ට උවමනා දේ ලියාගෙන ඔහේ ඉන්නයි තියෙන්නේ.. කමෙන්ට් අඩු වෙන්නේ වෙන වෙන රැලි තියෙන හින්දා නෙවෙයි උඹ දැන් එක දිගට පෝස්ට් දාන එක අඩු කරලා හින්දා... ඕනම බ්ලොග් එකක් දවස ගානේ පෝස්ට් දානවනං සහ ඒවායේ ඔය බහුතරයට නොතේරෙන අණ්ඩර දෙමළ නොවේනං.. කියවන්න කට්ටිය සහ කමෙන්ට් කරන්න කට්ටිය ඇති පදං ඉන්නවා... මනුස්සයා අනිත් අයත් එක්කලා හොඳ සහජීවනෙන් ඉන්නවනං ඒ තත්වේ තවත් වැඩියි. බොලාලයි ලිවිල්ලේ මොනම අඩුවක්වත් නැහැ.. අඩුව උනේ ලියන වේගේ නැවතුන එක.. ආයෙම එක දිගට පෝස්ට් දාලා බලහංකෝ කියවන්න කට්ටිය නැති වෙයිද කියලා...

    අනිත් දේ තමා අපි ඇවිල්ලා පන්සිය පණස් ජාතකෙන් කතා අහලා පුරුදු වෙච්ච රටක මිනිස්සු... (අර ණයන්න නිකං එනට අවුල් වගේ කියලා හිතෙනවා.. ඒ ගැන වචනයක් හරි කිව්වොත් මකනවා කොමෙන්ට් එකම හරිය..? :D )
    ඉතිං දැනටත් අහන්න කැමති එහෙම කතා... ඔය එදිනෙදා දකින අහන දෙයක් ගැන මූලික කරගෙන ඒකත් එක්ක මතක් වෙන අතීත කතා ලිවිල්ල සාර්ථක වෙන්න ආන්න ඒ ජාතක කතා කියවිල්ලේ හුරුවත් බලපානවා... දැන් බලහං මේ දවස්වල ඡන්දේ.. උඹ දැන් ඒ ඡන්දේ ගැන කතා කරන ගමන් යනවා අතීතෙට... ගිහින් ඇදලා ගන්නවා පරණ කතාවක්.. කතාව අවසානයට ඕං ආයෙම වර්ථමානයට කඩං පාත් වෙනවා.. මෙව්වත් නිකං ජාතික කතා මොඩල් එකමනේ... ඕන තරං අය කියවයි... දිගට ලියහං එච්චරයි...

    ආ තව ඕනනං පුළුවන් මේ ඡන්ද කාලේ අතීත කතා ලියන ගමන් ඔය අයියා පොඩි එකා කාලේ.. ඒ කිව්වේ මේ පණහේ දශකයේ විතර ( :D ) දේශපාලන වේදිකාවල වෙච්ච හොද හොඳ රස කතා එහෙමත් මතක් කරන්ට... ඕනනං ඒ අස්සේ පුළුවන් ඒ ඒ කාල වකවානුවල තිබුන මැතිවරණ ක්‍රම... ආණ්ඩුක්‍රම වියවස්ථා ගැන උනත් අතරින් පතර ඔබ්බන්ට... කොච්චර දේවල් තියේද කාලයත් එක්ක ලබා තියෙන අත්දැකීම් මතක වලින් ලියන්න...
    අර පිංතූර ඔබන එකනං ටිකක් අඩු කලත් කමක් නැහැ අත්‍යවශ්‍යම තැනක ඇර... මොකද බර වැඩි උනාම ලෝඩ් වෙන්න ටිකක් වෙලා ගන්න හින්දා.... අනික දාන පිංතූර පොඩියට දාන්න බලන්න.. අපට උවමනා එකක් තිබුනොත් ඒ උඩ ක්ලික් කරලා ලොකු කරං බලන්න..

    මේ ටිකේම ඔය දේශපාලන කතා හින්දා මංනං හුගක් බ්ලොග් බලන එක නවත්තලා තියෙන්නේ.. රීඩරෙන්ම මුල් පේලි ටික කියෙව්වා.. අතෑරියා... ඒත් මේක දේශපාලනය පැත්තක තියලා ලයලා කියලා තේරුන හින්දා ඔන්න කියෙව්වා සහ කමෙන්ට් කලා දවස් ගානක් පරක්කු වෙලා හරි...
    හා ඔන්න මං ගියා...

    ReplyDelete
    Replies
    1. //මෙව්වත් නිකං ජාතික කතා මොඩල් එකමනේ..//
      කොහොමද බොල ජාතක කතායි ජාතික කතායි දෙකම එක උනේ.

      Delete
    2. දිගම දිග කමෙන්ටුවට බොහොමත්ම ස්තූතියි.ඔය වගේ ඡන්දෙට අදාළ පරණ කතා ටිකක් ලියන්න හිතාගත්තා.පිංතූර ගැන මම එච්චර හිතුවෙ නෑ.ලොකුවට දැම්මම ලෝඩ් වෙන්න පරක්කුයි කියන එක කල්පනා උනේ මාරෙ කිව්වට පස්සෙයි.ඒ ගැන මතක් කලාට බොහොම ස්තුතියි.,

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. පටන් ගත්ත අනිත් කතාවත් කියලම පොස්ට් එක ඉවර නොකිරීමට විරෝධය .. ( හි.. හි .. )

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි විරෝධතා පටන් ගන්න එපා.අනික් කතාවත් කියනවා ඉක්මනටම කියනවා.

      Delete
  25. හැලපයියේ.. ඩිරෙක්ට් ඡන්ද කතා වෙනුවට මේ වගේ ඡන්ද අතුරු කතා කියවන්න ලැබෙන එක හරිම අපූරුයි.. ඒත් හැලප ඉට්ටැයිල් කථා වලට තියෙන ඉල්ලුම නම් අඩුවෙලා නෑ.. ඒ මේ අවු අස්සෙම පරන තාලේ කතා ටිකකුත් දාමු.. නැත්නම් අපි වගේ කියවන උන් පවුනේ.. ජය ශ්‍රී!

    ReplyDelete

ඔබේ අදහස්