Sunday, October 19, 2014

අපේ කඨින පිංකම විලියොංගෙ රස්සාව ජොලාගේ ඕවරේ සහ පොඩීගෙ ලව් එක.

  

අහම්බෙනුත් බ්ලොග් පෝස්ට් ලියවෙනවලු.මොනා හරි ලියන්න දැන් සති දෙකක ඉඳන් තටමනවා.කොටස් දෙකක් ලියපු මගෙ සලාලා සංචාරක සටහනේ ඉතුරු හරිය ලියන්න ගත්තා,බාගයයි.ඊඩ් නිවාඩුවට ගියපු ඩුබායි සංචාරෙ ගැන ලියන්න ගත්තා,බාගයයි.ලියවුනේම නෑ ඉතිං මොකද කරන්නෙ කියල හිත හිතා ඉද්දි කඨින පෙරහැරක් ගැන තුශානි ලියපු මෙන්න මේ  සටහන දැකපුවම කඨින පිංකම් ගැන හිතේ තිබ්බ මතකයන් රාශියක් අවදි වුණා.ඒ වගේම මේ වස් පවාරණ කාලෙ කඨින පිංකම් ගැන ලිවීමත් පිනක් නොවැ.ඒ නිසා කඨින පිංකම් සම්බන්ධ ටීකාවත් පොඩ්ඩක් කියලම ඉමු.

වස් කාලය කියන්නෙ වැහි කාලය,වැහි කාලෙ එක්තැන් වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා වස් කාලය අවසන ලොකු පිංකමක් පවත්වල වස් පවාරණය කරනවා.ඒ වස් පිංකමට අමතරව වස් කාලය පුරාම පන්සලේ පිංකම් රාශියක් පැවැත්වෙනවා.පංසලේ සහ දායක සබාවේ හයි හත්තිය අනුව විවිධාකාරයේ පිංකම් පවත්වනවා.ඒ කියන්නෙ හොඳට ඇති පැති පන්සල් හැම සතියකම අලංකාර මල් පෙරහැරවල් පවත්වනව සහ කඨින පෙරහැර සහ පිංකම ඉතාම අත්‍යාලංකාරයෙන් පවත්වනවා.එතකොට නැති බැරි පන්සල් කරන්නම අවශ්‍ය නිසා නොකර බැරිකමට කඨින පෙරහැර සහ පිංකම පවත්වනවා.මොන ආකාරයට කලත් කඨින පිංකම මහත්පල මහානිසංස ගෙන දෙන පිංකමක් බව හාමුදුරුවරු දෙසා වදාරනවා මම අහල තියෙනව.

කඨින පෙරහැරේ සහ පිංකමේ අර්ථයත් එය පවත්වන ආකාරයත් ඔයගොල්ලො හොඳින්ම දන්න නිසා මම ඒ ගැන වැඩිදුර විස්තර කරන්නට යන්නෙ නෑ.ඒ වෙනුවට මට මතක ඇති කාලෙ ඉඳන් අපේ පංසලේ කඨිනෙ පවත්තපු හැටි ගැන පොඩි විස්තරයක් කරන්නං.අපි තරුණයො සන්දියෙදි කාලයක් කඨින පිංකම බොහොම ජයට කෙරුනෙ පංසලේ හිටපු අරියසෝබන පොඩි හාමුදුරුවන්ගෙ උනන්දුවත් අපේ තරුණ විසේත් හින්දමයි.එක අවුරුද්දක මල් පෙරහැරකට අපි කට්ටිය ලී කෙළි නැටුමක් කළා.පුරුදු කෙරෙව්වෙ ගුණපාල අපි කොල්ලො අටදෙනෙක් සාරිවලින් අන්දන ඇඳුම් ඇඳගෙන තුප්පොට්ටි බැඳගෙන බොහොම ජයට ලීකෙළිය කරමින් පෙරහැරේ නැටුවා.ආ තව එකක් අමතක වුණා මල් පෙරහැරවල් ඉවර වෙලා ගෙදර එන ගමන් කරපු තවත් පිංකමක් ගැන මම ගිය අවුරුද්දෙ ලියපු කොන්ත්‍රාත්තුව  කතාවෙ ලිව්වා.අදාළ කොටස මම එතනින් උපුටල දක්වන්නම්.

"අබේ කියන්නෙත් අපේ කණ්ඩායමේ හිටපු හොඳ හිත ඇති කොල්ලෙක්,කඩවසම් හොඳ උස මහත,ඕනැ දේකට පස්සට අදින්නෙ නෑ.

අබයටත් විලියොංගෙ පවුල එක්ක පොඩි තරහක් තිබුණා.මොකක්ද විලියොංගෙ කොල්ලො දෙන්නා,ඒ කියන්නෙ පකඩයයි,සඳුවයි දවල් තිස්සෙ සෙල්ලං ගෙයක් හදනව.මේක අපි උඹල හදපු සෙල්ලං ගෙවල් වගේ නෙවෙයි,වරිච්චි බැඳල මැටිගුලි තියල පොල් අතු බැඳල,උං ලස්සන බලනව.  පන්සලේ මල් පෙරහැර ඉවරවෙලා මහරෑ ගෙදර එන ගමං අබයයි මමයි මුංගෙ සෙල්ලං ගේ පයිං ඇනල කඩල දානව.අනේ ඉතිං පහුවදා උදෙත් අරුං දෙන්න අඬ අඬා ආපහු සෙල්ලං ගේ හදනව එදා රෑටත් ඒ සෙතේමයි.



අනේ ඒ ඒ... මේ පොඩිඋං දෙන්න වේයො හුඹහ බඳිනව වගේ හදන සෙල්ලං ගේ මේ පාහරයො රෑට කඩල දානවනෙ...කිය කියා දෙස් දෙවොල් තියමින් හිටපු විලියොංගෙ පවුල දවසක් රෑ සෙල්ලං ගේ ලඟ හැංගිලා රැකල ඉඳලා.ඕකෙ වගක් දන්නෙ නැතුව එදත් අබයයි මායි රෑ එනගමන් සෙල්ලං ගෙට වැදිල බිත්තිවලට පයිං අනින්න ගත්තා.



හාආආ...තොපි අල්ලගන්න තමයි මමත් රැකල හිටියෙ හිටපියවු වල් පාහර බල්ලො,තොපේ හතර හන්දි කැඩෙන්න ඕනැ මේ පොඩි උංගෙ සෙල්ලං ගේ කඩනවට....

කොහෙද අකුලක හැංගිලා හිටපු විලියොංගෙ පවුල කෑ ගහගෙන මාරාවේශයෙන් වගේ අපේ පැත්තට දුවගෙන එනවා.අබයටයි මටයි දැං කරකියාගන්න දෙයක් නෑ.අපි දෙන්නා ඔලුව හැරුණු අතේ දිව්වෙ කෙහෙල් පඳුරු දෙබෑ කරගෙන.



දිව්වට වැඩක් නෑ,ගෑණි අපිව අඳුන ගත්ත,කිරිසුදු හඳ එලියනෙ දවල් වාගෙ.මේ ගැනත් පහුවදා හා හෝවක් ගියාට වැඩේ එච්චර දිග දුර ගියෙ නෑ,දෙගොල්ලො බැණගෙන නිකං හිටිය."

මේ වැඩෙත් හිතේ තියං හිටපු අබයා පස්සෙ දවසක විලියොංගෙ ගෑනිට හුජ්ජ ගහල වයිරෙ පිරිමහගත්තා.විලියොං ගෙ පවුලත් වැඩිකල් ජීවත්වුණේ නෑ ඊට අවුරුදු කීපෙකට පස්සෙ මැරිල ගියා.රෙදිමෝලේ රස්සාව කරගෙන හිටපු විලියොං රස්සාවෙන් පැන්ෂන් අරං ටික කාලෙකට පස්සෙ ඔත්පොළ වෙලා ඇවිදගන්න බැරුව ගිහිං කාලයක් අර වෝකර් එකක් පාවිච්චි කරමින් ඇවිද්දා.පහුගිය අවුරුද්දෙ මැද බාගෙ වගේ මිනිහත් මළා කියල මට දැනගන්න ලැබුණා.

විලියොං රස්සාවකට යන්න ගිය හැටි ගැන තවත් කතාවක් තියෙනව,මිනිහ කොල්ල කාලෙ  ගෙවල් ළඟ හිටපු හෙන්දිරික් රස්සාව කළේ කොටුවෙ මහ තැපැල් කන්තොරුවෙ,හරියටම කිව්වොත් හෙන්දිරික් පෝස්ට් මාස්ටර් ජනරාල් ගෙ ඔපිස් පියන්.තැපැල් කන්තෝරුවෙ රස්සාවක් හොයල දෙන්න කියල විලියොං හැම තිස්සෙම හෙන්දිරික්ට කන් කෙඳිරි ගානවා.ඒ කාලෙ මැති ඇමතිල පස්සෙ නොගියට ආයතනයකට සුළු සේවකයෙක් ගන්න ප්‍රධානියාට පුළුවන්කම තිබුණා.ඒ වුනාට ඉතිං රජයේ රස්සාවක් දෙන්නත් මනුස්සයෙකුට අකුරක් ඉලක්කමක් පුළුවන් වෙන්න එපායැ.ගොන් බඳින කණුවක් වෙච්චි විලියොං තමන්ගෙ ලොක්ක ලඟට එක්ක ගිහිං සවුත්තු වෙන්න බෑ කියල හෙන්දිරික් වැඩේ මග අරිමින් හිටියට විලියොංගෙ අම්මල තාත්තලත් වද කරන නිසා දවසක් විලියොංව කන්තෝරුවට එක්කරගෙන ගියා.

උඹ ඔතනින් ඉඳගෙන ඉඳිං, මං රාජකාරි ටික ඉවර කරලා උඹව මහත්තය ලඟට එක්ක යන්නං...

හෙන්දිරික් එහෙම කියල විලියොංව බංකුවක ඉන්දවල ඇතුළට ගියා.පැයක් දෙකක් ඔහොම ඉඳගෙන ඉද්දි එකපාරටම හෙන්දිරික් සුදු කෝට් එකක් ඇඳල නැමි පනාවක් ඉහේ ගහගෙන හිටපු තවත් මනුස්සයෙක් එක්ක ඇවිත් විලියොං ඉදිරියෙ පෙනී හිටියා.

විලියොං, වටීස් යුව නේම් විලියොං...

අර මනුස්සය විලියොං ගෙන් එහෙම අහපුවම විලියොං පණ බයේ ගැහෙන්න ගත්තා.විලියොං උඩ බිම බලද්දි ආපු මනුස්සය අවඥාවෙන් කට ඇද කරල හෙන්දිරික් එක්ක ආපහු යන්න ගියා.ටිකකින් හෙන්දිරික් ආපහු  ආවා.විලියොං තාම දියෙන් ගොඩට ගත්ත මාළුවා වගේ ගඩ ගඩ ගගා ගැහෙනවා.

අනේ බං අයියෙ මාව ආපහු එක්ක පලයං...

ඇයි බොල හරකො කට වහගෙන හිටියෙ,මොනව හරි කිව්ව නං රස්සාව අතේනෙ...

අනේ බං මම  ඉංගිරිස් දන්න එකක්යැ,ඉතිං මොකවත් කියන්නෙ කොහොමද?

යමං යමං උඹයි මායි කොරන ආණ්ඩුවෙ රස්සාවල්...

හෙන්දිරික් විලියොංව කොටුවෙන් කෝච්චියෙ පටෝල ගෙදර එව්වා,අර වැඩේ විලියොං රස්සාවල් ඉල්ලන එක එපා කරවන්න හෙන්දිරික් කරපු උප්පරවැට්ටියක් කියල දැනගෙන හිටියෙ හෙන්දිරික් විතරයි.පස්සෙ කාලෙක රෙදිමෝල හදද්දි ඒකෙ සිල්ලර වැඩට ගියපු විලියොංට  රෙදි මෝල හැදුවට පස්සෙ සිවිල් අංශයෙ රස්සාවක් ලැබුණා.

ඔය රෙදි මෝලෙ ඒ කාලෙ හිටපු මිල් මැනේජර් පෙරේරගෙ පුතා ජොලනන්දන හෙවත් ජොලා රාජගෙ මල්ලි සුදු ගෙ ක්ලාස් මේට් නිසා අපේ සැට් එකත් එක්ක සෙල්ලං කරන්න වල බහින්න එහෙම අපේ ගමට එනවා.

ඔන්න දවසක් අපේ ටීම් එක සික්ස් අ සයිඩ් ටුනමන්ට්  එකක් ගහන්න රාගම ගියා.ටීම් එකට කට්ටිය හදිසියෙ හොයාගන්න ලැබුනෙ නැති නිසා මම ටක් ටක් ගාල ඇහින්දාස් ටීම් එකක් හැදුවා,ක්‍රීඩකයෝ ටික මෙහෙමයි මම,වෙනුජ,ජොලා,එතකොට බී රෝඩ් එකේ එකම වෘත්තීය ක්‍රීඩකය වුන පියසිරියි තව පොලු කඩල යන්න බෝල් කරන කොල්ලෙක් හිටිය, ඔය පස්දෙනයි මාත් එක්ක ඉස්පිරිතාලෙ වැඩකරපු පොඩීයි,හයදෙනා ඔහොමයි.කට්ටිය කෝච්චියෙ ගිහිං රාගමින් බැහැල ටූනමන්ට් එක තිබ්බ මහර හිරගෙදර පිට්ටනියට ගියා.

අපේ මැච් එක තිබුනෙ කඩවත ටීම් එකක් එක්ක.අපි ඉස්සෙල්ල බැට් කරල අවුලක් නැතුව පනස් ගාණක් ගහගත්තා.ඔන්න කඩවත ටීම් එක බැට් කරන්න බැස්සා.අපේ දෙන්නෙක් දාපු ඕවර් දෙකට හිරවෙලා හිටිය බැට්ස්මන්ලට පහළොවක් වත් ගහගන්න ලැබුනෙ නෑ.තුන්වෙනි ඕවරේ දාන්න ජොලා බෝලෙ ගත්ත.මූ හොඳටම කොටයි.ස්පීඩ් කරන්න යන්න ඕනෑ නෑ ගානට පිච් කරල බෝලටික දාගනින් කියල මම ඌට වැඩි හොඳට කිව්වා.ජොලා දුවගෙන ගිහිං පළවෙනි බෝලෙ දානකොටම අම්පයර් නෝ බෝල් කියල කෑගැහුව.බෝලෙ ට්‍රැක් එකේ මැද පිච්වෙලා ගානට ඉස්සිලා ආවා.බැට්මන් අත දිග ඇරලා දුන්න පාරක් බෝලෙ ජිල්බෝලෙ වෙන්න,රූං ගාල විදිල්ල වගේ තිතක් වෙනකං උඩගිය බෝලෙ ගිහිං වැටුනෙ පිට්ටනියෙනුත් එහා පැත්තෙ කණාටු රබර් කෑල්ලෙ.හයයි.ඊළඟ බෝලෙටත් ඒ සෙතේමයි.ජොලා ඕවරේට බෝල දහයක් හෝ එකොළහක් දැම්මා.උගෙ ඕවරෙන් පස්සෙ මැච් එකත් ඉවරයි.

අපි මැච් එක පැරදුනාට වැඩියම සතුටු වුනේ අපේ පොඩී,ඒ මොකද කිව්වොත් උගෙ කෙල්ල වැඩ ඇරිල ස්ටේෂන් එකට එන වෙලාවට ආපහු යන්න ලැබුන නිසා.ඒකත් තරමක් දිග දුර ගිය කතාවක්.පොඩී යාලුවෙන්න කළින් ඔය කෙල්ල ඔබ පෙම් කරනා ඔබේ කුමාරී වගේ මටත් ආදරෙයි කියල තිබුණා.ඒ කතාවෙ කොටසක් මම මෙන්න මෙතන ලිව්වා.ආයෙම ඒ කතාව ලියන එකේ තේරුමක් නෑනෙ.ඉතිං අපේ ආදර ගීතය ඉවර උනායින් පස්සෙ පොඩී ඒ කෙල්ලත් එක්ක අලුත්ම ආදර ගීතයක් ගයන්න පටන් ගත්තා.කෙල්ල උසට මහතට පෙනුමට හිටියට පොඩී නං කැහැටු කොල්ලෙක්, හරියට දැති ගොයියෙක් වගේ.දෙන්නගෙ ගැලපීම ඉස්පිරිතාලෙම හිටපු ගෑනු කෙනෙක් දැක්කෙ මේ විදියටයි.

අපොයි,ලොරියට බයිසිකළේ හේත්තු කළා වගේ...

ඔය වගේ එක එකා කියපු කට කැඩිච්ච වරත්තු කතා නං උන් දෙන්න පයිසෙකටවත් ගණන් ගත්තෙ  නෑ,තමන්නෙ පාඩුවෙ ලව් එක ඇදගෙන ගියා.ඒ උනාට දැන් වෙලා තියෙන්නෙ ඊට හපන් වැඩක්නෙ, මුන් දෙන්න ලව් කරන තැන මටත් ඉන්න වෙලා.බොලාට හොඳ නං මටත් මොකද කියල අපි කට්ටියම රාගම ස්ටේෂන් එකට ආවා.ඔන්න කෙල්ලත් වැඩ ඇරිල වෙලාවට ස්ටේෂමට ආවා.මාත් හිටපු නිසා දෙන්න ඉස්ටේසමේ ලව් කරන්න ගියෙ නෑ, ඇඹරි ඇඹරි ඉඳල කෝච්චිය ආපුවම උන් දෙන්න එක පෙට්ටියකට නැග්ග අපි කට්ටිය වෙන පෙට්ටියකට නැග්ග.වැඩේ ගොඩ දාගත්තෙ ඔන්න ඔහොමයි.ඔය විදියට ලව් කළාට මොකද උන් දෙන්නට එකතු වෙන්න ලැබුනෙ නං නෑ.මොන ආකාරයෙන් හෝ ඒ ලව් එකත් කැඩිල ගියා.පස්සෙ කාලෙක පොඩී උන්නෙ ගමේම දීගෙ අත් ඇරිච්ච ගෑනු කෙනෙක්ව බැඳගෙන හොඳට සතුටින් සමාදානෙන්  පවුල් කෑවා.ඒ කාලෙ වෙනකොට පොඩී වැලිසර ඉස්පිරිතාලෙ ඉඳල ගෙවල් ළඟ තිබ්බ ග්‍රාමීය ඉස්පිරිතාලෙකට මාරුවක් අරං තිබ්බා.පොඩීගේ ආරාධනයෙන් දවසක්දා අපි යාළුවො හත් අට දෙනා දවල් කෑමකට පොඩීලගෙ ගෙදර ගියා.

රස්සාවට අමතරව පොඩීගෙ තව ඉඩම් කෑල්ලක අන්නාසි දාල තිබුණා,ඒ ඉඩමෙම කිකිළියො තුං හාරසීයක කොටුවක්  තිබුණා.පොඩීගේ බිරිඳ බොහොම ධෛර්ය සම්පන්න කාන්තාවක් බව බැලු බැලු හැමතැනම පෙනෙන්නට තිබුණා.අන්නාසි වලිනුත් බිත්තර වලිනුත් මාසෙකට සෑහෙන ආදායමක්  ලැබෙනවා කියල පොඩී අපිත් එක්ක කිව්වා.පොඩී මනුස්සයෙක් වගේ ඉන්න එක ගැන අපටත් හරිම සතුටුයි.දීපු අන්නාසිත් අරං අපි ගෙදර ආවා.නමුත් මේ සමෘද්ධිමත් භාවය තිබුනෙ බොහොම ටික කාලයයි,තදින්ම බීමට ඇබ්බැහි වුන පොඩී රස්සාවට යන්නෙත් නැතුව දවස පුරාම බීමතින් ගමේ රස්තියාදු ගහමින් ඉන්නව කියල මට ආරංචි වුණා.ඔය කාලෙ වෙද්දි මාත් ඉස්පිරිතාලෙන් මාරුවෙලා වෙන රස්සාවකට ගිහිං හිටියෙ.

එක නිවාඩු දවසක අපි කට්ටිය ඒ කිව්වෙ මමයි කුවින්ටසුයි, පෝටයයි අපේ ගේ ඉස්සරහ මායක්කලගෙ වත්තෙ ගල උඩ පොඩි කර්තව්‍යයක් කරමින් ඉද්දි එකපාරටම පොඩී ඔතෙන්ට කඩා පාත් උනා.ඒ ගමන පොඩීටත් වැඩේට සම්බන්ධ වෙන්න කිව්වම  චුට්ටක් වීදුරුවට දාගෙන කට ඇඹුල් කරමින් හිටිය මිසක බිව්වෙ නෑ.අපි මොකද කියල ඇහුවම.

මට මෙව්ව හරියන්නෙ නෑ බං,සුදුව නැද්ද?

ඒ ගමන ඌට සුදුව බෝතලයක් ගෙන්නල දුන්නම බොහොම සතුටින් බිව්වා.හැබැයි දෙක දානකොට කට් වගේ පෙනුන නිසා ගිහිං මගෙ කාමරේ ඇඳට දාපං කියල කුවින්ටස්ට බාරදුන්නා.අපේ වැඩේ ඉවරකරල කෑමට යනකොටත් පොඩී නිදි.කන්න කිව්වට කන්නත් බෑ ගෙදර යන්න ඕනැ කිව්වම කොල්ලෙක් අතේ සයිකලේක පොඩීව ගෙදරට පිටත් කරල අපි දෙතුන් දෙනා දවල්ට කෑවා.කෑවට මොකද කුවින්ටස්ගේ මුණ හරි නෑ.මම ඒ ගැන උගෙන් ඇහුවා.

මාර වැඩේනෙ උනේ,අර යාළුවව නිදාගන්න ඇඳට දාල ගිහිං ටිකකින් මම ආපහු බලන්න ආවා.ඇවිත් බලනකොට මූ ඇඳේ හුජ්ජ කරලනෙ."පොඩි පම්ප් එකක් දැම්ම මචං ගාණක් නෑ නේද කියල" පොර මගෙන් අහනව.

ගිහිං බලනකොට ඇඳ වැවක් වගේ, හුජ්ජ පදාසයයි.ඒ ගමන කුවින්ටස්ල බෙඩ් ෂීට් එකයි මෙට්ටෙයි දෙකම ගෙනිහින් හෝදල අව්වට දැම්මා.හොඳ වෙලාවට ඒ කාලෙ අපි තනිකඩ කොල්ලො.බොන එකට ගෑනු බනින්නෙ ඔන්න ඔය වගේ කබල් වැඩ සිද්දවෙන නිසා වෙන්න ඇති.බනිනව කිව්වම මට තවත් කතාවක් මතක් උනා.ඒකත් කියලම ඉන්නං ඈ. එක්කොත් කම්මැලියි ඔච්චර කොටන්න,ඒ කතාව වෙනම පෝස්ට් එකක් හැටියට ලියන්නං.෴

150 comments:

  1. බොට කියනන් අපේ එකෙක් දවසක් බීල වැඩි වෙච්චි නිසා තවත් යාළුවෙක්ගේ ගෙදරට අමාරුවෙන් ගිහින් දැම්මා. ගේ උඩ තට්ටුවෙ කාමරේ නිදාගත්තේ මේකා. පස්සේ රෑ වොයිඩ් ඒරීයා එකක් තිබුන මේ ගෙයි, උඩ ඉදල සාලෙට මේකා චූ දාලා.. සැටියෙයි මුළු බිමමයි ගන්දස්කාරයිලු.. උදේ පාන්දර අරුගේ අම්මා නැගිටල ඊට පස්සේ වෙච්චි සන්හදිය කියන්න ඕන නෑනේ.. හැක්

    සැහ් ජොලාට නැසනල් ටීම් එකට ගන්න ක්‍රමයක් හදන්න තිබුනේ..

    ReplyDelete
    Replies
    1. බොලා කරපු දේ වෙන එකෙක් කළා වගේ කියන ලස්සන විතරක්.

      Delete
    2. //බොට කියනන් අපේ එකෙක්//

      අපේ එකා = දේශකයා. :D

      Delete
    3. අම්ම නැගිට්ටට පස්සෙ වුන දේ මැවිල පේනවා බං.අනේ ගෙදර එකාට අබ සරණයි.

      Delete
  2. තව දවසක් අපි සෙට් එකක් මහ රෑ පතල් හාරපු රබර් වත්තක් මැද්දෙන් ඔය පදමින්ම එද්දි එකෙක් වැටුනා පතල් වලක. මෙලෝ දෙයක් පෙන්නැති හින්ද ක්වාර්ටස් එකට ගිහිං එළියක් අරං ඇවිත් බලන කොට මූ වලේ නෑ.
    වෙන වලක ඉඳං කෑ ගහනවා.
    අනේ මංද අපට ඩෝප්ද, නැත්තං වලට ඩෝප්ද කියලා.

    ReplyDelete
    Replies
    1. යටිං දෝනාවක් තිබ්බද දන්නෑ අනික් වලට. :D

      Delete
    2. ආයේ දෙකක් නැහැ, ෂුවර් එකටම ඒ පතල් වලට ඩෝප්...!!!

      Delete
    3. ඒ වලෙං කොහොම හරි ගොඩවෙලා එනකොට වෙන වලක වැටුනලු :D :D

      Delete
    4. පිස්සුද බං ඔච්චර ඩෝප් මරගාතෙ ඉන්න එකා වලෙන් ගොඩ එන්නෙ කොහොමද.ෂුවර් එකටම අර ප්‍රසන්න කියනව වගේ වලේ ඉඳන් අනික් වලට දෝනාවක් තියෙන්න ඇති.අපි වගේ නෙවෙයි ප්‍රසන්නල ඔය වාගෙ කාරණා දන්නවනෙ.

      Delete
    5. ප්‍රසන්න අයියා සහ දෝනාව :D

      Delete
  3. පන්සලේ මල් පූජාව ඉවරවෙලා වෙන මල් පූජාවක් එහෙම තිබ්බෙ නෑ නේද?
    පොඩී නියමෙට ආගන්තුක සත්කාර වලට ස්තුති කරල තියෙනව. :D

    ReplyDelete
    Replies
    1. මල් පෙරහැර ඉවර උන ගමන් අපේ රාජකාරි ඉවරයි.ඊට පස්සෙ ඉතිං අපේ මල් පූජාව තමයි.අම්මල කෙල්ලන්ට බැලු බැණුම් බනිනවා අපට වදින්නත් එක්ක.ඒවා කොහෙද අපිත් අත අරින්නෙ නෑ.

      Delete
    2. මල් පෙරහර ඉවරඋනු ගමන් ගල් පෙරහැර ඊට පස්සේ යමාමහ පෙලහර..හැක් හැක්..

      Delete
  4. දවසක් උදේ පංති යන්න ලඟ බෝඩිමක හිටපු යාලුවෙකුගෙ ගෙදර ගියා. දොරට ගහලා බලලා එන පාටක් නැති නිසා අපි ගියා... මූ පරක්කු වෙලා පංති ඇවිත් කියනවා "මචං ඇඳෙන් බැහැගන්න විදිහක් නැතුව හිටියේ.. වටේටම වමනේ" කියලා

    ඒක නෙමෙයි.. ටෘනමන්ට් නෙමෙයි නේද? ටූනමන්ට් හරි ටුවනමන්ට්..

    ReplyDelete
    Replies
    1. ගංවතුරට කොටුවෙලා හිටපු එකා වගේ ඇඳ උඩ කොටුවෙලා ඉන්න ඇති.
      නිවැරදි කිරීම ගැන ස්තූතියි තිසර.

      Delete
  5. කිසිත් නෙකියමි..
    පටි රෝල් වනවාට කැමති නැත...
    හෙක් හෙක්...
    හැලපෙලගෙ සැට් එක තමා පට්ට හැලපෙ...හිහි

    ReplyDelete
    Replies
    1. පහුගිය දවසක කුරුටු ලග් ඔහොම බොන අය ගැන සීන් එකක් දාල තිබ්බ.. කොහෙදඒ පොස්ට් හොයගන්නෙ මෑන්ස්ල කොච්චි මල්මිට වඩා ස්පීඩ් නෙව...
      ඒක නෙවී අච්චර වැඩ දාන ගෑනු කෙනෙක් නං සමාර විට පොඩීට එලොව පොල් පෙන්න දෙන්න තිබ්බන.
      දීල හදාන්න තිබ්බනෙ
      නැද්ද මං අහන්නෙ හොදට නැගිටින හුගක් දෙනෙක්ට වෙන්නෙ ඓහා් කරන්නෙ ඔයවගේ දේවල් තමා

      Delete
    2. අපේ සැට් එක තව සුපිරි පොරවල් හිටියා.උන්ගෙ කතාවලුත් මම තැන තැන ලියල ඇති.මොන තරං හොඳට ඔලුව උස්සං හිටියත් නරක වෙලාව ආවහම ඔක්කොම අනික් පැත්ත ගහනවලු.

      Delete
  6. ලියමන තවත් රසබර වෙනවා අක්ෂර වින්‍යාසයන් ගැන මීට වඩා ටිකක උනන්දු උනානම්
    -මීට හැලපයා

    ReplyDelete
    Replies
    1. හා මචං.තැන තැන බෙටි හල හලා යනවට උඹටත් දෙන අන්තිම අවවාදෙ මේක.

      Delete
    2. ආනේ බං හැලපේ ඕවා ගණං ගන්න එපා.. ඌ ආසාවට කරන දෙයක් නේ. වෙන වැරැද්දක් තියේද ඒකේ..

      Delete
    3. ඌ පොඩි මෂා එකක් ගන්නවා හැම තැනම. උඹ ගණන් ගන්න එපා හැලපේ.

      Delete
  7. පින්තූරෙට අදාල පෝස්ට් එකට අදාල නොවන දෙයක් ඇහුවට කමක් නෑ නේද (ඒ හැලපෙගෙ ගේ කියල හිතල අහන්නෙ) ?

    අර බිත්තියෙ ගහල තියන එක හැදුවෙ ලංකාවෙ ගත්ත ෆෝටෝවලින්ද? දිවියගෙ ෆෝටෝ සීක්වන්ස් එකක් යොදාගෙනද?

    ReplyDelete
    Replies
    1. යකඩෝ ප්‍රා බලන දේවල් ...

      Delete
    2. කම්මැලිකමට බේත් නෑ ඉවාන්. පින්තූර බලන එක ලේසීනෙ? :- DDD

      Delete
    3. ඇඳපු චිත්‍රයක්ද මන්දා...

      Delete
    4. ප්‍රා,
      ඉස්සෙල්ලම කියන්න ඕනෑ ඒ ගේ මගෙ නෙවෙයි.මට ඔච්චර පොෂ් ගෙයක් නෑ.ඒ තියා ඔය ලංකාවෙ තියෙන ගෙයකුත් නෙවෙයි.
      දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔව් කියන එකයි.

      Delete
    5. අනේ හුකේ නංනානේ

      එක අතකට උඹට තියෙන්නේ ගෙයක් නෙමෙයි තමා පැලස් එකක්

      ( මාලීගාවට කියන්නේ පැලස් කියල නේද බං )

      Delete
  8. හැලපයියට කියන්න ඔය වල් පත්තරයා එහෙම පැත්ත පළාතේ ගෙන්නගන්න එපා , අනිවා ආපහු මෙට්ට කොට්ට විතරක් නෙවෙයි ගේම හෝදලා අව්වේ දාලා වෙලන්න වෙනවා . ඔ යේස් .

    ReplyDelete
    Replies
    1. අපොයි පත්තරයෝ මේ මොන අපහසයක්ද?

      Delete
    2. මගෙ ඔය ඉතුරුකරල යෑම් නෑනෙ.චැහ් . ඇඳයි මෙට්ටෙයි අල්මාරියයි ඩිමෝ බට්ටෙක් ඇරං ඇවිත් පටෝගෙන යනවා,ඕන්නං වේලල ගෙනත් දෙන්ඩ බැරියෑ :D

      Delete
    3. අද ඉරිදද? සඳුදද???

      Delete
    4. විදානේ,
      මොකෝ බොන්නද?අද සඳුදා හෙට පටන් ගනිං, අනිද්දා රජයේ නිවාඩු.

      Delete
  9. බිව්වහම ඩයල් කරන වැඩ නම් කියලා වැඩක් නෑ. දවසක් අපේ සෙට් එක බදුල්ලේ ගිහිං පුස්තකාල බිල්ඩින් එකේ නතර උනා. රෑ පොඩ්ඩක් අනුගත වෙලා එකෙක් මුළු හෝල් එකම කබර විමානයක් කළා. උදේ නැගිටලා අහපි "මේ ඔක්කොම දැම්මේ මමද බං" දීපල්ලකෝ දැන් උත්තර!

    ReplyDelete
    Replies
    1. හරිනේ ඉතිං උඹල කබරයා දානවා ඌ දකින්න ඇති ..

      Delete
    2. ඇත්තනෙ,ඔක්කොම කරපු දේ තනියම බාරගන්න ඌ කැමතිවේවියැ.

      Delete
    3. යකෝ අපිනං දායි කබරයා පේන්න! ;)

      Delete
  10. පොඩී තමා පොඩී.! හැක්. ඔය වෙලාවට මුත්‍රා බොක්ක ෆුල් උනාම වෙන මොනා කරන්නද දෙයියනේ!. ශුවර් එකට මෑන් ඔය වැඩේ කරත්දි හිතේ මැවෙන්න ඇත්තෙ ගෙදර වැසිකිළියෙ සැපට වැඩේ කරනවා කියලා. ඇහැරිලා බලත්දි මහවැලිය කකුල් දෙක මැද්දේ තියෙත්දි කොහොමද සනීපෙ. හුකෑස්!.

    ජොලා දාපු අර ඕව‍රේ නම් එකත් එකටම ලෝක වාර්ථාවක් වෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. මහවැලිය කොහොම උනත් එදා රා මට නිදාගන්න තැනකුත් නැතිවුනා.ඌ ගිහිං සැපට නිදියන්න ඇති.

      Delete
    2. //ජොලා දාපු අර ඕව‍රේ නම් එකත් එකටම ලෝක වාර්ථාවක් වෙන්න ඇති. ://

      කොහොමහද යකෝ එහෙම වෙන්නේ ඔය පිට්ටනියේ මං එහෙම ඕවර් කොච්චරදාල තියනවද

      ( අම්බානට මට මළ පැනල ඉන්නේ ඉස්සරහින් හරි පස්සෙන් හරි එහෙම දෙන්ඩ පුලුවන්ද මං තියතු වාර්ථාවක ගවුරවේ වෙන එකෙකුට )

      Delete
  11. කතාව නෙමෙයි කතා ටිකම පට්ට... විශේෂයෙන් ම අර රූ සෙල්ලම් ගේ කඩන්න ගිහින් මාට්ටු වෙච්ච එක...

    විලියොං, වටීස් යුව නේම් විලියොං...

    දීපංකෝ උත්තර පුළුවන් නම්.................

    ReplyDelete
    Replies
    1. ඔන්න වැඩේ.කොහොමද හෙන්දිරික්ගේ ගැට.

      Delete
  12. තරුණ කාලෙ පල් වැඩ කරපු නාකි බල්ලො කඨින පිංකම් වල ආනිසංස කියවනවා.

    උඹෙ බතල කොල්ලගෙ මූන දකිනකොට අර අඬ අඬ තොපි කඩපු සෙල්ලම්ගේ ආපහු හදපු කොල්ලො දෙන්නා මතක් වෙන්නෙ නැද්ද?

    -විලියොන්ගෙ එක කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. අනික් අයට තරමක අසාධාරණයක් උනත් ඉස්සෙල්ලම උඹට උත්තර ලියන්න හිතුවා.
      මේ කතාව උඹට ප්‍රොපයිලෙන් ඇවිත් කියන්න බැරි කතාවක් නෙවෙයි නේද?
      ද්වේෂය පිරිලා ඉතිරිලා තියෙන මේ කමෙන්ටුව ප්‍රොපයිලෙන් ඇවිත් කියන්නෙ කොහොමද නේද බං.ගිල්ටි නිසා ඇනෝ ඇවිත් කිව්වා.එහෙම නේද?උඹට ලියන්න දේවල් නැති වීම සහ ලියන දේවල් මෙලෝ රහක් නැති වීම ගැන මම මැරෙන්නද බං.
      මතවාදීව ලියන්න බැරිතැන පෞද්ගලිකත්වය ඇදල ගන්නෙ පොන්නයො.උඹ නිකං පොන්නයෙක් නෙවෙයි නොම්බර එකේ පොන්නයෙක්.
      විලියොන්ගෙ කොල්ලන්ටත් දැන් ළමයි ඉන්නව.සෙල්ලං ගෙයක් හදාගන්න කවුරුහරි හිපාටුවෙක් එනකල් උන් බලං ඉන්නව.ගිහිං හදල දීපං.
      මේ උඹට කරන අවසාන නිවේදනය. ආයෙම බෙටි දාන්න ආවොත් කිසිම සමාවක් නෑ කපල දානවා.

      Delete
    2. තව එකක් අමතක උනා.උඹට නමක් දෙන්නත් එපායැ,කිසිම දවසක් හීනෙන්වත් පවක් කරල නැති පිං උතුරන පිංපියෙක් වෙච්ච උඹට පව්කාර හැලපයා ලබාදෙන නම පිංපි ඇනෝ බව දැනගනින්.

      Delete
    3. මචන්, තරහ අවසර. විලියොන්ගෙ කොල්ලට පකඩයා කියන උඹට උඹේ කොල්ලට බතලයා කිව්වම තරහා යන්නෙ ඇයි කියලා මතවාදීව පැහැදිළි කරන්න පුලුවන්ද?

      Delete
    4. පිංපි ඇනෝ,
      කියන දෙයක් උඹට ප්‍රොපයිලෙන් ඇවිත් කියන්න බැරි මොකද කියල මට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

      Delete
    5. දැන් බලපන්, මෙච්චර කඨින පිංකම් වලට සහභාගී වෙච්ච උඹට මෙහෙම තරහ යන්න පුලුවන්ද? :D ඇත්තට මෙච්චර ජීවිත අත්දැකීම් පිරුන සාගරයක් වගේ උඹට තරහ ගියේ කොයි කතාවටද? නාකියා කිව්වටද, කොල්ලට බතලයා කිව්වටද නත්නම් ඒ කාලෙ කනමදයො වගේ බීල කරපු පල් වැඩ වලට ගිල්ටි නිසාද?

      Delete
    6. පිංපි ඇනෝ,
      මට තරහ ගියෙ නෑ බං.ඔය වගේ දෙකයි පනහේ කතාවලට තරහ යනව නං වැඩක් නෑනෙ.උඹට පැහැදිලි කිරීමක් කළා විතරයි.තරහ ගියා නං කියන්නෙ ඔහොමද.

      Delete
    7. හම්මේ..ඇති යාන්තම් කූල් ඩවුන් වෙලා. මම පිංපියා වෙන එක කොහොම වෙතත් හැලපයා තව ටිකෙන් පකඩයා වෙනවා. මම ඒත් බය උනා පපුවෙ අමාරුවක් වත් හැදෙයි කියලා.

      Delete
    8. පිංපියට බයවෙන්න දෙයක් නෑ.තාම පපුව හොඳයි.

      Delete
    9. හා හා, බලාගෙන, වස් දොස් වදී.:D

      Delete
    10. ගාණක් නෑ බං උඹ සැරින් සැරේට ඇවිත් වස් දොස් අරිනවනෙ.

      Delete
    11. අනේ බං ඒ බතල කොල්ලව මේකට අදින්ඩ එපා , රට රාජ්ජවල හැදිලා සිංහලත් හරියට බැරි එකා උනාට ලංකාවේ හැදෙන වේසා කොල්ලන්ට වැඩිය ඒකගේ මනුස්ස කම තියනව , පැය දහයක් පහලවක් ඒකත් එක්ක ඉදල තියන හන්දයි කියන්නේ , ඉලන්දාරියා උනාට හයේ හතේ ඉන්න කොල්ලෙක් වගේ අහිංසකයි , හැලපයට වඩා හොදයි ඒ කොල්ලා , හැලපයගේ තියන සමහරක් ගතානුගතික අදහස් පොරගේ නැ , පොඩි එකා උනාට උ් අපිට වඩා ගොඩක් ඉස්සරහ ඉන්නව ( හැලපයත් බැන්නට )

      මං හැමදාම කියනව වගේ ගෙදර ඉන්න උන් ඇද ගන්නේ නැතුව මේක කරගන යං , මොකද එතකොට කාගෙත් හිත රිදෙනව , ඉවසල ඉවසල අනිකත් එතකොට ගෙදර උන් අදිනව එතකොට අනිකගෙත් හිත රිදෙනව, අන්තිමට නොකිව යුත දේත් ලියවෙනව , වැරදිකාරය කවුද කියල හොයන්ඩත් බැ , මොකකින් මොකකින් හරි පහත් තැනිනි ජලේ ගලනව අන්තිමට ,

      ලැබෙන ඇනෝ නිදහස මතවාදිව අරගන ගිහින් අළු පාට හෙවනැල්ලට නියම වටිනාකම දෙමු ,

      කවුද ටොයියෙක් කබ්බන්ට කියල තිබුනා ඇනෝනිමස් යුද ටැංකියක් , දැන් කබ්බො ටොයියෝ නැ කලවං වෙලා , ඒ පන්ති පරතර කොහොමටත් වැඩක් නැ ,

      කලිනුත් මේක දැකල මොකුත් නොකියා ගියේ හැපයා මේක අයින් කරයි කියල හිතාගන ,

      Delete
    12. සාමාන්යෙීයන් මම ඉඳලා හිටලා බ්ලොග් කියෙව්වට කමෙන්ට් දමන සිරිතක් නැතත් මෙතන මගෙ අදහස (ඇනෝ කෙනෙක් විදියට) දාන්න අදහස් කළා.
      // තරුණ කාලෙ පල් වැඩ කරපු නාකි බල්ලො කඨින පිංකම් වල ආනිසංස කියවනවා. උඹෙ බතල කොල්ලගෙ මූන දකිනකොට අර අඬ අඬ තොපි කඩපු සෙල්ලම්ගේ ආපහු හදපු කොල්ලො දෙන්නා මතක් වෙන්නෙ නැද්ද?//
      උඩ ඇනෝ මුලින්ම කිව්ව මේ කතාවට එකඟ වෙන්න බෑ. හේතුව, තරුණ කාලේ හිතට එන එක එක දේවල් කරන්නෙ වැඩිදුර හිතලා නෙවෙයි. ඒ වෙලාවෙ විනෝදෙට. ඒකෙන් කෙනෙකුට යම්කිසි හිංසාවක් වුනා වෙන්නත් පුළුවන්. නමුත් හැලපෙ මෙතන මම කරපු දේ හරිය. ඒ ගැන මම දැන් හරීයට සන්තෝස වෙනවයි කියලා නෑනෙ. නිකං අතීතය මතක් කිරීමක් විතරයි.
      ඒත්, වයසෙන් මුහුකුරා ගිය පරිනත පුද්ගලයෙක් විදිහට හැලපෙ ඒකට දෙන උත්තරය ඊට හපන්. එතනදි අර පුද්ගලයට “මාතලන් තියරියට“ අනුව බැනඅඬගහලා ගේම ඉල්ලන්නෙ නැතිව කාරණේ පැහැදිලි කලානම් මීට වඩා ගති කියලයි මගේ හැඟීම.

      Delete
  13. මට තියෙන ප්‍රශ්නයක් තමා ඇයි තාමත් මේ 'වස් කාලය' කියලා එකක් පවත්වගෙන යන්නෙ කියන එක..

    බුදුහාමුදුරුවො ජීවත් වුනු ඒ කාලෙ, ඒ ප්‍රදේශයේ මේක සාධාරණීකරනය වෙන්ට පුළුවන්.. ඒ කාලෙ හාමුදුරුවරු පිණ්ඩපාතෙන් යැපුනු, නිතර ගම්දනවුවල සංචාරය කරපු උදවිය.. වැහි කාලෙට ඒ දේ කරන්ට බැරි නිසා නේද වස් කාලයක් කියලා එකක් හැදුනෙ? ඒත් අද කාලෙටත් අවශ්‍යද? ‍අනික ලංකාවෙ?

    වස් පිංකම් මහත්ඵල මහානිනංස දෙන්නෙ ඒ විදියට වැහි කාලෙ පන්සල ඇතුළෙම හිරවෙලා ඉන්න හාමුදුරුවරුන්ට සලකන නිසා නෙවෙයිද? දැන් කාලෙ කවුද එ‍හෙම හිරවෙලා ඉන්නෙ? අනික අර හැලපෙම කියලා තියෙනවා වගේ ලොකු පන්සල් මහා ලොකුවට වස් පිංකම් කරද්දි නැති බැරි පන්සල් බැරි බැරි ගාතේ හරි ඒක කරන්ටම එපාය. කොච්චර අමාරුවක්ද ඒක ඒ අයට. එතකොට දායකයන්ට.

    මෙහෙම ඇහුවා කියලා මගේ ඇඟට ගොඩවෙන්ට එපාය. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් හිතේ තියෙන නිසා ඒකට සාධාරණ පිළිතුරක් බලාපොරොත්තුවෙනුයි ඇහු‍වෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට බය අය තමා බං ඇගට ගොඩ වෙන්නේ ඕනවට වඩා.. උඹ හරි.. දැං කඨින කියන්නේ සෙල්ලමක්...

      Delete
    2. අනේ බුර් සාධාරණ පිලිතුරක් බලාපොරොත්තුවෙන්න සාධාරණ ප්‍රශ්නයක් අහන්න ඕනෙ. හෙහ්.

      ඔය රිචුවල් විදිහට කරන දේවල් අවශ්යද කියල අහන්නෙ ඇයි? සිවුරුවල ඔය තරම් මූට්ටු දැනුත් තියෙන්නෙ ඇයි කියල දන්නවද ? ඉස්සර ගෙවල් පංසල් අඩුවෙන් තිබුන කාලෙ බෙරගහල ගන්ඨාර ගහල කරපු දේ දැන් ඕන ජනාකීර්න තැනක කන ගාව ලවුඩ් ස්පීකර දාල කරන්නෙ ඇයි දන්නවද?

      සාධාරණ ප්‍රශ්නයක් අහන්න ඕනෙ නම් බුද්ධාගමත් දැන් තවත් සාම්ප්‍රදායික වතාවත් කරන තවත් එක් ආගමක් පමණක් වී ඇත්තේ ඇයි කියල අහන්න.
      (ඇඟට ගොඩවෙයිද? :-D)

      Delete
    3. සිවුරක මූට්ටු මහගොඩක් තියෙන එක කාටවත් වැදගත් දෙයක් නෙවෙයිනෙ, සිවුරු මහන (මහන ඈ, මහණ නෙ‍වෙයි) කෙනාට ඇරෙන්ට..

      කණ පැලෙන්ට බෙරගහල, ලවුඩ්ස්පීකර් දාන එක ඇත්තෙන්ම නැවැත්විය යුතු දෙයක්.. ඒ වැඩේට දායකයො මුල් වෙලා පන්සලත් එක්ක කතාවෙන්ට ඕන.. ඒත් මම කියන්නෙ කඨිණ සම්බන්ධයෙන් අපට දායකයො විදියට එහෙම මොකුත් කරන්ට බෑ නෙව.. ඒක සංඝසභාවෙන් අනුමැතිය එන්ට ඕන දෙයක්.. අනික ඒක දායකයින් හා දුප්පත් පන්සල් කියන කොටස් දෙකම තැලෙන පොඩිවෙන දෙයක්..

      Delete
    4. ප්‍රායෝගික හා තර්කානකූලව පටන්ගත් දෙයක් වත් පිලිවෙත් හා සම්ප්‍රදාය වූවිට එය ප්‍රායෝගික හා තර්කානුකූලලෙස වෙනස් විය යුතුවුවද ආගම "අදහන්නන්:" එසේ කරන්නෙ නෑ නේ? (සිවුර උදාහරනයක් පමණි )

      //අනික ඒක දායකයින් හා දුප්පත් පන්සල් කියන කොටස් දෙකම තැලෙන පොඩිවෙන දෙයක්.//

      .ලංකාවෙ ඕනෙ තරම් දුප්පත් පන්සල් තියනව. ඒත් දානෙ මාස ගාණකට ඉස්සෙල්ල බුක් කරන්නෙ කොහෙද? (සමහර තැන්වල ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව දානයක් ගන්නත් බෑ) ඉතින් අනිත් දේවල් ප්‍රායෝගික හා තර්කානකූල වෙන්නෙ කොහොමද.
      හාමුදුරුවරුන්ට බැනල හරියන්නෙ නෑ ඒගොල්ල තමන්ගෙ වාසියට කරනව. දායකයින් හිතන්න පුරුදු වෙන්න ඕන. දායකයොන්ගෙ සල්ලිවලින්නෙ වැඩ වෙන්නෙ

      Delete
    5. මම දකින විදියට මේ වස් කාලය කියන එක දැන් සම්ප්‍රදායානුකුලව කෙරෙන දෙයක් මිසක ප්‍රායෝගිකව කෙරෙන්නාවූ පිංකමක් නෙවෙයි.ඇත්තටම බුරා මතුකරල තියෙන්නෙ වැදගත් තර්කයක්.

      Delete
    6. ඉතින් එහෙම කරන්නන්වාලේ කලාට පින් සිද්ද වෙන්නේ නෑනේ ...

      Delete
    7. /ප්‍රායෝගික හා තර්කානකූලව පටන්ගත් දෙයක් වත් පිලිවෙත් හා සම්ප්‍රදාය වූවිට එය ප්‍රායෝගික හා තර්කානුකූලලෙස වෙනස් විය යුතුවුවද ආගම "අදහන්නන්:" එසේ කරන්නෙ නෑ නේ? /

      කවුුරුහරි මේටික කියවල දීපල්ලකෝ..

      Delete
    8. ප්‍රා,
      ඔබ මෙතන මෙතන ආගම අදහන්නන් යනුවෙන් යම් උත්ප්‍රාසයකින් යුතුව කියපුවම කණ්ඩායම් දෙකක් අදහස් වෙනවා.කණ්ඩායම් දෙකෙන් දැන් ප්‍රබලම වී ඇත්තේ ආගම "අදහන්නන්"යන කොටසයි.එනම් ආගමික මූලධර්මවාදීන් පිරිසයි.කරුණු එසේ වනවිට සැබෑවටම ආගම අදහන්නන්ගේ හඬ නිකම්ම යටපත්වී යනවා.මෙයට විරුද්ධව කිසි දෙයක් කළ නොහැක්කේ මේ නිසයි.

      Delete
    9. මෙහෙමයි ප්‍රා ජේ,

      දායකයින්ට මැදිහත් වෙන්ට පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට සංඝසභාව තේරුම්ගන්ට ඕන ප්‍රායෝගික තත්ත්වය තේරුම් අරන් හැඩගැහෙන්ට.

      දැන් බලන්ට ඉස්සර කාලෙ හාමුදුරුවො මුදල් පරිහරණය කලේ නෑ නෙ. දෙවන ධර්‍ම සංගායනාවට හේතුවුන දස අකැප වස්තුවලටත් මේ මුදල් පරිහරණය ඇතුළත් වුනා නේද? ඒත් අද කාලෙ හාමුදුරුවො මුදල් පරිහරණය කලා කියලා දායකයො ඒකට විරුද්ධව මොකුත් කියන්නෙ නෑ නෙ. එයාලා තේරුම් ගන්නවා මේක සාධාරණ වෙනස්වීමක් කියන එක. ඒ වගේ අනිත් අවශ්‍ය දේවලුත් වෙනස් කරගන්ට සංඝසභාව දැනගන්ට ඕන. ඇත්ත, තමන්ට වාසිදායක ‍දෙයක් වෙනස් කරන්ට කවුරුවත් කැමැති වෙන්නෙ නෑ තමා. එතැනදි ඔබ කියනවා වගේ දායකයින්ගෙ මැදිහත්වීම අවශ්‍යයි.

      Delete
    10. අපි ඉන්න පලාතේ පන්සලක හාමුදුරුවරු (වැඩිහරියක් යුරෝපීයයන්) නිතරම රට රටවල ධර්ම ප්‍රචාරයට යනවා කිසිම මුදල් පරිහරණයකින් තොරව. කොටින්ම කියනවානම් පාත්තරෙයි, තව සිවුරකුයි අඩුම කුඩුම ටිකක් විතරයි ගෙනියන්නෙ.

      Delete
  14. හැලපයියේ අරු අයියා අවුල් වන්නට පෙර කියල ලියන සීන් එකේ වටිනාකම තේරෙන්නේ දැනුයි , උඹේ මතකයත් දැන් ටික ටික අවුල් වෙනවද කොහෙද බං , කණාටු රබර් කෑල්ලක් නෙමෙයි නේද මහර හිරගෙදර පිට්ටනිය එයා පැත්තේ තියෙන්නේ , එක පැත්තක කන්ද , අනිත් පැත්තේ යට වගාව අනිත් පැත්තේ උඩ වගාව ඒ දෙක අතරේ ගව ගාල පන්සලට පිටිපස්සේ නං පරණ පොල් ගස් වාගයක් තිබුනා . ඒවත් අපි පොඩි කාලේ ගැලෙව්වා . ලින්ටන් පිට්ටනියට පැටලුනා නේද උඹට ඒ පිට්ටනිය හරියෙනං ඉස්සර රබර් තිබ්ල තියනව නේද

    ReplyDelete
    Replies
    1. නෑ බං මම ලින්ටන් පිට්ටනියෙ මැච් බලන්න ගිහිං තියෙනව මිසක සෙල්ලං කරලා නෑ.හිරගෙදර පිට්ටනියෙ සෙල්ලං කළා හොඳට මතකයි.මැර බැහුනු රබර් ගස් තිබුන වගේත් මතකයි.රබර් ගස් මතකය එන්නෙ තේවත්තෙ පල්ලියෙ රබර් ගස් වලින්ද දන්නෙත් නෑ.

      Delete
    2. එහෙම වෙන්ට ඇති ..............හවස් වරුවේ අවුස්සල හූරල , හාරල බැලුවා , මහර හිරගෙදර රබර් වගාවක් තිබිල නැ කවදාවත්

      Delete
  15. චූ කිවුවම මතක් උනේ.. එකෝමත් එක දවසක් අපි සැට් වෙලා කොම්බුකඩාගෙන බෙලි සාක්කුවෙ දාගෙන නිදාගත්ත... පහුවදා උදේ කාමරේ අල්මාරිය අරිනකොට එක පැත්තක යට තට්‍ටුවල රෙදි ඔක්කොම තෙමිල මීට හපං නහය කඩාගෙන යන ගඳකුත් එනව.කොහොමද ගල් ගහල උදේ චූ කරනකොට සුහඳ. හොයා ගෙන හොයාගෙන යනකොට එකෙක් කියපි මම නං ඊයෙ රෑ දොර ඇරං එලියට කොරල ආවෙ කියල. ඔන්න එතකොටයි බඩු මාට්‍ටු උනේ මූ දොර කියල ඇරල තියෙන්නෙ අල්මරිය. මූ එලියටම යන්න කම්මැලි කමට දොරකොඩම චූ කොරල. හෙහ්..හෙහ්..... ඌ වෙන කෞරුවත් නෙමෙයි අපේ ලොක්කයිය.... ඕක දවක් ඔයවගේම එලියට යනව කියල ගිහිල්ල කුස්සියෙ දෙරකොඩ ඉඳං... නෑ හිටං කුස්සියට චූ කොරල. කුස්සියේ චූ විලයි... හයියෝ මේක ඉස්සර බීල දෙන වදයක්. අපි ඉතිං ගෙවල් හෝදන්න ඕනෙ අම්මල එන්න ඉස්සර. අන්න අයියල.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අපේ යාලුවෙකුත් දවසක් බාල්දි වැසිකිලියකට යනව කියල හිතාගෙන වෙරිමරගාතෙ ගිහිං හාන්සි පුටුවෙ ඇඳි දෙකේ වාඩිවෙලා බොග දාල.මම ඔය කතාවත් දවසක් ලිව්ව මතකයි.

      Delete
  16. ඇයිබන් හැලපයියෙ පොඩිවුන්ට අරවගෙ කඩප්පුලිවැඩ කලේ.පවුනේ බන්.
    හොද වැඩෙ බොට යාලුවන්ට වසවිස පොවනවට
    (මෙවට තරහවෙනව හෙම නෙවෙයි,හරිය.......)

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපිත් පොඩියි නෙ බං.ඔව්වයේ හරියක් වැරද්දක් තේරෙන්නෙ නෑ.
      තරහ වෙන්නෙ නං අහවල් දේකටද බං.

      Delete
  17. මම දවසක් කන පැලෙන්න බිලා ඇවිත් නින්දෙන් කාමරේ ඇතුලේ චු කරා..අම්මා බැන්නට මතකත් නෑ එතරම් වෙරි හැබැයි කවදාවත් අම්මා ඒ ගැන ඇහැව්වේ නෑ..
    අයියන්ඩි ඇනෝලා එක්ක එල්ලේන්න යන්න එපා.

    ReplyDelete
    Replies
    1. එදා ගහපු …

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. ස්තුතියි අදනං බෑ පත්තරයෝ..

      Delete
    3. මුං ජෙනුඉන් ඇනෝල නෙවෙයි බං.උන් කවදාවත් ඔහොම කතා කියාගෙන එන්නෙ නෑ.මූ ප්‍රොපයිලෙක්.ඇරියස් එකක් කවර් කරන්න ඇවිත්.

      Delete
  18. //විලියොං ගෙ පවුලත් වැඩිකල් ජීවත්වුණේ නෑ ඊට අවුරුදු කීපෙකට පස්සෙ මැරිල ගියා.//

    පොඩි උන් දෙන්නට මොනා වෙන්නැතිද!!

    සාමාන්යෙන් සුදුව ගහන උන්ට සීල් ලැබුනම ආසාවෙන් බොනවනෙ බං. එකපාරක් මතුගම පැත්තෙ කොටහළුවකට ගිහින් යන්තන් වාහනෙත් බේරගෙන ආව අපිට සීල් උන්ට උදුව දුන්නයි කියල ගේමක් ඇවිල්ල.

    දැන් හාමුදුරුවන්ට පිරිකර දෙන්නෙත් ෆැන්සි කවර වල නේද? දේසේ හැටියටලුනෙ බාසෙ :D

    ReplyDelete
    Replies
    1. පොඩි උන් දෙන්නට මක් වෙන්නද උන් ඔය යස අගේට ඉන්නෙ.දැන් උන්ටත් පොඩි උන් ඉන්නව.
      ඔය බීම කේස් එක අනික් පැත්තටත් වෙන බව උඹ දන්නවද.ඔන්න මම හදපු ගෙට උළු තියන දවසෙ වැඩේට බැහැල හිටියෙ ගමේ කට්ටියක්මයි.දවල් ඉර මුදුන් වෙද්දි එකා දෙන්න නලියනකොට කොහෙවත් යන්න එපා මම බොන්න දෙන්නං කියල මං උන්ට කිව්වා.
      වැඩේ ඉවරවෙලා ගල් පොල් තියපුවම මුන් එකෙක්වත් එව්ව බොන්න කැමතිවුනේ නෑ.ඕව අපට හරියන් නෑ මහත්තයො කියපි.ඒ ගමන සුදුව අටේ කෑන් එකක් ගෙන්නෙව්වම කට්ටියම බීගෙන බීගෙන ගියා.මමත් හිතං හිටියෙ ඔය උඹ කියපු විදියටමයි.නමුත් එදායින් පස්සෙ මං ඒ අදහස අත ඇරියා.

      Delete
  19. ගල් ඩිංගක් ගහල චූ පොඩ්ඩක් ගියත් මොකෑ .. නැතුව ඒකෙ කිසි ගතියක් නෑ.. චැහ් .කබරය පාරක් නැත්‍තං හරියට බීවෙ නෑ වාගෙ :D

    ReplyDelete
    Replies
    1. කබරයා ගියාට පස්සේ ගන්න ෂොට් එක තමයි ආතල්ම එක

      Delete
    2. නැත්නං ඇඟට තේරෙන්නෙ නෑ නේද පත්තර මල්ලි.

      Delete
    3. විදානේ,
      කබරය ගියාට පස්සෙත් බොන්න පුළුවන් නොම්බර එකේ බේබද්දන්ටලු.

      Delete
    4. ජාති දෙකක් කලවං වෙද්දි...දෙවැනියට ගන්න එකේ පළවැනි සොට් එක ෂැන්ඩි නොකර අමුවෙන්ම කෙළපං කියලා තමයි බේබදු සංගමයෙ සභාපති වතාවක් මට කිව්වෙ...හැලපයියා මොකද ඒ ගැන කියන්නෙ....එහෙම නොකලොත් කබ්බා යන්න ඉඩ තියෙනවාව කියලා ඌ කිව්වෙ.

      Delete
    5. ජාති දෙකක් කලවං වෙද්දී කබ්බා යන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩියි. සහ ඒක බොන පුද්ගලයගේ ශාරීරික යෝග්‍යතාව මත රඳා පවතිනවා.ඔය ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්නට පුළුවන්.දැන් සමහර අය බියර් බීල අරක්කු බීවට ගාණක් නෑ නමුත් අරක්කු බීල බියර් බීවොත් ඔලුව බරවෙලා කබරයා දානවා මම දැකල තියෙනවා.

      Delete
  20. බොන මිනිස්සුන්ට බොන්න අරන් දිපුවහම පිං සිද්ද වෙනව ද දන්නේ නෑ.. පොතේ හැටියට නම් පින් සිද්ද වෙන්න ඕනේ ... වස් පින්කමක් බීමකින් කෙළවර වෙලා තියෙන නිසා ඇහුවේ .. හෙහ් හෙහ් :D

    ReplyDelete
    Replies
    1. පින් සිද්දවෙනවද කියලත් අහනවා.. මෙව්වා එසේ මෙසේ පිංකං නෙවෙයි ආත්ම ගානක් නිවන් යන්න පුළුවං පිං.. බයිටුයි සැන්ඩියි සිගායි එක්ක දෙනවනං පින ට්‍රිබල් වෙනවා.. ඔබ නං පිං කඳක් පැතුම්..

      Delete
    2. සමහර වස් පිංකම් ගෝරි දාගෙන ගහ මරාගෙන ඉවරවෙනවා.මේ වස් පිංකම ඩ්‍රින්ක් එකකින් ඉවර වෙච්ච එක ගැන සතුටු වෙන්න එපායැ.

      Delete
  21. ඊයේ මලගෙදරක ගියා..
    මරනේ දැක්කද කියල මතක නෑ..
    දවල්ට කෑවද කියල මතක නෑ..
    රෑ උනාද කියල මතක නෑ..
    ආවේ කොහෙමද කියල මතක නෑ..
    රෑට කෑවද කියල මතක නෑ..
    ගියපු උන්ගෙන් අහන්නත් බෑ..
    මට කියන්න තියනේනේ ඊයේ කියල දවසක් තිබුනද කියලත් මතක නැ..


    මට
    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. මළ ගෙදරක ගියා කියල මතක තිබ්බ එක මදැයි බං.නැත්නං කියන්න වෙන්නෙ කොහෙ ගියාද මතකත් නෑ කියලනෙ.

      Delete
  22. හැලපේ...ඔය වස් කාලෙ (වස්සාන කාලය ) රටෙන් රටට වෙනස් වෙන්නැද්ද? දන්නැති හින්දයි අහන්නෙ ඈ!

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමට එහෙම වෙනස් වෙන්නෙ නෑ.

      Delete
    2. නෑ කැන්ඩියන්,මා දැකල තියෙන පිටරටවල් වල තියෙන පන්සලුත් ලංකාවෙ කාලෙටම වස් පිංකම් පවත්වනවා.

      Delete
  23. හම්මේ හැලපයියේ.... බිව්වම කොරන වැඩ ගැනනං කතා කරන්න එපා... :D
    ඔන්න එකෝමත් එක දවසක.. ඒ කිව්වේ ඉතිං මගේ බීම ආරම්භ උන කාලේ... ඒ දවස් වෙන කොට මං බොනවා කියන එක ගෙදරට නොතේරෙන ගානට තමා කලේ... බයකට අරකකට මේකකට නෙවෙයි ඉතිං.. ඒකනේ සංප්‍රදාය හා නැද්ද හා...? :D අපි බීලා නොබිව්වා වගේ ගෙට රිංගනවා... අපි බීලා කියලා දැනගෙනත් ගෙදර අයත් ඒක නොතේරුනා වගේ ඉන්නවා... නෝ වලි.. නෝ ප්‍රශ්.. හැම දේම නිරවුල්... (ඔය ක්‍රමය නොදන්න උන්දලා නෙව නැති ප්‍රශ්න හදලා බොන එකාව තව තවත් බොන්න ඇබ්බැහි කොරවන්නේ.. :D )

    ඉතිං කොහොමින් කොහොම හරි එදානං මට කට් වෙන්නම වැදුනා... ඒ හින්දම වෙනදා වෙලාවට කලින් ගෙදරටත් වාර්ථා කලා.. සාමාන්‍යයෙන් බොන දවසට මං ගෙදරට එන්නේ රෑ එකොළහ විතර උනාම.. කොයි වෙලෙත් ගෙයි අමතර යතුර තිබුනේ මගේ යතුරු කැරැල්ලේ.. ගෙදර උදවිය රෑ නවය දහය වෙද්දි දොයි.. ඉතිං දෙයියනේ කියලා සද්ද නැතිව ඇවිල්ලා හිමිහිට දොර ඇරගෙන කාමරේට වෙලා දොයියගන්න තමා තියෙන්නේ...

    කොහොම හරි එදා වැදුන වැදිල්ලට මං අට නවය වෙද්දිම ගෙදර...

    පහුවදා තාත්තා හිනා වෙවි බනිනවා.. “මූ බිව්වට මූට හොඳට සිහිය තියෙනවා.. “ කියලා...

    බැලින්නං මං වෙරිමරගාතේ කවදාවත් නැතිව තාත්තගේ අදට පැනලා නිදියලා.. ඒකේ කබරයත් දාලා.. කබරයා දැම්මට පස්සේ අවුලක් නැතිව මගේ කාමරේට ගිහින් නිදාගෙන.. තාත්තා කියන්නේ මං කබරයා දාන්න වෙනවා කියලා දන්න හින්දම කපටිකමට තාත්තගේ ඇදට පැන්නා කියලයි... :D
    හැබැයි ඉතිං ඒ කේෂ් එක එච්චරයි... එයින් පස්සේ මං තවත් පරිස්සං උනා කට් නොවී ගෙදර එන්න.. සහ කට් උනත් මගදිම දාන කබරයෙක් උනන්දුවෙන්ම දාලා එන්න... :D

    ReplyDelete
    Replies
    1. අඩෝ මොකෑ බුකියට වැස්සද ආ... හිනා කාල මැරෙනව. වෙලාවට කන්තෝරුවෙ මම විතරයි රෑ තනියම..

      Delete
    2. උඹ මොනාද රෑ ජාමෙ කන්තෝරුවට ‍වෙලා තනියෙන් කොරන්නෙ? :-P

      Delete
    3. උඹටත් ඔන්නැති එව්වමයි අහන්නෙ. අන්න ගිහින් බලපිය ගිහින් මගෙ බ්ලොග් එකේ...:D

      Delete
    4. බුකියේ පාස්වර්ඩ් අමතක උනා... :D

      ඔය ඉතිං මුං රස්සාව කොරන හැටි තමා.. යකෝ මං හිතුවේ හොර ඕටී තියෙන්නේ ලංකාවේ විතරයි කියලා.. :D

      Delete
    5. ඉන්දික මේක නං මට හොද මිනුම් දණ්ඩක් , මම හොදට දැකල තියනව මාරය කමෙන්ට් දාන පෝස්ට් වලට හොදට හිට්ස් ලැබෙනව , නැ නැ බං මේ මූසලය කමෙන් කරපු හන්දාඩ මිනිස්සු බලනව නෙමෙයි , අවුරුද්දක හමාරක ඉදන් මාරය කමෙන්ට් දාන්නේ බොක්ක හූරන පෝස්ට් වලට විතරයි , එහෙම නැතුව බ්ලොග්වල හිට් වෙන්නේ කාගේ හරි රෙද්ද අහක් වෙච්චයි , තුට්ටු දෙකේ දේසපාලනෙයි විතරයි ,

      බ්ලොග් තාම රැකිලා තියෙන්නේ අතීත කාම කරයෝ හන්දා ,
      නැත්තං මේ ඉන්න ටිකත් බුකියේ පැලදියං වෙලා මේ වෙනකොට

      දවසක් බුකිවාසී මල්ලිලා දෙන්නෙක් බ්ලොග් කට්ටියගේ සුහද සීන් එකකටම ඇවිත් පැත්තකට වෙලා කතාව ......දෙන්නා කතා කරනකොට එක සුදු මල්ලියෙක් ( ඔව් බං ඹව් දැක්කහම ආසයි යෙදෙන්ඩ හිතෙනව ) .......බ්ලොග් වලින් මොනවද කරන්ඩ පුලුවන් කියල ...............බොක්ක දිග ඇරල ලියන උන්ට කෙලින කෙලිල්ලයි , බොරුවයි පඩ ෂෝ එක රජ කරන විදිහයි දැක්කහම මටත් වෙලාවකට හිතෙනව පූර්ණ කාලින බුකිවාසී වෙන්ඩ

      Delete
    6. @ මාරයා, උඹට තේරුන් නැති උනාට ඔය ප්‍රශ්නෙට විසඳුම උඹේ කොමෙන්ට් එකේම තියෙනව. ඒ කියන්නෙ ඔය වයසෙ එකෙකුට ගෙයි දොරේ අමතර යතුරක් හදල දෙන එක.

      Delete
    7. මොන ප්‍රශ්නෙටද ප්‍රසා..?

      අඩෝ අටමා... :D

      Delete
    8. //ඔය ක්‍රමය නොදන්න උන්දලා නෙව නැති ප්‍රශ්න හදලා බොන එකාව තව තවත් බොන්න ඇබ්බැහි කොරවන්නේ..//

      Delete
    9. සැරයක් අලුත් අවුරුද්දක කලින් දවසෙ ගහපුවා මට පහුවදා උදේට කෑවට පස්සෙ ගියා.මේ කතාවෙ මම බලාපොරොත්තු වුනේ මාරෙ කටින පිංකම් කොටසට අදාලව යමක් ලියැවී කියලයි.නමුත් කමෙන්ට් කරලා තියෙන්නෙ අනික් කොටසටයි.

      Delete
    10. නිලේ අහුවෙන තැනේ හැටියටනේ අයියේ ප්‍රතික්කිරියාව... :D

      Delete
  24. මේකෙ මුල හරියෙ විතරයි නේද කඨින පිංකම ගැන ලියවුනේ...මමත් ඔය කඨින පෙරහැරේ කීපවතාවක් ගොහින් තියෙනවා....කප්රුක ගහේ ඔය මොනවා හරි ගෙදරින් දෙන දෙයක් එල්ලන්න තමයි වැඩිපුරමම ආස කලේ ඒ කාලෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිරා කටින පිංකම ගැන ලියවුනේ මුල හරියෙ විතරයි.තව ගොඩක් මතකයන් තියෙනව ලංකාවේ වගේම පිටරටවලත්.ඊළඟ කටින කාලෙට ඒ ටික ලියන්න තියාගත්තා.

      Delete
  25. මම වැඩිය බීලත් නැහැ. බීලා පිස්සු කෙලලත් නැහැ. පිස්සු කෙලලා අණදෙන නිලධාරිගෙන් බැනුම් අහලත් නැහැ. බලසේනාධිපති ලඟට එක්ක ගිහින් අවවාද කරලත් නැහැ. අද වුනත් මම ටිකක් වැඩි වෙලා ආවම බිම පැදුරක් දාගෙන නිදාගන්නෙත් නැහැ.

    හුටා........අපේ පන්සලේ කඨින පිංකම මේ මාසේ 24 - 25

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මොකට නාකි උනාද කියල නොදකිං

      Delete
    2. විචා...... 'වැඩිය බීලා' කියන්නෙ කොච්චරක් බීපුවමද? :-)

      Delete
    3. @ අටම්. කවුද යකෝ නාකි කිව්වේ. තවමත් කිලෝ හතේ පඩිය නළලේ වදිනවා.

      @ Kandyan. නෝනගේ මූණ එයාගේ නංගිගේ මූණ වගේ පෙනෙන වෙලාවට ඔන්න මම බීලා වැඩියි.

      Delete
    4. මුණ විතරද නෑනගෙේ වගේ පෙනුනේ?

      Delete
    5. කටින පින්කමටවත් උපාසකය වගේ යන්නෙ නැතැයි.

      Delete
  26. Indika,Suduwa,(Methyl)seal arakku(ethyl alcohol) walata wada ikkmanin adict wenawa.ehema aya kattiya issarahadi seal gehewwata.passe full pissuwenawa.hariyata kudu wage.or yes.

    ReplyDelete
    Replies
    1. සුදුවා කියන්නෙත් එතිල් ඇල්කොහොල්ම තමා ඇනෝ. මෙතිල් ඇල්කොහොල් විසයි, ඒවා බිවුවොත් මැරෙනවා. සමහර වෙලාවට කසිප්පු නිස්සාරණය හරිහැටි සිද්දනොවුනොත් එතිල් මෙතිල් දෙකම කලවමේ හැදෙනවා. ඒවා බිවුවහම තමා ඔය පත්තරවල යන්නෙ 'හොර අරක්කු විස වී අච්චරක් මියයයි, මෙච්චරක් රෝහලේ' කියලා.

      Delete
    2. ඇනෝ,බුරා,
      අහල නැද්ද ඇන්ටන් ජෝන්ස්ගෙ සිංදුව.
      සොඳිනා ,මන පිනනා-මදු පානෙට කළ ලොබිනා
      විස මත්පැන් බීල සමහරු
      නෑසුනා පණ නෑසුනා-මීතයිල් විෂ පෙවුනා
      නොමළත් අන්ධ වෙනවයි සිකුරු
      සින්දු ඇනෝ නැති නිසා මට සිංදුත් ලියන්න වෙලා.

      Delete
  27. හැලපේ.....උඩ ඉඳලා පල්ලෙහාටම මුන් ඔක්කොම කබරයා දාලා. ඒනිසා මාත් එකක් දාන්නම්. එක පාරක් යාළුවෙක්ගේ ගෙදර බීලා බීලා නිදි. රෑ බලනකොට එකෙක් වමනේ දාන සද්දයක් ඇහුනා, අනිත් පැත්ත හැරිලා මාත් නිදාගත්තා. උදේ වමනේ ගොඩ පේන්නේ නැහැ. මම උගෙන් ඇහුවා කොහෙද යකෝ දැම්මේ කියලා. නෝන්ඩි නැහැ බං අර පඩික්කමකට දැම්මාලු. පඩික්කමක් පේන්නත් නැහැ. උඹ කියන්නේ හැලපේ සංසර්ගේ යෙදුනා නම් ඊට වඩා හොඳයි...ගෙදර අංකල්ගේ උස ආමි බූට් එකක් ඇතුලටනේ මූ ඩෝප් එකේ වමනේ දාලා තියෙන්නේ. කට කපලා එකක්.

    මෙහේ ඉන්නවා පොරක්. ඌට කියන්නේ කබර විලේ හංසයා කියලා. ඌ නිදාගත්ත තැන වටේටම කබරයා දාලා, ඒක මැද්දට වෙලා වකුටු වෙලා නිදිලු සුදු කමිසෙයි, සුදු ජොකා පිටිනුයි.

    ReplyDelete
    Replies
    1. නට් වෙන්න ගහලා, රත්තරන් පාට කොමඩ් එකකට චූ කරපු කතාව දන්නවද?

      Delete
    2. බුරා, අර පපර පපර පෝම් එක නේද? :D

      Delete
    3. ඕක ටිල්විය කරා කියනව 2005 ඡන්දෙ සාකච්ඡාවට ටැම්පල් ට්‍රී ගියාම. ඊට කලින් 94 දි විට්ටර් කොරත් කියනව. ඊටත් කලින් බන්ඩගෙ වළව්වට ගියපු තෙන්නකෝන් කවිය කොරයි කියලත් කියනව. මොකා කරත් බුරා නෙමෙයි කරේ :P

      Delete
    4. බුරා....ලියපන් බලන්න. අහල නැහැ.

      අපේ තාත්තගේ යාලුවෙක් හිටියා ගෝමස් අන්කල් කියලා. බීලා වැඩිවෙලා නිදාගත්තාම දොර කියලා හිතාගෙන අල්මාරියේ දොර ඇරලා තමයි හුජ්ජ කරන්නේ. ගෙදර ආපු දාට සාලවනේ බං. අම්මාගෙන් බැණුම් අහ අහා තාත්තයි, ගෝමසුයි ඩබල රෙදි හෝදන්න වැනි වැනි ලිඳට යනවා උදේට. එක දවසක් තාත්තයි අපේ මාමයි ගෝමස් අන්කල් නිදාගත්තට පස්සේ කකුලක් ගැට ගහලා ඇඳේ, රෑට නැගිටලා යන්න බැරිවෙන්න. එදා මූ ඇඳේ හුජ්ජ කරගෙන. තාත්තා කිව්වා ගෝමස් උඹ මෙහේ ආපහු එන්න එපා ,බීලා කක්කුස්සියක නිදාගනිං කියලා.

      Delete
    5. ඇයි අරූ මතක නැද්ද සැරයක් මාරයත් ඔහොම කතාවක් ලියල තිබ්බෙ.කොල්ලෙකුට වැඩි වෙලා ඌ දාන් ඉඳපු උස සපත්තුවට දාපු කතාවක්.

      Delete
    6. ආ ඒ අපේ ජුංඅලයා... උගේ කුංෆු ෂුෂ් පුරෝපු කතාව... :D

      Delete
    7. හෙන්රි,
      ලංකාවට යනවද,ජනවාරිවල ලංකාවෙ ඉන්නවද?

      Delete
  28. මචෝ... ඔය වස් කාලෙට කනක් ඇහිලා වැඩ වාසය කරන්න ගෙයක් හොයලා දෙන්න බැරිද මට. බුදු හාමුදුරුවෝ එක්කත් මල පැනලා ඉන්නේ මට නම්.

    මම ඉස්සෙල්ලම කසියා ගැහුව දවසක පෝස්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. මාතලන් ලොක්කට කසියා ගහන්න හිතුන දවසට මට කියන්න. අපි ලග තියෙනවා පළතුරැ දාලා පෙරන බඩු, ගැරඩි දාලා පෙරන බඩු, කටුස්සෝ දාලා පෙරන බඩු.. ගැහැවම පණපිටින්ම දිව්‍යෙලා්කේ ගිහින් එන්න පුලුවන්.

      Delete
    2. වස් කාලෙ විතරක් නෙවෙයි බං.දැන් මුංට බෝ ගහක් පේන්න බෑ ඉස්පීකර් බැඳලා මහා හයියෙන් බණ දානවා.අහවල් මගුලකටද දන්නෙ නෑ.

      Delete
  29. හැක් කමෙන්ටු ටික කියෙව්වා කියන්න ආපු එවත් අමතකයි ,බොන වෙලාවටත් ජොලි ,ඒ කතා කියවන කොටත් ජොලි ,තිත් නොපෙනෙන්න ගහලා පහුවෙනිදා තමයි අවුල,කතා නම් ඕන තරම් ඔය චූ කතා මං කලින් එකක් ලිව්වා බොතලේට චු කරලා පෙරෙතයෙක් බිපු එකකුයි,බීලා ගෙයක් ඉස්සරහා චූ කරලා පොලොසිය සලකපු විදියක්යි හැක් තව තියෙනවා ,...අර සෙල්ලම් ගෙවල් කැඩිල්ල නම් අන්තිම නරකයි ...පොඩි උන් නේ. ලොරි,බයිසිකල් කොම ඉන්න ඇති ද????

    ReplyDelete
    Replies
    1. ඔව්වයි හොඳ නරක තේරෙන වයසක් නෙවෙයිනෙ සහෝ.හිතුණා කැඩුවා.පස්සෙනෙ හොඳ නරක තේරුනේ.

      Delete
  30. //පොඩීගෙ ලව් එක.//

    දුවගෙන ආවනේ මේක බලන්ට...:D

    ReplyDelete
  31. //පොඩීගෙ ලව් එක.//

    දුවගෙන ආවනේ මේක බලන්ට...:D

    ReplyDelete
    Replies
    1. ආ..... දෙසැරයක් දුවගෙන ආවද?

      Delete
    2. දුවගෙන ඇවිත් නිකම්ම ගිය එක වස වැරැද්දයි.පොඩ්ඩිගෙ ලව් එක ගැනත් කියල එවන්න මම ඒක ලියන්නං.

      Delete
  32. ඔන්න මෙහෙත් තියෙනවා කඨිනෙ. සිවුරු පිරිකර එලියෙ විකුණනවා. රීසයිකල් වෙවී ආයිත් එනවා.එක පිරිකර කීපාරක් කීදෙනෙක් අතින් දන් දෙන්න ඇත්ද මන්දා. පිනත් රීසයිකල් වෙන හැටි අනේ අම්මපා.

    ReplyDelete
    Replies
    1. පින රීසයිකල් වෙද්දි ඩබල් වෙනවා ඇති.ඒකනේ හාමුදුරුවරු මොනවත්ම ඒ ගැන වදාරන්නේ නැත්තේ.
      සරත් ලංකාවට යන්නෙ කවද විතරද,ජනවාරි මාසෙත් ලංකාවෙ ඉන්නවද?

      Delete
  33. අනේ යකඩෝ හැලපයියේ උඹටත් වෙලා තියෙන්නේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ එකක් නේ..:D
    පොඩීගෙ වැඩ පොඩී නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඊට හපන් වැඩක් මනොජයෝ මට උනේ.පොඩී කැහැටුවට හිටියට වැවක් වගේ චූ කරලනෙ.

      Delete
  34. කඨින පිංකම් ගැන කියනවා කිව්ව නිසා බලාගෙන හිටියේ පෝස්ට් එක ලියනකන්..

    බීලා ඔහොම වැඩ කලාම බැනුම් අහන්න වෙන එකත් අහන්නත් දෙයක්ද :D

    ReplyDelete
    Replies
    1. ඔන්න කටින පිංකම ගැන ලිව්වා.තුශානිත් පිං අනුමෝදන් වෙන්න.

      Delete
  35. අපිට නම් දැන් වස්සාන කාලෝ. අකුණු ගහනවයි කරන්ට් යනවයි.. එක විකාරයයො.

    //ගිහිං බලනකොට ඇඳ වැවක් වගේ, හුජ්ජ පදාසයයි.// සුවඳේ බැරුව ඇති.

    හැලපයියත් දැන් කම්මැලි වෙලා ද.. එහෙම කොරන්න එපා. ඔන්න ඔය ගැම්මට ලියාගෙන යන්ටෝ. කට්ටිය සෙට් වෙන තැන් පාලුවට ඇරියම පව් සිද්ද වෙනව ලු !! :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත චන්දන මාත් මුට ඕක කිව්වා. හැලපෙට ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් තියෙන නිසා බොහෝ දේ ඇති ලියන්න. මම නම් ආසාවෙන් කියෙව්ව බ්ලොග් එකක්.

      Delete
    2. ලියන්න විතරක් නෙවෙයි හැලපයියා රිප්ලයි දාන්නත් කම්මැලි වෙලා , එක්කෝ මේ යෝදයා පෙලවහක් කරගන්න හදනවද දන්නේ නෑ :P

      Delete
    3. කම්මැලියි කියන්නෙ පට්ට කම්මැලියි චන්දන.කතා කියව කියවා කමෙන්ට් කරමින් ඉන්න තියේනං හොඳා කියලයි මම කල්පනා කරන්නෙ.ලිව්වත් කලින් වගේ ගොඩක් නොලියා සීමිත ලිපි ගාණක් ලියන්නයි අදහස.මොකද ප්‍රමාණාත්මකව වැඩි කරගන්නවාට වඩා ගුණාත්මක බවෙන් වැඩි ලිපි ලියන්න අදහස් කරගෙන ඉන්නවා.

      Delete
    4. අරූ,
      උඹ දෙන තල්ලුවට බොහොම පිං.නොලිය ඉන්නෙම නෑ මචං.නමුත් එකදිගට ලියන්නෙත් නෑ.මේ දෙක අතර.

      Delete
    5. ඉවාන්,
      ඔන්න විළි ලජ්ජාවටම රිප්ලයි ටික ලිව්වා.ආයෙ මොකටද ඇනුම්පද නෝක්කාඩු අහන්නෙ.

      Delete
  36. අපේ එකාලට ඉතින් බොනකම් හොදයි..පස්සේ දවසෙ කරපු දේවල් කියපුවම අහන්නෙ "ඇත්තටම මන් එහෙම කලාද බන් කියල..?"..ඉතින් හැලප අයියෙ ඊට පස්සෙ ඒ ඇද පාවිච්චි කලේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ ඊට පස්සෙත් මම නිදාගත්තෙ ඒ ඇඳේ.තවම අපේ මහගෙදර ඇඳ තියෙනවා.

      Delete

ඔබේ අදහස්