අපි එදා සාහිත්‍ය උත්සවයට හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල චෙන්නායි ගියා වගේ මතකයි නේද?මේ ගෙවිල යන සාහිත්‍ය මාසෙ ඒ කතාවෙ කොටේ ලිව්ව නං හොඳයි නේද කියල මට නිකමට වගේ හිතුණා.කොටේ කියල කිව්වෙ ඉතුරු ටිකට,අපි කියන්නෙ එහෙමනෙ. ඔන්න මම ගෙදර ඉන්නකොට කවුරුහරි යාලුවෙක් ඇවිත් කැරකි කැරකි ඉඳල එහෙම මගේ දිහා හොරෙන් වගේ බලල මට මචං කියල කියන්න ඇහැකි සමකාලීන යාලුවෙක් නං,
කොටයක්වත් නැද්ද බං...
කියල අහනව,මට වැඩිය ගොඩක් වයසින් අඩු නමුත් යාළුවො වගේ ආශ්‍රය කරන එකෙක් නං,
කොටයක් එහෙම නැද්ද අයියෙ...
කියල අහනවා,වැඩේ කියන්නෙ වැඩිහරියක්ම ඉන්නෙ ඔය දෙවෙනියට කියපු වර්ගයෙ යාළුවො.මුල් වර්ගෙ යාළුවො බොහොම අඩුයි,අබේ කියන්නෙ මට හිටපු ඔය මුල් වර්ගයෙ යාලුවෙක්.පොඩි කාලෙ ගමේ එකට සෙල්ලං කරපු එකට ටවුමෙ ක්ලාස් ගියපු එකට රස්තියාදු ගහපු හිත හොඳ කොල්ලෙක් වෙච්ච අබේගේ ජීවිතේ පසුකාලීනව එකම ඛෙදාන්තයක් වුනා.ඒ කියන්නෙ සමකාලීන යාළුවො ඔක්කොම පාහේ රස්සාවල් වලට යද්දි අබේ අංගොඩ පිස්සන් කොටුවට ගියා.ඒ අසූ ගණන්වල මුල, එදා ඉඳල පහුගිය අවුරුද්දෙ සදහටම මෙලොව හැරයන තුරුම ඔහුට පිස්සුවත් එක්කම ජීවත් වෙන්නට සිදුවුනා.සැරෙන් සැරේ පිස්සු හොඳවෙලා ගෙදර ආවත් මාසයක් වත් ඉන්න ලැබෙන්නෙ නෑ ආපහු පිස්සු තදවෙලා ඉස්පිරිතාලෙ යන්න වෙනවා. අබේගෙ මුළු ජීවිත කාලෙම ගෙවුනෙ ඔය ආකාරයටයි.මොනව කරන්නද පෙර කරුමයක් වෙන්න ඇති.
කරුමයක් කියපුවම මට මතක්වුනේ ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගෙ "කරුමක්කාර කතාවක්" පොත.මම කියවල තියෙන ඉතාම රසවත් ඒ වගේම ඉතාම අනුවේදනීය පොතක්.මේ සාහිත්‍ය මාසෙ ඒ පොත ගැන ඔයගොල්ලන්ට මතක් කරන්නට ලැබීමත් සතුටක්.පොත ගැන මතක්කලාට ලියන්න මතකක් නෑ. ඒ හින්ද දවස් දෙකක් පොත හෙව්වා.හොයාගෙන ඊයෙ හවස කියෙව්වා.ඔය පොත මම කී වාරයක් කියවල ඇද්ද.ඒත් ආයෙම කියවද්දි පළවෙනි සැරේට කියවනව වගේ අලුත් මානයන් පෙනෙන්න ගන්නව.පොතෙන් කොටස් කීපයක් උපුටල දක්වන්නත් හිතුණාත් එහෙම කරන්නට අමාරුයි.මොකද එහෙම ලියන්නට ගියොත් මුළු පොතම ලියන්නට වෙනවා ඒ තරං රසවත්.කොහොම උනත් පොතේ කතානායකයා වුන සන්තියාගෝ නසාර් ගැනත් බයාදෝ සැන් රොමාන් හා ඇන්ජලා විකාරියෝ ගැනත් පුදුමාකාර දුකක් කනගාටුවක් ඇතිවන්නේ ඒ තුන්දෙනාම මේ කතාවෙ වින්දිතයෝ නිසාම නොවෙයි.හරියටම බැලුවොත් කතාවෙ චරිත සියල්ලම පාහේ වින්දිතයනුයි.කරුමක්කාර කතාවක් කියවල ඇතිවුන හිතේ අමාරුව නිවා ගන්නත් එක්ක මම වෙන පොතක් අරං කියෙව්වා.
ඒ පොත වී ඩී ද ලැනරෝල් මහතාගේ "හපන්කම් මෝඩකම් සහ පුරසාරම්" කියන රසවත් පොතයි.වී ඩී ද ලැනරෝල් මහතා ගැන හෝ ඔහු විසින් ලියන ලද පොත් ගැන කිසිම කතාබහක් බ්ලොග් අවකාශයේ මෙතෙක් ඇතිවී නැති නිසා මුලින්ම එතුමන් ගැන හැඳින්වීමක් කළොත් වටිනවා කියල මට හිතුණා.ඔහුගේ පොතේ නව මුද්‍රණයේ පුර්විකාවෙන් උපුටාගත් කොටසක් මා මුලින්ම ගෙනඑන්නට කැමතියි.
"පාසල් ගුරුවරයෙකු,කවියෙකු,ලේඛකයෙකු,සඟරා සංස්කාරකවරයෙකු,පුවත්පත් කලාවේදියෙකු හා ජන සමාජයේ අතීත තොරතුරු ගවේෂණයෙහි යෙදුණු සුවිශේෂ පුද්ගලයෙකු වශයෙන්ද වික්ටර් දුකී ද ලැනරෝල් සුරීන් අතිවිශේෂ මෙහෙයක් ඉටුකොට තිබෙන බව එතුමන්ගේ ජීවන තොරතුරු දෙස නිරීක්ෂණයෙහි යෙදෙන්නකුට ඉඳුරා පෙනෙන සත්‍යයකි.
ඩී ඩබ්ලිව් වික්‍රමාරච්චි සූරීන් මුල්ම පත්‍රකලා ගුරුවරයෙකු වශයෙන් දස්කම් දක්වන යුගයේ දී ලේඛන කලාවට පිවිසි ලැනරෝල් සූරීහු දිනමිණේ මාර්ටින් වික්‍රමසිංහ,සිළුමිණේ පියසේන නිශ්ශංක,සිංහල බෞද්ධයා හි හේමපාල මුනිදාස සමග විද්වත් භාෂා විශාරද කුමාරතුංග මුනිදාස වැනි විශාරදයින් සමග උරෙනුර ගැටෙමින් සිය ලේඛනයෙන් පාඨක-ලේඛක ප්‍රසාදයට පාත්‍ර වූහ."
සඳැස් කවියෙහි මහත් සූරකම් දැක්වූ ලැනරෝල් සූරීන් ලයු කවිවල බොහෝවිට මුල අග යන දෙතැන්හිම මනාව එළිසමය රැක ඇති ආකාරය ඔහුගේ පොතේ ඇති කවි කීපයකින්ම උදාහරණ ලෙස පෙන්වන්නට පුළුවනි.
"මා විසින් මේ කවි ලියන ලද්දේ 1910 යේ මා සොළොස් වියෙහි සිටියදීය.ඒ කාලයේ කවරෙකුට වුවත් මා ලියුමක් ලියන්නේ කවියෙන්ම ය.මේ නොබෝදා ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ මහා නායක පදවියට පත්වී වදාළ එවකට සාමණේර නමක්වූ කලුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ට යවන ලද ලියුමක ඇතුළත් කවිවලින් කීපයක් මෙසේය.
වනසේකර සුසැදු සුහද සොමි ගුණ මන නන් දා
පණසේකර සුරැඳු නොමඳ සිල් මුතු මිණි කන් දා
පැණසේකර පැලඳු නිබඳ මුදුන අවිදු සින් දා
පැණසේකර සමිඳු සැරද විදු සඳ කොඳ නන් දා
සසුන් නියා පැවිදිව සෙව් නිවන් අ ගී
නුසුන් දයා ලෙව්හට සෙව් සදම් ම ගී
හසුන් පියා එව් සමිඳුනි ඔබ සුලැ ගී
කසුන් තියා කිව්වොත් ඊටත් අන ගී
සඟරා හසුන් ලැබ සැබැවින් තොස් වී මී
තියුරා එයින් ඔබ මොබ රැව් දෙයි සේ මී
අදරා ගුණෙන් ඔබ සුව මන් රැඳි දෑ මී
මෙවරා මමන් පොබ පොබ වී හිත කා මී
මීසරි ලකර සඳ තොරතුරු ගැන ආ ල
පාහැරී දුසිරි අබිමන් නොවමින් කෝ ල
බෝමිරි සතර සැල වික්ටර් මම් බා ල
වී පිරි පතර මෙ හසුන් එව්වෙමි ලෝ ල
ඒ කාලයේ කවි ලියන්නන් විසින් හපන්කමක් ලෙස සලකන ලද කවියකට එළි වැට ගණනක් තැබීමේ සිරිතට මාද වාල් වීමෙන් මේ කව් කොතරම් අර්ථ රසයෙන් පිරිහී ඇතිදැයි සලකා ගත හැකිය.වර්තමාන කවි ලියන්නන් එළි වැට ගැන වැඩිපුර නොසලකා කවියෙහි අර්ථ රසය ගැන සැලකුම ප්‍රශංසනීය බව කිව යුතුය.
එහෙත් එක්තරා උගතුන් පිරිසක් විසින් අලුත් කවි සම්ප්‍රදායක් ලෙස දැනට පළකර ගෙන යන නිසඳැස් කවි හෙවත් පැලලි කවි සම්බන්ධයෙන් නම් එබඳු ප්‍රශංසාවක් කිරීමට ඉඩක් නැත්තේය.මේවාත් කවි නම් අපේ ගම්වල වෙද මහත්තැන් ලියන කසාය සීට්ටුවද නිසඳැස් කවි ලෙස සැලකීමෙහි වරදක් නැත."
ලැනරෝල් සූරීන් එසේ කීවත් නිසඳැස් කවියෙහි ආරම්භකයා ලෙස සැලකෙන ජී බී සේනානායකයන් මුල් යුගයේ ලියු අපූරු නිසඳැසක් මගේ මතකයට නැගෙනවා.
හිස නවාගති ඈ
සිහින් රතැඟිලි පටලවාගති
සතියකට පෙර ගෙනාවර
විළිබරය මගෙ රන්වන් මනාලිය.
ජී බීසේනානායකයන් මේ කුඩා කවට යොදාගෙන ඇති ප්‍රබල රූපක හේතුවෙන් මනාලියගේ රුව පාඨකයාගේ සිත් තුල සිත්තම් වෙනවා.
ඒ වගේම වී ඩී ද ලැනරෝල් සූරීන්ගේ සමකාලීන ගත්කරුවෙක්වූ පියදාස සිරිසේන මහතා 1929 දී ප්‍රකාශයට පත්කළ "චින්තා මාණික්‍ය රත්නය" පොතෙන් උපුටාගත් කව් කිහිපයක් මෙහි ගෙනහැර දක්වන්නේ මේ කව් හා ලැනරෝල් සුරීන් ලියු කව් දෙආරක් වුවද මනාසේ එළිසමය රැකගැනීමට ගෙන ඇති ආයාසය ඔබට පෙන්වීමටයි.
"සේ සත සඳ කිරණ කිරණෙව් යස දිමු ත
ලෝනෙත සසුන් සුරකින නිතර දිවි යු ත
දී අත රාජසිහ කුමරුන් කළ සම ත
මාඉත කඳ සුරිඳු සැරදේ මුළු දිය ත
උතු මග සුසැදු සිරිපා මුනිඳු සමතැ ස
මතු ලක් සසුන් වැඩුමට සිතැති අදහ ස
කතු සඳ දෑ පතර සිරිසෙන් නමැති ර ස
සිතු මිණි රුවන කෙළෙ සිය දන වැඩ පිණි ස "
සඳැස් සහ නිසඳැස් දෙ ආරම අතැඹුලක් සේ ප්‍රගුණ කොට වචන වලින් මහත් විස්කම් පෑ තවත් කලාකරුවෙක් වන මහගම සේකරයන් මෙහිදී නිතැතින්ම මගේ මතකයට නැගෙනවා.ඔහු සිය මව ගැන ලියු අමරණීය නිසඳැසක් මේ...
ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙනවිත් තුන්හිරිය පන්කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
මේ මහා විශ්වයම රටාවක් බව
මට කියාදුන් අම්මා ඔබය.
අඬනවිට මා කුඩා අවදියෙහි බඩගිනිව
තම්බා බතල දළු
පොල්ගා මුසුකොට කවා
බඩගිනි නිවු අම්මා ඔබය
ගල්වා හිසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලාගෙන අතින් මා
පාසැලට රැගෙන ගිය
අකුරු නුගත් අම්මා ඔබය.
සේකරයන් සිය බිරිඳ ගැන ලියු සඳැස් කවි දෙකක් ...
පාන්දරින් තේ උගුරක් මට ගෙනෙනා බිරිඳ ඔබය
දුන් පුතුන් ආදරයෙන් රැක බලනා බිරිඳ ඔබය
හීන් සීරුවේ මාගැන හෝදිසියෙන් සිටින ඔබය
මාත් එක්ක සංසාරේ එකට හිටිය බිරිඳ ඔබය.
කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා විට
හිත ඇතුළෙන් ඔබ හඬමින් හඬන පුතා නලවන විට
මටත් වඩා මගෙ හිත ඔබ හඳුනන බව දැනෙනා විට
මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නිය ඔබ මට
පසුකාලීනව සේකරයන් ලියු නිසඳැස් තුළ අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද නොඅඩුව දකින්නට ලැබුණා.ඔහුගේ නිර්මාණකරණයේ අග්‍ර පලය ලෙස මාදකින "ප්‍රබුද්ධ"කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණයකින් උදාහරණයක් සපයන්නට පුළුවනි.
බිඳෙන් බිඳෙන් ජලේ
පයිප්පයෙන් වැටේ
බෙලෙක්ක ටින් රැගත්
ළමෝ වටා සිටිත්
කකා කකා කියා
හඬත්ය කාකයෝ
ඇසුත් කනුත් පුරා
නගින්නෙ දුවිළියි
උඩින් උඩින් දෙපා
තබා මඩෙන් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසිත්.
(බෝඩිම හැරෙන්නට සේකරයන්ගේ වෙනත් කාව්‍ය ග්‍රන්ථ මේ අවස්ථාවේ මා සතුව නොතිබූ නිසා ඉහත උපුටා ගැනීම් සියල්ලම මගේ මතකයෙන් සටහන් කළෙමි. එබැවින් යම් යම් අඩුපාඩු තිබිය හැක.)
බෝඩිම කාව්‍ය ග්‍රන්ථය කියවාගෙන යද්දි මා අපූරු කරුණක් නිරීක්ෂණය කළා.එනම් පොතේ තිබූ නිසඳැස් කීපයක්ම පසුකාලීනව ඉතාම ජනප්‍රිය ගීත බවට පත්වී ඇති බවයි.
මා මිය ගිය දවසක
සොහොන් කොතේ
ලියන්න දුක් ගීයක්
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්
අඩ සඳ බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි නගන රැව් අතරින්
එතකොට ඒ ගී හඬ මට ඇසේවි
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී හඬ මට කියාවි.
එතෙක්දවස් මාතුලවූ
කළකිරීම
යසෝදරා කුමාරියනි
දැන සිටියේ ඔබ පමණය
එයින් මිදෙන මගක් සොයා
මා නිබඳව
සිතිවිල්ලෙන් සිටිනා සඳ
ඔබ මාවෙත දයා සිතින්
සැනසිලි බස්
කී හැටි මට සිහිපත් වෙයි
මේ නිසඳැස් කව් දෙකම මා මළ පසු හා යසෝදරා යනුවෙන් ජනප්‍රිය ගීත දෙකක් වී ඇති බව අපි සියල්ලන්ම දන්න දෙයක්.ඉතිං ජනප්‍රිය කවියන් ගැනත් කවි ගැනත් කතාකලා,මේ කතාව කවියෙක් හැටියට කිසිම තැනක් නොලබා නිහඬවම මියගිය සැබෑ කවියෙක් ගැනයි.
මට දුරින් නෑදෑයෙක් වුන මිළී අක්කව විවාහ කරගෙන හිටපු ගුණරත්න අයියා ඈත දකුණේ ගමකින් අපේ පළාතට ඇවිත් තිබුණේ රෙදි මෝලේ රස්සාව කරන්නටයි.ඔහු රෙදිමෝලේ ජල සම්පාදන අංශයේ සේවකයෙක් හැටියට වැඩ කළා.හැන්දෑවට වැඩ ඇරිලා ටවුමෙන් දෙකක් දාගෙන බමරා වගේ අපේ පාරෙන් ගෙදර යන්න එන ගුණරත්න අපට හම්බ උනොත් එහෙම පොත්වල තියෙන කවි සහ ඔහුගේ නිර්මාණ වන හිටිවන කවිද කියමින් ගෙදර යාමත් අමතක කර දමා පැය ගාණක් අපිත් එක්ක විනෝද වීම පුරුද්දක් හැටියට කළා.
කවි කියමින් රස්තියාදු වීමත් පදමට බීමත් ඇරෙන්නට රස්සාව ගැන කිසිම ඇල්මක් නොදැක්වූ ගුණරත්නට අවවාද කරල බැරිතැන අංශ ප්‍රධානියා ඔහුව වැඩපොළෙන් දුර දීඇල්ලේ ඔයේ ජල පොම්පාගාරයට මාරුකළා.දැන් ඔහුට වෙනදා මෙන් හවසට ගෙදර එන්නට ලැබෙන්නෙවත් හිතු හැටියට බොන්න යන්න ලැබෙන්නෙවත් නැහැ.මාස ගානකින් දකින්නට නොලැබුණු ගුණරත්න හිටපු ගමන් ගමේ ප්‍රාදුර්භූත වෙන්නට ගත්තම මෙච්චර කල් කොහෙ ගිහිං හිටියද කියල අපි ඔහුගෙන් ඇහුවා.
බලන්න මල්ලී, මම හවසට කාලක් ගහල කවියක් දෙකක් කියාගෙන ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ සතුටෙන් හිටපු මිනිහ, මාව ඔයේ පොම්ප හවුස් එකට මාරුකළානෙ.
ඉතිං එතන හරි නැද්ද?
හරි නැද්දත් අහනව,කතා කරන්න මනුස්සයෙක් තියා බලු බල්ලෙක් ළඟ පාතක නෑ.කුරුල්ලන්ගෙ කෑ ගැහිල්ලයි වතුර පොම්පෙ සද්දෙයි විතරයි.මං වගේ ජොලියෙන් හිටපු මිනිහෙකුට කරපු මේ අපහාසෙ දරාගන්න පුලුවන්ද?
ෂඃ හෙන අප්සැට් එක තමයි.
මාසයක් ඉවසගෙන හිටිය,ඊට පස්සෙ ගිහිං සර් දැන් මට මාරුවක් දෙන්න කියල පෝමන් මහත්තයට කිව්වා.තව මාසෙකින් ඇවිත් කියනව කියල ඒ මහත්තය කිව්වා.ආයෙම මාසෙකින් ගියා ඒත් වැඩේ හරිගියෙ නෑ.මට හරි කේන්තියි ඊට වැඩියෙ දුකයි, මම කවියකුත් ලියාගෙන ලොකු මහත්තය ලඟට ගියා.ගිහිං මගෙ දුක කියල කවියත් පිළිගැන්නුවා.
ඒ ගමන මොකද උනේ?
මොනව වෙන්නද,මගෙ කවිය කියවල ලොකු මහත්තය බොහොම සතුටු වුණා.ගුණරත්න හරි කවිකාරයෙක්නෙ කියල මට යන්න කිව්වා.මාත් එන්න ආව.ඊළඟ සතියෙ මගෙ මාරුව ලැබුණා.
මරුනෙ මොකද්ද ගුණරත්න අයියෙ ඔය කවිය.
ඔන්න එහෙනං අහගන්න.
ගුණරත්න බොහොම මිහිරි සරින් කවිය ගායනා කළා.හැබැයි මට දැන් මතක තියෙන්නෙ කවියෙ පද දෙකක් විතරයි.මීට අවුරුදු තිහකටත් ඉස්සෙල්ල අහන්න ලැබුණු කවියෙ මුල පදයත් අග පදයත් මට හොඳට මතකයි.
පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
..............
..............
ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි මෙසේ
ඉතිං කතාව ඔහොමයි.මේ අපූරු කවිය මතකයට නගාගන්නට මම කොච්චර මහන්සි ගත්තත් කවිය සම්පූර්ණයෙන් මතකෙට එන්නෙ නෑ.ඒ නිසා බ්ලොග් අවකාසයෙ ඉන්න අපේ ප්‍රතිභා සම්පන්න කවි කිවිඳියන්ට මේ කවිය සම්පූර්ණ කරන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා. ප්‍රතිභාව උතුරා හැලෙන්නට තිබුනත් කිසිම ඇගයීමකට ලක්නොවී අතීතයේ දවසක නිහඬවම මෙලොවින් සමුගත් ඒ රසවතාට අපි සම්පූර්ණ කළ කවිය පිළිගන්වමු.මැරුණු වෙලාවෙ මරණ දැන්වීම් වල ඇරෙන්න ජීවිත කාලයේ වෙනත් කිසිම විදියකින් මුද්‍රණය නොවූ ගුණරත්න අයියගෙ නම අද බ්ලොග් අවකාශයෙ ඔබත් එක්ක බෙදාගන්නට ලැබීම මට හරිම සතුටක් සේම පමාවී හෝ මා විසින් ඉටුකළ යුතු යුතුකමක් සම්පූර්ණ වුණා කියල මට හිත හදාගන්න පුළුවනි෴