Monday, September 1, 2014

150.සංචාරක සටහන් රජරට සේවය සහ කතා දෙකක්.


ඇත්ත වසයෙන්ම පහුගිය මාසෙක විතර කාලෙ තුල මම ගොඩක් අවිවේකයෙන් හිටිය කිව්වොත් නිවැරදියි.බ්ලොග් වැඩෙත් හරියට කරගන්න බැරිවුනා ඉතිං ඒ විස්තරෙත් කිව්වොත් හොඳා කියල මට හිතුනෙ මම ගියපු වෙන සංචාර ගැන ලියන්නෙ අවුරුදු ගණන් පහුවෙලානෙ මේ සංචාරෙ ගැන උණු උණුවෙන්ම ලියන්නත් පුළුවන් නිසා වගේම මේ  රට ගැන මම ලියන පළවෙනි වතාව වීම මෙහි ඇති වෙනසයි.අපි පහුගිය මාසෙ පොඩි සංචාරයක්  කළා.මේ ඒ සංචාරෙදී මම දැකපු කරපු දේ ඔබත් එක්ක බෙදාගන්න ගත්ත පුංචි උත්සාහයක්.අපි ගිය තැන මෙහෙ ඉඳන් කිලෝමීටර් 1200 කට විතර කිට්ටු වෙන්න දුරක.හැබැයි එක රටක තියෙනවා වෙන්න බෑ කියන තරමට තැන් දෙක වෙනස්.ලියනවට වඩා පින්තුර වලින් කතාව කියන්න පුළුවනි.මම මේ එහෙ ගිය තුන්වෙනි වතාව උනාට හැලපියි හැලපැට්ටයි ගියෙනං පළවෙනි වතාවටයි.මේ කාලෙ අගනගරයට  තදින්ම ග්‍රීෂ්මෙ උනාට එහෙ හරි සීතලයි.කොටින්ම මෙහෙ 40C වෙද්දි එහෙ 16C ඔන්න වෙනස.තියෙන සීතල ගැන පසුබිමේ තියන අහසින්ම ඔබට හිතාගන්න පුළුවනි.අගනගරේ ගොඩක් අය දැඩි රශ්මියෙන් බේරීම සඳහා මේ පළාතෙ සංචාරයේ යෙදෙනවා දැන් බලන්න මේ අපි ගියපු මේ ගුවන් යානය ගත්තත් වෙන සෘතු වලට එන යානාවලට වඩා සාපේක්ෂව විශාලයි. මෙවැනි විශාල යානා යොදවන්නෙ මේ දිනවලට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ ගණන දිනෙන් දින වැඩිවෙන නිසායි.සංචාරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව හෝටල් ගාස්තුත් විශාල ලෙස ඉහළ යනවා.

නගරයේ සියල්ලන්ම මේ හද කිතිකැවෙන සුළු සංචාරක සමය උදාවෙනතුරු ඇඟිලි ගනිමින් ඉන්නව කිව්වොත් එය නිවැරදියි.නගරේ සියල්ලන්ම කිව්වම ඔන්න මට ගීතයක් මතක් වුනා.ඒ ප්‍රවීන ගායන ශිල්පී හරුන් ලන්ත්‍රා ගායනා කළ ගීතයක එන කොටසක්.

"නගරේ සියල්ලෝ නිදියාවී සුවසේ-ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ"

ඒ ගීත කොටස තියෙන්නෙ හරූන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක ගායනා කළ ආනන්ද මේ රෑ කියන ඉතාම රසවත් මනබඳින ගීතයෙයි.ගීතය මෙතෙන්ට ඔබන්න මම යූ බටේ සර්ච් කරද්දි මට ගීත දෙකක් ලැබුණා. එකක් නම් බහරේන් හි ප්‍රසංගයක කවුදෝ කෙනෙක් මේ ගීතය ගායනා කළ අවස්තාවක් සහ අනෙක ගායක හරුන් ලන්ත්‍රාම සන්ෆ්ලවර්ස් සමග ගායනා කරපු මේ ගීතය.ගීත දෙකම කිසිසේත්ම ඔහුගේ මුල් ගායනාව වගේ මගේ හිතට වැදුනේ නැති නිසා මම ගීතය ගෙනත් මෙතන දැම්මෙ නැහැ මොකද මට අප්‍රසන්න  දෙයක් ඔයගොල්ලන්ට දෙන්නට මම කැමති නැති නිසා.හරුන්  ලන්ත්‍රා සන්ෆ්ලවර්ස් එක්ක ඔහුගෙ මනරම් අමරණීය ගීත විනාශ කරල දැම්මට කිසිදෙයක් කියන්න අපට අයිතියක් නෑ කියල මට හිතෙනවා.ඒ වගේ අසරණ අඩියකට වැටිල හිටපු අහිංසක ගායකයෙක්  සන්ෆ්ලවර්ස්ලට තමන්ගෙ ගීත ගාණකට විකිණුවේ ඉන්න හිටින්න තැනක් කන්න දෙයක් නැතුව බේත් ටිකක් ගන්න ක්‍රමයක් නැතුව කිසිම කෙනෙක්ගෙ ඇල්මක් බැල්මක් නැතුව දරිද්‍රතාවෙ පතුලෙ ඉද්දියි.නමුත් කිසිම අගහිඟයක් නැතුව හිටපු විශාරදල නිපුන්ල හිටං හුදෙක් සල්ලිවලටම පෙරේතකමෙන් තමන්ගෙ ලස්සන ගීත සන්ෆ්ලවර්ස්ලත් එක්ක එකතුවෙලා කිසිම හිරිකිතයක් නැතුව අනුභව කරපු හැටිත් අපි දැක්කනෙ.හරියට තමන්ගේ දරුවො වික්ක වගේ කියලයි මට නං හිතෙන්නෙ. ඔය සන්ෆ්ලවර්ස් ලාගෙන් බේරුනේ ගායක ගායිකාවො කීයෙන් කීදෙනාද?ඔන්න මම ලස්සන කතාවක් කියන්නං.

මම චෙන්නායි වල පදිංචි වෙලා හිටපු සංදියෙ ලංකාවෙන් ඇවිත් හිටපු මනුස්සයෙක් ආපහු ලංකාවට ගිහිං එන්න යනවා කියල මොනාද ලංකාවෙන් ගේන්න අවශ්‍ය කියල අහපුවම කපුගේගෙ සී ඩී එකක් ගේන්න කියල මම මිනිහට සල්ලි දුන්නා.සති දෙකකට විතර පස්සෙ මනුස්සය ඇවිත් මෙන්න මහත්තයට මම නියම සී ඩී එකක් ගෙනාව කියල රෙකෝඩ් කරපු සී ඩී එකක් මට දීල ගියා,අහල බලපුවම ඒ සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ විශාරද ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ස් එක්ක කරපු නන්ස්ටොප් හෙවත් නොනවතින ගීත තැටියක්.මට ආපු දුකයි කේන්තියයි පිටකරගන්න විදියක් නැතුව  ගමනක අවසානය කියල සී ඩී එකේ ලියල පැත්තකට දැම්මා.කපුගේ ඇත්ත වශයෙන්ම මියගියේ සන්ෆ්ලවර්ස් එක්ක සිංදු කියපු දා කියල මම තවමත් විශ්වාස කරනවා.ඒ ක්‍රියාවට ලංකාවෙ රසිකයන්ගෙන් ආව විරෝධය හමුවේ ඔහු කරපු දේ සාධාරණීකරණය කරන්නට කපුගේ දෙවරකට හේතු දෙකක් ගෙනහැර පෑවත් කවුරුවත් ඔහු කියපු දේ විශ්වාස කලේ නැහැ.කපුගේට දවසක් පැල නැති හේනේ ඇතුළු මනහර ගීත කීපයක් ලියාදුන් නීතිවේදී රන්බණ්ඩා සෙනෙවිරත්නයන් කපුගේ කළ මේ ක්‍රියාව හේතුවෙන් දණ්ඩෙන් පහරලත් නයෙක් සේ කිපී කපුගේ සමග තිබූ සියළුම හිත මිත්‍රකම් නැවැත්වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් පුවත්පත්වලට නිකුත් කළා.ගායකයෙක් ලෙස කපුගේ ගහගත්ත මඩ පාර හෝදන්නට හිතවතුන් බොහෝදෙනෙක් උත්සාහකලත් ඒ ව්‍යායාමය කිසිසේත්ම සාර්ථක වුයේ නෑ.ශාරීරිකව මියෙන තුරුම කපුගේ ඒ කළු පැල්ලම සමගම ජීවත්වුනා.එක පැත්තකින් ලංකාවෙ කලාකරුවන්ගේ ඛේදවාචකයත් සමගම සමහරුන්ගෙ මුදල්වලට තියෙන කෑදරකමත් මේ සිද්ධීන් වලින් අපට පෙනී යනවා.

ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ කපුගේට රජරට සේවයට දඬුවම් මාරුවක් ලැබෙනවා ඔහු මෙන්ම දඬුවම් මාරුවක් ලබා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් නිවේදකයානන්ද එකල සේවය කලේ රජරට සේවයෙයි.වැව් බැඳි රටේ සියළුම ජන මාධ්‍යවලට ඉහළින් රජරට සේවය ඔසවා තබන්නට ඔවුන්ගේ හපන්කම් ඉවහල් වුනා.මහින්ද දිසානායක වැනි ගීත රචකයන් කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන් බිහිවන්නේ ඔවුන් රජරට සේවයේ සේවය කළ සමය තුළදීයි.රජරට සේවය කියපුවම මට තව කතාවක් මතක් උනා මේ කතාව එන්නේ චින්තන ජයසේනයන් ලියූ චින්තන කතා පොතෙයි.

"ඊට වසර ගණනාවකට පසු කල්පිටි ගොස් සිටි පාලිතත් ,මාත් හමුවීමට සංස්කෘතික අධ්‍යක්ෂ උපාලිද සිල්වා මහතා පසුදා පැමිණියේය.අපි තිදෙනම අනුරාධපුරයට ගියෙමු.

එවකට අනුරාධපුර රජරට සේවයේ අධ්‍යක්ෂවරයා ව සිටියේ මගෙ හිතවතෙක් මෙන්ම ඥාතියෙකු ද වූ මල්වානේ රඹුටන් වල්ලක් ලෙස හැඳින්විය හැකි ජී ටී වික්‍රමසිංහ මහතාය.ජිට්ටා අප දුටු හැටියේම කාර්යාලයෙන් එළියට පැමිණියේය.බෝතල් දෙකක් ද ගත්තේය.පසුව ඔහුගේ නිවහනට ගියේය.ඇඳුම් මාරුකර ගත් පසු ඔහු ඇසුවේ මෙයයි.

'උඹල වැඩිය කැමති ආරණ්‍ය ගතෝවාද,රුක්ඛ මූල ගතෝවාද?' කියාය.එහි අදහස ගේ ඇතුලෙ බොනවද ගහක් යට බොනවද කියන එකය.ඊට අමතරව ජී ටී ගේ රස කතා පටන් ගත් විට උපාලිට ඇතිවුයේ පුදුම සතුටකි.ජී ටී ත් මාත් යාන් හෑලි තරඟයට කියන්නට පටන් ගතිමු.

මෙයට අමතරව තවත් සිදුවීමක් සිදුවිය.මෙකල ගුණදාස කපුගේ වැඩ තහනමට ලක්වී අනුරාධපුරයේ සිටියේය.මම කපුගේ හමුවීමට ගියෙමි.කපුගේ අප දැකීමෙන් "කම්පනයට" පත්විය.ඔහු බෝතල් දෙකකින්ම අප "කම්පනය"කොට ඔහුද අපේ රථයෙන්ම කම්පනයෙන් ගෙදරට බස්සා ජිට්ටාගේ නිවහනට ගියෙමු."

රජරට සේවය හා  නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් සම්බන්ධ මේ කතා පුවත මා මීට බොහෝ කාලයකට පෙර දිවයින මීවිත අතිරේකයේ තිබී කියැවූවක්.කතාව කොපමණ මගේ සිත් ගත්තාද කිවහොත් එය අද දක්වාත්  මගේ මතකයේ රැඳී තිබෙනවා. ලේඛකයා කතාව ලියා තිබූ රසවත් සහ අලංකාර ආකාරයටම ඒ වචන වලින්ම මට මතක නැතත් මතකයේ ඇති ආකාරයට කතාව මෙහි ලියා දක්වන්නම්.

ගත සිත නලවන සිසිල් සුළඟක් වැව් බැඳී රට හරහා හමා යමින් තිබුන එක් සොඳුරු සැන්දෑ යාමයක ප්‍රේමකීර්තිගේ හිතවතෙක් ඔහු හමුවන්නට රජරට ගුවන් විදුලි සේවයට පැමිණියා.හිතවතා ආදරයෙන් පිළිගත් ප්‍රේම් ඔහුත් සමග පාරට පැමිණ මිතුරෙකුගෙන් ඉල්ලා ගත් මලකඩ කා කෑලි හැලෙන කබල් බයිසිකලයක ඔහුව නංවාගෙන නගරයෙන් සැතපුම් තුන හතරක් ඈත හේනක පැලකට  රැගෙන ගියා.එහි තිබූ හොර අරක්කු පොළෙන් ඔවුන් දෙදෙනාට ලැබුණු  කොච්චිත් මිශ්‍රකර  හොඳ සැරට තෙල් දැමූ කරෝල සමග තම්බාපු මඤ්ඤොක්කා කටගැස්මද සමග වීදුරු කීපයක් සප්පායම් වූ ඔවුන් හොර අරක්කු පොලේ හිතවතාගෙන් සමුගෙන පාරට පැමිණියේ එදින සවස ප්‍රේම් විසින් ප්‍රවෘත්ති ප්‍රකාශය කිරීමට නියමිත හෙයින් හැකි ඉක්මනින් ආපසු රජරට සේවයට යාගන්නටයි.අනුරාධපුර නගර සීමාවෙන් ඇතුල්වී මඳ අඳුරේ වේගයෙන් පැදයමින් තිබු බයිසිකලය එකවරම නතරවුනේ  ලයිට් නැති සයිකල් ඇල්ලීමට ඉදිරියේ රථවාහන පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණ නිසයි.සයිකලයද සමග දෙදෙනාවම පොලිසියේ කාමරයකට ගාල් කරනු ලැබුයේ ඒ සමගම අල්ලා ගනු ලැබූ තවත් සයිකල්  කරුවන් රාශියක්ද සමගයි.

තම කාමරය තුළ රාජකාරියක නිරත වෙමින් සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට අසල චෝදනාගාරය තුළින් සුපුරුදු කටහඬක් අසන්නට ලැබීමෙන් ඔහු මඳක් විමසිලිමත් වුනා.

සම්පූර්ණ නම කියනව...

සමරවීර මුදලිගේ දොන් ...

රජරට සේවයේනිත්‍ය ශ්‍රාවකයෙකු වූද ප්‍රේමකීර්ති රසිකයෙකු වූද පොලිස් නිලධාරියාට තම සිත තුළ වූ සැකය තහවුරු කරගන්නට ගතවුයේ සුළු මොහොතයි, ඊළඟ මොහොතේ ඔහු චෝදනාගාරය ඉදිරියේ පෙනී සිටියා.

පෙරේරා  ඔය මනුස්සයව එළියට දානවා...

ඇයි සර් මුං දෙන්න ලයිට් නැතුව ආව මදිවට හොඳටම බීලත්...

කටවහගෙන කියපු දේ කරනව සාජන්...

ස්ථානාධිපති වරයාගේ කාමරයට ගෙන ආ ඔවුන් දෙදෙනාට සිදුවූ අකරතැබ්බය ප්‍රේමකීර්තිගේ මුවින්ම ඔහුට දැනගන්නට ලැබුණා.

එතකොට තව විනාඩි කීපයකින් නිව්ස් යනවා...

ඔව්...

නිව්ස් කියවන්නෙ ඔබයි ...

ඔව්...
  
මාත් එක්ක යමු එන්න...

පොලිස් ස්ථානාධිපති වරයාගේ අතින් පණ ගැන්වුන ජීප් රියට ප්‍රේමකීර්ති හිතවතාත් සමග නැගුනු මොහොතකින් ජීප් රථය අඳුර දෙබෑ කරගෙන රජරට සේවය දෙසට ධාවනය වුනා.වේගයෙන් ආදී ආ ජීප් රථය ගුවන් විදුලි සේවය ඉදිරියේ නවතනවාත් සමගම බැසගත් ප්‍රේම් ප්‍රවෘත්ති  ගුවන්ගත වන මැදිරියට ඇතුල් වනවිටත් ප්‍රවෘත්ති ප්‍රකාශයේ ආරම්භක වාදනය ප්‍රචාරය වෙමින් තිබුණා.මැදිරියෙන් පිටත පුටුවකට බරදුන් පොලිස් නිලධාරියා ප්‍රේමකීර්ති විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දී සිටියේ මහත්වූ සැනසිලිදායක හැඟීමෙනුයි.

එදා ඇරඹුණු ඔවුන් දෙපොළගේ මිත්‍රත්වය සැම සතියකම අනුරාධපුර වැවක් අසල ඇති අවන්හලකදී වැඩි දියුණු වුනා.වැව් තලයේ නැලැවෙන ජල තරංගයන් සිලි සිලි හඬ නංවමින් ඔවුන් දෙදෙනාගේ රසබස් අසාසිටියා.අවුරුදු කීපයකට පසු ප්‍රේම් ස්ථාන මාරුවක් ලබා ආපසු කොළඹට යනතුරුම මේ දෙපොළගේ මිත්‍ර සන්ථවය නොනැවතී ගලාගිය බව කියවෙනවා෴

175 comments:

  1. හරිම අනුවේදනීය කතාවක්.
    මගෙ පපුව හොඉස් ගාල ගියා.

    ReplyDelete
    Replies
    1. මොකක් ගැනද? පොලිස් ඉන්ස්පෙක්ටර් නිල බලය යොදා අත් අඩංගුවේ සිටි කෙනෙක් පමණක් නිදහස් කළ එක ගැනද?

      එතකොට පලා බබෙක් ඇවිත් හෙංචයියෙක්ව රිලීස් කරගෙන යෑම?

      Delete
    2. තෑන්ක්ස් තෑන්ක්ස් ඇනෝ,පපුව හොඉස් ගානවා නං බලාගෙන පියුස් ගියොත් එහෙම කාට කියන්නද.

      Delete
    3. වරදක් කරපු කෙනෙක් පොලිස් බලය යොදා අයුතු ලෙස නිදහස් කිරීම මහා උතුම් කටයුත්තක් ලෙස දකින ඔබ,

      ගුණදාස කපුගේ මහතා සිය අඹුදරුවන් රකින්නට හෝ යම්කෙනෙකුට උදව්වක් කරන්න හෝ සිය හැකියාව සමඟ සන්ෆ්ලවර් සමඟ ගීත ගයනා කිරීම වරදක්/ කළු පැල්ලමක් ලෙස දැකීම,

      කුහක ගතියක් සහ මෝඩ කමට බෙහෙත් නෑ ලෙස මට හැ‍ඟෙන්නේ මන්ද?

      Delete
  2. මරූ ට්‍රිප් එකක්නේ ඕමාන් ඉඳන් රජරටට

    ReplyDelete
  3. රජරට සේවය නිසා බිහිඋන ගායකයන්, සංගීත රචකයින් ගනන වගේම ගුනාත්මක භාවයත් ඉහලින්ම තිබුන බව අසා තිබෙනව.
    රජරට = මී විත කියල තමයි කියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් … මේ අපි ඉන්නෙ දිලිසි දිලිසි :D

      Delete
    2. ගුණාත්මක මී විතේ බ්‍රෑන්ඩ් එක තාම කිව්වෙ නැත්තෙ මොකද PM?

      Delete
    3. කපුගේ කිව්වොත් ඉතින් ප්‍රා

      බ්රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි - :D

      Delete
    4. ඒ ගැන තමයි කම්මලේ මමත් අදහස් කළේ.

      Delete
    5. කාසි බාගේ...
      කාසි බාගේ රැඳෙන්නේ නෑ අතේ
      කාල බීල ඉමු සන්තෝසෙන් ජීවිතේ...//
      කාසි බාගේ///
      ඇති වෙනවා කාසි බාගේ
      කාසි බාගේ නැති වෙනවා කාසි බාගේ
      මේ කාසි නෑ කියාලා
      දුක් නොවෙල්ලා///

      කරත්තෙ හරකා වාගෙ රෑ දවාලෙ හම්බ කරලා//
      මළා ම ගෙනියනවද යන පෙට්ටිය සල්ලි දමාලා...

      කාසි බාගේ දියේ හකුරු වාගේ
      දිය වෙලා යාවි යාවී
      දියේ හකුරු වාගේ දිය වෙලා
      කාසි බාගේ...

      ඔය පෝසත්තු පොදි බඳිනා කාසි පොදී
      හෙම්බිරිස්සාවක් හැදුනෝතින් ඊටත් මදී
      කෙනෙක් ගහගන්නේ බැනගන්නේ සල්ලි නිසා//
      අපිට හීනෙන්වත් හැබැහින්වත් ඒවා එපා...

      විස්කි බ්‍රැන්ඩි වැට් සික්ස්ටි නයින් ඕනෙ නැතේ
      මේකෙ එක උගුරෙන් දුක දුරු වී යාවී සිතේ
      රැයේ අඳුරේ හෝ එළියේ හෝ කෝකත් එකයි//
      අපව සනසන්නේත් සැප දෙන්නේත් දුප්පත් කමයි...


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය: පී. එල්. ඒ. සෝමපාල
      ගායනය: මොහිදීන් බෙග් සහ පිරිස

      ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    6. - ස්තුතියි නැවතත් -

      Delete
  4. දැන් කථාවේ කොයි කොටසටද කොමෙන්ටුව කොටන්නේ...???
    කපුගේ ගේ බිරිදද අනුරාධපුර ස්වර්ණපාලිකාවේ ඉගැන්නුවා.
    කෝ ඉතින් සංචාරයේ විස්තර?

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. නැටුං මිස් … ෂ්වර්ණපාලිය, ඇහුවත් සැපයි :D

      Delete
    2. මම බලාගෙන හිටියේ උඔ කෝ කියලා.
      අපිත් ආසාවෙන් හිටියා ලේ රහට කුකුල් මස් කැල්ලක් එක්ක කෑකැලු හාල් බත් ටිකක් කන්න ෂ්වර්ණපාලියෙන් කොහෙද ඡෝෂපියන්ලා ඒවා සින්නක්කර ලියාගෙන.. ඔ..ඔ මතක් වෙනකොට තෝපි එක්ක එන තරහා.

      Delete
    3. රජරට ගැන අපට වඩා විස්තර ගොඩක් රජරට උපන් මෙන්ඩිස් ල දන්නවනෙ.සංචාරෙ විස්තර ලියන්න විදියක් නැතිවුනානේ.ඊළඟට ලියන්නං.

      Delete
    4. නැහැ අයියන්ඩි මම උපනනේ රාගම මගේ ගම ඡා ඇල දඩුගම ඒත් තාත්තා පුරේට ගියාහම අපිත් ගියා. මම ඒ ප්‍රන්තේට ආදරය කලා මම හැදුනේ වැඩුනේ මට හොද නරක කියලා දුන්න ඡය ශ්‍රි මහා බෝ සමිදුගේ පහස ලැබුව ඒ පුඡනිය භුමිය මගේ කර ගත්තා.

      Delete
    5. මමත් දකුණේ හැලපයියේ. ඉතුරු ටික මෙන්ඩියා කියල තියන විදියමයි.

      Delete
    6. මගේ බොක්ක
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  5. කපුගේ සන්ෆ්ලවර් එක්ක නටලත් කර ගත්ත ලබ්බක් නෑ. මම නම් ඒකට කපුගේට දොස් කියන්නේ නෑ. මොකෝ ඔය දොස් කියන එකෙක්වත් කපුගේලගේ ගෙදර මේසෙට බත් තියන්නේ නෑ. කළාකාරයෝ හැම එකාටම කළාවෙන් ජගත්තට ජීවීතේ ජයගන්න බෑ ඒක වෙනම කළාවක්. ඒවා දන්න අය තමයි නිපුන්ලා, සත්‍යයේ ගීත කියන අක්කලා, දිවුල් ගහේලා.. ඒ මිනිස්සුන්ටත් මුකුත් කියන්න බෑ.. වැඩේ කැත උනත්.. මොකෝ නැත්නම් වෙන්නේ හිඟන්නෝ වගේ මැරිලා යන්න.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කපුගේ සන්ෆ්ලවර් සමග නව රිද්ම කළේ එංගලන්තයේ ඉගෙනීමට ගිය මිත්‍ර කපුගේට සල්ලි යවන්න බව ඔහු කීවා. අනෙක කොහොමටත් සංගීත සන්දර්ශනවල කියන්න වෙන්නේ සන්ෆ්ලවර් එක්කයි, මිනිස්සු ඒවා රෙකෝඩ් කරලා විකුණනවා. ඊට වඩා මේ cd හොඳයි කියන එකයි ඔහුගේ අදහස වුණේ.

      Delete
    3. මම දැන් ටිකකට කලින් පිටකොටුවේ ෆ්ලොටින් මාර්කට් එකට ගියා...ඒකේ තියෙන ඔක්කොම වගේ අර පොලිතීන් පැකට් වල තියෙන CD/DVD විකුනන තැන්වල එකම සිංදු ටිකක් යන්නේ. තව ටිකක් උනන්දුවෙන් බැලුවාම පෙනුනේ හැම CඩD ෂොප් එකක් ඉස්සරහින් TV එකක් තියෙනවා එකේ යන්නේ අර සිංදු..ඒ සිංදු කියන්නේ අර දෙරණ ඩ්‍රීම්ස්ටාර් දිනපු එම් එස් වගේ සිංදු කියන කෙනාගේ සිංදු. මම හිතන්නේ ඔක්කෝම පිරටඩ් වර්ෂන්ස් වෙන්න ඇති. ඒ කොල්ලා ඕවා දන්නේවත් නැතුව ඇති ඇඹිලිපිටියේ නිසා...

      Delete
    4. කකාගේ කතාව හරියටම හරි... කපුගේ කියපු කතාවත් හරි, අනික ගීතය අපි අහන්නේ අපි කැමතිනම් , සන්ෆලවර් සමග කරපු සංගීතයට කැමති පිරිසක් හිටියා, ඒ වගේම පැරණි සංගීතයටත් තැටියක් ඊට සමගාමීව කපුගේ නිකුත් කළා , කැමති අයට තිබ්බා ඒක ගන්න . තෝරාගැනීම තමන් සතුයි .

      Delete
    5. කපුගේත් සාමාන්‍ය පෘතග්ජන මනුස්සයෙක් නෙවැ.… නැද්ද මං අහන්නේ !!!!

      Delete
    6. මංදා.. මාත් සන්ෆ්ලවර් සංගීතය හින්දා හුගාක් පරණ ගීත වලට ආසා කරපු කාලයක් තිබුනා. සමහර සිංදු එහෙම හරි අහන්න උනේ නැත්තං කවදාවත් හිතට වදින එහෙකුත් නැහැ. සන්ෆ්ලවර් සංගිතය හින්දා මිනිස්සුන්ට අමතකම වෙලා වගේ හිටිය හෙන්රි කල්දේරා වගේ මනුස්සයෙක්ට ජිවිතේ අවසාන කාලයේ හරි ආයේම ඉස්සරහට එන්න පුළුවන්කමක් ලැබුනා.

      අනිත් එක තමා අර ගුවන්විදුලියේ එහෙම තියෙන පට්ට පරණ චරෝබරෝ සද්ද රාශියක් මැද්දේ අහන්න වෙන ගීතවල විතරක් ඇති ප්‍රබුද්ධ මෙව්වා එක මොකක්ද..? අනික එහෙම අහන කෙනෙකුට ඒවා අහන්න තිබුලා අනිත් අයට දෙයියනේ කියලා අහන්න නවසංගීතේ මුසු කරපු ගීත ආව එකනං ලොකු දෙයක්.

      මෙතනදී කපුගේ මලේ සන්ෆ්ලවර් එක්ක කැසට් එක දවසේ කියන කියමන ගැනනං මගේ කිසිම එකඟතාවයක් නැහැ. මමත් ඇතුළුව ඒ දවස්වල බොහෝ පිරිසක් කපුගේව අහන්න පටන් ගත්තේ ඔය දේ හින්දා.. කපුගේව ත්‍රීවීල්වල පදිංචි කරවා ගත්තේ ඕක හින්දා... කපුගේ කියන්නේ දුප්පත් මිනිහෙක්ගේ ගායකයෙක්නං එයා ත්‍රීවීල් එකේ.. සැලුන් එකේ... බාර් එකේ.. කඩ පිලේ.. හිටිය එකේ කිසි වරදක් නැහැ. ගුවන් විදුලියේ වැඩි පිරිසක් නොඅහන තරංගයකට කොටු වෙලා හරි... ප්‍රබුද්ධ ශ්‍රාවක කියලා ලේබලේ අලවගත්ත අතලොස්සක් අතරට වෙලා හරි ඉන්නේ නැතිව.. ඉතිං පොඩි ඉඩක හිර වෙලා හිටිය කපුගේව ආයෙමත් අළුත් ජවයකින් පොඩි මිනිස්සු අතරට අරං ගිය සන්ෆ්ලවර් කලේ ලොකු සේවයක් මගේ කල්පනාවේ හැටියටනං...

      මොනවා උනත් මෙහෙම පැරණි කතන්දර අහන්න ලැබෙන එකේ මාර ගතියක් තියෙනවා... කට්ටියක් එක්ක හීනියට දෙකක් දාගෙන හැන්දෑ කලුවර වැටෙද්දි ආගිය කතාවක් කියාගෙන හිටිය කාලේ සිහියට එනවා.

      Delete
    7. මටත් ඒ නව රිද්ම සින්දු ගැන මාර තරහක් ආවේ. දවසක් නාරද දිසාසේකරගේ නව රිද්ම අහලා සීඩී එක කුඩු කරන්න හිතුණා!

      Delete

    8. නාරද දිසාසේකරලා ගේ කපුගේ ලා ගේ නව රිද්ම වගේද මේ මගේ නව රිද්ම?

      http://kathandara.blogspot.com/2012/07/golden-oldies-and-cover-albums.html

      Delete
    9. මාතලන්,
      තමන්ගෙ සිංදු විකුණන්න බැරිනං කෑවත් අපට මොකුත් කියන්න අයිතියක් නෑ තමා.මම මෙතැනදී කිව්වෙ ඒ සිංදු අහගෙන ඉන්න බැරි කතාව විතරයි.

      Delete
    10. කකා,
      කපුගේ මුලින් ඒ කතාව කිව්වා,ඊළඟට සුගතපාල ද සිල්වාගේ අසනීපෙට බේත් කරගන්න සල්ලි දෙන්න සිංදු කිව්වා කියලත් කීවා.

      Delete
    11. චෙපාකි,
      ප්ලොටින් මාකට් එකත් එහෙනං මල්වත්ත පාර වගේ වෙන්න ඇති.ඔය ඇම් ජී කොල්ලව දෙරණෙන් හැමදාම විකුණනවා,සිංදු වෙළෙන්දෝ එහෙන් විකුණනවා.

      Delete
    12. ඉවාන්,
      ගීතය අහන්නේ අපි කැමති නං අකමැති නං රස නෑ කියල කියන්න අයිතියත් අපට තියෙනව නේද ඒක වාරණය කරල නෑනෙ.

      Delete
    13. පත්තරේ,
      ඔව් ඔව් ඒ ගැන විවාදයක් නෑ.

      Delete
    14. ඒ කියන්නෙ හැලප ලියාපු පෝස්ට් එකක් රහ නෑයි කියලා හැලපෙට බනින කට්ටිය සාධාරණයි ද?

      අනේ මන්දා මට නං මහ මොකක්ද මොකක්ද වගේ. හැලපෙ කාටවත් තමන්ගෙ බ්ලොග් එක කියවන්ටයි කියලා බලකරන්නෙ නෑ නෙව. එතකොට කියවන කෙනා අතේ තමා ඒකෙ වගකීම තියෙන්නෙ. එයා කියවලා ඉවරවුනාට පස්සෙ ඒකට අකැමැතිනං හැලපෙට දොස් කියන එක හරිද? ඇයි එයා කියෙවුවෙ? ඔය වගේම දෙයක් නෙවෙයිද නව රිද්ම ගී වලත් වෙන්නෙ. ගායකයා බලෙන් අපට අස්සවන්නෙ නෑ නෙව. රස නැත්තං රස නෑ කියලා කිවුවට කමක් නෑ. ඒත් එතනින් එහාට ගිහිල්ලා ගායකයට බනින එක සාධාරණද? :-)

      Delete
    15. මාරයා,
      කොහොමත්ම එකඟවන්නට නොහැකිවීම ගැන කණගාටුයි.කපුගේ සන්ෆලවර් එක්ක එකතුවෙලා අනුභව කලේ ඔහුගේ ජනප්‍රියම ගීත සැට් එක නොවේද?ඉතිං සන්ෆලවර් එක්ක කියාපු නිසාවෙන් ජනතාව අතරට ගියාය කියන්නෙ කොහොමද?ඒ වෙනවිටත් ඒ ගීත ජනප්‍රියත්වයේ ඉහලම තලයේ තිබුණ ඒවා නොවේද?සන්ෆලවර් ටකරං සංගීතය යෙදීමෙන් පස්සෙ ප්‍රයිවෙට් බස්වලට ත්‍රීවීල් වලට බාර් සැලුන් වලට කපුගේ වැද්දගත්ත එක ගැන නං විවාදයක් නෑ.කපුගේ ඔය සිංදු ටික සන්ෆලවර් එක්ක කිව්වට පස්සෙ මට ඇහුනෙත් ප්‍රයිවෙට් බස් එකක වාදනය වෙද්දියි.ඔන්න කපුගේ අලුත්ම ගීත ටිකක් සන්ෆලවර් එක්ක කිව්වනං අපට කියන්න දෙයක් නෑ.එහෙම නොකර ඒ වනවිට ඉහලම ජනප්‍රියත්වයක් තිබුණ ගීත ටිකක් කෑව නිසා තමා අපේ අරෝව.

      ගුවන් විදුලියේ චරෝ බැරෝ සද්දෙ එන්නේ එක්දාස් නවසිය බර ගණන් වල හීරිච්ච එල් පී තැටි වාදනය වෙනකොට මිසක සී ඩී වාදනය වෙනකොට නොවෙයි නේද.සී ඩී වල ශ්‍රවණ තත්වය ඉතා ඉහළ නිසා එහෙම ප්‍රශ්නයක් නෑ නේද?අවංකව ඇත්ත කතා කරමුකො.

      Delete
    16. //දවසක් නාරද දිසාසේකරගේ නව රිද්ම අහලා සීඩී එක කුඩු කරන්න හිතුණා! //

      බුදු අම්මෝ බුරතීනෝ, පොතක් හරි බ්ලොගක් හරි ලිව්වටනම් කමක් නෑ launch එකක්නම් තියන්න එපා. අර ටයනු එක්කෙනා එක්ක මාටින් තව ටිකක් පෙරලන්න ආසාවක් තියේනම්

      නිකම් හිතන්න KK ඔහොමනම් කෙන්ජි මාතලන් වගේ අයගෙ රියැක්ශන් කොහොමට වෙයිද. මගෙ ඇඟ සීතලවෙලා ගියා. ෆූ !!!

      Delete
    17. මට දැනෙන විදියට වෙනත් සංගීත කන්ඩායමකට වඩා සන්ෆලවර් සංගීතය සැපයීමේදී එයාල යම් සාධාරණයක් ඉෂ්ට කරා.එයාල පාවිච්චි කරන ඉන්ස්ටෘමන්ට් වලින් දෙන්න පුලුවන් නාද රටා වලට අනුව..

      ගීතයක් ඉන්දියානු සංගීත භාණ්ඩ පමණක් යොදාගෙන වාදනය කලයුතු යයි කියල මං නං හිතන්නෙ නෑ.. මෙහෙම දෙයක් තියනවා. බස් වල සහ ත්‍රීවීල් වල බෆල් වලට අමතර ටියුටර් යොදලා ට්‍රිබල් ටිකක් වැඩිකරගන්නවා.. එතකොට කිසි කිසි ගානව මිසක් සිංදුවක් ඇහෙන්නෙ නෑ.. :D :D කෙනෙකුට ඒක කනට මිහිරි වෙන්න පුලුවන්. මට නං සන්ෆ්ලවර් සීඩී ටික අල්ලල ගියා …

      Delete
    18. //ඒ වෙනවිටත් ඒ ගීත ජනප්‍රියත්වයේ ඉහලම තලයේ තිබුණ ඒවා නොවේද?//

      ජනප්‍රියත්වය කියන්නේ මොකක්ද කියන එක හරි ඉරක් ගහලා පැහැදිලි කරන්න බැරි හින්දා ඔය කාරණය ටිකක් අවුල් සහගතයි. අපිට එයිට වඩා ඕක මෙහෙම කිව්වැකි.. කපුගේ කිව්ව සිංදුවලින් හිට් වෙච්ච ටික කියලා. එහෙම නැතිව ලංකාවේ බහුතරයක් පිරිස කපුගේව ඇහුවා කියලා ඔය ජනප්‍රිය කියන කෑල්ලෙන් කියන්න බැහැ. ඒ වෙනකල් කපුගේව ඇහුව අය අතරේ නැගලා ගිය සිංදු ටික.. ඒක හරි.. හැබැයි වැඩි පිරිසක් අතරට කපුගේට යන්න පුළුවන් උනේ ඔය වැඩේ හින්දා... ඒ වෙනකල් කපුගේව අහුව පිරිසත් එක්ක සංසංදනය කලොත් එකට එකක් ශ්‍රාවක පිරිස වැඩි වීමක් පැහැදිලිවම ඔය වැඩෙන් උනා... ඒ ශ්‍රාවකයෝ බහුතරය අතරේ කපුගේ ප්‍රියතම ගායකයෙක් උනා... මුල් සංගීතයට කපුගේව අැහුව පිරිසට වඩා ඒ අයගෙන් කපුගේ ඉස්සරහට ආවා සහ අනිත් අතින් මුල් ශ්‍රාවකයින්ට වඩා කපුගේට ආදයමක් උනත් ආවා. නමුත් අයියා වගේම පැරන්නෝ ටිකක් මොනවා නමුත් හේතුවකට හිත් අමාරුකං හදාගත්තා තමා... නමුත් අමතක කරන්න හොද නැත්තේ කපුගේ සංන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වය කියලා කලින් කියාපුවා ගිනි තිබ්බෙවත් ඒවා අහෝසි කරලා දැම්මෙවත් ඒවා අතෑරලා අළුත් එකම අහපියවු කියලා බලකලේවත් නැහැ. ඉතිං හොඳම දේ තමා තමන් කැමති දේ තියෙනවනං ඒක අහලා සතුටුවෙන එක.. අර මනුස්සයාව යම් පමණකින් ආර්ථිකව සාර්ථක කල.. මිනිස්සු වැඩි පිරිසක් අතරට ගෙන ගිය කැසට් එක ගැන උරණ වෙලා කපුගේව ජීවත්වන මල මිනියක් කරන්න උත්සහ නොකිරීම. මේක කපුගේගේවත් සන්ෆ්ලවර්ස්ලගෙවත් කැසට් මුදලාලිලාගෙවත්.. ඒවා අහන සාමාන සරල රසිකයින්ගෙවත් වරදක් නෙවෙයි... ප්‍රශ්නයක් නැත්තං ප්‍රශ්නයක් හදාගෙන ඒකේ ගැටි ගැටි ඉන්න උත්සහ දරන අයගේ වැඩක්.

      //කපුගේ අලුත්ම ගීත ටිකක් සන්ෆලවර් එක්ක කිව්වනං අපට කියන්න දෙයක් නෑ.එහෙම නොකර ඒ වනවිට ඉහලම ජනප්‍රියත්වයක් තිබුණ ගීත ටිකක් කෑව නිසා තමා අපේ අරෝව.//

      ඉහළම ජනප්‍රියත්වය තිබුනා උනත් තිබුනේ සීමිත කොටසක් අතරේනම් ඒ ගීත ටික තව වැඩි පිරිසක් අතරට ගෙන යන්න කටයුතු කිරීම ගැන ආරෝවක් හදා ගැනීම කපුගේට විතරක් නෙවෙයි නව සංගීතයෙන් කැසට් එක කලාට පස්සේ ඒකට ආකර්ෂණය උණ අළුත් රසිකයින්ටත් කරන අසාධාරණයක් නෙව... ඇයි දෙයියනේ ඒ මිනිස්සුන්ට අයිතියක් නැද්ද කපුගේගේ සිංදු තමුන් කැමති සංගීතයකින් අහන්න... :D

      සීඩීවල ශ්‍රවණ තත්වයනං හොඳයි.. හැබැයි තාමත් ඉද හිට ගුවන් විදුලිය අහන මටනං අහන්න ලැබෙන්නේ කරදරකාරී ශබ්ද සහිත ගීත තමා වැඩි වශයෙන්ම... මෑතදී හැදුන නව පරපුරේ ගීත වලනං ශබ්දය හොඳට තියෙනවා. එහෙම නැතිව සාමාන්‍යෙයන් අසූව දශකයේ පමණ ගීතත් ගුවන්විදුලියෙන් අහද්දි සෑහෙන අවුල්. ඒක හොදටම තේරෙනවා ඒ කාලයටම සමාන්තර හින්දි ගීත ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරද්දී.. ඒවා ඉතා හොද තත්වයේ තියෙනවා.. නමුත් සිංහල ගීතවල පටිගත කිරීමේ තාක්ෂණික අවුලක් හරි මොනම හරි දෝෂයක් නිසා බොහෝම අඩු පාඩු ගතියක් තියෙනවා. ඔය තමා අවංකවම මට තේරෙන විදිය.

      Delete
    19. මාරය කියන්නෙ ගුවන් විදුලි සංස්ථා සේවාවන්ගෙ විකාශනය වන පරණ සිංදු ගැන නම්, කරදරකාරී ශබ්ද සහිත කථාව ඇත්ත. මොකද ඒ ගොල්ල තමන්ගෙ CD අලෙවි හලේ ව්කුනන්නෙත් පරන තැටි වලින් ගත්ත කරදරකාරී ශබ්ද සහිත Mono Tracks සිංදු තියෙන CD

      Delete
    20. අපි කැමති දේ අපි අකමැති විදියට වෙනස් වෙනව දකිනකොට අපිට දුකයි සමහරවිට තරහයි. ඒත් ඒක එහෙමයි කියල වෙනස නවත්තන්න බෑ. ඕකෙ හැම් දේකටම මේක පොදුයි.

      කපුගේ තම්න්ගෙ සින්දු කෑවද නෑවද කියන එක විවාදාත්මකයි. ඒක තීරනය වෙන්නෙ ඒ ඒ රසවින්දනය අනුව. මොන හේතුව්ක් අනුව ඒ දේ කලත්, අපිට ඒක විවෙචනය කරන්න අයිතියක් නෑ, ප්‍රතික්ශේප කරනව මිස. අපි කැමති නැත්තන් ගන්නෙ නෑ, එච්චරයි.

      මම එහෙම කියන්නෙ, කපුගේ කල්දේර කියන දෙන්න ඔය සින්දු කීමෙන් මොන තරන් ලොකු හුස්මක් ගන්න, ජීවිතේ ප්‍රශ්න ගානක් විසඳගන්න පුලුවන් උනාද කියල පුද්ගලිකවම දන්න නිසයි. කපුගේගෙ තලපත්පිටියෙ මඩුව ගෙයක් වෙන්නෙ නෑ සන්ෆ්ලවර් නොහිටියනං. අපි කොච්චර කැමති උනත්, කපුගේ වෙනුවෙන් ඒ දේ කලේ නෑ. ඕනම කලාවක් පවතින්න මිලක් ඕනෙ. එත් ඒ මිල ගෙවල එදේ ගන්න එක අපේ රස පරාසයට වටින්නෙ නැත්තන් නොගෙන ඉන්නව. දැන් ඉරාජ්ලගෙ නෙමෙයි ඉස්සර කුමාරසිරි පතිරනලගෙත්, ප්‍රින්ස්ලගෙත් කැසට් සී ඩී අපි ගත්තෙ නෑ. ඒක අපේ කැමැත්ත.

      පලි, මගෙ ගාව කපුගේගෙ සින්දු එකසිය ගානක් තීනව බහුතර ඔරිජිනල් මියුසික්. නමුත් සන්ෆ්ලවර්ලගෙ රී මික්ස් තියෙන්නෙ ඔය කිව්ව නන්ස්ටොප් එක විතරයි. හේතුව මට අර පරණ මියුසික් තරන් කිචන් මික්ස් එක අල්ලන්නෙ නැති නිසා.

      Delete
    21. මට හිතෙන්නේ මෙතන තියෙන්නේ විකුණගෙන කෑම ගැන අවුලක් නෙමෙයි. 'හොඳ' සංගීතය දැම්මා කියලා ඇයි ඒවට මුදල් ලැබෙන්නේ නැද්ද?

      සංගීතය වෙනස් කිරීමත් අලුත් දෙයක් නෙමෙයි. ඒ කාලේ ගුවන් විදුලියේ පටිගත කරපු බොහෝ ගීත හරිම මලානිකයි. දිවුල්ගනේගෙ 'හාද වෙලා යමං පණේ' එහෙම ගුවන් විදුලියේ යන කාලේ සංගීතය මලානිකයි. ඒවා කැසට් වලට එනකොට ඒ සංගීතය තරමක් වෙනස් වුණා. ඩ්‍රම්ස් වාදනය නොවුනු ගීත වලට ඩ්‍රම්ස් වාදනය එකතු වුණා. නමුත් කවුරුවත් මොනවත් කිව්වේ නෑ. ඒ ගීතයේ "ආත්මය"ට එයින් හානියක් නොවුණු නිසා. ගීතයට ආත්මයක් ලැබෙන්නේ රචනය, සංගීතය සහ ගායනය එකතු වෙලා. ජනප්‍රිය ගීත වල මේවා වෙනස් කරනවා නම්, අර ආත්මීය (copyrights: සුජීව ප්‍රසන්නආරච්චි ) ලක්ෂණ රැක ගන්න ඕනේ. මෙතැනදි වුණේ ඔක්ටපෑඩයේ හඬවල් බහුලව භාවිතා කරලා අර ලක්ෂණ විනාශ වෙච්ච එක. ඒ වගේම කපුගේගෙ ගායනයත් මේ සන්ෆ්ලවර් තැටි වල අවුල්. කපුගේගෙ ගීත වල කියවෙන අරුත් මේ නව සංගීතයත් එක්ක විඳින්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ නෑ. ගීතයක් අහන එකයි රස විඳින එකයි වෙනස්නේ.

      කලින් කපුගේගෙ ගීත අහපු නැති අය මේ නව සංගීතය සහිත ගීත අහන්න ඇති. මේවා ඒ කාලේ බස් වල ත්‍රීවීල් වල නිතර ඇහුණා. නමුත් අර ඔක්ටපෑඩ් හඬට වඩා යමක් ඔවුන් කී දෙනෙක් ග්‍රහණය කරගත්තද කියලා දන්නෙ නෑ. ඒක ගී පද රචකයාට සහ සංගීතඥයාටත් කරපු නිගරුවක් වගේ.

      ඒකෙන් වුණේ කපුගේගෙ ඊලඟ සීඩී තැටිය "මිරිවැඩි සඟලක්" ගැන මාධ්‍යවලින් වැඩි කතාබහක් නොවුන එක. ඒ සීඩී තැටියේ තියන ගීත දැනට වුනත් වැඩිය ජනප්‍රිය නැහැ.

      බූරා: මෙහෙම හිතන්න.. අපි ගොඩාක් හොඳයි කියලා අගය කරපු පෝස්ට් එකක් හැලප මොකක් හරි පත්තරේකට නැවත ලියනවා. නමුත් පත්තරේ අවශ්‍යතා උඩ හැලප ඒකට තව කෑලි බෑලි එකතු කරනවා. ඒක කියවන කොට අර මුලින් තිබූ පෝස්ට් එකේ රසය දැනෙන්නේ නෑ. ඒ ගැන විවේචනය කිරීම සුදුසුද? නැද්ද?

      Delete
    22. @ තිසර,

      පත්තරේ ලිපිය රහ නැත්තං ඒ බව කියන එකේ වරදක් නෑ.

      ඒත් එතනින් එහාට ගිහිල්ලා "අච්චර ලස්සන වටිනා ලිපිය කෑවා", "හැලපයා මොකක්ද මේ කරපු විනාසෙ", "හැලපයා ගොනා! මැට්ටා! බූරුවා!" කියලා හැලපෙට බනින එක සාධාරණ ද?

      බ්ලොග් පෝස්ට් එක රසවත් වැඩිවෙන්ට පුළුවන්. නමුත් ඒක කියවන්නෙ සීමීත පිරිසක් විතරයි (මොකද අන්තර්ජාල භාවිතය ඇත්තේ සීමීත පිරිසකට විතරක් නිසා). ඒක (වෙනස් කරලා හෝ) පත්තරේක ගියොත් තව තවත් අය ඒක කියවනවා. එතකොට ඔයා කියනවා වගේ කෙනෙක් කීවොත් "මේ ලිපිය මීට වඩා රසවත්ව, බ්ලොග් පෝස්ට් එකක් විදියට ගියා" කියලා, තවත් කෙනෙක් උනන්දුවෙන්ට පුළුවන් බ්ලොග් පෝස්ට් එකත් කියවන්ට. එතකොට එයාගෙන් තවත් කෙනෙකුට ප්‍රවෘත්තිය යන්ට පුළුවන්. ඒක නෙවෙයිද වෙන්ට ඕන?

      Delete
    23. //ඒකෙන් වුණේ කපුගේගෙ ඊලඟ සීඩී තැටිය "මිරිවැඩි සඟලක්" ගැන මාධ්‍යවලින් වැඩි කතාබහක් නොවුන එක. ඒ සීඩී තැටියේ තියන ගීත දැනට වුනත් වැඩිය ජනප්‍රිය නැහැ.//

      අන්න පොයින්ට් එක.එතකොට අර කියන සින්දුවලට කැමති අය කපුගේ පස්සෙ හොඳ සින්දු කලත් පිලිගන්නෙ නෑ. එතකොට අපිම නේද මිනිහව ආයි පාරක් වලට දාල තියෙන්නෙ?

      Delete
    24. @බූරා, ඒක හරි.. විවේචනය කියන එක කොයි වෙලාවකවත් ගොනා බූරුවා ලෙවල් එකට යන එකට මම කැමති නෑ.

      @ඉන්දික, සමාන්‍ය රසිකයෝ කරපු දේකට වඩා, මාධ්‍ය වලින් කරපු දෙයක් විදිහටයි ඒක මට හිතුණේ...

      කියන්න තියෙන්නේ ඉතිං.. "පුජාසනයේ ඔබ හිඳවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ" කියලා තමා. හැබැ‍යි එකේ යම් සාධාරණත්වයක් තියනවා කියලා මම හිතනවා.

      Delete
  6. කෝ උණු වෙච්ච එක. .හැක් හැක්.. මම නං හිතුවා ඒක එහෙම තමා වෙන්නේ කියලා.. රජරට ගැන කතා නං කොයි තරං ඇහුවත් එපා වෙන්නෑ බං.. අරක මෑන් එයාර්ද හැලප එයාර්ද??

    ReplyDelete
    Replies
    1. ඕ මෑන්.. අයි සීද පොල්..

      Delete
    2. රඡරට කොල්ලෝත් ඉතින් එල ද බ්‍රා.
      බ්‍රැරැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. උනුවෙච්ච එක නිවිලා තමයි දෙන්න වෙන්නෙ බං.උඹට ප්ලේන් එක පෙනෙන්නෙ හැලප එයාර් වගේද.

      Delete
  7. දැන් උඹලා ගිය ඔය තැනට කියන නම වත් කියාපංකෝ අපිට සිතියමකින් වත් බලා ගන්න.

    ReplyDelete
    Replies
    1. ටිපිකල් හැලප ආතල් :D

      Delete
    2. සලාලා කියලා ගූගල්කරපන් මචං....

      Delete
    3. සම්පුර්ණ විස්තරය ඊළඟට ලබාදෙමි.

      Delete
  8. කොහෙද ගියෙ සලාලා ද?

    දැන් බොලා ඔය රජරට පැත්තෙ රවුං ගහලා යනකොට අර උණු උණුවෙන් දෙඤ්ඤං කියාපුවා නිවිලා තියෙයි නේද? ;-)

    ReplyDelete
    Replies
    1. ඔව් බුරා දැන් සලාලා වල සීසන් එක නොවැ.මම ඔය සීසන් එකට ගියාමයි.පොඩි අප්සැට් එකකට තියෙන්නෙ ඊඩ් නිසා දවල්ට කඩ වහල තියෙන එක.

      Delete
    2. //ඊඩ් නිසා දවල්ට කඩ වහල//

      ඊද් වලට කඩ වහනවද? මෙහෙනං රාමදාන් වලට විතරනෙ වහන්නෙ.

      Delete
    3. නෑ නෑ රාමදාන් තමා,අපි ඒ මාසෙටත් නිකං කතාවට ඊද් කියනව

      Delete
  9. මාතලන් කියල තියෙනව වගේ ඒ මිනිස්සුන්ට වැරැද්දක් කියන එකත් එක අතකට අසාධාරණයි. මේ පහුගිය මාස කීපයෙ පරණ කලාකාරයො කී දෙනෙක් අසරණව රෝහල්වල ඉන්නව කියල පත්තරවල දාල තිබුණද.

    දැං රජරටටද ඔය කියුපු සංචාරෙ ආවෙ. :D

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසා මම කොහොමටත් වැරද්දක් කීවේ නෑ අහන්න බැරි තරං සිංදු අජුවයි කියලයි කිව්වෙ.
      රජරටට නං මම මේ රටට වඩා මනාපයි ප්‍රසා.

      Delete
  10. Salalah indan Raja rata ta.... lassana wistharayak :-)

    ReplyDelete
    Replies
    1. බොහොම සතූතියි සඳා,සිංහල හදාගත්ත නං තව ලස්සනයි.

      Delete
    2. Ayyooo , thawama phone eken comment karanne ane. .. ikmanata mage badu tika ewannako ethakota sinhalen liyannam. .. :-)

      Delete
    3. අලි නාකයි මෙයා..... නේද සදා.....නගෝ......හෙක්...හෙක්.....

      Delete
  11. GT wikramasinha thamai mamahithanne, "Teekage Atuwawa"liuweth(Irida divainata)Eya ithma watina,rasawath Lipipelak,Mr. Helape Obata sthuthi meweni Api nodanna namuth denaganna Asa degena liyanawata.(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. ජී ටී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියෙක් සහ සහකාර අධ්‍යක්‍ෂ වරයෙක් හැටියට සේවය කරල විශ්‍රාම ගියා.මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්නට පෙර ඔහු විශ්‍රාම ගොස් තිබුණා.ඊට පසුව මා වැඩකළ ටෙලියකදී අපි නැවත හමුවුණා.

      Delete
  12. පත්තර මල්ලි එන්න මෙන්න, මේ ඔබේ වේදිකාවයි.

    ReplyDelete
    Replies
    1. ඇයි සින්දු ඇනෝ , මනොශ්

      Delete
    2. ඉන්දික බොෂ් .… මං ආවා :D

      Delete
    3. ජම්බෝ පී නට් මගෙන්.
      - ස්තූතියි -

      Delete
    4. ඉන්දික අයියන්ඩි ඇයි මමත් පුරේ..එල ද බ්‍රා කොල්ලෙක් තමයි ඈ..
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    5. සබඳ අපි කඳු නොවෙමු
      උනුන් පරයා නැගෙන
      සුනිල දිය දහර වෙමු
      එකම ගඟකට වැටෙන

      වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
      සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

      නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
      සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

      ගායනය - ගුණදාස කපුගේ
      පද - දර්ශන මේදිස්

      Delete
    6. ඉන්දික,
      රජරට ගැන කතාවෙද්දී පත්තර මල්ලි නැතුව කොහොමද.

      Delete
    7. සිංදු ඇනෝ,
      බොහොම ස්තූතියි.හරූන් ලන්ත්‍රාට උපහාරයක් හැටියට ආනන්ද මේ රෑ ගීතයත් දැම්ම නං කොහොමද.

      Delete
    8. ආනන්ද මේ රැ හරි හැඩයිනේ
      කව්ද පාවෙන මලක් වගේ ...
      ඕ ඕ.. ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වේ
      මමනේ ඔබගේ ඒ පෙම් කුමාරි ...

      ඕ... ඕ... ඕ.. ඕ..
      මාගේ සෙනෙහේ ...
      මල් පිපුනේ අදනේ
      නැනේ නිවෙන්නේ -ආශාව මාගේ
      නගරේ සියල්ලෝ නිදියාවී සුවසේ
      ඒ මුත් සෙනෙහෙ නිදන්නේ නෑනේ ...
      නගරේ සියල්ලෝ නිදියාවී සුවසේ
      මේ වාගේ ජීවිත බැදෙවී රහසේ ....

      ආනන්ද මේ රැ ........

      කියන්න වාගේ අහන්න ඇති දේ
      කියාවි දෙනෙතින් - ඔයාගේ මිහිරේ ....
      ඔබ සිතුවා පැතුමයි
      මා සිතුවේ පැතුවේ
      ඔබ මාගේ පිනටයි උපන්නේ මෙලොවේ ...

      ආලෝකේ නගරේ - ආලේට අපගේ
      ආලෝකේ දෙන්නේ සුභ මංගලම් වේ

      ආනන්ද මේ රැ .....

      ගායනය - හරුන් ලන්ත්‍රා / සුජාතා අත්තනායක

      Delete
    9. සිංදු ඇනෝ,
      ක්ෂණික ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි.

      Delete
    10. // ආනන්ද මේ රැ හරි හැඩයිනේ //

      කවුද දැන් ඔය ආනන්ද.? ඇයි එයා හැඩවෙලා ඉන්නෙ.? ;-)

      Delete
    11. බුරා,
      ලන්ත්‍රාගෙ යාලුවෙක් හරි කවුරු හරි වෙන්න ඇති නේද.පාටියකට යන්න ලෑස්ති වෙලා ඉන්නව ඇති.

      Delete
    12. ගයාන් සංජීව,
      ඔබව ආදරයෙන් හැලප කඩේට පිලිගන්නවා.

      Delete
    13. helape

      Haroon ඉන්නේ බොහොම අසරණව මගේ යාලුවෙක් අතේ මම එයාට සල්ලි ටිකක් යැව්ව. සල්ලි දෙන්න එය ගියාම කිව්වලු බත් එකක් අරන් එන්න කියලා. පුලුවන්නම් උදව් කරන්න

      F/142 Polhena Housing Complex
      Kelaniya
      011492700 TP



      KOLU

      Delete
    14. ඇනෝ,විස්තරයට ස්තුතියි.මම කවුරුහරි යවන්න බලන්නං.මං හිතන්නෙ අපේ මාතලනුත් මේ සාවිය දන්නව ඇති.

      Delete
    15. ආනන්ද මේ රෑ හරී හැඩයිනේ...

      අනේ නිකං ඉන්න ලොකු සාධු, තාම මට හරියට ඇවිදගන්නත් බෑ. ( ඔය ලොකු වෙනුවට වෙන නමක් ද ගන්නත් ඇහැකි )

      හරූන් වෙනුවෙන් ගිය අවුරුද්දෙ උපහර උලෙලකුත් තිබ්බ වගේ මතකයි. හරිම පව්. තමන්ගෙ හොඳ කාලෙදි බැරි යුගේකුත් එයි කියල නොහිතපු හුඟක් කලා කාරොයොන්ට අන්තිමේ උනේ ඕකයි. ජෝති වෙලාවට කලින් මලේ.

      Delete
    16. ඉන්දික,
      ලොකු සාදුගෙ කතාව කොහෙ හරි ලියනවද තරහ නැතුව.

      Delete
  13. \\\ ලියනවට වඩා පින්තුර වලින් කතාව කියන්න පුළුවනි\\\
    කෝ මනුස්සයෝ දානවා කියපු පින්තුරු ටික...?
    පුලුවන් නම් අලුතෙන් හදාගෙන යන එයාර්පොර්ට් එකෙත් පින්තූර දාන්න හැලපේ...

    ReplyDelete
    Replies
    1. හැල්පෙ හොදයි පලාත් සභාවෙ මහ ඇමති කමට. සුදුසුකම් ඉහටත් උඩින්.
      ජනාධිපති කමට නම් මදි, හැලප මල්ලෙ සියඹල පොඩ්ඩක් හරි තියනව.

      Delete
    2. හැලප අයියටත් ඉල්ලන්න තිබ්බෙ, ඌවට!!

      Delete
    3. සොරි සොරි චෙපාකි,පිංතුර දාන්න බැරිවුනානෙ.ඊළඟට දානවා.අලුත් එයාපෝට් එකේ තාම ඇටසැකිල්ල විතරයි.බලන්න දෙයක් නෑ.ඔන්න ඊළඟ අවුරුද්දෙ යද්දි නං ගාණකට හදල තියේවි.

      Delete
    4. කම්මල,ප්‍රියා.
      මම අකමැතිම අප්‍රියම සබ්ජෙක්ට් එකක් ගැන කියන්නෙ ඇයි.

      Delete
  14. හෙහ්...හෙහ්.....සතුටුයි මචෝ.... ප්‍රේමේ කාලෙ ඉදල ......උඹ රාජ්‍ය සේවකයෙක් වෙච්චි එක ගැන....
    සැප විදපන්...... උඹේ රටේ වෙන දේවල් ..... අර ගැහැනුන්ට......ලියන්න අත කොරද.......
    නැත්නම්.......ඩිලාන් ..........?????????????????????????????????????

    ReplyDelete
  15. අන්න ...රාජ්‍යය සේවකයො ......සරත් ලංකා ප්‍රියල......එල මහත්වරු.......
    උඹල පුක දෙනව ...හැලපේ .......සෙද්දක් කියවනව ........

    ReplyDelete
    Replies
    1. ඔන්න හැලපයියේ පුළුවන් නම් දිපන් උත්තර?

      Delete
    2. කෙන්ජි සහ ඇනෝ,
      එකටම උත්තර දෙන්නං.මම රාජකාරිය ගැන හෝ දේශපාලනය ගැන ලියා නැති බව හා ඉදිරියටත් නොලියන බව කෙන්ජි හොඳින්ම දන්නවනෙ.සරත් ලංකාප්‍රිය ඔහුගෙ රාජකාරී අත්දැකීම් ගැන ලියනව.ඔහු දැන් වරායේ නැහැනෙ.නමුත් මම තාම රාජ්‍ය සේවයෙ ඉන්නවා.මමත් පැන්ෂන් ගිය කාලෙක මගේ අත්දැකීම් ලියන්නං.
      දේශපාලනය ගැන මාතලන් සහ තවත් බ්ලොග් කරුවෝ අඩුවක් නැතුව ලියනවා නේද මම දේශපාලනය ලිව්වේ නැහැ කියල කිසිම අඩුවක් නෑනෙ.ඒ නිසා මචං ලියපුවට බැනපන්.නොලියපුවට බනින එක සාධාරණ නැහැනෙ.

      Delete
    3. සොරි හැලපයියේ , මමත් රාජ්‍ය සොවක හිඟන්නා. පත්වීම් ලිපියොම තියෙනවා ඔබ සේවය කිරීමේදී දැන ගන්නා කවර හෝ තොරතුරක් ඔබගේ උසස් නිලදාරින්ට මිස වෙනත් කිසිදු පාර්ශ්වයකට අවසරයකින් තොරව ලබා දාය යුතුයා. කායන්නා කෙසේ කිවත් කරන විට සිහිබුද්ධියෙන් වැඩ කළ යුතුයි. මොකද අඬනකොට අඩන්න වෙන්නේ තනියෙන් තමයි.

      Delete
  16. එකාලෙ කපුගෙලට කියක් හරි උපයන්න සන්ෆ්ලවර්ල හරි හිටිය.අද කවුරුත් නැ.රිගින්ටොන් එකකින් එන ගානක් තමයි.එ මිනිස්සු පරමාදර්ශ වෙලා බඩගින්නෙ මැරිල ගිහින් හරියන්නෙ නැ නේ බන් අයියෙ.ඔකත් හරියට ක්‍රිකටස්ල අයිපීල් ගහනව වගෙ තමයි.
    රජරටසේවෙ ලන්කාවෙ මොඩ්ල් එකක් නේද

    ReplyDelete
    Replies
    1. ඇත්තට දමිත් දැන් සන්ෆ්ලවර්ස්ලා ගායකයො අල්ලගෙන සිංදු කරන්නෙ නෑ නේද.
      රජරට මොඩ්ල් එකක් තත්වෙට ගෙනෙන්න මුල් වුණේ ඔය කීප දෙනා තමයි.

      Delete
  17. 150 කඩඉමට සුබ පැතුම්!!!!

    ඈත දුරු ‍රටක ඇවිද්දවීමට බලාපොරොත්තු දී අපව රජරටදී කරකවා අත හැරියාට වි‍රෝධය!!

    :D :D :D

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි.
      රජරට ගෙනිච්චට ප්‍රියාගේ එච්චර කැමැත්තක් නෑ වගේ.මට නං රජරටට ගියාම මොන රටත් අමතකයි බං.

      Delete
    2. වැව් මාලු කැල්ලක් බැදලා බන්ටෙක් උඩ හවසක සැට් වෙලා වැවක නලා අටමස්තානේ වැන්දානම් ප්‍රියා ඔහම කියන්නේ නෑ

      Delete
    3. //මට නං රජරටට ගියාම මොන රටත් අමතකයි බං.//
      එක නම් ඇත්ත කතාව බං හැලපයියේ...:)

      Delete
  18. // 'උඹල වැඩිය කැමති ආරණ්‍ය ගතෝවාද,රුක්ඛ මූල ගතෝවාද?' //

    කාරියකරවන මහත්තයගෙ පොතකත් තියෙනවා කවුරු හරි පයාගලට "රාමඤ්ඤ දේශය"කියපු කතාවක්. ෆෝ ඔබ්වියස් රීසන්ස්.

    පට්ට ලිපිය හැලපේ. හැලපෙට විවේක අඩු ගතියක් මටත් පොඩ්ඩක් හිතිල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. // 'උඹල වැඩිය කැමති ආරණ්‍ය ගතෝවාද,රුක්ඛ මූල ගතෝවාද?' // අපේ පත්ත්රයා නම් "කානුපල්ල ගතෝවා "

      Delete
    2. හොම්බෙං චර - කාණුපල්ල ගතෝවා !!!!

      Delete
    3. වැව අයිනං, රුක්ක මූල ගතෝවං----- තමයි වැඩිය හොද

      Delete
    4. ස්තූතියි ප්‍රොපයිල් ඇනෝ අවිවේකය නං තාම එහෙමමයි.අර කාරියකරවන මහත්තයගෙ පොත මොකද්ද මතක නෑ නේද?

      Delete
    5. කොහේ සැට් වුනත් බ්‍රැන්ඩ් එක නම් ගල් විතරයි

      Delete
  19. ඔය රන්ජන් කියල තියනව වගෙ ටීකාදාස වික්‍රමසිංහ මහත්තයගෙ ටීකාගෙ අ‍ටුවාව මමනම් ඒ කාලෙ නොවරදවාම කියවපු ලිපියක්, සමහර ඒවට හිනවෙලා මැරෙනව,අන්න නියම පත්තර කාරයො දැන් ඉන්න බොතල් පත්තර කාරයො වගෙද?

    ReplyDelete
    Replies
    1. ටීකාව අපට අමතකම වෙලා ගියපු රසවත් ලිපියක් නෙ.එවැනි ලිපි ලියන්නත් පුළුවන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙකුටමයි.

      Delete
  20. රජරට සේවයට ලේ උරුමය තියෙන කොල්ලෙක් අපි අතරේ මේ දැන් ඉන්නවා. පොඩිකාලේ ප්‍රේමකීර්ති, දිව්ල්ගනේ ,කපුගේ අතර හුරතල් වෙව්ච්ච් කොලු ගැටයා ,දැන් බ්ලොග් ලෝකේ රසවතෙක් වෙලා ඉවරයි, පුළුවන් නම් හොයා ගනිල්ලා බලන්න,

    ReplyDelete
    Replies
    1. හුරතල් උනානම් පත්තර මල්ලි තමයි. පොඩිකාලෙ හරි හුරතල් කොළු පොඩ්ඩලු.:D

      Delete
    2. වැදගත් මනුස්සයන්ට අපහාස කොරනවට හොඳක්නං වෙන්ඩෙපා උඹලාට :D

      Delete
    3. එකෙන්ම පත්තර මල්ලිට රඡරට සේවය කියන්නේ ඌට ගෙදර.
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතයි-

      Delete
    4. මුව ගෑවීල මධු බඳුනේ...
      මුව ගෑවීල මධු බඳුනේ...
      වෙළීලා සීත සරදාකාසේ
      දුමාරේ මීදුමේ...
      නළවනා නළඟනා
      පය බැඳී නූපුරේ
      හඬ ඇසී හද සැළේ...

      රෝස මල් යහනේ වැඩී වුන්
      ජීවිතේ මායාවකී
      රෝස මල් වූයේ කෙසේදෝ
      ජීවිතේ පීඩා නැතී
      මාළිගා අතරේ නොවේමයි
      වාසනා බිම් මල් පිපෙයි
      වේදනා කඳුළින් නොවේදෝ
      ජීවිතේ දුටුවේ අපී...

      ළා කැළුම් රේඛා බෙදා දුන්
      ළා හිරුයි අරුණෝදෙ දී
      සාගරේ අවරින් ගෙවෙද්දී
      මළ හිරූ වූයේ තනී
      ජීවිතේ සැබැවින් එසේමයි
      ප්‍රීතිමත් රඟ මණ්ඩලේ
      රෝස මල් යහනින් නැඟීලා
      පා නගවු කටු මං තලේ...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : මහින්ද තිලකරත්න
      ගායනය : ශ්‍රීමතී තිලකරත්න

      Delete
    5. එහෙනං පත්තර මලයා මේ කතා මට වඩා හොඳට දන්නව ඇති.

      Delete
  21. එකසිය පනහට සුබ පැතුම් !!! කපුගේ මුදල් හෙවුවේ සුගතපා ද සිල්වා මහතාගේ පුතෙකුගේ රෝගී තත්වයට උපකාර කරන්න කියලා මම අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක.සුගතපාල ද සිල්වාගේ පුතෙකුට නොවෙයි සුගතපාල ද සිල්වාගේ රෝගී තත්වයකට මුදල් දුන්න කියා පසුව කපුගේ ප්‍රකාශ කළා.

      Delete
    2. හැලපෙ, ඕක කතාවක් විතරයි, Urban Legend එකක් වගේ .. කපුගේවත් සුගත්වත් මැරෙනකමම්ම එහෙම දෙයක් කිව්වෙ නෑ..

      කපුගේ සන්ෆලවර් එක්ක කැසට් එක කරාට පස්සෙ දිවයින වට රවුමට කසුරි ලියපු දෙයක් මට මතකයි...

      "කපුගේ, ඇයි මිත්‍රයා ජීවිත කාලයක් වතුර ඇදල කලේ බිඳගත්තෙ?"

      Delete
  22. ඇ හැලපයියේ ඔය කොයි අවුරුද්දේ වගේද , ඒ කාලේ අපි හෙන පොඩි උන් මට අපේ තාත්ත පෙන්නල තියනව කපුගේවයි , පේමකීර්තිවයි , කපුගේවනං ඒ හැටි මතකයක් තිබුනේ නැ පේමකීර්තිවනං හොදට මතක හිට්ටා ඇයි ඉතින් අහගන ඉන්නවනේ කටහඩ රේඩ්වෙකේ

    ReplyDelete
    Replies
    1. මට මතක පමණින් මේ හැත්තෑ ගණන් වල අග භාගයේ හෝ අසූ ගණන් වල මුල භාගයේ විය යුතුයි.මොකද ප්‍රේමකීර්ති 89 දී ඝාතනය වුනා.

      Delete
  23. මේකට ලොග් වෙන්ඩ බැ වෙන එකකින් ආවේ මං අටං

    ReplyDelete
    Replies
    1. අඩේ ඕමානේ ඔහොම පොට් එකක් තියනව කියල හිතාගන්ඩත් බැනේ

      Delete
    2. දකිනකන් මටත් හිතාගන්න බැරිවුනා බං.පිංතුර ටික දාපුවම බලපංකො.

      Delete
    3. අටං උඹේ මැෂින් බිජ්ජෙන් ලොග් වෙන්න බලපන් බැරිනම් බිජ්ජ මැෂිමට තියපන්

      Delete
  24. ලංකාවේ මිනිසුන්ගේ තියෙන කැත පුරුද්දක් තමයි වැරදි නොකර සිටීමට උත්සාහ නොකර ඇඳුනුම්කම්, සමාජ තත්වය, මුදල් මත කරන ලද වැරදිවලින් සහ නීතියෙන් ගැලවීමට උත්සාහ කිරීම. ප්‍රේමකීර්ති වැනි මිනිසුන් තුලත් ඒ කැත පුරුද්ද තිබීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ද සුන්දර මිනිසුන් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. සුන්දර මිනිස්සු කියලා ජාතියක් නැහැ බං.. මිනිස්සු සුන්දර වෙන අවස්ථා විතරක් තියෙනවා.. (අසුන්දර වෙන අවස්ථා එයිට වඩා හුඟක් වැඩියි.. මේ අපි කාගෙත් කෙරුවාව ඔහොම තමා :D )

      Delete
    2. එක ඇත්ත මාරයා කවුරුත් සර්වසම්පුර්ණ නැහැ නේ නමුත් සමාජයේ ඇති අඩුපාඩු දකින ඒවා විවාදයට ලක්කරන මිනිසුන් තුලත් සැඟවිලා සමාජයේ ඇති කැත පුරුදු තියෙන බවට මේක හොඳ උදාහරණයක්. ප්‍රේමකීර්ති කියන්නෙත් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොදක අනුන්ගේ ඇහේ තියෙන පොල්කෙන්ද ගැන කවිලියන පොරක් බලන් ගියාම.

      Delete
    3. @ මකසි,

      මෙතැනදි කපුගේ තමන්ගෙ වැරැද්ද වහන්ට එයාගෙ සිවිල් බලයක් පාවිච්චි කරලා නැහැ නේද? පොලිස් නිළධාරියා තමයි කපුගේව අඳුනගෙන එයාට දඬුවම් නොදී නිදහස් කලේ. ඒකට කපුගේට ‍දොස් කියන්ට බෑ නෙව.

      අනිත් එක, කිසිම කවියෙක් තමා ලියන කවි තුළ හෝ ගායකයෙක් තමා ගයන ගී තුළ හෝ ජීවත්වෙන්ට අවශ්‍ය නෑ. එයාලත් සාමාන්‍ය සමාජයේ මිනිස්සු. පරමාදර්ශී ප්‍රේමය ගැන කවි ලියන ගී ගයන අය තුළ එහෙම ප්‍රේමයක් නැතිවෙන්ට පුළුවන්. "අවන්හලේ මීවිත තනිකරලා - වරෙන් ම‍ලේ පියවර නගලා" කියලා සිංදු කිවුවට ඒකෙන් කියැවෙන්නෙ නෑ කපුගේට අරක්කු බොන්ට තහනම් කියලා. ඔය විදියට බැලුවොත් කවියක්/ ගීයක් ලියන්ට, සිංදුවක් කියන්ට කෙනෙක් බේතකටවත් හොයාගන්ට බැරිවෙනවා... :-D

      Delete
    4. මකසි,
      ඇත්තටම සිද්ද වුනේ එහෙම දෙයක් නොවෙයි නේද.ප්‍රේමකීර්ති ඔහුගෙ සිවිල් බලය මත කිසිම දෙයක් ඉල්ලා නෑ නේද?මේ අහම්බෙන් වූ දෙයක් නෙ.

      Delete
    5. පොලිස් කාරයා කාපු දේ වගේම ප්‍රේමකීර්ති කලදෙත් වැරදියි. ඔහු කෙලින් පොරක් නම් පොලිස් කාරයා නිදහස් කලත් දඩේ ගෙවලයි එලියට එන්නේ. සමාජයක් හැදෙන්න නම් එවැනි අවංක සමාජයක් ඇතිවිය යුතුයි. ප්‍රේමකීර්ති වැනි අය ඒ සඳහා පරමාදර්ශී විය යුතුයි.

      Delete
    6. //ප්‍රේමකීර්ති වැනි අය ඒ සඳහා පරමාදර්ශී විය යුතුයි.//

      ඒ ඇයි? කක්කුටු ගුල් වහන්න කලින් වක්කඩ බැඳල ඉමුද?

      Delete
  25. Kapuge,ge arthikaya,Kesewethath,Kapuge malain passeth,eyage Mecedes Benz,car ekata Garage karayathekka Kapugege Wife nadukiwwa.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මම දැනගෙන හිටියෙ නෑ ඇනෝ.

      Delete
  26. කපුගේලා,කල්දේරලා,මාලනීලා ආයෙත් පොඩි මිනිහා ලගට ආවෙ නවරිද්ම නිසා කියලයි මට නම් හිතෙන්නෙ.දූවිලි කාගෙන පදෘ මුල් කෑලි ඇනගෙන දාඩිය පෙරාගෙන නටන කොල්ලෝ අර මිනිස්සුන්ව ඔලුව උඩට ගත්තෙ නවරිද්මෙන් පස්සෙ,,,ඒ මිනිස්සුන්ට අර සම්භාව්ය සංගීතෙ දැනුනෙ නෑ හැලපයියෙ

    ReplyDelete
    Replies
    1. පොඩි මිනිහා කියනවට වඩා වෙනස් රස වින්දනයක් ඇති අය කිව්වනං වඩා නිවැරදි වෙයි නේද ඩිලාන්.

      Delete
  27. දැන් නම් රජරට සේවේ ඒ රසේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් නං රජරට සේවෙ තියෙනවද නැද්ද කියලවත් ගාණක් නෑ නේද.

      Delete
    2. ගුවන් කාල එහෙමත් අඩු කරලා තියෙන්නේ

      Delete
  28. හැමෝම හුඟක් දේවල් කියලා තියෙන එකේ මම 150 සුබ පැතුම් එකතු කරන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්.

      Delete
  29. දැන් කෝ අර සංචාරක විස්තරේ? :P

    150 ට සුබ පැතුම්... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.සංචාරක විස්තරේ ඊළඟට.

      Delete
  30. කපුගේ මැරුණා කීවට දැන් බස් අජිත් ට වඩා බස් වල අහන්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන්න පුළුවන් සී ඩී ගගහ විකුනනවනේ.

      Delete
  31. Kapuge e caste eke kare beel - Out sing kare ekai warada dewani para kara hariyata.
    palaweni parath e wagema kara nma ehema wenne na.
    eth oka niosa kapuge prasidda una.
    choko bayila ahapu ewunuth kapuge sindu ahanna gatta .

    kapuge attamata niyama manissayek kwadawath salli matte nahune na


    Adoooo Horithalana maathalan................dana ganina Kapugeta elawa elawa gahuwe ranila hitau UNP anduwa
    thawa horikada wadath kara ......Samana athauda ekka kapuge gitya Ranila meet wenna transfer eka hada ganna ... ranila phone eken banala banala banala kapugeta kiwwa job hari oya yanna apahu Colombo kiyaa. balankota meka boruwata phone eken banala thiyenne .

    onna Umbage maha loku ranilage wada

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් ඇනෝ එක එක මතවාද තියෙනවනෙ.

      Delete
  32. ඕං දවසක් අලේ ප්‍රේම් මහත්තයයි වික්ටර් මහත්තයයි පදමට අනුමත වෙලා බීච් එකේ වැතිරිලා ඉන්නවලු. ඉස්සරහින් තියෙනවලු ගල් තලාවක්, ඒක ඉවර වෙන්නෙ ටිකක් මුහුද පැත්තට වෙන්නලු. එක පාරටම අපේ වික්ටර් මහත්තය අර ගල් තලාව දිගේ දුවගෙන කෙලවරටම ගිහින් තනි තරුවේ....... තනිතරුවේ... කයාගෙන අහස උඩ තරුවක් දඅහා බලං නැවතුනාලු. දැන් ප්‍රේම් මහත්තයට බයේ බෑලු, මේක මුහුදට ඇදන් වැටේ කියල. ප්‍රේම් මහත්තයටත් ඉතින් නැගිට ගන්න අමාරුයි නෙවැ. උන්දැ කීවලු ඔබත් ඔහොම ඔතැන ඉන්න.... මමත් මෙහෙම මෙතැන ඉන්නවා..... කියල...

    ReplyDelete
    Replies
    1. ඒ තනිතරුවේ ගීතයේ උපත වෙන්න ඇති නේද.

      Delete
    2. අහ ඔවි ඔවි එහෙම තමයිලු. මමත් පත්තරේක දැක්කෙ.

      Delete
  33. මදෑ අර ගියා කිව්ව නගරය මොකක්ද කියලා බලාගන්න දිගටම කියෝගෙන ආවා. අම්මපා ඒ නගරේ ටිම්බක්ටු ද?

    තමන්ගේ ප්‍රතිභාව විකුණන් කෑ අයගේ ඒ ක්‍රියාව පහත් බව නොබියව කීම ගැන ඔබට මගේ ප්‍රශංසාව හිමිවෙනවා.

    ප්‍රේමකීර්තිගේ කතා වෙනම පොතක් හැටියට කවුරුහරි ප්‍රවීණයෙක් ලියනවානම් හොඳයි. හැබැයි අන්තිමට ලියන්න ඕනෙ ප්‍රේමකීර්තිව මරවපු එකා ගැනත්. ජී.ටී.වික්‍රමසිංහගේ කතා පොතක් හැටියට තියනවා වගේ මතකයි. එයා මොකක්හරි ගුවන් විදුලි වැඩසටහනකුත් කළා ඔය කතන්දර ඇතුළත් කරලා.

    ReplyDelete
    Replies
    1. තමන්ට කන්න හොයා නොදෙන ප්‍රතිභාවෙන් කනවාද? නැතනම් ප්‍රතිබාව දිහා බලබල ගලවකනවාද?
      ලොක්කා

      Delete
    2. ප්‍රතිභාව විකුණන් කන්නේ නැතුව පාරේ හිඟාකෑම හොඳයි කියලා ඔයාලා වගේ අයට තේරුම් යන්න තරම් තවම ඔයාලා බොළඳ වැඩියි. කාලය ගතවෙලා මොලය මේරුවාම තේරෙයි. වාද කිරීමට අවශ්‍ය නැත.

      Delete
    3. @විචාරක තුමා.......
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. අපි ගියේ සලාලා කියන සුන්දර නගරයටයි විචා.
      එහෙම තමන්ගෙ ගීත විකුනපු අය සිය රසිකයන්ට කරන්නෙ අසාධාරණයක් බව මම එදා ඉඳලම කිව්වා.

      Delete
  34. 150 ට සුබ පැතුම්... :)

    ප්‍රේමකීර්ති ද අල්විස් චරිතය කොයි තරම් නම් සුන්දර චරිතයක්ද ...

    ReplyDelete
  35. ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ මගේ ප්‍රියතම ගීත රචකයා...විනාඩි දෙක තුනක් ඇතුලෙ තමන් කොහෙ හිටියත් හිතට ආපු අදහස කාලාන්තරයක් පවතින ගීතයක් විදියට රචනා කරන්න ඔහුට තිබුන හැකියාව වෙනත් කිසිවෙකුට නෑ කියලයි මට හිතෙන්නෙ....

    කපුගේ සන්ප්ලවර් සමග කැසට් එක කලේ ප්‍රවීණ නාට්‍යෙව්දියකුගේ අසනීපයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය මුදල් හොයාගන්නයි කියලා මට වතාවක් අහන්න ලැබුනා. මේ නාට්‍යෙව්දීයා කවුද කියලා මට දැන් හරියටම මතක නැති නිසා ඒ පිළිබද සදහනක් කරන්න විදියක් නෑ.

    ප්‍රේමකීර්තිගේ චරිතයට ඉතාම ලගින් හිටියෙ අබේවර්ධන බාලසූරිය...අබේවර්ධන බාලසූරිය තමන්ගෙ අතිජාත මිත්‍රයගෙ 20 වෙනි ගුණසමරුව දවසට ඔහු ගැන මතකය එදිනට රැස්වෙන අයට කියන්න බලාපොරොත්තුවෙන් උන්නා. නමුත් අබේ හදිසියේ රෝගාතුර උනා. පසුව කටහඩ නැතුව ගියා. අවසානයේ නිරංජලා ලව්වා හෝ මේ කථාව පවත්වනවා කියන අධිෂ්ඨානයෙන් අබේ ප්‍රේම් ගැන ලිව්වා. අන්තිමට නිරංජලා අබේගේ ඇගිලි තුඩු අගින් ලියවුන මේ කථාව කියවද්දි අබේ මියගොසින් අවුරුද්දකුත් ගෙවිලා...අහලා බලන්න...ඔබ කවදාවත් ප්‍රේමකීර්ති පිළිබද නෑසූ තොරතුරු මෙතන තියේවි.

    http://www.youtube.com/watch?v=KM_PlKcQj2g&feature=share

    ReplyDelete
    Replies
    1. කපුගේ සන්ෆ්ලවර් එක්ක සිංදු කිව්වෙ ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතාගෙ අසනීපෙට වියදම් කරන්නයි කියල කතාවකුත් ඔහු කීවා.කොපමණ නිවැරදිද දන්නෙ නෑ.ලින්කුවට බොහොම ස්තුතියි සිරා.

      Delete
  36. හැලප මහත්තයා මමත් ඩුබායි වල ඉඳන් සලලා වලට දරු පවුලත් එක්ක පොඩි නිවාඩුවක් යන්න හිතන් ඉන්නවා.පොඩ්ඩක් නවතින්න හොඳ හෝටලයක් බලන්න යන්න හොඳ තැන් ගැන විස්තරයක් දාන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මම නං සලාලා ගියාම නවතින්නෙ දොෆාර් හෝටලේ.ලොකු පොෂ් හෝටලයක් නොවෙයි.නමුත් සියලු පහසුකම් තියෙනවා.මැනේජර් ලංකාවෙ කොල්ලෙක් නිසා කාමරේ ගානත් දරාගන්න පහසු ආකාරයට හදල දෙනවා.කැමති නං එතන ලෑස්ති කරල දෙන්නං.
      බලන්න තැන් බර ගාණක් තියෙන නිසා ඔක්කොම මෙතන දාන්න බෑ.මම කෙනෙකුගෙ නම්බර් එක දෙන්නං.එයාට කතාකරල අහගන්න යන දිනය මට කිව්වම මම එයාට ඔබ කතාකරන බව කියන්නං.
      හෝටලේ මැනේජර්ගේ සහ අනික් යාළුවගේ නම්බර්ස් දෙන්න මට මෙන්න මේ ඇඩ්රස් එකට මේලක් එවන්න.
      helapakade@gmail.com

      Delete
  37. ඔය කපුගේ ගේ දඩුවම් මාරුව තමන්ට ආශීර්වාදයක් වුනාය කියලා දිවුල්ගනේ හරි ජානක වික්‍රමසිංහ හරි කියලා තිබ්බා.
    ජානක වික්‍රමසිංහ කියන්නෙත් රජරටින් ආපු තවත් අපුරු ගායකයෙක්.දැන් නම් ඉන්නේ අපේ ගෙවල් පාරේම වෙච්චි.
    ප්‍රේමකිර්ති මහත්තයාගේ පදවැල් නම් කියලා වැඩක් නැහැ අයියේ.හරිම අපුරුයි.හරියට නිකං හොඳ හැලපයක් කාකා ඉඟුරු දාපු පෙල්න්ටියක් බොනවා වගේ රස විදින්න ඇහැකි මට නම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝජ් මට ජානක වික්‍රමසිංහ අමතක උනා.ඔහුත් රජරටින් බිහිවූ තවත් අපූරු ගායකයෙක්.

      Delete
  38. මාත් එකපාරක් ගජබා සුපර්ක්‍රොස් බලල තිසා වැව අයිනේ රුක්කමූලගතෝව වෙලා තබ්බෝව හරියෙ මීමින්නෙකුත් මරාගෙන ගෙනා ආ හැටි මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඇහුණත් ෂැපයි බොසා !!!!!!!!!

      Delete
    2. අනිවා ඉන්දික අයියන්ඩි

      Delete
    3. නියමයි ඉන්දික මාර ආසාවක් ඇතිවුණා.

      Delete
  39. 150 ta,subapethum Mr.helape.Mulin Amathkauna,sorry, Kawru Sunflowers la ekka sindu kiwwath kamakne (kiyala hithamu) ow,Mama ehema kala kiyanna puluwan konndak thiyenna epai(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඒක හරි රංජන්,මේ අයට සල්ලිත් ඕනෑ කියන්නත් ලැජ්ජයි.රැවුලයි කැඳයි දෙකම බෑනෙ.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  40. තොපි දන්න කපුගේ......

    ReplyDelete

ඔබේ අදහස්