Monday, August 25, 2014

149.වමට බර වීමේ විපාකය හෙවත් වමත් කරුවෙකුගේ අභාග්‍යය.



අද මේ කතාව ලියන්න හේතුව උනේ සහෝදර ලියපු වම කතාවයි.මම මේ කතාව ලියන්න ගොඩක් කල් ඉඳන් පෙරුම් පුරාගෙන හිටියට මොන මොන හේතූන් නිසා හෝ ලියවුනේ නෑ.ඒ නිසා කතාව ලියන්න මග පාදපු සහෝදරට මුලින්ම ස්තූති කලයුතුයි.

සහෝදර වගේම මාත් උපන් ගෙයි වමත් කාරයෙක්.හැබැයි සහෝදර ඉපදුනු කාලෙ වගේ නෙවෙයි මම ඉපදුන කාලෙ වමත් කාරයෙක් වෙලා ඉපදීම විශාල අපරාධයක්.පවුලෙ සියලුම දෙනා දකුණත් කාරයො වෙද්දී වමත් කාරයෙක් බිහිවීම පවුලට වස විළි ලැජ්ජාවක්.අනික් අය ඔක්කොම අගේට දකුණෙන් වැඩ කරද්දි මම විතරක් නුහුරට වැඩ කටයුතු කිරීම ගැන ගමේ රටේ වැඩිපුර ප්‍රචාරෙ වෙන්න කලින් වමත් කාරයව දකුණතට හරවන්න පවුලෙ දන්න කරන අය ඔක්කොම වගේ බොහොම වලිකෑවා.

මුලින් මුලින් හොඳින් කියල දකුණ හුරු කරන්න හැදුවා.අපේ සුදුමාම හිටියනෙ අම්මගෙ මල්ලි මේ මෑතකදී මළා.සුදු මාම කොල්ල කාලෙ ඒ කියන්නෙ රස්සාවක් නොකරන කාලෙ අපේ ගෙදර ආවොත් ආපු වේලේ ඉඳන් මට දකුණු අත හුරුකරන්න හදනවා.සුදු හුණු කෑල්ලක් අරං ගල්ලෑල්ලේ අකුරු ලියවනවා.

හා පුතා දැන් හුණු කෑල්ල අතට ගන්නකො,චී චී ඔය අතට නෙවෙයි දකුණු අතට ගන්න හා දැන් මෙන්න මෙහෙම ලියන්නකො...

මාත් ඉතිං දිවත් එළියට දාගෙන කට වටේට කරකව කරකවා මේ මහා අසීරු කර්තව්‍යය කරන්න හදනවා,දිව කරකෝනවා කීවහම ඔන්න මට මීහයිල් ෂෝලහොව්ගෙ පෙරලූ නැවුම් පස පොතේ ඒ ගැන තියෙන අපූරු කතාවක් මතක් වුනා ඒකත් කියලම ඉන්නං.

"නොයෙක් පැහැති හිස් ඩෙස් උඩින් පහත් කරගෙන ලියන ළමයින් දෙස බැලු ඔහුට ගැඹුරු සතුටක් ඇතිවිය.පෙදොත්කා ළඟ සිටි කුඩා දරුවා මෙන් තමාද කුඩා කල අකුරු ලියන අතර ඩෙස් එකේ ගෑවෙන තරමට හිස පහත් කොට,දිව දොට්ට දමා කරකැව්වේ ඉන් අකුරු ලිවීමේ අසීරු කටයුත්ත පහසු කළ හැකි වූවාක් මෙනි."(235 පිට,පෙරලූ නැවුම් පස ,2000 මාර්තු මුද්‍රණය)

දිව කැරකෙව්වට මට නං දකුණෙන් අකුරු ලියවුනේම නෑ.ලියන්න පුළුවනි අත දුවන්නෙ නෑ එක තැනමයි.වමතින් නං කිසි කිසි ගෑවිල්ලෙ ලියවෙනවා.

ඕං චුටි අක්කෙ මම පුළුවන් තරං දහිරිය දැම්ම ඒ උනාට මේ ළමය මක්කොරලවත් දකුණට හුරු කරන්න බැරිඋනානේ...

මොනව කරන්නද සුදු මල්ලියෙ ඒ ළමයගෙත් කරුමෙ අපෙත් කරුමෙ...

මම කොහෙහරි රටක ඉඳල නිවාඩුවට ගෙදර ගිහිං හිටපු දවසක සුදුමාම මාව බලන්න අපේ ගෙදර ආ වෙලේ අපේ අම්මට හොරෙන් සුදුමාමට විස්කි ෂොට් එකකුත් දීල එහෙම පරණ ගම්මැදි හෑලි කියා කියා ඉන්න අතරෙ  මට දකුණතින් අකුරු ලියවන්න හදපු හැටි මතකද කියලත් මම සුදුමාමගෙන් ඇහුවා.එයාට ඒ වගක් මතක තිබුනෙ නෑ.ඒ වෙනුවට වෙන කතාවක් කිව්වා.

පුතේ මගෙ අතේ බැන්ද ඔරලෝසුව කැඩිල හුඟක් කල්, පුලුවන්නං එන වෙලාවක මට ඔරලෝසුවක් ගෙනත් දෙන්ඩකො...

ඊළඟ  සැරේ ලංකාවට යද්දිං මම සුදුමාමට ඔරලෝසුවක් ගිහිං දුන්නා.ඔහොම දේවල් ඒ ගොල්ලන්ට හරි ලොකුයිනෙ රටින් ගෙනල්ල දුන්න එකක් කියල පුරාජේරුවත් කියන්න පුළුවන්නෙ.රටින් ඔරලෝසුවක් ගේනව කිව්වහම මට තව කතාවක් මතක් උනා ඒ කතාව තිබුණේ පී ඇම් ජයතිලක මහතා ලියූ බමර සර පොතෙයි.ඒකත් කියලම ඉන්නංකො.

"එදින රාත්‍රී මා හමුවීමට මගේ කාමරයටම පැමිනියේ විජේසිරිය.

'අන්න අරූ ඉකි ගගහ අඬනවා'

කව්ද?

'සත්‍ය ප්‍රේමයා...පේමරත්න ...' විජේසිරි උපහාසාත්මක සිනාවක් නගාගෙන කියාගෙන ගියේය.'කාරනේ බොහොම සීරියස්'

මම සයනයෙහි වාඩිගෙන සවන්දී සිටියෙමි.

'මිනිහට හම්බවෙච්ච තෑග්ග දන්නව නේද?අරගැජට් බැජට් දාපු අත් ඔරලෝසුව?රුසියාවෙද චීනෙද යාලුවෙක් එව්ව කීවෙ...'

'ඒක නැති වෙලාද?' මම විමසුවෙමි.

'නැති වෙලානන් ඌ ඔච්චර අඬන එකක් නෑ...මිනිහ ඒක බැඳගෙන ගිහිල්ල අද කෙල්ල බලන්න...ඉතින් කෙල්ලත් එක්ක පාක් එකේ ඉඳගෙන ඉන්නකොට ඌ කෙල්ලට කියල තියෙනවා...ඔයා දන්නවද ඩාලිං...මේක හරි පුදුම ඔරලෝසුවක්...කන්‍යාවක් මේක අතින් ඇල්ලුවොත් මේකෙ ලස්සන බෙල් එකක් වදිනවා...'

මගේ සිත පුරාද මහත් විශ්මයක් පැතිරින.

'ඇත්තමද විජේ...'

'හනේ හැබෑට උඹත් ඔච්චර බුරුවෙක්ද?පේමය කෙල්ලට එහෙම කියල තියෙන්නෙ විහිලුවට...එහෙම කියල ආදරේ උතුරා යන හැඟීමෙන් කෙල්ලට කීවලු ඔරලෝසුව අල්ලන්න කියලා...'

'ගොනී පැනල ඇල්ලුවද?'

'ආන්න වැඩේ අප්සෙට් ගිය තැන.කෙල්ල ඔරලෝසුව අල්ලන්නෙම නෑලු...එක පාරටම බොරු හදිසියක් දාල ආපහු යන්නම කතා කරනවලු.පේමයට දුකට වැඩිය කේන්තිය...අන්තිමට ඇහුවලු කෙල්ලගෙන්...ඔයා මේක අල්ලන්නෙම නැද්ද...කියලා.කෙල්ල ටක් ගාලා නැගිට්ටලු...වස කේන්තියෙන් පේමයත් නැගිට්ටලු...'

මට එම දර්ශනය මැවී පෙනින.

'කව්ද දන්නෙ ඕක කැඩිලද කියලා...කෙල්ල කීවලු...'

පුදුමය ප්‍රේමරත්න ඉකි බිඳිමින් වැලපීම නොව සත්‍ය ප්‍රේමයේ අල්තාරය අබියස මල් පහන් පිදු ඔහුගේ හදවත පැලී සුනු විසුනු නොවීමය."
(34 පිට,බමර සර,පී ඇම් ජයතිලක.1998)

ඉතිං ඔය ආකාරයට හොඳින් කියල තරවටු කරලා ගහල බැනල මොන විදියකින්වත් මම වමතින් අකුරු ලියන එක වෙනස් කරන්න බැරි තැන උඹ වමතින් බැරිනං කකුලෙන් අකුරු ලිව්වත් අපට මොකද කියල අත ඇරලා දාපු තැන ඉඳන් මම සදහටම වමත් කාරයෙක් උනා.

මම ගැන කිව්වොත් කන්නෙ දකුණු අතින් බෝල ගහන්නෙ එහෙමත් දකුණු අතට අනික් වැඩ කටයුතු ඔක්කොම වමතට.කුවින්ටස් අපේ චම්පික එහෙමනං කන්නෙත් වමතින් ඔන්න කුවින්ටස් උගෙ මගුල දවසෙ මංගල සභාව මැද වමතින් කන්න බෑ ලැජ්ජයි කියල බොහොම අමාරුවෙන් දකුණු අතින් කාල කෑම මේසෙන් එළියට ඇවිත් "කෑවෙ නෑ වගේ " කිව්වලු.වමතා කියල අපහාසෙට කිව්වට රජගෙදර මුළුතැන්ගෙයි උයන්න බඳවා ගත්තෙත් වමතින් ආයුධ හසුරුවන අයයි කියල මම කොහෙහරි දැකපු කවියක "වමතින් අවි දරන"කියල තිබ්බ මතකයි.ඉතිං වමත් කාරයෙක් වීමේ ගුණ අගුණ හෙවත් හොඳ සහ නරකත් සලකල බලමු.

හොඳ පැත්ත ගත්තොත් මට නං දකුණු අතින් කන නිසා කෑම කමින් ඉන්න වෙලාවක අතේ ඉඳුල් ගාගෙන හිටියත් වමතින් ලිපි කටයුත්තක් කරගන්න පුළුවනි අස්සනක් ගහනව වගේ.එතකොට කෑම මෙසෙකදී එහෙම කමින් හිටපු කවුරුහරි ඉඳුල් තැවරුන දකුණු අතින් බොහොම අමාරුවෙන් කෑම බෙදාගන්න උත්සාහ කරනවනං ටක් ගාල බෙදල දෙන්න මට පුළුවනි.ඊට අමතරව නං කිව යුතු හොඳක් නෑ.

නරක පැත්ත ගැන කිව්වොත් පේලියට ඉඳගෙන ලියන වෙලාවක මගේ අත ළඟ ඉන්න එකාගෙ ඇඟේ හැප්පීම,රටේ තියෙන තරං සෑම සියලු උපකරණයක්ම දකුණත් කරුවන් සඳහා නිර්මාණය කර තිබීම,මම අපේ අම්මලගෙ ගමේ ගිහිං හිටපු සංදියේ හරියට කුඹුරු වැඩ කළා.ගොයං කපන්න යද්දි  දෑකැති ඔක්කොම දකුණු අතින් කපන අයට හදපුවා,එකම එක වමත් දෑකැත්තක් අපේ එගොඩහ මහප්ප ළඟ තිබුණා ලෙව්ව වගේ මුවත් තියාගෙන හිටපු ඒ දෑකැත්ත මහප්ප කාටවත් දෙන්නෙ නෑ.ගොයං කපද්දි මහන්සි ඇරගන්න මහප්ප ගොඩ ආපු වෙලාවට මම ඒ දෑකැත්ත අරං වෙලට බහිනවා.තණකොළ කපන දෑකැත්ත ඊටත් වෙනස්.ඒ දෑකැත්තෙ මිට ලඟින් යටට නැම්මක් තියෙනව ඊට පස්සෙයි වක.ඔය දෑකැත්ත නුහුරට අල්ලල තණකොළ කපන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා.ඔය නුහුරට හදපු දෑකැත්තයි ගෝනියකුයි කර තියාන වෙලේ නියරෙ එහෙම නැත්නං රෙදිමෝලේ වත්තෙ කරක් ගහල ගෝනිය පුරව ගත්තෙ නැත්නං රෑට වැස්සි බඩගින්නෙ,එහෙම උනොත් පහුවදාට කිරි අඩුයි.හරක් පට්ටිය ගැනයි කිරි ගැනයි ආයෙම දවසක කියන්නං,අද කතාකරන්නෙ වමතින් වැඩ කරන එක ගැන නොවැ.

පස්සෙ කාලෙක මම කම්කරු දෙපාර්තමේන්තුවෙ ටික කලක් වැඩ කළා,එහෙ නං වමතින් ලියන ගෑනු ළමයි දහ පාළොස් දෙනෙක්ම මාත් එක්ක වැඩ කරපු නිසා මං තනිවෙලා නෑ කියල හරි සතුටක් දැනුනා.ඕනැනං වමත් කරුවන්ගේ සංගමයකුත් පිහිටුවා ගන්න තිබ්බා.ඒ කාලෙ වමත් නිසා අපහාස උපහාස විඳින්න උනාට දැන් නං කෙනෙකුට එහෙම වෙන්නෙ නෑ.ඒ වෙනුවට වමත් කාරයෙක් දිහා යම්කිසි පැහැදීමකින් බලනව කියලත් කියන්න පුළුවනි.ඇත්තටම වෙන්නත් ඕනෑ එහෙමනෙ.හැම කෙනාටම වමතින් වැඩ කරන්නට බැහැනෙ නේද?෴
(ප.ලි :ඊළඟ පෝස්ටුව මම ලියන එකසිය පනස් වැන්නයි.එකසිය පනහට පස්සෙ ලියන පෝස්ටුවල මාතෘකාව නොම්මර කරන එක නවත්තන්න මම තීරණය කළා.ඊට පස්සෙ පෝස්ට් ගණන බලාගන්න පුළුවන් වෙන්නෙ මට පමණයි.එහෙම නැත්නං මේ ගැන උනන්දු වෙන කෙනෙකුට විතරයි.හරියට ප්‍රසන්න වගේ.ප්‍රසන්න මේ බ්ලොගේ ගැන කොච්චර උනන්දුද කිව්වොත් පෝස්ටුවල තියෙන කතා මට වඩා හොඳට මතකයි.ඒ නිසා මම කතා හෝ පොස්ට් ගැන මතක තියාගන්න උනන්දු වෙන්නෙ නෑ ප්‍රසන්නට කියපු ගමන් ටක් ගාල හොයල දෙනව) 

141 comments:

  1. හැලපේ ඒ කාලෙ හස්ත කරුමාන්තෙ කලෙත් වමතින්ද

    ReplyDelete
    Replies
    1. තොපගේ මෑනියෝ දන්නවා ඇති.

      Delete
    2. ඇනෝ,
      ඒ කොයි කාලෙද,මතක නෑ බං.

      Delete
  2. පිඑම් ගේ කතාවත් මරු.. “කව්ද දන්නේ ඕක කැඩිලද කියලා“

    උඹල ප්‍රසාගෙන් වැඩ ගත්තට මිනිහට හැල්ප් එකක් දෙන්නෑ නේ.. අර .තුන දාගන්න මේ අවුරුද්දේවත්....

    මාත් වමෙක් හරි..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං. අඩුම ගානෙ බෝතලයක්වත් එවන්න එපැයි. :D

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. සැන්ඩි වලට ඇල්වතුර
      - ස්තුතියි -

      Delete
    4. බයිට් එකට කඩල රැපියල් 20ක
      -ස්තුතයි-

      Delete
    5. මදි පාඩුවට ගෝලීප් එකක්
      - ස්තුතියි -

      Delete
    6. සැමගේම ස්තුතියට
      -ස්තුතියි-

      Delete
    7. ප්‍රසාට තුන දාගන්න නේද.යකෝ ඉස්සෙල්ල එකක් දාගන්න බලන්න කියමු.මම හිතුව තෝ වමෙක් කියල.

      Delete
    8. කාටද ඔය තෝ තෝ කිය කිය බනින්නේ මහත්තයෛා්.. හැක් හැක්..

      Delete
    9. ඈ බං තෝ කියන්නෙ බැනිල්ලක්ද?

      Delete
    10. තෝ එහෙම හිතුවත් මට මොකෝ..හැක්..

      Delete
    11. බයිට් එකට මගෙන් බැදපු හුරුල්ලො.

      Delete
  3. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. වචනෙ ඔරිජින් එක සහ තේරුම් කිහිපය බලන්න

      Delete
    3. 'right' කියන එක 'left' කියන එකටයි 'wrong' කියන එකටයි දෙකටම විරුද්ධ පදයක් උනේත් ඔයිට සමාන හේතු උඩ.

      Delete
    4. වචනෙ තේරුම් හොයාගන්න වෙලා ගියා.මාර වචනයක් නොවැ.විරුද්ධ පදය Dexter ලු.

      Delete
    5. Ambidextrous දෙකෙන්ම .

      ඔය sinister එක ගැන බැලුවහම වමත්බව නරකයි කියල ඉස්සර තිබුන අදහස බටහිරින් අපිට ලැබුනු එකක්ද?

      Delete
    6. Also "Left wing" radical ideas, "Right wing" traditional ideas.

      I think i read in a dan brown book, so may not be accurate eh, Pra Jay :D

      Delete
    7. Only in the time it takes PoM :-D

      Delete
    8. yes
      But the origin of the word could be accurate,right ?

      Delete
  4. රජගෙදර මුළුතැන්ගෙයි උයන්න බඳවා ගත්තෙත් වමතින් ආයුධ හසුරුවන අයයි කියල

    මෙන්න මේක නං මාත් අහල තියෙනව... දකුණත් කාරයන් අතර වමත් කාරයෙක් වෙන එකත් සුවිශේෂියි නැද්ද මං අහන්නෙ...
    පී ඇම් ජයතිලකගෙ ඔය පොත් තුන ගැන කව්රු හරි ඔයිට කලිනුත් කියල තිබ්බ මතකයි මට...
    මොනා කරන්නද අපිට ඒ පොත් ආයෙ කියවන්න වෙන්නෙ නෑ වගේ... හොයාගන්න වත් නෑ නෙව

    ReplyDelete
    Replies
    1. ජයතිලකයන්ගේ ඔය පොත් තුන ගැන කලින් කීවෙත් මමමයි.හොයාගන්න බැරිම උනොත් කියන්න මහේෂ් මම කියවන්න දෙන්නං.

      Delete
  5. // 'කව්ද දන්නෙ ඕක කැඩිලද කියලා...කෙල්ල කීවලු...' //

    ඕක කිවුවෙ?

    // මම ගැන කිව්වොත් කන්නෙ දකුණු අතින් බෝල ගහන්නෙ එහෙමත් දකුණු අතට //

    බෝල ගහනව කිවුවෙ?

    ලංකාවෙ වමත්කරුවන් ගේ සංගමයක් තියෙනවා දැන් සෑහෙන කාලෙක ඉඳන්. මගේ වමත් යාළුවෙක් එහෙමත් මූලික වුනා ඔය වැඩේට . එයා කියපු විස්තරවලින් තමා මාත් දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බුරා කෙල්ල සිංහල කතාකලේ දෙමළ නොවෙයි.
      බෝල ගහනව කිව්වෙ ක්‍රිකට් එල්ලේ එහෙම දැන් නං බෝල ගහපු කාලයක් මතක නෑ.
      වමත් සංගමේ ගැන විස්තර ටිකක් හොයාගන්න ඕනෑ බැඳෙන්න වත් බැරුවයැ.

      Delete
    2. //ඕක කැඩිලද //

      //නෑ නෑ බුරා කෙල්ල සිංහල කතාකලේ දෙමළ නොවෙයි.//

      බඩ අල්ලං හිනා.....යකෝ

      Delete
  6. අපොයි දැං ඉන්න කෙල්ලොන් ඒක කඩාගත්තත් යසට අල්ලයි ඔරලෝසුව.

    පෝස්ට් හෙවිල්ලටනං පොඩි පොඩි ජිල්මාට් ටිකක් දාන එක තමයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තුන දාගන්න ඔය එක ජිල්මාට් එකක්වත් තිබුන්නැද්ද බං.. yela yela'''

      Delete
    2. ඒක පෝස්ට් හොයනවට වැඩිය අමාරුයි බං. yela.. yeka...

      Delete
    3. අල්ලයි නෙමෙයි ඔරලෝසුවත් ගලෝගෙන යයි :D … ඕ යේස්

      Delete
    4. ඔය කිව්වේ පත්තරයගේ හොන්ඩර බාගේ ඔරලෝසු කටුව ගැන වෙන්ටැති..

      Delete
    5. හා ඒක තමා.. මං වෙලාවට වැඩ කරන මනුස්සය නෙවැ :D

      Delete
    6. එහෙම දෙයක් උනත් දැන් රෙපෙයාර් කරගන්න ඇහැකි නොවැ ප්‍රසන්න ඉතිං මොකට බයවෙන්නද?
      ජිල්මාට් දාල හරි පොස්ට් හොයල දෙන එක ලොකු දෙයක්නෙ

      Delete
  7. මට නම් වමතින් මේ ලෝකෙ දෙයක් කරන්න බැහැ! කිසිම දෙයක් බෑ. ;D ඔක්කොම දකුණෙන් තමා. ;)

    ඔච්චර දුක් විඳින්නෙ නෑ නේද දැන්නම්. වමත් කියන එක ඒ තරම්ම ලොකුවට තකන් නැහැනෙ දැන්නම්,

    බමර සර කතාව නම් මරු!!!!

    ReplyDelete
    Replies
    1. හා උඹට පුලුවන්නං බයික් එකේ පාරෙ දකුණෙං පලයන් :D

      Delete
    2. පාරේ වමෙන් පයින් පලයන්

      Delete
    3. දැන් වමත් උනාට ප්‍රශ්නයක් නෑ ප්‍රියා,ඒ කාලෙ තමා ප්‍රශ්න තිබුනෙ.

      Delete
  8. // කව්ද දන්නෙ ඕක කැඩිලද කියලා...කෙල්ල කීවලු... //

    ප්‍රේමරත්නටත් දැනගන්න ඕන උනේ ඕකම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පේමරත්නත් නොකිය කිව්වෙ ඒකනේ.

      Delete
    2. "ඕක" නැතුව කැඩිලද කියල කියන්නත් බෑ අර "දෙවෙනි ගමනෙ" වගේ.

      Delete
  9. වමත් කාරයෝ අද නම් ඕනි තරම් ඉන්නවා. ලඟදි කරපු පරීක්ෂණ වගේකින් හෙලිවෙලා තියෙනවා වමත් කාරයින්ට මානසික රෝග හැදීමට තියෙන ඉඩ වැඩී. ඒ එක්කම ඉක්මණින් මියයනවත් වැඩී කියලා. රෑ කෑමක් වෙලාවක අපේ ප්‍රොෆ්. කෙනෙක් කීවේ. ඕනි නම් එයාට එන්ට කීව හැකි.

    කට්ටිය බයවෙන්ට දෙයක් නෑ. මේ පරීක්ෂණ කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. ඊලඟට කියයි දකුණු අත් කාරයොන්ට තමා මෙහෙම වෙන්නේ කියලා. :)

    ReplyDelete
    Replies
    1. ඒයි බං මටත් අවුලක් වෙයිද?? මමත් වමත තමා වැඩි පුර භාවිතා කරන්නේ.. yela yela'''

      Delete
    2. ඕකට බූරුවොන්ගේ සම්බන්ධයක් නැතිලු

      Delete
    3. අනිවා දේශා උඹට ලගදිම බඩු බනිස්. දැන්ම ශර්ට් එක නොපිට ඇදපන් ( කෙමක් ),

      Delete
    4. එහෙනං දේශො මැරිල යන්න කලිං ඩිංගක් සෙට්වෙමු :D

      Delete
    5. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    6. සෝඩ එපා
      -ස්තූතියි-

      Delete
    7. වමත් කාරයොන්ට මානසික අවුල් කියන එක නං සහතික ඇත්ත,ඔය පේන්නෙ නැද්ද දූසකයත් වමතෙක්ලු.ඒකම උදාහරණෙට මදිද.

      Delete
  10. ජ ය වේ වා !!!

    ReplyDelete
  11. මං නං උපං ගෙයිම දකුනත් - වම පේන්න බැ හැක්...
    වෙලාවට සුදුමාමගේ වියායාමය අසාර්තක උනේ.. නැත්තං හැලපයෙක් නෑ මෙලහකට..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. තව ටිකෙං සුදු මාම වමතින් ලියනවලු හැලපයියට උගන්නන්න ගිහිං … ඕ යේස්

      Delete
    2. දන්නවද හැලපයියා කොල්ල කාලේ.. හැලප පියා, හැලප අයියට ඉංග්‍රිසි උගන්නන කියල සුද්දෝ දෙන්නෙක් ගෙන්නල එක කාමරේ දාල මාස තුනක් එකට තිබ්බලු.. වාසනාවන් අන්තිමට හැලප පියා එනකොට සුද්දෝ දෙන්නා පන්සිය දිණමිණ පත්තරේ කියවනවලු

      Delete
    3. වියායාමේ සාර්තක උනානං මගේ පාප මිත්ත්රයො ටිකත් නෑ,
      දන්නවද.සුද්දො එක්ක ඉඳලත් ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්න බැරිවුනේ නං කරුමෙටම තමා.

      Delete
  12. රැසියානු ලමා පොත් රචකයෙක් හිටිය වමතින් ලියන ගමන් දකුනතින් චිත්‍ර අදින, නම මතක නෑ.
    මට වමෙන් වේගෙන් ලියන්න විතරයි බැරි, දෑතෙ හුරුව කියන එක මට තියනව.

    ReplyDelete
    Replies
    1. ඇයි බෑන්ඩ් වල කීබෝඩ් ගහන උං අත් දෙකෙන් කීබෝඩ් දෙකක් ප්ලේ කරන්නෙ එකපාර …

      Delete
    2. ඇයි යකෝ ඩ්‍රමා, අත් දෙකයි කකුල් දෙකයි, ඒ මදිවට සිංදුත් කියන්නෙ...

      Delete
    3. ඇයි ඩ්‍රයිවින් කරන කොටත් අත් කකුල් හතරම පාවිච්චි වෙනවා නොවැ.

      Delete
  13. කථා මැද කථා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අඳින්න ලේසියි - ඇන්දම පහසුයි...
      මෙන්ඩිස් බ්‍රා............

      Delete
    2. සෙනෙහසේ නවාතැන
      - මෙ න් ඩි ස් බ්‍රා -

      [ අලෙවියෙන් පසු සේවය ]

      Delete
    3. භාවිතා කිරීමේ උපදෙස් මිලට ගන්න අවස්ථාවේදීම ප්‍රායෝගිකව .....

      බ්‍රා නම් මෙන්ඩිස් මෙන්ඩිස් නම් බ්‍රා

      Delete
    4. ඔබගේ කුක්කුවට - ගැලපෙන අච්චුවක් !!!!!!

      .....මෙන්ඩිස් වෙතින්ම පමණයි........

      (තොග සීමිත බැවින් ඔබගේ ඇනවුම අදම වෙන්කරවා ගන්න)


      Delete
    5. පාත්තයො හංසයො කරන්න,
      මෙන්ඩිස්ගේ ස්පෙෂල් බ්‍රා..........

      මෙන්ඩිස් සලකුන ඇත්දැයි සැලකිලිමත් වන්න.

      Delete
    6. යකෝ මෙතන බ්‍රා පොළක් වගේනෙ හිටු කියල බ්‍රා විකුණනවා.

      Delete
    7. පත්තරේ,
      අලෙවියෙන් පසු සේවයට කට්ටිය ගන්නවද?

      Delete
    8. ඇන්දොත් මෙන්ඩිස් බ්‍රා...
      ලැබෙයි විනෝදේ..
      (මෙන්ඩා චෙක් කරපු නිසා)

      ස්තුතියි

      Delete
    9. අලෙවියන් පසු සේවාව සදහා උගත් බුද්ධිමත් චරිතවත් ගුනවත් රැමත් සුරා සුුදුවෙන් තොර නයෝඡිත පිරිසක් පත් කර ඇත. ඔබට ආසන්නම නියෝඡිත තැන හමුවන්න. ගෙදරට පැමින හෝ රඡයේ අනුමත නවාතැන්පලකදි චෙක් කරවා ගත හැක.
      පත්තර මල්ලි
      දේශකයා
      කම්මල
      හැලපේ
      විදානේ
      මැලේ රාල
      ඉවාන්
      හෙන්රි
      ප්‍රසන්න
      විචාරක
      නව නියෝඡිත තනතුරැ සදහා අයදුම් පත් කැදවනු ලැබෙි.
      සේවය සැලසිමෙන් පසු සිදුවන අනතුරැ සදහා වග කියනු නොලැබෙි.

      Delete
  14. මුලින්ම ලින්කුව එබුවට ස්තුතියි ...
    වමත භාවිතය ගැන බොහෝ කතා තියෙනවා ,විද්‍යාත්මක පැත්තක් දන්න කෙනක් කියයි කියලා මම බලන් උන්නා ,
    කොම උනත් වමත් කාරයෝ දක්ෂයෝ හැක් ...... මමත් පොඩි කාලේ විවිධ කටු කෑවා දන් නම් නෑ ,
    අර ඔරලෝසුව කතාව නම් සුපිරි .....

    ReplyDelete
    Replies
    1. වමත් කාරයො දක්ෂයො කියනවලු අනේ මං දන් නෑ සහෝ.මේකට හේතු විද්‍යාත්මකව සොයා බලයි කියල මමත් බලාපොරොත්තු උනා.

      Delete
  15. මාත් වමත් කාරයෙක්. හැබැයි හැලපේට අනිත් පැත්තේ!

    ඒ කියන්නේ පොඩි කාලේ මට දකුණු අතට පැන්සල දුන්න හින්දා මං ලියන්නේ දකුණු අතින්. හැබැයි අනිත් හැම වැඩක්ම සඳහාම (ක්‍රිකට්වල/එල්ලේවල බෝලින් සහ බැටින්) හුරු "අත සහ කකුල" වම් පැත්තයි.

    ReplyDelete
    Replies
    1. වසීම් අක්‍රම් බෝල් කලේ වමතින්. ඒ වුනාට ඔටෝග්‍රාෆ් සයින් ක‍ලේ දකුණතින්. හැබැයි වසීම් බැට් කලේ left hand. ඒ කියන්නෙ උඩ අත දකුණත.

      Delete
    2. හෂාන්ට වමතිනුයි දකුණතිනුයි දෙකෙන්ම බෝල් කරන්න පුළුවන්..

      Delete
    3. සමහර ක්‍රිකටර්ස්ලාට ඔය හැකියාව එනවා. දකුණත හුරු කෙනෙක් right-hand බැට් කරනවා කියන්නෙ, එයාගෙ උඩ අත වෙන්නෙ වමත. ඒ කියන්නෙ වමත තමා shots control කරන්නෙ. ඒ කිසා කාලයක් යද්දි වමතත් එක්තරා මට්ටමක හැකියාවකට එනවා. මයිකල් ක්ලාක් බෝල් කරන්නෙ වමින්, බැට් කරන්නෙ right-hand. fielding කරද්දි බෝලෙ throw කරන්නෙ දකුණතින්.

      Delete
    4. හරියට හරි මම කකාගෙ අනික් පැත්ත.

      Delete
  16. මහේල වගේ 149 නතර නොකර ඊටත් එහාට ගොඩක් දුර යන්න හැලපයියාට පුළුවන්.එකට ඔන්න මුලින්ම මගෙන් සුබ පැතුම්!
    සුදු මාමගේ ව්‍යායාමය අසාර්ථක වුනා එහෙනම්.ඔරලෝසුවේ කතාව තමයි කතාව ඈ..:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,පුළුවන් තරං දුර යමුකෝ.

      Delete
  17. ඇත්තෙන්ම වමත් කාරයෙක් වීම සාපයක් හැටියට සැලකුවා කියලා හිතන්න පුලුවන් එක් කාලෙකදි. නමුත් වමත් කාරයෙක් බලහත්කාරයෙන් දකුණත් කාරයෙක් කරන්න උත්සාහ කරන එක හානිදායකයි කියලයි මම අහලා තියෙන්නේ. (උඹේ අන්දොස් ගතිය ඒ හන්දා ඇති වෙච්ච එකක්ද දන්නේ නෑ. :D)

    ඔය වමත් කාරයන්ගෙන් අනිත් උන් නිතර අහන ප්‍රශ්නයක් තමයි දැන් උඹ වමත් කාරයෙක් නම් කන්නේ පස්ස හෝදන අතෙන්මද කියන එක. වමත අපිරිසිදුයි කියලා සලකන්න ප්‍රබල හේතුවක් ඔන්න ඕක මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්දොස් ගතිය නං උපන්ගෙයි අපලයක්.අනික මචං කවුරු කොයි අතින් කෑවත් කාටවත් තියෙන ප්‍රශ්නෙ මොකද්ද?අපිරිසිදුකම තියෙන්නෙ කන එකාගෙ අතේ නෙවෙයි මචං අහන එකාගෙ හිතේ.

      Delete
  18. පේමරත්නගේ වගේ කතාවක් මම ටියුෂන් ගිය ගුරුවරයෙක් කිව්වා මට මතකයි... ඒ කතාවේ කිව්වේ ගුනසිංහපුර තියෙන මිටියක් උස්සාගෙන ඉන්න පිළිමය (A. E. Gunasinha ලෙස ගූගල් විය) හදලා තියෙන්නේ කන්‍යාවක් එතනින් යද්දී මිටියෙන් පහල තියෙන කළුගලට පාරක් ගහන්නයි කියලා... ඊට පස්සේ ගෑල්ලමයින්ගෙන් ඇහුවා ඔයාලා එතනින් ගිහින් තියෙනවද කියලා...

    මම ලියන්නේ විතරක් වමතින්... අනිත් හැම දේම දකුණත් කාරයෙක්ගේ විදිය...

    ReplyDelete
    Replies
    1. බීටලේ,
      ප්‍රංශයේ හෝ ජර්මනියෙ මම හිතන්නෙ ප්‍රංශයේ පාරක් අයිනෙ සිංහ රුවක් අඹල තියෙනවා,ඒ සිංහයා යටින් කන්‍යාවක් ගියොත් සිංහයා කෑ ගහනවලු.

      Delete
    2. පේරාදෙණියෙත් තිබුන නේද?
      KK?

      Delete
    3. අවුරුදු ගානක් හිටියා එහෙම කෑගහන සිංහයෙක් දැක්කේ නෑනේ :D

      Delete
  19. මමනම් කාකට නමේ අයිතිය ඇති මගේ සරිරාන්ගය හෝදන එක පමණයි වමතින් කොරන්නේ

    ReplyDelete
    Replies
    1. මමනං ඒකවත් කොරන්නෙ නෑ බං.

      Delete
    2. සුමානෙකට සැරයක්වත් කලොත් හොඳයිනේ හැලපෙ?

      Delete
    3. තරහ ගියානම් සමාවෙන්න. නහයට බ්ලොග් දැනෙන්නෙ නැති වුනාට හැලපෙගෙ
      "සම" සවුක්කියටවත් හොඳයි නෙ ඉඳල හිටල එහෙම කරන එක

      Delete
    4. ඒ නිසා බ්ලොගේට කිසිම අවුලක් නෑ. නෑවිත් ඉන්න නං එපා.

      Delete
  20. මචං ඇනෝ.. පෝස්ට් වැඩක් නෑ දැන් උඹේ කොමෙන්ට් එකක් නැතිනම්..

    ReplyDelete
  21. හැලපේ... මම අහන්න ගිය එක උඩම ඇනෝ අහලා..

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ,ඔච්චරමද මනුස්සයෙකුට අහන්න තියෙන්නෙ බං.

      Delete
    2. මමත් මාතෘකාව දැක්ක ගමන් ඕක අහන්න හිතාගෙන තමා ආවේ . ඇවිත් මාතෘකාව කියවලා .අපේ ආතල් ඇනොගේ කොමෙන්ටුව කියවලා , නලින් අයියගේ නමට ගොලිප් දෙකක් පූජා කරලා ,පොස්ට් එක කියවලා බලනකොට පවෙනියටම ඇනෝ කෙනෙක් ආම අහන්න හිතපු එක අහලා .

      ඊට පස්සේ අපරාදේ නලියගේ නමට පූජා කරපු ගොලිප් දෙක ,කමක් නෑ ,පහලට ගිහින් උද කොමෙන්ටුව නොදැක්කා වගේ ආපහු එකම අහනවා කියලා හිතාගෙන එනකොට ,මාතලනුත් ඒකම අහලා . ඒ වෙලාවේ මට හිතුනා අර ඇනොගේ පොට්ට කැබරාව ඉල්ලගෙන මාතයට දමල ගහන්න .

      මොනා කරන්නද ,ඔන්න පස්සේ ඇවිත් පහලින් වෙන කොමෙන්ටුවක් දැම්මා ඒ ගමන

      Delete
    3. අඩෝ ඉවානයා උඔ ෂියට් එකක් බොන බව දන්නවනම්...අපරාදේ යකෝ සිහින උලේලදි තෝට හැංගිලා සියට් එකක් බිව්වේ.

      Delete
  22. මමත් වමත් නේ.හැලපයියගෙ විදියටම තමයි.ලියන්නෙ වමෙන් අනික්ව දකුනෙන්.අර කිවුවත් වගෙ අරකනම් කැටිල ඇති ශුවර් එකටම

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මමත් ලියන්නේ ඒ විදියටම තමයි
      වඩාත් පැහැදිලි කලොත් රයන්න ලියන්නේ "ර" හැඩේටමයි..

      Delete
    2. කැටිල කියපුවම මම මොකද්ද බැලුවා.පස්සෙයි පත්තු උනේ.වෙන්න ඇති වෙන්න ඇති.

      Delete

    3. විදානේ,
      එහෙමද?අනේ අම්මප මාත් හිතාගෙන හිටියේ එහෙමයි,ඒ උනාට මම ලියපුවා දැකපු උන් කිව්වෙ එක අකුරක්වත් කියව ගන්න බෑ කියලනෙ.

      Delete
  23. Helape, me langadi kiuwa thawath wamath kathawak mathak una ...:-(

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මට මතක නෑනෙ,කොහොම උනත් කාලෙකට පස්සෙ බ්ලොගේට ආපු ඒක ගැන සතුටුයි.සිංහල හදාගන්න. මටත් සිංහල හදල දුන්නෙ ඔයානෙ.

      Delete
    2. මුසිලල ඔහොමෙම තමා.. හැක්..

      Delete
    3. කවුද ඩෝ මුසිලයා?

      Delete
  24. හැලපෙ, ඔය වමත කරුමයක් කියන ගොන් අදහසේ ඉන්න දෙමවුපියන් අදත් ඉන්නවා. ඊයේ මම දැක්කා ඉතාම බුද්ධිමත් දෙමවුපියන් හිමි දරුවෙක්. එයා ලියන්නේ , බත් කන්නේ වමතින් නමුත් ඒ දෙමවුපියන් පාසල් ගුරුවරුන් නිසාත් ඒ ළමයාට කිසිම බලකිරීමක් කරලාත් නැහැ කරන්නෙත් නැහැ දකුනතට මාරුවෙන්න කියලා. එහෙම බලකිරීමෙන් ඕනෑම දරැවකු බරපතල ලෙස මානසික කදාවටීම් වලට ලක්වියහැකි බව අධ්‍යාපන මනොවිද්යාඥයන් විසින් පෙන්වාදී තිබෙනවා. වමතින් ලියන කෙනාට ඔහු මුහුණ දෑ සිටින පැත්තේ වම් කොනේ ඩෙස්ක් එක දීම තමයි අත නොහැප්පී ලියන්නට තියන විසඳුම. දැන්නම් මේක ගුරුවරු දන්නවා ඇති.

    හැබැයි පුතෝ බොහොමයක් රයිෆල් සහ මැෂින් තුවක්කු පාවිච්චි කිරීමේදී නම් වමත් කාරයන්ට පොඩි අවාසියක් තියනවා. මොකද ඒවා බොහොමයක් දකුණත් කාරයන්ට වාසිවෙන විදිහටයි හදලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ගිනි අවි විතරක් නොවෙයි විචා,හැම දෙයක්ම දකුණට වාසි වෙන ආකාරයට හදල තියෙන්නෙ.

      Delete
    2. වම් අතින් කනකොට පස්සේ කාලෙක අවුලක් නැතිවෙයිද ?

      Delete
    3. මමනම් හිතන්නේ නැහැ, වමතින් කෑමේදී, සෞඛ්‍යාරක්‍ෂාව ගැන කිසිදු ප්‍රශ්නයක් එයි කියලා, කෑම ගැනීමට පෙර, අත නිවැරදිව පිරිසිදු කරගන්නා තුරු.

      හැඳි ගෑරෙප්පු පාවිච්චියෙදිත් එයාට හැන්ද වමතට ගන්න වෙයි කියලා හිතනවා.

      Delete
    4. මම හිතුවේ සෞඛයාරක්ෂාවට වඩා වමතින් කන එක සමාජයේ පෙනෙන විදිහ ගැන. හැලපේ උනත් කන්නේ දකුණතින් "ලු" නේ.

      Delete
    5. විචා මේක අදාළ නැති දෙයක් වෙන්න පුළුවනි,හැඳි ගෑරුප්පු කියල කතාවට කිව්වට දැන් හැන්ද පාවිච්චි වෙන්නෙ නෑ නේද,ගෑරුප්පුවයි පිහියයි මිසක.

      Delete
    6. අනික් තැන් කොහොමද මන්දා ප්‍රධාන පෙලේ හෝටල් වලත්, ත්‍රිවිධ හමුදා කඳවුරු වලත් තවම හැන්ද පාවිච්චි කරනවා. ඔය ගෑරෙප්පුවෙන් විතරක් කෑම එක්තරා සෝබනයක් පමණයි. අපේ රටේ කෑම කන්න හැන්ද අත්‍යවශ්‍යයි.


      @ Prince of MoonshineAugust 26, 2014 at 8:29 PM

      ඔව් එහෙම සමාජයීය බලපෑම් කෙනෙකුට මානසික වදයක් වෙන්න පුළුවන්. නමුත් එය අභියෝගයක් ලෙස බාරගෙන වැඩ කලාම ඉවරයි. ජනප්‍රිය නිලි, නිල්මිණි තෙන්නකෝන්, ඇය පෙනීසිටින ටෙලි නාට්‍ය හා චිත්‍රපටිවල පවා, වමතින් කන හැටි දකින්න පුළුවන්. ඇය වමතින් කන කෙනෙක්.

      Delete
  25. ඇනෝ,
    ඉරිසියයි බං පට්ට ඉරිසියයි පැහැදිලිවම.

    ReplyDelete
  26. අපි නම් ඉතින් බයි ඩිෆෝල්ට් දකුණත්. හෙහ් කාලයක් වම් අතත් හුරු කරගන්න කියල හිතල ලියන්න එහෙම බැලුව මලාට කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් දකුණු අතින් ලියන්න පුරුදුවෙන්න බැලුව කොහෙද මක්කොරලවත් බෑ.

      Delete
  27. බලාගෙන ගිහාම මේ බ්ලොග් ලියන ගොඩක් උන් වමත් නේ! මමත් එහෙම එකෙක්!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශෙත් අපිට වමත් කරුවන්ගේ සංගමයක් පිහිටුවන්න පුළුවන් වෙයි වගේ.

      Delete
    2. අන්තර්ජාතික වමත් බ්ලොග් කොටන්නන්ගේ සංගමය

      Delete
  28. මගේ යාළුවෙක් හිටිය දකුණ වම දෙකෙන්ම චතුර විදියට(වචනෙ හරිද බං:-)) ලියන්න පුළුවන්. වමත් වීමේ ලොකුම පාඩුව තමයි ක්ලාස් වල ලිවිල්ල එපාවීම. ඔය වම දකුණු අත් වලට ඉස්සර කිව්වෙ බත්කන අත සහ අනිත් අත කියල. අපේ එකෙක් හිටිය ඌ දකුණු කකුලට කියන්නෙ බත්කන කකුල කියල

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නම් රාජ්, චතුර කියන වචනය යොදන්න පුළුවන් කථාකිරීමේ හැකියාව ගැන කියන්නයි.

      ඔය අත්දෙකට කෙටි යෙදුම් හැදුවනම් ඉවරයිනේ.

      1. බ.ක.අ.

      2. පු.හෝ.අ.

      Delete
    2. චතුර සහ ව්‍යක්ත කියන වචන දෙකම යෙදෙන්නෙ කතාකරන ආකාරය හඳුන්වන විටදීයි.ලිවීමේදී දක්ෂ ලෙස කියමු,
      ඉස්සර අපේ ඉස්කෝලෙ හිටපු කොල්ලෙකුත් කිව්වෙ පාරෙ බත්කන පැත්තෙන් යමු කියලයි.

      Delete
  29. මම මේ ලඟදි දැක්කා මරු කාටුන් එකක් , එකේ හිටියේ වාසු ,ඩිව් සහ සිරිතුංග ද කොහෙද . ඉන්නේ පොදු වැසිකිලියක් ළඟ ,බාල්දියක් අතට අරන් වැසිකිලියේ දොරෙන් එලියට එන ගමන් වාසු කියනවා .. " දැන් වම පාවිච්චි වෙන්නේ මේවගේ තැනකදී විතරයි " කියලා .

    ඇත්තටම කැඩිලා තියෙන්නේ මොකක්ද හැලපයියේ

    ReplyDelete
    Replies
    1. වාසු ඩිව් සහ තිස්ස විතාරණ හිටියෙ.
      ඇත්තටම කැඩිලා තියෙන්නෙ මොකද්ද කියල දන්නෙ කෙල්ල විතරක් වෙන්න ඇති ඉවාන්.

      Delete
  30. හැබෑටම හැලපයියේ, මට නම් ලියන්නයි කන්නයි හුරු දකුණත. හැබැය් අන්ත් හැම වැඩේටම අත් දෙකම හුරුයි. වැඩිපුර භාවිතාව තියෙන්නෙ වමේ.

    ReplyDelete
    Replies
    1. එතකොට වමත් කාරයෙක් කියන්නත් බෑ දකුණත් කාරයෙක් කියන්නත් බෑ නේද.

      Delete
  31. ආඩම්බරයි පුතේ මමත් ඇවිල්ල වමත් කාරයෙක් නොවැ! කිරිකැට් ගහනකොට එහෙම ඉතින් මට සුට්ටක් වාසියි!අනිත් උන් ඔක්කොම දකුණත් නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ක්‍රිකට් ගහද්දි වමට ගහන එකෙක් ආවහම බෝල දාන එවුන්ට මල පනිනවා.

      Delete
  32. වමත් කාරයන්ගේ සැට් එකත් වමට බරයි කියන්නේ හැබැද

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් වමත් කාරයො විප්ලව වාදීන් කියලත් කියනවනෙ.

      Delete
  33. අපිත් වමත්. කන්නේ දකුනින්..

    ReplyDelete
  34. වමත හුරු ළමයින්ට දකුණත හුරු කරවන්ට මහන්සි වෙනවා මමත් දැකලා තියෙනවා පොඩි කාලේ . ඒක මොන තරම් තකතීරු වැඩක්ද කියලා තේරෙන්නේ දැනුයි , මම දැක්ක ලංකාවේ වමත්කරුවන්ගේ සංගමයක් තියෙනවා කියල කාලෙකට ඉස්සර

    ReplyDelete
    Replies
    1. මමත් ඔහොම කතාවක් අහල තියෙනව තිලකේ.නමුත් ඒ කාලෙන් කාලෙට මතුවෙන යටයන සංගමයක් වගේ මම හිතන්නෙ.

      Delete
  35. මගුල් කපුවෙක් මනමාලිගේ පැත්තට කිව්වලු මනමාලයාගේ නරක අතේ වැඩ මුකුත් නෑ කියලා. මගුල් දවසේදි දැක්කේ ඌගේ පුක හෝදන අත නෑ කියලා (පුක යනු නරක වචනයක් නොවෙි)

    ReplyDelete
    Replies
    1. ඇයි කපුවා කිව්වලු මනමාලිගෙ පැත්තට ඒ අතේ වැඩ හරි කියල.බැලින්නං මනමාලයගේ එක අතක් නැතිලු.

      Delete
  36. මම අහලා තියෙනවා වමත්කරුවන්ට හොද නිර්මාණශිලි හැකියාවක් තියනවා කියලා....

    ReplyDelete
    Replies
    1. මේ ඉ්න්නේ ඒකට හොදම සාක්කිය.. දේශකයා.. හැක් හැක්..

      Delete
    2. උගෙ හොඳම නිර්මාණය මෙතනම තියෙනවා.ඔය ඉයන්න හල් කරලා තියෙන්නෙ ශානු දැක්කද.වෙන කාටද ඕවා පුළුවන්.

      Delete
  37. වමත් කරුවන්ට සමහර උපකරණ පාවිච්චි කරද්දි තමයි පොඩි ගැටලුවක් එන්නෙ....එහෙම නේද ....බොක්ස් ගිටාරයක් වමතින් ගහන්න ගියත් කම්බි ටික තියෙන්නෙ අනිත් පැත්තට....මගේ මලයා වම දකුණ දෙකම එක වගේ පාවිච්චි කරන අමුතුම තාලෙ ගොයියෙක්...මිනිහා එක එක උපකරණ වලට හුරුවෙච්ච අත විවිධයි...පිහියෙන් කරන වැඩක් වමතින් කරනවා නම් තවත් උපකරණයක් අල්ලන්නෙ දකුණතින්...හැබැයි මිනිහා ගිටාර් ගහන්නෙ වමෙන්...වමටම සෙට් වෙන බොක්ස් එකක් මලයා ලග තියෙන නිසා මට ඒක ගහන්න විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඔ ගිටාර් ගහයි කියලා බයටද කොහෙද මලයන්ඩි වමෙන් ගිටාර් ගහන්නේ.

      Delete
    2. හැබැයි මටත් ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න හැබෑවටම ආපු නිසා ගොඩක් දේවල් හුරුවෙන්න බැරිවුනා.

      Delete
  38. //'කව්ද දන්නෙ ඕක කැඩිලද කියලා...කෙල්ල කීවලු...'//
    මෙන්න මේකට තමා ඉල කැඩෙන්නෙ.
    කොල්ලත් එහෙමම කියන්න ඇති නේ?

    ReplyDelete

ඔබේ අදහස්