Sunday, August 10, 2014

147.චොකලට් පැක්ටරිය ස්කොට්ලන්ඩ් යාඩ් සහ ෂර්ලොක් හෝම්ස්.


අපි යමක් කිව්වොත් ඒ දේ ඉෂ්ට කරන්න ඕනෑ.එහෙම නැත්නං නොකිය නිකං ඉන්න ඕනෑ.කෙනෙක් තමන්නෙ වචනයේ වහලෙක් විය යුතුයි කියල කතාවකුත් මම අහල තියෙනවා.අද මම හදන්නෙ කියපු වචනය ඉස්ට කරන්නටයි.මේ වගේම මම තවත් වචනයක් කියල තියෙනවා,ඒ කෙටිකතාව ගැන විග්‍රහයක් ලියනවා කියල පොරොන්දුවක් දීමයි.නමුත් තාම ඒ පෝස්ටුව ඉවර කරගන්නට බැරිවුනා,නමුත් නොලියා ඉන්නෙ නැහැ කවදාහරි ලියනවා හැමදේම මතකයි  කිසිදෙයක් අමතක නෑ.

මගෙ පහුගිය පෝස්ටුව පටන් ගත්තෙ චොකලට් පැක්ටරියක් බලන්නට ඔයාලව එක්කං යනවා කියලනෙ නමුත් යන්න උනේ වෙන දිහාවක.එදා බැරිවුන වැඩේ අද කරමු බෙටර් ලේට් දෑන් නෙවර් කියලත් කතාවක් තියනවනෙ.පහුගිය කතාවෙදි මම ආරම්භය ගත්තනෙ.මම කිව්වෙ රට ජර්මනිය ස්ථානය කොලෝන් නගරය කියල නේද,ඉතිං අපි තාලිස් හෙවත් තැලිස් දුම්රියෙ ජර්මනියට ගියා.ජර්මනියට ගියා කිව්වම ජර්මනියෙ ඉඳන් මේ කතාව කියවන හිතවතුන්ට හිනා යයි ඇයි අපේ රංජන් වගේ හිතවතුන් ඩසල්ඩෝප් නගරයේ ඉඳන් මේ බ්ලොගේ කියවනවනෙ.මම නං ජර්මනියට ගිහිං තියෙන්නෙ තුන් සැරයයි මාහිතේ.ට්‍රාන්සිට් වලට එක වලියක් ෆ්රැන්ක්ෆර්ට් වලින් බැස්ස එයාපෝර්ට් එකෙන් එළියට ගියෙ නෑ ඒකත් රටට ගිය හැටියට ගණන් ගන්නව නං හතරයි.

ජර්මානු සංචාරය ගැන වෙනම ලියන්නං මේ ලියන්නෙ චොකලට් පැක්ටරිය ගැන නිසා වෙන අනං මනං මේකට ඈඳා ගන්න එකේ තේරුමක් නෑ නොවැ.පහුගිය වතාවෙ පිංතුර දැම්මෙ නෑ කියල කට්ටිය නෝක්කාඩු කිව්ව විතරක් නෙවෙයි දාන්න දාන්න කියා කියා පොර ගැහුවනෙ ඒ නිසා මෙදා සැරේ පිංතුර දාඤ්ඤං.පිංතුර දාන නිසා එච්චර ලියන එකෙත් තේරුමක් නෑ නිකං කැප්ෂන් එකක් ලිව්වත් ඇතියි කියල හිතෙනවා.පිංතුර දැමීමෙදී මගෙ ප්‍රතිපත්තිය මෙහෙමයි.මම පෙනී සිටින පිංතුර අයින් කරල දානවා ගෙදර අය පුළුවන් තරං අඩුවෙන් ඉන්න පිංතුර තෝරාගන්නවා.මම පුද්ගලිකව ගනිපු පිංතුර කියල පෙනෙන්න ගෙදර කෙනෙක් ඉන්න පිංතුරයක් දානවා.එහෙම නැත්නං පිංතුර ටිකක් නං ගූගල් වලිනුත් හොයාගන්න පුළුවන්නෙ.හැබැයි ඔව්ව කරන්න ගිහිං මේ බ්ලොග් අවකාශෙ ඉන්න විශේෂඥයන්ගෙන් බේරෙනව බොරු මේක අහවල් තැනින් ගත්ත පිංතුරයක් කියල ටක් ගාල කියාවි.මේ මම හෙඩිමට දාල තියෙන්නෙ චොකලට් පැක්ටරියේ පිටපැත්තේ හෙවත් ඇතුල්වෙන තැන පිංතුරයකුයි හොඳට බැලුවොත් පින්තුරෙ පැත්තකට අහුවෙලා ඉන්න හැලපැට්ටත් දැකගන්න පුළුවනි.චොකලට් පැක්ටරිය ඇතුලේ චොකලට් ගැන කෞතුකාගාරයකුත් ඇති නිසා නාම පුවරුවේ කෞතුකාගාරය ගැන සඳහන් වෙනවා.

පහුගිය සියවසේ ජීවත්වුණු විශිෂ්ට සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඔහුගෙ චිත්‍රපටවල හිච්කොක් මුද්‍රාව තිබ්බෙ අමුතු විදියකටලු.ඒ හිච්කොක්ගේ පිංතුරයක් චිත්‍රපටයේ කොතැනක හෝ දැමීමෙනුයි.එක් චිත්‍රපටයක(චිත්‍රපටයේ නම මට මතක නෑ)බෝට්ටුවක යන මගියෙක් කියවමින් ඉන්න පුවත්පතක හිච්කොක්ගේ පින්තූරයක් තිබුනලු.හිච්කොක්ගේ මයිලක් තරංවත් වටිනාකමක් නැති මාත් ඔහුගෙ මුද්‍රාව තැබීමේ ක්‍රමය යම් තරමකට අනුගමනය කරනවා.මයිලක් කිව්වම මට එකපාරටම මතක් උනේ අර යකාට ගම හාමිනේ වැඩක් පවරපු ආකාරය.මං ඒ කතාව කොහේ හරි ලිව්වනං  මතකයි ඒ වුනාට මේ තදියමට හොයාගන්න බෑ ප්‍රසන්නට  පුලුවන්නං ලින්ක් එකක් දානවද.

ඉතිං මම කියා කියා ආවෙ මොකද්ද ආ පිංතුර නේද හොර පිංතුර දාල මේ බ්ලොග් අවකාශෙ ඉන්න අයට අහුවෙනවා කියලනෙ.රහස් පරීක්ෂාව සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ් යාඩ් එකට උපදෙස් දෙන්නට තරං හැකියාවක් තියෙන අයත් අපි අතර ඉන්නවා,ඔන්න ස්කොට්ලන්ඩ් යාඩ් කිව්වම මට ෂර්ලොක් හෝම්ස් මතක් වුනා ෂර්ලොක් හෝම්ස් හැම තිස්සෙම ස්කොට්ලන්ඩ් යාඩ් එක තුට්ටු දෙකට දාලනෙ කතාකලේ මට මතකයි එක කතාවක(කතාවෙ නම මට මතක නෑ බොහොම කණගාටුයි)ෂර්ලොක් හෝම්ස් මෙන්න මෙහෙම කියනවා...

මෙතන අපිට අතගහන්න තරම් දෙයක් නෑ වොට්සන් මේක මේ ස්කොට්ලන්ඩ් යාඩ් එකටත් විසඳන්න පුළුවන් ගැටලුවක්නේ...

ඔන්න ඔය වගේ ලැබෙන හැම තැනදීම හෝම්ස් ස්කොට්ලන්ඩ් යාඩ් එකට අපහාස කළා.හෝම්ස් පදිංචි වෙලා හිටියයි කියන බේකර් වීදියෙ අංක 221 බී කියන ස්ථානයේ දැන් තියෙන ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරෙ ඉස්සරහත් පොලිස් භටයෙක් ඉන්නව හැබැයි ඇත්ත පොලිසියේ නෙවෙයි කොල්ලෙක්ට ඒ විදියට අන්දවල තියල තියෙනව.ඒ විස්තර ඔක්කොම ෂර්ලොක් හෝම්ස් ගැන ලියද්දි ලියන්නං.ස්කොට්ලන්ඩ් යාඩ් එක ගැන තව අපේ ලේඛකයෙකුත් ලියල තිබුණා ඒ ලේඛකයා නම් නවකතා පොත් හා පරිවර්තන කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ පී ඇම් ජයතිලක මහතායි.

පී ඇම් ජයතිලක මහතා ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගතකළ 1960-1963 කාල සීමාව පාදක කරගෙන "මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්" යනුවෙන් එකිනෙක ඈඳුණු රසවත් කතා පොත් තුනක් ලියා තිබෙනවා.වැඩි බරක් නැති ඉතා සැහැල්ලු රසාස්වාදයක් ගෙනදෙන මේ පොත් තුන මා කියැවූ වාර ගණන මටවත් මතක නැති තරමයි.ඔන්න ඔය පොත් තුනෙන් එක පොතක ඔහු පේරාදෙනියෙ සරසවියේ ඉන්න රහස් පරීක්ෂකයන් ගැන කියමින් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටද උපදෙස් දෙන්නට තරම් හැකියාවක් ඇතියවුන් සරසවියේ ඉන්න බව සඳහන් කර තිබෙනවා මට මතකයි.රසවත් ග්‍රන්ථ ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ අධිනීතීඥයෙකු වූ පී ඇම් ජයතිලක මහතා දැනට අවුරුදු කීපයකට පෙර මෙලොවින් සමුගත්තත් සාහිත්‍ය කරුවෙකුට ලැබිය යුතු ගෞරවය හෝ ඔහු කළ සාහිත්‍ය සේවයට නිසි තක්සේරුව හෝ ඇගයීම ජීවතුන් අතර සිටියදී හෝ මියගිය පසු ඔහුට ලැබුනාදැයි මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි.

පඳුරු තැලීම අවසානයි.දැන් තියෙන්නෙ චොකලට් පැක්ටරියේ පිංතුර පෙන්වීමයි.අපිට පෙන්නුව හරියෙ සහ මට පළකරන්නට හැකියාව තියෙන පිංතුර තියෙන්නෙ මෙපමණයි.














 
මෙන්න මෙතන රත්තරං කොකෝ ගෙඩි තියෙන ගහක් වගේ භාජනයේ යට තැටියෙ උණු චොකලට් දියරය පුරවා තියෙනවා.ඒ ළඟ ඉන්නසුදු ඇඳගත් තරුණිය එතනට එන අයට ඇගේ අතේ තියෙන විස්කෝතුවක් උණු චොකලට් දියරයේ බහා කන්නට දෙනවා.එවැනි චොක්ලට් තැවරූ බිස්කට් දහයකින් පමණ සප්පායම් වූ හැලපැට්ටා චොකලට් වලින් තෘප්තිමත් වී කැමරාවට මුහුණ දුන්නේ මේ ආකාරයටයි.


192 comments:

  1. උණු චොකලට් දියරයේ සුවද තමා ඉවසන්න බැරි.
    හැලපැට්ටාටද එසේම වග ඡායාරූප අනුපිළිවෙලින් පේනවා.

    පදුරු තැලිලු මුකුත් මතක නැත.
    චොකලට් වලින් වෙඩි වැදුන විට.

    ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නේ,මොන පරණ දිරපු කෝච්චි ගාලක්ද!

    ReplyDelete
    Replies
    1. මලා...
      මෙන්න මේ හොල්මන ස්කොට්ලන්ඩ් යාඩ් අහල නෑ...

      Delete
    2. ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නේ ළමයා ස්කොට්ලන්තෙ පරණ වාහන ගබඩා කරන තැනක්.

      Delete
    3. හොල්මන වචනය ගරු නම්බු වැඩී, හාල් කෑල්ල කියපන්

      Delete
    4. පරණ ගුවන් යානා ගොඩගහල තිබ්බ තැනක්..

      Delete
    5. හරි නරකයි දන්නෙ නැති කෙනෙක්ව නොමග යවන එක.

      ඇත්තෙන්ම ඒක ස්කොට්ලන්තෙ භාවිතාවන මිනුම් ඒකකයක්. ඉන්ගලන්තෙ යාරෙට වඩා ඒක දිගයි

      Delete
    6. ස්තුතියි ප්‍රා දැනුවත් කරාට. හරියටම කියනවං මිලි ලීටර් 750 යි … !!!!

      Delete
    7. හෑ .... බොලන් පත්තරේ ඒ කියන්නේ එක බෝතලයක් වගේ තැනක්ද

      Delete
    8. ස්තුතියි ස්තුතියි ඔබ සැම දැක් වු සහයෝගයට තව දුරටත් පැහැදිලි කරනවානම් සැර 33.5% (34% විය හැකි)

      Delete
    9. වැරදියි. ස්කෝට්ලන්ඩ් යාඩ් කියන්නෙ බීර හදන මිදි වත්තක්....

      Delete
    10. හතිලව්වයි ඒ කියන්නෙ ස්කොට්ලන්ඩ්‍යාඩ් එක තියෙන්නෙ සීදූවෙ … අපි පාවිච්ව්හි කරල තියෙන්නෙ ස්කොට්ලන්ඩ්‍යාඩ් බඩු !!!

      ඔහෙප්පලයං … අද නෙවැ ඒක දන්නෙ.

      Delete
    11. ප්‍රා, හරියටම කියනවනං ස්කොට්ලන්ඩ් යාර්ඩ් වලින් තමා තාම ඉන්දියාවෙ තේ මනින්නෙ. මෙන්න බලන්න වැඩේ කෙරෙන විදිය. මේ එකක දිග ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකයි.

      Delete
    12. හත් ඉලව්වේ බලලා මාරු වෙන්ට හැදුවේ.... මේක දැක්කම මොන මාරුද..?

      මේ වගේම සීන් එකක් උනා මෙයින් ටික කාලෙකට කලියෙන් මගේ බ්ලොග් එකේ... මං හිතන්නේ එදා මල්මිගේ භූමිකාව රඟපෑවේ බුරතීනෝ/බීටල්/නවම් කියන තුන් දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕන... (මට ඔය යක්කු තුන් දෙනාම එක ගානට මතක හිටින්නේ උන්ගේ ඉට්ටයිල් එක හින්දා... :D ) අද රාජ්/විදානේ/ප්‍රාජේ/පත්තරේ/සංජීව/දේශකයා/ඉන්දික කියන අයගේ චරිතේ එදා රඟපෑවේ අප අතරින් වියෝ උන ඔබා අයියා...

      මාත්තුරුකාව උනේ හාල් මැස්සන් සුද්ද කිරීම... :D

      කස්ටියටම තැන්කිව් මචංලා බ්ලොග් අතීතෙට මාව ඇදලා දැම්මට...

      Delete
    13. @ මාරෙ,
      අතීතෙ මෙනෙහි කර කර ඉන්නෙ ලියපංකො අලුතෙන්. අර ලියන්න කියන මනුස්සයත් නින්දෙන් ඇහැරුනාද මොකක්ද කියන එකේ.

      Delete
    14. ඕක වුනේ බීටලේ හාල්මැස්සො සුද්ද කිරීම ගැන ප්‍රශ්නයක් අහලා. ඌට එක හාල්මැස්සෙක් සුද්ද කරන්ට විනාඩි 5ක්ද කොහෙද යනවය, ඔය කඩවල අච්චර හාල්මැස්සො ගොඩක් හදන්නෙ කොහොමදය ආදි වශයෙන් පුරස්නයක් අහලා තිබ්බා. ඉතිං මාත් ඒකට උත්තර දුන්නා. ඔබා අයියා තමා වැඩේ කෑවෙ. මාරයා තමා මට බැන්නෙ අනුන්ට ලණු දෙන්ට එපාය කියලා... :-D

      Delete
    15. හැබෑටම මාරෙ, ඇයි උඹ නොලියන්නෙ!? මම කියන්නෙ නෑ ඉස්සර වගේ හැමදාම ලියන්ටය කියලා. ඒත් අඩුම ගානෙ මාසෙකට එකක්වත්? හරබර පෝස්ට්, පන්සල් කතා, දේශපාලන කතා ඔය මොකුත් ඕන නෑ.. අර එදිනෙදා වුන/ වෙන දෙයක් ලියහං උඹේ සරල ශෛලියෙන්.

      දැන් බලහං ඒ කාලෙ කියෝපු බ්ලොග් කීයෙන් කීයද තාමත් තියෙන්නෙ? කකා වහලම දැම්මා. දුකා යලට මහට එකක් දානවා, ඒකත් කුණු දේශපාලනේ ගැන. දුමියා පේන්ටත් නෑ. සඳරුවාට අලියා ගහලද මන්දා. බින්දි මිසින්. කෙහෙල් කොරොට්ටා කෙහෙල් කොටුවෙම වැළලිලා ගිහිල්ලා. සිත් ආර නිකං මවු ආර ජලාශෙ වගේ හිඳිලා ගිහිල්ලා. හද ගී පොත ආයෙමත් යාන්තං පණ ගහලා ඇවිල්ලා තියෙනවා. චාර්මි කොහෙද නෑ. මකරා ලොවෙත් නෑ. ඇත්ත මිනිස්සු බිසී වෙනවා තමා. ඒත් මාසෙකට එක පෝස්ට් එකක්!!??

      Delete
    16. බුරා, චාමියටයි මාරෙටයිනං බුකිදෝස නම් මහා අසනීපෙ හැදුනනෙ. දැන් ඒ දෝසෙ බෝ කරපු උනුත් බුකියෙ නෑ, මුන් තාම එතන. දුමිය බ්ලොග් කියෙව්වට ලියන්නෙ නැත්තෙ තරහටද කොහෙද! සඳරුට අර වල් අලිය ගැහුව කියල උඹ දන්නෙ නැද්ද?

      Delete
    17. අන්න හරි සීන් එක.. මට ඕක ඔළුවේ තිබුනට කොතනද උනේ සහ හරියටම මොකක්ද උනේ කියලා මතකයක් තිබුනේ නැහැ... :D

      ලියන්න ඕන කියලා වෙලාවකට හිතෙනවා සමහර පෝස්ට් දැක්කම.. ආයේ හිතෙනවා මොන එහෙකටද කාගෙවත් ලේ කුපිත කරවන්නේ කියලා.. :D :D :D
      සමහර විට මේ නොවැම්බර් වලින් පස්සේ ආයේ ලියවෙන්න ඉඩ තියෙයි... (අපල කාලයක් එනවා.. :D )

      Delete
    18. බුරතීනෝ අනන්තය දක්වා දිවයන පරිවර්තන හැරෙන්නට තමන්ගේම බ්ලොග් පෝස්ට් ලියන්න අදහසක් නැද්ද?

      Delete
    19. මට මතකයත් තිබුනා කලිනුත් මේම සින් එකක් කියවපු බව.හාල්මැස්සො සුද්ද කිරීම මල්මිද එසේමය.

      ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නේ එතකොට ඉස්කාගාරෙක පීප්ප ගබඩාවක්ද?නැතිනම් කණ් ඇස් වෙච්චි කොටලු ගාලක්ද?

      Delete
    20. @ Pra Jay,

      මිනිස්සුන්ට පුළුවන් දේ හා බැරි දේ කියා දෙකක් ඇත. ලිවීම කියනා දේ මගේ ඇඟේ නැති බව මම සහසුද්දෙන්ම දන්නා බැවින් නිකං ඇදගෙන නා ගැනීමට මගේ කිසිදු අදහසක් හෝ කැමැත්තක් හෝ නැත. :-)

      Delete
    21. @Buratheno, (මේ පිලිබඳව සංවාදයක් ගොඩනැගීමට අදහසක් නැතිවා මෙන්ම එයින් ඔබ වෙනස් කිරීමට හැකියාවක්ද නොමැතිබව දනිමින්ම මේ ටික කියමි.)
      ලියනවා කියන්නෙ ප්‍රබන්ධයක් හෝ දේශපාලන / සාමාජීය ලිපි ලිවීම පමණක් නොවේ. ඔබ කැමති දේ ( උදා. පොත් ගැන මතකයන්, විචාර, කතෘන් ගැන විස්තර, ඔවුන් හා පොත් සංසන්දනය ආදිය ) ලිවීම ඔබ වැන්නෙකුට කැමති හා පහසු දෙයක් වන අතර ඒවා කියවීම අපටද සතුට ගෙන දෙන්නක් වේ

      Delete
    22. ස්කොට්ලන්ඩ් යාඩ් කියන්නෙ අර රතු ඇස්කොට්ගෙ සෙල්ලං පිට්ටනියද කොහෙද.

      Delete
    23. මාරයියා මතක් උනානං ලියන්ඩයි තියෙන්නෙ හුට පට ගාලා … අපි එහේ ඇති සුටුස් ගාල !!! ඕ යේස්.

      Delete
    24. අනේ ත්‍යාගශීලී පින්වතුනේ,මොන ඇස්කොටලන යාඩක් දාලා හරි මට මෙන්න මෙයාව සොයාදී මහත්ඵල මහානිසංස දෙන පුණ්‍ය කර්මයක් කොරගනු මැනවි.

      http://malmihi.blogspot.com/2014/08/iv.html

      Delete
    25. @මාරෙ,

      උඹ අතීතෙ මතක් කලාට පස්සෙ මමත් ආයෙ වංගියක් උඹේ පරණ පෝස්ට් ටිකක් කියෙවුවා. මතකයැ අර අපි වවුලෙකුගෙ මළගෙදර සෙට් වෙලා බූරු ගහපු කාලෙ එහෙම?? :-D

      Delete
    26. ගැහුවා නේන්නං.. :D මගේ ආසම පෝස්ට් එක.. පැට්ටේරිය ඉස්සරහා ලයිට් කම්බියේ එල්ලිලා මල වවුලගෙ මල ගේ...

      Delete
    27. ඒ නොවැම්බර් මේ නොවැම්බර් දෙකම එකක්ද මාරයො?

      Delete
    28. ස්කොට්ලන්ඩ් යාඩ් සර්ච් කරලා බලන්න මල්මි.

      Delete
  2. බැරිවෙලාවත් චොක්ලට් කොම්පැනියක රස්සාවක් හම්බුනොත්!

    ReplyDelete
  3. හැලපැට්ටා ‍චොකොලට් කාලා කාලා කොච්චර තෘප්තිමත් වෙලාද කිවුවොත් ඇස් දෙකත් පියවිලා.. අර අපේ සමහර බුවාලා කණ් පාත්වෙන්ට දාගත්තහම වගේ.. :-D

    ReplyDelete
  4. මේක කියෝනකොට මතක් වුනේ ඉස්සර සිරසෙ හැම ඉස්කෝල නිවාඩුවකටම පෙන්නන එකම ෆිල්ම් සෙට් එකේ තිබිච්ච ෆිල්ම් එකක්... චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි :D
    ඔය බේකර් වීදියෙ 221B කියන තැන ඉස්සර තිබ්බෙ බැංකුවක්ලු..පස්සෙලු ඊට පස්සෙ එතන ෂර්ලොක් හෝම්ස් කෙෘතුගාරය හදල තියෙන්නෙ.. යන්න ඇත්නං.. ^_^

    ReplyDelete
    Replies
    1. යන්න ඇත්නං කියන්නෙ මොනවද යන එකයි සංචාරකයා නොවැ.මම නං ගියා.

      Delete
  5. //අපි යමක් කිව්වොත් ඒ දේ ඉෂ්ට කරන්න ඕනෑ.එහෙම නැත්නං නොකිය නිකං ඉන්න ඕනෑ.කෙනෙක් තමන්නෙ වචනයේ වහලෙක් විය යුතුයි කියල කතාවකුත් මම අහල තියෙනවා.අද මම හදන්නෙ කියපු වචනය ඉස්ට කරන්නටයි.මේ වගේම මම තවත් වචනයක් කියල තියෙනවා,ඒ කෙටිකතාව ගැන විග්‍රහයක් ලියනවා කියල පොරොන්දුවක් දීමයි.නමුත් තාම ඒ පෝස්ටුව ඉවර කරගන්නට බැරිවුනා,නමුත් නොලියා ඉන්නෙ නැහැ කවදාහරි ලියනවා හැමදේම මතකයි කිසිදෙයක් අමතක නෑ.//

    සහතික ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔව් බං කිව්ව හැම දේම ඉස්ට කරනවා.

      Delete
  6. ලංකාවෙත් කෑම ජාති හදන කර්මාන්ත ශාලා වලට පිටින් පැමිනෙන අමුත්තන්ට , හිස් ආවරනයක් සහ ඇදුමක් දෙන එක කරනව

    කොටින්ම මම වැඩ කරපු එක ආයතනයක හැදුවේ ආහාර ඇසුරුම් . එතනදිත් ඔය කතන්දරය ඒ විදිහටම උනා , සමහරක් ඉහල තලයේ පොරවල් අර ඇදුම අදින එක මගඇරලා අපේ සෙක්ෂන් එකට ආවත් , අපි මෙෂින් ලගට ගත්තේ හිස් ආවරණයක් දම්මලම තමයි

    එතන ඉන්නකොට යම් යම් තාක්ෂනික ගැටලු ආපු වෙලාවට ලංකාවේ නමගිය ආයතනවලට මම ගිහින් තියනව , ඒ තැන්වල අපි දාගන යන සපත්තු දෙකත් ගලවලා දාගන යන්න බූට්ස් දෙකක් පවා දුන්නා

    ඔච්චර දියුනු රටක ආහාර සුරකුෂිතතාවය ගැන සැලකිලිමත් නොවෙන්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. මහන මෙෂින් හදද්දී සුරකුෂිතතාවය ගැන සැලකිලිමත් නොවෙන්නේ ඇයි?

      Delete
    2. එතකොට අහවල් එක සුරකින්ඩද

      Delete
    3. විශේෂයෙන්ම මෙතන භාවිතා වෙන්නෙ ප්‍රදර්ශනය සඳහාමයි.එහෙම වුනා කියල සුරක්ෂිත තාවේ අඩුවක් නෑ.ඔය ඔක්කොම අපි බැලුවෙ වීදුරුවකින් පිට ඉඳන්.

      Delete
  7. අද කතාව කෙටි රසයි ,හැලපැට්ටා චොකලට් කලා මත් වෙලා ද ???කොම වුනත් අපේ රටේ නම් චොකලට් මං හිතන්නෙ ගණන් වැඩි ,

    ReplyDelete
    Replies
    1. අපේ රටේ චොකලට් ගණන් වැඩි තමා නමුත් මේ රටවල ඊටත් වඩා ගණන්.

      Delete
  8. හෑ....................මේක චොකලට් පැට්ටේරියද්ද එහෙම නැත්තං පතරොම් පැට්ටේරියද්ද? අර සමහර මැෂින් දැක්කම මට හිතුනේ පතරොම් හදනවා වගේ.

    'හන්තානේ ගීතයක්' මගේ හදවත කම්පනය කළහැටි තවමත් මතකයි. අද තියනවනම් අදත් ආයේ සැරයක් කියවනවා. ඒ ප්‍රේමනීය හැඟීම් මෙන්ම විරහ වේදනා හැඟීම් ඒ විදිහට සරල වචන වලින් කියන්න අපිට කවදාවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඇයි අනේ එහෙම බැරි?

      Delete
    2. විචාට චොකලටුත් පතරොම් වගේ පේනවද.වැඩියම දැකල පුරුදු දේනොවැ.
      හන්තානේ ගීතයක් සහ ඉතුරු පොත් දෙක මගෙ ළඟ නං තියෙනවා.

      Delete
  9. ඔය චොකලට් ෆැක්ටරි වල වැඩ කරන අය හොරෙන් චොකලට් කන එක වළක්වන්නේ කොහොමද? මට නම් ජිවිතේට ඔහොම තැනක වැඩ කරන්න බැරි වෙයි.. ෂර්ලොක් හෝම්ස් ගේ මියුසියම් එක ගැනත් පෝස්ට් එකක් ලියල දාන්න.

    ReplyDelete
    Replies
    1. හොරෙන් කන්න හොද නෑනේ. එතකොට අපායේ යනවා.

      Delete
    2. ඒ අයට චොකලට් දැකලම එපා වෙලා ඇති පැතුම්.ෂර්ලොක් හෝම්ස් මියුසියම් එක ගැනත් පසුව ලියන්නං.

      Delete
    3. අහ් ඕක සතියයි යාළුවා. චොකලට් කයි වැඩිම වුනොත් සතියක්. එතනින් එහාට සුවද දැනුනත් අප්පිරිය වෙන ගානට එනවා. අත්දැකීමෙන් කියන්නේ

      Delete
  10. ශඃ ඔය වගේ චොකලට් ෆැක්ටරියක ජොබක් ලැබුනා නම්.

    මේක කියෙවුවට මාව ටිකක් කරකවලා අතහැරියා වගේ. මට කලින් කොටස මිස් වෙලා. ගොහින් ඒකත් කියවලාම ඉන්නම්. :D

    ReplyDelete
    Replies
    1. පහුගිය පෝස්ටුවට ප්‍රියා කමෙන්ට් කරලා නැතිවුනාම මිස් වෙලා කියල මට හිතුණා.

      Delete
  11. අයි ලෙව් සොකලට්...
    හම්මේ...
    එකම එක පාරක් සුවිස් සොකලට් එකක් ගිල්ල ලොස් නැතිව...
    හිහි..

    මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්
    මේ පොත් එකක් වත් අද හොයාගන්න බෑ..
    මල් මාවත කියෝල තියේ..
    ඒත් අනිත්ව හොයාගන්නවත් නෑ

    ReplyDelete
    Replies
    1. ඕකේ තමයි තිබ්බේ හැලපයියේ මෙහෙම
      සක් දෙවි රජින්දා
      සත දහයක් ඇහින්දා
      බීඩී බොන හින්දා
      ඒක ගත්තා උගේ නැන්දා

      විජිත පුර සටනට
      ගොසින් එන ගැමුණු කුමරුට
      හිතුනා නාන්නට
      ගොසින් පැන්නයි බෝක්කුවකට

      අනෙක තමයි සකලසේනගේ කථාව
      සකල සේන කෙල්ලෙකුට කියනාවා (කෙල්ලගේ නම් මතක නැහැ) මෙයා මට ඔයාව ඉඹින්න හිතෙනවා. කෙල්ල නෝ කථා, ආයේත් කියනාවා මට ඔයාව ඉඹින්න හිතෙනවා. කෙල්ල නෝ කථා, ආයේත් කියනාවා මට ඔයාව ඉඹින්න හිතෙනවා. කෙල්ල නෝ කථා,
      මල පැනපු සකල සේන අහනවා මෙයා ඔයා බිහිරිද?
      කෙල්ල අහනවා සකල සේනගෙන් , අයි සකලසේන ඔයාට අංසබාගේද කියලා?
      කළුතර කච්චේරියේ පුසත්කාලයේත් රුහුණු විශ්ව විද්‍යාලීය ‍පුස්තකාලයේත් මේ පොත් තුනම තියෙනවා මට මතක විදිහට

      Delete
    2. උදාර,
      සකලෙගෙ කතාව මරු!

      Delete
    3. හැක් හැක්....

      Delete
    4. ආසයි කියවන්න.. ඒත් කළුතර යන්නයැ අය්යෝ.. දැං ඒව ප්‍රින්ට් කොරන්නෙ නැද්ද කොහෙද... සැක්ඉතරක්

      Delete
    5. ඔය කවි ටික තව දිගයි.

      මාවැනි බිළින්දා
      කොට කලිසමක් ඇන්දා
      එය බුරුල හින්දා
      උඩට උස්සා ගැටේ දැම්මා


      මහරජ පැරකුම්බා
      දේවියගෙ පුක ඉම්බා
      දේවිය පුක පුම්බා
      ඇරිය xඩයක් රට කලම්බා


      දිග දිග වැටකෙය්යා
      මැද සිටින අය්යා
      ගෑණුන්ගෙ දෙය්යා
      තමයි අපිලඟ අxxxxxxx

      හපොයි මාලුකඩේ ජොරාගෙ සින්දුව මෙතන ලිවොත් හැළපෙගෙ සයිට් එකෙන් මව බෑන් කරනව. මෙතන මේ ළමයින්ගෙ පින්තූරත් දල නෙව. මං ගියා.

      Delete
    6. ඉන්දිකගේ කවිවල පලවෙනි දෙකේ මං අහලා තියෙන වර්ෂන් පොඩ්ඩක් වෙනස්...

      මා වැනි බිළින්දා..
      ලොකු ජංගියක් ඇන්දා..
      ඒක ලොකු හින්දා..
      ඊට පහලින් පටිය බැන්දා...

      දෙවැනි එකේ වෙනස් වෙන්නේ රට කලම්බා කියන එක “රජු කලම්බා“ කියලයි...

      Delete
    7. මගෙ ළඟ නං පොත් තුනම සුරක්ෂිතව තිබෙනවා.ආවොත් කියවන්න දෙන්නං.

      Delete
    8. +++++++++++++++++

      ඉන්දික අයියගෙ කවි පෙළට...

      Delete
    9. //ඒත් අනිත්ව හොයාගන්නවත් නෑ
      මචෝ මෙතන තියේ බඹර සර

      Delete
  12. හලෝ හැලපෙ,

    ඉතිං කොහොමද? අද නං මට උදේම ඇහැරුනා නේ. ඒ හින්ද මම උදේම ඔපිස්‌ ආවා. අද හරි වැස්ස දවසනේ. ඉතිං මං ආපු ගමන් පොත අත්සන් කරලා, පල්ලෑහට ගියා උදේට කන්න. ඉතිං මම පොල් සම්බල්,මිරිස් මාළු,ගෝවා මැල්ලුම්,අල හොදි එක්ක බත් භාගේකුත් කෑවා. ඊට පස්සේ තේ එකකුත් බිලා ගොලිප් එකකුත් පත්තු කරන් මේ ආවේ බ්ලොග් එක බලන්න.

    ඉතිං හැලපෙ මම නං හරිම ආසයි ඔය වගේ ෆැක්ටරි බලන්න. හැබැයි මම කැමතිම අරක්කු හදන ෆැක්ටරි බලන්න. ඒවා බලන්න යන අයට අඩියක් එහෙම ගහන්න දෙනවා ඇති නේද? හැලපෙ ගිහිං නැද්ද ඒ වගේ තැනක් බලන්න?

    ආ හැලපෙ, මගේ මිත්‍රයෙක් ආවානේ ඊයේ රෑ රට ඉදලා. අද හවස අපේ ගෙදර එනවා කිව්වා. අද හවස නං හොදට ඇගපත රත්වෙන්න බොන්න තමයි ඉන්නේ. පුළුවන් උනොත් පොටෝ එකක් අරං දෙන්නකෝ මගේ පොට්ට කැබරාවෙන් අපේ මාතලන්ට,රාජ්ට, හැලපෙට බලාගන්න.

    දැන් ඔපිස්‌ එක වැඩ පටන් ගන්න යන්නේ. මම එහෙනං දවල් කෑමට කලින් පොඩ්ඩක් මේ පැත්තේ එන්න බලන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ගිහිල්ල නැද්ද අර හංවැල්ලෙ බියර් එකට? බලන්න කියල නං මහලොකු දෙයක් නෑ. නමුත් නමුත් ලොකු ශීතල බියර් මග් එකක් ලැබෙනව. බියර් වල නියම කොලිටිය බලාගන්න නං කූල් පිට එන බියර් එක එවලේම බොන්න ඕන.(දෙවනුව/තෙවනුව ශීත කලාට ඒ කොලිටිය නෑ).

      Delete
    2. ඇනෝ මචං, රාජ් කියපු තැනට දුවගෙන යමුද

      Delete
    3. හිටු මාත් එනව

      Delete
    4. දැන් ඉතින, හැලපෙ ගැනවත්, හැලපැට්ටා ගැනවත්, චොකලට් ගැනවත් කොමෙන්ට් කොටන්න වෙන්නේ නෑ. මොකෝ චොකලට් වලට වඩා රහයි. අපේ ආතල් ඇනොගේ කොමෙන්ට් එක.

      Delete
    5. ආතල් ඇනා යමු ද වෙලාවක කඩඩුවෙලත් තියනවා නුවරඑළියෙත් තියනවා බියර් ෆැක්ටරි...

      Delete
    6. කඩුවෙල එනවනං මාවත් එක්ක පලයව් ඈ...

      Delete
    7. අම්මෝ මේ අපේ යාලු ඇනෝ නොවැ හරිම සතුටුයි.අරක්කු හදන පැක්ටරියක් බලන්න යනවා නං මාත් එනවා.අපි සීදුවේ යමු නලිනුත් එනවනං ගොලිප් ලොරියකුත් අරං යමු ඈ.

      Delete
  13. එල ද බ්‍රා. අයියන්ඞි අපේ පැක්ට්‍රිෙය් විසිට් එකක් දාලා පෝසට් එකක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. හා මචං

      Delete
    2. ලියමු,උඹ බ්‍රා ගැන ලියපං.දන්න සබ්ජෙක්ට් එකනෙ මම බ්‍රා ඇතුලෙ තියන ඒව ගැන ලියන්නං.

      Delete
  14. හැලප අයියේ, පී.එම් ජයතිලකයන් ගැන ලියන්න බැරිද? මමත් බොහෝම ආසාවෙන් කියවපු පොත් 3ක් තමයි "මල් මාවත", "බඹර සර" හා "හන්තානේ ගීතය". ඒ ලියල තියෙන්නෙ පී.එම් ජයතිලකයන්ගේ ජීවිත කතාවද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබ හරි.

      Delete
    2. ඇත්තටම ඒ ලියා ඇත්තෙ ජයතිලකයන්ගේම කතාවයි.

      Delete
  15. අද ලිවිල්ල නං වැඩිය රහක් නෑ බං. මං යනව. පස්සෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. උඹ ලියලා තියෙන පොදු අපේක්ෂා ගැන ලිපියත් ඒ වගේ තමයි. ගූ හතයි.

      Delete
    2. AnonymousAugust 10, 2014 at 9:57 PM
      හා මචං!
      සංංතෝසයි. මං බයේ හිටියෙ 70ක් වත් කියයිද කියල.

      Delete
    3. ඔහොම තමා බං හැමදාම රහට උයන්න බෑනෙ.

      Delete
  16. හැබෑටම බං හැලපේ ඒ කෑම හදන තැන්වලට එලියේ ඉඳලා එන අමුත්තෝ කිසිම වගවිභාගයකින් තොරව ඇතුලට ගත්තාම ප්‍රමිති සහතිකවලට ඒක බලපාන්නේ නැද්ද දන්නේ නෑ නේද? උදාහරණයක් විදියට බොහොම ලේසියෙන් චොක්ලට් එකක් ඇතුලට කෙස් ගහක් යන්න පුලුවන් .

    ReplyDelete
    Replies
    1. නෑ තාත්තී. එහෙම කෙස් ගස් යන්නේ නෑ. මොකද හැමෝගෙම උඩ-යට දෙකේම තට්ටේ බාලනේ ඇතුලට ගන්නේ. ඒ හින්දා මොකුත් වෙන්නේ නෑ.

      Delete
    2. මෙතන මට පේන විදියට අර පහල ඉඳන් තුන්වෙනි පින්තූරෙදි ඇර අනෙක් ඒවගෙදි බාහිර වාතය චොක්ලට් එක්ක ගැටෙන්නෙ නෑ කියලයි. මොකද අනෙක් නිෂ්පදන ක්‍රියාවලියෙ පින්තූර අරන් තියෙන්නෙ එක්කො වීදුරුවකට එහා පැත්තෙන් ඉඳන්, නැත්තන් ඒව සීල්ඩ් කන්වේයර්ස්. අර මම කියපු එකේනං පේන විදියට එක බොක්ස් එහෙක ඉඳන් අනිකට මාරුවෙනකොට චොක්ලට් ට්‍රේ එක බාහිර වාතයට නිරාවරණය වෙනව වගේ!

      Delete
    3. නෑ හෙන්රි ඔය ඉන්දික කියා තියෙන ආකාරයටම සියලුම දේවල් අපි බැලුවෙ වීදුරුවකින් පිට ඉඳගෙනයි.

      Delete
  17. මං හිතන්නේ ඔය කියන පී එම් ජයතිලක 1959 ජාතිවාදී කෝලාහල කාලේ නගරබද කොල්ලෙකු ගේ ජීවිතය ගැණ ලියලා තියෙනවා මරු නවකතාවක්. මං ඒකේ අන්තිම හරිය හැර අනිත් සේරම දෙතුන් සැරයක් කියවලා තියෙනවා. (අන්තිම කොල කීපය ඉරිලා ගිහිනුයි තිබුණේ.).

    ඒකේ හිටිය මීනා කියන දෙමල කෙල්ලට මොනවා වුණාද කියලා තාමත් දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. මීනා පස්සේ කාලෙක මලා.

      Delete
    2. තෝ රෙන්නේ නැතුව හිටපිය මැෂින් බිජ්ජෝ

      Delete
    3. බොහොම ස්තුතියි යාලුවා

      Delete
    4. කකා කියන නවකතාවේ නම මතක නැද්ද.

      Delete
  18. //"මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්" යනුවෙන් එකිනෙක ඈඳුණු රසවත් කතා පොත් තුනක් ලියා තිබෙනවා.වැඩි බරක් නැති ඉතා සැහැල්ලු රසාස්වාදයක් ගෙනදෙන මේ පොත් තුන මා කියැවූ වාර ගණන මටවත් මතක නැති තරමයි.//

    මමත් එසේමැයි.
    වැඩිපුරම හිතට ඇල්ලුවේ "බඹර සර"

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්,මම නං ඉස්සෙල්ලම කියෙව්වෙත් වැඩියම කැමතිත් හන්තානේ ගීතයටයි.

      Delete
  19. එලනේ.. උනු චොක්ලට් වලට නං ආස නෑ

    ReplyDelete
    Replies
    1. උණු චොකලට් ටිකකින් සීතල වෙනවනෙ සීතල වෙලා තද වෙනවා.

      Delete
  20. මම ආසම චොකලට් එක හදන තැනටනෙ හැලපෙ ගිහින් තියෙන්නෙ. Lindt. බ්‍රැන්ඩි දාල වගේ රස එකක් තියනව මරු.
    Dilmah තේ ඇසුරුම් කරනතැනට අපි ගියත් අපේම තැනක් උනත් එතන තියන සපත්තු , ජැකට්, තොප්පි දාල යන්ඩ ඕනෙ. අයිතිකරුටත් පොදු නීතියක්. කිරිවලින් හදන දෙයක් මේ විදිහට හදන එක හිතාගන්නවත් බෑ. අපි හැලප හදන්නෙත් මෙයිට වඩා පරිස්සමින් නැද්ද හැලප අයියා.

    ReplyDelete
    Replies
    1. මෙතන පරිස්සමක් නැහැ කියන්න බෑ බං,ඔක්කොම කවර් කරලයි තියෙන්නෙ.හැලප හදන අලුත්ම ක්‍රමය ගැන මම ලියපු කතාව කියෙව්වද?මේ තියෙන්නෙ කියෝලා බලහංකො.
      http://helapakade.blogspot.com/2013_06_01_archive.html

      Delete
  21. මට නම් ආසා හිතුණේ හැලපැට්ටාගේ ෆොටෝ එකට. :)

    ෂර්ලොක් මේ ලිපිය කියෙව්වා නම් මොනවා හිතෙයිද? හැලපයා මේක ලියන්ට කලින් හිටපු තැන්, කල දේවල්, මේ පින්තූරුවලින් කියවෙන්නේ මොනාද? මේ වෙලාවේ හැලපී කලේ මොනාද වගේ විස්තර ඔක්කොම අහගන්ට තිබුණා...ඊට පස්සේ සිද්ධ වුණු භයානක චොක්ලට් කොල්ලය ගැනත් කියවන්ට තිබුණානේ...:D

    ReplyDelete
    Replies
    1. මොනාද අප්පා ආසවෙවී ඉන්නෙ පැට්ටෙක් හදාගන්නවා මිසක.මේ වෙලාවෙ හැලපි කලේ මොනවද කියල කිව්වම නං මට හිනාගියා.දනිස්සේ අමාරුවක් නිසා හැලපිට අපිත් එක්ක උඩට නගින්න බැරිවෙලා පහළට වෙලා ඉඳගෙන හිටියා.ඒ ඉන්නහැටි මම උඩ ඉඳන් පිංතුරයක් ගත්තා.හරි ෂෝක්.

      Delete
  22. //මයිලක් කිව්වම මට එකපාරටම මතක් උනේ අර යකාට ගම හාමිනේ වැඩක් පවරපු ආකාරය.මං ඒ කතාව කොහේ හරි ලිව්වනං මතකයි ඒ වුනාට මේ තදියමට හොයාගන්න බෑ ප්‍රසන්නට පුලුවන්නං ලින්ක් එකක් දානවද.//
    ආ‍යෙ මොනවද. මේ තියෙන්නෙ බඩු.

    අම්මප මමනං තව වෙනකල් ගිහිල්ල තියෙන්නෙ සිගරට් හදන එක බලන්න විතරයි. හැබැයි එතනනං සිගරට් බොන්න දෙන්නෙ නෑ තියා අපිගාව තියෙන එකත් සිකුරුටි එකට දෙන්න ඕන.
    හැලපැට්ටනං මට හිතෙන්නෙ චොකලට් කාල මත් වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්න යනවනං තැං !!!! ඕ යේස්.

      Delete
    2. වැඩක් නැ බං අපිගාව තියන ඒවාත් උන්ට දෙන්න ඔිනෙලු හිගන පැක්ට්‍රි

      Delete
    3. අනේ බොහොම ස්තූතියි ප්‍රසන්න.සිකරට් හදන තැන බලන්න යනවනං නලිනුත් එක්ක යන්න හොඳද.

      Delete
  23. //නෝක්කාඩු කිව්ව විතරක් නෙවෙයි දාන්න දාන්න කියා කියා පොර ගැහුවනෙ //

    මොකද්දෑ බං ඒ හරුපෙ ? :D

    ReplyDelete
    Replies
    1. මොකුත් නෑ පත්තරේ,පිංතුර දාන්න කියා කියා පොර ගැහුවෙ බොලාමනෙ.

      Delete
  24. හැලපේ මගේ යාළුවෙක් හිටියා
    මිනිහා චොකලට් කාලම මලා !!!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං,දැන් ඔය විදියට යාළුවො බර ගානක් මැරිලා තියෙනවා නේද.කෝකටත් උඹ පරිස්සමෙන් ඉඳින්.

      Delete
    2. හැලපෙගෙ කතා හැලප වගේම රහයි. අනේ මන්දා මේ ඇනෝ බොන්න ගත්ත වතුර ටිකත් හිරවෙනවා හිනා වෙලා හැමදාම බැලුවට අද නං කොමෙන්ට් කලේ මේ අමද්‍යප ඇනෝකාරයා නිසාමයි. මිනිහගෙ යාලුවො ගිය සතියෙත් චොක්ලට් කාල මැරුණද කොහෙද

      Delete
  25. හැලපේගේ හැලප ස්ටයිල් මේකේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. ආ ගණන් ගන්න එපා රංගි.ඕක හරියාවි.

      Delete
  26. අර ඇනොා් කියපු විදියට කල් කම්මලකට යන්න තියනවනං හොදයි...
    හැබැයි චොකලට් ෆැක්ටරියට යනවනං ගුලියක් කාල තමයි මං නං යන්නේ දෙයියම්පා.. එනකොට හිනා වෙවී ආ හැකිනේ...
    ඊ ලග පෝස්ටුවෙන් හැලප ස්ටයිල් එක දකින්නට ලැබේවායි පතමි...

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. නම්බු දීල පහේ ටොපියක් කියහං :D

      Delete
    2. ටොපි කාල කම්මල පැත්තෙ එනවනම් මටත් මටත් ගෙනෙන්. ඔව් ඔව් පහේ එකක්

      Delete
    3. අර යෝධයෙක් අත්දෙක බැඳගෙන ඉන්න බ්‍රෑන්ඩ් එකෙන්ද :D

      Delete
    4. පහේ ටොපියක් අරන් (දැන් නං පනහටත් හොයාගන්න අමාරුයි) උඩු තල්ලෙ අලවගෙන පැය බාගයක් විතර ආතල් එකක් අරගෙන ඊ ට පස්සේ........................................... පැණිරස සොයා යාම.....................

      Delete
    5. මළ ගෙවල් කිව්වනං ඉතිං ඈ … ටොපි තමා :D

      Delete
    6. ශ්‍රීමත් කියල බ්‍රෑන්ඩ් එකක් තිබුන ඒකම හොයන් වරෙන් පත්තරේ..

      Delete
    7. ඊළඟ පෝස්ටුවෙන් ස්ටයිල් එකට එන්න බලමු.

      Delete
  27. හැලපැට්ට චොක්ලට් කාලා මත්වෙලා නම් තමා . මටත් චොක්ලට් කනකොට බ්‍රේක් නැහැ.

    ReplyDelete
    Replies
    1. චොකලට් කද්දි කාටද බ්‍රේක් තියෙන්නෙ සොන්යා.දැන් අපට නං ඕවා තහනං ජාති.

      Delete
  28. මම දැන ගත්තා අනුන්ගේ මළ හෝන්තු ලියන්න ගිහින්. අපි ආදරය කරපු හැලපයා මිය යන බව.

    ඔය පොටෝ පබ්ලිස් කේස් එකකට ගිහින් තවත් එකෙක්, මීට කලින් මළා. ඌ නම් ආයෙත් ඉපදිලා තිබුනා. අපේ හැලපයත් නැවතත් අප අතරම ඉපදේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඌ මැරිලා ...
      ඌ දැන් ප්‍රේමලතා කියලා ආපහු ඉපදිලා

      Delete
    2. මම මෙහෙම කියන්නං මචෝ.
      නචාහු න ච භවිස්සති-න චේතරහි විජ්ජති
      එකන්තං නින්දිතෝ පොසො-එකන්තං වා පසංසිතෝ.
      තනිකරම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ පුද්ගලයෙක් පෙරද නොවීය,මතුද නොවන්නේය,දැනුදු නැත.
      (ධම්ම පදය )

      Delete
  29. මොනවද බං චොකලට් කතා. ලියහංකො කලින් එක වගේ ගල් කතාවක් අපට හිනාවෙන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ගල් කපල අමාරුවට චොකලට් කෑල්ලක් කාල ඉඳින්.

      Delete
  30. මේ හැලපැට්ටවමද කලිනුත් දැක්කේ?/ මං හිතන්නේ මේ එයා නෙමේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ගම කන්න හදනවා. මේ බ්ලොග හැලපක්කත් බලනවා.

      Delete
    2. නිතායානුකුල සහ නිතායානුකුල නොවන දෙකක් ගැන අහලා තියනවද රෙහානි?

      Delete
    3. අපොයි ඔයාට පෙනෙන්නෙ එහෙමද රෙහානි.

      Delete
  31. සැක් මෙකෙ එච්චර විස්තරයක් නැනෙ බන් අයියෙ.
    හා එකෙන් කමක් නැ.අන්නර පොඩ්ඩිට ආසහිතිල.උදවුවක්වත් කොරන්න බලහන්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං,පොඩ්ඩි දරු දුක හැදිල දරුවො ගැන දුක්වෙවී ඉන්නවා.එකෙක් හදාගත්ත නං ඉවරනෙ.

      Delete
  32. මට නං හැලපයියව අදුනගන්න බැරිවුණා පෝස්ට් එකේ හැම තැනම හෙව්වත්. කොහෙද යකෝ හැංගුනේ

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමයි නලින්.දැන් බලන්න ඔයත් සමකය අත ඇරල දාල ගිහිං FB එකේ හැංගිලා හිටියේ.

      Delete
  33. හැලපේ හැමෝටම ඕනා එක එක ඒවා ඔක්කොම එකපාර දෙන්න බෑ කියලා මේ කට්ටියට කියාලා කැන්ද කොළයකින් ඔතාලා දෙන්න මෙයා ...... මටනම් අද කතා ටික එල ... කතා ටික බලලා අර කන්දේ ඒකිගේ කොමෙන්ටුව කියෙව්වම එලද බ්‍රා ("එලද බ්‍රා" අයිතිය හා සංරක්ෂණය සංජීව මෙන්ඩිස් සතුය )

    ReplyDelete
    Replies
    1. අයියන්ඩි උඹත් වරෙන් අපේ පැට්ටෙරිය බලන්න එතකොට තේරෙයි බ්‍රා නම් එල කියලා.

      Delete
    2. නැද්ද මේ නිකං අර චොලලට් පැට්ටරියෙ චොකලට් කන්න දෙනව වගේ උඹලයි පැට්ටරියෙ මහන බ්‍රා මේ මේ මේ … … …

      Delete
    3. අරි අරි මට තේරෙනෙවා හොරා වගේ ගොත ගහනකොට.

      Delete
    4. ආ...පුරේ උන් දෙන්න, හී කියල හිනාවෙයල්ල බලන්ඩ රජරට මාක් එක තියනවද බලන්න. :-D

      Delete
    5. @කම්මලේ
      අන්න ඒක තමයි මචං අපි දෙන්නාගේ වෙනස පුරේ එවුන් කොළඔ කියනකොට අපි කොළඔන් දකුනෙන් පුරේට ගිහින් රටරාඡ්ඡවලත් බය නැතුව පුරේ කොල්ලෝ කියනවා. ඒ පුරේ අපිට ඡිවිතය කියලා දුන්නා ඡිවිතය දුන්න නිසා. පුරේ මාක් එක තියෙන්නේ අපේ දත්වල නෙමෙයි බං අපේ හදවතේ ඇගේම.
      පුරේ කොල්ලන්ට මොනවද බැරි ගහගන්න ගස් නගින්න පිනන්න බොන්න ගංඡා ගහන්න ඔිනම දෙයක්. පුරේ කොල්ලෝ අම්මා දෙනවා කිව්වොත් තාත්තව ගස් බැදලා හරි දෙනවා වචනයක් කි්ව්වොත් කිව්වා. වැඩක් බාර ගත්තොත් කෑල්ලෙන් කෑල්ල ගියත් ඉවර කරලා තමයි පස්ස බලන්නේ.
      පත්තර මලයන්ඩි එකගයි නේද?

      Delete
    6. ඕක අපි යාලුවන්ට කරන කොමන් විහිලුවක් බං. අපිත් කාලයක් පුරේ ලැගල හිටිය. ගංජ ගැහිල්ල අතින් උඹලට අපි සෙකන්ඩ් තමා මෙන්ඩියො.
      මගෙ හොදම යාලුවෙක් යුද්දෙදි මැරුන උගෙ මල ගෙදර ආව දවසෙන් පස්සෙ මට පුරේ එන්ඩ දුකයි බං. නුවර වැවේ බන්ට් එකේ මලක් ගහල, නයිට් කඩේකින් කොත්තුවක් කාල යාපනේ හන්දියට පාගල් එකේ ගිය බොක්කෙ සෙට් එකක් මටත් හිටිය.
      බෑ බෑ මෙන්ඩිය උඹ මාව කොයි තරම් සංවේදී කරන්න හැදුවත් මාක් එක නැත්නම් උඹල දකුනෙන් ගිහින් එහෙ නම ගන්න හදන උන්.

      Delete
    7. ඔව් බං මැලේ එක එකාගෙ රස විවිධයිනෙ.හැම කෙනාම එකවර තෘප්තිමත් කරන්නෙ කොහොමද?

      Delete
    8. මෙන්ඩියා බොක්කෙං කොළබොක්කෙංම එකඟයි..හත් ඉලව්ව්‍යි තව ආත්ම හතකට ඇතිවෙන්න ගංජ ගහලා තියෙන්නෙ :D ආයෙ මක්කටෙයි නම්බු නාම අපිට ඕං..අපි කොහෙං ගියත් දැං කොහේ හිටියත් පුරේ තමයි මගේ ගම.. ඒ නුවරවැවේ හුළඟ තරං ඒ සී සැප නෑ මචෝ..

      අම්මට කම්මල අයිටත් අපේ ඒරියල් එකේ ගැවසිලා තියෙන්නෙ..එකෙන්ම අපි රෙෂ්පට් ඈ.. දන්නවනෙ මචෝ වැව් බන්ට් එකේ සැප.. අනුරාධපුරේ මාක් එක නැත්තං පුරේ නෙමෙයිලු. හැක් … උඹත් මරු බොල :D

      Delete
    9. මල්ලි, ඔය උඹලෑ ගමේ වළිසිංහෙ ළමේක් දවසක් මට කිව්ව "අය්ය අනුරාධපුරේ වැවකින් නෑවොතින් ආයි වෙන දිහාවකින් නාන්න හිතන්නෙ නෙ" කියල. පස්සෙ මම ඕකෙ තේරුම ස්වර්ණපාලියෙ ලමේක්ගෙන් ඇහුවම කිව්වෙ "අය්ය වළිසිංහෙ ලිඳකින් නෑවොතින් ආයි වෙන දිහාවකින් නාන්න හිතන්නෙ නෙ" කියල. මොකෑ බන් ඒ?

      Delete
    10. පුරේ ඉස්කෝල ටික කාල.හැක්.මට ඉස්සෙල්ල කියහං ස්වර්ණපාලියෙ ළමයෙක් එක්ක ගණුදෙනුව කියල..ඉස්කෝලෙයක් කිව්ව ගමං මුන්ට ස්වර්ණපාලියමයි ඕනැ :D ඔය වැව් වල නෑම සහ මාලු අතරෙ මොකක් හරි ඇති නේද .අපි නං දන් නෑ ඕව...වලිසිංහෙ ලිං වලට වඩා ස්වර්ණපාලියෙ ලිං ෂෝක් මටනං.. ලිං නෙමේ ඒව උල්පත් .නිල් කැටේට වතුර.

      Delete
    11. යකෝ වළිසිංහෙත් නිල් ටයි දාපු ළමේක් බං ඕක කිව්වෙ :D

      Delete
    12. උඹලත් කොළඹ ඉඳං ඇවිල්ලා වන්නියේ අපිටම කෙළලා පලයල්ලා … චැහ්.
      ඔව් ඉතිං ගුණසේකරේක එල්ලුනාම පැය පහ නෙවැ නැද්ද …ආදරේට හැතැම්ම නෑ කියන්නේ :D

      Delete
    13. සෙන්ට්‍රල් එකේ කෙල්ලො කලුද ? හුග් පලයල්ල බොලවු යන්ඩ,

      Delete
    14. ඉන්දික අයියන්ඩි එහම කථාවක් තියනවා
      පුරේ වැවකින් නාලා ලුල් මාලු එක්ක බත් කාපු එකෙක් ආය පුරෙන් යන්නේ නෑලු
      ස්වර්ණපාලිය ඡෙශපියන්ස්ලාට සින්නක්කරේට ලියලා දිලා තියෙන්නේ.
      කම්මලේ ඇතුලු මගේ යාලුවෝ ඔක්කොටම.
      රැවැන්වැලි සෑයේ තියනවා ප්‍රර්ථනා ගල කියලා තැනක් එතනට ගිහින් දිර්ග කාලයක් තිස්සේ තමන්ගේ හිතේ තියන ඉටු නොවුන ප්‍රර්ථනාවක් තියනවනම් ඒක ඉෂ්ට වෙන්න කියලා ඉල්ලන්න අනිවාර්යයි අත්දුටුවයි ඉටුවෙනවාමයි බොහොම වගකිමෙන් කියනනේ( ඡාති කුල ආගම් බෙිදයක් නොමැත).
      පිරිමි දරැවෙක් බලාපොරෝත්තු වෙනවානම් රැවන්වැලිසෑයටයි ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ටයි බාරවෙන්න ඇතෙක් වගේ පුතෙක් ලැබෙිවි.
      පැතුම් ඉටුවුන දවසක සුදු නෙඵම් මල් වට්ටි හතක් පුඡා කරන්න විශ්වාසයෙන් තව කෙනෙුට කියන්න.

      Delete
    15. කම්මල, සෙන්ට්‍රල් එකේනං කිසිම දෙයක් නෑ බං. හැබැයි අර නිවත්තකේ පැත්තෙත් යමක් තිඋනා. ඔය අපි ආ ගිය කාලෙ තමා ඒකෙ කොල්ලෙක් ගිනිතියාන මලෙත්.

      ප.ම, ඒ කාලෙ ගුණසේකරගෙ බස් නෙමේ බං, සී ටී බී හරි කෝච්චි හරි තමා. හ්ටහන්කො, ටවුමෙ සාම විහාරෙ මහවිළච්චියේ විමලෙ සමග එක්තුවෙලා ඔය පලාතෙ කල දේ ලියන්න ඕන වෙලාවක.

      Delete
    16. සිරීපාදෙ වන්ද වන්න හිස ඔලියල් බැඳලා
      සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
      කිරි ආහාර පූජාවට අලුත් සාල් පුදලා
      සිරි මා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

      ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
      පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
      සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

      Delete
    17. කිරිඅප්පේ අපේ ඉස්කෝලයක් ගැන කතා කරද්දි මට තියන සතුට… මං එකෙන්ම ජෝෂප් එකා . කම්මලේ මචෝ මෙන්ඩියලයි අපියි තමා බිග්මැච් එක..සෙන්ට්‍රල් එකේ කෑලි වලට අපි ටෝක්ෂ් නෑ. ඒව ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ. ඒව උන්ට. කඩ පණහෙ ලයන් එකෙන් දුමක් ඇරං ඇදලා තමා ඉස්කෝලෙට යන්නෙ 9 ට විතර.මොකෝ ස්වර්ණපාලියෙ නංගිල එහෙම ඉස්කෝලෙ ළඟටම බස්සල එන්නත් එපෑ.

      ඉන්දික අයියා. උඹ ලියහංපෝස්ට් එක . අපි බලාගන්නං ඉටුරු ටික. නැද්ද කම්මලේ ,මෙන්ඩියෝ

      Delete
    18. රුවන්වැලි සෑයෙ ප්‍රාර්ථනා ගල ගැන ඇහුවෙ ගිය අවුරුද්දෙ, එතන ඉදන් කරපු ප්‍රාර්ථනාව හරි ගිහිල්ලනෙ.
      අඩේ මෙන්ඩිය ස්තූතියි මතක් කලාට.
      ප.ම අපි ආවෙ යාල් දේවි එකේ. පෙම් සුව විදිමින් එන්නෙ නම් ගම්පහින් 8.55 තිබ්බ එකේ. ඒක බූමි තෙල් කරත්තෙ වගේ. මිරිදිය හෝටලේ ගාවින් වැව ගාව තිබ්බ මාලු වාඩියට ගිහින් ගලක් ගහල මලක් ඇදල අෆ්ෆා ...

      කෑලෑ පූසො, සෙන්ට්‍රල් එකේ නිවුන්නු ඩබලක් හිටිය මට දෙන්න පැටලිලා චාටර් වෙනව.

      Delete
    19. මචෝ මං ඉස්සර දවල් 3.20 ට තියන එකේ කොළඹ එනවා. ගෝල්ලීෆ් පහ හයක් ඇරං බහිනව ෆුට්බෝඩ් එකට. නැත්තං 5.05 ට තියන රජරට රැජිනේ.. ගුණසේකර ආවට පස්සෙ ඒකට සෙට් උණා..

      මචෝ උඹ් දන්නව නේ පරණ බස්ටෑන්ඩ් එකේ සියරට හෝටලේ. ඔතන ලංකාවෙ ප්‍රසිද්ධ ගායකයකුගෙ පටන් ගැන්ම.. අපි ඕකෙන් කනවා ඉස්සර :D

      Delete
    20. පත්තරේ, යාල්දේවි නෙමෙයි රජරට රැජින තමයි. දැන් අවුරුදු 20 කට කලින්නෙ බං. ගායකයගෙ කතාව මාත් අහල තිබ්බ.

      සියරට හෝටලේට අපේ හාමිනේවත් එක්කගිහින් කන්න දුන්න. ජෝශප් එකට ගිය යාලුවෙක් හිටිය උගෙ සනුහරේම ඉතාලියේ (අපේ අයිය ගෙ යාලුවෙක් ) නම මතක නෑ. නිවන්තක චේතිය පැත්තෙ ගෙවල් තිබුනෙ.

      Delete
    21. මචෝ මෙදා පාර ඇවිත් මං ගියා සියරට හෝටලේට. මමයි ජයතිලක බණ්ඩාර මහත්‍තයයි අම්මයි වයිෆුයි .ඒ අංකල් නං නැතිවෙලා . දැන් කරන්නෙ එයාගෙ නංගියි මහත්‍තයයි.බෑන්ක් එකෙන් අයින් වෙලා නංගි..හරිම ආදරෙන් පිලි අරං කේක් එකකුත් ඔතලා දුන්නා.රත්තරං මිනිස්සු මචෝ.ඒ ගායකයා නං මුල මතක බවක් දැනෙන්නෙ නෑ..

      නිවන්තකේ නෙමේ මචෝ බුද්ධගයා මාවතේ නං අපිට වැඩිමල් අයිය කෙනෙකුයි සනුහරේමයි ඉතාලියෙ ඉන්නවා.. ස්ව්ට් එකම ජෝෂප්. හම්බුන වෙලාවට ලොවෙත් නෑ :D

      Delete
    22. ඉන්දික අයියන්ඩි ලියහන්කෝ පුරේ ගැන අපි ගහනවා ඩබල් සැලියුට්.
      පත්තර මලයන්ඩිගෙයි මගෙයි කාල වකවානු වෙනස් වුනාට ආතල් එකයි. අපි බැස්සේ හයිලයිට් හෝල්ට් එකේ අලුත් බස් ස්ටැන්ඩ් එකේ ශ්‍රි දේවි හෝටලය, පරන බස් ස්ටැන්ඩ් එකේ වෙස්ට්‍රන් සැලුන් (නිව්ටන් අයියා), රාම කැලේ, සෙන්ට්‍රල් පාලම යට, මල්අතු ඔය පාලම යට. ඡෝශප් එක පාරේ කටාගේ පොට් එක,
      අපේ ගැන්සිය ගුල්ල, කිරීයා, පුංචා දෙලා, මීයා, කදිරා දෝතේ, වස්සා, බඩි, අඩියා, එක යට රැවන්, ගල්කොටුව, පුඩිමා, පැනියා, පුක බරියා, රාඡගුරැ අයියා, හැපි අයියා, සෙන්ට්‍රල් නාලක අයියා, කලු මහේෂ් අයියා, වලිසිංහේ නෙවිල් අයියා.

      Delete
    23. මතකය අවදිව..............

      මතකය අවදිව මා සතපන කල
      අනුරපුරේ ගිය හැටි මතකයි
      සැඳෑ කාලයේ තිසා වැව වටේ
      දෙපා නැගූ සුව මට මතකයි..//

      දුහුල් වලා ‍රැල් හිමිහිට ඇදෙනා
      හඳපානේ ගිය හැටි මතකයි
      ස්වර්ණමාලි සෑ අබියස ඉඳගෙන
      දොහොත් මුදුන් තැබුවා මතකයි
      ගල් තල මත හිඳ බුදුන් වඳින විට
      බුද්ධ කාය මැවුණා මතකයි
      බුදු හිමි අබියස බණ ඇසුවා සේ..
      හිත සනහන් වූ බව මතකයි..

      අලුයම බෝපත් සෙලවෙන සුළඟේ
      උඩ මලුවට පිය නැංගා මතකයි
      සුදුමල් අතුරා පුදසුන අබියස
      බුදුහිමිගේ ගුණ කීවා මතකයි
      බෝ මලුවේ හිඳ ප්‍රාර්ථනා කල
      ඒ පින් සිතිවිලි මට මතකයි
      සිල් සුවඳින් මගෙ ගත නැහැවූ ඒ
      අනුරපුරේ සිරි තව මතකයි

      මතකය අවදිව මා සතපන කල
      අනුරපුරේ ගිය හැටි මතකයි
      සැඳෑ කාලයේ තිසා වැව වටේ
      දෙපා නැගූ සුව මට මතකයි..

      ගායනය: ගුණදාස කපුගේ

      Delete
    24. සින්දු ඇනෝ.
      සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ
      මිහිරි අතීතය මැවුනේ

      Delete
  34. මටත් ඉඳලා හිට්ලා ලෝකයෙ ඉස්තරම්ම චොක්ලට් කන්ඩ හම්බ වෙනවා..දැනටමත් පොරොන්දු වෙලා ඉවරයි ආපු කාලෙක චොකො ෆැක්ටේරියකට එක්ක යන්නම් කියලා..කොලෝන් එක ගැනද කිව්වෙ කියලා අහලා බලන්නම්..ගියොත් මේ විස්තරේ එක්කම හැලපෙ අයියාව මතක් කරගන්නම්කො

    ReplyDelete
    Replies
    1. බුරුසු හදන ෆැක්ටරියකට ගියොත් ඔයාට බඩුම තමයි. :-D

      Delete
    2. ගිහිං මට වඩා හොඳට පිංතුර අරං එහෙම පෝස්ට් එකක් දාන්නකො අපට බලාගන්න.

      Delete
  35. අෑ බං, ප්‍රසන්න උඹේ කව්ද??

    ReplyDelete
    Replies
    1. උඹට මොකටද ඒක. හැක්...

      Delete
    2. ඇයි ඌ මට උදව් කරනවට තොට ඉරිසියයිද?

      Delete
  36. රත්තරං කොකෝ ගෙඩි තියෙන ගහ ගාව හිටිය අක්කගේ ජොබ් එක තමයි මං හිතන්නේ හොඳම.. ලේසි වැඩේ නේ.. ගොඩක් චොක්ලට් කන්නත් පුළුවන්නේ... :D

    ReplyDelete
    Replies
    1. අක්කගෙ ජොබ් එකට තුශානිට හිත ගියා නේද.එතන ඉඳන් චොක්ලට් කන්න ගියොත් රස්සාව කරන්න වෙන්නෙ නෑ.

      Delete
  37. හොඳ වෙලාවට මට ඔතන ‌ජොබ් එකක් හම්බුනේ නැත්තෙ... එහෙම උනානං මගේ චොක්ලට් කෑමේ පෙරේතතම නැති වෙනවනෙ... චොක්ලට් නැති ජීවිතෙත් ජීවිතයක් ද.... නැද්ද මං අහන්නෙ.... හි හි

    ReplyDelete
    Replies
    1. මාත් හිරු අක්කා එක්ක එකඟයි....

      Delete
    2. හැලපේ අයියනඩි ඊලගට බලන්න යන්නේ අරක්කු හදන තැනක්. අපි බලන් ඉන්නේ එතන වැඩට යන්න.

      Delete
    3. මං පීප්පෙක බැහැලා පියන වහගන්නවා … !!!!!!!

      Delete
    4. ඒ කියන්නේ ගල් වැඩපොලක් ????

      Delete
    5. පත්තරය පියන වහනකොටම බට්ටෙක් පත්තු කොරල දානව ..,අම්මපා

      Delete
    6. අරක්කු ගුදමක අවසන් හුස්ම හෙලන්න … ෂා !!!!!!

      මොන තරං පහන් සිතුවිල්ලක්ද …

      Delete
    7. අවන්හලක ඉපදි මා මිය යනවා නම්
      මේ සසරේ පින්කර ඇති එකම කෙනා මං
      මෙහොතක්වත් නෑ කිසි අඩුපාඩුවකුත්
      මියයනතුරැ සිටින්නේ මේ අවන්හලේ මං... අවන්හලේ මම.

      Delete
    8. //හොඳ වෙලාවට මට ඔතන ‌ජොබ් එකක් හම්බුනේ නැත්තෙ...//අපි ඊළඟට බලන්න යන්න ඉන්නෙ අරක්කු පැක්ටරියක් හරි දංකොටුවේ කසිප්පු ගුදමක් හරි.ඒකට හිරු මොනා කියයිද බලමුකෝ.

      Delete
    9. මගේ පුංචි ගල් බාගේ,
      මමයි උඹේ,
      පෙරේත බඹරා,
      උඹ පොඩ්ඩක්වත් නොසලන කුමරා........

      (http://gal-arakku.blogspot.com/2009_10_01_archive.html)

      Delete

  38. චොකලට්....අනේ මන්දා අද වෙන තුරු ඔය චොකලට් ෆැක්ටරියක් දැකලා නෑ....චොකලට් කඩ වල නම් අම්බානෙකට කරක් ගහාලා ඇති...ඉතාලියට පය ගහපු අලුත චොකලට් කෑවා නෙවේ නෑවා..මොකද හබියා ඔය චොකලට් බෙදා හරින ෆැක්ටරියක වැඩ කලා...ගොඩක්ම ඔය කින්ඩර් වෙළද නාමය තියෙන චොකලට් තමා කෑවේ...

    ReplyDelete
    Replies
    1. ඉතිං පැක්ටරියකුත් බලන එකනෙ තියෙන්නෙ.වැඩි දුරක් නෑ රයන් එයාර් එකේ පැය එකහමාරයි.

      Delete
  39. අද නම් ලියලා මෙයා,, මන් ආසම දෙයක් තමයි චොක්ලට් කියන්නේ, දැන් නම් අම්බානට කනවා එක එක වයිවාරන ඒවා, අර උණු බිස්කට් ඒකත් එක්ක ඒ චොක්ලට් එක සෑහෙන රස ඇති අප්පා,

    ReplyDelete
    Replies
    1. හප්පා සෑහෙන රස කියන්නෙ පුදුම රසක්.මාත් දෙකක් කෑවා.බොහොම අමාරුවෙන් නවත්ත ගත්තෙ.

      Delete
  40. මේවා කියවද්දී චිකලට් ෆැක්ටරියක වැඩ කරන්න හිතෙනවා අෆ්ෆා.. මෙච්චර මෙහේ ඉදලත් මම තාම එහෙම එකක් බලන්න ගිහින් නෑ.. අර ශානුවා අල්ලගෙන යන්න ඕන බලන්න..

    හැබැයි චොක්ලට් උණු කරාමනම් මම එච්චර කැමති නෑ.. වින්ටර් එකට මෙහේ නම් හොට් චොකලට් ඕන තරම් බොන්න හම්බුවෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ශානුවයි දෙන්නම පලයල්ලා.එච්චර දුරක් නෑනෙ.

      Delete
  41. අනේ මන්දා හැලපයියේ මේක කියවලා චොකලට් එකක් කන්න ප්‍රේරෙත කමක් අවා නොවැ.
    චොකලට් කන්නනම් මාරම ආසයි.අපේ චොක්ලට් ගණන්නේ බං.සුඛෝපභෝගී භණ්ඩ ගණෙට දාලනේ මෙහේ ආනයනික චොක්ලට් වලට බදු ගහන්නේ හැලපයියේ.හැබැයි ඉතින් ගණන් වුණත් නොකා ඉන්නේ නැහැ,කොහොමින් හරි කනවා.

    ReplyDelete
    Replies
    1. අරක්කු වලට වෙලා තියෙන්නේත් ඔය අනිසංසේමයි පින්වත.

      Delete
    2. අපේ විතරක් නෙවෙයි මනෝජ් යුරෝපෙත් චොකලට් ගණන්.එත් ඉතිං ගණන් කියල නිකං ඉන්නවයි,කොහොම හරි කනවනෙ.

      Delete
  42. හැලපැට්ටා බිස්කට් දහයකට වඩා කාලා තියෙන බවයි උන්දැගෙ බඩ ගෙඩිය අපට පවසන්නෙ...මමත් කවදා හරි දවසක යන්න ආශාවෙන් ඉන්න රටවල් අතලොස්සෙ ප්‍රමුඛම රටක් තමයි ලොකු මාමෙ ජර්මනිය...ලෝකෙ රසවත්ම රැකියාව කරන්නෙ චොකලට් රස බලන අය (Chocolate Taster ) කියලත් කථාවක් තියෙනවා නේද'

    ReplyDelete
    Replies
    1. ඒ මොන ජරා රස්සාවද්ද බං. චැහ් .
      ලෝකෙ හොඳම රස්සාව තියෙන්නෙ සීදූවෙ. ඕ යේස් !!!

      Delete
    2. හොඳා හොඳා දවසක ගිහිං එන්න වටින රටක් තමයි.තව පිංතුර ගොඩක් තියෙනව වෙනම පොස්ට් එකකට දාන්නං.

      Delete
    3. බොට සීදූවෙන් චෑන්ස් එකක් ගන්න බැරි උනාද පත්තරයො...

      Delete
  43. //පී ඇම් ජයතිලක
    හැලපයෝ අදමයි ඇහැව්වේ මෙතුමා ගැන ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස්