එක සැරේ කතා දෙකක් මතකෙට ආවා.එකක් නං හිරුගෙ බ්ලොගේ රෙහානි ලියපු කමෙන්ට් එකක් දැකල මතකෙට ආපු කතාවක්,ඒක මේ ගංවල කුකුල් හොරු බොහොම ඈත කාලෙක කරපු ක්‍රියාවක් ගැන මතක් කිරීමක්. නමුත් ඒ කියාපු දේ ගැන කාගේවත් අවධානය එහෙමකට යොමුවෙලා තිබුනෙ නෑ,එහෙම උනානං රසවත් කතා ගොන්නක්ම අපට අහගන්න තිබ්බා.ඇත්තටම මට රෙහානි ලියපු එක කියවද්දී හිනාගියා අම්බ කුකුල් හොරු කරපු වැඩ කටයුතු රෙහානි කොහොමද දන්නෙ කියල.
අනික් කතාව මල්මි චාලිගෙ චොකලට් පැක්ටරිය ගැන මතක් කරල තිබුණ නිසා මමත් දවසක චොකලට් පැක්ටරියක් බලන්න ගියපු හැටි මතක් වුනා.චොකලට් පැක්ටරියේ කතාව තරමක් පරණ නිසා ඉස්සෙල්ල ඒ කතාව කියල ඉන්නං.ඇත්තටම කිව්වොත් කියන්න කතාවක් නෑ පින්තුර වලින් බලාගන්න එකයි.කාලය මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ස්ථානය ජර්මනියේ කොලෝන් නගරය.බ්‍රසල්ස් සිට කොලෝන් වලට දුර කිලෝමීටර් 213 ක්,ඇම්ස්ට්ර්ඩෑම් සිට බ්‍රසල්ස් හරහා කොලෝන් බලා යන තාලිස් දුම්රිය මේ දුර පැය දෙකකුත් විනාඩි පහළොවකට ආසන්න කාලයකදී ගෙවා දමනවා.
කොලෝන් කිව්වහම ඔයාලට එකපාරටම මතක් වෙන්නෙ ඕඩිකොලෝන් නේද?ඕඩිකොලෝන් කියන එකේ තේරුමත් කොලෝන් නගරයේ වතුර කියන එකයි.ප්‍රංශ බසින් ඕ කියල කියන්නෙ වතුර වලට නොවැ.හැබැයි ජර්මනියේදී වතුර ඕනෑනං වස කියල ඉල්ලන්න ඕනෑ.ඔය යුරෝපා රටවල කෑමෙන් පස්සෙ අපිවගේ වතුර බොන සිරිතක් නෑ නොවැ.කද්දි වයින් බොනවා එක්කො බියර් බොනවා එහෙමත් නැත්නං කෝපි බොනවා හැබැයි තේ බොනව බොහොම අඩුයි කියන්නෙ බොන්නෙම නැති තරං, මිසක වතුර බීමක් නෑ වතුර ඕනෑනං ඉල්ලන්නම වෙනවා.වතුර බොනව කියද්දි ඔන්න මට කතාවක් මතක්වුණා.
දැනට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල අපි ගමේ කට්ටියක් අනුරාධපුරේ ගියා වෙන මොහොකටවත් නෙවෙයි අභයගිරි දාගැබේ ප්‍රතිසංස්කරණ අවස්ථාවෙ ශ්‍රමදානෙකට,උදේ පාන්දර පිටත්වෙලා අනුරාධපුරේට ළඟාවූන කණ්ඩායම ශ්රමදානෙටත් සහභාගිවුණා.ඒ වැඩේ වරුවකින් ඉවරකරල දවල්ට කන්නත් උයාගෙන වැවකින් නාගෙන එහෙම කමු කියල ගෙදර යන ගමන් එකෙන් බෝතල් පෙට්ටියකුත් ගෑණු කාගෙ කාගෙත් ඇස් වහල බස් එකට පටෝගත්තා.ඒ වැඩේ නං සම්පූර්ණ ගෞරවය එහෙම්පිටින්ම මට අයිති වෙන්න ඕනෑ.නැත්නං බස්සෙකේ හිටපු උන්ට වේලි වේලි ගෙදර එන්න වෙනව.වැවකට ගිහිං කට්ටිය වැවට දාල අපි ටික එතන කරුමාන්තෙ කරගන්න හදද්දි එතන වැඩේ කරන්න ගත්තොත් පොලිසියෙන් අල්ලං යයි කියල හිටපු උන් කියපු නිසා වැඩේ පස්සට කල්දාල නාගෙන බස්සෙකට නැගල කෑමට සහ බීමට සුදුසු තැනක් සොයමින් හැතැප්මක් දෙකක් එද්දී වැඩේටම ගැළපෙන තැනක් දැකපු නිසා බස්සෙක එතන නවත්තල පාරෙන් මෙහා පැත්තෙ තිබුණු පිට්ටනි කෑල්ලෙ ගෑණුන්ට සහ ළමයින්ට කන්න කියල අපි සැට් එක බෝතල් පෙට්ටියත් අරගෙන පාරෙන් එහා පැත්තෙ තිබ්බ ගොයං කපපු ලියැදි ටිකට පල්ලම් බැස්සා.
අලුත් ඉපනැල්ලේ සුවඳ හමන ලියැද්දෙ නියරෙ සිනිඳු තණ නිල්ලෙ ඉඳගෙන ජයටම කරුමාන්තෙ යෙදුනු අපි කට්ටියගෙ කටවල් සැරවෙලා කංපෙති රතුවෙලා කෑමට එද්දිං අනික් උන් කෑම අහවර කරල ගොඩක් වෙලා ගිහිං.අපට ඉතිං මොන හදිස්සියක්ද, එතන ඉඳගෙන උයා පිහාගෙන ආපු කෑම ටික බොහෝම නිවී සැනසිල්ලෙ රස බලමින් ඉද්දි පාරෙන් ඇතුළට හරවපු වෑන් එකක් අපි කමින් හිටපු තැන නැවැත්තුවා.නවත්තපු වාහනෙන් බැහැල ආවෙ විදේශිකයෙක් කොල්ලෙක්.පැය බාගෙන් ඉංග්‍රීසි කතා කරවන කෙනා බඩේ හිටපු නිසා ඔහු එක්ක කතා කරන්න ඉංග්‍රීසි කතා කරන අය ඕනෑපදං, මම පැත්තකට වෙලා මගෙ පාඩුවේ බත්කමින් හිටියා.කොහොම උනත් අන්තිමේ විදේශිකයා කියන දේත් අපේ මිනිස්සු කියපු දේත් එකිනෙක නොපෑහෙන හින්දද මංදා ඔන්න කට්ටියම මගෙ ලඟට ආවා.
අහල බලපුවම කාරණේ හරිම සරලයි,අපි එතන කෑම කනව දැක්කම ඒ තරුණයටත් එතන වාඩිවෙලා ඒ විදියට ලංකාවෙ කෑම කන්නට ආසාවක් ඇතිවෙලා වාහනේ නවත්තල බැහැල ඇවිත්.හැබැයි වාහනේ හිටපු රියදුරයි මග පෙන්වන්නෙක් විදියට මට පෙනුණු අනික් තරුණයයි වාහනෙන් බැස්සෙවත් නෑ එහෙමම හිටියා මේ විදේශිකයා කරපු වැඩේට ලජ්ජාවෙද මංදා.මේ තරුණයාගේ අවශ්‍යතාව අපේ බවලතුන්ට කියපුවම ශ්‍රී ලාංකිකයන්ට උරුම ආගන්තුක සත්කාරයේ අග තැන්පත් අපේ කාන්තාවන් ඉතා උනන්දුවෙන් කොත ගහල බෙදපු බත් පිඟානක් අරං ඇවිත් බොහොම ආචාරශීලීව මේ විදේශිකයට පිළිගැන්නුවා.
අපට කන්න හදන් ගිහිං තිබුණු ගමේ අච්චාරු ආදී මිරිස් සැර සහිත ඒ කෑම පිඟාන හිනා පිරි මුහුණින් යුතුව කන්න සුදානම්වෙන මේ තරුණයට මම පොඩි අනතුරු ඇඟවීමක් කළා.ඒ මොකක්ද කිව්වොත් පිඟානෙ තියෙන සමහර කෑම රස බැලීම අනතුරුදායක බව දැනුම් දීමයි.මගෙ ඒ කතාවටත් සිනාමුසු මුහුණින් උත්තර දුන්න ඔහු ශ්‍රී ලාංකික කෑම ඔහුට පුරුදු නිසා ඒ සම්බන්ධයෙන් බිය නොවන ලෙස කියා සිටියා.බොහොම සතුටින් දවල් ආහාරය අවසන් කරපු මේ විදේශිකයා අත සෝදාගත්තත් කාන්තාවක් බොන්න ගෙනත් දුන්න වතුර වීදුරුව ප්‍රතික්ෂේප කලේ යුරෝපීයයන්ගේ වතුර බීම ගැන අගක් මුලක් නොදත් ඇගේ මුහුණේ දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනුයි.අපිත් එක්ක පින්තුරයකටද මුහුණ දුන් සංචාරක තරුණයා සියල්ලන්ටම ස්තූති කර යන්නට ගියා.
කෑම කමින් සිටියදී ඔහුත් සමග පොඩි සංවාදයක යෙදෙන්නට මට අවස්ථාව ලැබුණු නිසා අපේ සුපුරුදු ශ්‍රී ලාංකික ගතිය විදහා පාමින් මම ඔහුගේ වාස දේස අහපුවම රට එංගලන්තය සහ පදිංචිය ලංඩන් බව ඔහු කියා සිටියා. ඒ කතා දෙකම අසත්තක බොරු බව මට බැලු බැල්මටම පෙනුනත් කියපුදේ අහගෙන හිටිය මිසක මම ඔව්ව හගිස්සවන්න ගියෙ නෑ .සරමකුත් ඇඳගෙන කෑම කාල ඉවරවෙලා බුලත්විට හපමින් හිටපු මේ ගොඩයා එංගලන්තයත් ලංඩන් නගරයත් ඇරෙන්නට වෙනත් රටක් ගමක් අහල නැහැ කියල ඔහුට හිතුනා නං ඒකත් අසාධාරණ නැහැ.සුද්දො මිරිස් සැරට බයයි කටදනවා රතු වෙනවා කියල කිව්වට දැන් ඉන්න සුද්දො නං කිසි ගනිච්චියක් නැතිව මිරිස් සැර කෑම අපුරුවට කනව මම තව කතාවක් කියන්නං.
ඒ තවත් විදේශිකයෙක් ගැනයි ඔහු ඇමෙරිකානුවෙක්.ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමුත්තෙක් හැටියට ලංකාවට පැමිණි හුස්ටන්හි නාසා ආයතනයේ ගල් සහ අභ්‍යවකාශ පාෂාණ පිලිබඳ ප්‍රධාන විද්‍යාඥයා වන ආචාර්ය මයිකල් සොලොන්ස්කි.ඔහුගෙත් මගෙත් මුණගැසීම වුනේ මෙහෙමයි.මගෙ මතකය නිවැරදිනම් කාලය 2008 වසර විය යුතුයි.ඒ අවුරුද්දෙ යෙදුනු ආතර් සී ක්ලාක් මහතාගේ 90 වන ජන්ම දිනය ඉතා ඉහලින් සමරන්නට අපි කටයුතු කළා.ප්‍රධාන උත්සවය පැවැත්වුවේ මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ශාලාවේදී ජනාධිපතිවරයා ප්රමුඛ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙනුයි.උත්සවයේ දේශන පැවැත්වීමට ශ්‍රී ලංකා රජයේ ආරාධනාව අනුව රාජ්‍ය අමුත්තන් ලෙස විදේශවලින් පැමිණි විද්‍යාඥයන් හත්දෙනා අතර ආචාර්ය මයිකල් සොලොන්ස්කිද සිටියා.ඊට අමතරව පළමුවරට අභ්‍යාවකාශයේ ඇවිදපු රුසියන් ජාතිකයත් සිටියා මට මතකයි.මේ උත්සවයෙදි ගනිපු පිංතුරයක් මගෙළඟ තිබුනත් ඒ පින්තූරෙ පෙනී ඉන්න අයගෙ බරසාරකම හේතුකොටගෙන තරමක නයෙක් වගේ පෙනෙන්න පුළුවන් නිසා එය පළකිරීමෙන් වැළකී ඉන්නං.අනික් කාරණේ ආතර් සී ක්ලාක් මහතා උපන් දින උත්සවේ තියල සති දෙකකටද තුනකටද පස්සෙ ස්වර්ගෙට ගියානෙ.ඒ දුකට අපේ හිතේසිවන්ත මිත්‍රයො ටික ගහපු කාඩ් ගැන නං වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවනි.
පළවෙනි වතාවට ලංකාවට ආපු ආචාර්ය සොලොන්ස්කිට ලංකාව ඇතුළට ගිහිං රට තොට දැකබලා ගන්න ආසයි කියපු නිසා උත්සවයට පසුවදා ඔහු වෙනුවෙන් චාරිකාවක් සංවිධානය කර තිබුණා ආචාර්ය සොලොන්ස්කිත් සමග මේ චාරිකාව ගිහිං එන්නට පැවරුනේ මටයි.ගමන් මාර්ගය මෙහෙමයි,කොළඹ ගෝල්පේස් හෝටලයෙන් අරඹා පින්නවල අලි අනාථාගාරය,පේරාදෙණිය උද්භිද උද්‍යානය,දළදා මාළිගාව නුවරින් දවල් කෑම සහ ආපසු පැමිණීම.ගමනට වෙන්කර තිබුණ ලොකු වාහනයේ අපි දෙන්නට විතරක් යන්න ටිකක් කම්මැලි නිසා හැලපැට්ටත් එයාගෙ ඥාති සොහොයුරත් ගමනෙදි අපේ තනියට එකතුවුනා.අපේ අමුත්තව ගෝල්පේස් හෝටලෙන් වාහනේට දාගෙන උදේ පාන්දරින්ම අපි ගමන පිටත්වුනා.
ටික දුරක් නිදි කිරමින් ගියපු අපි නුවර පාරෙ කැලණිය පහුකරද්දී කතාවට වැටුණා.මම සුපුරුදු සම්ප්‍රදායික විදියට ආචාරශීලීව ඩොක්ටර් මයිකල් කියල කතාව පටන්ගන්න හදනකොටම නෝ කියල ඔහු වහාම මාව නැවැත්තුවා.
"මයික්"
ඔහු කීවා,එතැන් සිට පින්නවලට යනතුරු රට ගැනත් අපි පසුකරගෙන යන ගම් ගැනත් ඔහුට විස්තර කරන්නට මට සිදුවුනා.පින්නවලදී වාහනෙන් බැහැපු තැන ඉඳන් ගල්වලට ඔහුගෙ තිබුණු කෑදරකම මම හොඳටම දැකගත්තා.අලින්ට වඩා ඔහුගෙ උනන්දුව තිබුනෙ ගල්වලටයි.අලි නාවන තැන බලන්නට යද්දි කඩයක්ද ගෙයක්ද හදන්න ගෙනත් බාල තිබුණු කළුගල් ගොඩක් ළඟ මයික් නැවතුනා.ගල් දිහැ ටික වෙලාවක් බලං ඉඳල කිලෝ හත අටක පැතලි ගල් කෑල්ලක් අතට අරං මේ ගල මම ගත්තට කමක් නැද්ද ඇහුවම මාත් වටපිට බලල කමක් නෑ ගන්න කිව්වෙ ගල්ගොඩ මගෙ වගෙයි.ඒ සැනින්ම මයික් මැණික් ගලක් ලැබුනට වඩා ආසාවෙන් කළුගල් කෑල්ල බෑග් එකට දමා ගත්තා.ඔය මම දාලතියෙන පින්තුරෙත් ඔහු අලි දිහා බලනවට වඩා උනන්දුවෙන් බලන්නෙ ගඟේ තියෙන කළුගල් දිහාවෙයි.
ඊළඟට ගියපු පේරාදෙනියෙ ගාඩ්න් එකේ නං ගල් තිබුනෙ නෑ ඒකෙදි මයික්ගෙ අවධානය වැඩිපුර යොමුවුණේ ජීවත්වෙන ගස්වලට වඩා මැරිච්ච ගස්වලටයි.ගාඩ්න් එක ඔහුගෙ හිතට ඇල්ලුවද නැද්ද කියල මට තේරුණේ නැතත් මාව මෙතෙන්ට එක්ක ආවට ඔබට ස්තූතියි කියල නං ඔහු කිව්වා.නුවරට ගියපු අපි ස්විස් හෝටලේ සුදානම් කර තිබුණු දවල් ආහාරයත් අහවර කරලා දළදා මාළිගාවට යද්දි මාළිගාවේ පරිපාලන නිලධාරියා ඔහුව පිළිගන්නට සැරසී සිටියා.
පරිපාලන නිලධාරියා විස්තර කරපු මාළිගාවෙ අතීතයත් ප්‍රෞඪත්වයත් මයික් අහගෙන හිතට ගත්ත කියල මට තේරුණේ නැතත් නිධානයක් දැක්ක කෙනෙක් වගේ ඔහු සතුටට පත්වුණේ මාළිගාවෙ ඇති විශාල ගල් කුළුණු දැකපු වෙලාවෙදියි.ඒ දැවැන්ත ගල් කණු හැම එකක්ම පාහේ මයික්ගෙ තියුණු පරීක්ෂාවට ලක්වුනා විතරක් නෙවෙයි ඒ සම්බන්ධයෙන් පැයක් විතර ඔහු කරන්නට යෙදුනු විශේෂඥ විස්තරයට කන් දෙන්නට ගල් කපනව ඇරෙන්නට ගල් ගැන මෙලෝ දෙයක් නොදන්න මට සිද්දවුනා.ඒ ඒ ගල් කණුවල ඇති කළු පැල්ලම්ද දුඹුරු පැල්ලම්ද මට පෙන්වමින් මීට අවුරුදු ලක්ෂ ගණනකට පෙර ඒ ගල් මුහුදෙන් යට තිබුනු බව මයික් පැහැදිලි කළා.
කොහොම හරි ගොම්මන් කළුවර බිමට පාත්වෙද්දි මයික්ව දළදා මාළිගාවෙන් එළියට ගන්නට මට හැකිවුනා. නොයෙක් වර්ගවල තිරිවාන ගල් සහ කළුගල් කැබලි පිරී තිබුණු බෑගයක් තුරුල් කරන් හිටපු මයික් සමග අපි නුවරින් පිටත්වුනේ ගොඩක් රෑ බෝ වෙන්නට පෙර කොළඹට එන්නට හිතාගෙනයි.කරුවල නිසා අතරමග ගල් බලන්නට නතරවෙන්නට සිද්දවුනේ නෑ.ඒ වෙද්දි කට්ටියම ගොඩක් තෙහෙට්ටුවෙන් හිටපු නිසා තේ එකක් බොන්නට නිට්ටඹුව පහුවුන ගමන් පොල්ලතු කඩේ නතර කරන්න කියල මම රියදුරුට කිව්වා. පොල්ලතු කඩේ ඉස්පැෂල් රළුවට කපල තෙල් දාපු රටලූණු බැදුම එක්ක සුදු ආප්ප අපට කන්න ගෙන්නෙව්වම ආප්ප කන්නෙ කොහොමද කියල මයික් මගෙන් ඇහුවා.
ඒ වෙනකොටත් කෑම පටන් අරං හිටපු ඩ්‍රයිවර්ව පෙන්නපු මම ඔහු ආප්ප කන දිහා බලල කන්න කියල මයික්ට කිව්වත් එක්කම පොඩි අවවාදයකුත් දුන්නා.ඒ මිරිස් සැර සහිත රටලූණු බැදුම කෑම ඔහුට අහිතකර වන්නට පුළුවන් බවත් හොඳම දේ කෙසෙල් ගෙඩි සමග ආප්ප කෑම බවත් මම කියාසිටියා.කෙසෙල්ගෙඩි කෑම තරයේම ප්‍රතික්ෂේප කළ ඔහු මිරිස් සැර ප්‍රශ්නයක් නොවන බවත් කොකාකෝලා බෝතලයක් ගෙන්වා දීම ප්‍රමාණවත් බවත් කිව්වා.
මිරිස් සැරට ඉස්සෙකුසේ රතුවෙමින් සැරෙන් සැරේ කෝක් බොමින් අපිත් එක්ක හරි හරියට රටලූණු බැදුම සමග ආප්ප කාපු මයික්ව කොළඹින් බස්සල මම ගෙදර ආවෙ ආතර් සී ක්ලාක් මහතාගේ අස්සන අරං ඔහුට ආපසු එවන්න යයි මට දීපු පොත් මිටියකුත් අරගෙනයි.එකතු කරපු ගල් තොගෙත් අරගෙන පහුවදා මයික් ගුවන්ගත වුනා.ඊට දවස් දෙකකට පස්සෙ ආතර් සී ක්ලාක් මහතා මුණගැසී පොත් ටික අස්සන් කරවාගන්නට ලැබීම වාසනාවක් වුනේ ඊළඟ සතියෙ ආතර් සී ක්ලාක් මහතා දෙවියන් වහන්සේ බැහැදකින්නට ගිය නිසායි.
අවුරුදු ගතවෙලා ගියත් අපේ හිතවත්කම නැතිවුනේ නෑ.මෑතකදී අපේ කන්තෝරුවෙ අයගෙ අතර ලොකු වාදයක් ඇතිවුණා.ඒ පහුගිය කාලෙ ඉතාම ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබුණ මායාවරුන්ගේ කැලැන්ඩරය ගැනයි.2012 දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශය වෙනවාමයි කියල දෙතුන් දෙනෙක් තදින්ම කියා හිටියා.වැඩේ ගෝරියක් බවට පත්වෙන්නට ඉස්සර මේ ගැන නාසා ආයතනයේ මගෙ යාළුවෙකුගෙන් අහල කියන්නං කියල මම රණ්ඩුව බේරුම් කළා.ඒත් එක්කම මයික්ට මේලක් යවා මේ ගැන ඇහුවා.ඔහු ඒ සැනෙකින්ම උත්තර ඒවා තිබුනා.ලෝක විනාශයක් ගැන ඔහුට කිසිම ආරංචියක් නැති බව වචන කීපයකින් ලියා තිබු මයික් මේ රටේ ඇති විවිධාකාර ගල් වර්ග ගැන දීර්ඝ විස්තරයක් කර කවදා හෝ ඒ ගල් බලා ගන්නට එන බවද වැඩිදුරටත් කියා තිබුනා.
ටික දුරක් නිදි කිරමින් ගියපු අපි නුවර පාරෙ කැලණිය පහුකරද්දී කතාවට වැටුණා.මම සුපුරුදු සම්ප්‍රදායික විදියට ආචාරශීලීව ඩොක්ටර් මයිකල් කියල කතාව පටන්ගන්න හදනකොටම නෝ කියල ඔහු වහාම මාව නැවැත්තුවා.
"මයික්"
ඔහු කීවා,එතැන් සිට පින්නවලට යනතුරු රට ගැනත් අපි පසුකරගෙන යන ගම් ගැනත් ඔහුට විස්තර කරන්නට මට සිදුවුනා.පින්නවලදී වාහනෙන් බැහැපු තැන ඉඳන් ගල්වලට ඔහුගෙ තිබුණු කෑදරකම මම හොඳටම දැකගත්තා.අලින්ට වඩා ඔහුගෙ උනන්දුව තිබුනෙ ගල්වලටයි.අලි නාවන තැන බලන්නට යද්දි කඩයක්ද ගෙයක්ද හදන්න ගෙනත් බාල තිබුණු කළුගල් ගොඩක් ළඟ මයික් නැවතුනා.ගල් දිහැ ටික වෙලාවක් බලං ඉඳල කිලෝ හත අටක පැතලි ගල් කෑල්ලක් අතට අරං මේ ගල මම ගත්තට කමක් නැද්ද ඇහුවම මාත් වටපිට බලල කමක් නෑ ගන්න කිව්වෙ ගල්ගොඩ මගෙ වගෙයි.ඒ සැනින්ම මයික් මැණික් ගලක් ලැබුනට වඩා ආසාවෙන් කළුගල් කෑල්ල බෑග් එකට දමා ගත්තා.ඔය මම දාලතියෙන පින්තුරෙත් ඔහු අලි දිහා බලනවට වඩා උනන්දුවෙන් බලන්නෙ ගඟේ තියෙන කළුගල් දිහාවෙයි.
ඊළඟට ගියපු පේරාදෙනියෙ ගාඩ්න් එකේ නං ගල් තිබුනෙ නෑ ඒකෙදි මයික්ගෙ අවධානය වැඩිපුර යොමුවුණේ ජීවත්වෙන ගස්වලට වඩා මැරිච්ච ගස්වලටයි.ගාඩ්න් එක ඔහුගෙ හිතට ඇල්ලුවද නැද්ද කියල මට තේරුණේ නැතත් මාව මෙතෙන්ට එක්ක ආවට ඔබට ස්තූතියි කියල නං ඔහු කිව්වා.නුවරට ගියපු අපි ස්විස් හෝටලේ සුදානම් කර තිබුණු දවල් ආහාරයත් අහවර කරලා දළදා මාළිගාවට යද්දි මාළිගාවේ පරිපාලන නිලධාරියා ඔහුව පිළිගන්නට සැරසී සිටියා.
පරිපාලන නිලධාරියා විස්තර කරපු මාළිගාවෙ අතීතයත් ප්‍රෞඪත්වයත් මයික් අහගෙන හිතට ගත්ත කියල මට තේරුණේ නැතත් නිධානයක් දැක්ක කෙනෙක් වගේ ඔහු සතුටට පත්වුණේ මාළිගාවෙ ඇති විශාල ගල් කුළුණු දැකපු වෙලාවෙදියි.ඒ දැවැන්ත ගල් කණු හැම එකක්ම පාහේ මයික්ගෙ තියුණු පරීක්ෂාවට ලක්වුනා විතරක් නෙවෙයි ඒ සම්බන්ධයෙන් පැයක් විතර ඔහු කරන්නට යෙදුනු විශේෂඥ විස්තරයට කන් දෙන්නට ගල් කපනව ඇරෙන්නට ගල් ගැන මෙලෝ දෙයක් නොදන්න මට සිද්දවුනා.ඒ ඒ ගල් කණුවල ඇති කළු පැල්ලම්ද දුඹුරු පැල්ලම්ද මට පෙන්වමින් මීට අවුරුදු ලක්ෂ ගණනකට පෙර ඒ ගල් මුහුදෙන් යට තිබුනු බව මයික් පැහැදිලි කළා.
කොහොම හරි ගොම්මන් කළුවර බිමට පාත්වෙද්දි මයික්ව දළදා මාළිගාවෙන් එළියට ගන්නට මට හැකිවුනා. නොයෙක් වර්ගවල තිරිවාන ගල් සහ කළුගල් කැබලි පිරී තිබුණු බෑගයක් තුරුල් කරන් හිටපු මයික් සමග අපි නුවරින් පිටත්වුනේ ගොඩක් රෑ බෝ වෙන්නට පෙර කොළඹට එන්නට හිතාගෙනයි.කරුවල නිසා අතරමග ගල් බලන්නට නතරවෙන්නට සිද්දවුනේ නෑ.ඒ වෙද්දි කට්ටියම ගොඩක් තෙහෙට්ටුවෙන් හිටපු නිසා තේ එකක් බොන්නට නිට්ටඹුව පහුවුන ගමන් පොල්ලතු කඩේ නතර කරන්න කියල මම රියදුරුට කිව්වා. පොල්ලතු කඩේ ඉස්පැෂල් රළුවට කපල තෙල් දාපු රටලූණු බැදුම එක්ක සුදු ආප්ප අපට කන්න ගෙන්නෙව්වම ආප්ප කන්නෙ කොහොමද කියල මයික් මගෙන් ඇහුවා.
ඒ වෙනකොටත් කෑම පටන් අරං හිටපු ඩ්‍රයිවර්ව පෙන්නපු මම ඔහු ආප්ප කන දිහා බලල කන්න කියල මයික්ට කිව්වත් එක්කම පොඩි අවවාදයකුත් දුන්නා.ඒ මිරිස් සැර සහිත රටලූණු බැදුම කෑම ඔහුට අහිතකර වන්නට පුළුවන් බවත් හොඳම දේ කෙසෙල් ගෙඩි සමග ආප්ප කෑම බවත් මම කියාසිටියා.කෙසෙල්ගෙඩි කෑම තරයේම ප්‍රතික්ෂේප කළ ඔහු මිරිස් සැර ප්‍රශ්නයක් නොවන බවත් කොකාකෝලා බෝතලයක් ගෙන්වා දීම ප්‍රමාණවත් බවත් කිව්වා.
මිරිස් සැරට ඉස්සෙකුසේ රතුවෙමින් සැරෙන් සැරේ කෝක් බොමින් අපිත් එක්ක හරි හරියට රටලූණු බැදුම සමග ආප්ප කාපු මයික්ව කොළඹින් බස්සල මම ගෙදර ආවෙ ආතර් සී ක්ලාක් මහතාගේ අස්සන අරං ඔහුට ආපසු එවන්න යයි මට දීපු පොත් මිටියකුත් අරගෙනයි.එකතු කරපු ගල් තොගෙත් අරගෙන පහුවදා මයික් ගුවන්ගත වුනා.ඊට දවස් දෙකකට පස්සෙ ආතර් සී ක්ලාක් මහතා මුණගැසී පොත් ටික අස්සන් කරවාගන්නට ලැබීම වාසනාවක් වුනේ ඊළඟ සතියෙ ආතර් සී ක්ලාක් මහතා දෙවියන් වහන්සේ බැහැදකින්නට ගිය නිසායි.
අවුරුදු ගතවෙලා ගියත් අපේ හිතවත්කම නැතිවුනේ නෑ.මෑතකදී අපේ කන්තෝරුවෙ අයගෙ අතර ලොකු වාදයක් ඇතිවුණා.ඒ පහුගිය කාලෙ ඉතාම ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබුණ මායාවරුන්ගේ කැලැන්ඩරය ගැනයි.2012 දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශය වෙනවාමයි කියල දෙතුන් දෙනෙක් තදින්ම කියා හිටියා.වැඩේ ගෝරියක් බවට පත්වෙන්නට ඉස්සර මේ ගැන නාසා ආයතනයේ මගෙ යාළුවෙකුගෙන් අහල කියන්නං කියල මම රණ්ඩුව බේරුම් කළා.ඒත් එක්කම මයික්ට මේලක් යවා මේ ගැන ඇහුවා.ඔහු ඒ සැනෙකින්ම උත්තර ඒවා තිබුනා.ලෝක විනාශයක් ගැන ඔහුට කිසිම ආරංචියක් නැති බව වචන කීපයකින් ලියා තිබු මයික් මේ රටේ ඇති විවිධාකාර ගල් වර්ග ගැන දීර්ඝ විස්තරයක් කර කවදා හෝ ඒ ගල් බලා ගන්නට එන බවද වැඩිදුරටත් කියා තිබුනා.
හැක් ගල් කතාව මරු ,හැලප කතා හෙමින් කීප විටක් කියවන විට රස වැඩි :))
ReplyDeleteතැන්කුයි සහෝ,අපි ඉතිං කොහොමත් ගල් කතාවලට කැමති අය නොවැ.
Deleteසම්පූර්ණ ඇත්ත සහෝදර, මමත් සමහර තැන් දෙතුන් පාර කියවල රස වින්දා.
Delete//ගල් කපනව ඇරෙන්නට ගල් ගැන මෙලෝ දෙයක් නොදන්න මට සිද්දවුනා//
ReplyDeleteඋබෙ පුතත් මෙක කියවනවද අය්යෙ එල කිරි
ඇයි බන් හැලපැට්ටත් කොල්ලෙක් වෙච්චි එකේ ඔය දේශීය කරුමාන්ත ගැන දැන ගන්න එපැයි
Delete//ගල් කපනව ඇරෙන්නට ගල් ගැන මෙලෝ දෙයක් නොදන්න මට සිද්දවුනා//
Deleteපුරුද්ද තමයි ඉතින්. හැලපයා ගල්කපල තියෙන්නේ කොල්ලන්ටද දන්නේ නෑ.
පුතා මේක කියවන්නෙ නෑ ඇනෝ,ඇත්තම කිව්වොත් ඌට කියවන්න බෑ මොකටද බොරු කියන්නෙ.
Deleteමැලේ,
Deleteඑහෙනං,උනුත් මෙව්වා දැනගන්න එපායැ .
ඇනෝ 8.19 AM
Deleteහැලපයා උභය පාර්ශවයටම ගල්කපා ඇත.
\\හැලපයා උභය පාර්ශවයටම ගල්කපා ඇත.\\\
Delete++++++++++++++++++++++++++++++++
හා හා එතකකොට හැලපයා උබය ලිංගිකද?
Delete\\හැලපයා උභය පාර්ශවයටම ගල්කපා ඇත.\\\
Deleteඔන්න ඔන්න කටින් පැන්න එලියට.
//බොන්න ගෙනත් දුන්න වතුර වීදුරුව ප්‍රතික්ෂේප කලේ යුරෝපීයයන්ගේ වතුර බීම ගැන අගක් මුලක් නොදත් ඇගේ මුහුණේ දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනුයි//
ReplyDeleteඑතකොට සුද්දෝ වතුර බොන්නේ බය උනහම විතරද
වෙන්න ඇති බං.උන් කාල වතුර බොනව මං දැකලම නෑ.
Delete//ඒ කතා දෙකම අසත්තක බොරු බව මට බැලු බැල්මටම පෙනුනත් කියපුදේ අහගෙන හිටිය මිසක මම ඔව්ව හගිස්සවන්න ගියෙ නෑ//
ReplyDeleteහිතුනේ කොයි රටේ පොරක් කියලද
මටත් එතන විස්තර මදි. මේ කියන පොර ලංසියෙක්ද?
Deleteඇයි කකා එකේ කියලා තියෙන්නේ ඒ වෙලේ හැලපෙ හිටියේ සරමක් එහෙම ගහලා,බුලත් විටකුත් කාලා නිකං නියම ගැමියෙක් වගේ කියලා. ඉතිං එතකොට සුද්දා හිතන්න ඇති හැලපෙ ඔය රට රටවල් ගැන දන්නේ නෑ කියල. ඉතිං ඕනි ගැමියෙක් දන්නවානේ එංගලන්තයේ ලන්ඩන් කිව්වම. ඒ නිසා එහෙම කියන්න ඇති කියලා හැලපෙම පැහැදිලි කරලා තියෙන්නේ.
Delete'කෑම කමින් සිටියදී ඔහුත් සමග පොඩි සංවාදයක යෙදෙන්නට මට අවස්ථාව ලැබුණු නිසා අපේ සුපුරුදු ශ්‍රී ලාංකික ගතිය විදහා පාමින් මම ඔහුගේ වාස දේස අහපුවම රට එංගලන්තය සහ පදිංචිය ලංඩන් බව ඔහු කියා සිටියා. ඒ කතා දෙකම අසත්තක බොරු බව මට බැලු බැල්මටම පෙනුනත් කියපුදේ අහගෙන හිටිය මිසක මම ඔව්ව හගිස්සවන්න ගියෙ නෑ .සරමකුත් ඇඳගෙන කෑම කාල ඉවරවෙලා බුලත්විට හපමින් හිටපු මේ ගොඩයා එංගලන්තයත් ලංඩන් නගරයත් ඇරෙන්නට වෙනත් රටක් ගමක් අහල නැහැ කියල ඔහුට හිතුනා නං ඒකත් අසාධාරණ නැහැ.'
අටං,
Deleteපැහැදිලිවම පොර යුරෝපියයෙක්.රට රටවල පුද්ගලයන් ගැන මට ඇති සුළු දැනීම අනුව එය හොඳින්ම පෙනුනා.
කකා,
Deleteඊට වඩා විස්තර මොනවද කකා,පැහැදිලිවම ඔහු විදේශිකයෙක්.
ඇනෝ,
Deleteබොහොම ස්තූතියි ඇනෝ.
//පැහැදිලිවම පොර යුරෝපියයෙක්.//
Deleteඒ කිව්වෙ කොන්ටිනෙන්ටල් යුරෝපෙ නේද? නැත්නම් ඉන්ගලන්තෙත් යුරෝපෙනෙ, උන් සමහර වෙලාවට එහෙම නෑ වගේ ඉන්න කැමතිවුනාට
හැලපේ/ඇනෝ....මෙහෙම වෙන්නත් පුලුවන් නේද?
Deleteවෑන් රථය තුල කථා බහ...
"ඒයි එල්මෝ, අන්න මචං වන්දනා නඩයක් කෑම කනවා. උඹ ගිහින් සුද්දෙක් වගේ කථා කරලා කෑම ටිකක් කෑවොත් බොට බෝතලේම තනියම බොන්න දෙනවා"
එල්මෝ- හරි නවත්තපන්. උඹත් වරෙන් මම කියන්නං උඹ ගයිඩ් කියලා
ගයිඩ් වගේ එකා- අනේ මට බෑ බං කෑම කෙසේ වෙතත් බඩ පුරා ගුටිකන්න වෙයි
එල්මෝ- ඕකේ...ඔන්න බලපං එහෙනං
ටික වෙලාවකින්
ගයිඩ් වගේ එකා- ඒයි අර බලපන්..අන්න අරූ බත් පිඟානකටම වග කියනවා...
මා දන්නා මගේ හොඳම ලංසි යාලුවෙකු වූ එල්මෝ මතක්විය...
නැතුව හැලපේගේ ඇන්ත්‍රොපොලොජි ක්නොලේජ් එක පහත්කර සිතීමක් නොවෙන බව කරුනාවෙන් සලකන්න...
This comment has been removed by the author.
Deleteප්‍රා,
Deleteඔව් ඔව් කොන්ටිනෙන්ටල් යුරෝපෙ තමා.එංගලන්තෙ යුරෝප් උනාට උන් එහෙම කියන්න කැමති නෑනෙ.අමුතුම ජාතියක් එවුන් ටිකක් නොවැ උන්.
චෙපාකි,
Deleteහෙහ් හෙහ් නිර්මාණය නියමයි බං.ඔහොමත් වෙන්න පුළුවන් තමයි,නමුත් ඒ මා එක්ක නොවෙයි.
//අමුතුම ජාතියක් එවුන් ටිකක් නොවැ උන්.//
Delete"දූපත් මානසිකත්වය"
ඉන්දියන් සාගරෙත් අමුතු ඇටයකට එහෙම තියනව කියල අහල තියනව
ගල් කිව්වනං අපි එතන !!!! ඕ යේස්
ReplyDeleteආයත් අහලා බොරැනම් රාම කැලේ ඉසුරැමුනිය ස්වර්නපාලියේ කෙල්ලොන්ගෙන් අහලා බලන්න.
Deleteහා හා ලොක්කා … මිහිරි මතක - හදරැඳේ :D
Deleteස්වර්ණපාලිය කියන්නෙ තව්තිසාව යකෝ !!!!! සාදු සාදු !!!
අනේද කියන්නේ,
Deleteඒ උනාට ඡොශපියන්ලා ඒක සින්නක්කර ලියාගෙන හිටියේ මතක් වෙනකොටත් හර්..හර්..
Deleteහා හා උඹලගෙයි අපෙයි වලිය මේ කපේ ඉවර වෙන එකක් නෙවෙයි ඔය කොන්වන්ට් එක නිසා :D … අපරාදෙ කියන්නෙ අලුත් පරම්පරාවත් ඒක දිගට ගෙනියනව ටොපටම… !!
Deleteඔන්න පත්තර මල්ලි,පුරේ හිතවතුන් සෙට් වෙලා.මට හරි සතුටුයි.
Deleteමායාලා ගේ ලෝක විනාශය ගැන නාසා ජියොලොජිස්ට් ගෙන් ඇහැව්වේ ඇයි කියලයි මං කල්පනා කරන්නේ.
ReplyDeleteලෝක විනාසේ විශ්වාස කරපු උන්ගේ ගානේ කලින්දා හොඳ පාටියක් දාන්න තිබුණා..!
මායාවරුන්ගේ කැලැන්ඩරේ ගලක කොටල තිබුනු නිසා වෙන්නැති... :D
Deleteනාසා එක අතුගාන එකෙක් හරි කිව්වනං අපේ උන් ඉහළින් පිළිගන්නවනෙ කකා.මයික්ගෙන් ඇහුවෙ ඒකයි.ලෝක විනාසෙ තිබුනත් නැතත් උන් බොන්නෙ පහුවදා ලෝක විනාසෙ වගේ තමා.
Deleteඅහවලා,
Deleteහැබෑට ඒකත් ඇත්තනෙ බං.
/* .මේ උත්සවයෙදි ගනිපු පිංතුරයක් මගෙළඟ තිබුනත් ඒ ,*/
ReplyDeleteඇයි කාටවත් බය වෙන්නේ? මේක කාගේ බ්ලොග් එකද?
බය නං නෑ කකා කතා අහන්න ලැජ්ජයි.
Delete//බය නං නෑ කකා කතා අහන්න ලැජ්ජයි.///
Delete+++++++++++++++++
දැන් මෙතන කුකුළ් හොරකම් ගැනයි, චොක්ලට් ගැනයි මොනා හරි තිබ්බද? :)
ReplyDeleteඅර වතුර කතාව ඇත්තයි. කන ගමන් වතුර බොන සිරිතක් එයාලගේ නෑ. හැබෑට අර 'සුද්දා' ලංකාවේ කෙනෙක්ද?
ෆොටෝ ටික දාන්ට හැලපයෝ...
මට ලඟදි කොලෝන් වලින් ආපු කෙනෙක්ගෙන් චූටි වතුර බෝතලයක් ලැබුණා. :D
දැන් මෙතන කුකුළ් හොරකම් ගැනයි, චොක්ලට් ගැනයි මොනා හරි තිබ්බද? :)
Deleteඒකනේ පොඩ්ඩි :D :D
ඊලග කොටසට අදින්න තමයි, මාත් හෙවුවේ ඒක
Deleteහැබෑට කුකුල් හොරකං ගැනයි චොකලට් ගැනයි මොකුත්ම නෑ නේන්නං පොඩ්ඩියෙ.වස වැරැද්දයි ආයෙම බලමුකො.
Deleteලංකාවෙ සුද්දො කිව්වෙ මාතලන් වගේ ලෝකල් සුද්දන්ටද.පොටෝ ටික හිමිහිට දාමු ඈ.
රෙහානි,
Deleteමම කිව්වෙ නැතුවට ඔයා කුකුල් හොරකං ගැන කිව්වනෙ.
ඕමා,
Deleteඊළඟ කොටසත් කොහොම හරි ඇදගන්න එපැයි.අහිංසකයගෙ බ්ලොගේනෙ.
කතාව ඇත්ත... දැන් (සමහර) සුද්දන්ට හොඳට මිරිස් කන්න පුලුවන්...
ReplyDeleteකෝච්චියේ නම "තාලිස්" ද? මං මෙච්චර කල් හිතන් හිටියෙ "තැලිස්" කියලා...
කොලෝන් වලට නම් ගිහින් නැහැ, ඒත් ඇම්ස්ටර්ඩෑම් ඉඳල පැරිස් ගිහින් ඇවිත් තියෙනව ඔය කෝච්චියේ... වටපිට බල බල යන්න කියල ජනේලෙ ගාවම සීට් එකකුත් ගත්ත... කෝච්චියට නැග්ගහම තමයි මතක් උනේ රෑ තමයි යන්නෙ කියලා... :D
දැන් අපට වඩා හොඳට සුද්දො මිරිස් කනව බං.
Deleteකෝච්චියට නං දෙවිදියටම කියන්න පුළුවනි නේද.මම ඕකෙ බ්‍රසල්ස් ඉඳල පැරිස් ගියා ඒ නං දවල්.
This comment has been removed by the author.
ReplyDeleteරෙහානිගේ පොල් ලෙලි සීන් එක කෝ.....????
Deleteමං කියන්නේ හැලපඅයියේ කුකුලෙක් පොල් ලෙල්ලක් උඩට (අනික ගානට රත්වෙච්ච ) ගන්න එක එච්චර හොඳ නෑ නේද?
මල්මි ගේ චාලිගේ චොකලට් කෝ...
වෙල් නියරක ඉඳන් හිස් කරන එක තරම් සැපක් කොයි ද ආ.................................
ජ ය වේ වා !!!!
//වෙල් නියරක ඉඳං හිස් කරන එක තරං සැපක් කොයි ආ …\\
Deleteදිවිය සැප සම්පත් කියන්නෙ ඕං ඔව්වට මචෝ .. සාදු සාදු !!!
ඇයි යකෝ වැල්ලෙ හුළ්ං වැදි වැදි
Deleteමල්වතු ඔයේ ගලක් ගහක් යටට වෙලා … ඇඬෙනවා !! ඒ පොට් එකට අල්ලල යන්නෙපොල් රා … බඩු එහාපැත්තෙ බාපු ගමං..
Deleteපිස්සු කෙලින්න එපා බං රස්සව දාලා දුවන්න හිතෙනවා ප්‍රන්තේට.
Deleteලොන්තේ දාලා අඞුපාඞුවට නහයෙන් අඞලා බෝතලයක් අරගෙන බිලා ඔයේ නාලා වෙරි හිදෙනකන් ගලක් උඞ බුදියගෙන සැමන්ටින් එක ගලේ ගහලා කඞලා රතුලුණු එක්ක පාන් රාත්තල 10 දෙනෙක් කාපු සැප නෑ බං හිල්ටන් එකේවත්.
රෙහානිගේ පොල්ලෙලි සීන් එක?මොනවද බං මේ කියන කතා විළි ලැජ්ජාවෙ බෑ යකෝ.අපි විළි බිය ඇතුව හැදිච්ච උන් නේද.
Deleteඔව් බං කුකුළෙක් ගානට රත්වෙච්ච පොල්ලෙල්ලක් උඩට ගන්න එක කොහොමත්ම හොඳ නෑ.චාලිගෙ චොකලට් ගැන මම මල්මිට කියන්නං.සමහරවිට දෙන්නත් බැරි නෑ.
ආයෙ පිස්සුවක් ඇතෑ මෙන්ඩියෝ.. ඒව ලබන්න පින තියෙන්න ඕනෑ.. අම්මේ ඇහුනත් සැපයි.අම්මපා.
Deleteමැන්ඩිස්, පත්තරේ,
Deleteබොලා දෙන්නගෙ සංවාදෙ දැක්කම මටත් පිස්සු හැදෙනව බං.
උඹට ගැටිස්සියෝ ලියන ඒව විතරයි මතක් මතක් වෙන්නෙ නේද මචෝ......
ReplyDeleteමං වැනි ගැටයෙක් ලියන ඒවලින් උඹට යමක් මතකෙට එන්නෙ නැද්ද බං ....... හෙක්.....
ඒකනේ මචෝ,උඹ වගේ ගැටයෙක් ලියන ඒව කියවනකොට මතක් වෙන්නෙ වෙන වෙන දේවල්නෙ බං.
Deleteආතර් සී ක්ලාක් මහත්තය අත්සන් කරලා දීපු පොතක් මගේ ලඟත් තියෙනවා .. හෙහ් හෙහ් එතුමා මුණ ගැසී කතා බහ කරන්න ලැබීම මගේ ජිවිතයේ ලබපු වටිනාම අත්දැකීමක් ..
ReplyDeleteහැලප දන්නා කියන ඔය වගේ විද්‍යාඥයන් ගැන කතා ලියන්නකෝ . ඒ වගේම අර පින්තුරත් මේකේ දාන්න . අපි කැමතියි බලන්න
මටත් එහෙමයි පැතුම්,පිංතුර ආයෙම දවසක දාන්නං.
Delete"ඇත්තටම කිව්වොත් කියන්න කතාවක් නෑ පින්තුර වලින් බලාගන්න එකයි."
ReplyDeleteකෝ ඉතින් පින්තුර ????
අර ඇනෝ කොහේ හරි ගිහින් වගේ ...... නැත්නම් මාත් එක්ක මල පැනලද දන්නෙත් නෑ
පිංතුර පස්සෙ දෙන්නං.
Deleteඋඹ කරන වැඩ හින්දා ඇනෝ මෙහෙමවත් එනව ඇති මැලේ.
හිහික්.. හැබැයි මරු බුවා...
ReplyDeleteපරණ රජ කාලෙ හිටිය නං හොදට එක්කහු වෙලා හරි හරියට ගල් කපන්න තිබ්බ
කියල වැඩක් නෑ මහේෂ්.
Deleteසුද්දන්ට මග පෙන්නන සුද්දෝ සෙට් එකක්ම මේ ක්ෂේශ්ත්‍රයේ ඉන්නවා. මම කියන්නේ පොත්ත සුදු උන් එමෙයි නියම සුද්දෝ.. දව්සක මම ඉන්දියන් කපල් එකක් අරගෙන නුවර එළි යනවා. මගදි පාර අයිනේ තේ වත්තක් ළඟ නවත්තලා පොටෝ සෙසන් එකක් දෙන තැනක් තියෙනවා. ආන් එතන් ඉන්න කොට තව සංචාරක මග පෙන්නන්නෙක් මගේ ඉන්දියන් ගෙස්ට් ගෙන් අහනවා මචං රම්බොඩට තව කොච්චර තියෙනවද කියලා. මගේ ගෙසා හොල්මන්. මම සිංහලෙන් කිව්වාන තව පොඩ්ඩයි මචං කියලා. ගයිඩා හොල්මන්. ඌ හිතලා තියෙන්නේ මමයි ගෙස්ට්, අරූ ගයිඩ් කියලා..
ReplyDeleteසමහර් හෝටල් වලට ගියාඅත්, මට මාර වෙල්කම් එකක් දෙන්නේ. කළු කන්නඩිත් දාලා නේ යන්නේ. කොල්ලො නම් ඉතින් කුණුහබ්බෙන්ම දෙනවා. ආතල් එකටත් එක්ක.
පිස්සු හැදෙනව බං.ඔන්න ඔය කතා ටිකකුත් බ්ලොගේ ලියන්න බැරිද මෙව්ව ටොප් කතානෙ මචෝ.අපට ඔය විදියෙ අත්දැකීම් නෑනෙ.ඔය ඉඳල හිටලා සුද්දෙක් දෙන්නෙක් මුණගැහුනට මෙලෝ රහක් නෑ.
Deleteහලෝ හැලපෙ,
ReplyDeleteනියම කතාව මේක නං. මම බඩ අල්ලං හිනා වේවි කියෙව්වේ.
ඉතිං හැලපෙ ඊයේ පෙරේදා මොකද කලේ? ඊයේ නං මට හරියට අපේ රාජ්ගේ, මාතලන්ගේ බ්ලොග් බලන්න උනේ නෑ. මොකද අපේ ලොක්කා රට ගිහිං අලුතින් එස් පහද මොකක්ද කියලා ක්‍රමයක් ඉගෙන ගෙනනේ. ඉතිං ඒ විදියට ඔපිස් එක අලුතින් හදන්න ලෑස්ති. ඊයේ ඔපිස් එකේ අපි ඉන්න කොටහා අස් කෙරුවනේ. දැන් ආයේ අලුතින් හදන්න ලෑස්ති. ඉතිං මට ඊයේ කොමෙන්ට් එකක් දාන්න වත් එන්න විදියක් තිබුනේ නෑ. මම ඉතිං ඊයේ උදේ ඉදන් ගොලිප් බිබී ඔපිස් එකේ අරහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා. මට අපේ රාජ්ලා,හැලපෙලා,මාතලන්ලා එහෙමත් මතක් උනා එතකොට. ඒත් මට හිතුනා රාජ් එහෙම තරහා වෙලාද දන්නෙත් නෑ කියලා.
ඊයේ දවල් කෑමට කලින් පොඩි වීදුරුවක් පුරවලා අරක්කු ඩිංගක් බිව්වා විජහට. අදත් ඉතිං ඔපිස් ආවට වැඩ කරන්න වෙන්නේ නෑනේ. ඒ හින්දා මම තාම ඔපිස් ගියේ නෑ. ගෙදර ඉන්නේ. දවල් වෙලා 11 ටැ විතර ජයේ අයියගේ පොට් එකට ගිහිං කජු පැකට් එකක් එක්ක භාගයක් ගහලා,බත් ඩිංගකුත් කාල ඔපිස් එක පැත්තේ යන්නං කියලා ඉන්නේ. අද ඉතිං කට්ටිය පොත අත්සන් කරන්නේ නැති හින්දා අවුලක් නැතිවෙයි මං හිතන්නේ.
දැන් නං මම මේ උදේට කෑවා බත් පිගානක්ම. ඊයේ පස්සේ මේ ගොලිප් එකක් පත්තු කරන් මාතලන්ගේ සින්ඩියට ආවේ අපේ හැලපෙ,මතලන් මොනාද ලියලා තියෙන්නේ බලන්න. රාජ් නං ඊයේ පොස්ට් එකක් දැම්මා නේ. එහින්දා අද ආයේ ලියන එකක් නෑ.
එහෙනං මං දවල් වෙලා ඔපිස් එකට ගිහිං පුළුවන් උනොත් මේ පැත්තේ එන්නං කෝ.
ඔයා නේද ආතල් ඇනෝ,, ගෝලිප් බොනවා වැඩි ඈ :D
Deleteමේකත් අපූරු කමෙන්ට් කලාවක් නෙව!
Deleteලිපිය වාගෙම රසවත් :-)
මෙච්චර ගොලිප් බොන්න.. අනිවා මේ නලීන් වෙන්න ඕන..
Deleteඑල කොල්ලෙක්නෙ මචං නියම ශ්‍රී ලාංකික ගැම්මක් තියෙනවා
Deleteවිදානෙයො නලිය ඒ බාරයක් ඔප්පු කරනවා … ගෝලිප් ලස්සෙක .. තව හතරක් නැත්තං පහයි අඩු… !! ඕ යේස්.
Deleteමට හිතෙන්නේ නලින්ගේ හිට්ස් ගානට වැඩිය කාපු ගොලිප් ගාන වැඩි ඇති.
Deleteහලෝ හැලපෙ,
Deleteමම මේ අපේ මතලන්ගේ පොස්ට් එකට පොටෝ එකකුත් එක්ක කොමෙන්ට් එකක් දැම්මා. ඔන්න ඒකත් බලන්න.
කොමෙන්ට් එක
පස්සේ එන්නං කෝ.
ලෝකේම තියන ගොල්ලිප් බිලා ඉවරකරාම උඔලට නෑ හු හු හු
Deleteවෙරි තියෙන්නේ අපිට වෙන්න බෑයි කියලා බෑ...
Deleteජින් තියෙන්නේ අපිට බොන්න බෑයි කියලා බෑ....
සිගරට් ඇත නොබී ඉන්න බෑයි කියලා බෑ....
මතට අයිති කිසිම දෙයක් බෑයි කියලා බෑ....
(http://gal-arakku.blogspot.com/2009_10_01_archive.html)
හලෝ ආතල් ඇනෝ,මගෙ අම්මේ දෙමව්පියෙක් දැක්ක දුටුව වගේ සතුටුයි.දන්නවද දැන් බ්ලොග් ලෝකෙ ජනප්‍රියම ඇනෝ උඹයි.
Deleteකෝල හැලපෙ පිංතූර..
ReplyDeleteපිංතූර දාන්න අමතක උනානෙ කොල්ලො.
Deleteකෝ චොකලට්?
ReplyDeleteඔයාගෙ බ්ලොගේ පැක්ටරියක්ම තිබ්බෙ.මාත් එකක් දෙකක්වත් පස්සෙ දෙන්නංකො.
Deleteහැලපෙ තුමෝ,
ReplyDeleteමා එක්ක ඉගෙනගත්තු ස්වීඩන් ජාතික මිතුරෙක් කන්ඩලමට එක්ක ගිහින් මටත් ඔය සමාන අත්දැකීමක් ලැබුනා.... පැය බාගයක් පමන දඹුල්ල පසේ තඹ ප්‍රතිශත ගැන ලෙක්චර් එකක් අහගත්තා....
අපරාදෙ මයික් ලොක්කව නාමල් උයනට ගෙනිච්චානම්.................
තුමෝ කියන්න එපා කොල්ලො හැලපයෝ කියපං.තුමෝ කිව්වම ටිකක් දේශපාලකයෙක් වගේ හිතෙනවා ලැජ්ජයි.
Deleteමයික්ව නාමල් උයනට එක්ක ගියා නං මට එහෙ පැලක් හදන් නවතින්නයි වෙන්නෙ.
//ඇත්තටම මට රෙහානි ලියපු එක කියවද්දී හිනාගියා අම්බ කුකුල් හොරු කරපු වැඩ කටයුතු රෙහානි කොහොමද දන්නෙ කියල.//
ReplyDeleteඅපි මැරී කරන්න කලින් එක දවසක් අපේ එක්කෙනා අපේ ගෙදර ආපු දවසක අපේ අයියයි එයයි අතරේ ඔය පතල් වාඩි වල රෑ ඉල්ලං රකින්න මුර ඉන්න දෙමළ මිනිස්සු කරන ඔය වගේ එක එක නසරාණි වැඩ ගැන කතා කර කර හිටියා .මාත් ඔය වෙලාවේ එතනට කන දාගෙන හිටියේ.ඒ දෙමලු රෑට වාඩියේ කෙහෙල් කොටං තියලා ඒවාට බෙඩ් සීට් පොරවලා යනවලු කුකුල් හොරකමේ..පතල් වාඩි තියෙන්නේ ගඟ අයිනෙනේ..ඒ අහළ පහළ ම ලයින් කාමර තියනවා.මොකද වටේම තියෙන්නේ රබර් වතු.ලයින් වල කුකුල්ලු එළුවෝ හරක් ඇති කරනවනේ..ඉතිං දෙමලු දන්නවා කුකුල්ලු ඉන්න තැන් ...කුකුල්ලු රෑට ඉන්නේ ගස් උඩනේ ...ඉතිං රෑ වෙන්න ඇරල පොල් ලෙලි ටිකක් දිග රිටක බැඳලා රත් කරලා කුකුල්ලු ඉන්න ගහට හේත්තු කරනවලු.ඉතිං සීතලේ ඉන්න කුකුල්ලු රස්නෙට අර පොල් ලෙල්ල උඩට එනවලු.ඒ අවහම කුකුලට ටිකකින් නින්ද යනවනේ...එතකොට හෙමිහිට කුකුලව අර රිට පහත් කරලා බිමට ගන්නවලු.
ඊට පස්සේ ඉතිං පට්ට ගහලා කුකුලව හොඳ ගල් බෝතලේකට බයිටට ගන්නවලු.:D
මං ඔය කතාව ඇහුවේ ඔහොමලු...මේක ප්‍රයෝගිකව කරන්න පුළුවන්ද නම් දන්නේ නැතෝ
අර පින්තුරු දකින්න අපී මනාපයි....නයි කතා මොකටද දාන්න හැලපතුමා
අරයා මොකෝ එච්චර ගල් වලට මනාප?
ගල් බොන්නෝ දිනන්නෝ කියල කථාවක් තියනවනේ...
Deleteගල් කියන්නේ අමුර්තෙ … බිව්වම පිං සිද්ධ වෙනවා… ඕ යේස්.
Deleteහා දෙන්නම එහෙනං ගල් බෝතලේට වඳින ගාථාව කියන්ට :D
Deleteරෙහනි මෙන්න ගිහින් බලන්නකෝ .......
Deleteමෙන්න සින්දු ...
https://www.youtube.com/watch?v=VRpiMajB53A
මෙන්න බ්ලොග් ...ගල්
මා ඉතින්
මා ඉතින් බොන්න යන්වා,
මට බොන්න අවසරයි,
මට අරන් යන්න ඇත්තේ,
ගල් බෝතලේ පමනයි....
උන් සැන්ඩි අරන් ඒවී,
කටගැස්ම එතන දේවී,
අපි එකට එතන බෝවී,
රෑවීලා ගෙදර ඒවී,
ජීවිතේ ෆුල් ජෝලී...........
(http://gal-arakku.blogspot.com/2009_10_01_archive.html)
පත්තරයෝ මෙන්න එල බුවෙක් .....
Deleteඋගේ ජීවිතේම ගල් වගේ
(http://gal-arakku.blogspot.com/2009_10_01_archive.html)
අම්මටහුඩු අපේ සිංදු ඇනෝ… ජය වේවා එකෙන්ම.. මගේ සැලියුට් එක !!! ගල් නං අපි රෙෂ්පට් මචෝ ..ඇත්ත නේන්නං ..එල බුවෙක් තමා.. :D මරු බ්ලොග් එක බං.
Deleteස්තුතියි ඔබට- ඔන්න මං රෝලට දාගත්තා....................
Deleteඔන්න කුකුල් හොරකමේ නිධාන කතාවත් දැනගත්තා.
Delete//මේක ප්‍රයෝගිකව කරන්න පුළුවන්ද නම් දන්නේ නැතෝ//
අපොයි පුළුවනි මොකද බැරි,ඇයි මට කතාවක් මතක් උනා කියල මම කිව්වෙ.ඒ කතාව මම දවසක ලියන්නං.පිළිගැන්වීම රෙහානිටයි.
සිංදු ඇනෝ,
Deleteමෙතන ගීතවලින් රසවත් කරනවට බොහොම ස්තූතියි.
සබ්ජෙක්ට් එකට ආදරය කරන පොරක්. ඒක හැමතිස්සෙම සිද්ද වෙන දේකුත් නෙවෙයි. හුඟක් වෙලාවට තමන්ගේ විනෝදාශය රැකියාව කරගත්ත උන්ට වෙන්නේ විනෝදාශයත් පේන්න බැරුව යන එකනේ.
ReplyDeleteඅඩේ මේ කොමෙන්ටුව හිනා කාල මැරෙනවා...
Deleteඔන්න හෙන්රි අපේ බාසාවෙ අරුමෙ!
Deleteහොඳ වෙලාවට මගෙ විනෝදාංශේ රස්සාව උනේ නෑ මචං.
Deleteගල් කොරිවල නෝ වේකන්සීස්....? හෙහ් හෙහ්
Deleteහෙහ් හෙහ් අදනම් පඳුර වටේ නෙවෙයි වත්තක් වටේම ගියා කුකුල් හොරු සහ චොක්ලට් හොයන්න. අර සුද්දා ගැන මටත් මහ පුදුමයක් හිතෙන්නේ. ඒකා සුදුපාට තියන අපේ රටේම එකෙක් නේද? මේ ඇම්බැට්ට වැඩක් නේද කලේ?
ReplyDeleteඇයි අප්පච්චියේ ගල් බලන්න අර මනුස්සයව මැජස්ටික් සිටි එක්ක ගියේ නැත්තේ?
මල් හතයි ඈ.
නෑ නෑ විචා ඌ සුද්දෙක්ම තමා.අප්පට සිරි එම් සී එකේ එච්චර ගල් තියෙනව කියල මම දැනගෙන හිටියේ නෑනෙ.නැත්නං එක්කං යනවා.
Deleteබොහොම ස්තූතියි.
මාත් ඇත්තටම ගල් කතාවට මනාපයි.. මයික් හරි...හොදයි...
ReplyDeleteඋඹ ගල් වලට මනාපවෙයි කියල මම හිතුවා.ඔව් ඔව් මයික් හරිම හොඳයි උඹත් එහෙම කිව්ව කියල මං කියන්නංකො.
Deleteහැලප මාමේ පින්තූර ටිකේ අඩුපාඩුව තදින් දැනේනවා , යුරෝපේ කාලා වයින් තමා වැඩිපුර අය බොන්නේ හම්මේ මට වයින් කතාවක් මතක් උනා ...:)
ReplyDeleteපිංතුර දාන්න අමතක උනානෙ ශානු.
Deleteයුරෝපේ කාලා වයින් බොන්නෙ අපේ සිරිලංකාවේ අය වෙන්න ඇති නේද.මතක් වෙච්ච වයින් කතාව වහාම ලියන්න.
නියමයි. සුද්ද නං නියම ගල්කාරයෙක්. අර මුලින් මුනගැහුන එකා අපේ මාතලන් නෙවේ කියල ෂුවර්ද?
ReplyDeleteහැබෑට මම ඒ කාලෙ මාතලන්ව දැනගෙන හිටියෙ නෑනෙ ප්‍රසන්න.
Deleteසුද්දෙක් හොටලයකට ඇවිත් මෙනිව් එක බලලා ඔඞර් කරාලු පිට්ටු කැම ටික ආවට පස්සේ ඉස්සරවෙලාම ගහලා ඇරියාලු පොල්කිරි විදුරැව ඊට පස්සේ අමාරැවෙන් පිට්ටු කැල්ල බැස්සුවලු අන්තිමට ලුණු මිරිස් තලිය ගිල්ලාලු.
ReplyDeleteමෙහෙ ශ්‍රී ලංකා කෑම ප්‍රදර්ශනේක අපි ආප්ප පිට්ටු ඉඳිආප්ප එහෙම හද හදා දුන්න.එකෙක් ඇවිත් පිට්ටු කෑල්ල නිකං කාල ඊට පස්සෙ ලුණුමිරිස් ටික හැන්දෙන් අරං කෑවා.කට දැවිල්ලට එතන තිබ්බ පෙප්සි ටික ඔක්කොම බිව්වා.
Delete//ගල් කපනව ඇරෙන්නට ගල් ගැන මෙලෝ දෙයක් නොදන්න මට සිද්දවුනා.// ඉතිං බොලාට තිබුණෙ ඒ ගැන සවිස්තර වාර්තාවක් අර ලොක්කට දෙන එකනෙ. :D
ReplyDeleteඅර ඉපනැල්ලෙ බොන කතාව කියනකොට මතක් උනේ අපි එකපාරක් දියතලාව පැත්තෙන් වර්ල්ඩ්ස් එන්ඩ් යන ගමං ඔය වගේ වෙලක් අද්දර පැලකට වෙලා සෙට් වෙච්ච හැටි. අන්න බොනවනං නියම පොට්.
උඹලගෙ පැත්තෙ මචෝ බෝපත් ඇල්ලෙ ආවා මාර්තු .. අර කොළපාට ආච් එක ලඟ ලෑල්ලකින් මයියොක්කයි ලුණුමිරිසුයි බයිට් එක.. බ්‍රැන්ඩ් එක ගල්.. පණපිටිං නිවන් දැක්කා මචෝ..අම්මපා
Deleteඅපෝ බෝපත් ඇල්ලෙ ඉඳල තව බොහෝ දුර එන්න ඕන අපේ පැත්තට.
Deleteහැබැයි ගල් ඕනනං ඕන වෙලාවක. මොකද බඩු ඉස්සරහ. :D
එහෙම තැනක රස්සාව කරන්න ලැබෙන එකත් පිනක් මචෝ.. උදේ හවස දකිද්දි කොපමණ සිරියාවයිද මං අහන්නෙ !!!
Deleteමචං පත්තරේ ප්‍රසන්න අයියා වාඩි වෙලා ඉන්න පුටුව ඉස්සරහින් කෙලින්ම පාර අනික් පැත්තේ තියෙන්නේ.. ගල් විකුනන ස්පොට් එක.. ඒකේ සොකේස් එකේ ගල් අහුරල තියනවා ලස්සනට.. බලං හිටියත් සැපයි.. මං හිතන්නේ ලංකාවේ වාසනාවන්තම බ්ලොග්කරුවා ප්‍රසන්න අයියා තමයි...
Deleteවාසනාවන්තම බ්ලොග් කරුවදත් අහනව විදානෙයො ... අයියෙ කඩේ වැඩට කොල්ලෙක් එහෙම හොයනවැයි ??? :D
Deleteඔය ඉන්නෙ සාක්කි කාරයො. :D
Delete@ ප.ම. බොලා අහන්නෙ බෝතල් කඩේ වැඩටද මල්ලි. :D
අනේ අයියන්ඞි මාව දාලා දියන් එතන වැඞට පත්තරයො තෝ පොඞි එකා කටවහන් හිටු.
Deleteඔයා ඔිවා ගනන් ගන්න එපා ප්‍රසා අයියන්ඞි පොඞි එවුන් නොතේරැම් කමට කියන ඒවා.
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
Deleteමගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ
මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ
බෝතලේ මගෙ බෝතලේ
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ
නුබ හින්දා ඈට මා එපා ලූ
නුබේ නැවුම් සුවද ඈට දුගද දේලූ
ඈ ගියදා මට නොදැනුන පාලූ
නුබ නැතිදා මට දැනේවි යාලූ
මුලින්ම මට උබේ සිසිල දැනුනේ
ඈ වෙන කෙකුහා වරදෙ බැදුනු දවසේ
චපල එයා වෙන තුරුලක නැලවේ
උබ තුරුල් වෙලා හිටපන් මගෙ පපුවේ
බෝතලේ මගෙ බෝතලේ...
උබේ යාලුවො ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවේ හොයාපු සැන සුමදෝ
නුබට එහා තව නිවනක් වේදෝ
ළදකට බෑ පෙම් කරන්න සමසේ
උබට හැකිය සලකන්නට එක සේ
ඒත් අගහිගකම් ඇති කොටදා නිවසේ
උබත් මාව දාලායාවි දුකසේ
බෝතලේ මගෙ බෝතලේ...
ගායනය :- සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම
//අයියෙ කඩේ වැඩට කොල්ලෙක් එහෙම හොයනවැයි ??//
Deleteප.ම ගල් කොල්ල වෙන්න හදනවද?
@ පත්තර & ඉන්දික
Deleteඒ කඩේ තව කොල්ලෙකුට ඉඩ නෑ... ප්‍රසා අයියම තමයි.. දවස් දෙකක් මං ගිහිං ඔළුව දාල ආවා.. ෂැහ් ඒත් බාගෙකට සෙට් වෙන්න බැරිඋනානේ....
කොහෙද අර දේශකය සෙට් කරපු පාටියත් අතරමග නැවතුනානෙ.
Deleteඉන්දික බොස්
Deleteචැහ්.. ඒක දීල කොහොමෙයි :D
//ඉතිං බොලාට තිබුණෙ ඒ ගැන සවිස්තර වාර්තාවක් අර ලොක්කට දෙන එකනෙ. :D//
Deleteටොප් එකට තියෙයි යකෝ .
ලස්සන අත්දැකීමක්.
ReplyDeleteස්තූතියි අජිත්.
Deleteගල් පෙන්නන්න අරං යන්න තිබ්බෙ බේස් එකට හරි ක්ලියෝපැට්රා හරි.
ReplyDeleteඔන්න මෝඩ ආතල් එකක් දුන්නා
Deleteඒ දෙකේ තියෙන ගල් ගැන මට අත්දැකීමක් නෑනෙ ඩිලාන්.
Deleteඋඹටත් සෙට් වෙන්නේ මාර ගල් කාරයෝ නේද?
ReplyDeleteකියල වැඩක් නෑ බං.අයිලාස් බොහොම කාලෙකිං.
Deleteහැලපෙ කොච්චර ගල් සුද්දට බය උනාද කියනවනම් බොඩිගාඩ්ල දෙන්නෙකුත් අරන් ගිහින්.
ReplyDeleteෆොටෝ එක දාන්න බය බවලෙතෙකුට හේත්තුවක්වත් දාගෙනද ඉන්නෙ ඒකෙ.
සුද්දට බය වෙන්න දෙයක් නෑ මූට
Deleteහැබෑටම ඒ පොටෝ එකේ මගෙ ළඟ බවලතෙක් ඉන්නව තමයි.
Deleteමගෙ මෙහෙ යාලුවෙක් ඉන්නව රුසියන් කාරයෙක්. ඌ කියන්නෙ තොපිට පිස්සු, තොපි ලෙඩ්ඩු, ඒකයි ඔහොම මිරිස් කන්නෙ කියල. එක පාරක් ඌ මගෙ සැන්ඩ්විච් එකක් කාල, ඒකෙ තිබ්බ අමු මිරිස් කෑල්ලක් හැපිල අන්තිමේ දව්සක් ඉස්පිරිතලෙත් ලැග්ග පස්ස රතුවෙලා බඩ දැවිල්ල වෙලා.
ReplyDeleteඒ උනාට දැන් මේ එහා පැත්තෙ ඉන්නව හාෆ් ග්‍රීක් හාෆ් ස්කොටිෂ් එකෙක්. මූ මල පෙරේතය මලබාරි කඩෙන් රොටියි මසාලායි ගෙන්ත් කනව හැමදාම උදේට, කිසි ගේමක් නෑ..
"ඌ කියන්නෙ තොපිට පිස්සු, තොපි ලෙඩ්ඩු, ඒකයි ඔහොම මිරිස් කන්නෙ කියල." :-D :-D :-D
Deleteඅපේ කන්තෝරුවක හිටපු ඇල්ජීරියන් කාරයෙක් දවසක්දා පාටියකදී ලංකාවෙ විදියට හදපු ඉස්සො කාල ඉස්සෙක් වාගෙම රතුවෙලා ලේ පාට උනානෙ.
Deleteෆට්ට ඈ...
ReplyDeleteනාමල් උයනට එක්ක යන්න තිබ්බේ බුවාව..එහෙනම් රෝස තිරිවානා කන්දේ නිදියගන්නවා...
ඔව් ඔව් එහෙනං පොර කන්දෙන් බහින්නෙ නෑ.
Deleteඋඹ ගල්වලට ආස නැද්ද බං....
ReplyDeleteඔය කියන්නේ ගල් වර්ග තුනෙන් මොන ගල් වලටද?
Delete3n dekakata asai
Deleteලස්සන ගල්වලට ආස නැත්තෙ කවුද බං.
Deleteගල්වලටනම් සුද්ද විතරක් නෙමෙයි අපිත් කැමතියි.අර පොටොවත් දාහන්කො අයියෙ
ReplyDeleteපොටෝව ආයෙම දවසක ලියද්දි දාන්නං දමිත්.
Deleteඒක නෙවෙයි හැලපේ උඹ අර ගෑනියෙක් විදිහට ලියන කතාවේ ප්‍රේමලතා පොඩ්ඩක් බිසී වගේ නේද? හැබැයි දැන අර ඒකට අළුතෙන් පෝස්ට් දාන එකාත් වරදක් නෑ. උඹ අර දුන්කුඩු අම්ම ගැන දැනගත්තේ කොහොමද? කතාව නැගල යයි හොඳට ලියපන් තවත්. මේකට දැන් කට්ටිය වහ වැටිලා.
ReplyDeleteහා මචං.
Deleteකොලෝන් කථාව / වස කථාව/ ජර්මන් මිනිස්සු බත් කන අතරෙ වතුර බොන්නෙ නැති කථාව මේ සියල්ලම එක්තරා නවකථා පොතක තිබුනා කාලෙකට කලින් කියවපු...මම පොතේ නමක් මතක් කලත් මතක් උනේම නෑ. ඔය මිරිස් ගැන කිව්වම මට මතක් උනේ කාර්යාලෙ මට එහා පැත්තෙ ඉන්න රුසියන් නංගි....ඒ කෙල්ලට කවුරු හරි මොනවා හරි කන්න දුන්නොත් ඉස්සෙල්ලාම අහන්නෙ Spicy ද කියලා....එයා අපිට කියපු විදියට ඒ රටවල මිරිස් කරලක් බේතකට හොයාගන්න නෑලු....ඉදලා හිටලා හරි තිබුනොත් තියෙන්නෙ හෝටලේක විතරලු. මේ කෙල්ල නිසා රුසියානු අවන් හලකින් අපට ලැබුනු කෑම වේල නම් මිරිස් නෑ කියලා අවුලක් නෑ හරිම ප්‍රණීතයි...කාලෙකට කලින් හිපියො කියලත් කොටසක් හිටියා නේද...හැබෑටම කවුද උන්...
ReplyDelete\\\කාලෙකට කලින් හිපියො කියලත් කොටසක් හිටියා නේද...හැබෑටම කවුද උන්...\\\
Deletehttp://en.wikipedia.org/wiki/Hippie
ලින්කුවට ස්තූතියි මිත්‍රයා...
Deleteලංකාවට යන එන සුද්දො නං මිරිස් සැරට පුරුදුවෙලා උන්ට ගානක් නෑ සිරා.
Deleteපින්තූරෙත් දැම්ම නම් තමයි වටින්නේ... ම්.. අර ලන්ඩන් සුද්දගේ විස්තරේ තව ටිකක් ලිව්වනම් හොඳයි.. කොහොම වුනත් එක පොස්ට් එකක් ඇතුලේ රස කතා ගොඩක්... : )
ReplyDeleteතෑන්ක්ස් තුශානි,පින්තූරේ දාන්න බැරිවුනානෙ.
Deleteදාගෙන ඉන්න ලුක් එකේ හැටියට සොලොන්ස්කි මහත්තයා අලියා පිට අතුල්ලන ගලටත් බැස්ටිය දෙන්න වගේ
ReplyDeleteහදන්නේ... :)
ඔව් ඔව් බීටලේ,බලමුකො කෑදරකමින් ගල් දිහා බලාගෙන ඉන්න හැටි.
Deleteතියෙනවයි කිවුව පින්තූර ටිකත් ඔන්න ඔහේ ඕන එකක් කියල දාන්න අප්පා තිබුනේ.. එහෙනම් කියලා වැඩක් නෑ..
ReplyDeleteවෙන වෙලාවක ලියද්දි දාන්නං දිනේෂ්,අමතක වෙන්නෙ නෑ.
Deleteසොලොන්ස්කි මහත්තයා ගල් වලට මාර මනාප පොරක් වගේ නේ හැලපයියේ.
ReplyDeleteසබ්ජෙක්ට් එකෙන්ම ගල් කාරය නොවැ මනෝජ්.
Deleteකාලෙකින් මේ පැත්තේ ආවේ. අර සුද්දත් එක්ක අපේ පත්තරයාව යවන්න තිබ්බේ. එහෙනං ඌ ලංකාවේ නවතිනවා.
ReplyDeleteපත්තරයයි සුද්දයි යැව්වා නං දෙන්නව හොයන්න අපිට යන්න වෙනවා.
Deleteහැලපයියේ උඹේ වයිපරේගේ නමද ප්‍රේමලතා. මම නිකමට ඇහුවේ අර උඹේ කතාවේ ප්‍රේමලතා හරි සද්දන්ත චරිතයක් නිසා උඹේ පවුලත් ඒ වගේ වෙන්න ඇති කියල හිතුන නිසා.
ReplyDeleteඔව් බං,ප්‍රේමලතා තමයි.
Deleteඅන්න එල එල හැලපයියේ. පවුල උඹට ගෙදරදි අර කතාවේ වින්සන්ට වගේ තදින් දඬුවම් කරනවද?
Deleteඅයියේ උඹට එක්කගෙන යන්න තිබ්බේ පේරාදෙණියේ නෙවෙයි. ගලේවෙල, ගල්ගමුව, ගලෙන්බිඳුණුවැව වගේ පැති ටිකකට!
ReplyDeleteඇයි ගලිගමුව,ගල්කුලම.
Deleteකවුරුත් ගලක් අල්ලගෙන ..
ReplyDeleteANE HALAPE
ReplyDeleteGAL GANA MATHAK KARANNA EPA
ME OYA GAL NISA MATA UNA WADAK
RATHU PATA GAL ATHA GAWA MATHAKI....
ARI PARA NAWATHANNA BITTIYATA THADA KARALA
THOPPIYATA UNA HARIYA MATHAKI ............
අර සුද්දට නයි මිරිස් සම්බෝලයක් කන්න දෙන්නනේ තිබ්බේ, සුදු රතු වෙන හැටි බලාගන්න ,
ReplyDeleteහැබැයි හලපයියගේ පිස්ට් එක කියවලා ,කමෙන්ට්ස් කියවුවට පසේ තමයි දැනගත්තේ ,මයික් මොන ගල් කාරයෙක්ද අපේ උන්නේ ගල් කාරයෝ කියලා , හොන්දවෙලාවට මයික් මෙහෙ ගෙනාවෙ නැත්තේ ,නැත්තම් මිනිහට ගල බෙරගන්න් බැරුව ආරක්ෂාව දෙන්නත් වෙනවා