Sunday, July 20, 2014

144.දෙසතිය මතක.



 ඒ දෙසතිය සඟරාවේ ගාමිණී විජේතුංග යුගයයි.කාලය වසර විසිගණනකට පෙර මා දෙසතිය බෙදාහැරීම භාරව කටයුතු කළ වකවානුව විය.කොටුවේ ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ පළවෙනි මහළෙහි පිහිටා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එක් කොණෙක පිහිටි පාලන අංශයත් තවත් කොණෙක පිහිටි දෙසතිය අංශයත් අතර මා දෙසතිය භාරගන්නා විට තිබූ අන්‍යොන්‍ය සම්බන්ධතාව කිසිසේත්ම යහපත් එකක් නොවීය.

නීති රීති අණ පණත් චක්‍රලේඛ රෙගුලාසි වලින් හික්මී වැඩ කටයුතු කළ පාලන අංශයේ අයත් නිදහසේ ලිපි කටයුතු කරමින් සඟරාව සැකසු දෙසතියේ අයත් අතර තිබූ අනවබෝධය හේතුවෙන් වියයුතු පරිද්දෙන්ම ඇනුම්පද අපහාස උපහාස අංශ දෙක අතර නිදහසේ ගලාගියේය.මේ අයුරින් අංශ දෙක අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉතාම පහළ මට්ටමක තිබූ කලෙක දෙඅංශයම  නිදහසේ ඇසුරු කරමින් දෙපිරිසම සමග මනා සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටි එකම ජීවියා වූයේ මා පමණි.

බලාපොරොත්තු නොවුණු අවස්ථාවෙක දෙසතිය බෙදාහැරීම මුළුමනින්ම මාහට පැවරීම ලොකු වගකීමක් මෙන්ම සතුට ගෙනදෙන කරුනක්ද වුයේ දෙසතිය අංශය වැඩිපුර ඇසුරු කිරීමේ අවස්ථාව මාහට ලැබීම නිසාය.දෙසතිය මා ඉතා ප්‍රියකළ සඟරාවක් වූ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර සිටම මම දෙසතිය පාඨකයෙක් වීමි.නමුත් මා සඟරාවේ බෙදාහැරීම බාරගන්නා විට දෙසතියකට වරක් තබා පසුකලෙක පුවත්පත් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටීමට සිදුවූ අවස්ථාවෙක එවකට පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයෙක්ව සිටි කේ බී සුගතදාසයන් ඉතා නිවැරදිව සඳහන් කළ ලෙස හතර සතියකට වරක්වත් සඟරාවක් එළිදැක්වීම උගහට වී තිබිණි.

ජේ ආර් පාලන සමයේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ආරම්භ කරන ලදුව ඔහු විසින්ම සඟරාවේ සේවයට බඳවාගත්තෙකු වූ ගාමිණී විජේතුංග එවකට දෙසතිය සංස්කාරක වරයා වූ අතර ඔහු දෙසතියේ තුන්වන සංස්කාරක බව මගේ මතකයයි.ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ වරයා නිල බලයෙන් දෙසතිය ප්‍රධාන සංස්කාරක විය.සහාය සංස්කාරක වුයේ නිහතමානී සිංහල පණ්ඩිතයෙකු වූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතාය.ප්‍රියංජන් සුරේෂ් ද සිල්වා පිටු සැකසුම් ශිල්පියා වූ අතර ප්‍රවෘත්ති අංශයෙන්ද පාලන අංශයෙන්ද දෙසතියට අනුයුක්ත කරනු ලැබූ තවත් හත් අට දෙනෙක් ඔවුනට විවිධ අයුරින් සහාය වීම පිණිස පත්කොට සිටියෝය.ඡායාරුප අවශ්‍ය වූ විටෙක දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයද එහි සේවය කළ ඡායාරුප ශිල්පීන්ද අවශ්‍ය ආකාරයට ප්‍රයෝජනයට ගත හැකි විය.

ගිරුවාපත්තුවේ දුෂ්කර ගම්මානයක සිට කොළඹට පැමිණ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පුවත්පත් කලාවේදියෙක් වූ  ගාමිණී විජේතුංගයන් අති දක්ෂ ලේඛකයෙකු වූ නමුදු ලේඛනයේ අලසයෙක් වූ හේතුවෙන් ඔහුතුළ උතුරමින් තිබූ නිසග ප්‍රතිභාව අපතේ ගිය බව මගේ විශ්වාසයයි. ඔහු පාසල් යන සමයේ ලංකාවේ ප්‍රථම වරට පාසල් සිසුන් පිරිසක් විසින් තැනු සිංහල චිත්‍රපටය වූ නිම් වළල්ල ටද ප්‍රචාරක අංශයෙන් සම්බන්ධ විය.ලංකාවේ පළවූ වෙනත් සඟරාවන්ගෙන් වෙනස් අමුතුම ආකාරයක දෙසතියටම අනන්‍ය වූ බස් වහරක් නිර්මාණය කලේ ඔහුය.මෙවැනි දක්ෂතා නිසා ඔහු ගැන මාතුල වූ ප්‍රතිරූපය බෙහෙවින් විශාල වුවක් වීම හේතුවෙන් දෙසතිය අංශයේදී මා සමග ඉතා නිහතමානීව සිනාමුසු මුහුණින් කතා කරන ප්‍රියමනාප පුද්ගලයා ගාමිණී විජේතුංගයන් යැයි සිතීමට පවා මම මැලිවීමි.

මා ලේඛකයෙකු නොවුනද නිරන්තර කියවන්නෙකු වූ හෙයින් දෙසතිය අංශයේ අය සමග කතා කිරීමට මාතෘකා හිඟ නොවීය.මා මුලින්ම දෙසතියට ගියේද ඒ අංශයට ගෙනඑන පත්තර සහ ඔවුන්ට ලැබෙන පොත්පත් සඟරා කියවීමේ නොමැඩගත හැකි ආශාව නිසාමය.මට තිබූ කියවීමේ ආශාව දුටු ගාමිණී විජේතුංගයන් ඔහුගේ මේසය උඩ ඇති පොත්ද මගේ පරිහරණයට ලබාදුනි.මේ ආකාරයට වර්ධනය වූ අපගේ හිතවත්කම හේතුවෙන් දෙසතිය සඟරාවට ලිපි ලිවීමට මාහටද අවස්ථාව ලබාදීමට ගාමිණි විජේතුංගයන් නොමැළි විය.

කෙසේ වුවද නමින් කියවෙන ආකාරයට සඟරාව දෙසතියකට වරක් නිකුත් නොවූ අතර ලිපි සැකසීමේ ද ලිපි නොමැති හෙයින් පිටු සකස් කිරීමේද ප්‍රමාදවී මුද්‍රණයට භාරදෙන බැවින් රජයේ මුද්‍රණාලයේද බොහෝ සෙයින් ප්‍රමාදවී මාස දෙකකට එක් වරක් පමණ සඟරාවක් නිකුත් කිරීමට සිදුවිය.කරුණු මෙසේ සිදු වද්දී සඟරාව සිය නමට අනන්‍ය නොවන ඉබාගාතේ නිකුත්වන ප්‍රකාශනයක තත්වයට පත්වද්දී දෙසතිය අරඹා පහළොස් වසරක සංවත්සරය ලඟාවිය.ප්‍රේමදාස පාලන යුගය ආරම්භවී තිබු මෙම වකවානුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් පැමිණි අතර විය යුතු පරිද්දෙන්ම ප්‍රේමදාස වාදියෙක්වූ ඔහු දෙසතියද ප්‍රේමදාසයන්ගේ ප්‍රචාරක උපකරණයක් කරගැනීමට උත්සුක විය.දෙසතිය බෙදාහැරීම මාහට භාරදීමද එම කටයුත්තේ එක් ප්‍රතිපලයකි.

දෙසතියට නව මුහුණුවරක් ලබාදුන් අතර හරියටම සති දෙකකට වරක් සඟරාවක් මුද්‍රණයෙන් පිටකිරීමට නියම විය.සඟරාව පිටවූ මොහොතේම බෙදාහැරීම ආරම්භකර රටපුරා ව්‍යාප්ත වන පරිදි බෙදාහැරීම් ජාලය ක්‍රමවත් කරන ලදී.අපි රෑ දහවල් නොබලා වැඩකලෙමු.අලස සුවය විඳිමින් ඉතා නිවී සැනසිල්ලේ වැඩ කළ ගාමිණී විජේතුංගයන් මේ අලුත් වෙනසට කෙසේ මුහුණ දුන්නාද යන්න සොයාබැලීමට හෝ අපහට අවස්ථාවක් නොවීය.කෙසේ වුවද මදිපාඩුව බාහිර ලේඛකයන්ගෙන් පිරිමසා ගෙන ලිපි කටයුතු සම්පූර්ණ කරගත් බව පසුව දැනගන්නට ලැබුණි.

රාජකාරිය ගැන බෙහෙවින් කලකිරී සිටි ගාමිණී විජේතුංගයන් හමුවට මා දිනක් ගියේ එවකට මවිසින් සංවිධානය කරමින් තිබුණු වෙසක් භක්ති ගීත සංදර්ශනයක් සඳහා අලුත්ම භක්ති ගීත කිහිපයක් ඔහු ලවා ලියවා  ගැනීමේ අධිෂ්ඨානයෙනි.බොහෝ කැමැත්තෙන් ඔහු එම කාර්යය බාරගත්තත් ගී පදමාලා අතට ලැබෙන තෙක් ඔහුගේ ලිවීම ගැන මාතුළ විශ්වාසයක් නොවීය.කෙසේ වුවද සති කීපයකට පසු භක්ති ගීත පදමාලා ඔහු මා අතට පත් කලේ මා විශ්මයට පත් කරවමිනි.ඊට ස්වල්ප දිනකට පසු ගාමිණී විජේතුංගයන් රැකියාවෙන් විශ්‍රාම ගත්තේ රාජකාරි කිරීමට බොහෝ කාලයක් ඉතිරිව තිබියදීමය.සේවයෙන් විශ්‍රාම ගෙන වැඩි කලක් ජීවත් නොවූ ඔහු වර්ෂ 2002 දී  ගුණ සුවඳ ඉතිරිකර ජීවිතය හැරගියේය.

නන්දා පතිරණ ගායිකාව ඇයගේ කුඩා බිලිඳා මියගිය සොවින් පසුවෙද්දී ගාමිණී විජේතුංගයන් ඇයට ලියා දුන් මල් වනේ ගීතය ඔහුගැන මා තුළ ඇති මතකය සුවඳවත් කරනු පිණිස මෙහි දක්වාලමි.

 


237 comments:

  1. සින්දුව අහල තිබුනට නිධාන කථාව දැන ගත්තේ අද. ස්තුතියි හැලපේ.

    ReplyDelete
    Replies
    1. කන්නන්ගර,දිලිනි.
      දන ගන්න ලැබීම ගැන සතුටුයි.

      Delete
  2. දෙසතිය සගරාව කාලෙකදි නැතිවම ගියා නේද?, සෝවියට් දේශය ඒකත් ආසාවෙන් කියවපු සගරාවක්.
    ගාමිණී විජේතුංග මහත්තය ඔහුගෙ හැකියාවෙන් ප්‍රයෝජනයක් නොගැනීම අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. දෙසතිය සඟරාව තාම පළවෙනවා.එය නැතිවෙන සඟරාවක් නොවෙයි.
      ඇත්තෙන්ම ගාමිණී විජේතුංගයන් සතුව තිබු හැකියාවෙන් රටට ලැබුනේ අංශු මාත්‍රයක්ය යන්න මගේ අදහසයි.

      Delete
  3. දෙසතිය සඟරාව දැන් නෑ නේද? "අලස සුවය විඳිමින් ඉතා නිවී සැනසිල්ලේ වැඩ කළ" මෙන්න මේ කෑල්ල මටත් අදාලයි.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇයි මට? :) ආයෙ මොනවද යාළුවා, මටත් ඒක එහෙමම අදාලයි කියන්න පුළුවන්.

      Delete
    2. දෙසතිය තවම පළවෙනවා පැතුම්.බලපුවම දෙන්නම අලස සුවයට බොහොම කැමතියි වගේ.

      Delete
    3. මමත් මේ දවස්වල ගෙවන්නේ ඔය කියන කාලයමයි...

      Delete
    4. අරූ,
      පොඩි ඉරිසියාවක් ඇතිවුණා මචං.

      Delete
    5. ඔය සුවේට මාත් කැමතියි

      Delete
  4. //ගිරුවාපත්තුවේ දුෂ්කර ගම්මානයක සිට කොළඹට පැමිණ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පුවත්පත් කලාවේදියෙක් වූ ගාමිණී විජේතුංගයන් අති දක්ෂ ලේඛකයෙකු වූ...//

    කොහොමද තව රිච්මන්ඩ් සහ නාලන්දෙටත් ගියානම් ?

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නෙ ප්‍රා ඔහු ලේඛකයෙක් පමණක් නොවැ ඉතා දක්ෂ සිනමා විචාරකයෙකුද වුනා.

      Delete
  5. Halape

    nanda phiranata thiyenne harima amuthu voice ekak neda.Bkini gahe bakini malin kiyanneth eya neda

    ReplyDelete
    Replies
    1. 'බකිනි ගහේ බකිනි මලින්...' ගීය ගයන්නෙ එඩ්වඩ් ජයකොඩි එක්ක පුණ්‍යා කත්‍රිආරච්චි. නන්දා පතිරණ ගයන තව ගීයක් තමා 'අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ...'

      Delete
    2. බුරා,අනන්තයට ගීය ගැයුවේ ශ්‍රීමතී තිලකරත්න නොවේද?

      Delete
    3. බකිනි ගහේ නම් පුණ්‍යා එක්ක තමා

      අනන්තය නම් ශ්‍රීමතී තමා

      හැලප කඩේ මහත්තය අමණාප නොවෙයි කියල හිතාන 'නන්දා පතිරණ' රසවතාට පොඩි ඔත්තුවක් මෙතැනින්

      Delete
    4. ඇනෝ.
      ඔබ කීවාක් මෙන්ම නන්දා පතිරණ ඉතා ශෝකී හුදෙකලා කටහඬක් සහිත ගායිකාවක්.

      Delete
    5. තිස්ස,
      අපොයි මොකට අමනාප වෙන්නද.ඔබ මෙතෙන්ට ඇවිත් දක්වන සහයෝගයම මට හරිම වැදගත්.

      Delete
    6. හුටා! ඕං බුරෝ ඕක තමා කියන්නෙ අතිපණ්ඩිතයා වගේ හැම මගුලම නොලියා හරියට හොයලා බලලා කරුනු කාරනා ලියාපිය කියලා.. :-)

      සොරි වෙන්ටෝන හැමෝම.

      Delete
    7. ගණන් ගන්න එපා බුරා අපට කොච්චර වරදිනවද.

      Delete
    8. ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ.. ‍රැඳු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ .......

      Delete
    9. හත්තලාමේ රස සාගරයක්..

      Delete
    10. එට්පට් ජයකොඩියි නන්දා පතිරනයි කියන්නෙ "බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා" සිංදුව

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. මම මෙතනට ඇතුළු කරන්න හැදුව ලින්ක් එකක් හරියට වැටෙන්නේ නැහැ. මෙන්න බකිනි ගහේ ගීතය.

      https://www.youtube.com/watch?v=X40LmuXdXnw

      Delete
    14. විදානේ,කොහොමද රස ගඟුල.

      Delete
    15. බොහොම පිං විචාරක තුමා.

      Delete
    16. දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි එක්ස් පෝටර්.

      Delete
    17. ස්තූතියි තිසර.

      Delete
  6. හොද මිනිස්සුන්ට ජීවත් වෙලාඉන්න තියෙන කාලෙ ඉතාමඅල්පයි නෙ..
    මටත් පරණ දෙසතිය සගරා වගයක් හම්බවෙල කියෙව්ව... ඒවයි තිබ්බ රහ ගුණ දැං ඒවයි නං හොයාගන්නත් නෑ...
    හැලපෙටත් තියෙන්නෙ මාර එක්ස්පීරියන්ස් නෙව

    ReplyDelete
    Replies
    1. මමත් ටික කලක් ඔය සඟරාවෙ බෙදාහැරීම බාරව කටයුතු කළා මහේෂ්.ජීවිතේ අමතක නොවෙන කාලයක්.ඒ ලැබුණු අත්දැකීම් වලින් තවම ලියැවිලා තියෙන්නෙ ඉතාම ස්වල්පයයි.

      Delete
  7. දෙසතිය සඟරාවෙ පරණ පිටපත් ටිකක් හරි හොයන් බලන්න හිතුනා. කියවලම නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක්වත් කියවලා නැති බෝලාගේ පල්හෑලි අපිට කියවන්න වෙලානේ .... :P

      Delete
    2. ඒකත් හයමාසෙකට එකයි නෙවැ ලියන්නෙ බං :D

      Delete
    3. පුළුවන් නං හොයාගෙන කියවපන් ප්‍රියා.පරණ සඟරාවල නං බෙදාහැරීම් කළමනාකරු හැටියට මගෙ නමත් දාල ඇති.හැබැයි ඒ සඟරා කියවන එකත් ලියන අයට හොඳ අභ්‍යාසයක්.

      Delete
    4. බත් එකක් එහෙම එතුවොත් දිනමිනෙන් එතුවා වගේ පිලිනු වෙයිද බං

      Delete
    5. අටං,
      නලින්ගෙන් අහල බලහං.ඌ දන්නව ඇති.

      Delete
  8. දෙසතිය මැගසින් එක අපේ ගෙදරට ගෙනාපු අනිවාර්ය දෙයක්... ගොඩ ගහල තිබ්බ වෙනම.. ස්පුට්නික් එකත් එක්කම, ඇයි මනහර කියල එකකුත් තිබ්බ නේද?... කියෝලා තියෙනවා ඒවා එකින් එක.. ඔව් හරි ලස්සන ආර්ටිකල් තිබ්බ.. මම බටු වැඩියි ඒවාට, හොරෙන් කියවන්නේ ඒ හරවත් දේවල් අපේ අක්ක මාව පල් කරයි කියල..

    රසබර අතීතයක් නේ!

    ReplyDelete
    Replies
    1. මුතුහර සහ මනහර... මගෙත් කියවීමේ ලෙඩේ මුල.. දෙසතිය නං තිබ්බෙ නෑ අපෙ ගෙදර...

      Delete
    2. ඇත්තෙන්ම උපේක්ෂා දෙසතිය මනහර මුතුහරට වඩා අතිශය විදග්ධ සඟරාවක්.මම සම්බන්ධවී හිටි නිසා කියනව නොවෙයි ඉතාම ප්‍රබුද්ධ ලිපි එහි අඩංගු වුණා.දැන් නං සඟරාවෙ කොලිටිය ගැන මට තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක් පමණයි.

      Delete
  9. දෙසතිය තියන කාලෙම නේද ගුලිගෙ කල්පනා සඟරාවත් ආවෙ....

    ReplyDelete
    Replies
    1. දෙසතිය ආරම්භ කලේ 1978 දි මගෙ මතකය හරිනම්.කල්පනා 1980 හෝ 81 දි.

      Delete
  10. මමත් නොවරදවම දෙසතිය කියෙව්ව කාලයක් තිබුන. මතක හැටියට ඒ මම ඉස්කෝලෙ 7-9 පන්තිවල හිටපු කාලෙද කොහෙද, එතකොට නම් ප්‍රේමදාස පාලන යුගය අවසන් වෙලා චන්ද්‍රිකා නෝනගෙ ආණ්ඩුව කාලෙ. ඒ දවස්වල ඒකෙ මිල රුලියල් 5 ක් හරි 10 ක් හරි වගේ මතක. ඔය සඟරාව ප්‍රා ලේ කාර්යාලවලට විකුණන්න එව්වද හැලපයියෙ, මොකද තාත්තලගෙ ඔෆිස් එකට එවන සඟරාවලින් තමයි මටත් එකක් ආවෙ මම හිතන්නෙ. ඔය සඟරාවෙ කවරයෙ කතාව නිසා ඒ කාලෙදි සාමාන්‍යයෙන් ළමයෙකුට කියවන්න නොලැබෙන හුඟක් දේවල් මම කියෙව්වා. මගේ ළඟ එකතු වුනු පරණ සඟරාත් මිටියක්ම තිබුනා. සුනාමියට අහුවෙල තෙත්බත්වෙල තිබිල විසිකරා.

    ReplyDelete
    Replies
    1. මා බෙදාහැරීම් කළමනාකරු වශයෙන් කටයුතු කලේ ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේදීයි.එකල සඟරාවක මිල රුපියල් පහයි.සඟරාව ප්‍රා ලේ කාර්යාලවලට එව්වා නමුත් විකිණීමට නොවෙයි.දෙසතියේ කවරයේ කතාව දැනුම් සාගරයක්.එය ලිව්වේ ගාමිණී විජේතුංගයන් මයි,

      Delete
  11. රොනී ව පුම්බගන්න එයා මහජන බැන්කුවෙන් සල්ලි දාල ගුලි සංස්කරනය කල කල්පනා සඟරාව පසු කාලෙකදී දෙසතිය ට වඩා ජනප්‍රිය වුනා කියලයි මට හිතෙන්නෙ..

    ඒ කාලෙනෙ අර බන්දුල පද්මකුමාර විද්වතා පති පතිනි කියලා ආගමික සඟරාවක් එහෙම පල කලේ...

    ReplyDelete
    Replies
    1. රොනී ගැන ගොඩක් දන්නවද.... ඔබ......?
      කියන්නකො පොඩ්ඩක්.......

      Delete
    2. රොනී ගැන දන්නේ හර්මන් ගුනරත්න (My3 ගේ පියා) ඔහු ගේ "The suicide club" පොතේ ලියා ඇති දේ පමනි.....

      Delete
    3. කල්පනා දෙසතිය මෙන් ශාස්ත්‍රීය සඟරාවක් නොවේ.ගුලිගේ වල් පල් ඕපාදුප නිසා කල්පනා ජනප්‍රිය වුන එක ඇත්තයි.නමුත් නැග්ග වගේම ශීඝ්‍රයෙන් බැහැල ගියා නේද.නමුත් දෙසතිය තවම තියෙනව එය නැතිවෙන්නෙ නෑ.

      Delete
    4. කෙන්ජි,
      රොනී ගැන ගොඩක් විස්තර කල්පනා සඟරාවෙ තිබ්බ මචෝ.ඔහු ලංකාවෙ අංක එක ධනවතෙක් නෙ.

      Delete
    5. සා රස,
      මෛත්‍රී ගුණරත්න ගෙ පියා වන මාලිංග හර්මන් ගුණරත්න ලියපු ඒකීය ශ්‍රී ලංකාවක් සඳහා පොත කියවල තියෙනවද?පුළුවන්නං හොයාගෙන බලන්න.

      Delete
    6. එයාමද නේද ලිව්වේ "පෑන ද පිස්තෝලෙද වඩා බලගතු?" කියන ප්‍රායෝගික පර්යේෂණ පොත?

      Delete
    7. kk, "පිස්තෝලෙද කුරුඳු පොල්ලද වඩා බලගතු" චිත්‍රපටිය?

      Delete
    8. ෂාහ් අම්මප මට කකා කියපුදේ මීටර් වුණේ නැති හැටි.

      Delete
  12. දෙසතිය සඟරාව දැනටත් පළ වෙනනවා. මං දැකලා තියෙනවා ඔය සැඟරාව මේ මෑතකදි. හැබැයි වැඩේ මේක රට පුරා පැතිරෙන්නෙ නැති එකයි.

    ReplyDelete
    Replies
    1. දෙසතිය තාම පලවෙනවා ඩ්රැකී,රට පුරා පැතිරෙන්නට බෙදාහැරීම් ජාලය කාර්යක්‍ෂම විය යුතුයි.එහෙම නොමැතිව සඟරාව පළකිරීමත් තේරුමක් නෑ.

      Delete
  13. මහත්තය මේක ලියන්න මෙච්චර පමා වුණේ ඇයි?
    ගාමිණී විජේතුංග මහත්තය ගැන හෝඩුවාවක් සොයන්න මම සෑහෙන්න උත්සාහයක් ගත්ත
    පුස්තකාල සේවා මණ්ඩලයයේ පුස්තකාලයට ගිහින් එතන තියන පරණ දෙසතිය සඟරා ඔක්කොම වාගෙ බැලුව
    දෙසතිය සඟරාව බොහොම සාරගර්භ සඟරාවක්
    මනහර, මුතුහර, සිව්දෙස ඒ කිට්ටුවෙන් තිබිච්ච එව්ව - කල්පනා එක ගැනත් කියවිලා තියන එක හොඳා - කියැවුණා වාගෙම ඒක 'ජනප්‍රිය' වුණා විතරයි කියලත් හිතෙනව - කොලිටිය නම් දෙසතියෙන් භාගයයි

    සින්දුවේ මැජික් එක මැවුණෙ ඒකේ සංගීතය නිමවපු බන්දුල විජේවීරයන් අතින් ගෝඨයිම්බර වැලපුම ඇසුරින්:

    "බස්මනං අසුර රජුගේ සොහොනෙ ඉපදුනේ [මල් වනේ රෝස කැකුලු මැදින් මට පෙනේ]
    තිස්දහස් පිරිවර හර රජව සිටිමිනේ [නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ]
    ඉක්මනින් ගෝඨයිම්බර සමඟ යුදවුනේ [වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ ]
    දිස්වෙමින් ඔළුව නැතුව නිදිද හිමියනේ" [එනු මැනේ මගේ යහනට ඇත ලොවින්නේ]"

    මමත් බොහොම ආසකරන සින්දුවක් හින්ද මෙතන ලීව මමත්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි තිස්ස අයියා..

      Delete
    2. ඒ කාලෙ හද ගී පොතේ අපි කරපු වාද-විවාද මතක් වුනා තිස්ස අයියා..

      Delete
    3. ජයවේවා පත්තර මල්ලී

      ඔව් බුරා ඒකාලේ නැගල ගියා තමා - කෝ දැං බුරාත් දැනුම හලන්නේ පරිස්සමින් - ඉවර වෙයි කියල වගේ!

      Delete
    4. තිස්ස මහත්තයලා දැන් ලියන්නේ නැත්තේ ඇයි අප්පා.....

      Delete
    5. විඩෙං විඩේ ලියනව ආයිබොවංඩ
      ඊයේ පෙරේදාත් එකක් දැම්මා..

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. හොද විඩෙන් විඩේ කියන්නේ නෑ ඉතින්,,ඔන්න ඔහෙ එකක් දැක්කා තමා ලගදී,,

      Delete
    8. තිස්ස අයියගෙ කොමෙන්ට් බොක්ස් එක ටිකක් අවුල්... කොමෙන්ට් වලට එතනම රිප්ලයි කරන බෑ. සංවාද වැඩිය ඇතිවෙන්නෙ නැත්තේ ඒ නිසාද දන්නේ නෑ...

      Delete
    9. ලියන්න ප්‍රමාද වුනා තමයි,සමාවෙන්න ඕනෑ තිස්ස මේ ලිපිය බොහෝ කල් සිට මගේ හිතේ ලියවෙමින් තිබුණු ලිපියක්.නමුත් වෙන වෙන සැහැල්ලු දේ ලියන්න ගිහිං මෙය ලිවීම දිගින් දිගටම කල්ගියා.
      ඇත්තෙන්ම සඟරාවෙ ප්‍රින්ට් කොලිටිය කල්පනා වගේ ඉහළ නොවුනට බාල කොලේ මුද්‍රණය කලාට දෙසතිය අන්තර්ගතය අතින් අනික් සියළුම සඟරා අභිබවා ගිය බව මගේ විශ්වාසයයි.
      මා සම්බන්ධ වී සිටි නිසා කියනව නොවෙයි දෙසතිය ලිපි ඔවුන් ඉතා උවමනාවෙන් ලිව්වා සහ ලියවගත්තා.ඒ නිසාම අන්තර්ගතය අතින් අනිත් සඟරා අබිබවා ගියා.
      ගීතය ගැන විස්තරය ලබාදීම ගැන බොහොම ස්තූතියි.මා ඉතා ප්‍රියකරන ගීතයක්.

      Delete
  14. මම හිතුවෙම හැලපේ සති දෙකක් කොහේ හරි ගිහින් කියලනේ. ඒ මතක ගැන කියවන්ට දුවගෙන ආවා. :)

    ඔය පින්තූරේ ඉන්නේ ගාමිණි විජේතුංග කියන එක්කෙනාද?

    ReplyDelete
    Replies
    1. කොහේ යන්නද පොඩ්ඩි.කතාව ලිව්වා මිසක.පින්තුරෙ ඉන්නෙ ගාමිණී විජේතුංගයන් තමා.

      Delete
  15. ට්‍රාන්ස්වර්ක් හවුස් කිව්වාම මතක් උනේ අපේ නෝනාත් ඉස් ඉස්සෙල්ලාම රස්සාවට ගියේ ඔතැනට...ඒ දවස්වල (1982) ගොඩනැගිලි දෙපාර්තමෙන්තුව තිබුනේ ඔය ගොඩනැගිල්ලේ....බ්‍රිටිෂ් ආකිටෙකචරල් හෙරිටේජ් එක ගෙනියන තවත් එක ගොඩනැගිල්ලක් කොටුවේ තියෙන... ඉන්දියන් සමාගමක් මේ දවස්වල වලිකනවා ඔතන තට්ටු බිල්ඩිමක් ගහන්න..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ගොඩනැගිලි දෙපාර්තමෙන්තුවට අමතරව තිබුණා ශික්‍ෂණ රෝහල් අමාත්‍යාංශය කියල එකක්.

      හර්ෂ

      Delete
    2. ට්‍රාන්ස්වර්ක් බිල්ඩිම වගේ ලස්සන බිල්ඩිමක් ඒ හරියෙ ආයෙ නෑ චෙපාකි.ඔව්වා කඩන්න තහනං නොවැ අවුරුදු සීයකට එහා පැත්තෙ ගොඩනැගිලි නිසා.

      Delete
    3. ඔන්න හර්ෂ මතක් කළහම මටත් මතක් වුණේ.ශික්ෂණ රෝහල් අමාත්‍යංශය තිබ්බේ ට්‍රාන්ස්වරක් බිල්ඩිම පිටිපස්සෙ නොවේද.මතක් කලාට බොහොම ස්තුතියි.

      Delete
    4. හැලපේ..කඩන්න තහනම් උනාට ඒවා සංරක්ෂනය කරලා නැවත පාවිචිචි කරන්න පුලුවන්. එකම ප්‍රශ්නය තිබුනේ පුරාවිද්‍යා පනත යටතට ආවාම (අවුරුදු 150ට පැරනි ගොඩනැගිල්ලක්) සංරක්ෂන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ම කෙරෙන්න ඕනි. නමුත් ගාලු කොටුව, නුවර නගරය වගේ සංස්කෘතික ත්‍රිකෝණය හරි යුනේස්කෝ හෙරිටෙජ් සයිට්ස් හැටියට තොරපු තැන්වල එයට වඩා වෙනස් ආකාරයකට තමයි සංරක්ෂන කටයුතු වෙන්නේ. ගාලු කොටුව ඇතුලේ කෙරෙන ඕනෑම ගොඩනැගිමකට විශේෂ අවසරයක් ගන්න ඕනි නමුත් පෞද්ගලිකව ඒවා ඩිවලොප් කරන්න පුලුවන්.
      පහුගිය අවුරුද්දේ මම තුමාගේ උපදෙස් සහ මුල්‍යමය අධාර ඇතුව පුරා විද්‍යාවත් එක්කම එකතු වෙලා රත්නපුර මහ සමන් දේවාලයේ තිබුන එවැනි පුරාන ගොඩනැගිල්ලක් (ඇලපාත වලව්ව ) කෞතකාගාරයක් සහ තොරතුරු මධ්‍යස්ථානයක් (Visitor's Centre) හැටියට සංරක්ෂනය කරලා දේවාලයට භාර දුන්නා.
      හැබැයි දැන් කොළඹ අවට තියෙන පුරාන ගොඩනැගිලි විශාල ප්‍රමානයක් නැවත ප්‍රතිසංස්කරනය කරගේන යනවා යූඩීඒ (Urban Development Authority) එකෙන්. උදාහරන තමයි ඩච් හොස්පිටල් එකයි ඉන්ඩිපෙන්ඩන්ස් ආර්කේඩ් එකයි. නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාථ්‍යංශය යටතේ තියෙන නිසා පුරාවිද්‍යා බාධකය නැතුව ඇති.....

      Delete
    5. @ ෂෙෆාකි.....මචං බෝගම්බර ප්‍රිස්න් property එකට මොකක්ද වෙන්න යන්නේ?

      Delete
  16. දෙසතිය පොඩිකාලෙ මමත් කියවල තියෙනව.සගරා ගැන මතකෙ තියෙන ඇතම එව තමයි දෙසතිය,කල්පනා.ශ්‍රි,මනහර,මුතුහර.

    ReplyDelete
    Replies
    1. ඔතනින් පරණම සඟරාව ශ්‍රී සඟරාව.දෙසතිය ඇරෙන්න වෙන කිසිම සඟරාවක් දැන් නෑ.

      Delete
  17. ඔය කාලෙ සඟරා වැහි වැහැල.

    කල්පනා , දෙසතිය , මහවැලි, සෝවියට් දේශය වගේ ආන්ඩුවෙ එව්ව එක්කම මල්ටිපැක්ස් එකෙන් රීජර්ඩයිජස්ට් කොපිඅ කරල ගැහුව මුතුහර. මනහර ආවෙ පස්සෙ. ශ්‍රී තමයි ඔය අතරෙන් අමුතුම සයිස් එකෙන් ආව සඟරාව.

    ඔය හැලපෙ කියන කාලෙ ජනමාධ්‍ය ඇමති සෙරෙප්පු සුප් උන්නැහෙ නේද? මොනා උනත් මරු කෙලින් මිනිහ. උන්දැගෙන් හොඳට උදව් ගත්තෙ අද මේ පැත්ත්ට හේත්තුවෙලා ඉන්න ඇල්ල ලඟ වළව්ව.

    ReplyDelete
    Replies
    1. එතකොට රාජ්‍ය ඇමති ආනන්ද තිස්ස ද අල්විස් නේ
      හර්ෂ

      Delete
    2. මනහර කරේ මු. අරුක්ගොඩ ද කොහෙද .....
      මු අරු කියල ලියන්නෙ..... පස්සෙ ආගිය අතක් නැතිවුනා..
      මුතුහර මට මතකයි ට්‍රාන්ස්ලේෂන් අජපල්............ සිංහල භාෂාව අන්තිමයි.
      කවුද අර කෝපි කඩේ නළුවෙක් ද කොහෙද කරේ...

      Delete
    3. ඉන්දික මේවා නැගලම ගියේ 85 විතර නේද?
      අපිත් ඉස්සර එකක් නෑර කියවනවා. මම හිතන්නේ ඉස්සර මේව ස්කොලෙවලට නිකම් බෙදා හැරියා වෙන්නත් ඕනේ.
      දෙසතියට ළඟ කාලෙකත් මගෙ යාළුවෙක් ආටිකල් කලා. දැන් නම් ලියන්නෑ වෙන්න ඕනේ. ඉස්සර ඕක ඔන්ලයින් කියවන්න පුළුවන් දැන් එහෙමවත් බෑ නේ.

      Delete
    4. මුතුහර මට මතක විදියට 1980 ගනං වලදි ට්‍රාන්ස්ලේෂන් අවුලක් තිබ්බෙ නෑ.. 1990 පස්සෙ තමයි ගන්න දෙයක් නැති උනෙ.. මාත් කියවන එක අතෑරියා.. ඒ තරං සිංහල වැරදි අහුවෙන්න පටං ගත්තා...

      Delete
    5. හර්ෂ,

      ආනන්ද තිස්සද අල්විස් රාජ්‍ය ඇමති උනේ ජේ ආර්ගෙ කාලෙ නේද? මට මතක විදියට මනුස්සය ප්‍රේමෙගෙ කැබිනට් එකේ උන්නෙ නෑ.

      හිරු.
      නමසිය අනූවෙදි වයස කීයද? ( මට නං දාසයයි )

      රංගි,

      මහවැලි නැගල ගියෙ අසූ තුනේ විතර ඉඳල. ඒක සල්ලි වලට වික්කෙ නෑ මම හිතන්නෙ. ඉස්කෝල පුස්ථකාලවල තිබ්බ ජනප්‍රිය සඟරාවක්. හේතුව විසාල වැඩබිම්, තාක්ෂනය සහ රජරට නව පෙරළිය ගැන රස විස්තර තිබ්බ නිසා. ඒකෙ පිටිපස්සෙ හිටියෙ සනත් ගුණතිලක.

      සෝවියට් දේශය රෙජිස්ටර් වෙලා ගෙදරට ගෙන්න පුලුවන් තැපෑලෙන්. අපේ අක්කලත් ගත්ත. අසූවෙ මොස්කව් වල තිබ්බ ඔලිමික් ගේම්ස් ගැන ඒකෙ තිබ්බ විස්තර වලින් තමයි පස්සෙ කාලෙක මම ඔලිම්පොඉක් කියන්නෙ මොකද්ද කියන එක අඳුන ගත්තෙත්.

      මුතුහර සඟරාවෙ මම කැමතිම අර පිටුවෙ යට බෝඩරේ පහලින් තිබ්බ වියත් වැකි, කවි වගේ දේවල් වලට. හැබැයි හැරී හවුන්ඩිනී, අයර්ටන් සෙන්න වගේ අය අඳුනගත්තෙ මුතුහරෙන්. පස්සෙ රීජර් ඩයිජස්ට් ඉංග්‍රීසියෙන් කියවන්න ආසාව ඇතිකලෙත් ඒක.

      දෙසතිය ඔය ඔක්කොටම වඩා වෙනස් ටිකක් ප්‍රබුද්ධ ලිපි තිබ්බ, හොඳ ආර්ථික විශෙලේශන විස්තර තිබ්බ සඟරාවක්. කල්පනා එකේ තිබ්බෙ මුදල් අමාත්‍යාංශෙ පම්පෝරි සහ බන්දුලගෙ වගේ ඉල්ලකමුයි ගුලියගෙ කට කැඩිච්චි කතායි තමයි.

      Delete
    6. ඉන්දික කතා දෙකක් නෑ උඹ කියන එක එකහෙලා පිළිගන්නවා. ඒ කාලේ අපි ඕවයේ පිටු හපා නොකෑව එක විතරයි වෙන්නැති. මමත් ඒ කාලේ හෙන පොර ටෝක් දෙනවා අර මුතුහරේ බෝඩරේ කතා අල්ලගෙන. ඒකාලේ ඔය ඔක්කොම වයස බේදයකින් තොරව කියවන්න පුළුවන්කමකුත් තිබ්බානේ. ඔබා මාමමගේ පෝස්ට් එකකත් අපි මේ ගැන කතා වුනා මතකයි ඉස්සර.

      Delete
    7. ඉන්දික...සෝවියට් දේශය කිසිම අමාත්‍යංශයකින් ගහපු එකක් නෙමෙයි නේද? ඒජේ රණසිංහ උප ඇමති නේද ප්‍රේමදාස කැබිනට් එකේ. විජමුද කොහෙද හිටියේ ඇමති. සෙරෙප්පු සුප් තමයි වැඩේ ගෙනිච්චේ මට මතක හැටියට.

      77 කැබිනට් එකේ ඩීබීවිජෙතුංග තමයි ප්‍රවෘත්ති ඇමති. ආනන්ද තිස්ස තමයි Minister of state. ??????

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. සිංහයා...

      මට හයයි... අසූ ගනං වල ඉඳලා මුතුහර මනහර කලෙක්ෂන් එකක් තිබ්බ අපේ මාම ගාව.. එයා අනූවෙදි ඒලෙවල් කරනව... මම මොන්ටිසෝරි ගිහින් ඇවිල්ල කරන්නෙ එයාගෙ පොත් ගොඩ අවුස්සන එක... ඒක මම පහ වසරට යනකම්ම චාරිත්‍රයක් හැටියට කළා.. හි හි... ඒ කාලේ තමයි මුතුහරට වහ වැටුනෙ...

      රංගි කිව්ව වගේ මාත් හෙනම පොර ඒ කාලෙ ඔය කතා අල්ලගෙන.. ඉස්සර අපේ ඉංග්‍රීසි ගෲප් ක්ලාස් එකක කතා කරවන්න දීලා තිබ්බ ඔය සාමාන්‍ය දැනුම ප්‍රශ්න අහන සිස්ටම් එකක්.. අම්මෝ.. සමහර එවුන් අහන්නෙම අර රටේ කැපිටල් එක මොකද්ද, ර රටේ අගමැති කවුද ඔය වගෙ ඒවා.. මුතුහර කියෝන දෙතුන් දෙනා තමයි අරුන් ටිකට යන එන මං නැති කරන්නෙ... හි හි

      Delete
    10. @ අරු..
      විජමු ජනමාධ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති. නමුත් ජනමාධ්‍ය පාලනය කරේ සුපා...
      විජමු ඉතිං..
      ආයුෂය වැඩිවෙන
      ගුණ සහ බලය ගෙනදෙන
      කොළ කැඳ තිබෙන තැන
      අමා රසයට දෙමි දෙවැනි තැන.... තමා

      හර්ෂ

      Delete
    11. අන්න හරි හර්ෂ.....සුපාගේ පුතා මගේ ක්ලාස් මේට්. එතකොට සුපා ටවර්හෝල් එකේ ලොක්කා. පස්සේ තමයි සුපා වුනේ.

      Delete
    12. අරූ, දන්නවද ඔය දෙන්නම එකම ගමේ උන්දැල. මම දැනගත්තෙ දියතලාවෙ ගෙදරකට අහමෙන් වෙන වැඩකට ගොඩ උනාමයි. පුදුම සහයෝගෙන් වැඩේ ගෙන්ච්චි එක ජාතියෙ සුන්දර දෙන්නෙක් මොනා උනත්.

      Delete
    13. @ ඉන්දික.....ඔව් ඔව් අමුතුම පොරවල් දෙකක් තමයි. ඒජේගේ පුතා හොඳ එකා. අහිංසකයා. විජමුගේ පුතා නම් අමු ගොබ්බයෙක් වගේ තමයි පේන්නේ කියන කතාවලින්.

      Delete
    14. ඉන්දික,
      සෝවියට් දේශය ගැහුවෙ සෝවියට් තානාපති කාර්යාලයෙන්,සෝවියට් දේශය 1991 දී කෑලිවලට කැඩුනට පස්සෙ සඟරාව එහෙම පිටින්ම නැතිවුනා.ඒ කාලෙ සඟරාව ඉල්ලලා තානාපති කාර්යාලෙට ලියුමක් යැව්වහම හැම මාසෙකම සඟරාව ගෙදරට එවනවා.
      ශ්‍රී සඟරාව ඔය වයින් පරණම සඟරාව පනස් ගණන් වල හෝ හට ගණන් වල පටන්ගත්තෙ.මනහර මුතුහර ඊට ගොඩක් පස්සෙ.දැන් දෙසතිය ඇරෙන්න අනික් සඟරා ටික ඔක්කොම වැහිලා ගිහිං.
      අපි හිටපු කාලෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අයිති වුණේ සංස්කෘතික හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයටයි.කැබිනට් ඇමති වි ජ මු ප්‍රවෘත්ති රාජ්‍ය ඇමති වුණේ සෙරෙප්පු සුප්.ඔහුට කිව්වෙ ඒ ජේ ආර් මිනිහා රූපවාහිනියයි ගුවන් විදුලියයි තනි සම්බුද්දියට බුක්ති වින්දා වි ජ මු අතගහන්න තියා පැත්ත පලාතෙ එන්නවත් දුන්නෙ නෑ.තනි සුදු ඇඳලා සුදු සපත්තු දාල ලිප්ස්ටික් කියුටෙක්ස් ගාල නයිස් කාරය වගේ එන හැටි බලන්න ලස්සනයි.සෙරෙප්පු සුප් කතාවෙන් පස්සෙ අපට ඔය මනුස්සය පේන්න බැරුව හිටියෙ.

      Delete
  18. මමත් එක සඟරාවක් හරි දෙකක් හරි කියවල තියනව හැලප අයියේ දෙසතිය එකේ.. මනහරයි මුතුහරයි තමා අපිට අහු උනේ.. .
    //එනු මැනේ මගේ යහනට// කියන තැන අහද්දි මට මතක් උනේ දීපිකා ප්රියදර්ශනීගෙ ගායනය බං..

    ReplyDelete
    Replies
    1. නොදකින් විතරක් තියෙන වලත්ත කම , එතනත් මතක් වුනේ යහනට ගන්න එක

      Delete
    2. උඹ ඉතිං ගෙඩිය පිටිං පූජ කොරාට මං පලියෑ ඕං !!

      Delete
    3. පත්තරේ,
      ඉවාන් ගෙඩිය පිටිං පුජා කලේ මොනාද මල්ලි.

      Delete
    4. අර අතිං අල්ලං පන්ති එක්කං ගිහිං / කෑම්ප් එක්කං ගිහිං මැස්සෙක්කත් වහන්න නොදී පරිස්සං කරපු අර අක්කා හැලපයියෙ :D

      Delete
  19. කියවා දැනුවත් වුනා.

    ReplyDelete
    Replies
    1. S.L.M.R., ඒක එලද කියන්න පුලුවන් ඒකෙ ඇතුලෙ තියන දේවල් අනුව නේද?

      Delete
    2. එල ද බ්‍රා මැලේ.
      පත්තරේ, මෙනවද බං කියන්නේ Pra Jay මට ‍තෙරෙන්නේ නෑ.

      Delete
    3. SM, බ්‍රා විතරක් නෙමේ බ්‍රා-ලස් එකත් එල තමයි

      මේ සමර් හින්ද PMකියයි

      Delete
    4. හා හා … සමර් නං එපාමයි :D ලබු දියලබු වැටකොලු ,පුහුල් .බටාන .ගස්ලබු ,දොඩං
      පැණිදොඩං දොදොල්, දෙ,හි මිදි

      හප්පේ ප්‍රා ජේ පාර නිකං එලෝලු ලෑල්ල වගේ :D

      Delete
    5. //////////හප්පේ ප්‍රා ජේ පාර නිකං එලෝලු ලෑල්ල වගේ///////////////

      ++++++++++++++++

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. බලන්න PM කොයිතරම් හොඳට මාතෘකාවට අදාලව, කාලීන, ප්‍රබුද්ද, විද්වත්, වැදගත් ශාස්ත්‍රීය සංවාදද අපි කරන්නෙ කියල.
      ෆුෆ් ! හැදියාවෙ හොඳකම තමයි PM
      නිහතමානී ආඩම්බරකමක් දැනෙනව වගේ නේ . Salute !

      Delete
    8. අරූ අයියා :D වින්ටර් නං චැහ් ,…

      ප්‍රා ජේ මචං. හතිලව්වයි නැතුව නැතුව. :D
      අපි තරං ශාස්ත්‍රීය සංවාද විසංවාද මතවාද කරන උං ලොවෙත් නෑ. අනික මේ වගේ ගැඹුරු මාතෘකා ගැන මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ නෙවැ..අපිටම මිසක් :D මේව අපේ යුතුකං . ඕ යේස්

      Delete
    9. මෙන්ඩියෝ… මං හිතන්නෙ වර්ග මීටර් ගාන වෙන්ටැ :D හැක්

      Delete
    10. අම්මප මෙතන සංවාදෙ මොන තරං ශාස්ත්‍රීයද කිව්වොත් එහෙම මාව නිකං කරකෝල අතැරිය වගේ උනා.බොලා කට්ටියටම කොහොම ස්තූති කරන්නද තේරෙන්නේ නෑ.

      Delete
  20. ඒ කලේ අපේ මව් දෙමව්පියෝ කිව්වේ "සකස් කඩ නොකිව් කට උගේ කට හුබස් කට" කියලා .... ඒවගේ දැන් කියන්න තියෙන්නේ දෙසතිය, කල්පනා, මනහර, මුතුහර වගේ එව්වා නොකියෙව්ව එවුන් ...... එක්කොත් ඔන්න ඕන නෑ
    මට ඒ කාලේ තිබුන (දැනුත් තියෙනවා) ලොකු පස්නයක් තමයි මේ දිනපතා සතිපතා පුවත් පත් බෙදා හැරීමේ කොරමය ඕක ඇත්තටම මාර ප්ලැන් එකක් ඇතුව වෙච්ච වැඩක් වෙන්න ඕනා මොකද ඉරිදා පත්තරේ ගොඩක් වෙලාවට සෙනසුරාදා උදේම කළුතර පැත්තෙන් මිලට ගන්න පුළුවන් එත් මොරටුව රත්මලාන පැත්තේ ගන්න පුළුවන් සෙනසුරාදා හවසට තමයි දෙහිවල වැල්ලවත්තෙන් එහා ක්ලබ පැත්තේ ගන්න පුළුවන් ඉරිදා උදේටම තමයි .... ඒ මදිවට සමහර වෙලාවට සෙනසුරාදා කළුතරින් ගන්න පත්තරේ මුල් පිටුවයි ඉරිදා උදේ කොලබ කිට්ටුවෙන් ගන්න මුල්පිටුවයි වෙනස්
    ඔය බෙදා හැරීමේ කොරමය ගැනත් වැඩි විස්තර ටිකක් දාන්නකෝ කැන්දකොලෙන් ඔතන ඒවා මාමේ !!!

    ReplyDelete
    Replies
    1. කොහොමත් තියෙන්නෙ අමූලික පට්ටපල් කෙබර නෙවැ.. මුල් පිටුව වෙනස් උනා කියල අවුලක් නෑ බං … අපි වෙන දෙයක් ගැන කතා කරමු :D ගෑල්ලමයෙක් වගෙ වැදගත් දෙයක් !!!!

      Delete
    2. මැලේ රාළයෝ - ඔය කියන විදිහට නම් මට පේන්නේ උඹ සකස්කඩ කියවලා නෑ වගේ තමා ..

      Delete
    3. පත්තර බෙදීම ප්‍රශ්නයක් කරගන්න එපා ....පත්තරයා එක්ක කථා කරලා විසදගන්න....

      Delete
    4. [බ්ලොග් සටහනට අදාල දෙයක් නෙමේ - ඒත් මේ උඩ ඉන්න හතර දෙනාගේ කමෙන්ට් හින්දා සිංහල බ්ලොග් සටහන් (ප්‍රතිචාරද ඇතුලුව) කියවීම අලස බවින් තොරව කරන්න පුලුවන් බවක් මෑත කාලේදී මට හැඟුණා - ස්තූතියි ඒකට]

      Delete
    5. තිස්ස අයියේ…

      කප්පරක් බැණුං අස්සේ ඔහොම වචනයක් ඇහුනම දැනෙන සතුට බං ..

      Delete
    6. පත්තර බෙදාහැරීමේ ක්‍රමයත් සඟරා බෙදාහැරීමේ ක්‍රමයත් එකකට එකක් වෙනස් රාළේ.ඉරිදා පත්තරේ සිකුරාදා හවස් වෙද්දී පිටවෙනවා.එතකොට ඒ පත්තරේ පිට පළාත්වලට යවන එක නිසා පිට පළාත්වල සෙනසුරාදා උදේට පත්තරේ ගන්න පුළුවනි.දිගින් දිගටම දෙවෙනි සහ තුන්වෙනි මුද්‍රණ නිකුත්වෙද්දී පත්තරේ මුල් පිටුව හැම මුද්‍රනයකම එකට එකක් වෙනස් වෙනවා.අවසාන වශයෙන් මුද්‍රණය කරන පත්තරේ කොළඹ සහ තදාසන්න නගරවලට බෙදා හරිනවා.එතකොට ඒ පත්තරේ තියෙන ප්‍රවෘත්ති සහ සිකුරාදා ගහල බෙදපු පත්තරේ තියෙන ප්‍රවෘත්ති බොහෝසෙයින් එකකට එකක් වෙනස් වෙන එක සාමාන්‍යයි.

      Delete
    7. තිස්ස,ඇත්තටම ඔබ කියාපු කරුණ එක්ක මමත් එකඟයි.ඒ හතරපස් දෙනාගේ කමෙන්ට් බ්ලොග් කමෙන්ට් කලාව වෙනස් කළ බව කියන්නට පුළුවනි.ඇත්තටම දැන් කමෙන්ට් කම්මැලි බවකින් තොරව කියවන්නට හැකිවී තියෙන්නෙ ඒ කිහිප දෙනා නිසා බව කිවයුතුමයි.

      Delete
    8. අද බාගයක් ගහලා ලගින එක ලගිනවාමයි කාණු පල්ලක … ඕ යේස් !!!!

      Delete
    9. චක් .. මාර සැටිපිකේට් එකනේ බොල.. පත්තරේ මාත් එන්නං ..උඹව උස්සගෙන යන්නත් එකෙක් ඉන්න එපැයි. මොකෝ තරහා කාරයා කියලා අමග දාල යන්නැයි... අනික මැලේ කාරයානම් පැත්තේ ගේන්න ගන්න එපා

      Delete
    10. ඔව් ඉතිං බැණුං අහන්නෙත් එකට නෙවැ. . . මේකත් හවුලෙ බදාගමු !!! නෑ නෑ බැණුං ටික උඹ ගං. හොඳ ටික මං ගන්නං .. එහෙමයි බැලන්ස්

      Delete
  21. දෙසතිය සඟරා කීපයක් නම් කියවලා තියෙනවා. කොහොමත් ප්‍රේමදාස පාලන කාලයේදී හැම වැඩක්ම පාහේ ක්‍රමවත්ව ,පිළිවෙලකට කෙරුනා මට මතක විදිහට. රාජ්‍ය සේවය හොඳින්ම තිබ්බ කාලය ඒ කාලේ කියලයි අපේ අප්පච්චිලා කියන්නේ ..

    ReplyDelete
    Replies
    1. හි..හි...සභාවේ තදින් සිනා...ළමයෝ ඒ කාලේ රාජ්‍ය සේවයක් තිබුනේ නැහැ.තිබුනේ කලට වෙලාවට තමුන්ගේ වැඩ ටික කර ගත්තු රජාගේ සේවයක්.දැනට වඩා ටිකා ..ක් හොඳයි !

      Delete
    2. @Anonymous......
      ඔබ හරි ඇනෝ .......

      Delete
    3. හි හි ඇනෝ ..මේකේ අවුලක් නෑනේ ... ඉතින් මොකෝ ඔය ඇනෝ පාරක් දැම්මේ ,උම්බ් ඔය උඩින් ප්‍රොෆයිල් එකෙන් ලස්සන කොමෙන්ට් දෙකක් කොටලා තියෙද්දී ...

      මොකාගෙ සේවේ වුනත් මිනිහෙකුට ගිහිං වැඩක් කරගන්න පුළුවන් කම තිබුනා කියලයි ආරංචිය .. එහෙම බැරිවුනාම කෙලින්ම කම්ප්ලේන් කරන්නත් පුළුවන්කම තිබ්බලු කියලයි රට්ටු කියන්නේ

      Delete
    4. ලෝරන්ස් මාෆියාව තිබුණෙ ඒ කාලෙනේ...
      හර්ෂ

      Delete
    5. ලෝරන්ස් මාපිලා ලන්ඩන් දැන් ඉන්නේ මගේ හිතේ.

      Delete
    6. ඉවාන්,
      ප්‍රතිපත්තියක් හැටියට කතාව ඇත්තයි.කොහොමත් ප්‍රේමදාස මහත්තය කලට වෙලාවට පිළිවෙලට වැඩකරන කෙනෙක් නිසා ඔහු සමග වැඩ කරන සියළුම දෙනාට එයට අනුගත වෙන්නට සිද්දවුනා.අනික රාජ්‍ය සේවකයන් හා වෙනත් අය තුල ප්‍රේමදාස මහතාට තිබූ බිය.ඔය කොහොමින් කොහොමින් හෝ රාජ්‍ය සේවය දැනට වඩා හොඳට සිද්ද වුනා.ඔබ කියා තියෙන ආකාරයටම වැඩක් නොකෙරුනොත් හෝ අසාධාරණයක් වුනොත් පැමිණිලි කරන්නට හැකියාව තිබුණු අතර ඒ පැමිණිලි ගැන නොවැරදීම ක්‍රියාත්මක උනා සහ අසාධාරණයක් වුනා නං නිවැරදි කළා.
      ප්‍රේමදාස මහතා නිසා රාජ්‍ය සේවය කවරදාටත් වඩා හික්මුණු සේවයක් වෙච්ච බව ඔහුට කරන සාධාරණයක් ලෙස මෙතැන ලියා තැබිය යුතුමයි.ප්‍රේමදාස මහතා බදුල්ලෙ ජංගම සේවයට එද්දී අපිත් ඔහු සමග ආපු උදවිය.ඉවාන්ලා ඒ කාලෙ කිරි දරුවො වෙන්න ඇති.

      Delete
    7. අරූ,
      ලොරන්ස්ව මුණ ගැහුනේ හෙම නැද්ද.ඔහු දැනට ජීවතුන් අතර නොමැති බව මගේ විශ්වාසයයි.

      Delete
    8. මීට අවුරුදු දහයකට කලින් වගේ මට කෙනෙක් පෙන්නුවා. ඒ දවස්වල තව කෙනෙක් එක්ක එකතුවෙලා පොඩි ශ්‍රීලංකන් රෙස්ටොරන්ට් එකක් කර කර හිටිය බව මතකයි.

      Delete
  22. උසස්පෙළ සිසුවකු ලෙස දෙසතිය සඟරාවෙන් උගත් දෑ බොහොමයි. අද නම් එතුමාගේ ප්‍රචාර වලට වෙන්වුන ප්‍රකාශන විතරයිනේ තියෙන්නේ.

    නන්දා පතිරණගේ අව්‍යාජ මධුර හඬ කිසිදිනක අමතක නොවන බවත් කිවයුතුයි. දරුවකු අහිමිවූ අනික් ගායිකාව මාලනී බුලත්සිංහල නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි සුජාතා අත්තනායක...ඇගේ ගුවන් නියමු පුත්‍රයා හේලිගේ අභාවයෙන් පස්සෙ ඇය සුදු සාරියෙන් පමණයි සැරසෙන්නෙ.

      Delete
    2. මගේ එදා මෙදාතුර ප්‍රියතම ගායිකාව සිරා …

      Delete
    3. විචාරක තුමා,මොන ආණ්ඩුව යටතේ උනත් දෙසතිය ස්වාධීන සඟරාවක් ලෙස පවත්වා ගෙන ගිය බව කිවයුතුයි.එහෙම නොවුනා නම් මේ තරං කල් පවත්වා ගෙන එන්නට ලැබෙන්නෙ නෑ.මාලිනී බුලත්සිංහල ගෙත් දරුවෙකු අහිමි වූ බව යන්තන් වගේ මතකයේ තිබෙනවා.

      Delete
    4. මොකක් කිව්වා උඹේ ප්‍රියතම ගායිකාව සිරා . යකෝ මිනිස්සුන්ට මෙහෙමත් අපහාස කොරනවද?

      Delete
    5. බොහෝ කාලයකට පෙර ඇගේ දියණිය මියගියේ ඩෙංගු රෝගය වැලඳී.

      Delete
    6. සුජාතා අත්තනායකගෙ සහෝදරයෙක් නේද සුසිල් කියන අතිදක්ෂ ඩ්‍රම්ස් වාදකයා හැලපයියේ. මං අහල තියනව එයාල කැලණියෙ කියල.

      ඉවාන් .. සිරා තමයි ප්‍රියතම ගායිකාව බොල. බ්ලොග් ලියන්නේ සුජාතා අත්‍ය්හනායක නෙවැ … අම්මප උඹ රස්සාවට ගත්තෙ මොන මෝඩයද බං. චැහ්

      Delete
    7. බැස ගියා - නුඹ බැස ගියා

      මේ තියෙන්නේ මාලිනී බුලත්සිංහලගේ දියණියගේ අකල් වියොව ගැන රත්න ශ්‍රී විජේසිංහ ලියූ ගීතය. සංගීතය කේමදාස. මේ වීඩියෝව අප්ලෝඩ් කරලා තියෙන්නේ යසනාත් ධම්ම්ක බණ්ඩාර. ඔහුගේ බ්ලොගයේ විපුල් ධර්මප්‍රය ජයසේකර ගැන ලියපු සටහනක ඔහු මේ ගීතය ගැනත් සඳහන් කරලා තිබ්බා.

      Delete
    8. සිරා, සුජාතා අත්තනායකගේ එක පුතෙක් තමයි අනෝජා වීරසිංහගේ දුව දිල්කි බැන්දේ. ඒ පුතත් පයිලට් කෙනෙක් වගේ මතක. දිල්කිත් එක්ක යද්දි මොකක් හරි අවුලක් වෙලා පොර බීච් එකේ ඉමර්ජන්සි ලෑන්ඩිං එකක් කරලා තිබ්බා...

      Delete
    9. පත්තර මල්ලි,
      සුසිල් පෙරේරා 70 දශකයේ ලංකාවෙ සිටි දක්ෂතම ඩ්‍රම්ස් වාදකයායි.

      Delete
    10. තිසර,,,ඔබ හරි...

      Delete
    11. එහෙම නේද හැලපයියා.. .දවසක් වැඩසටහනකට ඇවිත් කිව්වා සුජාතා එයාගෙ අක්කා කියලා ඉලෙක්ට්‍රික් ඩ්‍රමට ආස නෑ එකෝස්ටික් එක තමා හරියන්නෙ පොරට කියලත් කිව්වා.

      Delete
    12. ඔව් සුජාතගෙ මල්ලි තමයි සුසිල්. මුල්ම සුපර්ස්ටාර් සෙට් එකේ හිටිය. පස්සෙ ඇමරිකාවෙද කොහෙද ඉඳල ඇවිත් කාලයක් ෂෝ එකක් දෙකක් එහෙමත් කරා.

      සුජාත අත්තනායක කියන්නෙ මව්ගුණ ගී වලට ලංකාවෙ තියෙන හොඳම හඬ. ඒත් පුතා නැති උනාට පස්සෙ කම්පණය එක්ක කටහඬත් අවුල් වෙලා දුකටම සින්දු කීමත් නතර කරල තිබ්බ සෑහෙන කාලයක්. ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් වගේ තනතුරක් දැරුවෙ. අද ඇහුව සුජාත එක්ක ධර්මරත්න බ්‍රදර්ස් කියපු රෝමියෝ ජුලියට් සින්දුව. පුදුම ලස්සනයි!

      Delete
    13. ඒ කාලේ එළිමහන් සංගීත සංදර්ශන වලදී සුසිල් පෙරේරා ඩ්‍රම්ස් ගහනකොට අපි වශීවෙලා බලාගෙන හිටියේ.

      හැබැයි ලොක්කා තොප්පියනම් ගලවන්නේ නැහැ අම්මේ මුත්තේ කිව්වත්. 'කැලෑහඳ' පෙනෙන නිසා.

      Delete
    14. @ සිරා. ඔව් සිරා ඔයා හරි. මට සුජාතා අත්තනායක ගැන අමතක වුනා, මගේ ගුරුවරියක් වෙලත්. ඇගේ පුත්‍රයා හමුදා පුහුණුව ලබා විසිර ගිය දා රාත්‍රී සාදයේදී ඇය ගී ගැයූ හැටි මගේ යාලුවෙක් මට කිව්වා.

      Delete
  23. දෙසතිය කාලයක් කියෙව්වා අද නං හොයාගන්නත් නෑ.. ඇත්තම කිව්වොත් හොයන්න ඕන කමකුත් නෑ.. හැබැයි අහුඋනොත් කියවනවා.. කරුමේ කියන්නේ අහුවේන්නේ නෑ මං හිතන්නේ පවු කාරයන්ට එහෙම වෙන්න ඇති.. උනන්දුවෙන් හොයල බලන්නම් ...

    ජය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ,
      දැන් ලස්සන පිටකවරෙයි කොළ ටිකයි පමණක් වෙන්න ඇති.එකල තිබ්බ ප්‍රමිතිය දැන් තියෙනවද කියල මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි.

      Delete
  24. වින්සන්ට් පෙරියප්පෙරුම මයා හරි නිහතමානී කෙනෙක් බව අහලා තියෙනවා. උඹ ඔය කියන ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එවන්ස් කුරේද? නන්දා පතිරන කියන්නේ හරිම වෙනස් හඬක්. ටිංටිං ගායිකාවන්ට ඒ අහලටවත් එන්න බැහැ.

    ////ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ.. ‍රැන්ඳු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ ......./////

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අරු,ඔහු ඉතාම අහිංසක නිහතමානී පුද්ගලයෙක්.එවන්ස් කුරේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රවෘත්ති නිලධාරියෙක්.ඔහු පසුව ප්‍රේමදාස මහතාගේ ප්‍රවෘත්ති නිලධාරියා වුනා.මා කියන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා එකල ප්‍රේමදාස වාදියෙක් වුනාට දැන් නං රෙදි නැතුව රජාට කඩේ යනවා.ඔහු විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයෙක්.තවම මගෙ හිතවතෙක්.නම කියන එක හරි මදි මචං.

      Delete
    2. පේමදාස යුගයේ එවන්ස් කුරේ නිතරම ලේක්හවුසියෙමයි. ඒ තරං........... ඉතිරි ටික කියන එක හරි මදි

      Delete
    3. චුට්ටක් තේරෙන්න කියනවනං ලක්විජය සාගර පලන්සූරිය එයැයිට වඩා බලවත්ව හිටියා. ඔයැයි දන්නවනේ ඒ ගැන.

      Delete
  25. නන්දා පතිරණ ගයා ඇති ගී සංඛ්‍යාව ඉතාම අල්ප විය යුතුයි. නමුත් ඒ හඩ අපට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒක තමයි ඒ හඩේ තියෙන අනන්‍යතාව. අද ලිපිය තුල තියෙන කරුණු කාරණා පළවෙනි වතාවට තමයි කියෙව්වෙ...මේ ගීතයත් මම කලින් අහලා නෑ. දෙසතිය තාම පල වෙනවද ?

    ReplyDelete
    Replies
    1. නන්දා පතිරණ ගැයූ ගී ස්වල්පයයි.නමුත් ඒ ගී කිහිපය තුළින් ඇය රසික හදවත් ජයගත්තා.දෙසතිය රජයේ ප්‍රකාශනයක් නිසා තාම පළවෙනවා.

      Delete
  26. දෙසතිය මාත් කියවලා තියෙනවා. රජයේ ප්‍රකාශණයක් වුනාට හිරිකිත විදියට පක්කලිකම් වන්දිභට්ටකම් කරපු බවක් මතක නෑ මට. ලිපි වල සෑහෙන ගතියක් තිබුන බව මතකයි. ඒ වගේම ගෙවන මුදලට පාඩු නැති ගතියක් තිබුනා. සමහරවිට අතින් කයිට් වෙන්න ඇති ඒඉක ගහන්න ඇත්තෙත්.

    දැන් උඹේ ඇත්ත නම මොකක්ද කියලා අපිට දැනගන්න විදියක් නැද්ද? එතකොටයි මේ කතන්දරෙත් එක්ක ගලපලා අඩේ මේ හැලපයා කියන්නේ ............ද කීයලා පුදුම වෙන්න පුලුවන් අපි හුඟ දෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි දෙසතිය කිසි දිනෙක පවතින ආණ්ඩුවට වන්දිභට්ට කම් කලේ නැහැ.තාම පවතින්නේත් රජයේ ප්‍රකාශනයක් නිසයි.
      මට එච්චර ප්‍රසිද්ධ ලොකු නමක් නෑ මචං.මෙතැනදී මම කලේ මට පැවරුන රාජකාරිය පමණයි.නම දැනගත්ත කියා පුදුම වෙන්න දෙයකුත් නෑ කියල හිතෙයි.

      Delete
    2. හෙන්රි මචො ඉන් බොක්ස් වරෙන් මං කියන්නං මේ කවුද කියලා.......

      Delete
  27. හරිම වටිනා ලිපියක් හැලපේ.................

    ඇත්තට ම ගොඩක් දේවල් අලුතෙන් ඉගෙනගත්තා. අපිට ඉගෙන ගන්න වටින අතීතයක් ගැන ඔබ විසින් ගවේෂණාත්මක ව ගෙනඑන්නා වූ මේ දේවල් වෙනුවෙන් අපේ ස්තූතිය මචං...................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ළමයි.තරුණ පරපුර වෙනුවෙන් අපේ අත්දැකීම් ලියන එක යුතුකම නොවැ.

      Delete
  28. එකම දවසක් ඔය දෙසතිය සගරාවක් දැක්කා,,ඒත් මම පොඩ්ඩා කාලේ

    ReplyDelete
    Replies
    1. දැක්ක විතරයි නේද ඩිලාන්.

      Delete
  29. සිංදුවනම් මීට කලින් අහලම තිබුනේ නෑ.. දෙසතියක් අල්ලලාවත් නෑ මම නම්..

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.දිනේෂ් ගොඩක් දේවල් පලවෙනි වරට දැනගත්තෙ මේ බ්ලොගෙන් නේද.

      Delete
  30. සිංදුව කවදාවත් අහල නෑ ඒ වගේම තමා . ගාමිණි විජේතුංග කවරෙක්ද යන්නත් දැනගත්තෙ මේ පොස්ටුවෙන්.
    ස්තූතිය හැලපයියට

    ReplyDelete
    Replies
    1. ඉදිරිපත් කරන්නට ලැබීම ගැන සතුටුයි වැව්.

      Delete
  31. ඔය කාලෙම වගේ 'විවරණ' කියලා සඟරාවක් තිබ්බා නේද? නැත්නම් ඊට ගොඩක් පස්සෙ ද?

    ReplyDelete
    Replies
    1. තිසරගෙ මතකය හොඳයි
      මට මතක හැටියට ඒක නිකුත් කලේ යම් භික්ෂු සංවිධානයකින්
      88 - 89 කාලේ අපේ ගෙදර දිගටම ඒක ගත්තා
      වෙන මාධ්‍ය වලින් ඉදිරිපත් නොවුනු ස්වාධීන මති මතාන්තර එයින් ඉදිරිපත් වුණා වගේ මතකයි
      සියළු පාර්ශව විසින් කෙරෙන ඝාතන නැවැත්විය යුතු බවට මතයක් නගන්නට උත්සාහ කලා
      අපේ ජීවිත ගැන සලකා ඒ සියල්ලෙහි අළු ඇන්තූරියම් පෝච්චි වල පතුලේ අප දෙමාපියන් තැන්පත් විසින් කලා!

      Delete
    2. @තිස්ස/තිසර......1988-89 කාලයේ මානව හිතවාදි භික්ෂු පෙරමුණ විසින් විනිවිද කියලා සඟරාවක් කරා. කෝ.ආනන්ද හාමුදුරුවෝ ඒක සංස්කරනය කලා කියලා මතකයි.

      Delete
    3. මගේ "කමෙන්ට් බොක්ස්" එක විතරක් නෙමේ මතකයත් දැන් අවුල් වාගේ අරු _ /තිසර :-)
      මම අදහස් කලෙත් 'විනිවිද' තමා
      හැබැයි විවරණත් තිබුණා - යම් හෝ චිත්‍රයක් මවාගන්න රාවය, යුක්තිය, වෙඩිහඬ ඔව්වා කොහෙන් කොහෙන් හරි බැලුවා
      ලයිට් ඕෆ් කරගෙන වෙරිටාස් අහපු කාලේ නෙව ;-)

      Delete
    4. තිස්ස,

      මං ගාව තාම තීනව "ත්‍රිශුලෙ" මංගල කලාපෙයි දෙවෙනි එකයි. කලාප දෙකයි, පත්තරේ ඉවරයි. හේතුව මතකද?

      Delete
    5. ඕක තිලක් ඈපාරච්චි නේද ගැහුවේ. ත්‍රීශූලය පුවත්පතේ සංස්කාරක තිලක් රෝහන ගමගේව නේද චන්ද්‍රිකා යුගයේදී ඝාතනය කලේ? කලාප දෙකකට වඩා ගැහුවා නේද..

      Delete
    6. ත්‍රිශූලෙ නම් බැලුවෙම නෑ ඉන්දික
      කාරනය මතකයි - කිහිපදෙනෙක්ම මතුකරල තියෙන්නේ!

      Delete
    7. වෙරිටාස් මාත් අහල තියෙනවනේ ... පරණ නැෂනල් රේඩියෝ එකේ ඒරියල් එකට තව වයර් කල්ලකුත් අමුණලා තමයි අපේ තාත්තා ඉස්සර ඕක ටියුන් කලේ .. හෙහ් හෙහ්

      Delete
    8. විවරණ පිටු කීපයකින් යුත් කුඩා සඟරාවක් නේද තිසර,නිමාවත් රළුයි මට මතකයි.

      Delete
    9. අරු,
      හේ සිද්ධාර්ථ නම් වෙයි නවකතාව ලියූ කෝ ආනන්ද හිමියන් දැන් පදිංචිව ඉන්නෙ පැරිසියේ.ඝාතනය කලේ රෝහණ ගමගේ නොවෙයි රෝහණ කුමරවයි.ඔහු දිවැස වගේ කබල් පත්තරයක් කළා.

      Delete
    10. තිස්ස,පැතුම්.
      වෙරිටාස් පිලිපීනයේ සිට ප්‍රචාරය වුනු සිංහල සේවය.එහි වැඩකරන්නට ලංකාවෙන් නිවේදකයො ගියා.දැන් ප්‍රචාරය වෙන්නෙ නැතුවද කොහෙද.

      Delete
    11. ත්‍රෂුලය ගැහුවේ තිලක් ඇපාරච්චි කර්තෘ රෝහන කුමාර මිගල මුදියන්සේත් කාලයක් මේකට දායක වුණා.

      Delete
    12. ජේවිපියේ ක්‍රියාකාරකම් උත්සන්නම අවධියේ ලාංකිකයන් ඇහුවේ වෙරිටාස් තමා. කාලය මැවු අරුමේ...

      Delete
  32. ලියන්න පුළුවන් මිනිස්සු නොලියන එක නම් මහා අපරාදයක්. ඒකෙන් වෙන්නේ අපි වගේ පීචං උන් ලේඛකයෝ වෙන එක... හික්ස්..

    ReplyDelete
    Replies
    1. කනට ගැහුව වගේ බං :D

      Delete
    2. පත්තරේ පොඩ්ඩක් බලලා වැරෙන කවුද කන අතගාන්නේ කියලා ??

      Delete
    3. ඉන්නවා පෝලිමක් කං බදාගෙන :D

      Delete
  33. දෙසති සගරාව කියවලා නෑ හැලප මාමේ...ඔබේ අද්දැකීම් මෙහෙම අපි එක්ක බෙදා ගන්න එක ගොඩක් අගේ කරනවා ස්තූති

    ReplyDelete
    Replies
    1. කිඹුලෝ කවද්ද බං අකුරු කියෙව්වේ :P

      Delete
    2. ඔය සගරා තිබුණේ කිඹුලියන් ජංගියේ චූ දාන කාලේ ඉවාන්... ඉතිං කොහොම කියවන්නද

      Delete
  34. මේ වගේම හොඳ සඟරාවක් තමයි "සංස්කෘති" සඟරාව

    ReplyDelete
    Replies
    1. කසූ කීව වගේම සංස්කෘති සඟරාව තමා මගෙ හිතේ පරණම (සංස්කෘති සඟරාවත් තවම ගහනව)
      ඊලඟට රසවාහිනී
      ඊලඟට ශ්‍රී
      මනහර, දෙසතිය
      මුතුහර, සිව්දෙස මතකය හරිද මන්ද :-(

      Delete
  35. උඩින් තියෙන සඟරාවලින් මතකයේ තියෙන්නේ මුතුහර සඟරාව ගැන විතරයි.අනෙක් ඒවත් කියවලා ඇති එත් මතකයේ නැහැ.මුතුහර මෑතක් වෙනකම්ම තිබ්බා හැලපයියේ ගෙදර ගොඩ ගහලා.

    ReplyDelete
    Replies
    1. මුතුහර පටන් ගත්තේ බන්දුල පද්මකුමාර. අවසන එහි චාමර මුතුනායක සංස්කාරක වුණා. එය අන්වර්ත නාමයක්. එයත් දැන් අපි එක්ක එකට වැඩ

      Delete
  36. මේ සටහන දින දෙකක් පරක්කු වෙලා කියෙව්වට ලිපියේ නම දැක්ක හැටියේම ගාමිණි විජේතුන්ගයන් ගැන හැලපේ සමග ඔන්ලයින් කතා කළා . සඟරා ඉතිහාසෙත් හරිම සුන්දර කතා තියෙනවා නේද? මමනම් රසවාහිණී සඟරාව බහ තෝරන කාලේ ඉඳන් ගෙදරදී දැක්කා , මනහර ( රිචඩ් විජයසිරි සමය ) හා දෙසතිය ගාමිණි විජේතුංග කාලවල සඟරාවල භාෂාව හරිම මනරම් . ඉතා සිත් ගන්නාසුළු මාතෘකා හා ෆොටෝ කැප්ෂන් ඒවායේ තිබ්බා .

    ReplyDelete
    Replies
    1. ඇයි සිවු දෙස එතරම් මනරම් බසක් අදටත් නොමැති තරම්. මම සගරාවක් කියලා දැනුම් තේරුම් ඇති කාලේ කියෙව්වේ ශ්‍රී සගරාවයි තිලකේ

      Delete
  37. අප්පච්චි රාජ්‍ය සේවකයෙක් වෙච්චි පින නිසා ඔය සඟරා කොයිවත් මට නොමිලේ කියවන්ට ලැබුනා...77 ට ඉස්සෙල්ල සෝවියට් දේශය, ස්පුට්නික් ( රුසියානු තානාපති කාර්යාලයෙ ප්‍රකාශන ) දර්ශන ( අමරිකන් තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු සඟරාවක් ) 77 ට පස්සෙ ඔය දෙසතිය, කල්පනා, සහ පෙරමඟ...

    ReplyDelete
    Replies
    1. මටත් නොමිලේ ආවා සෝවියට් දේශය සහ පසු කාලීනව එක්ට්‍රා බුලටින් සගරාව.තව පුංචි බොරැල්ලේ අරුණ ප්‍රකාශකයන්ගෙන් තවත් කීපයක් ආවා දැන් නම් මතක නැ

      Delete
  38. රාජ්‍ය මාධ්‍යයක සේවය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ඔබේ පොඩි වදන් වැලෙන් එය වැටහේ.//මෙම වකවානුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් පැමිණි අතර විය යුතු පරිද්දෙන්ම ප්‍රේමදාස වාදියෙක්වූ ඔහු දෙසතියද ප්‍රේමදාසයන්ගේ ප්‍රචාරක උපකරණයක් කරගැනීමට උත්සුක විය.//

    අර පාසල් සිසුන් හැදුව නිම්වලල්ල ආනන්දයේ සිසුන් පිරිසක් එක්ව කළ දෙයක් එහි පුරෝගාමියෙක් තමා බන්දුල පද්මකුමාර කියන්නේත්.

    ReplyDelete
  39. එතකොට කාටවත් අමතකද චින්තන ජයසේන කරපු කොළම කියන පළමු තිරු පත්තරේ.

    ReplyDelete
  40. මෙන්න දෙසතිය 35 වැනි සමරුම දා මගේ බ්ලොගේ ගිය සටහනක්
    දෙසතියට 35 වසරයි

    ReplyDelete
  41. ලියන්න ආපු දේ නෙවේ බං මට ලියන්න හිතුනෙ....
    බලපන් අය්යෙ හොඳ දේ ලිය උනාම කට්ටිය පෝලිමේ ඇවිල්ල සංවාද ගොඩ නගල රසගුලාවක් කරල තියෙන අපූරුව. හරිම සතු‍ටුයි බං..!

    ReplyDelete

ඔබේ අදහස්