Tuesday, July 1, 2014

141.කින්නියා කලපුවෙ ෆෙරිය සහ රහුමාන් මාස්ටර්ගේ කතා



අද රහුමාන් මාස්ටර්ගේ කතාවල ඉතිරි හරිය.ඊට ඉස්සෙල්ල කියන්න දෙයක් තියෙනව මම කලින් ලියපු රහුමාන් මාස්ටර්ගේ කතා පෝස්ට් එකට දාපු පින්තුරෙ සහ මේ පින්තුරෙත් පෙන්නන්නෙ කින්නියාවෙ වැසියන්ගේ ගමනාගමනය සඳහා තිබුණු ෆෙරිය හෙවත් පාලම්පාරුව කින්නියාවට ළඟාවන ආකාරයයි.මේ 2002 වර්ෂයේ කින්නියාවට ගිය වෙලාවෙ මම ගනිපු පින්තුරයක්.දැනට අවුරුදු කීපයකට  උඩදී කලපුව උඩින් පාලමක් දමපු නිසා දැන් ෆෙරි සේවය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ සහ එය දැන් අතීතයට එකතුවුණු දෙයක්.

කලපුව ගැන කියපු වෙලේ අපේ මාම කිව්ව කතාවක් මතක් වුනා.මාම කිව්වෙ අපේ අම්මගෙ ලොකු මල්ලි දැනට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල අපේ ගෙදර තිබ්බ පිරිතකට සහභාගිවෙන්න ඇවිත් හිටපු වෙලේ මහ රාත්තිරියෙ ඉස්තෝප්පුවෙ පුටු දෙකකට වෙලා අපි දෙන්න කතා කරමින් උන්නා.මාම පොලිසියෙ වැඩකරන කාලෙ අත්දැකීම් මගෙත් එක්ක කියමින් හිටියෙ කලපුවෙ කතාව මාම කිව්වෙ මෙහෙමයි.

'ඒ මම චීනවරාය පොලිසියෙ වැඩකරන කාලෙ මට මතක හැටියට පනස් ගණන්වල මුල වගේ මම රාජකාරියකට රාළහාමි කෙනෙකුත් අඬගහගෙන කින්නියා ගියා ඒ කාලෙ කලපුව හරහා යන ෆෙරිය තිබුනෙ නෑ අපි ඔරුවක් කතාකරගෙන කින්නියාවලට ගිහිං ගිය රාජකාරියත් කරගෙන ආපහු එන්න කලපුව ලඟට එද්දි අඳුර වැටිල තිබුණා.ආපහු එන්න ඔරුවෙ නැගල කලපුවෙ මැදක් එද්දී මොකක් හරි හේතුවක් නිසා ඔරුව පෙරලුනා.කරුවලයි මෙලෝ දෙයක් පේන්නෙ නෑ. කලපුව මැද තියෙන ගලට පීනගම්මු කියල අපි දෙන්න පීනන්න ගත්තා මම දාගෙන හිටපු ස්පෝර්ට් ෂූස් දෙකත් එක්ක පීනන්න අමාරුයි ඒ ගමන සපත්තු දෙක ගලවල දාලා කොහොමහරි ගලට පීනුවා.ගලට ගොඩවෙලා හූ කියන්න ගත්තා වැඩි වෙලා ඉන්න උනේ නෑ ගොඩ හිටපු අය ඔරුව පෙරළුණු ආරංචිය දැනගෙන ඔරු තුන හතරකින් අපිව හොයාගෙන ආවා.එදා අපි ආපහු පොලිසියට යද්දී මහ පාන්දර වුනා.'

ඔය විදියට මාම කතාව අහවර කළා.මම මේ කතාවට දාන්න පින්තුර හොයමින් ඉද්දි ඔය ගලේ පිංතූරෙකුත් මගේ කැමරාවේ සටහන් වෙලා තිබුණු නිසා ගල දකිද්දී මට මාමවත් මාම කියපු කතාවත් මතකයට නැගුණා.මාමා පහුගිය අප්‍රේල් මාසෙ මේ ලෝකෙන් සදහටම සමුගෙන යන්න ගිය නිසා මේ කතාවෙ ඉතිරි හරිය හෝ අඩුපාඩු අහගන්න දැන් පිළිවෙලක් නෑ.

ආපහු රහුමාන් මාස්ටර්ගේ කතාවලට ආවොත් ඔන්න මාස්ටර්ගෙ පොඩිදුව පස්සෙන් කොල්ලෙක් කැරකෙනව කියල රහුමාන් මාස්ටර්ට ඉව වැටිල තිබුනා. එක සති අන්ත නිවාඩු දවසක දවාලෙ රහුමාන් මාස්ටර් ඉස්තෝප්පුවට වෙලා පත්තරේ කියවමින් ඉන්නකොට මේ කොල්ල සයිකලේක නැගල එක සැරයක් ගේ ඉස්සරහින් ගියා අනික් පැත්තටත් ගියා.ආයෙම ගේ ඉස්සරහින් යද්දී රහුමාන් මාස්ටර් එළියට බැහැල පාරට ඇවිත් අප්පුඩියක් ගහල කොල්ලට කතාකලා.

ළමය පොඩ්ඩක් එන්නකෝ...

ඔන්න කොල්ලත් ආපහු හැරිල රහුමාන් මාස්ටර් ලඟට ආවා...

ළමයෝ අද අපේ දුව ගෙදර නෑ,ට්‍රින්කො වල පන්ති ගිහිං හැබැයි දැන් එන වෙලාව නං හරි.ෆෙරිය ළඟට ගියොත් මුණගැහෙන්න පුලුවන්වෙයි,මේ සාවියෙ කැරකිලා නං සත පහකවත් වැඩක් වෙන්නෙ නෑ...

කරකෝල අත ඇරිය වගේ වෙච්ච කොල්ල සිහි එළව ගන්නත් කලින් රහුමාන් මාස්ටර් ආපහු හැරිල ගෙට ගියා.

ආයෙම දවසක උදේ පාන්දර පල්ලි ගිහිං ආපහු එමින් ගමන කට්ටිය සුපුරුදු විදියට සම්බල්අප්පා මුදලාලිගෙ තේ කඩේට ගිහිං තේ බිබී කතා කර කර ඉන්නව.කඩේ පැත්තක තියෙන ෂෝ කේස් එකේ උදේට කන්න හදපු කෑම ජාති ගොඩගහල තියෙනව රහුමාන් මාස්ටර් එතනට ගිහිං...

මේ තෝසෙ කීයද?

එකක් රුපියල් දෙකයි මාස්ටර්...

එතකොට මේ සම්බෝල?

ආ ඒව නිකං දෙන්නෙ...

තේ බීල ගෙදර යද්දි රහුමාන් මාස්ටර් කට කපල පුරෝල තිබ්බ සම්බෝල කෝප්පෙ පිටිං අරං යන්න ගියා. සම්බලප්පා මුදලාලිට කර කියා ගන්න දෙයක් නැතුව රහුමාන් මාස්ටර්ගේ පස්සෙන් දුවල ගිහිං සම්බෝල කෝප්පෙ ඉල්ලුවා...

මාස්ටර් ඔය සම්බෝල කෝප්පෙ දීල යන්න මිනිස්සු තෝසෙ කන්නෙ මොනා එක්කද?

ඇයි ඕයි සම්බෝල නිකං දෙනව කිව්වෙ තමුසෙමනෙ, නිකං දෙන එක මං අරං ගියාම මක්වෙනවද?

ඊළඟට ආයෙම කෙනෙක්ව නෝන්ඩි කරන්න රහුමාන් මාස්ටර් හදල කියපු කතාවක් තියෙනව ඒක මෙහෙමයි.

ඔන්න රහුමාන් මාස්ටර් එයාගෙ වැඩ කරගන්න යකෙක් බැඳගත්තලු. දැන් බැඳගත්ත යකා වැඩකාරයෙක්ද නැත්නං වැඩකට නැති යකෙක්ද කියල ෂුවර් එකටම දැනගන්න මාස්ටර් යකාට වැඩ දෙකක් කරගෙන එන්න දුන්නලු.වැඩ දෙකම හරියට කළොත් යකාව තියාගන්නව නැත්නං යකාගෙන් වැඩක් නෑ කියල එලෝල දානවා.යකාව එහෙම පොරොන්දු කරගෙන රහුමාන් මාස්ටර්ගෙ වැඩ දෙක කිව්වලු.

පළවෙනි වැඩේනම් කොට්ටියාරම් බේ හෙවත් කොට්ටියාරම් බොක්කෙන් වැලි මිටක් ගෙනෙන එකයි.(ත්‍රිකුණාමලේ වරායෙන් පිට තියෙන කොට්ටියාරම් බොක්ක ඉතාම ගැඹුරු, රුදුරු දියසුළි දියවැල් වලින් ගහන භයානක තැනක්)

යකා පිටත්වෙලා ගිහිං ටිකවෙලාවකින්ම ආපහු ඇවිත් කොට්ටියාරම් බොක්කෙ වැලිමිටක් මාස්ටර්ට දුන්නලු.

දැන් ඊළඟ වැඩේ,  'ගිහිං මවුජුඩ් මාස්ටර්ගෙන් රුපියලක් ඉල්ලං වරෙන්.'
යකා පිටත්වෙලා ගියා ගියාමයි තාම ආවෙ නැතිලු.

'කොට්ටියාරම් බේ එකේ වැලිත් ගෙනාපු යකාට මවුජුඩ් ගෙන් රුපියලක් ගන්න බැරිවුනා.' ඔය කතාව මවුජුඩ් මාස්ටර්ට නෝන්ඩියට රහුමාන් මාස්ටර් තැන තැන කියන්න වුනා.

එන්න එන්නම රහුමාන් මාස්ටර්ගෙ නුහුගුණ ගතිය වැඩිවෙන්න ගත්තම ගෙදර අය නෑදෑයො එහෙම කතාවෙලා රහුමාන් මාස්ටර්ව අංගොඩ මානසික රෝහලට ඇතුල් කරන්න තීරණය කළා.ඔන්න ඉතිං ගමේ යමක් කමක් තේරෙන දෙන්නෙකුත් එක්ක රහුමාන් මාස්ටර්ව අංගොඩ යවන්නයි  සුදානම.දවසක ත්‍රිකුණාමලෙන් රෑ කෝච්චියෙ නැගල කොළඹ ආපු මේ තුන්දෙනා උදේ වරුවෙම අංගොඩ ඉස්පිරිතාලෙට ගිහිං දොස්තර මහත්තයෙක් හම්බවුණා.රහුමාන් මාස්ටර්ව ඉස්පිරිතාලෙට බාරදෙන්න ගියපු දෙන්න ගමේ පිළිගත් යමක් කමක් තේරෙන උදවිය උනාට සමාජෙ දැනීම භාෂා අතින් එහෙම දුර්වලයි ඒ ගොල්ලො කතාකරන්නෙ දෙමළ විතරයි.හැබැයි ඒකටත් එක්ක රහුමාන් මාස්ටර් නුහුගුණේ තිබ්බට බොහොම පොෂ් මනුස්සය භාෂා තුනම ව්‍යක්තව කතා කරනවා.

ඉතිං ඩොක්ටර් ලඟට ගිය ගමන් රහුමාන් මාස්ටර් ඩොක්ටට සුබ පතලා තමන්ව හඳුන්වල දීල එහෙම බොහොම ආචාරශීලී විලාශයෙන් ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතාව පටන් ගත්තා.

ගුඩ් මෝනිං ඩොක්ට මේ දෙන්නට හොඳටම පිස්සු මම  නිවාඩුත් දාල මේ දෙන්නව ඇඩ්මිට් කරන්න එක්කගෙන ආවේ ඒකයි. මේ ගොල්ල මට පිස්සුය කියාවි ඩොක්ට ඒ ගොල්ල කියන දේවල් ගණන් ගන්න එපා පිස්සො එහෙමනෙ හැම තිස්සෙම අනුන්ට පිස්සුයි කියනවනෙ...

ඔහොම කියපුවම ඩොක්ටරුත් රහුමාන් මාස්ටර් කියපු දේ පිළිඅරන් අර දෙන්නව ඇඩ්මිට් කළා.ඇටෙන්ඩන්ට් ඇවිත් ඒ දෙන්නව වාට්ටුවට ගෙනියනකල් මොකද වුනේ කියල ඒ අහිංසක මිනිස්සු දෙන්න දන්නෙ නෑ.දෙන්නව ඉස්පිරිතාලෙ දාල රෑ කෝච්චියෙ නැගපු රහුමාන් මාස්ටර් ආපහු ගෙදර ගියා.

උදව්වට ගියපු උන් දෙන්න ඇඩ්මිට් කරලා රහුමාන් මාස්ටර් ගෙදර ආපු එක ගැන පහුවදා ගමේ හරි කලබල.අන්තිමේ ඒ අයගෙ ගෙවල්වල කට්ටිය එකතුවෙලා කොළඹ ඇවිත් බොහොම කරදර වෙලා ඉස්පිරිතාලේ අයට කන්නලව් කරලා වැඳල වාගෙ අර මිනිස්සු දෙන්නගෙ ටිකට් කපාගෙන ගමට එක්කරගෙන ගිහිං තියෙනව.

ඉතිං රහුමාන් මාස්ටර්ගෙ කතා ඔහොමයි දැනට අවුරුදු හතර පහකට ඉස්සෙල්ලා රහුමාන් මාස්ටර් ඔහුගෙ මැවුම්කරු හම්බවෙන්න ගියපු නිසා කතා කියන්න රහුමාන් මාස්ටර් ආයෙම අපට මුණගැහෙන්න ලැබෙන්නෙ නෑ.රහුමාන් මාස්ටර්ගෙ වැඩිමල්පුතා ජමාල්දීන් ඉන්නවනෙ පොරටත් තාත්තට වගේම නුහුගුණේ.මිනිහගේ කතා දෙකතුනකුක් තියෙනව෴

134 comments:

  1. දුව බලන්ට ආපු කොල්ලට කියපු කතාව නියමයි. ඔන්න ඔය වගේ පියවරු තමා ඇත්තටම වටින්නේ...:D

    ReplyDelete
    Replies
    1. සත්‍යය යථාර්ථය දැක්ක දැකපු දේ කිව්වා.නියම බඩු.

      Delete
    2. කොල්ලට තිබ්බෙ
      "එහෙනං අංකල් මං කැරකිලා ගියා කියල දුවට කියන්න ආවම " කියල :D

      Delete
  2. පට්ට...
    රහුමාන් මාස්ටර්ගෙ කතාව පටන් ගත්ත තැන ඉදං හිනාව නැවතුනේම නෑ...
    ජමාල්දීන් ගෙ එක ද ඊළගට දාන්නෙ
    එල්ස්

    ReplyDelete
    Replies
    1. ජමාල්දීන් ගේ කතා එකතු කරමින් පවතිනවා.ඔක්කොම ලැබුනම දාන්නං.
      තෑන්ක්ස් මහේෂ්.

      Delete
  3. හොඳ වෙලාවට රහුමාන් මාස්ටර් මැවුම්කරු හම්බ වෙන්න එයාම ගියේ. නැත්නම් මෙහේ ඉන්නවා මරක්කල අය අබ සරණේ පිහිටෙන් මැවුම් කාරායා ගාවට යවන සේනාවක්. එහෙම යන්න ආස අය ඉන්නවනම් කියපන් හැලපේ.

    අර අන්තිම කතාව නම් පට්ටයි කියන්නේ ආයේ කියන්න වදන් නෑ. මගේ නෝනගෙ ගමෙත් ඉන්නවා ගුණපාල මාමා කියලා ආතල් ඩයල් එකක්. මස්සිනාගේ නෑයොත් වෙනවා. පොරත් ටිකක් විතර අවුල්. වෙලාවක ලියන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. අබ සරණ නොදක රහුමාන් මාස්ටර් ගියේ අපරාදෙ කියල හිතෙනව බං.හිටිය නං ඒ ගැනත් හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් වේවි.
      දන්න දේ මතක්වෙච්ච වෙලාවට ලියපං.

      Delete
  4. හැලප මල්ලි ලස්සනට බොරු ගොතනව නේ.
    බොරු වලට අපායෙ යනවනම් බුදු අම්මෝ හැලපයට වෙනම අපායක් හදන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකත් හැමෝටම කරන්න බෑ නේ. උඹලට පුළුවන්ද බොරුවක්වත් රහට ලියන්න.

      Delete
    2. ඒකත් හැමෝටම කරන්න බෑ නේ. උඹලට පුළුවන්ද බොරුවක්වත් රහට ලියන්න.

      Delete
    3. ඒකත් හැමෝටම කරන්න බෑ නේ. උඹල පුළුවන්ද බොරුවක්වත් රහට ලියන්න.

      Delete
    4. ඇනෝ,
      පරම සත්‍යයම බ්ලොග්වල ලිවිය යුතුයි කියල නීතියක් හෝ රීතියක් තියේද? එහෙම එකක් මම දන්නෙ නං නෑ.අනික කියවන අය ඉන්නවනං බොරු වුණත් මොකද ඉතිං.
      මට වෙනම අපායක් හදනවනං මම බොහොම කැමතියි මොකද දැන් අපායට යන්න ඉන්න උන් එක්ක එක අපායෙ ඉන්නත් මට හිරිකිතයි. වෙනම අපායක් තියේනං දෙයියනේ කියල තනියම ඉන්න පුළුවනි.

      Delete
    5. හිටහං... අපේ නෝනා මරු අපායේ කතාවක් කිව්වා. ඒක ඊළඟට දාන්නම්

      Delete
  5. අනේ ෂෝයි අප්ප,
    - මීට අපූර්වි ඔමායා

    ReplyDelete
    Replies
    1. අයියෝ අපූර්වි අර රජ මූණට මොකද වුණේ...............???

      Delete
  6. මොනවා වුණත් කතා කීපය නම් පට්ට හැලපේ.........

    ඒ කියන්නේ දැන් ආයේ රහුමාන් මාස්ටර්ගේ කතා යන්නේ නැත්ද? එතකොට ජමල්දීන් විතරද කතා කියන්නේ.

    පිස්සු කතාව නම් එළස්.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ළමයි.රහුමාන් මාස්ටර් නැති නිසා අලුතෙන් කතා ලැබෙන්නෙ නැහැ.වැරදිලා හරි ඉතුරුවෙලා තිබ්බොතින් දාන්නං.

      Delete
  7. ඔන්න ඔහොමනෙ පිස්සෝ ඉන්න ඕන. අපෙත් එකෙක් හිටිය ස්ට්‍රෙස් වැඩිවෙලා පිස්සු හැදුන. ඌ දුන්න ආතල් තොගේ... හිමිට ලියන්න ඕන වෙලාවක

    ReplyDelete
    Replies
    1. ලියපං ලියපං මෙව්වනේ කතා.

      Delete
  8. නුහුගුනේ කියන වචනේ තේරුනේ නැ බං

    ReplyDelete
    Replies
    1. උඹට තියෙන ලෙඩේ...

      Delete
    2. උඹට තියෙන ලෙඩේ..

      Delete
    3. උඹට තියෙන ලෙඩේ..

      Delete
    4. උඹට තියෙන ලෙඩේ..

      Delete
    5. උඹට තියෙන ලෙඩේ..

      Delete
    6. උඹට තියෙන ලෙඩේ..

      Delete
    7. උඹට තියෙන ලෙඩේ..

      Delete
    8. පොන්නයා අද ෆුල් බිසි...

      Delete
    9. අටමටත් නුහුගුණේද මාතලන්,මම කියන්න හැදුවෙ මට තියෙන ලෙඩේය කියල.

      Delete
    10. මටත් උපන් දා ඉඳංම තියනවා :D

      Delete
    11. හරි බොලා ඔක්කොටම මේ නුගුනේනම් තියෙන්නේ මෙතන ඉන්න මේ ඇනොට මොකද්ද බන් තියෙන්නේ

      Delete
    12. උඹට තියෙන ලෙඩේ..

      Delete
    13. @අටමෝ.....ගණන් ගන්න එපා!!! නුහුගුණේ කියන්නේ වැරැද්ද වැරැදියයි කීම නම්, ඒක ගැටළුවක් නැහැ. හැබැයි මම තොගේ සමහරක් මතවාදවලට කිසිසේත්ම එකඟ නැහැ. නමුත් ඒක නුහූගුණේ නෙමෙයි. ඒ තමයි විසංවාදිත්වය. බය නැතුව අදහස් කියපන්. එහෙම නොකියනා එකා ගැඩවිලෙක්. ඒ විතරක් නෙමේ...සෙවලයෙක්.

      Delete
  9. හි.. හි.. අංගොඩ ගිය හැටි නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. තව කතා ලැබුනොත් බලමුකෝ තුශානි.

      Delete
  10. එල කියන්නේ එල ද බ්‍රා.

    ReplyDelete
  11. හලෝ හැලපෙ, නියම කතා ටික. බඩ පැලෙන්න හිනා ගියා.

    මම මේ වැස්ස නිසා හීතලේ කල්පනා කර කර ඉන්නේ මොකෝ කරන්නේ කියලා. ඇඟ පත රත් කරගන්න තිබ්බා නං කියලා වැඩක් නෑ හැලපෙ. මේ වගේ දවසක තමයි අපේ රාජ්ලා එක්ක සෙට්වෙලා බෝතලයක් ගහන ගමන්,ගොලිප් එකකුත් බිබී ඉන්න ඕනා.

    තාම ඉතිං 11 වෙලා නෑනෙ. ජයේ අයියගේ පොට් එක අරින්නේ 11 ට.එතකොට ගිහින් භාගයක් ගහන්න ඕනා අදනං. පහුගිය දවස් දෙකේත් අඩියක් ගහන්න උනේ නෑ හරියට බං හැලපෙ.

    ආ තව දෙයක්..මම මේ දැක්කා අපේ මාතලන්ලා අර කවුදෝ එක්ක මොකක්ද අරෝවක් ඇති කරන්. වෘත්තීමය ඇනොලා වන අපි නං ඔය වගේ දේවල් වලට කැමති නෑ. අපි ඉතිං ගොලිප් එකක් කාරිය බිලා,කාටවත් කරදරයක් නැතිව ජොලියේ ඉන්නවා.

    උදේ ඉදලා වැඩ වැඩ වැඩ..පල්ලහට ගිහින් ප්ලේන්ටියක් එහෙම ගහලා,ගොලිප් එකකුත් බිලා එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝගෙ බොහොම කුල් ආතල් ජීවිතේ ගැන ඉරිසියත් හිතෙනව වෙලාවකට.ඇනෝ මේ පැත්තෙ කමෙන්ට් කලාමයි නේද.ආදරයෙන් පිළිගනිමි.

      Delete
    2. අප්පට බොල ඇනෝ මචං මෙහෙටත් ඇවිල්ලා, සංතෝසේ බෑ. මම නං උඹේ කමෙන්ට් වලට ෆුල්ම ලැයික් මචෝ. සිරාවටම කූල් !!!!

      Delete
    3. ඇනෝ.....උඹ එන තැන් කියපන්...මම ආසයි උඹට. වෙන මොහොකටවත් නෙමේ. උඹේ පිස්සුවට.

      Delete
    4. ඒ විතරක් නෙමේ උඹේ සරලත්වයට. උඹේ ආදරනීය ගොබ්බත්වයට :D

      Delete
  12. හලෝ හැලපෙ, නියම කතා ටික. බඩ පැලෙන්න හිනා ගියා.

    මම මේ වැස්ස නිසා හීතලේ කල්පනා කර කර ඉන්නේ මොකෝ කරන්නේ කියලා. ඇඟ පත රත් කරගන්න තිබ්බා නං කියලා වැඩක් නෑ හැලපෙ. මේ වගේ දවසක තමයි අපේ රාජ්ලා එක්ක සෙට්වෙලා බෝතලයක් ගහන ගමන්,ගොලිප් එකකුත් බිබී ඉන්න ඕනා.

    තාම ඉතිං 11 වෙලා නෑනෙ. ජයේ අයියගේ පොට් එක අරින්නේ 11 ට.එතකොට ගිහින් භාගයක් ගහන්න ඕනා අදනං. පහුගිය දවස් දෙකේත් අඩියක් ගහන්න උනේ නෑ හරියට බං හැලපෙ.

    ආ තව දෙයක්..මම මේ දැක්කා අපේ මාතලන්ලා අර කවුදෝ එක්ක මොකක්ද අරෝවක් ඇති කරන්. වෘත්තීමය ඇනොලා වන අපි නං ඔය වගේ දේවල් වලට කැමති නෑ. අපි ඉතිං ගොලිප් එකක් කාරිය බිලා,කාටවත් කරදරයක් නැතිව ජොලියේ ඉන්නවා.

    උදේ ඉදලා වැඩ වැඩ වැඩ..පල්ලහට ගිහින් ප්ලේන්ටියක් එහෙම ගහලා,ගොලිප් එකකුත් බිලා එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අරූ ඇනෝ ගැහුවා..මූ ඇනෝ ගැහුවා කියලා අහේතුකව මිනිස්සුන්ට අත දික් කරන එක හරි නෑනෙ ඇනෝ...ඊටත් අමු තිත්ත කුණු හරුපෙන්....නැද්ද මං අහන්නෙ...වෙලාවක අපේ කාමරේ පැත්තෙ එමු...මම තවමත් ඇනෝ ඔබේ අදහස් පල කිරීමේ අයිතිය මගේ කාමරය තුල ඉතිරි කර තිබෙනවා.

      Delete
  13. අයි ..........යෝ සල්ලි ......හිහ්

    රාහුමන්ගේ අනිත් කතා ටික මිස් වෙලා වගේ මට...

    ReplyDelete
    Replies
    1. ඇයි රෙහානි ඔය ලින්ක් එක තියෙන්නෙ කියවන්නකෝ.

      Delete
  14. රහුමාන් මාස්ටර්ව ඔච්චර ඉක්මනට මැවුම්කාරයා බලන්න යැවීම ගැන මගේ බලවත් විරෝධය.. අඩුම ගානේ හැලපේ අයියට වෙච්ච සාටර් සීන් දෙක තුනක්වත් මාස්ටර්ගේ එකවුන්ට් එකට දාලා ලියන්නයි තිබුනේ තව කොටස් දෙක තුනක්වත්... :D

    ReplyDelete
    Replies
    1. මගේ අප්සැට් සීන් මම වෙනම ලියන්නං මාරේ.රහුමාන් මාස්ටර්ගේ තව කතා තියෙනව නං එවන්න පින්තුරෙකුත් එවන්න කියල මම යාලුවට මේල් එකක් දැම්මා තියේනං ලැබෙයි.බලමුකෝ.

      Delete
  15. හැලප අයියත් කොරන වැඩ.. පවු අර අහිංෂකයෝ දෙන්නා....

    පට්ට කථාටික හිනාවෙලා තරවෙනවා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ විදානයෝ.දැන් මේ කතාවෙ මම කොතනද හිටියෙ?මොනවත් ලියනකල් බොලා බලාගෙන ඉන්නව කොනක් අල්ලගන්න නේද බං.

      Delete
  16. දැන් Ferry එකට පෙරිය කියන කොට දෙමලෙන් පෙරිය කියන අර්ථයෙන් සමහරු ඒක ලොකු පාලම් පාරුවක් ය කියලා වරද්දා ගන්නවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කකා මාතෘකාව දමද්දීත් එවැනි අර්ථයක් ඒවිද කියල මට සැකයක් ඇතිවුණා.නමුත් කට වහරේ පවතින වචනය නිසා ඒ නමම මාත් පාවිච්චි කළා.

      Delete
  17. පිස්සන් කොටුවේ කතාව නං මරු හැලප.... තාමත් ඔය පාලම් පාරු සේවා යාපනයේ ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete
    Replies
    1. යුද්ධයෙන් පස්සේ පාලම පාරු තිබුණ බොහොම කලපු හරහා පාලම් වැටිල තිබෙනවා නලින්.ඉතිරි පාලම් පාරු ටිකත් ඉක්මනින්ම නැතිවෙලා යාවි.

      Delete
  18. රහුමාන් මාස්ටර් කොල්ල කාලේ කරපු කියපු දේවල් දන්නේ නැද්ද.... ? වයසට යනකොට ඔහොම ආතල් දෙන්න කොල්ල කාලෙත් ආතල් පොරක් ම වෙන්න ඕනේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. හැබෑට කොල්ල කාලෙත් ඔහොම ආතල් දෙන්න ඇති නේද පැතුම්.මට මතක් වුණේ නෑනෙ.හොයල බලන්නං.

      Delete
  19. හැලපෙ අයියෙ ඉස්කෝලෙ කාලෙ කතාවකුත් අතරින් පතර දාන්ඩකො. අද හැලපෙ ඔතපු කැන්දකොලේ පොඩියි, ඒත් හැලපෙ රහයි

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ කතා කීපයක් මම කලිනුත් ලීවා.මතක්වෙන හැටියට ලියන්නං.

      Delete
  20. /කොට්ටියාරම් බේ එකේ වැලිත් ගෙනාපු යකාට මවුජුඩ් ගෙන් රුපියලක් ගන්න බැරිවුනා./
    :D X 4

    ReplyDelete
    Replies
    1. ඔන්න වැඩ. මල්මිට හතර හිනාලු.

      Delete
  21. ජමාල්දීන් එනතුරු බලා ඉමි ,අර මිනිස්සුන්ව ඉස්පිරිතාලෙ නවත්වපු එක පිලුමක් වගෙයි හරියට

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සහෝ.ඉස්පිරිතාලේ වැඩේ විශ්වාස කරන්නත් අමාරුයි නේ.

      Delete
  22. අංගොඩ සීන් එක තමා පට්ටෙත් පට්ට… හිනා කාලා මැරෙනවා.

    රහුමාන් මාස්ටර්ගෙ කතා අහලා මටත් නුහුගුනේ වගේ. :D

    ReplyDelete
    Replies
    1. ඒ කථා අසන්නට පෙරසිටම බොට නුගුණේ..

      Delete
    2. අමුවට අසෝක වීදුරුවෙං එකක් ගං !!!! අත්දුටුවයි :D

      Delete
    3. බොලාට නුහුගුණේ කියල අපි කලදී ඉඳන්ම දන්නවනෙ.

      Delete
  23. ඔලුව කූල් උනා මචෝ....මේ දවස්වල කියවන්න ඉස්පාසුවක් තිබ්බේ නෑ වැඩ වැඩි කොරගෙන..අද තමයි ඔක්කෝමලාගේ ලියමන් කියෙව්වේ...
    ජමාල්දීන් එනතුරු බලා සිටිමි...

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩි ඇති කියල මම හිතුවා.ජමාල්දීන් ඉක්මනින් ඒවි.

      Delete
  24. මේ වගේ කතා ගොඩක් මතකයේ තියනවා හැලපෙ. ප්‍රශ්නේ කියන්නේ ඒවා ගැලපෙන්නේ පොඩි ළමයින්ට විතරයි. මුණ ගැහුන දවසක කියන්නම්කො.

    මේ කතාටික නම් ඉස්තරම්. පුලුවන්නම් අර පෙරිය කියන වචයේ ෆෙරිය කරන්න.

    ReplyDelete
    Replies
    1. හෙහ්......හෙහ්........+++++++++++++++++++++++++++++++++

      Delete
    2. පෙරිය කියල දැම්මේ කටවහරේ එන වචනේ එය නිසයි.ඔන්න හැදුවා.

      Delete
  25. හෙක් හෙක් රහුමාන් මාස්ටර් මරු මනුස්සයා. ඔය 2009 අවුරුද්දේ යුද්දේ ඉවර වෙනවත් එක්කම මම ඔය මුත්තුර් පැත්තේ ආවා ගියා . උප්පාරු, ගංගෙයි , වෙරුගල් වගේ A 15 පාර දිගේ තිබ්බ පාරු සේරම අයින් කරලා පාලම් දැම්මේ ඒ කාලේ. කින්නියා පැත්තේ මිනිස්සු ගමනාගමනයට කොච්චර දුකක් වින්දද කියලා දකුණේ අපි දැනගෙන හිටියේ නෑ . ඒ කාලෙම ප්‍රොජෙක්ට් එකකට ආපු ජපන් ජාතිකයෝ දෙන්නෙක් වාහනේ පිටින්ම ෆෙරි එක ගඟට වැටිලා මලා . ඒ උප්පාරුවලදීද කොහෙද

    ReplyDelete
    Replies
    1. පාලම පාරුව අනාදිමත් කාලයක් තිස්සේ කින්නියා ජනතාවගේ එදිනෙදා ජීවිතයේ එක කොටසක් වෙලා තිබුනා.එය ඔවුන්ගේ ජීවිතයේ අංගයක්.පාලම පාරුව නැති කින්නියා කලපුව අද පාළුයි තිලකේ.

      Delete
    2. හරියට හරි. කින්නියා කිව්වම කවදත් එහි අනන්‍යතාවය තිබුනේ ඔය පාලම් පාරුවේ. අනික අද ලොකු සංවර්ධනයක් වුනාට අර ඉස්සර ලාම්පු තෙල් පන්දම් එළියෙන් ඉඳගෙන බැදපු ඉස්සොත් එක්ක තල් රා ගොට්ටක් ගහපු කින්නියාව හරිම සුන්දරයි.

      Delete
    3. //ඉස්සර ලාම්පු තෙල් පන්දම් එළියෙන් ඉඳගෙන බැදපු ඉස්සොත් එක්ක තල් රා ගොට්ටක් ගහපු කින්නියාව හරිම සුන්දරයි.//

      පිටින් යන අපිට පේන සුන්දරත්වය වගේ නෙමෙයි ඔය දුෂ්කරතා නිසා හැමදාම එහෙ ජීවත්වෙන මිනිස්සු කන කට්ට අප්පා.

      Delete
  26. අද කතා ටික නං පට්ටයි හැලපයියා !!! මට හොඳම අංගොඩ සීන් එක . !!! එතකොට හැලපයියා ආයෙ ආවෙත් කෝච්චියෙමද ??? හැක්

    ReplyDelete
    Replies
    1. වෙන කොහොමද බං ඔන්න ඔහේ කෝච්චියේ නැගල ආවා.

      Delete
  27. කතා ටික නියමයි හැලප් අංකල්. උදවුවට ගිය දෙන්නව පිස්සන් කොටුවෙ නවත්තපු කතාව තමයි එලම!

    ReplyDelete
  28. ජමාල්දීන් ගෙ කතා ටිකත් ඉක්මනට දාමු ඈ..
    එල කතා ටික..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයෝ.

      Delete
  29. අම්මපා ලෙඩා බාර දෙන්න ගිය මිනිස්සුන්වම වාට්ටුවට දාලා ආවා කියන්නේ රහුමාන් මාස්ටර් සිරා වැඩ කාරයෙක් කියන එක තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. වැඩකාරයෙක් නේන්නං.

      Delete
  30. උක්කු ගුරුන්නාන්සේJuly 1, 2014 at 3:03 PM

    යකා බැඳ ගත්ත කතාවෙනං ගැලපීම වැරදියි පුතේ්‍. යක්කු කැමති නෑ කාගෙවත් යටතෙ වැඩකොරන්ඩ. උන් බැඳගත්තහම බලන්නෙම මොනයං කෙරේමෙකින් හරි පැනගන්ඩයි. ඒ හන්දා යකාට යන්ඩ ඉඩ ලැබෙන්නෙ වැඩ දෙකම හොඳට කළොත් කියලා කියන එක නේද හරි. ඌ වැඩ දෙකම හරියට කළොත් තියාගන්නවා කියන එක ගැලපෙන්නෙ නෑ. අවුරුදු දහපහලොවක් තිස්සෙ ඔය අතේ වැඩ තමයි මාත් කොරන්නෙ. ඒකයි නිකමට කීවේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති ගුරුන්නාන්සේ අපිට ඉතිං ඔය අතේ දැනුමක් නෑ නොවැ.අනික මම ලිව්වෙත් අනුන් කියාපු කතාවක්නෙ.

      Delete
  31. එල.....එල...... මටත් අල්ලල ගිය එකත් අංගොඩ සිද්දිය......

    ReplyDelete
    Replies
    1. කාටත් වැඩිපුර අල්ලල ගියේ අංගොඩ කතාව මචෝ.

      Delete
  32. හැබෑටම මේ රහුමාන් මාස්ටර්ගෙ වැඩ නම් නියමයි. කව්ද උඩින් අහලත් තිබුණ , මෙයාගෙ තරුණ කාලෙ කතා කොහොම ත්යෙන්න ඇද්ද :)

    ReplyDelete
    Replies
    1. තරුණ කාලෙ කතා ටිකක් හොයාගන්න තියේනං හොඳා සොන්යා.

      Delete
  33. රහුමාන් මාස්ටර් අපරාධේනේ ඉක්මනට මැවුම්කරු ගාවට ගියේ හැලපයියේ නැතිනම් තවත් කතාන්දර ටිකක් අහාගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මනෝජ්.

      Delete
  34. මම හිතුවේ මට රාහුමාන් පාර්ට් 2 මිස් උනා කියලා පහුගිය ටිකේ බොලොග් වලට ටිකක් එන්න බැරිඋන නිසා ..... මේ කතා ටිකනම් පැත්තකින් වේනම් එල්ලන්න තරම් වටිනවා "කැන්ද කොලෙන් ඔතන ඒවා" මාමේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං .උඹ නැති ටිකේ අපි පුල් ආතල් එකේ හිටිය..අපරාදෙ බං ඇයි ආවෙ ?? :D

      ඕං දැන් ඉවානය නෑ. බලපං මට අඩව්වක් අල්ලන්ඩවත් එකෙක් නැති හැටියක් .චැහ් !!!

      Delete
    2. පැත්තකින් එල්ලලා තියාගනින් මැලේ.

      Delete
    3. පත්තරේ කෝ බං ඉවානයා.

      Delete
    4. අඩෝපත්තරයා උබ ඉවානයට ලිංගික අතවරයක්වත් කරාද බ්ලොග් සමාජට මුණ දෙන්න බැරි විදියේ ..??????? මට සැකයි උබව .... බයයි ඉවානයා ගැන

      Delete
  35. මවුජුඩ් මාස්ටර්ගෙ සැම්පලේ කීප දෙනෙක්ම ඉන්නවා අපේ ඔපිසියෙත්. මේ දැන් මේක කියෝල මම එකෙක්ට කතාව කිව්වා මවුජුඩ් මාස්ටර්ගෙ නම වෙනුවට අපේ එකෙක්ගෙ නම දාලා, ඌට තාම හිනා.
    අද තමා මම ඔයාගෙ කතා ඔක්කොම බැලුවට කොමෙන්ට් එකක් දැම්මෙ. කෙටිකතා පොතක් වගේ ලෙසටම ගලාගෙන යනව.
    දිගටම ලියමු ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කිරීම ගැන සතුටුයි සුරේෂ්.දිගටම එමු ස්තූතියි.

      Delete
  36. හැලපේ.... මම උඹව දකින්නේ කතා ලියන්නෙක් ලෙස. ඔය ගතිය හැමෝටම බැහැ. රවී එකෙක්. මට අපේ ගෑනි කියන්නේ මම කතා කියන්නෙක් මිස කතා ලියන්නෙක් නොවන බව. උඹ ඒ අතින් හරි දක්ෂයෙක්. කියන කතාව ලියන කතාවක් කරන්න හපන්නු ඉන්නේ බොහෝම ටික දෙනයි. සුනිල් මාධවට ඒ හැකියාව තිබුනා. තවත් අය හිටියා. උඹ, රවී ඒ අතරින් ඉදිරියෙන්. මාතලන් වෙනස් ආකරයක හැකියාවක්. කිව යුතු දේ ලිවීමත්, ලිවිය යුතු දේ කිවීමත් දෙකක්. මම ඉන්නේ දෙවැනි කොටසේ. අපි කතා කරමු හමුවූ දිනෙක. නැවත කියන්නේ උඹ සාර්ථක ලියන්නෙක්.

    ReplyDelete
    Replies
    1. මට අපේ ගෑනි කියන්නේ මම කතා කියන්නෙක් මිස කතා ලියන්නෙක් නොවන බව.
      aruu,

      මට හිනා මේකට.ඔය අපේ ගෑණු බොරු කියන්නේ නෑ -;)

      Delete
    2. හපන්කමක් ගැන නං මම දන්නෙ නෑ මචං.පුළුවන් විදියට දන්න විදියට ලියාගෙන යනවා.ලිවීම ගැන අනුන්ටත් බණ කියන නිසාවෙන් කොලිටිය ගැන ටිකක් සැළකිලිමත් වෙනවා.එච්චරයි.වර්ණනාව ගැන බොහොම ස්තූතියි අරූ.

      Delete
  37. අන්න හැමෝටම වගේ මටත් අංගොඩ සීන් එකට හැලප මාමේ හොදටම හිනා...ඔන්න මාත් ආවා...දැන් හැමදාම එනෝ

    ReplyDelete
    Replies
    1. ශානු මේ බ්ලොගයට අමුත්තෙක් නොවෙයිනෙ.ටිකක් කල් නෑවිත් හිටිය එච්චරයි.දිගටම එන ඒක ගැන සතුටුයි.

      Delete
  38. Hello, all the time i used to check website posts here early in the dawn, because i enjoy
    to gain knowledge of more and more.

    My page ... clash of clans hack tool

    ReplyDelete
  39. මට හිතුනේ ගමනාගමනයට පාලම් පාරු වෙනුවට පාලම් හැදෙද්දි, හිත් වල තිබුනු පාලම් කැඩෙනවදෝ කියලායි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ කියා තියෙන්නේ විශාල අර්ථයක් ඇති කතාවක්.පාලම් නැති ගමනාගමනය අසීරු කාලවලදීත් සිත් තුළ තිබුණු පාලම් සියලු පහසුකම් සහිතව පාලම් තියෙද්දී කැඩී යනවා නම් ඒ පහසුකම් වල අර්ථය කුමක්ද.අදහස හරි වටිනවා ජේපී බොහොම ස්තූතියි.

      Delete
  40. යකා බැදගත්ත සීන් එක කියවද්දි මතක් උනේම අර යකෙක් ගමහාමිනේගෙ මයිල් දිගෑරපු සීන් එක

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් මම ලියපු පෝස්ට් එකක තිබ්බ කතාවක් නේද ඕනෙ.

      Delete
    2. යා යා ඒක තමයි :D

      Delete
  41. මාර සීන් එක හැලපයියේ වුනේ මම පත්තරයව අංගොඩ නවත්තන්න කියලා එක්කන් ගියා මූ අර රහුමාන් කාරයා කරපු වැඩේ කරලා මාරු වුනානේ , මම මේ අමාරුවෙන් තත්වේ පැහැදිලි කරදීලා ආපහු එන ගමන්

    ReplyDelete
    Replies
    1. ඩොක්ට මේකාට හොඳටම පිස්සු කියල පත්තරය කිව්වද ඉවාන්.

      Delete
  42. මටත් හිනා අර හොස්පිටල් කතාවට තවම. ඔය වගේ මිනිස්සු මැරුණත් අපිව හිනස්සන එක නතර කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් පිනක් නේද රංගි.මොන ආතල් තොගයක් ඉන්න ටිකට දුන්නද.

      Delete
  43. සොරි හැලපෙ පරක්කු උනාට. පිස්සන් කොටුවෙ කතාව නං මරු. මගේ නෝන වැඩකලානෙ කාලයක් ඔතන. ඔන්න සමහර ලෙඩ්ඩු ඇවිල්ල සිරාවටම කියනවලු තමුන්ට ලෙඩක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. එතකොට එළිය කන්ද හන්දියේ වඩේ ගත්ත එකට හක්කැයි උනේ.

      Delete
    2. මගෙ ලඟත් පිස්සන්ගෙ කතා කීපයක් තියෙනවා රාජ්.උන්ගෙ කතා අහපුවම අපට පිස්සු හැදෙනව බං.

      Delete
  44. හැලපයියේ පට්ට කතාව තනිකරම නුහුගුනේ නේව !!! "තරහා අවසර"

    ReplyDelete
    Replies
    1. තනිකරම නුහුගුනේ රාජ් තනිකරම නුහුගුනේ.තරහ වෙන්නෙ මොකටෙයි.

      Delete
  45. නියම කතා ටික.මිනිහ නියම වැඩ්ඩෙක් නේ

    ReplyDelete
    Replies
    1. නියම වැඩ්ඩෙක් කියන්නෙ දමිත් පිස්සුය කියල හිතාගන්නවත් බෑ.

      Delete
  46. මාස්ටර් අංගොඩ නවත්තගත්තනං ඒකෙ වැඩකරන උංටත් පිස්සුව හදල තමයි නවතින්නෙ.
    එහෙනං ජමාල්දීන්ගෙ කතා සැට් එකත් දාමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. මාස්ටර් අංගොඩ නැවැත්තුව නං තව ටොප් කතා ටිකක් අහගන්න තිබ්බා.අපරාදෙ.

      Delete
    2. Who is "Kamala kuruppu" ?

      Delete
  47. This is a topic that's close to my heart... Take care!

    Exactly where are your contact details though?

    ReplyDelete
  48. මගේ අලුත් නවාතැනට ජාල සබදතාව ලැබෙන්න ප්‍රමාද වෙච්ච නිසා ඔන්න මමත් ප්‍රමාද වෙලා මේ ලිපියට අදහස එකතු කරන්නෙ. මේ කථාවෙන් දැනගත්ත විදියට හැලපයියා පොලෝසියෙත් කාලයක් වැඩ කරලා...එතකොට රැකියා කීපයක්ම කරපු කෙනෙක් ඒ කාලෙ...රහුමාන් මාස්ටර්ගෙ වැඩ ගැන නම් කියලා වැඩක් නෑ...අර තනියට ගිය උන් දෙන්නා ඉස්පිරිතාලෙ නවත්තපු එක තමයි කැතම සිද්ධිය...

    මෙන්න මේ ටික අකමැත්තෙන් හරි කියන්න වෙනවා හැලපයියෙ...එක එකා ඔබේ අඩවියෙ ඇනෝ කමෙන්ට් මගේ ගිණුමට බැර කලාට මට ඒවා බාර ගන්න විදියක් නෑ....මොකද ඒවාට මගේ සම්බන්ධයක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සිරා පොලිසියෙ වැඩ කලේ මම නොවෙයි අපේ මාමා.
      මම මේ බ්ලොගෙන් කුරා කුඹියෙකුටවත් චෝදනාවක් කර නැහැ සිරා.මම එව්වා හිතට ගන්නෙත් නෑ.

      Delete
    2. ඔය හැම වැරද්දක්ම කරන්නේ මිනිස්සුනේ. ඔන්න ඕවා අතහැරලා දාපල්ලා. යන දවසට හරි, වැරදි කියනකොට අහන් ඉන්න මිනිස්සු සහ කියන මිනිස්සුට වඩා වැදගත් තමන් කරපු දේ. හෘද ශාක්ෂිය තරම් ප්‍රභල කිසිම දෙයක් නැහැ අධ්‍යාත්මිකව. මුන්ට කියලා දීපන් හැලපේ. උඹ දන්නවා මට වැඩිය ජීවිතය ගැන.

      Delete
    3. මොකක්ද මචංලා මේ?

      Delete
    4. අරූ අයියාගේ අදහසට හිස නමමි...හැලපයියාගේ ඊමේල් ලිපිනයක් හෝ මා සතුව තිබුනේ නැති නිසා ඔහුගේ අඩවිය තුල මගේ නම සදහන්ව එල්ල වු චෝදනාව පිළිබද දැනුවත් කිරීමක් පමණයි මම කලේ.

      Delete
  49. හොරාට කලින් කෙසෙල් කැන පැන්නවද්ද වැට????????

    ReplyDelete
  50. රහුමාන් මාස්ටර්ට නස්රුදීනුත් පරාදයි..

    ReplyDelete

ඔබේ අදහස්