Monday, June 23, 2014

140.එකගෙයි කෑම සහ තෙරේසාගේ ආදර අන්දරය




 අපි පහුගිය දවස්වල දිගටම එකගෙයි කෑවා මතකයි නේද,එකගෙයි අවුරුද්ද ගැන කියල එකගෙයි කෑමේ ආරම්භය ගැන ලියන්නට මම හිතාගෙන හිටියට රවී ඉස්සරවෙලා තිබුණා.කොහොම වුනත් ද්‍රෙෳපදී  අර්ජුන ඇතුළු සහෝදරයන් පස්දෙනෙකුට භාර්යාව වීම හේතුකොටගෙන එකගෙයි කෑම ආරම්භ වී තිබෙනවා කියා විශ්වාස කරනවා.

ඔය විස්තරය හිතවතෙක් මගෙත් එක්ක කිව්වෙ ඌන පූර්ණයකුත් එක්කයි.කතාව මෙහෙමයි.ඔන්න ඉතිං ද්‍රෙෳපදී  සහෝදරයන් පස්දෙනා එක්කම දැහැමින් සෙමෙන් දීගකෑම කරගන යනවා සහෝදරයො පස්දෙනත් කිසිම අරෝවක් ආරාවුලක් නැතුව සමාදානෙන් බෙදාගෙන වළඳනවා.කට්ටිය සහෝදරයො පස්දෙනෙක් නිසා වැඩේ සංකීර්ණයි සමහරවිට එකවර දෙන්නෙකුට හෝ කීපදෙනෙකුට ද්‍රෙෳපදී එක්ක සමහන් සුව විඳීමේ අවශ්‍යතාව ඇතිවුනොත් එහෙම ලොකු පටලැවිල්ලක් වෙන නිසා මේ අය ඒකටත් උපක්‍රමයක් යොදාගෙන තිබුණා.උපක්‍රමේ මොකක්ද කිව්වොත් ද්‍රෙෳපදිගේ කුටියට ගිය සහෝදරයා ඔහුගෙ මිරිවැඩි සඟල හෙවත් පාවහන් කුට්ටම ගලවල දොර ඉදිරියෙන් තියල තියනව, කෙනෙක් ඇතුලෙ ඉන්න බව වෙන සහෝදරයෙක් හෙම ආවොත් ඒ ලකුණෙන් දැනගන්නවා.

ලංකාවෙ නං ඔය වගෙ වෙලාවට දොරට කුල්ල හේත්තු කලාලු,එහෙම නැත්නං අමුඩ ලේන්සුව දොර පලුව උඩ පිටට පේන්න දාල තිබ්බලු ඒ වැඩේ නං හරිම ප්‍රායෝගිකයි සහ නිර්මාණශීලියි නේද.කුල්ල වෙනුවට  ගලෝපු චීත්තෙ හරි හැට්ටෙ හරි දොර උඩින් දැම්මත් අපූරුවට ගැලපෙනව,ඔය වෙලාවට අමුඩ කෑලියි චීත්තයි බම්බු ගහන්නයැ  නැද්ද මං අහන්නෙ.කාන්තාවො පවා එකගෙයි කෑම ලජ්ජාවක් විදියට හිතුවෙ කෙරුවෙ නෑ තමුන් එකගෙයි කන බව ඔවුන් ප්‍රකාශකළේ මෙන්න මේ ආකාරයටයි.

මං ඒ දෙන්නටම බත් උයල දෙනවා...

මේ චාරිත්‍රය ඇතිවෙන්නටත් පැවතගෙන එන්නටත් වඩාත්ම හේතුභූත වී තිබෙන්නෙ ලංකාවෙ විශේෂයෙන්ම උඩරට පළාත්වල තිබු ඉඩම් හිඟයයි.කුඩා ඉඩම් කැබැල්ල තවත් කුඩා කොටස්වලට බෙදීම මගහරවා ගන්නට සහෝදරයන් දෙදෙනෙකුට හෝ වැඩි ප්‍රමාණයකට එක් බිරිඳක් සමග දීග කෑමේ චාරිත්‍රය බිහිවන්නට ඇති.කොහොම වුනත් එකගෙයි කෑමේ චාරිත්‍රය පිළිබඳව ප්‍රමාණවත් අන්දමේ සංවාදයක් සිදුවී නැති බව මගේ පුද්ගලික අදහසයි.

කේ ජයතිලක මහත්තයගෙ එකගෙයි අවුරුද්ද කෙටිකතාවට අමතරව තව සිංහල ලේඛකයො දෙන්නෙක් ඔය චාරිත්‍රය සම්බන්ධ නවකතා දෙකක් ලියා තිබෙනවා.  

ඉරහඳ පායන ලෝකේ-සෝමවීර සේනානායක 
බැද්දෙගෙදර-ජයසේන ජයකොඩි 

බැද්දෙගෙදර ලංකාවෙ මගෙ පොත් ගොඩේ තිබුනට දැන් මගෙ ළඟ නෑ ඉරහඳ පායන ලෝකෙ මම කියවා තිබුනට පොත මා ළඟ නෑ.ඊට අමතරව ඒ සම්බන්ධව ලියැවුණු දෙයක් කියවල තියෙනව කියල මගෙ මතකයෙ නම් නැහැ.

ඉතිං ද්‍රෙෳපදී පාවා ගත්ත සහෝදරයින් පස්දෙනාගෙන් වැඩුමල්ම සහෝදරය දවසක්දා ද්‍රෙෳපදිත් එක්ක සමාගමයේ යෙදෙන්න ඇයගේ කුටියෙ දොරකඩ තමන්ගෙ සෙරෙප්පු කුට්ටම ගලවල තියල කුටියට ඇතුල්වුණා,සෙරෙප්පු ගලවලා තියනව කියපුවම ඔන්න මට තව කතාවක් මතක්වුනා අමතක වෙන්න ඉස්සර ඒ කතාවත් කියල ඉන්නං ඈ.

කපිතාන් එඩ්වර්ඩ් ජේම්ස් කෝබට් හෙවත් ජිම් කෝබට්ගෙ පොත් ඔබ කියවා ඇතියයි මා සිතනවා,කොහොම වුනත් පස්සෙ දවසක ජිම් කෝබට් ගැනත් යමක් ලියන්න මගෙ අදහසක් තිබෙනවා,ඔහු ලියූ My India(1952)පොත 2005 දි ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර යනුවෙන් සිංහලට පරිවර්තනය වුනා.ඒ පොතේ ඇති කතාවක් වන "සුල්තානා;ඉන්දියාවේ රොබින් හුඩ්"යන කතාවේ මෙන්න මේ ආකාරයට කොටසක් තියෙනව.

"දැඩි පාලනයකට නතු නොකෙරුණු ඇතැම් අපරාධකාරී වරිගයන්ට අයත් සමහර සාමාජිකයන් පෞද්ගලික නිවාසවල රාත්‍රී මුරකාරයන් සේ රැකියාවන්හි නිරත වූ අතර,මා දන්නා පරිදි ඇතැම් අවස්ථාවන්හි ඔවුන් කාවල් කරන ගෙදර එළිපත්ත මත ඔවුන්ගේ පාවහන් යුවළ තැන්පත් කර තැබීම පමණක්ම ඒ ගෙවල් බිඳීමට එරෙහිවූ ප්‍රාමාණික සහතිකයක් විය.සමහර විට මෙය කප්පම් ගැනීමක් සේ ඇඟවූනත්,එය තුට්ටු දෙකේ කප්පම් ගෙවීමක් වන්නේ අපරාධකාරයාගේ තත්වයට අනුව මුරකාර වැටුප රුපියල් තුනේ සිට පහ දක්වා ගණනක් වන නිසාය.ඒ සියල්ලටමත් වඩා මේ මුදල වුව ඇඟපතට නොදැනී ලේසියෙන් උපයන්නක් වුයේ,මුර උන්නැහේට කරන්නට තිබු එකම රාජකාරිය වූ කලි,රාත්‍රී කාලයෙහි අදාළ ස්ථානයෙහි සිය පාවහන් යුවළ තැන්පත් කොට පසුදා පාන්දර එය ආපසු ගැනීම පමණක් ම වූ නිසාය."
(ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර 116 පිට)

ඉතිං ආපහු කියමින් හිටපු කතාවට ආවොත් වැඩිමල් සහෝදරයා ද්‍රෙෳපදීගෙ කුටිය ඇතුළට ගියායින් පස්සෙ එළි පහළියෙ රස්තියාදු ගහමින් හිටපු බල්ලෙක් එළියෙ දොරකඩ තියල තිබ්බ හම් සෙරෙප්පු කුට්ටම ඩැහැගෙන යන්න ගියා,මේ අතරෙ  ද්‍රෙෳපදීගෙ සමාගමය පැතුව තව සහෝදරයෙක් ඇය හමු වන්නට කුටියට පැමිණියා,එළියෙ කිසිම බාධකයක් පෙනෙන්නට නොතිබූ නිසා සතුටුවූ ඔහු කෙළින්ම කුටියෙ දොර ඇරගෙන ඇතුල් වුනා.අවාසනාවකි!කුටිය තුළ ද්‍රෙෳපදිය සමග සිත්සේ රති කෙළියේ යෙදෙන සොහොයුරාය.කිනම් අබග්ගයක් වීදැයි එකෙක් තුෂ්නීම්භූතව ගිය අතර කුමන හේතුවකට සොහොයුරා දොර ඇරගෙන පැමිණියේදැයි අනිකා වික්ෂිප්තව බලා හිඳිනු දක්නා ලදී.

අන්තිමේදි සිද්ද වෙච්ච දේ හොයාගත්තා මේ වෙච්ච විලිලජ්ජා නැතිවෙන වැඩේට සහමුලින්ම වගකිවයුතු බල්ලත් හොයාගත්තා.හොයාගෙන බලු සංහතියටම මහ දරුණු සාපයක් කළා.

අහෝ නීච සුනඛය,තා විසින් කිසිම වග විභාගයක් නොමැතිව මේ කරන ලද්දාවූ අවක්‍රියාව හේතුවෙන් මා  මලණුවන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වීමි,ලජ්ජාවට පත්වීමි තවෙකෙකු දැනගත්තේ නම් ඇතිවන නවනින්දාව බොහෝය,දරාගත නොහැකිය එබැවින් තට හා තගේ බලු සංහතියටම සාප කරමි,මින්පසු තා ප්‍රමුඛ බලු සංහතියේම රමණය එළිපිට සියලු දෙනා ඉදිරියේම වේවා!රමණ කර්තව්‍යයෙන් පසු මහත්වූ අපහසුතාවකට පත්වී දකින සියලු දෙනාගේ නින්දා අවමන් විඳින්නට සිදුවේවා!!තොප හිසමත පතිත මේ සාපය ඉරහඳ පවත්නා තුරුම වේවා!!!

සාපය පලදුන්නා ඊට පස්සෙ බල්ලොන්ගෙ සමහන් වීම එළිපහලියේ සිදුවුනා,කොච්චර වුනත් බල්ලො මේ ගැන හිටියෙ දස විලිලජ්ජාවෙනුයි.කට්ටියම එකතුවෙලා මේ ගැන කතිකාකරල තම බලු පරපුරට කරන ලද්දාවූ සාපය අයින් කරවා ගන්නට පෙත්සමක් ඔප්පු කරන්නට තීරණය කළා.පෙත්සම ලියල එහෙම  කට්ටියම එකතුවෙලා පිළිගන්වන්නට යනවා.පෙත්සම ගෙනියන්නෙ කටේ තියාගෙනයි එහෙම ගෙනියද්දි ගලන දාඩියෙන් පෙත්සම පොඟනව(බල්ලන්ට දහඩිය ගලන්නෙ දිවෙන් කියල කවුරුත් දන්නවනෙ)මේ වැඩේට ප්‍රතිකර්මයක් හොයපු බල්ලො පෙත්සම රවුං කරල එකෙකුගෙ පශ්චාත් භාගයට ඇතුල්කළා බොලාට අපට තේරෙන බාසාවෙන් කිව්වොත් රෝල් කරල පුකේ ගැහුවා.අන්තිමට පෙත්සම බාරදෙන වෙලාව ආවහම පෙත්සම කාගෙ පුකේ ගැහැව්වද කියල බල්ලන්ට හොයාගන්න බැරිවුනා.එතැනදී පෙත්සම හොයාගන්නට බල්ලො හැම එකාම අනිකගෙ පශ්චාත් භාගය ඉවකර බල බලා ගියා ඒ පුරුද්ද තමයි බල්ලන්ට ඔය අදටත් තියෙන්නෙ.

ඔය සාපෙ පලදීල තියෙන ආකාරය අපට දැනටත් බල්ලො රැලේ වැටෙන කාලෙට දැකගන්නට පුලුවන්නෙ නේද,පාරවල් වල එහෙම කෝච්චි පෙට්ටි අමුණල වගේ ඔය ඉන්නෙ.ඔහොම කියද්දි මට කතාවක් මතක්වුනා ඒ මම වැලිසර ඉස්පිරිතාලෙ වැඩ කරමින් හිටපු සමයයි,දවසක මාත් එක්ක රාජකාරි කරමින් හිටපු සුන්දර ලලනාවක් වැඩ ඉවරවෙලා යන්න සුදානම් වෙනවා.

මම ගෙදර යනව අනේ පරක්කු වෙනව...

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න,පයින් යන්නෙ මොකටද ඔන්න අද කෝච්චියෙම ගිහෑකි අර පෙට්ටියක් ෂන්ටිං කරලත්  තියෙන්නෙ...

ඒ වෙනකොට වාහන පාක් කරන ගරාජ් එකේ දඩ බලු පූට්ටුවක්.

කෙල්ල මට රවල අනික් පැත්ත හැරිල පුපුරන්න එන  හිනාව වහගන්න ලේන්සුවක් මුණට තදකරගෙන දුව දුවගෙන යන්න ගියා...

ඉස්පිරිතාලෙ ගරාජ් එකේ වාහන දෙකක් තිබුණා එකක් ඇම්බියුලන්ස් එක අනික ඉස්පිරිතාලෙට බඩු ගේන පස්ස දිග ලෑන්ඩ් රෝවර් ජීප් එක,ජීප් එකේ ඩ්‍රයිවර් කයිතන් පෙරේරා,කයිතන් පෙරේරට පමුණුගම පැත්තෙ ඉස්පෙයාවීල් එකක් හෙවත් අමතර කාන්තාවක් එක්ක ඇයි හොඳයියක් තිබුණා, කළු හීන්දෑරි මේ කාන්තාවට අපි තෙරේසා කියල කියමු.තෙරේසගෙ රස්සාව වුනේ පල්ලිවල තියන මංගල්ලවලදී මීගමු අලුවා වැලිතලප ආදී රසකැවිලි විකුණන එකයි. මූදුබඩ ලයින් එකේ තියෙන පල්ලි ඔක්කොගෙම මංගල්ලවල තෙරේසා රසකැවිලි වෙළඳාමෙ යනවා.

ඉස්පිරිතාලෙට කිට්ටු පාත පල්ලියක බඩු විකුණන්න ආවොත් හෙම  රෙද්දයි හැට්ටෙයි ඇඳල කොන්ඩෙත් තද වෙන්න  ඉස් මුදුනට කරල බැඳගත්තු තෙරේසා කයිතන් පෙරේරව බලල යන්න නොවැරදීම ඉස්පිරිතාලෙට එනව අපට දැක බලාගන්න පුළුවනි.ඇය එනකොට එන්නෙත් කයිතන් පෙරේරට දවාලට කන්න හොඳ රසට හදපු මාළුපිණිත් එක්කං බත් එකකුයි අතුරුපසට පළතුරුයි පුවාලු කෙසෙල්ගෙඩියි රස කැවිලියි ඒ විතරක්ද කන්න ඉස්සෙල්ල බොන්න අරක්කු බාගෙකුත් තෙරේසගෙ   වට්ටියෙ තියෙනව.ලෑන්ඩ් රෝවරේ පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙන මේ යුවළගෙ පෙම් ජවනිකාව අපි රසවිඳිනවා.

ඊට පස්සෙ  සරුසාර දිවා බෝජන සංග්‍රහය,කයිතන් පෙරේරා ඉස්සෙල්ලම අරක්කු බාගෙ  කඩල ගහනව, දෙක වදිනකොට මොකක්හරි පරණ කතාවක් ඇදල අරං තෙරේසට බනින්න ගන්නව බාගෙ ඉවර වෙද්දීං ගෝරිය නැගලම යනවා.

තෝ මොන මඟුලකට මෙහෙ ආවද පට්ට බැල්ලි...

හනේ මං මහන්සිවෙලා කෑමත් හදාගෙන ආවටද ඔයා මට මෙහෙම කතා කරන්නෙ...

තෙරේසා මුණ වහගෙන ඉකිබිඳිමින්  අඬනකොට උරිස් ගැස්සෙනවා.

ඉහි ඉහි  අනේ සන්තානං මෑණියනේ මට සැනසීමක් නැති හැටි...

සැනසීම,ඉඳපිය තොට මම සැනසීම දෙන්ට,තොගෙ බඩකඩුත්තුවත් අරං මෙතනිං මක බෑවිලා යනවද නැද්ද ...

කයිතන් පෙරේරා තෙරේසට බැනල බැනල සීට් එකට හේත්තුවෙලා ඇස් දෙකත් පියාගෙන හතිඅරින කොට තෙරේසා ඉකිබිඳිමින් කයිතන් පෙරේරට කන්න කෑම එක බෙදනවා.

මම තොට සැරයක් යන්නෙයි කිව්ව නේද ආයෙ එනව මෙතැන ලබ්බක් උස්සගෙන තොගෙ මළදානෙ මට ඕනැ නෑ බොල...

එහෙම කියන්න එපා අනේ මම ඔයාටම කියල උයාගෙන ආපු එකේ ටිකක් හරි කන්නකො ඔයාට කන්න බැරිනම් මං කවන්නද...

ගිහිං කවාගං තොගෙ මහ එකීට ආව මෙතන කවන්ට ඉඳපිය මං තොට කවන හැටි පෙන්නන්නං...

ජීප් එකෙන් එළියට පනින කයිතන් පෙරේරා වළං කඩේට පැන්න ගොනා වගෙ තෙරේසගෙ අතේ තියෙන බත් පිඟානත් පොළොවෙ ගහල කෑම පෙට්ටියත් විසිකරල තෙරේසටත් දෙකක් ගහල එලවනවා,අඬමින් වැළපෙමින් සාපකරමින් ආපහු යන තෙරේසව ඔන්න අපට මුණගැහෙනවා.

මොකද නැන්දෙ අඬන්නෙ ගෝරියක්වත් ගියාද...

වෙච්ච වැඩේ හොඳටම දැනගෙන හිටියත් නොදන්නව වගේ අපිත් අහනව.

අනේ පුතේ බලන්නකො අර අසප්පුරුස මිනිහ මට ගහල එලෙව්වනෙ මං මෙච්චර මහන්සිවෙලා ඔය මිනිහට කෑමත් හදාගෙන ආවට ඒකවත් සැලකුවද.

අනේ මනුස්සයෙකුට මෙහෙමත් දුක් දෙන්න පුලුවන්ද ඉහි ඉහි ඉහි...

අඩුවෙලා තිබුණු ඉකිය ආපහු පටන් ගන්නවා.

හා හා නැන්දෙ  ආයෙමත් මෙතන අඬන්න ලෑස්තිවෙන්න එපා,කයිතන් පෙරේරට මොකක් හරි කේන්තියක් යන්න ඇති පස්සෙ හරියාවි දැන් ඔය කඳුළු පිහිදාගෙන යන්නකො...

ඔය වසවර්ති මිනිහට කන්න ගෙනාපුවා මේං, දැන් මේව කාට දෙන්නද  ඔය පුතාල කන්න...

ඔන්න අපටත් මීගමු අලුවා වැලිතලප සහ කෙසෙල්ගෙඩි ලැබෙනවා,තෙරේසා ගේන මීගමු අලුවා හරිම රසයි මම කොහොමත් තෙරේසා ගේන මීගමු අලුවා කන්න හරිම මනාපයි  අපේ ගෙවල්වල කොහොම අලුවා හැදුවත් ඒ රස ගන්න බෑ.

රණ්ඩුවෙලා ගුටිකාල ගියාට තෙරේසගෙ ආදරේ අඩුවෙන්නෙ නෑ තව දවස් කීපෙකින් ආයෙම කයිතන් පෙරේරා බලන්න එනව ඒ ආවමත් පුරුදු විදියමයි.තෙරේසා-කයිතන් පෙරේරා යුවළගෙ ආදර කතාව මොන විදියෙ අවසානයක් කරා ළඟාවුනාද කියල කියන්නට නොහැකිවීම ගැන මට හරිම කණගාටුයි.මොකද කිව්වොත් මම වැලිසර ඉස්පිරිතාලෙ හිටපු ඉතාම හොඳ ළමයෙක් වීම හේතුවෙන් වැඩිකල් නොයාදීම මට හැඳල ලාදුරු රෝහලට මාරුවක් ලැබීම නිසා අවුරුදු හතක් වැඩ කරපු තැන හැරදා යන්නට සිදුවුනා.

ලාදුරු ඉස්පිරිතාලෙ කියපු කරපු දේවල් ඒක වෙනම පරිච්ඡේදයක්. 

අතීතයෙ අපිත් එක්ක හිටපු ආශ්‍රය කරපු යාළුවො හිතවත්තු වෙලාවකට සිතුවම් පටක් වගේ මගෙ හිතේ ඇඳෙනවා දැන් ඒ අය ජීවතුන් අතර ඇද්ද ඉන්නවනං කොහෙද ආදී දේවල් මතක් වෙද්දි හිතට මහා පාලු හැඟීමක් දැනෙන්නෙ නිරායාසයෙන්මයි.ආයෙම කවදාවත් ඒ අය දකින්න ලැබෙන්නෙ නෑ කියල හිතෙද්දි තරමක දුකකුත් හිත පහුරුගානවා. බලාගෙන යනකොට ස්වභාවයෙන්ම නොස්ටැල්ජියාව  ටිකක්  විතර වැඩිපුර  තියෙන මට මේ වගේ හිතෙන එක අරුමයක් නොවෙයි නේද෴


104 comments:

  1. රෝල් කරලා පුකේ ගහන එකේ අටුවා ටීකාව අදයි දැන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. කියා දෙන්නට ලැබීම ගැන සතුටුයි ඇනෝ.

      Delete
  2. එතකොට #යිය හංගගෙන බිජ්ජෙන් කෙලින එකේ අටුවා ටීකාව මොකද්ද හැලප මල්ලි

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වන්න.

      Delete
  3. ක්ෂය රෝගේ අවුරුදු හතකින් හොඳ වුණාම ලාදුරු හැදෙනවා කියලා දැන ගත්තේ අදයි.

    ලාදූරු කියන කොට මතක් වුනේ සමිතා ගේ හිරු පායා සින්දුව.


    ReplyDelete
    Replies
    1. ඒ ගීතය සමිතාගේ මඩු බැසීම වගේම ඇයගේ ජීවිතයම එලිය කළ ගීතයක් වුනා.

      Delete
  4. 'ව්‍යාස' එහෙම අර සෙරෙප්පු කතාව දැනගත්තොත් කියලා හිතුණා...:)

    හැලපෙට තවත් එකක් අමතක වෙලා ඒ සෙරෙප්පු දෙක ගෙනිහින් තියෙන්නේ කෞරව කුමාරයෙක්ගේ බල්ලෙක්ලු. කුරුකේෂ්ත්‍ර යුද්ධේ පටන් ගන්ට මුල් හේතුවත් ඕකලු...:D

    කයිතන්+තෙරේසා ආදර අන්දරයත් ආදරේ හිතෙන කතාවක්. අඩු ගානේ තෙරේසට නම් උයන්ට පුලුවන්කමක්වත් තිබුණා..පිරිමි කැමතිලුනේ රහට උයන්ට පුලුවන් අයට. :(

    ReplyDelete
    Replies
    1. පිරිමි කන්නම උපන් ජාතියක්ය කියලා පොඩ්ඩි මේන් මෙතන කියලා තිබුණේ.
      http://podikumarihami.blogspot.com.au/2013/09/blog-post.html
      පරිප්පුම කන්න උපක් ජාතියක්,කියලා කිව්වට අලුවාත් කනවලු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රහට උයන්න පුළුවන් අයට පිරිමි කැමතියි. ඔව් කතාව ඇත්ත.එක තරුණියකගේ පොල් සම්බෝලෙට හිත වැටුණු තරුණයෙක් ඇය දාල යන්නට බැරි තත්වයට පත්වුනාලු.අන්තිමේ තරුණියවත් අරගෙනම යන්න ගියාලු.ඔන්න පොල් සම්බෝලෙ බලේ.

      Delete
    4. පිරිමි කන්නම උපන් ජාතිය කියල මල්මි කිව්වෙ ගෑනුන්ටද?ඇත්ත සහතික ඇත්ත කනතරම් පරිප්පු කන්නෙ ගෑනු අයගෙන්නේ.ඇයි මල්මි පරිප්පු හදන අලුත් රෙසිපියකුත් කියල දීල තිබ්බේ ඇඟට නොදැනෙන්න පරිප්පු කවන්න.

      Delete
    5. උයන්න බැරි අයටත් පිරිමි කැමතියිලු.අත් දෙක ලස්සනට තියෙන නිසා.
      කන්නම උපන් ජාතියක් කියන්නේ මම නෙමෙයි කුමාරිහාමි.ලින්ක් දිලා තියෙන්නේ බලන්නකෝ.පරිප්පු ගබඩාවක්ම.
      රෙසිපිය ඉතින් මස්ම කන්න පුරුදු වුනු අයට..මස් වගේ පරිප්පු කන්න.සොසේජස්,මිට් බොල්ස්,වගේ විතරක් නෙමෙයි.කුකුල් කලුකුම් හැඩේටත් පරිප්පු.!

      Delete
  5. හිහි
    අද නං ඕප දූප මල්ලක්...
    අර ඇනෝල දෙන්නෙක් රහ කර කරම කාල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ දෙකම ලියල ඇත්තෙ එක ඇනොවෙක් කියලයි මම හිතන්නෙ මහේෂ්.

      Delete
  6. රවි දාලා තිබුනේ එඩ්වඩ් මල්ලවආරච්චිගේ පොතකින් .
    සුනේත්‍රා කවි කදුර පොතේ රජකාලේ එකගෙයි කැමක් ගැන කියනවා.

    නරකද කැන්ද කොළ නැතිනම්.මිදි කොලේකවත් හැලප හදලා එක ගෙදර කන එක.

    ReplyDelete
    Replies
    1. කවිකඳුරේ එකගෙයි කෑමක් කොතනද තිබ්බෙ කියල මම දැන් කල්පනා කරන්නෙ.පොත මගෙ ළඟ දැන් නෑ තියෙන්නෙ ලංකාවෙ.
      කැන්ද කොළේ හරි මිදී කොළේ හරි හැලප කන්න කාලයක් දැන් නෑ ළමයෝ.අපේ කාලෙ ගියා.මල්මිවත් උත්සාහ කරල බලලා අපට ගුණපණ කියන්නකො.කියන තරම්ම රසනං මල්මි අතින් වැල්මී වගේ රස කවි ලියවෙන්නෙ නැතුවැයි.

      Delete
    2. කවික්දුරේ,අයිය මලෝ දෙන්නෙක්ට පිට ගමකින් දිග ගේන්නේ.වලව්වේ ගමේ ගෙදරකට.එකගෙයි කෑම පොතට දාන්නම ඔබ්බලා.මට නම් ගම් ඇතිව මතක නැ.අර බෙලෙක්ක සුද්දා පස්සේ දිග කන්නේ මේ ගැනු කෙනා සමගමද මන්දා.පොත මගේ ළගත් නැ බලලා කියන්න.
      හැලප කන්න වෙලාවක් කලාවක් කාලයක් තියෙනවද..
      මල්මි මල් මිටියක් දුං ඇද ඇද ලිව්වට,වැල්මි කවි නම් දෙන්නැ.කට්ටිය වැල්මි කාලා සින්දු කියන්න ගත්තොත් ටිවි චැනල්වල් සුපර් ස්ටාර් පඹයෝ විතරක්ම පෙන්නයි.
      මඉන්ද මාමිත් කැලේ.

      Delete
  7. ඔය සහෝදරයෝ සෙට් වෙලා එකක් කන එක වගේම, සහෝදරියෝ සෙට් වෙලා එකෙක් කන ක්‍රමයකුත් තිබිලා තියෙනවා. බුදු හාමුදුරුවන්ට පස්සේ කෙලින්ම නිවන් දකින්න ඇත්තේ උන් වෙන්න ඇති. පුදුම කුසළ කර්මයක් කරන්න ඕන ඇති, එකම ගෙදරින් එහෙම කන්න. එක ගෙයි කන එක නොතිබුනාට, හොරෙන් කෑම්, කොටු පැනිලි, ඇබට් ලව් අපේ කාළෙත් ඕන තරම් තිබුනා. අදත් නැත්තේ නෑ. ඒත් මේ අපචාර චෝදනයි, මානව හිමිකමුයි හින්දා කස්ටිය ගේමට එන්ටර් වෙන්න බයයි.

    බල්ලෝ පුක ඉඹින කේස් එක ගැන මේ කතාව දැන ගත්තේ අදයි. අපි නම් අහලා තිබුනේ අර මී ඇම් අයි සී ඇච් එකේ වෙච්චි කතන්දරේ. ඔය මහජන බැංකුවේ ලෝගෝ එකෙට බලු පූට්ටුවත් යෝජනා උනාය කියනවනේ. බල්ලෝ එලියේ හැමිනුනාට මොකද අප්පා වෙන්නේ. දැන ඔය බස් වල පාක් වල වැල්ල අයිනේ ගයිනෝකොලොජිස්ට්ලා, තන් කිරි බොන උන්, පොප්සිකල් කන උන්, තොල කන ගෝත්‍රික අය එහෙම ඕන තරම් ඉන්නේ. තව ටික දවසකින් මුන් ඇඳුම් ගලවලා වැඩේ පටන් ගන්නවා.

    ඒ කාලේත් මේ කරන ඔක්කොම කළා. ඒත් සමාජයෙන් වහන් වෙලා. මම හිතන්නේ මේ කාළකන්නි රති රසත් නැති කොරන එකයි මේ කොරන්නේ. ඇයි අප්පා හැමදාම දකින් කොට කොයි මළදානෙත් එපා වෙනවා නොවෑ. අප්පිරිය වෙනවා නොවෑ..

    අර තෙරේසා වගේ කාළකන්නි ගෑණු නම් පෙර කරුමයක් ගෙවනවා කියන කතාව හරියටම හරි. ඇයි යකෝ... මූදේ එක මාළුවය ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. සහෝදරයො කොහොම වෙතත් සහෝදරියො එකගෙයි කන කරමෙට නං මාත් මනාපයි.ඒ වගේම කාලෙ හැටියට ඒ ක්‍රමේ තර්කානුකූලයි.මොකද අද කාන්තා ජනගහනය වැඩි නිසා සියළුම කාන්තාවන්ට පුරුෂයොත් පුරුෂයන්ට වැඩි කාන්තා නියෝජනයකුත් ලැබෙනවනේ.කොටු පැනිල්ල නැතිකර ගන්නත් මේ ක්‍රමේ හොඳ පිටුවහලක් වේවි කියල මගේ විශ්වාසයයි.

      Delete
    2. අක්කාට බබා ලැබුනම අක්කට සාත්තු කරන්න යන නංගිලා ඉබේම මස්සිනාට පවුල් වෙනවා නේද?

      මංදා අපේ පැත්තේ විතරද කියලා මේවා සිද්ද වෙන්නේ.මේ වගේ නංගිත් සින්න වුනු පවුල් නම් පංති බේදයක් නැතිවම දැනටත් අපේ ගම් පලාතේ නම් දුසිම් ගණන්.ගොඩක්ම ඉතින් තියෙන පුලුවන් පවුල්වල.

      Delete
    3. කතාව සම්පූර්ණ ඇත්ත.මාත් ඔය වගේ සිද්ධියක් ගැන කතාවක් ලීවා.මෙතැනින් ගිහිං බලන්නකෝ.
      http://helapakade.blogspot.com/2013/05/blog-post_22.htm
      ඔච්චර ලියන්න දේ තියාගෙන නොලියා ඉන්නෙ ඇයි.කතා දෙකතුනක් වත් ලියන්න.

      Delete
    4. හපොයි කොහෙද සත්තරනේ ඕවා නැත්තේ.. ඒ උනාට මුකුත් නොදන්න බබා හුකුං පොරවල් තමයි මේකෙත් වැඩිපුර ඉන්නේ. එක සැරයක් මේ දේවල් ලියනවය කියලා එක්කෙනෙක්ට මලත් පැන්නා..

      Delete
    5. මාතෙ හැබෑ නේන්නං මූදෙ එක මාලුවයෑ ඉන්නෙ .. දෙන්නෙක් ඉන්නවා :D

      අඩුම ගානෙ බොක්ස් එහෙකට පලයව්කො .. හැක්.. පාරෙ සීන් දැක්කම යන්න ගිය ගමනත් අමතක වෙනවා බං..

      Delete
    6. ඔයා ලියපු සිද්ධි සේරම කියවලා තියෙන්නේ.
      @Maatha
      අපි නොදන්න බබාලා !නැද්ද?

      Delete
  8. මම මේ කල්පනා කරන්නේ කොමෙන්ට් එක මොකක් සම්බන්දයෙන් දාන්නද කියල .. හෙහ් හෙහ් එකගෙයි කෑම ද ? මහා භාරතේ සෙරෙප්පු ගැන ද ? බල්ලෝ ගැනද ? අලුව ගැන ද ?කයිතන් තෙරේසා ගැන ද .. පාටකයෝ අනාතයි නේ .. :D




    ReplyDelete
    Replies
    1. එහෙමද පැතුම්.කමෙන්ට් කරන්න එච්චර අමාරුනං ලියන්න කොච්චර අමාරුද කියල හිතාගන්න පුළුවන් නේද.

      Delete
  9. පිස්සු හැදෙයි.

    එකගෙයි කෑම නැතත් හොරෙන් කෑම, උදුරන් කෑම, බලෙන් කෑම නම් තාමත් ඇති වෙන්න තියෙනවා නෙ. ;)

    අර බල්ලන්ට වෙච්ච සීන් එක නම් පවු වැඩේ. ඇයි අප්පා එක දහදුරා බල්ලෙක් කරපු අසමත්ජාති වැඩේට මුළු බලු සනුහරේම වන්දි ගෙවනවනේ දෙපැත්තට ඇද, ඇද… :D

    තෙරේසා ගෙ චරිතෙ හිතා ගන්න බෑ.
    ඔය කෑමට කලින් දෙන එක කාලා පිටත් වෙත්දි "ඉදා බියන්" කියලා දීලා ශේප් උනා නම් අහවරයිනෙ. :)

    ReplyDelete
    Replies
    1. පිස්සු නං හදාගන්න එපා පුතෝ,බොලාට කියන්න තව කතා ගොඩක් මගෙ මල්ලෙ තියෙනව.පිස්සන්ට ඔව්ව කියල වැඩක් ඇතෑ.බොට තේරුණාද ප්‍රියෝ.

      Delete
  10. අර ගැණු කෙනා පට්ට ව‍ාසනාවන්තයි නේද . පස්දෙනෙක්ගෙන් කං සැප ලැබෙනවා කියන එක සෙල්ලං වැඩක්ද . අනික රාජ කුමාරවරු

    ReplyDelete
    Replies
    1. මොනාද ඉතිං පෝලිමක් දැම්ම වගේ තියෙයි.රාජ කුමාරවරු කියල රත්තරං පොලු අරං ඒවියැ.බොලාගෙ අපේ වගේමයි බං.

      Delete
    2. ඇයි හැලපයියේ කන්නෙ රාජ භෝජන නොවැ .. රජ වැඩකාරයෝ වගේ ඇති .. මගෙ හිතේ ගැනු කෙනා වේලාසන මැරිල යයි :D

      Delete
  11. මං ඔය කතාව අහලා තියෙන්නෙ වෙන විදියටකට... කිව්වෙ සන්නා... ලුණු ඇඹුල් අයින් කරලා කියනවනං මෙහෙමයි කතාව... කතරගම දෙයියන්ට භාර්යාවො දෙන්නෙක් ( කසාද සහ අනියම්) ඉන්නවලු නෙ.. එක දවසක් එක්කෙනෙක්ගෙ ගෙදර ඉඳලා අනිත් එක්කෙනාගෙ ගෙදරට යන්න උදේ ඇහැරුනේ නෑලු... කොහොම හරි ඇහැරැනේ කුකුල්ලු අඬලනකොටලු.. ඉතිං දඩිබිඩියෙ ගෙයින් එළියට බැහැලා දුවන්න ගන්නකොට ගංගොඩේ හිටපු වල් බල්ලො ඔක්කොම මෙලෝ සිහියක් නැතුව බුර බුර පස්සෙන් පන්නන්න ගත්තලු.. ඕකට තරහා ගිහින් ඔය සාපෙ කළාලු... කුකුල උදවු කරපු නිසා කොඩියෙ ලාංඡනේට ගත්තලු... ( අපට සිංහල වලට කවි පන්තියක් තිබ්බ මොන හෑල්ලද කියල... “ මගෙ කුකුලා නැසූ එකා...දදය උඹේ පාලු ය කා... “ ඔන්න ඔහොම මට මතක... හි හි)

    ReplyDelete
    Replies
    1. //කතරගම දෙයියන්ට භාර්යාවො දෙන්නෙක් ( කසාද සහ අනියම්) ඉන්නවලු නෙ.. //
      එක ගෑනියෙක් කතරගම ගිහිල්ල දෙයියංගෙං ඉල්ලනවලු මිනිහගෙ අනියම් සම්බන්ධෙ නවත්තල දෙන්න කියල. මාර මෑන්ගෙන් ඉල්ලන්නෙ නෙහ්!

      Delete
    2. කතරගම දෙයියෝ කතරගම නෑලූ. දැන් භාවනා කරන්න වැඩහිටි කන්දට ගිහින්ලු. මට කිව්වේ කඩවර දේවාලේ කපුවා..

      Delete
    3. සන්නා කිව්වෙ සෙන්නට වෙන්න ඇති නේද හිරු.ඔය වගේ කතාවල වර්ෂන් කීපයක් තියෙන එක ස්වාභාවිකයි නොවැ.කුකුලව කොඩියෙ ලාංඡනේට ගත්ත එකෙයි කවි පංතියෙයි කිසිම සහ සම්බන්ධතාවක් නැහැ.කවි පංතියෙ නම කුකුළු හැවිල්ල ලිව්වෙ මහාකවි රැයිපියෙල් තෙන්නකෝන් මහතා.පස්සෙ සුනිල් සාන්තයන් මේ කවි පංතිය ඉතාම අපූරුවට ගායනය කළා.
      රියැලිටි වැඩ සටහනක පොඩි කොල්ලෙක් ඔය ගීතය අනුභව කරනවා මම ඊයෙ දැක්කා.කවි ලියපු රැපියෙල් තෙන්නකෝන් මහතායි ගායනා කල සුනිල් සාන්තයනුයි මියගොස් තිබීම ගැන මම පළමුවරට ඊයෙ සතුටුවුණා.එහෙම නැත්නං ඒ ශ්‍රේෂ්ටයන් දෙපොළ ඊයෙ බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ.අනේ ඇත්තමයි.

      Delete
    4. සන්න කිව්වෙ සන්නස්ගල.. ඉස්කෝලෙ ඕවා කළාද කියලවත් මට මතක නෑ.... සන්න කියපු රස කතා හින්ද තාමත් ඔය තරමින් හරි මතකයි...

      Delete
    5. ඒලෙවල් ඉවරවෙලත් සන්නස්ගලගෙ ක්ලාස් ආව කෙල්ලො හිටිය හිරුවො මං දන්න.. වොයිස් එක අහන්නම බං.

      Delete
    6. @ මාතලන්
      කතරගම දෙයියෝ මේ දවස් වල කොහොමත් දේවාලේ ඉන්නෙ නෑ කස්ටිය පොලිමේ එන විදියට ,අපි නම් දන්නෙ දෙයියෝ වනගත වෙලා කියලයි

      Delete
    7. මට හැලපයා එක්ක පොඩි සංවාදයක් මගේ හිත ඉල්ලනවා. එදා ඒ පොඩි එකා කල ප්‍රති නිර්මාණයට මම බෙහෙවින් ඇළුම් කලා. ප්‍රති නිර්මාණයක් සිදුවීමේදි එහි තාල රසය හෝ අර්ථ රසයට හානි නොවෙනා අයුරින් ඒ සිදුවෙන්නේ නම් එහි ඇති වරද කුමක්ද? කුමාර තිරිමාදුර, සුනිල් ශාන්තයන්ගේ ඒ ගීතය බැරි මරගාතේ හෝ නැවත කරළියට ගෙනාවා. අළුත් පරපුර ඒ ගීතය සුනිල් ශාන්තයන්ගේ බව ඉගෙනගත්තා. අද විශ්මිත නම් මේ පැටියා ඒ ගීතය තව දුරටත් සුනිල් ශාන්තයන් වෙනුවෙන් අනාගත පරපුර ඉදිරියට ගෙනියනවා. සුනිල් ශාන්තයන් ආඩම්බර වේවි.

      විමල් සාගරයන් ගැයූ' මාමිනි මාමිනි මා දෙයියා' මේ නම්වූ ඒ චිත්‍රපට ගීතය මේ කොල්ලෙක් ප්‍රතිනිර්මානය කර ගැයු විට. ඒ ගැන විමල් සාගරයන් කීවේ ....මටවත් මේ මුල් ගීතය එදා මේ අයුරින් ගැයීමට නොහැකිවූ බවත්, කොලුවා ගැයු ආකාරය ගැන තමන් ආඩම්බරවෙන බවත්ය.

      හැලපේ මම නිකම් ලිව්වේ.

      Delete
    8. ඒ කොල්ලා ගීතය හරියට ගැයුවා නම් මා ඔහොම කියන්නෙ නෑ.නමුත් ඔහු පැහැදිලිවම ගීතය කිව්වේ තාලයෙන් පිට සෘතියෙන් පිටයි.මා විවේචනය කලේ එයයි.සාමාන්‍යයෙන් අප අහල තියෙන ගීතයක් වෙනස්ව හරි වැරදියට හරි ඇහෙනකොට එය කනටත් පෙර ඇඟට තේරෙනවා.දැනෙනවා.මම කිව්වේ මට එහෙම දැනුනු දෙයයි.අලුත් පරපුරට ඒ ගීය සුනිල් සාන්තයන්ගේ බව කියා දෙන්නට නම් කමක් නෑ ඒත් සුනිලුන් ගැයුවේ ඔයිට වෙනස්ව බව කියන්න ඕනෑ.
      මෙයම කුමාර තිරිමාදුරත් වතාවක් ගැයුවා.එහිද තාලය වැරදියි.
      නිකං ලිව්වට කමක් නෑ මචං මාත් නිකං කිව්වේ.

      Delete
  12. දැංනං ඉතිං අමුඩයි, හැට්ටයි දොරට උඩිං දාන්න බෑ ඩෙනිමක් තමයි දාන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් බ්‍රෑන්ඩට් එකක් නෙමෙයි නම් නෝන්ඩි හතයි.. සමහරු කලිසම පුකෙන් පල්ලෙහට හලාගෙන යන්නේ ජෝකාගේ බ්‍රෑන්ඩ් එක පේන්න. අපේ පොඩි එකා යන්නෙත් එහෙමයි..

      Delete
    2. හොඳම වැඩේ කියන්නෙ ජොකා පේන්න ඇඳගෙන යන එවුං වැඩි හරියක් ඇඳගෙන ඉන්නෙ පිටකොටුවෙ 3 ම සීයට තියෙන ඒවනෙ. :D

      Delete
    3. මාතෙ .. ඒකෙත් අමුතු ආතල් එකක් තියනව බං..!!! මං නං කැමතියි එහෙම අඳිනවට..ඕ යේස්.

      Delete
    4. අනේ මන්දා බංස්ල මට නං වස හිරිකිතයි.මම නං කොල්ලට ඔහොම අඳින්න දෙන්නේ නෑ.

      Delete
    5. මට පිටිපස්සෙන් ගිහිල්ලා කලිසම උස්සලා කණට එකක් දෙන්න හිතෙනවා. මෙහේ කළු කොල්ලෝ තමයි ඕක හරියට ඇන්දේ. දැන් නම් ඒ ෆැෂන් එක අවුට් ඔෆ් ඩේටඩ්.

      Delete
    6. ඔය ස්ටයිල් එක මම මුලින්ම දැක්කෙ යුරෝපෙදී 2002 2003 විතර එතකොට ලංකාවට ඔය පැෂන් එක එන්න හිතල වත් නෑ.ඇයි අර ප්‍රෙඩී සිල්වාගේ සිංදුවකුත් තියෙන්නෙ.
      එංගලන්තෙ පරණ පැෂන් කොලොම්පුරේ අලුත් පැෂන්
      කොලොම්පුරේ පරණ පැෂන් මේ පැත්තේ අලුත් පැෂන්
      කියල උඹ අහල ඇති.

      Delete
  13. බලුපූට්ටුව ඇතිවුනේ එහෙමයි එහෙනං. ඔය එකගෙයි කෑම ගෑනිගෙ පැත්තෙන් හොඳ උනාට පිරිමියට නං හරියන්නෙ නෑ. හැබැයි ඉතිං අර මාලන් ඩොල් වගේ ගෑනියෙකුට නං අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම එකගෙයි කෑම සතපහක වැඩක් නෑ බං.ඔන්න සහෝදරියො කීප දෙනෙකුට එකෙක් නං හොඳයි.

      Delete
    2. නොදකින් මටත් හිතෙනවා පවුලේ එකම දරුවා කසාද බැඳගෙන මාත් කරගත්ත මරි කමක් කියලා

      Delete
  14. වැඩිමල් සහෝදරයා කරමින් ඉන්න ඇත්තෙ doggie style ද?

    ReplyDelete
    Replies
    1. අන්න පුරස්නෙ. එකත් එකටම ඕක තමා. :)

      Delete
    2. නැත්තං ගෑනු කෙනා bitch කැටගරියෙ වෙන්ටෑ !!!

      Delete
    3. කතාව බලු කතාවක් හින්ද අපිත් එහෙම හිතමු.

      Delete
  15. Replies
    1. ඔහොම මුණ දාල පැනල යන්න නං ඔට්ටු නෑ.

      Delete
  16. හැලපේ ඒ බලුකේස් ටික අගේට දන්නවා නේද??? ඒත් ඔබ සාපෙන් බල්ලන්ට මාර චාන්ස් එකක්නේ හම්බෙලා තියෙන්නේ............. අපිට එහෙමද???????

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට වාසියි කියලද කුරුටු ළමයි කියන්නෙ.

      Delete
  17. බීමත් මාර මාර ම්.... ෂැහ් ගැලපෙන වචනයක් එන්නෙ නැහැනෙ. මොකද මම බොනිනෙ නැති නිසා, කොහොම උනත් මට හිතෙන්නේ බිව්වහම කෙරෙන්නේ අමුම අමු රඟපෑමක්. එකම වර්ගයෙන් පස් දෙනෙකුට බොන්න දුන්නොත්, එකෙක් තාපසය වගේ සද්ද බද්ද නැතිලු, අනිත් එකාට නැති වීරකම් මතුවෙලා ඉන්න තැනත් වන කරගන්නවලු, තව එකෙකුට ඇඟේ නූල් පොටක් උනත් නැතුව ඉන්න පුළුවන් තරමට ලැජ්ජාව නැතිවෙනවලු, තවෙකුට ඇඟ ඇතුලේ තියෙන ආසාවල් එළියට පනිනවලු ගෑනියෙක් ළඟ හිටියොත් ඉතින් එයාට දෙයියන්ගෙම පිහිටයි, තව එකෙක් ජීවිතෙට අහපු නැති සිංදු කියන්න පටන්ගන්වලු. කොහොම උනත් මිනිහගේ සැබෑ චරිතය හඳුනගන්න නම් පොවන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි තරු තව එකක් ඔයාට අමතක වෙලා,පැය බාගෙන් ඉංග්‍රීසි කතා කරවනවනේ.

      Delete
    2. හොටු පෙරාගෙන අඬන එවුනුත් ඉන්නේ බන්.

      Delete
  18. අශ්ට පාදo
    ද්වි මුඛම්.....

    ReplyDelete
  19. ඉන්දියාවෙං පටං අරං ඉවර කළා මීගමු වැල්ලෙං.ඒකත් හොඳා.එතකොට බලු කතාවේ ආදර්ශය තමයි කටේ ගෙනියන්ඩ බැරි දේවල් ගෙනියන්ඩ ඕනේ අධෝ මුඛේ කියන එක.අපේ රටේ උං ඔය එයාර් පොර්ට් එකේදි රත්තරං හෙරොයින් එහෙම ඕකේ ගහං යන විදිහට *ක ඉඹීමේ නිළධාරියෙක් දාන්ඩ වෙයි මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. දිනුක දැන් ඔය මුඛ දෙකම ආදායම් මාර්ග වෙලානෙ තියෙන්නෙ.

      Delete
  20. ඉතිං ඇයි මෙතන හිඟා කන්නෙ?

    ReplyDelete
  21. පහුගිය දින තුනේ මම සික් ලීව් හැලපෙ. උණයි බඩේ අමාරුවකුයි එකපාර හැදුනා. නිකම් නෙවෙයි විශේෂඥ ප්‍රතිකාර ගන්න වුනා. අද තමයි මේ මැෂිම ඉස්සරහ වාඩිවුණේ. අපේ උන්දැගේ මූණ දැක්කනම් හැලපෙට නූල් බඳින්න වෙනවා. පොල්ලක් ඇන්න ඇවිත් මොනිටරේටවත් කෙලියිද මන්දා.

    මම අහලා තියෙන්නේ එකගෙයි කෑමේදී බොහෝවිට අමුඩ ලේන්සුව දොරේ වැනීම තමා. කුල්ල අටවන්නේ හේන් ගොවියා රෑට හේනේ මුර කරලා උදේ ගෙදර ඇවිත් තම ඇඹේණිය සමග සහවාසයේ යෙදෙනවිටලු.

    අම්මපා එක බල්ලෙක් හරි මේ කතාව කියෙව්වොත්...............................

    හැලපේ, සහෝදරියන් එකගෙයි කෑමේ පනතක් ගෙන්න කියලා අපි 'වෙල්ගොමයා' ෆෝම් කොරමුද?

    ReplyDelete
    Replies
    1. දැන් සනීප ඇති නේද විචාරකතුමා.හැබෑටම ඔය අමුඩ ලේන්සුව වැනීමෙයි කුල්ල ඇටවීමෙයි වෙනස මොකද්ද කියල දන්නවද.

      Delete
    2. අමුඩ ලේන්සුවේ සහ කුල්ලේ තවත් ප්‍රභේද තියනවනම් කියන්නකෝ හැලපෙ.

      Delete
  22. නෑ සීයේ එතුමා ලියසන් අරන් ගෙනාපු එකත් අගේට තියාගෙන වටේ ඒවත් එක්කත් කනවා. මට වඩා හොඳට පැරා දන්නවා. මිනිහා හරක් මාළු කනවා කියලා පිළිගත්තට බෙල්ලේ බැඳගෙන නම් කන්නේ නැහැ.හැමෝටම සමෝ සමේ හොඳට මානුෂිකව සලකනවා.ඒකනේ මනාප ඔච්චර වැඩි.

    ReplyDelete
    Replies
    1. වෙල්ගොමයාට 'බේකරි තියරිය' බෑ කියලා පැපරාසි නිව්ස් අඩවියේ තිබුනා පුතේ.

      Delete
  23. හප්පෙ මොනවා කියන්න ද කතා ගොඩයි...අර තෙරෙසා වගේ උදවිය ඕන තරම් ගම් වල ,මං අහලා තියෙන කතාවක් කියන්නම් ඈ ...

    ඔන්න ඔය තෙරෙසා වගේ ගෑනු කෙනෙක් ගමක හිටියාලු එ ගෑනු මනුස්සයා ගේ මිනිහා හවසට කන පාත් වෙන්න ගහලා ඇවිත් දෙනවලු ගුටිබැට පූජාව ,අහල පහල ගෙවල් වලට පවා මේ සද්දෙ ඇහෙනවලු ..එත් දෙන්නා එකටම පවුල් කා ගෙන ජීවත් වුනාලු ,එහෙම ඉන්න අතරේ අර මනුස්සයා හිටි අටියේ මලාලු,දැන් අර ගෑනු මනුස්සයා තනියමලු ජීවත් වෙන්නෙ
    ඔන්න මල ගෙදර වැඩ,දාන මාන වැඩ ඉවර වුනාලු..ඔන්න ටික දවසක් යනකොට අර ගෙදරින් අර ගුටි පුජාවේ සද්දෙ ඇහෙනවාලු අර ගෑනු මනුස්සයත් මර ලතොනි දෙනවාලු,අහල පහල මිනිස්සු ගිහින් බැලුවලු මේ ගෑනු කෙනාට කවුරු හරි කරදර කරනව ද කියලා බලනකොට ඒ ගෑනු මනුස්සයා ගෙදර තිබුණ වංගෙටිය ලණුවක් දලා උඩ එල්ලලා එක තල්ලු කරලා තමන්ම පිට අල්ල ගන්නවලු ..ඊට පස්සෙ කෑ ගහනවලු ...

    මෙකේ තෙරුම මොකක්ද දන්නෙ නෑ,මමත් අහපු කතාවක් හැලප නම් දන්නවා ඇති මෙක හරියටම ..

    මීගමු අලුවා හදන්නෙ වෙනම විදියකට ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනිටත් නොස්ටැල්ජියාවක් තියෙන්නට ඇති.මිනිහ ගුටි දෙන විදියට ගුටිකන්න ආසාවක් ඇතිවෙලා වංගෙඩියේ උපකාරෙන් වැඩේ කරගන්න ඇති සහෝ.
      මීගමු අලුවා අපේ පළාත්වල හදන අලුවා වගේ තදට නැහැ මෘදුයි.ඒ කියන්නෙ සීනි නොදා පැණි පමණක් යොදා හදන නිසා.ඒ හේතුවෙන් පැණිවල ඇති රස හොඳින්ම අලුවාවල තිබෙනවා.කෑලි කැපීමත් අමුතුයි.

      Delete
  24. // රස කැවිලියි ඒ විතරක්ද කන්න ඉස්සෙල්ල බොන්න අරක්කු බාගෙකුත් තෙරේසගෙ   වට්ටියෙ තියෙනව.//

    අන්න ගෑනු හැලපයියේ.. මං වගේ නං දෙයියයන්ට වගේ සලකන්නෙ .හැක්

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ පත්තර මල්ලි,ඔය වගේ ගෑනුන්ට මොන ආකාරයකට සැලකුවත් හිතට මදි බං.

      Delete
  25. ඔය සීන් එක මමත් අහලා තියෙන්නේ කතරේට වුනා කියලා , දවසක් කතරේ ගියාලු වල්ලි හම්බවෙන්න කොටුවක් පනින්න , එතකොට ගයේ වාහනේ මොනරාගේ පිටෙලු , ඉතින් සංගදිය වෙලා නින්ද ගිහින් පාදර දඩිබිඩියේ නැගිටලා යන්න හදනකොට සෙරෙප්පු දෙක බල්ලා ගෙනියලාලු, වාහනේ මොනරත් ආගිය අතක් නල්ලූ , මල පැනපු පාර , ගැහුවලු ටේලර් මේඩ් සාපයක් බල්ලට තෝ මේක කරන වෙලාවට ලෝකෙටම අහුවෙයන් කියලා , එකලු බල්ලා ඔය වැඩේ කරනකොට හිරවෙලා පූට්ටු වෙලා ලෝකෙන දැනගන්නේ ,
    මොනරත් එක්ක මල පැනපු පාරට ඌටත් ගැහුවලු සාපයක් තෝ මේ කරපු වැඩේට තොට ඕක කරන්න නැතිවෙලාම පල කියලා , එකලු මොණරා අර ශුක්‍ර ධාතුන් වහන්සේ බිමට වැඩම කලාම සෙබඩ ඒවා කාලා ග්බ්බර වෙන්නේ ...
    අනේ මන්දා ඔයි ඕවා ලෝකයා කියන කතා ,මම එහෙම නෙවෙයි , මේක වැරදිනම් කියපු එවුන් එක්ක රණ්ඩුවට පලයල්ලා ,මගෙත් එක්ක පැටලෙන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. වීල් එහෙක ගිහිල්ලා " උඹ අපිව බස්සලා පැය දෙහෙකින් ආයෙ වරෙං මචං " කීවනං වැඩේ ගොඩ .. ඒකට බල්ලොයි අමොනරුයි පලියෑ .. චැහ්
      මොකද්ද බං දෙයියො උනත් කරන දෙකයි පණහෙ වැඩ..

      Delete
    2. ඔය ලෝකයා කියල තියෙන්නෙ අපිත් අහපු නැති කතා.වැරදියි කියන්නෙ මොකටද ඔය වගේ කතාවල වර්ෂන් කීපයක් තියෙනවා කියල දන්නවනේ.

      Delete
    3. ඉවාන් කතරගම දෙයියෝ කිව්වාම පොඩි කතාවක් මතක් වුනා ,මොනරා කතරගම දෙවියන් ගේ වාහනේ නේ ඉතිං වී හැදෙන කාලේට මොනරූ රෑනක් යායට බැස්සාම වී බොනවා සූ ගලා ගොවියෝ මරන්නෙ නෑ දෙවියන්ට තියෙන බයට ,මොනරා නොකන දෙයක් නැති තරම් හෑම භොගයක්ම කනවා,එත් මිනිස්සු භයේ මරන්නෙ නෑ.හැබැයි අපේ කුඹුර බලන්න මං දවස්ක් යන කොට ගාමිණී කියලා මනුස්සයෙක් ඉන්නවා කුඹුර ලඟ මිනිහා මට කතා කරා චුටි මහත්තයා පොඩ්ඩක් එන්නකෝ කියලා ගිහින් බලනකොට මේ මිනිහා මොණරු දෙන්නෙක්ට වැඩේ දීලා මගේන් අහනවා මස් ඕනද කියලා,මං කිව්වා මට එපා මං කන්නෙ නෑ කියලා,...මං ඇහුවා ඊට පස්සෙ දැන් තමුසේට කතරගම දෙවියෝ සාප කරයි නේ කියලා ..මෙ මනුස්සයා කියපි

      අනේ මහත්තයා දෙයියන්ට කියලා ඔච්ච්ර වාහන මොකටෑ ...අනික එක වාහනයක් අඩු උනා කියලා දැනෙන එකක් නෑ .. කියලා මට කට උත්තර නෑ

      මිනිහා කියන්නෙ මොනර මස් වගේම බිත්තරත් සැහෙන රසයි කියලා ....

      Delete
    4. monara mas vagema biththartha hri rasai saho....(kataragama deiyanta horen kave)

      Delete
  26. Baluparapura bokaranna Ballaa bellita ------wa,sansaren etharawenna dennadepaththata adinawa,

    ReplyDelete
  27. ඒ කියන්නේ හැලපයියේ බල්ලෝ ගහපු පෙත්සම වැඩක් වෙලා නැහැ.
    එකගේ කෑම කොහොම වෙතත් හැලපයියා ගේ පොස්ට් එකක මොකක් හරි කෑමක් වරදින්නේම නැති හැටියක්.:)

    ReplyDelete
    Replies
    1. කියවගෙන එනකොට බඩගින්න හැදෙනවනෙ මනෝජ්.ඒ නිසා කෑමත් තියෙන්න එපායැ.

      Delete
  28. කතා බර සෙට් එකක් නේ.. එකගෙයි කෑම ගැනනම් ඉතින් නුවර යුගය ගැන ඉගෙන ගනිද්දී අපිත් ඉගෙන ගත්තානේ.. ඒ කාලේ හිතුනේ ඒක හරි ශෝක් නේද කියලා.. ඒත් ඉතින් දැන් එකක් නඩත්තු කරගන්නත් අමාරු එකක් දෙකක් ගැන මොන කතාද නැද්ද හැලපයියේ..

    ReplyDelete
    Replies
    1. රට ඉන්නකං බැරිවෙන එකක් නෑ දිනේෂ් ට්‍රයි කරලා බැලුව නං.

      Delete
  29. කයිතන් අයියා නසරාණියෙක් නේ බන්. අපිට කොහෙන්ද තෙරේසක්කලා...
    මචං බලුකතා දෙක තුනක මූලාශ්‍ර දැණගත්තා. අන්න මම කාලයකට පෙර කියවපු මීගමුවේ අලුවා ආච්චිලා ගැන ලින්ක් එකක් උඩින් දැම්මා.

    ReplyDelete
    Replies
    1. කයිතන් දැන් ඉන්නවද දන්නෙ නෑ බොහෝ දුරට මැරිල ඇති.
      ලින්ක් එකට ස්තුතියි මචං.

      Delete
  30. Replies
    1. බොහොම ස්තූතියි ඉවාන් මල්ලි.

      Delete
  31. Great blog! Is your theme custom made or did you download it from somewhere?

    A theme like yours with a few simple adjustements would really make my blog shine.
    Please let me know where you got your design. Thanks

    My web page: history gala bingo ()

    ReplyDelete
  32. හැලපයියත් දන්න බලු කතා.කයිතන් ඩබල මරු නේ.හරි ආදුරුසුමත් නේ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් දමිත්,හරිම ආදුරුසමත් ඩබල.

      Delete
  33. මෙච්චර කාලයක් මං හිතං හිටියේ හැලපේ කියන්නේ ගුණයහපත්කං ඇති මනුස්සයෙක්ය කියලා. ඒත් අර වැඩ පලේ එකට හිටිය කාන්තාව අපහසුතාවයට පත්වන ආකාරයේ විහිළු කරන කොමන් සී ලාංකීය පිරිමියෙක් කියලා දැන ගත්තට පස්සේ මට හැලපේ ගැන තිබුන යහපත් අදහස නැතිව ගියා.

    ඇයි ඇත්තටම මේ මිනිස්සු කාන්තාවන් මේ ආකාරයට අපහසුතාවට පත් කරන්නේ. අර නලින් කියන පත්තරකාරයත් ඔහොමම හැසිරෙනවා මං කලින් දැකලා තිබුනා. ගෑණියෙක් ලියන බ්ලොග් පෝස්ට් එකක්,කමෙන්ට් එකක් පෙන්නන්න බැහැ. දුවගෙන ගිහිං තමන්ගේ මානසික අසහනය ප්‍රදර්ශණය කරනවා. හැලපෙලා නලින්ලා වගේ පහත්ගති ඇති අය ඉන්නකල් මේ ලෝකේ හරිම අසුන්දර තැනක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඇනෝගෙ කතාවට මට දෙවිදියකට උත්තර දෙන්න පුළුවනි.නමුත් මම ඒ දෙවිදියටම උත්තර දෙන්නෙ නෑ මෙන්න මේ කතාව විතරක් කියන්නං.ඉදිරි ප්‍රයෝජනය සඳහාත් මේක මතක තියාගන්න.

      'කිසිම මනුස්සයෙක් මැරිච්ච බල්ලෙකුට පයින් ගහන්නෙ නැහැ'.

      Delete
  34. හෙලප අයියේ දැන් මේ අනෝ බල්ලෝ වගයක් ඇවිත් මේ බ්ලොග් එකෙත් කැත කොරන්න try කොරනවා. දී බල්ලා දුප් බල්ලා .

    ReplyDelete
    Replies
    1. ජෙනුවින් ඇනෝල කිසි දවසක මේ බ්ලොගේ කැත කරන්න එන්නෙ නෑ ඇනෝ.

      Delete
  35. හැලපයියා මොනවද ඉස්පිරිතාලෙ කොරපු රාජකාරිය...ඔබේ රැකියාව ගැන තවමත් මට වැටහීමක් නෑ...කාලයක් බෙන් ෆිල්ම්ස් එකේ...කාලයක් ඉස්පිරිතාලෙ...මොන මගුලක්ද බං......අවුරුදු දෙකෙන් දෙකට රස්සාව මාරු කලාද... තෙරේසා පවු නේද....මට දුක හිතුනා ඒ ගෑණු පරාණෙ ගැන..

    ReplyDelete
    Replies
    1. ඉස්පිරිතාලෙ සහායකයෙක් හැටියට පොඩි රස්සාවක් කළා සිරා.පස්සේදී උසස්වීමක් එක්ක කොළඹට මාරුවක් ලැබුණා.දේශප්‍රේමී කලබල වැඩිවෙද්දී බෙන් එකේ නැවතුනේ රාජ්‍ය පරිපාලනේ රස්සාව කරද්දීමයි.ඔව්ව ඉතිං සැරින් සැරේ ලියවෙනවා.

      Delete
  36. පට්ටයි. කථා ඇතුලේ කථා.

    ReplyDelete
  37. Thanks for sharing your info. I really appreciate your efforts
    and I am waiting for your next write ups thanks once again.

    Feel free to visit my website: grow taller 4 idiots

    ReplyDelete
  38. බලු පූට්ටුවෙ කතාව අදමයි බං දැනගත්තෙ...හෙහ්,හෙහ්, තැන්ක්යූ...

    ReplyDelete

ඔබේ අදහස්