Tuesday, June 17, 2014

138.1915 ශත සංවත්සරය සහ රහුමාන් මාස්ටර්ගෙ කතා.


අවුරුද්දෙන් බාගෙකුත් ඉවරයි මේ දවස්වල කවුරුත් කතා කරන්නෙ 2014 මුස්ලිම් කෝලාහලය ගැන නොවැ.1915 මුස්ලිම් කෝලාහලේට අවුරුදු සීයක් පිරෙන්නට ඔන්න මෙන්න කියල තියෙද්දී ඒ කියන්නෙ අවුරුදු 99 කට පස්සෙ නැවතත් සම්පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ සංඝරත්නයේ ආශීර්වාදය සහිතව මහා මුස්ලිම් කෝලාහලයේ ශත සංවත්සරය මහා ඉහළින් සැමරීම අපි කාටත් ජාත්‍යාලය දනවන හිතට ඉමහත් සුව ගෙනදෙන සිරුර රෝමෝද්ගමනය කරවන මංගල කාරණයක් හැටියට සලකන්නට පුළුවනි.

ඒ වුනාට මම අද කියන්නට හදන්නෙ මුස්ලිම් කෝලාහළේ ගුණපණ ගැන නොවෙයි ඊට හාත්පසින්ම වෙනස් දෙයකුයි.කෝලාහලෙ ගැන  මහාචාර්ය මාතලන් වගේ අය ලියාවි. මම අද මුස්ලිම් යාංහෑලි ටිකක් ලියන්නං.සිංහල අයගෙ දෙමළ අයගෙ යාංහෑලි ඕනෑතරම් අහල තිබුනට මුස්ලිම් යාංහෑලි අහල නෑ නේද,මේ හෑලි ටික මට ලැබුනෙ කින්නියාවෙන් ළඟ පාතකින් එහෙම නෙවෙයි.

කින්නියාව දන්නවනෙ නැගෙනහිර පළාතෙ ත්‍රිකුණාමලේ කිට්ටුව තියෙන විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්න ගමක්.ත්‍රිකුණාමලයත් කින්නියාවත් කලපුවෙන් වෙන්වී තියෙන නිසා මෑතක් වන තුරුම ගමන් බිමන් සිදුවුනේ පාලම් පාරුවකිනුයි.දැනට අවුරුද්දකට විතර කලින් කළපුව උඩින් පාලමක් දාපු නිසා පාලම් පාරුව දැන් අනවශ්‍යයි.

කින්නියාවෙ අල්......මහා විද්‍යාලෙ උගන්නන රහුමාන් මාස්ටර් අපේ කතාවෙ කතානායකයායි.ඔහු ඉස්කෝලෙ ගණිතය සහ ඉංග්‍රීසි ඉගැන්නුවා කොල්ල කාලෙ ඉඳන්ම රහුමාන් මාස්ටර්ට ටිකක් නුහුගුණ ගතිය තිබුණා.ඔන්න දවසක් යාලුවෙක් එද්දී රහුමාන් කාමරේ ඇඳේ උඩුබැලි අතට නිදාගෙන මහ හයියෙන් සිංදුවක් කියනව,යාලුව එළියට ගිහිං තව ටිකකින් එද්දී රහුමාන් මුනින් අතට නිදාගෙන සිංදු කියනව...

මොකද බං ඒ ගමන මුනින් අතට...

තැටියෙ ඒ පැත්තෙ සිංදු ඉවරයි දැන් අනිත් පැත්තෙ සිංදු යනව...

ඉන්දියන් හමුදාව ලංකාවෙ හිටපු කාලෙ ඒ කියන්නෙ අසූ ගණන්වල කොටි හොයාගෙන කින්නියාවටත් ඇවිත් රහුමාන් මාස්ටර් ටවුමට යද්දි කතාකරල ...

ඒයි පුලි (කොටි) දන්නවද?

අපොයි ඔව් හොඳට දන්නව...

ඒ ගමන ජීප් එකේ දාගන ලොකු රවුමක් ගැහුවට කොටියෙක් තියා නැට්ටක්වත් දැකල නෑ.

තව එක තැනක් තියෙනව යමු ටවුමට...

ටවුමට ගියපු රහුමාන් මාස්ටර් හමුදාවත් එක්ක කෙළින්ම සිල්ලර කඩේකට ගිහිං...

ආ මේ තියෙන්නෙ පුළි(සියඹලා)...

කියල පත සියඹලා ගෝනියක් පෙන්නල,රහුමාන් මාස්ටර්ගෙ කතාවලිනුයි වැඩවලිනුයි වරුවක් තිස්සෙ බයිට්වෙලා හිටපු ඉන්දියන් කාරයින්ට හොඳටම කේන්ති ගිහිං ඇට තැලෙනකල් ගහල ගහල කානුවකට තල්ලු කරල දාල යන්න ගිහිං ,ඔය වැඩෙන් සෑහෙන කාලෙකට පස්සෙ යාලුවෙක් මුණගැහිල ඔය විස්තරේ අහල,එතකොට ඉන්දියන් හමුදාව ලංකාවෙන් ගිහිල්ලත් එක්ක...

ඉන්දියන් ආමි එකෙන් හොඳට ගුටිකෑවලු නේද...

ඒකනෙ කොච්චර වටිනවද මට හම්බවුන චාන්ස් එක,දැන් තමුසෙලට ඉන්දියන් ආමි එකෙන් ගුටිකන්න  අතින් වියදං කරගෙන ඉන්දියාවට යන්න එපායැ බලනවකො මට මෙහෙදීම හම්බවුනානෙ...

දවසක්දා රහුමාන් මාස්ටර්ගේ පුතා ජමාල්දීන් යාලුවොත් එක්ක වත්තෙ ළිඳක් හාරනවා,උඩ පස කපල අරං දැන් වල ඇතුලට බැහැගෙන පස් කපන කොල්ල තාත්තට කෑ ගැහුවා...

තාත්තෙ දැන් වෙල්ලෙයිමනල්(සුදුවැල්ල) එනව...

වෙල්ලෙයිමනල් කියන්නෙ කලපුවෙන් එහා පැත්තෙ තියෙන ගම ඊළඟට ත්‍රිකුණාමලේ...

ඊට පස්සෙ ට්‍රින්කො එයි බලාගෙන පරිස්සමෙන් හාරපන්...

දවසක්දා මාස්ටර් පංතියක පොඩි ළමයින්ට ගණන් උගන්නන ගමන් බෝඩ් එකේ ගාණක් ලිව්වලු...

99+1= ?

ඉස්සරහ හිටිය ළමයෙකුට කතාකලා...

උත්තරේ කීයද?

සීයයි...

මෙහෙට වරෙන්...

අඩිකෝදුවෙන් දෙකක් තලල..

දැන් කියපං කීයද...

සීයයි...

ඉඳපන් උඹට මම සීයක් දෙන්ඩ...

කියල කොල්ලට හොඳටම තැලුව පොඩි එකා කෑ ගගහ අඬනවා...

දැන් කියපං...

සීයයි...

ආයෙම තලන්න ගත්තා...

මේක බලාගෙන හිටපු පංතියේ මොනිටර් හිමිහිට ගිහිං වැඩේ ප්‍රින්සිපල්ට දැනුම් දීල ප්‍රින්සිපල් දුවගෙන එනකොටත් රහුමාන් මාස්ටර් කොල්ලට ගහනව කොල්ල කෑ ගගහ අඬනව...
හා හා මොකද මොකද රහුමාන් ඔය ළමයව මරන්න හදන්නෙ,මොකෝ ළමයට උත්තරේ හරියට කියාගන්න බැරිද...

නෑ නෑ සර් උත්තරේ හරියටම හරි තලනකොටවත් මු උත්තරේ වෙනස් කරාවිද කියල මම ටිකක් තලල බැලුවා...

රහුමාන් මාස්ටර්ගෙ තව කතා ටිකක් තියෙනව ඔක්කොම එක දවසෙ කියන්න බෑනෙ ආයෙම ලියන්නං. ආ තව එකක් රහුමාන් මාස්ටර්ගෙ පුතා ජමාල්දීන් ඉන්නවනෙ ඌටත් නුහුගුණේ,පොරගෙත් මරු කතා ටිකක් තියෙනව.


122 comments:

  1. පට්ටයි... පට්ටයි කියන්නේ.. ඔක්කෝම කතා ටික මරු.. මට අල්ලලා ගියේ මුනින් අතට ඉඳගෙන සින්දු කියන එක.

    අන්තීම යාං හෑල්ල කියවන කොට මට මතක් උනේ "ගම්පෙරලිය කලේ කව්ද....? කියන කතන්දරෙයි, "වැඩකරන්නේ කියන්නෑම් එකේ....." කතන්දරෙයි..

    ReplyDelete
    Replies
    1. කියන්නෑ මං කතන්දරේ ආයෙම කියපං ඈ.

      Delete
    2. “යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (“All Religions were invented by the Devil to conceal God from Mankind.”)

      Delete
  2. අම්මේ...... හිනා වෙන්න මෙන්න
    හැලපයත් එක්ක වරුවක්......
    හැලපෙෆ්එම් තුලිං....
    හිහි
    පට්ට හැලපෙ

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට
      තෑන්ක්ස් මහේෂ්.

      Delete
  3. හැලප රස උදෙම .....
    මල් හතයි ,ඔය වගේ මනුස්සයෙක් තමයි මං උ/පෙ කරන්න ගිය ප්‍රින්සිපල් ,මනුස්සයත් ඔය වගේ කතා තමයි බැදලා ඉන්න මිස්ට කියන්නෙත් ,දවසක් අපි කොල්ලො ගිය වෙලාවක සර් ට ඉන්නවා අපේ වයසේම කොල්ලෙක් කෙල්ලො නිසා නඩු හබ හැමදාම ඔහොම කියන කොට සර් කියනවා මිස්ට කුකුළා පැටැව් කුකුල් පැටැව්ම තමයි ,කියලා..

    අර සියඹලා පෙන්නපු වෙලේ ගුටි කලා බෙරුණු එක මදැයි

    ReplyDelete
    Replies
    1. ශියඹලා ගෝනිය ඔලුවෙ ඔබල ගැහුව කියලයි කතාව.

      Delete
  4. නියම කතාටික හැලපෙ.

    අපි පාසල් ශිෂ්‍ය භටයෝ කාලේ හිටියා රෙජිමේන්තු සැරයන් මේජර් කෙනෙක් හිටියා අබ්බාස් කියලා. දිනපතා උදේ දවසේ කාර්ය භාර නිලධාරිට වාර්තා කරන්න ඕනේ පෙළපාලියේ කීදෙනෙක් ඉන්නවද ගිලන්ව කීදෙනෙක් ඉන්නවද කියලා. එක දවසක් උදේ ලෙඩ්ඩු තුන් දෙනෙක් හිටියා. මම එතකොට සාජන් මේජර්. අබ්බාස් මගෙන් ඇහුවා මච්චාන් වරද්දන්නෙ නෙත්තුව කියන හැටි කියලා දීපන් ශින්ගලෙන් කියලා. මමකිව්වා, සර්, 'තිදෙනෙක් ගිලන්ව ඇත' කියලා කියන්න කියලා. ලොක්කා ගිහින් පත සැලියුට් එකක් ගහලා ඩියුටි ඔෆිසර්ට වාර්තා කලේ මෙහෙමයි.

    ' තුමනි, තිදෙනෙක් ගිලාබැෂ ඇත තුමනි...........................................

    ReplyDelete
    Replies
    1. හැලපගෙ කතා ටිකට වඩා මට හිනා ගියෙ මේකට... හි හි.... මැවිලා පේනව විචාරක මේක කියන හැටි රස කර කර ...

      Delete
    2. ඒ ගමන ලොක්ක කියන්න ඇති ගිහිං ගොඩගනින් කියල.

      Delete
    3. කොහොමද ඉතිං පෙරඩ් එක හිනාව නවත්ත ගත්තේ ඉතිං! :D

      Delete
    4. හිනා ගියා මුළු පෙරෙට්ටුවටම. මක්කැයි කොරන්නේ. ඩියුටි ඔෆිසර් තොල් තද කරගෙන හිනා නොවී කිව්වා ඉංග්‍රීසියෙන් කියන්න කියලා. අනේ ඒ පාර හරිගියා.

      Delete
    5. හෙහ්....හෙහ්...... එල කතාව විචාරක තුමා....

      Delete
    6. මට මතක් උනේ අර පඩ සරත් ගේ කතාව! :D

      Delete
  5. අඩෝව් අපි සිංහල බෞද්දයෝ හරිද
    මේකෙ මරක්කල කතා ලියන්න බෑ
    උඹේ බ්ලොග් එක කුඩු පට්ටම් කරව ගන්න හිතිලද
    ලියපියව් අනගාරිකල ගැන

    ReplyDelete
    Replies
    1. උඹලා අම්මා අල්ලපු ගෙදර බල්ලා එක්ක කොටු පැනපු එක ගැන ලියන්නද? නිකං තැන් තැන් වල රෙන්නේ නැතිව පල පොන්ස්.

      Delete
    2. ඇයි බං මම අනගාරික මුණසිංහ,එතකොට අනගාරික තිලකසේකර හෙම ගැන ලියපුව උඹ බැලුවේ නැද්ද.

      Delete
  6. මම හිතුවේ කින්නියාව කියන්නේ Kenya කියලා. මමත් ඔය කියන මාස්ටර් වගේද දන්නෙත් නෑ. :D

    ReplyDelete
    Replies
    1. දන්නෑ

      Delete
    2. අපරාදෙ පොඩ්ඩිට කෙන්යාවට යන්න තිබ්බ චාන්ස් එක.

      Delete
  7. එක එක එවුන් ලියපු ගූ හැත්තෑවේ කතා දාන්නේ නැතිව මේ වගේ හැලපගේ කතා දැම්මා නං හරිම ශෝක්.

    ReplyDelete
    Replies
    1. එහෙමත්ම කියන්න එපා බං,ඒවත් වැදගත් ලේඛකයො ලියපු සම්භාවනීය කතා නොවැ.

      Delete
  8. ෂහ්.. රහුමාන් මාස්ටර් මරු නේ.. ඔහොම ඩයල් ඉන්නවා බං.. තව කතා ටිකක් දාන්නකෝ එහෙනං..

    ReplyDelete
  9. //දවසක්දා රහුමාන් මාස්ටර්ගේ පුතා ජමාල්දීන්//

    මුස්ලිම්ම නෙමෙයි නේද , ( ජා ) මැලේ පොරක් නේද , තාත්ත රහුමාන් උනාට පුතා ජමාල් ඩින් ඔය නම භාවිතා කරන්නේ එයාල ,

    එතකොට ලොක්කා නල්ලමනල් තියෙන්නේ කොහෙද
    අර සින්දුවේ තියෙන්නේ

    '' නල්ල මනල් පාරේ සිටිනාවු කරසු අයියේ මඩු වලිගෙං තලපං මට අපි වැරදියි වාගේ ''

    එහෙනං අස්වාලාම් අලෙක්කුම් කියුවා හාජියාර් අපි ගිහිල්ලා එන්නං

    ReplyDelete
    Replies
    1. අස්වාලාම් අලෙක්කුම්. අල්ලාහ් කරීම් !!!!

      Delete
    2. උඹ සති දෙකක් විතර පැත්ත පළාතක පේන්නවත් හිටියෙ නෑ නේද.මොකද උනේ අහරෙ වත් ගියාද,සරුද.අපට නං වැලේ වැල් නෑ බං.

      Delete
    3. තියන දෙයක් කුඩු පට්ටං කරල නැති බංගස්තාන කරනව මිසක් උඹල වගේ වාසි බලන්නැ .

      මොහොමඩ් හැලපානිස් එහෙනං ගුඩ්බායි

      Delete
  10. පේරා අවසාන වසර මගෙ රූමා ලතීෆ් ගෙ ගම නැගෙනහිර පලාතේ සයින්දමරන්දු. ළතීෆ් ගමේ ගිහින් එනකොටම් කැන්ටිමේ දී අපේ බැචාලා ට කියනවා... "මච්චාන්... මම -----ට කන්න (ඒ කියන්නෙ මට කන්න) බැදපු කුරුල්ලො ගෙනාවා" කියලා.... එතන හිටි හැමෝම අපේ කාමරේට අවේ බැදපු "කුරුල්ලො" කන්න... බලාගෙන ගියාම ලතීෆ් මට ගෙනල්ලා තියෙන්නෙ බැදපු "හුරුල්ලෝ"

    ReplyDelete
    Replies
    1. මම දෙසතියෙ වැඩ කරද්දි අලුතෙන් පත්වීමක් ගත්ත මුස්ලිම් කොල්ලෙක් ආව ගම සයින්දමරුදු ,ඌට පුළුවන් දෙමළ විතරයි කරගන්න දෙයක් නැතුව මගේ ලඟට දැම්මා.අපි එක්ක නං මරු එකට වැඩ කළා ටොප් කොල්ල අපේ උන් බොහොම සුළු කාලෙකින් ඌට බොන්නත් පුරුදුකලා.

      Delete
    2. අනේ අහිංසකයෙක්ට බොන්ඩ පුරුදු කරල කියන අපූරුව

      Delete
  11. බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
    ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

    අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි උනුත් ජීවිත ආසාව තියෙන උන්නෙ.

      Delete
    2. ලොකු පිරිසක් මගේ ගේ කුඩු කලොත් එදාට මතක තියාගෙන ආපු එකෙක්ට ගේම දෙනවාමයි පස්සෙ හරි,බො.බ.සේ වනචාරි ගිහින් කලේ 10 උන්නු අන්තවාදියෝ 100 කරලා ආපු එක,මුන් හිතන්නේ මුන්ගෙන් ගුටි කාලා ගෙවලුත් කුඩු කරන් සද්ද නොකර නැට්ට පුකේ ගහන් ඉන්න ඕනා කියලා.

      Delete
  12. නස් රූදීන්ගේ කතා වගේ මෙව්වත් පට්ට......

    ReplyDelete
  13. අදත් කාම පැය හිනා සාගරයක් කරා ...... දැන් ඉතින් කා ගන්නවත් විදියක් නෑ.........
    මටත් පොඩි මුස්ලිම් කතාවක් මතක් උනා
    එකම ඔෆිසියක වැඩකරපු සැට් එකක් ඒ එක සගයෙක්ගේ බෝඩිමක පොඩි පාටියක් දැන්මලු..... රැ කට්ටියට තෙරුනාලු ගෙනාපු බෝතල්වලින් එකක් අඩුයි කියලා ..... මේකට සැකකරේ බෝඩිමේ වැඩට හිටපු මුස්ලිම් කොල්ලව.... උට පොඩි සැරයක් එහෙම දාලා කට්ටිය අහනවලු උබ බෝතලයක් ගත්තා නේද කියලා ... කොල්ල කියනවා "ෂිත්තයි මම ගත්තේ නේ" (සත්තයි මම ගත්තේ නෑ ) කියලා .... එපාර කට්ටිය කියනවලු යකෝ ගත්තේ නැත්නම් උබ කොහොමද දන්නේ තිත්තයි කියලා ???

    ReplyDelete
    Replies
    1. //දැන් ඉතින් කා ගන්නවත් විදියක් නෑ...//

      අකුරු අඩුයි මචං .. හරියට ලියපංකො :D

      Delete
    2. අඩේ "කා" අකුර ඉස්සරහට එන්න ඕන අකුර වැදිලා නැ නේන්නම් :)

      Delete
    3. හැක්... හැක්... පත්තරේ...

      Delete
    4. උඹේ ඔෆීසියෙ ඇබෑර්තු එහෙම ඇත්තෙම නැත්ද බං?

      Delete
    5. උඹගෙ කාම පැය නැගල යනවා නේද බං මුන් මැරෙන්න හදනව ඔහේ එන්න.

      Delete
    6. //අදත් කාම පැය හිනා සාගරයක් //
      මං හිතුවෙ කෙඳිරිගානව කියල!

      Delete
    7. මං හිතුවෙ මැලෙයා කාම පැයේ
      "බුදු අම්මෝ..මෙන්න මිනී මරනෝ" කියනව කියල.
      ඕ යේස්..!!

      Delete
    8. හ්ම්ම් මෙයා පැයක්ම කාමයේ වරදවා හැසිරෙන පාටයි

      Delete
  14. හහා මරු කතා ටික හැලප අංකල්. හිනා කෝටියයි.
    ජමාල්ගෙ කතා ටිකත් කියන්නකො තව පෝස්ට් එකකින්. :D

    ReplyDelete
    Replies
    1. ඉතුරු කතා ටික තව පෝස්ට් එකකට දාන්නං.

      Delete
  15. කිව්වත් වගේ කෝලාහලේ ගැන මහාචාර්‍ය තුමා එල ලිපියක් ලියලා තියෙනවා.
    උදෙන්ම ඒක කියවලා නැග්ග ජුවල් මේකෙන් බැස්සා. තැන්කූ වේවා හිනැස්සුවාට....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ආකි.

      Delete
    2. ආකි....හික්ස්...ෂෙෆා කියනවාට වඩා ඒ නම මට හුරුයි....ඒ පැත්තට බර වැඩිනිසා වෙන්නැති...

      Delete
  16. ඉල ඇදුනා හිනා වෙලා.. පට්ටයි

    ReplyDelete
  17. හි.. හි.. ශෝක් කතා ටික..

    හැබැයි කම්මැලිකමේද කොහෙද ටිකයි ලියලා තියෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ඊළඟට තුශානි.

      Delete
  18. පට්ටයි හැලපයියේ..මට හොඳම අර තැටියෙ අනික් පැත්ත යන කතාව..මේ අද නං හොඳටම කොට වැඩියි පෝස්ට් එක ඈ.. තව තුන හතරක් ලියල දාන ඈ !!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මාතලන්ටයි උබටයි දෙන්නටම ආසා මුනින් අතට ඉන්නකොට ???????

      Delete
    2. මගෙ ආසම ඉලක්කම 69 බං :D

      Delete
    3. මගෙත්

      Delete
    4. ඉයර් ෆෝන් ක්‍රමයට කැමති නැද්ද

      Delete
    5. දෙකක් දාගෙන එන දාට නං ඉයර් ෆෝන් මගින්ම ගහගෙනමයි බං එන්නෙ.. උච්ච සවර සප්තකේම ගායනා කොරන්න ගන්නව නොවැ ගෙට ගොඩ උන ගමං ..කනට මී පැණි වගේ . :D

      Delete
    6. හෙහ් ලොකු ටෝක් දුන්නට පවුලට බයයි නේ

      Delete
    7. දැන් බොලා මේ ටිකට ක්‍රම කීයක් පට්ට ගැහුවද,බොලාට ඒ ගැන නං විශේෂඥ දැනුමක් තියෙනව අපරාදෙ කියන්න බෑ.

      Delete
  19. නියම කතාටික හැලපයියෙ.
    යකෝ ගහපුවම උත්තරේ වෙනස් වෙනවයි කියන එකනං මාර තියරියක් තමයි.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ප්‍රසන්න කට්ටියගෙ ගොඩකවෙල සංචාරෙ කොහොමද.

      Delete
  20. ඈ හැලප අයියෙ, බාගෙට කොට කොට ඉත්දි පබ්ලිෂ් උනැයි? තව කතා ටිකක් ලියන්නනෙ තිබුනෙ. පෝස්ටුව කොට කිරීම සම්බන්දයෙන් මගේ බලවත් විරෝධය!!!!

    රහුමාන් නම් පට්ට. මටත් අල්ලලා ගියෙ අර තැටියෙ සීන් එක තමා.

    පුළි කතාව කියවත්දි මට මතක් උනේ මම ලියපු අර නඬාගෙ මේ කොපි නෙමේ යකූ අනිත් කොපි… කතාව.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රියා ඉතුරු ටික තව පෝස්ට් එකකට තියා ගත්තා.

      Delete
  21. යකෝ මේ ඔපිස් වල මේවා බලල හොරෙන් හිනා වෙන එක මහ පණ යන වැඩක් නේ.. අනිද්දවසේ හැලපගේ කතා බලන්න ඕනේ ගෙදර ගිහින්

    කවදාවත් අහල නැති අලුත්ම කතා ටිකක්.. නියමයි

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ තනියෙන් හිනාවෙනකොට අනික් අය පිස්සු කියල හිතයි.
      තෑන්ක්ස් පැතුම්.

      Delete
  22. ඔය කියන රහුමාන් මාස්ටර්ගෙ ගෝලයෝ එහෙම ගොඩක් ඉන්නවා බං හැලපයියේ මෙහේ පොලිසිවල.
    උන් මොන නිවැරදිකාරයෙක් ගියාත් වැරදිකාරයෙක් කරනවා විත්තිකාරයා අසරණයෙක් වෙලා පැමිණිලිකාරය දළකාරයෙක් වුණානම්.

    ReplyDelete
    Replies
    1. ආ එව්ව එහෙම තමයි මේ අම්මට සිරි ලංකාවෙ.ඈස්චරියමත් පොලිසිය නොවැ.

      Delete
  23. 15 සිංහල මුස්ලිම් කෝලාහල වෙලාවෙ සිංහලයන් මුස්ලිමුන් හොයාගත්තෙ 'ඇ' ශබ්ධය තියන වචනයක් කියවලලු. මේක දැනගත්ත මුස්ලිම් කෙනෙක් ඔය වචනය හරියට පුරුදු වෙලා සිංහලයන් අතරින් යද්දි ප්‍රශ්නය ඇහුවලු. මෑන් උත්තර දීල යද්දි එකෙකුට ටිකක් සැකයිලු සිද්ධිය. මුස්ලිමු බුවා යන්න හැරිල අහනවලු 'ඇයි ෂෙකද කියල'. ඊට පස්සෙ වෙච්ච දේ ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. ෂෙක නම් මල්ලි ෂුරුට්ටුව පෙන්නන්ද රොටුව කඩලාද බලන්න?

      Delete
    2. 83 දි දෙමළ අය හොයාගන්න "බ" අකුර කියෙව්වලු නේද ?? අහල තියනවා රාජ්. දෙමළ අයට කියවෙන්නෙ ඒ වෙනුවට ප යන්නනලු !!!

      Delete
    3. ඈ පත්තරේ //බ// යන්න විතරද බැරි?????

      Delete
    4. එතකොට කිම්ප කියන්නෙ මොකද්ද?

      Delete
    5. දෙමළ නංගියෙක් හිටියනං අහගන්න තිබුනා කුරුටු මචං..
      සිංහල සින්දු කියන - නළලේ තිලක තියන .. :D

      Delete
    6. ඇයි රාජ් 1956 දෙමළ කෝලහළේ වෙලේ දෙමළ සැට් එකකට සිවුරු පොරෝල ගෙනිච්චලු.එතකොටත් කට වරද්දගෙන අද වන හෙට දානෙ කියන්න ගිහිං කෑවා කියලත් මම අහල තියෙනව ඇත්තද බොරුද මංදා.

      Delete
    7. 83 දී දෙමළෙකුට කිව්වලු බාල්දිය කියලා කියපන් කියලා. මූ දෙමළ කියලා නියමෙට පේනවලු. ඔය වැඩේ දන්න නිසා මූ ඒක නියමෙට පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ.. අපේ දේශප්‍රේමියෝ පැස්ටෝල් ගෙනියන බාල්දියක් පෙන්නලා ඇහුවලු අරූගෙන්. මේ කොකක්ද ඩෝ කියලා.. අරූ ගත් කටටම කිව්වලු..

      බාල්දිය.... කියලා

      කට්ටියම් හොල්මන්ලූ..

      ටික වෙලාවකින් අරූ ජොලිය වැඩි කමට අහනවලු..

      ඇයි වෙරදිද කියලා..

      ඊට පස්සේ පින්වත්නි අරූට පෙස්ටෝල් බාල්දිය වක්කරලා, ගිනි කූරක් ගැහුවලු..

      Delete
    8. එතකොට දෙමළ ගෙම්බෝ කොහොමෙයි කෑ ගහන්නේ ඈ?

      Delete
    9. //ඇයි රාජ් 1956 දෙමළ කෝලහළේ වෙලේ දෙමළ සැට් එකකට සිවුරු පොරෝල ගෙනිච්චලු.එතකොටත් කට වරද්දගෙන අද වන හෙට දානෙ කියන්න ගිහිං කෑවා කියලත් මම අහල තියෙනව ඇත්තද බොරුද මංදා.//

      මම අහල තියෙන්නෙ "මාලිගාවත්තෙ පනට වැඩිය" කිවුවාය කියල

      Delete
    10. ඔය කතාවෙ ගොඩක් වර්ෂන් තියෙනව නොවැ ඕනෙ.

      Delete
  24. හැලපේ කතා ටිකනම් පංකාදු පහයි. තව හෝ ගාලා ඒ කතා දාන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි කුරුටු ගෑ ගී පවුර හැටියට සුභාසිංශන ගෙන එනවා...................................

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කුරුටු ළමයි.ඔය ගොල්ලන්ගෙ රස වින්දනය වෙනුවෙන් හැකි උපරිම දේ කරනවා.

      Delete
  25. අපිත් ඒක්ක හිටියා මුස්ලිම් ඒකෙක් මිනිහට අපි අාදරේට කිව්වේ ,"කොනකපාල" කියලා

    ReplyDelete
  26. සැක් පට්ට කතා ටික.නියමයි.උඩ වුදානෙගෙ කමෙන්ට් එක දැක්කම මතක් වුනේ අපි මුස්ලිම් යාලුවන්ට කියන්නෙ අග හිග කියල.

    ReplyDelete
  27. මට නම් හිනා යන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිට පාන්ද?

      Delete
    2. ඔයාට හිනා යන කතා ලියන්න අපි ඉගෙනගෙන නෑ මල්මි.

      Delete
  28. නස්රුදීන්ව තමයි මට මතක් උනේ.පට්ට කතා ටික

    ReplyDelete
  29. 'තාත්තෙ දැන් වෙල්ලෙයිමනල්(සුදුවැල්ල) එනව"

    මම හිතුවා වල්ලේ මයිල් එනවා කිව්වා කියලා :-)

    ReplyDelete
    Replies
    1. උඹ ආසාවෙන් බලාගෙන හිටියද.පොඩි කොල්ලො කාලේ අපිත් ඔහොමයි.

      Delete
  30. ඔය රහුමාන් කිව්වේ අර සින්දු හදන රහුමාන් ගේ නෑයෙක් ද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඇයි නාඩියට එහෙම හිතුනෙ මොකද.

      Delete
    2. මේ යකත් අමර වැඩ කරන එකෙක් නේ!

      Delete
  31. නියම කතා සෙට් එක හැලපේ.

    ReplyDelete
  32. මචෝ..... ඉදල හිටල මේවත් දාපං .... පට්ට....

    ReplyDelete
  33. අසූ ගනන්වල වරායෙ හිටියා පරිපාලක මහත්තයෙක් මුස්ලිම්.. ඇඟට පතට නොදැනී කිව්ව සමහර එව්ව අහං ඉන්න අමාරුයි.. දවසක් මිනිහා හරක් මස් ගැන කතා කර කර ඉඳලා ලඟ හිටි කෙල්ලකගෙන අහනවා " ඔයා උයල කාල තියෙනවද හරක් ප** ? කාල බලන්නකෝ මාර රසයි.."

    ReplyDelete
    Replies
    1. පොරට ඒකත් සාමාන්‍ය වචනයක් පමණයි.අපොයි අර කෙල්ලට වෙච්ච වැඩේ මම කල්පනා කලේ.

      Delete
    2. එක සැරයක් අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් අපේ මුස්ලිම් ඉන්ජේගෙන් ඇහුවා ,අයියා මොනාද බාබත් කියන්නේ කියලා, මේකා ගත් කටටම කියපි "ආ නන්ගේ යෙක අර අරකාගේ වල්ල වටේ තියෙනවා අම නේ" කියලා

      Delete
  34. රහුමාන් මාස්ටර් පට්ට ආතල් බුවෙක් නේ බලනකොට... නියම කතා ටික

    ReplyDelete
    Replies
    1. තව කතා ටිකක් තියෙනව ආයෙම දවසක ලියඤ්ඤා.

      Delete
  35. දැන්නම් ඉන්නේ ඉතින් තැලීම කොහොම වුනත් තලන්න ලෑස්ති වෙනකොටම උත්තරේ වෙනස් කරන අයනේ..

    මොනා වුනත් සිරා කතා ටික...

    ReplyDelete
  36. චක් හොඳ හැලපයක් දාපු දවසට කන්න එන්න පරක්කු වෙනවා , පට්ට රහුමාන් .... අර තැටියේ පැති දෙකනම් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. ඇයි කොහෙද ගිහිං හිටියෙ.ඉතුරු කතා ටික පස්සට.

      Delete
  37. හම්මේ.. කාලෙකින් පට්ට කතා ටිකක් සමඟ ආතල් කොමෙන්ට් ටිකක් කියෙව්වා.. :D

    ReplyDelete
    Replies
    1. ආතල්ම කමෙන්ට් එක සරත්ගේ "හරක් ප**" කමෙන්ට් එක

      Delete
    2. මාරෙ ඉතිං ආවත් කියවල සද්ද නැතුව යන්න යනවනෙ.

      Delete
  38. යුද්ධෙ කාලේ වෙච්චි අපරාද දැකල නීච සතුටක් ලබාපු එවුන්ට, ඒකෙන් යැපුන එවුන්ට දැන් මොකුත් නැති නිසා ආපහු මොකක් හරි එකක් පටන් ගන්න ඕන වෙලා.

    ReplyDelete
    Replies
    1. යුද්ධ මානසිකත්වය තියෙන උන්ගෙ මොළ හෝදනකල් මේ තත්වයේ වෙනස්වීමක් වෙන්නෙ නෑ තරු.

      Delete
    2. යෙත්ත යෙත්ත මාත්තියා අප්පිලා ඔයාවත් ෂුන්නත් කුරාලා ගන්නම්.

      Delete

ඔබේ අදහස්