Sunday, June 15, 2014

137.කරත්තය සමග ඉදිරියට


අද මම ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සෝමරත්න බාලසුරිය විසින් 1991 දී ලියන ලද කරත්තය නම් කෙටි කතාවයි.ඔහු විසින් ලියන ලද කරත්තය කෙටි කතාව ඇතුළත් කරත්තය කෙටිකතා පොතට 1991 දි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා.මේ කතාවත් එකගෙයි අවුරුද්ද මෙන් ඒකාංග ටෙලි නාට්‍යයකට නැගුණත් සුපුරුදු විදියට මට බලන්නට ලැබිල නැති බව කිවයුතුයි.කෙටිකතා ගැන සාකච්ඡා කිරීමේදී පළමුවෙන් හොඳ කෙටිකතා කීපයක් හෝ අධ්‍යයනය කිරීමේ ඇති වැදගත්කම නිසා මා මේ කෙටිකතාවද තෝරාගත්තා.කියවලම කතාකරමු.
                                                                                                                                                         කරත්තය
කටුකම්බි ගසා වැලි ගෝනි දමා ආරක්ෂක වලල්ලකින් වටකරන ලද පොලීසියට කරත්තය දක්කාගෙන එනු ලැබුවේ පොලිස් රියදුරාය.පොලිස් නිල ඇඳුම පැළඳ කරත්තය දක්කාගෙන එනු ලැබූ ඔහු දුටු කවුරුත් සිනාව මැඬ බියෙන් මෙන් ඉවත බලා ගත්හ.රයිපලය අතින් ගෙන මුර සේවයේ යෙදී සිටි පොලිස් රාළහාමිට බකස් ගා හිනා ගියේය.රියැදුරු රාළහාමි මුවින් නොබැණ හිස පහත් කරගෙන කරත්තය දක්කාගෙන ගියේ තමා පොලිස් ඇඳුමින් සිටියද රියැදුරු නිසාය.ඔහු ගොනා ලිහා දමා කරත්ත රෝදයේම ලණුව ගැටගසා පොලීසියට එනවිට කරත්තකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියේය.ඔහු මොහොතක් ඒ දෙසත් තව මොහොතක් කරත්තය සහ ගොනා දෙසත් බලා සිටියේ මේ ඒ කරත්තකාරයාමදැයි නිශ්චය කරගැනීමට බැරිවාක් මෙනි.

නම-රණසිංහ

වයස-44

රක්ෂාව-කරත්ත රස්සාව

විවාහකද-නෑ

පදිංචිය-කරත්තෙ

මං අහන්නෙ උපන්නේ කොහෙද කියල-උපන්නෙ දිවුල්ලෑවෙ පදිංචිය කරත්තෙ

තමා ඉගෙනගෙන තියෙනවද-ඔව්

කීයටද-ජේස්ටය පාස්

රාළහාමි මඳ විරාමයක් ගත්තේය.සැකකරුට නොදැනෙන සේ ඔහුගේ හිස සිට ඇඟිලි තුඩු දක්වා ගණ ව කළුවට වැඩී ගෙතී ඇති හිසකේ හා රැවුල දෙසද තැනින් තැන උස්ව මතුව ඇති සුදු හිසකේ දෙසද බුලත් කෑමෙන් දුර්වර්ණව ගෙවීයමින් තිබුණු දත් දෙපෙළ දෙසද බලා සිටියේය.ඔහුගේ මඳක් ගිලී ගිය තියුණු පුංචි දෑස් තමාගේ නිල ලාංඡනය කෙරේ එක එල්ලේ යොමුව ඇති අයුරු ඔහුට පෙනිණ.

තමා ඒ කාලේ ඔච්චර ඉගෙන ගෙන ඇයි රස්සාවකට නොගියෙ?

ඇයි මම රස්සාවක් කරනව.

මම අහන්නේ උගත්කමට ගැලපෙන රස්සාවක්?

එහෙම එකක් තියෙනව ද?

එවන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි රාළහාමි දැඟිලි අතර රඳවාගෙන තිබු පැන එසේ තිබියදීම ඔහුගේ කම්මුල හරහා පහරවල් දෙකක් ගැසුවේය.කරත්තකරු එම පහරවල් පහසුවෙන් ඉවසීය.කිසිම හැඟීමකින් තොර අඩක් ගිලී ගිය පුංචි ගුලි දෙකක් බඳු දෑස් කිසිම හැඟීමකින් තොරව රාළහාමිගේ නිල ලාංඡනය වෙත යොමුවී තිබිණ.තමා අතින් ගිලිහී විසිවී ගිය බෝල්පොයින්ට් පැන ඔහු අහුලා දෙතැයි රාළහාමි සිතීය.මොහොතක් බලා සිට ආවේශවූ කලක මෙන් නැගී සිටි රාළහාමි දෑතින් ඔහුගේ හිසකේ අල්ලා කිහිප වරක් සොලවා ඔහු සිටෙව්වේය.

'හොඳට හිතා ගන්නවා අහන දේට විතරක් උත්තර දෙනව.නිකම් පණ්ඩිතකම් කතා කරල උගත්කම් පෙන්නන්ඩ ගිහින් මැරුම්කන්ඩ එපා-හොඳට හිතා ගන්නවා මේ ඉන්නෙ කොහේද කියල'කරත්තකරු ඒ කිසිවක් තේරුණේ නැතිවාක් මෙන් සිටියේය.ඒ මොහොතේ රාළහාමි වෙනත් කිසියම් කාරණයකට යන්නාක් මෙන් ගොස් විසිවී ගොස් තිබු පැන අහුලාගෙන නැවතත් තම අසුනේ හරිබරි ගැසී වාඩිවිය.ඊළඟ ප්‍රශ්නය කුමක් විය යුතු දැයි ඔහු මඳක් කල්පනා කළේය.මෙසේ ප්‍රශ්න කර පුරුද්ද අඩු නිසාත් වෙනත් සැකකරුවන්ගෙන් මෙන් අනුපිළිවෙළට අසන ප්‍රශ්නවලට කවුරුත් දෙන පිළිතුරු නොවීම නිසාත් ඔහු තුළ සුළු තැතිගැන්මක්ද කෝපයක්ද හට ගැනෙමින් තිබිණ.ඊළඟ ප්‍රශ්නය ඇසීමට ඔහු කරත්තකරුගේ මූණ දෙස බැලුවේය.තමා හිසකේවලින් ඇදීමෙන් අවුල්වී ගිය කැරලි වී ගිය දිගටි හිසකේ පිම්බී අඩි හයක් පමණ වූ ඔහුගේ උස තවත් වැඩිවීමෙන් පෙනිණ.ඉතා පළල් උරහිස්ද අතරින් පතර පැසුණු වැඩුණු රැවුලද තමා වෙතම එල්ලවී තිබුණු තියුණු දෑස් ද දණහිස දක්වා වැටුණු හීන් දිගු දෑත් ද රාළහාමි තුළ සියුම් භීතියක් ඇති කළේය.

තමා ඉදිරියේ වූ බෝල්පොයින්ට් පැන මැදිකර පොලිස් පොත වැසූ රාළහාමි නැගිට ඔහු දෙස නොබලාම ඉවත් වී ගියේය.කරත්තකරු තවමත් හිටගත් වනම සිටියේය.පොලිස් ගොඩනැගිල්ල ඉදිරියේ නවතා ඇති පරණ ජීප් රථයත් ඊට එපිටින් තිබු කරත්තයත් රෝදයේ ගැටගසා ඇති ගොනාත් ඔහුගේ කටින් රූරා වැටෙන කෙලත් ඔහුගේ දෑසට හසුවිය.මොහොතකින් එම ඡායා බොඳවන්නාක් මෙන් විය.හිස්වල තලප්පා බැඳගත් මිනිස්සු කඩිසර ගමනින් පොලිසිය දෙස වරක් හෝ නොබලා ඉදිරියට නැමීගන මෙන් ගමන් කළහ.

'මගේ රැකියාව මට සුදුසුය.එය තවෙකෙකුට පෙනෙන්නේ නුසුදුසු එකක් හැටියටය.උගත්කමට සුදුසු රැකියා කිසිවෙක් කරත්ද?ඉංග්‍රීසි භාෂා සාහිත්‍ය ඇතුළුව මම ජ්‍යෙෂ්ඨය හොඳින් සමත් වී සිටිමි.දෙමළ මුදලාලිලා සමග මා කතා කරන්නේ දෙමළෙනි.මා සමග උගත් ෆිල්ම් පෙයාර් සඟරාවෙන් නර්ගීස් ඇතුළු රූමත් නිළියන්ගේ පින්තූර කපා අලවමින් සිටි ගුණරත්න අද අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි.ඩිමයි කොළවල දවස පුරා ශුද්ධ ගණිත ගැටලු විසඳූ මම කරත්ත දක්කමි.ප්‍රශ්න කළ යුත්තේ ඔවුන් ඒ ඒ තැන්වලට යොමු වූයේ කෙසේ ද යන්න මිස මගේ රැකියාවේ නුසුදුසුකම ගැන නොවේ.'

'හා දැන් ඉඳගන්නව-ඉඳගෙන මම අහන ප්‍රශ්නවලට උත්තර දෙනව.'

රාළහාමිගේ රළු පරළු කටහඬ මෙන්ම ස්වරූපයද ලිහිල් වී ඇත්තාසේ ඔහුට හැඟුනි.මේසය මතවූ තොප්පිය ඔහු පැළඳ ගත්තේ ඇයි දැයි කරත්තකරු තුළ විමතියක් ඇතිවිය.එය නිල නියමයක් විය යුතු යයි ඔහු සිතුවේය.කරත්තකරු හරිබරි ගැස්සී චකිතයකින් තොරව තමාගේම තැනක මෙන් බංකුවේ වාඩි වූ සැටිත් දෑත් තම මේසය මත තබා ඉදිරියට නැමී සිටින සැටිත් දුටු රාළහාමිට ඔහු තමාගෙන් ප්‍රශ්න කරන්නට යන්නාක් මෙන් හැඟී ගියේය.ඔහුගෙ දෑත් ඉවතට ගන්නා ලෙස නියෝග කළ යුතු යයි ඔහුට සිතිණ.එහෙත් ඔහු එසේ කළේ නැත.තමා අවසානයට ඇසු ප්‍රශ්නය කුමක්දැයි දැනගැනීමට යළි ඔහු පොත පෙරළා ගත්තේය.

තමාගේ ලඟම මිත්‍රයෝ කවුද?

ගොනයි බල්ලයි.

මොකා යකෝ?

කරත්තෙ අදින ගොනයි.පඩංගුවෙ ඉන්න බල්ලයි.

රාළහාමි නැගිට්ටේය.අඩි හය හතක් දිග මේසය වටා දිගු අඩි තබමින් කොට බිත්තිය පිටුපසින් කරකැවී එත්ම කරත්තකරු අන්දමන්දවී පිටුපස බැලුවේය.කරත්තකරුගේ දෑත් දෙවැලමිට උඩින් දඬුඅඬුවකට අසුවූවා සේ දැනිණ.ඒ සමගම කොට බිත්තිය උඩින් ඔහු ඇතුළු සාලයට ඇදී ගියේය.ඔහු කොතරම් වේගයෙන් ඇදුණේද කිවහොත් ඔහුගේ තුනටිය බිත්තියේ වැදීමෙන් බුරුල්වූ බදාම කෑලි කීපයක් ගැලවී තිබිණ.ඒ සමගම රවුමකින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් පසුපසට ඇදී ගිය දකුණතින් මිනිසකුට ඉසිලිය නොහැකි තරමේ බර පහරක් කරත්තකරුගේ කම්මුලට එල්ල විය.කරත්තකරු සිටියේ පහර අපේක්‍ෂාවෙනි.තුනටියේ වේදනාව මැඩගෙන පිටුපසට අංශක කිහිපයක් බර වී ඔහු පහර මග හැරියේය.රාළහාමිට වැරදී ගිය පහරේ වේගය නවතාගත නුහුණුව පය ලිස්සා ගොස් කකුල් පටලැවී දණ බිම ඇනී දෑත් බිම ඔබා දෑතට අස්සෙන් යටිකුරු වූ මුහුණින් යුතුව කරත්තකරු දෙස බැලීය.කරත්තකරු හිස පිටුපසට අඹරවා පිටුපස බලාගෙන දකුණතින් තුනටිය පිරිමදිමින් සිටියේය.

ඒ සමගම කටින් විසිල් හඬක් නගමින් දෑත් පිරිමදිමින් ශාලාවට තවත් රාළහාමි කෙනෙකු පැමිණියේ කිසියම් කාරණයකට පිටවී යාම සඳහාය.සිදුවූ දෙය ඉවෙන් මෙන් දැනගත්තාක් මෙන් 'දෙන්ඩද වැඩක් රාළහාමි'කියමින් ඔහු කරත්තකරුගේ අතක් අඹරවා රවුමක් කැරකෙන්නට හැර ඈතට තල්ලුකර හැරියේය.ඒ වනවිට ඉරියව්වෙන් නැගිට සුදානමින් සිටි රාළහාමි ඔහුගේ ඉල ඇන්දට පා පහරක් එල්ල කළේය.කරත්තකරු පිටුපසට විසිවී යත්ම අනෙක් රාළහාමි ඉදිරියට නැමී අත්පුඩි තලා උඩ පැන මුහුණට පහරක් දුන්නේය.අව්වට වේලීමෙන්ද වැස්සට තෙමීමෙන්ද කළුවී පදම්වී තරමක් දියව ගොස් තිබුණ ඔහුගෙ කම්මුල් පිපිරෙන්නට මෙන් ඉදිමී ආවේය.කරත්තකරු දකුණත මැදැඟිල්ල කම්මුල මත ගෑවෙන නොගෑවෙන ගාණට තබා බලනවාත් සමගම යටිබඩට එල්ලවූ පා පහරින් ගසක් පෙරළුණා සේ බිම ඇද වැටුණේය.

ඔහුට සිහිය එනවිට සිටියේ කුඩුවේය.දැරිය නොහැකි තරම් මුත්‍රා පහ කිරීමේ උවමනාවක්ද ඉල මරන්ද කඩා කුඩු කර ඇත්තාක් වැනි වේදනාවක්ද වතුර පිපාසයක්ද ඔහුට දැනිණ.කුමක් හෝ හේතුවක් නිසා ඔහුගේ දෑසට කඳුළු බිඳු කිහිපයක් පුරා තිබිණ.ඔහු අමාරුවෙන් නැමී දෑසත් නළල් තලයත් පිසදා ගත්තේය.

වරින් වර ජීප් රථ පිටත්වන හා පැමිණෙන හඬවල්ද පසුව කිසිවකු සිවුරුහම්බාන හඬක්ද යළි දැඩි නිහඬතාවක් ද මතු විය.ගොනාත් බල්ලාත් කරත්තයත් ඔහුට මතක් විය.ඔහු හෙමින් ඇනතියාගෙන කුඩුවේ යකඩ පොලු අල්ලාගෙන ඉස්සී කොට බිත්තිය සහ පොලිස් මේසය උඩින් පාර දෙස බැලුවේය.ගොනා ඔසවාගත් හිසින් යුතුව පළමු දුටු ඉරියව්වෙන්ම ඔහේ බලාගෙන සිටියේය.බෝන්ලී බිම තබා ඇති කරත්තයේ පිටුපස කොටස බොහෝ ඉස්සී ඇත්තාසේ ඔහුට හඟින.බෝන්ලී කැඩී ඇති දැයි ඔහු කල්පනා කළේය.පෝටිකෝවේ කණුවක් හරස්වී කරත්තය දෙකඩව පෙනීම නිසා මේ විසුළු පෙනුම දෙන්නේ යැයි ඔහු නිගමනය කළේය.මෙසේ තවත් දින කීපයක් ගියොත් බෝන්ලී වේයන් විසින් කනු ඇත.කොයි මොහොතේ හෝ තමා ප්‍රශ්න කිරීමට ගතහොත් ගොනාට බල්ලාට කෑම හා වතුර දිය යුතු බව කිව යුතුය.බල්ලා පඩංගුවේ නිදා සිටිනු ඇතැයි හේ නිගමනය කළේය.

නමුත් සවස් භාගයේ කිසිවකු ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත.වරින් වර ජීප් රථ වලින් ගෙන එන්නන් එන්ඩ එන්ඩම වැඩි විය.පැමිණ භාර වූවෝ ද වූහ.ඔහුගේ කූඩුවට තවත් දෙදෙනෙකු ඇතුළු කරන ලදී.ඔවුන් තල්ලුකර වසා දැමු රාළහාමි ඔහුගේ මූණ දෙසවත් නොබලා කූඩුව වසා ගියේය.

සවස ඔහු ගෙන ගියේ ඕ අයි සී මහතාගේ කාමරයටය.ඔහු සමග තවත් අයකු සිවිල් ඇඳුමෙන් සිටියේය.දෙදෙන ඔහු පිලිබඳ කාරණාකාරණ ඉංග්‍රීසියෙන් සාරාංශ කරගැනීමෙන් ප්‍රශ්න ඇසීම ඇරඹිණ.කරත්තකරු ගොනාටත් බල්ලාටත් කෑම වතුර දිය යුතු බව කියා සිටියේය.පොලිස් රාළහාමි කෙනෙකු කැඳවා සතුන්ට කෑම වතුර දෙන ලෙස අණ කරනු ලැබිණ.

'හරකුන්ට බල්ලන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩ වෙලා තියෙන්නෙත් අපිටනේ'ඈත්වෙමින් යන රාළහාමි කියනු ඔවුනට ඇසුනද ඒ නෑසුනාක් මෙන් සිටියෝය.

'තමා එදා රාත්‍රියේ ත්‍රස්තයන්ට කෑම උයල දුන්නද'

'මම කීප දෙනෙකුට කෑම උයල දුන්න-මම දන්නේ නෑ ඒ ත්‍රස්තයෝද නැද්ද කියල'

'ඇයි උයල දෙන්ඩ හිතුණෙ '

'මම උයන්ඩ ලෑස්ති කර කර උන්නෙ හැන්දෑවට-ඒ අයටත් කෑම ටිකක් උයල දෙන්ඩ කියල කිව්ව-මං ළඟ තිබුණ මුට්ටි හට්ටි පුංචි එව්වා-ඒ අය ලොකු මුට්ටි ගෙනාවා-මම ඉව්ව-ඔවුනුත් උදව් වුණා.'

'ඒ කවුරුත් කලින් දැනගෙන උන්නෙ නැද්ද'

'නෑ'

'දන්නෙ අඳුනන්නෙ නැති අයට කන්න උයල දීමේ සිරිතක් තියෙනවද?'

'බඩගින්නෙ ඉන්නව නම් මිනිහෙකුට නෙමේ සතෙක් සිවුපාවෙකුට උනත් කන්ඩ දෙනවා තියෙන හැටියට'

'එතන තමන්ගේ ගෙදර නෙමෙයිනෙ?'

'මට ගෙදරක් නෑ දවස් හත ගෙවෙන්නේ හත් පොලක -හවස එක පොලක බඩු බාලා -පහුවදා පොල ඉවර උනාම අහුරගෙන අනික් පොලට ගෙනියනවා'

'කෑම උයවගන්න තමාම හොයාගෙන ආවේ?'

'ඒක මම දන්නේ නෑ-මං සෙනසුරාදා ඔය ගාවට යනවා-ගොනා හොඳට නාවනවා-බල්ලත් නාවනවා-එතන හොඳ හෙවන-ගේකට වැඩිය සනීපයි-එදා තමයි මං කරත්ත රෝද වලට තෙල් දාන්නෙ-ගොනාගේ අංවල නළලෙ කොහොඹ තෙල් ගාන්නෙ-ඇටමැස්සෝ වහනවට-ඒ වෙනකොට හොඳට බඩගිනියි-තනි මිනිහෙකුට උයන එක මහා කම්මැලි වැඩක්-ඒත් කතා කර කර උයනකොට ඒකෙ ගාණක් නෑ.'

'කවුරු එක්කද කතා කරන්නේ?'

'ගොනයි බල්ලයි එක්ක'

'මොන බාසාවෙන්ද?'

'වෙලාවෙ හැටියට මගේ කටට එන ඕනෑ බාසාවකින් කතා කරනව-උන්ට අපිට වගේ බාසා ඕන නෑ-උන්ට කතා කරන විදිහෙන් තේරෙනවා-බල්ලා දන්නවා ඌට නාන්ඩ කියනකොට-ඒත් ඌ එකපාරට දුවල ගිහින් ඔයට පැනල නාන්නෙ නෑ-ඌට නාන්ඩ කිව්වම ඌ පැනල දුවන්නේ අනිත් පැත්තට-එතකොට කුණුහරපයක් කියන්ඩ ඕනෑ-වෙට්ටුවක් දෙකක් දාන්ඩ ඕනෑ-එතකොට දුවල ගිහින් ඔයට පනිනවා-ගොනා උනත් එහෙමයි.'

'ඉතිං නිකං ඉන්නකොට පොත්පත් කියෝනව ඇති නේද?'

'වැඩක් නෑ-කිසි වැඩක් නෑ-අහුලගත්තාම පත්තර කෑලි කියවනව'

'දේශපාලන ලිපි තිබුනොත්?'

'නෑ අකුරු අමතක වෙනවට'

ඔහු පෙනෙන තරම්ම මෝඩයෙක් නොවන බවත් පෙරෙට්ටුව තිබීම හොඳ බවත් ඔව්හු ඉංග්‍රීසියෙන් කතිකා කර ගත්හ.

'තමා කීයට ඉගෙනගෙන තියෙනවද?'

සීනියර් සමත් බවත් තමා කලක් අධ්‍යාපනය කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බවත් දෙමළ කතා කළ හැකි නමුත් ලිවීමට අකුරු අමතක බවත් පරිස්සමින් තෝරා බේරා ගත් වචන පුරුද්දමින් ඔහු ඉංග්‍රීසියෙන් කීවේය.කලක් භාවිත නොවීම නිසාද බුලත් කෑමෙන් ගොරෝසුවූ කටෙහි වචන පටලැවී රෝල්වී පිටට විසිවන්නාසේ ඔහුට දැනිණ.

ඒ සමගම දැඩි නිහඬතාවක් මතුවිය.බාපත්වලට හේත්තුවූ ගමන්ම නිලධාරීන් දෙදෙනා ඔවුනොවුන්ගේ මුහුණුවත් නොබලා නිහඬව සිටියහ.

මඳ වේලාවකට පසුව දිග සුසුමක් ඇද පිට කළ සිවිල් ඇඳුමින් සිටි නිලධාරියා පෙරෙට්ටුව තියල ඉවරයක් කරමු නේදැයි සිංහලෙන් ඇසුවේය.

රාළහාමි කෙනෙකු විසින් තරුණයන් හත් අට දෙනෙක් පෙළ ගස්වනු ලැබුහ.ඔවුන් අතර රැවුල්කාරයෝද දැලි රැවුල පවා නැත්තෝ ද වූහ.එහෙත් කාටත් පොදු ලක්ෂණ දෙකක් විය.එකක් නම් ඇහිබැම,නාස්,තොල්කට ඉදිමී ලේ පැන විකෘති වී තිබීමය.අනික එකකුවත් ස්ථූල ශරීරයක් ඇත්තකු නොවීමය.

'එදා කෑම කෑව කට්ටියෙන් කවුරු හරි මෙතන ඉන්නවද?'

ඔහු මඳක් මුහුණු විපරම් කළේය.හිටියත් කිව යුතුද?අනික කිසිවකු දෙස උනන්දුවෙන් බැලීමේ හෝ විපරම් කිරීමේ පුරුද්දක් ඔහුට නොවීය.අගගිය මුලගිය තැන් ඇසීමේ පුරුද්දක් ද නැත.මට කවුරුත් එකයි.

'එහෙනං කවුරුත් අඳුනන්නෙ නෑ.මෙයා ගිහිල්ලා දානව.'

පොලිස් රාළහාමි ඔහු ඇදගෙන මෙන් ගොස් කුඩුව තුළට තල්ලු කළේය.කුඩුවේ මුල්ලට හේත්තුවී මූණු ඉදිමී කළුතලා වැටී සිටි දෙදෙන ගැස්සී අවදිවී නැගිටින්නට මෙන් හදා නැවතත් නින්දට වැටුණෝය.මුත්‍රා බරින්ද පපුවේ හා ඉලකටුවල වේදනාවෙන්ද කොතරම් වේදනාවට පත්වී සිටියේද කිවහොත් සිහි මුර්ඡාවී යනු ඇතැයි ඔහුට සිතිණ.රාත්‍රියේ වරින් වර ඇසුණ ශබ්දද අඳෝනාද වෙඩි හඬවල්ද නින්දට බාධාවක් විය.දවසක් දෙකක් යනවිට පිපාසය-බඩගින්න-දුගඳ-අඳෝනා-පරුෂ වචන-පුරුදු පිළිගත් දේවල් බවට පත්වෙමින් තිබුනේය.

එහෙත් තවමත් ඉසිලිය නොහැකි වූයේ දුගඳයි.මේ සියල්ල මැඩගෙන යහපත් දෙයක් සිතන්නට ඇත්නම් කොතරම් මැනවිද?

අද මා මෙහි මුත්‍රා කළත් මගේ බල්ලා මුත්‍රා කරන්නේ බොහෝ ඈතට ගොස් මා දෙස බලා වරදක් නැතැයි හැඟුණු පසුවය.මගේ ගොනා වතුරේ මුත්‍රා කරන්නේ හෝ මළපහ කරන්නේ නැත.නෑවීමට පෙර ඔහු ඒ කාරි දෙකම කරයි.පහුගිය කාලයේම මම එක හිත් දරා ජීවත් වුණෙමි.කිසිවක් ගැන ගැඹුරට කල්පනා කිරීමට හෝ පසුතැවීමට සිදුවී නැත.සතියකට වරක් පසුකරන වෙල්යායවල් පාලම් බෝක්කු මඩවගුරුවල ලගින මී හරක් රංචු වෙල්යාය උඩින් සැරිසරන කොක්කු ගිරා රංචු තේක්ක යායවල් අළු පැහැ වලාකුළු බදාගත් තිස්සව හා දෙමටව කඳු වැස්ස අව්ව මගේ විෂය ලෝකයයි.ගොනා හා බල්ලා මගේ මිතුරෝය.මා වඩාම කතාකර ඇත්තේ ගොනා සමගයි.ඔහුට මම කවි සිව්පද කියමි.

මේ සිතුවිලි මැද ඔහුට ගොනා සිහිවිය.ඔහුගේ පිත්තල අංකොපු දිලිසෙන සේ මැදිය යුතු බවත් ගෙවී ගිය ලාඩම් ගැසිය යුතු බවත් ඔහු කල්පනා කළේය.ලාඩම් ගැසීමට ගොනා පෙරළා වද දිය යුතුය.මේ යෝග දෙකින්ම මිදීමට කිසිවකුට පුළුවන්කමක් නැත.තට්ටයට ගෙවෙන තෙක් බලා සිට ලාඩම් ගැසීම හැර වෙන කළ හැකි දෙයක් නැත.

එදින දහවල් රාළහාමිකෙනෙකු පැමිණ ඔහු කුඩුවෙන් එළියට ගත්තේය.

'ඈ බං උඹේ ගම මොකක්ද?'

වරක් මගේ පදිංචිය තෝරා බේරා ගැන්මට ගොස් මගේ ඉලකටු කැඩුවේය.පදිංචිය කරත්තයේ බවත් උපන්නේ දිවුල්ලෑවේ බවත් පොතේ සටහන් වී තිබේ.දැන් පදිංචිය ගැන යලිත් අසයි.කවුරු හෝ යමක් අසන්නේ ඔහුට අවශ්‍ය පිළිතුර ලබා ගැනීමටය.ඉන් ඔබ්බට ඇති සත්‍ය ඔහුට ප්‍රිය මනාප නොවේ.

'කියපං බං උඹේ ගම'

'දිවුල්ලෑව'

'රාළහාමි මගෙ ගොනා'

'ගොනෝ උඹට හරක් බලන්ඩ වෙලාව තිබුනට අපට නෑ.උඹ අඳුනන දෙන්නෙකුගෙ නම් කියපං'

'අයියා ....මිස්ට ගුණසිංහ'

'වෙන....ග්‍රාම සේවක?'

'ග්‍රාම සේවක කවුද දන්නෙ නෑ ...පරණ රාළහාමි දන්නව.'

ජීප් රථයේ පිටුපසට ඔහු දා ගත්තේය.ඉදිරිපස වුයේ ඔහුගෙන් ප්‍රශ්න කළ නිලධාරි දෙදෙනාය.ඔහුට තනිවට රාළහාමි හොඳින් සන්නද්ධව සිටියේය.කරත්තකාරයාගේ මග පෙන්වීම උඩ රථය පැදවෙමින් ගස් කොළන් ලඳු කැලෑ කනතු පසුකරමින් තිබිණ.

ජීප් රථය අයියාගේ ගේ මිදුලේ නතර විය.අයියා ජීප් රථය දෙසට ආවේ බුලත් විටෙක ඉතිරිය සපමිනි.ඔහු කිසිම චකිතයකින් තොරව මල්ලි දෙස බලා සිටියේය.

'කවුද මේ'

'මල්ලි'

'මිනිහගෙ බඩු මුට්ටු පොත්පත් මෙහෙ තියෙනවද?'

'ඔව්'

අයියා ඔහුගේ බඩු මුට්ටු දමා තිබු තරමක විශාල ට්‍රන්ක පෙට්ටිය ඔසවා ගෙනවුත් එළියෙන් තිබ්බේය.එය ඔහු ලවාම අරවන ලදී.අරිත්ම කරත්තකරුට ඔහුගේ කුඩා කාලය සිහි විය.පාසැලේ බෝඩිමට රැගෙන ගිය පෙට්ටිය මෙයයි.එකල ඉන් නික්මුණු අලුත් ඇඳුම් පොත්පත් සබන් පුයර එකමුසුව ආ සුවඳ ඇත්දැයි ආඝ්‍රාණය කිරීමට ඔහු නාස්පුඩු අකුලා මඳක් ඒ දෙසට නැඹුරු විය.

පොත්පත් එකිනෙක පරීක්‍ෂා කරන ලදී.රතුපාට මොනිටර් පොත් මිටි කිහිපයක් ද ඉංග්‍රීසි සිංහල පොත් මිටි කිහිපයක් ද දෙමළ කවි පොත් පිංච කිහිපයක් ද උඩින්ම විය.රාළහාමි ඒවා එකිනෙක පිරික්සන ලදී.ඉන් පොත් දෙකක පසුපස කවරයේ වූ රැවුල්කාරයන් දෙදෙනෙකුගේ ඡායාරූප දුටු ඔහු ඒ දෙක වහා අත්අඩංගුවට ගත්තේය.තම කබායෙන්ම දූලි පිසදා ඉහළ නිලධාරියා අත තැබීය.ඒ ෂේක්ස්පියර්ගේ මැක්බත් සහ තාගෝර් ගේ චිත්‍රයි.

'තමුසෙ ඒ කාලේ නාට්‍යකාරයෙක් වගේ'

'ඒ ඒ කාලේ අපට නියම කරල තිබුණ පොත්'

ඊට යටින් තිබුණේ අතින් සාදන ලද විශාල ඩිමයි පොතකි.ඒ ඔහු විසින් ගණිත ගැටලු විසඳීමට පාවිච්චි කළ අත් පොතයි.එයට යටින් වුයේ 'රාජ්‍ය සේවය පිණිසයි'යන්න මුද්‍රණය කළ විශාල කවරයකි.එහි ඔහුගේ ක්‍රීඩා සහතික හා ජ්‍යෙෂ්ඨ සහතිකය විය.එය පරිස්සමින් ගත් රාළහාමි වෙදඟිල්ලෙන් එයට දෙවරක් තට්ටු කොට දුවිලි විසිවෙන්නට හැර ඕ.අයි.සී.මහතා අත තබන ලදී.එහි දුඹුරු පාට සීල් එක හැර ඉතිරිය තැනින් තැන කාවන් විද තිබිණ.

'ඒ කාලේ හැටියට මිනිහට හොඳ රස්සාවක ඉන්ඩ තිබුණා' ඕ.අයි.සී.අනෙක් නිලධාරියාට ඉංග්‍රීසියෙන් නමුත් රහසින් කියන්නාක් වැනි ස්වරයකින් කීවේය.

'ඒක තමයි සර්'

තම දෙබසට උත්තර බැඳී ගමයාගේ පිළිතුරින් නිලධාරි දෙදෙන වික්ෂිප්ත වූහ.

අව්වට වේලී කොරල ගැසී ගිය සමින් ද බුලත් කෑ රතුවී ගිය තොල්වලින් ද තෙල් ගා දිලිසෙන මඳක් තට්ටය පෑදුණු හිසින් ද යුතු ගමයා කිසිම හැඟීමකින් තොරව බලාගෙන සිටියේය.එහෙත් ඔහුගෙ දිව හකුපාඩා අතර කරකැවෙමින් අහුමුළුවල ඉතිරිව තිබු පුවක් කෑලි සොයමින් දිව ඔහුට අකීකරුව මෙන් ක්‍රියාකාරීව පැවතිණ.

'තමුසෙ මොකද කරන්නෙ'

'ගොවිතැන් කරනව'

කරත්තකරු ජීප් එකට යළි නංවා ගත්තේය.අයිය මලෝ දෙදෙන කිසි කතා බහක යෙදුණේ නැත.ඈත් වෙමින් තිබු ජීප් රථය දෙස සෑහෙන වෙලාවක් බලා සිටි අයියා 'ඌ වරදක් කරන එකෙක් නෙමේ'කියමින් ගේ දෙසට ගියේය.

පසුවදා උදේ පාන්දරින් සන්නද්ධ කණ්ඩායම් කීපයක් පිටත් විය.පෞද්ගලික වාහන කීපයක් යොදා සැකකරුවන් වෙනත් ස්ථානයකට ගෙනයන ලදී.දහවල් වනවිට තවත් කීපදෙනෙක් පැමිණ භාර වුහ.ඔවුනට පා පහර බැගින් දී ලකප් කරන ලදී.

සවස් වනතුරු කිසිවෙකුට වතුර කඳුලක්වත් ලැබුණේ නැත.පැවති පාළු නිහඬතාව බිඳී ගියේ සරම් ඇඳගත් ස්වේච්ඡා නිලධාරීන්ගේ පැමිණීමෙනි.ඔවුහු කෙටි බිත්තිය උඩ ඉඳගෙන සිගරට් උරමින්ද වහසිබස් දොඩමින් ද සිටියහ.මේ අතර පැමිණි රාළහාමි, 'මෝඩයා අද යවන්න කිව්වා-තව ටිකෙන් ඒකත් අමතක වෙනවා'යි කියමින් කූඩුවේ දොර හැරියේය.

'දැන් ඉතින් යනව යන මඟුලක'

කරත්තකරු ඉතා සෙමින් නැගිට ඇනතියා ගත්තේය.දනහිස් දෙකට අත තබා නැගී සිටි ඔහු පාර දෙස මොහොතක් බලා සිටියේය.කරත්තය තුබූ තැනම වේලෙමින් තිබිණ.

'රාළහාමි ගොනා?

තමුසෙටත් වැඩිය ගොනෙක් කොහෙන්ද ඕයි?දැන්වත් පණ බේරාගෙන යනවා-තවත් වද නොදී-තව පැයයි අඳුරු නීතියට නැත්නම් මැරුම් කන්නයි වෙන්නෙ'

ස්වේච්ඡා භටයෝ නොයෙකුත් උසුළු විසුළු කතා කියමින් ද සිගරට් උරමින් ද සිටියහ.ඔහුට ඒ කිසිවක අගක් මුලක් තේරුණේ හෝ ගණන් ගත්තේ හෝ නැත.ඔහු සිතුවේ ගොනා ගැනය.ගොනා පොලීසිය පිටුපස තණ කමින් තමා එන තුරු වරින් වර හිස ඔසවා බලා සිටිනු ඇතැයි යන සිතුවිල්ල ඔහුට ඇති විය.ඒ සමගම ගොනා මේ දින කීපයට ඇදී ගොස් සිටිනු ඇතැයි යන කණගාටුවක්ද-නමුත් අද යළි ප්‍රකෘති ලෝකයට ඇතුළු වන්නේය යන්න සිහිවී සියලු වේදනා මැඩගත් ඉහවහා ගිය ප්‍රීතියක්ද ඔහු සිත තුළ උපන්නේය.

'තමුසෙ යනව ද නැත්නම් ආයෙ කුඩුවට යනව ද?'

'මට යන්ඩ ගොනා ඕනෑ'

'ඇයි තමුසෙ වගේ ගොනෙකුට ඔය කරත්තෙ අදින්ඩ බැරි ද?'

'මං කියන්නේ මට මගෙ ගොනා ඕනෑ කියන එකයි'

'තමුසෙ ගොනා හොයනවා-මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගොනාට මොනව වෙයිද ඕයි'

ස්වේච්ඡා සේවකයෝ අත්පුඩි තලමින් සිනාසෙන්නට වුහ.ඔහුට ඒ කිසිවක් ඇසෙන බවක් හෝ දැනෙන බවක් හෝ පෙනෙන්නට නොතිබිණ.ඉදිමී කළුවී තිබුණ මුහුණෙහි දෑස් තවත් කුඩාවී ඇත්තා සේ විය.දිග අඩි තබමින් සතකු වට කරන්නාක් මෙන් ඔහු රාළහාමි දෙසට ලඟා වන්නට විය.රාළහාමි ඔහු දෙසම බලාගෙන පිටුපසින් පිටුපසට යමින් මේසය උඩ තිබු මැෂින් තුවක්කුව දෙසට පසුබසින්නට විය.කරත්තකරුගේ දකුණත ඉර්ධියකින් මෙන් දික්වී රාළහාමි ඇදගත්තා සේ විය.වැලමිටෙන් අල්ලා කරකවා විසිකරන ලද රාළහාමි විසිවී ගොස් කෙටි බිත්තිය පාමුල වැටී එයට හේත්තු වී සිටියේය.කෙටි මැෂින් තුවක්කුව කරත්තකරුගේ අතට හුරු නැතත් එහි හුරුබුහුටිකම ඔහු ප්‍රිය කළේය.තමා කැඩෙට් භටයකුව සිටියදී පස් කන්දේ සවි කළ ලාංඡනයට හැර කිසිම සතකුට තුවක්කුවක් එල්ලකර නැති බව ඔහුට සිහි විය.


100 comments:

  1. පොලීසිය නම් දැන් කාලේ වගේමයි. මිනිහා සතෙක් බවට පත්වෙන හැටි දැක්වෙන හොඳ කතාවක් කියලා තමයි හිතුණේ. ඒ මැද නොකියවෙන කතා ගොඩයි. අහන්ට තියෙන ප්‍රශ්නත් ගොඩයි. හරිම වෙනස් විදියේ කතාවක් නේද හැලපයෝ.

    අද මම ඉස්සල්ලාම ඇවිත්.:)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ එක,
      ඔබට යඨා කාලයේදි හැලප පාර්සලය එවනු ලැබේ.
      ඒ සඳහා ඔබගේ ලිපිනය සහ දුරකතන අංකය මෙහි කොමෙන්ටුවක පල කරන්න.
      -මීට හැලපයා-

      Delete
    2. හැලපේ මගේ දුරකතන අංකය සහ ලිපිනය මේල් කලා. කරුණා කරලා හැලප පාර්සලය හැකි ඉක්මනින් එවන්ට හොඳේ. :)

      Delete
    3. ලැබී ඇත,හැලප තම්බමින් පවතී.බාපු ගමන් උණුවෙන්ම එවමි.

      Delete
  2. //එවන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි රාළහාමි // මෙතන සිටි ද නොසිටි ද?

    මේ කතාව කලින් කියවලා තිබ්බේ නෑ... මේකත් එක කාලෙක සෑහෙන පොදු කෙටිකතා මාතෘකාවක්.. නමුත් මම කැමතියි මේ කතාවට...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තිසර.
      සිටි කියලයි කතාවෙ තියෙන්නෙ ඒ නිසා එහෙමම දැම්මා.එතන සිටි යන්න නිවැරදියි මගෙත් පුද්ගලික විශ්වාසයයි.

      Delete
    2. මටත් මෙතන නම් පොඩි අවුලක් ආවා.

      මම හිතුවෙත් 'නොසිටි' කියලයි.

      Delete
  3. ඇත්තටම මං මේ කතාව මීට කලිං කියවල නෑ...
    අද කියෙව්වමඇත්තටම අපූරු කෙටි කතාවක් කියලහිතුණ...
    අදත් ඇත්තටම මීට වඩා වෙනක් තියේද...
    කැලේ මරෙු වුණාටකොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියනව නෙ

    ReplyDelete
    Replies
    1. ඉතින්

      Delete
    2. කලින් කියවා නැති කතාවක් ලබාදෙන්නට ලැබීම ගැන සතුටුයි.මම මේ කතා පළකරන්නෙ හොඳ කෙටිකතාව ගැන සංවාදයක් ගොඩනගන්නයි.

      Delete
  4. මාත් මේක කියවල තිබුනේ නෑ.... අද කාලෙට නියමෙට ගැලපෙනවා. ස්තුතියි හැලපයියේ..

    ReplyDelete
    Replies
    1. අද කාලෙට ගැලපෙන බව හිතල දැම්මෙ නෑ.හොඳ කෙටිකතාවකට ආදර්ශයක් වශයෙන් දැම්මා.

      Delete
  5. අදයි කියෙව්වේ............ ස්තූතියි කතාවක් කියලා දුන්නට හැලපේ..............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ළමයි.

      Delete
  6. ස්තුතියි හැලප අයියේ....

    ReplyDelete
  7. ස්තූතියි හැලපයියා....

    ReplyDelete
    Replies
    1. හෑ.මොකෝ බං කියන්න දෙයක් ඇත්තෙම නැද්ද.

      Delete
    2. මෙයා කඩදාසිය ලිපේ දාලා ඇවිත් තමයි කමෙන්ට් කරලා තියෙන්නේ හැමතැනම , මොකක් හරි ලොකු හදිසියක් වගේ

      Delete
    3. මොකෑ බං නැත්තේ.. ඊයේ පට්ට බිසි..

      කතාව කියවපු ගමන් මට හිනා ගියා... අර අයියගේ ගෙදරට ගෙන යන කෑල්ලට.. ඒක කතාවට අදාල නෑ.. ඒත් අද එහෙම එක්කගෙන ගියොත්.. අරූ ආයේ එන්නේ නෑ.. අනික කරත්තකාරයා කියනවා.. අනේ සෑර් මට යන්න බෑ කියලා...

      Delete
  8. “අසුගණන්වල උනානම් .“

    නිලයෙන් උසස් ,වියපත් හමුදා නිලධාරින් කිහිප දෙනෙක්,රුවැති යුවතියන් කිහිප දෙනෙකු දැක කෙළ හලමින් කියනවා මට ඇසුනේ මේ ඊයේ පෙරේදා.

    නැවත භීෂණ යුගයක් ගැන සිහින මවන අය ,තවත් කොයිතරම් ඉන්නවද..?
    යුද්ධයෙන්,භීෂණ යෙන් තරම් සාමයෙන් සංවර්ධයෙන් මිනිස්සුන්ට යභපතක් නැභැ මගේ හිතේ.
    පිනි.


    ReplyDelete
    Replies
    1. මොනවද මේ අධිරාජ්‍යවාදී ඔබාමා, හිලරි, බැංකි මූන්, නවි පිල්ලේ කොන්ත්‍රාත් කතා?

      ඒවගේ දේවල් වෙනවද මේ චිරි ලංකාවේ වීරයින් අතින්?

      Delete
    2. //නැවත භීෂණ යුගයක් ගැන සිහින මවන අය ,තවත් කොයිතරම් ඉන්නවද..?//
      භීෂණය නිසා හරිගිය අය කොච්චර ඉන්නවද කියල පිනි දන්නවද?

      Delete
    3. //ඒවගේ දේවල් වෙනවද මේ චිරි ලංකාවේ වීරයින් අතින්?//
      සැක් කකා,මේ අම්මට සිරි ලංකාවෙ කිසි දිනක එවැනි දේ සිදු නොවේ.

      Delete
  9. මේ කතාව මං කලින් ඉතාම ආසාවෙන් කියවා තිබ්බ කතාවක් හලපයියේ , මේකෙන් නාට්‍යයක් වෙන්ව්ව කිව්වම මම හිතුවේ හැම තැනදීම වගේ කතාවේ සාරය විනාස කරපු නාට්‍යක් වෙයි කියලා නමුත් ඉතාම අගනා නාට්‍යයක් මේ ඇසුරෙන් බිහිවුණා , එහි නළු නිලියන් තෝරාගැනීමේ සිටම මනා සංවරයක් තිබුනා ,
    මේ බලන්න නාට්‍යය

    ReplyDelete
    Replies
    1. මේ මම බොහොම ආසාවෙන් බලන්න හිටපු ටෙලියක් ඉවාන් මල්ලි.හොයල දුන්නට ස්තූති කරන්න මගෙ ළඟ වචන නෑ.මට තව මිස්වුණු ටෙලියක් තියෙනව ඒ ගුණදාස අමරසේකරයන්ගේ කතාවකින් හදපු ආපසු ගමන.ඒ කතාව හරි ටෙලිය හරි ඉවාන් බලල තියේද?

      Delete
    2. ඒ කතාවනම් කියවලත් නෑ , ඒ නිසා ටෙලිය බැලුවද කියන්න හරියටම මතක නෑ.
      හැලප්යියාට මම ඔත්තුවක් දෙන්නම් ,

      ඔය විශිෂ්ට කෙටි කතා 20ක් ටෙලි වලට නැගුනා අයි.ටී.එන් එකේ "විනිවිඳිමි අඳුර" කියලා
      අධ්‍යක්ෂණය - ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
      නිෂ්පාදනය - රන්ජිත් කේ. පෙරේරා

      සමහර විට අයි.ටී.එන්. ස්ටෝල් එකේ මේ කෙටිකතා සෙට් එකේ *(විනිවිඳිමි අඳුර) DVD තියෙන්න පුළුවන් , නලින් අයියට හොයාගන්න් පුළුවන් වෙයි සමහර වෙලාවට .

      Delete
  10. ඕයි හැලපෙ, අපි මේකට එන්නේ උඹ ලියන කතා බලන්න මිසක් එක එක එවුන් ලියපු ලබ්බවල් බලන්න නෙමයි. ඇට දෙක තලාගන්නේ නැතිව දාපං බං උඹේ කතා. ආයේ නං මේ වගේ එක එකාගේ කතා දාන්න එපා.

    ReplyDelete
    Replies
    1. මෙන්න අර නැතිවෙච්ච ගොනා ......

      Delete
    2. ආ මෝඩරාළ සැප දුක් කෙසේද?

      Delete
    3. පට්ටයි මැලේ... නයිස් කොමෙන්ට්...

      Delete
    4. හැලප කතා වලට වහ වැටිච්චි සහෘදයෙක් නේ.. මාත් උඹ එක්කයි පුතේ..

      Delete
    5. ඇනෝ මම මේ කෙටිකතා කීපයක් දැම්මෙ යම් හේතුවක් ඇතුවයි.ඒ මිසක හැමදාම අනුන්ගෙ කතා පලකරන්න මගෙ අදහසක් නෑ.යම් අපහසුතාවක් ඇතිවී නම් කණගාටුයි.

      Delete
  11. අදත් කාම පැය ඉවර කරා....... හලපයියා සුපිරියට ලියලා තියෙනවා .....මිට අව්රුදු දහයකට දොළහකට කලින් යොවුන් කෙටි නාට්‍ය උළෙලේදී මේක බලපු හැටි මතක් උනා

    ReplyDelete
    Replies
    1. කාම පැය අපරාදෙ කියල හිතෙන් නැද්ද.මම කරන්නෙ කතාව හොයල මෙතන දාන එක විතරනෙ රාළේ.

      Delete
    2. ඔය කාම පැයට අවශ්‍ය කරන දේවලුත් කම්පැණියෙන්ම දෙනවද බං.?

      මම මේ අහන්නෙ කෑම පැයට කෑම දෙන්නවා වගේ කාම පැයට ***ත් ඒගොල්ලොම දෙනවද? :D ;)

      Delete
    3. කොම්පැනි රහස් ගැන අහන්න එන්න එපා ප්‍රියා මම හොඳින් කියන්නේ ........ :)

      Delete
    4. රහස් උඹ තියාගනිං අපිත් ඔතන අතුගාන්ඩ හරි ගංකො බන්.. පඩි එපා කාම පැය තිබ්බනං ඇති.

      Delete
    5. ආපෝ තව ලංකාවේ එකෙක්ව මේකට දා ගත්තොත් කාම පැයත් ඉවරයි මමත් ඉවරයි කොම්පනියත් ඉවරයි

      Delete
    6. කිව්වහම මොකද මැලයෝ මටත් එන්න හිතෙනවා බං කිචි කිචි වගේ.

      Delete
  12. කලින් කියවා නොතිබූ කතාවක් හැලප අංකල්. එක හුස්මට කියවාගෙන ගියා. අපූරුයි. ගොඩාක් ස්තූතියි මේ කතාව ඉදිරිපත් කල එකට.

    ReplyDelete
    Replies
    1. මේ කතා හොයල දාන්නෙ අංකුර කෙටිකතා කරුවන් වන ඔබලාට ගතයුත්තක් ඇත්නම් ලබාදෙන්නටයි.යමක් ඉගෙනගන්නවා නම් අපට කරන ලොකුම ස්තූතිය එයයි.

      Delete
  13. Replies
    1. හෑ මොකද ඇලෝ,කෝ සිංහල?

      Delete
    2. ඇයි යකෝ අමු ඉංගිරිසියෙන් wewaa කියල ලියල තියෙන්නේ.

      Delete
  14. ආයෙමත් කියෙව්වා ආසාවෙන් හැලපයියේ..ගොඩ කාලෙකට කලින් කියවපු රසවත් කෙටිකතා පොතක්. මං හිතන්නෙ ඕක සාර ප්‍රකාශනයක්..

    ආං දැක්කකද කරත්ත ඩැයිවර්ලා උනත් ඉන්නවා මං වගේ දැන උගත් පොරවල්..කෝ කීවට කවුරුත් පිලිගන්නෑ නොවැ :D . බීලද ඉන්නෙ කියල අහනවා .හැක්

    ReplyDelete
    Replies
    1. //ආං දැක්කකද කරත්ත ඩැයිවර්ලා උනත් ඉන්නවා මං වගේ දැන උගත් පොරවල්//

      කරත්ත එන්ජිනුත් ඉන්නව :-D

      Delete
    2. ප්‍රා . හැක් කරත්ත ඇංජින් වලට මට වඩා සෑහෙන්ඩ දැනුමක් තියනව බං..උන්ට ගෙදර එන පාර හරි මතකයි.මට වෙලාවකට ඒකත් නෑ :D

      Delete
    3. පත්තරේට ප්‍රකාශනයත් මතකයි නේද.අර කරත්තෙ ඇන්ජිමේ පැට්‍රෝල් ටික ඔක්කොම ගිය කතාව බොලා අහල තියේද?

      Delete
    4. ඔව් හැලපයියෙ ,ඔය ආයතනය රෝලන්ඩ් අබේපාල කියන විද්වතාගෙ..ඔහුගෙ බිරිඳ තමයි අනුලා විජයරත්න මැණිකේ කියන ප්‍රසිද්ධ ලේඛිකාව..
      දන් නෑනෙ බං කරත්තෙ පැස්ටෝල් ටික ගියපු සීන් එක.. කියන්ඩකො අපේ ගැනත් හිතල. :D

      Delete
    5. පැට්ටෝල් ටික ලීක් වෙච්ච සීන් එක වෙන කතාවකදි ලියන්නං පත්තරේ, නොලිය ඉන්නෙ නෑ.

      Delete
  15. ගොනෙක් පොලිසි ගියොත් මෙහෙම තමා. හිතට වැදෙන්න ලියපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කම්මල.මා කතාව ඉදිරිපත් කරන්නා පමණයි.

      Delete
  16. ස්තුතියි හැලපයියා...

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ,ජයවේවා!

      Delete
  17. විශ්ව සාහිත්‍යයට එක්වියයුතු කෘතියක් මෙහෙම නොබැළුවානම් කවදාවත් කියවන්න වෙන්නෙ නෑ. ස්තුතියි හැලපෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත්!

      Delete
  18. හැලපයියේ පොඩි පුරස්නයක් ,

    කරත් තෙ ඇවිල්ලා මැනුවල් ද ඔටෝ ද .. ඈ ?? ඔටෝ පයිලට් දාල ඩැයිවර් ඇලට් එකක් නං ගහගෙන යනව නේ .. :D

    ReplyDelete
    Replies
    1. ඔව් නේ බං.. ක්ලච් එක අතටනෙ තියෙන්නෙ :D

      Delete
    2. කරත්තෙ ඇවිල්ල මැනුවල්,ඩ්‍රයිවර්ට නින්ද ගියාම ඔටෝ.

      Delete
  19. ප්ලොට් එක මරු. ලංකාවේ පොලිසියකදි සාමාන්‍ය මහජනතාවට දැනෙන අනාරක්ෂිත බව, තැතිගැන්ම, ඉච්ඡා භංගත්වය හොඳට, අසරණකම දැනෙනවා නමුත් කෙටිකතාවක් හැටියට රාජ්‍ය සම්මාන ලැබුණු, ලාංකික කෙටිකතාව නියෝජනය වෙන හොඳම කතාවක් හැටියට වර්ග කරපු කතාවක් වුනාම අපි බලාපොරොත්තු වෙන තරම් සැලකිල්ලෙන් කතාව ලියලා තියෙනවද කියලා මට හිතෙනවා.

    කියවගෙන යනකොට පොඩි ඝර්ෂනයක් ඇතිවෙන තැන් මේ.
    ඔහුගේ හිස සිට ඇඟිලි තුඩු දක්වා ගණ ව කළුවට වැඩී ගෙතී ඇති හිසකේ හා රැවුල (වලහෙක් වගේ ලොමින් වැහිච්ච මිනිහෙක්?)
    දිගටි හිසකේ ( හිසකේ විස්තර කරන්න දිගටි පාවිච්චි කරනවද?)
    දවසක් දෙකක් යනවිට පිපාසය-බඩගින්න-දුගඳ-අඳෝනා-පරුෂ වචන-පුරුදු පිළිගත් දේවල් බවට පත්වෙමින් තිබුනේය.-එහෙත් තවමත් ඉසිලිය නොහැකි වූයේ දුගඳයි. (දුගඳ අර ලැයිස්තුවෙ තිබුනනේද? එතකොට?)
    'ඒක තමයි සර්'

    තම දෙබසට උත්තර බැඳී ගමයාගේ පිළිතුරින් නිලධාරි දෙදෙන වික්ෂිප්ත වූහ.
    අව්වට වේලී කොරල ගැසී ගිය සමින් ද බුලත් කෑ රතුවී ගිය තොල්වලින් ද තෙල් ගා දිලිසෙන මඳක් තට්ටය පෑදුණු හිසින් ද යුතු ගමයා (ගමයාද ගැමියාද? අනික ඒ වචනේ හඳුන්වා දෙන්නේ එක පාරටම)

    තව මේකේ punctuation errors ඇරුනාම මේවගේ තැන් තව කීපයක් මම දැක්කා. නමුත් දැනට මේ ඇති.

    මම මේ ටික කිව්වේ උඹ මේ ගැන සංවාදයක් බලාපොරොත්තු වෙන නිසා. නැතුව කතාව ලඝු කරන්නවත්, හෙලා දකින්නවත් නෙවේ. ඒ වගේම දෙඤ්ඤං බැටේ විචාරයකුත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මොන විවේචනය කලත් මට පිළිතුරු දෙන්න බැරි බව උඹ දන්නවනෙ.මේ දේවල්ම කතාවට අමුතු යමක් එක්කලා කියල හිතමු.

      Delete
  20. මේ කතාව මමත් කලින් නම් කියවලා නෑ... කතාවේ සියුම් තැන් බොහොම හොඳින් විස්තර කරලා තියෙනවා .. හුඟක් ස්තූතියි අපිටත් දැනගන්න කතාව අරගෙන ආවට.

    ReplyDelete
    Replies
    1. තුශානිත් කතා ලියන ලඳක් නොවැ.මේ වැනි කතාවලින් ගත යුතුදේ ලබා ගන්නව නං අපටත් සතුටුයි.

      Delete
  21. මට නං හරිගියේ නෑ. කරත්තකාරය ටිකක් දැනඋගත් කෙනෙක් උනත් එයා තමුන් ගැන හිතන විදිහත් ලියල තියෙන්නෙ, පිටින් අපි දකින මෝඩ මනුස්සයගෙම කෝණයෙන් බලල.

    ReplyDelete
    Replies
    1. විවිධ විදියට බලද්දී විවිධාකාරයෙන් කතාව පෙනෙනවා.

      Delete
  22. කථානායකයා (රණසිංහ) ගේ උගත් කම ඉලිප්පීමට පොලිසියේ ඇත්තන් ලවා ඉංග්‍රීසි කථා කරවීම තාත්විකත්වයෙන් බැහර යාමක් කියලයි මටනම් හිතුනේ. 89 භීෂන යුගය පසුබිම් කරගත්තානම්, සීනියර් පාස් කියන යෙදුමත්, සීනියර් පාස් යයි ප්‍රොෆයිල් වෙන, (1989 වනවිට ) එවන් ජන කොටසක උගත්කම සහ ඉංග්‍රීසි දැනුමත්, ප්‍රශ්න කලයුතුය.
    රණසිංහගේ උගත්කම ඔහුගේ උත්තර වලින් මොනවට පැහැදිලිවේ. පොලීසියේ රිසව් එකේ ඉන්න රාලහාමිලා අනිත් රාලහාමිලා සමග ඉංග්‍රීසියෙන් කථා කරනවාය යන්න (කෙටි කථාවකට ) අදටවත් තාත්විකද ?
    ඉහත කරුනු ලිවීමට මා සුදුස්සෙකු නොවේ. සංවාදයක් අවශ්‍යයයි සිතෙන සහ කියා ඇති-නිසාවෙන් ලීවෙමි.
    මෙය මා කලින් කියවා ඇති කෙටිකථාවක් නොවේ. ස්තුතියි පල කලාට.
    මෙවැනි දෑ පලකරද්දී මුල් කතෘතුමාගේ අවසරයක් ගතයුතුද? (දැනුවත්වීම පිනිස අසන ලද පැනයකි.)

    ReplyDelete
    Replies
    1. මේ කතාව 89 ට වඩා 71 කාලයට සමීපයි කියා හිතෙන්නෙ නැද්ද?රිසව් එකේ රාළහාමි අනික් රාළහාමිලා එක්ක ඉංග්‍රීසියෙන් කතා කිරීමක් මේ කතාවෙ තියෙනවද?
      //මෙවැනි දෑ පලකරද්දී මුල් කතෘතුමාගේ අවසරයක් ගතයුතුද?//
      මේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් නලින් විසින් මගේ එකගෙයි අවුරුද්දට වචනයක් කතාවෙදි කර තිබෙනවා.මෙතනිං බලන්න පුළුවනි
      http://helapakade.blogspot.com/2014/06/134.html

      Delete
    2. ඇත්තටම හැලපයියේ කෙටි කතාවක් තාත්වික වෙන්න ඕනෙද.?
      මොකද කලින් පළ කරපු "එකගේ කතාවේ"වගේම මේ කතාවෙත් මම දැක්කා මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නිතරම නගනවා.හැබැයි මට හිතෙන්නේ කතාවක් කියන දේ යතර්ථවාදී වෙන්නම ඕනේ නැහැ කියලායි.මම හරිද දන්නේ නැහැ,හැබැයි එක මට හිතෙන්නේ එහෙමයි.

      Delete
    3. මගේ මතයේ හැටියට කතාවක තියෙන දේ තාත්වික විය යුතුම නෑ.හැබැයි ඒ දේවල් තීරණය වන්නේ කතාව ලියන රීතිය අනුවයි.

      Delete
  23. සෝමරත්න අයිය ඇන්ටික් ලී බඩු වලට ආස බව දන්නව .... පුද්ගලිකව පැය ගනං කතා කොරල තිබෙන නිසා...
    කොහොමත් කතාව ලිව්වට උඹට තුති.....

    ReplyDelete
    Replies
    1. මාත් ඔහු මුණගැසී කතාබහ කර තියෙනව නමුත් ඔය සබ්ජෙක්ට් එක ගැන නං කතාකලේ නැහැ.අපි කතාකලේ ඔහු ලියු කතා ගැනයි.

      Delete
  24. කියවපු නැති කතාවක් කියවන්න ගෙනාපු එකට ගොඩක් ස්තූතියි වේවා හැලප අයි‍යෙ.

    ReplyDelete
    Replies
    1. කියවීම ගැනත් ප්‍රියාට ස්තූතියි.

      Delete
  25. සෝබා මහත්මයාගේ මේ කෙටිකතාව ඉස්සර දවසක කියෙව්ව බව මතකයි. නැවත කියවන්න ලැබීම සතුටුයි.මම මේ කතාවට කැමතියි. මොහු නැවත යමක් ලියනවා නම් හොඳයි කියා හිතනවා.

    මම ගැටවර කාලයේදී, මොහුව වරක් හමුවුණා. යමක් කමක් කතා කරන්නට දැනුමක් නොතිබූ නිසා, දැනුමැත්තෝ කතාකරනවා අහගෙන හිටියා. වැනිලා සුරුට්ටුවක් හෝ පයිප්පයක් අතේ තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. මෙතුමා සෑහෙන කලකින් යමක් ලිව්වෙ නැහැ.ඔහු අතේ තිබෙන්නට ඇත්තෙ වැනිලා සුරුට්ටුවකුයි.

      Delete
  26. චෑ, කන්න මෙලෝ දෙයක් කඩේ හරියෙ නෑ , අදත් වණ්ඩු ආප්ප.:)

    කතාවට කැමති නැත. අඳුරු මතක අවුස්සයි. ලඟදී ගුටි කෑ පොලිස් රාළාමිලා සිහිවී කාළකන්නි සතුටත් සිතට දැණුනි. තිත්ත් ඇත්ත නම්, එය සතු‍ටුවිය යුතු නොව ඇඬියයුතු කාරණයක් වීමය

    ReplyDelete
    Replies
    1. වන්ඩු ආප්පෙකුත් කාල බලමුකො.

      Delete
  27. I read this paragraph completely about the comparison of most recent
    and earlier technologies, it's amazing article.


    My page: beauty

    ReplyDelete
  28. ඉතා ගැඹුරු සහ හරවත් මෙවැනි සමාජ විවරණ සහිත මේ කතා සර්වකාලීන වටිනාකමකින් යුක්තයි. මට මල්ගුඩියත් මතක්වුණා. රම්බොත් මතක්වුණා. අපේ සාම්ප්‍රදායික චින්තනය සහ, ලෝක ධර්මය තුල සැඟවුණු අපේම හෙළුව, අපටම පෙන්වන යථාර්ථය, නැවත නැවතත් පසක් කරගන්නට, මෙවැනි කතා කාලෙකට සැරයක් කියවීම, හොඳ මානසික ඔසුවක්. හැලපෙ, මමත් 1971 කැරැල්ල ආසන්න වනතුරුම ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔබ ජවිපෙ හිටියයි කියල මේ කියනතුරු මා දැනගෙන හිටියෙ නෑ.හමුදාවට බැඳෙනකොට එය බාධාවක් වුනේ නැද්ද.

      Delete
  29. මෙවැනි කතාවලින් ජීවිතය ගැන නැවත සිතන්නට අපව පොළඹවනවා. මේවා සර්වකාලීන වටිනාකමකින් යුතු කතා. කාලෙකට පස්සේ නැවත කියවීමෙන් අතීතයටද ගියා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම විචාරක තුමා මෙවැනි කතාවල වටිනාකම කවදාවත් හීනවන්නේ නෑ.

      Delete
  30. හැලපේ මේ කතාව පොතට එන්න කලින් 89 අවුරුද්දේ විතර ඉරිදා පත්තරේක පළවුනා මට මතක විදිහට. 91 අවුරුද්දට වඩා 89ට තමයි මේ සිද්දි ගලපෙන්නෙත්. ඒ කාලේ ඉතා ඉහළින් සලකාපු කතාවක්. අද වෙද්දී තරමක් අඩුපාඩු සහිතයි කියලා හිතෙනවා. අන්තිම කොටසේ මැෂින් තුවක්කුව ගන්න එක එහෙම නිකන් අධි රංගනයක් වගෙත් හිතෙනවා ස්තුතියි පළ කලාට

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක කතාවෙ අඩුපාඩු පෙනෙන එක සාමාන්‍යයි තිලකෙ.මොන කාලෙට ගලපගන්නද කියන එකනං මටත් ප්‍රශ්නයක්.අන්තිම කොටස ටිකක් අධි රංගයක් තමයි .අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  31. මේ කතාවත් මම කලින් කියවා නැහැ හැලපයියේ.
    ඒ වගේම කලින් "එකගේ කතාවේ" වගේ රසයකුත් මට දැනෙන්නේ නැහැ.
    කොහොමත් ලංකාවේ පොලිසිය කියන්නේ කිසිම ආකාරයක පිරියක් ඇති වෙන තැනක් නොවේනේ.

    ReplyDelete
    Replies
    1. රස නැත්තෙ පොලිසිය නිසා වෙන්න ඇති මනෝජ්.

      Delete
  32. පටටයි අයියන්ඞි සුපිරියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංජීව.

      Delete
  33. මේ කතාවට ද රාජ්‍ය සම්මාන හම්බවුනේ ? පොතට නේද? මොකක් දෝ අවුලක් කතාව පුරාම තිබුන කියල හිතෙනවා.. මටත් අර හෙන්රි කියපු අඩු පාඩු ටික පෙනුනා.. ඒවා අඩු පාඩු ද නැත්නම් අපි දන්නේ නැද්ද ?

    කොහොම වුනත් හොඳ කතාවක් . හැලපෙ ගේ බලාපොරොත්තුව කෙටි කතා ගැන දිග කතාවක් ඇති කරන්න නිසා මේ වගේ කතා දාන එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. මේ කතාවට පමණක් නොවෙයි පැතුම් කතාවද ඇතුළත් පොතටයි.අභව්‍ය තැන් සමහරවිට තියෙන්නට ඇති අපි මොනා කරන්නද.කෙටිකතා ගැන කතාවක් ඇතිකරගන්න මෙහෙම කතා දාන්න එපැයි.

      Delete
  34. ලංකාවෙ පොලිසිය සදාකල්ම මෙහෙම තමයි...අහිංසක මිනිහෙක්ට පාට් එක දාන පාදඩ පොලිස් කාරයෙක්ට කවුරු හරි අත පය දිග ඇරලා සලකනවා දැකක්ම ඇති වෙන චිත්ත ප්‍රීතිය වගේ එකක් කථාවෙ අවසානයෙදි විද ගත්තා. මේ කරත්ත කරු මොන තරම් අහිංසකයෙක්ද...තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙච්ච මේ හාදයව වියරුවට පත් කරන්නෙ පොඩි සිදුවීමක්...මේ වගේ වියරුවට පත් වෙලා සමාජයට පිළිලයක් වෙච්ච අහිංසක චන්ඩි කොච්චර බිහිවෙන්න ඇතිද පොලිසියේ වරදින්...

    ඇත්තටම දැන් ඉන්න වට පිටාවත් එක්ක හොද සාහිත්‍ය නිර්මාණයක් කියවන්න ලැබෙන්නෙ නෑ. මේ විදියට හරි හොද දෙයක් කියවන්න ලැබීම අපේ නිර්මාණාත්මක හැකියාව තව තවත් වර්ධනය කරගන්නට රුකුලක් නිසා හැලපයියගෙ මේ වෑයම මම ඉතාම ඉහළින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.මගේ වෑයමට ලැබෙන මිශ්‍ර ප්‍රතිචාර සමහරවිට ඔබ දකින්නත් ඇති.50-50 වගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබෙන නිසා ඉදිරියට මෙවැනි කතා ඉදිරිපත් කරන්නට හැකිවේදැයි සැකයි.පාඨකයන්ගේ රසය විවිධයි නොවැ.මොනා කරන්නද?දිරිදීම ගැන නැවතත් ස්තූතියි.

      Delete
  35. මේ කථාව ලිව්වා විතරයි.
    දැන් ලයිව් පේනවා.
    කැන්ද කොලට නම් මොකද ලංකාවෙවත් නැනේ.

    ReplyDelete
    Replies
    1. මල්මී ඔබේ කතාව ඇත්තයි.දැන් ලයිව් යනවා.ලංකාවෙ නැහැ කියල නෑ ලංකාවෙ සිදුවන දේට විදේශගත අපි ඉතාම සංවේදීයි.අනික් කාරණේ විදේශිකයන් මේ සම්බන්ධව ප්‍රශ්න කරන්නෙ අපෙන්.ලංකාවට සංචාරයට යන්න ටිකට් හෝටල් ඔක්කොම බුක් කරගෙන ඉන්න අය යන්නද ගියාට කමක් නැද්ද කියල අපෙන් ප්‍රශ්න කරනව.විළි ලැජ්ජයි මොනව කියන්නද ඇඳුමක් ඇඳගන කොහොම උත්තර දෙන්නද?

      Delete
  36. ඉතා සංවේදී කතාවක්. කරත්තකරු තරම්වත් උගත්කමක් නැති උන් රාජ්‍ය සේවයට ඇතුල් උනහම ඇතිවෙන ඛේදවාචකය මැනවින් මේ තුළින් කියාපානවා.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන බොහොම ස්තූතියි තරු.

      Delete

ඔබේ අදහස්