Wednesday, June 11, 2014

136.ආදිබාස්ගෙ කරත්ත මඩුව ගුණපාලගෙ කල්කිරියාව සහ ආරියගෙ අවකල්කිරියාව.




ආදිබාස්,ගමේ ඔක්කොම කිව්වෙ එහෙමයි ඒ හින්ද අපිත් ආදිබාස් කියලම කිව්වා නම ආදිරිස් කියල දැනගත්තෙ පස්සෙයි,ආදිබාස් කෙරුවෙ කරත්ත රස්සාව ඒ කිව්වේ කරත්ත දක්කන එක නෙවෙයි මිනිහ ගේ අයිනෙ මඩුවක් දාගෙන කරත්ත රෙපෙයාර් කෙරුවා.අපි ඉස්කෝලෙ යද්දිං සමහර දවස්වලට ආදිබාස් කලුවට කලුවෙ උඩට කමිසෙකුත් නැතුව සරම කැහැපොට ගහගෙන කරත්ත රෝදයක් කරකවගෙන ඒ පස්සෙන් දුවගෙන වගේ එනව හම්බවෙනවා, හරියට අපි ටයර් පැද්දා වගේ ඇයි ඉස්සර අපි කොල්ලො ඔක්කොටොම පරණ ටයර් තිබුනනෙ පරණ කාර් ටයර් එකක් හොයාගන්න බැරි එකා පරණ මෝට සයිකල් ටයර් එකක්වත් හොයාගන්නව,ටයර් එකත් රෝල් කරගෙන කටිං සද්දෙත් දාගෙන අපි පාරෙ දුවන්නෙ ආඩම්බරෙන් පපුව පුම්බගෙනයි...

ආදිබාසුත් ඒ වගේ සෙල්ලමට කරත්ත රෝද තල්ලු කරනව කියල අපි හිතුවට එයා බඩ වියත රැකගන්න කැඩිච්ච කරත්ත රෝද හදන්න ගේනව හරි හදල ගෙනියනව හරි කියල අපි තේරුම් ගත්තෙ ගොඩක් කල් පහුවුනාට පස්සෙයි.ඔය කරත්ත රෙපෙයාර් වැඩේට ගොඩක් වෙලාවට ගන්නෙ දොඹ ලීය හැබැයි සූරිය ලීය තියනවනං නොම්බර එකයි ඒ වුනාට සුරිය දොඹ වගේ සුලබ නෑ, ආදිබාස් උන්දැට නං දොඹගස් පෙන්නන්න බෑ දොඹ ගහක් කොහෙහරි දැක්කොත් මොන ජාතියක් දාල හරි ඒ ගහට වැඩේ දෙනව හරියට ජේමිස් කාරයට වස්සො පෙන්නන්න බෑ වගේ තමා,ජේමිසුත් එහෙමනෙ මිනිහ කරන්නෙ කරත්ත දක්කන එක, කොහෙ හරි ගෙදරක නහ විදපු අවුරුදු දෙකතුනක වස්සෙක් ඉන්නව දැක්කොත් ජේමිසාව එතනින් හොල්ලනව බොරු. මොන ආකාරයෙන් හරි බඩගාල බඩගාල වස්සව අරගෙන මිසක පස්ස බලන්නෙ නෑ,අරං ගිහිං වස්සව කරත්තෙට කර හුරුකරල කාට හරි විකුණනවා වස්සට ඔපර් එක එන්නෙ කොතනදිද එතනදීම හරක ලෙහෙල දීල කරත්තෙත් ඇදගෙන ගෙදර එනව,වතාවක් නිට්ටඹුවෙදී වස්සව විකුණල කරත්තෙත් ඇදගෙන ගෙදර ඇවිත් තිබ්බා,හැබැයි හරක අකීකරු නං කියනදේ අහන්නෙ නැත්නං ආයෙ කිසිම සමාවක් නෑ කෙලින්ම වස්සව මස්කඩේ ලෙස්ලිට විකුණල දානවා...

ඔයවගේ කරත්තෙ බැඳපු හරකව වික්ක සන්දියක මිනිහට සෑහෙන දවසක් යනතුරු වෙන වස්සෙක් හොයාගන්න බැරිවෙලා,සැන්ටිං මුදලාලිගෙ කඩේට වෙලා කම්මුලට අතත් තියාගෙන ලෝකෙම එපාවෙලා වගේ බලං ඉන්නවලු...

මොකද ඕයි සසර කළකිරිල වගේ විරෝපට්ටං ගහගෙන ඉන්නෙ...

කඩේට ආපු ආරියදාස ඇහුවා...

බලනවකො ඕයි මට ගොනෙක් නැතුව ඉන්නම බැරි හැටි...

මේ දෙබස පස්සෙ කාලෙක කඩේ ළඟ තුඩ තුඩ කියැවෙන රස කතාවක් බවට පත්වුනා,ඉතිං ආයෙම ආදිබාස්ගෙ දොඹගස් පිස්සුව ගැන කතාවට ආවොත් ඔය කාලෙම අපේ ගල්ලිඳ ගාව ඇළ අයිනෙ වෙලට නැමුන දොඹගස් දෙකතුනක් තිබුණා,ආදිබාස් මේ ගස්ටිකට පෙරේතකමෙන් හිටියට අපේ තාත්ත ආදිබාස්ට ගස් වික්කෙ නෑ එහෙම කියල ආදිබාස් ගස්වලට තිබුන කෑදරකම අත ඇරියෙත් නෑ,අපි ඔය ගස්දිගේ බඩගාල වෙළට නැමිච්ච අතු දිගේ ගිහිං වතුර පිරිච්ච වෙළට පනින සෙල්ලමක් කරමින් හිටපු දවසක ආදිබාස් නියර දිගේ අපි දිහා බල බල යනව දැක්කා හැන්දෑවෙ මිනිහ අපේ ගෙදර ආව...

ඕං රාළහාමි මං නොකිව්වයි කියන්න එපා ඔය දොඹගස් ටික හින්ද මේ ළමයි ලොකු කරදරයක් කරගන්නව...

ඒ මොකක්ද බං...

නෑ රාළහාමි මේ ළමයි කොයි වෙලාවෙත් ඔය ගස් උඩට නැගල වඳුරො වගේ වෙළට පයිනවා හොඳයි ඔය වෙලාවක අතක් පයක් එහෙමෙහෙ උනොත් එහෙම කාට කියන්ඩද...

ඒක තමයි බං මං ඉන්නෙ ඔය ගස්වල අතු ටික කාට හරි කියල පාහල දාන්න...

පිස්සුද රාළහාමි ඔන්න ඔය ගස් දෙක තුන  මුලිම්ම කපල දාන්න,මටත් ඕනෑනං කරල දාන්න බැරුවයැ...

ඔන්න ඔය වගේ සුකුරුත්තං කරලත් ආදිබාස්ට ගස්ටික ගන්න හම්බවුනේ නෑ,ඒ දවස්වලම කන්දෙහේනෙ රාළහාමිගේ කරත්තෙ රෙපෙයාර් එක කරන්න කොන්ත්‍රාත් එක ආදිබාස්ට ලැබුණා රෝදවල ගරාදි කැඩිලා බෝස් ගෙඩිය පුපුරල තිබ්බ කරත්තෙ ආදිබාස් මඩුවට අරං ආවා,වැඩේ ලස්සනට කරල දෙන්න ඕනෑ හින්ද ගිහිං බෝගහවත්තෙ ලී මඩුවෙන් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව සූරිය ලීත් අරං ඇවිත් වැඩේ බොහොම ඕනැකමින් කළා වැඩේ යද්දිං රාළහාමි දවසක් කරත්ත මඩුවට ආවා...

කොහොමද බාස් උන්නැහේ වැඩේ යනවද...

එහෙනං රාළහාමි,ඕං කාටවත් වචනයක් කියන්ඩ බැරිවෙන්ඩ වැඩේ කරල ඇති මේ ආදිරිස් බාස් එහෙමයි. මේං බලන්ඩකො සූරියත් බෝස් ගරාදිත් බෝස්...

තියන උනන්දුවට ආදිබාස්ට වචන එහෙම්පිටින්ම පැටළුනා මිනිහට කියන්න ඕනැවෙලා තිබ්බෙ බෝස් ගෙඩියත් සූරිය ගරාදිත් සූරිය කියලයි,ඔය කතාවත් අදවෙනතුරුත් අපේ ගමේ කියවෙනවා,ආයෙම දවසක් ආදිබාස් ගේ ඉස්සරහ ගහෙන් කොස් ගෙඩියක් කඩන්න කෙක්කක් මානගෙන ඉන්නකොට අබේ කඩේ ගිහිං එනිං ගමන ඔතනින් යනවලු...

ඈ මාමෙ  ඔය කොස් ගෙඩිය ඇඟට වැටෙන්නෙ නැද්ද...

කොල්ලෝ තොපි අද ඊයෙ එවුං අපි එහෙමද, ආදිකාලෙ ඉඳල අපට මේ වැඩ කරල හොඳට පුරුදුයි බං...

කියල කෙක්කෙන් දමල ඇද්ද පාර පත කොස් ගෙඩිය දඩෝං ගාල ආදිබාස්ගේ ඇඟට වැටුන,එතනම බිම දෙරිගහපු ආදිබාස් සිහිනැතිවෙන්න කලින් කියල තියෙන වචනෙත් ගමේ තාම කියවෙනවා...

කරුණාවතියේ කොස්...

කරුණාවතී කිව්වෙ ආදිබාස්ගේ ලොකු දුව පොඩිදුව සිරියාවතී  ඔන්න ඔය ගිරුවාපත්තුව පැත්තෙ ඉඳන් රෙදිමෝලෙ රස්සාවට ආපු ගුණපාල සිරියාවතීව සහේට ගත්තා, ආ ඊට කලින් වෙච්ච වැඩක් කියන්න අමතක වුනා රෙදිමෝලෙ වැඩට ආපු ගුණපාල රත්තරංගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ බෝඩින් වුනා,ඔය කාලෙ අපේ ගමේ හරියට පොල් රා තිබුණා පොල්වත්තෙ උක්කුවා සැන්ටිං මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ අතුරක් ඇදල මල් කැපුවා.උදේට හවසට ඌ රා කළගෙඩි තුන හතරක් විකුණ ගන්නවා.ගුණපාල නිවාඩු දවස්වල උදේට රා බෝතල් තුන හතරක් කාමරේට ගෙනත් තියාගෙන බොනවා,සමහර වෙලාවට අපිටත් අඬගහනව,ගිහිං බීල ආවට අපටත් එච්චර බොන්න බෑ  බඩ පිරෙනවා.ඔය කාලෙ දවසක්  මහින්දගෙ අත් ඔරලෝසුවකට තුන්ඩු ඇද්දා තුන්ඩු ඇදිල්ලෙන් පස්සෙ ලැබුණු ලාබෙන් අපි කට්ටිය රා කළයක් ගෙනත් හොඳට බිව්වා.පුරුදු නැති නිසා  ඔලුව කැරකෙන්න ගත්ත,මට එතන ඉන්න බෑ මම කෙළින්ම ගෙදර ආවා.ඇඳට ගිහිං හොඳ ළමය වගේ නිදාගෙන ඉන්න බැලුවා,මොන පිස්සුද ඔලුව පාත්කලා විතරයි බඩ කැලත්තිලා ඕක් ගාල බීපුව ඔක්කොම එළියෙ.ඊට පස්සෙ ඇතිවෙච්ච තත්වය ඉතාම සෝචනීයයි මහත්වරුනි.කියන්න අවශ්‍ය නෑ.

එහෙමයි කියල මට්ටු වුනේ නං නෑ,කොහොමින් කොහොමින් හරි ඉතාම කෙටි කලකින් හොඳ රා ගුඩ්ඩෙක් බවට පත්වුනා.අපි කට්ටිය කොච්චර හොඳ රා බොන්නන් බවට පත්වුනාද කිව්වොත් පස්සෙ කාලෙක නිළමෙගෙ රා පොලට අපි කොල්ලො ටික රා බොන්න යද්දී එතන රා බොමින් ඉන්න අප්පුහාමිල ටික ඉක් ඉක්මනට රා කටු දෙක තුන ළඟ නමාගන්නෙ අපි කට්ටිය එතන රා කළ ටික ඔක්කොම හිස් කරන බව සහසුද්දෙන්ම දන්න නිසයි.ඉතිං ඔය ආකාරයට ගුණපාලගෙනුත් හැකි හැම අවස්ථාවෙම රා බොනකොට ගුණපාල අබේට යෝජනාවක් කරල තිබුණා,ඒ මොකද්ද කිව්වොත් සමරිසි කර්තව්‍යයකට ආරාධනාවකුයි.අබේ ගුණපාලට මොකුත්ම නොකියා ඇවිත් කතාව අපිත් එක්ක කිව්වා,ගුණපාලව මෝරා කරගෙන රා බොන්න පෑදුනු හොඳම අවස්ථාවක් නිසා අබේ අපි කියපු විදියට කටයුතු කරමින් ගුණපාලට බලාපොරොත්තු තබා ගත හැකි ආකාරයට හැසිරුනා.

ඔන්න ඔය කාලෙම අපේ ගමේ ටීටර් එකක් නිෂ්පාදනය වෙමින් පැවතුනා ගමේ ඉපදිලා නාට්‍ය කලාවේ තරමක දුරක් ගිහිං ඒ වෙනකොට වෙන ගමක පදිංචි වෙලා හිටපු කලාකාරයෙක් ඔහු කලින් කරපු  නාට්‍යයක් ගමේ නළු නිළියො යොදවාගෙන නැවත නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා,හැමදාම රාත්‍රියට රොබට්ලගෙ පාලු ගෙයි පුහුණුවීම් කෙරුනා එක්කො චන්දරේලගෙ ගෙදර.රඟපාන්න වත් වෙන මොකුත් කරන්නවත් ලැබුනෙ නැතත් අපිත් නොවරදවාම රෑට පුහුණුවීම් වලට ගියා,ඔන්න ඔහොම දවසක රාත්තිරියෙ එක පාරටම දොරළඟ පෙනී හිටපු ගුණපාල අබේට යන්න කතාකළා,අබේ අපටත් සංඥාවක් කරල ගුණපාලත් එක්ක ගියා දෙන්නට යන්න ඇරපු අපි අඳුරට මුවාවෙලා උංගෙ පස්සෙන් පාරෙ යන්න වැටුණා.

දැන් දෙන්න යනව යනවා අබේ ගුණපාලව ගම හැම තැනම ගෙනියනවා නාරංවත්තෙ පිට්ටනියටත් ගෙනිච්චා,අපිත් හොරෙන් හොරෙන් පස්සෙන් යනවා අන්තිමට දෙන්න ප්‍රජාමණ්ඩලේ මඩුවට රිංග ගත්තා.වතුර පාරක් ගහන්න අබ්දුල්ලා ගිහිං ඇල්බීනු මුදලාලිගෙ ලිඳෙන් වතුර බාල්දියකුත් ඇදගෙන ආවා.අබේට වදින්නෙ නැතිවෙන්න ගහන්නත් ඕනෑ,දෙන්න එක්ක ඇතුලට ගියාම අබේ ෂේප් එකේ එළියට එන්නත් ඊට පස්සෙ වතුර පාර ගහන්නත් අපි සෙට් වෙලා හිටියෙ.ඒ උනාට වැඩේ ගැස්සුනා,අබ්දුල්ලා ප්‍රජාමණ්ඩලේ ජනේලෙ ලඟින් මාරුවෙනව ගුණපාල දැක්කා...

අන්... අන්න කවුද එනවා...

කියපු ගමන් එළියට පැනපු ගුණපාල කඟවේනා වගේ දුවන්න ගත්තා, අබ්දුල්ලා පිටිපස්සෙ ඉඳන් ගහපු වතුර පාර දුවන ගුණපාලයට හරියට වැදුනෙ නෑ,මේ වැඩේ අපිට නං හරි ජොලි අපි හු කිය කිය හිනාවුනා වැඩේ ඔය විදියට අවසාන වුණායින් පස්සෙ අපි කට්ටිය මුදලාලිගෙ කඩේ එළියෙ  ඉඳගෙන කතා කර කර ඉද්දි ගුණපාල සරමයි කමිසෙයි මාරුකරගෙන කඩේට ආවා.

හුහ් මම නං අහුවෙයි ඔව්වට මම ගඟෙන් එහා පැත්තෙ එකෙක් හරිද...

නූලෙන් බේරිලා ගිය එකා ඇවිත් පාරම් බාන්න ගත්තා,ගුණපාලයගෙ පස්සෙන් එළවපු කණ්ඩායමේ ගඟෙන් එහා පැත්තෙ නුනට ගඟ ලඟම කෙනෙකුත් හිටියා,ඒ ඩෙනිස් ඩෙනිස්ල කළුවාමෝදර. ගඟ ළඟමයි හැබැයි ගඟෙන් මෙහා පැත්තෙ,දකුණෙ නොවෙයි බස්නාහිර පළාතෙ,කතාබහ ගති සිරිත් ඔක්කොම දකුණෙ හැබැයි ඉන්නෙ බස්නාහිර පළාතෙ ඒකත් මරු වැඩේ නේද.අපි කොල්ලො කට්ටියත් එක්ක එකට සැට්වෙල හිටපු එකම වැඩිහිටියා වුනේ ඩෙනිස් ඔහු අපි කරපු හොඳ වැඩ බලු වැඩ හැම දේටම වෙනසක් නැතිව සමෝසමේ සම්මාදම්වුණේ වැඩිහිටිකමත් අමතක කරමිනුයි.

ඩෙනිස් හොඳ මළල ක්‍රීඩකයා රෙදිමෝලෙ අවුරුදු උත්සවේ මැරතන් එක ඩෙනිස් ඉන්නකං හැම අවුරුද්දෙම දිනුවා.ඔහුගෙ සමකාලීනයො වුනේ එස් එල් බී රෝසා මේජර් විමලදාස වගේ දුර දුවපු ක්‍රීඩකයනුයි.ඩෙනිස් කොහොමහරි නිකං රස්තියාදු ගහමින් හිටපු අපිවත් ක්‍රීඩාවට සම්බන්ධ කරගත්තා හැමදාම හවසට නාරංවත්තෙ පිට්ටනියට අපි කට්ටියව එක්කං ගිහිං එක්සයිස් කරන්න පටන්ගත්ත, ඔහොම ටික දවසකින් අපි සමගි ක්‍රීඩා සමාජය ආරම්භ කළා.ඊට පස්සෙ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ මට්ටමේ තරඟවලට ගියා,ඒ කාලෙ කිව්වෙ ඩී ආර් ඕ මීට් කියලයි.මළල ක්‍රීඩා තරඟ බලන්න අපිත් එක්ක කොළඹ ගියා.ඔය ආකාරයට ඩෙනිස්ගෙන් ක්‍රීඩාව ඉගෙන ගනිපු පොඩි උන් අද හොඳ ක්‍රීඩා උපදේශකයන් වෙලා ඉන්නෙ ඩෙනිස්ට පිං සිද්දවෙන්නයි.ක්‍රීඩාව කරද්දි මත්පැන් බොන්න දුම් බොන්න හොඳ නෑ කියල ඔක්කොලම ඒ වැරදි පුරුදු අත ඇරල දැම්මා,නොමඟ යමින් හිටපු කොල්ලො රැළක් හරිමගට අරගෙන ගමට රටට වැඩක් ඇති මනුස්සයො කරන්න ඩෙනිස් කලේ කවදාවත් දෙමව්පියන්ට කරන්න බැරි රාජකාරියකුයි.

හැබැයි බීපු වෙලාවට නං ඩෙනිස් වනේ,නිකං වනේ නෙවෙයි සාලවනේ.කියවන්න ගත්තම ඉවරයක් නෑ ඒ කියන්නෙත් දුවපු හැටියි රෙකෝඩ් තියපු හැටියි අර අහිංසක මනුස්සය පොඩි මහින්දලගෙ තාත්තත් එක්කයි,ඇයි ඩෙනිස් නැවතිල හිටියෙ පොඩි මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේනෙ,ඉතිං රෑට කන්න කියන්න ආපුවම පොඩි මහින්දලගෙ තාත්ත කෝච්චියට අහුවෙනව,ඒ මනුස්සය රැකෝඩ් කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද දන්නෙ නැති මිනිහ, ඉතිං පැය ගණන් කට ඇරගෙන අහගෙන ඉන්නව.මොකෝ අහරෙමයි මෙහෙමයි කියන්නයැ අපි කට්ටිය හිටියොත් නං ඉතිං ඩෙනිස්ගෙ වෙරි බහිනකල් බජව්වක් දානව ඩෙනිස් ඔහුගෙ ප්‍රියතම සිංදුවක් වෙච්ච මාතලන් චිත්‍රපටයේ උපතලබා සිංදුව කියන්න ගන්නව,කියන්නෙත් උච්චස්වරයෙන් අහළ පහළ හැමතැනටම ඇහෙන්න.සේන ඔලුව පාත් කරගෙන ඩෝලෙ ගහනව හැබැයි කවුරු හරි සිංදුව වැරැද්දුවොත් ඌ ඉවරයි.

ඔය වගේ කෙනෙක් බොහොම ප්‍රියකරන සිංදු තියෙනව,ඔන්න ආරි ඉන්නවනෙ උගෙ කැමතිම ගීතය  "පොඩි කාලෙ ඉඳ" මරල බිම දාල  හිටියත් ඔය සිංදුව ඇහුනොත් ආරියා නැගිටිනවා. දවසක්දා අපේ ගෙදර පොඩි පැදුරක් එලුවා,අපේ පුතාගෙ උපන්දිනයක් දවසකද කොහෙද සංගීත කණ්ඩායමත් මගේ යාළුවො කීපදෙනෙක් උන්ට අපේ ගෙදර එන එක ලේසියි,වෙන තැන්වලට වගේ භාණ්ඩ උස්සං යන්න ඕනැ නෑ කෙළින්ම ඇවිත් මගෙ සර්පිනාවයි තබ්ලා කුට්ටමයි සෙල්ලං කරන එකනෙ.එදා උදේ ඉඳන්ම ආරි අපේ ගෙදර වැඩට ත්‍රී වීල් එකෙන් එහෙ මෙහෙ දිව්වා උදේ බඩු ගේන්න ටවුමට ගියා අරක්කු ගේන්න බාර් එකට ගියා,තව තව වැඩවලට දිව්වා හැන්දෑවෙ කේක් එක ගේන්න ගියා පාටිය පටන් ගද්දි මූ හොඳ ඇඳුමකුත් ඇඳගෙන අපේ ගෙදර ආවා.

දෙක තුන වදිනකොට ආරි සිංදු කියන්න ගත්තා පැදුරෙ හොඳ හරිය වෙද්දී ආරිට හොඳටම වැඩිවෙලා පැදුරෙම බුදි,අපි ඒ ගමන පොඩි කාලේ ඉඳ කිව්වා සිංදුව යද්දී මැරුණ වගේ වැටිල හිටපු එකා නැගිටල නටන්න ගත්තනෙ.එදා ගත්ත පින්තූරවල ආරිය හිටපු ටික ඔක්කොම ආරි මළාට පස්සෙ මම උන්ගෙ ගෙදරට දුන්නා දැන්නං අපරාදෙ කියල හිතෙනව පින්තුර ටික විනාස කරලද දන්නෙ නෑ,මැරෙද්දිත් ගෙදර අය ආරිය එක්ක තරහෙන් හිටියෙ උගෙ අවකල්කිරියාව හින්ද ගෙදර කසිප්පු විකුණනවයි බීල රණ්ඩු වෙනවයි ළමයි ලොකුනෙ උන්ට ලැජ්ජයි,ඒ කාලෙ ලොකු කොල්ල පොලිසියට කෝල් දෙනව අරක්කු විකුණනවය අල්ලං යන්න කියල.

මේ මෑතකදි මම ලංකාවට ගියපු වෙලාවක ආරිගෙ පිංකමක් ගෙදර තිබිල මාත් සහභාගී වුණා,එදා දවල්ට අපි කට්ටිය එකතුවෙලා කෑම කද්දි මම ආරිගෙ ලොකු පුතාගෙන් ප්‍රශ්නයක් ඇහුවා,දැන් මිනිහ බැඳල දරුවෙකුත් ඉන්නව...

මොකද හිතන්නෙ දැන් තාත්ත හිටියනං හොඳයි කියල හිතෙනවද..

අවුරුදු දහයකට පස්සෙ තාත්ත වෙනුවෙන් පුතාගෙ ඇහේ කඳුළක් දිළිසෙන්නට ගත්තා.

කොච්චර මොනව කළත් හිටියනං හොඳයි කියල දැන් හිතෙනව මාමෙ...

පියෙකුගෙ අගය තේරෙන්න පියෙක් වෙන්නම ඕනෑ, ඔය ළමය ලැබෙන්න හිටියෙ අපි සිරීපාදෙ ගහන කාලෙ, දරුව හම්බවෙන්න අම්මව ඉස්පිරිතාලෙට ඇතුල් කලාට දරුව ලැබෙන්න දවස් දෙකක් තුනක් ප්‍රමාදවුනා.ආරි ඒ දවස්වල හැමදාම උදේ හවස ඉස්පිරිතාලෙට යනවා,රෑට ඇවිත් ෂොට් එකක් දාගන්න ගමන් අපිත් එක්ක දුක කියනව...

තාම ළමය හම්බවුනේ නෑනෙ බං...

අපිත් ඉතිං ආරියට විහිලු කරනවා දැන් නං පව් කියල හිතෙනව,ඔය ටික මම ආරිගෙ ලොකු පුතාට කියල දුන්නා දරුවන්ට පියෙකුගෙ අගයක් නැතිවුනාට පියෙක් දරුවන් වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද,එහෙම තමා ළමයින්ට තාත්තගෙ අගේ ඉස්සරහට වැඩි වැඩියෙන් දැනේවි. ජීවත්වෙලා ඉන්නතුරු මොන නස්කූනි වැඩ කළත් මට නං ආරිය හරිම සුන්දර මනුස්සයෙක්,ආරියගෙ වැඩ නිසා මම ඇතිපදං විනෝද වෙලා තියෙනව මිසක කවදාවත් මම ආරිව හෙළා තලා කතාකරල නෑ.

මම පහුගිය දවස්වල ගෙදර ගිහිං ඉද්දි අපි කට්ටිය රාත්තිරියෙ ලොකු මල්ලිලයි කොට්ටං ගහ යට කතා කරමින් ඉන්නකොට සුපුරුදු විදියට ආරි ගැනත් කතාව ඇදුනා,කතාව කිව්වේ වෙනුජ ආරි බැඳල හිටියෙ වෙනුජගේ ලොකු නැන්දගෙ දුව හින්ද වෙනුජ ආරිට කිව්වේ ආරි අයිය කියලයි.

දවසක්දා අවුරුදු උත්සවයක් ඉවරවෙලා අපි ගෙදර එන්න එනකොට ආරි අයිය හොඳටම බීල ඉස්සරහට එනවා...

මල්ලියෙ මට ඕනැනං අර හරකගෙ අං දෙකෙන් අල්ලල අඹරෝල පස්ස බිම අනින්න පුළුවනි කරල පෙන්නන්නද...

මාත් හා කිව්වෙ මේ යකා හරකව අල්ලගනී කියල හිතල නෙවෙයි,ඒ වුනාට පොර හරක ලඟට ගිහිං අං දෙකෙන් ඇල්ලුවා...

ශ්....ෂ්ෂ්ෂ්....ගාල මගෙ ලඟින් ආරි අයිය උඩ යනව විතරයි මං දැක්කෙ,දුවල ගිහිං බලපුවම ඔලුව පැලිල ලේ ගලනවා ඉක්මනට හුදකලාටත් කතාකරල කාරෙකේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා.දැන් ඇක්සිඩන්ට් වෝඩ් එකට දාල ඩොක්ට කෙනෙක් ආරි අයියට මැහුම් දානවා.මැහුම් දාන්නෙ මෙහෙම කිය කියා...

ඔයාල විතරයි අපි ගැන හිතන්නෙ,මේ නිවාඩු දවසෙ අපට ඕවටයිම් එකක් වත් කරගන්න ලැබෙන්නෙ ඔයාල මෙහෙම කරගන්න හින්දනෙ,ඒකම කොච්චර දෙයක්ද. නැද්ද මං අහන්නෙ...

මට හිනාව නවත්තගන්න බෑ,බොහොම අමාරුවෙන් හිනාව තදකරගෙන මැහුම් දානකන් හිටියා,මහල ඉවර වෙනකල්ම ඩොක්ට ඔය වගේ කතා කිව්වා...

ආරි දවසක්දා මට ඩිනර් එකක් දුන්න කතාවකුත් තියෙනව ඒකත් මරු කතාව හිනාවෙලා ඉළ ඇදෙනවා,දැන්නං කියන්න බැරිවෙයි මේක දැනටත් දිග වැඩියිනෙ.ආයෙම දවසක කියන්නං.

164 comments:

  1. ඇත්තටම හැලපෙ මේ මද්‍යපානය කියන එකෙන් පුදුමාකාර විදිහට පුරුෂ ධෛර්යය වර්ධනය වෙනවනේ. (බොන ඉස්තිරියාවගේ ස්ත්‍රී ධෛර්යයත් වර්ධනය වෙනවා ඇති) ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමා හරකෙකුගේ අන් දෙකෙන් අල්ලලා පස්ස බිම අන්නන්න හිතෙන්නේ.

    මගේ යාලුවෙක් එක දවසක් හොඳට බීලා හොඳට කාලා බස් එකේ ගමනක් ගියා. ටිකදුරක් ගිහින් මිනිහා ඕක්..........ගාලා දැම්මා බස් එකේ ජනේලෙන් එලියට බඩේ තිබුණු ඔක්කොම. මිනිහා හිටියේ ඉස්සරහම පේළියක. මිනිහගේ කටින් පිටවූ පරිප්පු ඇට කීපයක් පසුපසම පේලියේ ජනේලේ අයිනේ හිටිය මගියෙකුගේ උඩු රැවුලේ රැඳිලා තිබුනා.

    හැලපෙ හොඳින්ම දන්නවා ඇති ඔය කරත්ත රෝද හැදීම අපූරු කලාවක්. බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ දෙයක්. හරිම ලස්සනයි බලා ඉන්න. මට ඒ කාලේ මහා විශ්මය ගෙනදුන් දෙයක් තමයි කරත්ත රෝදයේ පට්ටම සවිකිරීම සහ ගොන්නුන්ට ලාඩම් ගැහීම.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම හැලපෙ මේ මද්‍යපානය කියන එකෙන් පුදුමාකාර විදිහට පුරුෂ ධෛර්යය වර්ධනය වෙනවනේ//

      ඔව් ඔව් විචාරක තුමා..
      ඊයේ බස් එකේදී රස සිද්දියක් උනා.. සිද්දිය උනේ ගොඩකවෙල හරියදි (ගොඩකවෙල කියන්නේ අපේ දේශකයගේ නෑ නෑ .. ප්‍රසන්නගේ ගමනේ) සම්මා දිඨ්ඨියටම ගහපු බුවෙක් (අර ඩබලද කියල බැලුවා ප්‍රසන්න නෙවයි ටිකක් වයසක පොරක්) මිනිහා ලග හිටපු ගෑනු මනුස්සයකුට හේත්තුව දාගෙන අැවිත් තියෙන්නේ කොහොම හරි ටික දුරක් යද්දී ගෑනිට ෂීට් එකක් හම්බෙලා.. දැං මිනිහා ගෑනු මනුස්සයගේ උරේට හේත්තව දාගෙයනවා.. බස් හොල්ට් එකක බස් එක නවත්තපු ගමන් මෑන් සාක්කුවට අත දාල රුපියල් දෙසීයක් අරන් මේ මනුස්සයගේ උකුලඋඩින් තියල සිං ගාල බස් එකෙන් බැස්සා.. මේ සිද්දිය බස් එකේ කීප දෙනක් දැකලා.. ගෑනු මනුස්සයට වස ලැජ්ජාව දැං අරූට බයිනව හෝ ගාල හැබැයි 200 ය බෑග් එකට දාගත්ත..

      Delete
    2. මල් හතයි නේ ඒ සිද්දිය. (පොඩි රහසක් තියනවා අහන්නද? මෑන් මං වගේ කොල්ලෙක්ද?)

      Delete
    3. උඹේ අතේ දෙසීයමද තිබ්බේ ? තව පනහක්වත් දෙන්න තිබ්බා උඹට හැබැයි :P

      Delete
    4. ඔව් ඉතිං දෙසීයක් ඇති.. මොකෝ ගෑණු කෙනා ගැජමැටික් එක කරේ තියං හිටියට මහ බරක්‍යෑ.. ඕන්නං උපරිම ග්‍රෑම් 250ක් ඇති..

      ඒ උනාට විදානෙයො ආයෙ ඔහොම වැඩ කරන එපා.. බහින්න යද්දි බස් එක ඇද්දොත් එහෙම උඹට පෝරියල් තමා.. ස්තුතියි කියපං ඒ ඇති .හැක්

      Delete
    5. යකෝ බොලා ඊයෙ ගොඩකවෙල බැස්සද?

      Delete
    6. @ විචාරක..
      ඔව් ඔව් කොල්ලක් කොල්ලක් , ඔබ තුමාගේ වගේ මූනෙයි කොන්ඩෙයි පාට සමානයි. බඩ පොඩ්ඩක් අඩුයි සරම තමයි අැඳන් හිටියේ.. (අයියා කෙනක්වද්ද සැකයි..)

      @ ඉවාන්, හපොයි මං බස්එකේ මගියක් විතරයි.. කථාවක් හදන්න බලාගනමයි ඉන්නේ හැක්..

      @ හරි හරි පත්තරේ උඹේ උපදෙස් පිළි පදින්නං..බහින්න කලින් බෙල් එක ගහන්නං..

      @ ප්‍රසන්න, ගොඩකවෙල බහින්න තමයි හිතං හිටියේ එ්ත් ප්‍රසන්න අයියා කරපු අර වැඩේ හින්ද ලැජ්ජාවට බැස්සෙ නෑ...

      Delete
    7. දැන් ප්‍රසන්න අයියගෙ සාක්කුවෙද? විදානෙගෙ සාක්කුවෙද? රුපියල් 200ක් අඩු උනේ.

      Delete
    8. දේශකයගේ නෑ නෑ ප්‍රසන්න අයියගේ

      Delete
    9. ඇත්තටම විචාරක තුමා මද්‍යපාන වලින් පුරුෂ ධෛර්යය ඉතාම ඉහළ යනවා පමණක් නොවෙයි පුරුෂ ශක්තිය පවා ඉහළ යනවා.ආරි ඒකෙ ප්‍රතිපල ඇස් පනාපිටම බුක්ති වින්දා.

      Delete
    10. විදානේ,බොලා හෙට යන්න තියෙන එක අදම ගිහිං ගොඩකවෙල පදිංචි වෙනවද.ප්‍රසන්නය ඉවරයි.

      Delete
    11. පත්තරේ,ගැජමැටික් එක කිරල බැලුවද බං ගානටම බර කිව්වේ.

      Delete
    12. ඉවාන් උගෙ අතේ 200 මයි තිබිල තියෙන්නෙ පව් බං.

      Delete
    13. ප්‍රියා ප්‍රසන්න මුන් ටිකට සැපට සලකන්නයි හදන්නෙ පේනව නේද.

      Delete
    14. විශ්මය ගෙනදුන්න විතරක් නෙවෙයි රිදෙන්නත් ඇති.

      Delete
  2. මෙච්චර ආතල් ගොඩක් එක පාරට දෙන්න එපා. හෙමීට හෙමීට දියන්. පැදුරු පටි නම් මගෙත් ප්‍රියතම. ඔය එක එකාට කැමති සින්දු ලියන්නේ. උඹ කැමති මොකටද කියලත් පොඩ්ඩක් කියහන්කෝ. ඔය විමලදාස කියන්නේ ඔලිම්පික් ගියපු සහාය දිවීමේ කන්ඩායමේ එකෙක් නේද. උන්ගෙන් එකෙක් නම් ඇස් බීන් ගාවට හේත්තුවෙලා ලංකාවේ මළල ක්‍රීඩාව අනුභව කරනවා. ඔය විමලෙ අයියා බැඳලා උන්නේ කැළණියෙන්. කරුණානායක මුදලාලිගේ ලොකු දුව.

    ඔය ගමම තමයි අපෙත් තිබුනෙ. ඇල්බියන් මුදලාලි අපේ ගමෙත් උන්නා. ආරියත් හිටියා. හැබයි අපේ එකා සුනන්ද. එක පාරක් කව්දෝ එකෙක් ඌගේ කඩුව 52 පාරක් චෙක් කරලා තිබුනා සුනන්දයගෙ ජොයින්ට් වල. ඒත් අවුරුද්දකර විතර පස්සෙ ආයෙත් බඩු ආවා ගමට.

    ReplyDelete
    Replies
    1. නැත්තම් මේක මාතලන්නුත් කන්ට්‍රි මියුසික් වලට කැමති නිසා බලන්න හොටෙල් කැලිෆෝනියා සිංහල වර්ෂන්

      Delete
    2. ඉවානයෝ තෝ හැලපයියාගෙන අහගන්න යන්නේ මව් ගුණ ගායනා...

      පට්ට සෙට් එකක් මචෝ... ටැන්කූ ඈ

      Delete
    3. මරු ලින්ක් දෙක ඉවාන්

      Delete
    4. සින්දු දෙක ලිව්වේ උබයි කියලා විශ්වාස කරන්නත් බැරි තරමට හොඳට තියෙනවා ඉවානයෝ

      Delete
    5. හොටෙල් කැලිෆෝනියා සිංහල වර්ෂන් එකක් ඉස්සෙල්ලාම කරා වික්ටර් රත්නායකගේ පුතා ලෙළුම්. මීට අවුරුදු 10-15 කලින්. ඒක රේඩියෝ එකෙත් ගියා කියලා මතකයි. ඒක හොයාගන්න පුළුවන් කෙනෙක් හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එකක් දාන්න ප්ලීස්.

      Delete
    6. ලියාගෙන ගියා එක දිගට ලියවුනා බං නවත්තන්න හිතුනෙ නෑ.ඩබ්.විමලදාස 1974 ටෙහෙරාන් ආසියා මීට් එකේ ගෝල්ඩ් 2 ක් ගත්තා,400 සහ 4x400 ඔලිම්පික් ගියෙ ඊට පස්සෙයි.

      Delete
    7. ඈ ඉවානයෝ,උඹ මාව බුට් කාරයෙක් ගානටම දැම්ම නේද යකෝ.

      Delete
    8. අමතක වුනු කාරනයක්...රෝසාගේ සොහොයුරා ඕමානයේ බොහෝ කාලයක් සේවය කලා.

      Delete
    9. අරූ ඒක මට අලුත්ම ආරංචියක් මචං.

      Delete
    10. http://www.sundaytimes.lk/130203/sports/former-track-star-wimaladasa-laments-lack-of-athletics-progress-31354.html

      Delete
    11. ඉවාන් පවුලූශා හැදුන විදිහ මෙන්න බන්දුල නානායක්කාරවසම්ගේම හඩින් ....(time 10.55 ඉඳල බලන්න )

      https://www.youtube.com/watch?v=E_PpDCwRtw0

      Delete
  3. ඔර්මජිනල් හැලප ස්ටයිල් අදනම් , මම බයවුණේ මුලින්ම ආදී බාසව පැත්තක තියලා ජේමිසාගේ හරක් වෙළඳාම ගැන කියයි කියලා , ආපහු ට්‍රැක් එකට වැටුනා හොඳ වෙලාවට .
    අබ්දුල්ලා පේන්න ගියේ නැත්තං තව රස කතාවක් අහගන්න තිබ්බා

    ReplyDelete
    Replies
    1. හැලප ස්ටයිල් තියනවනං එච්චරයි,හැමදාම නෝක්කාඩුව ඔය ඉස්ටයිල් එක නෑ කියලනෙ.

      Delete
  4. ආදිබාස් නිසා තව පොඩ්ඩෙන් දොඹගස් දිගේ බඩගාල වෙලට පනිනත් නැති වෙනව නේද ?

    ආරි ගැන කියෙව්වහම නම් පව් කියලත් හිතෙනවා. ඩිනර් එකේ කතාවත් ඊලඟ පෝස්ට් එකේදි කියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. පස්සෙ කාලෙක අපේ කරත්තෙ රෙපෙයාර් එකට දැම්මම ආදිබාස් දොඹ ගස් වලට වැඩේ දුන්න තුශානි.ආරි ගැන ආයෙම ලියද්දි ඩිනර් එක ගැන ලියන්නං.

      Delete
  5. ඔය කරත්ත රෝද හැදිල්ල හෙන අමාරු රස්සාවක්.... බයිසිකල් රෝදෙක බකල අරිනවා වගේ කරකව කරකව තමා රවුම හරියට ගන්නේ . එයිට හපන් ඕකට පට්ටම ගහන විදිය. ඒ ගැනත් ලිව්වනං හොදා. අර ලෙස්ලිව මැරුවා නේද ජේවිපී කාලේ.
    අද නං ඔර්ජිනල් හැලපස්ටයිල් ඈ. එහෙනං ඩිනර් කතාව එනකං ඉන්නං බලාන...

    ReplyDelete
    Replies
    1. මං මේ නිකං කියන්නේ..
      හොදට රත්උන පට්ටම අස්සට අරකදාලා වතුර එකක් ගහනවා නේ.. බලං ඉන්න අාසයි..

      Delete
    2. කරත්ත රෝද හදන්න හැම වඩ්ඩටම බෑ නලින් ඒකත් කලාවක්.ලෙස්ලිව මැරුවද,මටනං හොදිසියක් නෑ ඊට පස්සෙ කාලෙක මස් කඩේදී දැක්ක වගේ මතකයි.හොයල බලන්න.

      Delete
    3. ඈ විදානේ මොකද බං නිකං කියන්නෙ,වැඩේ කෙරෙන නියම ක්‍රමය ඒක තමා.

      Delete
  6. උබේ memory chipඑක කොච්චර විතර ලොකුද මට ඉරිසියාත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඇළපාතය මේ අහන්නෙ මැමරි චිප් එක ගැන නේද,මට එක පාරටම වෙන දෙයක් මතක් වුනේ.

      Delete
  7. ඕං හැලපයියේ අද ඔරිජිනල් හැලප ස්ටයිල් ආතල් කෝටියයි ඈ .. අපි රා ගේන්නේ රුපියල් පහේ ෂොපින් බෑග් දෙකක් එකට දාල එව්වට.

    වීදුරු බෝතල් කියල කීයක් හොයන්නද ..මැන්නේ අර අත සෝදන ප්ලාස්ටික් බෝල් එකකින්..ඒකෙන් එකක් හරියටම බෝතලයයි.. රා වෙරිය අමුතු කොමිටෙල් වෙරියක් නේ බං?? :D පිස්සු කෙලින්නමයි හිතෙන්නෙ ඒකට.. හැක්. මම නං හෙන ආසයි.මෙදා පාරත් ඇවිත් රා ඩිංගක් බීවා .

    ReplyDelete
    Replies
    1. මංඤා්ඤොක්යයි ලුණු කැටයයි තිබුණ නේද මචෝ

      Delete
    2. හැක්..ඔය කියන්නේ..මංඥොක්කයි ලුණු කැටේකුයි රතුලූණු ගෙඩියයි නලින් අයියේ..ජීවිතේ විඳිනවා කියලා දැනුනා .. !!!

      Delete
    3. අද පෝයදා කැලේ වදින්න හිතෙන කථා කියන්න එපා පත්තරේ...

      Delete
    4. පත්තර මලයට පෝය නෑනේ ඉතාලියට...

      Delete
    5. පෝයත් නෑ රාත් නෑ බං නලින් අයියෙ.මේවත් රටවල්ද අම්මපා :D

      විදානෙයො..කිතුලක් මැදගනිංකො හීනියට.හැමදාම බිව්වහැකිනෙ

      Delete
    6. පෝය නැති නිසා උඹට සිල් ගන්නඩත් නෑ නේද පත්තරේ. ……

      ආ වැරදිලා සිල් නෙමේ. සීල් සීල්. අර අරවා. සීල් අරක්කු. ;)

      Delete
    7. කොටයක් නං තියනවා ..අඩියෙම ඩිංගක්. ගෑවෙන්ඩ වගේ ඇති.. ඕං බලපං ඉතුරු කිරීමේ වටිනාකොම ප්රියෝ.. මේ අරක්කු වාගෙ ජාති බැංකු වල දාන්ඩ බැරිවෙයිද ෆික්ස් ඩිපොසිට් වගේ ඈ ???

      Delete
    8. බොට ඕනෑම නං චූට්ටක් දෙන්න පුළුවනි,මං ඉතිං ඔව්වට නෑනෙ උපාසකය වගේ.

      Delete
    9. ඔන්න පත්තරේ මටත් මතක් වෙනව බං ඔය ලොකු අත හෝදන ප්ලාස්ටික් කෝප්ප වලින් මැනල දුන්න හැටි.හැබෑටම ඒකෙන් එකක් ගසල දාල ලුණු කැටෙකුත් කටේ දාගත්තානං කොහොමද සොමිය.

      Delete
  8. හැලප මචෝ.... උඹ පෝස්ට් 10 ක් විතර දාන කතා අද දාල.....රස සාගරයක්......
    හැබැයි උඹ ආරිගෙ පුතා එක්ක දොඩපු ටික කියවද්දි ඇස් දෙක මෙව්ව උනත් ........පසුව තිබ්බ රස කතා නිසා මැකිල ගියා....
    එක හුස්මට සේරම ලියන්න එපා බොල ....
    අද පෝස්ට් එක පුදුම kick එකකින් ලියල...... මොකක්ද රහස....හෙක්....හෙක්.....

    ReplyDelete
    Replies
    1. වත්තෙං පොල් එනවා පොල්ලෙන් තෙල් එනවා රහස ඒකයි.

      Delete
    2. පෝස්ට් දහය නෙමේ සීයක් ගියත් උඹලා රසයි කියනවනං එච්චරයි ඕනෑ.නෑ මචං ටිකක් වැඩියෙන් ලියවුනා.පරණ කතා මතක් වුනාම දිගටම ලියවෙනවනේ.රහස ඒකයි.

      Delete
  9. අර විදිහට මාතෘකාව දාපු එක හොඳයි.. කොයි කතාව ගැන ලියන්නද කියල හිතාගන්න බැරි තරං මාව කරකවල අතෑරලා බං.. හැබැයි ඉතිං ගුණපාලගෙ කල්කිරියාවට අර විදිහට උදව් කිරීම නං මතු ආත්ම වලදි පල දෙන කරුමයක්..

    ReplyDelete
    Replies
    1. පිටිං ගමට ආපු එකානෙ උදව් නොකර කොහොමද සරත්.හැම එකම කවර් වෙන්න මාතෘකාව දැම්ම කෝකටත් හොඳයිනෙ.

      Delete
  10. අද එක්ස්ප්‍රස් කෝච්චිය වගේ ගිහින්... හි හි... ලංකාවෙ එක්ස්ප්‍රස් නෙවෙයි ඈ.. මෙහෙ ඒවා ස්ටේෂන් එකක් මඟෑරලා අනිත් එකේ නවත්තන්නෙ... එක ස්ටේෂන් එකක ඉඳලා අනිත් එකට කිලෝමීටරයක්වත් නෑ නේ... හි හි

    ඔය වයසෙදි දෙමවුපියො කියන දේ වලට වඩා පිට අය කියන දේවල් අහනවනෙ නේද.. ඩෙනිස් වගේ මොකක් හරි වැඩකට ඇති මනුස්සයෙක් සෙට් වෙච්ච හින්ද හොදයි.. නැත්තං ඉතිං තාම රා ගුඩ්ඩො තමයි...

    ආරියගෙ බීමයි, කොල්ලා පොලිසියට කෝල් කරනවයි කියල කිව්වට පස්සෙ හිතාගන්න පුළුවන් මෑන්ගෙ කෙරුවාව... පිට අයට කෙසේ වෙතත් ගෙදර මිනිස්සුන්ටනෙ ඒකෙ අමාරුව තේරෙන්නෙ.. පස්සෙ කාලෙක මොනා කිව්වත් මට නං ඒ කොලුවා හරි.... ( හි හි.. )

    ReplyDelete
    Replies
    1. මේ එක්ස්ප්‍රස් යුරෝ ස්ටාර් හිරූ.
      ඔයාලට ඉතිං බීමට විරුද්ධව යන සහ කතාකරන හැම කෙනෙක්ම හරිනෙ.ඩෙනිස් ගැනත් තව ටිකක් ලියන්න ඕනෑ අප්පා ඔහු අපේ ජීවිතවලට ලොකු බලපෑමක් කරපු කෙනෙක්.

      Delete
  11. එක හුස්මට කියවලා ඉවර කරා. කාථාව මැවිලා පෙනේනඞ ලියා තියනවා.
    පට්ටයි සුපිරියි

    ReplyDelete
  12. අර ටෑර් පදින සීන් එක නං ඉස්තරම්.. තව බයිසිකල් රිම් එකකුත් කෝටුවකින් පද්දං ගියා.. එ්ක තාර පාරේ යනකොට එන සද්දේ තාමත් අැහෙනවා වගේ....

    අනේ ඉතින් පෝයදා උදේ පාන්දරම රා මතක් කළා නොවැ.. පංසලට ගියත් සීල් බෝතලකින් ටිකක් දාගත හැකි - එ්ත් රා නං නෑ ගොයියාේ .. කැලෑබද එවුනුනත් මිහිදු හාන්දුරුවෝ වඩයි කියල කිතුල බඩගාන්නෑ අද පෝදා...

    ReplyDelete
    Replies
    1. අමතක උනා


      ජය වේවා!!!

      Delete
    2. උඹට රා බඩගින්නක් ආවද :D අර බෝතල් රා නං තියනවා බං..චැක් .. ඊට හොඳයි හැබැයි කෙලින්ම ඩිස්ප්‍රීන් පෙත්තක් දියකරං බොනවා..

      Delete
    3. ඉකේයියා.. මුකුත් නැති දවසක එ්වත් ගැහුවා චැහ් මෙලෝ රහක් නෑ...

      Delete
    4. කෝක් වලට ඩිස්ප්‍රීන් කළවම් කරලා ගැහුවමත් වදිනවද බං?? :)

      Delete
    5. බීලා බලපන්කෝ..

      Delete
    6. හිනාවෙලා පණ ගියා බොල.. :D

      Delete
    7. ඒ කාලෙ ටැර් එකක් අයිතිකරගන්නවා කියන්නෙ ඉතිං අපිට වාහනයක් ගත්ත වගේ තමා.

      Delete
  13. රස සාගරක් නේ.ඔය ටයර් පැදිල්ලත් මරු.ටයර් එක ඇතුලට ලි කොටු දෙකක් දාල වතුරත් දාල ලිස්සල යන්න කොටු දෙකෙන් තල්ලුකරන් යන එක මරු.කොටු දෙක තද කලාම බ්‍රෙක්.

    ReplyDelete
    Replies
    1. උඹේ ඔය කතන්දරේ මටත් මතක් උනා. ඒ ගැන ලිව්වා නම් මෙතන මම තව පෝස්ට් එකක් දැම්මා වෙනවා..... ඒ නිසා නවත්තලා දැම්මා...

      Delete
    2. මටත් තිබුනා බං ටයර් එකකුයි රිම් එකකුයි දෙකක්.. බයිශිකල් රිම් එක කෝට්ටකින් තල්ලු කරං රූං ගාල යන එක ආතල්ම් වැඩේ.. දැං කියලත් වෙනසක් නෑ බං රිම් එකක් නැතුවට යන්නෙ රිම් එකෙන් තමා .හැක්

      Delete
    3. වද මල් ටිකක් එක්ක දලු ටිකක් දාලා පොල්ලෙන්ම තලල වතුර ටිකක් දාලා ගත්තහම පංකාදු පහයි

      Delete
    4. ඇයි දමිත් සමහර වෙලාවට ටයර් එක ඇතුළට කාවහරි දෙකට නමල දාල පල්ලමේ තල්ලු කළා නොවැ.

      Delete
    5. මොකද්ද අටං ඒ සෙල්ලම වතුර විසිවෙවී ටයර් තල්ලු කරන සීන් එකක්ද.

      Delete
    6. ගාන්ට ලිස්සල යනවා

      Delete
    7. මගේ ගාවත් තිබ්බ සිරා ටයර් එකක්.. බයික් එකක . රාජකීය සම්පත ඒක තමයි... ඉස්සර හොඳ ටයර් එකක් නැති එකාව ගනං ගන්නේ නෑ.. හෙහ් හෙහ් .. පව් බන් සමහර උන් ආසාවට වටයක් යන්න ටයර් එක ඉල්ලපු හැටි තාම මතකයි..

      Delete
    8. ඇත්තට හරියට දැන් වාහනයක් පාවිච්චි කරනව වගේ නේද පැතුම්.දැන් කොල්ලොන්ට ඔය කතා කිව්වොත් හිනාවෙයි.

      Delete
  14. හප්පේ... මාර ලිවිල්ක් නෙ... හැබැයි කියවන්න ආසයි එපා වෙන්නෙ නෑ...
    සිංහබාහු එකෙත් තියනව නේද...

    පුතු සෙනේ පිතු හද තුලම මිස
    නැත පුතුන් හද තුල රදන්නේ
    ඇට තුලට වැද ඇට මිදුළු මත
    රදා සිට දුක් දෙයි නිබන්දා...

    ReplyDelete
    Replies
    1. ගල් ලෙන බිඳලා
      ලෙන් දොර ඇරලා
      සිංහබා සිංහබා ආ ආ සිංහබා

      Delete
    2. අැයි සුදු දුවණිය නුඔවත් නාෙසිටියේ..
      සොහෝයුරානං ඔල මොල ගති අැති.. නුඔ මෙන් මුදු නැති...

      කියල තමයි සිංහයා තම පුත්‍රයාට සෙනෙහස දැක්වූයේ...

      Delete
    3. ස්තූතියි මහේෂ්.හැබැයි එකක් තියෙනව පුතු සෙනේ පිය හද තුල නැත්නං වෙන කොහෙද තියෙන්නෙ.

      Delete
  15. අරු අයියගේ පොස්ට් එක කියවලා හලපයිය්යගේ පොස්ට් එක කිවම්න්න ආවේ දෙකම කියවලා ඉවරවෙනකොට කාම පය කන්නේ නැතුවම ගෙවිලා ....... එත් බඩනම් පිරිලා පොස්ටෙකේ රසට ....... ඩිනර් එකේ කතාවත් කොම හරි දාන්ට ඈ ..... ඉඳගෙන .....

    ReplyDelete
    Replies
    1. අදත් දවසම වැඩක් කරලා නෑ වගේ

      Delete
    2. "කාම පය" කියන්නේ මොකක්ද බං , උඹලට ඒවත් කරන්න දෙනවද ඔෆිස් එක ඇතුලේ

      Delete
    3. හුකෑස් , මූ වැඩ කරන්නේ කාම පැයේ විතරයි .. පැයක් වැඩි නැද්ද බං.. පැය කාලක් ඇති හොඳටෝම..

      Delete
    4. යකෝ මොකක්ද බං ඔය ඔෆිස් එක.

      Delete
    5. මම හෙටම අස් වෙනවා බොලවු. අස් වෙලා 'කාම පැය' දෙන තැනක වැඩට යනවා. ආයෙම පඩි නැතත් කමක් නෑ. :)

      Delete
    6. රාළේ ඔන්න බලපංකො උඹ කරන වැඩ,ඔන්න එක මගුලක් කියල දැන් ඔක්කොම ඔය ඔෆිස් එකට එන්න දඟලනවා බං.

      Delete
    7. හැලපයිය කරන වැඩ බලපන් මම ලියපු කෑම පය මෙතන කාම පය කියලා පොරසිද්ද කරලනේ
      ඔය කාම පැය නිකන්ම නිකන් අංජබජල් එවුන්ට ගන්න බෑ බොලව් .... චීන කෙල්ලෝ වැඩකරන ඔපිසියක හදට වැඩට අනංගයා වගේ ඉන්න ඕනා

      Delete
    8. //කාම පය කන්නේ නැතුවම ගෙවිලා//

      ඇයි මට මේක දකිද්දි හිකි හිකි ගාල හිනා යන්නෙ ??? :o

      Delete
  16. අපේ පැත්තෙත් අඩි සීයක් විතර උස කොස් ගහක් තියෙනවා. ආදිබාස් ව සෙට් කරගත්තා නම් කොස් කඩාගන්න තිබුණා... කරුණාවතියේ කොස්..............................

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන්,ටොප් එකට කඩල දෙයි.

      Delete
  17. ඊට පස්සෙ ආදි බාස් යහතිං හිටියද කොස් ගෙඩිය පතබෑවිලා.
    තාත්ත කෙනෙක් ඉන්නකොට කොච්චර එපා උනත් නැතිඋනාට පස්සෙ ඒකෙ අගේ හොඳට දැනෙනව.

    ReplyDelete
    Replies
    1. තාත්ත කෙනෙක් ඉද්දි තාත්තට තියෙන ආදරේ පෙනෙන්නෙත් නෑ තාත්තගෙ ආදරේ පේන්නෙත් නෑ.නමුත් නැතුවම ඒ අඩුව හොඳට කැපිල පේනවා.

      Delete
  18. හැලපේ.....තුන්ඩු අදිනවා කියන්නේ මොකක්ද?
    මචං මම වාද්දුව, මහවැව හොඳට ආගිය තැන් දෙකක්. රා විමානයන්. දවසක් වාද්දුවේන් මායි තව එකෙකුයි රා ගහලා හැන්දෑවේ කටකපලා සෙනග ඉන්න ප්‍රයිවට් බස් එකක නැග්ගා කොළඹ එන්න. අරූ වමනේ දැම්මානේ බන් බස් එක ඇතුලේ. ගන්දස්සාරේ බැහැ. මිනිස්සු බනිනවා..කොන්දා නොගහපු එක විතරයි. මිනිස්සු කෑගහනවා බස් එක නවත්තන්න කියලා. වමනේ ගෑවිච්ච එවුන් ගහන්න හදනවා. බස් එක නැවැත්තුවා. මම අරූවත් අතින් අල්ලන් පැන්නා බස් එකෙන්...කොන්දාව බිම වැටුනා. අරූට දුවගන්නත් බැහැ. පිංවත්ත හරියේ. ගුටි නොකා ශේප් වුනා. අරූ කිව්වේ මගෙත් එක්ක හිටිය අනිත් එකා කියලා හිතපන්. මට වුනා නියම කබරයා සීන් එකක් ෆිල්ම් හෝල් එකක. පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මට මතක් වෙනවා මීට අවුරුදු පහකට කලින්.. හරියටම පොසොන් පොය දවස.. එ් කියන්නේ 2009 පොසොන් එක.. එ් කාලේ මං හිටියේ ත්‍රීකුණාමලේ.. යුද්දේ අවසන් වෙලා තිබුනේ. හැබැයි අාරක්ෂාව තරකරලා. පෝය දා දවල් වෙනකොට පව්කාර සිතක් පහල උනේ "තල් රා" ටිකක් බොන්න කියලා.. දන්න කියන සිංහල මිනිස්සු දෙතුන් දෙනක්ටම ලයින් කරල බැලුවා හරිගියේ නෑ "අද පොය දා බිස්නස් කරන්නෑ මහත්තයා" කියල තමයි උත්තරේ හම්බුනේ.. හැබැයි එකකේ පොඩි ඔත්තුවක් දුන්නා එහා පැත්තෙ ලයිමේ අැති.. ඉන්නෙනං දෙමල මිනිස්සු ටිකක් කියල.. දන්න දෙමල ත්‍රීවීල් කාරයකුත් හොයල දුන්නා.. දැං මිනිහත් එක්ක යනවා ලයිං ගාවට. අන්තිමට ගියපු වාහනේ මග නවත්තලා දෙන්නෙක් විතරක් එක්ක මිනිහා ගියා ලයිමට.. පැයකට විතර පස්සේ අපේ උන්දෙන්නා එනවා බූලි දෙකකුත් කර තියාගෙන.. තම්බපු මඤ්ඥොක්කා පාර්සලේකුත් බැදගෙන.. (යැව්වට මොකද උං දකිනකං පන බයේ හිටියේ) යන්තං බඩු ටිකත් දාගෙන එනකොට චෙක් පොයින්ට් වල වාහනේ නතර කරපි.. ඉතිං අපි මේ පාර මනින කට්ටිය.. පොය දා නිකං අැවිදින්න අාවා කියල යන්තං ගැලවිලා අාවා..
      කොහොම හරි උදේ 10ට විතර පටන්ගත "තල් රා සෙවීමේ මෙහයුම" හවස 2ට විතර අන්න එ් විදියට සර්ථක කරගත්තා...

      Delete
    3. මෙතන මචං මම කියපු විදියට තුන්ඩු ඇද්දේ වික්ක ටිකට් වල ඉතුරු කෑලි ටික එක කලයකට දාල ඒ ගානටම කපපු හිස්කොළ කෑලි ටිකක් අනික් කලේට දාල එක දිනුම් කොලෙකුත් දාල දෙපැත්තෙන් එක එක තුණ්ඩුව එළියට ගන්නවා.

      Delete
    4. විදානේ රා ගෙනාවට ප්‍රශ්නයක් නෑ බං උන් එව්වා ගණන් ගන්නෙ නෑ,සැරයක් අපි ට්‍රින්කෝ ගියා සාම ගිවිසුම වෙලේ.රා පොලේ හමුදාවෙන් පිරිලා මාර ගේමක් දීල තල් රා ටිකක් බිව්වෙ.

      Delete
    5. මම ට්‍රින්කො වැඩකරන කාලේ ආව සෙට් එකක් කොළඹ ඉඳන්.. උදේ නැගිටින කොටම මුන් දැක්කා ඉස්සරහ ගහෙන් තල් රා බානවා. මුන්ගෙ වදේට මම මුට්ටියක් අරගෙන දුන්නා 'හැබැයි පුතෝ පුරුදු නැතිනම් වැඩිපුර බොන්න එපා' කියලා. මොන. ! මුන් ගසල ඇරියනේ පාන්දරම. කොළඹ එනකම්ම මල්ලිලාට ට්‍රාස්.. පට්..පට්...පට්.
      හර්ෂ

      Delete
  19. "ආදි බාස්" කට් එකම තියන ලාඩන් ව මතක් වුනා හැලපේ. බුවත් කලේ ඔය ජොබ් එකම තමා.කට්ට කලුයි මිටියි මහතයි.
    බුවාගේ වැඩ නීට්.මෑන් බැහැලා වැඩ කරන කොට කොල්ලෝ අත්පුඩි ගහලා ලාඩන් කියලා කෑගහනවා. දුමට මල.කවුරු ළඟ හිටියත් කුණු හරප කම්මුතුයි.මල උපරිමනං කහපොට ගහපු සරම උස්සලා පුක පෙන්නවා මේං තොපේ ලාඩන් කියලා.එක යුගයක සුන්දර චරිත.

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියෙ රස්සාව කරන අය එකම විදිය වෙන්න ඇති නේද.හරිම සුන්දර මිනිස්සු.

      Delete
  20. ශැක් විතරක් අබ්දුල්ලා වැඩේ දෙල් කරලා වළදලානෙ. ගුණපාලයා පණ කඩන් දුවපු හැටි මැවිලා පෙනුනා. :D

    හැලප අයියා පෝස්ට් හත අටක ලියන්න පුළුවන් සීන් එක පෝස්ට් එකෙන්ම දීලා අදිනවා.

    ReplyDelete
    Replies
    1. අබ්දුල්ලගේ තිබුන හදිස්සියට වැඩේ සවුත්තු වුනා.ඔව් ප්‍රියා අද ටිකක් වැඩිපුර ලියවුනා.ගානක් නෑ අනික් පෝස්ට් එකෙන් වැඩි හරිය කපාගන්න බැරුවයැ

      Delete
  21. දැන් නම් කරත්ත තියෙන්නේ ඩෙකරේසන් වලට විතරයි නේද? ආ ඇයි සුද්දොත් අරන් යනවා මම හිතන්නේ.

    අර දෙමාපියන්ගේ ළමයින්ගේ ප්‍රශ්නේ නම් මටත් හිතෙන්නේ හැබෑවටම සමාජයට හොඳ මිනිස්සු ගෙදරට නරක වෙන්න පුළුවන්. ගෙදර මිනිස්සු මිසක් පිට මිනිස්සු නෙමෙයිනේ ඒ අපහසුතාවලට ලක්වෙන්නේ. ඒක හින්දා ආරිගේ ළමයින්ට දොස් කියන්න අපිට බෑ නේද? ඒත් කෙනෙක් මියගියාම කොහොමත් වැඩියම අඩුව දැනෙන්නේ ඒ පවුලේ අයටමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රවාහනයට කරත්ත යොදාගන්නවා මෑතකදි මම දැකලම නෑ රංගි.ඉන්නකොට මොන තරං දොස් කිව්වත් බැන්නත් මැරුනහම ඒ අඩුව හොඳටම තේරෙනවා.

      Delete
    2. ඕ යේස්..දැං කරත්ත නෑ නොවැ.නැත්තං මට ඉතාලි එන්න ඕන් නෑ අපේ තාත්තට කරත්තයක් අරං මාව ඒකට බඳින්න තිබ්බා ..

      Delete
    3. ඈ පත්තරේ, උඹව කරත්තේ බැඳලා නේද ඉන්නේ?

      සීගිරිය දඹුල්ල පැත්තේ ටුවරිස්ම් වල කරත්තය මූලික අංගයක් හැලපේ.

      Delete
    4. මාදින්නාගොඩ පැත්තේනම් ආයෙත් දර කරත්ත රස්සාව පටන් අරන්....ආශ්චර්ය නිසාවෙන්ද කොහෙද...ගෑස් වලට වඩා ලාබ ඇති සමහර විට...ගොන් කරත්තෙකුයි අත් කරත්තකාරෙයකුයි දෙන්නෙක්ම දැක්කා මං...

      Delete
    5. ඇත්තට මේ තරම් හරක් ඉන්න රටේ දැන් ගොන් කරත්ත භාවිතාව මේ තරම් අඩු වෙලා තියෙන එකත් පුදුමයි නේද..?

      Delete
    6. බූරු බබා අක්කා.. හරි නේන්නං.කරත්‍තෙ බැඳලා නෙවැ.. :D

      Delete
  22. කරත්ත රෝද වලට සුරිය,දොඹ ම ගන්නේ ඇයි.ඒ ලි වල තියෙන වෙනස මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ වෙන ලී වලට වඩා ඒවයේ තියෙන නැමෙන සුලු ගුණය නිසා වෙන්න ඇති.ගමේ බාසාවෙන් තෙපුල් දෙනව කියන්නෙ.

      Delete
  23. ඔය හරක්ට ලාඩම් ගහන ඒකනම් දැකලා තියනවා. ගේ ළඟ වින්කලේට අරගෙන එනවා හරක් ලාඩම් ගහන්න හැබැයි රෝද හදනවා දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. ගේ ළඟ වින්කලේද කම්මලේ ද නාඩියෝ.රෝද හැදිල්ල නං දැන් නොකෙරෙන තරං.බොහොම කලාතුරකින් තැනක ඇති.

      Delete
    2. මචංස්ලා....දැන් හරක්ට ලාඩම් ගහන්නේ අරලිය ගහ මන්දිරේ. කරත්ත රෝදේට ඔක්කොම දේවල් කරන්නෙත් ආදිබාස් නෙමේ මරා බාස්. මතකද දිනේශ්ගේ පාටියේ සලකුණ..ඌටවත් මතක නැතුව ඇති. ෆිලිප්ගෙන් තමයි අහන්න වෙන්නේ.

      Delete
    3. කම්මලේ කම්මලේ.... අරලිය ගහ මන්දිරේ ඉතිං බූරුවෝ හරක් ඔක්කොටම ලාඩම් ගහනවා කියන්නේ

      Delete
  24. හැලපේ අයියත් බලාගෙන යද්දී අත්දැකීම් පරණ මතකයන්ගෙන් පිරිලි ඉතිරිලා ගිය මනුස්සයෙක්නේ.. එක අතකට ඒකත් හොදයි අපි වගේ පොඩි එවුන්ට..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පස්සෙ කාලෙක දිනේෂ්ල අපි ගැනත් ලියන්නෙ නැතැයි.

      Delete
  25. හැලපයෝ අද නම් වංගු ගොඩක් වැඩියි ....කැරකිල්ල හැදුණා...:D

    ReplyDelete
    Replies
    1. අයියෝ මන්දා ,මම කිව්වනේද ඔය කැරකිල්ල ඔක්කාරේ හැදෙන දවස් වල ඔය දුර ගමන් යන්ට එපා කියලා ඔයාට

      Delete
    2. හී හී...... පැණිලූශා ඔයා කොහොමද ඒක දන්නේ? :D:D:D

      Delete
    3. මං නැතුව වෙන කවුද අනේ ඔයා ගැන දන්නේ ? :D :D

      Delete
    4. සුදු පාට මීදුම් ගලාලා

      අර පේන කන්දේ හැපීලා .. හැක් හැක්.

      Delete
    5. පොඩ්ඩි පොඩ්ඩි මේ කාලෙ වැඩියෙ වංගුවල ගමන් ගන්න එපා.කැරකිල්ල ලෙඩක් නෙවෙයි ඉතාම ස්වාභාවිකයි.කන බොන ජාති ගැන තව ටික දවසකින් බලමුකෝ ඈ.

      Delete
    6. @පැණිලූශා,

      කතා හදලා මෙන්න මට හැලපේ කෑම , බීමත් දෙන්ට හදනවා. අනික් අයත් පෝලිමේ එයිද දන්නේ නෑ. :D:D

      Delete
    7. @පත්තරේ,

      මීදුමේ සිංදු කියන්ට ගිහින් ඊලඟට හැප්පෙන්නේ පත්තරේ...:D

      Delete
    8. යකඩෝ අපි ඉල්ලුවොත් තමයි ඇල් වතුර විදුරුවක්වත් ගන්න බැරි මේකලාගෙන්..:D

      Delete
    9. පොඩ්ඩිට ජය වේවා!!!

      Delete
    10. මනෝජයෝ,තෝත් බඩක් හදාගෙන බලපියකො කන්න බොන්න ලැබෙන්නෙ නැද්ද කියල.

      Delete
    11. පොඩ්ඩි මිස්... මං ඉතිං ඔය විහිලුවක් තහලුවක් කරං ඉන්න අහිංසකයනේ..

      ඔය හම්බෙලා ඉතුරුවෙන කෑම ජාති විසි කරන්න එහෙම එපා.. පව් සිද්ධ වෙනවා.අපිට දෙන්ඩ

      Delete
  26. හා, ඔය දීල ඇදලා තියෙන්නෙ රම්පෙට පොරි හැලෙන්න :)
    වැඩට ගිහින් ඇවිත් , හෙට දිග කමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බොලාගෙ දුක්ගැනවිල්ලටත් ඇහුම්කන් දෙන්න එපැයි.

      Delete
  27. ඔය කරත්ත රෝද හදන හැටි,හරක්ට ලාඩම් ගහන හැටි වගේ ඒවා මම දැකලාම නැහැ නොවැ හැලපයියේ.

    රා වලටත් වඩා හැලපයියේ උඹේ පොස්ට් එක රහයි.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මනෝජ් මම මේ කල්පනා කොලේ ඔය වැඩ බොලාට කොහෙන් පෙන්නන්නද කියලයි.දන්න කම්මල් බාස් කෙනෙක් ඉන්නවනං බලමුකො.

      Delete
  28. එළ! කරත්ත රෝද දෙකක් තාම තියනව අපේ බාප්ප ලඟ. අවුරුදු 15කට විතර කලින් තිබුන කරත්තෙ කැඩිල ගියා. ගොනත් මැරුන. ඔය කරත්ත රෝදවල ගාන නිල් පාට යුනික් එකක් නේද?

    ReplyDelete
    Replies
    1. රෝද දෙකත් රෙපයාර් කරල කරත්තෙ වත ගහල ගත්තොත් ගොන්නු නං ඇති පදං ඉන්නව බං රාජ්.

      Delete
    2. ඕ යේස්.. රු 250 සිට ඉහලට :D

      Delete
  29. නරකද අරූත් එක්ක එකතුවෙලා (co-author) පොතක් ලිව්වොත්? අරූ ගේ urban , sub-urban සහ හැලපෙ ගේ ගමේ කතා?

    ReplyDelete
    Replies
    1. ඔට්ටුයි,හැබැයි ප්‍රා පොත පලකරන්න ගන්න ඕනෑ.අපි ලියනව විතරයි.

      Delete
    2. හැලපෙට පොත් ලියවිල්ල පැත්තක තියලා මගේ අක්ෂර, ව්‍යාකරණ හද හද ඉන්නවෙයි ඔක්කොටම ඉස්සෙල්ලා.

      Delete
    3. ප්‍රකාශකයෙක් හොයා ගන්න පුලුවන් වෙයි.
      ලියන්නකෝ

      Delete
  30. ලස්සන අතීතයක් ඊටත් වඩා ලස්සනට අකුරු කරලා....හැලපෙට ඉතින් වෙලාව තියෙන නිසා අපිට හොඳයි...පොත් කියවන්න ඕනි නෑ මේ වගේ පෝස්ට් කියවන්න ලැබෙනවානම්....

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ඒ වුනාට මේවා ලියාගන්න මට හොඳ සීරුවට කියවන්න වෙනවා.

      Delete
  31. හැලපයියගෙ ගම්මැදි විත්ති කියවන්න ගොඩ කාලෙකින් ආවෙ. පරණ එව්ව කියවන්න යනවා...

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා කියෝල එන්ඩකෝ.

      Delete
  32. කන බොන ඈයො හිත හොඳ මිනිස්සු කියල කියනවනේ හැලප.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං මොකට කියනවද.

      Delete
    2. ගෑනුන්ට ඕක තේරෙන් නැති හැටි බලපියව්කො !!!!

      Delete
  33. කිරි අප්පට බස්සො කොටපි. යකෝ ටැක්සියක් හයර් කරගෙන එන්න එපෑ මේක අග හොයා ගන්ට :)

    බොස් ගෙඩිය, කඩ ඇණේ, පල්ලං පොල්ල ගැන අහල තිබුනට , තෙපුල් දෙනව කියන එක ඇහැව්වෙ අදමයි. කරත්ත බාසාව කියල එයාලටම ආවේනික වෙච්ච කටවහරක් තියනවා නේද? තව අපි නොදන්න කොච්චර දේවල් ඇද්ද?

    කතාව හොඳට රසවින්ඳා. දැං යනෝ කමෙන්ට් කියවන්න :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බස්සෝ,කරත්ත බාසාවෙ තව ගොඩක් වචන තියෙනවනෙ.

      Delete
    2. බස්සා දිග කමෙන්ට් එකක් දානවා කියලා තිබුනම මං හිතුවෙ අඩු ගානෙ පෝස්ට් එකෙන් බාගයක් තරංවත් දිග කමෙන්ට් එකක් දායි කියලා.. ඔය දාලා තියෙන්නෙ... පේළි හයයි!!

      මුං‍ගෙ බල්ටි නෑ, විසිල් විතරයි! :-D

      Delete
    3. නෑ නෑ බුරා කලබල වෙන්න එපා තාම කමෙන්ට් කියවනවනේ,ඊට පස්සෙ දෙයි රිඹ යන්ඩ.

      Delete
    4. @බුරා
      මං වැඩට ගිහින් ඇවිත් ඔයාට දිග.........අ ලියුමක් එවඤ්ඤං කියලා , මට පේලි හතරක ලියුමක් එවපු මහගෙලත් ඉන්න මේ ලෝකෙ, පේලි හයක් කියන්නෙ දිග කමෙන්ට් එකක් නෙමයි ද බොල ? :)

      @ හැලපෙ

      ඕං බලන්ට ආයිබෝං, ඉතිං මට ආයෙ කොටන්න වෙනව නෙව කමෙන්ට්, නවනින්ගිරාවෙන් ගැලවෙන්න :)

      Delete

    5. ඔය අවකල් කිරියාවට සම්බන්ධයි කියන අය එකා දෙන්න හැම ගම් වලම හිටියා. වෙරි කාරයො, මාළු කාරයො, කරත්ත කාරයො වගේම මේ කියන පාෂාණ කාරයොත් අපේ ගමෙත් හිටියා. අපට නං හානියක වුනේ නෑ, ඒත් ඔය කනින්-කොනින් ආපු ආරංචි මිසක්කා , ටක්කෙටම කියන්න දන්නෙ නෑ. හැබැයි මට මතකයි, ඔය කියන හාදය පිලිවෙලකට ඇන්දා, සුදු සරමයි , අත්කොට සුදු කමිසෙයි. මතක විදිහට ආස්සරේ කලේ එයාගෙ වයසෙ අය නෙමෙයි, බාල අයව.

      මේ කියන අයත්, අර ගෑණු/පිරිමි කට්ටියටත් එදා ගමේ ඒ හැටි පිලිගැනීමක් තිබ්බෙ නෑ. ජීවිත කාලයක් හිතට කාවැදිච්ච අදහස් නිසා, මාත් ඒ අයට එච්චර කැමැත්තක් නැති වුනාට, ඒ අයට අසාධාරණයක් වුන බව පිලිගන්න වෙනවා. ඔය අවකල් කිරියාවලට පෙලඹෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති

      මේ ලිපිය රස විඳින කොට, බොහෝ කාලෙකට ඉස්සර ගම්වල තිබ්බයි කියන කෝපි කඩ ගැන මට මතක්වෙනවා. කියන විදිහට ගම්මු කෝපි කඩේට ‍රැස් වෙන්නෙ , ගෙදර කෝපි එකක් හදාගන්න බැරිකමට නෙමෙයි, කතන්දර, ආරංචි, අහන්නත් එක්කලා. කඩේ වීදුරු පෙට්ටියෙන් වණ්ඩුවක්, හැලපයක් කොටාබාලා, උණු කෝපි කෝප්පයකුත් අරගෙන ගම්මැදි හෑල්ලක් අහන්න සෙට් වුනාම, ආයෙ වන මොනවද?

      ඔහෙට කියන්න හැලපෙ, සති අන්තෙ නං, මං බ්ලොග් කියවන්න සෙට් වෙන්නෙ ආන්න ඒ විදිහට තමා. කඩල, රටකජු වගේ ඔය හපන්න මොනව හරි සෙට්කරගෙන , හිතුනොත් හීනියට දෙකකුත් නමාගෙන, මොනිටරේ ලඟ දිග ඇදුනම, ආයෙ මාව බෙනෙන් එලියට අදිනව බොරු.

      Delete
  34. niyamai halape ayye. hodata rasawinda adanam.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරක.ඔයාගෙ සිංහල හදාගන්නෙ නැත්තෙ ඇයි.

      Delete
  35. Replies
    1. බුදු අම්මෝ, මුන් බ්ලොග් ෆලෝ කරල ඒවයි තියෙන දේවලුත් කරයි කියල කවුද බං හිතන්නෙ

      Delete
  36. මට අවුරුදු 15-16 වෙද්දී ගමේ රස්තියාදු ගහන එක නතර වුණා.. පොඩි කාලේ කරපු සීන් ඇර කොල්ලා කාලේ ගත්ත ආතල් එච්චර නෑ... හැබැයි ළමා කාලය නම් මඩ නාගෙන නාවර පෙරාගෙන අම්ම කෑ ගහල කතා කරලා කනෙන් අල්ලන් ගිහින් නාවල ගෙට ගන්න කම් නටන්න පුළුවන් වුණා.. හෙහ් හෙහ් හැලපලට අපිට වඩා කාලයක් ගමේ ඉන්න ලැබෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අපි නං රස්සාවට යනතුරු ගමේ රවුං ගැහුවා.තාමත් ලංකාවෙදි පදිංචිය ගමේ තමයි.

      Delete
  37. ගමේ හිටි බලවත්තු,දුබලයෝ, දුප්පත්කම ගැනම කියවෙන ගම කතාවලට වඩා හැලපෙගේ කතා පර්පුර්ණයි. ගම් වල හිටි අණ්ඩපාලයෝ,ව්‍යවසායකයෝ, රසවත්තු ,කලාකාමියෝ ඔක්කොටොම බොහොම ස්වභාවික විදිහට ආයේ පණ දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි තිලකෙ,මේ ඔක්කොම මම අත්දැකපු සිද්ධීන් සහ චරිත නිසා කිසි දෙයක් අමුතුවෙන් ගොඩනගන්නට දෙයක් තිබුනෙ නැහැ.ඔබ කියන දේ මම අර්ථ නිරුපණය කරන්නේ ඒ ආකාරයටයි.

      Delete
  38. අපරාදේ. ලංකාවටත් ගොං පොර නියෝජනය කරන්න තිබිච්ච අවස්ථාවක් නිකම්ම මග ඇරිලා ගියා පාලකයෝ නින්දේ ඉන්න හන්දා. මොනතර්ම් ආඩම්බරයක්ද රටට ඈ?

    අර දොස්තරගේ ඇටිටියුඩ් එකට මම හරි කැමතියි බං.

    ReplyDelete
    Replies
    1. අපරාදෙද කියනව,මොන තරං දක්‍ෂ ගොන්(පොර)ක්‍රීඩකයෙක් රටට අහිමි වුනාද?
      ඩොක්ට අදහස් කරපු තියුණු උපහාසය ආරියට නං කොහොමත් තේරෙන්න නැතිව ඇති බං.

      Delete
  39. පරණ මතක පොකුරක්ම එකටම අත ඇරලා...ඔයාලගෙ ගම රස සාගරයක් බව පේනවා මේ කථා කියවද්දි....අපිත් උගුරු ඇටය ඉදිරියට නෙරාගෙන ආපු කාලෙ රා බොන්න හරිම සා පිපාසාවක් තමයි ඇති වුනේ...අපේ අහල පහල ගස් මැද්දෙ නැති උනාට...පිටින් අල්ලගෙන ආපු හාදයෙක් ලවා අපේ සමරු මාමා ගෙදර වත්තෙ ගස් කීපයක් මැද්දුවා. හවස 5 විතර වෙද්දි ඩෙිලි කස්ටමර්ලා අස්සෙන් අපිත් රිංගලා වැදලා වැදලා වගේ රා බෝතල් දෙකක් විතර ගන්නවා.

    නියම බඩු මචෝ...මේවායෙ වතුර නෑ...කිය කියා කස්ටිය රා බෝතල් හිස් කලාට පස්සෙ තමයි අපි දන්නෙ...රා මැදපු බුවා ගහ මුදුනෙදි රා වලට වතුර එකතු කරපු බව....

    ReplyDelete
    Replies
    1. රා මදින නිළමේ අපට කියන්නෙ කිරි රා වතුර නොදා දෙන තැනක් තියේනං හොයල පෙන්නන්න කියල.ඒ තරමටම වතුර දාන බව ප්‍රසිද්ධයි.

      Delete

ඔබේ අදහස්