Sunday, June 8, 2014

135.වෝටර්ලූ සිහිවටනය.




අමතකවීම කියන රෝගය හරිම තදයි,මේ අනික් පැත්ත හැරෙනකොට හිතාගෙන හිටපුදේ අමතක වෙනව.ලඟපාත තියෙන දේ, ඉන්න අයව අමතක වෙනකොට මැමරි චිප් එකේ අප්සැට් එකක්ද කියලත් හිතුනට අතීතයෙ දේවල් බොහොම හොඳට හිතේ තියෙන නිසා එහෙමයි කියන්නත් බෑ.මොකද මේ කතාව මම බොහොම කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටියා,ඒ කියන්නෙ බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලෙ විතර ඉඳල නමුත් වැඩේ දිගින් දිගටම කල්ගියා,ඉතිං මතක්වුන වෙලාවෙ ටක් ටක් ගාල ලියන්න හිතුවා,අනික් කාරණේ මම හැමදාම පරණ ගම්මැදි හෑලියි කාටවත් සතපහකට වැඩක් නැති කුණුහරුපයි පොළොව පැලෙන බොරුයි ලිය ලියා ඉන්නව කියල කණින් කොණින් කතාවකුත් ඇහෙන නිසා කාටත් පාහේ යමක් දැනකියා ගන්න අධ්‍යාපනික වටිනාකමකුත් ඇති ඉස්කෝලෙ යන ළමෙකුට රචනයක් ලියන්නවත් දෙයක් ලියන්නට අද කල්පනා කළා.කතාව මෙහෙමයි.

වෝටර්ලූ කියන නම අපි කවුරුත් අහල තියෙනවනෙ,ඒ කියන්නෙ නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ අවසාන සටන සිදුවූ ස්ථානය යමෙකුගෙ විනාශයකටත් ඔය වචනය පාවිච්චි කරනව, ඔහුගේ වෝටර්ලුව එහෙම නැත්නම් එතැන ඔහුට වෝටර්ලුවක් විය, ආදී වශයෙන් වචනය යොදන තැන් මා දැක තිබෙනවා.නමුත් නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ අවසාන සටන සිදුවූ වෝටර්ලු කියන ස්ථානය පිහිටා තිබෙන්නේ බෙල්ජියමෙයි.හරියටම තැන කිව්වොත් බ්‍රසල්ස් සිට කිලෝමීටර් දහඅටක් දුරින් තිබෙන වලුන් පළාතෙයි.මුළු බෙල්ජියමටම තිබෙන එකම බෞද්ධ සිද්ධස්ථානය වන තායි පන්සලත් පිහිටා තියෙන්නෙ වෝටර්ලු වල නිසා අපට නිතරම පාහේ වෝටර්ලු යන්න සිද්ද වුනා.ආ තව දෙයක් මතක් වුණා වෝටර්ලු කියල කෝච්චි ස්ටේෂන් එකක් ලංඩන් වලත් තිබෙනවා,ඒ කියන්නෙ යුරෝපෙ ඉඳල යන කෝච්චි නවත්වන ලංඩන්වල ප්‍රධාන දුම්රිය ස්ථානය,නමුත් ඒ ස්ටේෂන් එකක් පමණයි වරද්දගන්න එපා.

අපිනං ඒ කාලෙ බැස්කියුල් හංදියෙන් බස් එකකට නැගල වෝටර්ලු ගියා,ග්‍රීෂ්ම සෘතුවෙ හොඳට ඉර පායා හිනැහෙන දවසක බස් එකේ ඔය දුර යන එක හරිම සුන්දර අත්දැකීමක්,පාර දෙපැත්තෙ කහපාටට වල් සූරියකාන්ත මල්, කැලෑ රෝස මල්,තව නම කියන්නෙ දන්නෙ නැති ලස්සනම ලස්සන දම්පාට මල් ජාතියක් ඔය ඔක්කොම මල් හුළඟට නැලවෙද්දී ඒ මැදින් යනකොට සුන්දරත්වය මිසක මොනම කල්පනාවක්වත් හිතට එන්නෙ නෑ.මුල කාලෙ වෝටර්ලු ගියාට ඔය නිශ්චිත ස්ථානය තියෙන තැන අපි දැනගෙන හිටියෙ නෑ ඉතිං අපි බස් එකේ රියදුරු තුමාගෙ පිහිට පැතුවම  අපි කියනදේ හරියට තේරෙන්නෙ නැති නිසා මුලදී ඔහුටත් ටිකක් කොයිල් වුනා,අපි ඇහුවෙ නැපෝලියන් මියුසියම් කියලයි.ඒ කාලෙ අපි කාටවත් ප්‍රංශ භාෂාවෙ පටුත්වයක් තිබුනෙ නෑ රියදුරු තුමාට ඉංග්‍රීසි බෑ.ඉතිං අපි අහද්දී ගොඩක් කල්පනා කරල එහෙම "ආ මුසී මුසී" කියල හිනාවෙලා අපි අහන්නෙ මේකයි කියල තේරුම් ගත්ත ඒ කරුණාවන්ත රියදුරු තුමා එතනට හැරෙන තැන බස් එක නවත්තල එයත් බස් එකෙන් බැහැල මේ පාරෙන් ගිහිං යන්න කියල අපට පෙන්නල දුන්නා.

ඒ මුල්ම දවස ඊට පස්සෙ නං සංචාරවලට එන අමුත්තො යාළුවො එක්ක හෙම දහ පහළොස් සැරයක් යන්නට සිදුවුනා,කිසිම විශේෂත්වයක් නොතිබුණු මේ භූමි භාගය ස්මාරකයක් හැටියට සිංහයෙක් මුදුනේ හිටවපු කන්දක් හදල හදල කෞතුකාගාරයක් හදල සංචාරක ආකර්ෂණයක් හැටියට අද වසරකට විශාල මුදලක් උපයනවා.මේ ස්මාරකය නරඹන්න යන සංචාරකයෙකුට මුලින්ම පැනොරාමා එකේ චිත්‍රපටයක් පෙන්වා ඊට පස්සෙ මුළු යුද්ධ භූමිය වටේම කෝච්චියක් වගේ වාහනයකින් ගෙනිහින් විස්තරය කියාදීලා කෞතුකාගාරය බලන්නට දීල ඊට පස්සෙ සිංහ කන්ද නගින්නට දෙනවා,මේ සියල්ලටම ඒ කාලෙ කෙනෙකුට යුරෝ 4.50ක් හෝ පහක් අයකලා මට මතකයි.ඊට අමතරව සති අන්තවලට යුද්ධයේ සජීවී දර්ශන අතීතයේ තිබු යුද්ධායුධ වලින් ඒ ඇඳුම් ඇඳගත්ත පිරිසක් විසින් නිරූපණය කර පෙන්වනවා.

නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ ප්‍රංශ හමුදාව  1815 ජුනි 18 වැනිදා එදා නෙදර්ලන්තයට අයත් බිමක් වූ මේ ස්ථානයේදී රටවල් හතක ඒකාබද්ධ හමුදාවන්ට නායකත්වය දුන් ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාට පරාජය වුනා.සටනේ විස්තර මා මෙතැන ලිවීම තේරුමක් නැති ක්‍රියාවක්,සම්පූර්ණ විස්තරය මා ලියනවාට වඩා හොඳට ජාලයෙන් බලාගන්නට පුළුවනි.ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාටත් වෙනම කෞතුකාගාරයක් නිර්මාණය කර තිබෙනවා එහි පිංතුරත් මගේ ළඟ තියෙනව නමුත් ඒ පින්තුර වෙන දවසක ඉදිරිපත් කරන්නම්.

                                            පැනොරාමාව

                                       සිංහ කන්දට නැගීම


                           නැපෝලියන් බොනපාට් අධිරාජයා




                                     සටන  සැලසුම් කිරීම




                                             සටන





                             සිංහ කන්ද උඩට පෙනෙන දර්ශනය



                                 සිංහ කන්ද නැගගත් හැලපැට්ටා




118 comments:

  1. කව්ද කියහං අයියේ බොට මේවා ලියන්න කිව්වේ.. හැක්..

    කෝම උනත් ඉතිං ඔය ගමන් බිමන් ගියපු ඒවට මං කැමතියි...හැලපතුමා...

    ReplyDelete
    Replies
    1. කවුරුවත් කිව්වෙ නෑ බං මට හිතුණා ලිව්වා.කොහෙද යකෝ මකබෑ වෙලා හිටියෙ.

      Delete
  2. මරු! බොනපාට් බීල ඉඳල තියෙන්නෙ ඒකයි සටන පැරදුනේ.

    ReplyDelete
    Replies
    1. නැපෝලියන් බොන පාට් අපේ ගමෙත් හිටියා. බීලම මලා. කව්ද දන්නේ නෑ ඌට නැපෝලියන් කියලා නම දැම්මේ. අපි කියන්නේ බාර් ඇසෝසේසොන් එකේ චෙයාර්මෑන් කියලා.

      Delete
    2. එහෙනං නිතික්ඡයෙක් වෙන්ටැති ඒ...

      Delete
    3. ඔව් උඹට හොයන්න පුලුවන්නෙ බීලද කියල,ඔය ඉන්නව ඇත්තෙත් බීල වැඩිවෙලා වෙන්නැති.

      Delete
    4. බාර් ඇසෝෂියේෂන් එකේ චෙයාමන් නං ඌ හෙන වැඩකාරයෙක් වෙන්න ඇති නොවැ මාතලන්.

      Delete
    5. මොකාද මොකාද දේශෝ ඒ සතා.

      Delete
  3. අපූරුම සංචාරක සටහනක්. මේ ඉසව්වලට පා තබා නැති අපටත් එතැනට ගියා වගේ දැනෙන පිංතුරත් එක්ක රසවත් විස්තරයක්. අර ඕපදුප කතා ගණන් ගන්න එපා. ඒවත් ලියන්න. මේවත් ලියන්න. ඔබට හැම ඉසව්වම ස්පර්ශ කරන්න හැකියි අගේට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්.ඕපාදුප කතා නං මම ගණන් ගන්නෙ නෑ ඒත් පල්බොරු ලියනව කීවහම ටිකක් දුක හිතුණා,ලියන්න දෙයක් නැත්නං නිකං ඉන්න එක වෙනම දෙයක්.මම බොරු ලියන්නෙ නෑ.

      Delete
  4. අපුරැයි.. අද මෙි කථාව පොඞි මෙන්ඞියාට කියලා දෙනවා.

    ReplyDelete
    Replies
    1. නියමයි,මම නොලියපු හරිය නෙට් එකෙන් බලාගන්න.පොඩි එකා කිව්වෙ මොනවද කියලත් මට කිව්වොත් හොඳයි.ජය!!

      Delete
    2. අයියන්ඞි පොඞ්ංට ගොඞක් දේ තේරැම් ගන්න අමාරැයි මිනිහා තවම මොට්ටසොරි.
      ඇයි එයලා යුද්ද කරේ?
      එයාලත් එල් ටි ටි වගේද?
      නැපොලියන් අපේ දුටුගැමුනු රඡතුමා වගේද?
      ලබන සතියේ මාව එයාව බලන්න එක්කරගෙන යනවාද?
      ඇයි අපිට ඒ රටට යන්න බැරි?
      ඔයාට ඔපිස් එකේ නිවාඞු දෙන්නේ නැද්ද?
      ඔන්න අහපුවා ඉතින් දිපල්ලකෝ උත්තර

      Delete
    3. මටත් යුද්ද කරන්න අශ්වයක් ගෙනත් දෙනවාද?
      ඔයාට පඞි දවසට මට අශ්වයක් ගෙනත් දුන්නෙ නැත්නම් මම තරහයි

      Delete
    4. සුපිරියි,දැන් ඉතිං අස්සයො හොයපල්ලකො.කොහොම හරි පඩියට එකෙක් ගෙනැත් දෙන ඒකයි.ඊට පස්සෙ යුද්ද කරන්න බැරියැයි.ලොකු වුනාම ඒ රටට විතරක් නෙවෙයි තව රටවල් ගොඩකට යන්න ලැබෙයි කියල පැටියට කියන්න.

      Delete
  5. හම්මේ...
    අපූරු විස්තරයක්...
    ඒත් අර ඔයාම කියාගන්න ගම්මැදි හෑලි ලියන්න ගන්න වෙලාව ගත්ත නං මේක මීට වඩා විස්තර සහගත වෙනව

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙම තමයි,අද දාන්න මේ කතාව ඊයෙ රෑ හදිසියෙන් ලිව්වෙ,හෑල්ලක් ලියන්න නං දවස් දෙක තුනක්වත් යනවා.

      Delete
  6. ස්තූතියි හැලප අයියෙ විස්තරයට.

    සිංහ කන්ද කිව්වම මතක් උනේ සීගිරිය.

    ReplyDelete
    Replies
    1. මේවා මේ සීගිරිය වගේ එයිතිහාසික වටිනාකමක් ඇති තැන් නොවෙයි ප්‍රියා,පසුකාලීනව හදපු තැන්.නමුත් ඉතිං සල්ලි උල්පත්.

      Delete
  7. මේ කන්ද දැක්කම එකපාරටම මතක්වුනේ zwarovsky..
    හොඳම කාලෙකනෙ ගිහිං තියෙන්නෙ. තව ටිකක් විස්තර දාපංකො හැලපයියේ..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. ඔතෙන්ට අපි දහ පහළොස් ගමනක් යන්න ඇති.හැබැයි ටිකට් අරගෙන නං කවදාවත් ගිහිං නෑ නිකම්ම තමා.

      Delete
  8. පොඩි කාලේ අපේ ගෙදර තිබුනා වෝටර් ලූ කළගෙඩියක් සහ ගුරුලේත්තුවක්.

    දැන් තියෙනවා වෝටර් ලූ ඉන්දියානු ජොග්ගුවක්.

    මගතොට දී නම් ඉට්ජින් වෝටර් ලූ බෝතල් තමයි.

    ReplyDelete
    Replies
    1. මගෙ ළඟ දැන් තියෙන්නෙ වෝටර් ලු අටේ කෑන් දෙකක්.

      Delete
  9. නියමයි හැලපයියේ..............

    අගේ ඇති ලිපියක්... නැපෝලියන් කියන්නේ මිලිටරි ලෝකයේ දැවැන්ත වීරයෙක්.. ඔහුගේ පරාජය කියන්නේ ඔවුන් කතා කරන්න පවා අකමැති දෙයක්... ඒ වුණත් එවැනි තැනක් ගැන ඇති මතක සටහන් මේ විදිහට ගෙනාපු ඔබට බොහොම ස්තූතියි. හැලපයෝ ඔබ යන එන තැන් අපිට රූපත් එක්ක පෙන්නන්නට මහන්සිවෙනවාට ඔබට පිං................................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු ළමයි,මම මේ ගොඩක් කල් ඉඳන් ලියන්න හිටපු කතාවක්,දවසෙන් දවස කල්ගියා.තවත් විස්තර ගොඩක් තිබෙනවා ලැබෙන හැටියට ගේන්නං.

      Delete
  10. විස්තරේයි පොටො ටිකයි හොදයි,අපේ මනාපේ නම් අර හෑලි කතා වලට ඈ ..

    ReplyDelete
    Replies
    1. හෑලි ලියන්න පුළුවන් බැණුම් අහන්න තමා බැරි සහෝ.

      Delete
  11. එයාගේ සොහොනට ගියා...ඒක දැක්කාම හිතට එන්නේ පුදුම හැඟීමක්. ඉතිහාසේ අපි දන්න කෙනෙක් ඇත්තටම මෙතන වැලලුවා නේද? කියලා හිතෙනවා...ඊට පස්සේ ඉතින් ඒ දිගේ හිතුවිලි ගලාගෙන යනවා...

    විස්තරේ හොඳයි හැලපේ...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් පොඩ්ඩිට ලියන්න තිබ්බනෙ.ස්තූතියි පොඩ්ඩි.

      Delete
  12. මරු, නැපෝලියන් හැම තැනම අත් මිටි කරගෙන ඉන්නේ මොකද දන්නේ නෑ, සිංහ කන්ද කෘතිමව හදපු එකක් වෙන්න ඇති. ස්වාභාවික කන්දක් නෙවෙයි වගේ

    ReplyDelete
    Replies
    1. ඒ නැපෝලියන්ගේ ගති ස්වභාවය වෙන්න ඇති ඉවාන්.පැහැදිලිවම එය කෘත්‍රිම කන්දක්,හැබෑටම ඔය රටේ මම කඳු දැකල නෑ නේද,ඔන්න දැනුයි මතක් වුනේ.

      Delete
  13. ලස්සන විස්තරයක් හැලපේ... පින්තූර ටික තවත් වටිනාකම වැඩි කරනවා... :)

    ReplyDelete
    Replies
    1. ආ මේ ඔයා නේද,කොහෙද අප්පා ගිහිං හිටියෙ.

      Delete
  14. Replies
    1. උසි උසි නොවෙයි,මේ ප්‍රෙන්ච් වලින් මියුසියම් එකට කියන විදිහ.

      Delete
  15. හැලපයියා ගේ සංචාරක සටහන් !! මරු ..

    ReplyDelete
  16. මාත් ඔය රටේ හිටි හින්දා ඕක දෙක්ක ඒත් මේ තරම් විචිත්‍රවිදිහට මට මතක නැත්තෙ අමතක ලෙඩේ හින්දා..

    ReplyDelete
    Replies
    1. හිටිය නං ඔබ දැකිය යුතුමයි,අමතක ලෙඩේ නං හරිම ප්‍රශ්නයක් සරත්.

      Delete
  17. අෆ්ෆා අද හැලප අංකල් මහා සංචාරෙ එපිසෝඩ් එකක් දාලනෙ. ඒ වැඩෙත් නැගල යයි වගේ. මේ කැටගරියත් ලියන්න දිගටම.

    අර කෙටිකතාව ගැන විචාරය ලියැවෙනකම් මග බලන් ඉන්නවා.... ඒකත් ඉක්මනට ලියන්නකෝ තරහ නැතුව....

    ReplyDelete
    Replies
    1. සංචාර ගැන නං තව ගොඩාක් ලියන්න තියෙනව බස්සියේ.කෙටිකතා විචාරයට වැඩිදුර කරුණු රැස්කරමින් පවතිනවා.මොකද ඔයගොල්ල ඔක්කොම ඕනැකමින් බලං ඉන්න නිසා හරියට ලියාගන්න අවශ්‍යයි.

      Delete
  18. ඇත්තටම රට රටවල්වල සංස්කෘතීනි, ඔවුන්ගේ ආචාර ධර්ම වගේම භූ ගෝලීය ලක්ෂණ බලන්න අධ්‍යයනය කරන්න මාත් කැමතියි. ඔය ඉතාලියේ පොම්පෙයි වගේ නගර ඊජිප්තුවේ මහා පිරමීඩ ආදිය දකින්න මටත් ඇතේ පුදුම ආසාවක්.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි තරු,ඔබටත් අදහස් කරන සියලුම ස්ථානයන් බලන්නට දවසක් ඒවි.සුබ පැතුම්!!!

      Delete
  19. නියමයි හැලපේ.
    වෝටර්ලූ කිව්වාම මට ඉස්සෙල්ලම මත වෙන්නේ ඇබාගේ මේ සින්දුව. මේක 1974 විතර එකක්. නමුත් එලම තමයි. මගේ ප්‍රියතම සින්දුවක්.
    මේ සින්දුවේ කියවෙන්නේ නැපෝලියන්ගේ වෝටර්ලූ සටන නෙවෙයි. වෝටර්ලූ කියන වචනය වෙනත් අදහසකින් ඉංග්‍රීසි භාෂාවට එකතු වුනා. ඒ කියන්නේ කෙනෙක්ගේ අරගලයක්. තීරණාත්මක සටනක්, වගේ දෙය. FInally facing my Waterloo...කිව්වාම අදහස එන්න ඒවගේ.
    මේ වචන කියවලා බලාපං.
    Waterloo
    My, my, at Waterloo Napoleon did surrender
    Oh yeah, and I have met my destiny in quite a similar way
    The history book on the shelf
    Is always repeating itself

    Waterloo, I was defeated, you won the war
    Waterloo, promise to love me forever more
    Waterloo, couldn't escape if I wanted to
    Waterloo, knowing my fate is to be with you
    Wah-wah-wah-wah-wah Waterloo
    Finally facing my Waterloo

    My my, I tried to hold you back, but you were stronger
    Oh yeah, and now it seems my only chance is giving up the fight
    And how I could ever refuse, I feel like I win when I lose
    Waterloo, I was defeated, you won the war
    Waterloo, promise to love me forever more
    Waterloo, couldn't escape if I wanted to
    Waterloo, knowing my fate is to be with you
    Wah-wah-wah-wah-wah Waterloo
    Finally facing my Waterloo

    So how could I ever refuse?
    I feel like I win when I lose
    Waterloo, couldn't escape if I wanted to
    Waterloo, knowing my fate is to be with you
    Wah-wah-wah-wah-wah Waterloo
    Finally facing my Waterloo
    Woo-woo-woo-woo Waterloo
    Knowing my fate is to be with you
    Wah-wah-wah-wah-wah Waterloo
    Finally facing my Waterloo
    Woo-woo-woo-woo Waterloo
    Knowing my fate is being with you.

    -ABBA-

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් හැලිලා බං.
      මම කියන්න ගියේඋඹ කිව්වා වගේ >>යමෙකුගෙ විනාශයකටත් ඔය වචනය පාවිච්චි කරනව, ඔහුගේ වෝටර්ලුව එහෙම නැත්නම් එතැන ඔහුට වෝටර්ලුවක් විය, ආදී වශයෙන් වචනය යොදන තැන් මා දැක තිබෙනවා.<< වගේ අවස්ථාවන්ට අමතරව මේ සින්දුවේ වගේ ජයග්‍රහණයක් ගැනකියන්නත් පාවිච්චි වෙච්ච අවස්ථා තියෙනවා. මේක වරදවා වටහගන්න එපා. ප්‍රේම යුද්දයෙන් මගේ ප්‍රතිරෝධය බිඳ වැටිලා ඔබ ජයගන්නවා. ඒකයිමට පැරදුනත් දිනුවා වගේ දැනෙන්නේ. I feel like I win when I lose...

      Delete
    2. බොහෝම ස්තූතියි මචං,හරිම ලස්සන වචන හරඹයක් නොවැ.උඹ කියනදේ මට තේරෙනවා.ඇත්තටම වචන වලින් කෙරෙන මෙවැනි සුන්දර අරුත් දැක්වීම් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට තරම කරුණු හොයාගන්නට පුළුවනි.

      Delete
  20. වෝටර්ලූ ස්ටේෂන් එක දැන් ඉන්ටර්නැෂනල් ස්ටේෂන් එකක් නෙවෙයි හැලපෙ.. 2007න් පස්සෙ යුරෝස්ටාර් කෝච්චි නවත්තන්නෙ සේයින්ට් පැන්ක්‍රාස් වල.. වෝටර්ලූ දැන් නිකංම සවුත්-වෙස්ට් ලන්ඩන් ඒරියා එකට සපෝර්ට් කරන කමියුටර් ස්ටේෂන් එකක්..

    ලිපිය තව ටිකක් දික් වුනා නං හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද? අඩු ගානෙ අර තියෙනවා කියපු තායි පන්සල ගැන විස්තර ටිකකුත් මේකටම එකතු කරන්ට තිබ්බා.. එහෙනං මේක නියම 'හැලප ස්ටයිල්' එකට එනවා.. :-)

    ReplyDelete
    Replies
    1. මේ හරිය තමා මම යුරෝපයේ කැමතිම ඒරියා එක.. ඩච්, ෆ්ලැන්ඩර්ස්, අපර්-ජර්මනික් හා ඩේනිෂ් .. ඓතිහාසික පැත්තෙන් බැලුවත්, සෞන්දර්යාත්මක පැත්තෙන් බැලුවත්, මිලිටරි පැත්තෙන් බැලුවත්, ඉකොනොමිකල් පැත්තෙන් බැලුවත් යුරෝපයේ සිත් ඇදගන්නාසුළුම ඒරියා එක.. අනික තනිකර 'ටෑන්ක්/ කැවල්රි කන්ට්‍රි' එක..

      Delete
    2. බුරා,මම 2005 දි ලංඩන් යද්දී කෝච්චියෙ ගිහිං බැස්සෙ වෝටර්ලු වල,මං ලිව්වෙ ඒ මතකයයි.අප්ඩේට් කිරීම ගැන බොහොම ස්තූතියි.
      ලිපිය තව ටිකක් දික්වුනා නං හොඳයි කියල මටත් නොහිතුනා නොවෙයි.නමුත් කම්මැලිකමයි නිදිමතයි ගොඩක් ලියන්නට ඉඩ දුන්නෙ නෑ.ලියන් යද්දී කතාව තායි පංසල පැත්තටත් ඇදෙන්න ගත්තා,මම පංසලේ පින්තුර තියෙන සී ඩී එක අතටත් අරං ආපහු තිබ්බෙ ලියන්න වස කම්මැලි කමක් ආපු නිසායි.කොහොමත් පංසල ගැන කතාව වෙනම පෝස්ටුවක් විදියට ආයෙම ලියවේවි.හැලප ස්ටයිල් එක නෑ කියන දෝෂාරෝපණ හැම අතින්ම නැගගෙන එනව පේනවා ඇති නේද.
      ඇත්තටම යුරෝපෙ මේ කලාපය වගේ සෞන්දර්යාත්මක පළාතක් මම දැකලත් නෑ.ඒ ලස්සන මම ලියද්දිත් පොඩ්ඩක් ලියවුනාද මන්දා.මිනිස්සුත් බොහොම උණුසුම් හදවත් ඇති අයයි.

      Delete
    3. වෙනසකටත් එක්ක නරකම නෑ, තායි පන්සල ගැනත් ලියන්න.

      ඒත් "පරණ ගම්මැදි හෑලියි කාටවත් සතපහකට වැඩක් නැති කුණුහරුපයි පොළොව පැලෙන බොරුයි " නං අමතක කරන්න එපා. ඒක තමා හැලපෙගෙ ට්‍රේඩ් මාක් එක :)

      Delete
    4. හැලපේ....2007-2008 වගේ කාලයේදී තමයි යුරෝපා කෝච්චි නවත්වන එක වොටර්ලූ වලින් සේන්ට් පැන්ක්‍රාස් වලට මාරුවුනේ.

      Delete
    5. මං බොරු නං ලියල නෑ බස්සෝ.තායි පංසල ගැන නෙවැරදීම ලියනව.

      Delete
    6. අරූ තෑන්ක්ස් මචං අප්ඩේට් කලාට.

      Delete
    7. මට කියන්න ඕනෙ වුනේ මේකයි හැලපෙ.

      හැලපෙයි, අරූයි, තිලකෙයි තමා මට නං සිංහල බ්ලොග් ලෝකෙ රජතුන් කට්‍ටුව. අනික් අය නරකයි කියනව නෙමෙයි. ඒත් ඔයාල තුන්දෙනාට එකිනෙකාට වෙනස් අනන්‍යතාවයක් තියනවා.

      ඉඳලා හිටලා මෙහෙම අධ්‍යාපන චාරිකා ගැන ලියන්න ඕනෙ නං ලියන්න. ඒත් මට නං පඳුරක් දෙකක් තලල ලියන ගම්මැදි හෑල්ලක රසේ , මේ අළුත් වණ්ඩු ආප්ප වල නෑ.

      කියන අයට ඕන දෙයක් කියාගන්න කියලා, අපට පුරුදු හැලපම දෙන්න :)

      Delete
    8. වර්ණනාවට තෑන්ක්ස් බස්සෝ.

      Delete
  21. ගම්මැදි හෑලි වෙනුවට වෝටර්ලූ හෑලි, ඒකත් නරකම නෑ

    ReplyDelete
    Replies
    1. අඩු තරමින් බනින්නෙවත් නැතුව ඉන්නෙ නැතැයි නේද.

      Delete
  22. ලස්සනට විස්තර කරලා. මට මතක්වුනේ පැරිස්වල "ලූවර් මියුසියම් " එකේදි දැක්ක නැපෝලියන් බොනපාට්ගෙ පින්තූරේ . නැපෝලියන් බොනපාට් ලස්සන කෙනෙක් නේද :)

    ReplyDelete
    Replies
    1. ලස්සන මන්දා හැබැයි හෙන කොටා..

      Delete
    2. ඔන්න ඇනෝ ගෙඩි පිටින්ම කියල දීල තියෙනවා.බොහොම ලස්සන පුරුෂයෙක් නමුත් කොටයි.

      Delete
    3. ආ ප්‍රියා තරම්ම නං කොට නැතුව ඇති.

      Delete
  23. නැපෝලියන් බොනපාට් කිව්වම හිතේ මැවෙන තේජස ඇත්ත රූපෙ නෑනෙ අප්පා. බොනපාටම තමයි.

    අගේ ඇති පිංතූර ටික.

    ReplyDelete
    Replies
    1. ගොඩක් මහා පුරුෂයන් ගැන අපි හිතේ මවාගෙන ඉන්න චිත්‍රය වැරදි බව දැක්කම පේනවා.පිංතූර ටික මමමයි ගත්තෙ,උඩම තියෙන එක ගූගල් වලින් ගත්තා.

      Delete
  24. ඓතිහාසික කතා තරම් සිත්ගන්නා සුළු කතා තවත් කොහෙද තියෙන්නේ. සත්‍යය සෑමවිටම ප්‍රබන්ධයට වඩා රසවත්. හරවත්. මෙවැනි චාරිකා යන්නට ලැබෙන්නෙත් පෙර පින් අනුව තමයි. බොහොම ස්තුතියි අප සමග බෙදා හදා ගත්තාට.

    ReplyDelete
    Replies
    1. රස විඳීම ගැනත් අදහස් පලකිරීම ගැනත් බොහොම ස්තූතියි විචාරක තුමා,තව සංචාරක සටහන් රැසක්ම ගේන්න තියෙනවා ලැබෙන හැටියට ලියන්නම්.

      Delete
  25. අර සිංහ කන්දෙ මුදුන නං අරක්කු ඩිංගක් බොන්න කියාපු තැන !!! ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. කදු මුදුන් වල හුළන් වැදි වැදි බිව්වම, වදිනවා වැඩී නේද බං? :)

      Delete
    2. යකෝ තොපිට බොන්න තැන් නැතුවටද.පහළ පබ් එකක් තියෙනව වැටෙනකන් හරි බොන්න පුළුවනි එතන.

      Delete
    3. ප්‍රියෝ .. අන්න ඒකනෙ බං බගෙන් බෝතලේක වෙරි :D

      අම්මටහුඩු එලනේ හැලපයියේ.. එහෙනං පල්ලෙහා පබ් එකෙන් බඩු අරං කන්ද උඩට ගිහිං බොමු :D බීල නියුට්‍රල් කරානං සුරුස් ගාල කන්ද පාමුල ,හැක්

      Delete
    4. ඔව් ඔව් පත්තරයෝ බෙල්ල අතේ අරං ගෙදර ඈහැකි.

      Delete
  26. මොකද හදිස්සියෙන් ලියපු සටහනක්ද හැලපේ? හැලපේ ස්ටයිල් එක නෑ වගේනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද,හැබැයි ලිව්වෙ හදිසියෙන් නං තමා.

      Delete
  27. රන්ගි ලියලා තියෙන එක අම්මපා ඇත්ත ....... මේකේ හැලප ස්ටයිල් එක නෑ ..... මම හිතුවා යටින්ම තියෙයි ඊමේල් එකකින් ආපු විස්තරයක් කියලා

    ReplyDelete
    Replies
    1. නෑ රාලයෝ මේක මගෙම අත්දැකීමක්.

      Delete
  28. මචං හැලපේ තව කෙටි කතාවක් උස්සලා දාපියකෝ අපිට බලන්න. මේවා අපි දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචං,උඹ දැක්කට ගොඩක් අය දැකල නෑනෙ.කෙටිකතාවක් හොයල ආයෙම දාන්නං.

      Delete
  29. Mama obe lipi serama nethath bohomayak kiyawala thyenawa ithaama rasawath,eawagema watina lipi.mama brüssels,Gent,saha antwerfen,walata eka wathawa begin ewilla thiyenawa,namuth me watrloo kiyana sthnayak gena mama obe lipiya kiyawanakam yanthmin wath dannene,anivaryayenma mge meelaga brüssels gamanedee methanata multhenak denawa,eath meewage watina pinthura matanam ganna hekiyawak ne,mama inna düsseldorf indala km 205 wage thami Brüssels midi walata. ikmaninma mewage thawa lipiyak liyanna.Ranjan.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගය කියවා රස විඳීම ගැන සතුටුයි රංජන්,ඔබ ඩසල්ඩෝප් ඉඳල එනවනං මිඩිවලට ඇවිත් එතනින් ට්‍රෑම් එකක බැස්කියුල් හංදියට ඇවිත් බැහැගන්න.එතනින් වෝටර්ලු බසය අල්ලගන්න පුළුවනි.මිඩි සිට මුළු ගමනටම පැය බාගයක් යාවි.
      ඇයි කැමරාවක් තියේනං ඔබටත් මේ විදියටම පින්තූර ගන්න පුළුවනි.

      Delete
  30. ටැන්කිවු අයිය බොලේ.
    බොනපාට් නේද හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ටැන්කිව් කිව්ව දමිත්.

      Delete
  31. බැල්ජියමේ නේද මුද්දර උන්නෙත්,,වෝටර්ලු අහලා තිබුනට පොටෝ එක්ක විස්තරයක් දැක්කෙ අද නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඩිලාන් මගෙ හිතවතා මුද්දර ඉන්නෙත් බැල්ජියමේ මයි.

      Delete
  32. ව්ස්තර ගැනනම් ටිකක් විතර අහලා තිබුනා වුනාට ඉතින් මේ විදිහට ෆොටෝ එක්ක කියෙවුවේ අද තමයි.. මොකද ඉතින් ඔය ඉංගිරීසියෙන් තියෙන එවුවා කියවන්න කම්මැලිනේ ඉතින් අපි..

    ReplyDelete
    Replies
    1. එහෙනං දිනේෂ් මගේ වැඩෙත් වටිනාකමක් තියෙනව නේද.

      Delete
  33. වෙලිංටන් ආදීපාදවරයා හෙවත් රිචර්ඩ් වෙල්ස්ලි.එක්සත් රාජධාණියේ අගමැති වෙලත් ඉඳලා තියෙනවා. කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරියෙක් බවත් ටෝරි ඉතිහාසය කියනවා.

    ලන්ඩනයේ වෝටර්ලූ ස්ටේෂන් එකනම් මෙහේ තියෙන කාර්යබහුල තැනක්. දුම්රිය සහ උමංදුම්රිය ස්ථාන දෙකක් තියෙනවා. යුරෝපයේ සිට පැමිණෙන දුම්රිය දැන් නම් එන්නේ සෙන්ට් පැන්ක්‍රාස් කියන දුම්රිය පොළට මගේ හිතේ.

    හැලපේ සරළව ලියා තියෙන නිසාත්...ඔබ දුටු තැනක් නිසාත් කියවීම පහසුයි.තේරුම් ගන්න ලෙසියි.

    ReplyDelete
    Replies
    1. KG.GCD.GCH.PC.FRS නාමධාරී ෆීල්ඩ් මාර්ෂල් ශ්‍රීමත් ආතර් වෙල්ස්ලි වෙලිංටන්හි ආදිපාදවරයා 1828 සිට 1934 දක්වා එංගලන්තයේ අගමැතිවී තිබෙනවා.ඔහු මුලින් ටොරි පාක්ෂිකයෙක් පසුව කන්සර්වේටිව් පක්ෂයෙන්.
      විස්තරවලට ස්තූතියි අරූ.

      Delete

    2. පොඩි නිවැරදි කිරීමක් කරන්නම් උඹේ රිප්ලයි එකේ.
      වෙලිංටන් ගොයියා...1828-1830 සහ 1834 තමයි අගමැති.
      දැන් ටෝරි කියන්නේ කන්සර්වේටිව් පාක්ෂිකයින්ටම තමයි. 1600 ගණන්වල ටෝරි පාටි කියලාත් කියලා තියෙනවා.

      Delete
    3. තෑන්ක්ස් මචං.

      Delete
  34. I have read so many content regarding the blogger lovers but this
    piece of writing is really a nice article, keep it up.


    Look at my web blog ... combination microwave ()

    ReplyDelete
  35. මෙහෙම පිංතුරත් සමග ඉද හිට පෝස්ට් දාන්න මචං ඉදල හිටල ඔබේ අත්දැකීම් විස්තර සමග....
    අනිත් එක උඹට මම කියන්නෙ එක එකා කියන කතා ඇසුනට ......නොඇසූ කන් සේ ලියාගන යන විදියට ලියාගෙන යමං ......
    මටත් ඔය කියන්නෙ ....එක එකාල ....
    මමත් උඹට කෙලින්ම කියල තියෙන්නෙ සමහර වෙලාවට...

    ReplyDelete
    Replies
    1. ගාණක් නෑ මචං මම ඔය කියන එව්ව බයිට් එකට වගේ හප හපා ඉන්නව.තව අත්දැකීම් රාශියක් ලියන්නට තියෙනවා හිමිහිට ලියමු.

      Delete
  36. බලල් හාමිනේටත් දවසක යුරෝපේ යන්න ලැබේවා! කියල තමයි හිතුණෙ. ස්තුතියි රසවත් විස්තරයට. යන්න ආස හිතුණා.

    ReplyDelete
    Replies
    1. බළල් හාමිනේ හෙවත් බිළාල මැතිණිය මගෙ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.යන්න ආසා නෙවෙයි යුරෝපෙ ගිහිං බලාගන්න.අවශ්‍යතාව තියේනං බැරිකමක් නෑනෙ.පැමිණීමටත් කමෙන්ටුව ටත් බොහොම ස්තූතියි.

      Delete
  37. හැලපයියා වැඩිය සංචරක සටහන් නොලියන එකේ ඉඳ හිට හරි මෙහෙම ඒවා ලියන එක මරු.
    මේක දැක්කායින් පස්සේ මටත් එහෙම ගමනක් යන්න තියේනම් කියලා හිතුණා.
    ඇත්තෙන්ම අපුරු ගමනක්.යුරෝපේ අපිව ටිකක් අරන් යන්නකෝ හැලපයියේ අර "මොනාලිසා"බලන්න ගියා වගේ එක පාරක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,මම ලියන්නෙම ඔයාලගෙ රස වින්දනය සඳහාම බව දන්නව නේද,විවිධ රස කැමති අයත් ඉන්න නිසා ටික ටික වපසරිය පළල් කළා.කොහොමත් තව තියෙන සංචාරක සටහන් ලියන්නම වෙන නිසා ආයෙම යුරෝපේ යන්නට පුළුවන් වේවි.

      Delete
  38. බලන්න යන්න වටින තැනක් වගේ.. මෙහෙම තමන් ගිය ගමන් ගැන දාන විස්තර කියවන එක රසවත් ජාලේ තියෙන විස්තර කියවනවට වඩා.. යුරෝපයේ ඇති තවත් මෙවැනි තැන් ගැන ඔබේ අත්දැකීම් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බලන්න යන්න වටින තැනක් පැතුම්.ඔබට ලේසියි යුරෝස්ටාර් එකේ එන්න පුළුවනි.ලියනව ලියනව තවත් තැන් ගැන ඉඩ ලැබෙන ආකාරයට ලියනව.

      Delete
  39. හැලපයියගෙ මේ අලුත් රටාවට මම හරිම මනාපයි.. සරළ රස වින්දනයක් ලබා දෙන ලියවිලි මැද්දට මේ වගේ රසවත් සංචාරක සටහනක් දෙකක්, සාහිත්‍යමය ලියවිල්ලක් එකතු වෙන කොට සිංහල බ්ලොග් කරණය ආයෙමත් එළිය වැටිලා ඒවි. මමත් ආශාවෙන් ඉන්නෙ යුරෝපයේ සංචාරයකට එකතු වෙන්න. හංගේරියානු ජාතිකයෙක් සහ නෙදර්ලන්ත ජාතිකයෙක් ඉන්නවා මගේ හොද මිතුරන් වන. ඔයා ලක්සම්බර්ග් පැත්තෙ ඇවිද්දෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා,යුරෝප් සංචාරය යන්න බලන්න.මගේ ලක්සම්බර්ග් ගමනත් අමතක නොවන සිහිවටනයක්.ඒ පිංතූර රීල් කැමරාවෙන් ගත්තුවා නිසා ස්කෑන් කරලයි දාන්න වෙන්නෙ.

      Delete
  40. මටත් මුලින්ම මතක් උනේ හෙන්රි කියාපු ඇබා ගෙ වෝටර්ලූ ගීතය....

    ඊලඟට කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ...දනතිස්සට හිරේ යන්න වෙන්නෙ නැපෝලියන්ගෙන් ගෙනාපු ලියුමක් අහුවෙලානෙ. ඒ දවස්වල නැපෝලියන් හිරකරල ඉඳල තියෙන්නෙ එල්බා දිවයිනේ. අධිරාජයාගේ පුනරාගමනය කියන වචන ඇහුනත් ඇති ඒ දවස්වල පැරීසියෙ රාජපාක්ෂිකයින් බියෙන් සලිත වුනා.විල්කොටුවගෙ තාත්තටයි නැපෝලියන් ලියුම එවල තිබ්බෙ. ඒත් දනතිස්ස හිරෙන් නිදහස් වෙනකොට නැපෝලියන් ආපහු ඇවිල්ල වෝටර්ලූ සටනින් පැරදිලා සිරකරුවෙක් විදිහට මියගිහිනුත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මොන්ට ක්‍රිස්ටෝ එකේ උඹ කියන නම් කියවනකොට මට අවුල් වගේ.අපි කියවපු පොතේ තිබුනෙ එද්මොන් දාන්තේ,විල්පෝර් වගේ ඩූමා ලියපු නම්වලින්මයි.

      Delete
    2. ඒකට හේතුව අපි කියෙවුවෙ කේ. ජී. කරුණාතිලයකයන් 'පරිවර්තනය' කරපු මොන්ත ක්‍රිස්තෝ පොත් සෙට් එක නේ.. රවියා කියෝලා තියෙන්නෙ අර 60 ගනංවලද කො‍හෙද ඊරියගොල්ල මහත්තයා 'අනුවර්තනය' කරපු ‍දේවහස්තය.. :-D

      Delete
    3. බුරාස්,
      දේවහස්තය අනුවර්තනය කලේ ඊරියගොල්ල මහත්තයද කේ බී සුගතදාස මහත්තයද?මාත් දවසක කියෙව්වා මතකයි.මළ ජරාවක්.පොත් හයක දේ එක පොතකට කපන්නෙ කොහොමද.

      Delete
    4. ඇත්තටම මට ගනිච්චියක් නෑ බං.. ඒ වෙලාවෙ හිතට ආවෙ ඊරියගොල්ල මහත්තයගෙ නම, ඒක එහෙම්මම ටයිප් කලා.. ඊරියගොල්ල මහත්තය කලේ මනුතාපය නේද?

      Delete
    5. ඊරියගොල්ල මහත්තය මනුතාපය සහ දේවතාපය පොත් දෙකම කළා.බුරාට දේවතාපයයි දේවහස්තයයි පැටලෙන්නට ඇති.

      Delete
  41. අනේ බන් මේ පොස්ටුව තව ටිකක් දිගට ලියවුනානම් කොයි තරම් අගේද ? කොහොමත් ඉදිරි දවසක ඉතිරි පින්තුර එක්ක නැපෝලියන් ගැනත් ලියපන්. ජාලෙන් කියෙව්වට මේ රහ දැනෙන් නෑ

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව දිග මදි තමා ඒක මටත් හිතුණා,මොනා කරන්නද කම්මැලි කමට.ඉතුරු පිංතූර ටික ආයෙම දාන්න බලන්නං.

      Delete

  42. ආයුබෝවන්, සුබ දවසක්!
    ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com/discussions

    ReplyDelete
  43. හොඳ විස්තරයක්නෙ. පිංතූර ටිකත් මරු.
    අද යන්තං අර මොනාලිසා බලන්න ගියා වගේ නැතුව වැඩේ කෙරිල තියෙනව. ශුවර් එකටම අමුවෙන් ඉද්දි ලියාපු එකක්ද කොහෙද. :D
    අර මිනී ඔළු ටික කාගෙද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ප්‍රසන්න.මොකද නැත්තෙ කියල ඒත් මම කල්පනා කර කර හිටියෙ, පොසොන් එකට ගොඩකවෙල එන්න සූජානං වෙලා ඉන්න අර වසවර්තියෝ ටිකට වල් ඌරුමස් හොයන්න කැලේ රිංගලවත්ද කියලත් හිතුණා.
      //අද යන්තං අර මොනාලිසා බලන්න ගියා වගේ නැතුව වැඩේ කෙරිල තියෙනව. ශුවර් එකටම අමුවෙන් ඉද්දි ලියාපු එකක්ද කොහෙද. :D//
      අනේ අම්මප බොලාට කොහොම ලිව්වත් ඇදයිනොවැ.
      මිනී ඔළු ටික කාගෙද කියල එතන ගහල තිබ්බෙ නං නෑ.හැබැයි මැරිච්ච උන්ගෙ වෙන්නැති කියල මට ෂුවර් එකටම කියන්න පුළුවනි.

      Delete
    2. @ Praසන්ன,

      අර උඩ පේළියෙ වම් පැත්තෙම තියෙන්නෙ නැපෝලියන් පුංචි කාලෙ හිස්කබල.. මැද තියෙන්නෙ එයා තරුණ කාලෙ හිස්කබල.. දකුණු පැත්තෙම තියෙන්නෙ එයා මලාට පස්සෙ ගත්ත හිස්කබල..

      Delete
    3. මේ සතියම පොඩ්ඩක් කාර්යබහුල උන නිසා බ්ලොග් කියවන්න පොඩ්ඩක් පමා උනා හැලප අයියෙ.

      @බුරා, ඒ කියන්නෙ මිනිහ තුං පාරක්ම මැරිල තියෙනව. :D

      Delete
  44. පරක්කු වෙලා ආවම කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ.. උඩිං කට්ටිය ඔක්කොම කියලනෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ඔයා දැන් මේ පැත්තෙ එන්න බොහොම හොරයිනෙ.

      Delete
    2. මේ පැත්තට විතරක් නෙවෙයි.. කොයි පැත්තටත් එහෙම තමයි මේ දවස් වල... හි හි

      Delete
    3. අනේ ඔව් අපි කනක් ඇහිල ඉන්නව

      Delete

ඔබේ අදහස්