Thursday, June 5, 2014

134.එකගෙයි අවුරුද්දට වචනයක්.



 අද මම කෙටිකතාවක් පළකරන්නට හිතුවා,විශේෂත්වය නම් මේ කෙටිකතාව මා ලියු එකක් නොවීමයි,ලාංකික යථාර්ථවාදී කතා කලාවේ පුරෝගාමියෙකුද විශිෂ්ට ගනයේ ලේඛකයෙකුද වු දිවංගත කේ ජයතිලකයන් 1971 වසරේ පලකළ එකගෙයි අවුරුද්ද නම් කෙටිකතාව මා පළකරන්නේ හොඳ කෙටිකතාවක් යනු කුමක්දැයි අපේ සහෘදයන්ට හඳුන්වා දීමටත් කෙටිකතාව හා නවකතාව යන දෙකේ වෙනස ගැන ලිපියක් ලිවීමටත් මේ කතාවෙන් කියැවෙන චාරිත්‍රය සම්බන්ධයෙන් ඉදිරියට දීර්ඝව සාකච්ඡා කිරීමට මා  අදහස් කරන නිසාත් යන කරුණු  හේතුවෙනුයි.

කතාව කොටස් වශයෙන් පළකරන්නට හෝ අකුරක් ඉස්පිල්ලක්  අඩුවැඩි කරන්නට මට අයිතියක් නැති නිසා කතාව ඒ ආකාරයෙන්ම පළකරනවා, කියවලම කතා කරමු...
                                                                                     එකගෙයි අවුරුද්ද.
සිංහල අලුත් අවුරුදු රාශියක මතක මගේ සිතෙහි තැන්පත්ව පවතී.දිරාපත් මේ මතකයන් අතර එක අවුරුද්දක මතක පමණක් මළ කෑමක් පවා නොමැතිව වරින් වර විදුලි කොටයි.මින් පෙර අවුරුදුවල චාරිත්‍රවාරිත්‍රවලට මා මුහුණ දුන්නේ කුඩා දරුවෙකුගේ ස්වාභාවික උනන්දුවෙනි.මෙයින් පසු අවුරුදුවල ඒවා නිරීක්ෂණය කිරීම මා උවමනාවෙන්ම වාගේ මගහරින්නට ඇතැයි සිතේ.

හැම බක් මහකම කාලගුණය ඒකාකාර නොවේ.එවර බක් මහ ලැබූ තැන් සිට වහින්නට මෙන් මුළු අහස වලාකුළු වලින් බරව පැවති නමුත් වැස්සේ නැත.එහෙත් එයින් ගස් කොළන් වියලා හරින දැඩි දාහය මර්දනය වී යයි.පහළින් ඉහළටත් ඉහළින් පහළටත් විහිදී යන ඉපනැල්ලෙන් පඬු පැහැ ගැන්වුණු කුඹුරුයාය එළා ලු මහා මාගලක් මෙන් දිස්වූ අයුරු මට මතකය.කමත්වල තවම පිදුරු කඳු විය.ගෙයි මුළු මුළුවල වී ගොඩවල්ය.අතීත බොහෝ සිද්ධීන්ට පොදු අද්භූත,චමත්කාරජනක හැඟීම් සහිතවය,මේ ශාන්ත සෞභාග්‍යමත් පරිසරය මැදින් ගලා ආ කොවුල් හඬ මට සිහිකළ හැක්කේ.කොවුල් නදින් කුල්මත් වන අම්මා ගොයම් වැඩද අතහැර අවුරුද්දට සුදානම් වන්නීය.අලුත් අවුරුද්දට කළ යුතු වැඩ රාශියක් ඇයට ඇත.බිත්ති කිරිමැටි ගෑම,ගෙබිම ගොම පිරිබඩලීම,කැවුම්,කොකිස්,මුං අග්ගල තැනීම,අවුරුදු කෑමට අඩුවැඩිය සකස් කිරීම-තව කීයක්ද?

අවුරුද්දට කලින් ගෙදරට ලියමනක් ආවේය.තාත්තා නමට පිට නම ලියා තිබු එය අම්මා වරින් වර ඒ මේ අත පෙරළමින් බලමින් සිට ඔහු පැමිණි විගස අතෙහි තැබුවාය.ඔහු ලියමන කඩා තමාටම කියවා ගන්නට විය.

"කවද්ද එනවයි කියන්නෙ?"කියවා අවසන් වන තුරු තනි බැල්මට ඔහු මුහුණ බලා සිට අම්මා ඇසුවාය.

"දොළොස් වෙනිදා ඊට ඉස්සර කඩේ වැහුවොත් හුඟක් පාඩුලු."

"මගෙ අම්මේ!ඊට නරකයැයි අවුරුද්ද දවසෙම ආවානම්."

"උඹලා නම් ඔහෙ කියයි ගෙදර ඉඳගෙන. කඩයක් කරන මිනිහනෙ ඒකෙ තියෙන අමාරුව දන්නෙ.අවුරුදු කන මිනිසුන්ට ඕනැ දවසට බඩුමුට්ටු ටික ගන්ට නැති තැනකට ඊට පස්සෙ උන් ආයිමත් ඒවියැ."

ඊට අම්මා කිසිවක් කීවේ නැත.ඔවුන් අතර ඇති වූ කතාබහට මා උනන්දුවෙන් සවන් දුන් නමුත් ඔවුන් හරියටම කතා කරන්නේ කවුරුන් හා සම්බන්ධ කුමක් ගැනද යන්න මට වැටහුනේ නැත. ඒ නිසා තාත්තා ඉවත ගිය විගස මම ඒ ගැන අම්මාගෙන් විමසුවෙමි.

"කවුද අම්මෙ එනවයි කියන්නෙ?"

"පුතාගෙ පුංචි තාත්තා."

"කවුද අම්මෙ පුංචි තාත්තා කියන්නෙ?"

"අර ගිය අවුරුද්දෙත් පුතාට තෑගි ගොඩාක් අරගෙන ආවෙ.අන්න එයා."

පුංචි තාත්තා ගැන මා නොදැන සිටියේ නොවේ.මට තාත්තලා දෙදෙනෙකුන් සිටිතියි යන කතාව ඊට පෙර නොයෙක් වර මා අසා ඇත.අම්මා හෝ තාත්තා කතා කරන විට 'හිඟුරක්ගොඩ එක්කෙනා'නමින් හඳුන්වන්නේ ඔහු බවද මම දැන සිටියෙමි.අනික් අයට සිටින්නේ එක තාත්තා කෙනෙකි.ඇතැම් විට දෙදෙනෙකු සිටින නමුත් එය සාමාන්‍ය නොවේ.එසේම ඒ තරම් 'නම්බුකාරද'නොවේ.මිනිසුන්ගේ කතාබහෙන් මෙවැනි හැඟීමක් මසිතට පිවිසී තිබිණ.එහෙයින් මට අර ප්‍රශ්නය ඇසීමට උවමනා නොවීය.එය ඇසුණේ ඉබේටමය.කෙසේ වුවත් සිත තුළ නළියන කුකුසකින් ගැලවී ගන්නට මම අපොහොසත් වීමි.මම අම්මාට හොරෙන් පුංචි තාත්තා එවූ ලියමන සොයා ගෙන කියවීමි.එය මෙවැන්නක් විය.                                                                                                                                                                                                                                                                                                                                                     හිඟුරක්ගොඩදීය.
                                         තිසරණාධාර වේවා!
ආදරණීය අයියේ,
අයියලාගේ සැප සනීප බොහෝ කලකින් දැනගන්ට නොලැබීම නිසා බලවත් සේ කනගාටු වෙනවාය.මම මේ අප්‍රේල් මස දොළොස්වෙනිදා අලුත් අවුරුද්දට ගමට ඒමට අදහස් කර ඉඳිමි.අවුරුදු දවස්වල බඩු ගැනීමට බොහෝ අය එන නිසා ඊට කලින් කඩේ වැහුවොත් හුඟක් පාඩුය.         
 මැණිකේත් පුතාත් සනීපෙන් පසුවෙනවා ඇතැයි සිතමි.ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
                                                             
                                                           සුවෙමි.සැපවේවා!
                                                           මීට,
                                                           යටහත් කීකරු මල්ලී,
                                                           අගෝරිස්.

ලියුම ලැබීමෙන් පසු අම්මා කෙරේ වැඩි උද්‍යෝගයකුත් වැඩි දීප්තියකුත් දක්නට ලැබිණ.ඈ අමුතු පණක් ලද්දියක මෙන් දුව පැන කඩිසරව කටයුතු කරන්නට වූවාය.ඈ වැඩියෙන් කතා කරන්නේ අවුරුද්ද ගැනය.අවුරුද්දට එන බව කියා හිඟුරක්ගොඩින් ලියමනක් ලැබුණු බවද අසල්වැසියෙකු සමග ඉඳහිට පවසන්නීය.

"උඹට නම් ඉතිං මොකද?මොනවයින් අඩු පාඩුවක්ද?"කියමින් ඇතැම් ගැහැනියක් එවිට මඳ සිනහවෙන් ඇගේ මුහුණ බලන්නීය.අම්මා එවිට ලජ්ජා වෙතියි මා සිතන නමුත් ඈ එය පිළිගන්නේ ප්‍රීතියෙන් පිරුණු මුහුණකිනි.තාත්තා තුළ පිටතට පෙනෙන තරම් විශාල උනන්දුවක් නොදක්නා ලද නමුත් උන්දෑද වෙන දාට වැඩි උනන්දුවකින් හා ඕනෑකමකින් කටයුතු කරන බව දක්නට ලැබෙයි.

ගෙවල් දොරවල් පිරිසිදු කොට අලුත් පෙනුමක් දෙන ලද්දේ මුළුමනින්ම අම්මා විසිනි.අවුරුද්ද ඔන්න මෙන්න කියා තිබියදී ඈ කැකුළු හාල් සේරු කිහිපයක් දියේ දමා පොඟවාගෙන කොටන්නට වුවාය.ඈ හතිලාගෙන මෙය කොටනු දුටු විට තාත්තා පිට අයට නොපෙනෙන පරිදි හොරෙන් හොරෙන් ඊට උදවු විය.තාත්තා කවදත් ගෙදර වැඩකට අම්මාට උදවු වෙන්නේ පිට අයට නොපෙනෙන පරිද්දෙනි.ගෙදර වැඩපලවලදී බිරිඳට උදවු කරන සැමියෙකු ගැන තාත්තා පමණක් නොව අම්මාද අවඥාවෙන් කතා කරනු මා අසා ඇත.
                          
'ඒ ගෑනි මිනිහට කියල වීත් කොටව ගන්නව.'
                          
'ඒ මිනිහා ගෑනිට බයේ කියන කියන මර වැඩ කරනව.'
                          
'ඌ ගෑනි කිව්වොත් ලිඳකට හරි පනීවි.'

දොළොස්වෙනිදාට එළි වු තැන් සිට ගෙදර පිරී පැවැත්තේ බලාපොරොත්තුවලිනි.එක අතකින් අවුරුද්ද එන බලාපොරොත්තුව.අනික් අතින් පුංචි තාත්තා එන බලාපොරොත්තුව.පුංචි තාත්තා මෙවරත් තෑගිබෝග රැසක් ගෙන එනු ඇතැයි මමද බලාපොරොත්තු වෙමි.ඔහු ඒමට තව වේලා ඇතත් වරින් වර අම්මා පාර දෙස බලන්නේ දැන් දැන් එතියි සිතන්නාක් මෙනි.

බලාපොරොත්තු වැඩියත් පැවැත්තේ අම්මාත් මාත් තුළය.තාත්තා නම් උදේම මල්ලකුත් රැගෙන කිරිඳිවැලට ගියේය.ඊයේ,සතියේ පොළට ගිය ඔහු බරටම තුනපන බඩු මලු කීපයක්ම ගෙනාවේය.අම්මා ඒවා එකිනෙක පරීක්ෂා කර කල්පනා කරමින් අඩුපාඩු විය හැකි දේ ඔහුට ඇඟෙව්වාය.

"වම්බටු ටිකක් තෙල් දාලා ගත්තොත් හොඳයි නේද?"ඈ වරක් ඇසුවාය.

"අච්චාරුවක් හදන්නට විනාකිරිත් නැතුව ඇති.ගිය අවුරුද්දට ගෙනාවට පස්සෙ ගෙනා එකක්යැ"ඈ නැවතත් මතක් කළාය.

තාත්තා ඒවා අනුමත කරමින් අමතක වු දේ මතක් කරමින් සිතේ සටහන් කර ගනු දක්නට ලැබිණ.

"වරුවක් බලන් හිටියා මාළුකාරයා එනකල්.මොකක්වත් නෑ.හුරුල්ලොයි සාලයොයි විතරයි.පස්සෙ ඌරු මස් ටිකකුත් ගත්තා.කැලණිය වඳින්ට වගෙ සෙනග"තාත්තා කිරිඳිවැලෙන් ගෙන ආ බඩු මල්ල බිම තබමින් කීය.

"මේ දවස්වල හැම තැනම ඔහොමලු.කී කාලෙකට වතාවක්ද ඉතින් අවුරුද්දක් එන්නෙ?කෝකටත් හොඳයි මස් ටිකක් ගෙනා එක.අරුමැක්කෙ එන මිනිහට පුළුවනැ හුරුල්ලො විතරක් උයලා දෙන්ට." 

මස් මාළු ගෙන ආ නමුත් අප දවාලට බත් කෑවේ වෙනදා මෙන්ම එළවලුවකුත් කරවල හොද්දත් සමගය.මාළු හා මස් ව්‍යංජන හතරක් සේ පොල් කිරි නොදමා හතර විදියකට සෑදු අම්මා ඒවා ඇතිළිවලම වසා තැබුවාය.

"මස් කෑල්ලක් දෙන්නද?"කෑම කන අවස්ථාවේදී අම්මා තාත්තාගෙන් ඇසුවාය.

"තිබුණාවෙ,එතකොට ගන්න"තාත්තා කීය.

අම්මාට ඉස්පාසුවක් නැතිව වැඩ ඇතත් කෑමෙන් පසු වරින් වර ඉස්තෝප්පුවට පැමිණ තාත්තා සමග ස්වල්ප වේලාවක් කතා කරමින් සිටියාය.

"එකයි තිහේ කෝච්චියෙන් ගම්පහට ආවොත් නම් බස්සෙක අල්ලා ගන්න පුළුවන් වේවි.නැත්නම් තිරික්කලේක තමයි එන්ට වෙන්නෙ."

"බස්සෙක අහු උණා නම් තව ටිකකින් ඒවි."

"සිරිනේරියගෙ තිරික්කලේ ගත්තොත් ඌත් නම් බස්සෙකට පහු වෙන එකක් නැහැ."

"හෙට අනිද්දත් නිවාඩු එකේ අද පුලුවන් නෙ මුන්ට බස්සෙක දෙපාරක් දුවන්ට.ඒ තරම් සෙනඟ ඇති."

"උන්ටත් දැන් සල්ලි වැඩි වෙලා කරගන්ට දෙයක් නෑ."

පුංචි තාත්තා දුර එනු මුලදීම දැක්කේද අම්මාය.

"ආං! අර එන්නෙ මතක් කරන කොටම" කියමින් ඈ බිම වාඩිවී සිටි තැනින් නැගිට දකුණතින් පිටුපස පිස දැම්මාය.

ඔහු අතේ පාර්සල් රාශියක් විය.අපි ඔහු එනතුරු නොඉවසිල්ලෙන් ඉස්තෝප්පුවේ හිටගෙන බලා සිටියෙමු.අම්මාගේත් මගේත් මුහුණින් කටින් හිනා හැළෙයි.

පුංචි තාත්තා ළං වන විට අම්මා ඉදිරියට ගියාය.මමද ඇය ළඟින් වීමි.ඔහු පාර්සල්වලින් ගොඩක් අම්මාට දී ඉතිරි ඒවා පුටුවක් මත හැළීය.

"බරටම පාර්සල් උස්සාගෙන" යි  අම්මා ඒවා දෑතින් ගනිමින් කීවාය.පුංචි තාත්තා පුටුව මත තැබූ පාර්සල් අතරින් කැඩූ එකක් තෝරා මා අත තබා හිස අතගෑය.එහි වුයේ සීනිබෝලය.

"බස්සෙක අහු වෙන්ටැති?"තාත්තා කතාවට මුල පුරමින් ඇසීය.

"ඔව් එනකොටම බස්සෙක තිබුණා.සෙනග නම් උතුරනව.අපරාදෙ කියන්ට බෑ එව්දියෙස් කාරයා දුටුව තැනක කවදාවත් මාව දාලා යන්නෙ නෑ."

"ඌ හොඳ ගුණේ ඇති එකා."

"මෙහෙටත් තාම වැස්ස නැද්ද."

"තාම නෑ.ඒ උණාට මෙදා වෙනදා වගෙ තද ඉඩෝරයක් තිබුනෙ නෑ."

"එහෙ නම් තාම වේලෙනව.හැබැයි අස්වැන්න කාලෙ හින්ද හොඳයි.හාන කාලෙටත් මෙහෙම හිටීවිද මන්දා?"

"කොහොමද ඉතින් කුඹුරු වැඩ කරන්නෙ?"

"වැව් තියෙනවනෙ.වැව තමයි මිනිස්සුන්ගෙ ගැලවුම්කාරයා.ඒ උණාට වැවුත් හිඳෙනව."

"කතා කරන්ට බැරියැ,මුණ කට ටිකක් හෝදගෙන.අන්න මම වතුර දැම්මා.මෙන්න සරමක්" අම්මා මැදිහත් වුවාය.

"ංආ!සරමක් නම් මාත් ගෙනැත් ඇති"පුංචි තාත්තා තුවාය අතට ගති.

පුංචි තාත්තා ගෙන ආ පාර්සල්වල ඇත්තේ මොනවාදැයි බලන්නට මට මහත් ආශාවක් ඇත.අම්මා ඒවාට අත වත් තබන්නට නොදී රැකගෙන සිටින්නීය.ඒවා දකින්නට ඉඩ ලැබුණේ පුංචි තාත්තා මුහුණ කට සෝදා ගෙන තුවායෙන් දෙකන් පිසිමින් ඉස්තෝප්පුවට ආ ඉක්බිතිවය.ඔහු එක් එක් පාර්සලය ලිහමින් ඒවායේ ඇති දේ තුන් දෙනා අතර බෙදන්නට විය.තාත්තාට සරමක් බැනියමක්,අම්මාට කම්බායක් හැට්ට රෙද්දක්,මට පුංචි සරමක් හා බැනියමක්,ඔහු නොලිහු පාර්සල් කිහිපයක් විය.ඉන් සමහරක වුයේ කැවිලි වර්ගය.සමහරක අවුරුද්දට අඩුවැඩියයි.

"සිල්ලර තුනපහ නම් මොකවත්ම ගෙනාවෙ නෑ.මොකටද එහෙ හිටන් උස්සගෙන එන්නෙ.මෙහෙන් ගන්ට තියෙද්දී.තව අඩුපාඩු මොනවද කිව්වොත් මට කිරිඳිවැලට දුවලා අරගෙන එන්ට පුළුවනි."

"මොනවටද..........? ඒ සේරම ජාති මෙහෙන් ගත්තා.මේ ගෙනත් තියන ජාති මදිවට!"අම්මා කීවාය.

"මම ඊයෙත් පොළට ගියා.අඩුපාඩු තිබිච්ච ඔක්කොම අද කිරිඳිවැලෙන් ගත්තා."තාත්තාද කීය.

"අද නම් වහී වාගෙ"තාත්තා අහස දෙස බලා කියයි.

"කොහෙද?මේ දවස් ටිකේම ඔහොම තමයි.නිකම් ගොඩ ගොරවල යනව."

තාත්තා මඩපලං සරමකුත් පුංචි තාත්තා පලයකාට් සරමකුත් ඇඳ සිටිති.තාත්තාගේ උඩු කය හිස්ය.පුංචි තාත්තා අත් දිග මේස් බැනියමක් ඇඳ සිටී.ඔහු තාත්තාට වඩා එළලුය.ඊට වඩා මඳ ඔතැනි කමකුත් ඇත්තා සේය.තාත්තාගේ මෙන් ඔහුගේ අත පය ගොරෝසු නැත.

සවස තාත්තා වෙල පල්ලෙහා ඇවිදින්ට ගියේය.මම වත්තේ ඔබ මොබ යමින් සිටියෙමි.පහළ ළිඳට ගොස් සිටි අම්මා නාගෙන ගෙදර ආවාය.ළඟින් යන විටත් ඇය සබන් සුවඳය.පුංචි තාත්තා ගෙනවුත් තිබු අලුත් සුවඳ සබන් ඈ පාවිච්චි කරන්නට ඇත.අම්මා තවම තරුණය.අද ඇගේ ඒ තරුණභාවය නට නටා ඉස්මතු වෙයි.

මඳ වෙලාවකට පසු ගෙටවුත් සාලයට ගියවිට මා දුටු දර්ශනය බලාපොරොත්තු නුවුවක් විය.පුංචි තාත්තා සාලයේ ජනේලය අද්දර පුටුවක වාඩිවී සිටියේය.අම්මා ඒ ලඟම ඉදිරිපිට මිටි බංකුවේ ඉඳියි.ඔහු ඇගේ හිස පීරමින් උකුණන් බිඳියි.ඇගේ උඩුකය පුංචි තාත්තාගේ දෙදණහිස් අතර හිරවී ඇත.මා සාලයට ඇතුළු වන විට එය බලාපොරොත්තු නුවූ අවස්ථාවක සිදු වූවක් හෙයින් අම්මා මඳක් වික්ෂිප්ත වූවාය.එහෙත් ඈ ඒ මොහොතේම එය නිවාගෙන යළි සන්සුන් වූවාය.මටද ලජ්ජාවක් ඇතිවූ නමුත් එය නොපෙන්වීම සඳහා සාලයේම නැති බඩුවක් සොයා පසුව එය සෙවීම පිණිස කුස්සියට රිංගුවෙමි."ඒ ළමයත් මේවට පුරුදු වෙන්ට එපායැ?"අම්මා කියනු මට එතැනට යන්තමට ඇසිණි.

මා ගෙයින් පිටවූයේ සාලය හරහාම අවුත් ඔවුන් දෙසද ආරූඪ කරගත් යථාස්වභාවයකින් බලමිනි.අම්මා මහත් සුවදායක සතුටකින් ඔලුව දීගෙන ඉඳින්නීය.ඈ ඔලුව වරින් වර ගස්සා දෙකන් අතරින් දෑත් යවා කෙස් කළඹ සකස් කළාය.ඔවුහු එසේ ඉඳ ඉතා කුළුපග ලීලාවකින් කතා කරති.වැඩිපුර කතාකළේ පුංචි තාත්තාය.අම්මා වරින් වර හිස සොල්වා කන් පාදමින් ඕනෑකමෙන් සවන්දෙයි.

ඔවුහු තාත්තා එනතුරුම මේ අන්දමට සිටියහ.ගෙට ගොඩවුණු තාත්තා වරක් පමණක් ඔවුන් දෙස බලා හිස හරවාගෙන කුස්සියට ගියේය.අම්මා පුංචි තාත්තාගේ දෙකලවාවලට දෑත් ගසා නැගිට "මං එන්නම් අය්යට තේ එකක් හදලා දීලා"කියමින් කුස්සියට ගියාය.ඒ ගියාට පසු ඈ යලිත් පුංචි තාත්තා කරා නාවාය.පුංචි තාත්තාද ඈ එනතුරු බලා නොසිට නැගිට වෙනත් වැඩ කටයුතුවල යෙදෙන්නට විය.

එදා රාත්‍රී කෑම මේසය මඟුල් මේසයක් හා සම විය.අය්යා මලෝ දෙදෙන ඔවුන්ට පෙරැත්තද කරමින් කෑම බෙදුහ.අම්මා හැම දෙයක්ම තාත්තාට පළමුවෙනුත් ඊළඟට පුංචි තාත්තාටත් බෙදුවාය.ඒ හැම දෙයක්ම කිරා බලා බෙදුවාක් මෙන් සමෝසම විය.හැම දෙනාම මටද විමස විමසා බෙදුහ.පුංචි තාත්තා මට යමක් බෙදනවිට හෝ බෙදන්නට විමසන විට "ඔයා නිකම් ඕවා අනල දානව විතරයි.කන්නෙ නෑ.පේන්නෙ නැද්ද? කැඳ නැති ගෙදරක වගෙ"යැයි අම්මා හෝ තාත්තා කියයි.

කෑමෙන් පසු පිළිසඳර සමයයි.වෙනදා කුප්පි ලාම්පුවේ කණමැදිරි එළියෙන් එළිය වන ඉස්තෝප්පුව තේජවන්තව බබලන පැට්‍රොමැක්ස් ලාම්පුවෙන් ආලෝකවත් වෙයි.ඉස්සර වතාවක එය ගෙනැවිත් ඇත්තේ පුංචි තාත්තාය.අවුරුද්දට ගේ ඉදිරිපිටින් තාත්තා පත්තු කළ මල්පැලේ පොල්තෙල් පහනේ දුබල එළිය පැට්‍රොමැක්ස් ආලෝකයෙන් ඉවතට තල්ලු වෙයි.

"කොහොමද මේ දවස්වල වෙළඳාම සරුද?"තාත්තා අසයි.

"වෙළඳාම නම් කවදත් නරක නෑ.නමුත් ණය එකතු කරන එක තමයි හරිම කරදරේ."

"අතේ සල්ලි දීලා බඩු අරගෙන ණයට දෙන්ට ඕනැයි"අම්මා කියන්නීය.

"ණයට නොදී අමාරුයි.එතකොට උන් දෙමළ මරක්කල කඩවලට යනවා.කොහොමටත් සිංහල මිනිස්සු වැඩියෙන් කැමතියි දෙමළ මරක්කල කඩවලින් බඩු ගන්ට."

"ඒ මොකද ඒ?"

දෙමළ මිනිහා මරක්කලයා කවදත් අපෙන් වෙන් වෙච්ච එකාමයි.ඌ දුප්පත් වෙලා ඉඳගෙනම වෙන් උණත් එකයි.පොහොසත් වෙලා වෙන් උණත් එකයි.සිංහලයා දුප්පත් මිනිහෙක් හැටියට එකට ඉඳලා සරු උණහම වෙන් වෙනව.මිනිස්සු ඒක ඉවෙන් වගෙ දැනගෙන සිංහලයො දියුණු වෙනවට කැමති වෙන්නෙ නෑ.දුප්පත් සිංහල මිනිහෙක් දියුණු වෙනව කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගෙන් එකෙක් නැතිවෙන එක.නැති වෙනව විතරක් නෙවි.ආඩම්බරකාරයෙක් ඇති වෙනව.

"ඒක නෙවි උන් වෙළඳාමට සූරයි"තාත්තා කීය.

"ඉතින් උන් කොහොමද ණය එකතු කරගන්නෙ?"අම්මා කුතුහලයෙන් අසයි.

"සල්ලි නුදුන්නොත් අස්වැන්න කාලෙට කුඹුරටම ගිහින් වී ටික අරගෙන එනව.උන් ණය දෙන කොට දෙන්නෙ වෙස්සන්තර රජ්ජුරුවො වගෙ.ණය එකතු කරන කොට යම රජ්ජුරුවො වාගෙ.ඉතින් අපට පුළුවනැ ඒ විදියට කටයුතු කරන්ට."

"ඒක තමයි මම කිව්වෙ සිංහලයට වෙළඳාම් කරන්ට බෑ කියල.ඕනැවට වඩා හිත උණු වෙනව."

"අනේ ඉතින් වෙළඳම් කරයි කියලා මනුස්සයො උණහම එහෙමත් කළ හැකිද?"අම්මා අසන්නීය.

"එහෙ මිනිස්සුන්ට නම් කොහොමත් ඒක කරන්න බෑ.උන් ඒ තරමට අහිංසකයි.තියෙන සිංහල කඩ ටික හරි දාලා තියෙන්නෙ පිටින් ගිය මිනිස්සු.දැන් තමයි ඒ අය ටිකක් හරි වෙළඳාමට බහින්නෙ.කලින් නම් ඒවාට කැමැත්තක් තිබිලම නෑ."

මම පුංචි තාත්තා ගෙනවුත් දුන් රතිඤ්ඤ පෙට්ටියේ එක එක රතිඤ්ඤය ගලව ගලවා පත්තු කරමි.පානට අල්ලා නූලට ගිනි දැල්වීමත් සමග සිහින් එළිය කූරු රැසක් ශීඝ්‍රයෙන් විහිදුවන රතිඤ්ඤ කරල මිදුලට විසි කළ විට ක්ෂණික ආලෝකයක් හා මහ හඬක් නඟාගෙන පුපුරයි.රතිඤ්ඤ අවසන් වූ විට නිලා පත්තු කරමි.කතා කරන අතර අම්මා මගේ ක්‍රියාව ගැනත් වචනයක් දෙකක් ඇතුළත් කරන්නීය.

"වෙනද මෙලහකට හොඳටම නිදි.අද නිදිමත පළාතක නෑ."

"හෙටයි අවුරුදු.හෙටටත් ටිකක් ඉතුරු කරගනින්."

මම ඒ නොඇසු කන්ව ම‍ගේ කාරියෙහි යෙදෙමි.

මට දී තිබු රතිඤ්ඤත් නිලාත් අවසානය.මම තාත්තා ඉඳගෙන සිටින ඇඳේ බිත්තිය අයිනෙන් දිගා වෙමි.පුංචි තාත්තා ලී පුටුවෙහිය.අම්මා බංකුව මතය.තවමත් ඔවුහු කතා කරමින් සිටිති.

"අය්යා මේ පාර මීගහකුඹුර වැඩ කළේ නැතෙයි?"

"මොකද නැත්තෙ?ඕක අඳේට දුන්නා නම් ඔය අස්වැන්නෙන් බාගයක් ගන්න පුලුවන්ද?බලාපන්කො අර එහා කාමරේ මුතු ඇට වගෙ තියෙන වී ගොඩ දිහා,එක බොල් ඇටයක් තියෙනවද කියලා."

"ඕක බේරාගන්න එක තමයි වැඩේ.දැන් හැමෝම එයි ඕකෙන් බිත්තර වී ඉල්ලාගෙන"අම්මා ඊට එක් වන්නීය.

"අර පබිලගෙ වී කොටහ ගෙනත් දුන්නෙ නැද්ද?"එයින් අමතක වුවක් මතක් කරමින් තාත්තා අසයි.

"වටද්දර අක්කා අද ළිඳ ළඟදි හම්බ වෙලා කිව්වා අවුරුද්ද පහුණ හැටියෙම ඒක ගෙනැත් දෙනවයි කියලා."

"හැමදාම ඔහොම තමයි කියන්නෙ.ණයක් ගන්න කොට තියෙන ඕනෑකම නෑ ඒක ගෙවන්න.මීට පස්සෙ නරකයි ඕකුන්ට කිසි දෙයක් දෙන්ට."

කතාබහ අතරින් කාලය ගත වී යයි.

පැට්‍රොමැක්ස් ලාම්පුව නිවේ.සඳ නැග ඒ.කොළ අතුරින් පෙනෙන සඳ මඬලින් ගලා හැලෙන සුදුරැස් බිත්තියේද විසිරෙයි.එක එක හැඩකොළ අතු එහි ලස්සණට සටහන් වී ඇත.අවදිව සිටීමට උත්සාහ කළත් සීතල,නිසල බව,සඳ රැස මා නින්දේ ඔබාලයි.

මට රෑ ඇහැරිණි.වෙනදාත් තාත්තලා කතාබස් කරමින් සිටින අතර මට මෙසේ නින්ද යයි.එහෙත් පසුදා උදේ නැගිටින විට මා සිටින්නේ මෙතැන නොව ගෙයි ඇඳේයි.අද වෙනසක් ඇති බව සිහිනෙකින් මෙන් මට දැනෙයි.මෙසේ අවේලාවට ඇහැරෙන්නට ඇත්තේත් ඒ නිසා විය යුතුය.

ඇඳේ මා ළඟ කෙනෙක් සැතපෙයි.මම හෙමින් හිස මඳක් ඔසොවා ඒ කව්දැයි බලමි.ඒ තාත්තාය.ඇයි තාත්තා මෙතැන?කෝ අම්මා?

සඳපහන බිත්තියෙනුත්,ඇඳෙනුත් ගෙබිමෙනුත් බැස ගොස් ඇත,එය මිදුලේ පෙරටත් වඩා ඝනව පවතී.නමුත් ඉස්තෝප්පුව අද්දර අඩි දෙකක පමණ කළුවර තීරුවක් ඇඳී ඇත,ඒ ගෙයි සෙවණැල්ලයි.රෑහි නාදය නොනවතින ගීතයක් මෙන් ඇසෙයි.මට යළිත් නින්ද යන්ට ඇත.

පසුදා මා අවදිවුයේ ප්‍රබෝධමත් ලෝකයකටය.ගේ පමණක් නොව වත්ත පිටියත් වෙනදාට වඩා ආලෝකවත් වී ඇතැයි සිතේ,තාත්තා ඇඳේ නොවීය.ගෙතුළ කලබල ශබ්දය ඇසේ.මම පොරොවා සිටි රෙද්ද දෝත විදහා පස්සට වීසි කරමින් ඇඳෙන් පැන්නෙමි.අම්මාත් පුංචි තාත්තාත් ගෙයි රාමෙට වැඩ.අතුපතු ගෑම්.අස්පස් කිරීම්.අඩුවැඩිය පිළිවෙළ කිරීම්.

"ංආ මෙන්න පුතත් නැගිටලා ඇවිත්"පුංචි තාත්තා කීය.

"අදද අම්මේ අවුරුදු?"

"ඔව්!පුතා.ඒක නේන්නම් මේ තරම් වැඩ.ඒක හින්ද හොඳ පුතා වගෙ පෙරැත්ත කරන කල් ඉන්නෙ නැතුව අඟුරු කෑල්ලකින් හොඳට දත් ටික මැදලා වෙලට ගිහින් මූණ සෝදගෙන එන්න."

වෙනදා නම් මා යන්නේ අම්මා දෙතුන් වරක් ආදරයෙන් කියා බැරි තැන තර්ජනයද කළාට පසුවය.එහෙත් අවුරුද්ද දා එසේ නොකොට එක්වරම යන්ට සිතීමි.

"කෝ දෙන්න එහෙනම් අඟුරු කෑල්ලක්."

අම්මා ලිපෙන් අඟුරු කෑල්ලක් ගෙනාවාය.මා එය ගැනීමට අත දික් කළ නමුත් ඈ එය මගේ අතට නොදී මේසය මත තැබුවාය.මම එය රැගෙන හප හපා දත් මදිමින් වෙල දෙසට දුව ගියෙමි.

"ංආ අන්න හොඳ පුතා.දැන් ඉතින් ඔය පරණ ඇඳුම ගලෝල දාලා පුංචි තාත්තා ඊයෙ ගෙනැත් දීපු අලුත් ඇඳුම් ඇඳ ගන්න."මා මූණ සෝදාගෙන ආපසු පැමිණි විට අම්මා කීවාය.

"මෙන්න පුතාට තව රතිඤ්ඤ පෙට්ටියක්.හැබැයි මේක පත්තු කරන්නෙ අවුරුද්ද ලබන වෙලාවට."මම ඇඳුම්වලටත් කලින් පුංචි තාත්තා දුන් රතිඤ්ඤ පෙට්ටිය අතට ගතිමි.

අම්මා මිරිස් අඹරයි.එළවලු කපයි.පුංචි තාත්තා පොල් ගායි,බෝංචි කඩයි.අවුරුද්ද ලැබීමෙන් පසු වැඩපල නතර කළ යුතු නිසා ඔවුහු දැන්මම මේවා පිළියෙළ කර තැබීමට යති.තාත්තා වෙලේ සිට ගෙදර පැමිණියේ ඔවුන් මෙසේ එක සීරු වැඩෙහි යෙදී සිටියදීය.තාත්තා නම් ගෙදර වැඩපලට සහභාගී වෙන්නේ නැත.ඒ තියා මේ වෙලාවට ගෙදර ඉන්නේවත් නැත.අද අවුරුද්ද නිසා ඔහුට යාමට තැනක් නැත.ඔහු හැමදාම යන තේ කඩයත් වසලාය.අම්මා සාමාන්‍යයෙන් ඔහුට වැඩ නියම නොකරන නමුත් අදනම් ඔහුගෙනුත් ගැනීමට තරම් වැඩ ඇත.

"දැන් අවුරුද්ද ලබන කොට ලිප් නිවන්න එපායැ.පුළුවන්ද ඔය ගල් තුනක් ළං කරලා එළියෙන් ලිපක් බඳින්ට?"

ඔහු අම්මාගේ අණපනත් නොතකන්නෙකු වුවද එදා සුවච කීකරු සේවකයෙකු මෙන් එය කරන්ට විය.ඔහු එය අවසන් කළ විට අම්මාගෙන් තවත් ආරාධනයක් පැමිණියේය.

"පුළුවන් නම් ඔය අඩි දෙක තුන නැඟලා පුවක් මලක් කැඩුවා නම් පන්සලට ගෙනියන්න."

තාත්තා මෙයද කිසි පැකිළීමක් නැතිව ඉටු කළේය.ඉන් පසු ඔහුට කරන්නට දෙයක් නොමැති විය.ඔහු කෙළේ වරින්වර මිදුලට බැස පයින් තම සෙවණැල්ල මැනීමය.

උදේ පියවර පහකුත් අඟල් දෙකට හතර අතින් රතිඤ්ඤ පත්තු වන්නට විය.මමද පුංචි තාත්තා දුන් රතිඤ්ඤ පෙට්ටිය ගලවා ගිනි තැබීමි.එය එකිනෙක පරයා හඬ නඟමින් පත්තු වන්නට විය.අම්මා ලිප ගිනි නිවුවාය.සියල්ලෝම වැඩ අත්හිටවූහ.දැන් නොනගතයයි.ගත පමණක් නොව සිතද සැහැල්ලුය.බලන බලන හැම පැත්තේම ඒ සැහැල්ලු නිවුණු ගතිය දක්නට ඇත.

"පුතත් සුදු සරමයි බැනියමයි දාගෙන ලෑස්ති වෙන්න පන්සලට ගිහින් එන්ට"මඳ වෙලාවකට පසු මට කියූ අම්මා තොමෝද මුහුණ අත්පා සෝදාගෙන ඇඳ පැළඳ ගන්නට වුවාය."තාත්තා ඉතින් ගමේ පන්සලේ බුදුන් වඳින්නෙ නෑ නෙ." ඒ අතර ඈ පුවක්මල සුද්ද කරන තාත්තා දෙස බලා කීවාය.තාත්තා ඇත්තටම ගමේ පන්සලට යන්නේ නැත.කලින් කතා කරගෙන සිටියාක් මෙන් ඇගේ ඇණවුමක් නැතිවම පුංචි තාත්තා නම් ඇඳ ගත්තේය.

අම්මා තෙල්, මල්, පහන් අතට ගත්තාය.පුංචි තාත්තා ඒවා ඇගෙන් ඉල්ලු නමුත් ලැබුණේ පුවක්මල පමණි.

''අපි ගිහින් එන්නම් ඉක්මනට."

"අපි ගිහින් එන්නම් අය්යෙ."

"අපි යනව තාත්තෙ."

තාත්තා ඒ හැමට පිළිතුරු දුන්නේ හිස වැනීමෙනි.තනිවන තාත්තා දකින මට කනගාටුවකුත් උපදියි."තාත්තා විතරයි ගෙදර අපි ඉක්මනට එමු"යි අම්මාද කීවාය.අම්මාත් මාත් ඉදිරියෙන්, පුංචි තාත්තා පස්සෙන්,ගමන ඉතා හෙමින්.තාත්තා ගමනක් යන විට නම් ඔහු පස්ස නොබලා ඉදිරියෙන් යයි.අප ඔහුට ලං විය යුත්තේ හති දමා දිවීමෙනි.

පුංචි තාත්තාට මග දිගට කීප පළකදීම නතර වීමට සිදු විය.පාර අයිනෙ ගෙවල සිටියෝ අරුමැක්කේ ගමට පැමිණි ඔහු දැක වචනයක් දෙකක් කතා කිරීමට සිතූහ."කවද්ද ආවෙ? "කොහොමද දැන් සරුද?"කවද්ද යන්නෙ?"වැනි එක් බඳු ප්‍රශ්නමය හැම දෙනාම ඇසුවේ.පුංචි තාත්තා මේ ඒකාකාරී ප්‍රශ්නවලින් තෙහෙට්ටුවට පත් නොවී මඳක් නතර වී හැම දෙනාටම පිළිතුරු දෙයි.ඔහු නතර වූ විට අම්මාත් මාත් මඳක් ඔබ්බට ගොස් රැඳී සිටිමු.ඔහු ඉක්මන් ගමනින් අපට එක් වෙයි.ඇතැම් ගැහැනියක් අරුමයක් දුටු සේ නොපෙනී යන තුරුම මිදුලේ හිටගෙන අප දෙස බලා ඉඳියි.

පන්සලේ සිට අප ඉක්මනින් ගෙදර ආවේ නැකතට ලිප පත්තු කළ යුතු වූ බැවිනි.පියවරකුත් අඟල් දෙකට යලිත් රතිඤ්ඤ හඬ ඇසෙන්නට විය.අම්මා කලින් අළු ඇද සුද්ද කර තිබු ලිප උතුර බලා දැල්ලුවාය.පුංචි තාත්තාද ළඟ ඉඳගෙන ඇගේ හැම වැඩකටම උදව් වෙයි.

කිරිබතක්,සුදුබතක්,හත්මාලුවක්,මසක්,මාළුවක්,අලු කෙසෙල් බැදුමක්,අල හොද්දක්,පපඩම් යන මේ සියල්ල ඔවුහු මැජික් බලයකින් මෙන් ඉතා ස්වල්ප වේලාවක් ඇතුළත පිළියෙල කර දැක්වුහ.අම්මා ඉවීමට දක්ෂියෙකැයි ගම්ලියෝ කියති.ඇගේ ඒ දක්ෂකම මතු වන්නට මෙවැනි අවස්ථාවක්ම එළඹිය යුතු වෙයි.

ගෙයි මැද සාලයේ පැදුරු එළෙයි.ඒ මතට බත් මාළුපිනි පමණක් නොව කැවුම්,කොකිස්,මුං කැවුම්,අග්ගලා හා කෙසෙල් ගෙඩිද පැමිණෙයි.අපි-පිරිමි තුන්දෙනා-ඒ අවුරුද්දට නියමිත පාට වු නිල් පැහැති රෙදි හැඳ නැගෙනහිරට මුහුණ ලා වාඩි වීමු.අම්මා පීරිසියක් මත තැබූ පොල්තෙල් පහනක් ගෙනවුත් තාත්තා ඉදිරියෙන් තබා ගිනි පෙට්ටියක් ඔහු අතට දෙන්නීය.තාත්තා නියමිත මොහොතේ ගිනිකූරක් ගසා එය දල්වයි.

අම්මා කිරිබත් කුට්ටියක් ගෙන වට්ටියක තබයි.ඉන්පසු ඈ ඉතිරි කෑම වර්ගවලින්ද ස්වල්පය බැගින් ගෙන එහි තැන්පත් කරන්නීය.අපි අප බෙදාගත් සියලු දෙයින්ද ස්වල්පය බැගින් එහි තබමු.ඉන් පසු ඈ එය පොල්තෙල් පහනත් සමග ගෙන් පිටතට ගෙන ගොස් ගස් දෙබලක තැන්පත් කරන්නීය.ඒ අවුරුදු දේවතාවාට කරන පූජාවයි.දැන් හැමෝම කෑම කති.බෙදිල්ලට පොර.පෙරැත්තය.

ගනුදෙනු අවස්ථාවේදී තාත්තාට මුලින්ම බුලත් අත දී වැන්දේ අම්මාය.බුලත් කොළයකම ඔතා ඈ දුන් රුපියල් පහට ඔහු දහයක් දුන්නේය.අම්මා රුපියල් පහක් දුන් විට පුංචි තාත්තා දුන්නේ රුපියල් පණහකි.හැම දෙනාගෙන්ම මට රුපියල් දෙක බැගින් ලැබිණ.

මුළු දවසම කවුරුත් ගත කරන්නේ ඉතා සන්තෝෂයෙන්!අපි රාත්‍රිය මැද්දටම කතාබස්  කරමින් ඉඳිමු.කිසිවෙක් අදවත් මා ගෙතුළ නිදි කරවීමට උනන්දුවක් නැත.මමද ඔවුන්ගේ කටවල් දෙස බලා ඉඳිමි.කතාව දැන් බිඳ වැටෙමින් නැගිටිමින්,එකතු වෙමින් අමාරුවෙන් ඉදිරියට යයි.මටද නිදිමතය.මට නින්ද ගිය නොගිය තරම්ය.

"හොඳටම රෑ වෙලා,දැන් නම් නිදිත් මතයි"කියමින් අම්මා නැගිට්ටාය.

"මට වතුර වීදුරුවක් දෙනවද?"පුංචි තාත්තා ඇසීය.තාත්තා මා ලඟින්ම ඇඳේ දිගා විය.

අම්මා වතුර වීදුරුවක් ගෙනාවාය.පුංචි තාත්තා ඉන් කට සෝදා උගුරක් බී වීදුරුව තැබීමට ගෙට ගියේය.අම්මා ඉස්තෝප්පුවේ දොර වසා පොල්ල දැම්මාය.

ඉස තෙල් ගෑමේ නැකත වුයේ පහළොස් වෙනිදාය.එදා සම්පූර්ණයෙන්ම තාත්තාගේ දවස විය.ඔහු උදේම හීරළු ගෙදරට ගොස් දිවුල් කොළ මිශ්‍ර නානු රැගෙන ආවේය.ඉස්තෝප්පුව මැද කුඩා සුදු වියනක් බැඳ එහි දිවුල් කොළ එල්ලා ලීය.පයට ඉඹුල් කොළ එලීය.නැකත ලැබූ විට සුදු  ඇඳගත් අම්මා ඉඹුල් කොළ මත නැගිණ."සබ්බීතියා විවජ්ජන්තු,සබ්බරෝගෝ විනස්සතු.මේ ලැබූ අලුත් අවුරුද්ද සියලු රෝග පීඩාවලින් තොර සැපවත් එකක් වේවා"යි ඔහු ඈ හිස නානු මිශ්‍ර තෙල් ගාමින් ආශීර්වාද කළේය.ඈට ඉක්බිතිව නැගුණු බාප්පාටත් මටත් ඔහු එසේම හිස තෙල් ගා ආශීර්වාද කළේය.අවසානයේ තෙමේම තම හිස මත තෙල් ගාගති.

පුංචි තාත්තා පැමිණ සිටි කාලය අප කවුරුත් ගත කෙළේ ඉතාමත් ප්‍රීතියෙනි.තාත්තා වෙනදාට වඩා ගෙදර අඩුපාඩු අඩුවැඩිය එළවලු මාළුපිනි සොයා පිරවීය.අම්මා වෙනදාට වඩා රසට ඒවා ඉවුවාය.පුංචි තාත්තාද නිකම් නොඉඳ දෙන්නාගේම වැඩවලට උදව් විය.කිවුලෙ ලියැද්දේ ඉතුරු කොටසත් සල්ලිවලට ගන්නයි කියා ඔහු රුපියල් දෙසීයක් තාත්තාට දුන්නේය.නොයෙක් විට ඔහු මා ලං කරගෙන යාළුවෙකු සමග මෙන් නොයෙක් කයි කතන්දර කියවීය.හිඟුරක්ගොඩ පළාතේ කැලෑබද ජීවිතය ගැන කළ විස්තරයි,මගේ සිත වැඩියෙන්ම ගත්තේ.එහේ ගෙවල් දොරවල් කුඩාය.සතා සරුපයාද ඇත.ඒත් මගේ සිත තුළ ආශාව වර්ධනය වෙයි.

"පුතත් කැමතිද හිඟුරක්ගොඩ යන්න?"වරෙක ඔහු මගෙන් අසයි.

"ඔව්"මම එක්වරම කියමි.

"එහෙනම් එන්න අම්මයි තාත්තයි එක්ක"

"අපොයි අම්මලා එන එකක් නැහැ."

"ඇයි නැත්තෙ.පුතා උපදින්ට ඉස්සර අම්මයි තාත්තයි කීප වතාව එහෙ ගිහින් සුමානෙ දෙක ඉඳලා ඇවිත් තියෙනව."

"ඒ වුණාට දැන් නම් කොහෙවත් යන්නෙ නෑ."

"දැන් එහෙමයැ හරියට වැඩ නෙ."

"වැඩ!වැඩ!හැමදාමත් වැඩ!"

"එහෙම කියන්ට එපා.මේ සේරම අපි මහන්සි වෙලා හම්බ කරන්නෙ පුතාටනෙ."

"මට?"

"ඔව්,පුතාට...පුතාටයි....පස්සෙ පුතාට නංගියෙක් හෙම හම්බ උණොත් ඒ නංගිටයි"

"නංගියෙක්?...මට කොයින්ද නංගියෙක්"

"නෑ තමයි.ඒ උණාට අම්මා හරි කැමැත්තෙන් ඉන්නව පුතාට නංගියෙක් ගෙනැත් දෙන්ට.ඒකයි මට එහෙම කියවුණේ."

මම සිතුවිල්ලට වැටෙමි.ඒත් මට නංගියෙකු ලැබෙන සැටියක් සිතාගැනීමට නොහැකිය.

"අපි යමුද පුතා වෙල පැත්තෙ?"

"යමු."

වෙල අද්දර කැලෑ රොද පසු කරද්දී පුංචි තාත්තා ගස්කොළන් පිළිබඳව හුඟක් කරුණු මට කියා දුන්නේය.වදුලෙන් ඉදුණු හිඹුටු ගෙඩියක් කඩාගත් ඔහු එය මට කන්ට දුනි.දං පේර කා තිබුණත් මා හිඹුටු කා තිබුණේ නැත.එය ඉතා රසවත් යැයි මට සිතුණි.පුංචි තාත්තා හැමදාම මෙහි ඉන්නේ නම් කොයි තරම් හොඳද?

පසුවදා අප කාටත් එතරම් ප්‍රීතිමත් දිනයක් නොවීය.එදා රැකීරක්ෂා සඳහා පිටත් වන වේලාවට පුංචි තාත්තා ගෙදරින් පිටව හිඟුරක්ගොඩ යෑමට තීරණය කර සිටියේය.එදා උදේම අම්මා කෑම පිළියෙල කළාය.උදේ වැඩිකම නිසා කෑවේ පුංචි තාත්තා පමණකි.අප කාගේත් මුහුණු සෝබරව පැවතිණි.ඔහු මඳක් වේලා පුටුවක් මත හිඳ ගෙන සිට උතුර බලා දකුණු පය පෙරට තබා ගමන් ඇරඹීය,අපි ඔහු පසුපස ගමන් ගතිමු.වැට කඩුල්ල ළඟදී ඔහු සමු ගන්නා විට අම්මාත් මමත් ඔහුට වැන්දෙමු."මල්ලිට තුනුරුවන්ගෙ පිහිටයි"තාත්තා කීය.අපි තිදෙන ඔහු නොපෙනී යන තුරු එහි බලාසිටියෙමු.

165 comments:

  1. මේ කතාව මුලින්ම කියවපු දවසේ වගේම අදත් රස වින්දා. මේ කතාව කියවපු මුල්ම දවසේම. මේ කතාව ලියවෙන්නේ අභව්‍ය විදියට නේද කියලා හිතුනා. ඒකට හේතූ බොහෝමයක් කතාව තුලම තියෙනවා. අපි ඉස්සර මුතුහර කියලා සඟරාවක් කළ. ඔය රූපවාහිණියේ මුතුහර පටන් ගන්න ගොඩාක් කලින්. මම ඒකට මේ කතාව ගැන විචාරයක් ලිව්වා. ඒකට උත්තරක් කතෘ හිටපු අක්කා ඊළන්නග කලාපේ ලියලා තිබුනා. මට මතක විදියට මට මතුවන ප්‍රශ්ණ තමයි මේවා.

    1. රතිඤ්ඤා පත්තු කරන්න පුළුවන් වයසේ ඉන්න එකෙකුට තමන්ගේ තාත්තා ආගන්තුකයෙක් වෙන්නේ කොහොමද කියන එක.

    2. සීනී බෝල කන එකෙක්ට කොහොමද අම්මගේ තරුණ බවයි අරවයි මේවයි නහුතයක් දේවල් ඔළුවට එන්නේ කියන එක.

    3. මේ කතාවේ විදියට අවුරුද්දට වගේම නිවාඩුවලට පොර ගෙදර එනවා. ඒ කියන්නේ කතාව කියන එකා පොඩි කාළේ ඉඳන්ම වෙන සාමාන්‍ය සිද්ධියක් මේක. ඒත් ඒ බවක් කතාවේ පේන්න නෑ.

    4. මේ ඇවිත් එක ගෙයි කෑම කියන දේ වෙන්න ඕන. එහෙම දෙයක් ජයතිලක ගමේ වෙන්න බෑ. මොකෝ ජයතිලකත්, මහගමසේකරගෙම ගමේ. කිරිඳිවැල.

    5. සමාන්‍යයෙන් ගැමි කාන්තාවන් කිසිම දිනක අර විදියට හැසිරෙන්නේ නෑ. (මම දන්න ගමේ)

    6. පන්සලට යන්නෙත් මුල් වතාවට වෙන්න බෑ. අනික ගෙදර ඉන්න තාත්තා කවදාවත් පන්සලට නොයන කෙනෙක් වෙන්න ඕන. එහම බෞද්ධයෝ ගමේ උන්නේ නෑ.

    මෙහෙමයි හැලපේ. අපි අද ගම ගැන ලිව්වොත් මේ දේවල් ලියන්න වෙන්නේ නෑ. මොකෝඅ උඹ හැඩුන ගමට වඩා. අරූ, අපි හැදුන ගම වෙනස්. ඉති අපි කෙටි කතාවක් ලිව්වොත් මේ දේවල් ලියවෙන්නේ නෑ. ඒ වගේම දැන් ඉන්න එකෙක් ලිව්වොත් ලියවෙන්නේ අර බස්සි ළඟදී ලිව්වා වගේ කෙටි කතා. මම දන්නවා උඹ මේ දේවල්වලට ආදරෙයි කියලා. අපිත් ආදරෙයි. ඒත් කෙටි කතාවෙත් පරිණාමය කියන දේ තියෙන්න ඕනා කියන එකයි මගේ මතය. අපිට හැමදාම ජසයා ලෙන්චිනා නටන්න බෑ නේ බං දැන් උන් නටන්නේ ගන්ගම් ඉට්ටයිල් එක. උන් අස්සට අපි පැනලා ගජගා වන්නම නැටුවොත් හෙම ඒක විකාරයක් වෙනවා. අපි විතරක් නටන වෙලාවක ඒවා නැටුවට අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම උඩිනුත් කියා තියෙන හැටියට මේ කතාව උපුටා පළකලේ මා ඊළඟට ලියන්නට සූදානම් වන කතාවට පූර්විකාවක් වශයෙනුයි.එහෙම නැතුව මෙවෙනි කතාම බලන්නයි ඇඟිල්ලෙන් ඇන කීමක් නොවේ.අපට වගේ නොස්ටැල්ජියාව ඇති අය බලාවි.හැම කෙනාටම එහෙම නෑනෙ.අනික මචං මොන තරං අලුත් නැටුම් බිහිවුනත් පාරම්පරික නැටුමත් නොනැසී තියෙනවනෙ.ඒ කියන්නෙ ගැන්ග්නම් නැටුවත් තාම දෙවොල් මඩුත් තියෙනවනෙ.එහෙම නේද.

      Delete
    2. මාතා, හැලපේ.....කෙටිකතාවක පරිණාමය විය යුතුයි කියද්දී ඉන් අදහස් කරන්නේ එහි ආකෘතිය සහ රිද්මයද? මොකද මාතා කියනවා වගේම කාටවත් බැහැ නොදැකපු හෝ නොවිඳපු වටපිටාවක් කතාවට ඔබ්බවන්න. ඒක වෙනස්. උදාහරනයකට බස්සි ඊයේ පෙරේදා ලියපු කතාවේ වටපිටාව සහ පරිසරය වෙනස් එක නෙමේ මට වඩාත් රසවත් වුනේ...එහි ආකෘතිය..මම කියන්න උත්සාහ කරනදේ උඹලාට තේරුනාද මන්දා.

      Delete
    3. තෙරුනා මචෝ තේරුණා... බස්සිගෙ එකත් රහයි. ජයතිලකගෙ එකත් රහයි.. බ්ලොග් වල ඉන්න ජයතිලකයා තමයි හැලපයා.. අරූ තමයි තවත් යුගයක් යුගාන්තය ලියන්නා..

      Delete
    4. මාතලන්,

      කෙටිකතාවක් කියන්නෙ බං සිද්ධි වාර්තාකරණයක් නෙවෙයි. එකගෙයි කෑම ඇත්තටම සියනෑ කෝරළේ තිබ්බද නැද්ද කියන එක වැදගත් වෙන්නෙ සියනෑ කෝරලේ ඉතිහාසය ලියනවනම් විතරයි. මේක කෙටි කතාවක්...ගැමි කාන්තාවක් හැසිරෙන විදිහ ගැන උඹේ තර්කය ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. තාත්තා පන්සල් නොයන්නෙ හේතු දෙකක් හින්ද වෙන්න පුලුවන්. එකක් කොහොම උනත් මේ එකගෙයි කෑම ගැන තාත්තගෙ හිතේ කැමැත්තක් නෑ...ඒ එක හේතුවක්..අනික කාලෙකට පස්සෙ ආව මල්ලිට ඉඩ දීල අයින් වෙන්න හිතුව වෙන්නත් පුපුවන්. මට හිතෙන්නෙ ඒ හැඟීම් දෙකේම මිශ්‍රණයක් කියලයි. ජයතිලක මහත්තය තාත්තගෙ චරිතය ගොඩනඟන විදිහෙන් මට හිතෙන්නෙ එහෙමයි.

      Delete
    5. එහෙම ඒවට මම කියන්නේ රවී කෙටි කතා කියලා නෙමෙයි. සුරංගනා කතා කියලා. ඒ කියන්නේ මේ පැලනට් අර්ත් එකේ සිඳු නොවන දේවල්. ඔය හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් එහෙම ලියන්නේ. චරිත වන්දනා කරන්න ගියාම ඔහොම ලෙඩ හැදෙනවා මයෙ දෙයියා..

      Delete
    6. මාතලන්,

      හෙහ්,හෙහ්, දැන් එතකොට පැණිදෙණියට පිටසක්වලින් ජීවීන් ආවයි කියල ඒ අලලා මම කෙටිකතාවක් ලිව්වොත් ඒක මචං උඹේ වර්ගීකරණය අනුව කෙලින්ම වැටෙන්නෙ සුරංගනා කතා ගණයට..එහෙමෙයි? මොකද මීට කලින් කවදාවත් පැණිදෙණියට පිටසක්වල ජීවීන් ඇවිල්ල නැහැනෙ...කෙටිකතාවක ලියන්න පුලුවන් පසුබිම් වන ප්‍රදේශයෙ මීට ඉස්සෙල්ල සිද්ද වෙච්ච එව්ව විතරමයි..

      Delete
    7. @ සාහිත්ත ශූරී රවී මහතා වෙත,

      ඒවාට ඉන්ගිරිසියෙන් කියන්නේ සයන්ස් ෆික්ෂන්. හින්ගලෙන් කියන්නේ මොකක්ද බං විජ්ජා ප්‍රබන්ධද...?

      Delete
    8. කෙටිකතා වර්ගීකරණ සූරී මාතලන් මහතා වෙත...:)

      ඔබට ඔබගේ මතය දැරීමට ඇති අයිතියට ගරු කරමි. එපමනකි!!

      Delete
    9. මාතලන් මහතා මෙතන කතා වර්ගීකරණය පොඩ්ඩක් පටලවගෙන වගෙයි නේද?

      විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා, ආදර කතා, රහස් පරීක්ෂක කතා හැටියට කතා වර්ග කෙරෙන්නෙ කතා වස්තුව අනුව යි.. අනිත් අතට කෙටි කතා, කෙටි නව කතා, නව කතා හැටියට කතා වර්ග කෙරෙන්නෙ ඒකෙ ආකෘතිය අනුව යි..

      කතාවක් ගත්තහම ඔය වර්ග දෙකටම අයිති වෙන්ට පුළුවන්, විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා (උදා: අයිසෙක් ඇසිමොව්ගෙ කෙටි විද්‍යා ප්‍රබන්ධ), විද්‍යා ප්‍රබන්ධ නව කතා (උදා: ආතර් සී ක්ලාක්ගෙ 2001)..

      මෙහෙම නෙවෙයිද වෙන්ට ඕන.??

      Delete
    10. අපි රාමු ඇතුලෙම් ඉන්න ඕනේද හැමදාම. ඔය කියන්නේ පිලිගත් දේ හා සම්ප්‍රදාය නේ.. මම ඒකට කොහොමත් කැමති නෑ..

      Delete
    11. මේවා මොනවද බං අන්න අටමා දෙන ආතල්.ඒවනෙ සුපිරි ආතල්.

      Delete
    12. මාතලන්ගේ කර්තෘ අක්කාගේ ප්‍රශ්න සෑහෙන සාධාරණ බව පෙනේ...

      Delete
  2. කමෙන්ට් නැතුව යනවෝ
    නලින්

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක නම් මෙහෙම කරන්නෙ නෑ නේද....
      අනේ චූටියෝ.... කෙල්ලේ... කෙලිච්චියේ.... ඔයා දොයිද....
      මල විකාර ගොඩයි

      Delete
    2. ගාණක් නෑ නලින්.මේ ලියන්නෙ මගේ ඊළඟ කතාවට පෙරවදනක්.

      Delete
    3. ඇනෝ මහත්තයෝ ඔයාගේ බ්ලොගට මං මෑතක ඇවිත් නැද්ද? එහෙනං මොකක් හෝ විශේෂ හේතුවක් ඇති. ඒ කියන්නේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නැ වගේ වැඩක්.

      Delete
  3. මාතලන් කියන කතාවෙ ඇත්තක් තියෙනවා. මොකද පහතරට සියනෑ කෝරලේ ඔය සිරිත නැහැනෙ. ජයතිලක ලියන විදිහට පිටින් ඇවිත් ඒ පැත්තෙ පදිංචි වුණ පවුලක් වගේ වෙන්න ඕනෙ. එහෙම නම් ඒ පළාතෙදි ගැහැණිය මේ ගැන උජාරුවෙන් හැසිරෙනවා කියන එක ටිකක් අභව්‍යයි වගේ නේද ?

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. මේ සිරිත උඩරට බහුල වශයෙන් තිබුණත් සියනෑ කෝරළේ නොතිබුනාම කියන්න අමාරුයි.ජයතිලකයන්ටත් කතාව ලියන්න යම් වස්තු බීජයක් තියෙන්න ඇති නේද.

      Delete
  4. //""හොඳ කෙටිකතාවක් යනු කුමක්දැයි අපේ සහෘදයන්ට හඳුන්වා දීමටත් ""// හැලපෙගේ මේ කොටස දැක්කට පස්සේ මම කතාව කියෙව්වා ,කියවලා ඉවර වෙනකොටම මට හිතුනේ මගේ අතින්නම් මේ වගේ කතාවක් ජීවිතේට ලියවෙන එකක් නෑ කියලා ,
    මොකද මම හැම විටම උත්සාහ කරන්නේ යම් විශේෂිත වූ සිද්ධියක් වටා කතාවක් ගොඩ නගන්න , මේ කතාවේ මං දැක්ක මූලිකම කාරණය තමයි "විශේෂිත වූ" කියන සිද්ධියක් නොමැතිවම රසවත් කතාවක් ගොඩ නැගීම .
    පුංචි තාත්තා ගමට පැමිණීම කියනකාරණය විශේෂිත වූ කාරණය හැටියට ගත්තොත් , ඒකත් හැම අවුරුද්දකට වතාවක්ම සිද්ධවෙන කාරණයක් නිසයි මං එහෙම කිව්වේ .
    කතාවේ සිද්ධ වෙන පරිසර වර්ණනාව සහ සිතුවිලි විග්‍රහය එක්ක කතාව අපිව ගමකට අරන් යනවා , කෙටිකතාවක් මේ ආකාරයේ රසවත් බවක් රඳවාගත යුතු වෙනවා . මේ තියෙන්නේ බොහොම සාමකාමී රසවත් බවක් , දැන් අපි ලියන කතාවල මේ ආකාරයේ රසවත් බවක් නම් නෑ කියන එක පිලිගන්නවා. දැන් නිකං ලියන්නත් මොකකද මොකක්ද වගේ අප්පා :D

    අනික මේ කතාවට පාදකවෙන එකගෙයි කෑම කියන චාරිත්‍රය අපේ පරම්පරාවට ආගන්තුක සංසිද්ධියක් ,මේ සිද්දිය ගැන මම අවබෝධයක් ලබාගත්තේ මට මතක් විදිහට සෝමවීර සේනානායකගේ අඹුසැමියෝ කතාවෙන් වෙන්න ඕන , මට හරියටම මතක් නෑ ඒකද කියලා වැරදිනම් සමාවෙන්න , මට මතක් විදිහට ඒ නවකටාව අලලා ටෙලියකුත් නිර්මාණය වුනා , එදා මෙදාතුර මට තිබ්බ ප්‍රශ්නය තමයි එකගෙයි කන මේ පුරුෂයෝ දෙන්නගේ තියෙන ඉවසීමේ හැකියාව , මොකද ලිංගික ඊර්ෂ්‍යාව නැති පුද්ගලයෙක් වෙන එක සාමාන්‍ය මනුස්සයෙකුගේ හැගීම පථයෙන් බොහොම දුර නිසා .

    ReplyDelete
    Replies
    1. ජයසෙන ජයකොඩි මහතා නම් එවගෙ කතාවක් ලියල තියෙනව

      Delete
    2. ඔව් මට වැරදුනා ,කොමෙන්ට් එක දැන් වෙලාවේ හරියටම මතක් තිබ්බේ නෑ . අනුමානෙට ලිව්වේ .

      Delete
    3. නැහැ නැහැ දෙන්නම හරි,සෝමවීර සේනානායක මහතාත් ජයසේන ජයකොඩි මහතාත් දෙදෙනාම පොත් දෙකක් ලියා තිබෙනවා.ජයකොඩි මහතා බැද්දේගෙදර,සේනානායක මහතාගේ කතාවෙ නම මට දැන් මතක නෑ,නමුත් මා එය කියවා තිබෙනවා.රජකාලෙ කතාවක් වගේ මතකයි.ඉතිරි හරිය ඊළඟ කතාවෙදි වැඩිදුර කතාකරමු ඉවාන්.ලංකාවෙ නිදහස් ලිංගික සංස්කෘතියට ඇතිවූ වික්ටෝරියානු බලපෑම ලිංගික ඊර්ෂ්‍යාව ආදී දේවල් දීර්ඝව කතා කරමු.

      Delete
    4. @ ඉවාන්....උඹේ මේ කමෙන්ට් එක මම දෙතුන් සැරයක් කියෙව්වා. මම හිතනවා මේ තමයි උඹ දැන් දැන් සිතමින් සිටින හැටි , උඹ ලියනා කෙටිකතා ගැන. ඇත්තටම ඉවාන් උඹ හැලපේට දාපු කමෙන්ට් එක තමයි ...උඹට හරියන අත්වැල.

      ඉවාන්... උඹ මීට මාස හය හතකට පෙර ලියපු දේවල් නැවත කියවපන්. උඹ ඊට පස්සේ එක පාරටම අතරමංවුනාද කියලා මට හිතුනා. පසුකාලීනව උඹ ලිව්වේ කෙටිකතාද, එහෙම නැත්නම් සිද්ධීන් වාර්තාකරනවාද කියාත් මට හිතුනා. මම බලන් හිටියා, කවුරු හරි දන්න කෙනෙක් උඹට මොනවා හරි කියයි කියා. එහෙම වෙනවා අඩු නිසා ඕන් මම කිව්වා. මම වැරදි ඇති.

      Delete
    5. ඉවාන්......මොහොතකටවත් මාව වරදවා තේරුම් ගන්න එපා. උඹ නැවත සන්සුන්ව ලිවිය යුතුයි.

      Delete
    6. නෑ මචං,ඉවාන්ට කමෙන්ට් කරපු අය ඌව වර්ණනා කරල සුරංගනා ලෝකෙකට ගෙනිච්චා.හොඳ කතාවයි නරක කතාවයි දෙකටම හොඳයි කිව්වා.එතැනදී කතා විවේචනය කරන්න ගියපු මම නරක මිනිහ වුනා.මට ඇවිත් බැන්නා,ඉවාන් ඒවා මැකුව නමුත් මම දන්නව,ඉවාන් නොමග ගියා.ඕක තමා මුලික හරය.මට කතා ලියන්න බැරිවුනත් දක්ෂතා ඇති කොල්ලන්ට කෙල්ලන්ට හොඳ කෙටි කතා ලිවීම වෙනුවෙන් මට පුළුවන් යමක් කරන්න මම තීරණය කලේ ඊට පස්සෙයි.අන්ධකාරයට දොස් කියමින් සිටිනවාට වඩා පහනක් දැල්වීම වැදගත් කියල තියෙන නිසා කට්ටිය මෙයින් ප්‍රයෝජනයක් ගනීවි කියල බලාපොරොත්තු වෙමු.

      Delete
    7. වරදවා තේරුම් ගන්නේ නෑ අරූ ,
      සහෘද හිතවතෙකුගේ ආදරණීය ආමන්ත්‍රණයක් වරදවා තේරුම් ගතයුතු නෑ.
      සහෘද = සමාන වූ හෘදයන් ඇත්තා . වයසින් හෝ සමාජීය කාරනා වලින් අපි අතර මොන වෙනස් කම් තිබ්බත් මේ ලෙස එක් වන්නේ හෘදයෙන් සමාන නිසා වන්නට පුළුවන .
      කවදාවත් කෙටි කතාවක් මෙසේ විය යුතු යයි මම රාමුවකට ගත්තේ නෑ.
      මම හැම විටම මට හිතුනු දේ ඔහේ ලිව්වා.
      ඔබ , හැලපේ, මාතලන් ,තිසර ඇතුළු සහෘද හිතවතුන්ගේ විචාර තුලින් හැම විටම අලුත් දෙයක් ඉගෙන ගත්තා ,
      නමුත් නිර්දය ලෙස කෙරෙන විවේචන මා කිසිවිටෙකත් තැකුවේ නෑ.

      අද මේ කෙටි කතාව කියවීමෙන් මම තේරුම් ගත දේ මේ යයි මට හරියාකාරව වචන වලට පෙරලන්නට බෑ. අවංකවම මේ කතාව මීට පෙර මා කියවා තිබ්බේ නෑ. මම වැඩිපුර කියවා ඇත්තේ ගීද මෝපසාන් ගේ කෙටි කතා , මම ඒ කතාවලට ඇලුම් කළා , ඒ කතාවල බොහෝවිට තිබෙන නොසිතු අවසානයට මං ඇලුම් කළා , මමත් හැම විටම ඒ වගේ අවසානයක් ගේන්නට උත්සාහ කළා .හැමවිටම සාර්ථක වුනේ නෑ.
      ඒ අතරම අප අතර සිටින අටම්, දේශක , දිනේෂ්, ඩූඩ්, විදානේ වැනි සාර්ථක රචකයන්ගේ කතා වලින්ද යම් යම් ආභාසයන් ලැබුවා.
      ඔබේ සිතට නැගුනු දේ ප්‍රකාශ කිරීම වෙනුවෙන් මම ඔබට තුති පුදනවා , මම උත්සාහ කරන්නම් ඔබ කිවූ ඉසව්ව ස්පර්ශ කරන්න , යම් යම් තැන්වල වැරදීම් සිදුවී ඇති බව අවබෝධවනවා , ඉතිං ටිකෙන් ටික ඒ තැන නිවැරදි කර ගැනීමට මේ ආකාරයේ සහයෝගන් දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා අරූ , නැවතත් ස්තුතියි

      Delete
    8. ඉවාන්.
      ජේ කේ රෝලින් පොත් කොරන්න ගිහින් හැමෝම පැන්නුවා.අවුරුදු ගානක්.වතාවක් දෙකක් නෙමෙයි.
      ඔයාට ඔයා ලියන දේවල් රසනම් එච්චරයි.(මේක ටියුෂන් ක්ලාස් එකක් වෙලානේ)
      (මට නම් මේ පරණ කෙටිකතා පේන්න බැ.අපේ අප්පච්චිගේ පිල්ලියක් වගේ මේ කැන්ද කොළයා.කෙටිකතා වක්කරන්න හදනවා අපේ හිස් කබල සිදුරු කොරලා.අපි කියවයි. )

      Delete
    9. මල්මී මැඩම්......දැන් අපි මෙහෙම හිතන්න ට්‍රයි එකක් දෙමු. මම ලේඛකයෙක් හෝ විචාරකයෙක් නෙමේ. මතකය සටහන් තබන්නෙක් පමණයි. ඒ නිසා කලබල වෙන්න එපා.

      ලෝකයේ මිනිස්සු කොටස් තුනක් ඉන්නවා. කුඩුගහන කෙනෙකුට එක් කොටසක් කියනවා..උඹ කැමතිනම් ගහපන් කියලා. තව කොටසක් කියනවා ගැහුවොත් වෙන අතුරු ප්‍රතිඵල. අනිත් කොටස ගහන එකාව පොලිසියට අල්ලලා දෙනවා. මම මොන කොටසේද, ඔබ මොන කොටසෙද, අනිත් අය මොන කොටසෙද කියලා කුඩුගහන එකා තේරුම් ගන්න ඕන. ඒක උගේ අයිතිය. ඒ හින්දා යකඩ පොලු උස්සන් එන එක තේරුමක් නැහැ.

      මල්මී.... shepherd dogsලා කියලා ජාතියක් අහලා තියෙනවාද? උනුත් බල්ලෝ ජාතියක්. හැබැයි උන් කකා බිබී නිකම්ම ඉන්නේ නැහැ. උන් පොඩි පොඩි වැඩ කරනවා.

      Delete
    10. @ malmi hi - හිනාවෙලා පනගියා .... කැන්ද කොලයා . හැක හැක හක්

      Delete
    11. බල්ලා නකුට වනනවනේ.නේද?

      Delete
    12. සමහර බල්ලෝ නකුට වනනවා වේලෙන බැල්ලියෝ දැක්කාම....හැබැයි අර කියන බල්ලන්ට බැල්ලියන්ව ගෙදරට ගෙනත් දෙනවා.

      Delete
    13. එක්වන්න....රැස්වෙන්න....මෙන්න නියම සාහිත්‍ය සංවාද...

      Delete
    14. මොනවද මචෝ බලු කතා....... පොඩ්ඩක් අපැහැදිලියි...... තේරුම් ඇතිව ටිකක් කිව්ව නම් එක්වන්න තිබ්බ අපටත් සංවාසයට...... හෙක්...හෙක්...

      Delete
    15. මොකුත් නැහැ කෙන්ජි...මේ දවස්වල ඔය ෂෙෆර්ඩ් ඩෝග්ස්ලා ගැන පොඩි සර්ච් එකක් දානවා.

      Delete
    16. අරූ අයියේ ..
      පශු වෛද්‍ය එකේ ද වැඩ බං දැන් ??? හැක්..

      Delete
    17. නෑ බන්....බැටළුවෝ දාහක් එක්ක ෆාම් එකක් ගත්තා. උන්ව බලා ගන්න තමයි..අරින් එකෙක් හොයන්නේ :D :D

      Delete
    18. එහෙනං බොල අරූ අයියෙ කියල බෑ දැං සර් කියන්ඩ වෙයි.. අරූ සර් :D

      Delete
    19. අරූ, උඹට බැටලුවන්ගේ මැක්කෝ කඩන්න පොරක් ඕනෙ නම් මම එන්නං මචං දැති හීනි පනාවක් අරගෙන.

      Delete
    20. හැක් හැක්! මට මතක් වෙන්නෙ Shaun the Sheep... :-D

      Delete
    21. ඩූඩ්&බුරා....ඕක නැගලා ගිය වැඩසටහනක්

      Delete
    22. මගේ නම් අදහස කෙටි කතාවක් කියන්නේ මීට වැඩි කම්පනයක් දැනෙන්න ඕනි දෙයක් කියලා. මේ කතාව පරණයි කියලා මට හිතෙන්නේ. ලංකාවේ හා ලෝකයේ කෙටි කතාව මේ මට්ටමේ ඉඳන් දැන් සෑහෙන්න පරිනාමය වෙලා .විශේෂත්වයක් නැති දේ ඔස්සේ සමස්ත වින්දනයක් මවන එක නවකතාවක වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ අතර පරණ ආකුර්ති වලම කරකවෙන්නේ නැතිව ඉවාන් මේ ළඟදී ලියපු බාගෙට සයන්ටිෆික් කෙටි කතාව හා ඩුඩ් පෙරෙයිදා ලියපු අතීත වර්තමාන කාල පටලවාපු අත්හදාබැලීම් වලට මම කැමතියි. ගැමිකම, උපේක්ෂාව නැතිබැරිකම වගේ ඒවාම තේමා කර ගන්නවාට වඩා නවීන වෙනවානම් මටනම් අගේය

      Delete
  5. කතාව රස වින්දෙමී ,මීට පෙර කියවා නැත ,ඉදිරියේදී ලියන දෑ ගැන බලා ඉදිමි ...

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න රසකතා අවිල්ලා ....

      Delete
    2. නොකියවූ කතාවක් කියවීමට ලබාදෙන්නට හැකිවීම ගැන සතුටුයි සහෝ.බොහොම ස්තූතියි.

      Delete
  6. ඔය කෙටිකතාව තියෙන පොත මං කියෙව්වේ පහේ හයේ පන්තිවලදී වගෙයි මතක.

    මට නං එක ගෙයි කන කේස් එක තේරුණේම නෑ. මං හිතුවේ මේක සිංහල අවුරුද්ද ගැන කතාවක් කියලයි. එකගෙයි කැම කියලා කේස් එකක් මේ කතාවේ තියෙන බව දන්නේ පසු කාලෙක විචාරයක් කියෙව්වාමයි.

    මේ කෙටිකාව ඒකාංග ටෙලියක් ලෙස රූපවාහිනියේත් ගියා, අවුරුදු කාලෙක.

    එකගෙයි කේස් එක ඉතා හෙඳින් තියෙන්නේ ජයසේන ජයකොඩි (?) ගේ නවකතාවක් ඇසුරෙන් හදපු බැද්දේ ගෙදර ටෙලියේයි. ඒක රාත්‍රී අරහමාරට ගිය පවුලේ නාට්‍යයක්.

    ReplyDelete
    Replies
    1. මෙය ඒකාංග ටෙලියක් වුනා කියා හිතේ කොහෙ හෝ පුංචි මතකයක් තිබුණු නිසා සොයා ගන්නට ජාලය පුරා කරක් ගැහුවත් සාර්ථක වුනේ නෑ.අනික මා ටෙලිය බලලත් නෑ අධ්‍යක්ෂ කවුද දන්නෙත් නෑ.ඉතිං වැඩේ වඩා අමාරුයි.මේ තොරතුරු කකා සතුව නැද්ද?
      බැද්දේගෙදර නාට්‍යය නම් බැලුවා.

      Delete
    2. චම්පා ශ්‍රියාණි කියන නිලිය මට මතක විදියට ඒ චරිතය ඉතා හොදින් රගපෑවා.

      Delete
  7. කලින් කියවලා තිබුනේ නෑ. ඒ නිසා කියවලා රසවින්දා.
    විචාර දෙන්න නම් දන්නේ නෑ ඔං.....!

    ReplyDelete
    Replies
    1. මං දන්නෙත් නෑ, ඒ උනාට මොකක් හරි බයිලයක් ගහමු .. :D

      Delete
    2. රසවිඳීමත් කලාවක් නොවැ ඒකටත් පින තියෙන්න ඕනෑ.ස්තූත්යි නිමෝ.

      Delete
    3. @පත්තරේ,
      උඹට උත්තර ලියන්නං හිනාවෙලා ඉවර උනාට පස්සෙ.

      Delete
  8. කො මෙකෙ පයිට් ජොක් මුකුත් නැ නේ.සැක් කිසිම වැඩක් නැ

    ReplyDelete
    Replies
    1. තව ටිකකින් කොමෙන්ට් වල තියෙයි පත්තරයා ආවම

      Delete
    2. ආ ඕං මම ආවා .. ආ ඉවානය ඉන්නව නේද. අද දෙන්නං පොරි හැලෙන්ඩ.කස්ටිය පොඩ්ඩක් එහාට වෙන්ඩලා බිකෝස් සඵල වෙඩි දුර ® විචාරක 2014 © ටිකක් වැඩි කිරි ටොයියෙක් ඉනේ, බයිසිකල් බෝල අහුරක් දාල දෙන්ඩ යන්නෙ වැලි හලන රැයිසියක් වගේ වෙන්ඩ ඕකව !!
      ඕ යේස්.

      Delete
    3. විචාරක මටනම් කිව්වේ මදුරුවෝ මරන්න මොකටද ඩයිනමයිට් කියලා ... සුළඟිල්ලෙන් ගහන්නේ තොට සතියක් සිහි නැතිවෙන්න

      Delete
    4. නියර ඔහොම නං වෙළ කොහොම ඇද්ද :D හැක් ..

      Delete
    5. පත්තරයා ආපු වෙලේ ඉඳන් ජෝක් නං තියෙනව දමිත්.පයිටුත් තියේවි කියල හිතනවා,බලමු.

      Delete
    6. රායිට් මෙහෙම කරමු මම සෙට් කරන්නම් හොද තැනක් දෙන්නට ගනුදෙනු බෙර ගන්න.දෙන්නම් හිස් කොල දෙකකට අත්සන්කරගෙන වරෙල්ල.එත් එක්කම තනසතු දෙපල ගැනත් විස්තරයක් ලියාගෙන්බ වරෙන්.ඉට පස්සෙ දෙන්න වැඩෙ බෙර ගන්න.මම දෙන්නම් යටිතල පහසුකම් ඔක්කොම.අයෙ යාලුවොන්ට ඔහොමවත් උදවුවක් නොකර ඇහැක.ඔයෙස් අපි එහෙමයි.

      Delete
    7. අනේ දමියො ගල් බාගෙකුත් ගෙනහැල්ල තියහං ඈ.. යන තැනකට ආතල් එකේ යන්නෙපැයි බං .. වෙරි බහිනකං අපායත් තව්තිසාව වගේ. ඕ යේස් !!

      Delete
    8. භාගෙකින් නස්න කරන්නද බන් මාත් ඉන්න එකෙ.ඔන්නොහෙ එකක්ම ගෙනෙමු

      Delete
  9. එකගෙයි කෑම උඩරට වැඩියෙන් තිබුනට එහෙට සීමාවුනේ නැහැ.
    ඒත් මේ කතාවට අදාල කාලෙ බස්නාහිර පලාතෙ ඒක ඔය තරම් විවෘතව තිබුනද

    ReplyDelete
    Replies
    1. එකගෙයි කෑම උඩරට තිබුනට එහෙට පමණක්ම සීමාවී තිබුණාය කියා මා හිතන්නෙ නෑ අඩු වැඩි වශයෙන් අනෙක් පළාත්වලත් තැන තැන හෝ තියෙන්නට ඇති.

      Delete
  10. බ්ලචස්
    ..
    ..
    ..
    ..
    .
    .
    ..
    කේ හොදයි.....
    සයිමන් හොදාාාාාාාායි....

    ReplyDelete
    Replies
    1. ටිකක් අවුල් මහේෂ්.මොනාද කියන්න ගියෙ කියල තේරෙන්නෙ නෑ.

      Delete
    2. ඕයෙ...
      මං කැමතියි කස්ටිය අවුල් කරල දාන්න...
      ඒක මේ...
      දන්නැද්ද...
      මං චරිත තුනක් ඇරුණාම කියල තියෙන්නෙ එයාගෙ ටොයිලට් කේස් එක විතරයි..
      මතකනෙ ඒකෙ නමත් ඒක

      Delete
  11. ස්තුතියි හැලපේ .. බොහොම ආසාවෙන් කියෙව්වා අවුරුදු විස්සකට විතර පස්සෙ මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. රසවිඳීම ගැන ස්තූතියි සරත්,මේ වගේ අගනා කතා තව රාශියක්ම මගේ ළඟ තියෙනව.කට්ටිය මාව පතුරු ගැහුවෙ නැත්නං දාන්නං.

      Delete
    2. අනේ දාපං හැලපයියේ,මේ කතාව මම නම් මේ කියෙව්වාමයි.
      මේ කෙටි කතාව තියෙන්නේ ජයතිලකයන්ගේ මොන කෙටි කතා එකතුවේද හැලපයියේ...?

      Delete
    3. කෙටි කතා එකතුව 'එක ගෙයි අවුරුද්ද'
      හර්ෂ

      Delete
    4. ස්තුතියි හර්ෂ...

      Delete
  12. ස්තූතියි හැලප. මීට කලින් මමත් මේක කියවල තිබුනෙ නෑ. එකගෙයි කෑමේ සිරිත අඟවල තිබුනට ගැමි ගෙදරක අවුරුදු අසිරිය නම් හොඳටෝම දැනුනා.

    ReplyDelete
    Replies
    1. නොකියවූ කතාවක් කියවන්නට ලබාදෙන්න ලැබීම ගැන සතුටුයි.

      Delete
  13. ආයෙ මොකටද විචාර දෙන්ඩ ගිහිං ඉල්ලං කන්නෙ නම්බු පිට කට වහං ඉන්නං ඈ හැලප අයියෙ..ඔය ඉවානයත් බොරු කියන්නෙ ඕක දන්න උලව්වක් නෑ..මගෙන් අහගෙන ඕකත් ලීවෙ. .. :D

    ReplyDelete
    Replies
    1. උඹේ වැඩ කිඩ ගැන අපි නොදන්නවැයි පත්තර මලේ.කට වහගෙන නං ඉන්න එපා මොන මොනා හරි ලියහං.

      Delete
  14. මගේ කමන්ටුවත් නැතුව ගිහින් (දැන් ඉතින් කෙටපන්කො ආයමත්).
    කියවලා තිබුනත් ආයමත් ආසාවෙන් කියව්වා.

    ReplyDelete
    Replies
    1. මම බැලුව සංජීව,ස්පෑම් එකෙත් නෑ.කියෙව්වට බොහොම ස්තූතියි.

      Delete
  15. හැලපේ......මට සාහිත්‍යකරනය ගැන විශේෂ දැනුමක් නැහැ. නමුත් ඉවාන්ගේ පැහැදිලි කිරීම තුල මා අත්විඳින, මට පෙනෙන සැබෑවක් තියෙනවා. ඉවාන් කියන පරිදිම 'විශේශිත' සිද්ධියක් නොමැතිව හෝ සාමාන්‍ය පරිසර වර්ණනාවක යෙදීමේදි දකින කුරුල්ලකු හෝ කුහුඹුවකු හෝ වටා ප්‍රබන්ධයක් ගොඩ නගා,එය විශ්වාසනීය නිමක් කරා ගෙනයන්න හැකිනම්, මට පෞද්ගලිකව ඒක රසවත් කෙටිකතාවක්. මෙම සටහන තුල යමක් කමක් දන්නා අය සොඳුරු සංවාදයක් ඇති කරගත්තොත්, උඹේ මේ උත්සාහය සාර්ථක වෙයි. කෙටිකතා ලියන නවකයින්ට අත්වැලක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මෙතන විශේෂිත සිද්ධියක් තියෙනවා. ඒ තමයි එක ගෙයි කෑම. ඒක අපේ රටේ කතිකාවට පත් උන මතෘකාවක්. අද නම් නෑ මයෙ හිතේ. එක ගෙයි කෑම නැති උනාට. හිරෙන් කෑම නම් පැලෙන්න තියෙනවා.

      Delete
    2. මෙහෙමයි මචං සංවාදයක් ඇතිවේවි කියල මම බලාපොරොත්තු වෙනව.එහෙම වුනොත් කෙටිකතා ලියන්න ආසාකරන නවකයන්ට එය හොඳ අත්වැලක් වේවි.

      Delete
    3. මාතලන්,හිරෙන් කෑමද මචෝ හොරෙන් කෑමද?

      Delete
  16. මාත් අදමයි මේ කතාව කියෙවුවෙ.

    එකඟෙයි කෑම වගේම අර අඟුරු කෑල්ල අතට නොදීම වගේ දේවල් වලින් ගැමි ගෙවල් වල ඔවැනි චාරිත්‍ර වලට ප්‍රමුඛස්ථානය දුන් හැටිත් තේරුනා. ඒ වගේම කාලය මැනීම.

    කොහොම උනත් 'කෙටි කතාව' පිළිබඳව කතා බහට ලක් කිරීමට හැලප අයියා සුදානම් වෙන නිසා එතනින් නොදන්න කරුණු ඉගෙන ගැනීමට බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නොදන්න නිසයි අහන්නෙ,අඟුරු කෑල්ල අතට නොදීම ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

      Delete
    2. ආ ඒක මෙහෙමයි ඇනෝ,ඒ ගනුදෙනු අත් ඇරපු වෙලාවනෙ.එතකොට අඟුරු කෑල්ල අතට දුන්නත් ඒකත් ගනුදෙනුවක් වෙනව කියල අම්මල විශ්වාස කළා.ඒ නිසා අඟුරු කෑල්ල අතට නොදී මේසෙ උඩ තිබ්බා.

      Delete
    3. හොඳයි ප්‍රියා,නොකියවපු කතාවක් කියවන්න ලැබුනනෙ.මේ කතාවට පාදක වන කාලය එක්දාස් නවසිය තිස් ගණන් විය යුතුයි.
      ඔබ නිවැරදිව කියා ඇත්තාසේ කෙටි කතාව පිලිබඳ යම්කිසි සාධනීය සංවාදයක් ඇතිකරගන්නට මා බලාපොරොත්තු වෙනවා.එය ඔබ වැනි අංකුර කෙටිකතා කරුවන්ට උදව්වක් වුනොත් මට සතුටක්.

      Delete
    4. ඇනෝ මාත් අදහස් කලේ ඔය දේ ගැනමයි.

      හැලප අයියෙ. ඇත්තෙන්ම ස්තූතියි මේ ගන්නා උත්සාහයට. මේ සංවාදයන් දෙස බලා සිටීමෙන්ම ලැබෙන දැනුම අනන්තයි.

      Delete
  17. කලකට පෙර කියෙව්ව වගේම අදත් රස වින්ද කියවල......
    උඹ මෙය අපට මතක් කර දෙන්න ඇත්තෙ යම් විශේෂිත යමක් නිසා බව පැහැදිලියි....
    බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං,මේ කතා ලියන්න ආසාවෙන් ඉන්න කොල්ලො කෙල්ලන්ට කතා කලාවේ ඉම් පිළිබඳව මා දන්නා ප්‍රමාණයෙන් යමක් කියාදෙන්න ඇත්නම් කියා හිතුණා.සංවාදයට ඔබත් එකතු වුනොත් ලොකු සතුටක්.

      Delete
    2. අනිවා මචෝ......
      උඹලගෙ දේවලට මම නෑවිත් කොහොමද....හෙක්....හෙක්...

      Delete
  18. කාලෙකට පස්සේ ආයෙත් මුල ඉඳලම කියෙව්වා. ඊට පස්සේ අදහස් ඔක්කොම කියෙව්වා. මෙවැනි කතාවකින් අපේ සමාජයේ එදා පැතිකඩක් මොනවට නිරූපණය වෙනවා. එදා සමාජයේ දරුවකු, විශේෂයෙන් ගැමි සමාජයේ දරුවකු, අද සමාජයේ දරුවකු තරම් දුෂ්ඨ බලවේග වලට නිරාවරණය වී නැහැ. ඒ ළමයා දන්නා නරක වැඩ පංචශීලයෙන් කියාදෙන නරක වැඩ පමණයි. (දැණුම සාම්ප්‍රදායිකයි, ගවේෂණශීලී නොවෙයි, මග පෙන්වීම බොහෝවිට ගුරු දෙගුරුන් පමණයි) ඔහු නිර්ව්‍යාජයි. දුෂ්ඨ බලවේග වලින් නොමග යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. නමුත් විද්‍යුත් ආම්පන්න, නවීන ජනමාධ්‍ය නැති ඒ ලෝකයේ, දරුවකු නොමග යාමට වඩා සිදුවුණේ උසස් අධ්‍යාපනයෙන් හැලීයාම පමණයි. ඉන්පසු ඔවුන්ගෙන් බහුතරය ගොවිතැනට, වෙළඳාමට, කම්කරු වැඩට වැටුණා මිසක්, ඡන්දේ ඉල්ලාලා පාර්ලිමේන්තු යන්න, කුඩු/එතනෝල්/එක්ස්ටසි/ ගෙන්වන්න ගියේ නැහැ. ඒ ලෝකය හරි පුංචියි. නමුත් පවුකාරකම බොහොම අඩුයි.

    එකගෙයි කෑම උඩරට සමාජයෙන් ආරම්භ වුනත් එය එක් කලකදී දිවයිනේ වෙනත් පැතිවලත් දකින්න ලැබුණා. සදාචාරය හා සෞඛ්‍ය සම්පන්න බව පිලිබඳ අදහස් වර්ධනයවීම නිසා ඒ සිරිත අතහැරුණා. එය කිසිසේත් අදට ගැලපෙන්නේ නැහැ. නමුත්, පොතේ ලියා නැති, හිතේ ලියා තිබෙන, එක්තරා අවබෝධයක්, ඉවසීමක්, පිළිගැනීමක්, ලෙස, එය සන්සුන්ව, සාමකාමීව, දුරාචාරයක් නොවන ලෙස, පැවතුනා.

    පුංචි තාත්තා එන්නේ මේ දරුවාගේ අම්මව 'පාවිච්චි කරලා යන්න' නෙවෙයි. ඔහු පවුලේ සාමාජිකයකුගේ යුතුකම් ඉටුකලා. අද සමහරු, හොරෙන් පාවිච්චි කිරීමේත්, මේ සබඳතාවෙත් වෙනස එයයි.

    අපේ රටේ සමාජ පරිණාමය ගැන කල කාලීන විග්‍රහයක් මේ කතාව. කේ ජයතිලක, කවදත්, මානව චර්යා විනිවිද දැක, එයින් කොටස් උකහා, සමාජයට පෙන්වූ වියතකු ලෙස, හඳුන්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමාගේ තාර්කික විග්‍රහයට බොහොම ස්තූතියි.මෙතනදි කුඩා දරුවෙක් කථකයා හැටියට යොදාගෙන තිබෙන්නේ කතාවේ මධ්‍යස්ථ භාවය රැකගැනීමටයි.ඒ වගේම කුඩා දරුවා නොදන්නා බොහෝ දේ තියෙනවනෙ.එයත් කතුවරයාට ලැබෙන වාසියක්.ඒ කෝණයෙන් කතාව කීම නිසා ඉතා නොවැදගත් කතාවක් විශිෂ්ට ගණයේ කෙටිකතාවක් වී ඇති ආකාරය දකුම්කලුයි.

      Delete
  19. බස්නාහිර පළාතේ මම දන්නා තරමින් නම් එකගෙයි කෑම් තිබිලා නෑ. කොයි හැටි වෙතත් මේක කෙටි කතාවක්නේ කියලා හිතලා කියෙව්වාම එහෙම ගැටළුවක් නෑ. නමුත් අර කියන අවුරුද්දකට සැරයක් වෙන දේ ගැන කොලුවා ඔච්චර පුදුම වෙන්නේ කොහොමද වගේ අභව්‍ය තැන් නම් තියෙනවා තමයි.
    එක ගෙයි කන එකාට නංගියෙක් හදන්නත් බර වියදං නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හෙන්රි මම දන්නා එක පවුලක් ගැන කියන්න පුළුවන් බස්නාහිර පළාතේ පස්යාල ප්‍රදේශයේ මේ එකගෙයි කෑමේ සිරිතට අදාළ. ඒ දරුවන්ටත් අද මුනුබුරු මිනිබිරියෝ ඉන්නවා.

      අර කොලුවා අර සිද්ධිය ගැන පුදුමයෙන් බැලීම අභව්‍ය නැහැ. මොකද ඒ සිද්ධිය ටිකක් අමුතුයි කියා සිතන්නට තරම් ඔහුගේ බුද්ධිය/කුතුහලය මුහුකුරා ගිය වයසේදීයි ඔහු මෙහෙම හිතන්නේ. ඊට කලින් මේ සිද්ධිය වෙන්න ඇති, නමුත් එදා ඔහු එය කොහොමවත් තේරුම් ගන්න තරම් පොඩි වැඩියි. අදත් එය තේරුම් ගන්න තරම් ඔහු ලිංගික කරුණු දන්නේ නැහැ. ඔහු දන්නේ මෙය අමුතු සිද්ධියක් කීමට පමණයි.

      Delete
    2. බස්නාහිර පළාතේ එකගෙයි කෑම නොතිබුනාම කියල හිතන්නට අමාරුයි මචං,ඉඳ හිට තියෙන්නට ඇති.අභව්‍ය තැන්ද නොමැත්තේ නොවේ,නමුත් නිර්මාණයක් නොවැ.

      Delete
  20. පොඩි පොඩි පරහ පේන තැන් තිබ්බට හොඳයි වගේ කතාව. මම නම් කේ ජයත්ලකයන් ගේ කැමතිම තුම්මන්හන්දිය පොතට

    ReplyDelete
    Replies
    1. අම්මට.... මම හිතුවේ ඒක මහගමසේකරගේ කියලා. බලාගෙන ගියාම සේකරත් මාර නිර්මාණ කොල්ලකරුවෙක් නේ..

      Delete
    2. එහෙම උනත් මොකැ බං යාලුවොනේ

      Delete
    3. මං හිතන්නෙ සේකර කේ ජයතිලකගෙ ප්‍රොෆයිල් එක හැක් කොරලා.. ඕං සිද්ධිය.. !!
      ඊට පස්සෙ ජයතිලකගෙ නමින් පබ්ලිශ් බටන් එක ඔබලා.. උඹල නැට්ට පාගගෙන, නොදෝකිං .චැහ් !!

      Delete
    4. උඹ ඕව ගණන් ගන්න එපා නාඩියෝ,හැම කෙනාම හැම දේම දන්නෙ නෑනෙ.

      Delete
    5. දෙන්න එකතුවෙලා කරපු ඒවත් තියෙනවනෙ ව්‍යංගා වගෙ

      හර්ෂ

      Delete
    6. සේකර සහ කේ ජයතිලක දෙන්නම එකම පලාතෙ. පොත් වල නම් ගම් වල සමාන කම් තියෙනව. පටලවීම එච්චර පුදුමයක් නෙමේ..කේ ජයතිලකගෙ සහොදරයෙකුත් ලේඛන කලාවෙ නිරත වුණා නේද.

      Delete
    7. ඔව් බින්දී,කේ.ජී.කරුණාසේන මහතා,ඔහුත් රාජ්‍ය සම්මාන දිනු ලේඛකයෙක්.

      Delete
  21. මමත් මේ කතාව කලින් කියවලා තිබුනේ නෑ.. කතාවෙන් මතුවුනු කෙටි කතා විලාසය, භාෂාව හැසිරවීම, අවස්ථා සම්බන්දය වගේ දේවල් හුඟක් ඉහළ මට්ටමක තියෙනවා ..

    ස්තූතියි මේ වගේ දෙයක් ගැන කට්ටියගේ අවදානය යොමු කල එකට ..

    ReplyDelete
    Replies
    1. කියවා රස විඳීම ගැන බොහොම සතුටුයි තුශානි. බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවන මෙවැනි කතා හඳුන්වා දීමට හැකිනම් අපේ බ්ලොග් ලියන අය බොහෝ දේ ඉගෙනගනීවී.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. වැඩේ නියමයි හැලපෙ. හොඳට රස වින්ඳා.

    බැලුවෙ නං, බයෙන් බයෙන්. කොලුවට දැං මාට්‍ටු වෙයි, දැං මාට්‍ටු වෙයි කියල බයෙන්. ඒසේ වීමට හේතුව, වර්තමානයේ දැනට විවාහය ගැන තියෙන සමාජ සම්මතය. කතුවරයා සමාන්‍යකරණය කීරීමට උත්සාහ ගත්තත් " එකගෙයි කෑම" ගැනත් ඇති සමාජ ආකල්ප, එයින් එක චරිතයක් " අම්මා" වීම නිසාත් දැනෙන වරදකාරී හැඟීම වෙන්න පුළුවන්.

    කොහොම උනත් කතාව හොඳයි.හැලපෙගෙ උත්සාහයත් හොඳයි. අර ලියනවයි කිව්ව අනිත් කතාව එකකං බලාගෙන ඉන්නවා.

    ඉවාන්ගෙ කතාත් හොඳයි

    ඉවාන් මෙව්ව බලල තවත් හොඳට කතා ලියනව නං ඒකත් හොඳයි. බලල , එහෙම ඕනැන්නෙ නෑ, මට මගේ විදිහ හොඳයි කියල , ඔය ලියන විදිහට ලියනවා නං ඒකත් හොඳයි,

    අරූගෙ කතාත් හොඳයි. මුගෙ කතාත් හොඳයි. තිලකෙගෙ කතාත් හොඳයි.

    දැං මම මේ මොකක් ගැනද කියන්න ගියෙ ?
    ආ, මං කියන්න ගියේ හැලපෙගෙ උත්සාහය නං හොඳයි. ඒත් ඕක දැලිපිහියෙන් කිරි කවන්න යනව වගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. //ඒත් ඕක දැලිපිහියෙන් කිරි කවන්න යනව වගේ වැඩක්.//
      ඔව් බං මට දැනටම ඒ සත්‍යය වැටහෙමින් පවතිනවා.

      Delete
  24. හැලපේ මම හිතුවේ අර උඩ ෆොටෝ එකේ ඉන්නේ හැලපයා කියලයි...:)

    මම නම් කතාව රස වින්දා. කොයි පැත්තේ සිද්ධ වුණු දෙයක් වුනත් කමක් නෑ. මම එකදිගටම , එක හුස්මට කියවගෙන ගියා. කතාව ලීවේ හැලපෙද නැත්නම් ජයතිලකද කියලා ගානක් ගියෙත් නෑ.

    මාතලන් කමෙන්ට් එකක් කියවනකොට ඔලුවට ආවේ ගම්වල ඉන්න ගෑනු ලමයින්ගේ තියෙන්නේ අමුතුම කොමල ගතියක් කියලා. අහිංසකකමයි, හුරතලෙයි, ගැමි ලස්සනයි, හීනියට ඇස්වලින් ඉල්ලන දේවලුයි ගත්තාම ඇඟවල් පෙන්නගෙන, කෑගහගෙන නටන, නගරේ ගෑනු ලමයින්ට වඩා හිත් ඇදගන්න, ගතියක් එයාලගේ තියෙනවා. අත්තම්මා කියනවා වගේ බොහොම භයානක මිශ්රණයක්...:D

    කතාවක් ලියනකොට තමන්ට හිතෙන විදියට ලීවාම, ඒක මට නම් ලස්සණයි. සමහර කතා වැඩි ලස්සනකින් ලියවෙනවා...සමහර ඒවා එහෙම වෙන්නේ නෑ. හැමෝටම ඕනේ විදියට ලියන්ට අමාරුයි. හදවතින්ම ලීවා නම් හරි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මාව දැකල නැද්ද?අනික අනුන්ගෙ කතාවක් ගැන කියද්දි මගේ පිංතූරයක් දාන එක සදාචාරාත්මක නෑ නොවැ.1926 දී ඉපදුන ජයතිලකයන් 2011 දී මියගියා.ප්‍රකට ගුවන් විදුලි නිවේදිකාවක් වන සුමනා ජයතිලක මහත්මිය කේ ජයතිලකයන්ගේ ආදරණීය බිරිඳයි.

      Delete
    2. // ගම්වල ඉන්න ගෑනු ලමයින්ගේ තියෙන්නේ අමුතුම කොමල ගතියක් කියලා. අහිංසකකමයි, හුරතලෙයි, ගැමි ලස්සනයි, //

      පොඩ්ඩි මේ කියන්නෙ දශකයකට දෙකකට එහා පැත්තෙ ගම...දැන් මන් හිතේ එහෙම වෙනසක් නැහැ:D

      Delete
    3. සුමනා ජයතිලක නැන්දාගෙ කටහඬට කොච්චර ආසා කලාද ඉස්සර "හඳමාමා වැඩසටහන නිසා......ම් ...අනික් මාමාගෙ නම මතක් වෙන්නෑනෙ.
      අනේ කියල හිතෙන්නෙ දැන් අපේ පොඩි උන්ට නැහැනෙ එහෙම වැඩසටහනක්..? ස්ටාර් වැඩසටහන් නම් වැහි වැහැලා..!!!!

      Delete
    4. ලැම්බට් පෙම්මාවඩු මාමා

      Delete
  25. කේ ජයතිලක කියන්නේ මගේ ප්‍රියතම ලේඛකයා...

    ලිපිය ගැන හෝ අන්තර්ගතය ගැන හෝ අරමුණ ගැන කතා කරන්න කලියෙන් මට දැන ගන්න දෙයක් තියෙනවා...

    මං දන්න තරමින් ජයතිලක මහත්මයාගේ පොත්වල (මුල්ම ඒවා හැර) ප්‍රකාශකයා එතුමාමයි.. ඒ කියන්නේ කතුවරයාත් ප්‍රකාශකයාත් ඔය අනං මනං ඔක්කෝම එතුමාට හා දැන් එතුමාගේ මරණයෙන් පසුව මං දන්නා තරමින් එතුමාගේ පවුලේ අයටයි තියෙන්නේ.. දැන් මෙහෙම එතුමාගේ කෙටි කතාවක් අරං අපි ගත්තු තැන හා විස්තරය කියලා හරි අපේ බ්ලොග් එහෙක දාද්දි ඒකට නීතිමය අවුලක් එන්නේ නැද්ද..? බුද්ධිමය දේපල පනතට අනුව ඒක වරදක්ද..? නැද්ද..? එහෙමත් නැත්තං හැලපේ අයියා ජයතිලක මහත්මියගෙන් මේ සඳහා නිසි අවසරයක් අරංද මේක පල කලේ...

    මං මේ ටික අහන්නේ කාරනා දෙකක් හින්දා.. එකක් පොත් ප්‍රකාශනය ගැන යම් යම් කරුනු ගැන මේ ටිකේ සොයා බලමින් ඉන්න නිසා ඒ පිළිබඳ දැනුම වැඩි කරගන්න.. අනික පහු ගිය දවස්වල ඉන්දිකගේ ලිපියක් විකෘති කොට වෙනත් අයකුගේ නමින් ලක්බිමේ ගිය වෙලේ බ්ලොග් කරුවන් එයට දැක්වූ විරෝධය එක්ක ගත්තම විකෘති නොකොට හා අයිතිය වෙනස් නොකොට හෝ අවසර නැතිව දෙයක් දැමීම කියන චෝදනාව ආපස්සට බ්ලොග් කරුවන් වෙන අපිටත් කැරකෙන්නේ නැද්ද කියන දේ දැන ගන්නයි.. පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරමි.

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් නීතිමය අවුලක් එන්නට ආකාරයක් නෑ.එහෙම ආවත් එය කළමනාකරණය කර ගන්නට මට පුළුවනි. හුදී ජන පහන් සංවේගය පිණිස මේ කාරණය මතුකිරීම ගැන මාරෙට බොහොම ස්තූතියි.
      මම මේ තව කතාවක් කියන්න ඔබව මුණ ගැහෙනතුරුයි හිටියෙ.අප්‍රේල් මාසෙ මම ලියපු වරායෙ කිටියගෙ කතාව සහ පාළු පන්සල් කියන කතාවට ඔබ කමෙන්ට් කරාවි කියල මම බොහොම ලොකු බලාපොරොත්තුවකින් හිටියා,මොකද කාලයක් සිවුරෙ හිටපු කෙනෙක් හැටියට ඔබතුළ මා ලියපු දේ ගැන හොඳ විග්‍රහයක් කරන්න කරුණු තියෙනව කියල මා දැනගෙන හිටියා සහ විශ්වාසකලා.එහෙම වුනානං එය හොඳ සංවාදයකට මාතෘකාවක් වෙන්නත් තිබුණා.නමුත් අවාසනාවකට වගේ ඒ දේ සිද්ද වුනේ නෑ.මා මේ ඔබේ වැරැද්දක් දකිනවා නොවෙයි.කමෙන්ට් කළ යුතුමයි කියා කාටවත් කියන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.අනික මම කවදාවත් කෙනෙකුට එහෙම කියලත් නෑ.නමුත් ඒ විෂයෙහි ඔබ ප්‍රාමාණිකයෙක් නිසාවෙන් මගේ හිතේ එහෙම බලාපොරොත්තුවක් ඇතිවෙන්නට ඇති.

      Delete
    2. එහෙම නීතිමය අවුලක් නේන්න ඉඩක් නැහැ නේද..? මොකද එහෙම උනොත් දැනට අලවියේ තියෙන ඕනම පොතක් අපිට අරගෙන මෙහෙම දාන්න හැකියාව ලැබෙනවනේ... එතකොට ඒ කතුවරයාට.. ප්‍රකාශකයාට එයින් අගතියක් වෙන්නේ නැද්ද..? ඇත්තටම මටනං ප්‍රශ්නේ බරපතලයි.. මොකද ඉදිරියට එන තාක්ෂණීක දියුණවත් එක්ක අපි පොතක් පිට කරනකොටම ඒක ගෙඩිය පිටින්ම උනත් මෙහෙම ප්‍රසිද්ධියේ පල උනොත්.. මේ කතානං දැන් කාලයක් අලවි වෙලා තියෙන නිසා මං හිතන්නේ නැහැ ප්‍රකාශකයින්ට ඒ හැටිම හානියක් වෙයි කියලා..(නමුත් එයත් වරදක් හැටියටයි මටනං පේන්නේ..) ඒත් අළුත් පොතකදීත් මේ ටිකම වෙන්න ගත්තොත් මොකද පොත් කතුවරුන්ට.. ප්‍රකාශකයින්ට සිද්ධ වෙන්නේ..? අවංකවම කිව්වොත් කරන්න හිතලා තියෙන සහ ඒ වෙනුවෙන් මූලික සොයා බැලීම් කරමින් ඉන්න වෙලාවක මේක මටනං ඒ හැටි සුභ ලකුණක් නෙවෙයි වගේ...
      එහෙම ප්‍රශ්නයක් මේකට ආවොත් ඒක කළමනාකරණය කර ගැනීම කියන පෞද්ගලික තත්වය ගැන නෙවෙයි මේ අවුල.. පොදුවේ මේක නීතියට අනුකූලද.. නැද්ද කියන කාරණාවයි අවුල...

      වරායේ කිටියා මං කියෙව්වා මතකයි... ඒත් හැලපේ අයියේ මං දැන් බ්ලොග් වල වැඩිය දිග්ගැස්සෙන වාද විවාද වලට යන්නේ මට ඒ වෙනුවෙන්ම කාලයක් හොයාගන්න පුවවන්නං විතරයි... බ්ලොග් වලට වඩා පැවැත්ම අඩු උනත් බුකිය සරල විනෝදයටත්.. වැඩ කරන වෙලාවට එන වෙහෙස නිවා ගන්නත් පහසු තැනක්... ඒ හින්දා එහෙම දිග්ගැස්සෙන පොයින්ට් තියෙන තැන්වල පැටලෙන්නේ නැතිව වැඩක් බලං ඉන්න හුරු වෙලා ඉන්නේ... මේකට පැටළුනේ මං මේ දවස්වල හොයන කාරණාවකට සම්බන්ධ හින්දම තමා.. නැත්තං බැළුවා ගියා.. සහ කියන්න දෙයක් තිබුනොත් ඒක කෙටි පාරෙන් කපලා කියලා ගියා.. :D

      අනිත් දේ තමා ඉතිං පන්සල් ගැන ලියන දේවල් වලදී මං අතිශයින්ම තෝරා බේරාගෙන කතා කිරීම.. මොකද අපිව කතාවට පටලවලා ඒකේ අතුරු කතාවක් අල්ලං ගේම් දෙන උදවිය වැඩියි... මේ මෑතකදී අර ගුවන් යානය නැති උන වෙලාවේ කිව්ව කතාවකිනුත් බාගයක් අල්ලං කවුද මංදා දියුණු මානසික තත්වයක් තියෙන කෙනෙක් හෝ කිහිප දෙනෙක් පිස්සු නට නට ගිහින් තිබුනා.. :D ඉතිං ඒ වගේ දියුණු මානසික තත්වයන් තියෙන අයියලා ගාව කතා කරලා මට කෙලියට අවුලක් නැති උනාට මං කැමති නැහැ මගේ වචනයක් අල්ලං බුද්ධ ශාසනේට පහර දෙනවට.. එයිට වඩා හොදා කට පියං නිකං ඉන්නවා.. අඩුම ගානේ මගෙයි.. දියුණු සත්වයින්ගෙයි බයිට්වත් ඉතිරි වෙයිනේ.. මොකද කියන දෙයක් අහලා හැදෙන උන්දලයෑ මේවා ඉන්නේ.. මේ අපිත් ඇතුළුව.. :D

      Delete
    3. මාරේ අර අන්තීමට කියලා තියෙන ගති ලක්සනේට මම පට්ට ලයික්. මම හරි ආසයි ඒ වගේ උන්ට. උන් තම්යි මේකේ කොකු ඇදගෙන පොඩි ආතල් එකක් දෙන්නේ. නැත්නම් ඉතින්, මේකත් පත්තරේ බලලා විසිකොලා වගේම නොවැ.

      Delete
    4. කොපි රයිට්ස් වලට අවුරුදු ගනන බලපානවා නේද. රුසියන් පොත් ගැන කතා කල වෙලේ ඉන්දික කිවා මතකයි ඔහොම කතාවක්

      Delete
    5. කේ ජයතිලක සූරින් තමාගේ මුලු පුස්තකාලයම ගම් වැසියන්ගේ ප්‍රෙයා්ජනයට භාර දුන්නා. ඒ වගේම මාරයා මතු කරන තර්කය හරි. යම් පොතක් හෝ කතාවක් මුලුමනින්ම අපට උපුටා දක්වන්න හැකිවන්නේ වසර 50ක් ඉක්ම ගියායින් පසුවයි. එතෙක් එහි ඉතා කෙටි උපුටනයක් හැර අන් දෙයක් කරන්න නෛතික අවසරයක් නැ. ඒත් මෙතැනදි පුද්ගලික සබදතා මත හැලපේට මෙය කිරීමෙන් ගැටලුවක් ඇති නෙවන බවත් දන්නවා. අමතක නොකරන්න දැන් බුද්ධිමය දේපළ පනත හරිම බලවත්.

      Delete
    6. මේ පහත පළ වෙන්නේ ඉන්දු ගනේගොඩ නම් ලේක්හවුස් ආයතන‍්යෙ සේවය කළ තැනැත්තියක් විසින් ලියන ලද පුවත් පත් ලිපියකි. එම ලිපිය උපුටාගත් තැනක් ගැන කිසිදු සටහනක් නොමැතිව එක්තරා වෙබ් අඩවියක පළ කොට තිබිණි. එනිසාම මාද එම අඩවියේ නම හෝ ලින්කුව මෙතැන නොදමමි. කියවන්න ඒ ලිපිය...
      ප‍්‍රකාශන හිමිකම් නීතිය
      ප‍්‍රකාශන හිමිකම් නීතිය බිහිවීමත් සමඟ බුද්ධිය නිර්මාණයන්ට පුළුල් ආර්ථ කථනයක් ලැබිණි. බටහිර ලෝකයේ රටවල් මේ අතුරින් විශේෂත්වයක් ගත්තත් සංවර්ධනය වන ලෝකයේ රටවල ප‍්‍රකාශන හිමිකම් සඳහා ආකල්පය ප‍්‍රමුඛත්වයක් ලැබී ඇති බව නොපෙනේ. 1979 දී ප‍්‍රකාශන හිමිකම් නිතිය 1979 අංක 52 බුද්ධිමය දේපළ නීති සංග‍්‍රහය පනත මඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ යන වචනද්වයෙන්, යම් කෙනකු සිය දක්‍ෂතා සහ ප‍්‍රතිභාව උපයෝගී කොට ගෙන නිර්මාණය කරන සාහිත්‍යමය හෝ කලාත්මක හෝ විද්‍යාත්මක හෝ කෘති අදහස් වේ. බුද්ධිමය දේපල ද මිල මුදල්, ඉඩකඩම් වැනි සාමාන්‍ය දේපළක් මෙන්ම ආර්ථික වටිනාකමක් දරයි. එහෙත් අතීතයේ දේපළ වශයෙන් සලකනු ලැබුවේ ඉඩම්, මුදල්, වටිනා ලෝහ වර්ග වැනි ද්‍රව්‍යමය හෝ ස්පර්ශ කළ හෝ හැකි දේය. මෑත කාලයේ, එවැනි සාම්ප‍්‍රදයික දේපළ අතර ස්පර්ශ කළ නොහැකි සහ අද්‍රව්‍යමය දේපල ගනයට බුද්ධිමය දේපළ ඇතුළත් විය දේපළ යන්න, නිශ්චල දේපළ හා වංචල දේපළ යනුවෙන් කොටස් දෙකකට වෙන් කොට දක්වනු ලැබේ. බුද්ධිමය දේපළ අයත් වන්නේ චංචල දේපළ ඝනයටය.බුද්ධිමය දේපළ සංකල්පය ගොඩ නැගෙන්නට පටන් ගත්තේ නිර්මාණාත්මක සාහිත්‍යමය සහ කලාත්මක කෘතිවල ආර්ථික විටිනාකම හඳුනා ගැනීමෙන් පසුව සහ තාක්‍ෂණික වශයෙන් ලෝකය දියුණු වන්නට පටන් ගත් පසුවය. මිනිස් ශිෂ්ටාචාරයෙ වර්ධනයත් සමඟ, සමාජ අවශ්‍යතා වැඩිවෙත්ම, සංකීර්ණ වෙත්ම, නිර්මාණාත්මක කෘතිවල භෞතික සම්බන්ධතා සහ ඒවායේ ආර්ථිකමය වටිනාකම වැඩෙන්නට විය. මේ ප‍්‍රවණතාවේ මුල් පදනම වූයේ මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තියයි. ඔහු පිටපත් කරණය නිසා කිසියම් කෘතියක ආර්ථික ඵල ප‍්‍රයෝජන ලැබීමේ අයිතිය කර්තෘට හිමි විය යුතුයැයි පිළිගැනීමක් මේ නිසා අති විය. එසේම කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක කළ හැකි වටනාකමකින් සමන්විත විය යුතු යැයි ද තීරණය විය.වත්මන් ලෝකය බුද්ධිමය දේපළ වර්ග තුනක් හඳුනා ගෙන තිබේ. ඒවා නම් ප‍්‍රකාශන හිමිකම් සැලසුම් ය.ප‍්‍රකාශන හිමිකම ආර්ථික වටිනාකමකින් යුත් දේපළ විශේෂයක් වුව ද අනිකුත් දේපළ වලට වඩා වෙනස් වේ. ප‍්‍රකාශන හිමිකම්, අයිතිවාසිකම් ඒ කිපිහියක සංයෝගයකි. සාමාන්‍ය දේපළක් විකිණීමක දී නිදසුනක් ලෙස ඉඩමක් ගෙයක්, වාහනයක් එහි අයිතිය මිල දී ගන්නාට ක්‍ෂණිකව පැවරේ. එහෙත් කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක හෝ කෘතියක් විකිණීමේ දී එවැනි ක්‍ෂණික පැවරීමක් නො සිදුවේ. එසේම එකී පැවැරීම මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ කි‍්‍රයාත්මක කළ හැකිය. සමහර අයිතිවාසිකම් කිසිවකුට හෝ පවරා දිය නොහැකිය. නිදසුනක් ලෙස සදාචාර අයිතිවාසිකම් ප‍්‍රකාශන අයිතිවාසිකම්, ප‍්‍රති නිෂෂ්පාදන අයිතිවාසිකම් ප‍්‍රධාන තැනක් ගනී.

      Delete
    7. ප‍්‍රකාශන හිමිකම් යටතේ ආරක්‍ෂණය සැලසෙන්නේ සාහිත්‍යමය, කලාත්මක සහ විද්‍යාත්මක කෘති සඳහාය. ඒ යටතේ කෘති නිර්මාණය කරනු ලබන පුද්ගලයාගේ අයිතිවාසිකම් සුරැකේ. මෙකී අයිතිවාසිකම් අතර ආර්ථික සහ සදාචාර අයිතිවාසිකම් ප‍්‍රධාන තැනක් ගනී. කිසියම් කෘතියක කර්තෘගේ අවසරය නොමැතිව කරනු ලබන කිසිදු කාර්යයක් වාණිජමය වශයෙන් භාවිතා කළ නොහැකිය. ඒ අනුව කර්තෘ අයිතිවාසිකම් පූර්ණ වශයෙන් ආරක්‍ෂා වේ. අවසරය නොමැතිව කරනු ලබන භාවිතය උපුටා පරිවර්තනය කිරීම, මේ යටතේ වළක්වනු ලැබේ. අප මීට ඉහත බුද්ධිමය සහ වෙනත් දේපළ වර්ග පිළිබඳව සදහන් කළෙමු. එවැනි දේපළක් හිමිකරුවකුට තමා කැමැති පරිදි එය භාවිතා කිරීමට පූර්ණ අයිතියක් තිබේ. එහෙත් තමා සතු දේපළ නොසැලකිලිමත් ලෙස භාවිතා කිරීමට දේපළ හිමිකරුට අයිතියක් ඇතැයි ඉන් අදහස් නොවේ. එය සමාජයේ අනිකුත් සාමාජිකයන්ගේ යහපත නෙවෙන්, සමාජයට හානිකර නොවන ලෙස භාවිතා කළ යුතුය. නිදසුනක් ලෙස මෝටර් රථයක හිමිකරුවකුට තම රථය තමා කැමැති පරිදි පැදවීමේ අයිතිය ඇත. එහෙත් නොසැලැකිලිමත් ලෙස සසහ අන්තරාය දායක ලෙස රිය පැදවීමට අයිතියක් ඉන් අදහස් නොවේ’ ප‍්‍රකාශන හිමිකම් භාවිතයේ දී ද යම් යම් සීමාවන්ට අනුව කි‍්‍රයා කිරීමට ප‍්‍රකාශන හිමිකරුවාට සිදු වේ. මෙහි දී බොහෝ ප‍්‍රකාශන හිමිකම් නීති වලට අනුව කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක හෝ කෘතියක් එහි කර්තෘගේ අවසරය නොමැතිව භාවිත කළ නොහැකිය. ඒ අනුව මුල් කෘතිය පදනම් කොට ගෙන එහි පිටපතක් සකස් කිරීම, ප‍්‍රතිනිෂ්පාදනය කිරීම, විකාශය කිරීම, වෙනත් ආකාරයකින් මහජනයාට ඉදිරිපත් කිරීම, පරිවර්තනයක් අනුවර්තනයක් හෝ වෙනත් පරිණාමනයක් පිළියෙල කිරීම, සඳහා මුල් කර්තෘ වරයාගේ අවසරය ලබා ගත යුතුය. යම් කිසි භාවිතයක් සඳහා අවසර දානය කිරීම සම්බන්ධයෙන් විවිධ නෛතික සංකේත නාමයක් භාවිතා වේ. ඒවා නෛතික අයිතිවාසිතම් විශේෂයක් හැටියට හැඳින්විය හැකිය. ප‍්‍රති නිෂ්පාදන අයිතිවාසිකම්, රංගන අයිතිවාසිකම්, පටිගත කිරීමේ අයිතිවාසිකම්, විකාශන අයිතිවාසිකම්, පරිවර්තන අයිතිවාසිකම් ඉන් සමහරකි.මෙහිදී ප‍්‍රකාශන හිමිකම් ක්ෂේත‍්‍ර‍්‍රයේ ඉතා වැදගත් අංගයක් හැටියට ආර්ථික අයිතිවාසිකම් නම් කළ හැකිය. මේ අනුව කෘතිය හා සම්බන්ධ ආර්ථික ප‍්‍රතිලාභ ලැබීමේ මුල් අයිතිය කර්තෘට හිමි වේ. අන් කිසිවකුට හෝ එකී කෘතිය පදනම් කොට ගෙන ආර්ථික වාසි ලැබීමට හැකියාවක් නැත.

      Delete
    8. ඒ අනුව කිසිවකු ආර්ථිකමය වැසියක් ලැබීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා කර්තෘගේ අවසරය ලබා ගත යුතුය. ප‍්‍රතිනිෂ්පාදනය කිරීම, ප‍්‍රසිද්ධියේ රඟ දැක්වීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම, පරිවර්තනය කිරීම ආදිය වේ.මේ අනුව ප‍්‍රකාශන හිමිකම් නීතිය යටතේ කිසියම් සාහිත්‍යමය සහ කලාත්මක කෘතියක් වෙනත් අයකු විසින් පිටපත් කිරීම (ප‍්‍රති නිෂ්පාදනය) නවතාලනු ලබයි. මේ මූලධර්මය ප‍්‍රකාශන හිමිකම් නීතියේ ඇති වැදගත්ම අංගය වේ. මේ නීතිය බලපාන්නේ ආරක්ෂිත කෘතියේ පිටපත් වෙනත් අයකු විසින් මහජනයාට ඉදිරිපත් කරනු ලබන අවස්ථාවකදීය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී කෘතියේ කර්තෘ සහ ප‍්‍රකාශකයා අතර ප‍්‍රතිනිෂ්පාදනය පිළිබඳව ගිවිසුමක් ඇති කර ගනු ලැබේ. එවැනි අවස්ථාවකදී අයිතිවාසිකම් පාලනය කරනු ලබන්නේ ගිවිසුම් ගතග කොන්දේසි වලට අනුකූලවය. මේ ප‍්‍රතිනිෂ්පාදන මූලධර්ම සම්ප‍්‍රදායික තැටිගත කිරීමේ සම්බන්ධයෙන් ද අදාල වේ. මෙවැනි නිෂ්පාදනයන් ලිඛිත මාධ්‍යයට වඩා පහසු හා ජනපි‍්‍රය විය හැකිය. සංගීතමය කෘති සම්බන්ධයෙන් නම් එය වඩාත් සත්‍යයක් වේ. ඒ අනුව ග‍්‍රැමෆෝන් තැටි, කැසට් පටි, සංයුක්ත තැටි සංගීතමය කෘති අරභයා ද එය අදාල වේ.එහෙත් විශේෂිත අවස්ථාවලදී ප‍්‍රතිනිෂ්පාදන කටයුතු සඳහා මුල් කෘතියේ කර්තෘගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවනු ඇත. කර්තෘ අයිතිවාසිකම් සීමා කැරෙන මෙවැනි අවස්ථා කීපයක් දැක්විය හැකිය. තවද සේවක කර්තෘ වරයකු විසින් කරනු ලබන නිර්මාණයක් සම්බන්ධධයෙන් වන විට එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ. එසේම ආර්ථික අයිතිවාසිකම් පවත්නා කාලසීමාව ඉක්ම ගිය පසු එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ. භූගෝලීය වෙනස්කම් සහ ප‍්‍රකාශන හිමිකම් ක්ෂේත‍්‍රයට අයත් නොවන්නේ යැයි දක්වා ඇති විෂයයන් සම්බන්ධයෙන් ද, හුදෙක් පෞද්ගලික පරිහරණය සඳහා ද මෙවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ.මෙහි ඇති තවත් අයිතිවාසිකමක් නම් රංගන අයිතිවාසිකමයි. සමහර විටෙක නීතිය මඟින් ආරක්ෂිත කෘතියක් පිටපත් කිරීමක් හෝ ප‍්‍රතිනිෂ්පාදනයක් හෝ නො කැර මහජනතාව වෙත ඉදිරිපත් කළ හැකිය. නාට්‍ය සහ සංගීතමය කෘති මෙසේ පහසුවෙන් මහජනතාව වෙත ඉදිරිපත් කළ හැකිය. එවැනි කි‍්‍රයාවක දී ඒ සඳහා සැලසුම් කළ අයගේ මෙන් ම ප‍්‍රකාශන හිමියාගේ ද අවසරය ලබා ගත යුතුය. මීට අමතරව ප‍්‍රතිනිෂ්පාදනය කිරීමෙන් හෝ ප‍්‍රකාශයට පත් කිරීමෙන් හෝ කෘතිය මහජනයා වෙත ඉදිරිපත් කළ හැකිය. මේ සෑම අවස්ථාවකදීම ප‍්‍රකාශන හිමියාගේ අවසරය ලබා ගත යුතුය.මේ අනුව තවත් අයිතිවාසිකමක් ඇත. එනම් “ප‍්‍රසිද්ධ විකාශන අයිතියයි” ප‍්‍රසිද්ධ විකාශය අයිතිය යන්නෙන් තරංග මාර්ගයෙන් ප‍්‍රසිද්ධියට පත් කරනු ලබන ගුවන් විදුලිය හෝ රූපවාහිනී විකාශ අදහස් වේ. කේබල් මාර්ගයෙන් කැරෙන විකාශනයන් ද, මේ ගණයේ ලා සැලැකිය හැකිය. මේවා ප‍්‍රසිද්ධ විකාශන වශයෙන් සැලැකීමට නම් සියලු ආකාරයෙන්ම මහජනයා වෙත ඉදිරිපත් කිරීමක් විය යුතුය.බර්න් සම්මුතියට අනුව කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක හෝ කෘතියක කතුවරයා එම කෘතියේ ප‍්‍රකාශන හිමිකරුවා වන අතර එම කෘතිය ප‍්‍රසිද්ධියේ විකාශනය කිරීම සඳහා බලය ලබා දීමේ අයිතිය ඔහු වෙත රඳා පවතී. තව ද සමහර රටවල ජාතික නීති, බලය පැවරීමේ දී මුල්‍යමය වාසි ලැබීමේ අයිතිය කර්තෘට හිමි කර දී ඇත.අපට වැදගත් වන තවත් අයිතියක් ඇත. පරිවර්තන සහ අනුවර්තන අයිතිවාසිකම් යනුවෙන්. කෘතියක් ප‍්‍රකාශයට පත් මුල් භාෂාවන් හැර වෙනත් භාෂාවකින් එම කෘතිය මුද්‍රණය කිරීම එයින් අදහස් වේ. අනුවර්තනය යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ මුල් කෘතිය නවීකරණය කිරීම හෝ වෙනම කෘතියක් බවට පත් කිරීමය. මෙවැනි පරිවර්තන සහ අනුවර්තන කෘති සම්බන්ධධ අයිතිවාසිකම් ප‍්‍රකාශන හිමිකම් නීතිය මගින් ආවරණය කොට ඇත. ඒ අනුව කිසියම් කෘතියක් පරිවර්තනය කිරීමට හෝ අනුවර්තනය කිරීමට හෝ කිසිවකු අදහස් කරයි නම් ඒ සඳහා මුල් කෘතියේ කතුවරයාගේ හෝ ප‍්‍රකාශන හිමියාගේ හෝ අවසරය ලබා ගත යුතුය. අන්තර්ජාතික වශයෙන් කි‍්‍රයාත්මක වන මෙකී නීතිමය තත්ත්වය සමහර දේශීය නීති මගින් සීමා කොට තිබේ. නිදසුනක් ලෙස 1979 අංක 52 දරන බුද්ධිමය දේපළ නීති සංග‍්‍රහය පනතේ 15 වන වගන්තිය මීට අදාල වන අතර මේ හැර විශ්ව ප‍්‍රකාශන හිමිකම් සම්මුතිය ද පරිවර්තනය අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් සීමාවන් දක්වා ඇත.තවත් අයිතියක් ඇත. එනම්, තමා විසින් නිර්මාණය කරන ලද කිසියම් කෘතියක් සම්බන්ධයෙන් කර්තෘත්වය දැක්වීමේ විශේෂිත අයිතිවාසිකම් ඇත. එකී කෘතියේ අයිතිය කර්තෘවරයා සතු වේ. මෙම අයිතිවාසිකම් පීතෘත්වය දැක්වීම යනුවෙන් ද හැඳින්වේ. මීට අමතරව තම කෘතිය සම්බන්ධ විවේචනයක්, විකෘති කිරීමක් හෝ සෙසු වෙනස් කිරීමක් හෝ අවඥා සහගත කි‍්‍රයාවක් කිරීම තම ගෞවරයට හානි කරවන අවස්ථාවක ඊට විරෝධය පෑමට හෝ සහනය පැතීමට අයිතිය තිබේ. සමහර අවස්ථාවලදීඩ මෙම අයිතිවාසිකම් අවංකභාවය යනුවෙන් ද හැඳින්වේ. සදාචාර අයිතිවාසිකම්, කතුවරයා සතු ආර්ථික අයිතිවාසිකම් වලට ස්වාධීනව කි‍්‍රයාත්මක වේ. ආර්ථික අයිතිවාසිකම් අන් අයකුට පැවරිය හැකි වුවද, සදාචාර අයිතිවාසිකම් එසේ පැවරිය නොහැකිය.

      Delete
    9. තවත් අයිතිවාසිකමක් ඇත. ප‍්‍රකාශන හිමිකම්, භාවය, සීමා කිරීම්, කාලය, භූගෝලීය වෙනස්කම්, නීතිය මගින් බැහැර කිරීම සහ සාධාරණ ප‍්‍රයෝජනයට ගැනීම යනු ඒවායි. මෙහිදී වඩා වැදගත් වනුයේ ප‍්‍රකාශන හිමිකම් භාවයයි. ඒ අනුව ප‍්‍රථමයෙන් කිසියම් කෘතියක ප‍්‍රකාශන අයිතිය හිමි වනුයේ එහි කතුවරයාට පමණි. මෙහි වැඩි හිමිකම ඇත්තේ කතුවරයාටය. කෘතියේ හිමිකම තවකකුට පැවරීමට දේශීය නීතිය යටතේ බලතල නොමැත. එහෙත් යම් යම් සීමාවන්ට යටත්ව එම හිමිකම පැවරීමට හැකිය.මෙහි දී ප‍්‍රකාශන හිමිකම් සීමා රහිත කාලයක් භාවිත කළ නොහැකිය. එකී අයිතිවාසිකම් කි‍්‍රයාත්මක වන කාලසීමා පැහැදිලිව දැක්වීමට බොහෝ විට දේශීය නීතිය උනන්දුවක් දක්වා තිබේ. තව ද නීතිය මගින් බැහැර කරනු ලබන සමහර කෘති දේශීය නීති උසාවි වාර්තා, පරිපාලන වාර්තා, ප‍්‍රකාශන හිමිකම් ක්ෂේත‍්‍රයෙන් බැහැර කර තිබේ.මේ අනුව සාහිත්‍යමය හෝ කලාත්මක හෝ විද්‍යාත්මක හෝ කෘති ප‍්‍රයෝජනයට ගනු ලබන තැනැත්තාගේම පෞද්ගලික පෞද්ගලික ප‍්‍රයෝජනය සඳහා කෘතිය කුමන ආකාරයට හෝ භාවිත කිරීමට නීතියෙන් අවසර ලබාදී ඇත. ඒ අනුව ප‍්‍රතිනිෂ්පාදනය කිරීම, පරිවර්තනය කිරීම, අනුවර්තනය කිරීම, සංයෝජනය ඛ්ලම හෝ වෙනත් ආකාරයක පරිණාමයක් පිළියෙල කිරීම සඳහා ඉඩකඩ ලබා දී තිබේ. එසේම අධ්‍යාපන සහ පර්යේෂණ කටයුතු සඳහා කොටස් උපුටා ගැනීමටත් පළ කිරීමට, විකාශය කිරීමටත් අවසර ඇත. මේ ආකාරයට සකස් කරනු ලබන පිටපත් එකී අවශ්‍යතාවට අනුව සීමා විය යුතුය.
      - ඉන්දු ගනේගොඩ

      Delete
    10. ඉහත උපුටනය මා ගත්තේ ඉන්දු ගනේගොඩගේ අවසරය ඇතිවය. ඇය ලංකාදීපයේ ආරියරත්න ගනේගොඩගේ දියණියයි.

      Delete
    11. බොහෝම ස්තූතියි නලින් අයියා මේ පැහැදිලි කිරීමට... යන්තං කරන්න හිතං ඉන්න වැඩේ කරන්න හයියක් ආවා.. :D
      නලින් අයියා උපුටා දක්වන ලද ලිපියේ කතුවරියටත් මාගේ ස්තූතිය...

      Delete
  26. කේ.ජයතිලකයන්ගේ "චරිත තුනක්" තමයි මම එතුමාගේ කියවපු එකම පොත.මේ වගේ එතුමාගේ තැන් ,තැන් වල පලවෙච්චි කතාත් කියවලා ඇති.නමුත් හරි මතකයක් නැහැ.

    ම‍ම හැදුණේ,වැදුණේ නාගරික පරිසරයක.නමුත් මේ කථාවේ තියෙන,හැලපයියාගේ කතා වල තියෙන ගමත් මට ආගන්තුක නැහැ.ඉතින් මේ කතාව කියවීමෙන් ඒ සුන්දර ගමට ආයෙමත් ගියා වගේ හැගීමක් ආවේ.

    වැදගත්ම දේ හැලපයියා මේ කරන්න හදන වැඩේ.අභියෝගාත්මක දෙයක් වුණත් හොද කතා කරුවන් නිර්මණය කරන්න දරණ හැලපයියාගේ උත්සාහය අගය කරනවා.ඒ වගේම එකට සුබත් පතනවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,ජයතිලකයන් චරිත තුනක් කෘතියට අමතරව තවත් කෘති දාහතරක් ලියා තිබෙනවා, පුංචිරාළ පරාජිතයෝ,වජිර පබ්බත පිතාමහ රාජපක්ෂ වලව්ව වගේ.නමුත් ඔහුගෙ ප්‍රබලම කතාව චරිත තුනක්.

      Delete
    2. "රාජපක්ෂ වලව්ව" කියලා ලියලා තින්නේ "මැදමුලන වලව්ව" ගැනද බං අයියේ...:?:D

      Delete
  27. අගෙයි අදයි මුළුමනින් ම හිත හදාගෙන කියෙව්වේ... ස්තූතියි පෝස්ටුවට.....................

    ReplyDelete
    Replies
    1. කියවන්නට හිත හදාගන්න බැරුව හිටිය කියල දන්නෙ නෑනෙ.කියෙව්වට ස්තූතියි කුරුටු ළමයි.

      Delete
  28. පාසැල් කාලෙදි කියවපු කථාවක් අායෙත් කියෙව්වා - ස්තුතියි හැලප අයියා-

    අල්ලපු ගෙදර පැත්තෙ ගිහිං එන්න ඔ්න...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් ගිහිං වරෙන් එහෙනං.
      සැපවේවා!!!

      Delete
  29. //පුංචි තාත්තා සාලයේ ජනේලය අද්දර පුටුවක වාඩිවී සිටියේය.අම්මා ඒ ලඟම ඉදිරිපිට මිටි බංකුවේ ඉඳියි.ඔහු ඇගේ හිස පීරමින් උකුණන් බිඳියි.ඇගේ උඩුකය පුංචි තාත්තාගේ දෙදණහිස් අතර හිරවී ඇත.මා සාලයට ඇතුළු වන විට එය බලාපොරොත්තු නුවූ අවස්ථාවක සිදු වූවක් හෙයින් අම්මා මඳක් වික්ෂිප්ත වූවාය.එහෙත් ඈ ඒ මොහොතේම එය නිවාගෙන යළි සන්සුන් වූවාය.මටද ලජ්ජාවක් ඇතිවූ නමුත් එය නොපෙන්වීම සඳහා සාලයේම නැති බඩුවක් සොයා පසුව එය සෙවීම පිණිස කුස්සියට රිංගුවෙමි."ඒ ළමයත් මේවට පුරුදු වෙන්ට එපායැ?"අම්මා කියනු මට එතැනට යන්තමට ඇසිණි.

    මා ගෙයින් පිටවූයේ සාලය හරහාම අවුත් ඔවුන් දෙසද ආරූඪ කරගත් යථාස්වභාවයකින් බලමිනි.අම්මා මහත් සුවදායක සතුටකින් ඔලුව දීගෙන ඉඳින්නීය.ඈ ඔලුව වරින් වර ගස්සා දෙකන් අතරින් දෑත් යවා කෙස් කළඹ සකස් කළාය.ඔවුහු එසේ ඉඳ ඉතා කුළුපග ලීලාවකින් කතා කරති.වැඩිපුර කතාකළේ පුංචි තාත්තාය.අම්මා වරින් වර හිස සොල්වා කන් පාදමින් ඕනෑකමෙන් සවන්දෙයි.

    ඔවුහු තාත්තා එනතුරුම මේ අන්දමට සිටියහ.ගෙට ගොඩවුණු තාත්තා වරක් පමණක් ඔවුන් දෙස බලා හිස හරවාගෙන කුස්සියට ගියේය.අම්මා පුංචි තාත්තාගේ දෙකලවාවලට දෑත් ගසා නැගිට "මං එන්නම් අය්යට තේ එකක් හදලා දීලා"කියමින් කුස්සියට ගියාය.ඒ ගියාට පසු ඈ යලිත් පුංචි තාත්තා කරා නාවාය.පුංචි තාත්තාද ඈ එනතුරු බලා නොසිට නැගිට වෙනත් වැඩ කටයුතුවල යෙදෙන්නට විය.

    එදා රාත්‍රී කෑම මේසය මඟුල් මේසයක් හා සම විය.අය්යා මලෝ දෙදෙන ඔවුන්ට පෙරැත්තද කරමින් කෑම බෙදුහ.අම්මා හැම දෙයක්ම තාත්තාට පළමුවෙනුත් ඊළඟට පුංචි තාත්තාටත් බෙදුවාය.ඒ හැම දෙයක්ම කිරා බලා බෙදුවාක් මෙන් සමෝසම විය.හැම දෙනාම මටද විමස විමසා බෙදුහ.පුංචි තාත්තා මට යමක් බෙදනවිට හෝ බෙදන්නට විමසන විට "ඔයා නිකම් ඕවා අනල දානව විතරයි.කන්නෙ නෑ.පේන්නෙ නැද්ද? කැඳ නැති ගෙදරක වගෙ"යැයි අම්මා හෝ තාත්තා කියයි.

    කෑමෙන් පසු පිළිසඳර සමයයි.වෙනදා කුප්පි ලාම්පුවේ කණමැදිරි එළියෙන් එළිය වන ඉස්තෝප්පුව තේජවන්තව බබලන පැට්‍රොමැක්ස් ලාම්පුවෙන් ආලෝකවත් වෙයි.ඉස්සර වතාවක එය ගෙනැවිත් ඇත්තේ පුංචි තාත්තාය.අවුරුද්දට ගේ ඉදිරිපිටින් තාත්තා පත්තු කළ මල්පැලේ පොල්තෙල් පහනේ දුබල එළිය පැට්‍රොමැක්ස් ආලෝකයෙන් ඉවතට තල්ලු වෙයි.

    "කොහොමද මේ දවස්වල වෙළඳාම සරුද?"තාත්තා අසයි.

    "වෙළඳාම නම් කවදත් නරක නෑ.නමුත් ණය එකතු කරන එක තමයි හරිම කරදරේ."

    "අතේ සල්ලි දීලා බඩු අරගෙන ණයට දෙන්ට ඕනැයි"අම්මා කියන්නීය.

    "ණයට නොදී අමාරුයි.එතකොට උන් දෙමළ මරක්කල කඩවලට යනවා.කොහොමටත් සිංහල මිනිස්සු වැඩියෙන් කැමතියි දෙමළ මරක්කල කඩවලින් බඩු ගන්ට."

    "ඒ මොකද ඒ?"

    දෙමළ මිනිහා මරක්කලයා කවදත් අපෙන් වෙන් වෙච්ච එකාමයි.ඌ දුප්පත් වෙලා ඉඳගෙනම වෙන් උණත් එකයි.පොහොසත් වෙලා වෙන් උණත් එකයි.සිංහලයා දුප්පත් මිනිහෙක් හැටියට එකට ඉඳලා සරු උණහම වෙන් වෙනව.මිනිස්සු ඒක ඉවෙන් වගෙ දැනගෙන සිංහලයො දියුණු වෙනවට කැමති වෙන්නෙ නෑ.දුප්පත් සිංහල මිනිහෙක් දියුණු වෙනව කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගෙන් එකෙක් නැතිවෙන එක.නැති වෙනව විතරක් නෙවි.ආඩම්බරකාරයෙක් ඇති වෙනව.

    "ඒක නෙවි උන් වෙළඳාමට සූරයි"තාත්තා කීය.

    "ඉතින් උන් කොහොමද ණය එකතු කරගන්නෙ?"අම්මා කුතුහලයෙන් අසයි.

    "සල්ලි නුදුන්නොත් අස්වැන්න කාලෙට කුඹුරටම ගිහින් වී ටික අරගෙන එනව.උන් ණය දෙන කොට දෙන්නෙ වෙස්සන්තර රජ්ජුරුවො වගෙ.ණය එකතු කරන කොට යම රජ්ජුරුවො වාගෙ.ඉතින් අපට පුළුවනැ ඒ විදියට කටයුතු කරන්ට."

    "ඒක තමයි මම කිව්වෙ සිංහලයට වෙළඳාම් කරන්ට බෑ කියල.ඕනැවට වඩා හිත උණු වෙනව."

    "අනේ ඉතින් වෙළඳම් කරයි කියලා මනුස්සයො උණහම එහෙමත් කළ හැකිද?"අම්මා අසන්නීය.

    "එහෙ මිනිස්සුන්ට නම් කොහොමත් ඒක කරන්න බෑ.උන් ඒ තරමට අහිංසකයි.තියෙන සිංහල කඩ ටික හරි දාලා තියෙන්නෙ පිටින් ගිය මිනිස්සු.දැන් තමයි ඒ අය ටිකක් හරි වෙළඳාමට බහින්නෙ.කලින් නම් ඒවාට කැමැත්තක් තිබිලම නෑ."

    මම පුංචි තාත්තා ගෙනවුත් දුන් රතිඤ්ඤ පෙට්ටියේ එක එක රතිඤ්ඤය ගලව ගලවා පත්තු කරමි.පානට අල්ලා නූලට ගිනි දැල්වීමත් සමග සිහින් එළිය කූරු රැසක් ශීඝ්‍රයෙන් විහිදුවන රතිඤ්ඤ කරල මිදුලට විසි කළ විට ක්ෂණික ආලෝකයක් හා මහ හඬක් නඟාගෙන පුපුරයි.රතිඤ්ඤ අවසන් වූ විට නිලා පත්තු කරමි.කතා කරන අතර අම්මා මගේ ක්‍රියාව ගැනත් වචනයක් දෙකක් ඇතුළත් කරන්නීය.

    "වෙනද මෙලහකට හොඳටම නිදි.අද නිදිමත පළාතක නෑ."ග//

    "හෙටයි අවුරුදු.හෙටටත් ටිකක් ඉතුරු කරගනින්."//
    උඹ මට කියන එව්වයි
    මම උඹට කියන එව්වයි
    අපට වෙන දේයි
    අපට උන දේයි
    ඊලගට වෙන දේයි
    ඔක්කොම මෙතන තියනව

    ReplyDelete
    Replies
    1. තලු මරමු අපි මෙව්වා

      .................................කොරන්ඩ දෙයක් නැති කොට මෙව්වා බලලා ආතල් එකක් ගම්මු.

      අන්තිමට අපි අඩමු

      ඔව් ඔව් එකට බද‍ාගන

      අපි නැති කාලෙක අපේ ළමයි බදාගන අඩන්නේ කාවද
      මොකටද
      ‍මොකක් ගැන හිතලද


      උඹලට කරන්න වැඩක් තියනව
      ( ඔව් කරන්න පුලුවන් එකක් අපිට වඩා ලේසියෙන් )

      එව්වා .තියාගන උඹල අපිට ඇරෙන ආතල්ම ගන්නවා

      අයැම් සොරි

      Delete
    2. දැන්ද කියෙව්වෙ බං.

      Delete
    3. ඔව් බං සර්ව ආගමික , බහුජාතික , ජාතික වාදි , දේශ හිතයිෂි , නුතන වාදී දිමක් දීලා මේ ආවේ , හිට හං පුක දනවා හොදගන එන්නං

      Delete
    4. සැක් අම්මප,නයි කොච්චි ගෑවිලා වෙන්ටැති,උණුවතුරෙන් හෝදලා පෙයාර් ඇන් ලව්ලි ටිකක් පවුලගෙන් ඉල්ලං ගාගනිං හරියයි.

      Delete
    5. ඒව ගාන්න එපා සුක පුදුවෙයි එතකොට.

      Delete
    6. හුකෑස් .. විචාර නං විචාර !!!

      Delete
    7. මොන ලව්ලිද ගෑවොත් අටමගේත් සුදු වයෙිනේ පත්තර මලයා.

      Delete
    8. එහෙනං නලින් අයියෙ මූව මොනවද ලව්ලි ගුදමක බස්සල මාසයක් හමාරක් තියන්ඩ වෙයි .. :D

      Delete
  30. දැන් හැලපේ ප්‍රබුද්ධ කතාද ලියන්නේ?
    මේ එකගෙයි කෑම පනස් ගණන් වලට කලින් නේද බහුලවම පැවතුනේ. මම හිතන්නේ මාත් මොකක් හරි ෆිල්ම් එකක් බැලුවා වසන්ති ද කොහෙද හිටියේ. මේ කතාවමද මන්දා

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රංගි මේ මගෙ කතාවක් නොවෙයිනෙ.මේ කතාවට අයත් කාලය එක්දාස් නවසිය තිස් ගණන් කියල හිතාගන්නට පුළුවනි.කොහොම නමුත් ඔය චාරිත්‍රය අඩු වැඩි වශයෙන් මෑතක් වනතුරුම දක්නට ලැබුණා.දැන් නම් කොහොමද දන්නෙ නෑ.

      Delete
  31. කියවල තියෙනව. නමුත් එදාට වඩා අද රස වින්දනය වෙනස්. අද මට හිතෙන්නෙ කේ ජයතිලක නිර්භිත අත්හදා බැලිමක් කරල කියල. සියනෑ කෝරලයෙ එක ගෙයි කෑම තිබ්බද නැද්ද කියන එක සොයන එක ඉතිහාස කාරයින්ගෙ වැඩක්.
    මට නම් කෙටි කතාවක් ලෙස මෙය ඉතාම හොඳයි. ඉස්සර කෙ ජයතිලකගෙ පොත් වලට මගෙ අත ගියෙ වෙන මුකුත් නැත්තන් වගේ. මේ කහාවම එයට උදාහරණයක්. අද එයට වඩා වෙනස්

    ReplyDelete
    Replies
    1. බින්දි මම හාපිටිගං කෝරලේ. සියනෑවේ අල්ලපු වැට. අපේ පැතිවල තාමත් එකගෙයි කන පවුලක් ඉන්නවා.බොහොම සතුටින් සමාදානයෙන්. අපේ ගමේම.....

      Delete
    2. නැණ නුවනින් මෝරද්දී රස වින්දනය වෙනස් වෙනවා කියන එක ඇත්තනෙ බින්දී.එදා කිසිම රසක් නොදැනුනු පොත්වල අමුතු රසක් අද දකින්නට පුළුවනි.

      Delete
    3. මාව එහෙ එක්කං යන්න බැරිද නලින්,මොහොකටවත් නෙවෙයි බ්ලොගට කතාවක් ලියාගන්න.

      Delete
  32. ලස්සන කතාවක්.. කියවනකොට සහ කියවල ඉවර වුනාම දැනුනේ හරි නිව්ට්‍රල් හැඟීමක්.. ඒ කියන්නේ දුකක් නැති ලොකු සතුටකුත් නැති, වෙන වෙන හැඟීමුත් නැති නිවිච්ච හැඟීමක්.. මට හිතෙන්නේ එකට හේතුව හැම සිද්දියම සමබර ලෙස කතාව ඇතුළු ගලා ගිහින් තියෙන නිසා වෙන්න ඇති..

    මේක බලල රවී අයියා ලියල තිබ්බ එකත් බැලුවම මට ඔළුවට ආපු හැඟීම තමයි ඔය. ඒ කතාවේ බලාපොරත්තු කඩවීම, අසම්මත බව, නැත්නම් සිදුවීමේ කිසියම් නුහුරු ගතියක් එන විදියට ලියල තියෙන්නේ. හැබැයි මේක හරි සරලව ගලා යන එදිනෙදා සිද්දියක් වගේ..

    අනිත් කාරණේ ඔය එකගෙයි කෑම අනිත් පැත්තට වෙලා නැද්ද ඒ කියන්නේ අක්කවයි නංගිවයි දෙන්නම එක්කෙනෙකුට බන්දල දෙන සීන් එක ලංකාවෙන් වෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. //අනිත් කාරණේ ඔය එකගෙයි කෑම අනිත් පැත්තට වෙලා නැද්ද ඒ කියන්නේ අක්කවයි නංගිවයි දෙන්නම එක්කෙනෙකුට බන්දල දෙන සීන් එක ලංකාවෙන් වෙලා නැද්ද? //
      අපොයි තියෙනව,අපේ ගමේ වෙච්ච කතාවක් මම බ්ලොගේටත් ලිව්වා.හැබැයි බන්දල දීමක් නොවෙයි.අක්ක බැඳල හිටිය එකා නංගිටත් කෙළියා.

      Delete
  33. මදෑ... කමෙන්ට් ටික බලලා ආයිත් උඩිට යන්න උනා කතාවට දාන්න ආපු කමෙන්ට් එක අමතක වෙච්ච නිසා... හි හි...

    එකගෙයි කෑම සිරිත ගැන රවියගෙ එකේ කමෙන්ට් දැකලා මේක කියෙව්වට පස්සෙ මට හිතුනෙ මේ කතාවෙ එකගෙයි කෑම ගැනට වඩා දෙයක් තියෙනව කියල...

    //"උඹට නම් ඉතිං මොකද?මොනවයින් අඩු පාඩුවක්ද?"කියමින් ඇතැම් ගැහැනියක් එවිට මඳ සිනහවෙන් ඇගේ මුහුණ බලන්නීය.අම්මා එවිට ලජ්ජා වෙතියි මා සිතන නමුත් ඈ එය පිළිගන්නේ ප්‍රීතියෙන් පිරුණු මුහුණකිනි.//

    //මඳ වෙලාවකට පසු ගෙටවුත් සාලයට ගියවිට මා දුටු දර්ශනය බලාපොරොත්තු නුවුවක් විය.පුංචි තාත්තා සාලයේ ජනේලය අද්දර පුටුවක වාඩිවී සිටියේය.අම්මා ඒ ලඟම ඉදිරිපිට මිටි බංකුවේ ඉඳියි.ඔහු ඇගේ හිස පීරමින් උකුණන් බිඳියි.//


    //"වෙළඳාම නම් කවදත් නරක නෑ.නමුත් ණය එකතු කරන එක තමයි හරිම කරදරේ."//

    //"අය්යා මේ පාර මීගහකුඹුර වැඩ කළේ නැතෙයි?"//

    //"ඔව්,පුතාට...පුතාටයි....පස්සෙ පුතාට නංගියෙක් හෙම හම්බ උණොත් ඒ නංගිටයි"//

    මට හිතෙන්නෙ මේ පුතා අගෝරිස්ගෙ ළමයෙක්... අගෝරිස් කියන්නෙ රස්සාව කසාද බැඳගත්ත මනුස්සයෙක්... පවුලක් නඩත්තු කරන්න මිනිහට වෙලාවක් නෑ... තාත්තා සහ අම්මා ගෙදර හිටියට ඒ දෙන්නා අතර සමීප කායික බැඳිමක් නෑ... තාත්තා හා අම්මා අතර නැති සමීප හැසිරීමක් පුංචි තාත්තා හා අම්මා අතර ළමයා දකින්නෙ මේ හින්දයි... අම්මා මේ ගැන ලැජ්ජා වෙන්නෙ නැත්තෙ ඔය කාලෙ ගමක ගැණියෙක්ට ළමයි නැති උනාම ඇති වෙන ලැජ්ජාවට වඩා තමන්ට ළමයෙක් ඉන්න හින්ද තියෙන ආඩම්බරේ හින්ද... වඳ ගැනි කියන්නෙ ගෑණිට.. මිනිහට වඳ මිනිහා කියන්නෙ නෑ නේ... තාත්තා ගෘහමූලිකයා උනාට අවුරුද්දට වැඩිපුර ගෙයි වැඩ කරන්නෙ පුංචි තාත්තා.. අම්මගේ හැසිරීමෙන් පේන්නෙ තවත් දරුවෙක් ගැන හිතමින් ඉන්න බව...

    එකගෙයි කෑම කතාවට වඩා මට මේ පැත්ත ගැනයි හිතුනෙ...

    ( මට හිතුනෙ දේ හරියටම ලියවුනේ නැද්ද මන්ද.. )

    ReplyDelete
    Replies
    1. //////වඳ ගැනි කියන්නෙ ගෑණිට.. මිනිහට වඳ මිනිහා කියන්නෙ නෑ නේ...///////
      හිරු.....ඒ අපේ සමාජේ තියෙන නපුංසක සිතුවිල්ලක් නේ. වඳ මිනිස්සු කොච්චර ඉන්නවාද ලෝකේ. අපි කොහොමත් බහුභූත විදිහටනේ ඇස් ඇරලා තියෙන්නේ.

      Delete
    2. //මට හිතෙන්නෙ මේ පුතා අගෝරිස්ගෙ ළමයෙක්... අගෝරිස් කියන්නෙ රස්සාව කසාද බැඳගත්ත මනුස්සයෙක්... පවුලක් නඩත්තු කරන්න මිනිහට වෙලාවක් නෑ... තාත්තා සහ අම්මා ගෙදර හිටියට ඒ දෙන්නා අතර සමීප කායික බැඳිමක් නෑ... තාත්තා හා අම්මා අතර නැති සමීප හැසිරීමක් පුංචි තාත්තා හා අම්මා අතර ළමයා දකින්නෙ මේ හින්දයි... අම්මා මේ ගැන ලැජ්ජා වෙන්නෙ නැත්තෙ ඔය කාලෙ ගමක ගැණියෙක්ට ළමයි නැති උනාම ඇති වෙන ලැජ්ජාවට වඩා තමන්ට ළමයෙක් ඉන්න හින්ද තියෙන ආඩම්බරේ හින්ද... වඳ ගැනි කියන්නෙ ගෑණිට.. මිනිහට වඳ මිනිහා කියන්නෙ නෑ නේ... තාත්තා ගෘහමූලිකයා උනාට අවුරුද්දට වැඩිපුර ගෙයි වැඩ කරන්නෙ පුංචි තාත්තා.. අම්මගේ හැසිරීමෙන් පේන්නෙ තවත් දරුවෙක් ගැන හිතමින් ඉන්න බව...

      එකගෙයි කෑම කතාවට වඩා මට මේ පැත්ත ගැනයි හිතුනෙ...//
      ළමයා අගෝරිස්ගෙයි කියා යම් ඉඟියක් කතාවෙන් ලැබෙනවා.නමුත් ඔබ කියා ඇති අනෙක් දේ වලට කෙලින්ම එකඟ වෙන්නට අමාරුයි.ඉඳහිට පුංචි තාත්තා ගෙදර ආ විට තාත්තා ඔහුට අවස්ථාව ලබාදිය යුතුයි නේද.අර රවී ලියපු කතාවෙ අයිය තේ කෑල්ලට යන්නෙ.ඉතිං ඒ දවස් කීපය තුළ ඔවුන් දෙදෙනාගේ සමීප හැසිරීම ඉතාම ස්වාභාවිකයි.අනික තාත්තා ගොවියෙක්,ඔහු ගෙදරදොරේ වැඩ කිසිදෙයක් කරන්නෙ නෑ ඔහුට පුරුදුත් නෑ.නමුත් පුංචි තාත්තා වෙළෙන්දෙක් ඔහුට බර වැඩ පුරුස්දු නෑ.ඒ ඔවුන් දෙදෙනාගේ ගති ස්වභාවයන්.ඔව් තවත් දරුවෙක් ගැන හිතමින් ඉන්නවා.එයින් තාත්තාගේත් අම්මාගේත් ලිංගික ඇසුරක් නැති බව ඇඟවෙන්නේ නෑ.

      Delete
  34. අපි කුඩා කාලෙදි අත්දැක්ක අවුරුදු අසිරිය ආයෙමත් මතක් වුනා මේ කථාව තුලදි...සිරා කොලුවා වාසනාවන්ත උනා කට ඇරලා ගමක් කියන්න පුලුවන් ස්ථානයක උප්පත්තිය ලබලා..ගමේ සුන්දරත්වය හිත් පුරා විදගන්න.

    මේ සටහන ඇතුලෙ කලින් කියවන්නට ලැබිලා නැති විශේෂ යෙදුමක් මුලින්ම දුටුවා. // තිසරණාධාර වේවා!// මෙහි අරුත තෙරුවන් සරණයි යන්න විය යුතුයි. ඒ වගේම අර කියන මඩපලං සහ පලයකාට් කියන සරම් දෙවර්ගයේ වෙනස්කම මොකක්ද ?

    අපිත් සියනෑ කෝරළේ ජීවත් වෙන මිනිස්සු හැටියට ඔය සිරිත අතීතයේ තිබුනද කියලා අහලා දැනගන්න මට හිටිය හොදම වැඩිහිටි ඥාතියො ටික මේ වෙද්දි ජීවතුන් අතර නෑ...මේ වෙනසට මම කැමතියි. බ්ලොග් ලියවිල්ල වෙනස් වන තරමට තමයි රස උපදින්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරා මේක අහපං.උඹට දැන් සියනෑ කෝරළේ ඉන්න හොඳම ඥාතියා තමයි මම.බොට තේරුණාද.ඒ නිසා බොහොම ගරු ගාම්බීර විදියට සලකාගෙන ඉඳින්.බොලාගේ රස පහස උදෙසා මගෙ ලිවිල්ල කාලෙන් කාලෙට වෙනස් කරනවා.

      Delete
  35. palayakat sarong: a South Indian style cotton sarong with coloured checks on a white background
    The handwoven, handprinted lungis of Pulicat became the traditional wear in the Malay Archipelago, Ceylon and the Arabian Sea islands. In fact, when I was a boy, Palayakat was virtually a generic name for sarongs in Ceylon. (The Hindu online 13/08/2007)
    A colourful palei-kart sarong was the single feature that announced his presence to the world. (Can You Hear me Running, by Lal Medawattegedara, page 9)
    His greased black, dirt-brown shorts … had been exchanged for a sakaramutai pink Palayacart sarong … (Rainbows in Braille, by Elmo Jayawardena, page 90)
    My father is wearing a green and white checked Palayakat sarong and a white shirt. (The Moon in the Water, by Ameena Hussein, page 33)

    සිරා....ඔය තියෙන්නේ පලයකාට් සරම් ගැන. ඕවා ගොඩාක් නිල් ,කොළ පාටට හුරු කොටු සරොම්. මට ඉස්සර වයිෆ්ගේ තාත්තා ඉන්දියාවෙන් ගෙනත් දීලා තියෙනවා. මඩපලන් සරොම් කිව්වේ....මට මතක හැටියට.... මඩකලපුවෙ දෙමළ මිනිසුන් ඇන්ද සුදු වේස්ටිය වගේ මැහුම් නොගැසූ රෙදි කඩක්.යට හීනි බෝඩර් එකක් තිබුනා වර්ණවත්. ඒ ගැන එතරම් කියන්න දන්නේ නැහැ. දන්න අය මෙතනට තොරතුරු දාපල්ලා.

    ReplyDelete
    Replies
    1. සරම් අඳින්නේ නැත. මේකත් අපේ දියුණුවට විශාල බධාවක්..

      Delete
    2. විස්තරේට තෑන්ක්ස් මචං

      Delete
  36. එකගෙයි කෑම කියන සංකල්පය වටා ගොඩනැගුනු කතාවක් නේද. කෙටිකතාවකට තියෙන්නෝන කියල අපි හිතන ආකෘතියෙන් බැහැරවුන කතාවක්. මුල සිට අග දක්වාම කතාවත් එක්ක පාඨකයාව බැඳ තබා ගන්නව කිසිම ආයාසයකින් තොරවම. අනික විශේෂිත සිද්ධි දාමයක් නැහැ ඒකයි මට පේන ලොකුම වෙනස.

    මාත් ළඟදි ලිවුවනෙ කෙටිකතා වගේ එවුව දෙකක්. ඉතින් මේ සංවාදය පටන් ගත්තෙ නියම කාලෙ.ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි කියා හිතනව විශේෂයෙන්ම හැලප අංකල් වගේ ඇසූ පිරූ තැන් ඇති අයෙක්ගේ ලිපි මාලාවකින්.

    මේ කතාවෙ පොඩි නොගැලපීම් කිහිපයකුත් තියෙනවා දෝ කියා හිතුනා. ඒත් ඒවා ගැන කියන්න තරම් දැනුමක් නැතැයි හිතෙන නිසාම මීළඟ ලිපියෙන් ඒ සැක තැන් දුරු කරගන්නට එන්නම්.

    ස්තූතියි මේ වගේ ලිපි පෙළක් ඇරඹීම වෙනුවෙන්. :)

    ReplyDelete
    Replies
    1. නොගැලපීම් සමහර තැන් නැතුවා නොවෙයි.නමුත් කතාවක් වශයෙන් ගත් කළ සාර්ථකයි.ඔබලාගේත් ආශීර්වාදය ඇතිව කෙටිකතා ගැන සංවාදයක් ගොඩනගන්න හැකිවෙයි කියා මා සිතනවා.

      Delete
  37. මේ කෙටි කතාවක් උපුටා දක්වලා කතා බහකට මුල පුරාපු එක ලොකු දෙයක් මචං . මේක ප්‍රවේශයක් කරගෙන උඹ ලියන්නට යන කතාව කියවන්ට බලාගෙන ඉන්නවා. මම උඩිමුත් ලිව්වා මේ කෙටි කතාව ගැන මගේ අදහස .චරිත ස්වභාවයන් කීපයක් ලස්සනට විස්තර කරලා තිබ්බාට මේකෙනම් මට එතරම් අපුර්වත්වයක් දැනෙන්නේ නෑ . එක ගෙයි කෑ පවුලක සිටින්නට ඉඩ තියෙන චරිත හැසිරෙන විදිහ ශුර ලේඛකයෙකුට අහුවෙන්නේ මෙහෙම වෙන්න පුළුවන්. එහි එතරම්ම විශේෂත්වයක් තියෙනවද කියලයි මම කල්පනා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. තිලකෙ උඩ කියපු දේ ගැනත් මගේ අදහස මෙතැන කියන්නම්.කෙටිකතාවක වස්තු විෂය විවිධාකාරයෙන් වෙනස් විය හැකියි.නමුත් එයට තිබිය යුතු ආකෘතිය ගොතන ආකාරය ගැන ඇති සම්මතයන් වෙනස් වන්නේ නැහැ.මේ කතාව මා දැම්මෙ ආරම්භයක් ලෙසයි.තවත් කතා කීපයක් ගැනවත් සාකච්ඡා කරන්නට වේවි.

      Delete
  38. හැලපේ මොකද්ද බලමු කරන්න ඉන්නේ... හැබැයි මේ කතාවේ ඉතා සුවිශේෂී ගතියක් මටත් පේන්නේ නෑ.. මම මුලින්ම කල්පනා කලේ මේක ළමයාගේ හිතේ නොමැකෙන මතක සටහනක් තියන්න තරම් විශේෂිත් සිද්ධියක් නැහැ නේද කියන එක... අම්මගේ හැසිරීම, අයියා මලෝ දෙන්නගේ හැසිරීම තුලින් සාර්ථක එක ගෙයි කෑමේ කතන්දරයක් කියවෙනවා... නමුත් සාමාන්‍යයෙන් අපි කෙටිකතාවක අවසානයේ බලාපොරොත්තුවෙන භාව කම්පනය මේක දැනෙන්න නැහැ... නවකතාවක කොටසක් වගේ ගතියක් දැනෙන්නේ. අවසාන හරියෙ තැනකදි පුංචි තාත්තා "බාප්පා" කරල තියෙන්නේ මුල් රචකයා මද?

    ReplyDelete
  39. කතාව රස වින්දා හැලපේ.මෙතෙක් කියවා නොතිබූ එකක්.

    ReplyDelete

ඔබේ අදහස්