Monday, May 19, 2014

131.රෙදිමෝලෙ කතාව සහ අමරෙගෙ ලව් එක

  

අලුතෙන් පටන් ගත්ත රෙදිමෝල අපේ ගම ඇතුළුව අහලගං හතක තිබුන නිශ්චල සාමකාමී ජීවන රටාව සුනුවිසුණු කරල දැම්මෙ කිසිම අනුකම්පාවක් නැතිවයි,ගමට අල්ලපු වැටේ තිබුන සොයිස වත්ත බුල්ඩෝසර් දාල මහා විසාල ගස් පෙල්ලල සුද්ද කරල ලොකු ලොකු බිල්ඩින් ගොඩනැගුනේ දවසට දෙකට මවල  පෙන්නනව වගෙයි,මෝලට හයිකරපු මහ බොයිලේරුව වරායෙ ඉඳල මෝලට අරං එද්දි රේඩියෝ එකෙන් සජීවී විස්තර ප්‍රචාරයකුත් කළා,මෝල පටං ගනිපුදා ඉඳන් ඊට අවුරුදු තිස් ගානකට පස්සෙ මෝල වැහෙනකල් තිබුණු හෝ සද්දෙයි වැඩ මුර මාරුවෙනකොට පිඹපු හුවයි අහළ පහළ ගංවල මිනිස්සුන්ගෙ හුස්ම වැටෙන සද්දෙ වගේ හදවත ගැහෙන රාවය වගේ හුරුපුරුදු වෙන්නට වැඩිකලක් ගියෙ නෑ,කොටින්ම කියතොත් මොන හේතුවක් නිසා හරි ඒ සද්දෙ ඇහෙන්නෙ නැතිනං හරිම අමුත්තක් දැනුනා...

නමුත් මෝල ගැන මෝලෙ රස්සාවල් ගැන මිනිස්සු මවාගෙන හිටපු හීන මාළිගා තමන්ගෙ දෙපාමුල ඇද වැටෙන්නට වුනේ මෝලෙ රස්සාවල් වලට රටේ හතරවටින්ම ඈත පළාත්වලින් බුරුතු පිටිං සෙනග බඳව ගන්න පටන් ගත්තට පස්සෙයි,මෝල හදන කාලෙ දවස් පඩියට සිල්ලර වැඩ කරන්න ගිය කීප දෙනෙකුට ඇරෙන්න අපේ ගමේ නං වෙන කාටවත් මෝලෙ රස්සාවල් ලැබුනෙ නෑ,නමින් කිව්වොත් උස ජිනදාස, තේමිස්,ඩේවිට්,චන්දරේ,හාඩේවිට්, විලියොං වගේ ගමේ කීපදෙනෙක්ව ඇතුළට අරං රස්සාව ඉස්තිර කරල දීල තිබුණා,ගමෙත් අවට පිට ගංවලත් පිට පළාත්වලින් මෝලෙ රස්සාවට ආපු සෙනග පදිංචි වුන නිසා ගෙවල්වලට  කාමරවලට එහෙම  හොඳ ඉල්ලුමක් ඇතිවුනා කාමරයක් තියෙනව නං කුලියට දීල අමතර ආදායමක් ලබාගන්න කවුරුත් කැමතිවුන නිසා ගමේ හැම ගෙදරකම වගේ බෝඩින් කාරයො දකින්නට ලැබුණා...

ඊටම සමානුපාතිකව ටවුමෙ කෑම බීම ජාති ගණන් වැඩිවෙන්න පටන්ගත්තෙ අවිනිශ්චිත සහ ඒකාකාරී සැපයුමට හදිසියෙ ඇතිවුණු වැඩි ඉල්ලුම නිසයි,මේ හේතුව නිසා බිත්තර ගෙඩියෙ මුකුණුවැන්න මිටියේ ඉඳල හාල් සේරුව දක්වා හැම කෑම බීම ජාතියක්ම එකට එකක් ගණන් ගියා,ඒ විතරක් නෙවෙයි පිට පළාත්වලින් ආපු එක එක ආකාරයෙ මිනිස්සුන්ට බොන්න අරක්කු විකුණන අරක්කු පොළවල් සහ මල් හෙවත් ගංජා විකුණන ගුබ්බෑයං තැන තැන්වල ඇතිවුනේ හතු පිපෙන්නා වගෙයි.අපේ ගමේ කසිප්පු වික්ක බෝධියට අමතරව තිලකෙත් කසිප්පු විකුනන්න පටන් ගත්තා,වෙද මහත්තයත් හීනියට වැඩේ කරගෙන ගියා,පල්ලමේ වතුර වලේ ඇඩ්ඩිංගෙ පොට් එක තව තැනක්,බී රෝඩ් එකේ නිහාල් ජයටම කසිප්පු වික්කා, අපරාදෙ කියන්න බෑ මේ හැම තැනටම අඩු නැතුව ගනුදෙනුකාරයො හිටියා...

දවසක්දා දවාලෙ මම අලවත්ත පාරෙ කන්ද නැගගෙන ගෙදර යන්න එද්දී ඔය දැන් මම ගේ හදල තියෙන තැන ඉස්සරහ පාරෙ දෙන්නෙක් රණ්ඩුවෙනව ඒ කාලෙ වත්තෙ ගෙවල් හදල නෑ පාළු වත්ත,මම ඉක්මනට ඉක්මනට ඇවිත් බලද්දි කසිප්පු නිහාල් තව එකෙකුට ගහනව,අපේ ගමේ මනුස්සයෙක් නෙවෙයි පිටිං මෝලේ රස්සාවට ආපු කෙට්ටු ඉස්සෙක් වගේ සුදුමැළි මිනිහෙක් මම  ඒ මනුස්සයව දැක්කමයි...
 නිහාල් උස මහත එකෙක්, නීලමහ යෝදය වගේ උඩ පැන පැන අනිකට ගහනව,මම ඒ කාලෙ නිහාල්ව දන්නෙත් නෑ නමුත් මේ අපේ ඒරියල් එකනෙ පිට මිනිස්සුන්ට ගහන්න දෙන්න බෑ මම වහාම රණ්ඩුවට මැදිහත් වුනා...

මොකද ඕයි පාරෙ කෙළගන්නෙ නවත්තනවල රණ්ඩුව...

නිහාල් ඒ ගමන අනිකට ගහන එක නවත්තල මගෙ  දිහා බැලුවා...

මොකද තමුසෙ මේ යකාට ගහන්නෙ...

මූ අරක්කු බීපු සල්ලි දෙන්නෙ නැතුව මග අරිනව දැන් මාස ගානක්, අපේ ගෙවල් ඉස්සරහින් යන්නෙත් නෑ අද මට අහම්බෙන් අහුවුනේ...

හැබෑද ඕයි මේ කියන කතාව...

කතාව ඇත්තයි කියල ඒ මනුස්සය ඔලුව වනල පිළිගත්තා...

මොකක්ද ඕයි තමුසෙට ලැජ්ජ නැද්ද ණයට බිව්වනං ගණුදෙනු ඒ විදියට බේරන්න ඕනෑ කියල තමුසෙ දන්නැද්ද , තමුසෙ කරන වැඩෙන් අමාරුවෙ වැටෙන්නෙ මේ මිනිහනෙ...

මම ඒ මනුස්සයටත් අවවාද කරල මේ මිනිහට ගහල පව් පුරවගන්නෙ නැතුව පඩිදාට සල්ලි ටික ගන්න කියල නිහාල්ටත් කියල දෙන්න දෙපැත්තට පිටත් කළා,එදා ඉඳල නිහාල් මගෙත් එක්ක හිතවත් වුනා දැන්නං නිහාල්  කසිප්පු විකුණන්නෙ නෑ සල්ලි පොලියට දෙනව,හවසට සයිකලේකින් පොලී එකතු කරන්න යනව මාව කොහෙ දැක්කත් සයිකලේ නවත්තල කතාකරල යන්න අමතක කරන්නෙ නෑ,තාත්තෙ එයා ජිම් එකේදී අපට හම්බවෙනව එක්සයිස් කරන හැටිත් කියලදෙනව කියල පුතා මාත් එක්ක දවසක් කිව්වා,ඒ මගෙ පුතා කියල නිහාල් දන්නෙ නෑ...

වත්තෙ ජිනදාසයි ජිනදාසගේ ගේ ඉස්සරහම ගෙවල් තිබ්බ රත්තරනුයි දෙන්න  මල් ව්‍යාපාරෙ හෙවත් අපි කියපු විදියට ගංජ විකිණීම කරගෙන ගියා,රත්තරං කියන්නෙ සුදුමැළි කැහැටු යටිපතුල්වල ගංජ ගැට හින්ද කොරවක්කෙක් වගේ උඩින් උඩින් අඩිය තිය තියා ඇවිදපු වයසක මනුස්සයෙක්,දරුවො දෙන්නයි ලොකු එකා සීලදාස අත් කරත්තෙකින් ටවුමෙ බඩු ඇද්දා,පොඩි එකා ජයරත්න එක්කො ගඩොල් කපල හරි එහෙම නැත්නං කුලියක් මලියක් කරගෙන හරි ජීවත්වුණා,සීලදාස මෝඩ පහේ අහිංසකයෙක් ටවුමෙ යකඩ බඩු සිමෙන්ති කඩ ඉස්සරහ හරි සිල්ලර කඩ ළඟ හරි අත් කරත්තෙ තියාගෙන බඩු ඇදල දවසෙ ගතමනාව හරිහම්බ කරගන්නව,මෝඩ කම නිසාම කේන්තිත් යන වෙලාවල් තියෙනව හැබැයි හොඳින් ඉන්නකොට අපටත් අත් කරත්තෙ පදින්න දෙනවා...

මෙහෙම කාලෙ ගෙවෙනකොට ගහෙන් ගෙඩි එන්නැහෙ සීලදාස ගෑනියක් ගෙනාවා කවුරු හොයල දුන්නද කොහෙන් හොයාගත්තද කියල කිසිකෙනෙක් දන්නෙ නෑ,ගෑනියක් කිව්වට  අවුරුදු විසිගානක් ඇති ඕන්නං හැබැයි කිසිම ලකයක් නෑ නාවර පෙරාගෙන කිළුටු ඇඳගෙන ඔලුවෙ උකුණෝ පිරිල හිටිය කෙල්ලක්,එකත්  එකටම සීලදාසය හිඟන ගුබ්බෑයමකින් කෙල්ලක් උස්සගෙන එන්න ඇති කියල අපි කතාවුනේ...

මේ කෙල්ල නාන්න මහලිඳට යද්දීං බඩුගන්න එහෙම කඩේට එද්දිං වඩු අමරයගෙ ඇස්සර වැටුණා,නාවරවලට යටිං  කෙල්ලගෙ මොකක්හරි සුන්දරත්වයක් අමරය දකින්න ඇති,ඔලුවෙ උකුනො වඳකරල නාවල එහෙම හරිහමං ඇඳුමක් අන්දල ගත්තනං මේකිත් අපූරුවට හිටියි කියල අමරය තමන්ටම කියාගත්තා,එහෙම හිතල කෙල්ලව හොඳින් හෝ නරකින් කොහොමහරි යාළුකරගන්න එක හිතින් හිතාගත්ත අමරෙ කෙල්ල කඩේ යන එන වෙලාවට ඒ පාරෙත් නාන්න යද්දී මහ ලිඳ ලඟත් වැඩිපුර ගැවසෙන්න ගත්තෙ ඉවර කරගන්න බැරි තරමට වඩුමඩුවෙ ගොඩගැහිල තිබ්බ වැඩත් අමතක කරමිනුයි...

කොහොමින් කොහොමින් හරි වැඩේ සාර්ථක කරගත්ත අමරය මුලිං මුලිං සීලදාස නැති වෙලාවටත් පස්සෙ පස්සෙ ඉන්න වෙලාවටත් සීලදාසගෙ පවුල එක්ක පයුරුපාසානං පවත්තන්න ගත්තා,කැහැටුවට හිටියට ඇඟ උඩ නැගගත්තම තමන් එක්ක හරි හරියට ඔට්ටු වෙන මේ ගෑණි අමරයගෙ ජීවිතේ  අලුත් පිටුවක් පෙරලුව කියල හිතපු අමරය හැමදාම රාත්තිරියට සීලදාසගෙ  පවුලගෙ රස පහස හොයාගෙන ගියා...

අමරයත් ලේසියකට ආංබාං කරන්න පුළුවන් පුතයෙක් නෙවෙයි පුරුස නිමිත්ත මෝරගං කඳක් වගේ ඔලුව ගොබලු ගෙඩියක් සයිස්,වැඩේට බැස්සම ගෑනිගෙ තුංදොරම පාවිච්චි කරල තමයි පස්ස බලන්නෙ, තුංදොර දන්නවනෙ අර මගෙ කලින් කතාවෙදි  කමෙන්ට් කරපු කට්ටිය තුංදොර හරි අගේට විග්‍රහ කරලා තිබුනනෙ,දවසගානෙ කෙරෙන අමරයගේ බැහිල්ල පහු පහුවෙනකොට මේ කෙල්ලට හරිම හිසරදයක් වුනා...

අනේ අමරෙ අයියෙ උඹ දැන් හැමදාම එන්න පුරුදුවෙලා මට හරි අමාරුයි බං,මට ටිකක් නිදහසේ ඉන්ඩ දීපංකො...

කෙල්ල දවසක්දා අමරෙට කිව්වෙ උගෙ යකඩ වගේ උරහිස් දෙකේ එල්ලිලා හති හලන ගමනුයි...

පට්ටාස්....අමරයගෙන් වැදිච්ච කම්මුල් පාරට කෙල්ලට තරු විසිවුනා...

තෝ පට්ට බැල්ලි තොට අමාරුවෙන්නෙ මොනව කරලද බොල,කාල බීල දවසෙම බුදියනව ඇරෙන්න තෝ වෙන අහවල් මගුලක් කරනව කියලද,මටනෙ බොල අමාරු දවසෙම වඩුමඩුවේ මැහිල මැහිල,එක්කො කොහෙ හරි වහලක් උඩ අව්වෙ වේලෙනව,උඩ බලං බුදියනව ඇරෙන්න තොට වෙන මොන වැඩක්ද පරට්ටියෙ...

අමරයට යකා වැහිල කෙල්ලට බැනගෙන බැනගෙන ගියා,කෙල්ල බයටම පහුබැස්සෙ අමරය කේන්තියෙ වෙවුලන හැටියට  ආයෙම ගහයි කියලයි...

කූඩැල්ලෙක් වගේ ඇඟේ එල්ලිල ඉන්න අමරයගෙන් බේරෙන්නෙ කොහොමද කියල කෙල්ල මේ දවස්වල දහ අතේ කල්පනා කරනව,සීලදාස මෝඩය අමනය නිසා මේ දේවල් ගැන හොයන්නෙ කරන්නෙ නෑ තමයි නමුත් ගමේ ගෑණු දැනටමත් මේ ජෝඩුව ගැන කතා දාහක් හදල,ගෑනු එකතු වෙන තැනක් ඇත්නං කතාව මුං දෙන්න ගැනමයි...

මේ ගමේ ඉඳලනං අමරයගෙන් ගැලවීමක් නෑ අනේ අපොයි මුත් එක්ක කුට්ටාලි වෙලා මං කරගත්ත ගොංකම,කෙල්ල කල්පනා කරනවා අහස පොළොව ගැටගහන්න කල්පනා කලත් විසඳුමක් නැති තැන ඒ දීගෙන් වැඩක් නෑ මං හිටිය තැනටම ආපහු යනව කියල කෙල්ල තීරණයක් ගත්තා,මොකෝ පොතේ ලියල මගුල් කාල ආපු ගමනක්යැ වරෙං යන්ඩ කිව්වහම ආව, ආපු විදියටම යන්න බැරිකමක් නෑනෙ හැබැයි යන්න කලින් අමරයට ජීවිතේටම මතක හිටින පාඩමක් උගන්නල යන්න ඕනැ කියල කෙල්ල හිතාගත්තා...

එදා රාත්තිරියෙත් අමරය ඇවිත් උගෙ යකඩ අතින් කෙල්ලව ඇදගෙන ගේ පිටිපස්සෙ තියෙන අකුලකට රිංගුවා,කෙල්ලත් මුවින් නොබැන අමරයගෙ පස්සෙන් වැටුණා,

මොකද තෝ ගල්බීත වෙලා බලාගන ඉන්නෙ බොල...

අමරය කෙල්ලට ගෝලු ගත්ත පාර කෙල්ල උඩ විසිවුනා,ගල්ගෙඩි ගැහිල උඩ බලාගෙන හිටපු අමරෙගේ පුරුස නිමිත්ත අතකින් අල්ලගත්ත කෙල්ල හීනියට ගලේ අඹරං ඇවිත් හංගන් හිටපු නයි කොච්චි මිශ්‍රණය අනිත් අතින් අමරයගෙ ඔලුවෙ හොඳට ආලේප කරල පෙරසමත් ඉස්සරහට ඇදල වහල දැම්මා...

මොහොතකට සීතලක් එක්ක ඊළඟ මොහොතෙ පුරුස නිමිත්තෙන් ගිණිදළු පිටවෙන්න ගත්තෙ මොකද කියල අමරය සිහිය එළවගෙන බලනකොටත් කෙල්ල අඳුරත් එක්ක මුහුවෙලා නොපෙනී ගිහිං හමාරයි...

දත්මිටි කාගෙන වේදනාව ඉවසා ගත්ත අමරය කෙල්ලගෙ මෑණියන් ඇතුළු හතර වරිගෙටම හිතිං බැන අඬගහන්න පටන්ගත්තා...

බුදු අම්මෝ මොනවද මේ බැල්ලි ගෑවේ,අනේ අම්මප මට ඕකිව අහුවුනා නං මෙතනම මරල ලේ බොනවා...

වේදනාව දැවිල්ල ඉවසගන්න බැරිතැන අමරය වේගෙන් වේගෙන් ගෙවල් පැත්තට යන්න ගත්ත,දැවිල්ල එන්න එන්නම වැඩි වෙනව කාත් එක්කවත් කියන්න කියලයැ,ගෑණි දැනගත්තොත් ඉඳල හමාරයි,කවුරුවත් නොදන්න එක හොඳයි නැත්නං විලිලජ්ජාවේ ගමේ වසන්න බැරිව යනවා,දැවිල්ලට හපන් ලැජ්ජාව අනේ අම්මේ මෙහෙමත් වරත්තු බැල්ලියො ඉන්නවනෙ...

අපේ වෙල්යායට වතුර ගෙනියන දෙපාඇළ ගලාගෙන යන්නෙ අමරෙයලගෙ ගේ ඉස්සරහින්  කෙළින්ම ගිහිං ඇළට බැස්ස අමරෙය ඇලේ ඇන තියාගෙන ඔලුව වතුරෙ ඔබාගෙන හිටියා,වතුරෙ ඔබාගෙන ඉන්නකං සනීපයි, ඔළුව ඉස්සුවද ආපහු දැවිල්ල පටන්ගන්නවා,ගොඩට එන්න විදියක්ම නෑ ගොඩ එනව ආපහු ඇළට බහිනව ගොඩ එනව ආපහු ඇළට බහිනව ඔය විදියට එලිවෙනකම්ම අමරය ඇළේ ඔලුව ඔබාගෙන හිටිය...

මුළු රැයක්ම වතුරෙ ඔබාගෙන ඉඳල එළිවෙනකොට යාන්තං දැවිල්ල අඩුවුනා,ගොඩට ඇවිත් කෝමාරිකා ඉස්ම ටිකක් එහෙම ගාගෙන හුළං වදින්න තියාගෙන හිටියා. මදැයි බේරුණු බේරිල්ල හොඳ වෙලාවට කවුරුවත් මේ වැඩේ දන්නෙ නෑ නැත්නං ඉඳල ඉවරයි කියල කල්පනා කරගෙන හිටියට අමරයගෙ කල්පනාව එහෙම්පිටිම්ම වැරදියි, කෙල්ල පිටත්වෙලා ගිහිං තියෙන්නෙ ගමේ රොයිටර් වගේ ගෑනියෙකුටත් පණිවිඩේ දීගෙනමයි,උදේ එළිවෙන්න හම්බවුනේ නෑ ආරංචිය මුළු ගමම දැනගත්තා,මං ඔය කතාව දැනගත්තෙ අන්න එතකොටයි, නැහ්නං මං ඔය ඕපාදුප හොයන්න යන මිනිහෙක් නෙවෙයි කියල බොලා දන්නැතුවයැ, අනික අමරෙය මගෙත් හිතවතා නොවැ කොච්චරඋනත් අමරෙය පව් නේද.


157 comments:

  1. හැලපෙ රෙදි මෝල කිව්වේ 'වේටෙක්ස්' එකද? මට හොඳට මතකයි හරිම ලස්සන රෙදිපිළි නිපදවපු කම්හලක් ඒක.

    ඔයා කියලා තියනදේම කළා අපේ කොල්ලෙක් ඔය වගේම දරදඬු එකෙකුට. ඒ මරුමුස් එකාට අපි කිව්වේ 'සොප්පිනා' කියලා. අඟුරුවැල්ලේ බස් නැවතුම්පොළේ එක්තරා රාත්‍රියක පාක් කරලා තිබුන බල එකක් ඇතුලෙදි තමයි ඔය වික්‍රමය කලේ අපේ '......වික්‍රම' කියලා එකෙක්.

    හැලපෙ අපිනම් අර අවයවය පිලිබඳ උදාහරණෙට කියන්නේ බැටරි කෑලි දෙක පොඩි මූණ ටෝච් එක, බැටරි කෑලි තුන ලොකු/පොඩි මූණ ටෝච් එක, බැටරි කෑලි පහ ලොකු මූණ ටෝච් එක කියලා.

    අම්මෝ මම හරිම පෙරේතයි අර පින්තුරේ තියන සුදු කෝච්චි දෙකට පලලා ලුණු වතුරේ දාලා තියලා අරන් බත් එක්ක කන්ඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම කොච්චි කරල් & කොල ලුණු වතුරෙ දාල තියල බැදල කාපු මතකයක් තිබෙනව විචාරක තුමා......

      Delete
    2. මට නම් මිරිස් පින්තූරේ දැක්කාමත් බඩ දනවා...

      Delete
    3. විචාරක
      මම කොලඹ ඉන්න කාලෙ හංවැල්ල පැත්තෙ ඉඳල එන මහත්තයෙක් හිටිය
      එයත් කොච්චි ලුනු වතුරෙ දාල බැදගෙන එනව හැමදාම. පට්ට රහයි

      Delete
    4. සොප්පිනාට හොඳ වැඩේ කරල තියෙන්නෙ

      Delete
    5. ඉන්දියානු බටර්චීලී කාලා නැද්ද? ඒවා මිරිස් කරල් මුදෝපු කිරිවල දාලා ලු හදන්නේ

      Delete
    6. අපිත් ටෝච් උපමාව පාවිච්චි කළා තමයි.නමුත් ඉතාම හොඳ විශේෂණ පදයක් යොදන්නට උවමනාවූ තැන අපේ වැඩිහිටියන් ඔහොම කියනව මම අහල තියෙනව විචාරක තුමා.

      Delete
    7. කොච්චි ටිකක් ලුණු වතුරෙ දාල බැදල කන්න ඕනෑ බලන්න.

      Delete
    8. කකා දවසක් මම අරූ කියපු විදියට මිරිස් කරල් මුදවපු කිරිවල දාල තියල බැදල කෑවා, රසයි.

      Delete
    9. මම බටර් චිලීස් කාල නැහැ නමුත් ඇහුවම කන්න ආසා හිතුනා.

      Delete
    10. මට ඒකෙ මාර ලුණු රසක් එනව කකා බැද්දහම ..

      Delete
    11. ඕකේ පේටන්ට් තියෙන්නේ අපේ තාත්තට හරිය

      Delete
    12. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කට්ටියට රස වැටිල තියෙන්නෙ කතාව නෙවෙයි කොච්චිනේ :)

      හොඳ වැඩේ අමරයට :D

      Delete
  2. අම්මට හැමිනෙන ගෑනියෙක් නේ..... මචං ...

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට අප්සට් ගිහිල්ලද කොහෙද හෙක් හෙක්...

      Delete
    2. එවුං එහෙම තමයි මචං,ඕනෑ මගුලකට ඔට්ටු උන්.

      Delete
    3. මොකෝ විදානෙ කෙන්ජිය දැම්මම බයවෙලාද

      Delete
    4. කොහොමද යකෝ ගෑනියෙක් අම්මට 'ඇමිනෙන්නේ'

      Delete
    5. ආප්පයක් පුච්චපු වේලාවක වෙන්න ඇති සීයේ , ඔය වගේ කථාවක් ළඟදී ජාලේ තිබ්බා

      Delete
  3. බුදු අම්මෝ... පුරුෂ නිමිත්ත අතරින් පුරුෂ සත්තිය ආවා නං හෙම නියමෙය තියෙයි ඔය වෙලාවේ..

    ඈ බං හැලපේ.. කුෂ්වන්ත් සිං කැලේ නේ උඹ යකඩ අන්ඩ විස්තර කරන විදිය.. එළස් බං.. අද හැබැයි පදුරු තැලිල්ල බොට අමතක වෙලා.. චූන් එකටම වෙන්ටැති..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වෙන්න පඳුර තලාගත්ත බං,මොකක්ද චුන් එකනං.

      Delete
  4. නයි මිරිස් සාත්තුව නම් මනරම්..

    හැලපයා අැලට බහිනව ගොඩට එනවා.. අායෙත් අැලට බහිනව ගොඩට එනවා.. අායෙමත් අැලට බහිනව ගොඩට එනව.. කොහොමට තියන්න අැතිද..


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම හිතුව මම හිතුව තොපි ඔහොම කියයි කියල.

      Delete
    2. අනිවා බං විදානෙ. මේ හැලප අයියෙ තාම දැවිලැයි? ;)

      Delete
    3. හිහිහි :D විදානෙ බලන් උන්නද?

      Delete
    4. ප්‍රියා - අද උදෙත් පිඹ පිඹ හිටියේ...

      බස්සි, - බලන් උන්න වගේ තමයි වැඩේ අැත්ත..

      Delete
    5. ප්‍රියා,
      විදානය හරිම පරාර්ථකාමීයා දැක්කද ඇවිත් පිඹ පිඹ හිටපු හැටි.

      Delete
    6. ඔව්නෙ බස්සි,විදානෙයා එවෙලෙ ඇළ ඉවුරෙ ඉඳන් බලාගෙන හිටියනෙ.

      Delete
    7. හෙහ්.. එහෙනං මේක දාන්න ඇත්තෙ ඇනිවර්සරියට වෙන්නැති.

      Delete
  5. මං මේ අමරෙද පව් හැලපයියද පව් කියල හිතාගන්න බැරුව ඉන්නෙ...
    මොනා වුණත් නයි මිරිස් සාත්තුව නං පට්ට

    ReplyDelete
    Replies
    1. කාට හරි කමක් නෑ පව් වැඩේනෙ උනේ මහේෂ්,එහෙම නේද.

      Delete
  6. හරියට හරි... විදානෙට විතරයි තේරුනේ... මූ මේ අමරයා අමරයා කියලා ඌව කඩේ යැවුවට එදා එලිවෙනකන් වක්කඩේ ඔලුව හංගගෙන හිටියෙ අපේ හැලප මාස්ටර්මයි කියලා මටත් හිතෙන්නේ......

    හැලපේ රසයි බොස්.......

    ReplyDelete
    Replies
    1. තැන්කු ජෙනරාල්,හැලපේ රස නං එච්චරයි,කවුරු වක්කඩේ ඔලුව හංගන් හිටියම මොකද නේද.

      Delete
  7. විස්තර කරලා තියෙන විදියේ කෙල්ලක් වුනත්, ඔය වගේ දෙයක් කරන්ට හිතට ආපු එකත් ලොකු දෙයක්...

    නයි කොච්චි මිශ්‍රනේ...නරකම නෑ. :D

    ReplyDelete
    Replies
    1. යකඩ කෙල්ලක් නොවැ පොඩ්ඩියෙ එහෙම නේද.

      Delete
    2. හා හා පොඩ්ඩි ඕවට කට දාන්න එපා.තුන්දොර සංවර කරගෙන ඉන්න.

      Delete
  8. ගෑනු,පොඩි ළමයින් දූෂණය කරන එවුන්ට නම් ඔය වගෙ දඩුවම් තමයි දෙන්න ඕන.බස් වල යන පොඩි කෙල්ලන්ට ඉන්න දෙන්නෙ නැති නරුමයන්ටත් මතක හිටින පාඩමක් උගන්වන්න ඕන.ඔය කිසිම එකෙක් හිරේදාල වැඩක් නෑ.එහෙම කළා කියල ඒක සමාජයට පාඩමක් වෙන්නෙත් නෑ.සමාජයට ආදර්ශයක් වෙන දඩුවමක් දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙයත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි

      Delete
    2. අනුන්ට දඩුවම් දෙන්න ඉස්සර ඔයත් තුන්දොර සංවර කරගන්න.තුන්දොර සංවරය තමයි ගෑනියෙකුට තියෙන වටිනම දෙය

      Delete
  9. පව් වැඩේ කොච්චර උනත්.
    හැබියි ඔය වෙලාවට නං කොච්චි ගෑවත් ගානක් නෑ නේද? පස්සෙ තමයි ටිකක් අමාරු

    ReplyDelete
    Replies
    1. පව් වැඩේ නං තමා.
      ඒ වෙලාවට ගාණක් නෑ පස්සෙ අමාරුයි කියල උඹ කොහොමද දන්නෙ,අත්දැකීමක් තියෙනවයි.

      Delete
    2. 1. මම ඇහුවෙ උඹව ටැස් කරන්න :-)
      2.ඔය වෙලාවට ඉතිං කොහොමත් රිදිලි වැඩිය දැනෙන්නෙ නෑ නෙව.

      Delete
    3. මං කියන්නෙ නෑ උඹට,එහෙනං

      Delete
    4. අපි රගර් මැච් ගහන්න ආවා අන්ඩර් 15 වගේ කොලඹ. අපේ හිටපු මැලේ යාලුවෙක්ගෙ තාත්තට ලැබිච්ච බම්බලපිටියෙ ක්වාටස් එකක තමා අපි 20ක් විතර නතර උනේ. එතකොට ඉතින් ඔය හිරි වැටීම් එහෙම ඉවරවෙලා නැටිවලට කිරි උනන කාලෙනේ. අනික උදේ ඉදන් රගර් මැච් බලන්න ආපු කොලඹ නංගිලා, අක්කලා, ඇන්ටිලා ක්වාටස් එකට හීනෙන් ගෙන්නන්නත් එපයි. ඉතින් කට්ටිය බෙඩ්සීට්වලින් වහගෙන එහෙම හෑන්ඩ්බෝල් ගහනකොට අපේ හිටිය ගොන් තම්බියෙක් ෆාහිර් කියල. හිත හොද එකා. ගොතයා . මෝඩයා. මූට අපේ සදුන් චන්දනයා කියලා සිද්ධාලේප ඔය වැඩේට දිව ඔසුවක් කියලා. ඉතින් අර මෝඩ තම්බියා තැලුම් උලුක්කු වලට ගාන්න ඉස්කෝලෙන් ගෙනාපු සිද්ධාලේප ටබ් එකෙන් තලියක් අරගෙන බෙඩ්සීට් එක අස්සට අරගෙන අදාල එක පස්සට කරලා ගාගෙන තත්පර 15ක් විතර 2වරක් චක්කරේ ගනිනකොට තමා කන් දෙකෙන් දුම් පිටවෙලා තිබුනෙ. ඊලග දවසෙ මූට ඇවිදගන්නවත් බෑ.

      Delete
    5. ඩිලාන්,
      අපොයි ෆාහීර් ට වෙච්ච වැඩේ පහුවදා ඔලුව ඉදිමිල තියෙන්න ඇති පොල් ගෙඩිය වගේ.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඉස්සර වෙලා කොමෙන්ට් එක ටයිප් කරපු එක වැරදුනා.
    දූෂන විතරක් නෙමේ .බස් වල යන කෙල්ලනට හේත්තුවෙන එවුන්වත් අල්ලල නයි මිරිස් සාත්තුව දෙන්න ඕන.අපේ පොඩි දුව කියනව කොල්ලන්ගෙන් නෙමේ නාකින්ගෙන් තමයි බේරිල්ලක් නැත්තෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා කොල්ලන්ට අඩුවක් නෑ නාකින්ටනේ ප්‍රශ්නෙ,ඒකයි .

      Delete
    2. ඔය තේරුනේ නාකියට යස අගේට..

      Delete
    3. හා තෝ ඉලංදාරියනේ කට වහගෙන ඉඳු.

      Delete
    4. ඔයාගෙ තුන්දොර සංවර කරගත්තොත් නරකද .තුන්දොර සංවර කරගන්න අනේ.

      Delete
  12. /* ඔලුවෙ උකුනො වඳකරල නාවල එහෙම හරිහමං ඇඳුමක් අන්දල ගත්තනං මේකිත් අපූරුවට හිටියි කියල අමරය තමන්ටම කියාගත්තා, */

    අමරයා තමන්ටම කියා ගත්තු දෙයක් හැලපේ දන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හැලපෙගෙ නම,

      කැන්දකොල අාරච්චිගේ අමරදාස..
      (ඔය හැලපෙයි අමරෙයි කියන දෙන්නම එක්කෙනක්)

      Delete
    2. ඉල්ලං කෑව වගේවත්ද? මෙතැන.....

      Delete
    3. වේටෙක්ස් ආයතනය ඒ ප්‍රෙද්ශයම වෙනසකට ලක්කලා තමා ඒ කාලේ. මටත් යාන්තමට මතකයි. හැලපයියේ අර කොච්චිනං මාර රහයි බැදල ගත්තම. අරූට වුණේ නං පණ නහගන්න වැඩක්නේ.

      Delete
    4. ඕක කියවද්දි මටත් මතක් උනේ කකා කියපු දේමයි. අර ලංකාදිපෙ දෙයියෝ සාක්කි, අනං මනං වගේ පාට් වලත් තියනව මේ ලිවිල්ලම.

      Delete
    5. කොච්චි නෙවයි නයි මිරිස් ටිකක් දෙකට කපලා බැදල කෑවනං සුපිරිම තමයි..

      Delete
    6. මම දන්නෙ අමරය මගෙත් එක්ක ඔය කතාව කියපු නිසයි.කතාව ලියනකොට මම ඒක ටිකක් වැඩ දාල ලිව්වා.

      Delete
    7. අනේ බොල විදානයෝ.හැබැයි මගෙ නමෙත් මුල අකුරු දෙක ඔහොමමයි.අමරෙගෙත් නම අමරදාස.

      Delete
    8. මටත් පේන්නෙ එහෙමයි නලින්.

      Delete
    9. ආපෝ රාජ් ලංකාදීපෙ ලියන කතාවලට මම නෑ ඔන්න,ඉස්සර නලිය නං ලංකාදීපෙ වැඩකලාලු

      Delete
    10. විදානෙ
      නයි මිරිස් බැදල සෝස් චුට්ටක් දාලත් නියමයි.

      Delete
    11. අනේ බංස්ල මට නං කනව තියා නයි කොච්චි ගඳ එනකොටත් අපුලයි.

      Delete
    12. ඔව් ඉතිං මේ වෙච්චි දේ මතක් වෙත්දි හැලප අයියට අපුල නොවී තියේවියෑ. :D

      Delete
  13. සීලදාස කිව්වට ඌ පොන්නදාස කෙනෙක්නේ?
    අර කෙල්ල කරපු වැඩේ මමත් ඉහලින්ම අනුමත කරනවා. කුට්ටම කපලා නොදා ඔහොම අච්චාරුවක් විතරක් දාපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඌට ඕවයි තේරුමක් නෑ මචං,අනික තේරුම් ගත්තත් ගාණක් නෑ.ග්‍රෑන්ඩ් මදර්ට රයිස් ගරපන්,යකෝ පුරුස හිංසනය උඹත් අනුමත කරනව එහෙනං.

      Delete
  14. හැලප....මචෝ.....අර යකාගෙ බිජ්ජ් එලි වෙනකං ඇලේ දාලත් දැවිල්ල දැනුනම් ...අර වේසි ගෙ ගෑනිගේ අත දැවිල්ල ගත්තෙ නැත්තෙ උඹ රාගම හොස්පිටිතාලෙන් උස්සපු ග්ලවුස් දාල අතුල්ලපු නිසාද....?
    උඹ ලිද ලග දී ඒකීට අතට දෙන්නෙ ....ග්ලවුස් දැම්මම විතරය් කියල නලියට කවුද කියල...

    ReplyDelete
    Replies
    1. මං අතට දෙද්දි නලිය පිටිපස්සෙන් පෝලිමේ හිටියද කියල අහළ බලපන්.

      Delete
  15. Replies
    1. ටැංකිව් ඕමා.

      Delete
    2. කතාවෙ ලස්සන ට වඩා ඔයා තුන්දොර සංවරය ගැන හිතන්න.

      Delete
    3. තමුන්ගෙත් අතගාලා බලලා තියෙනවනම් සංවරකරගන්න ඉදගෙන :D

      Delete
    4. නියමයි..අපූර්වි........:) :)

      Delete
  16. ඒ උනාට පව් වැඩේ නේ මිරිස් ගාපු එක,
    මං ඇටිකිච්චා කාලෙ ජුන්ඩ කූඹියෙක් කාල ගේ වටේ පියෑඹුවා බොල. අම්මපා ..ආයෙ පාරක් සිප් එකට අහු කොරං ගේ දෙවනත් කොලා.. අර යකාට කොහොම හිටින ඇද්ද !!!! අම්බෝ !!

    ReplyDelete
    Replies
    1. එ් වෙලාවට දෙකට නැවිලා කටේ දාගත්තනං වේදනාව අඩුවෙයි

      Delete
    2. අතට අහුවෙනවෑ බං ඒ කාලෙ :D කොච්චි කරලක් සයිස් ඇති ඕන්නං. ඊටත් පොඩිද මන්දා ..

      Delete
    3. ඩොකා ලඟට ගියාම අන්වීක්ෂයකින් බලලළු වෙන්කරල දුන්නෙ. පව්..

      Delete
    4. හැක්. ඒ කාලෙ පොඩි බට්ටනෙ සරත් අයියෙ..
      ආන්න ඒකට දැං .
      ඩිමෝ බට්ටෙක් සයිස් ඕං . බොරුවක් හෙම නෙවෙයි

      Delete
    5. දැං ඉතිං එ්කටත් වෙනම අයිතිකාරයෙක් ඉන්නවනේ...

      Delete
    6. එහෙනං එහෙනං විදානෙයො .. ට්‍රාන්සර් පේපර් සයින් කොරලා පොතත් හරෝලම දුන්නා :D

      Delete
    7. ඈ පත්තරයො බොට කටට ගන්න අමාරුනං වෙන කෙනෙකුට ගන්න දුන්න නං ඉවරනෙ බොල.

      Delete
    8. ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික ඔක්කොම තියෙනවා නේද පත්තරේ. :)

      Delete
    9. සේරම හරි ප්‍රියා,
      ෆිනෑන්ස් ඇරියස් නෑ ෆස්ට් ඕනර් ටිංකරින් මුකුත් නෑ !! ගහපු ගමං ස්ටාට් :D

      Delete
    10. ඒ උනිට පිකප් නැහැ,කඳු අදිනවා බොහොම හොරයි, මෙකද ගත්ත දවස් වල පදම් නොකර හැටට හැටේ පාගල ගිහිල්ලම

      Delete
    11. හැක් .. එලකිරි ඇනෝ එලකිරි !!! :D

      Delete
  17. මරු කෙල්ලෙක්... මොකෝ පොලීසි යන්නයැ.... මට හිතෙන්නෙ අමරයගෙ ගෑණි මේක දැනගත්තමත් කෙල්ලට පිං දෙන්න ඇති .... හි හි...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මේ අපේ හි හි නෝනානේද,කොහෙද බොලේ ගිහිං හිටියෙ.ඔයාලට ඉතිං මෙව්ව කියවනකොට හරි ජොලි නේද,අම්මප අර අහිංසකය ගැන දුකක් හිතෙන්නෙම නැද්ද.

      Delete
    2. ඔයා හිහි කිව්වට කාරි නෑ. මතක ඇතිව තුන් දොර සංවර කර ගන්න.පොඩ්ඩිටත් කියල එන ගමන්. සතර අපායෙන් මිදෙන මඟ ඒකයි.ඒකෙත් හැටි බලන්න.බණ දහම් ගෑනුන්ට කොච්චර අදාල වෙනවද කියල.

      Delete
  18. ඔය මෝල් සංවර්ධනේ වැඩිකල් නොයා මුලු රටටම වදයක් වෙන්නේ පරිසර හානිය වැඩි උන දාට. අපි මේ වගේ මෝල් දැකපු පමණින් මේක තමයි දියුණුව කියලා හිතන්නත් නරකයි.

    ReplyDelete
    Replies
    1. මෝල් වැඩිවෙනකොට දියුණුව ඒකයි කියලනෙ අපේ අය හිතාගෙන ඉන්නෙ.

      Delete
  19. අර අමරයට දැනුන වේදනාව අපිටත් දැනෙන්නයි බොහොම ජීවමය භාෂාවකින් හැලපෙ ලියල තියෙන්නෙ. ඌ ඇලේ වතුර පාරට පාත්වෙවී මූණ හපු‍ටු කරං නැගිටින හැටි මට මැවිල පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ පව් සරත් අමරය රෑ තිස්සෙ මොන දුකක් විඳින්න ඇද්ද කියල හිතනකොට දුකක් හිතෙන්නෙ නැද්ද.

      Delete
  20. නාවර පෙරාගෙන හිටියට ගෑනි මොළේ තියෙන එකියක්...ඔක්කොමත් කරල රොයිටර් රිපෝට් එකත් දීල යන්න තරම්ම.

    ReplyDelete
    Replies
    1. අමරයව විනාස කරල යන්න මොළේ තිබුණ තමයි.

      Delete
  21. //""ගල්ගෙඩි ගැහිල උඩ බලාගෙන හිටපු අමරෙගේ පුරුස නිමිත්ත අතකින් අල්ලගත්ත කෙල්ල හීනියට ගලේ අඹරං ඇවිත් හංගන් හිටපු නයි කොච්චි මිශ්‍රණය අනිත් අතින් අමරයගෙ ඔලුවෙ හොඳට ආලේප කරල පෙරසමත් ඉස්සරහට ඇදල වහල දැම්මා...""// ඔච්චර හොඳට ඔය ටික දැක්කේ කොහොමද හැංගිලා බලන් හිටියද නැත්තම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් .........?

    ReplyDelete
    Replies
    1. මං උඹව මරන අදහස අතෑරියා,
      ඊට වඩා ටොප් දංඩුවමක් හම්බුනා මට. ඕ යේස් !!

      Delete
    2. ම්ම්ම්ම්ම්ම්..... ගාන්න දෙයක් නෑ...

      Delete
    3. හපොයි පත්තරේ කමක්නෑ ඉවානය මරපං

      Delete
    4. විදානෙයො ,ඉස්සෙල්ල වැලි කොලෙන් පොඩ්ඩක් අල්ලල ඊළඟට ගාන්න හිතං ඉන්නෙ.. :D

      Delete
    5. හැක හැක හැක එව්වා හඳේ .. අපි මිරිස් ප්රූෆ්

      Delete
    6. පත්ත්රයෝ උඹට දැන් කොහොමද ඒ දවස් වල අර වුනි කියපු මිරිස් දැවිල්ල තාම තියෙනවද?

      Delete
    7. මං දන්නව ඉවාන් උඹ ම්ම්ම්ම්ම්ම් ගාන්නෙ මොකද කියල,මම අකුලෙ හැංගිලා පෝලිමේ හිටියයි කියල හිතාගනින්කො.

      Delete
  22. වනිතා නංඟි ඉන්නම ඕන පෝස්ට් එකක් බොලවු. කෝ මේ සුදු මැණික? :)

    ඇත්තටම හැලප අයියෙ කොහොමද අප්පා එවලෙ ඔයා ඉවසන් හිටියෙ. මේක කියවලා මගෙ නිමිත්තත් දැවිල්ලයි වගේ. ඔක්කොටම කලින් හෝදන් ඉන්න ඕන පොඩ්ඩඩක්. :)

    ReplyDelete
    Replies
    1. ආ උඹත් ආවද,වරෙන් වරෙන් අඩුවට හිටියෙ උඹ ඉතරයි ප්‍රියෝ.

      Delete
    2. ප්‍රියා ඉල්ලන් කන්න හදන්නේ...

      Delete
    3. ආ මාත් ආවා .මං නැතුව කෝමෙයි !!!!

      Delete
    4. පත්තරේ,
      හැබෑව හැබෑව උඹත් නැතුව කෝමෙයි.

      Delete
    5. හැක්… :D ඔය බිස්කට් පැකට් එක එහෙම කඩලා ගත්තනම් අපිට කන්න. හැලප දෙක තුනකුත් ගත්තානම් හරි :)

      Delete
    6. කෙහෙල් ගෙඩියකුත් කඩාගනිං,මයෙ ගානෙ.

      Delete
  23. කොමෙන්ට් කරපු ගෑනු ඔක්කොටම තුන්දොර සංවරයෙ වටිනාකම ගැන බණ කිව්ව.බලන ගෑනුත් තම තමන්ගෙ තුන්දොර සංවර කරගෙන බලන්න. තුන්දොර කිපුනොත් විනාසයි ගෑනුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ ලොකු දෙයක් ඇනෝ,මේ වෙසක් සතියෙ බ්ලොගේ බණක් කියවගන්න කෙනෙක් හොය හොයා හිටියෙ.අපි කියන්නෙ වැදිබණ කියල මුන් කියනවනෙ.

      Delete
  24. හරිම අගේ ඇති කතාව හැලපයියේ...................

    හැලපයියට වුණාවගේ ලියලා තියෙනවා.......... හැහ්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි,අනේ කවුරුත් කියන්නෙ ඔහොම තමා මොනා කරන්නද.

      Delete
    2. මොකද "වගේ" කියන්නේ ....

      Delete
  25. කාට,කොහොම වුණාම මොකෝ හැලපයියේ,ඔන්න අපි නම් කියන්නේ නැහැ මේක වුනේ බොට කියලා.ඒ වුණාට උඹ මේක වර්තා කරලා තියෙන්නේ හරිම සජීවී විදියට බං.
    අමරේ ඒ දායින් පස්සේ මිරිස් කෑම කන්නේ නැහැයි කියන්නේ ඇත්තයි.?

    ReplyDelete
    Replies
    1. අනේ මට උනා කිව්වත් ගාණක් නෑ බං මනෝජ්,ඔය හැම එකාම කියන්නෙ.අමරයගේ තව විස්තර ටිකක් පස්සෙ කියන්නං.

      Delete
  26. හැලපෙ දන්නවද මිරිස් ගන්නව ඔයවගේ වැඩකට. දැනුයි මතක් උනේ. ඔය ලෙඩ වලින් බේරෙන්නත් මිරිස් ගන්න කතාව?

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් පිඹින්නද ?

      Delete
    2. ඒක නං මම අහළ නෑ රාජ්,කාටත් දැනගන්න එක්ක කියමුකො.

      Delete
  27. ඔය රෙදි මොලට වගෙ ගම්වල දාන කෑමාන්තශාලා වලට අවට ගම්වලින් ගන්නෙ නැත්තෙ එහෙම ගත්තම වුන්ව පාලනෙ කරන්න බැරිවෙන නිසා.හැබැයි ගමවල මිනිස්සුන්ට ගෙඩාක් අදාඅයම් එන ක්‍රම හැදෙනව ඔය හැලපෙ කියපුව වගෙ.එ වගෙම ගමෙ කෙල්ලො ටිකට නිකන්ම වගෙ දීගත් සෙට් වෙනව.
    අපො අරමනුස්සයට නම් කෙරුවාව එපා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ දාපු රෙදි මෝලට වුනෙත් ඔය හරියම තමයි දමිත්.එපාවෙන්න, ඒ අමරයට නෙවෙයි.

      Delete
  28. මං එහෙමනං කොහෙන් හරි හොයලා ඔය පිටම ඔබලා දානවා තුන් දොරේම. ඒකිටත් ආතල් එක දැනෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩෙත් මරු තමා බං.කොහොමද එහෙම කළා නං.

      Delete
  29. පුරුස නිමිත්ත මෝරගං කඳක් වගේ ඔලුව ගොබලු ගෙඩියක් සයිස්,

    ඇ බං හැලපයියේ , උඹ හරියටම සයිස් එක දන්නේ අමරයා උඹටත් .............................

    ReplyDelete
    Replies
    1. අමරය දවල්ට ප්ලැට් වෙන්න ගහල වඩු බැංකුව උඩ දපල නිදියනකොට වෙලේ හුළඟට උගේ සරම උඩ ගිහිං ඔලුවත් වැහෙන්න,අන්න ඒ වෙලාවට ඕනෑ කෙනෙකුට ඇඩල්ට් ඔන්ලි ෂෝ එකක් නොමිලෙ බලාගතහැකි.නැතුව සරම උස්සපන් පොඩ්ඩක් කියල බලාගන්න උවමනාවක් නෑ.

      Delete
  30. සික්! ඌ ට ආයේ එලියට ගන්නවත් බය හිතෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. පිස්සුද ඒ ඌ නෙවෙයි.

      Delete
  31. නයි මිරිස් ගෑවට පස්සේ කාලයක් යනකන් ඒ වැඩේට හිත දෙන්නම නැතුව ඇති.. කමෙන්ට් වල කට්ටිය අල්ලගත්ත පොයින්ට් වලින් මටත් ඔන්න හිතෙන්නෙම අමරේ කියන්නේ අයියම තමයි කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ බං දිනේෂ් ඔය හැම එකාම කියන්නෙ,කවුද ඕව ගණන් ගන්නෙ කවදාහරි දවසක සත්‍යය එළිදකී.

      Delete
  32. නියම ට්‍රීට්මන්ට් එකක්නෙ දීල තියෙන්නෙ.
    හැබැයි ඊට පස්සෙ පොර දැවිල්ල මතක් කර කර වැඩේ දෙන්න ඇති වෙන උංදැලට.

    නයි මිරිස් කියන්නෙ අර උඩ තියෙන ඒවට වඩා වෙනස් බෝල වගේ එකකට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න හරි,ඒ වුනාට නයි මිරිස් පින්තූරයක් මා ළඟ තිබුනෙ නැති නිසා මේක දැම්මා.

      Delete
  33. හැලපේ, වතුරේ ඔලුව ඔබාගෙන ඉන්නකොට හුස්ම ගත්තෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හප්පා බොලත් අහන්නෙ මාර ප්‍රශ්න නොවැ,මෙතැන ගෑනු ළමයි නැත්නං හෙම උත්තරේ දෙන්න තිබ්බ ඇළපාත මුදලියට.

      Delete
    2. හා ඒ උත්තරෙන් කාරි නෑ. ආනන්දෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් අවසන් වෙන කවි අනන්ත කියවලා තිබුනට, රෙදි මෝලෙන් පටන්ගෙන කොච්චිමෝලෙන් ඉවර වෙන කතාවක් ඇහුවමයි. හැලපයා තමා දවසකටවත් මිනිහා. ඇත්තටම මෙහෙම මෝල් කතා ගොතන්ට කොහෙන්දෑ ආබාසෙ ගත්තෙ?

      Delete
    3. මේවට අර දූසකයා කියන එකා කියන්නෙ නං ඕපන් හැලප ඉස්ටයිල් කියලයි.

      Delete
  34. මේ කියන ඇළේ එක දියබරියෙක්...දිය නයෙක් ඉදලා නෑනෙ...ඔලුවට කොටන්න අඩු තරමින් මාලුවෙක්....එහෙම උනා නම් රොයිටර්ට කලින් මේ ආරංචිය අමරයගෙන්ම පිට වෙනවා....පිටින් ෆැක්ටරියෙ වැඩට ආපු උන් ගමේ වැල වලට බැල්ම දාලා ගමේ කපුටො එක්ක කොකු දාගත්තෙ නැද්ද බං...

    ReplyDelete
    Replies
    1. අමරයගේ වෙලාව තමා බං.අනික ඒ ඔලුවට කෙටුව නං මාලු දියබරි හොල්මං වෙනවනෙ.
      මෝලේ වැඩට ආපු උනුයි අපියි සහයෝගෙන් වැඩේ කරගෙන ගියා බං.

      Delete
    2. දෙගොල්ලම මොල්ලු නිසා අවුලක් වෙලා නෑ ලු .

      Delete
    3. ඒ පිටට හුංගෙකුත් පොඩි ටච් එකක් දුන්නනං මල් මසුරං සිරෝ !!!!

      Delete
    4. හුංගෝ කතාවකුත් තියනව පත්තරේ,හැබැයි අමරයට නෙවේ උගේ පුතාට මං ඒකත් දවසක් ලිව්වා.

      Delete
    5. මොනවා කියනවද පත්තරේ....එදා හුංගෙක් දමලා ඇරියා නම් අමරයගෙ ඔලුවට...ඌ නගන සද්දයට මිනිස්සු නැගිටියි අන්න එළි වෙලා ෆැක්ටරියෙ අහවල් එක ගහනවා වැඩ පටන් ගන්න කියලා....හික් හික්...

      Delete
  35. ඈ බං අය්යෙ ඇත්ත කතාවක්ද..? යකෝ අතේ කොච්චි මිරිස් ගෑවුනත් ඉන්න බැරි එකේ.
    උඹ දාල තියෙන්නෙ සුදු කොච්චි පින්තූරයක්නෙ...!

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක් වීයො.නයි කොච්චි පිංතුරයක් හොයාගන්න තිබ්බෙ නෑ පස්සෙ මගේ ළඟ තිබ්බ නිකං කොච්චි පිංතුරයක් දැම්මා.

      Delete
  36. තම අත්දැකීම් අන් සතු අත්දැකීම් ලෙස රචනා ශෛල්‍යයෙන් රසවත්ව ඉදිරිපත් කිරීම සාර්ථක ලේබකකයකුගේ දස්කමකි. කතාවේ මුල සිට අග දක්වා මහන්සියකින් තොරව, කුතුහලය හා හැඟීම් උතුරා යන පරිදි කතාව ඉදිරිපත් කිරීමට ලේබකයා සමත්ව ඇත. කෙසේ හෝ රසිකයාගේ (රසිකාවියන්ගේ නොව.) උද්දීපනය වූ හැඟීම් වලට කෙල වී යන ලෙස කොච්චි සම්බලක් යොදා ගැනීම ගැන ලේබකයාට දොස් නගන අයද සිටිය හැක.

    මෙම කතාවට සම්බන්ධ ප්‍රදේශය පඳුරු වලින් තොර ප්‍රදේශයක්ය යන්න බොහෝ රසිකයන්ට වැටහී යනු ඇත. එහෙත් පඳුරක් ආසට රින්ගූ අවස්ථාවක් කතාවේ පැවතීම, වතුර ලේබකයාගේ දුර්වලතාවයක් ලෙස සඳහන් කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබ විසින් මාහට පුදන ලද ගෞරවය අවංකව භාර ගැනීමට නොහැකිවීම ගැන මා සිත් තුල ඇතිවන සංතාපය පසුගිය රාත්‍රියේ එක්දින තරඟය පරාජය වීමෙන් ඇතිවූ සංතාපය පරදවා යන බව දන්වා සිටීමට කැමැත්තෙමි.
      පඳුරු නොමැතිවීම ගැන දුක් නොවන ලෙස මා ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මේ කරුණම අනික් අතට මා කරා එන්නට හැකි බව මා හොඳාකාරවම දන්නා හෙයිනි.මගේ ප්‍රාණ සම මිත්‍රයාගේ ලිවීමේ හදිසියටදෝ චතුර යන වචනය වතුර ලෙස යතුරු ලියා ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

      Delete
  37. ඔය නුවර එලිය පලාතෙ නයි මිරිස් විශේෂයකින් සම්බලයක් හදනවා රසම රසයි. සීතලට කියාපු කෑම. මේ වගේ මිරිස් සම්බල අත්දැකීමක් මටති තියෙනවා. ඇවිත් බලමුකෝ ඒ ලිපියත්.
    සිතල නුවර එළිය

    ReplyDelete
    Replies
    1. ඔන්න ගිහිං කමෙන්ටුවකුත් කොටල ආව,රෝලෙත් ගෙනහල්ල එල්ලගත්තා,දැන් මිස්වෙන එකක් නෑ.

      Delete
  38. හැලපේ...මෙවන් දුකක් කරදරයක් කිසිම මල්ලියෙකුට නොවේවා! අමරයාට හින්දාම හොඳයි. කොච්චිවලට ඔරොත්තු දෙන්නම හැදිච්ච අමර පැටියෙක්නේ ඉඳලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මෙවන් දුකක් කිසිම මල්ලියෙකුට නොවේවා,අමර කියන්නෙත් කොච්චි වලට ඔරොත්තු දෙන නිසාම වෙන්න ඇති.
      මං උඹට සංගීතෙ පිංතූර දෙක තුනක් එවන්නං.

      Delete
  39. අමරේ වින්ද දුකේ තරම හිතා ගන්න බැහැ බොලව්...

    අපේ එකෙක් සිද්ධාලේප ගාලා විදවපු හැටි මතක් වෙද්දි...

    ReplyDelete
    Replies
    1. උගෙ දුක තේරුණේඋඹට විතරයි බං.

      Delete
  40. මොන එකක්ද මන්දා , මට නං සීලදාස ගැනයි , කෙල්ල ගැනයි දැනෙන්නෙ කනගා‍ටුවක්. මට නං අද කතාවෙ වීරයා අර නාවර පෙරා ගත්ත කෙල්ල.

    සුපුරුදු පරිදිම කතාව ලියපු රටාව නියමයි , හැලපෙ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බස්සා,ඇත්තටම කිසිම දෙයක් කරගන්න ශක්තියක් නැති සීලදාස සහ වහලියක් වුන කෙල්ල ගැන දුක්විය යුතුයි.

      Delete

ඔබේ අදහස්