Monday, April 28, 2014

127.පිටේ බෝඩ් එල්ලීම සහ අමරෙගෙ කැච්එක





අපි පහුගිය දවස්වල මොනම දෙයක් ලිව්වත් කිසි කෙනෙකුගෙ අවධානයට ලක්නොවීම සයිබරයේ සිහින බක්මහ උළෙලේ  දැවැන්ත සෙවනැල්ලට වැහිල යනවනෙ,එහෙම වුනොත් මහන්සිවෙලා ලියන දේ අපරාදෙ නොවැ කියල පහුගිය ටිකේ සද්දෙ වහගෙන ටිකක් නිකං හිටියා...

සිහින බක්මහ උළෙල ගැන හය හත් දෙනෙක්ම පෝස්ට් ලියා තිබුණත් මගේ පුද්ගලික මතය අනුව ඒ සියල්ල අතරින් හොඳම පෝස්ටුව බස්සි ලියු ''හැබැහින් දුටු සිහිනය''යි,ඔබට වෙනම මත තියෙන්නට පුළුවනි නමුත් මගේ අදහස අනුව මා දුටු ඉතාම ප්‍රශස්ත පෝස්ටුව එයයි...

සිහින බක්මහ උළෙල ගැන මටත් කියන්න අදහසක් තියෙනවා කිව්වට තරහ වෙන්න එපා,මෙතෙක් පැවති සිහින බක්මහ උළෙලවල් අතරින් ඉතාම සාර්ථකවූ සහ වැඩිම පිරිසක් සහභාගිවූ බක්මහ උළෙල මෙයයි කියා  සියළුම දෙනා කතාවුනත් කලින් පැවැත්වුණු බක්මහ උළෙලවල් වලදී දකින්නට ලැබුණු දුර්වලකමක් මෙවරත් නොඅඩුවම දකින්නට ලැබුණා,ඒ මොකද්ද කිව්වොත් බක්මහ උළෙලට පැමිණි සමහර බ්ලොග්කරුවන්ට එකිනෙකා හඳුනාගැනීමට අවකාශයක් නැතිවීම,සමහරු එකිනෙකා හඳුනාගෙන තියෙන්නෙ ආපහු ගෙවල්වලට ගිය පසුවයි,මෙන්න මේ විදියෙ කතා තැන තැන තියෙනව මම දැක්කා...

ආ මචං උඹත් ඇවිත් හිටියද  මම දැක්කෙ නෑනෙ...

එහෙම නැත්නං,

අනේ මට කතා කරන්න බැරිවුනානෙ  අඳුනගත්තෙ නැති නිසා...

ඒ කියන්නෙ මෙවරත් පෙර වතාවලදී වගේම කලින් දන්න හඳුනන අය එකතුවෙලා කතාබහ කරගත්ත මිසක පොදුවේ සියළුම බ්ලොග්කරුවන් හඳුනාගැනීමට වැඩ පිළිවෙලක් මෙදාත් සැකසී තිබුණේ නැහැ...

අපේ ජ්‍යෙෂ්ට බ්ලොග් කරුවෙක් වන මාතලන් කියල තිබුණු කතාවක් මට මෙතැනදී මතක්වෙනවා...

ආයෙනං එන්නෙ පිටේ බෝඩ් එකක් එල්ලගෙන...

අඩුතරමෙන් අන්න ඒ වගේ දෙයක්වත් කලානං වැදගත් කියා හිතන්නෙ නැතිද...

මෙහෙම ලියන එක ඔයගොල්ල මොන විදියට ගණං ගනීද කියල දන්නෙ නෑ සමහරවිට මෙච්චර හොඳට කරපු වැඩේ දොස් දකිනව කියල මට බනින්න පුළුවනි,ඒකට නං කමක් නෑ බැනල හරි වැඩේ කෙරෙනව නං සතුටක්...

මෙය ප්‍රදීප් නලින් සසිඳු ඇතුළු සංවිධායක මණ්ඩලයේ අවධානයට ලක්වේවා...

පිටේ බෝඩ් එල්ලන එක අපි ඉස්කෝලෙ යන කාලෙත් කළානෙ කාගෙ හරි ෂර්ට් කොලර් එකේ කඩදහි ගොට්ටක් එල්ලනව, එක්කො කලිසම පිටිපස්සෙ නැට්ටක් එල්ලනව ඔය වගේ හරිම ප්‍රාථමික ජෝක්ස් තිබුනෙ දැන් ළමයි නං ඔව්ව කරන්නෙ නැතුව ඇති ...

ඉස්කෝලෙ විතරක් නෙවෙයි ඔය වගේ වැඩ අපි ඔෆිස් වලත් කළානෙ,කලිසම්වල නැටි එල්ලන එක  ෂර්ට් එකේ පිටේ බෝඩ් ගහන එක හරිම සුලභයි,තව දවසක මම මෙහෙම වැඩක් කළා එතකොට මම දෙසතියෙ වැඩකරන කාලෙ,ඔෆිස් එකේ ටයිපිං පුල් එකේ ඉන්න කාන්තාවො සැට් එකත් එක්ක අපි හරි එකතුයි හැම තිස්සෙම එකෙකුට බෝඩ් එකක් හරි නැට්ටක් හරි එල්ලන්න ට්‍රයි එකක් දීගත්ත ගමන් ඉන්නෙ,දවසක්දා මේ ටයිපිං පුල් එකේ කාන්තාවකට දවල් කෑමෙන් පස්සෙ පුටුවෙම නින්ද ගිහිං,කකුල් දෙකත් හොඳට මේසෙ යටිං එළියට දික්කරගෙන එහෙම,මම කරපුදේ ස්ටෙන්සිල් කරෙක්ෂන් කුප්පියත් අරං ගිහිං මේසෙ යට ඉඳගෙන මෙයාගෙ කකුලෙ ඇඟිලිවල නියපොතු දහයම පාට කළා...


(ඉස්සර කාර්යාලවල දිනපතාම පාවිච්චිවෙන පෝරම වර්ග එක එක ආකෘති පත්‍ර එහෙම රෝනියෝ මැෂින් එකේ හෙවත් ඩුප්ලිකේටරේ රෝනියෝ කළා,රෝනියෝ කරන්න අවශ්‍ය ආකෘති පත්‍රය ස්ටෙන්සිල් එකක කපනව හෙවත් යතුරු ලියනය කරනවා,ස්ටෙන්සිල් එක කපද්දී වරදින තැන් මකන්න රෝස පාට කරෙක්ෂන් ෆ්ලුයිඩ් එකක් පොඩි කුප්පියක ආවා මූඩියටම සවි කරල තිබුණු පොඩි බ්‍රෂ් එකකුත් එක්ක)

මෙයාට ඇහැරුනාම මේ වැඩේ දැකල කරපු එකාට දෙස් දෙවෙල් තියනව,වැඩියත්ම ලැජ්ජාව කකුලෙ නියපොතුවල තද රෝස පාට ගාගෙන පාරෙ බැහැල යන්න පුළුවන්යැ...

අනේ මේ විස මගේ නියපොතුවල ගාල බලන්ඩකො තුවාල වෙයිද දන්නෙ නෑ පොඩ්ඩ ඇත්නං මගෙ  කකුලෙ ඇඟිලි තුවාල වෙනව...

ආ ඔයා යන ගමන් තිනර් කාලක් අරං ගිහිං නියපොතුවල අතුල්ල  ගන්න පාට මැකිල යයි...  

මම මොකුත් නොදන්න මිනිහ වගේ කියපුවම මේ මනුස්සය මගෙ ඇඟට කඩා පැන්න...

ඒ මගෙ ඇඟිලි ටිකත් හලන්න වැඩක්, තිනර් ගෙනිහින් උඹේ නියපොතුවල ගා ගනිං මම නං මොකුත් ගාන්නෙ නෑ මේ පාට ටික නිකංම ගැලවිලා යයි...

කිව්වත් වගේම කකුලෙ ගාල තිබුණු පාට ටික දවසකින් දෙකකින් පොතු ගැලවිල ගියා...

දැන් එහෙම ඔය වැඩ කරන්න ගියානං කාන්තා හිංසනය කියල මට පොලිසි උසාවි ගානෙත් යන්න වෙනව,කාලෙකට ඉස්සර අන්නාසි හොරෙං කඩල පොලිසි ගියාට පස්සෙ පොලිසියකට ගිහිල්ලත් නෑ, ආ  නෑ නෑ මේ මෑත කාලෙකත් කුණු කේස් එකකට පොලිසි යන්න උනානෙ ඒ මේ ටවුමෙ චණ්ඩි කියල බෝඩ් ගහගත්තු සැට් එකකුත් එක්ක ගහගෙන, ඒ අපේ ග්‍රවුන්ඩ් එකේ කේස් එකක් ඒකත් මරු කතාව අප්පා දැන් ලියන්න නං කම්මැලියි...

පොලිසියෙන් කිසි අවුලක් වුනේ නෑ ඒ උනාට ගෙදර පොලිසියෙන් නං ලේසියෙන් බේරෙන්න බැරිවුනා බැනුං කියන්නෙ බලු බැනුං,අර ෂුකාර් සීයා කියන්නා වගේ වාතෙ කොච්චර බැනුං වලින් පිරුණද කිව්වොත් මැස්සෙකුටවත් පියාඹන්න ඉඩ නැතිවුණා...

කොල්ල වෙන්න යනව,ලොකු මහත්වෙච්ච දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් කියල හිතෙන්නෙ නැද්ද කොල්ලොත් එක්ක ගහගන්න යන්නෙ...

ඉතිං කොල්ලො ගහගන්නකොට මට දුවන්න කියලද ඔයා කියන්නෙ...

ඔයා ගෙදර එන්න එපායැ මොකෙක්හරි බැට් එකකින්වත් ඔලුවට පතබෑව නං කාට කියන්ඩද,අනේ අම්මේ මේ මනුස්සය කරගන්න වැඩවලට නං මට මොහොතක් නිවී සැනසිල්ලෙ ඉන්න විදියක් නැතිහැටි,දැන් ඉතිං පොලිසි ගානෙ බඩගාපල්ලකො වෙන වැඩ නැතුවට...

අනික වලිය යන වෙලාවෙ සරත් අයියත් එක්ක එකතුවෙලා මම ගුරුවරුන්ගෙ පානයෙන්(වචනයේ අයිතිය මාතලන්ගෙ) තරමක් සප්පායං වෙලානෙ හිටියෙ ඉතිං බඩේ චණ්ඩිය හින්ද  වලි හොය හොයා යන්නෙ...

හොඳයි  මම ගහගත්තම මක් වෙනවද දරුවො දෙතුන් දෙනෙක් ඉන්න වඩුරාළ අමරෙත් රණ්ඩුවට පැටලුනේ එහෙනං,මටත් ගහගන්න කික් එක දුන්නෙ අමරය තමා...

කෙළල දාමු මහත්තයො,මොනවද බල බලා ඉන්නෙ මම නියනකුත් ඉනේ ගහගෙන ආවෙ...

අර තොටිල්ල හදල දුන්න අමරෙ මතකනෙ,අපට ග්‍රවුන්ඩ් එකක් නැති කාලෙ සෙල්ලං කලේ අවුරුදු උත්සව තිබ්බෙ අමරෙගෙ ගේ ළඟ වෙල්යායෙ,වෙල්යායත් එක්කම තිබුණු ගොඩැල්ලක  වඩුමඩුවත් එක්කම පොඩි ගෙයක් හදාගෙන දරු පවුලත් එක්ක පදිංචිවෙලා හිටපු අමරෙ අපි වෙලේ බෝල ගහද්දි අවුරුදු උත්සව කරද්දි  මුළු හදවතින්ම අපට සහයෝගය දුන්නා... 

ඔන්න එක අලුත් අවුරුද්දක අපි  විවාහක අවිවාහක එල්ලෙ මැච් එක වෙලේ ගහනව,තරඟය හරි උණුසුම් මම අමරෙගෙ ගේ ළඟ කණ්ඩියෙ ඉඳගෙන තරඟයෙ විස්තර ප්‍රචාරය දෙනකොට අමරෙත් මගෙ ළඟටම වෙලා නියරෙ ඉඳගෙන මැච් එක බලනවා... 

විවාහක කණ්ඩායමෙන් එල්ල වුනු පහරකට බෝලෙ උඩින්ම අපි ඉන්න හරියට එද්දී ඒ ළඟ හිටපු අමරෙගෙ ලොකු කොල්ල කුමාර බෝලෙ අල්ලගන්න දුවගන ගියා නමුත් බෝලෙ අතඇරුනා, විස්තර ප්‍රචාරෙට මම දැන් ඒකත් කියනව...

ඉතාම පහසු උඩ පන්දුවක් මේ මොහොතේ අතහරිනු ලැබුවා,ඒ අනුව  විවාහක කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් දවාගන්නට තිබුණු හොඳ අවස්ථාවක් මග ඇරුනායි කියල කියන්නට පුළුවනි...

මම කියවගෙන යනකොට අමරෙ හිමි හිමිහිට මගේ ලඟට ආවා...

දන්නවද මහත්තයො ඕකා බෝලෙ අතඇරියට බාල්හිත් මැටිකෝප්පයක් එහෙම උඩින් ආවනං බදල අල්ලගන්නෙ...

අමරයට මේව කොහෙන් කටට එනවද මං දන්නෙ නෑ මට හිනාගිය තරම කියන්නෙ කරමින් හිටපු වැඩේ කරගන්න බැරිවුනු ගමන මම මයික් එක වෙනුජට දීල පැත්තකට ගිහිං ඇස්වලින් කඳුළු පනිනකල් හිනාවුනා...

ආයෙම 1991 සාක් සමුළුව තිවුනනෙ,එක්කොත් ඒ කතාව වෙනම ලියමු දැන් කියන්න ගියොත් එකින් එක එකින් එක වැඩේ දිග දුර යනවා෴






126 comments:

  1. මට නම් තේරුනේ සයිබර් සිහින උළෙල මේ පාර ඉතා හොඳින් තිබ්බ බවත්, බස්සිගේ පෝස්ට් එක ඒ ඒ ගැන ලියවුනු හොඳම එක බවත්. අර ලියලා තියෙන අනික් ඒවා මොනවද? :D :D

    ReplyDelete
    Replies
    1. ඒ ටික තේරුණා නං ඇති පොඩ්ඩියෙ,අනික් ඒවා ගැන එච්චර හිතන්න එපා පිස්සුවට ලියන අනං මනං කියල අතඇරල දාන්න.

      Delete
  2. පිටේ බෝඩ් ගැහීම පුංචි කාලේ සිට පැවත එන පුරුද්දකි හැලපේට තාම ඉන් මිදීමට නොහැකිවී ඇත....
    ඒ මම......................

    කකුල්බ වල ඇගිලි පාට කරල නං නෑ... ඒත් කාට හරි නින්ද ගියොත් ලේස් ගැට ගහනව යද්දි හරි නැගිටිද්දි හරි ඇදන් වැටෙන්න

    ReplyDelete
    Replies
    1. එක්තරා විශ්ව විද්යාලයකට ඇමති කෙනෙක්ගෙ දුවක් සිලෙක්ට්වෙලා. මුලින්ම ඉතින් රැග් සීසන් රැග්වලට මේ කෙල්ල කොහොමටවත් අහුවෙන්නෙ නෑලු. ඇයි ස්ක්වොඩ් එකත් එක්ක එනවා. ලෙක්චර්ස් ඉවර වුනු ග්න් යනවා. ඒත් ඉතින් ජෙප්පන්ට කොහොමහරි රැග් කොරන්නත් එපැයි. මුන් ඉතින් බෝඩ් එකක ඇන්දා අලිවයින් .ය්යක්. එල්ලුවා ලෙක්චර්ස් පටන් ගන්නකොටම පිටේ. දැන් ඉතින් දවස පුරාම අරක එල්ලගෙන ගිහින් හවස ගෙදර ගියාම තමා දැක්කෙ. ඊලග දවසෙ ඇමතියා එනව වී සී ලගට ඇවිත් කියනවා. "මේ වේ.. කොල්ලො නිසා මගේ දුවට ..ය්යක් දවසක් එල්ලන් ඉන්නවෙලා. මොනවහරි කරනවා". වී සී අහිංසක මිනිහා. මිනිහා "අනේ ඕක ගණන් ගන්න එපා සර්. සර්ගෙ දුව දවසයි. අපි ඔය ජීවිත කාලෙම එල්ලගෙන ඉන්නෙ" කියපි

      ඕක තමා බෝඩ් එල්ලීම ගැන හොදම කතාව.

      Delete
    2. අම්මෝ ලේස් ගැට ගැහිල්ල බෙල්ල කැඩෙන වැඩක්නෙ,ලේස් නැති සපත්තු පාවිච්චි කරන එක ඇඟට ගුණයි වගේ.

      Delete
    3. @ඩිලාන්,
      මේ කතාවෙ වර්ෂන් කීපයක්ම තියෙනව වගේ මට පෙනෙන හැටියට.

      Delete
  3. බාල්හිත් මැටි කෝප්පේ කිව්වම කීප සැරයක් හිතන්න වුනා මේ මොකක්ද කියලා , පස්සෙයි මීටර් වුනේ . අර ගෑනු මනුස්සයා ඇඟිලි දහයේම පාට කරනකන් නිදාගත්තා කියන්නේ රෑට කොහොම නිදාගන්නවා ඇතිද ? පව් අප්පා ඒ ගෑනිගේ මනුස්සයා . :D
    ගුරුවරු බඩේ දාගත්තම වලි වලට යන්න හිතෙන්නේ ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගුරුවරුත් එක්ක තරහා නිසාද?
    අර නැටි එල්ලනවා වගේ ප්‍රාථමික විහිලු දැන් ඉස්කෝල වල නෑ තමයි , දැන් එවුන් කරන්නේ කෙලින්ම ෆේස්බුක් ගිහින් මෙමෙ එකක් හරි මඩ පෝස්ටරයක් හරි හදලා අප්ලෝඩ් කරන එක

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉවාන් මම සම්පූර්ණයෙන්ම නියපොය්හු ටික පාට කරලා ඉවරවෙනකන් ගෑණි ඇහැ ඇරියෙ නෑ නොවැ.ගුරුවරුන්ගෙ කතාවෙ වැඩි විස්තර මාතලන්ගෙන් අහගන්න.

      Delete
  4. හදුන්වා නොදීමේ අඩුපාඩුව තිබුන බන නං දැක්කා මාත්... නැත්නං වෙන අවුලක් නැහැ ඉතාම සාර්ථකයි උත්සවය.

    ඔය තීන්න කුප්පිය මං දැකල නැහැනේ බං... හුගක් කලින් තිබ්බ ඒවා වෙන්ටැති. දැන් කෙලින්ම ඩුප්ලෝ මැෂින් නෙව තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපිත් මුලදි ස්ටෙන්සිල් කැපුවට ඔහොම දෙයක් ගැනනං අහල තිබුණෙ නෑ. අපි දන්නෙ ටිපෙක්ස් විතරයි.

      Delete
    2. තීන්ත කුප්පිය අඩු ගානෙ අසූව දශකෙ මුල් බාගෙ ඉවර වෙනකම් තිබුනා, ඒ කාලෙ ටයිපිස්ට් ල ගෙ මේසෙ කොමන් ෆික්ස්චර් එකක්. මේක ස්ටෙන්සිල් කඩදාසියෙ ප්‍රොපර්ටීස් බලන් ම හදපු එකක් වෙන්න ඕනෙ, ටිපෙක්ස් වගේ opaque නැහැ.

      දැන් මම හිතන්නෙ ඔය වගෙ ආතල් ඔක්කොම සයිබර් අවකාශෙට මාරු වෙලා. එහෙම නැත්නම් මිනිස්සු සීරියස් හෝ බිසී වැඩි ඇති.

      Delete
    3. සාර්ථකයි කියල නං දෙඩෙව්වට උඹ ගියෙ නෑනෙ,දැන් කියපං මම එදා කන්නෙලියෙ ගියා ෆේස්බුක් ගෘප් එකත් එක්ක කියල.කන්නෙලියෙ යන්න දිනේ දාගත්තෙ සිහින බක්මහ උළෙල එදා තියෙන බව නොදැනමද.

      Delete
    4. @ප්‍රසන්න,
      ටිපෙක්ස් ගෑවෙ සාමාන්‍ය ටයිපිං කොළවල,ස්ටෙන්සිල්වල අකුරු හැදුවෙ ඔය වර්ගයෙ කරෙක්ෂන් ෆ්ලුයිඩ් ගාලයි.

      Delete
    5. @ප්රෝපයිල් ඇනෝ,
      දැන් ඒ පරණ වැඩ ඔක්කොම අභාවයට ගිහිං නේද,මේව දැන් දකින්න වෙන්නෙ මේ වගේ පින්තූරෙකින් විතරයි.

      Delete
    6. මමත් හමුදාවට බැඳුණු කාලේ ඔය අහවල් දියරයෙන් තමයි ස්ටෙන්සිල් වල 'වැරදි හිල්' මැකුවේ. එව්වා නැතිනම් අර නෝනලා නියපොතුවල ගාන 'චූටිස්' (හරි නේද නම) ගාලත් හිල් මැකුවා. හිල් මැකුවා යකෝ. වෙන අදහසක් නෙවෙයි. ස්ටෙන්සිල් එක හිල් වෙනවනේ ටයිප් කොරපුවම.

      Delete
    7. ස්ටෙන්සිල් - කරෙක්ෂන් තාම තියනව බං. අපිටත් ටික කලකට කලින් ලැබුන ඩුප්ලො මැසිම කැඩිච්ච නිසා දැං ආයෙත් රෝනියෝ මැෂිමට මාරු උනා. ඒ වගේම ඔය එක එක ආකෘති තියනව තාමත් ටයිප් කරන.

      Delete
    8. අපිත් ඔය කරෙක්ෂන් ෆ්ලුයිඩ් එක පාවිච්චි කරා. ඒත් මං හිතන විදියට ඒක දැන් පාවිච්චි වෙන්නෑ. ඒකට හේතුව ටයිප් රයිඑරෙන් ටයිප් කරනකොට වැරදෙන ඒව හදන්න බැරි වුණත් දැන් හුගක් දුරට කොම්පියුටරය නිසා ඒව මග හැරනව

      Delete
  5. ඔය හඳුන්වා දීමේ අඩුපාඩුව හැම එකකම වගේ තියෙනව.. අනිත් එක ඔතන ගිහින් මම මෙයා කියල මයික් එකකින් කියන්නත් ටිකක් ලැජ්ජයිනේ... රෙජිස්ටර් කරන තැනදිම පොඩි නේම් ටැග් එකක් දුන්නනං බෙල්ලෙ හරි එල්ලගන්න වැඩේ ගොඩ... මං හිතුවා එහෙම වැඩක් ලෑස්ති කරලා ඇති කියල.. ම්හු... තිබ්බෙ නං නෑ... කොහොමත් මං නං වැඩි දෙනෙක් දන්නෙ නෑ නෙ.. ඒක නිසා ගොඩක් අයට මාව අඳුන්නලා දුන්නා නලීන් අයියා...

    මං කරලා තියෙන ලොකුම විහිළුව අයියා කෙනෙක්ගෙ සපත්තු ලේස් එකට ගැටගහපු එක... හපොයි උගේ මූණ කටත් සමතලා උනා වෑන් එකෙන් බහින්න ගිහින්.. ඊට පස්සෙ ඒ වගේ වැඩ කළේ නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නෙ ඒකමයි හිරු,බෝඩ් එකක් එල්ලුව නං කාටත් පහසුයි.
      ඔයා කරලා තියෙන්නෙ මහා භයානක විහිළුවක්නේ හරියට අර වාඩිවෙනකොට පුටුව පස්සට අදිනව වගේ කොන්ද කැඩෙන වැඩක්.

      Delete
  6. අපේ බ්ලොග් දර්ශකය සමග සම්බන්ධ වන්න. ඔබේ බ්ලොග් පිටුවත් අප වෙත ඉදිරිපත් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එවන්නං අජිත් බොහොම ස්තූතියි.

      Delete
  7. සහතික ඇත්ත, බස්සිගෙ එක තමයි හොඳම නිර්මාණය. අනේ මචෝ මම නම් ඔය ජේෂ්ඨ බ්ලොග් කාරයෙක් නෙමෙයි. ඒත් එහෙම කට්ටියක් ඉඳලා වඳ වෙලා ගිහින්ය කියලා කතාවක් නම් තියෙනවා. හරියට අර ඩයිනෝසර්ලා වගේ. බොග දාන එකෙක් කිව්වාම හොඳටෝම ඇති.

    පිටේ තුන්ඩු එල්ලන කතාව කිව්වාම මට පරණ කතාවක් මතක් උනා. අපි මේවා දැනගත්තට අළුත් උන් දන්නෙ නැති නිසා මෙතනම ලියන්නම්. ඕන් ඔය හැලපයා වගේ පඩත්තල කොල්ලෝ ඉන්න පන්තියක ටීචර් කෙනෙක්ගේ හැට්ට පිටේ කව්දෝ එකෙක් පයිය කියලා ලියලා ගොට්ටක් එල්ලලා. මෙක දකින් කොල්ලෝ චීච දැක්කාම හෝ ගාල හිනා උනාට මොකෝ හිනාවෙන්නේ කියලා කියන්න බයයිලු. ඉස්ටාප් රූම් එකේ මේක දැකපු තව චීචර් කෙනෙක් අනික් අයට මේක පෙන්නලා කට්ටියම හිනා උනාලු. දැන් අර චීච ලැජ්ජාවේ හෝ ගාලා අඬාගෙන සෝ එකක වගේ පින්සිපොල් මහත්තයගේ කාමරේට දිව්වලු. අනේ බලන්න පින්සිපල් මහත්තයෝ මේ පයිය මම පැය ගානක් එල්ලගෙන හිටියනේ. ලැජ්ජාවේ බෑ අනේ කියලා කිව්වලු. පින්සිපල් ගත්ත කටටම කිව්වලු. අයියෝ ඕක මොකක්ද් චීච, මම මේ උපන් දවසේ ඉඳලා එල්ල ගෙන ඉන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. හැක්.. පට්ට කතාව. ටීචර්ට බෙල්ලෙ වැල දාගන්න හිතෙන්න ඇති.

      Delete
    2. //ඒත් එහෙම කට්ටියක් ඉඳලා වඳ වෙලා ගිහින්ය කියලා කතාවක් නම් තියෙනවා.//

      ඒ කිව්වේ ප්‍රොෆයිල් එක විතරක් වඳ වෙලා කියලද...

      Delete
    3. හුටා මම ඔක්කොම කියවන්නෙ නැතුව රිපීට් පාරක් දාලා. මාතලන් අයියගෙ වර්ෂන් එක හොදයි

      Delete
    4. //මම නම් ඔය ජේෂ්ඨ බ්ලොග් කාරයෙක් නෙමෙයි. ඒත් එහෙම කට්ටියක් ඉඳලා වඳ වෙලා ගිහින්ය කියලා කතාවක් නම් තියෙනවා.//
      කොහොමද ඒක වුනේ? උල්කාපාතයක්? වයිරස්? දේශගුණය වෙනස්වීම?

      Delete
    5. හැලපයියාගේ කතාව හරි ..ජේෂ්ඨකම ඔලුවේ නැති ජේෂ්ඨයා තමයි මාතලන් ...

      Delete
    6. මම අදහස් කළේ මට වඩා සීනියර් කියන ඒකයි,හැබෑටම දැන් ජ්‍යෙෂ්ට බ්ලොග් කරුවෝ කවුරුවත් නැද්ද මචෝ.

      Delete
    7. @ප්‍රා,
      ඩයිනෝසර් ල වඳ වුනේ උල්කාපාතයකින් නොවැ.මුන් ටික වඳ වෙන්න ඇත්තෙ වයිරසයකින් වෙන්න ඇති.

      Delete
    8. එහෙම නෙවෙයි අර පින්සිබොල් මාතර බාසාවෙන් කිව්වේ. 'ඒකට මක්කා වෙනවැයි ඉස්කෝලේ හාමිනේ, මං මේ දැන් අවුරුදු 52 ක් ඔය කෙහෙම්මල උස්සාගෙන එල්ලාගෙන ඔක්කොම රාජකාරි කොරන්නේ කිසි අතුරු ආන්තරාවක් නැතුව'

      Delete
  8. මාත් හිතන්නෙ අර කා‍රණේ නං ලොකු අඩුපාඩුවක් තමයි. මොකද අලුතෙන් එන බො‍හෝ දෙනෙක් වගේම අපි වගේ වැඩිය කතා කරන්නෙ නැති අයත් හොඳින්ම දන්න අඳුනන කෙනෙකුට ඇර එකපාරටම ගිහිල්ල කතාකරන්න බයයි. එතෙන් එහෙම වෙනකොට තමන්ට අඳුනගන්න ඕන කෙනෙක්ට උනත් කතාකරන්න බැරිවෙන්න පුලුවන්. ඉදිරියෙදි මේකට මොකක්හරි සාර්ථක ක්‍රමයක් යොදයි කියල හිතනව.

    හැලපෙ මේසෙ අස්සෙ ඉඳගෙන නියපොතු පාටකරා විතරයි නේද? වෙන මොනවත් කරන්න ගියේ නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. අන්තිමට අහපු එක මට නම් ශුවර් නෑ. :)

      Delete
    2. මෙතෙක් කල් යම් යම් හඳුන්වා දීම් සිදුවුනත් ඒවා එපමණ සාර්ථක නැති බව පෙනෙනවා,ඒ නිසා හොඳ හඳුනා ගැනීමේ ක්‍රමයක අවශ්‍යතාව දැඩිව මතුවී තිබෙනබව කියන්නට පුළුවනි.

      Delete
  9. හප්පේ ඔය නින්ද ගැන කියත්දි නම් අපෙත් එකෙක් (අර නඬාම තමා) ඉන්නවා. ශැක් අප්පිරියාවෙ බෑ කටත් ඇරගෙන බෙල්ල කඩාගෙන පෙරේතයා පුටුවෙ තිබ්බ විදියට නිදියන විදිහ දැක්කම ආයෙ හොදි ඕන්නෑ.…

    අර මනුස්සයා දැන ගත්තෙ නැත්ද නිය පාට කලේ හැලප අයියා කියලා. :)

    ReplyDelete
    Replies
    1. මුලදී සැකයක් තිබුණා වෙන උන් ඔය වැඩ කරන්නෙ නෑනෙ පස්සෙ සැකය ස්ථිර වුනා හැබැයි මොකුත් කිව්වෙ නං නෑ.

      Delete
  10. අඩෝ හැලපයා තෝ හැලප ලස්සයක් විකුණලා.. බිසිනස් ටිකක් හොදයි...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒ තැනටත් ආවා,ඕව මොනවද ඉතිං අඬ බෙර ගහන්න දේවල් නෙවෙයිනෙ.

      Delete
  11. ඇත්තනෙ ඉතින් ආවෙ කව්ද නාවෙ කව්ද බක්මහ උළෙල බලන්න කියල කවුරුත් දන්නෙ නැහැනෙ. සමහරවිට මාත් ආවද දන්නෙ නැහැ අප්පා :)

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් කියන්නෙ සමහරවිට සොන්යාත් යන්න ඇති නේද.

      Delete
  12. කවුද මචං ෂුකාර් සීයා කියන්නේ? හොඳ පොරක් වගේයි පේන්නේ.
    අවට වාතය බැණුම් වලින් පිරී තියෙන්නා වගේම පිඟන් කොසු මැටිකෝප්ප වලින් පිරී යන දවසක් නොඒවා.

    ReplyDelete
    Replies
    1. ෂුකාර් සීය කියන්නෙ මීහයිල් ෂෝලහොව් ගෙ 'පෙරලූ නැවුම් පස' කියන කතාවෙ ඉන්න සපෝටිං කැරැක්ටර් එකක්. උඹ ඒක කියවල නැහැ කියල හිතන්න අමාරුයි, මතක නැතිව වෙන්න ඇති?

      Delete
    2. ෂුකාර් සීය කියන්නෙ හොඳ පොරක් වගේම ජොලි පොරක් මචං,අවට වාතය තවම නං බොහොම හොඳට තියෙනව ඉදිරියටත් එහෙමම වේවා කියල කියමු.

      Delete
    3. තෑන්ක්ස් ඇනෝ හැලපේ. අනේ නෑ මචං. මම අවංකවම කිව්වොත් ඔය පරිවර්තන වැඩිය කියවලා නෑ මොකද මම කැමති නැති නිසා ඒවට. මම කියෙව්වොත් එක්කෝ ඉංග්‍රීසි, නැතිනම් සිංහල. ඔය දෙක විතරයි. හැබැයි ඔය පොත මම හැකලා තියෙනවා. මට ඕක කියවෙන්නෙම පෙරලෑ නැවුම් පස කියලා.

      Delete
    4. අහා මම කියවපු පරිවර්තනේ පොරගෙ නම තිවුනෙ "ෂ්චුකාර්" සීය කියල. ඒත් මට හිතුන මේ කියන්නෙ උන්දැ ගැනම වෙන්න ඕන කියල. :D

      Delete
    5. @බස්සි,
      දැදිගම වී රුද්රිගු පරිවර්තනය කර සෝවියට් දේශයේ ප්‍රගති ප්‍රකාශකයෝ පලකළ පොතේත් ඉන්පසුව සිරිල් සී පෙරේරා පරිවර්තනය කර පලකළ පොතේත් ඇත්තේ ෂුකාර් කියයි.

      Delete
    6. මටත් මතක ෂිචුකාර් සීයා කියලා තමා..

      මතකද බුවා ආච්චිව බය කරන්ට කියලා ළිඳේ පැනලා වෙන ජංජාලෙ? එතකොට තවපාරක් අහිගුණ්ඨිකයෙක්ගෙන් නාකි අස්සයෙක් සල්ලිවලට අරන් කරන විකාරෙ..

      Delete
    7. ඕකෙ පරණ පොතේ ( ඒ කිව්වෙ 1980 ගනං වලටත් කලින් රාදුගා ප්‍රකාශකයොද කොහෙද ප්‍රින්ට් කරපු එක මට හම්බුනා අපේ තාත්තලා ගෝනි වල ඔතලා, තාර ෂීටී වලත් ඔතලා, වල දාලා තිබිලා.... ) තිබ්බෙ “ෂුකාර්” සීයා කියල... මේ ළඟදි ආපහු ප්‍රින්ට් කරල තියෙනව මාත් දැක්කා “ෂ්වුකාර්” කියලා වෙනස් කරල.... මට මතක හැටියට දෙවනි කොටසෙද කොහෙද... තව තැන දෙක තුනකම නම් වෙනස් කරලා තියෙනව දැක්ක... එහෙම නම් වෙනස් උනාම පොත් කියවන්න එපා වෙනව...

      Delete
    8. බුරා,හිරූ
      අපේ හිතට වැදිල තියන නමක් ආයෙම වෙනස් විදියට දකිනකොට බලාපොරොත්තු කඩවෙනව විතරක් නෙවි තරහත් යනවා.බුරා පොර හුළං ගහල පුකට ඇබයක් ගහල වික්ක නාකි වෙළඹගෙ පිටට ගොඩවෙලා එන්න හදද්දි ඇබේ ගැලවිල හුළං බහිනව මතකද.

      Delete
    9. මටත් ඉතින් මතක ෂුකාර් සීයා තමයි. මන් ලිපිය කියෝන කොටම හිතුවා . බුරා සිසිර කාරක නින්දක හිටියත් මේකට කමෙන්ට් කරනවා අනිවා කියල :D

      Delete
  13. අර නෝනා ඇඳන් ඉන්න ඇත්තෙ කොට ගවුමක් නෙවෙයිනෙ..

    බ්ලොග් කාරයෝ ගල්කිස්ස වැල්ලෙ තිබ්බ සාජ්ජෙදි නම් අපිට වේදිකාවට නැගල අපිව අඳුන්වල දෙන්න අවස්තාවක් නලින් මල්ලි දුන්න. ඒත් ඉතින් අපේ බ්ලොගර්ස්ලාගෙ ගාලගෝට්ටිය අස්සෙ කාටවත් මොකවත් ඇහුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ සරත් නෝනා සාරියක් ඇඳගෙනයි හිටියෙ.අපි බයිට් කලාට ඒ නෝනා අපට වඩා තරමක් වයස වැඩි කෙනෙක්.
      අඳුන්වා දීම මම දැක්ක නමුත් පලක් වුනේ නෑ නේද,බෝඩ් ගහන ක්‍රමේ ඊට වඩා ප්‍රායෝගිකයි මම හිතන හැටියට.

      Delete
  14. ඔන්න හැලපෙ අයියෙ මේ පාරත් ඔයාලගෙ පිට්ටනියෙ සංගීත සැදෑව ඉහලින්ම තිබුණ.මේ පාරනම් වලි තිබුනෙ නැහැ.වැස්ස හරස් වීගෙන ආවත් අවුලක් ගියේ නැහැ මොකද ඒ වෙලාවට වැස්සෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. සංගීතෙ විස්තරේ මට ගෙදරින් දැනගන්න ලැබුණා උමේෂ්,මෙදා සැරේ සංගීතෙට සල්ලි දුන්නට වැඩේ ගැන මට එච්චර තෘප්තියක් නෑ,ගෝසාව විතරයි කිසිම රසයක් නෑ අපේ වයසෙ වැරැද්දද දන්නෙ නෑ.ඊස්ටන් එකක් කරන්න හිතේ තියෙනව ලංකාවට ආවට පස්සෙ පුළුවන් වේවිද දන්නෙ නෑ.

      Delete
  15. අනේ...මන්ද... මහ ලොකු සිහල බ්ලොග් අවකාසෙ එකමුතු රෙද්දක් තාමත් නැත.....
    සංවිධාන කට යුතු ගැනත් ...?...පික්සුය....
    හැලපත් දැන් පික්ෂු බුවෙක් වෙලාය......
    කොටන කමෙන්ට් පවා....නස්කුනිය....
    හැලප ගෙ ඉස්සර දැක්ක රස මට දැන් නැත....

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මට දැන් ඉස්සර වගේ අත දිග ඇරල ලියන්නට බැහැ.දත් තිස්දෙක මැද තියෙන දිව වගේ ලියන දෙයක් තෝරලා බේරල ලියාගන්නයි වෙලා තියෙන්නෙ.මොනා කරන්නද පුළුවන් වෙච්ච කාලෙක ලියන්නං.කලකදී රහලු කලකදී වහ වෙනවාලූ කියල තියෙනව නේද.

      Delete
  16. අපේ බබාලා “කිඹුලෙක් කිඹුලෙක්“ කියලා මරලතෝනි දුන්නා.නුවර එළියෙ මොන කිඹුල්ලුද?ඒත් ඉතින් මං අත් දෙක හෝදන ගමන් සින්ක් එක ළග ජනේලෙන් එළිය බලද්දි ලොකු බබා ගේ ඇතුලේ ඉදන් සෙල්ලම් පිස්තෝලෙත් අරන් ආපහු එළියට දුවනවා.සෙල්ලම් වුනත් ඒකේ බුලට් හරි සැරයි.මොන ගිනි විජ්ජුම්බරයක්ද බලන්න කෝකවෙතත් මාත් ඒ පැත්තේ බැල්කනියෙන් එබිලා බැලුවා.
    අපේ මිදුලේ පැත්තක පොඩි පිට්ටනියක් තියෙනවා,හොදට නිල් පාටට කාපට් එක වගේ හිටින්න ලයිමේ කොල්ලෝ මේන්ටේන් කරන,ඒකෙම බබාලට සෙල්ලම් කරන්න පොඩි චිල්රන් පාක් එකකුත් වගේ එක්ක.ඔන්චිල්ලාවක් එහෙමත්,අවුරුද්දට නෙමෙයි ආස ඕන වෙලාවක සෙල්ලමට පදින්න.

    ග්‍රව්‍රන්ඩ් එක කෙළවරේ කැලේට වල් රෝස පදුරු වලට මෙහායින් තියලා තියෙනවා.අපේ නැන්නදම්මලාගේ ගොරොක්ගොඩ මහගෙදරින් ගෙනාපු ඇන්ටීක් කොරහක් ,ෆිෂ් ටෑන්ක් එකකට නෙමෙයි,බර්ඩ් බාත් එකකට ඔය කුරුල්ලන්ට පීනන්ට.

    එකේ,හූනු පැටියෙක්.අඩුගානේ කබර හුනෙක් වත් නෙමෙයි, ඇතුලේ රෝස පාට නහරත් පේන නිකංම නිකං එකෙක්.ඒ වෙද්දි අනික් බබා ,අපි හුරතලේට ඇතිකරන පැටව් ගන්න කියලා තිබුණු ගිනි කුකුල් බිත්තරේකින් හූනට ගහලා.හොද වෙලාවට ඒක නරක් වෙච්චි බිත්තරයක් .නැතිනම් අපරාදේ පැටව්.

    කොහොම හරි හූනා..නැට්ටත් කඩා දාලා දුවලා..
    රෝස පදුරු අස්සට..!

    අපරාදේ හැලප,ඔයාට මේකට සයිබර් අවුරුදු උත්සවේ කියලා හෙඩිම දාලා අර උඩම තියෙන පින්තුරේ දැම්මනම් ඉවරයි.පින්තුරු කථාවකට.!

    බිත්තරෙන් ගහද්දි බබාගේ අතෙත් ගැවිලා.මං යනවා එයාව සෝදන්න.ගේ පුරාම ගද ගස්ස ගස්ස දුවනවා.

    -පිනි



    ReplyDelete
    Replies
    1. පිනි ...++++++++++++++++++++++++++++
      සුදු මද නම් ඉක්මනට හෝදාන්න .... ඇලෙයි ඇගිලි පොඩ්ඩාගේ .... හෙක්.. හෙක්...

      Delete
    2. පිනි ඔයාගෙ කමෙන්ටුව කියවද්දී විස්තරේ චිත්ත රුප මැවුනා,පහුගිය දවස්වල ලොකු බබෙක් සෙල්ලං පිස්තෝලයක් අරං දුවනව පින්තුරෙ පත්තර හැම එකකම තිබ්බ ඔයා දැක්කෙ නැද්ද දන්නෙ නෑ.
      සයිබර් අවුරුදු උත්සවේ ගැන ලියපුව සහ පින්තුර ඇතිවෙනකල් දාල තිබ්බනෙ මම දැම්මෙ නැතුවට.

      Delete
  17. සයිබරයේ සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්න බැරිවුන නිසා මමත් විස්තර දැනගත්තේ කට්ටියගේ පෝස්ට් කියවලා.. බස්සිගේ පෝස්ට් එක ඉස්සරහින් තිබුනා කියලා මාත් හිතනවා...

    අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ලන්ච් ටයිම් එකට හොඳට නිදාගන්න එක්කෙනෙක්...කතාව කියවනකොට එයාව මතක් වුනා... හි.. හි...

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම උත්සවේට යන්න විදියක් නැති අපි විස්තර බලාගන්නෙ ඒ අය ලියන පොස්ට්වලිනුයි.පින්තුර ඕඩිහෙලේට දැම්මට කවුරු කවුරුද කියල අපි කොහොමද දන්නෙ.හරියට බල්ලන්ට ලෙලි පොල් දුන්නහේ.බස්සි ඊට වෙනස් ආකාරයකට යමකිසි හඳුන්වාදීමක් කරන්න උත්සාහයක් අරං තිබුණා.මොළේ ඇති ළමයෙකුට හිටියෙ එච්චරයි.

      Delete
    2. ඇහ්. අන්න බස්සි උඩ යනෝලු. ;)

      Delete
  18. පහුනු ටිකේ කියවන්න හරි හමන් දෙයක් තිබුනෙ නෑ තමා.. බලන් බලන අත සිහින බම්බුවේ රෙද්දවල් තමා තිබුනේ.. ඊලඟ පාර බක් මහ උලෙල ඉවර වෙන්න කලින් කුස අපත් ඇදලා උලෙල ගැන පෝස්ට් එක ලියන එකාව තෝරගෙන ඌට විතරක් උලෙල ගැන සවිස්තර වාර්තාවක් දෙන්න එකඟතාවයකට එන්න කියා මම ජෝනා කරනවා. නැත්නම් මල වදේ...

    ReplyDelete
    Replies
    1. කඩවල් වල විකුනන්න තියන රෙදි රෝල් ඔතලා තියෙන්නේ බම්බු වල නේද?

      Delete
    2. එහෙමවත් යෝජනාවක් දාල බලමු සෙන්නෝ.

      Delete
    3. @විචාරක,
      ඒ බම්බුව කාඩ්බෝඩ් වුනාට කෙනෙකුට ඔලුව පැලෙන්න ගහන්න පුළුවන් නේද.

      Delete
  19. අද වුනත් බාල්හිත් කොරහකට විතර දෂ්ඨ කරන්න බැරිකමක් නැහැ හොඳ සම්බෝලයක්, කිරිහොද්දක්, බැදපු කරවල කෑල්ලක් තිබුනොත්.

    ඇත්තම කියනවානම් සයිබර් උළෙලේදී එකිනෙකා හඳුනාගන්න තිබුන අවස්ථාව බොහොම අඩු වුණා. මමත් කලේ දකින දකින කෙනාට, මම අහවලා කියමින් හඳුන්වා දීමයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කරන්න පුළුවන් විචාරක තුමා,හැබැයි දවසෙම අඳුන්වා දෙමින් ඉන්න ගියාම වෙන වැඩක් කරන්න වෙලාවක් නැතුව යයි.

      Delete
  20. //ඊලඟ පාර බක් මහ උලෙල ඉවර වෙන්න කලින් කුස අපත් ඇදලා උලෙල ගැන පෝස්ට් එක ලියන එකාව තෝරගෙන ඌට විතරක් උලෙල ගැන සවිස්තර වාර්තාවක් දෙන්න එකඟතාවයකට එන්න කියා මම ජෝනා කරනවා. නැත්නම් මල වදේ...//

    පොරකාශන නිදහසට බධා කොරන ප්‍රතිගාමී යෝජනාවක්

    ReplyDelete
    Replies
    1. එහෙමද,දැන් සෙන්නා ඇළපාතට පල ඈත කියල බැනගෙන ඒවි.

      Delete
  21. ලස්සෙට කොටිය දාපු එකේ බොගි රොලේ පොඩ්ඩක් හැදුවා නම් නරකද ?...පරණ පොස්ට් තියෙන බොගි නිකන් වැඩි වගේ ....ඔබේ කැමැත්තක් ....

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා දැන් බලන්නකො,මතක් කිරීම ගැන ස්තූතියි.කොටියෙකුත් ඇවිල්ලද අපොයි මම දන්නෙම නෑ, ඉඳපන් මම මේසෙ යටට රිංගනකල්.

      Delete
  22. ඔය හමුවල තියන අවුල මොකද්ද දන්නවද? කතා කරන්න බයයි හැම එකාම. ඉතිං පස්සෙ කියනව මාත් එක්ක කතාකලේ නෑනෙ කියල. කවුරුත් බලං ඉන්නෙ අනිත් එවුන් ඇවිල්ල තමුන්ට කතා කරනකල්.

    අර ටයිපින් නෝන නිදාගත්ත අතරෙ උඹ තින්ත ගෑව විතරද?

    මගේ කලින් ඔපීසියෙ හිටිය වයසක ටයිපිස්ට් කෙනෙක්. ඔන්න අපේ නසරානියො දෙන්නෙක් අර නෝනට කියල පහුවදා උදේ හයට බොසා එනවය හදිසි ලියුමක් ගහගන්න එන්නයි කියල. අනේ අපේ නෝන වෙනද අඳින සාරියෙන් ගවුමකට මාරු වෙලා හය වෙද්දි ඔපීසියට ඇවිල්ල. පස්සෙ සති ගානක් යනකල් අරුන් දෙන්න මරණව කිය කිය ඉඳල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. /////ඔය හමුවල තියන අවුල මොකද්ද දන්නවද? කතා කරන්න බයයි හැම එකාම. ඉතිං පස්සෙ කියනව මාත් එක්ක කතාකලේ නෑනෙ කියල. කවුරුත් බලං ඉන්නෙ අනිත් එවුන් ඇවිල්ල තමුන්ට කතා කරනකල්./////

      හරියට හරි රාජ්.....ඔය වැඩේ අපේ උදවියගේ තියෙන පුරුද්දක්. හරි කුළෑටියි තවත් කෙනෙක්ව හඳුණාගෙන චැට් එකකට මුල පුරන්න. මුන් සයිබර් එක අස්සේ නම් චැට් මාස්ටර්ලා. අපේ සමාජය හරිම බැක්වර්ඩ් කියලා තමයි මම හිතන්නේ.

      Delete
    2. රාජ්,අරූ,
      කට්ටියගෙ සයිබරේ තියෙන වැඩ කිඩ එළියෙ නැද්ද,ටිකක් ෆෝවඩ් වෙනව නං කාටවත් කරදරයක් වෙන්නෙ නෑ හඳුනාගන්න.

      Delete
  23. එක වතාවක් බක්මහ උළුලෙදි අපි මොන්ටිසෝරි වල වාගේ කොළ කෑල්ලක නමයි බ්ලොගයේ නමයි ලියාගෙන උන්නා. එදා නම් අපිට එකිනෙකාව අඳුන ගන්න ලේසි උනා. ඒ ක්‍රමය මෙදාපාර තිබුනේ නෑ වාගේ !!

    ReplyDelete
    Replies
    1. මෙදා සැරේ එහෙම වැඩක් වත් තිබ්බේ නෑ වගේ මට පෙනුනෙ මධු.

      Delete
  24. මට මතකයි මල්ලිගෙ විත්ති පොතෙ තිබුන එකෙක්ගෙ පිටෙ බොඩ් එකක් එල්ලල "මට ටොක්කක් ඇන සත් 10ක් ඉල්ලගන්න" කියල කතාවක්.අපිත් ඔය්වඩෙ හරියට කලා.අපිත් ඉතින් ප්‍රාතමිකයි නේ.
    එතකොට හැලපයිය වලියට බරයි නේ.ගුරුවරයගෙ බිමනම් මරු
    අපි හොස්ටල් එකෙදි එකපාරක් එකෙක් නිදාගෙන ඉන්නකොට ඇගිලි අස්සෙ කොල ගහල එව ගිනිතිබ්බ.වැඩෙ ටිකක් සැර වැඩියි තමයි.එත් අවුලක් වුනෙ නැ.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ මම නං වලියට බර වලිබරයෙක් නෙවෙයි,අන්න ඉවානයා ඉන්නව ඌ නං වලිබරයිලු.

      Delete
  25. තාමත් එක බ්ලොග් කාරයෙක්වත් සජීවීව හම්බවෙලා නැති නිසා අදහසක් කියන්න අමරුයි ඒ ගැන.

    එතකොට අපේ හැලපයියාත් චණ්ඩියෙක්ද මන්දා.?අර නෝනා ඔෆිස් එකේ ඔහොම නිදා ගන්නවානම් වැඩ කරන්නේ හිනෙන්ද?

    අමරෙ ගැන කතා සාගරයක් ඇති වගේ හැලපයියාට ලියන්න.

    ReplyDelete
    Replies
    1. හැබෑටම මනෝජ්ට තවම එක බ්ලොග් කාරයෙක් වත් හම්බවෙලා නැද්ද,උඹ නං හරිම වාසනාවන්තයෙක් මනෝජ් මල්ලි මෙහෙ ඉන්න මටත් ඔවුන් මුණගැහිල තියෙනවනෙ.
      අපෝ මම නං චන්ඩියෙක් නෙවෙයි බං බොහොම සාමකාමී කෙනෙක්.

      Delete
  26. සිහින උලේලදි හදුනා ගැනිමෙි යෝඡනාව නමි ඉතාමත් හොදයි. බෝඞි එකක් එල්ලනඑක නෙමෙියි. මෙකක් හරි කුමයක්

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මමත් කියන්නෙ සංජීවත් මොකක් හරි ක්‍රමයක් යෝජනා කරන්න.

      Delete
  27. මම කාලයක් වැඩ කර්පු office එකක හිට්යා typist නෝනා කෙනෙක්. අපිත් එක්ක හෙන fit. අපි හවසට නෝන ගෙදර එන්ට ලංවෙලා මූණ කාරීය හෝදගන්ට ගියාම puncher එකෙ ඉතිරිවෙලා තියෙන චූටි රවුම් රවුම් කොල කෑලි සෙට් එක නෝනගෙ hand බෑග් එකට හලනවා. නැත්නං Stapler machine එකක් එහෙම නැත්ත්ං White Board Dusterඑකක් hand බෑග් එකට දානවා. පහුවදාට කා.කා.ස ගේ ඉඳන් ලොක්කට යනකන් කන පුරා අහ ගන්ට ලැබෙනවා. ඒ වුනාට නෝනා කවදාවත් කා එක්කවත් තරහ වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. දවසක්දා ඔය නෝනලා ටික එකතුවෙලා මම නැති වෙලාවක මගේ කුඩේ ඇතුලට පන්චර් කෑලි මහා ගොඩක් දාලා තිබුණු විදියටම ගැටගහල තියල තියෙනව,එදා හවස වැස්සෙ නැති නිසා මට කුඩේ ඉහලන්න අවශ්‍යතාවක් වුනේ නෑ,පහුවදා නිවාඩු දවසෙ අපේ අම්ම මගෙ කුඩෙත් අරං සෙනසුරාදා පොළට යනගමන් අව්වට මගදී කුඩේ දිගඇරලා.

      Delete
    2. ඔය පන්චර් සීන් එකත් සෑහෙන පොපියුලර් කොච්චර කරත් ආතල් එක අඩු වෙන්නෙ නැති එකක්.

      Delete
  28. හැලපේ අයියගේ ස්ටැයිල් එක ටිකක් වෙනස් වෙලාද මන්දා.. කම්මැලි වෙලාද අවිවේකි වෙලාද?

    ReplyDelete
    Replies
    1. කම්මැලිකමත් ටිකක් විතර නෑ කිව්වොත් බොරු,අවිවෙකයක් නං නෑ සුපුරුදු විදියටමයි.ඉස්ටයිල් එක වෙනස් වෙලාද දිනේෂ් මට ඒක හෝදිසියක් වුනේ නෑ.

      Delete
    2. ස්ටයිල් චේන්ජ් එක මටත් ටික දැනුනා, ඉස්සර හැලපෙ පාරෙන් පිට පනින්නෙ නිකං හංසය දියට බහිනව වගේ නෙ.

      කොටින්ම මට හැලපෙගෙ බ්ලොග් එක සෙට් වුනේ මාරයගෙ වටේ දුවපු පෝස්ට් එකකට ගොඩක් දෙනෙක් මාරයත් හැලපෙ ගෙ ස්ටයිල් එකට බැහැලා කියල කියල තිබුනු කමෙන්ට් දැකලා හොයල බලන කොට.

      ලක්සයක් ගැහුවට සුබ පැතුම් හැලපේ. තව සියක් ලක්සයක් ලියන්නට සක්තිය දහිරිය ලැබේවා!

      Delete
    3. බොහොම ස්තූතියි ඇනෝ,ඔබ වැනි කෙනෙකුගෙ සුබ පැතුම මා ඉතා අගය කරනවා.

      Delete
  29. සයිබර් උත්සවේ මමත් දැකපු අඩුවක් තමයි හැලපේ ලියලා තියෙන්නේ. මේක ටිකක් අමාරු වැඩක් වුනත් මොකක් හරි මාර්ගයකින් කලයුතුම දෙයක්. නැත්නම් අපරාදේ. සාමාන්‍යයෙන් කරන්නේ නම් ඇතුල්වෙනකොට ස්ටිකර් එකක් ගහනවා වගේ වැඩක්නේ.

    ඒ මොනවා උනත් අර රාජ් උඩින් කියලා තියෙන කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. රාජ් කියා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත අරූ,මේ වැඩේ මොනයම්ම මාර්ගයකින් හරි කෙරෙන්න ඕනෑ දෙයක් නැත්නං එකිනෙකා අඳුනාගන්නෙ නැතුවම යන්නයි වෙන්නෙ.

      Delete
  30. ලබන සැරේ අවුරුදු උත්සවේට බාල්හිත් කෑමේ තරගයක් එකතු කරමුද හැලපේ ?. අර අඳුනා ගැනීමේ ප්‍රශ්නෙට තව පොඩි යෝජනාවක් කරන්න පුළුවන් .උත්සවේ යන අතරේ පැය බාගෙකට විතර ආපු එව්වෝ ටික එක තැනක වාඩි කරවලා (කුරුඳු පොලු දෙක තුනක් ඕනි වෙනවා මේ වැඩේට) තම තමන්ම හඳුනවා දීමක් නැහ්නන් සිංහලෙන්ම කියනවා නම් සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් කෙරෙව්වොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. කට්ටියව එක විදියකට තියාගන්න කුරුඳු පොලු දෙක තුනක් ඇතිවේවිද කියලයි මම කල්පනා කලේ තිලකෙ.
      අවුරුදු උත්සවේට බාල්හිත් කන යෝජනාව නං මරු,හොඳ පොල් සම්බෝලෙකුත් තියෙන්න ඕනෑ නේද ඒ තරඟයට නං එන පිරිසත් වැඩිවේවි.

      Delete
  31. බෝඩ් එල්ලීම නම් හොඳ ක්‍රමයක්. මම ලබන සැරේ එනවිට මමත් බෝඩ් එකක් එල්ලන් එනවා

    ReplyDelete
    Replies
    1. එහෙමත් වරදක් නෑ තමන්ටම අවශ්‍ය විදියට බෝඩ් එකක් හදල ගහගෙන එන්න පුළුවන් නොවැ.

      Delete
  32. එකිනෙකා අඳුනා ගැනීමේ අපහසුව තමයි තිවුන ලොකුම පුරස්නෙ. ඉවාන් තමයි ගොඩක් අයව හඳුන්වල දුන්නෙ. උදාහරණෙකට කිවුවොත් කුරුටු ගෑ ගී පොත ලියන දිලිනි කියද්දි මගෙ ඔලුවෙ මැවෙන්නෙ දම්පාට මල් පොකුරක්(දිලිනියගෙ ප්‍රොෆයිල් පින්තූරෙ.) ඉතින් වරුවක්ම ගියාට පස්සෙ තමයි එයාව අඳුනගත්තෙ.

    අපි ඕකට ඔන්ලයින් රෙජිස්ටර් වෙද්දි අපේ ඇත්ත නමයි, බ්ලොග් අවකාශෙදි අපිව හඳුන්වන නමයි දෙකම ඇතුලත් කරනවනෙ. ඉතින් ඔය නම අරන් පොඩි name tag එකක් ගහන්න පුලුවන් නම් කීයත් වටී. වැඩි වියදමක් යන වැඩක් නෙමෙයිනෙ. අනික ඒකට යන මුදල ටිකට්ටුවටම එකතු කරන්නත් පුලුවන් නෙව.

    ReplyDelete
    Replies
    1. ඔය ටැග් එකක් ගැහුවනං බස්සි පේන් නැතුව ටැග් එක විතරක් පේන්න ගනී...

      Delete
    2. කොහොමත් ඉවාන් බ්ලොග් ලෝකෙ ගොඩක් අයව දන්නවනෙ බස්සි.දැන් යෝජනා ගොඩක් තියෙනවනෙ ප්‍රතිචාර මොනවද කියල අපි බලමු.

      Delete
  33. මං ඒලෙවල් ටියුෂන් ක්ලාස් එකකදි ඉස්සරහින් හිටපු විශාකා කෙල්ලො දෙන්නෙක්ගෙ ගොතපු කොන්ඩවල රිබන් පටි දෙක එකට ගැට ගැහුවා.ක්ලාස් ඇරුන ගමං මං එලියේ.. අරුං දෙන්නගෙ යන්න නැගිටිද්දි මීහරක් බාන වගේ ..

    ReplyDelete
    Replies
    1. ඕ යේස්..තැන්කිව් !!!!

      Delete
    2. අපේ ඔෆිස් එකේ හිටපු කෙල්ලක් ඇඳගෙන ආපු ගවුමෙ ඉනට දිග පටියකින් පිටිපස්සෙ මලක් ගැටගහල තිබ්බ බස් එකේදී කොල්ලෙක් ඒ පටිය බස් එකේ මැද කණුවෙ ගැටගහල.ඔය කතාව ඇවිත් අපි එක්ක කියනකොටත් කෙල්ලට හරි හිනා,අවස්ථාව නියමෙටම රසවිඳලා.

      Delete
  34. අංක එක හදුනාගැනීමේ කේස් එක.. ටිකක් අමාරු උනා. එ්ත් බොහෝ දෙනා හදුනාගත්තා..
    අංක දෙක රාජ් කියපු කුලෑටි කම, අැත් එ්ක තියනවා.. ටික වෙලාවකින් මග අැරිලා යනවා එහෙම හිතල නෑවිත් ඉන්න නරකයි..
    අංක තුන ප්‍රතිරූප බිද වැටීම..
    තමන් ලියන පෝසට් වලින් පෙන්වන්න යන ප්‍රතිරූපය හදුනාගැනීමේදී බොහෝවිට බිඳ වැටෙනවා.. (බක්මහ උළෙල ගැන දාපු පෝසට් හැම එකකම එ් විස්තර තියනවා) සමහරු එ්කට බයයි එතකාෙට එන්නෙ නෑ.. නැත්තම් අාවත් පැත්තකට වෙලා ඉදල පස්සෙ කියනවා අදුනගන්න උන්නෑ කියල...

    අර බාල්හිත් මැටිකෝප්පයක් හෙම ලගින් තිබ්බනං මං මේ කොමෙන්ටුව කොටන්නෑ දෙයියම්පා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මුල අංක දෙක කවුරුත් වගේ පෙන්නල දීල තිබුණා නමුත් අංක තුන කිසි කෙනෙක් කතා නොකරපු තවත් හරිම වැදගත් සාධකයක්.උදාහරණයක් හැටියට විදානේවම ගන්න පුළුවනි ගොඩක් දෙනා අතරෙ ලොකු කෙනෙක් හැටියට විදානේ ගැන ප්‍රතිරූපයක් ගොඩනැගිල තිබුණත් බක් මහ උළෙලෙන් පස්සෙ විදානේ පොඩි කොල්ලෙක්නෙ කියල කීප දෙනෙක්ම ලියා තිබුන මම දැක්කා,විදානේට ඒක ප්‍රශ්නයක් නොවුනත් එහෙම ප්‍රතිරූපය ප්‍රශ්නයක් කරගත් අය නෑවිදින් හෝ හඳුනා නොගනිමින් ඉඳීම බහුලව සිදුවෙන්නට පුළුවනි.

      Delete
  35. නේම් ටැග් එකක් ගහන වැඩේ නම් හොඳයි වගේ තමා .
    අප්පේ අර මෙසේ යට ඉදගෙනම අර මොනවාද ගෑවේ මොකෝ???

    ReplyDelete
    Replies
    1. මේසෙ යට වාඩිවෙලා පිළිවෙලටම වැඩේ කළා නාඩියෝ,නැත්නං හොඳ නෑනෙ.

      Delete
  36. මොකක්ද හැලපේ බාල්හිත් කියන්නේ?
    අද වගේ දවසක ඔය කාන්තාවකගේ පාට ගන්න ගියා නම් හැලපෙට දොඩම් අරන් යන්න වෙන්නේ අපිට....

    ReplyDelete
    Replies
    1. බාල්හිත් කියන්නෙ බොහොම රසවත් කෑමක් රංගි,හොඳ රස පොල් සම්බෝලෙකුත් ගලේ තලා ගත්ත නං හොඳහැටි වළඳන්න පුළුවනි.
      තවමත් තේරෙන්නෙ නැතිනං අනික් පැත්ත හරවල බලන්නකෝ.

      Delete
    2. මාත් රැවටුනා හැලපෙ.

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. අර උඩම පින්තූරෙ දැක්කම මං කල්පනා කළා කොහෙදිද මේක මං දැකල තියෙන්නෙ කියලා... පස්සෙ මතක් වෙනකොට යටින් පැහැදිලි කිරීමකුත් දාලා තියෙන්නෙ... සමහරු ස්ටෙන්සිල් එකක් කැපුවට පස්සෙ වැඩිපුර තියෙන්නෙ රෝස පාට... ඕකෙ මහ සැර සුවඳක් නේද තිබ්බෙ... දැන් නම් රෝනියෝ භාවිතයක් නැතිවම ඇති නේද, ෆොටෝ කොපි ආවට පස්සෙ...
    හිනා ගියා හොඳටම අර මනුස්සය එයාගෙ නියපොතු විතරක් නෙවේ ඇඟිලිත් හලන්න හදනව කිව්වම... ඒ අස්සෙ මතක් උනා අපේ චූටි නංගි පුංචි කාලෙ තාත්තට කරපු වැඩක්... කට්ටිය සාලෙ චැට් එකක් දාගෙන ඉන්න අතරෙ මෙයා තාත්තට නොදැනෙන්න කකුලෙ ඇඟිලි දහයෙම නියපොතුවල නේල් පොලිෂ් ගාලා රතු පාටට... තාත්ත ඒක දැක්කෙ කතාව නැවතුනාම... 'ඔය කිට්ටුවෙලා කොරල තියෙන්නෙ' කියල අපි හැමෝගෙම හිනා හඬ මැද්දෙ කියපු තාත්තා කුස්සියෙන් පිහිය ගෙනත් රොඩු ගෑව නියපොතු ටික...
    අනෙ අම්මෝ... වෙරි මරගාතෙ අර නියනකුත් ඉනේ ගහගෙන ආපු එකා ඇදල ඇරිය නම් හෙම කට්ටියට පෝලිමේ කූඩුවට යන්න තිබ්බා... නෝනා කියල තියෙන්නෙ බොරුද...
    අයියෝ හැලපේ... අමරෙ කියල තියෙන කතාවට මාත් ඇස් දෙකෙන් කඳුළු පනිනකම් හිනාවුණා... හැලපෙත් ලස්සනට ඒක ලියල තියෙනවා... :D

    ReplyDelete
    Replies
    1. හොඳම දක්ෂ නෝනලා කපන ස්ටෙන්සිල් වඩාත්ම රෝස පාටයි මියුරු,කුප්පියෙන් නං හරි සැර සුවඳක් ආවෙ,දැනුත් යම් යම් තැන්වල පාවිච්චි වෙන බව දැනගන්න ලැබුණා.
      අමරෙගෙ කතා තව කීපයක් තියෙනව පස්සෙ ලියන්නංකො.

      Delete
  39. අවුරුදු උත්සවය යන වෙලාවේ එකිනෙකා හදුන්වා දෙන්න ගියානං අපට ඒ වෙනුවෙන් පැය දෙකක්වත් වෙන් කරන්නම වෙනවා. අර බොඩ් වැඩේ මහරගමදි කළා එත් ඒ බොඩ් එක ගහගත්තේ අතලොස්සක් පිරිසක් පමණයි හැලප අයියා. ඒ වගේම බීච් පාර්ටියේ හදුන්වා දෙන අවස්ථාවේත් ස්වකිය කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තමන් කවුද කියන එක කිව්වේ බොහොම ටික දෙනයි. මෙතැන තමා ප්‍රාෙයා්ගික ගැටලුව ආවේ. අදහසට තුති.

    ReplyDelete
    Replies
    1. නලින්ගෙ අදහස දක්වනකල් මම බලාගෙන හිටියෙ,බොහොම ස්තූතියි.මෙහෙමයි නලින් මල්ලි බ්ලොග් කරුවන්ගේ හමුවේ මුඛ්‍ය පරමාර්ථය බ්ලොග් කරුවන් එකිනෙකා හඳුනා ගැනීම නිසා හඳුනා ගැනීමක් කලයුතුමයි කියන එක මගේ පුද්ගලික මතයයි.එයට ප්‍රායෝගික ප්‍රශ්න තියෙන්නට පුළුවනි නමුත් මෙය අපි අපි ක්‍රමයක් කතාකරගෙන හෝ කලයුතු දෙයක්.ඒ නිසා ඊළඟ බ්ලොග් කරුවන්ගේ හමුවෙදිවත් මේ අදහස යතාර්ථයක් බවට පත්කරගන්නට උත්සාහ කරමු.

      Delete
  40. හැලපෙගෙ කතාව ඇත්ත.නමුත් මෙතන වැඩේ තියෙන්නෙ ඔය ටික මොහොතට මතක තියා ගැනීම ටික මොහොතකට පමනක් සීමා වේවි. නමුත් මෙවැනි වැඩසටහන් උත්සව වැනි දේ වලට නිරන්තර සහභාගීත්වයෙන් එකිනෙකා දැන හදුනා ගැනීමේ හැකියාව වැඩියි. දැන් හැලපෙ අයියනම් ඉක්මනින්ම අදුන ගන්න පුළුවන්. නමුත් එක වගේ සිටින අය හදුනා ගැනීමට ටික දිනක් ගත වෙනවා. මං මේ කියන්නෙ නමින්ම පමණක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි වැව්,මොහොතක් වුවත් බ්ලොග් කරුවන් එකිනෙකා නමින් හඳුනා ගැනීම වටිනව නේද,අනික ඒ වගේ දිගින් දිගටම හමුවලට සහභාගී වෙද්දී නොදැනුවත්වම සුහද වෙනව නේද.

      Delete
  41. yakoooo gahagandath yanawada wayasata nemene wada meyage

    ReplyDelete
    Replies
    1. ඒකනේ තාරක වැඩේ වයසට වැඩ කරනවනං පිනක් දහමක් කරගෙන ඉන්නව මිසක් රණ්ඩුවලට යාවියැ.

      Delete
  42. බස්සිගේ post ඒක නම් වටිනවා තමයි..... ඔයාගේ අර යෝජනාවත් හොදයි......අනිත් කතන්දර ටිකත් මාරු..... ඔයා, එක වෙඩිල්ලෙන් කුරුල්ලෝ කියක් අල්ලන්න දන්නවද...?

    ReplyDelete
    Replies
    1. ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා.එක වෙඩිල්ලෙන් කුරුල්ලො රෑනක් එලාගන්න එක මගේ වැඩේ.

      Delete
  43. 2012 අවුරුදු උත්සවයේදි පිටේ කෙසේ වෙතත් නම ලියපු කොළ කෑල්ලක් ඇදුමේ ඉදිරිපස ගහලා තියෙනවා මම බ්ලොග් වල පලවෙච්ච ඡායාරූප වලින් දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරෝ මමත් දැක්කා.ඒ වගේ දෙයක් තමා අපිත් යෝජනා කරන්නෙ.

      Delete
  44. ඔය ජාතියේ කරෙක්ෂන් දියරය හරි සුවඳයි නේද . මම ඕව දැකල තියෙනව. කොහෙදිද කියල අමතකයි. හැලප කරල තියෙන්නේ මාර වැඩනේ . අපෙත් හිටියා දවල්ට ඔහොම නිදියන අය. මේ වියට්නාම කාරයොත් දවල්ට කාලා කොහේ හරි වැටිලා නිදියන්න දෙය්යල. කඩවලට ගියාම උන්ව පෑගෙනවා කල්පනාවෙන් නොගියොත්. අවුරුදු උත්සවේ ගැන නම් ඉතින් එහෙන් මෙහෙන් කියෙව්වා. පින්තුරත් දැක්ක .

    ReplyDelete
    Replies
    1. ඔය දියරෙ සැර සුවඳක් නොවැ තියෙන්නෙ බින්දී,ඔයා දැකල ඇත්තෙත් කොහෙ හරි ඔෆිස් එකකදි වෙන්න ඇති.වියට්නාම් අය කඩවල බිමත් නිදියනවද,මරු මිනිස්සුනෙ අප්පා.

      Delete
  45. මේ පොස්ට් එක කියවන ගමන්ම හඳුන්වාදීමේ ක්‍රමය ගැන අදහසක් ආවා. මේකට අවශ්‍ය වෙන්නේ අර බිග් ස්ක්‍රීන් එකකුයි, ප්‍රොජෙක්ටර් එකකුයි, ලැප් එකකුයි. එන අයගේ ඡායාරූපයක් අරගෙන, කලින් හදාගෙන තිබුන ප්‍රොෆයිල් විස්තරේට එකතු කරනවා. රෙජිස්ටර් කරන එකෙන් බ්ලොග් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් එහෙම අරන් සුදානම් වෙන්න පුළුවන්. මේක හදන්න එක ලැප් එකකුයි, දර්ශනය කරන්න තව ලැප් එකකුයි තිබ්බොත් පංකාදුයි.
    මම කලින් හිටපු තැන ටයිපිස්ට් අක්කා තැන නොතැන නොබලා හොයියාවට හිනා වෙනවා. ලොක්කෝ හිටියේ නැතා, ඈට වැඩක් නෑ.

    හැලපෙගේ ලක්ෂේට මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
  46. සුදීක යෝජනා කර ඇති ක්‍රමයත් බ්ලොග් අවුරුදු උළෙල සංවිධායකයන්ගේ අවධානයට ලක්වේවි.
    සුබ පැතුමට බොහොම ස්තූතියි සුදීක.

    ReplyDelete

ඔබේ අදහස්