Thursday, April 17, 2014

126.වරායෙ කිටියගෙ කතාව සහ පාළු පංසල් .






අපි වෙන වෙන කතා කිය කියා හිටිය මිසක් කිටිය ගැන අමතකම වෙලා ගියානෙ,මීට ඉස්සෙල්ල කතා කීපයකදීම මම කිටිය ගැන කිව්වට කියල ඉවරකරගන්න බැරිවුනා අදවත් ඉවර කරගන්න ඇහැක් වෙයිද කියල බලමුකො...

මම ඉස්සෙල්ලත් කියල තිබුන වගේ කිටිය හොඳ බෞද්ධයා, අපි වගේ නමට බෞද්ධ නෙවෙයි සාධුශීල ගුණෝපේත සුපේශල ශික්ෂාකාමී ඔරිජිනල් බෞද්ධයෙක්,පන්සිල් පද පහ ඉතාම හොඳින් ආරක්ෂා කරගෙන හිටියත් නිකං බොන්න හම්බවෙච්ච වෙලාවට නං එක පදයක් කඩාගන්නව,එතකොට අපි කොහෙහරි යාලුවෙකුගෙ ගෙදර බොන්න යන්න එහෙම දාගෙන නැත්නං එහෙම කිටිය නොවරදවාම පෝයට  සිල් ගන්නව,ඒ වගේ හරිම ප්‍රතිපත්ති ගරුක සීලවන්ත බෞද්ධයෙක් අපේ කන්තෝරුවෙ ඉන්න එකම මදෑ කියල අපි කට්ටිය නිතරම හිනාවෙවී කතාවුණා...

ඔෆිස් එකේ වැඩ තියෙන වෙලාවටත් නැති වෙලාවටත් අපි අනුන්ට අපහාස කරමින් මඩ ප්‍රහාර එල්ල කරමින් සම්පප්‍රලාප කියවමින් හිටියත්  කිටිය නං නිතරම ගාථාවක් කියමින් හරි ගැටළු සහගත ධර්ම කාරණයක් ගැන මෙනෙහි කරමින් හරි දෙලොවටම වැඩක් ඇති ආකාරයට දවස ගතකලා...

කිටියගේ ජීවිතේ උත්කෘෂ්ටම අවස්ථාව වෙලා තිබුනෙ තාවකාලිකව මහණවෙලා භාවනා ආරණ්‍යයක සතියක් ගතකිරීමයි,කිටිය නිතරම ඒ අත්දැකීම ගැන කියෙව්වා සිවුරු පොරෝපු හැටි භාවනානුයෝගීව දවස ගතකරපු හැටි කොච්චර කිව්වත් ඉවරවුනේ නෑ, අන්තිම දවසෙ සිවුරු ගලෝපු වෙලාවෙ කිටියට මොකද්ද උනාලු ...

ඇඟ රත්වෙලා මට කලන්තෙ වාගෙ හැදුනනෙ...

ආ එහෙම තමා නොම්බර එකේ බේබද්දන්ට සතියක් නෙවෙයි දවසක් නොබී හිටියත් ඔහොම වෙනවා, කිටී සතියක් හිටිය හොඳටම ඇති...

හේමාල් කියනකොට කිටිය රවල බලල එතනින් යන්න යනවා,ෂිපිං මාස්ටර් නං කිටියගෙ බෞද්ධ කමට කිසිම ගරුසරුවක් නැතුව අපහාසෙටමයි කතාකළේ...

ජස්ටින් අන්න අර හීරලුවට එන්න කියනව, අතෙන්ට වෙලා ගෑනුත් එක්ක බොරු පූච්චානං කියෝ කියෝ ඉන්නව...

මොකාද  අම්මෙ හීරලුවා කියන්නෙ...

පොඩි කාලෙ දවසක මම අම්මගෙන් ඇහුවෙ අම්ම කාටද මන්ද හීරලුවා කියල කියපු වෙලාවකදියි...

සිවුරු ඇරපු උන්ටනෙ ළමයො...

එහෙම කිව්ව මිසක් හිරලුව කියන වචනෙ නිරුක්තිය  අම්ම දැනගෙන හිටියෙ නෑ,සිරිල් මාමගෙ ලොකු පුතා පොඩි පංසලේ මහණවෙලා ඉන්නව මට මතක තිබුනෙ දහම් පාසැලට යන වෙලාවලදී කවි එහෙම හයියෙන් කියව කියව ආවාස ගෙයි ඉන්නව දැකල තිබුන නිසයි,දවසක්දා මං අපේ වත්තෙ උඩහ තිබ්බ කජු ගහ යට වැටිච්ච කජු අහුල අහුලා ඉද්දි වැටෙන් එහා පැත්තෙ සිරිල් මාමගෙ මඤ්ඤොක්‍කා කොටුවෙ කහ පාටට මොනවද මන්ද හෙල්ලෙනව මම දැක්ක,වැට අයිනට ගිහිං බලපුවහම හාමුදුරුවො කෙල්ලො දෙන්නෙකුක් එක්ක ඇවිත් පොටෝ අල්ලනවා මමත් ඉතිං ඔහොම එකක් ඊට කලින් දැකල තිබ්බ එකක්යැ කට ඇරගෙන බලං හිටියා,ඒ වුනාට හාමුදුරුවන්ට වැඩිකල් පොටෝ කෙරුවාව කරන්න උනේ නෑ සිවුර පංසලේ තියල කෙල්ලෙකුත් අරං යන්න ගියා,ඊට පස්සෙ හාමුදුරුවන්ට අපි කිව්වෙ සුදු අයිය කියල අපේ අම්ම එහෙම නං කේන්තියට කිව්වෙ හීරලුව කියලමයි හාමුදුරුවරු සිවුරු අරිනවට අම්මල හරි අකමැතියිනෙ.

77 ඡන්දෙට සුදු අයිය යු ඇන් පී එකට බැහැගෙනම වැඩකරපු නිසා වගා නිලධාරිකම ලැබුණා, පස්සෙදී වගා නිලධාරිකං අහෝසි කරල ඒ අය ඔක්කොමල ග්‍රාම සේවකල කරපු නිසා සුදු අයියටත් වසමක් ලැබුණා,සුදු අයිය දැන්නං පැන්ෂන් එයාලගෙ දරුවන්ගෙ දරුවොත් දැන් බඳින වයස මගේ හිතේ,අපේ ගේ ඉස්සරහින් සයිකලේ යද්දී මම හිටියොත් නවත්තල කතාකරල යනවා...

අපේ පංසලේ ලොකු හාමුදුරුවන්ගෙ ගෝලයො ටික ඔක්කොමත් සිවුරු ඇරල ගියා හැබැයි එකක් තියෙන්නෙ ඒ අය  ඔක්කොම හොඳට ඉගෙනගත්ත, ඉස්සෙල්ලම අරියසෝබන හාමුදුරුවො ඉගෙනගෙන ඩිග්රියකුත් අරං ඉස්කෝලෙකට පත්වීමකුත් ලැබුනට පස්සෙ සිවුරු ඇරල ගියා,ඊට පස්සෙ අනික් පොඩි හාමුදුරුවොත් ඩිග්රියක් අරං සිවුරු ඇරල ගියා ලොකු හාමුදුරුවන්ගෙ හිත හොඳටම නරක්වෙලා හිටියෙ වැඩිකල් යන්න මත්තෙන් තිබ්බ ලෙඩ වැඩිවෙලා ලොකු හාමුදුරුවො අපවත්වුනා,අන්තිමේදි පංසල පාලුවුනා පස්සෙ කරන්නම දෙයක් නැතිතැන අපවත් වෙච්ච ලොකු හාමුදුරුවන්ගෙ මුල් පන්සලෙන් හාමුදුරුනමක් පංසලට වැඩමෙව්වා ඒ ඔය දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ,ඒ හාමුදුරුවන්ටත් ගෝලයො පිහිටන්නෙ නැති විදියයි ඉස්සෙල්ලම ගෝලය බොහොම ලස්සන හුරුබුහුටි චුටි හාමුදුරුනමක්, පංසලේ ඉඳන් පිරිවෙනට ඉගෙනගන්න ගියා, මාත් එක්ක එහෙම හරි හිතවත් මමත් ඉතිං පංසලට යන වෙලාවට මොනව හරි කන්න දෙයක් අරං යනවා මහණවෙලා හිටියට පොඩි උන්නෙ,එනකොට ඉගෙනගන්න වැඩකට මේකත් තියාගන්න කියල රුපියල් හාරපන්සීයක් මගේ අතේ මිටේ තියන හැටියට හාමුදුරුවන්ගෙ අතේ තියල එනව ඔය විදියට හොඳට හිටිය...

 මට  චුටි හාමුදුරුවන්ව  අන්තිමටම හම්බවුනේ සරත් අයියලගෙ අම්මගෙ තුන්මාසෙ බණ කියන්න ආපුදවසේ,බණ කියල ආපහු යද්දී වඳිනකොට මාව හම්බවෙන්න ඕනෑ කියල බොහොම ඕනැකමින් මාත් එක්ක කිව්වම මාත් හා හා හම්බවෙමුකො හාමුදුරුවනේ මම වෙලාවක එන්නංකො කියල කිව්වට ඒ කාලෙ මම යුඑස්ඒ යන්න සුදානමින් බොහොම අවිවේකයෙන්  පසුවුන නිසා වැඩේ දවසෙන් දවස කල්ගියා,අන්තිමේ අවුරුදු කීපෙකට පස්සෙ ආපහු ලංකාවට ඇවිත් හෝදිසි කරල බලද්දි චුටි හාමුදුරුවො සිවුරු ඇරල ගෙදර ගිහිං,කියපු විදියට හාමුදුරුවන්ව මුණගැහෙන්න බැරිවුණු එක ගැන මට අදටත් හරිම කණගාටුයි එදා මාව හම්බෙන්න ඕනෑ කියල කිව්වේ මාත් එක්ක මොනව හරි ඔය ගැන කියන්න වෙන්නැති නේද සමහර විට කලකිරීමක් ගැන වෙන්නැති කියන්න කවුරුත් නැතුව,මොනව කරන්නද ...

පුස්තකාලෙ පංසලේ තරුණ හාමුදුරුනමක් හිටිය ඒ හාමුදුරුවො මම ඉස්සෙල්ලම දැක්කෙ අරුණගෙ මළ ගෙදරදි,අරුණ මී උණ හැදිල බොහොම කණගාටුදායක විදියට මැරුනේ 2003 දියි,ඒ හාමුදුරුවො එච්චර කඩවසම් කෙනෙක් නෙවෙයි කලුයි මිටියි  කට ගන්ටාරෙ වගේ සද්ද වුනාට හැබැයි කටහඬ බොහොම මිහිරියි, එදා අරුණ මැරිච්ච සෝකෙන් හිටපු අපි ඔක්කොගෙම දුක් නිවාලන අනුශාසනාවක්  හාමුදුරුවො කළා... 

ඊට පස්සෙ මම හාමුදුරුවන්ව හමුවෙලා අඳුන ගත්තා කොහෙහරි යද්දිත් හාමුදුරුවන්ට කියල පිරිත් නුලක් ගැටගහගෙන ගියා,අවුරුදු කීපෙකට පස්සෙ ආපුවම හාමුදුරුවො පංසලේ හිටියෙ නෑ කාලයත් එක්කම මට හාමුදුරුවන්ව අමතක වෙලා ගියා,ඉතාම මෑත කාලෙකදී ඒ කියන්නෙ දැනට අවුරුදු  තුන හතරකට උඩදී අපේ ඔෆිස් එකේ හිටපු සංජේ ගෙන් මට හාමුදුරුවො ගැන අලුත් විස්තරයක්  දැනගන්නට ලැබුණා,සංජේත් අපේ පැත්තෙ කොල්ලෙක් අපි එයාපෝට් එකට යද්දී ඔය ගම් පළාතෙ විස්තර කියවමින් හිනාවෙන එක සිරිතක්,සුපුරුදු විදියට දවසකුත් කතා කරමින් යද්දී සංජේ පුස්තකාලෙ පංසල  ගැනත් මොකද්ද මන්ද කිව්වා...

සංජේ මම අහන්නමයි හිටියෙ ඒ පංසලේ හිටපු අර මිටි හාමුදුරුවො දැන් කොහෙද ...

ආ ඒ හාමුදුරුවො සිවුරු ඇරල යන්න ගියානෙ...

ඒ මොකද බං හාමුදුරුවො හොඳට පංසල කරගෙන හිටියනෙ...

සංජේ හිනාවුනා...

හිටිය නං තමා ඒ වුනාට හාමුදුරුවන්ට සිල්ව සැට් වුනානෙ...

සිල්ව කියන්නෙ ලෝකෙ කාල වතුර බීල ඉන්න ආනාදියෙක්,කාව හරි අන්දවල මරාගන්න දත් ගලවන්න එහෙම හරි හපනා...

සිල්ව හාමුදුරුවන්ට ගෑනියෙක්ව සැට් කරල සල්ලි ගත්තනෙ...

මොකද්ද මොකද්ද බං ඒ කතාව...

මොකද්ද කතාව නං,ඔන්න ඔය රත්නපුරේද පැල්මඩුල්ලද පැත්තෙ සිල්ව දන්න ජෝඩුවක්ලු  මිනිහට මොකක් හරි දුර්වලතාවක් ඇති,සිල්ව ඒ ගෑනු කෙනා ලඟට හාමුදුරුවන්ව ගෙනිච්චා මිනිහගෙත් විරුද්දයක් නෑලු,ඉස්සෙල්ලම දවසෙ රෑ පුරාම ගෑනිත් එක්ක කංසැප විඳපු හාමුදුරුවො උදේ යන්න සුදානම් වෙලා එළියෙ වාඩිවෙලා  ඉද්දි ගෑනි ඇවිත් හාමුදුරුවන්ට දණගහල වැන්දලු ...

හා හා රෑ තිස්සෙ බණ දෙසුවට වෙන්න ඇති නේද...

එහෙනං,රෑ තිස්සෙ හාමුදුරුවො ගෑණි ළඟ දණගැහුව උදේ ගෑණි හාමුදුරුවො ළඟ දණගැහුව කියල කිය කිය  සිල්ව හිනාවුනේ...

ඊට පස්සෙත් සිල්ව කීප සැරයක්ම හාමුදුරුවන්ව  ඒ ගෑනු කෙනා ලඟට එක්ක ගියාලු, වැඩේ රහ වැටුණු පාර හාමුදුරුවො වැඩිකල් සිවුරෙ හිටියෙ නෑ...

අපරාදෙ බං ටොප් එකට බණ කියන්න පුළුවන් හාමුදුරු නමක්නෙ...

මොනව කරන්නද දැන් ඒ පංසලේ හාමුදුරුවරු කවුරුවත් නෑ...

හාමුදුරුවන්ගෙ සිවුරු හැර යාම ඔන්න ඔය විදිහයි,දහ දෙනෙක් මහණ කලාම නම දෙනෙක් සිවුරු ඇරල යනවා යන්නෙ ආසාවට නෙවෙයිනෙ ඉන්න බැරි නිසානෙ,බුද්ධ ශාසනේ චිරස්ථිතිය උදෙසා නෙවෙයි පාංශුකූලයක් පිරිමහගන්න මතක බණක් කියවගන්න ගමක පංසලේ හාමුදුරුනමක් නැත්නං ඒ ගමේ මනුස්සයො මොන අමාරුවක වැටෙනවද,ඒ නිසා හාමුදුරුවන්ගෙන් අපි අදාළ කටයුතු කරව ගන්නව වගේම හාමුදුරුවන්ට ඇති අඩුපාඩු හොයල බලන එකත් දායකයන් වන අපට තියෙන ප්‍රධාන වගකීමක් නේද ...

වළඳන්න දානෙ ටික වෙලාවට ලැබෙනවද අඳින්න සිවුරු පිරිකර ඇතිවෙන්න තියෙනවද ඉගෙනගන්න අඩුපාඩු මොනවද ආදී දේවල් දායකයො වන අපි සොයා බලන්න ඕනෑ,නමුත් ඒ දේවල් හොයනව බලනව වෙනුවට අපි බලන්නෙ හාමුදුරුවන්ගෙ සීලවන්ත භාවය,අපෝ ඒ හාමුදුරුවො සිගරැට් බොනව,බියර් බොනව,ගෑනු ළමයි එක්ක මුකුලුව,පංසලට සත පහක උදව්වක් නොකරන අය ඒ වගේ අඩුපාඩු නං හොඳට හොයල රස කරමින් කියනව බනිනව,හරි හාමුදුරුවො ඒ ඔක්කොමත් කරනව කියමුකො නමුත් වැදගත්ම දේ හාමුදුරුවො පංසලේ ඉන්න එකනෙ සිවුරෙ ඉන්න එකනෙ හාමුදුරුනමක් පංසලේ නැත්නං ඇතිවෙන තත්වෙ මොකද්ද...

වළඳන්න හරියට දානෙ ටික ලැබෙන්නෙ නැති අඳින්න එක සිවුරක් හරි දෙකක් හරි විතරක් තියන හාමුදුරුවරු ඉන්න පන්සල් කොච්චර තියෙනවද,දවසක්දා ටවුමෙ පිරිවෙනේ චූටි හාමුදුරුනමක් අපේ පංසලේ කටිනෙට අරං ආපු පාත්තරේ දැකල මගේ ඇස් වලට කඳුළු ආවා එච්චර කබලක්,ඉඩකඩම් වතුපිටි බවබෝග සම්පත් සහ යානවාහන තියෙන රජමහ විහාර නෙවෙයි, විහාර ගෙයයි ආවාසෙයි විතරක් තියෙන පන්සල් රැකගෙන බාගෙට බඩගින්නෙ වැරහැලි සිවුරු ඇඳගෙන කොච්චර හාමුදුරුවරු ඉන්නවද... 

කවුරු මොනව කිව්වත් මමනං මට තියෙන විදියට මිල මුදලින් හරි වෙන ආකාරයකට හරි අපේ පංසලේ හාමුදුරුවන්ට උදව් කරනව,වෙන මොකටවත්ම නෙවෙයි පංසලේ ඉන්නවට සිවුරෙ ඉන්නවට ගරු කිරීමක් වශයෙනුයි...

සාසනේ බේර ගන්න පැන්ෂන් ගිය කාලෙක හරි මහණ වෙයං කියල අපි කිටියට කීවහම ඕකා මහනවුණු දාට සාසනෙයි පඬුහැලියයි දෙකම ඉවරයි කියල දසනායක මහත්තය කිව්වා,අපි කවුරු මොනව කිව්වත් කිටිය කයියනං නවත්තන්නෙ නෑ, දවසක්දා මමයි යසායි ඉන්න තැන කිටී කයිය ගහනව, ලංකාවෙ ඉන්න ලොකුම හාමුදුරුවරු ඕනෑම කෙනෙක් මම දන්නව කියල කිටිය කිව්වහම අපි දෙන්නත් ඉතිං ලංකාවෙ චිර ප්‍රසිද්ධ හාමුදුරුවරු දෙතුන් දෙනෙක්ගෙ නම් කියල දන්නවද ඇහුවා...

එතකොට කිටී මඩිහේ හාමුදුරුවො දන්නවද...

ඔව් දන්නව...

රේරුකානේ චන්දවිමල හාමුදුරුවො...

එයත් දන්නව...

කියන කියන හාමුදුරුවරු ඔක්කොම කිටිය දන්නවලු,එයත් දන්නව, එයත් දන්නවා,එච්චරයි කියන්නෙ කිටියගෙ මුණ පිපුණු මල් වට්ටියක් වගේ ...

යක්කඩුවේ හාමුදුරුවො කිටී දන්නවද...

කොහෙද යන ගමන හදිසියෙන් එතෙන්ට ආපු හේමාල් ඇහුවා...

දන්නව...

එතකොට යටිහරියේ චුල්ලවට්ටි හාමුදුරුවො...

බැරිමතැන මම ඇහුවා...

එයත් දන්නව...

මහහඬින් පුපුරපු හිනාවක් එක්ක යසා දුවල ගිහිං මේසෙට ඔලුව ඔබාගෙන හිනාවෙන්න ගත්තා...

එහෙමද ඒ හාමුදුරුවොත් දන්නව එහෙනං ඈ...

හේමාල් උඩ පැන පැන හිනාවුනා...

ඈ...

මොකද්ද වැරදුනේ කියල කිටී ටිකක් වෙලා කල්පනා කළා,එකපාරටම නැගිටල මටත් රවාගෙන වේගෙන් කෑම කන කාමරේ පැත්තට ගියා,ගිහිල්ල ටික වෙලාවකින් ආපහු එනකොටත් කට්ටිය ඒ ආකාරයෙන්ම හිනාවෙනවා...

මම දන්න ඇති වල්ලෙක් නෑ... 

කිටිය අපි ලඟින් යන ගමන් රවාගෙනම කියනව අපට තවත් හිනා...

කවුද ඕයි වල්ලෙක් ගැන කිව්වෙ...

කිටියට එදානං පම්පෝරි කියවිල්ල එපාවෙන්න ඇති,ඔෆිස් එකේ කට්ටිය කාලයක් යනකං ඔය කතාව කිය කියා කිටියව බයිට් එකට ගත්තා.




93 comments:

  1. සාදුලට කෑල්ලක් සැට්කරාට පව්නැ එහෙනම්

    ReplyDelete
    Replies
    1. පිස්සුද කිසිම අප්සැට් එකක් නෑ.

      Delete
  2. අපේ හාංදුරුවොත් කෑවෙ ගමේ ඉන්න අනාදියො ටික...
    දැං නං පොඩි හාංදුරු කෙනෙක් ගෙනත් ඉන්නව... ඒ හාමුදුරුවොත් තියාගෙන ඉන්නෙ අමාරුවෙන් වගේ....
    කෝමත් අපේ පංසල් වලට හාංදුරුවො පිටරටින් ඉම්පෝට් කරන්න වෙන කාලෙ ෙබා්ම ළගයි

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් ඒ දේ ළඟදීම සිද්දවේවි මහේෂ්.

      Delete
  3. සාසනේට වෙලා තියෙන දේවල් ගැන බැලුවාම තරුණ හාමුදුරුවරු විතරක් නෙවේ වයසක හාමුදුරුවරුත් සිවුරු දාල යනා කලෙ ඉතාම ලඟයි. අපේ හාමිනේගෙ ගමේ පන්සලේ වැඩිහරියක් ඉන්නෙ නේපාලෙ, බංගලාදේශයේ හාමුදුරුවරු.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ, හාමුදුරුවරු සිවුරේ තියාගන්න මොකක් හරි උත්තේජනයක් තියෙන්න ඕනෑ කියන්නෙ.

      Delete
  4. එහෙමයි එහෙමයි යටිහරියේ චුල්ලවට්ටි හිමි දනිමි...
    අනේ හාන්දුරු මහත්තුරු ගැන දොඩල වැඩැක් නෑ නොවැ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දන්නවනං හොඳයි.
      ඔබටත් ජය!!

      Delete
  5. ඇයි ඉතිං ඔය මහලොකු රජමහා විහාරවල ඉන්න ඇත්තංට ඔය දුප්පත් පංසල් ගැන හොයල බලන්න බැරි.

    පවුලක් පංසලක් වෙලා ළමයිත් හදාගෙන පංසලට වෙලා ඉන්න හාමුදුරුවරුත් ඉන්නව මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා එහෙම කිව්වට රජමහ විහාරවල ඇත්තන්ට දුප්පත් පන්සල් ගැන හොයා බලනවට වඩා කොච්චර වැඩ තියෙනවද.
      පවුල් පන්සල් වෙලා හරි කමක් නෑ සිවුරේ ඉන්නවනං.

      Delete
  6. බඩ මැද බුරියානන්දයි, අංගම්මන සුමනයි මතක් උනා. මම නම් හිතන්නේ ගෑණු නිසා පන්සල දාලා යන උන් නම් ගොන් හරක් කියලා. මොළේ තියෙන එකා කරන්නේ, සිවුරේ ඉඳන්ම අහුවෙන අහුවෙන එකට පිරිත් පැන් බෙදන උන්. සිවුරු ඇරලා ගියපු අපි දන්න කියන එකෙක් ගැන වාදයක් යන වෙලාවෙත්, අපේ තාත්තලගෙ වයසෙ පරණ සෙට් එක කිව්වේ. ඒ කාළේ හිටපු හාමුදුරුවරුන්ට දැන් ඉන්න උන්ට වඩා මොළේ තිබුනා කියලා. අනික තව දෙයක් තියෙනවා. ඔය සිවුරු අරින් උන්ගෙන් වැඩි පිරිස, අම්මලා අප්පලා නිවන් යන්න පතාගෙන සාසනේට පූජා කරපු උන්. උන් නම් නිවන් දැකීම කෙසේ වෙතත්, පණ පිටින් අපායේ යන්නේ. පොඩි උන් ලමා අපචාර කාරයන්ට බාර දෙන එකට. අනික මේ කාළකන්නි එහෙම කරන්නෙත් ඒ බව හොඳින්ම දැනගෙන. එහෙම බැලුවාම අර වියට්නාමේ පොඩි උන් ගණිකා සේවයට දාන අම්මලගෙයි, සාසනෙට දරුවෝ දන් දෙන අම්මලගෙයි වෙනසක් මම නම් දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පන්සල් සුදුව ගැන කතා කරල , උඩ බලාගන කෙල ගහල එලොවටයි මෙලොවටයි දෙකටම අවැඩක් කරගන්නේ මොකටද මාතේ ,

      මෙව්වට පුකෙන් හිනාවෙන්ඩ බලාගනත් සෙට් එකක් ඉන්නවා ,

      අපි පෙන්නවා මෙන්න පැලුනා කියල

      හැබැයි උන් එහෙම නැ , පුකත් මහගන කටත් මහගන ඉන්නවා

      උඹත් කට පියාගන හිටහං , මාත් කට පියාගන ඉන්නේ හරිම අමාරුවෙන්

      Delete
    2. ඇත්තෙන්ම නුවණැති කෙනෙකුට ඕනෑම දෙයක් සිවුරෙ ඉඳගෙනම කරගන්න හැකියි නේද,දෙමවුපියො නිවන් දකින්න හයක් හතරක් නොදන්නා පොඩි උන් සාසනේට බාර දෙන එකනං මහ අපරාධයක් තමා,දැනුම් තේරුම් වෙද්දි ඔක්කොමල යන්න යනවා.හොඳට තේරෙන වයසෙදි තමන් කරන දේ ගැන දැනුවත්ව සාසනේට ඇතුල් කරනව නං යම් තරමකින් මේ නාය යාම වලක්වා ගන්න පුළුවනි.

      Delete
    3. අටං,
      හැම තැනකම ඔහොම තමා පෙන්නුවත් නොපෙන්නුවත්.අපි එළිපිට කතාකරමු.

      Delete
    4. පොඩි එකාගේ කැමැත්තක් තියෙනවා නම් එය ඉවත් කරන්න අමාරුනම් පොඩි කාලෙම මහන කරාට කමක් නැහැ නමුත් වඩා හොඳ තේරුමක් ඇති කාලේ මහන කරවන එක.

      Delete
  7. මගෙ අදහස් නං ටිකක් වෙනස්.. පන්සල්වල සිවුරුඇඳගත්ත ගිහියො ඉඳල වැඩක් නෑ. එහෙම ඉන්න ඕනෙයි කියල අපි හිතන්නෙ අපිවම අපි රවට්ටගන්න කැමති නිසයි.. ලෝක සම්මතේට මරනෙදි මඟුලෙදි අනුශාසනාවට පාංසුකූලෙට ඔන්න ඔය කවුරුහරි සිවුරක් ඇඳගත්ත කෙනෙක් හිටියම මදැ කියල අපි හුඟක් හිතන්න ගත්ත නිසා දුසිල්වත් හාමුදුරුවරු වැඩි වෙන්න ගත්තා. අපි පුංචි කාලෙ නම් එහෙම අයට විරුද්දව ගමේ මිනිස්සු ක්‍රියා කලා..
    සීලෙ රකින්න බැරිවෙනකොට සිවුර තියල යන කෙනාට මම ගරු කරනවා. ඒක අපහාසයට කාරණයක් නෙවෙයි.. තායිලන්තෙ එහෙම කාලයක් සිවුරෙ ඉඳීම අනිවාර්ය දෙයක්.. එහෙම ඉඳල ආපහු නොගිහින් සිල්වත් වෙලා උසස් තැන්වලට ආ හිමිවරු ගැන කතා බොහොමයි.. මුළු තායිලන්තයම අදත් ගරුකරන ආචාර්ය මහාබූව ඥාන සම්පන්නෝ නාහිමියෝ එහෙම කෙනෙක්.. ඒ ක්‍රමය අපේ ක්‍රමයට වඩා හොඳයි.. අපි කැම්පස් ඉන්න කාලෙ එක දවසෙ හාමුදුරුවරු දෙන්නෙක් සිවුර ඇරිය වෙලාවෙ අපිත් එතන හිටියා. ඒ හාමුදුරුවරු දෙන්නම ඉකිගහල ඇඬුවා සරමට මාරු උනාට පස්සෙ,...
    සාසනයේ ඉඳන් අපරාධ කරන .. ජාතිය භේද කරන සාමය වෙනුවට යුද්දය දේශනාකරන බුදු දහමේ පරිහානියට හේතුවෙන දුස්සීල හිමිවරුන්ට වඩා සිවුර හැර යන හිමිවරුන් සිල්වත්.. මගේ ප්‍රණාමය ඔවුන්ට හිමියි..

    ReplyDelete
    Replies
    1. සරත් ගේ කතාවට මමත් එකඟයි..
      ලෝකෙට පරකාසේ වගේ ඉන්න හාමුදුරුවරු දහස් නමක් නැතිවට තමන් දහමේ හරය අවබෝධ කරගනු කැමතිව සිවුරේ ඉන්න හාමුදුරුවරු එක දහ නමක් රටකට වටිනවා කියලයි මමත් හිතන්නේ..

      Delete
    2. හැම තැනම අන්බැලන්ස් අයියේ . මින්ස්සු දැන් එහෙම හිතන්නේ නැ .

      මේකට අදාල නැද්ද මන්දා

      ඉස්සර අපි පොඩිකාලේ පත්තිනි මැණියන් වෙනුවෙන් දුන්න කිරිඅම්මලගේ දානෙට වැඩම කෙරෙව්වේ ඇත්තටම ගමේ ඉන්න පත්තිනි අම්මල ,

      හොදටම හොයල බලලා සිල්වත් ගුණවත් , උතුම් මව් ගූණය රකින රත්තරන් ගැනුන්ට තමා දානයට ආරාධනා කලේ

      ඒකට දැං කිරි දානෙට බහින සැට් එක ,

      අපේ නැන්දම්මල මගේ දරුව වෙනුවෙන් බාරයක් වෙලා , දානය බාර ගත්ත මහ අම්මන්ඩි කැන්දල තිබ්බ සැට් එක මන් දැක්කේ එදා උදේ , මාමණ්ඩිට පාදෝවනේ බාර දිලා මං ගිහින් නිදිය ගත්තා බං ,

      ඒ තරමට කළකිරුනා , ඒක කිරි අම්මෙක් ගස් ලබ්බ වාගේ ඉන්න මටත් ඉගි බිගි පාපු ලලනාවක්

      ඔව්වා මෝඩ බොරු බමුණු ඇදහිලි විස්වාස කියල කියුව හැකි කාට හරි,

      ඒ උනාට දෙයියනේ සමාජ සම්මතයක් කියල දෙයක් තියනවනේ

      Delete
    3. මෙහෙමයි සරත් ප්‍රතිපත්තියක් වශයෙන් සරත්ගේ කතාව හරියටම හරි කිසි කෙනෙකුට වැරදියි කියන්න බෑ,නමුත් ප්‍රායෝගිකව සැබෑ ලෝකයේ ඔය තත්ත්වය තියෙනවද හෝ පවත්වා ගන්න පුලුවන්ද.මම කියන්නෙ සිවුරට මුවාවෙලා සිවුර ආයුධයක් කරගෙන ඉන්න ත්‍රස්තවාදියෝ ගැන නෙවෙයි දුප්පත් පන්සල් වල දුක වළඳන අහිංසක හාමුදුරුවරු ගැනයි.

      Delete
    4. රූ,
      සහතිකෙන්ම එකඟයි,නමුත් පැන්ටසියක ඇරෙන්න ඔය තත්වය සැබෑ ලෝකයේ ඇතිකරගන්න එක කොච්චර අසීරු කාර්යයක්ද.

      Delete
    5. අටං,
      උඹ කියන ආකාරයේ කිරි අම්මල දැන් ඉන්නෙ පොත්වල විතරයි බං.

      Delete
    6. සරත් එක්ක මමත් එකඟයි..

      Delete
    7. සඳා....ඕක ප්‍රායෝගික නැහැ. පන්සල් වහන්න වෙයි. ඒ තැන්වල අඩුව පුරවන්න මොන වගේ දේවල් එයිද දන්නේ නැහැ.

      Delete
    8. අරූ;.. ඒත් නිකමට වගේ හිතන්න හැම වැරද්දක්ම කරන හාමුදුරුවරු පිරිලා තියෙන පන්සල් තියෙනකොට මොකද වෙන්නේ කියලා.. ඒවා උලුප්ප උලුප්ප කෙරෙන කතා බහ වැඩි වෙනවා.., එතකොට අපිට ඒවා අහගෙන ඉන්න පුළුවන්ද..?? එතකොට අපිටත් වෙන්නේ හාමුදුරුවරු විවේචනය කරන අය එක්ක එකතු වෙලා විවේචනය කරන්න තමයි.. අනික ඒ කාරණාවම අන්‍ය ආගමකයින්ට විශාල වාසියක් වෙනවා බුදුදහම වැරදියට නිර්වචනය කරන්න. එකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට වැරදි කරන පුද්ගලයාව සහ ඔහුගේ වැරදි ක්‍රියාව විවේචනයට භාජනය වෙන එක නෙවෙයි, එහෙම පිටින්ම බුදු දහම වැරදියි කියන අදහස අන්‍ය ආගමිකයන් පතුරවන්නේ.

      ඒත් මේ හැම හැලහැප්පීමකටම පස්සේ අනිවාර්යෙන්ම බුදුදහම ඉදිරියටම එයි. ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙයි.

      Delete
    9. සඳා.....මට මෙහෙමයි හිතෙන්නේ. සියළු විනය කර්මයන්ට යටත්ව ජීවත්වෙන හාමුදුරුවරුන් ඉන්නවානම් ඉන්නේ භක්තිමත් සැබෑ බෞද්ධයාගේ හිතේ සහ වෙහෙර විහාරවල සිතුවම් වලයි...පොත්පත් වලයි විතරයි. ආරණ්‍යවාසීව ඉන්නවාද දන්නේ නැහැ. මොකද මේ හැලහැප්පීම් සහ භෞතික හැසිරීම් රටාවන් එක්ක සැබෑ භික්ෂුවගේ කාර්ය පවත්වාගෙන යන්න බැහැ. මේවාට හේතු බොහොමයි. ගිහි දායකයන්වූ අපගේ සිට මහා සංඝනායකයින් දක්වා මේ තත්වයට වගකිවයුතුයි. එය වෙනම සාකච්ඡා කල යුතුයි.

      සිවුරේ ඉන්න බැරි එවුන් යනවා නම් හොඳයි. කිසි අවුලක් නැහැ. නමුත් අද සංඝ සමාජයෙන් සීයට දශම එකක්වත් පිලිවෙත් රකින්නේ නැහැ. මහනායකලාගේ ඉඳන් චුට්ටන් සාමනේර පැටියා දක්වා තත්වය එහෙමයි.

      යම්තාක් දුරකට හෝ මොවුන් රඳවා ගැනීමට උත්සාහ නොකර මොවුන් අතහැර දමන පලවා හරින තැනට ආවොත් ගමත් පන්සලත් අතර ලොකු ගැප් එකක් හැදෙයි. ඒ ගැප් එක පුරවන්න වෙනත් ආගම් උත්සාහ කරයි. එයට අවනත නොවෙන බෞද්ධ්යෝ සිටිත් නම් ඔවුන්ව ෆැන්සි සාධුලා හෝ...වඳුරඹ සිරාලා වැනි මානසික ලෙඩ්ඩු යටතට පත්වෙයි. අන්න ඕක තමයි මම දකින අනතුර. අසපු සාධුලා කියන්නේ ඒ පරිවර්තනයේ ආරම්භයක් විය හැකි බව මගේ මතයයි.

      ථෙරවාදයෙන්.....මහායානයට ??????
      වරක් පැල්පොල විපස්සි කියන චීවරදාරියාත් මේ වගේ වැඩකට සෙට්වුනා වගේ මතකයි. මට අභිධර්මය වැටහෙන්නේ නැහැ . නමුත් මට මේ සමාජ විපර්යාසය වටහා ගන්න පුළුවන්.

      සඳා මොකද හිතන්නේ....

      Delete
    10. අරූ;
      සමාජයේ වෙනස් වීම් අනුව තමන්ගේ ඇවතුම් පැතුම්ද විනය විරෝධී නොවන ආකාරයෙන් වෙනස් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා. නමුත් අද සමාජයේ වෙන ආකාරයේ අමානුෂික විනය කඩවීම් කිසිවක් ඉන් අනුමත කෙරෙන්නේ නෑ.

      මම කතා කරන්නේ අරූ... මේ බුදුදහමට වෙන නින්දාව, පහත වැටීම ගැන. මේ විදියට හමුදුරුගොල්ලෝ හැසිරෙන්න ගියාම සාමාන්‍යයෙන් වැරදි ආකල්පය යන්නේ බුදු දහම ගැන මිසක් හාමුදුරුවෝ ගැන නෙවෙයි. හරියට අපේ රටේ ඉන්න අපත දේශපාළුවෝ කරන වැඩ නිසා අගෞරවය එන්නේ සම්පූර්ණයෙන් රටට වගේ.

      හමුදුරුගොල්ලන්ට නොසලකා සිටීම මම හරියි කියන්නේ නෑ. ඒත් පන්සල් වල සිටිය යුත්තේ ආගමට, සමාජයට වැඩක් ඇති හාමුදුරුවරු මිසක් නිකන්ම සිවුරක් පොරවාගත්ත පුද්ගලයන් නෙවේ. එහෙම නිකං චීවරධාරීන් විතරක් ඉන්න එක මහා භයානක විනාසයක්..ආගමට, රටට, සහ සමාජයට.

      මහායාන කියන්නේ පළවන ධර්ම සංගායනාවෙන් පසු බෙදුණු "මහා සාංඝික" කියන නිකාය අනුගමනය කරමින් පැවත එන නිකායක්. ඒ හාමුදුරුවරුන්ගේ ජිවන චර්යාව වෙනස්. නමුත් ලංකාවේ තවම තියෙන්නේ ථෙරවාද බුදු දහම. ඒ නිසා අපේ හමුදුවරු ඒ අනුව හැසිරෙන්න ඕනේ කියලා මම නම් කියන්නේ.

      මම නම් ලංකාවේ ඉන්නකොට ගමේ පන්සලේ හාමුදුරුවෝ වැරදි දෙයක් කරනකොට "මොකක්ද හාමුදුරුවනේ ඒ කරන වැඩේ.. ඒක හොඳ නෑ නේද" කියලා කියනවා. එහෙම කිවුවා කියලා අපිට පවක් නැහැනේ පිනක් මිස.

      අරූ... අපි මේ දේවල් ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ අනේ... මුලින්ම සාසනේ ඉන්න අපේ හාමුදුරුවරුන්ට වුවමනාවක් සහ කැක්කුමක් නැත්නම්....

      Delete
    11. ////අරූ... අපි මේ දේවල් ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ අනේ... මුලින්ම සාසනේ ඉන්න අපේ හාමුදුරුවරුන්ට වුවමනාවක් සහ කැක්කුමක් නැත්නම්....////////

      එකඟයි සඳා!!

      Delete
  8. කතාව රසවත්....මන් හැලප මාමා ලියන විදිහට බොහොම මනාපයි....කිටියගේ පරණ කතාත් කිවලා ආවා....හාමුදුරුවරු ගැන කතා නොකරමි....හම්මේ අපෙත් ඔය කෙනෙක් ඉන්නවා....ඒ නිසා අත්දැකීම් බොහොයි..හිකිස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු,අත්දැකීමක් දෙකකුත් කිවානං තමයි හොඳ.

      Delete
  9. අන්තිම කතාව තමයි කතාව.. අර සිල් මෑන් එච්චර වෙලා පච නෙ හලල තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමා චන්දන,න්‍යාය එකක් භාවිතය එකක් හැම තැනම ඔහොමයි.

      Delete
  10. ඇත්ත හැලප අයියෙ බොහොමයක් තැන්වල වෙන්නෙ අධ්‍යාපනය ලබන්න තමා සිවුර බාවිතා වෙන්නෙ, ඒ වැඩ ටික ඉවර උන හැටියෙ හීරලුවො වෙන එක තමා වෙන්නෙ. එක අතකට නෙමේ බෝහෝ විට ඒවට දොස් කියන්න බෑ. මොකද අපිටම අමතකයි මේ සිවුරක් පුරවාගත් මනුශ්සයො පිරිසක් බව සාමාන්‍ය හැඟීම් දැනීම් වේදනා ඇති.

    අන්තිම කතාවනම් මරු. මෑන් ඊට පස්සෙ සද්දෙ වහලා ඉන්න ඇති. :)

    ReplyDelete
    Replies
    1. ඒ ආකාරයට සිද්දවෙන එක ගැන හාමුදුරුවරුන්ට දොස් කියන්න බෑ කියන එකයි මම කියන්නෙ ප්‍රියා,ඒ අයත් සිවුරෙ හිටියට පෘතග්ජනයෝ නොවැ.

      Delete
  11. සිවුරක් දරන්න ඕනෙ මේ සසර ගමන කෙළවරකරගන්න උතුම් අරමුණෙන් මිස කන්න බොන්න නැති කමට අගහිගයට පිළියමක් ලෙස නොවෙයි....අනෙකුත් බලාපොරොත්තු සපුරාගන්න මහන වෙන අය තමයි ඔය විදියට සිවුරු හැරලා යන්නෙ....උපසම්පදා කලාට පස්සෙ තමයි භික්ෂුවක් නියමාකාර භික්ෂුවක් ලෙස පිළිගැනෙන්නෙ...ඒ කර්තව්‍යයට පෙර නැවතත් ගිහි ජීවිතයට යනවද කියන පැනය යොමු කරලා එයට පිළිතුරු නෑ කියන එක නම් උපසම්පදාව ලබාදෙන බවක් තමයි මම අසා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මොකුත් නොතේරෙන පොඩි වයසෙදි මහන කලාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද සිරෝ.උතුම් අරමුණකට යන්න වුනත් ඒ ඇයට අවශ්‍ය මුලික දේවල් තියෙන්න ඕනෑ නේද මුලින්ම.

      Delete
    2. එහෙම මුලික අවශ්‍යතා සපුරා ගන්න ගිහියන් විසින් සම්පාදනය කළ යුතු දේවල් 4ක් තියෙනවා. දානය, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන කියන ඒවා. එතකොට ඒ දේවල් හාමුදුරුවරුන්ට සම්පාදනය කරලා දෙන එක ගිහි අපේ යුතුකම.

      Delete
  12. හි.. හි... කිටියා ගැන කතා පටන් ගත්තට කිව්වේ නැත්තේ මොකද කියලා බල බල හිටියේ...

    ReplyDelete
    Replies
    1. කිටිය ගැන ගොඩක් දේ දැන් කියල තියෙනව තුශානි.

      Delete
  13. ගමේ පන්සලේ සාදුලා නැති වුණාට මොකෝ වෙන පන්සලකින් skype මගින් බැරියෑ පාංසුකූලේ දෙන්න.

    ReplyDelete
    Replies
    1. එකත් බැරිකමක් නෑ කකා දැන් ස්කයිප් වලින් පිටරටටත් තොවිල් කරනව නේද.මම කොහෙහරි එහෙම කතාවක් දැක්කා.

      Delete
    2. ස්කයිප් එකෙන් පිරිත් කියනවා....කම්පියුටර් එකට නූලක් ගැටගහලා කට්ටිය ඒක අල්ලන් පිරිත් අහනවා. ඉස්සොත් පිස්සෝ වෙනවා බන් මේවා ඇහුවාම.

      Delete
    3. ඕවා මොනවද බං භූතයොත් එලවනවා...

      Delete
    4. අවුරුදු විස්සකට විතර උඩදි ධනපාල උඩවත්ත කිව්ව "කොම්පීතර් යන්තරයෙන් මන්තර ටික ජප කරනව, රබර් වලින් හදපු කුකුල යටිගිරියෙන් හඬ තලනව" කියල, අබුද්ධස්ස කලෙ වෙච්චි දෙයක් බලාපන්, කොම්පීතර තොයිල් පොළක් මෙන්න අසාපන්" කියන සින්දුවෙ.

      ඒ විහිළු දැන් ඇත්ත වෙලා!!

      Delete
    5. ඉන්දික,
      ඇත්තටම අබුද්දස්ස කාලෙ නේද,එදා නිකමට කියපුදේ අද ඇත්ත වෙලා තියෙන හැටි බලමුකො.

      Delete
  14. කිටියා ගැන කියල පටන් ගත්තට ගැඹුරු යටි අරුුතක් තියෙනව කියල තේරුණා. හොද ලිපියක්. දැන්නං මහණවෙලා ඉද්දි ගත්ත රස්සාව සිවුර ඇරියොත් නැතිවෙනවද කොහෙද නේද?

    ReplyDelete
    Replies
    1. දැන්නං එහෙම නීතියක් තියෙනව කියල මාත් අහල තියෙනව.
      පැමිණීම ගැන ස්තූතියි ඔබව ආදරයෙන් පිලිගන්නවා

      Delete
  15. භික්ෂූන්ගේ පරිහානිය තුලින් වුනත් අපි දකින්නේ බෞද්ධ දර්ශනයේ එන ත්‍රිලක්‍ෂණයම තමා. ඒ ගැන අපි කම්පා වියයුතු නැහැ. හැකිතරම් ධර්මය ඉගෙනගෙන ධර්මය ගුරුතන්හි තබාගැනීම තමයි අපට අද කරන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සිද්ධ වෙන දේ ගැනත් බෞද්ධ දර්ශනයෙම කියල තියනවනෙ විචාරක තුමා,කොහෙත්ම කම්පාවියයුතු නෑ.

      Delete
    2. විචාරක මහතාගේ දැක්ම අගය කරමි

      Delete
  16. ඇ හැලපයියේ බ්ලොග් කියවන උන්ගෙන් 80% ක්ම ඉන්ටර්නෙට් එන්නේ අනුන්ගේ සල්ලි වලින්ද

    ReplyDelete
    Replies
    1. මාත් කල්පනා කලේ එකයි බං,එහෙම වෙන්න ඇති නේද.

      Delete
  17. සිවුරු හැරගිය කීපදෙනෙක්වම දන්නවා.....දෙමව්පියන්ව රැක බලා ගන්න කියල සිවුරු හැරපු,ඇත්තටම ඒ දේ කරමින් ජීවත් වෙන කෙනෙකුත් ඒ අය අතර ඉන්නවා....අනෙක් අය නම්....කන්න බොන්න ඉගෙන ගන්න පහසුවට මහණ වෙලා ඉඳල කසාදයක් බඳින්න සිවුර දාල ගිය අය......අඳින ඇඳුම විතරක් වෙනස් මේ වගේ අය සිවුරේ ඉන්නේ නැතුව යන එකමයි හොඳ.....

    ReplyDelete
    Replies
    1. වර්ෂන් කීපයක්ම තියෙනව අයාල්, විවේචනය කරන එක ඇත්තෙන්ම අසීරුයි.

      Delete
  18. මචං....ගමේ පන්සලට වෙන්නෙත් ගමේ ඉස්කෝලෙට වෙච්ච දේමයි. ඔක්කොම ජාතික පාසල් හොයන් යනවා වගේ දැන් ඔක්කොම අසපු වන්දනාවේ. ගමේ පාසලයි, ගමේ පන්සලටයි දෙකටම කෙලවෙනවා. හෙණ කට්ටක් කන හාමුදුරුවරු ඉන්නවා. හොයන්න බලන්න කෙනෙක් නැහැ. ශීලය රකින අය විතරක් සිවුරේ හිටියොත් නම් මචන් පන්සල් අසපු සීයට අනූ නමයයි දශම නමයක්ම හිස් වෙයි. නාමිකව හෝ පන්සල තියාගන්න ඕන නම් ප්‍රායෝගිකව හිතන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං මමත් මුල ඉඳලම කියාගෙන ආවෙ,උඹට මේ ගැන මට වඩා ගොඩාක් ප්‍රායෝගික අත්දැකීම් තියෙන බව මම දන්නව.අමාරුවෙන් සිවුරෙ ඉන්න හාමුදුරුවරු රැකගන්න ඕනෑ.

      Delete
  19. හා හා ඔය අරූ කිවුවා වගේ මේකප් දාන,ප්‍රාඩෝ එකෙන් වඩින,බ්‍රෑන්ඩ් සිවුරු අදින,බණ කියද්දි සිල් කැට වැටෙන හාමුදුරුවරු ඕනා තරම් ඉන්නේ,ඔය දුක් විදගෙන සිවුරේ ඉන්නවට වඩා යන එක හොදා,අර කස්ටිය ඉන්නේ අපූරුවට

    ReplyDelete
    Replies
    1. කට වහපං කතෝලිකයා

      Delete
    2. ජාති දෙකක් ඉන්නව ඩිලාන් එකක් සැප වළඳන ප්‍රාඩෝ වල වඩින අය අනෙක එදිනෙදා දානෙ වේල වත් හරියට නොලැබෙන අය.ඔය කණ්ඩායම් දෙකක් පැහැදිලිව තේරුම් ගන්න.

      Delete
  20. //"නිකං බොන්න හම්බවෙච්ච වෙලාවට නං එක පදයක් කඩාගන්නව"// එතකොට හලපයියේ නිකන් හම්බ වෙච්ච වෙලාවට තුන්වෙනි සිල්පදේ එහෙමත් කඩාගන්නවද ඈ....? :D

    කොහොම වුනත් මමත හිතන්නේ මහන කිරීම අවුරුදු 20ට වඩා වැඩි අයට පෑමයි කලානම් හොඳයි , අනික සිවුරේ ගරුත්වය ආරක්ෂා කරන්න බැරිනම් සිවුරු හැරලා යන එක තමයි හොඳම වැඩේ . එකට දොස් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. //නිකන් හම්බ වෙච්ච වෙලාවට තුන්වෙනි සිල්පදේ එහෙමත් කඩාගන්නවද ඈ....? :D//
      කිටියගෙන්ම අහගන්න වෙනව ඉවාන්.
      සිවුරු ඇරල යන එක ගැන දොස් කියන්න බෑ මම නං දොස් කියන්නෙත් නෑ.

      Delete
  21. අනෙ මන්ද හැලපයියෙ සන්ගය ගැන උබ හිතන පැත්තත් වැරදි නැ.

    ReplyDelete
    Replies
    1. හරි පැත්තත් කියපන්කො දමිත්.

      Delete
  22. ඉගෙනගෙන ඉවරවෙලා සිවුර හැර යන එක අනුමත කරන්න බැරි වුනත්, ඒ අනුව යම්කිසි සේවයකුත් වෙනවා කියල මට හිතෙනවා. මහන උනේ නැත්නම් ඒ දරුවෝ කන්න නැතුව මැරිලා යාවි, කුඩුකාරයෝ ස්ත්‍රී දුෂකයෝ වේවි, මහන නොවී කන්නේ අඳින්නේ නැතුව මහ පාරේ හැදෙනවට වඩා, අද්‍යාපනයක් ලබා දී ඔවුන්ව සමාජයට දායාද කිරීම එක අතකින් සමාජ සේවයක්, අසරණයන්ට පිහිට වීමක්, ළමා නිවාස වලින් සිදුවිය යුතු දෙයක් පන්සලෙන් සිදු කිරීමක්.

    සංඝයා වහන්සේගේ අවශ්‍යතා පුළු පුළුවන් හැටියට අපි විසින් සැපිරිය යුතුයි, ලොකු ලොකු පන්සල් වලටම යන්නේ නැතුව ගමේ පන්සලට උදව් කිරීම කල යුතුයි. ලොකු පන්සල් වලට ලැබෙන ආදායම දුප්පත් පන්සල් වලට බෙදා හැරෙන, ගමේ පන්සල් වල හාමුදුරුවන්ගේ සුභ සිද්ධිය සොයා බැලෙන ක්‍රියා පිළිවෙලක් තිබිය යුතුයි.. ලොකු පන්සල් වල හාමුදුරුවරු පන්සල තව තව ලොකු කරගන්න මිසක් ඒ වගේ දේකට ඉදිරිපත් වෙන්නේ නැහැනේ ඉතින්..

    ReplyDelete
  23. ඔය වගේ දේවල් අපේ හිත තුලම ඇතිවෙලා නැතිවෙනවා මිසක ප්‍රායෝගිකව සිද්ද වෙන්නෙ නැහැනෙ මැනවී,වැරැද්ද ඒකයි.හාමුදුරුවරු හැසිරෙන හැටි විවේචනය කරන්න ඉදිරිපත් වෙන අය පංසලට පාන් ගෙඩියකින්වත් උදව්වක් කරන්නෙ නෑ.

    ReplyDelete
  24. මම ලඟින්ම ආශ්‍රය කරන හමුදුරු නමක් ඉන්නවා ඔය වාහිනී වල බන කියන්න එහෙමත් යන. මනුස්සයා ඉඳ හිට කන සාක්කුවේ වටෙන්නම ගහනවා. නිතරම ස්ත්‍රී ඇසුරත් ලබනවා. දවසක් අපි දෙන්නා පොඩ්ඩක් අනුමත වෙන ගමන් මම ඇහුවා අපරාදේ සිවුරේ ඉන්නේ සිවුරු ඇරලා කසාදයක් කරගත්තනම් මොකද කියලා. ගත් කටට මේ යකා කියපි "මහත්තයෝ ගියොත් එකයි හිටියොත් අනන්තයි අප්‍රමානයි" කියලා. හේ..හේ..

    මට ඔය සඟ පාර්ශ්වය ගැන හොඳ අත්දැකීම් තියන හින්දම තමා හාමුදුරුවරු යාලුවෝ වගේ ආශ්‍රය කරන්නේ. කන්න බොන්න අඩුපාඩු ගැන බැලුවට වඳින්න පුදන්න යන්නේ නැ. මොකද අපි වගේම සහ අපිටත් වඩා දේවල් කරන කියන මිනිස්සුන්ට වඳින්න ඕන නැ නොවැ. එතකොට හිතටත් හොඳා. පන්සලටත් හොඳා

    ReplyDelete
    Replies
    1. දැනුවත්ව කරන දෙයක් නොවැ හිතට අමාරුවකුත් නෑ,අනික අපි අනුමත නොකලයි කියල ඕව වෙනස් වෙයියැ.

      Delete
  25. කිටියා ගැන කියන්න ගිහිං වෙනදා වගේම වැඩිපුරම හාමුදුරුවන් ගැන ලියවුණා නේද හැලපේ..??? :)

    බුද්ධ සාසනය තියෙන්න ඕනේ අපේ පුද්ගලික අවශ්‍යතාවන් වලට විතරක් නෙවේ.. ඒක ආගමක් විදියට, දර්ශනයක් විදියට තියෙන්නම ඕනේ දෙයක්. ඒ සඳහා දුසිල්වත් හාමුදුරුවරු ඒකට ගැලපෙන්නේ නෑ.. ඒ නිසා සිල්වත්ව මහණදම් පුරන්න බැරි හාමුදුරු ගොල්ලෝ සිවුරු ඇරලා යන එකමයි හොඳ..

    දැන් කාලේ පොඩි දරුවො මහණ නොකර ඉන්න තරමට හොඳයි.. මොකද එයාලට හරි මාර්ගය කියලා දෙන්න පුළුවන් ලොකු හාමුදුරු ගොල්ලොත් අඩුයිනේ. ඒ නිසා වෙන්න ඕනේ ඇත්තටම සාසනේ ගැන හිතන, සසර ගැන හිතන අයගේ සාසන ආගමනයයි.

    තුන්වන ධර්ම සංගායනාවට පෙර අශෝක අධිරාජ්‍යා, තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට, කෑම බීම, ණය හිමියන්ගෙන් බේරෙන්න, වස්ත්‍ර ආදී දේ නිසා සසුන් ගත වුණු 60,000ක් දුසිල්වත් භික්ෂූන් වහන්සේලා සසුනින් පිටමං කිරීම සිද්ධ කෙරෙවුවා. (හැබැයි, එහෙම පිටමං කරවලා ඒ අයට ජිවනෝපාය ක්‍රම ලබා දුන්නා කියලා තමා කියවෙන්නේ.) මේ යන විදියට බුද්ධ සාසනයේ චිරස්ථිතියට අනාගතේදී එහෙමවත් දෙයක් කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අශෝක අධිරාජයා අද හිටියනං කී දාහක් සසුනෙන් පිටමං කරාවිද කියල මම මේ කල්පනා කරමින් ඉන්නෙ.
      එතකොට තියෙන්නෙ චිරස්ථිතියද සොදාපාලුවද.

      Delete
  26. වෙලා තියෙන්නේ අපේ මහණ කමේ නිසි අරුත දවසෙන් දෙකෙන් මහණ කරන පොඩි නමවල් නොදන්නා එකයි. කැම්පස් එකේ ඉන්න අපේ හාමුදුරු ගොල්ල නම් ෆයිනල් year වෙද්දී කුමාර වෙලා!

    ReplyDelete
    Replies
    1. මුල අවුරුදු වල සාදු ෆයිනල් ඉයර් එකේ මචං එහෙම නේද නාඩියෝ.

      Delete
    2. ඔහොම නෙමේ හැලපයියේ කියන්නේ
      පළමු වසරේ නිකන්ම හිමි
      දෙවනේ වසරේ බඩුවක් හිමි
      තෙවන වසරේ සිවුර අහිමි
      අන්තිමේදී දරුවෙක් හිමි

      Delete
    3. උදාර,
      ඒ කවියෙන් කියවෙන දේත් බලපුවම ඇත්ත නේද.ස්තූතියි උදාර.

      Delete
  27. ඔය කිටියා වගේ උන් ඕනතරම් ඉන්නේ හැලපයියේ,පිටින් පේන්න සුදු ඇදගෙන කරන්නෙම කළු වැඩ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැලුවොත් කිටිය කළු චරිතයක් කියලත් කියන්න බෑ හැබැයි උගේ වැඩ නිසා ඌ බයිට් වෙනවා.

      Delete
  28. ගෑණු ප්‍රශ්න තියන මගුලානන්දලට වඩා දෑන් ආගමට ( සහ රටට ) හානිකරන්නෙ බුද්දාගම රට ජාතිය බේරගන්න කියල රට ගිනි තියන තග්සාර ල

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ප්‍රා මෙන්න මේ තග්සාරලගෙන් රට බේරගන්නෙ කවුද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නෙ.

      Delete
  29. අනේ අපි ගිහින් පිරිත් නූල් බන්දගෙන වැඳලා එන්නේ කොයි වගේ අයටද දන්නේ නෑ කියලා පව්කාර හිතිවිල්ලක් හිතට ආවනෙ හැලපයෝ...

    බුද්ධ සාසනේ පැවිදි වෙලා ඉන්න බටහිර හාමුදුරුවරු ඔයිට වඩා හැම අතින්ම හොඳයි. ඒ අය මහණවෙන්නේ සසර කලකිරිලම හන්දා...

    //නිකං බොන්න හම්බවෙච්ච වෙලාවට නං එක පදයක් කඩාගන්නව//

    මේ විදියටම අනෙක් ඒවත් කැඩෙනවා ඇතිනේ...:D

    ReplyDelete
    Replies
    1. හැම පැවිද්දම එක වගේ නොවෙන නිසා පිරිත් නුල් බන්දවාගන්න එක ගැන කලකිරෙන්න එපා පොඩ්ඩියෙ.බුද්ද සාසනේ පැවිදිවෙන බටහිර ජාතිකයන් ඇත්ත වශයෙන්ම තමන් කරන්නෙ මොකද්ද කියල දැනගෙන පැවිදි වෙන නිසා ඒ අයගෙන් දහම රැකෙනවා.

      Delete
  30. හැලප,

    හීරළුව කියල හැදිල තියෙන්නෙ සිවුරලූ කියන තේරුමෙන්.ඒ කියන්නෙ සිවුර අත්හරින ලද…

    දෙහිගහේ වනල යනව කියන කතාව උඹ අහල තියනවද? හාමුදුරුකෙනෙක් උපැවිදි වෙනකොට වස් දොස් යන්ට සිවුර දෙහි ගහක වනල යන්ට ඕනය කියල පිළිගැනීමක් තියනව.

    " පොඩි උන්නාන්සෙගෙ කල්කිරියාව මටනම් ඒ හැටි ඇල්ලුවෙ නෑ. ලඟදිම දෙහි ගහේ වනල යයි කියලමයි මගෙනම් කල්පනාව " බණ ඉවරවෙල රෑ ආපහු ගෙදර එනගමන් එගොඩහ බාලම්ම කිව්වෙ කටත් ඇඹුල් කරගෙන

    ReplyDelete
    Replies
    1. දෙහි ගහේ වනල යන කතාව නං මාත් අහල තියේ,සිවුරු ඇරල යන එකාට මොන වස් දොස්ද නේද.

      Delete
  31. ඕං අන්තිමට දැනුයි කියෙව්වෙ. කොහොම නමුත් මුල මතක නැති නිසා ආයෙත් කියවන්න වෙනව. උඹ ගැන අර කකාගෙ බ්ලොගේ ඇනෝ කෙනෙක් කිව්ව හරියට හරි.

    ReplyDelete
    Replies
    1. කොහම හරි කියෝගත්තනේ ඒ මදෑ,අනික ඔෆිස් එකට වෙලා බොරු කියෝ කියෝ ඉන්න වෙලේ ඔහොම වැදගැම්මකට ඇති දෙයක් කියෙව්වහම මක් වෙනවද.

      Delete
  32. මහන කමේ නියම අරමුන පසෙක ලා මහන වීම සහ නියම අරමුණ ක්ක්රියාත්මක නොවීම තමයි ඔය ගැටළු වලට මුල. අභිධර්මය දන්නා භාවනා කරන හාමුදුරු වරු දැන් පන්සල් වල හිගයි නේද?

    ReplyDelete
    Replies
    1. අරමුණත් අභිධර්මයත් පසෙක තියල ඉස්සෙල්ලම පංසලට හාමුදුරුවරු සොයා ගන්න තත්ත්වයකුයි දැන් ඇතිවෙලා තියෙන්නෙ මකසි.

      Delete
  33. අය්යෝ කිටියා... නිකම් කට තියාගෙන ඉන්න බැරුව සවුත්තු වෙලා... හැබැයි හැලපලා වගේ කට්ටියක් එක්ක ඉන්නකොට කටින් පිටවුනු ගමන් ඕක මීටර් උනේ නැති එකයි වැඩේ... හික්ස්...

    අනුරාධපුර ඈත ගමක පන්සලක සිවුරු ඇරලවත් අත ඇරලවත් යන්නෙ නැතුව බොහොම අමාරුවෙන් දානෙ ටික සොයාගෙන ඉන්න හාමුදුරු කෙනෙකුට අපේ තාත්තාත් මිළ මුදලින් උදව් කරනවා මාසිකව... පහුගිය දවස්වල අසනීපෙන් ඉඳලා ඒ යවපු සල්ලි ටික බෙහෙත් ගන්න යන්න එන්න ගොඩක් උදව් උනා කියලා පිං දීලා ලියුමකුත් එවා තිබුණා කියල කිව්වා...

    අපෙත් ඉන්නව සිවුර ඇරල ආපු එක්කෙනෙක්... එයා එහෙම කරල තියෙන්නෙ උපසම්පදාවට කලින්... පුංචි කාලෙ ඉඳන් ඔතෑනි ළමයෙක් වෙච්චි හින්දාත්, පන්සලට බණට ඇල්මක් දක්වපු හින්දත් තමයි මහණ කරවලා තියෙන්නෙ... ඒත් ගෑණු ළමයෙක් හින්දා සිවුර තියල ගෙදර ඇවිත්... මහ ලොකු ඉගෙනුමක් කරලත් නැහැ... ඒ ගෑණු පරාණෙ නොවුනට වෙන ගෑණු පරාණයක් කසාද බැඳගෙන හොඳින් ඉන්නවා... දැනටත් පන්සලට බොහොම සම්බන්ධයි... දහම් පාසැලෙත් උගන්නනවා... එයාත් එක්ක එකට මහණ වෙච්චි අනිත් හාමුදුරුවො නම් දැන් මන්ත්‍රී හාමුදුරු කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. දෙවිදියක කතා දෙකක් මියුරු.තාත්ත නං කරන්නෙ මෙලොවදීම පටිසන්දෙන මහඟු පින්කමක්.අනික් හාමුදුරුවො කාටත් සිද්ද වෙනදේ කරගෙන තියනවා විශේෂයක් නෑ.

      Delete
    2. ඕන්න අදයි හැලප කඩේට ඉස් ඉස්සෙල්ලාම ගොඩවුනේ. එහෙනම් මාමෙ, හැලපයක් කමුද කහට කෝප්ප්යක් එක්කම..රහ වැටුනොත් නම් එනවා එපාවෙන්නම.

      Delete
    3. පැමිණීම ගැන බොහොම ස්තූතියි මනෝෂ්,ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.
      මීට ඉස්සෙල්ල මම ලියපු කතා ටිකත් කියවලම ඉම්මු නේද.

      Delete
    4. අනිවාරෙන්ම.. විවේක තියෙන හැමවෙලේම ඇවිත් කියවනවා.

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. වරායෙ කිටියා ගැන හැලපෙ කලින් කිව්වත්ත්, ලියන තුරු බලාගෙන හිටියෙ. බලාගෙන ගියාම කිටියත් මාර චරිතයක් නෙව :)

    අද කාලෙ හාමදුරුවරු ගැන කියනව නම්, අපි ඒ අය ගැන මීට වැඩිය උපේක්ෂාවෙන් බලන්න ඕනෙ කියන එකයි මගේ හැඟීම. මං මේ කියන්නෙ, සියලු සැප වළඳන ලොකු පන්සන්වල උන්නාන්සෙලා ගැන නෙමෙයි, අර හැලපෙ කිව්වෙ වගේ , බොහොම දුකසේ අමාරුවෙන් සාසනයේ ‍රැඳිලා ඉන්න අය ගැන. සිවුර අත් හැරල යන අය ගැනත් අවුලක් නෑ, පුළුවන් තරම් කල් හිටියා, බැරිවුනාම ගියා, එච්චරයි.

    ගිහියො වශයෙන් අපි මේක හරි, මේක වැරදියි කියල කිව්වට. ඇත්තටම මේ අබුද්දස්ස කාලෙ , සර්වසම්පූර්ණ නැතිවුනත් සිවුරේ ‍රැඳිල ඉන්න හාමදුරුවරු ගැන මගේ නම් තියෙන්නෙ ගෞරවයක්, එත් හැමෝම ගැන නම් නොවේ. බුදු දහම ‍රැකෙන්න, සාසනය තියෙන්නෙ ඕන, සාසනය ‍රැකෙන්න හාමදුරුවරු ඉන්න ඕනෙ නෙව.

    ReplyDelete

ඔබේ අදහස්