Thursday, April 10, 2014

125.බක්මහේ සිහිනය සහ මුංගුලි


අපි පොඩි කාලෙ අලුත් අවුරුද්දක් එනව කියන්නෙ ඉතිං සෑහෙන කාලෙකින් සිද්දවෙන දෙයක් නොවැ අවුරුදු හරි දිගයි,අලුත් අවුරුද්ද එන්න ගොඩක් කල් යනවා පොඩි අපි අලුත් අවුරුද්ද එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ වැඩියෙම රතිඤ්ඤ පත්තුකරන්නයි  බීරංග ගහන්නයි. එතකොට ඉස්සරහ අඹ ගහේ ඔංචිල්ලාවකුත් බඳිනවමයි...

අම්ම කුස්සියෙ ගොම මැටි ගාල ලිප් එහෙම අලුත්වැඩියා කරගෙන වංගෙඩියෙ පිටි වනක් කොටන්නෙ අවුරුද්දට රස කැවිලි හදන්නටයි,අතිරස,අලුවා,මුංගුලි වගේ රසකැවිලිත් ගස්ලබු පෙතිත් අමු මිරිසුත් පොල් විනාකිරිත් දාල හොඳට සැරට හදන ගමේ අච්චාරුවකුත් අම්මගෙ කුස්සියෙ වරදින්නෙ නෑ...

අම්ම හදන රසකැවිලි වලින් මම කන්න ආසම ජාතිය මුංගුලියි, බැදපු මුං පිටිත් පැනිපොලුත් තාච්චියෙ මලවල ගුලිකරල  ගුලි ටික පිටි මිශ්‍රණය තවරල බැදගත්තම හරිම රසයි...

මුංගුලි ගැන කියනකොට මට මුංඇට ගැන පොඩි කතාවකුත් මතක් උනා,ඒකත්  කියලම ඉන්නං...

ඔන්න  අනාගතේ ගැන හිතල  අලුත බැඳපු බිරිඳව තනිකරලා රට රස්සාවකට ගිය තරුණ සැමියෙක් අවුරුදු දෙක තුනකට පස්සෙ ආපහු සියරට ඇවිත් කාලෙකට පස්සෙ හම්බ වුනු තරුණ බිරිඳගෙ තුරුලෙ ඇයගෙ උණුසුමේ මිහිර විඳගනිමින් ඉන්න ගමන බිරිඳගෙ කොට්ටෙ යට කොලේක ඔතල තිබ්බ මුංඇට හයකුයි රුපියල් එකසිය විස්සකුයි  දැකල මේ මොනවද කියල ඇහුවලු...

ඒ අහපු ගමන මේ තරුණ බිරිඳගෙ ඇස්වලින්  දොඹගෙඩි සයිස් කඳුළු කැට වැක්කෙරෙන්න වුනා...

ඇයි ඇයි මොකද රත්තරනේ ඔයාට ගෙදර මතක් උනාද,අපි හෙට අනිද්දට ඔයාලගෙ ගෙදර ගිහිං එමුකො හා හා දැන් නාඩ ඉන්නකො...

ඒ වුනාට බිරිඳ  අඬන එකනං නැවැත්තුවෙ නෑ...

ඔයා මම නැතුව ගොඩක් දුකෙන් හිටිය කියල මම දන්නව රත්තරං,මම රට ගියෙ හිතකින් නෙවෙයි අපි දෙන්නගෙ අනාගතේ ගැන හිතලමයි...

ඒ ගමන ඇඬිල්ල වැඩිවුනා බිරිඳ ඉකි ගගහ අඬද්දී මනුස්සය කොහොම වාවගෙන ඉන්නද...

ඔයා අඬනකොට මටත් වාවන්නෙ නෑ,මම කොහොම ඉවසගෙන ඉන්නද...

නෑ අනේ මම කොහොමද ඔයාට මේවා කියන්නෙ මගෙ පපුව පැලෙන්න එනවා,මට වාවගන්න බෑ අනේ මට මැරෙන්න ඕනෑ මට මැරෙන්න ඕනෑ ඈඈ ඈ...

හා හා නාඩා කියන්නකො මොකද මොකද මේ...

එහෙනං මම කියන්නද ඔයා මාත් එක්ක කේන්ති ගනීද දන්නෙ නෑ අනේ මට බයයි...

අපොයි  මොකට කේන්ති ගන්නද ඔයා කියන්නකො...

ඔයා රට ගියාම මට තනියම ඉන්න බෑ පාලුයි දුකයි තනිකම කියාගන්න කෙනෙක් නෑ මම හැමදාම රෑට කොට්ටෙ තෙමෙනකල්ම අඬනව,මම ඔහොම දුකෙන් ඉන්නව දැකපු අර හංදියෙ කුලී ගෙදර ඉන්න අයිය මගෙන් ඇයි දුකෙන් ඉන්නෙ කියල විස්තර අහල මගේ පාලුවයි තනියයි මකාගන්න එයා උදව් කරන්නං කිව්ව,ඉතිං ඊට පහුවද ඉඳන් ඒ අයිය හැමදාම රෑට ඇවිත් ඔයා නැති තනිය මැකුවා...

ඉතිං  ඒකෙයි මේ මුං ඇට වලයි තියෙන සම්බන්දෙ මොකක්ද...

ඒ අයිය මාව බලන්න එන හැමදාම මතක්වෙන්න කියල මුංඇටේ ගානෙ අරං ආවා  ඔය මුංඇට එව්ව තමා...

තමන්ගෙ බිරිඳගෙ අවංක කමටයි ඇත්තම කීව එකයි ගැන  මේ තරුණයට දුක හිතුණා...

ස්වාමි පුරුෂයෙකුට අහන්නට අමාරු කතාවක් උනත් ඔයා අවංකව ඇත්තම කියපු එකට මම හරි කැමතියි,සමාව දෙන්න බැරි වැරද්දක් මේ ලෝකෙ නෑ කියනවනෙ,මටත් ඔයාට සමාව දෙන්න බැරිකමක් නෑ අනික ඒ මනුස්සය ඇවිත් තියෙන්නෙත් දවස් හයනෙ, එතකොට මේ රුපියල් එකසිය විස්ස මොනවද... 

එකතුවෙලා තිබ්බ මුං ඇට කිලෝ දෙකක් ගිය සුමානෙ මම හංදියෙ සිල්ලර කඩේට දීල සල්ලි ඉල්ල ගත්ත,ඔය තියෙන්නෙ ඒ සල්ලි තමයි...

හුටා මම කියන්න ආවේ වෙන කතාවක්නෙ ළමයි, දැන් මොනව කරන්නද ඉතිං ලියපු එකත් ඔහොමම තිබ්බදෙන්...

කලින් අවුරුදුවල වගේම මෙදා සැරෙත් සයිබරයේ සිහින බක්මහ උළෙල මහ ඉහලින් පවත්වන්නට කටයුතු සියල්ලම  සුදානම්  කර තියෙන වග මේ සිහින බක්මහ උළෙල වගේම සයිබරයේ වෙනත් එකමුතු වලටත් පණ දාගෙන මහන්සිවෙන නලින් මටත් දැනුම් දීල තියෙනවා...

මෙදා උත්සවය පැවැත්වෙන්නේ අප්‍රේල් 20 වෙනිදා බත්තරමුල්ල පැලවත්තේ  බුද්ධදාස ක්‍රීඩාංගනයේදීයි, එතනට යන විදිහ මෙන්න මෙහෙමයි යන පාර... 

පැමිණීම තහවුරු කිරීමේ පෝරමය මෙන්න මෙතනින් ගිහිං පුරවන්න,වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය අයට ඒ සියල්ලම බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙබ් අඩවියෙන් බලාගන්නට පුළුවනි...

ඉතිං අප්‍රේල් 20 වෙනිදා උදෙන්ම පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට ගිහිං සයිබරයේ සිහින බක්මහ උළෙලට සහභාගී වෙලා වසරකට වරක් පවත්වන මේ සිහින බක්මහ උළෙල සාර්ථක කරගන්නට ඔබේ සහයෝගය ලබාදෙන්න කියා බ්ලොග් ලියන කියවන සියලු දෙනාගෙන්ම මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා...

1980 අවුරුද්දේ ලංඩනයේ පැවැත්වුණු ප්‍රසංගයකදී පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ රස වෑහෙන ගීතය අලුත් අවුරුද්දෙ ඔබේ රස වින්දනයට එකතුකරගන්න...


පින්තුර බලා සෑහීමකට පත්වෙන්න මට සිද්දවුනත් සයිබරයේ සිහින බක්මහ උළෙලේ සියළුම කටයුතු සාර්ථක වේවායි මේ අලුත් අවුරුද්දේ ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.




122 comments:

  1. මුං ඇට බර නැති හන්ද හොදා..

    ReplyDelete
    Replies
    1. බර ගණන් ගන්න එපා බං,මුන්ඇට වලට වැඩිය ලොකු ඇට උස්සන්නෙ.

      Delete
  2. මුං ඇට කතාව නම් පට්ටේ හොඳම එක...

    ReplyDelete
    Replies
    1. තව මෑ ඇට කතාවකුත් තියනව මචෝ.

      Delete
    2. මෑ ඇට කතා මා ලගත් ඔසේට.... මචෝ....

      Delete
  3. අර මනුස්සයා පව් අෆ්ෆා මුං ඇට කිලෝ එකකට මං ඇට කියක් තියෙන්වද දන්නෙ නෑනේ හැක් .

    කෝ දැන් අවුරුදු කතාව !!!!!

    ReplyDelete
    Replies
    1. උඹට අවුරුද්දට නිවාඩු නෑ නේද,මොනා කරන්නද නැත්නං මුංඇට කිලෝ එකක් ගෙනිහින් ගැන ගැන ඉන්න තිබ්බනෙ.
      අවුරුදු කතාව අවුරුද්දට දාන්නං,මේක නලියගෙ කතාව.

      Delete
    2. මෙන්න අලුත් අවුරුදු උත්සවේට හොඳ තරගයක්.

      මුං ඇට ගාන කීම (ගස් ලබ්බේ ඇට ගාන කීම වගේ!)

      Delete
    3. නිවාඩු කතාවක් නෑ හැලප මං වැඩක් 20 එක නොකර ඉන්න බෑ,එත් ටිකක් දවල් වෙලා හරි ගිහින් එන්න හිතන් ඉන්නෙ

      @ කකා

      නියමයි

      Delete
    4. කකා,
      දැන් තියෙන ගස්ලබු වල ඇට ගණන් කියන්න හරිම ලේසිනෙ කකා,ඇට තුන හතරයිනෙ තියෙන්නෙ වනල ගහපුවම එකක් හරි වදිනවා.

      Delete
  4. ඇ හැලපයියේ දැන් එතකොට මුං ඇට අරගන ....................................නැ එක්කෝ ඕන්නැ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම දන්නව,ඒ කෑල්ලත් දාලම කතාව ලියපං.

      Delete
  5. හැක් හැක්... යකඩෝ හදන්යේ අයියා දාන දාන සැරේට මුං ඇටයක් වෙන්න එකතු වෙලා වගේ මට පේන්නේ.. මරු කතාව

    ReplyDelete
    Replies
    1. * හදන්යේ = හන්දියේ

      Delete
    2. මට අප්පරමාන පිරිතියි .අයියට වැරදිලා

      Delete
    3. අලුත් වචනයක් වෙන්නැති..පුඟුලෙක් නේ

      Delete
    4. එම්බල පත්තර පුඟුල හැලපයට නිගා නොකරව.

      Delete
    5. දේශා,
      තවත් චූට්ටක් ඉතර විස්තර කොලා නං වටිනාකම කියන්න බෑ බං.

      Delete
    6. කමන්න සබඳ නලීන් .. හංසයා කාකයන්ගේ ඇසුර පිලිකෙව් කරන්නේ යම්සේද නුවණැත්තා පුඟුලන් ඇසුර නොඉවසයි..අප්‍රමාණ ප්‍රීතියට පත් වූයේ දේශකයා නම් මුග්ධයාගේ විකාරරූපි රචනා ශෛලිය මුවගට සිනා නැංවූ හෙයිනි .. සිත්තැවුලක් වී නම් නැවතත් කමත්වා.
      . ස්වස්ති සිද්ධම් !!!!

      Delete
  6. අම්මටසිරි... මාර ගෑනියෙක් නෙහ්.. !
    මුං අට කතාව වගේ තව කතාවකුත් මතක් උනා මට...

    ReplyDelete
    Replies
    1. මාර ගෑනියෙක්දත් අහනව.
      ඒ කතාවත් ලිව්වනං නරකද මධු.

      Delete
  7. යුද්ද කාලේ මාස ගණන් නිවාඩු එන්න බැරිවෙච්චි හමුදා සාමාජිකයකු ගැනත් උපකල්පනය කරලා ඔය කතාව හදලා තිබුණා. සුපිරි කතාවක් හැලපේ.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවෙ වර්ශන් කීපයක්ම තියෙනව විචාරක තුමා,නැගල යන කතා නොවැ.ස්තූතියි.

      Delete
  8. හ්ම්..
    සුපුරුදු පරිදි හැලප මුදලාලි
    කැන්ද කොළය අතුරා ඇත.
    සෑම් පිටි කොටා,
    මාතලනි පොල් ගා
    සහෝදර සීනි උණුකර
    අටම් සියල්ල එකට අනා බෝල හදා
    දේශක එය කොලේ දමා මැසිමෙන් පැතලි කර
    සන්ජීව හුමාලෙන් තම්බා
    මධුරංග වට්ටියට දමා විදුරු සෝ කේස් එකේ දමා ඇත.

    ReplyDelete
    Replies
    1. මල්මී එවා කන්න කඩ දෙපැත්තෙන් කෙල හලමින් බලා ඉදී හැක්

      Delete
    2. නියමයි නියමයි .

      මොකද අනේ මාව බෝල හදන්ඩ දැම්මේ

      Delete
    3. සුපිරි......malmi hi .....

      Delete
    4. අටංව දාන්න තිබ්බේ බෝල මැද ඇගිල්ලෙන් හිලක් හදන්න දාන්න

      Delete
    5. මල්මි හයි,
      //දේශක එය කොලේ දමා මැසිමෙන් පැතලි කර//
      මෙන්න මේ කෑල්ල දැක්කම මම ටික දවසකට ඉස්සර හැලප මැසිමගැන ලියපු කතාවක් මතක් වුණා. මේ තියෙන්නෙ ඒක.http://helapakade.blogspot.com/2013/06/73.html
      සාවධානව කියවල හදාගන්න ට්‍රයි එකක් දෙන්නකො.ගුණ පණ අපටත් කියන්න හොඳේ.

      Delete
    6. අටං,
      උඹ බෝල කාරය කියල ඒ ළමය දන්නා නිසානෙ,ඔය නලියත් කියල තියෙන්නෙ.

      Delete
    7. මටත් මතක් වුණා අර හැලපේ කිවුව හැලප හදන මැෂිමේ කතාව...

      Delete
    8. @ මල්මි
      මට බඩේ අමාරුව හැදුනද කොහෙද

      @ සඳා හෝ හැලපේ
      කරුණාකර ලින්ක් එක ලබා දෙන්නේ් නම් මැනවි, මා සතුවද හැලප හදන මැෂිමක් සම්බන්ධයෙන් කථාවක් ඇත.

      Delete
    9. විදානේ,
      මෙන්න ලින්ක් එක.
      http://helapakade.blogspot.com/2013/06/73.html

      Delete
  9. තියන මුං ඈටය ගෙවෙන තරමට මුං ඈට එකතුකලා නේ?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි නැතුව නැතුව.කිලෝ දෙකක් කියන්නෙ සුළු පටු වැඩක්ද.

      Delete
  10. ඔය මුංඇට කතාව වගේ එකක් කලින් මේල් එකක ආවා මතකයි. මේ පාර හැලපි මුංගුලියි, අච්චාරුයි හදයිනේද?

    හැලැප පවුලට සුබ අලුත් අවුරුද්දක්!!!!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් පොඩ්ඩි,මුංගුලි සහ අච්චාරු නොවැරදීම ලැබේවි.
      ඔබ දෙපොලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  11. මුං ඇට කතාවනං කලින් අහල තියෙනව.
    ඉස්සර අවුරුදු එනකල් බලාන හිටියට දැන්නං ඒක එච්චර ගණ් ගන්නෙ නෑ වගේ.
    මාත් ඉස්සර අවුරුදු එනකල් හිටියෙ අච්චාරු කන්න බලාගෙන තමයි. :D

    ReplyDelete
    Replies
    1. මොකෝ ප්‍රසා දැන් අච්චාරු කන්න මනාප නැතිද.

      Delete
    2. අපෝ දැං කියල වෙනසක් නෑ.

      Delete
  12. හැලපේ උඹට මතකද කෙහෙල් කැනක් දෙකක් දුම් ගහලා ඉඳවනවා. මගුල් ගෙවල් තියෙන කොටත් එහෙමයි. ඉස්සර අපේ පර්ච්ස් විස්සේ වත්තේ තිබුනේ රත් කෙහෙලුයි, සුවඳැලුයි විතරයි...

    ReplyDelete
    Replies
    1. උත්සව තියෙන අවස්ථා වල කොහොමත් වත්තෙ පැහිච්ච කෙසෙල් කැන් දුම් දාලා නෙ මචෝ ඉදවන්නේ...
      පොල් කට්ට හිලෙන් දුම් විදින එක එල... නහයට දුම් ඇදිල ඉහ මොළ රත් වීමත් ...දැන් බුලත් කොලේට කතිර ගැහව්ව උන්ට වෙනව වගේ ඉස් මොල් රත් වෙනවාය....

      Delete
    2. වැඩක් නැහැ රත්කෙහෙල් වල පොත්තේ විතරයි ලස්සන,සුවදැල් කියන නමේ විතරයි ලස්සන.ඔන්න ඒකට ඇම්බුන් කෙසෙල්

      Delete
    3. හ්ම්ම්..මට නම් තාමත් සුවද..කෝලිකුට්ටු විතරය.............

      Delete
    4. මාතලන්,
      අපොයි මොකද මචං මතක නැත්තෙ,අපි කෙහෙල්කැන් බිං කෙරුවෙ දර මැස්සෙ බිම.ඉතිං උඹ අතීත මතක සුවඳ අවුස්සනවනේ බං,ඕනැ නෑ මචං අපරාදෙ කමෙන්ට් කොටන්නෙ පෝස්ට් එකක්ම දාන්නං වෙලාවක.

      Delete
    5. කෙන්ජි, ඇනෝ,
      කොහොමද කෙහෙල් කැන් ගොඩගන්නකොට එන සුවඳ,ඇනෝ මම රත්කෙහෙල් කතාවට එකඟයි ඇම්බුන් කෙහෙලුත් රසයි,ඇයි සුවදැල් නම විතරක් ලස්සනයි කියන්නෙ කෙසෙල් ගෙඩියත් රහයිනෙ.

      Delete
  13. අනේ අප්පේ , මේ වෙනකොට මුං ඇට කොච්චර කොට්ට යට තියලා ඇතිද ?

    ReplyDelete
    Replies
    1. අම්මෝ හූල්ලන්න එපා යකෝ,ඇට තියන්න තැනක් හොයාගනින්.

      Delete
  14. මං හිතුවේ නිකම් මෑ ඇට වගේ දෙයක් ගෙනාවා කියලා

    ReplyDelete
    Replies
    1. නාඩියට ටක් ගාල මෑ ඇට මතක්වුණා නේද.

      Delete
  15. මචෝ....අවුරුද්දටම ඇති මුං කතාව...පට්ට.....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ,උඹ ලංකාවට යන්නෙ කවද දිහාද.

      Delete
    2. චැහ්.. ටික දොහක් කලිං ආවනං අපි දෙන්නට ෆ්ලැට් වෙන්ඩ ගහලා කානු පල්ලක බුදියන්ඩ තිබුනා , ඕ යේස්

      Delete
  16. ම්..මුං ඇට පියලි කන්න කටේ කුරහන් ගලක් හයිකරගන්න වෙයි.

    මුං ඇට කථාව නෙමෙයිලු ඕක විලි ලැජ්ජාවට මුං ඇට කිව්වට.
    ඔන්න යන යන වතාවට කැන්ද කොළයක් ගෙනියලු.ආදරේ සංකේතයක් විදියට.
    ඉතින් කැන්ද කොළ 6 ක් තිබුණලු.
    ඇත්ත වශයෙන්ම තිබිලා තියෙන්නේ එදා වරුවට ගෙනා කැන්ද කොළයි.
    පහුවදා හදලා විකුණපු හැලප වලයි සල්ලිලු.
    ඉතිරි සල්ලි පොතේලු.
     

    ReplyDelete
    Replies
    1. මුං පියලි කතාව හැදුවා පිනි ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක් තෑන්ක්ස්.
      බ්ලොග් ලියන්න අලුතෙන් බඩු කෑලි දෙකක් බැහැල ඉන්නව,කටවල් දෙක නං අනේ වාසනාවන්.

      Delete
    2. ම්...

      බඩු කෑලි..දෙකක්?

      ඔය වගේ පොඩි පොඩි මිස්ටේක් වගයක් යන බව නම් පේනවා.
      පිනි වැනිව පෙනී සිටින අයත් ඉන්නවලු මේ ටික දොහට.
      කෝක වෙතත්,
      පිනි ,පැනි වගේ දේවල් රදා හිටින දේවල් නෙමෙයිනේ.
      බොහොම ඉක්මනින් ඇතිවන හා නැතිවන.

      පිනි කියන්නේ පිනි නේ.



      Delete
  17. මුං ඇට කතාවට හරි හිනා....

    බක්මහ සැණකෙලියට සුබ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. ඇයි තරු සැණකෙළියට සහභාගී වෙන්නෙ නැතිද.

      Delete
  18. මං ආස කොකිස් වලට !

    මුං ඇට කතාව තමයි කතාව.

    ReplyDelete
    Replies
    1. කොකිස්වලට මමත් ආසයි වැඩියම ආස කො යන්න නැතුව කන්න.

      Delete
    2. මට හිතුන ඕක කියයි කියල. කොකිස් නම් මොනවද 'කො' නැති ඒවත් එක්ක බලද්දි. නේද හැලපයියෙ :D

      Delete
  19. එක දවසට එක මුං ඇටේ නිසා ඔහෙන් ගියා, එක සැරේකට එක මුං ඇටේ ගානෙ එකතු කරානම් විනාශයි. මරු කතාව.

    සුබ නව වසරක් වේවා හැලප අයියෙ.

    ReplyDelete
    Replies
    1. එක සැරේකට ඇටේ ගානෙ එකතු වුනා නං කොච්චර විතර එකතුවෙයි කියලද ප්‍රියා හිතන්නෙ.
      ඔබ දෙපොලටත් සුබ නව වසරක් වේවා.

      Delete
  20. මුං කැවුම් වගේම තමයි හැලප අයියෙ මුං ඇට කතාවත්..සුපිරියි..

    ReplyDelete
    Replies
    1. උමේෂ්,මුං කැවුම් මුංගුලි කොහොමත් හදනවනෙ අවුරුද්දට,ඔන්න මම මේ සැරේ තව කෑමක් ගෙනාව.

      Delete
  21. කතාව බලන්න පස්සේ එන්නම් හැලපයියේ,
    එතකන් පාලකයින්ට අපේ දුක දැනෙනා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.........!!!!

    ReplyDelete
    Replies
    1. පස්සේ එන්නම් කීවාට ඔන්න කතාවත් කියවලා ඉවර කලා හැලපයියේ...

      Delete
    2. කතාව කියෙව්වට බොහොම ස්තූතියි මනෝජ්,නෝක්කාඩුවක් එක්ක ප්‍රාර්ථනාවක්.
      ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  22. මොකක්ද මේ "බීරංග ගහන්නවා" කියන්නේ ?

    සමහර පැති වල "මුංගුලි" වලට "වෙල්ල වැහුම්" කියලා කියනවා නේද?

    ඔබ සැමට ශුභ සිංහල - හින්දු අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. //අවුරුද්දට වෙඩි පුපුරුවන්නේ බීරංගයකිනි. එය දිගු ශක්‌තිමත් ලීයක්‌ අගට සවි කළ කෝවක්‌ වැනි යකඩ උපකරණයකි. මෙයට වෙඩි බෙහෙත් පුරවා ඇණයක්‌ රිංගවා පොළවේ ගැසූ විට ටොන් එකහමාරේ කාලතුවක්‌කුවක ශබ්දය නිකුත් විය.//
      මේ වෙල්ලවැහුම් ගැන,
      http://helapakade.blogspot.com/2014/03/119.html
      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
    2. ඉස්සෙල්ලාම; අනවශ්‍ය කරදරයක් කලාට සමාවන්න ඕනෑ... මොකද බොහෝම මෑතක ඔබ විසින් පලකරන ලද වෙල්ලවැහුම් ලිපිය මගහැරිලා.. (තව ලිපි කිහිපයකුත් මග හැරිලා.. ඉතින්, ඉඩක් ලද විගස ඒවත් කියවන්න ඕනෑ...)

      ඒ එක්කම (කිසිදු තරහක් නොගෙන) අදාල පෙර ලිපියට "ලිංක්" එක ඉදිරිපත් කිරීමට තරම් ඔබ, කාරුණික වීම ඉතා අගය කරන බව ස්තුතිපූර්වකව සඳහන් කරනු කැමැත්තෙමි.

      {අනේ මන්දා, මට මේ මතක් වුනේ..... තවත් මුංගුලි හා සමාන කැවිලි වර්ගයක් තියෙනවා නේද "උඩ බැලියන්" කියලා...}

      අප්පටසිරි ... කියන හැටියට බිරංගයත් මාර භාන්ඩයක් වගේනෙ...:D ඒ දවස් වල අවුරුදු කාලෙට නැතිවම බැරි "අයිටම්" එකක් තමා "අලිඩෝං" රතිඤ්ඤා. අලිඩෝං වගේම සද්දෙ එන එකක් වෙන්ට ඇති....බිරංගයත්; එහෙනම්.

      බිරංගේ ගැන කියනකොට මතක් වුනේ.....ඉස්සර...අපිත් පුංචි කාලේ ගිනිකූරු කිහිපයක වෙඩිබෙහෙත් හූරලා අරන් සිගරට් පෙට්ටිය ඇතුලෙ තියෙන ඊයම් කොල කෑල්ලක, ගුලි කරනවා. ඊට පස්සේ ඔය ඊයම් ගුලිය, කලු ගලක් උඩ තියලා තව ගලකින් තලනවා. සැමවිටම නැතිවුනත්, සමහර වෙලාවට එකත් වෙඩියක් වගේ පුපුරණවා...:)

      හැබැයි ඉතින් ගිනිකුරු ඉවර කලා කියලා තාත්තට මාට්ටු වෙලා කන කනේ පාර පුපුරපු එකට වඩා සැරයි.....:D

      හැලප මහතා, ඔබට බොහෝම ස්තුතියි !

      Delete
  23. අනේ අම්මපා.. මොක ලියන්න ගියත් "මතක් නොවී තියෙන දෙයක්" නැහැ නේද කතාව ඇතුලට රිංගවන්න... :)
    සුභ සිංහල අලුත් අවුරුද්දක් කිවුවා ඕන් ඈ... :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා හැමදාම මොක ලියන්න ගියත් මොකක් හරි මතක් වෙනවනෙ.මොනා කරන්නද කරුමෙ වෙන්න ඇති.
      ඔබටත් සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  24. ලොකු අයියා ,
    ඔබතුමාට හීං අඩියක් ගහගෙන දරුමල්ලො එක්ක අගහිඟයක් නැතුව දෙයියනේ කියල තංතෝසෙන් මේ අවුරුද්දෙත් ඉන්ඩ ලැබේවා .. !!!
    මටයි මයෙ ගෑණිට‍යිත් එසේම වේවා ..

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි පත්තර මල්ලි.මේ අවුරුද්දෙත් සුපුරුදු විදියට විහිලු තහලු කරගෙන සතුටින් ඉන්න ලැබේවා!!
      ඔබටත් ආදරණීය බිරිඳටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  25. අපේ පැත්තෙ ඔය මිශ්‍රනයම අරං බොහොම පොඩියට ඕල හදලා තුන තුන එකට අලවලා බැදලා ගන්නවා. ඔන්න මුංගුලි..මුං ඇට වෙනුවට අර අක්කට තිබ්බෙ අබ ඇට එකතු කරන්න.. කුරක්කන් උනත් අවුලක් නෑ..:-D

    ReplyDelete
    Replies
    1. ගුලි තුන එකට අලෝල බැදගන්න එක ඇහුවමයි,වෙලාවක කාල බලන්න හොයල දෙනවද වෙනී.
      අර අයිය මුංඇට ගෙනාවෙ අබ කුරක්කන් ගේන එක කරදර නිසා වෙන්න ඇති.

      Delete
  26. සුබ නව වසරක් මචං බොලා ඔක්කෝටම!!!

    ReplyDelete
    Replies
    1. බොලාටත් සුබ නව වසරක් වේවා මචං!!

      Delete
  27. ඒ මුං ඇට කතාවත් නරකම නැහැනේ බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ හොඳමත් නෑ කියලද දිනේෂ්.

      Delete
  28. අනේ මුංඇට.
    බලන්න කොච්චර අවංක බිරිඳක්ද කියලා

    හැලපතුමාටත් ර්‍භ්‍යාව සහ දූ දරුවන් සියළු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත විදානේ,බිරිඳ මොන තරං අවංකව ඒ කටයුත්ත කරගෙන තියෙනවද.
      ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  29. මම දැන් සෑහෙන කාලෙක ඉදන් මේ බ්ලොග් එක කියවනවා... වැඩ කරන අතරෙදි හැලපයාගෙ අගක් මුලක් නැති කතාවක් කියෙව්වම මාරම රිලැක්ස් වීමක් වෙන්නෙ... දිගටම ලියන්න... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට බොහොම ස්තූතියි ඇනෝ.ඔබටත් ජයම වේවා!!!

      Delete
  30. අරහේ රවී තුමා අලුත් අවුරුදු පොස්ට් එකක් දාලා,
    ඒකෙම කොමෙන්ටුවක කියල තිබුණ වගේ, කොමෙන්ටු ඔක්කොගෙම තියෙන්නේ ජංගි ගැන.
    මෙහෙ හැලප තුමා අලුත් අවුරුදු පොස්ට් එකක් දාලා,
    කොමෙන්ටු ඔක්කොගෙම තියෙන්නේ මුං ඇට ගැන.
    හැලප තුමා ටත්, හැලප හාමිනේ ටත්, හැලප පැටවුන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දට මොනා හරි රසකැවිල්ලක් හදා ගන්න කියල මුංඇට ටිකක් ගෙනැත් දුන්න මානවී.
      ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  31. මචං ....මුංඇට කිලෝ දෙකෙන් බේරිච්ච එක ලොකු දෙයක්... මුගෙ නිවාඩුව තව පරක්කුවුනා නම් ලොරිවල පටවලා හාබර් එකට තමයි යවන්න වෙන්නේ. මරු කතාව බන්. සිංහල අවුරුද්දට මේකත් පටලලා ලියපු එකනේ යකෝ නියම වැඩේ.

    එන්න බැරිවුනත් සියළු දෙනාටම ආතල් එකක් ගන්න ලැබේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. උගෙ නිවාඩුව පරක්කු උනා නං මුංඇට විකුනලම ලක්ෂපතියෝ වෙන්න තිබ්බ නේද මචං.
      අපට යන්න වෙන්නෙ නැති දේට සුබ පතමු නේද.
      ඔබටත් පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  32. අපේ අව්රුදු උත්සවය දවසෙම ඇති ඔබලාගේ අවරුදු උත්සවයත් ඇති සාර්ථක වේවායි පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාළේ,ඔබටත් සුබ නව වසරක් වේවා!!!

      Delete
  33. හි.. හි.. අපුරු මුං ඇට කතාව ...

    ReplyDelete
    Replies
    1. මුංඇට ඉස්ටෝරිය ලස්සනයි නේද තුශානි.
      සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  34. මරු කතාව ඈ!
    හැලප පවුලේ සියලුම හැලපයන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා! :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැන්ඩියන්,ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  35. බීරංග කිව්වම මතක් වුනේ...සිරා පොඩි කාලෙ බයිසිකල් spoke කම්බියක් හොයාගෙන ඒකෙ ගිණිකූරකින් ඩෙිබේත් පුරවලා පොඩි ඇණයක් ඒක උඩ තියලා බිම ගැහුවාම රතිඥ්ඤා තරම් නැති උනත් තරමක ශබ්දයක් එන ගැජට් එකක් මට ඒ කාලෙ ජෑස් කොල්ලා හදලා දිලා තිබුනා....බීරංග කියන්නෙ එහෙම ගැජට් එකක් නේද ?

    පරණ අවුරුද්දෙ මේ පැත්තෙ ආව නිසා සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !

    ReplyDelete
    Replies
    1. බීරංග කතාව තව කෙනෙකුත් අහළ තිබුණා,ටිකක් විස්තරාත්මකව කියල දෙන්න අවශ්‍ය නිසා පෝස්ට් එකක්ම ලියන්නං.
      සිරාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  36. ඉස්සර කාලෙ ඇත්තෝ දවස්ගණන් කලින් අවුරුද්දට සූදානම් වෙන්නේ. ඒත් දැන් ඒ නිදහස මිනිස්සුන්ට නැහැ. හැලපඅයියා ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් පතනවා.!

    ReplyDelete
    Replies
    1. හැමදේම වගේ දැන් අවුරුද්දත් වාණිජකරණය වෙලානෙ.
      තරුටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  37. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි,ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  38. අලුත් අවුරුද්දෙ ඔන්න මාත් ගොඩ වුනා හැලප කඩේට. කමු ද හැලපයක්.. :)

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම !

    ReplyDelete
    Replies
    1. කමුකො කමුකො ඔහෙන් වාඩිවෙලා.
      චන්දනටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  39. අර මුං ගුලි අපි කාල තියෙන්නෙ පොල්පැණි නැතුවනෙ.. එව්වා හයියයි.. කැවුම් හදන පිටිම රවුම් බෝල කරලා බැදලා. අර හදන විදිහ රෙසිපිය ලිව්වොත් මරු හැලපේ.. අපි දෙන්න එකතුවෙලා මුං කැවුම් හැදුවා. (කන්නෙ අපි දෙන්න විතරයි.. ඒකනෙ කෑම හැදිල්ල එපා වෙන්නෙ.) හදන විදින කිව්වොත් මුං ගුලිත් හදාගෙන අපි දෙන්න කනව.

    ReplyDelete
    Replies
    1. මුංපිටි පැනිපොල් එක්ක මිශ්‍ර කරලා තාච්චියෙ මලවල ගුලිකරගෙන කොකිස් මිශ්‍රණයේ තවරල බැදගන්නවා.මම දන්න විදිය ඔහොමයි, හරියටම රෙසිපි එක බිරිඳගෙන් අහළ කියන්නං සරත්.
      ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
    2. අපි මුංගුලි කියන්නෙත් මේකටම තමයි. මේක ඇතුලේ සොෆ්ට් ඇන්ඩ් මොයිස්ට්. කොකිස් බැටර් එකේ අල්ලලා බදින නිසා වටේ ක්‍රිස්පි..කෝලිකුට්ටු ගෙඩියක් එක්ක නම් මල් මසුරන් ..අස්සෙන් ප්ලේන්ටියක් එක්ක.

      Delete
    3. අරූ අයියෙ මං ගානෙ ගෝල්ඩ්ලීෆ් එකකුත් දාගන්ඩ අන්තිමට !!!

      Delete
    4. Gold Leaf +++++++++++++++++++

      Delete
    5. අරූ,පත්තරේ...
      අනේ අම්මපල්ල උඹල නං දැන් ඉතිං මුංගුලියක් කන්නම එපැයි කෝලිකුට්ටුත් එක්ක.

      Delete
    6. ප්ලේන්ටි නෙවේ බං කහට

      Delete
  40. මචං මේ බ්ලොග් වල හුඟක් වෙලාවට දාන කතන්දර, විහිළු වගේ දේවල් මම බොහෝ විට කලින් අහලා තියෙනවා. නමුත් ආතල් එක කැඩෙන හන්දා මම ඒ බව කියන්නේ නැතුව කමෙන්ට් එකක් දාලා යනවා. නමුත් ඇත්තමයි මේ මුංඇට කතාව නම් අදමයි ඇහුවේ. පට්ට කතාව බං. මුං ඇට කිලෝව කීයද දන්නේ නෑ නේ? රුපියල් දහයක් විතර?

    ReplyDelete
    Replies
    1. මොකෝ මචං මුංඇට වල ගණන් හොයන්නෙ අවුරුද්දට කෑම හදන්නද එහෙම නැත්නං, හෙහ් හෙහ් එව්ව ඕනෑ නෑනෙ නේද බං.
      ඔබට සහ පවුලේ සියල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  41. හැලපේ කිරියෙන් පැණියෙන් , මුං ඇටවලින්, මුං ගුලිවලින් උතුරන සුබ නව වසරක් වේවා. බ්ලොග් මිතුරන්ගේ අවුරුදු උළෙලටත් සුබ පතනවා .

    ReplyDelete
    Replies
    1. තිලකේ,ඔබටත් කිරියෙන් පැණියෙන් රසකැවිලිවලින් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  42. ෂා හරි ගුනයහපත් ගැනු දරුවෙක් නොවැ.

    ReplyDelete
    Replies
    1. එහෙම ගුණයහපත් ගෑනු දරුවො මේ කාලෙ හොයාගන්න හරි අමාරුයි දමිත්,වැරදිලා හරි හම්බවුණොත් කියපං,මුංඇට පන්සීයක් විතර හොයාගන්න බැරුවයැ.

      Delete
  43. Replies
    1. තාරකටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete

ඔබේ අදහස්