Monday, April 7, 2014

124.දෙයියන් වැඳීම ධර්මෙගෙ වැටකොළු කොටුව සහ වැල්පෙනෙල



 අපේ මහ ගේ ඉස්සරහ තියෙන වෙල්යායෙ  නියරට බැස්සම  කොස්සැටදෙනිය කුඹුරට අඩි සීයක්වත් දුර නෑ,එතන කුඹුරු කෑලි හත අටේ වපසරිය වී බෙර තුනක් තුනහමාරක් ඉතර ඇති,දැන් වැඩ නොකර කැලෑ වැහිලා තිබ්බට බොහොම සාරවත් ඔය කුඹුර වැඩකළේ අපේ බාප්ප කෙනෙක්, නම රිචඩ් වෙන්න ඇති අපි කිව්වෙ රිචී බාප්ප කියලයි... 

ගෙදරට අවුරුද්දෙ ඉස්සෙල්ලම අලුත් වී ගන්නකොට ගන්නෙත් ලඟම  කුඹුර වුන කොස්සැටදෙනියෙනුයි,වී ගෙට ගැනිල්ල කෙරෙන්නෙ මෙහෙමයි,පුරපස දවසක හිමිදිරි පාන්දර කපුටො අඬන්න කලින් වී ගෙටගන්න ඕනෑ, ඔන්න තෝරගත්ත දවසෙ පාන් කළුවෙන් වැඩට යන්න සුදානම් වෙන තාත්තා මාවත් ඇහැරවගෙන නිදිමතේ ඉන්න මගෙ ඔලුවෙ සුදු රෙදි කෑල්ලකින් ජටාවක් බැඳල අතින් අල්ලං නියර දිගේ එක්ක ගිහිල්ල කොස්සැටදෙනියෙන් පැහිච්ච ගොයං මිටක් කතා නොකර කපාගෙන ඒකත් සුදු රෙදි කෑල්ලක ඔතල මගේ ඔලුව උඩ තියල පිටට තට්ටු කරනව,ඒ කියන්නෙ ගෙදර යන්න කියලයි,යන්න කියන්න බෑනෙ,මම ගෙදර එනව තාත්ත එතනින්ම වැඩට යනවා...

වී ගෙට ගන්නෙත් හොඳ කෙනෙක්ගෙ අතින්ලුනෙ,ඉතිං මම කරල් මිටියත් ඉහේ තියාගෙන ගෙදර ඇවිත් අපේ කෑම මේසෙ තියෙන තැනට  එහයින් තියන මහ වී පෙට්ටිය උඩින් කරල් මිටිය තියනව,දවල් වෙලා අයිය එහෙම ඇහැරුනාම අම්ම අයියට කියල කරල් මිටිය වී පෙට්ටිය උඩින් තියෙන මහ බාල්කෙ එල්ලනවා,ඊළඟ කන්නෙ වී  කරල් ගෙට ගන්නකල්ම ඒ වී කරල් මිටිය එතනම එල්ලෙමින් තියෙනවා...

ඔය වී කරල් මිටියට අමතරව දෙයියන්ට වෙන්කරපු පොඩි වී මලු  දෙකකුත් ඒ බාල්කෙම එල්ලල තියෙනව,ලෙලි ගහපු කොළපතක් මහල හදාගන්න පොඩි මලු දෙකකට  වී පුරවල කට ගැටගහල එක මල්ලක අඟුරු කෑල්ලකින් ''ප'' කියලත් අනික් මල්ලෙ ''වි'' කියලත් ලියල උඩ බාල්කෙ එල්ලල තියනව,ප ලියන්නෙ පත්තිනි දෙයියන්ට වෙන්කරපු වී කොටසටයි,වි කියල ලියන්නෙ විෂ්ණු දෙයියන්ගෙ වී කොටසටයි...

ඒ වී මලු දෙක දෙයියන් වඳින්න කපු මහත්තය ගෙදරට ආව දවසට ලෙහල කපුවට දෙනවා,හැම අවුරුද්දකම ගොයං කැපුවට පස්සෙ මහ පන්සලේ දේවාලෙ කපුරාළ ගෝලයෙකුත් එක්ක ගෙවල් ගානෙ දෙයියන් වඳින්න යනවා,දෙයියන් වඳිනකල් ගෙවල්වල පිටි කොටන්න කැවුම් උයන්න තෙල් වලං ලිප තියන්න තහංචියි,ඒ නිසා කපුරාළ අලුත් අවුරුද්දට කලින් ගෙවල්වලට ඇවිත් දෙයියන් වැඳල කරලදෙන්නෙ සුළුපටු උදව්වක් හෙම නෙවෙයි ...

කපුරාළ ගෝලයෙකුත් එක්ක එන්නෙ එකතුවෙන වී තොගේ උස්සගෙන යන්නටයි,කාලයක් මුලින්ම අපේ ගෙදරට දෙයියන් වඳින්න ආපු කපුරාළ පස්සෙ පස්සෙ අන්තිමටම අපේ ගෙදරට එන්න ගත්තා,මුලදී අපට මේ වැඩේ එච්චර අමුත්තක් තේරුණේ නැතත් අන්තිමට අපේ ගෙදර එන එකේ කපුරාළට වාසි දෙකක් තිබුණා,එකක් එකතුවෙන වී තොගේ අපේ කරත්තෙන් නොමිලෙම ගෙදරට ඇදගන්න හැකිවීම,අනික ඒ දවස්වල හොඳට රා වැටෙමින් තිබුණු අපේ නාන ලිඳ ලඟ කිතුලෙන් රා වීදුරු දෙකතුනක් සප්පායම් වෙන්නට හැකිවීම...

කපුරාළ ගෙදරට ආවහම ගෙදර ඔක්කොම ඉස්තෝප්පුවට ඇවිත් බිම වාඩිවෙනවා,ඊට පස්සෙ කපුරාළ මොණරපිල් මිටිය අතට අරගෙන යාතිකාව පටන්ගන්නවා...

ඕං ආවඩ ආයිබේ ආවඩ ආයිබේ ආවඩ ආයිබෙහේඒඒඒ...

යාතිකාව ඉවරකරන කපුරාළ අපේ ඔලුව අතගාලා එහෙම

ඔන්න දැන් පුතාලට අවුරුද්දට කැවුම් කන්න පුළුවනි...

ලොකු වැඩක් ඉවරකලා වගේ කියල ඉස්තෝප්පුවෙ පුටුවෙ වාඩිවෙලා සීයත් එක්ක  කතා කර කර ඉන්නකොට පිල පැත්තෙන් එබිකම් කරන රා  මදින බාලයිය කපුරාලට එළියට එන්න කියල දෙන සංඥාවකට  එළියට ගිහිං රැවුලත් පිහ පිහ ටිකකින් ආපහු ඇවිත් කයියක් ගහගෙන ඉඳල වී ටිකත් කරත්තෙ පටෝගෙන යන්න යනවා...

කොස්සැටදෙනියෙ කුඹුර ඉස්මත්තෙ රෙදිමෝලේ වැටට මායිම්වෙලා තිබ්බ පොඩි  දෙනියක අපේ මහප්ප එළවළු වැව්වා,දෙනියෙ කළු පසේ බණ්ඩක්ක,මෑ,වැටකොළු එහෙම සාරෙට පලගත්තා, හරක් පනිනවට වැටක් ගහල තියෙන දෙනියෙ කොටුවෙ එළවළු පැළවලට වතුර දාන්න මහප්ප අපිව එක්කං යනවා,දෙනියෙ අයිනෙ නිල්කැටේ වගේ හැමදාම වතුර උතුරල යන  පොඩි ළිඳක් වතුර ගන්න  හාරලා තිබ්බා...

 ඉර බැහැගෙන යන හැන්දෑ වරුවෙ අපි බාල්දිවලට ලිඳෙන් වතුර ගෙනත් පැළවලට වක්කරනවා,අපි වතුර දානකල් අයිය රෙදිමෝලේ වැට අයිනෙ වකාරෙට හැදිල තියෙන බතල වැල් ගොන්න අවුස් සනවා,ගොඩකරපු රතු පසේ බල්බ් වගේ සරුවට බහින රතු බතල අල මල්ලක්ම ටිකවෙලාවකින් හාර ගන්න පුළුවනි...

මෑ බණ්ඩක්ක පලදාව ලැබෙන කාලෙට එව්ව කාලම එපාවෙනවා පලදාව කඩේකට දෙන්න කියලයැ  හරි මිලක් නෑනෙ,වට පිටේ අයට දීල ඉතුරු ටික ගිරව් කාපුවම ඉවරයි...

අපේ අල්ලපු වත්තෙ හිටපු සිරිල් මාමත්  හොඳ ගොවියා,අත්ගුණේ කොච්චරද කිව්වොත්   ගහක් ගලක් උඩ  මොනව හරි හිටෙව්වත් අගේට පැළවෙලා පලගන්නවා, හම්බවෙන ආදායම නං කසිප්පු බොන්නමයි,පෙළක් දවස්වලට උදේ පාන්දර මම වැඩට යද්දී සිරිල් මාම මායක්කලෑ වත්ත පහළ අඩි පාරෙ රැකල ඉන්නව,අතේ විශාල මෑ  කරල් මිටියක්...

රුපියල් පහළොවක් දෙන්නකො...

මෑ මිටිය මට දික්කරල කියනව,රුපියල් පහළොව කසිප්පු කාලෙ ගාන මම ඉතිං මෑ කරලුත් උස්සගෙන වැඩට යන්ඩයැ රුපියල් පහළොව දීල දානව...

මෑ ටික ගෙදරට දෙන්න මාමෙ...

පොර සල්ලි ටික අතට ගත්ත ගමන් කෙලින්ම ලොක්කයියලගෙ ගෙදරට දුවගෙන යන්නෙ කසිප්පු කාලක් ගහන්නයි, අත වෙව්ලනව වෙව්ලන සැර කියන්නෙ අතට ගත්ත වීදුරුවෙ තියෙන කසිප්පුත් විසිවෙනවා,පළවෙනි ෂොට් එක දාගන්න කවුරුහරි උදව් කරන්න ඕනෑ ඊට පස්සෙ නං ඕනැ තරං බොයි කිසිම  ගේමක් නැතුව...

සිරිල් මාම රස්සාව කරලා තියෙන්නෙ ඇක්සයිස් දෙපාර්තමේන්තුවේ අපි ඉපදෙන්නත් කලින් පැන්ෂන් අරං අපි නං කිව්වෙ ඇක්සයිස් දෙපාර්තමේන්තුවෙන් ධීවර දෙපාර්තමේන්තුවට මාරුවෙලා කියලයි,මොකද කිව්වොත් මාළු අල්ලන්න හරිම හපනා ඔන්න සමහර දවසක රේල් බෝක්කුවට බිලී පිත්තක් දාගෙන ඉන්නව එක්කො මහ ඇලේ හරි ඩක ඩොක පාලම යට හරි දැල් ගහන්න යනවා,දැල් ගහන්න යනකොට නං අපිත් පස්සෙන් යනවා ගිහිං ඔක්කොම උදව් පදව් කරලා දීල මාළුත් අල්ලල දුන්නට මාළු ගෙදර නං ගේන්නෙ නෑ, ගෙනාවොත් වැඩේ අහුවෙනව ඊට පස්සෙ ගුටි...

දැල් ගහන්න ගියාට සිරිල් මාමටම කියල විසි දැලක්  තිබ්බෙ  නෑ කාලෙන් කාලෙට අනුන්ගෙන් දැල් ඉල්ලං ආව,තමන්ටම කියල විසි දැලක් නැති එක ගැන සිරිල් මාම නිතරම දුක්වුණා සරත් අයිය එහෙම ගෙදර ආපු වෙලාවට සිරිල් මාම කියවන්නෙ ඔය අඩුපාඩුව ගැනමයි...

මට වෙන මොකුත් ඕනැ නෑ දැලක් තිබ්බොත් ඇති...

සරත් අයියත් මේ අමාරුව හොඳටම දැනගත්තට දැලක් අරං දෙන්නෙ නෑ අපිත් එක්ක කිය කිය හිනාවෙනවා,අන්තිමේදී මේ කියවිල්ල ඉවසගෙන ඉන්නම බැරිතැන සරත් අයිය ගෙදර ආපු දවසක මීගමු ගිහිං රුපියල් එක්දාස් හාරසීයකටද කොහෙද විසි දැලක් ගෙනත් දුන්නා, සිරිල් මාමට එදා තරං සතුටක් කසාද බැඳපු දාවත් තියෙන්න නැතුව ඇති...

පහුවදා උදේම සරත් අයිය අපේ ගෙදර ආවා,ආපු වෙලේ ඉඳන් හිනාවෙනවා...

මල්ලි හරි වැඩේනෙ මම ඊයෙ රෑ ගෙදර නිදාගෙන හිටියා,පාන්දර හතරට විතර එකපාරටම මට ඇහැරුනානෙ සල සලං ගාල සද්දයක් ආවා,ආයෙමත් ටිකකින් එකපාරටම...

සල සලාං

තව පොඩ්ඩකින් ආයෙමත් ඒ සද්දෙ,නිදාගන්නත් නෑ මම ඒ ගමන දොර ඇරල පොඩ්ඩක් ඔලුව දාල බැලුව,බැලින්නං තාත්ත මැද මිදුලෙ දැල ගහන්න පුරුදුවෙනව යකඩ බරු සිමෙන්තියෙ වැදෙන සද්දෙ මට ඇහිල තියෙන්නෙ,මට ඉල නෑ හිනාවෙලා මල්ලි,මොනව කරන්නද ඉල්ලං කාපු එකට මම ආපහු දොරත් වහගෙන කාමරේට රිංගගත්තා...

මම කියාගෙන ආවෙ කොස්සැටදෙනියේ වෙල ඉස්මත්තෙ දෙනිය ගැන නේද,අපේ මහප්පල එහෙම නැතිවුනාම රිචී බාප්ප කුඹුර  කොටන ගමන් ඔය දෙනිය ටික ටික කොටල කුඹුරටම යාකරල කුඹුර  ලොකුකර ගත්තා ඔන්න ඔය විදියට ඒ ලස්සන දෙනිය සදහටම නැතිවුණා දැන් දෙනියත් නෑ රිචී බාප්පත් නෑ වෙල කරන්නෙත් නෑ...

පස්සෙ කාලෙක රාජා කොස්සැටදෙනිය අඳේට වැඩකරද්දි අපි දෙතුන්දෙනා  එකතුවෙලා දෙනිය තිබ්බ හරියෙ කොටල ගොමයි වැටමාර අතුයි ගෙනත් දාල පෝර කරලා පොළෙන් කංකුන් මිටි ටිකක් ගෙනත් හිටෙව්වා,කිව්වහම මොකද කංකුන් ටික ලස්සනට සනීපෙට හැදුනා, ගෙදර හදවන් කන්න ඕනැ වෙලාවට අපි ගිහිං කපාගෙන ඇවිත් කනවා,කංකුන් හීනියට ලියල බල කරෝල කෑල්ලකුත් දාල තෙලෙන් තෙම්පරාදු කරල කාල එහෙම තියෙනවද, ඉඳිආප්පත් එක්ක  මාර රහයි...

ඒ උනාට කංකුන් කියලත් හැමදාම කන්න පුලුවනෑ නමුත් නොකැපුවොත් කංකුන් ටික මෝරල යනව ඒ නිසා තුන් දෙනාම එකතු වෙලා කංකුන් පාත්තියම කපල මිටි බැඳල වස විස නොගහපු කංකුන් කියල සැන්ටින් මුදලාලිගෙ කඩෙන් ගිහිල්ල තිබ්බා,තිබ්බ මිටි ඔක්කොම ටික වෙලාවකින් විකිණිලා තිබුණා හම්බවෙච්චි සල්ලිවලට මදි හරිය දාල අපි තුන්දෙනා බෝතලයක් ගෙනාවා...

මේ එළවළු කොටු කතාව මට මතක්වුනේ දමිත්ගෙ  වම්බටු කොටුවෙ පෝස්ට් එක දැකලයි දමිත්ගෙ  කොටුවෙ වම්බටු ලස්සනට පහලට එල්ලී එල්ලී තියෙනව දකිනකොට මට නොහිතුන දෙයක් නෑ...

ඉස්සෙල්ලම මතක්වුනේ පර්මිනා දාසාගේ ආදරය ඉල්ලගෙන ලියුම් ලිය ලිය පස්සෙන් ආපු ෆ්ලොරෙන්තිනෝ අරීසාට ඇය ලියු පළවෙනි ලිපිය හෙවත් වාක්‍ය පේළිය...

''හොඳයි මං ඔයාව බඳින්නම්,හැබැයි ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා''

මට ඊළඟට මතක් වුනේ කළු ධර්මෙය දවසක්දා මට කියපු කතාවක්,කොල්ල කාලෙ කළු ධර්මය වැටකොළු කොටුවක් වැව්වලු හොඳ සරුවට  වැවුණු කොටුවෙ දැන් වැටකොළු කරල් පලඅරං ලස්සනට පහළට එල්ලී එල්ලී තියෙනවලු,දවසක්දා උදේ කොටුවට වතුර දාන්න යද්දී වැටකොළු කරල් කඩු  වගේ කෙලින්වෙලා ඉහළට ඉස්සිලා තියෙනව ධර්මෙ ඈත ඉඳන්ම දැක්කලු,මේ මොකක්ද යකෝ මේ පුදුම වැඩේ කියල ධර්මය හනි හනිකට කොටුවට දුවල ගිහිං බලද්දී වැඩේ ඇත්ත හරි පුදුමයි,වැටකොළු  කරල් නිකං පොලු වගේ කෙලින් වෙලා උඩට ඉස්සිල තියෙනව, අතින් පහළට දැම්මත් ආපහු පටස් ගාල කෙලින් වෙනවලු...

වැටකොලුවලටවත් වගාවටවත් මේ වැඩේ නිසා කිසිම හානියක් නැතත් මේ සිද්දවෙලා තියෙන අටමගල් වැඩේ මොකක්ද කියල බලාගන්න ධර්මෙයට හිතුන හින්ද ගිහිං උන්ගෙ මාම දිනෝරිස්ට ඔක්කොම විස්තරේ කිව්වා...

යමංකො මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න කියපු දිනෝරිස් ධර්මය එක්ක කොටුවට ගිහිං සිද්දවෙලා තියෙන දේ දෑහින්ම දැකබලාගත්තා...

දැං උඹට මේ වැටකොළු කරල් ටික පාත් කරගන්න ඕනෑ එහෙම නේද...

දිනෝරිස් හිනාවෙවී ඇහුවා...

අනේ ඔව් මාමෙ වැටකොළු කරල් ටික මෙහෙම උඩට කෙලින්වෙලා තියෙද්දී පාරෙයන මිනිස්සුන්ටත් පේනවනෙ...

ඉඳපකො එහෙනං කියපු දිනෝරිස්  එතනම බිම ඇන තියං ඉඳගෙන මොන මොනවද හෙව්ව,ටිකකින් හිනාවෙවී පඳුරු වගයක් ගලෝල විසික් කළා...

ඔන්න තව ටිකකින් බලපංකො කරල් ටික පාත්වෙලා තියෙයි...

 මේ බලහංකො මාමෙ මේං දැම්මම කරල් ටික පාත්වෙනව,හැබෑටම මොකද්ද උඹ කරපු කෙම...

මං කොරපු කෙමක් නෑ බං පන්දලමට ගිහිං තිබ්බ මේං මේ වැල් පෙනෙල පඳුරු දෙක තුන ගලෝල විසික් කළා මිසක...

මට මතක්වුණු කතා දෙක ඔන්න ඕකයි, තව බන්දු කිව්ව කතාවකුත් මතක් වුනා ඒ කතාව වෙන වෙලාවක කියන්නං...

කිව්වහම මොකද මගෙ කෙහෙල් කොරටුවෙත් වැල් පෙනෙල සරුවට හැදිල තියෙනවනෙ,කෙහෙල් පඳුරුවලට පොල් පැළවලට එහෙම දාන පෝර උරාගෙන  සනීපෙට පඳුරු ගගහ පෙනෙල වැල් හැදෙන හැටි බලන්න ලස්සනයි, කොටුවට යද්දි මම සෙරෙප්පු දෙකක්වත් දාන්නෙ නෑ වැල් පෙනෙල පෑගුණත් ඇඟට හොඳයිනෙ,ඉරිද දවස්වලට කැඳ හදන්න පඳුරු තුන හතරක් ගලෝල මම බිරිඳට ගිහිං දෙනව, හැබැයි කැඳ හදද්දී මුකුණුවැන්න ටිකකුත් දාලම වැල් පෙනෙල ටික අඹරගන්න නැත්නං ටිකක් වල් රහ එන්න බලනව, වැල් පෙනෙල විතරක් නෙවෙයි වෙන මොනයම්ම කොළ වර්ගයකින් කැඳ හැදුවත් කොළ අඹරද්දි මුකුණුවැන්න මිටි බාගයක් විතර දැම්මම ප්‍රනීත රසක් එනව, මුකුණුවැන්න කොලේ හරිය මැල්ලුමට අරං ඉතුරුවෙන දණ්ඩ ඔය වැඩේට හොඳටම හොඳයි...

වැල් පෙනෙල වල තියෙන විස්මිත ගුණය ගැන කියවෙන මේ කවිය කවුරුත් වගේ අහල  ඇතිය කියල මම හිතනවා...

වැල් පෙනෙල          සාකා
ගිතෙලෙන්   මලවලා   කා 
අඹු නොතකන          එකා 
සියක් අඹුවන් වුවද සලකා 

173 comments:

  1. අන්තිම කවිය එලස් අවසාන පදේ එල.......................ස් ,වැල් පෙනල වලට වැලකොළු උඩඩ හරවන්න පුළුවන් එකේ අයේ මොන කතාද ;))

    ReplyDelete
    Replies
    1. ඒ උනාට හැමදාම පෙනෙල කැඳ ගහන අපේ කොළඹ හතේ අයියටනං තාම මොකුත් ප්‍රතිඵලයක් නෑ වගේ. :D

      Delete
    2. ඒකට හේතුව ප්‍රසන්න ඌ අනුගමනය කරන ක්‍රමේ වැ‍රැද්ද. හැලපයා උත්තරේ දීලා තියෙන්නේ. ඕකට කරන්න ඕනේ සෙරෙප්පු ගලවලා වැල් පෙනෙල උඩ ඇවිදින එක.

      Delete
    3. මම මේ පෝස්ට් එක ලියද්දි වැල් පෙනෙල ගැන දැනගෙන නොහිටිය බොහෝ දේ පසුව දැනගත්තා සහෝදර,එය බ්ලොග්වලින් කෙරෙන ඉතාම වැදගත් දෙයක්.

      Delete
    4. @ප්‍රසන්න,හෙන්රි,
      මේ පෝස්ට් එක කියවල මිනිහ ගොඩක් දේ නිවැරදිව කරන ආකාරය ඉගෙනගනීවී.

      Delete
    5. මම බොලාලට කිව්වයි කියලා හිතා ගනිල්ලා !

      Delete
  2. අර වම්බටු කතාව නම් ඇහුවමයි. පට්ට කතාව ඒක. වම්බටු තෙල් දාල කන එක මගේ ප්‍රියතම කෑමක්. සුද්දා ඕකට එග් ප්ලාන්ට් කියන්නේ. බිත්තර වගේම රස කෑමක් නිසා වෙන්ටෑ. කංකුං මමත් කාලා තියෙනවා ඔය ක්‍රමේට. ඒ විදියට කංකුනුයි සුදු හාල් බතුයි, කිරි හොද්දයි ඇදලා අරින්න පුළුවන් ඕන තරම්. ඒත් ඉතින් මම මහ ගොඩක් කන එකෙක් නම් නෙමෙයි. මමත් කොරටුවක් කලා නේ බං. මේ ගැනත් කීප සැරයක් ලිව්වා. උඹ කියවලා නැත්නම්, මෙතනින් කියවපන්.

    http://maathalan.blogspot.com/2011/09/kid-farmer.html

    http://maathalan.blogspot.com/2011/09/2-kid-farmer-2.html

    http://maathalan.blogspot.com/2011/09/kid-farmer-end.html

    ReplyDelete
    Replies
    1. අර වගෙ කෙලිං වෙන වම්බ‍ටු තිබ්බානං සෑහෙන ඉල්ලුමක් තියෙයි.. ඒත් වැටකොළු වලට නං ඉතිං ...

      Delete
    2. මාතා... මේ වම්බටුවලට නම් කීපයක් තිබුනත් වැඩිපුර භාවිතාවෙන්නේ ඔබජින් කියලා. මම හිතන්නේ එග්ප්ලාන්ට් කියන්නේ කිහිපදෙනායි. බ්‍රින්ජොල් කියලා කියන්නේ අපේ රටේ විතරද මන්දා. Aubergine..Brinjal..Eggplant
      මෙඩිටෙරනියන් කුකින්වලදි හරියට පාවිච්චි වෙනවා. හදන ක්‍රමනම් කෝටියයි.

      Delete
    3. @ ඇනෝ මචං.....පොළේ වම්බටු ගෝනියට යටින් වැල්පෙනෙල අහුරක් දැම්මා නම් ගෝනිය ඇතුලෙම කෙලින් වෙනවාලු.

      Delete
    4. ඔය කැඳ බිවිල්ල මට වැඩියේ දිරවන්නේ නැති කේස් එකක්. ඒ නිසා වැල් පෙනෙල අමුඩයක් ගැහැව්වොත් වැඩේ හරියයිද මචංලා...

      Delete
    5. අරූ ඔබර්ජින් නම කියන්නෙ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වල විතරයි කියලයි මම හිතන් උන්නෙ. බ්‍රින්ජාල් කියල නම් ඉන්දියන් උනුත් කියනවා ඉඳහිට අග්නිදිග ආසියාවෙ උනුත් කියනවා උන්ට නම් ඉන්දියන් උන්ගෙන් බෝ වෙලා වෙන්නත් පුලුවන්.

      බන්ඩක්කා වලට ලේඩීස් ෆින්ගර්ස් කියන්නෙ නම් ලංකාවෙ විතරද දන්නෑ ඉන්දියන් උන් කියන්නෙ බින්දි කියලා, සුද්දො කියන්නෙ ඔක්‍රා කියලා

      එග් ප්ලාන්ට් කියන්නෙ රස නිසා නෙවෙයි බටහිර රටවල මුල් වම්බටු ප්‍රබේද වල හැඩේ නිසා මේ වගේ.

      හැලපේ මුකුනුවැන්න ටිප් එකට පින් සිදු වේවා!

      Delete
    6. @ඇනෝ මචං.....මම කොච්චර දුරට හරිද දන්නේ නැහැ. මම ඉස්සර හෝටල්වල හිටිය නිසා මට නොයෙකුත් යුරෝපිය රටවල සුද්දෝ හම්බවෙලා තියෙනවා. උන් කියන්නේම ඔබජින් කියලා..ගොඩාක් රෙසපීස්වල භාවිතා වෙන්නෙත් ඔය නම...
      බන්ඩක්කා නම් ඔක්‍රා තමයි. මෑකරල් වලට කියන්නේ මොකක්ද?

      Delete
    7. මෑ කරල් වලට නම් ලෝංබීන් තමයි නේද? යාඩ්බීන් ද මොකක්දත් කියනවා.

      ඉස්සර යුරෝපියන් කාරයො හිතං ඉඳල තියෙන්නෙ වම්බටු වස කියලා, ඒ විතරක් නෙවෙයි තක්කාලිත් වස කියලා. අර්තාපල් වල නම් අල ඇරුනම මුලු ගහම වගේ වස තමා.

      Delete
    8. අල නම් මචං කොළපාට වුනාමත් වසයි. ග්‍රීන් පොටේටෝස් කියන්නේ ෆුඩ් හයිජින් වලදි ඉවත් කල යුතුයි කියන එක. ඒකේ සයන්ස් කතා නොකර ඉමු දැනට. අපේ ගෙවල්වල ඉතින් ඕවා වැඩිය හිතන්නේ නැහැ. එහෙම ඒවා ඉවත් කරන්න ඕන. මැරෙන්න තියෙන චාන්සස් අඩුයි. ඒ වුනාට වෙන සිම්ප්ටම්ස් තියෙනවා.

      උඹ කිව්වාම දැන් මතක්වුනා.....ස්නේක් බීන්ස් කියලත් කිව්වා.

      Delete
    9. උඹගෙ කොහිල කොරටුවේ කතා දෙකතුනම මම කියෙව්වා ලියන්න ගත්ත මුල් කාලෙ ලිව්ව කතා නේද,පොඩි එකෙක් ලියන හුරතල් ගතිය ඒවයේ තියෙනව.

      Delete
    10. @ඇනෝ,
      එක තමයි මාත් හිතුවෙ ඇනෝ වැටකොලුවල දාර නිසා ටිකක් අප්සැට් නේද,ඔන්න පතෝල නං සලකල බලන්න තිබ්බා.

      Delete
    11. @අරූ,
      මචං වම්බටු රෙසිපීස් මහ ගොඩක් තියෙනව නං හොඳ එකක් දෙකක් මට මේල් කරපංකෝ, අලුත් අවුරුද්දට හදන්නවත් බැරියැ.

      Delete
    12. මාතලන්,
      මෙහෙමයි මචං,උඹට කැඳ බොන්නම බැරිනං මේ ක්‍රමේ කරපං.
      වැල්පෙනෙල වැලේ පස් පංගුවම දුරියන් ඇටවල සාරුවලින් අඹරා ගානු.තුන් වරුවක් යනතුරු අළු කෙහෙල් ගසක් තියෙන පැත්ත පලාතකින්වත් නොයනු.

      Delete
    13. ප්‍රොපයිල් ඇනෝ,
      විස්තරේටත් බොහොම ස්තූතියි.

      Delete
    14. මැ කරල්වල නම් ඇහුවේ වෙන මොකක් හරි අහගන්න නේද අරු.
      ඒ උත්තරේ කවුරුත් දීලා නැහැ.


      Delete
    15. ඒ මොකක්ද මල්මි......මෑකරල්ද...Mackerelද

      Delete
  3. හප්පා වැටකොළුත් නැගිටිනවා නම් වයසට යනකොට කාන්තාවන්ට ඉණ වටේ ඔතාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවනි සරත්.ඔය පරණ ආච්චි අම්මලත් උරේට උඩින් අනික් පැත්තට දාල තියෙනවලු නේද.

      Delete
    2. මං කිව්වෙ මේ පෙනෙල වැලක් ඉණ වටේ ඔතා ගත්තා නම් වැඩේ හරි කියලයි..

      Delete
  4. //''හොඳයි මං ඔයාව බඳින්නම්,හැබැයි ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා''// ඒ කියන්නෙ වම්බටු මොනව හරි වෙන වැඩකට ගන්නවද.

    අර උඩ කියල තියෙන සිරිත් විරිත් දැං ගම්වලවත් කෙරෙනවද කියල සැකයි.

    ReplyDelete
    Replies
    1. නැහැ ඇය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වම්බටු අප්‍රිය කරන කෙනෙක් වු නිසයි ප්‍රසන්න.
      සිරිත් විරිත් ටිකනං අපේ ගම්වල දැන් කෙරෙන්නෙ නෑ, වෙන පළාත්වල කොහොමද දන්නෙ නෑ.

      Delete
  5. වෙන වෙනම නම් ගහපු හාල් මළු එල්ලන්නේ දෙයියොත් ඕව බෙදාගන්න කුලල් කා ගන්න නිසාද??
    පෙනෙල ඉබේ වැවෙන එකේ....කෙහෙල් කොරටුවේ අළු කෙහෙල් පඳුරකුත් වවා ගත්තොත් හොඳා නේ.....

    ReplyDelete
    Replies
    1. කලින් අහන්න අමතක උනානේ හැලප මහත්තයා......"බට්ටේ රස නැට්ටේ"...කියල කතාවක් තියෙන්නේ මොකෝ??

      Delete
    2. හාල් මලුවල නම් ලියන්නෙ දෙවියන්ට කැපකළ බව පෙන්වන්නයි.
      කෙහෙල කොරටුවේ අළු කෙහෙල් පඳුරක් හිටවන්න මම කීප වතාවක්ම උත්සාහ කළත් බිරිඳගේ අකමැත්ත නිසා හිටවගන්න බැරිවුනා.
      බට්ටේ රස නැට්ටේ කියන කතාවෙ තේරුම මේකයි අයාල්,
      ගමක හිටපු ගෑනු කෙනෙක්ට ඒ ගෑනිගෙ මනුස්සය නැතිවෙලාවට එකෙක් කොටුවක් පනින්න පුරුදුවෙලා හිටියලු.දවසක් දා කොටුව පනින එකා ගේ ඇතුලෙ ඉද්දි ගෙදර මනුස්සය එළවලු කොටුවෙ ඉඳල වම්බටු වගේකුත් කඩාගෙන ගෙදර ඇවිත්,ගෑනිට කරකියාගන්න දෙයක් නැතිව ඉද්දි හොඳ නුවනක් පහළවෙලා බට්ටේ රස නැට්ටේ කිව්වලු.ඒ ගමන මම එහෙනං නැටි ටිකත් අරං එන්න කියල ආපහු හේනට ගිය ටිකේ ගෑණි කොටුව පැනපු එකාව පිටත් කර ගත්තලු.

      Delete
  6. //තිබ්බ මිටි ඔක්කොම ටික වෙලාවකින් විකිණිලා තිබුණා හම්බවෙච්චි සල්ලිවලට මදි හරිය දාල අපි තුන්දෙනා බෝතලයක් ගෙනාවා...//
    කොහොමහරි අන්තිමට මෙහෙම එකක් එනවාම තමයි...
    බණ්ඩක්කා ගහේම එහෙනං වැල්පෙනල ඇති..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ,ඉතිං අපි කරන වැඩවල අන්තිමට මෙහෙම එකක් නැත්නං තමා පුදුම.හැබෑටම බණ්ඩක්ක තියෙන්නෙත් උඩට හැරිල නේද.

      Delete
  7. මටත් හිත ගියේ ම කංකුන් සින් එකට තමා. ඉතිං බොලා සතිය ගානේ සැන්ටින් මුදලාලි ගානේ බොන්න ඇති.. හැක්..

    ReplyDelete
    Replies
    1. මොකෝ බොටත් කංකුන් කන්න ආසාවක් ඇතිවුනාද.ඊට පස්සෙ මම තනියම හදාගත්ත කංකුන් පාත්තිය වැස්සට අහුවෙලා කුනුවුනා බං.

      Delete
  8. මෑ කරල් විකුනා කසියා ගැසීම = කංකුං විකුණා කසියා ගැසීම.
    එමනිසා, මෑ කරල් = කංකුං.

    ReplyDelete
    Replies
    1. වැරදියි වැරදියි....... විකුනා ≠ විකුණා :D

      Delete
    2. මරු සමීකරණෙ නෙ හෙන්රි.ඔය විදියට වැටකොළු =පතෝල කියල හදාගන්න බැරිද.

      Delete
    3. පුලුවං මචං.ඒ වුනාට දාර තමයි කේස් එක.

      Delete
  9. //''හොඳයි මං ඔයාව බඳින්නම්,හැබැයි ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා''//

    මේ කතාව නම් ඇහුවේ අදම තමයි...

    ReplyDelete
    Replies
    1. ඔය කතාව සම්පුර්ණයෙන්ම දැනගන්න නං පොත කියවන්න වෙනවා සිතු.

      Delete
    2. ඔයා ලියලා තියනවද පොතක කථාවක්??

      මට නම් කොළරා කාලේ ආලේ සිත්තරපටිය බැලුවම හිතුනා අපරාදේ පොත කියෙව්වේ කියලා.
      කැන්ද කොල රොටි මහතා සිත්තර පටිය බැලුවෙ නැතෙයි?

      Delete
    3. මල්මි හායි,
      මම පොත ගැන සඳහන් නොකළේ සිතාමතාමය.එනම් පොත ගැන විස්තරය ඔබලාගෙන් ලබාගන්නටය එය ඔබ ලබාදී ඇත.ඔයාට අපි සලකනව මදිය.
      මම සිත්තරපටිය නං බලල නෑ මල්මි ලස්සන නං බලන්නං.

      Delete
  10. අපේ සීයාත් එහෙමයි... දවසට ශොට් එකක් දෙකක් නැත්තන් වෙව්ලනවා...
    ඒ වගේම තමා ගල් බාගයක් උනත් ගහයි ෂැන්ඩ් නැතුවම... !

    ReplyDelete
    Replies
    1. ඇඩික්ට් වෙච්ච පොරවල් එහෙම තමයි මධු.ඕනෑම සැර ජාතියක් ෂැන්ඩි නැතුවම ගහයි.

      Delete
  11. අපේ තාත්තත් ඉස්සර අර විදිහට වී වෙන් කරල තියනව. හැබැයි, වෙන් කලාට පස්සෙ අපිට කැමති වෙලාවක අලුත් වී කෑමට ගන්න පුළුවන්.. ඒව ගෙනියන්න දේවාලෙන් එනව අවුරුද්දකට වතාවක්. තව ටිකක් වෙන් කළා, එතකොට අපේ ගෙදර අවුරුද්දක් ගානෙ දීපු කිරි දානෙට ගන්න.

    දැන් නම් කුඹුරු වපරපු දවසෙ ඉඳන්ම කතරගම දෙයියන් ගෙ වාහන ටික බහිනව කුඹුරු වලට. වැටකොළු කරල් කෙලින් හිටින කතාව නම් මරු. ඇහැව්වෙත් අදමයි.

    ReplyDelete
    Replies
    1. උඹලගේ වත්තේ තියෙන වම්බටු කරලක නැගලා උඹ කුරුම්බා කැඩූවලු නේද බං

      Delete
    2. ඉවාන්......මැරෙනවා ඕයි හිනාවෙලා !
      චන්දන....උඹට ඕවා හොඳ පාඩං........

      Delete
    3. ඉවාන් උඹේ කමෙන්ටුව දැකල එක එක විදිහෙ රූප පෙළක් ම මැවුනා. :D :D

      අම්මප අරු, මාත් කොර ගත්ත දෙයක්. මං හිතන්නෙ මූට ඔය පොයින්ට් ටිකෙන් ලස්සන කතාවක් ලියන්න පුළුවන් වෙයි.

      Delete
    4. තරහ කාරය උනත් ඉවානයගෙ ටෝක නං සිරා !!

      Delete
    5. එහෙම තමයි චන්දන දෙයියන්ගෙ කොටස වෙන්කලාට පස්සෙ ගෙදර කෑමට හාල් කොටාගන්න පුළුවනි.
      ඒ පළාතෙ මොනරුත් ඉන්නවද හැබෑටම,එකෙක් දෙන්නෙක් එලාගත්ත නං නිකංම මස් ටිකත් හම්බවෙනවනෙ බං.

      Delete
    6. ඉවාන්,අරූ,පත්තරේ,
      ගස් නගින්නෙ නැතුවම කුරුම්බා කඩාගන්න පුළුවනි වැල්පෙනෙල ආධාරයෙන් දන්නවද.

      Delete
  12. වස විස නොගහපු කංකුන් දීලා වසවිස බෝතලයක් ගෙනවා.උඹලාත් මරු මිනිස්සු තමයි හැලපයියේ.

    පර්මිනා දාසාගේ කතාවත් මරුතමා.

    ReplyDelete
    Replies
    1. ආ මේ අමතක වුණා අහන්න.වී මලු දෙකේ නම් කොටන්නේ දෙයියෝ රණ්ඩු වේවි කියලාද..?මිස්ට කපුගේ කල්ල මරේ ඇතිනේ හැලපයියේ දෙයියන්ගේ පිහිටෙන්...:D

      Delete
    2. එහෙම තමා මනෝජ්,කිරි විකුණලා කසිප්පු බොන උනුත් ඉන්නෙ,වී මලු දෙක දෙයියන්ට වෙන්කරන්නෙ ඒ විදියටයි.කපුවටත් ඉතිං ජීවත් වෙන්න යමක් තියෙන්න ඕනෑ නේද.

      Delete
  13. ආගම් සහ පූජකයෝ කියන්නේ. ගණිකා වෘත්තියට පස්සේ බිහි උන රැකියාව. උන් කන්නේ බොන්නේ මිනිස්සු බය කරලා. අපාය පෙන්නලා. දේව සාප පෙන්නලා. අමු කෙප්ප. දැන් ඔය පිටරටවල මහාපරිමාණයෙන් වගා කොරන්නේ දෙයියන්ට හාල් දීලද. අපේ උනුත් දැන් කසියා ගහලා මැෂින් වලින් වැඩ. ඔය විකාර කරන්නේ නෑ. ඒත් මහ එකා ඒවා කරනවා. දෙගොල්ලාගෙම පැවත්ම සඳහා. උන්ට දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද. මිනිස්සු මැරිලා වගා කරන එක නොමිලේ කන්නේ. කාළකන්ණි.

    ReplyDelete
    Replies
    1. නොමිලේ නෙවෙයි මචං දේවාශීර්වාදය ලබාදීලානේ මිනිහත් හාල් කන්නෙ.බනින්න එපා පව්නෙ.

      Delete
  14. හැලපේ අය්යේ අපේ අවුරුදු උත්සවේට සප් එකක් දෙන්න බ්ලොගෙන්. විස්තර මගේ එකේ ඇති දාලා...

    ReplyDelete
    Replies
    1. චඃ නලින් ඊයෙවත් මතක් කළා නං මේක වෙනුවට දානවනෙ,හරි කමක් නෑ මේක ඉවර වුනු ගමන්ම දාන්නං.

      Delete
  15. පහු ගිය ලිපි කියෙව්වා මාමේ ඒත් කොමන්ට් එකක් විසි කරන්න බැරි උනා ..ටිකක් ගිලන් වෙලා උන්නා ඒකයි වැඩියේ හිටියේ නැත්තේ .....හිතට ගමේ ගියා වගේ හැගීමක් දැනුනා.....ඔය කපුවා වී ගෙනිහිල්ලා මොකෑ කොරන්නේ.......දේවාලේ ඉවුම් පිහුම් වලට ගන්නවද?.........

    ReplyDelete
    Replies
    1. නෑ කිඹුලෝන්ට කන්න දෙනවා ..හැක හැක හැක

      Delete
    2. ශානු.......අපි සහලින් ස්වයංපෝෂිත නිසා කපු මහත්තයා ඒවා රට පටවනවා.

      Delete
    3. කපුවන්ගේ කේස් ශානුවා දන්නේ නැ කිඹුලි.......කිරිමැටිම කාගෙන හිටු

      Delete
    4. ඒ්වා ඉතාමත් භක්තියෙන් බඳුන් වල බහා සුවඳ දුම් අල්ලා මාතලී දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය රථයෙන් දිව්‍යලෝකය වෙත යවනු ලැබේ, ඉනික්බිති සදෙව් ලොව අධිපති සක්දෙවි තෙමෝ විසින් තිස්තුන් කෝටියක් වූ සියළු දෙවි දේවතාවනන් වෙත වී අැටය අැටය බෙදා දෙනු ලැබේ.....

      Delete
    5. @ විදානේ....ඒ එක්කම කපුවාගේ ඇට දෙකත් යවනවද?

      Delete
    6. @ඔක්කෝමල්ලට..... මන් කපුවෝ ගැන දන්නේ නෑ ඇත්තටම...මම කතෝලික අන්න එතනයි අවුල..... ඔක්කෝමල්ලා මාව නොමග අරින්ට නේ හදන්නේ හැලප මාමා ආවම උත්තරේ දේවි.....

      Delete
    7. @ අරූ
      වී අැට ගාන තිස් තුන් කෝටියකට වඩා අඩුනං කපුවගේ අැට කූට්ටමත් යවන්න වෙයි..

      @ ශානු,
      දෙයියො තමයි දන්නේ එ්වට මොනව වෙනවද කියලා...

      Delete
    8. දැන් සනීප ඇති නේද ශානු.කපුවා වී ගෙනිහින් කොටල එහෙම දේවාලෙ අවශ්‍යතා සහ තමන්ගෙ ගෙදර අවශ්‍යතා ඒවලින් සපුරා ගන්නව කියලයි කියන්න තියෙන්නෙ ශානු.
      එව්ව තමයි දෙයියන්ගෙ හාල් කියන්නෙ, කපුව ඒවා කෑවට දෙයියෝ දඬුවම් කරන්නෙ නෑ අපට වාගෙ.
      ඒක නෙවෙයි මොකද මේ වල් කොල්ලො ටික ඔයාව බයිට් කරන්න හදන්නෙ.

      Delete
    9. හ්ම්..හ්ම්..

      Delete
  16. මේ සාම්ප්‍රදායික ගැමි සමාජයෙන් අපි වෙන්වීම/වෙන්කිරීම දියුණුවක්ද පිරිහීමක්ද. මේ කතාව කියවද්දී ආපහු ඒ කාලයට ගිහින් (අපේ කොයි ගමෙත් තිබුණේ මෙහෙමනේ හැලපේ, ගමේ නම විතරයි වෙනස්. චරිත ඔක්කොම මේ වගේ) හිතට මහා දුකකුත් දැනුනා. අපේ හිතේ ඒ ගැමියෝ ඔක්කොම තවම ඉන්නවා. අප තුළ ඉන්නා ගැමියාත් තවම මැරිලා නැහැ. රසවත් තොරතුරු ගොන්න ආසාවෙන් කියෙව්වා.

    ව්‍යාඝ්‍රා පෙති ටිකක් වතුරේ දිය කරලා ඇලවෙච්ච ටැලිපෝන් කණු වලට වක්කරලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පීසාහි ඇලවුනු කුලුණට ඕක කරලා බැලුවනම් මොකෝ? එහෙම නැත්නම් පාදමේ වැල් පෙනෙල වැව්වත් හරි. කරුණාකරලා ඔය ඉතාලියේ ඉන්න ලාංකිකයෝ ඉතාලි බලධාරීන්ව දැනුවත් කරන්න.

      Delete
    2. එහෙම වුනොත් ඩුඩ් අයියේ ඔය හැම මගුලම කෙලින් කරන්න ගිහින් වැල්පෙනෙල වලට වැලේ වැල් නැති වේවි.හරියට අර වල්ලා පට්ට වලට කිබුල් හුනන්ට වුණා වගේ.:D

      Delete
    3. අප්පච්චියේ විචාරක තුමාව ටෙලිකොම් එකට බන්දවගනී නඩත්තු අංශෙට.
      අගය කිරීමට බොහොම ස්තූතියි කොයි ගම්වලත් ඔය ක්‍රමය විවිධ ආකාරයෙන් තිබිල තියෙනව බලාගෙන යනකොට නේද .

      Delete
    4. @හෙන්රි,මනෝජ්,
      අපරාදෙ බංස්ල ඔය ස්වර්ණමය අදහස කලින් කියල තිබ්බනං මම පිසා ගිය වෙලේ පෙනෙල ඇටයක්වත් කුළුනේ පාදමේ දාල එනවනෙ.

      Delete
  17. මටනම් අල්ලලා ගියේ අර දැල් දාන්න ප්‍රැක්ටිස් වෙච්ච එක ,ඒක මාර සිරා සීන් එක. හැලපයියා ගේ ඔය වල්පෙනෙල ට්‍රීට්මන්ට් කොයි කාලේ වගේද පටන් ගන්න ඕනේ කියන්නේ ..

    ReplyDelete
    Replies
    1. උඹත් මේ ටිකේ කෙල්ලන්ට දැල් දාන්න ප්‍රැක්ටිස් වෙනවලු නෙහේ...හිටුකෝ ගෙදරට දැනුම් දෙන්නම්

      Delete
    2. දැල් දාන්න ප්‍රැක්ටිස් වෙලා සිරිල් මාම අපිවත් එක්ක ඔයේ දැල් ගහන්න ගියා, ඒවා හරිම මිහිරි මතකයන් ඉවාන්.
      වැල්පෙනෙල ට්‍රීට්මන්ට් එක නං හැකි විගසින් පටන්ගන්න එක හොඳයි,කිරි උනපු කාලෙම පටන්ගත්ත නං ප්‍රතිපල අනර්ඝයි කියල පුරාන ඉරිසිවරයන් කියල තියෙනවනෙ.

      Delete
  18. අර කියල තිබ්බ වගෙ ගෙවල් වලට කපු රාල එන්නෙ නං නෑ... ඒ වෙනුවට දෙය්යන්ට වෙනමකොටහක් වෙන් කරනව... ඊට පස්සෙ යායෙ සංහිදේ මුරුතැන් බත හේම හදල යාතිකා කරල ඊළග කන්නෙත් සාර වෙන්න කියල වැහි කලට වෙලාවට ඉල්ලල එහෙම අන්තිමේ අර පැණි බේරෙන මුරුතැන් බත කාල දාල එනව

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔය කියන්නෙ නුවර කලාවියේ බැත රාජකාරි කෙරෙන ආකාරය.ඔය රාජකාරි පළාතෙන් පලාතට වෙනස් නොවැ.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. හැලපේ...ටයිටල් එකට 'වැල්පෙනෙල'ත් එකතු කරා නං නැගලා යනවා කියවන්ටත් කලින් :-)
    'දෙයියන් වැඳීම, ධර්මෙගෙ වැටකොළු සහ වැල්පෙනෙල'

    ReplyDelete
    Replies
    1. යකෝ කැන්ඩියන් වැල්පෙණෙල අපේ කෙන්ජි අයියගේ සංඛේතයනේ. කෙන්ජයියා ඉතාමත් ජනප්‍රිය වුනේ වැල් පෙණෙල කතාවෙන්

      Delete
    2. ඔන්න හැදුවා කැන්ඩියන්, කිව්වත් වගේ නැගලම යනවා තමයි.

      Delete
  21. හැලපේ.....මම නම් නොදන්න සිරිත් විරිත් ටිකක් දැණගත්තා. ඒ මදිවට වැටකොළු කෙලින් කරන හැටිත් ඉගෙනගත්තා. කංකුං සහ කරෝල එකට දාලා ටොප් කෑමක් බන්. අපේ ඩැඩීගේ ෆේවරිට්.

    අපේ ලොකු අම්මාගේ මනුස්සයාට අපි කිව්වේ රිචි බාප්පා කියලා. මෑන් ලයනල් රිචි වගේ තරුන කාලේ. උඹලාගේ සිරිල් මාමා තාම ඉන්නවාද....හොඳ මනුස්සයෙක් වෙන්න ඇති බන්.

    ReplyDelete
    Replies
    1. සිරාම කතාව අරූ අය්යේ...... හැලපේ අයියගේ රාජධානිය වටේම අපි ඇවිද්දා මේ කියන දේ සහතික ඇත්ත. සාක්ෂි අටමා

      Delete
    2. කංකුන් සහ කරෝල තෙල් දාල කනකොට තියෙන රස තාම මතක්වෙනව මචං.
      ඒක නෙවෙයි ලොකු අම්මගෙ මනුස්සය මහප්ප නේද,උඹල බාප්ප කිව්වෙ ඇයි.
      බීල රටේ නැති තිත්ත කුණුහරුප කිය කියා මිනිස්සුන්ට බනින නිසා එච්චර ජනප්‍රිය චරිතයක් නොවුනට මම දන්නා හැටියට නං සිරිල් මාම හරිම සුන්දර මනුස්සයෙක් මචං.බීල කෙනෙකුට කොච්චර බැන්නත් පහුවදාට ඒ මොකුත් මතක නෑ.අනුව දශකයෙ මුල හරියෙ සිරිල් මාම මළා.

      Delete
    3. නලින්,
      අම්මගෙ තුන් මාසෙ දානෙ පහුගිය සතියෙ තිබුණා,මම රටේ නැති නිසා කාටවත් ආරාධනා කලේ නෑ මල්ලි.

      Delete
    4. හැලපේ.....මම ඒක ගැන ලොකුඅම්මා කියලා ලියපු කොටසේ ලිව්වා. එතනම මම ලිව්වා ඇයි අපිට දිව නැමුනේ නැත්තේ කියලා මහප්පා කියන්න. කතාව දිග නිසා මෙතන ලියන්න බැහැ.

      Delete
  22. //මුකුණුවැන්න ටිකකුත් දාලම වැල් පෙනෙල ටික අඹරගන්න නැත්නං ටිකක් වල් රහ එන්න බලනව//

    මම හිතුවෙ ඒ රහ අවශ්ය නිසා තමයි ඒව බොන්නෙ කියල

    ReplyDelete
    Replies
    1. Pra +++++++++++++++++++++++++++++

      Delete
    2. කොළ කැඳ එකක් හැදුවත් රස මුකුණුවැන්න මිටක් දැම්මොත් තමා

      Delete
    3. නලියො හැබැයි වල් රහට නම් වැල් පෙනෙලම තමයි.

      Delete
    4. මම නම් බිව්වෙ තනිකර වැල්පෙනල වලින් හදපු කැද .... එහෙම බිව්වම තමයි නියම ප්‍රතිපල ...

      Delete
    5. ප්‍රා මම මෙතැනදී වල් රහ කියන එකෙන් අදහස් කලේ කැලෑ රහ කියන එකයි,කැලෑවටත් වල කියනව නොවැ.

      Delete
    6. නලින්,අරු,කෙන්ජි.
      කැමති ආකාරයකට රස බලන්න පුළුවනි,මුකුණුවැන්න දමා හෝ නොදමා දෙවිදියටම බීල රස බලපල්ලකො.

      Delete
    7. නෑතුව නෑතුව හැලපේ, කෑලෑ වල bushes තියනවනෙ

      Delete
  23. ඔය කියපු විදිහට කංකුන් මාත් කාලා තියෙනවා. කටට කෙළත් ඉනුවා මතක් වෙලා.

    කවිය නම් පට්ට. සීයක් කියන්නෙ ලේසියෑ. :o

    ප. ලි. ~ කවුරු හරි පිංවතෙක් මට වැල් පෙනෙල වැලක් හොයලා දියල්ලා. අවුරුදු උත්සවේදි ලැබෙන්න සැලැස්සුවොත් ඇති. වෙන අහවල් එහෙකට නෙමේ, සෙරෙප්පු දාන්නැතිව පාගන්න. ;)

    ReplyDelete
    Replies
    1. පල පල පෙනෙළ තියෙන්නේ පාගන්න නොවේ ගිතෙලින් මලෝලා කාපන් රගේ බලන්න

      Delete
    2. උඹ දකිද්දි වැල් පෙනෙල වැල් හිටගන්නවා !!!!

      Delete
    3. @ නලින් අයියා ~ මම ඇත්තටම වැල් පෙනෙල කැඳ වත් බොන්නෑ. ඒත් මේ විස්තර කියෙවුවමනම්…… හෙ… හෙ… :)

      @ පත්තරේ ~ මට ලැජ්ජයි ලැජ්ජයි වගේ බං ඕවා කියනවා ඇහෙත්දි. ;)

      Delete
    4. @ ප්‍රියා
      පෙතිද ගන්නේ..

      Delete
    5. අපෝ අපේ නෑනෙ බං විදානෙ ඔවා පාවිච්චියක්. :)

      Delete
    6. අන්න ඒකනෙ කියන්නෙ ප්‍රියා,සීයක් ආන්බාන් කරනව කියන්නෙ ලේසි පාසු කෙලියක්ද.පෙනල වැලක් හම්බවුණොත් මාතලන්ටත් දීපං ඌත් හොයා හොයා ඉන්නෙ.

      Delete
    7. නලින්,පත්තරේ,විදානේ
      මු පෙති බොන්නෙත් නැත්නං කැඳ බොන්නෙත් නැත්නං වෙන මොනව හරි පාව්ච්චියක් ඇති නේද.

      Delete
    8. ප්‍රියාට කොටුවේ නාට්ටාමිලාට හම්බෙන ටැමිල් ස්පෙෂල් ට්‍රිට්මන්ට් ලැබේ.

      Delete
  24. මේකට කමෙන්ටුවක් කොටලත් බෑ නැතුවත් බෑ..මුන් එක්ක බෑ අප්පා !

    ReplyDelete
    Replies
    1. එපා අයියා මූද යට ඉදන් ඕවා කරන්න යන්න එපා. කවද්ද අයියා උඹ ගොඩ බිමකට එන්නනේ

      Delete
    2. ඈ ඩොල්පින්ලත් පෙනෙල බොනවද?

      Delete
    3. වෙනී ගොඩ ආපුවම හම්බවෙයන් සාත්තරේ ගුරු මුෂ්ටි නැතුව කියල දෙන්නං.

      Delete
    4. ඕන් එහෙනම් කියන්කො සාත්තරේ..කැඳ බොන එකයි..මලවලා කන එකයි හැර ?!

      Delete
  25. අපේ පැත්තෙත් රාජ කියල පොරක් ඉන්නව දවසකට දෙපාරක් විතර හෙන දුරක් ඇවිදං යනව කසිප්පු බොන්න..
    වී බෙර කියන්නෙ කොච්චරද..? :/

    ReplyDelete
    Replies
    1. බලපුවම රාජාල ඔක්කොම වගේ බේබද්දෝ.වී ගැන නලින් කියල තියන දේවල් හරියටම හරි.

      Delete
  26. වී බෙරය කියන්නේ ලාස් 5යි. බුසල කියන්නේ ලාස් 8යි. සුත්තරෙ මෙහෙමයි අපි පොඩි කාලේ හුන්ඩු 4 සේරුවයි. සේරු දෙකක් ලාස් භාගයයි

    ReplyDelete
    Replies
    1. හාල් හුණ්ඩුව = 300 ග්‍රෑම්= පොඩි ටින්කිරි ටින් එක
      අපි නම් සේරුව කියන්නේ පුරවලා හුන්ඩු තුනකට .

      Delete
    2. @ මල්මි...පුරවලා තුනක් සේරුවයි....කපලා හතරක් ..ඒත් සේරුවයි. ඔහොම තමයි ඉස්සර කිව්වේ. හරි වැරදි දන්නේ නැහැ.

      Delete
    3. නලින්,මල්මි.අරු.
      සමහර පළාත්වල ලාහට කුරුණිය කියලත් කියනවා නේද.දෙන්නගෙ හුන්ඩු සේරු ගැනත් හරි මම දන්නා විදියට.

      Delete
    4. සම්මන්තුරේ, කල්මුනේ පැත්තේ හාල් මනින්නේ 'කොත්තු' වලින්. සේරු එකයි කාලට ටිකක් අඩුයි.

      Delete
    5. ස්තුතියි අරු.

      Delete
    6. කැන්ඩියන් අපේ ගමේ කුත්තු හාල් කියල හාල් ජාතියක් තිබ්බා,හාල් ගබඩාවෙ වැඩකරන නාටාමිල හාල් බාන හුක් එක හෙවත් කුත්තුවෙන් ගෝනි හිල් කරලා හාල් අරං ඒ හුක් එකෙන්ම ගෝනිය තුවාල කරපු තැන පිරියම් කරල දානව.
      හාල් ටික ගෙනත් කඩේට විකුණලා කසිප්පු බොනවා.හාල් ගබඩාව වටේ හිටපු ඔක්කොමල වගේ තුන්වේල කෑවෙ කුත්තු හාල් තමයි.

      Delete
  27. අනුරාධපුර පුත්තලම පාරේ නොච්චියාගම ඉන්නව හැලපේ හරි සුන්දර මනුස්සයෙක්..ගම ගම්පහ .වික්‍රමාරච්චි එකේ ආයුර්වේදය ඉගනගත්ත කෙනෙක්..
    උදේට පොඩි කොලකැඳ කඩයකුයි දවල්ට පොඩියට බත් කඩයකු‍යි කරනවා ගෙද‍ර..මට දැනුන විදිහට මිනිහා අවංකයි..
    කොලකැඳ එක සිරාවටම රසයි මිනිහගෙ..දවල්කෑම අමුතුම ලයින් එකක්.තෙල් පාවිච්චිය බොහෝම අඩුවට..වටින් පිටින් හොයාගන්න කොරටු එලවලු.තම්බපු හාල් බත්..නොදීම බැරි නිසා වැව් මාලු !!!
    මිනිහ කියන්නෙ මම මිනිස්සුන්ට මේක විකුනන්නෙ ආදරයෙන්..මගෙ කඩේ කොකා කෝලා.සිගරට් .බුලත්විට නෑ.මනුස්සයන්ට කවන්නෙ හොඳ දේවල්..
    මං ඇහුවා මේ විදියට් කඩ කරල වැඩක් තියනවද කියල..
    මිනිහගෙ උත්තරේ උනේ මේ කෑම ටික විකුනල හිත සංතෝසෙන් දවසට රු 1000 සාක්කුවෙ දාගත්තම ඇති කියන එක..
    (පුද්ගලිකව මට ඒ කෑම රස මදි උනත් අපේ ගෙදර අය නං හෝයියට කෑව...ඊටත් ඒ කඩේ විටමින් කූරුත් නෑ විටත් නෑ : D )

    ReplyDelete
    Replies
    1. අහන්නත් ආසයි පත්තරේ,ඇත්තටම මේවගේ අය තාම ඉන්නව කියල හිතෙනකොටත් හිතට සතුටක් දැනෙනවා.එක්කෝ මනුස්සකමට මනුස්සයන්ට ආදරේට කදෙකරන කෙනෙක්, එක්කො අද ජීවත්වෙන අයගෙ නාඩිය නියමෙටම අල්ලගත්ත කෙනෙක්.
      කොහොම වුනත් මේ වගේ අය වැඩි වැඩියෙ කඩ කෙරුවාව පටන් ගන්න කියල පොඩි ප්‍රාර්තනාවකුත් කරමු.

      Delete
  28. මෙන්න බලන්න මේ රූපේ තියෙන්නේ යටින් වැල්පෙනෙල වැල් නැතුවත් අපේ ගෙදර එළොළු පාත්තියේ වම්බොටු ගෙඩි හැදෙන ආකාරයයි!

    http://kathandara.blogspot.com.au/2013/12/lets-cook-boys.html

    !!!

    ReplyDelete
    Replies
    1. මේ ස්වභාව ධර්මයේ විකෘතියක් හෙවත් ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන දෙයක් නේද කකා.

      Delete
  29. හැලපේ අපි රවියාගේ බ්ලොග් එකේද කොහෙද කීවා මේ නූගත් ප්‍රජාව වෙනුවෙන් පැහදිලි සිංහල දාන්න කියලා. ඔච්චර මහප්‍රාණ දැම්මම අපි කොහොමද තේරුම් ගන්නේ. (මේව මේ අහුලගත්ත වචන ඒක හින්ද කොහෙන්ද මොකක්ද කියලා අහන්න ඔට්ටු නෑ.)

    අපිටත් කුඹුරු තිබුනා පොඩි කාලේ ඒවා වගාකරනවත් මට මතකයි. ඒත් ඔය වී කරල් වී මුල් කේස් මට මතක නෑ නේ. අපේ අප්පච්චි/සීයා/මාමලා දෙවියන්ට පගාව දුන්නේ නැද්ද දන්නේ නෑ. ඒ වුනාට මට මතකයි වතුර බෝතල් වගයක් නම් වහලේ එල්ලලා තියෙනවා. අවුරුද්දටත් ඉස්සෙල්ලම මොකක් හරි වතුර බෝතලයක කේස් එකක් තියෙනවා නේද?
    පොඩි කාලේ මම තමයි අපේ කුඹුරේ කක්කුට්ටෝ එලෙව්වේ. ගොඩක් එවුන් පරලොව ගියේ කෑලි කෑලි වෙලා. කොහෙද උනුත් එන්නේ මගේ අයිතිකාර පැත්තෙමමයි හිල් හදන්න. ගල් දෙකක් අරන් උන්ව ඒ මැද්දට හිර කරලා කුඩු කරන්න තරම් මම ඒ කාලේ නපුරුයි.
    අපි පොඩි කාලේ නම් කැඳට අමුතුවෙන් කොළ ගන්න උනේ නෑ. අපේ කුඹුරේම පාත්තිවල කොක්මොට, ගොටු කොළ, මුගුණවැන්න, වැල්පෙනළ හාතාවාරිය, පොල් පලා ඕනේ තරම් තිබුනා. මේ ළඟදි මම කුඹුරට යනකොට කුඹුර පිරෙන්න ගර්කින් වවලා. ඒ විතරක් නම් කමක් නෑ පතල් වලවල් හැම තැනම. අර ඉස්සර හිතේ මවාගෙන තිබුන මගේ ගම කියන මතකය හීනයක් වීතරක් වෙලා.
    වැල්පෙනෙළ ඔය කියන තරම් ප්‍රසිද්ධ මොකද කියලා තේරුනේ දැන්නේ නැතිව මේ වෙනී මාමා ඕවා නිතර බොන කතාවක් දැක්කට මට තේරිලා තිබුනේ නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. කොක් මොට කනවා??????????????????????

      Delete
    2. සාමාන්‍යයෙන් වී අස්වැන්නෙ අග්‍ර භාගය හෙවත් මුල් කොටස දෙයියන්ට වෙන් කර පුජා කිරීම අපේ ගම්වල ඉස්සර ඉඳන්ම තිබුණු සිරිතක් නෙ රංගි.
      වතුර බෝතල් කේස් එක වීවලට සම්බන්ධ නෑ අලුත් අවුරුද්දට ළිඳත් එක්ක ගනුදෙනු කරද්දි ගන්න වතුර බෝතලේ ඊළඟ අවුරුද්ද වෙනතුරු එල්ලල තියන්න ඇති.
      කක්කුට්ටෝ කියන්නෙ ස්වභාව ධර්මයෙම කොටසක් වුනාට කක්කුටු බෙන නිසා ලියද්දේ වතුර ඔක්කොම වගේ අපතේ යන අවස්තාවන් මම දැකල තියෙනව.
      වෙනී පෙනෙල කොළ කැඳ බොනවා කියල හරි ප්‍රසිද්දයි නොවැ මේ මම දැනගෙන හිටියෙ නැතුවට.

      Delete
    3. රංගි කියන්නේ කොක් මොටද කැරන් කොකුද

      Delete
    4. මම කියන්නේ කොක් මොට. ඒකට අනිත් අය කියන නම මම දන්නේ නෑ නේ. ඒවා එකතු කරලා ඉස්සර අපි කැඳ හදනවා. මතක විදියට පොඩි රෝසපාට බටයක් උඩ සුදුපාට මලක් වගේ එකක් තිබුන පොඩි පැලයක්. කැරන් කොකු කියන්නේ මියණ දළු වලට නේද? ඒවා නම් අපේ කුඹුරයි වත්තයි එක්වෙන දොළ පාරේ ගොඩාක් තිබුනා අපි පොඩි කාලේ. දැන් නම් මම ඒවා අන්තිම කාලේ ගත්තේ පානදුර හොරණ පැත්තෙන් රත්නපුරේට යනකොට හමුවෙන කිරිඇල්ල කියලා ගමකින්. මගේ ආසම කෑමක්. තව ජපන් ජබර හරි ඩිය හබරල හරි මොකක් හරි නිල් පාට මලක් පිපෙන කොළත් අපේ කුඹුරේ තිබුනා. ඒවත් මැල්ලුම් කෑවා වෙන්න ඕනේ අපි. අපේ ගෙදර අපි පොඩි කාලේ කැඳ හදන්න සපෝටර්ස්ලා ගොඩාක් හිටියා. කොළඹින් අළුතින් පත්වීම් අරන් ආපු ගුරුවරු සෙට් එක අපි එක්ක එකතු වෙලා මේ වැඩේ කරලා උදේට හැමදාම කොළත් කොටලා දෙනවා අම්මට කැඳ හදලා දෙන්න. (මේ කියන්නේ 80 82) ඒ අය දැන් ඔක්කොම ප්‍රින්සිපල්ලා, අධ්‍යාපන අධ්‍යක්ශක වරු වෙලා. එක්කෙනෙක් නම් දැන් අපේ මස්සිනා එයා අධ්‍යාපනේ පැත්තේවත් නෑ. අපේ ඇඩ්වෙන්චර්ස් ගොඩාක් තිබුනා. කොහොමත් ඔය අපි ඉපදෙන්නත් කලින් ඉඳන් අපේ ගෙදර හිටපු ගුරුවරු හරියට අපේ අම්මයි අප්පච්චියි වගේ තාමත්. ලෝකේ කොහේ හිටියත් අවුරුදු කිහිපයකට පාරක්වත් විසිට් එකක් දාන්න, ඉඳලා හිටලා කෝල් එකක් දෙන්න මාත් අමතක කරන්නේ නෑ.
      මේක හැලපෙගේ පෝස්ට් එකක් කියලා අමතක වෙලා වගේ මට... ;)

      Delete
    5. හම්මෝ මේ කට්ටිය බීලා තියෙන කැඳ ජාති. :D

      Delete
    6. වතුර පිරිච්ච කුඹුරුවල හැදෙන නිල් පාට මල් පිපෙන පඳුරු ජාතිය දිය හබරළ තමයි.දිය හබරළ කොළ වලට පරිප්පු දාල උයපුවම බොහොම රසයි රංගි.

      Delete
    7. මම බොන්නෙ පෙනෙල කැඳ නෙවෙයි අයියෙ..ඕනිම කොළ කැඳ ජාතියක්.ඒක බුකියෙ ප්‍රොමෝට් කරන්න ගිහින් තමා මේ ලෝකයා නොයෙක් නොයෙක් නොහොබිනා කතන්දර හැදුවෙ මට !

      Delete
    8. නිල් පාට මල පිපෙන එක දිය හබරල නෙවෙයි අපේ පැත්තෙ කිව්වෙ දිය බෙරලිය කියලා බූරු බබත් අපේ පැත්තෙ නිසා ඒ නමින් තමා දන්නවා ඇත්තෙ..

      Delete
    9. පෙනෙල කැඳ බොනවා කියන එක ලැජ්ජවෙන්න දෙයක් නොවෙයි වෙනී,කොළ කැඳ ප්‍රමෝට් කරන එක කොච්චර හොඳ සත්ක්‍රියාවක්ද,මම නං ඕනෑ තැනක කියනව මාත් කොළ කැඳ ලෝලියෙක්ය කියල.

      Delete
    10. වෙනි..ඒක දිය බෙරලිය තමයි. ඕකේ දළු පරිප්පු එක්ක හදනවා. ඒකත් හරි.

      Delete
  30. //වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා//// මහාචාර්ය මා තලන් කියනවා වගේ පට්ටම ටෝක් එක..මමත් මේ ඇහුවාමයි...

    අඩේ වැල්පෙනෙල කැද ටිකක් බීහං කියලා ඔය ඈලි මෑලි උන්ට කියන බව අහලා තිබුනට ඒකෙ තියෙන ගුණ ගැන අදනෙ දැනගත්තෙ...හැලප මාමා මොනවද දූරියන් ගැන දන්නෙ ? ඒකත් කියාපු දිව්‍ය ඖෂධයක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොත බලපංකො විස්තරේ දැනගතහැකි.
      වැල් පෙනෙල නං දිවය අවුසදයක් සිරා,විදානේ දාල තියෙන විස්තරේ දැක්කද.දුරියනුත් දිව්‍ය අවුසදයක් තමා,හැබැයි ඒ ගැන මට වඩා හොඳට කෙන්ජි දන්නවා.

      Delete
  31. //ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා''// මේ ඇයි මේ අයියේ?

    ReplyDelete
    Replies
    1. ඇය ඇත්තටම වම්බටුවලට අප්‍රිය කරන නිසානෙ නාඩියෝ.පොත බලන්නකො.

      Delete
  32. වැල් පෙනෙලවල අඩංගු රසායනික සංයෝග
    Saponin
    Quebrachitol and an alkaloid
    a glucoside, resins
    මෙහි ඇටවල වාෂ්පශීලි තෛල ඇත. හර්නියා, අන්ඩවාත ඇතුළු වාතාබාධ ප්‍රතිකාරය සඳහා පෙනෙල පංචාංගයම (කොළ, පොතු, මල් ආදී පැළෑටියම) උපයෝගි කර ගනියි. ඊට අමතරව කසාය, මැල්ලුම් සහ කැඳ පිණිසත් යොදා ගනී.
    පෝෂ්‍යදායී ආහාරයක්

    පෙනෙල දළු, රතුළූණු, උම්බලකඩ සමඟ එක පමණට ගෙන එළඟිතෙලින් මලවා කෑමෙන් ශරීර වර්ධනය සඳහා ඉමහත් පෝෂණයක් ලැබේ. ඉක්මනින් ශුක්‍ර ධාතු වැඩීමේ ගුණයක් ද වැල් පෙනෙලවල ඇත.
    නිතර නිතර වැල් පෙනෙල පාවිච්චි කරන්නේ නම් පෙරකී ධාතු ශක්තිය වර්ධනය කරගත හැකියි. මෙය ප්‍රකට කරුණකි. වැල් පෙනෙල කැඳ පානයක් ලෙස ඔබ භාවිතා කරන්නේ නම් මෙකී ගුණ රාශියක් ඔබට ලබාගත හැකියි. වැල් පෙනෙල කොළ කැඳ පිණිස යොදා ගනියි.

    ඖෂධීය වටිනාකම
    * වැල් පෙනෙල ශාකයේ යුෂ ස්තී‍්‍රන්ගේ ආර්තව සම්බන්ධ රෝගවලට යොදා ගනී. මුත්‍රා රෝගවලට ගුණදායකයි. මුත්‍රා හොඳින් පිට කිරීම පහසු කරයි.
    * වැල් පෙනෙල මුල් හා පත්‍ර මුත්‍රා ආසාදන තත්ත්වයන්හිදී ගුණදායකයි. කුසගින්න ඇති කරයි. මෙය සමෙහි ගැල් වූ විට රත් පැහැ වේ. වමනය ඇති කරයි. වාත නාශක ගුණය ඇත.
    * වැල් පෙනෙල කොළ හා මුල් අතීසාරයට යොදා ගනී. එසේම රක්තාතීසාර රෝගයට ද ගුණයි.
    * පෙනෙල් මුල් යොදා සැකසූ ඖෂධ වාත රෝග, ආමවාත, අර්ශස්, පණු රෝග වලට යොදා ගනු ලබයි.
    * පෙනෙල ඇට චූර්ණය (කුඩු)

    ආම වාතයේදී උණ රෝගයට භාවිතා වේ. වැල් පෙනෙල ඇටවල තිත්ත උත්තේජක වාෂ්පශීලි තෛලය අඩංගුව ඇත. පුරුෂයින්ට ඉක්මනින් ශුක්‍ර ධාතු වැඩීමට නම් ශරීර ශෝධනයක් හෙවත් වැල් පෙනෙල සහමුලින්ම ක්ෂාය කර එයට එඬරු තෙල් දමා දීමෙන් පසුව වැල් පෙනෙල ආහාරයට ගත හැකියි.
    එවිට මෙහි ප්‍රකට ධාතු වැඩීමේ ශක්තිය නිසියාකාරව ලබාගත හැකියි. වැල් පෙනෙල විස චිකිත්සාවට ගන්නා ප්‍රධාන ඖෂධයකි. සර්ප විස නිසා ඇතිවන උණට යොදන ක්ෂායට පෙනෙල වැල් අඩංගු වේ. සර්ප විෂ අවස්ථාවන්ට යොදන ඖෂධ සඳහා ගනු ලබයි. උදර වේදනා නාශකයක් ලෙස ද පෙනෙල ගනු ලැබේ. ස්වාස නාල ප්‍රදාහ අවස්ථාවලදී පෙනෙල ගුණදායකයි.

    රෝග ගණනාවකට සුදුසුයි.
    * ධාතු පෝෂණයට හා වර්ධනයට පෙනෙල දළු, රතු ළූණු, උම්බලකඩ සමව ගෙන එළඟිතෙලින් මලවා කෑමට හොඳයි.
    * මී විෂට වැල් පෙනෙල් හා රතුළූණු දෙහි ඇඹුලින් අනා පානයට සුදුසුයි. මෙය ශරීරයේ ගඩු මතු වී වේදනා කරන තැන්වල ගාන්න. මී විෂ නිසා ඇතිවන කබර මතුවීම, කැක්කුම, දැවිල්ල හා ඉදිමුම නසයි.
    * ආමවාත හා සන්ධි වේදනාව
    වැල් පෙනෙල කොළ එඬරු තෙලින් තම්බා අඹරා ගාන්න.

    සර්ප විෂ නිසා ඇතිවන උණට යොදන කසායට වැල් පෙනෙළ අඩංගු වේ. එසේම සර්ප විෂ අවස්ථාවන් සඳහා යොදන ඖෂධයන්හිදී ද වැල් පෙනෙල උපයෝගී කර ගනියි. ලෙඩ රෝග වලදි මුළු ශාකයම බාහිරින් සේම අභ්‍යන්තරව ද ඖෂධ සඳහා යොදා ගනී.

    බාහිරින් පත්තු බැඳීම හෙවත් ආලේපන සඳහා සහ අභ්‍යන්තරින් බීමට හෝ කෑමට ලබා දෙනු ලබයි. ආමවාත, ස්නායු රෝග, පුරුෂයින්ගේ වෘෂණ කෝෂවල ඇතිවන රෝගවලට පෙනෙල භාවිතා වේ. පෙනෙල මුලෙහි බොහෝ ගුණ ඇත.

    බඩ බුරුල් කර යාම ඇති කරයි. වමනය ඇතිවීම සහ මල පිටවීම පහසු කිරීම ඒ අතර වේ. කෑම රුචිය ද වඩයි. මුළු ශාකයම ඉවතලන්නට නොහැකි සේ ඖෂධීය වටිනාකමින් හෙබි වැල් පෙනෙල ඔබේ ගෙවත්තේ වැටකට හෝ ඉන්නකට යවා වැවීමෙන් ඉහත කී ගුණාංග රාශියක් ළඟා කරගත හැකි බව මතක තබා ගන්න.

    මේටික ගත්තේ මෙතැනිං http://sex-and-life.gossipelankanews.com/2013/11/19/%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94-%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A/?

    ReplyDelete
    Replies
    1. වැඩේ නං ඇති විශිෂ්ටයි විදානේ,මේ විදියට සම්පූර්ණ විස්තරයක් ලබාදුන්න එකට කොහොම ස්තුති කරන්නද මන්දා.

      Delete
  33. / ඉස්සෙල්ලම මතක්වුනේ පර්මිනා දාසාගේ ආදරය ඉල්ලගෙන ලියුම් ලිය ලිය පස්සෙන් ආපු ෆ්ලොරෙන්තිනෝ අරීසාට ඇය ලියු පළවෙනි ලිපිය හෙවත් වාක්‍ය පේළිය...

    'හොඳයි මං ඔයාව බඳින්නම්,හැබැයි ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා'' /

    මෙහෙම සීන් එකක් මට මතක නෑනෙ හැලපෙ....කාමරේ ඇති පොත, අද හොයන්න ඕන ගිහිල්ල. ඒත් ඇත්තෙ ඉංග්‍රීසි එක. මේ කෑල්ල තිබ්බෙ කොහෙද? ඉංග්‍රීසි එකේද වියංගොඩගෙ පරිවර්තනයෙද?

    පලි - හැබැයි කතාව නම් එක අතකට ඇත්ත...ෆර්මිනාට වාතෙ තියනව..

    අහල තියනවනෙ...

    කැස්සට කොස් ඇට,
    උණට කුරුම්බා,
    වාතෙට වම්බටු...

    ReplyDelete
    Replies
    1. කොළරා කාලේ ආලේ,ගාමිණි වියන්ගොඩ(114 පිටුව)
      පර්මිනාට වාතෙ හැදෙන්න ඇත්තෙ හුවෙනාල් උර්බිනෝ මලාට පස්සෙ වෙන්න ඇති,අර නැවේ යද්දි එහෙම.
      කවිය අහලනං තියනව අපේ අම්ම කියනව මුල පද දෙක,අනික් පදේ අනේ මන්දා.

      Delete
    2. රවියෝ උඹට කියන්න මාත් මගේ පොත ආයේ කියවන්න ගත්ත මේ හැලපේ කියන කතාව බලන්න. ඔරිජිනල් වර්ශන් එකේවත් අපේ භාශාවෙන් තියෙන එකේවත් එහෙම එකක් මට හමු වුනේ නෑ.

      Delete
  34. හරි කැමැත්තෙන් කියෙව්වා. ඇත්තටම ඒකාලේ ගම්වල තිබුණ චාරිත්‍ර ගැන අහනකොටත් ආසයි. ඒ මොකද අපිට ඒ අත්දැකීම් නැති නිසා. ගම්වල නම් අපේ සීයලා කුඹුරුගොයිතැන් කරත් ඒ සුන්දරත්වය අත්විඳින්න වාසනාව තිබුණේ නැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු,දැන් ගම්වලින් ඔවැනි චාරිත්‍ර සහ ඒ චාරිත්‍ර දන්නා අයත් නැතිවෙන කාලයක්.

      Delete
  35. ඉස්සර අපේ සීයත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම අලුත් වී ගෙදරට ගන්නකොට ඔය විදිහට කළා මතකයි...
    කොහොම වුනත් වස විස නොගහපු කංකුන් විකුණලා කරපු වැඩේ නම් හරි නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ තුශානි,විස නැතිදේ දීල විස අරං ආපු එකනෙ.මුං කවදාවත් හැදෙන උන් නං නෙවෙයි.

      Delete
  36. අළුත් වී ගෙට ගන්නකොට කරපු චාරිත්‍රය ගැන මං ඇහුවමයි... ඔය වී මනිනකොට කුරුණියට වැඳලා ඒක කරනවා නම් දැකලා තියෙනවා... වහලෙ එල්ලලා තියෙන වී කරල් මිටිත් දැකලා තියෙනවා... වී මලු නම් දැකල නෑ...
    ළමයි පිස්සු වැඩ කරනකොට අම්මල අහනව, 'බොට දෙයියන්නෙ හාල් කැවිලද?' කියලා... හැබැයි ඒව කෑවට කපුවට නම් ගාණක් නෑ වෙන්ටැ...
    සිරිල් මාමට සල්ලි දුන්නට පස්සෙ මෑ කරල් ටික ගෙදරට ලැබෙනවද...?
    කංකුං තෙල් දාල කන්න මාත් ගොඩක් කමති උනාට කවදාවත් බල කරවල දාල කාලා නෑ... ඒ වගේම ඉඳි ආප්පත් එක්ක කාලත් නැහැනෙ... බලන්න ඕන ට්‍රයි එකක් දීලා...
    වැටකොළු කතාව කියවල ඇතිවෙන්න හිනා වුනා... :D

    ReplyDelete
    Replies
    1. ගොයං කපද්දි වෙලට බහින්නෙ දෑකැත්ත තියල ගොයමට වැඳලයි,බැත ගොඩ මනිද්දිත් බුසල තියල වඳිනවා,වී පෙට්ටියෙන් ගද්දීත් කුරුණියට වැඳලයි වී ගන්නෙ,එව්වා පරණ චාරිත්‍ර.
      කපුව දෙයියන්ගෙ හාල් කෑවට දෙයියන්ගෙන් කිසිම සෝලියක් නෑ, කපුව දේවාලෙ පැහැරුවට දෙයියො කෝප වෙන්නෙ නෑ කියල කියනව අහළ නැද්ද.
      සිරිල් මාම කෙලින්ම ගෙදරට ඇවිත් මෑ කරල් මිටිය ගෙදරට දීල තමා කසිප්පු ගහන්න යන්නෙ,අපිව කේන්ති කර ගත්තොත් අමාරුයි කියල මිනිහ දන්නව.
      අර කංකුන් රෙසිපි එක හදල කාල බලන්නකො රස.වැටකොළු කතාව ඇත්තම කතාවක්, ඕං බොරු නං මහත්තයගෙන් අහල බලන්නකො.

      Delete
  37. හැලප, මචං සිංහල ක්‍රමයට කුඹුරු ඉඩං මනින විදිහ මතකද? මම ඔය වැඩකරපු දිහාවක තිබ්බෙ අක්කර පහේ කුඹුරු. මට මතක ඒ ප්‍රමාණයට පරණ මිනිස්සු කිව්වෙ බුසල් 10 ක් කියල. ඒ ගැන උඹ මොනවහරි දන්නවනම් කියපංකො...

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ වී කුරුණි, වී බුසල්, වී පෑල්, කුරහන් සේරු, කුරහන් අමුණු, (යමි කිසි අස්වැන්න ප්‍රමාණයක් ලබාගත හැකි හෝ යමි කිසි බීජ ප්‍රමාණයක් වැපිරිය හැකි බිම් ප්‍රමාණය )මේ මේ නානාප්‍රකාර ආකාරයෙන් ඉඩං මැනලා තියෙනවා, හැබැයි ඒවා පොලවේ පිහිටීමත් එක්ක වෙනස් වෙනවා,
      උදාහරණයක් ලෙස වී පෑලක් අක්කර කාලක් ලෙස සලකනවා. නමුත් මේක බෑවුම් ප්‍රදේශ වල සහ තැනිතලා ප්‍රදේශ වලදී වෙනස් වෙනවා..
      ඉන්පස්සේ අක්කර රූඩ් පර්චස් ක්‍රමය ආවා. ඒකත් සංකීර්ණ හින්දා දැං හෙක්ටයාර් සහ වර්ගමීටර් වලින් තමයි ඉඩං මැනුම් කරන්නේ (භාවිතයේ පහසුව පිණිස අක්කර රූඩ් පර්චස් වලිනුත් ගනං මිමි දානවා)

      Delete
    2. ඔන්න මචං විස්තරේ තියනවා.

      Delete
  38. හරිම රසවත් හැලප අයියේ. නාට්‍ය ජවනිකාවක් වගේ හැම සිදුවීමක්ම සිතේ ඇඳුනා. ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.ජයවේවා.

      Delete
  39. හරිම රසවත් හැලප අයියේ. නාට්‍ය ජවනිකාවක් වගේ හැම සිදුවීමක්ම සිතේ ඇඳුනා. ජයම වේවා!!

    ReplyDelete
  40. හැබෑටම ඔය දැල් ගහන්නේ කොහොමද ? දැල විසි කරලා කොහොමද ආයේ කොන් දෙක එකට අමුන ගන්නේ ?

    ReplyDelete
    Replies
    1. දැල් ගහද්දි රවුමට විසිරෙන විදියට අතේ විසිරවගෙන දැල ගහල ඊට පස්සෙ හිමිහිට අතේ තියෙන ලනුවෙන් ටික ටික ඇදල දැල එකතු කරගන්නව මිසක් කොන් එකට ඇමිනිල්ලක් නෑ සෙන්නෝ,දැල ඇකිලෙද්දී කොටුවෙලා ඉන්න මාළු දැලේ ඇස් අස්සෙන් පනින්න ගියාම පැටලෙනවා.ඊට පස්සෙ මාළු ටික ගලවගන්න එකයි.

      Delete
  41. රසවත් විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දී.

      Delete
  42. හැලපයිය මාවත් මතක් කරල තියෙන්නෙ.ටැන්කිවු.
    වැල්පෙනෙල දැන් හැලපයියට උදවුවට එනවද

    ReplyDelete
    Replies
    1. මම කවදත් වැල්පෙනෙල ප්‍රේමීයා නොවැ දමිත්,පොස්ටුවකුත් ලිව්වෙ ඒකයි.

      Delete
  43. මෙහෙම හරියන්නේ නෑ හිටපියකෝ මාත් ලියනවා මගේ කොළ කෑම ගැන කතාවක්.

    ReplyDelete
    Replies
    1. හරියට හරි,ලියන එකයි තියෙන්නෙ එළුවා කොස්කොළ කන්නැහේ.

      Delete
  44. ඔය වැල් පෙනෙලවලින් බෙල්ට්ස් හදලා මාකර්ට් එකට දාන්ටකෝ හැලපයෝ...:D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිට තවම එහෙම අප්සැට් එකක් නෑ මගෙහිතේ,එහෙම නේද.

      Delete
    2. @ පොඩ්ඩි ...දැන්ම ඉඳලා ගස් පෙනෙල වලින් හරි බෙල්ට් එක දාගන්න කියන්න. පස්ස කාලයකදි කියන්න එපා අපි නොකිව්වා කියලා.

      Delete
  45. කොටන්න කොමෙන්ටුවක් හිතාගෙන අනිත් කොමෙන්ට් ටිකත් කියවං පහලට ආවම කොටන්න හිටපු කොමෙන්ටුව අමතක උනා කියහංකො!

    ReplyDelete
    Replies
    1. ඉතිං මොකේදැයි දං වළඳන්නේ කිව්වලු.

      Delete
  46. මම මේ කල්පනා කරේ හොඳ වෙලාවට පත්තිනි දෙයියන්ටයි විෂ්ණු දෙයියන්ටයි වී මලු එල්ලුවේ. බැරි වෙලාවත් පත්තිනි දෙයියන්ටයි කතරගම දෙයියන්ටයි එල්ලුවනම් ** වහලේ.

    ReplyDelete
    Replies
    1. කිව්වහම මොකද අපිත් ඒ කාලෙ ඔය කතාවම කියල හිනාවෙනව නොවැ,මම ඔය කතාව මෙතන කිව්වෙ නැහැ.

      Delete
    2. ඇත්ත ඇත්ත එහෙම වුනානම් එක පල්ලේ තමයි.

      Delete

ඔබේ අදහස්