Tuesday, March 11, 2014

119.සිහින පුස්තකාලය,වෙල්ලවැහුම් සහ සුබ උපන් දිනයක්.


 
අපේ රටේ කණ්ඩායම ආසියා කුසලානය දිනුවට පස්සෙ පකිස්තාන් යාලුවොත් ඉන්දියන් යාලුවොත් දෙගොල්ලම මට සුබ පැතුවා,ඉන්දියන් අය කිව්වෙ පකිස්තානය නැතුව ඕනෑම රටක් කප් එක දින්නට කමක් නෑ කියලයි...අපි දින්නත් එකයි උඹල දින්නත් එකයි ඉන්දියාව නැතුව ඕනැ රටක් කියල පකිස්තාන් අය කිව්වා...

මුන් දෙගොල්ලගෙ තියෙන ජම්මාන්ත වයිරෙ ගැන මම කල්පනා කලේ, 1947දි පකිස්තානය ඉන්දියාවෙන් වෙන්වෙච්ච දවසෙ ඉඳන් පටන්ගත්ත මේ වෛරය එන්න එන්නම උග්‍රවෙනවා මිසක නැතිවෙන පාටක් නං ළඟ පාතක පෙනෙන්නට නෑ...රටක් බලෙන් දෙකට කඩපුවම ඇතිවෙන නියත ප්‍රතිපල මෙහෙම තමයි, සුද්දො ඉන්දියාවෙන් පිටවෙද්දි ඇතිකරල ගිය මේ ප්‍රශ්නය පරම්පරාවෙන් පරම්රාවට දිගින් දිගට තවම ඇදෙමින් පවතිනවා,පකිස්තානය නමින් වෙනම රටක් ඇතිකර ගැනීමට සිහින මවමින් සිටි මොහොමඩ් අලි ජින්නා ඇතුළු ජාතිවාදීන් පිරිසගේ සිහිනය සැබෑකරමින් ඉංග්‍රීසි ජාතිකයන් කරලා ගිය විපැත්තිය සදාකාලිකයි කියා මට නිකමට හිතෙනවා...

මොහොමඩ් අලි ජින්නා වෙනම රටක් ගැන සිහින දැක්ක වගේ අපිත්  අපේ ජීවිත කාලය තුළ නොයෙකුත් ආකාරයේ සිහින දකිනවා,මම මෙතන සිහිනයි කිව්වෙ නින්දෙදී දකින හීන නෙවෙයි අපි මවන සිහිනවලටයි,අපි කාගෙත් සිත්තුළ ඇති සිහින විවිධයි වගේම කාලෙන් කාලෙට  මවන සිහිනත් එක එක විදියයි...ගෙයක් දොරක් හදාගන්න එක වාහනයක් අරගන්න එක බොහෝ දෙනෙකුට පොදු සිහිනයක් කියන්න පුළුවනි...එතකොට විදේශගතවීම,තමන් ප්‍රියකරන කෙනා තමන් සතුකරගැනීම ආදී වශයෙන් මෙතන ලිව්වොත් දවසක්ම ලියන්නට තරං අපරිමිත සිහින සම්භාරයක් තියෙනව කිව්වොත් නිවැරදියි...

සිහින මවන එක කිසිසේත්ම වරදක් නොවෙයි ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි සිහින මැවිය යුතුයි,සිහින සැබෑවන්නේ එවිටයි, සිහින මවන්නෙ නැතිව සැබෑවන්නට බැහැනෙ...මමත් කාලෙන් කාලෙට එක එක ජාතියෙ සිහින මැව්වා මට මතක තියෙන ඈතම කාලෙක මවපු සිහිනය මෙහෙමයි,මම පොඩි කාලෙ ඒ කියන්නෙ අවුරුදු දොළහක් දහතුනක් වයස කාලෙ තොම්සන් ඒ වැන්දබෝනා මහතා සිළුමිණ පත්තරේට කොටස් වශයෙන් පලවෙන නවකතාවක් ලිව්ව, නවකතාවෙ නම පැරීසියේ කතාවක්,කතාව පස්සෙ කාලෙක පොතක් හැටියටත් පිටවුණා,ඔය කතාව කියවපු මට පැරිසියට ගිහිං බලන්න ආසාවක් ඇතිවුණා, ආසාව තිබ්බට ඒ කාලෙ එහෙම දෙයක් ගැන මට හිතන්නවත් විදියක් තිබුනෙ නෑ මොකද පිටරට යන එක එදා සිහිනයක්ම  පමණයි,අනික මමත් ඒ කාලෙ පොරොප්පයක් වගේ මෝඩයෙක්, ඒ ආසාව සිහිනයක් හැටියට මගේ හිතේ කාලයක් තිස්සෙ තිබුණා,ඊට බොහොම කාලෙකට පස්සෙ පුදුමාකාර ආකාරයට ඒ සිහිනය සැබෑවුනා...

ඊටත් පස්සෙ රස්සාවක් ගැන හොඳ කැමරාවක් අයිති කර ගැනීම ගැන ආදී වශයෙන් නොයෙකුත් සැබෑවූ සිහින දැක්කත් ගෙයක් දොරක් ගැන බිරිඳක් ගැන සිහින කවදාවත් මගේ සිහින ලැයිස්තුවෙ තිබ්බෙ නෑ කාන්තාවන්ගේ නං සිහිනවල මුලටම එන්නෙ කසාද බඳින එකනෙ...අනික ගෙයක් හදා ගන්නව කියන්නෙ එදා අපට  හිතන්නට වත් අමාරු සිහිනයක්, මොකද රජයේ සේවකයන් වන අපට ගෙයක් හදාගන්න හෝ  ඉඩමක් ගන්න තිබ්බ එකම ක්‍රමය නම් රජයෙන් දුන්න අවුරුදු පහේ අඩු පොළී දේපළ ණයක් අරං ඒ වැඩේ කරගන්න එකයි...හැබැයි ඉතිං ණය වාරිකයයි පොළියයි පඩියෙන් කැපුනම පඩිය කුඩු, ජීවත්වෙන්න තවත් රස්සාවක් කරන්න වෙනව, දැන් නං රජයෙන් දෙන ඒ ණයත් නවත්තල බැංකුවෙනුයි දෙන්නෙ...

මගෙ යාළුවො ටික නං දේපළ ණය අරගත්ත, ගෙවල් හැදුවද නැද්ද මම දන්නෙ නෑ මාත් එකෙකුට ඇපේට අස්සං කළා ඇපේට අස්සං කරපු කෙනෙකුට දේපළ ණය ගන්න බෑ, ගෙයක් දොරක් ගැන මගේ අදහසක් නොතිබ්බ නිසා මට ඒකෙ එච්චර ගාණක් තිබ්බෙ නෑ.... පස්සෙ කාලෙක ගෙවල් දෙකක් හදන්න වෙච්චි එක වෙනම කතාවක්,ගෙයක් ගැන හිතේ නැතිවුනත් මගේම කියල පුස්තකාලයක් අයිතිකරගන්න නං මගෙ  හිතේ ලොකුම සිහිනයක් තිබුණා...

පොත් කියවන්න පුරුදුවෙලා හිටියට ලයිබ්‍රරියකින් අරගෙන හරි කාගෙන් හරි ඉල්ලගෙන හරි කියෙව්ව මිසක පොත් සල්ලිවලට ගන්න තරං ආර්ථික අතින් හයියක් මට තිබුනෙ නෑ, රස්සාවෙන් ලැබිච්ච පඩිය එදිනෙදා ජීවත්වෙන්න මිසක් අත දිග ඇරල  වියදම් කරන්නට කොහොමවත්ම ප්‍රමාණවත් නොවුන නිසා පොත් කියවන්න තව දුරටත් මහජන පුස්තකාලෙ පිහිට පතන්නටම වුණා...

බෙන් ෆිල්ම්ස් එකේ නැවතිලා හිටිය දවස්වල මම හවස වැඩ ඇරිල ලයිබ්‍රරියට ඇවිත් රෑ වෙනකල් පොත් කියවල ගෙදර ගිහිං කියවන්න පොතුත් අරගෙන මගින් කෑම එකකුත් අරං හොඳටම රෑවෙලා බෙන් එකට යන්නෙ කෑම එක කාල ඇඳට වැටෙන්න බලාගෙනයි... බෙන් එකේ  මාත් එක්ක හිටපු උන් තුන්දෙනා ගොඩක් දවස්වලට කොහෙහරි ෂූටිං ගිහිං, ළඟක ගියොත්නං රෑ වෙලා හරි එනව, දුර පළාතක වැඩක් නම් කොච්චර දවස් ගිහිං හරි ෂෙඩුල් එක ඉවරකරල තමා ආපහු එන්නෙ...ඒ තුන්දෙනා එනතුරු බෙන් එකේ මම තනියම කට්ට කාගෙන ඉන්නව...

ඔන්න දවසක්දා රාත්තිරියක අපි කට්ටිය හෝකන්දර දේවාලෙ කපුවගෙ කොන්තරත් එකකට දෙවොල් මඩුවක් වීඩියෝ කරන්න ගියා,ප්‍රභාත්ට යකා පැන්නේ එදා, ඇත්තටම යකා පැන්නම තමා ඌට අනාගත බිරිඳ  මුණගැහුණේ එදයි...

කොල්ලෙක් කෙල්ලෙක් යාලුවෙන එකේ කිසි වරදක් නෑ නමුත් පොඩි ඇදකට තිබුනෙ ප්‍රභාත්ට ඒ වෙනකොටත් පාසල් සමයෙ ඉඳන් පැවතගෙන ආපු ආදර සම්බන්ධයක් තිබුණු එකයි,අපිත් ඉතිං ඔය වැඩේ එච්චර දිගදුර යාවි කියල හිතුවෙ නෑ, උඹට නුවර නාරං කැවුම් වලට වඩා මාතර වෙල්ලවැහුම් රහ වැටුන නේද කියල අපි හිනාවුනාට මොකද වැඩේ ඇදිල ගියා කොහොමහරි ප්‍රභාත්ට මාතර ගැටේ ලෙහාගන්න බැරිවුනා,ඒක දිග කතාවක් දැන් කියන්න ගියොත් කියාගෙන ආපු කතාව කියන්න බැරිවෙන නිසා ඒක පස්සට තියමු...

එහෙම කිව්වට මොකද වෙල්ලවැහුම් කියනකොට මට තව කතාවක් මතක්වුණා ඒක නං නොකියම බෑ...හැබැයි මේක ගොඩක් පරණ කතාවක් සමහරවිට කට්ටිය අහලත් ඇති,මේ කතාවෙන් සරච්චන්ද්‍ර මහත්තය වෙල්ලවැහුම් කියල නාට්‍යයකුත් කළා මට මතකයි,ඉතිං කතාව මේකයි...

ඔන්න ගමක මනුස්සයෙක් දවසක් යාලුවෙක් හම්බවෙන්න යාලුවගෙ ගෙදර ගියා,යාලුවත් මෙයාව ආදරයෙන් පිළිඅරන් බිරිඳටත් අඳුන්නල දුන්නම ඒ ගෑනු කෙනා ගෙදර හදපු වෙල්ලවැහුම් වලින් යාලුවට සංග්‍රහ කළා,වෙල්ලවැහුම් කවදාවත් කාල නැති මේ මිනිහ මොකක්ද මේ රසම රස කෑම ජාතිය කියල අහපුවම...

ඇයි අයියෙ මේ වෙල්ලවැහුම් නෙ කාල නැද්ද...

ම්ම්හ් අපේ පවුල මට මෙහෙම කෑම ජාතියක් කවදාවත් හදල දීල නෑනෙ...

එහෙනං මෙදා සැරේවත්  හදෝගෙන කන්නකො...

ඔව් ඔව් නම මතක තියාගන්න ඕනෑ ගිහිං හදෝගන්න...

කාල බීල එහෙම මේ මනුස්සය ගෙදර යන්න පිටත්වුනා,පාරෙ ගියාට මොකද මිනිහගෙ හිත තියෙන්නෙ වෙල්ලවැහුම් හදාගන්න එක ගැනමයි...නම අමතක වෙනවට වෙල්ලවැහුම්,වෙල්ලවැහුම්, වෙල්ලවැහුම් කිය කියා තොල් මතුරමින් පාරෙ යනව,ඔහොම යනකොට යනකොට එකපාරටම මේ මනුස්සයගෙ කකුල ගලක හැප්පුන පාර හුට්ටපටස් කියල කියවුනා...

ඊට පස්සෙ මිනිහට වෙල්ලවැහුම් නම අමතකයි හුට්ටපටස්, හුට්ටපටස්, හුට්ටපටස් කිය කියාම ගෙදර ගියා,ගෙදර ගිහිං පවුලට කතාකරල කියනව...

ඈ බං යෝදියේ උඹට කියන්න මං අද අපුරු කෑමක් කෑවනෙ,ඒවයේ රසනං මෙතෙකැයි කියන්න බෑ පුදුම රසක් බං,මට හෙට උදේ කුඹුරට යනකොට කාල යන්න එයින් ටිකක් හදල දීපල්ලකො...

මොනවද අප්පේ  ඔච්චර පාරට්ටු කරන බෝජනේ හැබෑටම ...

ඒකෙ නම බං මේ මේ හුට්ටපටස්, හුට්ටපටස්...

හෑ...මොකක් මොකක් හුට්ටපටස්,මගේ ජීවිතේට අහළ නෑනෙ බොලේ එහෙම කෑමක්...

ඇයි යකෝ ඔච්චර කෑම ජාති හදන ගෑනි හුට්ටපටස් හදන්න දන්නෙ නෑ කිව්වම විස්වාස කරන්නත් පුලුවන්ද...

උඹලට මං එක වලියක් කිව්වනෙ මං ඔය නම ඇහුවමයි ඕං ...

කතාව ඔය විදියට දිගින් දිගට ඇදිල යද්දී මනුස්සයගෙත් පුෂ්පය ටික ටික විකසිත වේගන එමින් පවතිනවා,දැන් ගෑනිට කතාකරන්නෙත් බොහොම උච්චස්වරයෙන්...

තෝ බොරු කියන්න දන්නෙම නෑ නේද බොල,හනේ අම්මප මේකිත් මහ එකී වාගෙමයි කට ඇරියොත් බොරු, කට ඇරියොත් බොරු...

සීවරං දෙයියන්ටම  පෙනිච්චාවෙ මේ අවනඩුව , ඒ ගමන අර අහක ඉන්න අම්මවත් ඇදල අරං බනින්න ගත්තනෙ මේ අමනුස්ස මිනිහ...

අම්මපල්ල බොරු කියනවට මට තොගෙ කට කජුගෙඩිය වාගෙ  ගලක් උඩ තියල තලන්න තියේනං ...

තොගෙ කටට හෙන ගහන්න ඕනෑ අහිංසක මට මේ කියන කතා ඔලට...

ඔහෙ හිටු පට්ට බැල්ලි හුට්ටපටස් හදන හැටි තොට මම කියල දෙන්න...

කියල ගෑනිගෙ කොණ්ඩ වල්ලෙන් අල්ලං බිම පෙරලගෙන ඇඟකඳ  නිල්වෙනකල් ගෑනිට හොඳටම තඩි බෑවා ...තලල තලල මහන්සි වෙච්චි පාර  එළියෙ තිබ්බ ලණු ඇඳේ වාඩිවෙලා හැති අරින්න ගත්තම ගෑනිත් එතනම බිම පෙරළිලා අඬා අඬා  අඳෝනා කියෝනව, දන්නවනෙ ඉතිං ගෑනු අඬන්න ගියාම වැලගිය මුලගිය තැන් පවා මතක් කර කර කියෝනවනෙ...

අගේට ගෙදර හිටපු මං මේ අසප්පුරුසයත් එක්ක ආවට මට මෙහෙම වෙලා මදි,අම්මල තාත්තල කියපු දේ ඇහුව නං මට මෙහෙම වෙන්නෙ නෑ...අනේ දෙයියනේ දෙයියන්ටම පේන්න ඕනෑ මේ අපරාදෙ,මේ අදරුමිස්ට කාලකණ්ණිය තලල මගේ ඇඟ ඔක්කොම වෙල්ලවැහුම වගේ වෙලා අයියෝ...

මේක ඇහුනු මිනිහ විදුලියක් වගේ නැගිටලා ගෑනි ලඟට ඇවිත්...

ඈ ඈ මොකද්ද මොකද්ද උඹ ඒ කිව්වෙ වෙල්ලවැහුම්, එව්ව තමයි යකෝ තොට මම  හදල දෙන්න කියල කිව්වේ...

ඔන්න ඔය ආකාරයට දෙන්න දෙමාල්ලො බොහොම සමාදානෙන් වෙල්ලවැහුම් හදාගෙන කෑවයි කියල තමා පොතේ තියෙන්නෙ...

ආපහු කියමින් හිටපු කතාවට ආවොත් පුස්තකාලයක් සතුකරගැනීමේ මගේ සිහිනය පසුකාලීනව සැබෑවුනේ මගේ බිරිඳගේ කාරුණික අනුග්‍රහයෙනුයි...ඇය මට පොත් මිලදී ගන්නට කියවන්නට සහ එකතුකරන්නට සම්පුර්ණ සහයෝගය දුන්නා,ඒ ගෙදරට කලයුතු වියදම්වලින් මා සම්පුර්ණයෙන්ම නිදහස් කිරීමෙනුයි,ඒ විදියට අවුරුදු ගාණක් එකතු කළ පොත්වලින් පස්සෙ කාලෙක අපි හදපු ගෙයි කාමරයක මගේ සිහින පුස්තකාලය හදාගන්නට මට හැකියාව ලැබුණා...

මගෙ පුස්තකාලය සාපේක්ෂව බොහොම පොඩි එකක්, දකින අය සමහරවිට හිනාවුනත් අමාරුවෙන් හදාගත්ත මගෙ පුස්තකාලය මට ගොඩක් වටිනවා...ඒ වගේම මට මගේම පුස්තකාලයක් ලබාදීමේ  සම්පූර්ණගෞරවය බිරිඳට ලබාදෙන්නට මම පොඩ්ඩක්වත් පැකිලෙන්නෙ නෑ,මගේ සිහිනය සැබෑකලාට ඔබට බොහොම ස්තූතියි, ...

අද ඇයගේ උපන් දිනයයි, උපන් දිනයට ඇයට මගෙන් ලැබෙන තෑග්ග මේ කතාවයි...

ප්‍රිය සොඳුරිය ඔබට සුබ උපන් දිනයක් වේවා !!!


148 comments:


  1. හැලපගෙ නෝනට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    නෝනට උපන්දිනේට හදල දුන්නෙ වෙල්ල වැහුම්ද...? ඔය කතාවෙම වෙන වෙන වර්ශනුත් මං අහල තියෙනවා... ඒවයෙ කියැවුනු නම් තමයි ලෙල්ල කැවුම්, හොත්තිරි පංචං කියන ඒවා....

    මේ දවස්වල කට්ටියට හීන මතක්වෙලා වගෙයි නේද...

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියන්නෙ ඔය මියුරු කියපු කතාව. ඒක තව ගොඩක් දිගයි. කොහොමත් ඔහොම කතා වල විවිධ ස්වරූපයන් තියනව නෙ.

      Delete
    2. පළමුවෙන්ම සුබ පැතුමට ස්තූතියි,වෙල්ලවැහුම් කතාවේ එක එක වර්ශන් තියෙනවනෙ.
      මමත් මේ හීන කතාව ලිව්වට පස්සෙයි ඔමා ලියපු කතාව දැක්කෙ,වෙනස් කරන්න ක්‍රමයකුත් නෑ වෙන එකක් අලුතෙන් ලියන්න කාලෙකුත් නෑ ඒ නිසා එහෙම්මම දැම්මා.ඒ ඇරෙන්න කතා දෙකේ කිසිම සහසම්බන්ධයක් නං නෑ.

      Delete
  2. ප්‍රිය හැලප සොයුරියට සුභ උපන් දිනයක් වේවා...!!!
    නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොමත්ම ස්තූතියි කෙන්ජි සොයුර.

      Delete
  3. මටත් ඕන හැටියට පුස්ථකාළයක් හදා ගන්න තිබුනා.. මොකෝ මම මොන පිස්සු කෙලියත්, හැම පඩියටම, කියෙව්වත් නැතත්. පොත් තුන හතරක් අරගෙන එන සිරිතක් තිබුනා.. හැබයි ඉතින් දනට පිනට පරම්පරාවෙන් පුරුදු මම හිතේ මනාපෙන් අහල පහල උන්ට බෙදාපු පොත් ආයෙත් හම්බ උනේ නෑ. ඒකට දුක නෑ.. කවුරු හරි ඒවා කියවනවා ඇති නේ.. මෑතක් වන තෙක් මම පොතක් ගත්තොත් කියවලා කාට හරි දෙනවා.. ඒත් දැන් ඒක නවත්තලා පොත් එකතු කරනවා.. අනික පුස්ථකාලයක් හා බාර් එකක් හදා ගන්න තිබුන සිහිනේ, ගෝල්ඩන් කී හුටපටේ නිසා කෙළවිලාම ගියා..

    මිසිස් හැලපේත්, හැලපේ වගේම බොහෝම මනුස්ස කම් පිරුණු කාන්තා රත්නයක් කියලා දෑහින්ම දැකපු නිසා බයක් හැකක් නැතිව කියන්න පුළුවන්..

    ජීවන මගේ 50 වන සැතපුම් කණුව පසු කරනා, මිසිස් හැලපේට සුභම සුභ උපන් දිනක් වේවා...!!!

    සුබ අනාගතයක්..!!!

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ දේශපාලන නොවන හැම කමෙන්ටුවක්ම කාව්‍යාත්මක ගුණයෙන් පොහොසත්.බාර් එකක් හදාගන්න නං මටත් සිහිනයක් තියෙනව ඒකටත් බිරිඳ උදව් කරයිද දන්නෙ නෑ අහළ බලන්න ඕනෑ.මාතලනුත් ගෝල්ඩන් කී අනාතයෙක්ද ඉසාරහට නං වැඩේ හරියයි ඔය අලුත් සී ජේ ගෝල්ඩන් කී අනාථයෝ ගැන බොහොම අනුකම්පාවෙන් තීන්දු දෙන නිසා.
      බිරිඳගේ උප්පැන්න සහතිකෙයි පාස්පෝට් එකෙයි කොපි උඹ ළඟ තියෙනව කියල මම දැනගෙන හිටියෙ නෑනෙ බං,හැබැයි ප්‍රවේසමෙන්.මාර්තු 29 න් පස්සෙ සුබම සුබ අනාගතයක් ලැබේවි.

      Delete
  4. හැලපි සොයුරිය ඔබට සුභ උපන්දිනයක්.

    මචං උඹ ඔය පුස්තකාලේ දීපංකෝ හැලපිට තෑග්ගක් හැටියට.

    හෑහ්? මොනවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මචං, පුස්තකාලයක් හදාගන්න බැරි යාලුවෝ සහ නෑ දෑයෝ නිසා. උන්ට කලෙක්ෂන් එකක තියෙන වටිනාකම තේරෙන්නේ නෑ. ඉල්ලගෙන යනවා. තරහ වෙන නිසා දෙනවා. ආපහු ලැබෙන්නේ නෑ. ඉල්ලුවොත් බලන්නේ 'නොදකිං මූ වගේ කුණු ලෝබයෙක්!' වගේ හැඟීමකින්.

      Delete
    2. නෑදැයෝ සහ යාළුවො එක්ක පොත් වැඩේ කරන්න බෑ මචං.අර සොලෝකෙකුත් තියෙනවනෙ ඒ වගේ පොත් ගැන කටයුතු කරන්න වෙන්නෙ බොහොම ආත්මාර්ථකාමී ආකාරයකටයි.නැත්නං පුස්තකාලයක් තියා මොකක්වත් හදාගන්න බැරිවෙනවා.
      හැලපිත් පුස්තකාලෙ තමන්ගෙ වගේ බලාගන්න නිසා අයිතිය ගැන ප්‍රශ්න නෑ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  5. හැලපිට සුබ උපන්දිනයක් වේවා...!

    ///කාන්තාවන්ගේ නං සිහිනවල මුලටම එන්නෙ කසාද බඳින එකනෙ///

    අනිත් කාන්තාවන්ට කොහොමද දන්නෙ නෑ.. හැබැයි මට නං මෙහෙම හීනයක් තිබ්බෙ නෑ.. කොටින්ම කිව්වොත් අම්මලව ෂේප් කරගෙන ඉන්න පුලූවන් උනොත් ජීවිතේටම කසාද නං බඳින්නෙ නෑ කියලා තමයි මුල ඉඳන් හිතං හිටියෙ.. බැරිම තැන කිව්ව විසිහය වෙනකං කසාද ගැන කතා කරන්න එපා කියල... හි හි.. ඔය අපේ මහත්තයා ඉවසපු ඉවසිල්ල වෙන කොල්ලො නං ඉවසන්නෙ නෑ අප්ප... හම්බුවෙලා කතා කරද්දි උනත් මං කියන්නෙ මං නං කසාද බඳින්නෙම නෑ කියලනෙ... පස්සෙ තේරුනේ අපේ කරුමෙට මේ සමාජයෙ කෙල්ලෙක්ට කසාද නොබැඳ නං ඉන්න බෑ කියල... මට හම්බුන කොල්ලා රත්තරං නිසා හිත හදාගන්න පුලූවන්... හි හි..

    ඇත්තටම ඔහොම හීනයක් නොතිබෙන්න හේතුව හැලප කිව්වා වගේ ඊට වඩා ලොකු හීන ගොඩක් ඒ කාලෙ තිබ්බ එක.. ප්‍රධානම එක තමයි කොහොම හරි පිටරටකට යන එක.. හැබැයි ගියොත් ආපහු ලංකාව පැත්ත වත් බලන්නෙ නෑ කියලා කෙලින්ම අම්මලටම කියපු නිසාද මන්ද ඒ හීනෙට බාල්දිමයි වැටුනෙ... හි හි..

    ඔය පුස්තකාලයක් හදා ගන්න එක මටත් බරපතලෙට තිබ්බ හීනයක්... කසාද බඳිනකොට මගේ පොත් කලෙක්ෂන් එක 450ක්... ෆිල්ම් ඩීවීඩී කලෙක්ෂන් එක 300 පැනලා... ( ඩවුන්ලෝඩ් කරලා රයිට් කරපු ඒවා නැතුව.. ඒවා යාලුවන්ගේ අනුග්‍රහයෙන් තමයි... හි හි) පොත් වලට වැඩිම බර පැන දැරුවෙ අපේ තාත්ත හින්දා මං ඔක්කොම ගෙදර තියලා ආවෙ... ඩීවීඩී නං ඉතිං මං ගත්තු ඒවා... අපෙ අම්මා ඒ කාලෙ කිව්වෙ දෑවැද්දට දෙන්න වෙන්නෙ ඔය ටික තමයි කියල... හි හි

    මෙදා පාර ගෙදර ගිහින් බැලුවම නං පොත් අඩු බව තේරුනා... අවුලක් නෑ.. උස්සන් ගිහින් තියෙන්නෙ අලුත් පරම්පරාවේ පොත් පිස්සො ටික... උන් පොත් නාස්ති කරන් නෑ.. ඒක ෂුවර්.... අපි කිව්වට අලුත් පරම්පරව පොත් කියවන්නෙ නෑ කියලා මට තේරෙන්නෙ උන්ට කියවන්න හොඳ පොත් සහ හොඳ පරිසරයක් තිබ්බ නං උන් නොකියවා ඉන්නෙ නෑ කියන එක...

    ReplyDelete
    Replies
    1. හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි.................. :-)

      Delete
    2. කාලෙකට පස්සෙ හිරු ආපහු ආපු හි හි කියන්න ආයෙම ආපු එක තමා වැදගත්ම දේ.යාලු ඇනොත් පස්සෙන්ම ඇවිත් ඉන්නෙ.අපේ මහත්තය මේ කමෙන්ට් එක කියෙව්ව නං මුරුංග ගහේ දල්ලටම නැගල කඩාගෙන වැටෙනවා ආයෙ දෙකක් නෑ.
      අපේ ලංකාවෙ තියෙන හොඳම දේ කෙල්ලෙකුට තියා කොල්ලෙකුට වත් නොබැඳ ඉන්න බෑ ඇයි කියල ප්‍රශ්න කරනව.බැඳල ළමයි නැතුව ඉන්න බෑ ඇයි කියල අහනව,ලමයි හිටියොත් තවම එක්කෙනාද කියල අහනව.
      අලුත් පරම්පරාවෙ ළමයි පොත් කියෝනව කියල අහන්නත් ආසයි.

      Delete
    3. අමතක උනානෙ සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  6. "පොරොප්පයක් වගේ මෝඩයෙක්" මට තාම හිනා හැලපයියේ ඒ කෑල්ලට ....මාර උපහැරණ ඔයාගෙත් තියෙන්නේ , ඔය හුට්ටපටස් කියන එක මම අහල තියෙන්නේ හොත්තෙරිපන්චං කියලා.

    හැලප අක්කට සුබ උපන්දියක් පැතුවා කියල කියන්න, දෙන්නාටම තවත් චිරාත් කාලයක් සතුටින් සමාදානයෙන් එකවහලක් යට ඉන්න වාසනා වේවා ......

    අපිටත් එක්ක වෙල්ලවැහුම් හදලා පාටියක් දාමු ,අපි එන්නම් ...මතක ඇතුව ෆැන්ටා ලීටර් 2ක් වත් ගෙනත් තියන්න නැත්තං මටනම් බෑ

    ReplyDelete
    Replies
    1. වෙල් ෆැන්ට වෙන්න ඇති නේද.

      Delete
    2. ඒක ඇත්ත.. අටමට අරවා ලීටර් දෙකක් තුනක් දෙන එකේ.. මුට ෆැන්ටා දෙකක් දුන්නට පව් නෑ..

      Delete
    3. ඔය කතාවට එක එක වර්ශන් තියෙනව මල්ලි,හැබැයි හොත්තෙරිපන්චං කියන එක ගැමියෙකුගේ කටට ශාස්ත්‍රීය වැඩියි නේද.
      ඉවාන් මල්ලි දන්නවද වෙල්ලවැහුම් කියන්නෙ නමක් විතරයි කියල, එහෙම කෑමක් නෑ බං,මෙතන තියෙන කමෙන්ට් ඔක්කොම උඩ ඉඳන් පහලට කියෝගෙන ගියාම මම තේරුම් ගත්තෙ ඒකයි.

      Delete
    4. අමතක උනා සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  7. සුභ උපන් දිනයක් වේවා හැලප තුමී ට. පොත් ලයිබ්‍රරියක්ම උපන්න දින තෑග්ග විදිහට ලැබෙනවා කියන්නේ සෙල්ලම්ද!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නාඩියෝ,බොහොම ස්තූතියි.

      Delete
  8. උඹට නුවර නාරං කැවුම් වලට වඩා මාතර වෙල්ලවැහුම් රහ වැටුන නේද////හික් පස්ට උදාහරණේ

    අපේ ගෙදරත් තරමක පුස්තකාලයක් තියෙනවා ,මගේ නම් නෙවෙයි පියා ගේ ,ඔය පුස්තකාල වල නැති පොත් පවා තියෙනවා ...වැඩි කොටසක් මං පොඩි කාලයෙදිම කියවලා ඉවර කරා.ඔය නැකත් ,මන්තර පොත් එහෙම වැඩිය කියවලා නම් නෑ ..

    සාමාන්‍යයෙන් ගැහැණු උදවිය පොත් පත් වලට වැඩිය ආස නෑනේ ,ඒ අතින් හැලප වාසනාවන්තයි ..

    හැලප නැන්දා නේ කියන්න වෙන්නෙ .සුභ උපන්දිනයක් පැතුවා කියන්න .

    (කලහය කියලා කෙටි කතාවක් කියවලා තිබුණා එක මතක් වුණා ,මුලදි හිතුවේ එහෙම කියලා බලනකොට ,සම්පුර්ණ පරස්පරයි නෙ )හැක්

    ReplyDelete
    Replies
    1. /* සාමාන්‍යයෙන් ගැහැණු උදවිය පොත් පත් වලට වැඩිය ආස නෑනේ */
      ඔබ සාමාන්‍ය පෙලවත් සමත් නම් මෙවැනි මෝඩ කතා ලියන්න එපා!

      දැන් කවුද ඔය සාමාන්‍යය හෙව්වේ? මොකක්ද කළ සමීක්‍ෂණය?

      Delete
    2. //ඔබ සාමාන්‍ය පෙලවත් සමත් නම් මෙවැනි මෝඩ කතා ලියන්න එපා//

      ඔබනම් බොහෝම බුඩ්ඩිමට් කියල මේ කතාවෙන් පේනෙනවා . ඔන්න ඇසේ ලොකු පොල්පරාලයක්

      Delete
    3. සුබ පැතුමට ස්තූතියි සහෝ,කලහය කියන්නෙ ජී බී සේනානායකයන්ගේ කෙටිකතාවක් කියල මට මතකයි.අර මන්තර පොත් ටිකත් කියවල පාඩම් කරගත්තොත් නිදන් හාරන්න එහෙම ප්‍රයෝජනවත් වෙයිනේද.

      Delete
    4. @ කකා
      මං කියන්නෙ මං දැකලා තියෙන දේවල් එක පිලි ගන්න කියලා මං කියන්නෙ නෑ ,අනික ඔබ කතාව වැරදි තැනින් අල්ලලා ,මට කරන්න දෙයක් නෑ ,ඔබට එක වැරදි කතාවක් වගේ නම් එහෙම හිතන්න එක මට ගැටළුවක් නැත ,,හික් හික්

      ඔබ සාමාන්‍ය පෙලවත් සමත් නම් මෙවැනි මෝඩ කතා ලියන්න එපා! //
      මේ ගැන පැහැදිලි කිරිමක් කරා නම් වැදගත් වෙයි නේ ...හැක් හැක්

      @හැලප
      මං ඕවා පිලි ගන්නෙ නෑ ,එක නිසා කාලය කන වැඩක් එක

      Delete
    5. @ සහෝ දර

      1. කිසිදු හේතුවක් නැතුව කාන්තාවන්ව පහත් කර කතා කිරීම නොමනා දෙයක්. මා විරුද්ධ වූයේ එයටයි.

      2. මේ කතන්දරය බලන්න.
      http://kathandara.blogspot.com/2013/01/observations-and-conclusions.html

      සාමාන්‍ය පෙල කියා කීවේ සංඛ්‍යානය ගැන යම් දැනුමක් ඇත්නම් යන අදහසිනුයි.

      Delete
    6. කකා ඔබ කියන දේ මං පිලිගන්නවා ,එත් මං හිතන්නෙ කිව්වෙ මං දැකලා තියෙන දෙයක් කිව්වෙ ..

      මගේ සංඛ්‍යානය දැනුම ඇත්තටම අඩුයි,හික් ස/පෙ කොම වුණත් දැන් නම් හොදට එක තෙරෙනවා .

      අඩුපාඩුව පෙන්නලා දුන්නට ස්තුතියි හැර කියන්න දෙයක් නෑ .,

      Delete
  9. මිසිස් හැලපෙට සුබ උපන්දිනයකට, නිරෝගී ජීවිතයකට ආසිරි පතනව.

    මාත් අර කතාව අහල තියෙන්නෙ 'හොත්තරි පංච' කිවුවයි කියලයි. අර ෆොටෝ වල තියෙන්නෙ වෙල්ල වැහුං ද පැණි රොටී ද?

    ReplyDelete
    Replies
    1. ''හොත්තරි පඤඥ''

      Delete
    2. ස්තූතියි ප්‍රසා.
      ඔය කතාව එක එක ආකාරයට කියනව,වෙල්ලවැහුම් ගැන සංවාදයක් ඇතිවේවි කියල මම ලියද්දි හිතුවා,ඒක ඒ විදියටම සිදුවෙනවා.සංවාදය අනුව වෙල්ලවැහුම් යනු නමක් පමණයි.

      Delete
  10. හැලප හාමිනේට සුබ උපන් දිනයක් වේවා. වැඩි වැඩියෙන් වෙල්ල වැහුම් ඇය අතින් සෑදේවා.!!

    අපේ අම්මා වෙල්ල වැහුම් හැදුවා අතිරසට.. දෙනුත් කටට කෙල උනනවා. හදන්න ඕනෙ මේ සති අන්තෙ.. කොහෙද මේ රටේ පොල් අපේ රටෙ පොල් තරම් රස නෑනෙ. රොටියක් හැදුවත් ඒක රස නෑ. චික්..

    අර විදිහට කළුසුද්දන්ට රට දීල යනකොට සුද්දො අපට දීල ගිය දායාදෙත් ඉන්දියාව පකිස්තානෙට දුන් එක වගේමයි.. අපූරුව කියන්නෙ දැන් ඒක කර තියන් යන්නෙ හාමුදුරුවරු..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි සරත්,
      රට බේරගන්න ඇඟ ලේ මස දැන් දෙමින් ජීවිත පූජාවෙන් ඉදිරියට යන බලකායන්ට අපහාස කිරීම හෙලාදකිමි,දැක්කද අද අර වානර බලයෙ ලේකම් ගණය දාල තිබ්බ සිංහ නාදේ.

      Delete
  11. මාත් අද ගෙදර ගොහින් ප්‍රියාවිට කියලා වෙල්ලවැහුම් හදවන් කන්න ඕන. කකුල ගලක හැපුනොත් තමා වැඩේ හුට්ටපටස් වෙන්නෙ.

    හැලපි අක්කට නිරෝගී සුභම සුභ උපන් දිනක් වේවා……

    ReplyDelete
    Replies
    1. හුට්ටපටස් උනාටනම් කමක් නෑ ඒකෙ අකුරු වෙනස් කරාම එන පටස් එකක්නම් වෙන්න එපා :D

      Delete
    2. ඔය ඉන්නෙ අපේ පරණ සසියා. :) හි… හි…

      Delete
    3. මන් නැතිවෙලා හිටියද බන්? :D

      Delete
    4. ප්‍රියාවිව වෙල්ලවැහුමට ගන්නෙ නැතුව හදෝගෙන කාපං ප්‍රියා.සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  12. හැලපිට සුබ උපන් දිනයක් වේවා!!!

    අද එයාට කියලා වෙල්ලවැහුම් හදවගෙන කන්ට. නම අමතක උණොත් දුවගෙන ඇවිත් මේ පෝස්ට් එක දිහා බලලා යන්ටකෝ... :D

    මටත් තියෙනවා පුංචි පහේ ' library ' එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි
      නම අමතක උනොත් පොඩ්ඩි කියල මතක තියාගත්තම මතක් වෙයි.

      Delete
  13. මේ වෙල්ලවැහුම් කියන්නේ ' pancakes' නේද? :)

    ReplyDelete
    Replies
    1. වෙල්ලවැහුම් කියන්නෙ පෑන් කේක් වලට කියල තමයි මාත් දන්නෙ. හැබැයි අර ෆොටෝ වලනං තියෙන්නෙ පැනි රොටී ද කොහෙද.

      Delete
    2. පොඩ්ඩි,ප්‍රසා,
      මම මේ පෝස්ට් එකෙන් අනාවරණය කරගත්ත දේ මෙහෙමයි, කෑම වර්ග කීපයකටම වෙල්ලවැහුම් යනුවෙන් භාවිත කරයි.ගුගල් ඉමේජස් වලින් පැන් කේක් ,පැණි රොටි ආදිය පෙන්වයි.සරත්ට අනුව වෙනෙකකි,චන්දන සහ රංගි තව එකක්ද මල්මි වෙනත්ම කෑමක්ද වෙල්ලවැහුම් යනුවෙන් වහරති.මේ අනුව වෙල්ලවැහුම් යනුවෙන් ස්ථිරවම කෑමක් නිර්වචනය කළ නොහැක,එය හුදෙක් නමක් පමණි.

      Delete
  14. හැලප අක්කට සුබ උපන්දිනයක් වේවා.

    ඒ උනාට මට අක්කා ගැන හරි කණගාටුයි අක්කේ , ඔච්චර දැන උගත් ගුණයහපත් මනුස්සයා වෙච්චි කොට හොද සුවාමිපරුසයෙක් හොයාගන්ඩ බැරි උනානේ

    අපරාදෙ මේ වංඩු ආප්පයෙක් බැදගත්තේ

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ වණ්ඩු ආප්ප රහ නැද්ද? බොට හම්බුවෙලා තියෙන්නේ ආප්ප නැති වණ්ඩුවක්ද? තෝ ගැනත් තොට කියන්න තියෙන්නේ කොහේ හිටපු බේ බදු කැහිකූරු කාරයෙක්ද මේකි මේ බැඳගෙන තියෙන්නේ , වෙන හරි හමන් මිනිහෙක් රාගම හිටලා නැත්ද?

      Delete
    2. ඔව්.. මුගෙ අරකත් ඉඳිකට්ටක් වගේ...මැෂින් වලට ඔබලම ගෙවිලා

      Delete
    3. හායි හැලපානිස්

      Delete
    4. සුබ පැතුමට ස්තූතියි.
      තොට ඔච්චර කණගාටු නං අක්කට වෙන හොඳ එකෙක් හොයල දෙන්න තිබ්බනෙ.

      Delete
  15. හැලප අක්කාට සුභ උපන් දිනයක් වේවා !

    වෙල්ල වැහුම් හදන්නෙ ආප්ප වලට පැණි පොල් දාල රෝල් කරල නෙවෙයි ද හැලප අයියෙ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන,
      මම මේ පෝස්ට් එකෙන් අනාවරණය කරගත්ත දේ මෙහෙමයි, කෑම වර්ග කීපයකටම වෙල්ලවැහුම් යනුවෙන් භාවිත කරයි.ගුගල් ඉමේජස් වලින් පැන් කේක් ,පැණි රොටි ආදිය පෙන්වයි.සරත්ට අනුව වෙනෙකකි,චන්දන සහ රංගි තව එකක්ද මල්මි වෙනත්ම කෑමක්ද වෙල්ලවැහුම් යනුවෙන් වහරති.මේ අනුව වෙල්ලවැහුම් යනුවෙන් ස්ථිරවම කෑමක් නිර්වචනය කළ නොහැක,එය හුදෙක් නමක් පමණි.

      Delete
  16. හැලපක්කාට සුභ උපන්දිනයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එදිරි,ඔබ ගොඩක් දවසකින් නේද මේ පැත්තෙ ආවෙ.

      Delete
  17. පරසුද්දා ඉන්දියාවට විතරක් නෙමෙයි ලංකාවටත් කරල ගියේ ඔය ටිකමනේ. දෙමළා උතුරට යවල ඒ මදිවට තේසවලාමෙ නීතියකුත් දාලා නොලියා ලියල දිල චුත උනා. ඉන්දියාවයි-පකිස්ථානෙයි අතර තියෙන වෛරය කවදා මොන විදිහකින් හරි ඊළමක් (නො)ලැබුණොත් ඇතිවෙනවා සිකුරුයි. ඊළමක් නොලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. අපි එහෙම ප්‍රාර්ථනා කරමු තරු.

      Delete
  18. මෙවන් බිරිඳක් ලද පුරුෂයා වාසනාවන්තයෙක් වෙයි..!!!
    සුභ උපන්දිනයක් අක්කා..!!!
    ලස්සන පොස්ට් එක හැලපේ... :)

    ReplyDelete
    Replies
    1. එතකොට මෙවන් පුරුෂයෙක් ලද බිරිඳ,එයා කොහොමද සඳා.
      සුබ පතුමටත් වර්නනාවටත් බොහොම ස්තූතියි.

      Delete
  19. හැලප නැන්දාට සුභ උපන් දිනයක් වේවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සසිඳු

      Delete
  20. මිනිහව මැදට දාලද වෙල්ලවැහුම හැදුවේ?
    .
    ඕකෙම හැලප වර්ෂන් එකකුත් තියනව නේ?

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති වෙන්න ඇති ගෑනිට මල පැනලානේ හිටියෙ.අපොයි ඔව් ඕකේ වර්ෂන් ගොඩක් තියෙනව.

      Delete
  21. හැලප අක්කාට සුබ උපන් දිනයක්...!!හැලපයියාට නියමෙටම ගැලපෙන භර්යාවක් නොවැ ලැබිලා තියෙන්නේ.:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,එක ජාතියෙ කුරුල්ලො එකට වහනව කියල කියනව නේද.

      Delete
  22. ඉන්දු පකිස්තන බෙදිම ගැන හොදම කතවක් තමයි ට්‍රෙන් ටො පකිස්තන් කියනෑක නේද.අන්තිම දුම්‍රිය කියල සින්හලෙන් තියෙනව.අනිවා ඔයා කියවල ඇති.මම රට බෙදන්න හිතන වුන් කියවිය යුතුම පොතක් කියල හිතන්ව එක.අනික ලන්කාවත් සුද්ද බෙදල යන්න ඇහුවම එකාලෙ හිටපු දෙමල මහජන නියොජිතයො කැමතිවුනෙ නැ කියලත් අහල තියෙනව.නැත්නම් අපිටත් ඔයවගෙ හැමදාම යුද්දයක් කරගෙන ඉන්න තිබුන.
    ඔය වෙල්ල වැහුම් කතාව ඉස්සර සින්හල ඉස්කොල අච්චුපොතක තිබිල කියෙවුව මතකයි පොඩි කාලෙ.
    හැලපනොනට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනව අයියෙ.

    ReplyDelete
    Replies
    1. කුෂ්වන්ත් සිංගෙ ට්‍රෙන් ටු පකිස්තාන් අන්තිම දුම්රිය යනුවෙන් කුලසේන පොන්සේකා සිංහලට පරිවර්තනය කළා.යුනිකෝඩ් එකේ ගහද්දි දුම්රිය කියල ලියන්න බෑ,ඒ නිසා දුම් රිය කියල ගහල අලවන්න ඉස්සෙල්ල එකතුකරන්න.
      බෙදුව නං අපිත් හැමදාම උතුරත් එක්ක යුද්ද කර කර ඉඳී නේද.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  23. ඔන්න සුබ ම සුබ උපන්දිනයක් පැතුවා. ඔය වෛරය ගැන ලස්සණ චිත්‍රපටියක් තිබුණා, නම මතක නෑ නෙ අප්පා....

    ReplyDelete
    Replies
    1. Train to Pakisthan

      Delete
    2. හ්ම්ම් ඇනෝ මචා... ..

      Delete
    3. ස්තූතියි දිලිනි,ඔය චිත්‍රපටිය හරිම දුකහිතෙන එකක් නේද.

      Delete
    4. බාජ් මිල්කා බාජ්...... ද ?

      Delete
  24. අන්තිම දුම්රිය පොතයි ෆිල්ම් 1යි දෙකම බලපු හින්ද මාත් ඒ ගැන ටිකක් සංවේදී වුනා ඒ කාලෙ... කෝම වුණත් සුද්දො හැම දේම කලේ උන්නෙ වාසියට මිසක් ඒ රටවල ජීවත් වෙන උං ගැන හිතල නෙවීනෙ..

    පොඩි කාලෙ පුස්තකාල වලිං ගෙනත් කියෙව්ව... එහෙම හොයාගන්න නැති පොත් මාස ගනන් සල්ලි එක්කහු කරල ගෙනත්කියෙව්ව...
    හුගක් පොත් වටේ පිටේ උං ගෙනිහින් ඒවට වෙච්ච දෙයක් වත් නෑ..
    මටත් තියේ පොත් 150 ගාණක් තීන ඇබින්දි පුස්තකාලයක්
    අන්තිමට ගත්තෙ වෙඩ්ඩගෙ මගේ ආදරණීය යක්ෂනී.. තාම කියෝනව

    ReplyDelete
    Replies
    1. වෙඩ්ඩගෙ පොත මට මේ සැරේ මිස් වුනානෙ මහේෂ්,ගන්න අමතක උනා,පුස්තකාලයක් පවත්වාගෙන යන්න නං පොත් පිට ගෙනියන්න දෙන්න හොඳ නෑ ආපහු ගැනීම බොරු.

      Delete
  25. මුලින්ම කියන්න ඕනේ හැලපෙ, ඔබේ ඉතා පරිණත ලේඛන ශෛලිය මොනවට නිරූපණය වන ලිපියක් ලෙස, මා මෙය ඉහලින්ම අගය කරන බව.

    'පොරොප්පයක් වගේ මෝඩයි'

    'නුවර නාරං කැවුම් / මාතර වෙල්ලවැහුම්'

    වැනි යෙදුම් ඉතා කාලෝචිතයි, තාත්විකයි, යටිපෙළ අරුත් බොහෝ.......................මැයි.

    වෙල්ලවැහුම් කියලා අපි හමුදාවේදී කියන්නේ එක්තරා ඇඳුමකට. වෙ වෙනුවට ව යොදලා.

    ඉන්දු පාකිස්ථාන අර්බුදයට අපේ ත්‍රිවිධ හමුදාව තවමත් අහුවෙන බව දන්නවද? අපි පුහුණු පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගියොත්, ඊට කලින් අපි පාකිස්ථානයේ පුහුණුවෙලා තියනවා කියලා කිව්වොත්, ඉන්දියන් හමුදාවේ එවුන් අපි දිහා බලන්නේ, ත්‍රස්තවාදියෙක් දිහා බලන විදිහට. ඒකෙම අනික් පැත්ත වෙනවා, පාකිස්තානේදී. අම්මපා මුන් දෙගොල්ලොම අමු ගොන් රජාලා බව කියන්න ඕනේ තරම් උදාහරණ තියනවා.

    තමුන්නාන්සේගේ පියඹට සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැනත් යටිපෙළ අරුත් උකහා ගැනීම ගැනත් විචාරක තුමාට ස්තූතියි.සුබ පැතුමටත් ගොඩක් ස්තූතියි.
      ඔබ දෙරටේම පුද්ගලයන්ව හැඳින්විය යුතු නියම නමින්ම හඳුන්වා තිබීම හරිම අගෙයි.

      Delete
  26. මම නම් වෙල්ල වැහුන් කාලා නෑ.. වෙල්ල වැහුම් කිව්වමහ මතක් වෙන්නේ "වෙල්ලවැහුං ගොදිරිපැංචාහ්." ලමා නාට්ටියක්ද කොහෙද..
    සුබ උපන්දිනයක් හැලප හාමිනේට !

    ReplyDelete
    Replies
    1. කිව්වහම මොකද මධු මමත් වෙල්ලවැහුම් කාල නං නෑ නමුත් ඔය කට්ටිය කියන හැටියට වෙල්ලවැහුම් කියන්නෙ ලැවරිය පැණි රොටී වගේ ජාතිවලටනේ.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  27. අපිත් හැලපතුමීට සුබම සුබ උපන්දිනයක් වේවා කිව්වා කියන්න හොඳේ..

    වෙල්ල වැහුමක් කාපු කාලයක් මතක නෑ හැලපතුමා.. පුස්ථකාල සිහිනය ගැන නම් කියන්න තියෙන්නේ ඒ සිහිනය මටත් තියෙන සිහිනයක් කියලා.. හීනෙ හැබෑ වුනොත් විස්තර කියන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. පුස්තකාල සිහිනය සැබෑවේවා කියා පතමි.
      සුබපැතුමට බොහොම ස්තූතියි තුශානි .

      Delete
  28. හැලපිට හැපි මෙවුව ඩේ එකක් වේවා කියන්න...

    අනේ..මාත් කියවන තරමක් කියවන්නෙ මහජන පුස්තකාල වල පිහිටෙන් තමා..ගෙදර පුස්තකාලයක් තියෙනවා කියන එකනම් හීනයක්ම නේන්නම්..

    වෙල්ලවැහුම් කාලා නැනෙ අප්පා මම...

    ReplyDelete
    Replies
    1. හොඳයි සෂා ඔබ මෙව්ව කළා කියල මම හැලපිට කියන්නංපුස්තකාල හීනෙත් සැබෑ වේවා.

      Delete
  29. හැලපනෝනාට " සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!"


    වෙල්ල වැහුම් කියන්නේ පෑන් කේක් නම් කාල තියෙනවා, හැබැයි ඉතින් වෙන කෑමක් නම් දුකේ බැහැ කාලා නැති නිසා.

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තූතියි සොන්යා,
      මම මේ පෝස්ට් එකෙන් අනාවරණය කරගත්ත දේ මෙහෙමයි, කෑම වර්ග කීපයකටම වෙල්ලවැහුම් යනුවෙන් භාවිත කරයි.ගුගල් ඉමේජස් වලින් පැන් කේක් ,පැණි රොටි ආදිය පෙන්වයි.සරත්ට අනුව වෙනෙකකි,චන්දන සහ රංගි තව එකක්ද මල්මි වෙනත්ම කෑමක්ද වෙල්ලවැහුම් යනුවෙන් වහරති.මේ අනුව වෙල්ලවැහුම් යනුවෙන් ස්ථිරවම කෑමක් නිර්වචනය කළ නොහැක,එය හුදෙක් නමක් පමණි.

      Delete
  30. කාලෙකට පස්සේ බ්ලොගකට ගොඩ වුනේ...
    සුභ උපන්දිනයක් හැලපේ නෝනේ ...!
    හීන ගැන කීවම මට තියෙන හීන සීමිත ප්‍රමාණයන්ගෙන් තවමත් තියෙන එකක් තමයි මුහුදක් අයිනේ හොලිඩේ හවුස් එකක් හදාගන්න එක. අවුරුද්දකට මාසයක් දෙකක් හිටියා වුනත් ඒකේ බාර් එකක් (හවස යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා හොඳ වයින් එකක් බොන්න නිදහස් බැල්කනිකුත් ඕනෙමයි), පොත් කියවන්න හොඳ සෝපා එකක් හා ලොකු වැරන්ඩා එකකුත් තියෙන්න ඕනේ. ගෙදරින් එලියට බැහැපු ගමන් මුහුදට වෙන්නත් ඕනේ. මේ ඔක්කොම මට විතරක් තනියම වෙන්නත් ඕනේ. හික්ස් මගේ හීන හීනම වෙලා තියෙයි. අනිත් හීනේ ටස්කනි වලින් ගෙයක් ගන්න එක කන්ට්‍රි සයිඩ්. දැන් මට මෙට්‍රොපොලිටන් වල ඉඳල ඇති වෙලා. ඒත් ඒකත් හීනයක් විතරයි රස්සාවට මම මෙට්‍රොපොලිටන් එකක ඉන්නම වෙනවා.
    ඒක හින්ද ඔය හැම දෙයක්ම හීනම විතරක් වුනාට මට අවුලකුත් නෑ. මගේ එකම හැබෑ විය යුතුයි කියලා මම හිතන හීනය නම් නිදහසේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන එක. ඒක නම් දැනටමත් වෙන හින්දා ලොකු අවුලකුත් නෑ.


    ReplyDelete
    Replies
    1. මේ ඔය උඩ තියෙන්නේ වෙල්ල වැහුම් නෙමෙයි නේ හැලපේ. වෙල්ල වැහුම් වලට හොත්තිරි පැන්චන් කතාවයි මා නම් දන්නේ. අනික වෙල්ල වැහුම් හදන්නේ හාල්පිටි ආප්ප වලින් ( එවෙලේ කොටලා ගන්න හාල් වලින්) පැණි හා පොල් දාලා රෝල් කරලා. පොඩි කාලේ හවසට සතියට දවස් තුනක් විතරම මේව කන්න වාසනාව මට නම් තිබුනා. දැන් නම් කාපු කාලයක් මතක නෑ. කොහෙද දැන් ඉන්න කම්මැලි මිනිස්සු පාන්පිටි බෝල කරලානේ ඕව හදන්නේ මම ඒවා කන්නේ නෑ.

      Delete
    2. හැලපේ මේ වෙල්ල වැහුම් කතාව අසූ ගණන් වල සිංහල පොතේ පාඩමකට තිබුනා. ඒකයි මට ඒ නම මේ තරම් මතකෙ තියෙන්නේ.

      Delete
    3. සුබ පැතුමට ස්තූතියි රංගි,
      ඔබේ හීනය හරිම ලස්සනයි මමනං පොත් කියවන්නම වේවැල් වලින් ලොකු සෝපා එකක් හදවගත්තා රදාවඩුන්නට දීල.හීනය ඉක්මනටම සැබෑවේවා අපිටත් ඇවිත් යන්න බැරුවයැ.
      මම මේ පෝස්ට් එකෙන් අනාවරණය කරගත්ත දේ මෙහෙමයි, කෑම වර්ග කීපයකටම වෙල්ලවැහුම් යනුවෙන් භාවිත කරයි.ගුගල් ඉමේජස් වලින් පැන් කේක් ,පැණි රොටි ආදිය පෙන්වයි.සරත්ට අනුව වෙනෙකකි,චන්දන සහ රංගි තව එකක්ද මල්මි වෙනත්ම කෑමක්ද වෙල්ලවැහුම් යනුවෙන් වහරති.මේ අනුව වෙල්ලවැහුම් යනුවෙන් ස්ථිරවම කෑමක් නිර්වචනය කළ නොහැක,එය හුදෙක් නමක් පමණි.

      Delete
  31. හැලපීට සුබ උපන් දිනයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිශාන්ත.

      Delete
  32. //,අනික මමත් ඒ කාලෙ පොරොප්පයක් වගේ මෝඩයෙක්//
    මේක කියෙව්වාම නම් වතුරේ පාවෙන පොරොප්පයක පින්තූරයක් තමා මතක් වුනේ..ඒත් වයින් බෝතල් වලට තාමත් වහන්නේ පොරාප්ප තමයි..ඒ නිසා පොරොප්ප වලට මෝඩයි කියන එක වැරදියි අප්පා..

    පොඩි පුස්තකාලයක් නම් මටත් තියනවා..කවදා හරි මේ කරන රස්සාව දාලා තමන් කැමති වෙන රස්සාවක් තෝරගන්න කියලා කවුරු හරි කිවේවොත් මම අනිවා තෝරගන්නේ පුස්තකාලේ සහයිකාවක් වෙන එක හරි පොත් කඩේක සහායිකාවක් වෙන එක තමයි..

    ReplyDelete
    Replies
    1. ආ..අමතක වුනා..ලස්සන පෝස්ටුවලට නිමිත්ත වෙන හැලපගේ බිරින්දෑට සුභ උපන්දිනයක් නිරෝගී ජීවිතයක්...!

      Delete
    2. රූ දන්නවද වයින් බෝතල ඇතුලෙ සිද්දවෙන ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වාතය ලැබෙන්නෙ පොරොප්ප හරහායි වයින් බෝතල් වලට මූඩි නැතුව පොරොප්ප ගහන්නෙ ඒකලු.ඉතිං පොරොප්පෙටත් යම් වැදගත්කමක් ලැබෙනව නේද.
      පොත් කඩේක වැඩකළා නං ඕනෑ තරම් පොත් කියවන්න තිබුනනෙ කියන ආසාව මට තාම තියෙනවා.
      සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. දයාබර බිරිදක් ලැබු හැලපේ මාමා වාසනාවන්තයි .....හැලපේ නැන්දාට නිදුක්,නිරෝගී සුබම සුබ උපන් දිනයකට ආසිරි!

    මෙහෙදි පොත් නම් මගේ අතේ රැදෙනවා අඩුයි,කියවලා ඉවර උනාම ඉල්ලන් යන අය ආපහු දෙන්නේ නෑ .....දැනට මම ආසම පොත් දෙකක් පරිස්සම් කරන් ඉන්නවා........ලංකාවේ මහ ගෙදර නම් අපි ඒ දවස් වල පාවිච්චි කරපු කතා පොත්,ඉස්කෝලේ සටහන් පොත් අපේ තාත්තා පරිස්සම් කරලා තියනවා,පොඩි කාලේ මමයි,අක්කයි ඇන්ද චිත්‍ර පවා සුරක්ෂිතයි...

    ,

    ReplyDelete
    Replies
    1. පොත් නැතිකරගන්න හොඳම මාර්ගය වෙන අයට දෙන එකයි ශානු.තාත්තල අම්මල එහෙම තමයි පොඩි කාලෙ මතක සටහන් ඒ අයට ගොඩක් වටිනවා.
      ආසිරි පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  35. මාතර හැලප කියන්නේ අනිත් පැතිවල හැලපවලට වඩා වෙනස්,
    මාතර නොවන හැලප -කැන්දකොලේක හාල්පිටි,(සමහරවිට දුඹුරු පාටවෙන්න කුරක්කන් පිටිත් දානවා)පැනිපොල් දමා අනන ගුලිය වඩා කොලය දෙකට නවා හුමාලෙන් තම්බනවා

    මාතර හැලප-කැන්දකොලේක වැඩුව හැලපේ මැදට පැණිපොල් තියලා නවලා (හැලපේගේ පින්තුරේ වගේ)වණ්ඩුවේ තම්බනවා.

    කැන්ද කොළ නැති පැතිවල සුරිය කොල ගන්නවා.

    වෙල්ලවැහුම්=ලැවරියා(මම දන්න විදියට නම්)
    ඉදිආප්ප පිටි මිශ්‍රණය ඉදිආප්ප වංගෙඩියකින් ආප්පයක් විතර ලොකුවට හිටින්න වක්කරලා ,ඒ මැදට පැනිපොල් දාලා නවා වණ්ඩුවේ තම්බනවා.

    පැණි රොටි නම් ,සාමාන්‍ය රොටි මිශ්‍රණය ,ඒ මැදටයි පැනිපොල් දාන්නේ.

    රෑට පැණිපොල් හදාතියලා උදේට පහසුවෙන්,ඒවා පැනිරොටි,වෙල්ල වැහුම්,හැලප බවට පත්කරන්න පුලුවන්.

    හැලපයා දාලා තියෙන්නේ “මාතර හැලප “ ඒත් මාතර හැලප සුදු ඇයි මෙච්චර..????මාතර හාල් රතුනේ.
    හැලපයාට දැන් කැන්ද කොලවත්,සුරිය කොලවත්,රතුහාල්වත් නැහැ.

    නුවර නාරංකැවුම්වලට වඩා ,මාතර වෙල්ලවැහුම් ලොකුවෙන්නේ පොරොප්පයක් තරම්වත් වැඩක් නැති හැලපයන්ටම තමා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...ඔබේ විස්තරය හරි වටිනව ...පැනිපොල් සමග සුදු පිටි මිශ්‍රණය දුටුවම මටත් ප්‍රෂ්....
      හැලප නම් කුරහන්/පොල්/පැණි මිශ්‍රණය කැන්ද කොලේ දෙකට නවල ස්ටීම් කරලා ගත්තම තමා එල..

      Delete
    2. ආ..වෙල්ලවැහුම් කියන්නෙ ලැවරියාද?කලින් කියන්න එපාය

      Delete
    3. මල්මි, මී මල් හැලප කාලා නැද්ද ? :)

      Delete
    4. ඔබගේ මනරම් විග්‍රහය හරිම රසවත් වෙල්ලවැහුම් වගේමයි.
      පින්තුරය ගත්තෙ ගුගල් ඉමේජස් වලින්
      /හැලපයාට දැන් කැන්ද කොලවත්,සුරිය කොලවත්,රතුහාල්වත් නැහැ./
      නොලැබීම තමයි මල්මි මොනා කරන්නද.
      //නුවර නාරංකැවුම්වලට වඩා ,මාතර වෙල්ලවැහුම් ලොකුවෙන්නේ පොරොප්පයක් තරම්වත් වැඩක් නැති හැලපයන්ටම තමා.//
      සහතික ඇත්ත,වැඩක් ඇති වැදගත් අයට කැපිල පේන්න වැඩක් නැති පොරෝප්පයොත් ඉන්න එපැයි.
      මම මේ පෝස්ට් එකෙන් අනාවරණය කරගත්ත දේ මෙහෙමයි, කෑම වර්ග කීපයකටම වෙල්ලවැහුම් යනුවෙන් භාවිත කරයි.ගුගල් ඉමේජස් වලින් පැන් කේක් ,පැණි රොටි ආදිය පෙන්වයි.සරත්ට අනුව වෙනෙකකි,චන්දන සහ රංගි තව එකක්ද මල්මි වෙනත්ම කෑමක්ද වෙල්ලවැහුම් යනුවෙන් වහරති.මේ අනුව වෙල්ලවැහුම් යනුවෙන් ස්ථිරවම කෑමක් නිර්වචනය කළ නොහැක,එය හුදෙක් නමක් පමණි.

      Delete
    5. ර්‍ :)
      මම මේ පොස්ට් එකෙන් අනාවරණය කරගත් දේත් ඒකමයි.
      “නමක් කියන්නේ හුදෙක් නමක් විතරයි“

      පොරොප්ප ගැන කියනවානම් “ වයින් බෝතල් වලට හරියන්නේ පොරොප්පම තමා“

      පොරොප්ප හොයන එක ලේසි නැහැ.

      Delete
    6. චන්දන ඇල්ලෙන් නාලා
      චන්දන මල්මී ගාලා...

      මීමල් කන්නේ මීම්මු.

      Delete
    7. @මල්මි,
      ස්තූතියි මල්මි.

      Delete
    8. මල්මි,

      ඇත්තටම, මී මල් වලින් හැලප හදනවා. මිමල් වේලලත්, නැතුවත් දෙවිදිහටම. හරි රසයි. ඒ වගේම ගුණයි කියලත් කියනවා.

      Delete
  36. හැලපිට සුබ උපන්දිනයක් වේවායි පතමි. හැලපෙ හැලපි පොලොව බදාගෙන බෙරිහන් දීල නැද්ද මේ මිනිහ මගෙ මුළු සරුවාංගෙම වෙල්ලවැවුමක් කරා...........කියෝගෙන ඇහ්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැව්.
      තාම නං එහෙම බෙරිහන් දීල නෑ

      Delete
  37. හැලපිට සුබ උපන් දින්යක් වේවා !
    මගෙත් හැමදාම හීනයක් උනේ පුස්තකාලයක් හදා ගන්න එක..ගන්න ගන්න පොත් එක එක තැන් වල.. එහෙම වෙන කොට ඉතින් වෘත්තීය ඒක කරගෙන නිකන් හිටියා..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි වෙනී.
      වෘත්තීය ඒක නං පුස්තකාලයක් තියෙනව වගේ තමයි.

      Delete
  38. Replies
    1. මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ කකාගෙ සුබ පැතුමයි.
      දැන් ලින්ක් වලින්ම වැඩේ ගොඩ දාගන්නව නේද කකා.

      Delete
    2. එදා කීව එකමයි අදත් කියන්න තියෙන්නේ!

      Delete
  39. මිසිස් හැලපිට සුභ උපන්දිනයක්! දීඝායු සහ වාසනාවන්ත අනාගතයක්!!

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි බස්සි.

      Delete
  40. හැලප නෝනාට සුබ උපන් දිනයක් වේවා!!!

    මචං ඔය ෆොටෝ එකේ තියෙන්නේ ඉඹුල් කිරිබත්ද?
    දුකේදිත් සැපේදීත් නොසෙල්වී මහමෙරක් සේ ඉන්නා බිරින්දෑවරු ලබන්න පෙර පින් තියෙන්න ඕන බන්.

    උඹට හම්බවුනොත් මේ පොත කියවපන්. ඉන්දියාවේ හිටි නිසාත් ,කතාවත් හොඳ නිසාත් උඹ කැමති වෙයි.
    Between the Assassinations by Aravind Adiga

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි මචං,
      පොටෝ එක ගත්තෙ ඉමේජස්වලින්,වෙල්ලවැහුම් ඉල්ලුවම දුන්නෙ ඔව්ව.
      පොත හම්බුනොත් කියවන්නන්.

      Delete
  41. ඉස්සෙල්ලාම හැලප අක්කාට සුබම සුබ උපන් දිනයක් වේවා !!

    මගෙත් තියනවා පොඩි පුස්තකාලයක්.. තාම පොත් හතලිහක් විතර තියෙන්නේ.. එක එක, ටික ටික එකතු කරමින් පවතිනවා..

    ඔය වෙල්ල වැහුම් කතාව සිංහල පාඩම් පොතක තිබුනා මතකයි. තව මිනිහා මඩක එහෙම වැටිලා හොත්තිරිපංචන් කියලා වචනයක් මතක තියාගෙන ගිහින් ඒක කියුවා වගේ තමා මට මතක..

    ඉන්දියානුවො අරෙහෙම කියන්නේ මූනිච්චාවට. උන්, උන් ඇර කවුරුවත්ම දිනනවාට අකමැති කිසිම ක්‍රීඩාශීලී ගතියක් නැති ජාතියක්. හැබැයි පක්කෝ එකෙම නෑ. උන් ඔය කියන්නේ හදවතින්මයි.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි සෙන්නා,
      පුස්තකාලය වැඩි දියුණු කරගන්න තව කල් තියෙනවනෙ.
      වෙල්ලවැහුම් කතාව ඔක්කොමල දන්නව මොකද 90 දශකයෙ අටේ පංතියේ සිංහල පොතේ පාඩමක් හැටියට ඔය කතාව තිබ්බ නිසා.ඕකෙ ඔරිජිනල් වර්ශන් එක හුට්ටපටස්,නමුත් ඒ වචනෙ පොතට දාන්න බැරි නිසා පොත ලියපු පණ්ඩිතයෝ හදල දැම්ම වචනයක් ඕක.පාලිද සංස්කුරුතද කියන්න කවුරුවත් දන්නෙ නෑ අටං ගෙන් ඇහුවොත් හොයාගන්න පුළුවන් වෙයි.
      බලන්නකො වචන දෙකේ යම් සමානකමක් තියෙනව නේද.අනික නූගත් ගැමියෙකුගේ කටට ඔය වගේ වචනයක් පණ්ඩිත වැඩියි කියල හිතෙන්නෙ නැද්ද.අපට උනත් එකපාරටම කියවෙන වචනයක් හුට්ටපටස්.

      Delete
  42. ස්තුතියි හැලප වෙල්ලවැහුම් කතාව ආයේ මතක් කලාට ..

    හාමිනේට සුබ උපන්දිනයක් වේවා. මේ ලිපිය එයාට හොඳම හොඳ උපන්දින තෑග්ගක්. නිකන්ම ගලා යන ජිවිතේ මේ වගේ ස්තුති කිරීමක් ,අගය කිරීමක් ඇති විට තමයි ලස්සන.

    මගෙත් ආසාවක් තිබ්බනේ පුස්තකාලයක් හදාගන්න. සෑහෙන පොත් ගොඩකුත් එක්කහු වුනා . හැබැයි අපිටම කියල ගෙයක් හැදුනේ නැති නිසා ඔය කබඩ් වල පොත් රාක්ක වල තමයි පොත්. මෙහෙදී අපි හදව ගත්තා යෝධ පොත් රක්කයක්. ..ඒ ඇරෙන්න ඇඳන් උඩ ,යට , මේස උඩ පුටු යට හැමතැනම පොත් අපේ දිහා . ළමයි දෙන්න තමයි වැඩිය පොත් කියවන්නේ දැන් නම්. මම නම් පොතක් ණයට දුන්නම කොහොම හරි ආයේ ඉල්ලා ගන්නවා. අපේ ළමයිත් එහෙමයි . හරි ලෝබයි පොත් වලට .
    ඉස්සර මමත් හැලප වගේ කොළඹ මහජන පුස්තකාලය ගෙදර වගේ කරගත්තු කෙනෙක්. පදිංචිය කොළඹින් පිට වුනාට ඉස්කෝලේ නිසා ඕකේ සාමාජිකත්වය ගන්න පුළුවන් . සතියකට පොත් හතරක් පහක් ගන්නවා. ඒ කාලේ කොහෙද සල්ලි දීලා පොත් ගන්න සල්ලි. මන් වගේම පිස්සු යාළුවො හිටිය නිසා ගෙවල් වල තිබ්බ පොතුත් හුවමාරු වුනා .වැඩට යන්න වුනහම නම් පොත් හුඟක් ගත්තා මටම කියලා .

    පොතක් දුන්නම ආයේ ඉල්ලගන්න පුරුද්ද මට ආවේ අපි පොඩි කාලේ අපේ දිහා තිබ්බ නවකතා තොගය ඉල්ලා ගත්තු උන් දුන්නේ නැහැ කියල මතක තියෙන නිසා . අපේ තාත්ත කලේ හුඟක් පොත් කවර මුද්‍රණයට අවශ්‍ය බ්ලොක් සෑදීම . ඔෆ්සෙට් එන්න කලින්. ඉතින් ඔය පොත් වලින් කොපියක් හම්බ වෙලා තියෙනව . අපි අධ්‍යාපන පොත පතට කලින් නවකතා නේ කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. මම දැන් ඕකෙ සාමාජිකත්වය අරන් ඉන්නේ. බොහෝ වෙලාවට ගන්න පොත්දෙක ඊලඟ සතියටත් දික් වෙනවා.. වෙලාවක් නෑනෙ එක දිගට කියවන්න.. ඒත් ඉතින් හිමීට හිමීට යනවා..

      Delete
    2. සුබ පැතුම් සෙන්න ..මහජන පුස්තකාලයේ පිස්සු මතක ගොඩයි මට . ඔය පොත් එළිදැක්වීම ,සම්මන්ත්‍රණ අරවා මේවා හැම එකටම රිංගනවා ඒ කාලේ. බොහෝ විට තනියම ..හරිම රස්තියාදු කාලයක්.

      Delete
    3. එහෙනම් මහජන පුස්තකාලය හා බැඳුනු ප්‍රබන්ධයක් කියවීමට වහාම කුරුන්දට ගොඩවන්න. :D

      Delete
    4. බින්දිට පොත් කියවීමේ පුරුද්ද ඇතිවෙලා තියෙන්නෙ ගෙදරින්මයි.පොත් එකතු කරගෙන තියේනං පුස්තකාලයක් හදාගන්න එක සුළු දෙයක්නේ.තැන තැනට දුන්න පොත් ආපහු ඉල්ලගන්න එක නං ලොකු දෙයක්.
      ලයිබ්‍රරියේ ඉන්නකොට සම්මන්ත්‍රණ පොත් එළිදක්වීම් ඔක්කොටොමත් යන්න පුළුවනි.හරිම ලස්සන කාලයක්.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  43. හැලපක්කාට සුබම සුබ උපන්දිනක් වේවා...රටක් වෙන් වුණොත් වන වින්නැහියක තරමත් හොදින් කියලා තියෙන්නේ ඔය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින්,ඒක නෙවෙයි මොකද කරදහිය ළිපේ දාල ඇවිත් වගේ අද නෑවිත් බැරිකමට ඇවිත් වගේ බොහොම හදිස්සියෙන් යන්න යන්නෙ.

      Delete
  44. පමා වුණත් හැලප නෝනා ට සුබ උපන්දිනක් කියලා සුබ පතන්නම්. දැන් ඉස්සර වගේ නිතර නිතර අන්තර්ජාලේ සැරි සරන්න වෙන්නේ නැහැ.ඒ නිසා මේ වගේ පමා වී ලැබෙන පිළිතුරු ගැන හිත අමනාප කර ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. බට්ටිටත් වැඩ වැඩි ඇතිනෙ.අබමල් රේණුවක අමනාපයක් හිතේ නෑ,පැමිණීම කොයි තරං දෙයක්ද.සුබ පැතුමට බොහෝම ස්තූතියි.

      Delete
  45. / මොහොමඩ් අලි ජින්නා ඇතුළු ජාතිවාදීන් පිරිසගේ සිහිනය සැබෑකරමින් ඉංග්‍රීසි ජාතිකයන් කරලා ගිය විපැත්තිය සදාකාලිකයි කියා මට නිකමට හිතෙනවා…/

    ඉන්දියාව සහ පකිස්තානෙ දෙකට බෙදීමට සුද්දා ගත්තු තීරණය හරි කියලයි මචං මම නම් හිතන්නෙ.ඉන්දීයාව කවදාවත් එකම රටක් හැටියට තිබුනෙ නෑ. නවාබ්ල, මහාරාජාල පාලනය කරපු කුඩා ප්‍රාදේශීය රාජ්‍යයන් ගණනාවකින් නිර්මිත ප්‍රදේශයක් ඉන්දියාව. බුදු හාමුදුරුවන්ගෙ කාලෙ උනත් තිබ්බයි කියනවනෙ සොළොස් මහා ජනපද..එහෙම තිබ්බ රට එක පාලන ඒකකයක් කලේ සුද්දා. ඉන්දියාව මචං රටක් නෙවෙයි මහාද්වීපයක්..ඇත්තම කියනව නම් තනිකර ලෝකයක්..විශ්වයක්.. ඒ තරමට විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ සිරිත් විරිත්, විවිධ භාෂා..හින්දූන් සහ මුස්ලිමුන් අතර තිබ්බෙ සදාකාලික සැකයක්, වෛරයක්, සුද්දගෙ පාලනය යටතෙ උනත් එකිනෙක කෙරෙහි සැකයෙන් හිටපු හින්දූන්ට සහ මුස්ලිමුන්ට නිදහස හම්බ උනාම සමගියෙන් සමාදානයෙන් ඉන්ට පුලුවන් වෙයි කියලා උඹ හිතනවද? නෑ මචං, සුද්ද ඉන්දියාව සහ පකිස්තානෙ දෙකට බෙදුවෙ නැත්තං ඔය සිද්ද උනාට වැඩිය මහ විසාල ලේ වැගිරීමක් ඛේදවාචකයක් සිද්ද වෙන්ට තිබ්බ අනිවාර්යයෙන්ම.

    Dominique Lapiarre සහ Larry Collins කියන දෙන්න ලියල තියනව අපූරු පොතක් ඉන්දියාවට නිදහස ලැබීම පිළිබඳව නම ඇවිල්ලා Freedom at Midnight ඉන්දියාව සහ පකිස්තානය බෙදා වෙන්කිරීමට තුඩු දුන් හේතු කාරණා කාලයක් තිස්සෙ ක්‍රමයෙන් ගොඩ නැඟුනු අන්දම ඒ පොතේ අපූරුවට විස්තර කරල තියනව.

    / මමත් ඒ කාලෙ පොරොප්පයක් වගේ මෝඩයෙක්, /

    මෝඩයා කියල අදහස් වෙන Slang Word එකක් තියනව Cork කියල. පොරොප්පයා කියල සිංහලට පෙරලුනෙ බොහෝවිට ඒ වචනෙ වෙන්ට ඇති.

    / ඒ ගෙදරට කලයුතු වියදම්වලින් මා සම්පුර්ණයෙන්ම නිදහස් කිරීමෙනුයි /

    දෙයියංටම ඔප්පු වෙච්චාවෙ! ඒ කියන්නෙ බොල මෙතෙක් කාලෙකට උඹ ගෙදරට කියල සත පහක් වත් වියදං කරල නැද්ද? අම්මාපල්ල දුං අල්ලල වඳින්ට වටින වනිතා රත්නයක් නෙව උඹැහෙගෙ පාදපරිචාරිකාව...

    අහෝ සබඳ ! සැබෑවක්මැ පවසමි. එවන් මහෝත්ත්මාවියකට සුබ උපන් දිනයක් පැතීමට අවස්ථාව ලැබීම පවා මා ලද මහත් භාග්‍යයකි. හිතාදර මහත්මියනි, ඔබට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. //ඉන්දියාව මචං රටක් නෙවෙයි මහාද්වීපයක්..ඇත්තම කියනව නම් තනිකර ලෝකයක්..විශ්වයක්.. ඒ තරමට විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ සිරිත් විරිත්, විවිධ භාෂා..//
      උඹේ කතාව සම්පුර්ණම ඇත්ත මචං මම ඔය රටේ ඉඳලම ඔය කතාව අත්දැකල තියෙනව.ඇත්ත තමයි අපිට අහන්න ලැබෙන ඉතාම ඈත අතීතයෙ ඒ කියන්නෙ බුද්ධ කාලෙ ඉඳලම ඔය රට රාජ්‍යයන් දහස් ගණනාවකින් නිර්මිතව තිබුණා,අගු මගධ කකුධ කොසොල් ලිච්චවී ආදී වශයෙන් රජවරුන් ගණනාවකගේ පාලනය යටතේ තිබී පසුකාලීනව ඉංග්‍රීසින් රට යටත් කරගනිද්දී මහාරාජාවරුන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය පාලනයක් පැවතුනා.වර්තමාන ඉතිහාසයේ අපි දකින යුනයිටඩ් ඉන්දියා ආරම්භ වන්නේ එතනිනුයි.නොකඩා ඒ ආකාරයට තිබුණා නම් පකිස්තානය වශයෙන් බෙදා වෙන්කරනවිට ඇතිවූ මහා ලේ හැලීමට වැඩි දෙයක් වෙන්නත් තිබුණා නොවෙන්නත් තිබුණා.ඉන්දියාව සම්බන්ධයෙන් අර if not කියල කියන කතා ලියවිලා නැතුව ඇති නේද.දැන් වුනත් විටින් විට හටගන්න හින්දු මුස්ලිම් ගැටුම්වලින් මොන තරම් ලේ වැගිරෙනවද.රවී මේ මතුකරලා දුන්න කතාවෙන් විශාල සංවාදයකට යන්න පුළුවනි.
      වියදම් ගැන කිව්වොත් ගේ හදන්න වියදම් කළා මොකටද බොරු කියන්නෙ නමුත් ඔය day to day expenses කියන ජාතිය මට කරන්න වුනේ නෑ මට ලැබෙන පඩියෙන් මම පොත් ගත්තා.දෙතුන් වතාවක් ඉන්දියාවට සාරි වන්දනාවෙ ගිහිං බර දඩයක් වැදුණු එක වෙනම කාරණාවක්,කොහොමවුනත් පොදුවේ ගෙදර වියදම් පාලනය දරාගත්තේ බිරිඳයි(ගෙදර වියදම් කියන කාරණයට ගෙදර බීපු බෝතල්වලට කළ වියදම් අයිතිවෙන්නෙ නැති බව සලකන්න)
      ඉතිං ඔබේ සාහිත්‍යාත්මක(වචනෙ හරිද මන්දා)සහ නාට්‍යාත්මක සුබ පැතුමට බොහොමත්ම ස්තූතියි.

      Delete
    2. රවී පහුගිය සතියේ ටිකක් මැදහත් ඉන්දියානුවන් දෙන්නෙක් එක්ක කතා කර කර ඉන්නකොට ඔය පාකිස්තානය හා ඉන්දියාව වෙන්වීම ගැන මාතෘකාව ඇවිස්සුනා. උන් කියන්නෙත් මේ රටවල් දෙක වෙන් වෙන් වශයෙන් නිදහස නොලබුවානම් මීට වඩා මහා ලේ වැගිරීම් වෙන්ට තිබ්බා කියලා. මේවා වෙන් කලේ සුද්දාම නෙවෙයි කියලයි මේ ඉන්දියානුවන් දෙන්නගේ අදහස උනේ. ජින්නා හා නේරු අතර මත ගැටුම් වගේම මේ දෙක වෙන් වෙන එක හොඳයි කියන තැන ඉඳන් මහත්මා ගාන්ධිට ඒ බව ඒත්තු ගන්වාපු ශර්දාර් පටෙල් ගැනත් එදා අපි කතා උනා .

      Delete
  46. halapa akkata subama suba upandinayak wewa............

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට තාරකට බොහොම ස්තූතියි.

      Delete
  47. එන්ඩ ටිකක් පරක්කු වුනත් හැලප අක්කාට සුභ උපන් දිනයක් පැතුවා කියන්ඩ...නිවාඩුවට ආපු ගමන් දවස් 3,4 හොඳට නිදාගත්තා ලැප් එක දිහා බැලුවෙවත් නෑ..

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි බොහොම ස්තූතියි,ඔබ මේ දිනවල සතුටින් නිවාඩුව ගතකරනවා ඇති නේද.

      Delete
  48. කඩේට ගොඩ වෙන්න ටිකක් ප්‍රමාද වුනා..එහෙනම් ඔන්න අපෙනුත් හැලප අක්කට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්,ප්‍රමාද වුනාට මොකද පැමිණීමයි වැදගත්.

      Delete

  49. වෙල්ල වැහුම්

    කතාව නං පංකාදුයි, අර කියාපු මාතර ගැටේ ගැන කතාවත් හොප්ඳට් ඇති නේද? ඔන්න ඔහේ ඒ පඳුරත් තලලම දැම්ම නං තමා හොඳ :)

    හැලපිට සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ගැටේ කතාවත් වෙලාවක ලියවෙයි බස්සෝ .
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
  50. ටිකක් පරක්කු වෙලා ඇවිත් හැලප ඇන්ටිට මේ රාළ පුතාත් සුබ පැතුවයි කියන්නෝ..........

    ReplyDelete
    Replies
    1. පරක්කු වුණාට ගාණක් නෑ ප්ලේන් එක හොයන්න ගිහිං කියල ඇන්ටි දන්නව.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
  51. හප්පේ වටිනා දවසක් මග අරුණා මට . පහුගිය ටිකේ බ්ලොග් ලිවිල්ල හා කියවිල්ල දෙකම කරන්ට වෙලාවක් තිබ්බේ නෑ . ඉතින් පහු උනාට කමක් නෑ . හැලප ගෙදර ඇත්තීට සුබ පතනවා !! අපි දන්නවා ඔය දෙන්නගේ ආදර සුසංයෝගය හින්දා තමයි හැලප කතා මේ තරම් රහ වෙන්නේ කියලා .

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට ගාණක් නෑ තිලකෙ පැමිණීමයි වැදගත්,සුබ පැතුමට බොහොම ස්තූතියි.

      Delete
  52. සුබ උපන්දිනයක් වේවා ..!! උපන්දිනයට සුබ පතල විතරක් මදි ඇයට ස්තුති කරන්නත් ඕනා මේ විදිහට බ්ලොග් ලියන්න නිදහසක් ලබා දෙනවට ...
    පොත් පොත් පොත් ..හම්මේ මටනම් පොතක සුවද බැලුවත් ඇති ..

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි.අපි වගේ පොත් කාවෝ දැන් වඳ වෙලා යන කාලෙනෙ.

      Delete
  53. පරක්කු උනා මචෝ. හැලපක්කට සුභපතනව.
    මගෙත් හීනයක් තමයි බාර් එකක් හදාගැනීම. නමුත් කරන්න බැරි හේතුව දන්නවනෙ.
    ඉන්දියාවයි පකිස්තානයයි වෙන්වීම අවුලක් නෑ. නමුත් දෙරටේම ඉන්න "දේශප්‍රේමීන්" නිසා අවුල්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං,මම බාර් එක හදපුදාට කියන්නං,උඹටත් බාර් එකක් හදාගන්න ලැබේවායි පතමි.

      Delete
  54. ඇත්තටම හැලපයියේ බොරුවක් මුසාවක් නෙවෙයි මගෙත් දවසක ඔය හීනේ තියෙනවා ඊට කලින් ගෙයක් හදාගන්න ඕනේ නේ ගෙයි කාමරයක් ගන්න මමත් ඔයාගෙම වයසට එයි හීනේ හැබෑවෙද්දී

    ReplyDelete
    Replies
    1. හීනෙ දකින්න කෝරළේ මහත්තයො,ගෙයක් හදන එකත් ගෙයි කාමරයක් වෙන්කරගන්න එකත් දෙකම එතකොට සැබෑවේවි.

      Delete
  55. බිරින්දෑට සුභ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා :)

    කෝ ඉතින් පුංචි පුස්තකාලේ ෆොටෝ එකක් දාන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත,
      පුස්තකාලෙන් කොටසකුත් එක්ක මම වෙන රටකනේ,ලංකාවට ගිය දවසක පින්තූරයක් දාන්නං.

      Delete
  56. මේ දැන් අපේ කිරි අම්ම හිටිය.. එයාට වෙල්ල වැහුම් ගැන කිව්වාම හදන හැටි ගැන මුල ඉදන්ම විස්තර කරා.. එයා ඔය වගේ කෑම හදන්න එක්ස්පර්ට් කෙනෙක්..මොනව උනත් කතා ටිකනම් මරැ දැනටම ලිපි 10කට වඩා කියෙව්වා..

    ReplyDelete

ඔබේ අදහස්